.

.

Sep 28, 2016

ඊයා මේ අර වල් ගෑණූ නේද...? - Lower Class Prostitutes

Photo Credit - http://www.delhievents.com/2009/04/exhibition-painting-prostitute-by-pintu.html
 කසුන් වන් අය වෙනුවෙන් - පින්තූරයේ සිටින්නේ ඉන්දියාවේ වත්මන් අම්භපාලියන්ය

ස්තූතිය -
ඉතා සුළු කලෙකට පෞද්ගලික හේතූන් කීපයක් මත බොග දැමීමට නොහැකිවීමේදි, ඒ ගැන කලබල වූ, බිය වූ, දුකට පත්වූ අය මෙන්ම ප්‍රීතියට පත්වූවන්ටද...පෞදගලිකවද, දුරකථනයෙන්ද, ඇස් ඇම් ඇස් මගින්ද. ඊ මේල් මගින්ද, බුකියෙන්ද, ට්විටර් පනිවිඩ මගින්ද විමසූ සියළු දෙනාටත්. මාතලන් තාවකාලිකව නිහඬ වූවද මාතලන් නාමය අමතක නොවූ සියළුම ප්‍රෝෆයිල් ඇනෝවරුන්ටද පිරිනමමි...

මේ මා ඒ දින කීපයේ බුකියේ කෙටූ හබරල කවි වලින් එකකි.. දිගු ලිපියකින් නැවත හමුවෙමු...



ඊයා මේ අර වල් ගෑණූ නේද...?


ගමටම අල්ලන උපාසිකාවක්
විමසයි විමතියෙන්
කොටුව ඉට්ටේසම ඉදිරිපිට
අම්භපාලිකාවන් දැක..

84 comments:

  1. මට පේන්නේ පහුගිය ටිකේ උඹ කොටුව ඉස්ටේසම පැත්තේ කැරකි කැරකි ඉඳලාද කොහෙද බ්ලොග් එකත් අමතක උනේ.. හැක්.

    ඔය සමහර උපාසිකාවෝ ඉන්නවා මහත් ඵල මහානිසංස බලාගෙන හාමුදුරුවන් ඉස්සරහා (රෙද්ද) අත් හරින.. හාමුදුරුවෝ වැඩ්ඩ නම් ඔන් ද ස්පොට් නිවන් යනවා..

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න උපාසිකවෝ රෙදි ගලවන්නේ නෑ අනේ.. බොටම්ස් ගලවන්නේ...

      Delete
  2. මාතලන් නැතිව පැත්ත පළාතම පාළු වෙලා තිබුණෙ

    ReplyDelete
    Replies
    1. ලිව්වේ නැති උනාට, කොමෙන්ට් නොකලාට, මම නම් හැමදාම ආවා....

      Delete
  3. අදහසක් වශයෙන් අගෙයි.

    හැබැයි බලන්න ඕන කාරණය තමයි රටේ ඉන්න ජාවාරම්කාරයෝ මේක ගන්නේ කොයි විදියටද කියල.

    සුද්දා එන කාලේ අපේ මිනිස්සු රා ටික මැදගෙන අඩිය ගැහුවා. සුද්දා කලේ රා පෙරණ එක නීති විරෝධී කරල ඉස්කාගාරයක් දාලා ඒකම කලා. පස්සේ රා පෙරීමට තහනම අයින් වුණත්, අර මහ විසාල ඉස්කාගාර සංස්ථාව එක්ක තරඟ කරන්න රා මදින මාමට බෑ.

    ගණිකා වෘත්තිය නීතිගත කළාම, තත්ව පාලනය කරන්නත් වෙනවා. අවුරුදු පතා සමාජ රෝග සහ විවිව්ධ රෝග වලට පරීක්ෂා කරගෙන සහතික තියා ගන්න වෙන්නත් පුළුවන් (සමහර රටවල් වල වගේ). මේ පරීක්ෂණ වියදම් අධිකයි.

    ජාවාරම්කාරයෝ ලස්සනට සෙට් වෙන්නේ ඔතනදී. ජාවාරම්කාරයෝ ඔෆර් එකක් දෙනවා තමන්ගේ පිම්ප් කෝප් එකට බැඳුණොත් පරීක්ෂණ අඩු ගණනට කරලා දෙනවා කියලා. ඇත්තටම එහෙම කරන්නත් පුළුවන්.

    ඊලඟට මිළ, කොලිටිය, ඔක්කොම තීරණය කරන්නේ අර ජාවාරම්කාර පිම්ප් කෝප් කීපය. ස්වයං රැකියා ගැනිකාවන්ට හුළං.

    ReplyDelete
    Replies
    1. හැම දේම ජාවරමක් උන ලෝකයක. ගණිකා වෘත්තිය පිරිසිඳු එකක් වෙයි කියලා හිතන එකත් විහිළුවක්. ලීගලයිස් කරපු රටවලත් ප්‍රශ්ණ නැත්තේ නෑ. හියුමන් ට්‍රැෆිකින් වලින් වැඩි ප්‍රතිශතය මේ හා සම්බන්ධයි.

      Delete
  4. Maathalan lokkaa

    Welcome back after your brief and "interesting vacation"

    I hope you have so many things to write and so many things to discuss.
    Let's talk...

    We are waiting to read all ur new "stories".

    But one thing...
    Please do not allow nasty comments of "unnamed and unknown ghostly people".

    I had a very bad experience few months ago when I was commenting to ur blogs.
    I respect every blogger.
    Same way I like to get treated when I make a comment with my name.
    I don't like "hid and seek games" with unknown/unwanted people.

    Come out with ur true profile and make ur comments.

    Thank you bro

    Let's start writing

    ==Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. ජනපති අගමැතිටත් ප්‍රසිද්ධියේ කුණුහබ්බ නිදහස උපරිමයෙන්ම තියෙන යුගයක ඇනෝ කොමෙන්ට් තව දුරටත් අවශ්‍ය නෑ කියලා මටත් හිතුනා. කෙලින් අදහස් ප්‍රකාෂ කිරීමේ ශක්තියක් නැති අයට ඉඩක් සම හරක් තියලා තියෙන නිසා අවුලක් ඇතිවන එකකුත් නෑ.

      නපුංසකයෝද මනුෂ්‍යයෝය.

      Delete
  5. ගණිකා වෘත්තිය, නීතීගත කිරීම හොඳ බවයි මට සිතෙන්නේ එයට හේතුව වරක් මාතලේ රෝහලට වයස අවු 3 ගෑණු ළමයෙකු ගෙනාවා පියා දූෂණය කරලා. ගෑණු ළමයා ගේ මව ඩුබායි. ගණිකා වෘත්තිය, නීතීගත කොට තිබුනේ නම් වයස අවු 3 ගෑණු ළමයා දූෂණය කිරීමට පියා යොමු නොවේවි කියා එදා සිතුනා

    ReplyDelete
    Replies
    1. කැනේඩියන් ඩොක්ටර්ස්ලයි, ගෝත්‍රික සමාජයක ඩොක්ටර්ස්ලයි අතර වෙනස මේ කොමෙන්ට් එකෙන්ම පේනවා..

      Delete
    2. pedophiliacs ලා සාමාන්‍ය කාන්තා ඇසුරින් සෑහීමකට පත් වන බවට උගත් මනෝ වෛද්‍යවරයෙක් වන රුවන් විශ්වාස කරනවාද?

      Delete
    3. ලමා අපචාරකයෝ නවත්වන්න නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් කරන්න බැරිවෙයි. ඒ තත්වය බරපතල ඛේදවාචකයක්. මම අදහස් කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් නොවේ. රුවන් දක්වන උදාහරනය කොතරම් අදාලද මන්දා. සල්ලි තියෙනවා නම් ගෙවන්න ...ජුන්ඩා සනසන්න ඕන තරම් තැන් සහ උදවිය දැන් නම් බින්තැන්නෙත් ඇති.

      Delete
  6. මාතේ... ඉක්මනටම ලොකු බොගක් දාපන්... දවස් කීපයක් ඇවිත් අලුත් බොග නැතුව හැරිලා ගියා...
    සිරා කවිය...

    ReplyDelete
    Replies
    1. බුකියේ කෙටියෙන් දාලා.. දැන් ලොකු ඒවා දාන්න කම්මැලියි...

      Delete
  7. 'කොහෙද බොල මකබෑවිලා ඉන්නේ' කියා, තොපගේ අඩවියේ, ආදරණීය කොමෙන්ටුවක් දාන්න හිතමින් ඉන්නකොට (කොට නෑ දිග) තමයි, මේ විදිහට මූණ දැක්කේ.

    මේ..........අරගොල්ලෝ තවම කොටුවේ ඉට්ටේසම ළඟ ඉන්නවද? චාජස් කොහොමද? මෙතන කියන්න එපා යකෝ.

    ReplyDelete
    Replies
    1. ලෝකය පවතිනා තුරු එයාලා එතන ඉඳීවී. ඉස්සර අර සින්දුවක බොරුවට කිව්වා වගේ නෙමේ ඇත්තටම....

      "කොළඹ නඟරේ රෑට සුරපුරයකි ප්‍රීතී සාගරේ....//"

      Delete
  8. සන්තානම් මෑණියනේ මෙන්න මේ යකා ඇවිත්. කොහෙද යකෝ අතුනුබහන් වෙලා හිටියේ.? මෙච්චර කල් බ්ලොග් එක අජපල් වෙලා තිබ්බේ බන්. බලහන් උබත් දැන් ෆේමස්. එක්කො චන්දෙ ඉල්ලන්න ඕනි නෑ. 🙃

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ... කුණුහබ්බෙන්ම කිව්වම කොහොමෙයි මචෝ මක්කත් නොලියා ඉන්නේ...

      Delete
  9. ආයෙත් ඇවිල්ලා මං හිතුවේ තො ලො න් චි වෙලාම ගියා කියල, අපරාදේ

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවට උඹ විතරයි කියලා, උඹ තනි නෑ බං

      Delete
    2. මාවත් ගැන ගන්න මෙයා...

      Delete
  10. ආයෙත් ඇවිල්ලා මං හිතුවේ තො ලො න් චි වෙලාම ගියා කියල, අපරාදේ

    ReplyDelete
  11. ආ..... ඒකාබ්ද්ද විපක්සයට ජයවේවා!

    ReplyDelete
  12. කවිය හොඳයි. ගණිකා වෘත්තිය ගැන විතරක් නෙමෙයි මේකෙන් ලොකු අදහසක් කියවෙනවා. මාතලන් ගුරැතුමා මොකද කාලෙකින් ලිව්වෙ නැත්තේ. කොමෙන්ට් එකක්වත් දැක්කේ නෑ කොහේවත්. ලෙඩක් අසනීපයක්වත් හැදුනද. රටේ හිටියේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඕවට අමතරව තවත් බොහෝ දේ උනා.

      Delete
  13. කවදැයි ඩිගිරිය ගත්තේ ? හැක්

    ReplyDelete
    Replies
    1. දැන් පාට් දාන්න එනවා එහෙම නෙමෙයි ඕන්..
      ඒ විතරක් නෙමෙයි ටී ෂර්ට් එකකුත් තියෙනවා හොඳෙයි...

      Delete
    2. //ඒ විතරක් නෙමෙයි ටී ෂර්ට් එකකුත් තියෙනවා හොඳෙයි...//

      නිල් පාටද ? ගහල දාන්ඩකො බොස් සෙල්පියක් :D

      Delete
    3. දේදුණු පාට ,ටෑන් පාට ,,,,,හැක්

      Delete
  14. shit mama hithuwe meka Rocket rohinee gana liyanwa athi kiyala me tikema nidi maragena....

    ReplyDelete
    Replies
    1. බලමු මචෝ.. කවුරු අමතක උනත්, රොකට් රෝහිණී අමතක වෙනවද මට...

      Delete
  15. වඩුවෙක් වගේ බ්ලොග් ලොව කැටයම් කොටපූ
    කඩුවෙන් ඇනපු නැත නැත පෑනෙන් ඇනපූ
    අඩුවක් දැනෙයි බ්ලොගයෙන් ඈතක හිටපු
    නඩුවක් මොටද මාතේ කෝ ලිපි ලියපු........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රසවත් කවට තව කවකින් නෙලන්නද
      බල්ලන් බුරුවාට උස කඳු බිම ඒද
      බ්ලොග් නොලියා කොහොමක මං වෙසෙන්නද
      යුද්දෙට නැති කඩුව එහෙනම් බ්ලොග් ලියන්නද

      Delete
    2. මාරු හිටිවන කවි දෙකක්නේ. මේ දුමින්ද ටත් කවි පොතක් ගහන්න කල්.

      Delete
  16. අරේ මාතයියා.. වෙල්කම් බැක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලේ...
      හදා පැල දාලා කොහේ යන්නද බං

      Delete
  17. //Legal Prostitution//
    Legalize Prostitution කිව්වනම් හරි. නැත්නම් තවත් වෘත්තියකට වගේ. ඒත් Legal Prostitution කිව්වත් කමක් නෑවගේ :-D. ඒ වෘත්තියේ ඉන්න අයට ඕවා අහලා පුරුදුයි. අනිත් එක ඒකෙ අය සාමාන්‍යයෙන් සෑහෙන දෙනෙකුට අදාලයිනේ. පිලිනොගෙන බෑ.රස්සාවට බොරු කිව්වට තමන් ගැන ඇත්ත පිලිගන්නවා. අති පාරිශුද්ධ උතුම් බයිලා නෑ.

    අනිත් වෘත්තිවල අය සමහරක් ඇත්තටම එහෙම වුනත් පිලිගන්න අකමැතියි.

    වල්කම් බැක් !

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා. සම හරක් නම් ජොබ් එක කාරෙකෙත් ගහගෙන යනවා නේ. බැලුවාම උන් රැකියාව ගණිකා වෘත්තියේ යොදවන උන්.

      Delete
    2. කාරෙකේ ගහගෙන යන්නෙ වැඩිවශයෙන් වෘත්තිකයන් දෙජාතියක්.
      පාරිශුද්ද නොවන වෘත්තියේ අය වැඩියෙන් එහෙම යන්නෙ ඇතුලෙ පාක් කරන්න ස්ටිකර් එක ඕනෙ නිසා , අනිත් එක පොලීසියෙන් පොඩි ශේප් එකකට.
      පාරිශුද්ද වෘත්තියේ අයනම් ටියුබ් එකක් කරේ දාගෙන පෙලපාලිත් යනවා

      Delete
  18. බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා
    කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

    https://www.youtube.com/watch?v=ZZ2JCNHInp4

    ReplyDelete
    Replies
    1. ගැහැණිය !
      සඳින් සොමි ගෙන මැවූ ගැහැණිය
      ළා හෝ පලු - මෙලෙක ගෙන
      ළා හෙල්මැලි - සිහිල ගෙන
      මැවූ ගැහැණිය !
      ඔබ බිලි පුජාවද - පුරුෂ සංහතියේ
      අසන් උස් හඬින් කෑ ගසා ..

      ලෝකය බිහි කළ මාතාවයි ඔබ
      ස්නේහය කැටි කළ සොයුරියයි ඔබ
      ප්‍රේමය පිඬු කළ පෙම්වතියයි ඔබ
      මන්ද - පුරුෂ සංහතියේ නිය පඳුරු නැගී
      ලේ සොලවන්නේ
      ඔබගේ ළය මඬලේ
      අසන් උස් හඬින් කෑ ගසා ..

      බාඳුරා මලක් නොවේ ඔබ
      බඹරුන් ගොදුරට ගන්නා
      ලිය තඹර නොවේ ඔබ
      තවුසන් දැහැනින් මුදනා
      පව්කාරියකැයි ඔබට නිගා දෙන
      පුණ්‍යවන්තයෝ කවුරුද - පුරුෂ සංහතියේ
      අසන් උස් හඬින් කෑ ගසා .....

      ගායනය - නන්දා මාලනී
      ගී පද - සුනිල් ආරියරත්න
      සංගීතය - සරත් වික්‍රම

      Delete
    2. //සඳින් සොමි ගෙන මැවූ ගැහැණිය//

      සොමිය නං වැක්කෙරෙනවා :D ඒහරිය මොකටද.හැක්

      Delete
    3. බජාර් එකේ ලලක්කා මම කැමතිම ගීතයක් වගේම් හිතා ගන්නවත් බැරි පද රචනයක් කිසිම අගය කිරීමකට ලක් නොවූ.... එවන් ගැහැණුන් ගැන කියවෙන...

      Delete
    4. වැක්කෙරෙනවා වැඩි උනහමත් අවුල් නේ...

      Delete
  19. //වල්කම් බැක් !// dejavu prajav.. හැක් හැක්..


    ඉතිං ලොක්කා සුදු මල්ලි. කෝමද වාසේ දේසේ.. බුකියේ කියන අන්ඩර දෙමල නං දැක්කා.. සමාර ඒවා ඕක්කාරටෙත් ආවා.. හැක්..

    හරි... ටු ද පොයින්ට්.. නිසස විලස තිබුන සයුර. නිල් කැටයට.. කැත කරනවා නෙමෙයි හරිය.. ඒත් වතුර කලඹං යන නැවක් හුග දවසකින් නොගියාමත් ටිකක් විතර අමාරුයි පාලුයි. ඖ යෑස්

    ReplyDelete
    Replies
    1. මටත් මේ කමෙන්ට් එක දැකලා ඔක්කාරෙට ආවා.

      ඇත්තද? මාර නිසල විදියටම නේ තිබුනේ. එක්කො දැක්මේ අප්ෂට් එකක් එහෙම නැත්නම් වෙන කොහේ හරි අප්ෂට් එකක්.

      Delete
  20. වෙල්කම් බැක් මාතේ .....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඇනෝ... වෙලාවක විටක් කමු...

      Delete
  21. ගණිකා වෘත්තිය ක්‍රමවත්ව නීතිගත කිරීම හරහා යම්තාක් දුරට ප්‍රතිපලයක් ලබාගැනීමට හැකිවෙයි කියා හිතනවා. ඒත් නීතිගතවූ පමනින් සියල්ල හරි වෙන්නේ ඒවා නිසියාකාරව රෙගියුලේට් වුනොත් තමයි .නීතිය යම් ආවරනයක් විතරයි කියලා තමයි හිතෙන්නේ. එංගලන්තයේ වුනත් මේ සම්බන්ධ නීතිය මට නම් ටිකක් අපැහැදිලියි. ගණිකා වෘත්තිය නීතියට හරි. ගණිකා නිවාස පවත්වාගෙන යාම තහනම්. ඒත් ඒවාත් ඕන තරම් තියෙනවා. පිම්පි සේවය තහනම්. වීදි ගණිකාවෝ තහනම්. ඒත් ඉන්නවා. මේ මොනවා වුනත් නීතිගත කිරීම තුලින් බලාපොරොත්තුවෙන්නේ ලිංගික අතවර, ලමා අපචාර අවමකර ගැනීම වැනි දෙවල් නම් මේ ඉතා සාර්ථක උත්තරයක් නොවේවී. ක්‍රමවත් පාරිභෝගික සේවාවක් ලෙස සෞඛ්‍ය සම්පන්නව සේවාවක් ලෙස පවත්වාගෙන යෑමනම් වටී. නීතිගත කලා යැයි කියා සිදුවෙන මහා බරපතල සදාචාරාත්මක සෝදාපාලුවක් නම් මට පේන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාව වගේ රටක ඕක ලීගලයිස් කරලා තිබ්බා නම්, බට්ටිලාට කවදාවත් පොර සෝකෙන් ඉන්න කොස්සන්ගෙන් මහපාරේ ගුටිකන්නවත්, නොමිලේ සේවය සපයන්නවත් සිද්ද වෙන්නේ නෑ.

      Delete
    2. //නීතිගත කලා යැයි කියා සිදුවෙන මහා බරපතල සදාචාරාත්මක සෝදාපාලුවක් නම් මට පේන්නේ නැහැ.//
      නීතිගත නොකර සිටීම නිසා වන හානිය (සදාචාර, සෞඛ්‍ය, නීති ක්‍රියාත්මක කිරීම හැම පැත්තෙන්ම ) නීතිගත කිරීම නිසා වන හානියට වඩා ඉතා වැඩියි. නීතිගත කිරීමෙන් කිසිම හානියක් නොවේයයි කියන්න බෑ (ඕනෙ දේකින් හානිවෙන්න පුලුවන්. ආගමෙනුත් වෙන්නෙ ;-0 )ඒත් නීතිගත කිරීමෙන් දැනට වෙන හානිය අඩු කල හැකියි.

      Delete
    3. ඔව්..ලීගලයිස් කරලා තිබුනා නම් නීතිය පවත්වාගෙන යන්නේ කොස්සොනේ. එතකොට නඩුයි, බඩුයි දෙකම පොලිසියේ. බට්ටිගේ බඩුවයි, නඩුවයි දෙකම පොලිස් මෙස් එකේ නැත්නම් බිලට් එකේ.

      Delete
    4. @ PRA...ප්‍රා......ඒක තමයි. නීතිගතකරා කියලා වෙන මහා විනාශයක් නැහැ. නොයෙකුත් පෙරමුණු, සංවිධානවලට කොහොමත් ඇජෙන්ඩාස් තියෙනවනේ. ඒ විරෝධය තියෙයි.

      Delete
    5. ඒ ඉස්සර අරුණ ලොක්කා.. බට්ටිගේ කේස් එකේදී ලීගලයිස් නැතුවත් පොලීසිය අම්බ පරිප්පුවක් කෑවා.. මහින්දගෙ කාළේ වෙලත්..

      Delete
    6. මතකයි...මතකයි මාතා. හැබැයි ගනුදෙනුව තියෙන්නේ පොලිසියත් එක්කනේ. නීතික සහ අනීතික දෙකටම බේත් තියෙනවා ඒගොල්ලො ගාව. බලපන් හොර ස්පොට් එකට පාට් එක දාලා ජරාව කනවා, හරි ස්පොට් එකෙන් ජරාව කන්නේ..ඒවාට රැකවරනය, ආරක්ශාව දෙන මුවාවෙන්. ඒක පොඩ්ඩක් ට්‍රිකි ගේමක්නේ.

      ඇත්තටම අවසානේ බට්ටිට මොකද වුනේ?

      Delete
  22. ගනිකාව යන වචනේ පිරිමි වචනේ මොකද්ද මොකද්ද මෙයා?

    ReplyDelete
    Replies
    1. ගණින්නාන්සේ..

      Delete
    2. තව කියන්න ගියොත් එකවුන්ටන්ට්ස්ලා තරහවෙයි

      Delete
    3. // නයිට් මේල් :D //

      හෑ..

      මොකද්ද බන් ඒ?

      Delete
    4. ජිගලෝ කිව්වොත් තරහද මෙයාලා...!!!

      Delete
    5. // ජිගලෝ කිව්වොත් තරහද මෙයාලා...!!! //

      ඔවු..
      හරි උත්තරය ජිගලෝ....

      ඒ වනුවෙන් ඔබට ගනිකාවක් සමග හිල්ටන් හෝටලයේ රාත්‍රියක් ගතකිරීමට වවුචරයක් තෑගි ලැබෙනවා....

      Delete
  23. ආ ඔහේ ආපහු ආවද?
    ඩිග්රියට කීයක් විතර වියදං උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බොරුවට නේ බං ඩිග්‍රියට සෙලෙක්ට් උනා කිව්වම බයවෙලා අඬන්නෙ. බොහොම පොඩි ගානක් යන්නේ.

      Delete
  24. වචනවලට හිතේ ඇ‍ඳෙන මනෝරූප වලට අනුව, ගණිකාව කියන්නෙ ගණං පුලුවන් ගනින්න දක්ෂ කෙනෙක් හැටියට තමයි මගෙ හිතේ ඇඳිලා තිබුනේ.

    මොකක්ද බං නේ අනිත් උන් අහන ඩිග්‍රී කතාව?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න නම් ඩිග්‍රියක් තියෙන්න ඕන. ඒ වගේම් හින්ගල බ්ලොග් ලියන්න ඉන්ගිරිස් විභාග පාස් කරලා ඉන්න ඕන. ඩිග්‍රිය පෙන්නන්න ටී ශර්ට් එකකුත් ඕන.

      උඹට නැත්නම් කියහන්...

      Delete
    2. ඩිග්‍රිය නැතුව ටී ශර්ට් එක විතරක් ගන්න ගාන කියන්න මෙයා

      Delete
  25. නීතිගත කිරීමේ වාසිය සමඟ එන ලියාපදිංචිය ඔවුන් විවිධ ලෙඩරෝග වල වාහකයන් දැයි නිරතුරු පරීක්ශා කිරීමත් එමඟින් ඔවුන්ට සහ ඔවුන්ගේ පාරිභෝගිකයින්ට එම රෝග වැලඳීමේ අවස්ථා යම් තරමකටවත් පාලනය කල හැකිවීම.

    මෙවන් ක්‍රමයකින් වැඩිපුර වාසිය තිබෙන්නේ මෙම වෘත්තියේ යෙදෙන පහල ස්ථර වල අයටයි. වැඩියෙන් ව්‍යාඝ්‍රා අරගෙන තරු පහේ හෝටල් වලට යන අයට ඒදේවල් හරියටම කෙරී ඇති අය සැපයුම් කිරීම අදටත් සිදුවෙනවා.

    බුදු දහම විකුණාගෙන ජීවත්වෙන, අළුත් බාර් එකක් ඇරීමට විරුද්ධ වීමට තිබෙන බාර් එකේ මුදලාලිගෙන් සන්තෝසම ලබාගෙන පෙලපාලි යන අයට බිස්නස් වැඩි කරගන්න තවත් සිල් පදයක් විකුණගන්න අවස්ථාවක් නම් ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. බ්‍රා එකට බය වෙන එකා ප්‍රොස්ටිටියූෂන් ලීගලයිස් කොරයිද මහත්තයෝ...

      Delete
  26. මෙන්න ආපහු ඇවිල්ල. මොකට ආවද මන්දා . මගේ බ්ලොගේට ටිකක් හිට්ස් වැදිලා තිබ්බ. ඒකත් ඉවරයි.
    හේ හේ
    මේ කතාව අද ඊයෙක කියන දෙයක් නෙමේනේ මාතේ. කවිය හොඳයි අදහස නම් පරණයි. බට්ටිටත් කලින් අම්බපාලිගේ සිට අ...

    ReplyDelete
    Replies
    1. මේවා සර්වකාලීන මාත්තුරුකා......

      Delete
  27. සමහරු රැකියාවක් විදිහටත් තවත් සමහරු අතිරේක රැකියාවක් විදිහටත් තවත් සමහරු රැකියා සුදුසුකමක් විදිහටත් කරන වැඩේ.කවදාවත් ඉල්ලුම නැති නොවෙන නිසා අවස්ථා නැති වෙන එකකුත් නෑ. ඒ මනුස්සයො බල්ලො බළල්ලු වගේ පාරවල් අයිනෙ හොරි කහ කහ ඉන්න නැතුව පිළිවෙලකට රස්සාව කරගන්න සලස්සනවා වගේම රස්සාවෙන් හැලෙන අය ගැනත් හොයා බලන සිස්ටම් එකක් ඇතිවීමේ වැරැද්දක් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න