.

.

Sep 5, 2014

මම කැමතියි නෝනට, නෝනා කැමති නෑ මට // - I love my Wife (Virindu Sural )


ඇස් කරකව කව හතර වටේ, බලන විටදි නෙතඟ ගැටේ...
ගැහුවම ඇස් දැලේ වැටුන, මගෙ පණ මගේ මැණික් කැටේ...
මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... //

තදට අඳින රෙද්දට, ගස්සන උඹේ පස්සට...
රණ තිසරුන් මුව සිඹින්ට, කැන්දන් එමි ගෙදරට...
මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... //

මාස තුනයි ගත උනේ, මළ කෙලියකි සිඳු උනේ...
වැදුනත් පොඩ්ඩක් තනේ, රත් වෙනවා මගෙ කනේ..
මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... //

හිටියත් මම පාඩුවේ, පැත්තට වී යාළුවේ...
හොස්ස ළඟින් මැස්සා ගියත්, බඩුව නිකන් පත්තුවේ..
මම කැමතියි නෝනට, නෝනා කැමති නෑ මට //

ඇයි මගෙ සුන්දර පනේ, මොන කරුමෙද සිඳු උනේ...
කියා තොත්තු දෙන්න ගියොත්, මහ දවලුත් තරු පෙනේ...
මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... //

උදේම මම උයනවා, හෙන කුඹුර කොටනවා...
ගෙදර කුඹුර කොටන්න නෑ, නෝනා මට රවනවා...
මම කැමති නෝනට..., නෝනා කැමති නෑ මට... //

මේ නම් මහ සාපයක්, පෙර කල මහ කරුමයක්... 
ඒ වගේද එහා ගෙදර, නෝනා පුහුල් දෝසියක්...
මම කැමති නෝනට..., නෝනා කැමති නෑ මට... //

උඹේ රැස්පොට් මට එපා, උඹේ වත්තත් මට එපා...
එහා වත්තේ හතර වටේ, බෝල ගහමි අම්මපා...  
එහා වත්තේ හතර වටේ, බෝල ගහමි අම්මපා...
එහා වත්තේ හතර වටේ, බෝල ගහමි අම්මපා.........

-x-

බොහොම කාළෙකින් මෙහෙම එකක් ලිව්වේ නෑ කියලා හෙන කචල්.. ඕන්න ටික කළකට කලින් ලියපු එකක්, පොඩ්ඩක් මොඩිෆයි කොරලා දැම්මා.. විරිඳු සුරලුත් ජනප්‍රිය වෙලා තියෙන කාළේනේ..

102 comments:

  1. Replies
    1. ළමයින්ගේ අප්පට සිරි...

      Delete
  2. හැක් කාලෙකින් වුනත් මෙක නම් එල කිරිස් ...

    ReplyDelete
  3. කුඹුරු හාන හැටි වටේ, නෝනා දැනගෙන ඇතේ
    නගුලේ මඩ පිහදාන්න, නෝනට ඕනා නැතේ
    මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... //

    ReplyDelete
    Replies
    1. කවියෙන් කියවෙන දේ නම් පට්ට..

      Delete
  4. එහා වත්තේ බෝල ගහල, මම නෝනට අහුවුනේ.....
    තිබුණු බෝල දෙකත් නැතිව, මට ඉන්නට සිදුවුනේ.....
    මම කැමතියි නෝනට...., නෝන කැමති නෑ මට....//

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. කියන කතා ඇත්තනේ.. මක්කයි මට සිඳු උනේ..
      අනෙ අම්මපා මොකටද මම බෝල එක්ක ඉපදුනේ..
      මම කැමතියි නෝනට.. නෝනා කැමති නෑ මට..//

      Delete
  5. හ්ම්.....................දැන් ඔය කොයි නෝනා ගැනද කිව්වේ?

    අම්මපා ආයේ හම්බවුනාම බැදපු හැඬැල්ලොත් එක්ක ඩින්කල් එක මගේ ගානේ. මොකද දන්නවද? මට කියාගන්න බැරුව තිබුණ දෙයක් කිව්වට.

    ReplyDelete
    Replies
    1. විචාරක අන්කල් ඇත්තද ඔයාගෙ ගෙදර බෝඩිං කාරයො නතර කර ගන්නව කියන්නෙ?

      Delete
    2. ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවකුට අනුන්ගේ අත්දැකීමක් උනත් තමන්ගේ කර ගන්න පුළුවන්..

      ප්‍රථිපල දන්වා ඊයක් එවන්න..

      Delete
  6. පට්ටයි සුපිරියි අනර්ගයි එල ද බ්‍රා.
    අද හවසට ගෙදර ගිහින් නෝනාට ඇහෙන්න මමත් කියනවා කවිය.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හෙට ෆිටෝන් බලන්න වෙන එකෙක් ගනියි කොම්පැනියෙන් ,උඹට ඉස්පිරිතාලේ ඉඳන් ඒවා කරන්න බෑනේ

      Delete
    2. මම නං කියන්නෙ කෝල් එකක් දීල කවිය කියහං ඕනැම නං. දවසක් දෙකක් අපේ දිහෑ ඉඳල පස්සෙ හිමීට ගෙදර යන්න බැරියෑ. ඕ යේස් .…

      Delete
    3. මෙන්ඩියා උබ එහෙනම් ඉස්පිටිතාලේ ඉඳලා එනකන් පිටෝන් වැඩේට මාව සෙට් කොරපන් සුදෝ

      Delete
    4. අන්තීම කෑල්ල කියනවනම්.. ගෙදරින් යන්න බලාගෙනම කියහන්...

      Delete
  7. මෝඩ ආතල් ගන්නේ නැතුව කවිය ගැන මොනවා හරි කියන්නකෝ..
    බලන්න අපේ ආතල් අැනෝ, සින්දු ඇනෝ..ඇනෝ නමටත් ආඩම්බරයක්

    ReplyDelete
  8. මෙන්ඩිය ..... වචන ටික ...එලද බ්‍රා...... හෙක්...හෙක්.....

    ReplyDelete
  9. අද නෝනයි ...පුතයි ගෙදර නැද්ද මචෝ........
    මේක දැක්ක නම් දවල් තරු පෙන්නයි........ හෙක්.....හෙක්.......

    ReplyDelete
    Replies
    1. කාගෙ නෝනද?

      Delete
    2. හිටියත් අවුලක් නෑ මචෝ.. අපේ ගෙදර මේවා ඕපන් කතා කරන දේවල්..

      Delete
  10. විශිෂ්ටයි උත්තෘෂ්ටයි අනගිබවනීයයි...
    හිහි..
    පට්ට පටපට

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු.. එච්චරම දරුණුද තත්වේ..

      Delete
  11. ආතල්.. බරසාර ගතිය එක පාරින්ම බින්දා නේද?? හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. හැමදාම බැණුම් අහන්න බෑ මචෝ..

      Delete
  12. එහා වත්තේ නෝනගේ පුරන් වෙච්ච කුඹුරම...
    අද සිට හානවා අම්මපා තව මොකටද හුට පට ...
    මම කැමතියි නෝනට නෝනත් කැමතියි මට ...//


    නෝනා මට අත වනනවා ...

    මා පැණි බිඳයි ආදර පොදයි
    බොන්න බොන්න ඒ අමා රස
    එන්න එන්න නෑ පමා තව
    ඉන්නෙ ඇයි ද මිලාන වීලා...

    අඹ දල්ල වැනි වූ තොලේ
    මධු බින්දු ඉතිරී සැළේ...
    රනහස ළැමදේ මානෙල් ඉපිලේ
    සුවඳින් උමතු වෙලා
    ආදර ගඟේ පා සියොළඟේ
    සිහිලැල්ල උතුරා ගියා...

    විදලන්න මල් හී සැරේ
    මල්සර ද මා හා පොරේ...
    මම ඔබෙ දෙඅතේ මැණිකකි මිහිරේ
    රන් මසු මලු වටිනා
    මේ ලොව මගේ ඒ මම ඔබේ
    බැඳ ගන්න අතිනත් වෙලා...

    සඳ එන්නෙ නෑ මේ රැයේ
    ඝන අන්ධකාරේ තියේ...
    හෙට හිරු නැඟේ යළි එළිවෙතේ
    දවසක් තව ගෙවිලා
    ගතවෙන දිනේ හැම තත්පරේ
    නොගෙවන්න අපතේ හෙලා...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : ටී. එෆ්. ලතීෆ්
    ගායනය : ඇන්ජලීන් ගුණතිලක

    http://mp3ouch.org/Rana/Maa+Peni+Bindayi+-+%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B6%BA%E0%B7%92

    ReplyDelete
    Replies
    1. එපා තවත් ඔබ මා රවටන්නට
      ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
      ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
      අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..

      තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
      නිලියක වනු පල නෑ...
      ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් 
      එහිම අරුත ඔබ තව වටහාගෙන නෑ...

      මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ 
      තව දිව යනු රිසි නෑ...
      අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
      ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ...

      පද රචනය : බන්දුල නානායක්කාරවසම්
      සංගීතය : රෝහණ වීරසිංහ

      Delete
    2. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
      ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
      නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..
      සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

      ඔබ මගෙ ආදරය පතයි
      ඇය මගෙ ආදරය පතයි...//
      දෙන්නාටම මාත් හිතයි
      ත්‍රිකෝණයේ පාද සමයි...//

      සමකෝණී ත්‍රිකෝණයකි...

      සමච්ඡේදනය කරලා
      දෙන්නට බෑ පෙම බෙදලා...//
      අපි තුන්මුල්ලටම වෙලා
      ඉමු මුහුණට මුහුණ බලා...//

      සමකෝණී ත්‍රිකෝණයකි...



      Delete
    3. ඕවා නොවෙයි මෙන්න මේකයි මේ පෝස්ට් එකට අදාල සින්දුව

      රූං පෙත්ත කැරකෙනවා
      කෝම්පිට්ටු ඉඳිවෙනවා

      (දයාරත්න රණතුංග)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. සීලවතී... සීලවතී...
      ලිප ගිනි මොලවා ගන්නට හෝ
      බෙහෙතක් අඹරා ගන්ට නොවේ
      වස්තරයක් මහ ගන්නට හෝ
      රාගිනි අවුලා ගන්ට නොවේ
      තරුණ මැදිවියේ පාළු මකන්නට
      යාළු ළඳක් වී වරෙන් මගේ ගෙට
      සීලවතී... සීලවතී...

      රැකලා මරණ සිංහ රාජයෙක් නොවේ මම
      ඇනලා මරණ කුළුමී ගෝනකු නොවේ මම
      විදලා මරණ මනමේ රජෙකුත් නොවේ මම
      රවලා යන්න මා වෙතින් වෙච්ච දෝෂ කීම...

      හිරුටා එපිට සූර්ය දිව්‍ය ලෝකෙන් එපිට
      සඳටා එපිට තාරකා වළල්ලෙන් එපිට
      නුබටා එපිට ඈත සක්වලෙන් බෝ එපිට
      ඊටත් බොහෝ එපිටය මගෙ ආදරේ බොට...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : මිල්රෝයි ධර්මරත්න
      ගායනය : ටී. එම්. ජයරත්න

      Delete
    6. ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
      හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
      සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
      විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

      Delete
    7. ඔබ මා පෙලූ දා...
      නොදොඩා හැඬූ සිත
      මා හා සිනාසෙනවා......//

      මා නෑ කියාලා සඳ ඊයෙ නාව ද
      නෑ නේ සඳේ නෑ නේ...
      මා නෑ කියාලා හිරු ආයෙ නේවි ද
      නෑ නේ ඉරේ නෑ නේ...
      පෙර සේ නොවේ දෝ දිලෙන්නේ......

      මා නෑ කියාලා ඔබ සෝක වූව ද
      නෑ නේ ළඳේ නෑ නේ...
      ඈ නෑ කියාලා මම සෝක වේවි ද
      නෑ නේ ළඳේ නෑ නේ...
      කවුදෝ පරාදේ ලබන්නේ......

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
      ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

      Delete
    8. සක්මන් කරන මළුව පාළුයි දේවී
      මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
      ඉක්මන් ගමන් එපා පා පැකිලේවී 
      දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

      සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
      පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
      රන් තරු දෑස පියන රෑ හඳ පානේ 
      අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

      මිණි බැඳි දොර හරින වෙලාවේ 
      දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
      ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ 
      මා තනි කරන්නෙපා මතු සංසාරේ

      ගායනය - සමිතා - දිවුල්ගනේ
      සංගීතය - ගුණදාස කපුගේ
      පද - රත්න ශ්‍රී විජේසිංහ

      Delete
    9. පට්ට සින්දු සැට් එක.. සින්දු ඇනෝගේ වැඩේ නැගලම යනවා..

      Delete
  13. හුටා

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අපි ඩයලෝග් එකට කතා කරා නිට්ටඔුවට සිග්නල් කුලුනක් ගහන්න.

      Delete
    2. නිට්ටඹුවෙ බාර් කාරයගෙ කල්ල මරේ වෙන්ටැ ;:D

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. නිට්ටඹුවේ අපනයන ප්‍රවර්ධන කලාපය ආශිතව තමයි හිටියේ, සිරාවටම මොබිටෙල් සිග්නල් නෑ බොලව්..
      රං පොකුණගමට හැරෙන පාර කිට්ටව තියන සුරාසැලට තමයි ඉතිං හවසට ගාටන්නේ...

      Delete
    4. යකෝ විදානයා අපේ පැත්තෙනේ කරක් ගහල තියෙන්නෙ.

      Delete
    5. මාත් බැලුවා කාළෙකින් පේන්න නැත්තේ මොකෑ කියලා..

      Delete
  14. නෝනට මම ආදරෙයි - නෝනත් මට ආදරෙයි
    අල්ලපු ගෙයි ගෑණිගෙ නම - 'නෝන' තමයි මිතුරනේ

    මම කැමතියි නෝනට - ඒකිත් කැමතියි මට //

    ReplyDelete
  15. නෝනා : අනේ ඔයා හරි නරකයි - මැනස් කිසි දෙයක් නොදනියි

    මාතලන් : මොකද නෝනේ එහෙම කිව්වේ

    නෝනා : බලන්නකෝ ප්‍රියේ - එහාගෙදර ගුණේ

    ..............උදේ වැඩට යන විටදී - එයාගේ නෝනට
    ..............උම්මා පහ හයක් දෙනවා - දිගටම එක විට
    ..............ඔයා තමයි නිකම් යන්නේ

    මාතලන් : ඕක ඉතිං මහ වැඩක්යැ - මටත් කොරන්නට ඇහැකිය
    ...............එත් ඉතිං ඒ නෝනා කැමති වෙයි ද කවුද දන්නේ ?

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ යුතුකං ඉෂ්ට කොරන්ඩ ගිහිං බඩකට පුරා කාල එහෙනං . හත්ඉලව්වයි … චැහ් !!!

      Delete
    2. බලපන්කො පත්තරේ මු කරන වැඩ අපිටත් එක්ක ලැජ්ජාව

      Delete
    3. එහෙනම් අසල් වැසියාට ප්‍රේම කොරන්නය කියලා කතාවක් තියෙන්නේ..

      Delete
  16. අනේ පල යකෝ ...
    එකෙක් බොනවා කියලා තොපිට ගොන් අතල් දෙනවා අනිත් එකා අනුන්ගේ සින්දු මෙතන කොපි කරනවා .තොපිට ඒවා අතල් උනාට අපිට ඒවා ගොන් පාට් ..
    අපි කියන දේවල් තීරණය කරන්නේ අපි උඹලා නෙවයි .

    ReplyDelete
  17. Replies
    1. පිස්සුද … ගල් තරං හොඳ නෑ බං :D

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්‍තුතියි -

      Delete
    2. ඒවා ගොන් වැඩ.. හොරා කන දේ තමා රස..

      Delete
  18. ඇනෝ බොස්.…

    එහෙමයි … එහෙමයි.… ඊළඟ පාර තීරණයක් ගද්දි වැඩිහිටියෙක්ගෙං එහෙම අහල බලන්න කෝකටත් :D

    ReplyDelete
  19. /* මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... */

    ඒ කැල්ල විතරයි මං හදපු අනුකාරක විරිදුවේ තිබුණේ!

    ReplyDelete
    Replies
    1. හැබයි ඉතින් කකා ලිව්වා නම් මීට රහට එනවා.. සාහිත්ත මාසෙත් නේ..

      Delete
  20. // ඇයි මගෙ සුන්දර පනේ, මොන කරුමෙද සිඳු උනේ...
    කියා තොත්තු දෙන්න ගියොත්, මහ දවලුත් තරු පෙනේ... //

    ඔය පොදු අපේක්සකයා හොයාගෙන හොයාගෙන යන කස්ටියටත් කවදා හරි සිද්දවෙන්නෙ ඔය සන්තැන්සිය ම තමා....

    ReplyDelete
    Replies
    1. අනිවා... ඇදගෙනම නෑවා නේද යකෝ කියලා තේරෙන්නේ එදාටයි..

      Delete
  21. අහසට බයේ ද
    පොළොවට බයේ ද
    පාගපං මස්සිනේ...
    සුළඟින් පුරෝපු
    යකඩින් නමාපු
    සයිකලේ ගැස්සුනේ
    මම නෙවෙයි
    සයිකලේ ගැස්සුනේ....

    සක් දෙවිතුමා ද
    අන්තිම වුණාම
    පෑගුවෙත් සයිකලේ..
    ඇයි ඔහෙ බයේ ද
    කලිසම කොහේද
    පාගපං මස්සිනේ
    මගෙ නෙවෙයි
    පාගපං මස්සිනේ...

    කණ්නාඩි කුට්ටම
    දුර ඈත දැක්කම
    ඇස් දෙකත්
    ලෙඩ වෙලා...
    වැටුණත් උළුකුව
    තෙල් ගා වැළකුව
    පරපුරේ ඉපදිලා
    පරපුරේ ඉපදිලා....

    ලංකාව මා ළඟ
    ඔහෙ ප්‍රංශෙ යනව ද
    සයිකලේ නව නවා...
    මොනවද හිතවත
    දොඩවන්නෙ කටමැත
    මගෙ දෙපා ගැහෙනවා
    මගෙ දෙපා ගැහෙනවා...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
    යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ රෝයි ද සිල්වා

    ReplyDelete
  22. නෝනගෙ විරිදුව -

    යන විට මම මග තොටේ - පස්සෙම මගේ දැවටුනේ
    මේකගෙ පූචානමකට - අය්යෝ මම රැවටුනේ
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව..

    ඇඳුමට මගෙ හරි තද - ගැස්සෙන පිටි පස්සට
    ආස හිතිල එක්ක ආවෙ - ගෙදරට මිරි-කන්නට
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව

    මාස තුනකි ගත උනේ - මෙලෝ රසක් නෑ අනේ
    මිරිකනවා මිසක මෙයා - ඇතුටලට යන්නෙම නැතේ
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව

    ට්‍රයි කෙරුවත් මම අනේ - මූ නැගිටින්නෙම නැතේ
    ඇතිවිය දැන්නම් මට මේ - මිරිකන එක මළ වදේ
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව

    හය්යො මගෙ ජිවීතේ - මිරිකල මොනවද පලේ
    තොත්තු එපා මට තොගේ - මම යමි වෙනතක අනේ
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව

    උදේම මූ නැගිටලා - උයනව මට රස කොටා
    කුඹුරෙත් වැඩ සිදු කොටා - අදිනව බර ගොන් බඩා
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව

    උයන කියන වැඩ මමත් - දන්නව බොල හොඳ එකෙන්
    කෙලිං කොරං මෙහෙ ඇවිත් - කොරපිය බොල වෙන දෙයක්
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව


    හය්යෝ මම කල පවක් - මෙහෙමත් ගොන් බූරුවෙක්
    තිබ්බත් රස පැණි ගුලක් - හොයනව මූ ගූ වලක්
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව

    එහා ගෙදර රන්සිලා - දැකල මෙයා සෙට් වෙලා
    මෙහා ඉඳන් අතවනලා - දැං එනවලු මිරිකලා
    මට මොකටද මේකව - නගින්නෙ නැති සැමියව

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මෙන්න..... බයිලනම් සිංහයා ,සිංහයානම් බයිලා.. කමෝන්

      Delete
    2. වරේවා බොසා … ඇස්වහක් කටවහක් නෑ ටොපේ ටොප් !!!!

      මල් මසුරං !!!!!

      Delete
    3. ඇත්තට ඉන්දික අයියේ උබේ නෝනා මෙහෙමම කියනවද බන්

      Delete
    4. අපි සිංහ වංශය ඔබ??????

      Delete
    5. ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු මහතාගේ භාර්යාව හොඳ කිවිඳියකගේ ලක්ෂණ පෙන්නුම් කරන බව අනිවාර්යයෙන්ම කිව යුතුයි.

      Delete
    6. මාතලන්ගේ බැරි ලෙඩේ, ඉන්දිකයට අහුඋනේ
      ඉන්දිකයා දැන් හවසට, මාතලන්ගේ ගේ වටේ
      දුම්මල ගහලත් අනේ...., එලවන්නට බැරිඋනේ.. //

      කොච්චර හැලුවත් පැණි, නෝනගේ නෑ ඉඟි බිඟි
      නැති උනාට කොල එලි, තුවක්කු ඔසවයි කොඩි
      දුම්මල ගහලත් අනේ...., එලවන්නට බැරිඋනේ.. //

      Delete
    7. ඒ බැන්ද මුලදී වුනාට ....දැන් සතාගෙ ....කිරිබත් හැඩේ ,,,,,,100 ml . නිල් පෙත්ත නිසා ගොඩ ලු.....

      Delete
    8. පව් මචෝ උඹේ නෝනා.. මගේ ඊ මේල් ඇඩ්‍රස් එක දියන්.. හැකි උදව්වක් කරන්නම්..

      Delete
  23. හරියට හරි, ඉතින් විසදුමක් තියෙන්න එපැයි

    ReplyDelete
  24. BDSM කාරයොන්ගේ පහන්සංවේගය උදෙසා මාතලං ලියපු මේ කවි පේලියට මාතලං වගේම BDSM කාරයෝ ටික වෙනුවෙන් කෘතඥ්ඥ වෙමි.

    ReplyDelete
    Replies
    1. බී ඩී ඇස් ඇම් කාරයෝද මනුෂ්‍යයෝය..

      Delete
  25. මෙන්න මාතලන් පොස්ට් ....... නොදොකින් පහුගිය දවස් වල දාලා තිබ්බ එව්වා

    ReplyDelete
    Replies
    1. උඹලා හොඳයි.. සමහර උන් අම්මා මතක් කරලත් තිබුනා..

      Delete
  26. බොහොම අසරණ වෙච්ච සුවාමි පුරුෂයෙක් ඉවසන් ඉන්න බැරිම තැන කියාපු එකක්ද කොහෙද..

    \\එහා වත්තේ හතර වටේ, බෝල ගහමි අම්මපා... \\

    පට්ට පට පට පට පටස්..

    සුපිරියි බොස්..

    ReplyDelete
    Replies
    1. වෙන කාට කියන්නද මචෝ.. උඹලට කියනවා ඇර..

      Delete
    2. ඉස්සර රජා කියන්න වගේ මාත් කියන්නම්.

      සුබ වේවා...රාජ සම්පත් ලැබේවා...

      Delete
  27. වැඩිම සිංහල සින්දු ප්‍රමානයක් ලියල තියෙන්නේ පේමකීර්ති මහත්තයද යකුනේ

    ReplyDelete
    Replies
    1. වැඩිම කෙසේ වෙතත් හොඳම

      Delete
    2. ඒ ගැන නම් හරියට කියන්න දන්නේ නෑ.. වැඩිම සින්දු කියලා නම් තියෙන්නේ ජෝති..

      Delete
  28. හොදයි වගේ...... නෝනා කැමති නැත්නම් එක්කන් ආවේ.......?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කැමතියි නේ අනේ..

      Delete
  29. ගෙදර කුඹුර කොටන්න නෑ, නෝනා මට රවනවා...

    ReplyDelete
    Replies
    1. බොරුවක් නෙමෙයි අම්මපා...

      Delete
  30. තවත් පැතිකඩක් http://youtu.be/PVpaa5pa0jI

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද සත්‍යය..

      Delete
  31. අනේ....මගේ......ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
    මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

    මට නින්ද යන්නේ නෑ.... නින්ද අහලකවත් නෑ.......
    ඔයා මතක් වෙද්දී මගේ ඇස් පියවෙන් නෑ.......
    මං පාර්ක් යන්නේ නෑ.......ඔයා ලඟට එන්නේ නෑ.........
    ඔයා නැතිව පාර්ක් එකේ මන් තනිවෙන් නෑ.......

    අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
    මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

    මන් අඬන්නේ නෑ.......අඬලා නොන්ඩි වෙන් නෑ......
    ඒත් ඕයා මතක් වෙද්දි නාඬා ඉන්න බෑ.......
    මට ලඟින් ඉන්න නෑ.......ඔයා මගේ ළඟ දැන් නෑ......
    ඔයා ලඟින් හිටිය කාලේ ආයේ එන්නේ නෑ......

    අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
    මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

    මං නෙස්කෆේ බොන් නෑ.....නෙස්කෆේ සුවඳ දැනෙන නෑ.....
    ඔයා නැතිව නෙස්කෆේ මට බීල වැඩක් නෑ........
    ඔයා බිල ගෙවන්නේ නෑ.......බිල නොගෙව යන්න බෑ.........
    බිල් ගෙවලා මට කෙලවෙල අතේ සතේ නෑ.......

    අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
    මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

    මං බලන් ඉන්නේ නෑ......බලන් ඉඳල පුරුදු නෑ........
    ඔයා දිහා බලන් ඉඳල මට හරියන් නෑ........
    ෆෝන් එකේ ක්‍රෙඩිට් නෑ.......මට රිප්ලයි නෑ.......
    ඔයාට මන් ආයි ඉතින් කෝල් කරන් නෑ......

    අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
    මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකක් කළකට කලින් අපේ අපූර්වී ඔමායත් ලියලා තිබුනා..

      Delete
  32. මරු පෝස්ට් එක. මාර රහයි. ඈ මාතයියේ බැඳලා මාස 3 ඉඳන්ම නෝනට එපා වෙනවද. අෆොයි මට නම් බඳින්න බය හිතෙනවා. ඇයි දෙයියනේ අවුරුදු 04 ක් ලව් කොරලා මාස 03 න් එපා වුණොත්.. අම්මපා බෝල ගහන්න නෙවි වෙන්නේ බෝල විකන්න. අයියෝ...

    ReplyDelete
    Replies
    1. බෝල විකන එකත් හරි ජොලි වැඩේ..

      Delete
  33. අන්න නියම උත්තරේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න