.

.

Dec 15, 2014

විනය තකා තුන ඇල්ලීම - Self Discipline First


- මාතලන් -

සාදන්නට විනය අම්මට සිරි ලංකා ර                 ටේ
තුන් වෙනි පාරටත් ගේමකි හැටට හැ                ටේ
මේවා දකින මයි බොඩි ෆිෂ් ඉබේ නැ                 ටේ
ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ               ටේ

අජ්ජා පනේ කෑ හරකා බලු නොව                       ටී
දේශණ තියති කුක්කෝ ලව් කරන හැ                 ටී
කරුමෙට නොමැති උන් වනනට උන්ගෙ නැ      ටී
සද්දය දමා පෙන් වති හැමි නෙනා හැ                  ටී

කනකොට හොඳයි බලපිටි කුම් බල මා                ළු
විඳවිය නොහැක කටු ඇනුනොත් නම් යා             ළු
දීලා බලු ටෝක් හිර බත් කෑවේ                            ලූ
කලකදි රහලු තව කලකදි අමු වහ                        ලූ

කියමින් අන් අයට පෙන් වා තම බූරූ ග               තී
කට ඇරියොත් සැම තැනකම නා ගනි                  ති
යන එන සැම තැනම අඩු නැත ගඳ ගස                ති
හඟුරන් කෙතේ ඉන්නා නරි හූ කිය                      ති

පෙරකල වැටී කා රොස්මිඩ් මැදුරෙ රො               ටී
එක ගෙයි කෑ වැටී රත් උන වෙලේ තැ                 ටී
කෙහෙවලු කඩාගෙන දුවමින් පිස්සු වැ                 ටී
පාරම් බාති අමු හෙළුවෙන් යවන හැ                    ටි

තවකෙක් රටේ නිලදරුවන් ගස් බඳි                     තී
අවුලක් නැතුව අමු කුණු හබ්බත් කෙල                තී
කන්ටේනර් පිටින් පව් ඩර් කුඩු ගෙනෙ                 තී
හිමිකරු නොමැත බව් සර් එත නෝල් එ             
තී

මහ මැති ගෝලයෝ දහවල් මිනී මර                    යි
ප්‍රාදේශියෙ උන් දරු වන් රේප් කර                       යි
කළාකරුවෝ මහ මග හොඳ හැටි ගුටි ක              යි
බලන බලන තැන මුන් මුලු රට වනස                  යි

හදනට කලින් ජහ මන යාගේ වින                       ය
රට කන හරක් ටික හැදු වොත් නම් හොඳ            ය
ගන්නට කලින් තුන් වන වරටත් බල                   ය
මුන් ටික නොහැදුවොත් අත් වේ කොඩි වින        ය


-x-

55 comments:

  1. ඔය මයිත්‍රිපාලත් දැන් අනාගෙන තියෙන්නෙ... එයාර්පෝට් එක වහන කතාවක් කියලා... රූපවාහිනියයි අයි ටී ඇන් එකයි පට්ට ගහනවා.. පොන්සේකාගෙන් වත් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ඕවා කියලා කරන වැඩද...? හැම එකාම බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. ඇත්තටම ඔතන තියෙන්නේ ක්‍රමය නැති කරනවට වඩා වෛරයක්.

      Delete
    2. බහින කලාවේදී ඔහොම හැසිරීම් සිදුවේ.

      Delete
  2. මේ පහත කරුණු දෙක ගැන විස්තර දැක්කා පමණයි, හඬ පට, වීඩියෝ තියෙනවාද?

    1. දේශණ තියති කුක්කෝ ලව් කරන හැටී

    2. පාරම් බාති අමු හෙළුවෙන් යවන හැටි

    ReplyDelete
    Replies
    1. දෙකේම වීඩියෝ තිබුනා.. කවුරු හරි කකාට උදව් කරයි. දැන් කකාගේ යළුවෝ දේශපාළණේ කතා කරනවා ඇති නේ, සිඩ්නි ගේමෙන් පස්සෙ.

      Delete
  3. ප්‍රා දේශීය උන්ගේ කෙරුවාවක් නම් හැමදාම වරදින්නෑ පත්තරේ.

    ReplyDelete
    Replies
    1. උන් ජාතික දේශපානයට එන්න පුරුදු වෙනවා .

      Delete
    2. ඔය ඉවාන් දීලා තියෙන්නේ උත්තරේ. කොලිපිකේසොන් එකතු කරනවා...

      Delete
  4. \\ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ//

    ඇයි දකුණම??

    ReplyDelete
    Replies
    1. වම කොච්චර අප්‍රියද කියනවා නම්.. ඔය චෙෆාකි කිව්වා වගේ යින් කරලා දැම්මා..

      Delete
  5. ඊයෙත් මං කිව්වෙ, ඉන්නෙ දෙසිය විසිහතරයි. ඔය ටික හදාගන්න නෙවෙයි, මකල අලුතින්ම දාන්නයි ඕනි. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි, ජහමනයට උවමනාව තියෙනවනම්. ඉන්න උන් හදන්න බෑ. උන් කෝවක දාල උණු කරල ගත්තොත්, කෝවත් හැදෙයි උන්ගෙ හැඩේට.

    ReplyDelete
    Replies
    1. ඒක හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි.. සෑහෙන කලක් යයි..

      Delete
  6. මතං මාතා..........................

    //ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ//

    මේක නම් ලෙඩක්............ ලිංගාශ්‍රිත රෝග වෙෙද්‍යවරයෙක් කියලා ඒකෙක් හම්බෙයං...........

    කවිය නම් පට්ට මතං............ සුපිරියි............

    ReplyDelete
    Replies
    1. මේ වෙන ඒවල හැටියට හැමදාම යන්න වෙනවා එහෙනම්..

      Delete
  7. උනුත් හොරු මුනුත් හොරු... හොරු පස්සෙන් යන එකාලත් හොරු...

    ගවපාලනයට ජයවේවා...

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන ප්‍රශ්ණේ හොඳම හොරා හොයා ගන්න එක..

      Delete
  8. ඕක ඉතින් මනාප දෙන ඇත්තංගේ අතේ තියෙන වැඩක් නෙව.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ උන්ගෙත් වැඩි හරියක් මදාවියෝ නේ..

      Delete
  9. ජහමනයාගේ බුද්දිය වැඩ කරන .......හැටී
    කියලා වැඩක් නැත ඒවා රටක් ..........වටී
    හත්වෙනිදා හවස දුන්නොත් දෙකක් රොටී
    බලාගනිව් උන් කතිරය ගහන ..........හැටී

    විනය හදාදෙන්නට ..ජහමනයන්නේ
    ලුවී විටෝන් සපත්තු .දාගන්නෝනේ
    ලම්බෝගිනි අරං ඇවිදින් ..හඳපානේ
    දළදා මාලිගා රවුමේ ....යන්නෝනේ




    ReplyDelete
    Replies
    1. මේකටම තව කයි හතරක් පහක් ලියලා පෝස්ට් එකක් දැම්මොත් නරකෙයි.. වල්ල පට්ට කයි දෙක..

      Delete
  10. අර "බමරෙකු ආවයි නිරිත දිගේයා" සින්දුවෙ දිමියා කෑවෙත් ඔය දකුනු ඇටේම නේද?

    යහපාලනයක් ගොඩනගමු !
    දකුනු ඇට රැකගනිමු!

    ReplyDelete
  11. මාතේ... කවිය නං පට්ට හොදේ...!!

    //ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ//
    ප්‍රස්නයක්... ඇයි දකුණම...?????

    ReplyDelete
    Replies
    1. වම ගලවලා විසි කලා.. ඒ තරමට අප්පිරියයි...

      Delete
  12. දුක යනු
    පට්ට දවාලේ එකෙක් වලට වැටී අඩු කඩා ගත්තා දැක දැක
    අනිකාද ඒ පාරේම යන්ට තතනන එකය
    මයිතී අංකල්ගෙනුත් අයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ට බෑ වගේ

    ReplyDelete
    Replies
    1. අපි කියන්නේ ඒකනේ.. පේනවනේ දෙන ටෝක්.. එන්න කලින් ඔහොම නම්, ආවොත් කොහොමට තියෙයිද...?

      Delete
  13. මල්ලට සාගත දෙදහස් පන්සියෙ කනහැටි කියලා දීපු සකී
    අල්ලට කාලා රෙන්න පුකේ ගූ නැතත් කටේ සවුදමය සකී
    වල්ලට පොල්ලෙන් ගැහුවා වාගේ සී සී කඩ යයි විනය සකී
    බල්ලට ගිය රටෙ බල්ලො රජවෙලා මිනිසුන් බල්ලන් උනයි සකී

    ReplyDelete
  14. තුක් විතරක්. ශ්‍රී ලංකාවේ දේශපාලනය

    ReplyDelete
    Replies
    1. කාට කියන්නෙයි මචෝ.. සම හරක් නම් කියන්නේ ජහ මනයගේ හැටියටලු පාලකයා ලැබෙන්නේ..

      Delete
  15. මරු. මේක බන්දුල අංකල්ගෙ කටින් අහන්න ආසයි බං.

    ReplyDelete
    Replies
    1. ඕන් දැන් සින්දු කියනවා....

      Delete
  16. වාසුදේව මහින්දට කඩේයන නිසා මහින්ද දිනුවොත් සිංහල බෞද්ධයන්ට ද්වේෂ කරන පුද්ගලයෙක් වන වාසු මහින්දගේ බලය අරන් සිංහල (විශේෂයෙන්ම සිංහල බෞද්ධ) ජනතාවට අඩම්තේට්ටම් කරන්න පුලුවන් ඒ නිසා ගම්මන්පිල මහතා මහින්දගේ පැත්තට පැමිනීම සිංහල ජාතියට ඉතාමත් වැදගත්

    ReplyDelete
    Replies
    1. වාසු කියන්නේ සිංහලයින්ට වෛර කරන කෙනෙක් නෙවෙයි, ඔහු දැන් ලොක්කා ලග බලු වෙලා හිටියත් කලකදී සමාජවාදී අදහස් දරපු දෙයක්. සමාජවාදීන්ගේ අදහස් වල තියෙන්නේ ජාතීන්ට ස්වයං නිරණ අයිතිය දිය යුතුයි කියන දේ. ඒකයි වාසු හැම ජාතියකට සමාන අයිතිවාසිකම් ගැන කතා කරන්නේ.

      Delete
    2. මම බලාගෙන ඉන්නේ ඔය යකා දිවි නහගන්නකන්.. ඒ තරම් කාළකන්නි...

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ලොක්කා දාන්නේ හැමවිට මේ පොතය
    සොක්කෝ චාටර්ය මිනිහා ටිප් ටොප්ය
    උඩ ඉන්නා එකා රෙන්නේ හිටගෙනය
    ගෝලයො කරන්නේ එතකොට දුවමින්ය

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ මචෝ.. මාර ගැහිලි නේ ගහලා තියෙන්නේ...

      Delete
  19. විනය? නීතිගරුකබව? සිරි ලන්කාවෙ?

    මේ ගැන විනයක් ඇතිව කමෙන්ට් කරන්න යන එකත් මාර ඇණයක් නිසා කිව්වයි කියල හිතාගන්න

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා නොකියා යන එක...

      Delete
  20. අනේ මන්දා සමහර මිනිස්සුන්ගේ මතවාද දිහා බලපුවම උන් ජීවත්වෙන්නේ ලංකාවේද කැසබලන්කාවේද කියලා හිතෙනවා. හුඟක් එවුන්ව කෑම බීම, ඇඳුම් පැළඳුම්, සල්ලි, වගේ පගාවලින් නම්ම ගන්න පුළුවන්. ඉතිං කොහෙද මහජන මතයක් නිරූපණය වෙන්නේ.

    කැසබලන්කා = http://en.wikipedia.org/wiki/Casablanca

    ReplyDelete
    Replies
    1. ඒවට විතරක් නෙමෙයි. උඩ රැවුලට, පාටට, චන්දේ දෙන හරක් නේ ඉන්නේ

      Delete
  21. අයියන්ඩි උඔගේ කවි හැකියාව එල ද බ්‍රා ඩබල් පුෂප්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සෑහෙන ළොකු ඇති නේ...

      Delete
  22. අතිශය ඉහළයි මාතලන්. මට නම් මේ දවස්වල ටී වී බැලිල්ලත් එපා වෙලා මුන්ගේ නාඩගම් දැකල.

    ReplyDelete
    Replies
    1. මට ඉතින් ඕකෙත් තොර ළොවක් නෑ නේ බස්සියෝ...

      Delete
  23. ම්ම්ම්..... නොකිය ඉන්නම් මචෝ......
    මෙන්ඩිය ට කියල ලොකු ටිකක් මස්සන්න ඉන්නේ.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න