.

.

Sep 29, 2011

පෙ. රාළ වෙත.. - Dear Pe. Raala



පෘතුවියේදීය,

හිතවත් පෙරමුණේ රාළ වෙත,

සෙත්වේවා...!!!

ඔබගේ සැප දුක් කෙසේද. මම නම් සුපුරුදු ලෙසම ආතල් එකේ සිටිමි. මුලින්ම මගේ පොස්ට් එකට දුන් විසිල් පහරටත් එය අගය කිරීම ගැනත් මගේ ගෞරවනීයා ප්‍රණාමය පුද කළ යුතුමය. නමුත් එයින් පසු පෙරදි නිර්දය ලෙස වෛද්‍යවරුන් හා ගැටුණු ඔබ. මාගේ පොස්ට් එක ගැන හා මා ගැන නිර්දය විවේචනයක් ඉදිරිපත් කිරීම මගේ සතුටට හේතු නොවේ.

Sep 27, 2011

කිව්වද නහී, නොකිව්වද නහී - Live or Die


ටෙනියගේ ෆිල්ම් ආවම මම තනියෙන් හරි බලනවාය. හැමෝම හොඳයි කියනවාය. ආචාර්ය සෝමේත්. මහ ඇදුරු සුනිලුත් බලලාය. පට්ටයි කියනවාය. ගානක් දීලාද දන් නැතිය. එයාලත් ට්‍රෙඩ් එකේ නිසා එහෙම නොවන්නටත් බැරිය. එහෙම තනියෙන් යන්නේ අයවැය අස්පැට් යන නිසාය. පරිපූරක ඇස්තමේන්තු අපිටත් තිබුනනම් සෙට් එකටම යන්නට තිබුනේය. එහෙම යන කොට හරි ජොලිය. පොඩි එකානම් කැමති ඉන්ටවල් එකටය. ඒ අයිස් චොක් එක නිසාය. ජේ ආර් පප්පට පින් සිද්ද වෙන්න සම්බහිය ද මොනවද ඒවත් බැලුවේය. ගොඩක් ඒවා ආවේ සුද්දගේ බාසාවෙන්ය. ඒවා බලලම දේසක්දොරෝහි බාසාවත් ඉගෙන ගත්තේය. ඇඩම්ස් ඒවාද ආවේය. ඒවානම් පට්ටය. අදටත් සමහර් ඒවායේ නම් මතකය. සමන්තා, නිව් ඔලිම්පියා, රියෝ, රූබී, කැපිටල් වෙන් කර තිබුනේ ඒවටමය.

Sep 26, 2011

සුදු රෙදි හොරා.. - Asian Paradise Flycatcher


කාගේ රෙද්දක්ද බන්
උඹ හොරා අරගත්තේ
වෛවර්ණ වූ ළොවේ
කිම ධවල වර්ණයම

පින් බිමේ සොරුන් සැම
සැරසී ධවල වර්ණයෙන්
ඒකදැයි කාරණය
උඹ මෙහේ නොම එන්න

Sep 25, 2011

පොත් මේලා - Book Carnival



ඕල්ඩ් කයිය..

පෝලිම් දෙකකි වාහන හා ජහ මනයා
පැයක් පමණ හිරු රැස් නහමින් සිටියා
ලොකු ලොකු එවුන් නම් පෝලිම මග ඇරියා
ටිකැට් ගත්ත පසු අපි ඇතුලට ඇරියා

යකඩ ගොඩක් මැද තඩි ගොඩනැගිල්ලකි
යන්නට බයයි ඒවා දැක්කාම සකී
ඇතුලට ගියෙමි මහ කලු තඩි ඔළු ගොඩකි
පෑලියගොඩත් මෙවැනි පොලක් දැකිය හැකී

Sep 24, 2011

මැඩි-කල් ට්‍රබල් - Medical Sickness


මැඩි කල් කියන්නේ මැඩියන්ට සම්බන්ධ නිසාදැයි අහන්නට අහුබුදුත් නැත්තේය. නමුත් මට එහෙම හිතෙන්නේය. මෙහේ වැඩි පුර සිටින්නේ මැඩියන්ය. මැඩියන් කිව්වේ ළිං මැඩියන්ය. උන්ට මුළු ළෝකයම ළිඳ පමනි. අපේ බොහෝ ඩොට්ටස්ලාත් එසේය. හැම තැනම වගේ, හරි අගේ පිරිස සුළුය. කොයි වෙලාවේත් ඉස්ටයික්ය. වැඩ කරන වේලාවටද ඉස්ටයික්ය. මම කියන්නේ බොරුනම් ලෙඩක් හදාගෙන ආන්ඩුවේ හොස්සපිටැල් එකට යා යුතුමය. පේශන්ස්ලා පෝලීමේය. ඩොක්ටර්ස්ලා කතාවේය. කතාව අතර මග නතර වූ විගස මහාබලපරාකෘම ඇටෙන්ඩන්ලා එකෙක් දොස්තර කෙනෙක් ළඟට දමති. අපි ළෙඩේ කිව යුතුය. ඒ අතරේත් එයාලාගේ ලෙඩ ගැන කතා කොරන ගමන් අපිට බෙහෙත් ලියන්නේය. ප්‍රශ්න ඇසීමට නොහැකිය. දෙනදේ බී වෙනදේ බලා සිටිය යුතුය. ඩොට්ටත්, ඇටෙන්ඩනුත්, නර්ස්ලාත්, ඉතා කරුණාවෙන් අප අමතනවාය. කොතරම් කරුණාවෙන් අප අමතනවාද යත් මෙවන් උතුම් මිනිසුන්මේ පුණ්‍ය භූමීයට බිහි කළ උන් මතක් වෙනවාය.

Sep 20, 2011

රථ ගාය - Mad Max


"කොළුවට රථ ගාය" පට්ටම පට්ට ඇඩ් එකකි. බැලුවේ නැත්නම් දවසක්ම රූපවතී දිහා බලාගෙන ඉඳලා බැලුවත් පාඩූ නැත. ඉන්නේත් පට්ටම පට්ට නළු නිළි සැට් එකොකි. මටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබිනි. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තෙමි. මල්ලිගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට තවත් රතුවේ. ඒත් දෙසරයක් තුන් සැරයක් ගාන විට අර රථ ගාය නැතිවේ.

Sep 13, 2011

බෑන්ක් කස්ටමර්... - Bank Customer

මේ ජෝක් එක සමහරු දන්නව ඇති ඒත් නව පරපුර මේව නොදන්න බවකුයි පේන්නේ. කමෙක් නෑ කියවලම බලන්නකෝ..

ඔන්න එකමත් එක රටක එකමත් එක බෑන්ක් එකක් තිබුනලු.. මේ බෑන්ක් එකේ කස්ටමර්ස්ල ටිකක් පොෂ් කට්ටියලු.. කවුන්ටරේ වෙන ගනු දෙනු ඔක්කොම මැනේජර්ගේ කියුබිකල් එකට පේනවලු .. අලුතෙන් ආපු මැනේජර් මහත්තය කලුයිලු. ඒ උනාට දැකුම් කලුයිලු. මහත්තයෙක් නිසා අඳින්නේ එමරල්ඩ් ෂර්ට්ලූ.මැනේජර් මහත්තය නෝටිස් කලාලූ හොඳ වැදගත් මහත්තයෙක් දවස් දෙක තුනකට සැරයක් වගේ නිතරම ඇවිත් මුදල් තැන්පත් කරනව. මිනිහ දවසක් අර වැදගත් මහත්තයගේ එකවුන්ට් එක චෙක් කලාලු. බැංකුවට ආපූ හැමදාම වගේ ලක්ෂයකට වැඩියෙන් තැන්පත්ම විතරලු. ඊළඟ දවසේ ආවම එයා ගාවට එවන්නෙයි කිව්වලු.

Sep 9, 2011

ආතල් මල් - Real Flowers

මේ මොකද මේ ..
රෝසී, සකුරා, සේපාලිකා ..
මා වටකරන් ..
හරි ලස්සනලු, සුවඳයිලු ..

නෙළුම්, මානෙල්, ඕලූ ත් ඇවිල්ලා..
පූජනීයයි කියන්නේ ..
ඉතිං මයෙ මොකෝ.....

Sep 5, 2011

අධ්‍යාපන නිළධාරීන් දික්වැල්ලෙ හෙළුවැල්ලේ - Rape Lessons by Officers


මේ පොස්ට් එක ළියන්නෙ හරිම ආවේගයකින්, ඒ වගේම දුකකින්. 94 බලයට ආපු චන්ද්‍රිකා බොන්න පුරුදු කරා හැමෝටම ඒක ට්‍රෙන්ඩ් එකක් උනා හැම අමාත්‍යශයේම. අසාර්ථකම ඇමති ප්‍රේමජයන්ත යටතේ අධ්‍යාපනය බල්ලටම ගියා. දැන් ඉන්නේ ඊටත් වඩා අසාර්ථක ඇමතියෙක්. ඒ කාළේත් බීපූ ගුරුවරු හිටියා. ඒත් කවදාවත් පාසළේ බිව්වේ නෑ. ප්‍රසිද්ධියේ බිව්වෙත් නෑ.

Sep 4, 2011

කොහිළ කොරටුව - නිමී - Kid Farmer - The End



කොහිළ කොරටුව - 1
කොහිළ කොරටුව - 2

එතැන් පටන්...

"මොකක්ද පර නාකියා කරපු වැඩේ" මම තනියෙන් අපේ වත්තේ. අලි කලිසමය නෝ කතා. වත්තේ පිරිස එකා දෙන්නා හෙමිහිට මාරු වෙනවා. අලි කලිසමයගේ පවුලේ අය විතරක් ඉතුරු උනා. මොකක්ද xxx  නාකියා මේ කරපු වැඩේ. අප්පට බොල එදානේ මම දැනගත්තෙ මට කුණුහබ්බත් පුළුවන් කියළ. "අපි මේකේ ආයිත් වපුරන්න යන්නේ", ඉතින් xxx මේ හරියේ කොහොමත් වපුරන්නේ නෑනේ. "රාජපක්ෂ මහත්තය කිව්ව මේ හරියෙත් වපුරන්න කියල" අලි කලිසමය දෙවනි බොරුවත් ඇදලා ඇරියා. "හරි මම ඒක අහගන්නම් කෝ අන්කල් ගෙන්" කියන කොටම තාත්තා දුවගෙන ආවා. මම අද රඟපාන්නේ එයාගේ එදා චරිතේ. හරි හරි පුතා අපි යමු ගෙට ඕව කොහොමත් යට වෙනවනේ. අපි ආයෙත් වවමු. කියලා මාවත් ඇදගෙන ගෙට ගියා

Sep 3, 2011

කොහිළ කොරටුව - 2 - Kid Farmer - 2


කොහිළ කොරටුව - 1

එතැන් සිට....

අපි දෙන්නම වගා කලේ අපෙ ඉඩම් වල නෙමෙයි. අපේ වත්තට දෙපැත්තකින් මායිම් උන වෙලේ. වෙලක් කිව්වට මේක කලින් කුඹුරක්. අපිට මතක ඇති කාළෙත් වැපුරුවා. පස්සෙ නවත්තල දැම්ම. දැන් නම් ඒ පැත්ත පලාතේ කුඹුරක් සොයගන්න නෑ. අපි දෙන්නට අමතරව අර කුඹුරු කරපු "අලි කලිසමයටත්" කොරටුවක් තිබුනා. අලි කලිසමයටත් නෙමේ මේ වෙල අයිති. ධර්මාලෝකේ හිටපු රාජපක්ෂ සර්ට. අපි නම් කියන්නේ අංකල් කියල. එයා වෙල බාරදීල තිබුනේ අලි කලිසමයට. පොර ටිකක් අමුතු මිනිහා. වැඩි කතාබහක් නෑ. ආඩම්බරකාරයා. අලි සලිසමය කියන්නේ ඉස්සර අර කොස්සෝ ඇන්ද වගේ ලොකු කාකී කොට කලසන් අඳින නිසා

Sep 2, 2011

කොහිළ කොරටුව - Kid Farmer


වාසල පැත්තෙත් කතා කොරන්ට දෙයක් නැති නිසා සෑහෙන කලක් ලියන්න හිතාගෙන උන්නු කවදාවත් අමතක නොවන සිද්දියක් තමයි අද කියන්න යන්නේ..

අද හැමෝම "අපි වවමු රට නගමු" සෙල්ලම කොරාට මාතලන් මේ සෙල්ලම කරන්නේ ගොඩක් පොඩි කාළේ පටන්. අද නම් තැනක් නැති නිසා මේ වැඩේ කෙරෙන්නේ නෑ. ඒත් මගේ ටාර්ගට් එක තියෙන්නේ ෆාම් එකක් දාන්න තමයි තවමත්.