.

.

Jun 8, 2010

මැරෙණ දවස කියන්න පුළුවන්ද...? - Astrology Predictions

.
කොරියාවේ ඉන්න කච්චපුඨ විහිළු කතාවක් එවල තිබුන. ගොඩක් අය ඒක දන්නව. අර අලුත උපන් බබාගේ වෙළාව බලල දරුවගේ පියා අහවල් දින මියයන බවත්. මරණය එනතෙක් බලා සිටියද. ගෙදර වැඩ කළ කොලුවා ඒ කියපු වෙළාවේම මිය බවත් දැක්වෙන කතාව.

කච්චපුඨගේ සීයා, ඒ කියන්නේ මගේ මාමන්ඩි ලංකවේ දෙශපාළකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් අතර ප්‍රසිද්ධ ජෝතීර්වේදීයෙක්. එසේ වන්නට හේතූ වූයේ ඔහුගේ අයකිරිම් ඉතා ඉහළ වීමයි.

අනිත් එවා වගේම ජෝතීෂ්‍යයත් මම පිලිගත්ත දෙයක් නෙවෙයි, නමුත් මෙයා ලියල දීපූ දේවල් අදටත් හරි. මෙයාගේ විශේෂත්වයක් උනේ කෙනෙක් මියයන දිනය එම පුද්ගලයාගේ නෑ කෙනෙකුට හෝ මිතුරෙකුට පැවසීමයි.

වතු පාළකයකු ලෙස සේවය කර ඇති ඔහු විශ්‍රාම ගියායින් පස්සෙ තමයි මේ වැඩේට බැහැල තියෙන්නේ. ඉන්දියාවේදී තමයි හදාරල තියෙන්නෙ. කරුමෙ කියන්නෙ. මේක ඉගෙනගන්න ආසාවක් ඇති උනත් මම විවාහ වන විටත් අසනීපයෙන් සිටි ඔහු වසරකින් පසු මිය ගියා.

ඔහු මිය යන දිනය හා වේළාව පොතක සටහන් කර තිබුනා. අවසාන කාළයේ ආරෝග්‍යශාලාවේ සිටියදී හැමදාම ඔහු දිනය විමසුවා. අවසන් දවස් කීපය සිහි නැතිව සිටි ඔහු කියපු දිනයෙ. කියපු වෙළාවට පැයකට පෙර මිය ගියා.

තවත් මෙවැනි සිඳුවීම් රාශියක් තිබුනත්, එක සිඳුවීමක් පමණක් කියන්නම්. ප්‍රේමදාස මහත්තය මිය ගිය දිනයේ ඔහු මියගියාද හැංගූනාද කියන ප්‍රශ්නයක් පැය කීපයක් තිබුනා. මේ අතරතුර කාළයේදී අපේ දොරට කෙනෙක් තට්ටු කළා. බැලුවහම ළඟ ගෙදරක හිටපු විදුහල්පති කෙනෙක්. මිනිහ මට එළියට කතා කළා

පුතා ඔයාගේ මාමන්ඩි නම් මාර මනුස්සයෙක්. මේක මට කාටවත් කියන්න එපා කියපු රහසක්. නමුත් අද මට මේක බය නැතුව කියන්න පුළුවන්. ප්‍රේමදාස මහත්තයගේ හඳහන් පොත ලිව්වෙ මායි. (එයා පොඩි පොතක තමයි විස්තරේ ලියන්නේ. මේ වැඩෙට හැමදාම ලස්සන කෙල්ලෙක් තියාගෙන ඉඳල තියෙනවා (ඒක වෙනම කතාවක්) නමුත් ප්‍රසිද්ධ කෙනෙක් ගැන ලියන කොට ලියල තියෙන්නෙ මේ විදුහල්පතිතුමා)

අනිවාර්යයෙන් අද ප්‍රේමදාස මහත්තය මැරිල ඇති. මිනීය හොයගන්න බැරුවයි ඇත්තේ. මොකද මාමන්ඩි කිව්ව මේ දවසේ එයා මැරෙණවා. ඒ උනාට ඉස්සරහට බොරු ටිකක් ලියමු නැත්තං ඔය යකාගෙන් ඉන්න වෙන්නෙ නෑ කියළ. මැරෙන්නේ පිච්චීමකින් කියළත් කිව්ව.

ප්‍රේමදාස මහත්තය බෝම්බයට අසුව මියගිය බව සවස 3 ට පමණ නිවේදනය කළා. පස්සෙ කාළේක මම එයාගේ පොත් බලන කොට ප්‍රේමදාස මහත්තයගේ හඳහන ලියන්න ගනන් හදපු කොළේ 1993.05.01 නවත්වල තිබුනා. ගොඩක් පොත් පත් තිබුනත් ගුරුවරයෙක් හොය හොය ඉන්නෙ. මාමාන්ඩි වගේ වයසට ගියාම හඳහනක් බලාගෙන ඉන්න.

දන්න තැනක් තියෙනවනම් කියන්න.....

13 comments:

  1. කොච්චර විශ්වාස කරන්නේ නැහැ කිව්වත් මාතලන් අයියා හදහන විශ්වාස කරන බව මේ ලිපියෙන් ගම්‍ය වෙනවෝ.

    මම නම් විශ්වාස කරනවා. හැබැයි හදහන ඇත්ත කරන්න යන්නේ නැහැ. මගේ විදිහට මම වැඩ කරගෙන යනවා. හදහන කියන්නේ මග පෙන්වන දෙයක්. ඒ කියන්නේ ඉදිරියට වෙන්න පුළුවන් දේවල් විස්තර කරන ලියැවිල්ලක්. හැබැයි අපට ඒවා වෙනස් කරන්නත් පුළුවන් අවස්ථා තියෙනවා.

    හැබැයි අයියාගේ ලිපියේ කියැවෙන දේ නම් හරිම අද්භූතයි නේද? ඇත්තටම ඒ විදිහට කියන්න ඉගෙන ගන්න තියෙනවා නම් කියලා හිතෙනවා.

    ReplyDelete
  2. මාත් මුලදි ඔය හදහන කියන කතන්දරේ විශ්වාස කළේ නැහැ. ඒත් පස්සෙ කාලෙක සිද්ධ වෙච්ච දේවල් ගලපලා බලපුවහම මොනවා හරි දෙයක් තිබෙනවා. ඒත් හරියටම නිගමනයකට එන්න අමාරැයි. මම දන්න කීපදෙනෙක් ඉන්නවා. බොහෝවිට ඔවුන් පැවසූ දේවල් නිවැරදියි.

    ඒත් ඉතින් හදහන හරියි කියලා පිළිගන්න තාමත් හිත මැළිවෙනවා. බලමු ඉදිරියට හරි ගියොත්....

    ReplyDelete
  3. විශ්වාස කරන්න පුලුවන් මානයෙන් එහා! අවාසනාවකට වගේ හැම හොඳ නැකැත්කරුවෙක් ගැනම අපිට අහන්න වෙන්නෙ මලාට පස්සෙ. කොහොම උනත් ගණිතය ගැන හොඳ දැනීමක සහ ඔය විෂයට ආසාවක් තීනවනම් පානදුරෙ ප්‍රශාන්ත මලවිගේ හම්බ වෙලා බලන්න. මිනිහ කාලෙකට ඉස්සර වෙලා හොඳ ගෝලයෙක් හෙව්ව. හැබැයි මොන සුදුසුකම තිබ්බත් කේන්දරේ අප්සට් නං වැඩේ හරියන්නෙ නෑ, මොකද ඒක තමයි first test එක.

    ReplyDelete
  4. @ රන්ඩිල්, තිසර, උපශාන්ත

    අදහස් වලට බොහොම පින්....
    බලමුකො නේද....?

    ReplyDelete
  5. මම නම් විශ්වාස කරන්නේ නැහැ, හදහන..

    ReplyDelete
  6. මගේ මරණය ලියන කුමාරගෙන් අහන්න.
    http://ctkumara.blogspot.com/

    එයාත් ඔය සාස්තරේ දන්නව ඇති.

    ReplyDelete
  7. @ ඈන්ස් ලකී, කතන්දර

    කොහොම හරි මේකත් ඉගෙනගන්නව
    වයසට ගියාමත් ආදායම් මාර්ගයක් තියෙන්න එපැයි....

    ReplyDelete
  8. කතන්දර ලොක්කා.. මාරයයි මරණයයි මාරු වෙලා වගේ!

    ReplyDelete
  9. ඕවයේ ඇත්තක් නැත්තම් මෙච්චර කාලයක් පවතින්නෙ නැහනේ...

    ReplyDelete
  10. මගේ අම්මත් ජ්‍යෝතිර්වේදිනියක් . . .

    ඉස්සර මම ගෙදර ඉන්න කාලේ අම්මා ලියන හඳහන් වල කැටයම් අඳින්න අම්ම මට උගන්වලා තිබුනා. වැඩේ ඉවර උනට පස්සේ කළු මදින්නෙත් මම . . . මටත් පොඩි කොමිෂන් එකක් දුන්නා අම්ම ඒවට.


    මට උගන්වන්න අම්මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා . .

    ඒත් මම ඒවා විස්වාස නොකරන නිසා උනන්දුවක් නැහැනේ . . .

    මේ කතාව නම් විස්වාස කරන්නත් අමාරුයි වගේ . . .

    අපේ ආතා කලා කියන හපන් කම් අම්ම කියද්දී මම නම් අම්මව මඩවනවා චේතිය රජ්ජුරුවෝ අම්මලගේ නෑදෑයෝද කියලා . . . හික්ස්

    ReplyDelete
  11. @ වැම්පයර්
    ගුරුන්ටත් අකුරු වරදී කිව්වලු........

    @ පිස්සා පලාමල්ල
    නැතුව බොලං

    @ දුකා
    අපරාදේ, ඉගෙනගන්න දෙයක් අපතේ යන්නෙ නෑනේ. වයසට ගියාම කරන්න නියම රැකියාව...

    ReplyDelete
  12. මේක දැක්කේ අද.ඇත්තටම මැරෙන දවස කියන්න තරම් හැකියාවක් මටනම්(අපට) නැහැ.එහෙම පුළුවන් කමක් තියෙනවානම් මම සේරටම ඉස්සෙල්ල බලා ගන්නේ මම මැරෙන දවස, ඊට පස්සේ තමයි අනිත් අය මැරෙන දවස් බලන්න යන්නේ.මගො නාඩි වාක්‍යයෙන් කියපු විදියට වයසින් වැඩෙන විට මටත් මම මැරෙන දවස තේරෙන තරමටම දැනුම් තේරුමක් ලැබෙනවා කියලා.මැරෙන දවස එයා හදුනන අයට දන්වන අමුතු හැකියාවන් තිබුණු ජ්‍යොතිෂවේදියෙක් ගැන අපේ තාත්තත් ඉස්සර කියනවා.සමහර විට එයා ඔයාගේ මාමණ්ඩි වෙන්න පුළුවන්.වයසට ගියාම ආදායම් මාර්ගයක් විදියට පාවිච්චි කරන්න හිතාගෙන ජ්‍යොතිෂය ඉගෙන ගන්න එපා.ශාස්ත්‍රයක් විදියට ගෞරවයෙන් ඉගෙන ගන්න.

    ReplyDelete
  13. මට ඔබගේ ඊ ළිපිනය ලබා දෙන්න පුළුවන්ද අතිශය පෞද්ගලික කාරණයක් සඳහා..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න