.

.

Jun 27, 2015

අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change



කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ආන්ඩුවට කෙලවෙලා ගියේ ඔය දින 100 කෙප්පය නිසාය. අන්තිමට ඒ පචේ වහන්න පච 100 ක් නොව, නහුතයක්ම කියන්න උනේය. අන්තීමේදි, එකාට එකෙක් නැතිව ඔක්කෝම පච් වෙලාම ගියේය.

Jun 23, 2015

නිදි යහනේ නෑ සහනේ II - Sex Advice



අද කාලේ ඕන මළදානයකට සයිබරේ වගේ, ඒ කාළේ තිබුනේ පත්තරය. අදටත් පත්තර බිසිනොස් එක නැගලා යන බිසිනොස් එකක්ය. පත්තරේ එලියට එන කාළය අනුව එක කැටගොරියක් යනවාය.  දිනපතා පත්තර, සතිපතා පත්තර, සති අන්ත පත්තර කියලාය. මාස් පතා එන පත්තරවලට වඩා තියෙන්නේ සඟරාය. ඉස්සර මාසෙකට සැරයක් යන පොරෝගැරෑන් එකක් රූපවාහිනියේ ගියේය. ඒකට කිව්වේ "නන්දන වින්දන" කියලාය. අන්තීමටන උනේ කාන්තාවන්ට මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ "නන්දන වින්දන මාසික විවිධ ප්‍රසංගය" වීමය.

Jun 19, 2015

අපේ තාත්තා, මනෝරම හා බුකි කාරයෝ - My Dad, Manorama & Facebook



- මනෝරම වීරසිංහ -

අපේ තාත්තා අපූරු චරිතයකි.. නොදන්නා ඉලව්වක් නැත. ලෝකයේ මිනිහෙකුට ඇති සියලු උපාධි සමග දැනීම අත්දැකීම් ඇත...!!

ඒ නිසා, ලෙඩක් වූ විට ගතයුතු බෙහෙත පවා තීරණය කරන්නේ ඔහු විසිනි.!

Jun 17, 2015

නෙළුම් යායෙන් තලවකැළේට.... - To Thalawakele with Love



ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ.ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් ටී ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා. ඔවුන් ජිවත් වුනේ, වෙන්නේ ඉතා පහසුකම් අඩු ලැයින් කාමර නමින් හඳුන්වන ගෙවල් පේලි වල. 

Jun 16, 2015

යහපාලනේ හත් පොලේ ගා ගැනීම - Playing with Yaha Paalanaya



යහ පාලනය පටන් ගත්තේම බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කළයට ගොම තල්ලියක්ම එක කර ගනිමිනි. ඒ සෝමරත්න දිසානායක නම් අවස්ථාවාදි නරුමයා රූපවාහිනියට පත් කර ගනිමිනි. මාතලන් එදාම කිව්වේ අයියෝ සිරිසේන කියලාය. ජග්‍රහනයෙන් මුලා වී උන් යහපාලන ටොයියෝ කිව්වේ ගනන් ගන්න එපා මචෝ. එයා එතනට දැම්මට ගේම ගෙන යන්නේ රතන හාන්දුරුවෝ කියලාය. සම හරක් කිව්වේ අලියෙක් ඊට ඉහළින් ඉන්නවා කියලාය. 

Jun 13, 2015

මහින්ද මාතර ඇවිත්... - Mahinda at Matara



මහින්ද සමඟ නැගිටිමු වැඩ සටහනේ සාමාජිකයකු සමඟ නිදාගෙන නැගිට්ට මහින්ද මහත්තයා, දනි පනි ගා ලෑස්ති උනේ අභයාරාමේ පැත්තේ රවුමක් ගසා එන්නටය. අද එහේ ගිහින් හරියන්නේ නෑ, මාතර යන්න තියෙනවා නේද කියා ඇසු සිරිලිය මැතිනියට, අම්මට හුඩු ඇත්ත නේන්නම් යකෝ කියා උත්තර දීපූ මහින්ද මහත්තයා, හාමිනාගෙන ඇහුවේ කෝ මාව කාපු ලොකු එකා කියලාය.

Jun 11, 2015

මහින්ද සමඟ නැගිටිමු - Wake up with MR



මෙම ගීතය, "ඩෙස්මන්ඩ් ද සිල්වාගේ", "යන්න රට වටේ, එන්න මා ප්‍රියේ...." ගීතයේ තාලයට ගයා සැනසෙන්න...

Jun 10, 2015

යහපාලනයට කුඩ්ඩන්ද මැරයන්ද ඇතුලත් වේ - Good Governance with drug dealers and thugs



කරුණු සිඳුවෙමින් තිබෙනා ආකාරයට, යහපාලනය තුලද සිඳුවන්නේ කලින් සිඳුවූ සිද්දි දාමයන්ම බවත්, එකම වෙනස තනතුරු කීපයක පුද්ගලයන් වෙනස් වීමක් බවත් කනගාටුවෙන් උනත් කිව යුතුමය. නායකත්වයට පත්වූ දිනයේ පටන් ඇදගෙන නානා රනිල් විකුම්සිංහ 2004 දී ඉල්ලගෙන කෑවේ කොටි එක්ක ආතල් එකක් ගන්න ගොසින්ය. කොහේදෝ යන පොට්ට චෑන්ස් එකකින් 2015 පින් අගමැතිකමක් ලද්දේ වුවද, දින කීපයක් යන්නට මත්තෙන් ඉල්ලගෙන කෑවේ සිංගප්පුරූවේ නයෙක් රෙද්ද අස්සේ දාගෙනය.

Jun 7, 2015

නීලකාස හොරුන් ගැන අනුර කුමාර... - Alibaba and the thieves



මාතලන්ගේ මස්සිනාලා ඇවිත් ගම්වල අහිංසක මිනිස්සුය. අහිංසක කිව්වට චන්ඩි කමෙන් නම් නෙමෙයිය. ෂේප් නම් ෂේප්ය, වලි නම් පුල් ෂෙප්ය. එයාලා අහිංසක අසරණ පොරවල් වෙන්නේ තොරතුරු දැන ගැනීම මගින්ය. ඊයේ අනුමත වෙන වෙලාවේ කස්ටියගේ කතා බහ උනේ, මහින්දාගමනය ගැනය.

Jun 4, 2015

යහපාලනේ, මළ යකා සහ මළ පෙරේතයෝ - Yaha Paalanaya, Evils & The Parliment


අම්මට සිරි ලංකාවේ හැම මළදානෙට වගේම, මළ මගුලටත් තාමත් තියෙන්නේ ගෝත්‍රික ලක්සොනමය. "අනේ අපිවත් අරගෙන පලෝ...." කියා, පෙට්ටියට නැගලා, එරොප්පෙ යන්න පුක ඉරාගෙන කෑ ගැහුව්වාට, වලට පස් ටික දාන්නෙත් ඒකට වැටෙයිදෝ කියලා බයේය. මැරිච්ච එකාට ගිනි තියලා හෝ පස් දාලා ගෙදර ඇවිත්, එක්කෝ මාරි බිස්කට් ආතල් එකක් ගන්නවාය. එහෙම නැතිනම් කරවල වට්ටක්කා ඩාන්ස් එක දානවාය. මේ ඔක්කෝම සෙල්ලම් දාන්නේ මැරිච්ච එකා ආයෙත් එයි කියලාය.