.

.

Apr 27, 2014

පිස්තෝල ජාතකය - Another Jathaka Story


පිස්තෝලයක් ඉස්සෙල්ලාම ගෙනත් දුන්නේ, ඉන්දියාවේ ගිහින් ආපු රන්ජන් අයියාය. රන්ජන් අයියා කියන්නේ, ළොකු අම්මාගේ තුන් වෙනි පුතාය. පොර ඉන්දියාවේ ගිහින් තියෙන්නේ, ටුවර් එකකටය. ඒ උනාට, පොර එයා පෝර්ට් එකට ඇරලවලා එන්න, වාහන තුනක් විතර ගියා කියා මට මතකය. වැට අද්දරට වී ප්ලේන් එකට නගිනවාත් බලාගෙන උන්නේය. සුමානෙකට දෙකකට පස්සේ පොර ප්ලාස්ටික් මල්ලක මොන මොනවාදෝ උස්සගෙන අවා යාන්තම් මතකය. මට ගෙනත් තිබුනේ පිස්තෝලයක්ය. ඒකත් අර නගරාධිපති තුමාගේ එක වගේ, සෙල්ලම් පිස්තෝලයක්ය.

වෙඩි බෙහෙත් රෝල් කීපයක්ද ගෙනත් තිබුනා මතකය. ඒ කාළේ ඒ ජාතියේ පිස්තෝලයක් තිබුනේ මට විතරය. ඒ නිසා හොරා පොලිස් සෙල්ලම වෙලාවට, මම චාල්ස් බ්‍රොන්සන් වගේ වීරයෙක් උනේය. අනික් උන් ගාව තිබුනේ බට පතුරු පිස්තෝලය. හැබයි ඒ බට පතුරු පිස්තෝලේ කිරල බුලට්, මගේ ඒවාට වඩා බොහෝම සද්දය. කිරල ගෙඩි නැති කාලේ, පත්තර කොල තෙමාගෙන ගෙඩියක් වගේ ඔතාගෙන බුලට් එක හදා ගත්තේය.

ඒ උනට 77 ඕපන් ඉකොනොමි මුත්තා ආවයින් පස්සේ, හන්දියේ ආසිරි කඩේටත් මේ පිස්තෝල ආවේය. ඒත් ඉතින් ඒවා එනකොට, අපි වෙඩි තියා ගත්තේ සෙල්ලමට නෙමෙයිය. ඒ කාලේ අපි කලේ කොක්කු වෙඩි තියන එකය. ඒ නිසා බටේ කොයි වෙලාවෙත් සුද්ද කර ගෙනම උන්නේය. මුත්තා සෙල්ලම් පිස්තෝල ගෙනාවාට, ඇත්ත එව්වා ගෙනාවේ නැතිය. උතුරුකරේ පිරභාහරන්ලාට ඉන්දියාවෙන් ඔරිජිනල් පිස්තෝල ආවට, විජේවීරලාගේ සැට් එකට එහෙම පිස්තෝල දෙන්න කවුරුත් උන්නේ නැතිය.

ඒ නිසා, එයාලා දේශීය නිස්පාදනයක් හදා ගත්තේය. ඒකට කිව්වේ, ගල් කටස් කියලාය. හැබයි කරුමේ කියන්නේ, ඒකෙන් ජේ ආර්ට වෙඩි තිබ්බාම, වැදුනේ ගමේ ඉන්න ගිරාම සේවක රාලහාමිටය. පොලෝසියේ ඕ අයි සී මහත්තයාට වෙඩි තිබ්බම වැදුනේ, කසිප්පු ටිකක් විකුනාගෙන කීයක් හරි හොයා ගත්ත එකාටය. හැබයි ආන්ඩුවේ උන් ගාව තිබුනේ ඔරිජිනල් පිස්තෝල නිසා, අර ගලකටස් කර්මාන්තේට කෙල වෙලාම ගියේය.

මේ පිස්තෝල කතාව මතක් උනේ, හම්බන්තොට නගරාධිපති තුමා කාගේදෝ ඉන අතගා, සෙල්ලම් පිස්තෝලයක් උස්සගෙන, අලි එලවන්න ආපු නිව්ස් එක නිසාය. අපි දන්න විදියට නම්, අලි එලවන්න පිස්තෝල වලින් නම් බැරිය. අලින්ට දාන්නේ අලි වෙඩිය. එහෙම අලි වෙඩි දාන්නේ සද්දන්ත අලීන්ටය. මේ වගේ අහිංසක අලි එලවන්න, සෙල්ලම් පිස්තෝල උස්සගෙන එන්න ඕන නැතිය. පොඩි කුරුඳු පොල්ලක් දෙකක් උස්සගෙන ආවානම් හොඳටෝම ඇතිය.

කොහොමින් කොහොම හරි, එජාපේ උන්ගේ උදව්වට මොකක් හරි උස්සගෙන ආපු එකා, අද ජාතික වීරයෙක් වෙලා අහවරය. සෙල්ලම් පිස්තෝල ඒ තරම් පවර් ෆුල්ය. දැන් හම්බන්තොට පැත්තේ පොඩි උන් ඔක්කෝම පිස්තෝල හංගලාය. මොකෝ, මේ අලි පාටියේ උන්, ආයෙත් මත්තල යනවා කියලා තියෙන හින්දාය. ඒ අස්සේ එරාජ් ද කයි බෝයි කියන්නේ ඌ මැයි දිනේට පිස්තෝල කල්ලියක් එක්ක පෙලපාලියේ එනවා කියාය.

ඒ ගැන නම් කියන්න තියෙන්නේ, ඒක එච්චර හොඳ සෙල්ලමක් නම් නෙමේ කියාය. ඒ මොකෝ ඔය සිරි ලන්කා පක්සේ නිර්මාත්තුරු බන්ඩාරණයක මහත්තයා දිවිය ළෝකේ රාජ්ජ භාෂාව, සිංහළ කොරන්න ගියේ, පිස්තෝලයක් හින්දා නිසාය. ඒ කාලේ මට හෙන ප්‍රශ්ණයක් වෙලා තිබුනේ, හාන්දුරු කෙනෙක් ගවට පිස්තෝලයක් ගියේ කොහොමදැයි කියලාය. මොකෝ සිව් පසෙටවත්, අටපිරිකරටවත් පිස්තෝල දන් දෙන බවක් අපි අහලා නැති නිසාය.

ඒ අවු අස්සේ ගොසිප් සයිට් වල තියෙන්නේ, නානසාර හාන්දුරුවොන්ට පිස්තෝලයක් දන් දුන්නා කියාය. එහෙම එයාට විතරක් දීම අසාධාරණය. එහෙම දෙනවානම්, වටරැක හාන්දුරුවන්ටත් දෙන්න ඕනාය. ආතල් එක බේරෙන්නේ එහම දුන්නා නම් විතරය. මොකෝ වටරැක අතේ පිස්තෝලයක් තිබුනත්, නානසාර හාන්දුරුවන්ගේ සිරි මුඛේ විවුර්ත කරපු ගමන්, වැටරැක හාන්දුර්වන්ගේ ඉතරක් නොව, අයි ජී පී ගේ හිටන් පිස්තෝලේ බිම වැටෙන නිසාය.

ඇත්තටම නානසාර හාන්දුරුවන්ට පිස්තෝල දෙන්න ඕනා නැතිය. උන් වහන්සේගේ සිරි මුඛේ විවුර්ත කරපු ගමන්, හරියට අර කිලිනොච්චියට කෙලලා ඇරපු, මල්ටි බැරල් රොකට් ලෝන්චර් එකක් වගේය. බුද්ධ සාසනේ තම්බින්ගෙන් බේර ගන්න, ඒක තිබුනාම හොඳටෝම ඇතිය. ඒක ඇහුන ගමන් හොර තම්බිලා පැත්ත පලාතේ ඉන්නේ නැතිය. සෙල්ලමටවත් උන්නාන්සේ පිස්තෝලේ අරගෙන හිගින්, වලියක් ගියෝතින්, අත පය කරකවන කරකැවිල්ලට ඕක මොකාට පත්තු වෙයිද කියලා කියන්න අමාරුය.

එව්වා මෙව්වා කෙසේ වෙතත්, මේ නිව්ස් දෙක දැක්ක ගමන් මට මතක් උනේ, අර එකෝමත් එක කාලේක, එකෝමත් එක රජ්ජුරුවන් වහන්සේ කෙනෙක්, ආදරේට එකෝමත් එක වඳුරෙක් හදාපු කතාවය. ඒක එහෙම මතක් උනේ මොන කරුමයකටද කියලා, මට නියමාකරයෙන් එක්ස්ප්ලේන් කොරන්න බැරි එක, මගේ කරුමයක්ද, වෙන කාගේ හරි කරුමයක්ද කියලාත් හරියට කියන්න බැරිය. මොකෝ ඒ එකෝමත් එක වඳුරා, ඒ එකෝමත් එක රාජුරුවන් වහන්සේගේ සිරි දේහයේ වහපු එකෝමත් එක මැස්සෙකුට රජතුමාගේ කඩුවෙන් කෙලලා ඇරිය නිසාය.

ඒ කඩු පාරෙන් මැස්සා මලාද, රාජ්ජුරුවන් වහන්සේ මලාද, එහෙම නැත්නම් දෙන්නාම මලාද කියා අහ ගන්න අපේ ආච්චි අම්මා අද නැතිය. ඔහෙලා දන්නවා නම්, කතාවේ ඉතිරි ටික කියා දුන්නොත්, බොහෝ පින් අයිති වෙනවාය. මට ඒ පින් ටික නානසාර හාන්දුරුවන්ටයි, වටරැක හාන්දුරුවන්ටයි අනුමෝදන් කරලා ඉතුරු උනොත්, ඔහේලාගේ ආච්චිලාටත් අනුමෝදන් කරන්න පුළුවන් වෙනවාය.

96 comments:

  1. //ඒ කඩු පාරෙන් මැස්සා මලාද, රාජ්ජුරුවන් වහන්සේ මලාද, එහෙම නැත්නම් දෙන්නාම මලාද කියා අහ ගන්න අපේ ආච්චි අම්මා අද නැතිය. ඔහෙලා දන්නවා නම්, කතාවේ ඉතිරි ටික කියා දුන්නොත්, බොහෝ පින් අයිති වෙනවාය.//
    එදා ඒ කඩුපහරින් කවුරු මළාද කියා නොදන්නා නමුත්, වර්තමානයේ තමන්ගේ ඒරියා එකේ වහන්න ගිය මැස්සන්ට කොටාපියව් කියා සිය වඳරු නඩයටම තමන්ගේ රාජකීය කඩුව අතට දී ඇත්තේද රජතුමා ය. එම කඩු පහරවල් වලින් රජු හෝ මැස්සන් මැරී නැති නමුත්, දැනටද මරණාසන්නව සිටින නීතියේ කන්‍යාව නම් සදහටම මිය ගිය බවද, අර වඳුරන් සෙල්ලම් කතා කිය කිය ආතල් එකේ සිටින බවද, නීතියේ දෙවගන ආරක්ෂා කිරීමට බැඳී සිටින රාජපුරුෂයන් හා රටවැසිය මීහරකුන් නපුංසකයන් බවට පත්ව ඇති බවද සක්සුදක් සේ පැහැදිළි ය.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න.. “දැනටද මරණාසන්නව සිටින“ යන්න “මරණාසන්නව සිටි“ ලෙස වෙනස් විය යුතුය.

      Delete
    2. ********-*****************

      Delete
    3. නීතියේ කන්‍යාව ටික කාලෙකට කලින් දූසනය කරලා ...අර පිහාන් මෝරිස් කියලා එකෙකුට බලෙන්ම බන්දලා ඌව අගවිනි සොරා කරලා දුන්නා නේද ....?

      Delete
    4. ඉවාන්ට මගෙන් සම්මානයක් මෙන්න.

      Delete
    5. ඉවාන්, නීතියේ කන්‍යාව ටික කාලෙකට කලින් දූසනය කරආට, ඊට බොහොම කාලෙකට කලින් ඉඳන් කීප දෙනෙක්ම එක එක පොට් වලට ඇදන් ගියා විතරක් නෙවෙ යන යන තැන පස්ස මිරිකල හරි අතවර කරා. මම හිතන්නෙ හැත්තෑ හතේ ඉඳන්ද කොහෙද ඔහොම උනේ, මේ පාර නම් උනේ හන්දිය මැද්දට ගෙනත් මිනිස්සු බලන් ඉද්දි රේප් කරපු එකනෙ.

      ඔය ඔක්කොමත් හරි, ඕක කරනකනුත්, කෙරුවට පස්සෙත් බකන් නිලාගෙන ඉන්න ගරුතර මහජයනත් ඉන්නවනෙ හරි කියන්න.

      ප.ගෝ.

      Delete
    6. ඉවාන් ******************************** ඈ

      Delete
    7. ප.ගෝ. - ගරුතර මහජනයා ඕකට කියන්නේ දේශප්‍රේමය කියලා, එහෙමත් නැත්තම් විදුලි පුටුවෙන් දේශය බේරාගත් උත්තමයව රැකගැනීම වගේ දෙයක්.. 77 ඉඳන් ආපු හැමෝම ට්‍රයි කරේ කන්‍යාභාවය නැති කරන්න තමයි . ඔබ හරි

      Delete
    8. @ ඉවාන්.....77ට ඉස්සෙල්ලත් ඔය කන්‍යාභාවය නැතිකරා බන්. හැබැයි කරේ ප්‍රසිද්ධියේ නෙමේ. මෙහෙම කිව්වොත් තරහා ගන්න එපා...කඩන්නද නංගි අහවල් එක වගේ...ඒ මෝඩ් එකේ වැඩේ ගියා. ඒ දවස්වලත් රෙස්ට් හවුස් වලත් ගුරු පත්වීම් දුන්නා. මේක අද උඩු යටිකුරු කලයුතු තත්වයක් වෙලා.

      Delete
    9. අරූ කතාව ඇත්ත....ඉස්සරහ හිටගෙන කරපු එක...දැ එව්වෝ දුව දුව කරනවා....

      Delete
    10. මටනම් හිතෙන්නෙ නීතියේ කන්‍යාවිය මරළ ඉවරයි , දැන් ඔය නීතියක් තියෙනව කියල බොරුවක් පෙන්නන්නෙ.

      Delete
    11. දැන් කොහේද අනේ නීතියක්. පොතේ නම් ඇති.

      Delete
  2. සැර වැඩිද මන්දා....!

    ReplyDelete
    Replies
    1. අපි මේවා ලියන්නේ ළොක්කට තියෙන ආදරේට මිසක්ක වෙන මක්කටවත් නෙමෙයි.

      Delete
  3. බන්තොට කොල්ලෝ කුරුට්ටෝ හරි දියුණුයි නෙව... හැම එකා ලඟම සෙල්ලම් පිස්තෝල. ඒඋනාට හදිසියකටවත් ලොකු එවුන් ලඟ කැටපෝලයක් වත් නෑ. අර පොඩි එකාට මොනවා හිතෙන්ට තිද උගේ පිතෝලෙ උදුරන් ආවට..ඌට හෙන ආඩම්බර ඇති උගේ සෙල්ලං පිස්තෝලෙන් අලි එලෙව්වා කිව්වම!

    ReplyDelete
    Replies
    1. දැන පොඩි උන් පිස්තෝල ඉනේ ගහගෙන ඉන්නේ නෑලූ.. මහ උන්ගෙන් බේර ගන්න බෑ නේ.

      Delete
  4. ඒ කාලේ කදු පාරින් රජ්ජුරුවෝ මලා කියල අපි නම් අහලා තියෙනවා..හැබැයි මේ පාර නම් වරු රංචුවක්ම රජ්ජුරුවෝ ඇති කරගෙන හුරතල් කරන නිසා මැස්සෙක් වැහුවොත් රජ මාලිගාවම සුන්නත්ධූලි වෙන්නට පුළුවන්..

    ReplyDelete
    Replies
    1. සෝ මෙනි මන්කීස් නෝ...

      Delete
  5. අපි කොහිල කන්න අකමැති නිසා අපේ අම්මා මටයි මල්ලිටයි කොහිල වලින් කට්ලට් හදලා දෙනවා.එතකොටනම් අපිදෙන්නා පොරකාලා කන්නේ... ඔයාගේ පෝස්ට් කියවද්දි මට ඒක මතක් වෙනවා.අප්පිරියා දේශපාලනේ උඩයි යටයි බලලා නිකා ඉන්න එකයි ඉස්සර කලේ ඒත් මෙවුවා හරි ෂෝයි අනේ. කට්ලට් මයි මතක් වෙන්නේ,,

    ReplyDelete
    Replies
    1. අපූරු කියමනක් අපූර්වී..............

      Delete
    2. සිරා කතාව අපූරියෝ. මාත් දේශපාලන කතා කියවන්න කම්මැලි උනාට මේව කියවල හිනා වෙනෝ.

      Delete
    3. උඹ දැං උනත් කොහිල ටිකක් කෑවට වරදක් නෑ !!

      Delete
    4. මටත් දේශපාලනේ අප්‍රිය මාතෘකාවක් නමුත් මාතලන්ගේ දේශපාලන ලිප්පි කියවනවා.

      Delete
    5. එහෙනම් මාතලන්තුමා කරන්නේ මේ ලොකු සේවයක්.අද රට මේ වගේ තත්වයකට පත් වෙලා තියෙන්නේ එක හේතුවක් තමයි.හුගක් තරුණ කොල්ලෝ,කෙල්ලෝ දේශපාලනයට දක්වන අකැමත්ත.අද හුගක් කොල්ලෝ,කෙල්ලෝ දේශපාලනය ගැන දක්වන්නේ එක වගේ අදහසක්.අපි කැමති නැහැ,දන්නේ නැහැ.අකමැතියි,අප්‍රියයි ඔය වගේ.ඉතින් රටේ බහුතරයක් තරුණ පිරිස් එහෙම හිතනකොට රටට මේ විදියට කෙලවෙන එකත් පුදුමයක් නෙමේ.

      මට නම් හිතෙන්නේ අපි වඩාත් උන්නදු වෙන්න ඕනේ විෂයක් තමයි දේශපලනය කියන දේ.එකට අපි ජන්දේ ඉල්ලන්නම ඕනේ නැහැ.නමුත් දැනුවත් වීමක් තියෙන්නේ ඕනේ රටේ වෙන දේ ගැන.

      ඉතින් දේශපාලනේ තිත්ත කට්ටියට මාතලන්තුමා මෙහෙම හරි මේ දේවල් ලියලා කියලා දෙන එකත් එක්තරා සමාජ සේවයක් තමයි.

      Delete
    6. මට නම් මේ තියෙන දේශපාළණේ පට්ට ආතල්.. කටලස් පැටිස් විදියට හරි කමක් නෑ කියවනවනම් එච්චරයි.

      Delete
    7. මනෝජ් @

      //අකමැතියි,අප්‍රියයි ඔය වගේ.ඉතින් රටේ බහුතරයක් තරුණ පිරිස් එහෙම හිතනකොට රටට මේ විදියට කෙලවෙන එකත් පුදුමයක් නෙමේ.///

      වරද අපේ !!!! හොදමයි මහත්තයෝ

      Delete
    8. පත්තර මල්ලි මුනුපොතේ අපිව බ්ලොක් කරලා දැම්මේ අපි හතුරොද? අර ඇනෝ කුනුහබ්බයක් මවන්න උත්සහ කළා වෙන්න ඕනේ ඉදගෙන :)

      Delete
    9. @අපුර්වී

      එහෙම නොවේ නෝනේ මම කියන්නේ.රටේ බහුතරයක් තරුණ කණ්ඩායම් දේශපලනයට දක්වන අකැමත්ත පාලකයෝ තමන්ගේ වාසියට හරවා ගන්නවා.ඉතින් උන් කරන වැරදි වලට අඩු වැඩි වශයෙන් අපිත් වග කියන්න ඕනේ නංගියෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව.

      Delete
  6. හෙහ්, දැන් රජ්ජුරුවන්ට මේකලා කොටන්නේ කඩු වෙලින් නෙමෙයි.. සෙල්ලම් පිස්තෝල වලින් වෙඩි තියලා තමයි දාන්නේ..

    ReplyDelete
    Replies
    1. දැන් නම් පොඩි එකෙක් ගාව බඩු තිබුනත් බයයි..

      Delete
  7. අපේ මාර රජා කියලා තිබුනා මාධ්‍ය ලොක්කන්ට "ඉස්සර වගේ විරුද්ධ පක්ෂේ අයට පොලිසියෙන් ගහන්නේ නැහැ" කියලා. අනේ සකෝ කිව්වාලු. දැන් ගහන්නේ වලව්වේ හවුස් බෝයිලා. ගහන්නේ වලව්වේ බේබිගේ ටෝයි පිස්ටල් එකෙන්. බේබිලට, හවුස්බෝයිලාට කලිසම්වල ගූ ගියාම හෝදන්නේ පොලිසියෙන්. පොලිසියෙන් ගැහුවානම් හොඳයි සකෝ ගෙදර කටුකන බෝයි කොල්ලො දම්මලා ගස්සනවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. පොලීසිය බැරිම තැනකදි තමයි බලය යොදවන්නේ... ඒකත් අවම බලය..

      Delete
  8. සෙල්ලං නිරිඳුගේ
    සෙල්ලංලන්තේ
    සෙල්ලං ඇමත්තයෝ

    සෙල්ලං ජනයගේ
    සෙල්ලං නහයට
    සෙල්ලං ලනු දාලා

    සෙල්ලං බඩු වගේ
    සෙල්ලං කරවන්නේ

    සෙල්ලං චන්දෙදි
    සෙල්ලං ජනයා
    සෙල්ලං ඡන්දේ දදා

    සෙල්ලං නිරිඳුගේ
    සෙල්ලං සෙට් එකෙ
    සෙල්ලං වලට හුරේ .........දමමින්
    සල්ලන් වෙයි සතුටින් ...



    ReplyDelete
    Replies
    1. සෙල්ලංද කොල්ලෝ කිව්වලු.… +++++++++++++++ :)

      Delete
    2. හැක් පට්ට කයිය ඈ......

      Delete
    3. පට්ටයි ඕං ඈ... වල්ලා පට්ට

      Delete
  9. ඔහොම ගිහින් අනාගතේදී එක දවසක ඔය සෙල්ලම් පිස්තෝල වලින් ඇත්ත වෙඩි පිටවෙනවා. අද ඔය සෙල්ලම් පිස්තෝල කාරයින්ව ආරක්‍ෂා කරගෙන ඉන්න ලොක්කන්ගේ පස්ස පැත්තේ ඒ වෙඩි වැදිලා මැරෙන මොහොතේදී ඒ ලොක්කන්ට හිතෙන්නේ හෑ.........මහා සද්දෙන් මට අපාන වාතයක් ගියා නේද කියලයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දවසක ඔය සෙල්ලම් පිස්තෝල පත්තුවෙලා උණ්ඩත් පිටවෙයි.

      Delete
    2. මටත් තියෙන දුක ඒකයි. රිලවුන්ට පිස්තෝල දෙනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි..

      Delete
  10. මැස්සා මැරුණද රජ්ජුරුවො මැරුණද කියලා හෙට අනිත්දම බලාගත්තෑකි……

    ඔය කතාවෙ අළුත් වර්සොන් එක තව නොබෝ කලකින් රඟදැක්වීමට සියල්ල සූදානම් එතෙක් රැදෙන්න ෂෙල්ලං සේනලා සමඟ……………

    ReplyDelete
    Replies
    1. ඔය නැටිලි වලට වැඩි ආයුෂ නෑ ආයිබෝවන්ඩ...

      Delete
  11. චිකාගෝ ගේම් තියන්නේ දැන් මෙහෙනෙ. ඔන්න කිව්ව ඊලඟ මහ ඡන්දෙදි ඔය සෙල්ලම් නගරාධිපති සෙල්ලම් පාර්ලිමේන්තු මන්තිරියෙක් වෙනවමයි. එහෙව් ප්‍රබුද්ද ජහමනයා.

    ReplyDelete
    Replies
    1. අනිවා..... ඩෙෆා.... දැන් ඌ පොරක්නේ...

      Delete
  12. කවුද කියන්නේ නගරාධිපති බබා සෙල්ලං පිස්තෝලයක් ගෙනාව කියලා, එයා ගෙනත් තියෙන්නේ "යම්කිසි දෙයක්" එ්ක නිකං කළුපාට සව් කොලයක් වගේ වෙන්න පුළුවං.. ඔ්න ඔට්ටුවක් පරීක්ෂණ වලින් තහවුරු වෙනවා නගරාධිපති බබා සෙල්ලං පිස්තොල කියන්නෙ මොනවද කියලවත් දන්නේ නෑ..

    නානසාර හිමිට පිස්තොලයක් දීපූ එක හොදයි, දැංවත් සාසෙනේ සුද්ධ පවිත්‍ර කරල ගනීනේ (බුදුහාමුදුරුවෝ වැඩ හිටියනං උන් වහස්සේටත් නානසාර වෙඩිතියනවා බුදු සුවර්)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //බුදුහාමුදුරුවෝ වැඩ හිටියනං උන් වහස්සේටත් නානසාර වෙඩිතියනවා බුදු සුවර්)//
      අම්මපා සැටිපිකේට් ඇත්ත විදානේ. නානසාර උන්නාන්සෙ දැන් බුදුහාමුදුරුවන්ටත් ඉහලයි.

      Delete
    2. නොදන්න බබුවක් නොකියා ඉදපන් විදානේ ගොයියෝ

      Delete
    3. //(බුදුහාමුදුරුවෝ වැඩ හිටියනං උන් වහස්සේටත් නානසාර වෙඩිතියනවා බුදු සුවර්)//

      පට්ට වැකිය විදානේ.....

      Delete
    4. විදා මචං +++++++++++++++++++++++++

      Delete
    5. හොඳ වෙලාවට බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ නැත්නම් වහ බීලා මැරෙණවා මේ බුද්ධ පුත්තරයෝ ටික දැකලා..

      Delete
  13. අපේ වී.මුණි සොයිසා ගාවත් ඔය වගේ සෙල්ලන් එකක් තිබුණාලු නේ ,ඒ සැරේ ජන්දේ මොණරාගල විතරක් දිනපු නිසා ගොඩක් ගෙවල් වල ඉස්සරහා තණකොළ එල්ලලා තිබුනා,

    ReplyDelete
    Replies
    1. එයා ගාව නෙමේ ගොඩාක් අය ගාව තියෙනවා. මොකෝ ජනතාවට බය නිසා..

      Delete
  14. ජහමනයාට සෙල්ලම් පිස්තෝල, නානසාර, කසිනෝ නාඩගම් පෙන්නලා ඇත්තටම තියෙන ප්‍රශ්න යටගහන එක නෙවේද මේ වෙන්නේ.....
    මට නම් පේන්නේ මේක මාරා විසින් යූඇම්පියට දීපු තවත් කොන්තරාත්තුවක් කියලයි..අනිත් එක තමයි කැසිනෝ වලට පුක උඩදාගෙන ප්‍රොටෙස්ට් කරන එක මේ දවස් වල...
    වනාතෙ සුනිල් නාඩගම ඉවර උන තැනින් සෙල්ලම් පිස්තොල නාඩගම....
    දැන් කැසිනෝ...
    ලඟදීම බලාපොරොත්තුවන්න......"................"


    ReplyDelete
    Replies
    1. කොහොම හරි ගේම ඇදන් යන එකත් ටැලන්ට් එකක් නේ ආයිබෝවන්ඩ...

      Delete
  15. අපේ මේ සිරි දේසේ ජහමනයා ක්‍රීඩාවෙන් උන්මත්තක වෙලා ඉන්නේ . . මැතිවරණ සෙල්ලම මොකක් සෙල්ලමක් නෙමේ කිව්ව ? අනේ පලයන් යන්න මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තේ උන්ටයි උන්ගේ වැඩ වලටයි බනලා බැනලා දින්න ගමන් ඒ පැත්තට යන එකට සෙල්ලම නැතුව වෙන මක්ක කියන්නද ඕයි . . ?
    ආගම් සෙල්ලම, ජාති සෙල්ලම, ඔය එක එක ජාතියේ සෙල්ලම් වලින් මත් වෙලා ඉන්න ජනතාවට තව සෙලල්ම් පෙන්නන්නේ නැතිව වෙන මොන හු$^$%ක් පෙන්නන්ද බන් . . හිකිස්

    ReplyDelete
    Replies
    1. ඊළඟ සෙල්ලම මොකක්ද කියලා හැමෝම ආසාවෙන් බලාන ඉන්නවා. කටවල් ඇරගෙන..

      Delete
  16. නානසාර මහරජාගෙ පස්චාත් බාගෙටත් සෙල්ලං පිස්තොලේ වැඩම කරලයි නතරවෙන්නෙ ඔන්න බලාගනිං.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් එයයි කිව්වේ... සොරි සොරි දේසනා කොලේ.. අපිට ඕන නම් ගෙදර යවන්නත් පුලුවන්ය කියලා...

      Delete
  17. අපේ රජ්ජුරුවන්ට මොළේ කළදක් හරි තියෙනවා නම් අර වදුරා වගේ උන්ව ලංකර ගනීවිද...?

    රජාත් එකයි,වටේ ඉන්න වදුරෝ ටිකත් එකයි.මුන්ගේ හිතේ මේවා ජාත්‍යන්තරෙට යන්නේ නැහැ කියලා වෙන්න ඇති.

    ReplyDelete
  18. /බුද්ධ සාසනේ තම්බින්ගෙන් බේර ගන්න, ඒක තිබුනාම හොඳටෝම ඇතිය. ඒක ඇහුන ගමන් හොර තම්බිලා පැත්ත පලාතේ ඉන්නේ නැතිය./

    තම්බිලා විතරද? බෞද්දයන්ට ( බෞද්ද තලබාන් හා බෞද්ද අල් කයි ද සේනා වලට වලට අයිති නෑති සාමාන්ය බෞද්ද ) වුනත් පලාතේ ඉන්න බෑරි තරමට ඒ සාරය සෑරය

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් අර වටරැක දවල් දානෙට ගන්න ගියේ...

      Delete
  19. පිස්‍තෝල වන වන ප්‍රසිද්දියේ යන එක නං ඉතින් පත්තරේ වැ‍ටුණත් කමක් නෑ. පස්සෙ පස්සෙ අර ගෑණු දූෂණය කරපු අයියලා අහවල් එකත් (නැත්නං ඒ වගේ සෙල්ලං එකක්) එලියට පෙන්න පෙන්න වන වනා යයිද මන්දා... හෆොයි ගනිල්ලා කෙල්ලො ගෙට

    ReplyDelete
    Replies
    1. කොහොමත් අන්තීමට යන්න වෙන්නේ එහෙම තමයි මෙහෙම ගියොත් නම්...

      Delete
  20. අනේ ඔය සෙල්ලං පිස්තෝලනේ ළමයි. හරියට පතෝල වගේනෙ. බය වෙන්න දෙයක් නැහැ. ඒ මාමාල හරිම අහිංසකයි.ඒකනේ සරම කරේ තියාගෙන දිව්වේ.
    මාතලන්ට ලැබුණු වෙඩි බෙහෙත් රෝල් තියෙන පිස්තෝලයක් අපේ අයියටත් තිබුණා ඒ කාලේ. මාත් ඉතිං ඒකෙන් වෙඩි තුන හතරක්ම තිබ්බා. ඒත් ඒක අහිංසක පිස්තෝලයක්නෙ. අපේ හම්බන්තොට මාමාල ළඟ තියෙන ඒවා වගෙ.

    ReplyDelete
    Replies
    1. මරු පිස්තෝලේ එක. ඔරිජිනල් එකේ බුලට් දානවා වගේ රෝල දාන්න තියෙන්නේ..

      Delete
  21. අර නගරසභාවේ වඳුර ගාවත් සෙල්ලම් පිස්තෝලයක්නම් තිබ්බේ ඒ හැටි බයවෙන්න හ්දේකුත් නෑ මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. මක්කට බය වෙනවයි.. පොලෝසියේ තියෙන්නෙත් ඒවම වෙන්ටෑ...

      Delete
  22. ලංකාව.... අම්මප පිට රටවල එවුන් අධෝ පෙදෙසෙනුත් එක්ක හිනාවෙනවා ඇති අපේ රටට!

    ReplyDelete
    Replies
    1. නෑ අප්පා... ඉන්දියාවෙත් ඔහොමමයි කියනවනේ...

      Delete
  23. කාලෙකින් පත්තරයක් කියෙව්වේ නෑ. ටී වී එකක් ආසාවට බැලුවේ නෑ. මේ නිවුස් එක කොයිල් වගේ මොළේට.. :D

    පිස්තෝලයක් තිබ්බා කොහෙද මන්ද.. :v
    මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. කාලෙකින් අඩවියට ගොඩ උනේ.. සෑහෙන්න වෙනස් වෙලා නේද..

    ReplyDelete
    Replies
    1. වෙනස් නොවන එකම දේ වෙනස්වීමද මොකක්ද කියලා කතාවක් තියෙනවා නේද..

      Delete
  24. අම්මෙ මගේ පිස්තෝලේ
    ඉනේ තිබුණු පිස්තෝලේ
    පොළෙන් ගෙනා පිස්තෝලේ
    කව්ද ගත්තෙ පිස්තෝලේ

    අන්න පුතේ හොර ගෙඩියා
    පාර දිගේ දුවන්නියා
    පිස්තෝලේ වනන්නියා
    අලින්ට වෙඩි තියන්නියා

    ReplyDelete
    Replies
    1. මල් 07 කවිය ඈ ...:)

      Delete
    2. මල් මසුරන් ඈ... වල්ලා පට්ට...

      Delete
  25. මොකද මන්දා..
    මට “පුසි ඉන්ද බුට්ස් “ සිත්තල පටියේ..සත්තලන් බිත්තල මතක් වෙනෝ.
    හොම්‍ෙබන් තොට තියෙන්නේ යෝධ බෝංති වැල මුදුනෙද..අාතලන් මාමේ?
    :)

    ReplyDelete
    Replies
    1. ඊත තූත්තක් පාතින් මයෙ අම්මා...

      Delete
  26. මං මොනා කිව්වොත් ඔදද අප්පා...?????

    ReplyDelete
    Replies
    1. ඕන් ඔහේ නිකන් ඉඳහන් බ්ලඩ් පෙසොර් වැඩි කර ගන්නේ නැතිව..

      Delete
  27. තව ටික දවසකින් අර ෆුල් ෆේස් හෙල්මට් වගේ සෙල්ලං පිස්තෝලත් තහනං කරයි මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. එහෙම කළොත් වැඩේ පාඩුයි... සෙල්ලම් කොරන්න බැරි වෙනවනේ..

      Delete
  28. අන්ත්හිමට වෙන්නෙ හනුමගෙ වල්ගෙට ගිනිතියල වෙච්ච වැඩෙ තමයි

    ReplyDelete
  29. අපි දන්නා තරමින්, එතුමා ඔය සෙල්ලම් පිස්තෝලයක් අල්ලනව දැකපු පලවෙනි වතාව....ඉස්සරනම් ඔහොම නැ..... ඇයිද මන්දා...... හම්බන්තොට ජනතාවගේ හිතවතා ඔය.....ඒ වෙලාවේ මොලේ කොලොප්පම්ද දන්නේ නැ.....

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව නිහිංසා..අපි තරහා එයා බබා එරාජ් එක්ක නෙමේ. බේබි දීපු සෙල්ලම් පිස්තෝලේ ගැන. ගණන් ගන්න එපා...අච්චර වැදගත් පනතක් විවාද කරන දවස්වල කොරියාවේ රගර් මැච් බලන්න යන බේබිලා ....අමතක වෙලා එරාජ්ලා වගේ අයට ටෝයි පිස්තෝල දීලා තියපු එක ගැන අහිතක් හිතන්න තරම් අපි ටෝයි නැහැ. යෞවනයට සෙල්ලම් පිස්තෝල!!!

      නිහිංසලා වචනේ හරි අරුතින්ම එහෙම වෙන දවසට අපිත් අහිංසා වෙන්නෙමු!

      Delete
    2. //සෙල්ලම් පිස්තෝලයක් අල්ලනව දැකපු පලවෙනි වතාව//
      කලින් අල්ලල තියෙන්නේ අැත්ත එ්වා නොවැ..

      Delete
    3. ඔය කතා කෙසේ වෙතත් සැටලයිට් නෝනගෙ කාළේ වයඹ ඔපරේසොන් එකෙත් උන්නා කියලා තමයි කියන්නේ නම්..

      Delete
  30. දොරේ...ලගදි දවසක උඹ ලියපු හොදම එක මේක දොරේ...ආතල් ඉහිං කනින් බේරෙනවා...අර නගරාධිපති ගොයියා ඉස්සෙල්ලාම කිව්වෙ මිනිහගෙ බලපත්‍ර පිස්තෝලෙ කියලා...ඊට පස්සෙ කිව්වා ලග ඉන්න එකෙකුගේ ඉන අතගාද්දි අහුවුන සෙල්ලං පිස්තෝලයක් කියලා....සෙල්ලං පිස්තෝල වලින් ඉතිං සෙල්ලං කරනවා ඇර වෙන දෙයක් කොරන්න බැරි නිසා...මට හිතුනේ නගරාධිපති ගොයියා යාලුවො සමග හොරා පොලිස් සෙල්ලම කර කර ඉන්න වෙලාවක විපක්ෂයේ ඇත්තෝ උන්ගෙ සෙල්ලමේ උච්චතම අවස්ථාවට බාධා කරන්නට ඇති බවකි. කුණු බිත්තර සීන් එක බොට අමතක උනාද ?

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් පිස්තෝල ගැන නේ....

      Delete
  31. සෙල්ලම් පිස්තෝලයක් වුව පෙන්වා කෙනෙකුට මරණ භය ඇතිවෙන ලෙස හැසිරීම නීතිය අනුව වරදක්.

    ReplyDelete
    Replies
    1. කොයි නීතිය අනුවද ලොක්කෝ... නීතියක් කියලා එකක් තියෙන්න එපාය..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න