.

.

Jun 30, 2014

බලපිටිය, බල මාළු හා ඇඹුල් තියාල් - Balapitiya, Skipjack Tuna & Ambul Thiyal


රොකට් රෝහිණි කථා වස්තුව - තුන්වෙනි කෑල්ල

මීට කලින් කෑල්ල බලන්න ඕන නම්, මේ අකුරු උඩම ක්ලික් කොරන්න....

ඒ කාළේ ගෙවල් වලට එන ජංගම වෙළෙන්දෝ, කීප පලක්ම උන්නා. සමහරු ආවේ පයින්, පෙට්ටියක් හරි කූඩයක් හරි ඔළුව උඩ තියාගෙන. සමහරු ෆුට් සයිකලෙන්, සමහරු කරත්තෙන්. උදේ පාන්දරම එන්නේ කිරී මෑන්. පොර එන්නේ බයිසිකලේ. අපිට කිරි ගෙනාවේ අපේ නෑ කෙනෙක්ගේ ගෙදරකින්. කිරි ගෙනාවේ ලොක්කා මාමා. මඩකලපු සරම ඇඳලා, කළු පාට අඟල් තුනක් විතර පළල , රෙදි බෙල්ට් එකකින්, සරම ඉනට තද කර ගන්නේ.

ඔය බෙල්ට් එකේම පොකට් එකකුත් තියෙනවා. කහ පාට වගේ මතක. ඒකේ තමයි කාසි නෝට්ටු තැන්පත් වෙලා ඉන්නේ. උඩට ඇඳුමක් නෑ. බෙයාර් බොඩි. පොර ටිකක් දොන් සිරිසේන වගේ කොන්ඩේ මැඳින් බෙදලා. ඒ උනාට විහිළු කියන දේ දන්නෙම නෑ. ෆුල් සිරා පොර. දෙවියන් වහන්සේ මේ යකා මවලා තිබුනේ හිනා නහරේ නැතුව. මට ඔය වගේ උන් පේන්න බෑ. ඇයි යකෝ ඇඟ පතෙන් යනවද මුසලයන්ට පොඩ්ඩක් හිනා උනාම.

Jun 28, 2014

ටුඩේ ඉස්පැසල්, වෙනස හා ප්‍රබුද්ධයෝ - Be the change you want..


අද ඉරිදා නිසා, "රොකට් රෝහිණි කථා වස්තුව..." පැත්තක තියලා, ළඟදි දැකපු චෙන්ජ් එකක්, එහෙම නැත්නම් වෙනසක් ගැන ලියන්න හිතුනා. මේ රටේ අජ්ජාපන ක්‍රමය ඇතුලේ හදලා තියෙන, උගත් උනත්, හිස් ඇතුලේ මුකුත් නැති, අළුතෙන් යමක් හිතන්න කරන්න බැරි ඔළු ගෙඩි වලට, වෙනස කියන එක පරමණු බෝම්බෙකටත් වඩා මහා බයානක දෙයක්. කිසිම තැනක් හෝ දෙයක් වෙනසක් කරන්න ගියොත්, පිකට් කරණ, උපවාස කරණ, ගිනි තියාගෙන මැරෙණ, නොම්මර එකේ ළිං මැඩියෝ ඉන්න රටක් තමයි මේක. ඔය ගැන උදාහරන ලියන්න ගියොත් මේක හෑල්ලක් වෙනවා ඒ නිසා ඒවා අවශ්‍ය නෑ.

Jun 27, 2014

කුණුහබ්බ, ඇග්නස් ආත්තා හා කුක්කු කූ කූ.... (18+) - Granny Agnes, Cock a doddle do & Dirty Words


ටික දවසකට කලින්, රොකට් රෝහිණි ගැන කතාවක් ලියන්න ගිහින්, අන්තීමට ලිය උනේ, බෙනයි, ටිකිරියි ගැන ලියලා. ඒ පාර කොන්ටිනුවස්ලි ලියන්න හිටපු කතාව අන්ජබජල් උනේ, ඒකේ තිබුනු සිද්ධි දාමයකට, මගේ රසිකාවියක් වන ප්‍රසිද්ධ නෝනා කෙනෙක්ට, මලේ හොඳම එක පැනලා, එයැයිට උත්තර ලියන්න උන එකෙන්.

ඊට පස්සේ, අම්මට සිරි ලංකාවේ, එදිනෙදා ආතල් ලියන්න ගිහින්, අර වැඩේ මග ඇරුනා. බලමු, මේක ඉවර කොර ගන්න කොච්චර කාළයක් යාවිද කියලා. අද ලියන්නේ, "රොකට් රෝහිණි කතා වස්තුවේ.." දෙවනි කෑල්ල. පළවෙනි කෑල්ල ඕන එකෙක් ඉන්නවා නම්, බලන්න ඕනම නම්, මේන් මෙතනින් ගොහින් බලා ගන්න පුළුවන්.

Jun 25, 2014

ඩෙංගු බබා සමඟ සාකච්ඡාවක් - An Interview with Dengue Baba


අපේ සාකච්ඡාව සඳහා පැමිණි බබා රෝගවර්ධන වෛද්‍යතුමිය අපි ඉතා ආදරයෙන් පිලි ගන්නවා. සුබ උදෑසනක් ඔබ තුමියට.
සුබ උදෑසනක් ඔයාටත්.
අපි කෙලින්ම මාතෘකාවට බහිමු.
හොඳට බලලා, වැහි වතුර තියෙනවනම් විතරක් බහින්න

Jun 24, 2014

පෙට්ටි, පිස්තෝල හා ක්‍රිකට් කතා (23+) - Stories about Boxes, Pistols & Cricket

ESPN Cricket

ඉස් ඉස්සෙල්ලාම්..., අපේ කිරිකැට් කන්ඩායමේ, සමාජිකයින්ගේ අම්මලාගෙන් සමාව ගත යුතුව ඇත. අන්තිම විකට් එක කඩා ගන්න බැරිව දඟළන දැඟලිල්ල දැකලා, මල පැනලා, මම මුන්ගේ අම්මාවරු මතක් කොට නින්දට ගියේය. ඒත් උදේ නැගිටින කොට මළ හත්තිලව්වක් වෙලාය. අපේ උන් අන්තීම බෝලෙට ඉස්සෙල්ලා බෝලෙදි මැච් ඒක දිණලාය.

Jun 22, 2014

වටරැකගේ ඇට දෙක.. - Self Done Circumcision


නාහිමි වට රැක
ඉඳහිට ගාති බක බක
මේ ළඟදි දවසක
කපා දම ලලු එහිමි ඇට දෙක

Jun 19, 2014

සප් එකක් දෙමු....! - Friends are Forever.....!


ඔව්.., මේ ගැන කලිනුත් ලිව්වා තමයි. ඒත් ඒ ලියපු එක ඩිලීට් කරලම දැම්මා. මම හිතන්නේ මම කරපු එකම වැරද්ද, නිශ්මෑන්ට පෙන්නන්නේ නැතිව ඒක පබ්ලිෂ් කල එක.

ඒ වැරද්ද මිසක් වෙන කිසිම වැරද්දක් ඒ ළිපියේ නෑ. මම මට හිතෙන අවංක හැඟිම ලිව්වා. ඒක අගය කරපු කීප දෙනෙකුත් උන්නට, වැඩි පිරිස ඒකට අකමැති උනා.

Jun 17, 2014

අළුත්ගම, අනුසාසනා හා අසමත් රාජ්‍යය - Aluthgama, Bana & Government Failure



අළුත්ගම ගිනි ගත්තේය. ඇත්තටම ගිනි ගත්තේද? නැත..., ගිනි තිබ්බේය. රටම භීතියෙන් ඇලලි ගොසිනි. මහජනතාවට සාමයෙන් ඉන්න කියයි. මේ රටේ මහ ජනතාවගෙන් බහුතරය, කොහොමත් අහිංසකයෝය. 83 දී ඒ දේ අප දැසින් දැක ඇත්තෙමු. බහුතර ජනතාව, තම සහෝදර ජනතාවට වූ විපත ගැන සෝ සුසුම් හෙලූහ. කඳුලු සැලූහ. ඔවුනට, ඔහු තම අසල් වැසියා මිස, සතුරකු වූයේ නැත. ඇත්ත.... ඔහු පර දෙමළෙකි. එහෙත් ඔහු මිතුරෙක්ම විය.

Jun 10, 2014

මහින්දාගමනය - Arrival of Mahinda


තිස්ස... තිස්ස...

කව්ද ඩෝ.. මගේ නම කියලා කතාකරන්නේ...?

මම තිස්ස, මේ මම..

කව්ද මචං..?

හැංගිලා පිස්සු කෙලින්නේ නැතිව, එලියට ඇවිත් කතා කරහන්කෝ..

මම තිස්ස මම.... මම මේ මහින්ද..

Jun 9, 2014

හිතවතුන්ට ගරු කිරීම - Respect to my Friends


මාගේ හිතවතුන්ට ගරු කිරීමක් ලෙස. කලින් පළ කොට තිබු පෝස්ටුව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදි. මා පළකලේ මගේ අවංක අදහස පමණි. ඒ මාගේ ක්‍රමයයි. ඇත්ත...., කලින් ඇනෝ කොමෙන්ටුවක්ද ඉවත් කලෙමි. මා මේ බ්ලොග් එක ආසාවෙන් ලිවීමට එක හේතුවක් වන්නේ, ඒ සඳහා ලැබෙන කොමෙන්ට්ස් ප්‍රමාණය හා ඊ මේල් ප්‍රමාණයයි. එමගින් ඇතිවූ මිතුරන්ද විවිධාකාරය. එහෙත් කීප දෙනෙකුගේ අදහස් වලට ගරු කිරීමක් ලෙස, එය ඩිලීට් කර දමන ලදි.

කිසියම් හෝ කෙනෙකුන්ට ඒ මගින් සිත් රිදවීමක් වූවා නම්. සමාව අයදිමි. වඳින්න යන දේවාල, හිසේ කඩා වැටෙනවා කියන්නේ මේවාටය. මිය යන තෙක්, අප ඉගෙන ගනිමින් සිටින්නෙමු.

Sorry.....!!!

Thousand Apologies...!!!

Jun 6, 2014

දැයට කිරුළ හා ගමට ගඟුල - Annual Flood Festival


ඒ කාළේ රූපවාහින් චැනොල් එකේ, "නන්දන වින්දන" කියා වැඩ සටහනක් ගියේය. ඒක තියෙන්නේ මාසෙකට සැරයක්ය. ඒකට කිව්වේ, "නන්දන වින්දන - මාසික විවිධ ප්‍රසංගේ කියලාය. ඕක අම්බානක ජනප්‍රිය උනේය. මේ වැඩේ නිසා, කාන්තාවන්ගේ මාසික විවිධ ප්‍රසංගේ නම් කලේත්, නන්දන වින්දන කියලාය. ඕක මුළු ලංකාවම නරඹනවාමය.

Jun 4, 2014

සචිත්‍ර සේනානායක, මාස්ටර් බාස්ටඩ් හා මහත්වරුන්ගේ ක්‍රීඩාව - Sachitra, Master Bastard & Cricket


ක්‍රිකට් ගැනම ලියාපු, ක්‍රිකටර්ස්ලාත්, ඉඳලා හිටලා ක්‍රිකට් ගැන ලියාපු, බුවාලත්, දැන් බ්ලොග් ලියන්නේ නැති නිසා, ඒ මළදානේ ගැන ලියන්න වෙලා තියෙන්නේත් මාතලන්ටමය. හිතවත් උන්, "ටිකිරා" ගැන ලියන්න කියන අතරේ, තව උන් ටිකක් කියන්නේ, රටේ ළෝකේ විස්තර ලියන්න කියලාය. ඇත්තටම එහෙම ක්‍රිකට් ගැන ලියන්න, කේස් එකක් මතු වෙලාය. එහෙම කියපු ගමන් ඔහේලා හිතන්නේ, රුහුණු කැම්පස් එක ඉස්සරහා ක්‍රිකට් ගේම් එක ගැන, කතා කරන්න යනවා කියලා වෙන්න ඇතිය. ඒක ගැන පස්සෙ කතා කරන්නපුළුවන්ය. අද කතා කොරන්න යන්නේ ක්‍රිකට් ඇවිල්ලා ජැන්ටල්මෑන්ලාගේ කේස් එක කියන සීන් එක ගැනය.

Jun 1, 2014

පොලීසියේ කෑම හා පොලීසිය කෑම - Dancing with the Police


මගේ හිතවත් ලයිබීරීයානූ මිතුරකු තම බ්ලොග් අඩවියේ පලකළ ළිපියක, සිංහළ පරිවර්ථනයකි.

ලයිබීරීයාව කියන්නේ ළෝකයේ බොහෝම දියුණු රටක්ය. දියුණුව කරා කොච්චර වේගයෙන් යනවාද කියා මෑතකදි මහ බැන්කු වාර්ථාවෙත් සඳහන් වෙලා තිබුනාය. සාමාන්නියෙන් නම් ඒ රටේ ආර්ථික වර්ධන වේගය පැයට කිලෝ මීටර් 150 ක් විතර වන්නේය. පොරි හැලෙන්න වේගයෙන් යන ආර්තිකේ නිසා රට කරවන උනුත් යන්නේ අම්බ ඉස්පීඩ් එකේය. අප්‍රිකාවේ ආස්චර්යයද මොකක්ද කොරන්න යන නිසා වංගු ගන්නේ කන ගෑවෙන්නය.