.

.

Aug 19, 2016

ආලය අන්ධද..? - Is Love Blind...?



 එසේය ස්වාමිනී...!
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!

-x-

 - මාතලන් -

46 comments:

  1. මාතලන් + මහගමසේකර = මාතලසේකර


    සුපිරියි , ඒ වුනාට කියන්නේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි " කියලනේ කස්ටිය

    ReplyDelete
    Replies
    1. බොරු... ඒ ලැජ්ජාවට කියන කතාවක් නේ.. උඹට කවුරු හරි අපහාස නඩු දාන්න ඉඩ තියෙනවා මේ වගේ කොමෙන්ට් වලට... බලාගෙන හොඳේ... ආන් ප්‍රියා සූරියසේනටත් "ඈත රන් විමන් තුලින්..." කියන්න බෑලූ...

      Delete
    2. "ප්‍රේමයයි, වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි" කියලත් කියලා තියනවා නේද ?

      Delete
    3. ඒක නම් ප්‍රේමය වෙන්නේ බෑ.. මළප්‍රේත ආත්මයක් හරි මක්කා හරි වෙන්න ඕනා.. කොහොමද අනේ බොක්කෙන් ලව් කරපු එකකට වෛර කරන්නේ.. එතන කොහෙද ප්‍රේමයක්.. අපි එහෙනම් කී දෙනෙකුට පිහියෙන් අනින්න ඕනද..?

      Delete
    4. ඒකත් ඉතින් ප්‍රේමය රාගයෙන් තොරයි කියනවා වගේ පොඩි ඇඩ් එකක් තමා...හැබැයි ප්‍රේමයෙන් ඊරිසියාව, ඊරිසියාවෙන් වෛරය එන්නත් බැරි කමක් නැත්තෙමත් නෑ....

      // අපි එහෙනම් කී දෙනෙකුට පිහියෙන් අනින්න ඕනද..? //

      හෙහ්....එක බොක්කෙන් ඔච්චර ගොඩකට ලව් කරාද හැබෑටම.. :D

      Delete
    5. එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම්
      කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

      කියල ඒ හැමෝටම කිව්වලු

      Delete
    6. එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම්
      කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

      කියල ඒ හැමෝටම කිව්වලු

      Delete
  2. කාගෙවත් යාලුවෙක් ආලයෙන් අන්දවෙලා හඳහන් ගැලපෙන්නෙ නැතුව මලේ නැත්ද හිටන්?

    ReplyDelete
    Replies
    1. හඳාහන් ගැන එක්ස්පලේසොන් එකක් අන්තීමට එතනදී ප්‍රාට දුන්නා ඒක කියවපන් මචෝ..

      හඳහන් බැලිල්ලයි දත් පුරවන එකයි දත් හිටවන එකයි ඔක්කෝම එකයි..

      අර එක එක කේස් වලින් යාලුවෝ මැරෙණ ඇනෝට නම් ඇති.. ලව් කරලා මැරිච්ච යාලුවොයි.. හඳහන් ගැලපෙන්නේ නැතිව මැරුණ යාලුවොයි..

      Delete
    2. // හඳහන් බැලිල්ලයි දත් පුරවන එකයි දත් හිටවන එකයි ඔක්කෝම එකයි.. //

      කතාව සැටිපිකේට් ඇත්ත..
      ඒ වුනාට ඒක හැමතැනම ලියලා අපේ බඩට ගහන එක හරිද හිටන්?

      Delete
  3. රාගයෙන් තොර ප්‍රේමයක් කොහි ඇද්ද. ප්‍රේමයේ අලංකාරය රාගයමැයි. අපූරු සංකල්පනාවක් බං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... මාතලන් බොරු කියනවා අඩුයි නේ හැලපේ...

      Delete
  4. මේක හෙන තරුණ කවියක්නෙ...
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැම අතින්ම තරුණයි තවමත්.... :)

      Delete
  5. ආලය අන්ධ අනික් වුණ් අත් පටලාගෙන යන කොට විතරය. අපි යනකොට අන්ධ නැත.
    - හතේ කණුවේ සිමියොන්

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඉතින් අපිට මල වදේ... විරහ ගී වලට මල වදේ...
      නයිට් ඉස් ඉස්ටිල් යන්ග් ඉයන් මහත්තයෝ...

      Delete
  6. හිරුත් නෑ
    සඳුත් නෑ
    තරුත් නෑ
    කනමැදිරි එළිත් නෑ
    ලියන්න කවි සිතුවිලිත් නෑ
    තිබුණත් කවි ලියන්න දන්නෙත් නෑ


    කවිය එල!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අපූරු කවියක්..

      Delete
  7. ආලය අන්ධයි...ඒකයි මේ ආලවන්තයෝ අත් වැල් අල්ලන් යන්නේ...අදනේ තේරුනේ හැබෑට...
    රාගයට කනවැල අල්ලන ප්‍රේමය...සොඳුරුයි ඒ සිතිවිල්ල...!

    ReplyDelete
    Replies
    1. ඕක මම පොඩි කාලේ තාත්තාගෙන් ප්‍රසිද්ධියේ අහපු ප්‍රශ්ණයක්.. තාත්තා කිව්වේ එයා මාව අල්ල්ගෙන යනවා වගේ නැතිවෙයි කියලා බයට කරන වැඩක් කියලා. පස්සේ කාළෙයි අවබෝධ උනේ මොකෑ මේ කියලා. ඒක නේ මාතලන් නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලන් සීන් එකටත් එගේන්ස්ට් උනේ. මම එතනදිත් කිව්වේ. ඔය ආරම්බය, ඊට පස්සේ වෙන්නේ වික්ටෝරියා පාක් එකේ සීන් කියලා. මොකෝ කවුරු හරි ඇවිල්ලා කියනකන් උන්ට තේරෙන්නේ නෑ කරන දේවල්. අන්ධයි නේ.

      මම නම් අපේ පොඩි එකා දන්න තේරෙන දවස් වල ඉඳලා කියන්නේ.. ඒ පුතේ අන්ධ එක්කෙනෙක් අල්ලගෙන යනවා කියලා. දැන් පොර ඒක මට කියනවා..

      Delete
  8. ආලය අන්ධයි.. විවාහය අයි සර්ජරි එකයි..
    මාතලසේකරගේ කවිය ඇස් අරවන සුලුයි..

    ReplyDelete
    Replies
    1. කවිය ඇස් අරවන සුළු උනාට... ඒ වෙලාවට ඇස් පියවෙනවා.. ඒක ආයේ සක්කරයගේ පුතා වයිමාටවත් නවත්තන්න නම් බෑ ගොයියෝ..

      Delete
  9. විවාහය අයි සර්ජරි එකයි..+++++++++

    ReplyDelete
    Replies
    1. විවාහය නෙමෙයි අනේ... අදරයයි.. අයි සර්ජරි එකයි...

      Delete
  10. පොඩි කාලෙ ටියුෂන් පංතියකදී ඉංග්‍රීසි සර් කීව ' love is not blind ..lovers are blind ' ...........

    ReplyDelete
    Replies
    1. අපේ නෑ වෙන සෑර් කෙනෙක් වෙන්ටෑ...

      Delete
  11. ජීවිතය, පොතකි.
    ප්‍රේමය, එහි පිටු වැනි.
    රාගය, එම පිටු පුරා සැරිසරණ
    සොදුරු අක්ෂර වැනී...

    ජයවේවා!!!

    ReplyDelete
  12. උඹේ භාෂාව හැසිරවීම මරු බං. ඔව්. නිර්මාණයක් කියන්නෙ කෙනෙකුට හිතෙන දෙයක් මිස ආයෙ ඕක පර්යේෂනාගාරයක ඔප්පු කරලා පෙන්නන්න ඕනෙ දෙයක් නෙවෙයිනෙ

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා... මලක සුවඳ විඳ ලීවෙමි...

      Delete
  13. Meka liyanne handahana balala wenna athi, Anne annitchang..

    ReplyDelete
  14. 👍🏽 ඈ මාතේ. මම හිතුවෙ උබේ සින්ඩියට දාන එකක් වැරදිල මෙතන වැටිල කියල හිටං. කවි නිසදැස් වලට කිසිම මෙව්ව එකක් නැතිඋනත් මේ වගේ එව්වගෙනම් පොඩි මෙව්ව එකක් තියෙනව. හැකියාව නම් මරු 👊🏽

    ReplyDelete
    Replies
    1. ඕනම දේකට පුරුද්දක් තියෙන්න ඕන කියනවා නේ... කවිය තමයි අකුරු වල ප්‍රභලම මාධ්‍ය.. මහා පොතක් උනක් අකුරු කීපයකට කැටි කරන්න පුළුවන්..

      Delete
  15. ඕකේ ඡේද වෙන්කරන්න අමතක වුනාද?

    ReplyDelete
    Replies
    1. අල්ල ගත්තම අත අරින්න හිතෙනවද.. ඒකම තමයි කවියෙත් තියෙන්නේ..

      Delete
  16. මේක ලියාපු එකාට කීයක් දුන්නද මචං

    ReplyDelete
    Replies
    1. ඒවා අහන්න එපා... මොකෝ ගණුදෙණු සියල්ල ඩොලර් වලින් නේ...

      Delete
  17. Rahas eliyata danwa kiwwa gaman Raja baya una neda mathoo... liyapanko e gana

    ReplyDelete
    Replies
    1. උඹයි තව කීප දෙනෙක්ම මේල් එවලා තියෙනවා.. අනිවාර්යයෙන් ලියනවා මචෝ...

      Delete
  18. "When you feel alone, just look at the spaces between you fingers, and remember that's where my fingers fit perfectly."

    Some where I read this & this gif perfectly match with it.

    ReplyDelete
    Replies
    1. There are plenty of thoughts and poetry about "holding hands" :)

      Delete

  19. කවි නම් අපූරුය
    වැඩ නම් භයන්කාරය
    බැලුමට දිවා රැය
    ලියනු තව කවි පෙරෙන රාගය

    ReplyDelete
    Replies
    1. නරකද පොඩියට
      බොගක් (Blog) දැම්මොත් හනිකට

      Delete
  20. ඉදලා හිටලා ඔයත් මාර කවි තමයි එලියට දාන්නේ

    ReplyDelete
    Replies
    1. තරුණ කාළේ පොත් තුන හතරක් පිරෙන්න මේ වගේ කුණුහබ්බ ලියලා තිබුනා... අපරාදේ ඒ ටික නැති වෙලා නේ... තාමත් ඒවා මතක් වෙනවා ඉඳ හිට...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න