.

.

Nov 30, 2013

කැම්පස් සින්ඩිය...??? - Campus Cindy...???


ඒ පාර මොකක්ද මේ ...?
මේක මේ බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත වැඩක්, වැඩේ පටන් ගන්න ඉස්සරත් වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, ඒක දිගටම ගෙනියන එක තමයි අපි කාගෙත් යුතුකම.

එතකොට මොකාද මේක කරන්නේ..?
මෙහෙම අහලා තිබුනේ මාරයා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නේන්නම්. මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ නලියට. මොකෝ මේ වගේ දේකට, බ්ලොග් වලින් විතරක් ප්‍රචාරය දීලා වැඩක් නෑ. ඊට පස්සේ කතා කලේ වෙද මහත්තයට, ඒ... වැඩිදුර උපදේශයක් එහෙම ගන්න ඕන නිසා. තවත් කීප දෙනෙකුටම කතා කලා. ඔවුන් හැමෝම වැඩේට සහයෝගය දක්වන්න එක පයින්. නලියයි මායි ඇඩ්මින්. වෙද මහත්තයා උපසේන. අනිත් අයගෙත් උදව් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා.

Nov 28, 2013

ශ්‍රීතරන්, විරු සැමරුම් හා මිනී මැරුම් - Freedom Fighters or Murderers


ඇස් බී වීරයා උනේය. ශ්‍රීතරන් ද්‍රෝහියා වී, ඉල්ලගෙන කන්නේය. ඇස් බී, විජයකලා මහේස්වරන් නෝනාගෙන්, පොඩි කෑල්ලකගෙන් අහනවා වගේ අහන්නේ. "ඔයාගේ මහත්තයා මරාපු එකා.. ඔයාට ෆ්‍රීඩම් ෆයිටර්ද...? කියලාය. ඒ ඉතින් ඇස් බීලා, කාන්තා පාර්ෂවයට බොහෝ ගරු කරනා නිසා මිසක්, වෙන හේතුවක් නොවනා බව ජනතාව දන්නවාය. කොහොමත් මහේස්වරන් නෝනා, ආරක්ෂක ඇප නූලක් බන්දවා ගන්නා එක, ඇඟට මෙන්ම අනෙක් ඒවාටත් හොඳය.

Nov 26, 2013

මුද්දර එකතු කරන්නා හා දිව (23+) - Philatelist (13+)


මුද්දර එකතු කිරීම  - 2 >>>>>

මේකේ 23+ දාලා තියෙන්නේ, වයස 23 උනත්, පොඩි උන් වගේ උන්ටය. එහෙම නැතිව, මේ වාගේ ඒවා පොඩි උන් කියෙව්වාට අවුලක් නැතිය. අපිත් පොඩි කාළේම මේ දේවල් පිළිබඳ දැණුමක් ලබා ගත්තේ, කොහෙන් හෝ සොයා ගත් දේ, හොරෙන් කියවලාය. ඒ නිසා මේවා 13+ උන් බැලුවාට අවුලක් නැතිය. ගොඩක්ම පොඩි උන්, මේ පැත්ත පලාතේ එන්න එපාය. ඒ කියන්නේ වයසෙන් බාල උන් හා මොළෙන් බාල උන්ය.

මුද්දරත් එක්කම යන අනික් දේ මොකක්ද ඇහුවොත්, ඕන එකෙක් කියන්නේ දිව කියාය. පෝස්ට් ඔෆීස් වල මුද්දර අලවන්න "පරිමන්දකයක්" තියලා තිබුනාට. ඒකෙන් ඇලෙව්වොත් නවතින්නේ, අතීසාරෙත් හැදිලාය. ඒ නිසා ඕන එකෙක් මුද්දර අලවන්නේ දිවේ ගාලාය. දැන් හැම එකාම "පරිමන්දකේ" කියන්නේ මොකක්ද කියා සොයනවාය. ඒ කියන්නේ ඩෑම්පර් එකටය.

Nov 25, 2013

මුද්දර එකතු කිරීම (දෙවන කොටස) පොඩි අයත් බය නැතුව බලන්න... - Stamp Collecting (Part II)


ගිය සැරේ, මුද්දර එකතු කිරීම ගැන ලියන්න ගිහින්, ලියවුනේ වෙන මළදානයක් නේ. අද නම් ලියන්නේ ඒ ගැනම විතරයි. මම මුද්දර එකතු කරන්න පටන් ගත්තේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියාට පස්සේ. ඊට කලින් එහෙම කේස් එකක් දැනගෙන උන්නේ නෑ. ගල්කිස්සේ තෝරාගේ ඉස්කෝලෙන් ආපු හැම එකා ගාවම වගේ "ඉස්ටෑම්ප් ඇල්බම්" එකක් තිබුනා.

ඔය ඉස්කෝලෙන් එන ඔක්කෝම, නොම්මර එකේ දළ කාරයෝ. ඉස් ඉස්සෙල්ලම සුවඳ ගහන මකන කෑලී, මැග්නට් පැන්සල් පෙට්ටි. ඔක්ස්පෝඩ් කවකටු පෙට්ටි, ඩෙක් ෂූස් වගේ පිටරට ජාති ඔක්කෝම වගේ දැක්කේ උන්ගෙන් තමයි, ට්‍රිනිටි එකෙන් ආපු උන් ගාවත් තිබුනා. සිරිමාවොන්ගේ කාළේ ඕවා ඉතින් අධි සුඛෝපභෝගී භාන්ඩ.

Nov 23, 2013

මුද්දර එකතු කිරීම (23+) - Stamp Collecting (13+)

 

කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඒකට තමයි දියුණු වෙනවයි කියන්නේ. ඒ වගේම තමයි විවේක වෙලාවට කරන විනෝදංශ කියන දේත්. එක එක අයගේ විනෝදංශ එක එක විදියයි. සමහර උන්ගේ විනෝදේ තමයි කන පැලෙන්න නිදා ගන්න එක. සමහර උන්ගේ විනෝදේ හිනාවෙන කොට සමහර උන්ගේ අඬන එක.

ඒ වගේම වයස අනුවයි, ලිංග බේදය අනුවත් විනෝදංශ වෙනස් වෙනවා. පොඩි උන්ගේ ආතල් එක තමයි සෙල්ලම් කරන එක. අහුවෙන ඕන දෙයක් කියන්නේ, කක්කා එක්ක උනත් සෙල්ලම් කරනවා. පිරිමි අය විනෝදෙට බොන කොට, ගෑණු අය බීලා ආතල් එකේ එන උන්ට කොක්ක අදිනවා, වින්ඩෝ ෂොපින් යනවා. තරුණ වයසට ආවම, ඔය ෂොපින් මෝල් එකකට ගිහින් කොල්ලෝ නම් කෙල්ලන්ගේ පුකවල් දිහයි, කකුල් දිහායි බල බල ඉන්නවා. කෙල්ලෝත් කරන්නේ ඒකම තමයි.

Nov 21, 2013

චොගම්, නාඩගම්, වන්නම් හා ඉල්ලන් කෑම්.. - CHOGM or CROGM


ලියන්න ඕනා අයවැය ගැනය. ඒත් ඉතින් ඒ ගැන ලියන්න දෙයක් ලොක්කා අපිට දීලා නැතිය. ආන්ඩුවේ උන් හැමදාම ලොක්කාගේ දෑත ශක්තිමත් කොරන නිසා, උන්ගේ දෑත පිරෙන්නම සුපියල් 1200.00 ක්ම දීලා තියෙනවාය.. දවසකට සුපියල්වලින්ම හතලියක්ය. පිච්චු හැදිලා.. බම්ප් වෙලා... ආයෙත් පිච්චුම හැදෙනවාය.. මම හිතන්නේ මේක දීලා තියෙන්නේ, වැඩි කරපු බස් ගාස්තුව පියවා ගන්න වෙන්න ඇතිය.

එහෙම බැලුවාම රට ගැන හිතන මහින්ද මහත්තයා, මේ රට දියුණු කරන්න විශාල කැපවිමක් කොරන රජයේ සේවකයා, දිනපතා නිසි වේලාවට රාජකාරියට පැමිණ ඉටුකරනා මහගු සේවයට කළ උපහාරයක් ලෙස, මේ පඩි වැඩී කිරීම සැලකිය යුතුය. නැතුව ඉතින් උන්ට ජීවත් වෙන්න අමාරුවක් තියෙනවානම්, තියන තියන ඡන්දෙන් පෙරමුණම දිනවන්නේ, උන්ගේ ඇති අරශෂ් අමාරුවක් නිසා නොවේය. අනික බැසිල් මහත්තයා කියන්නැහේ, ඉල්ලනෙත් නැතිව මෙහෙම දීලා තියෙන එකත් ලොකු දෙයක්ය. සමහර විට අපේ පඩි වැඩිකරපියව් කියා ඉල්ලන්නේ නැත්තේ. ඒවා කරන්න ගියොත් ඉල්ලාගෙන කන්න වෙන නිසා වෙන්න ඇතිය.

Nov 12, 2013

පොන්න අගමැතිවරු හා ගුණමකු ගාන්ධිවරු.. - India's Foreign Policy


චෝගම් එක නැගලා යනවාය. පක්ෂ පිරිස වගේම විපක්ෂ පිරිසද බොහෝය. මාතලන් නම් ඉන්නේ පක්ෂ පැත්තේය. මොකෝ පවුලේ මංගල්ලයක්, කොටහළු ගෙයක්, උපන් දින උත්සවයක් හෝ, කුමක් හෝ ප්‍රිය සම්භාෂණයක් තියෙනවා නම් මාතලන් කැමතිය. ඒක කොරන්නේ ණය වෙලාද, ඉඩම් විකුණලාද, ලැබෙන්න තියෙන ගානකින්ද කියන එක, මාතලන්ට අදාල නැත.

Nov 11, 2013

මැහුම් ගුරුවරු.. (කලිසම් කපන ටීචර්...) - Tailoring Teachers



ලියා ගල් ලෑලීවල, 
රවුම් ලස්සන අකුරු,
 "අ" යනු "ආ" යනු කියූ...
වැඳුම් මෙන් පිඳුම් ලද,
ඒ උතුම් ගුරුවරුන්,
නොමැත අද තක්සලාවේ...

Nov 7, 2013

වරෙව් යන්න මා...ත් එක්ක, කන්න බොන්න කඩේ... යන්න.... - Ride with Wimal Weerawansa


 මේ ගීතය, අපේ ඩැඩී බෑන්ඩ් එකේ, "ජීවත් වෙන්න...." ගීතයේ තාලයට ගයා ආතල් එකක් ගන්න..
 
වරෙව් යන්න මා...ත් එක්ක,
කන්න බොන්න කඩේ... යන්න....
විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....

Nov 6, 2013

සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu



කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය. ගම්පහින් පබාටත් නෝන්ඩි විය. ඊළඟට ලොක්කා ගාවට සැට්වී පක්ශය පාවා දුන්නේය.

ඊට පස්සේ, ලොක්කාගෙන් පුකට පාරක් කාගෙන ආයෙත් ඇවිත් අලි ගාලේ වැටුනේය. ඊට පස්සේ අලි පාටි නායකයා වෙන්න ගිහින්, ශරීර කෘත්‍යයටවත්, කෘතාදිකාරි මන්ඩලේට එන්න බැරිවෙන්න එලවලාම දැම්මේය. සිරිකොතට ඒමත් එතනින්ම අහවර විය.

Nov 4, 2013

නිමල්කා, ගබ්සාව හා කල්ට් එක (18+) - Legalize abortion, prostitution



චෝගම් අස්සේ, අධි වේග ඕපන් කර, කැසිනෝ වලට ටැක්ස් කොන්සෙසොන් පාස් කොර ගන්න ගියත්, වැඩේ හබක් වෙලා, කස්ටිය ඉන්නවාය. ගේම ඇද්ද උන් ඔක්කෝම, කැසිනෝ වලට අත් උස්සලා අහවරය. ඒත් කියන්නේ, කැසිනෝ නම් දාන්න දෙන්නේ නැතිය කියලාය. මුන් කතා කොරන්නේ මුඛයෙන්ද, අධෝමුඛයෙන්ද කියා මට විසාල මෙව්වා එකක් ඇත්තේය. ඒ අවු අස්සේ නිමල්කා නෝනා අපේ සඟිස්කුරුතිය හා සබ්බත්තේ තුන් වේලටම් කන දේසප්පෙරේමින්ට හප හප ඉන්න ආතල් බබල් ගම් එකක් දීලාය.