.

.

Aug 31, 2016

හැක් කිරිලි, හුක් කිරිලි හා ෆක් කිරිලි - Hacking, Hooking and Fucking



 ලාමක ටිං ටිං ලා හා බබ හුකුං පොරවල් මේ පොස්ටුව කියවීමෙන් වලකින්න.

ප්‍රබුද්ධයින්ට හා සුප්‍රබුද්ධයින්ට අහිතකර විය හැක.


මේ දවස්වල දේශපාලනේ ලියන්නේ නැත්තේ මොකෝ කියලා, එකම කන් කරච්චලයක්ය. රට හදන්න කලින් ලියන කියන තැන හදාගන්න වෙලා තියෙනවාය. පැරා කියනවා වාගේ ("ගූ ගොඩවල්වලට පයින් ගසා නො ගෙන දේශපාලන මාධ්‍යකරණය කර ගන්න බැහැ. ගූ බෙටිවලට නෙමෙයි ගූ කඳුවලටත් ගහන්න වෙනවා.") බ්ලොග් ලෝකේ ඉන්නා බලු ගූ ගොඩවල්ද විසි කරලා දාන්න ඕනාය. නැත්නම් මේකේ වසන්නට බැරිය.

Aug 29, 2016

Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි - Wi-Fi - A Broken Promise


 
- චානුක වත්තේගමයන්ගේ ලිපියකි -  


Free Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි. එය පොරොන්දු වූ ආකාරයෙන්ම කරන්ට නොහැකි බව මුල් අවස්ථාවේම හැමදෙනාම දැන සිටියහ. එසේම කවදාවත් ඒ වෙනුවෙන් සතයක්වත් වෙන් නොකෙරිණි. ආණ්ඩුවට අවශ්‍ය වූයේ බජට් එකක් නැතිව ප්‍රොජෙක්ට් එකක් කරන්ටය.

හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය.

රෙද්දේ සංහිදියා - Intractable Coexistence


 

රෙද්දේ සංහිදියා   
************  
ලිව් වාට පොත් තමිලිනි
ගත් තාට පොත් දුවමිනි
වැඩක් නෑ පද්මිනි
නිවෙන් නෑ බං ඒ ගිනි


Aug 26, 2016

බ්ලොග් ලොව පොන්නයා හෙවත් කතන්දර කාරයා - Anonymous Unmasked



අතිශයින්ම වැඩිහිටියන්ට පමණමයි
අමු තිත්ත කුණුහබ්බ ඇති බැවින් කරුණාකර පොඩි අය මෙය කියවන්න එපා.
කොමෙන්ට්ස් මොඩරේට් කර ඇත.

මේක දැක්කාම තමන්ට උගන්නපු එකාට සලකන්නේ මෙහෙමද කියා කෙනෙකුට හිතෙන පුළුවන්ය. හොඳ ගුරුවරු මෙන්ම නසරානී ගුරුවරුද එදා මෙන්ම අදත් ඉන්නේය. රසික කියන්නේ එහෙම එකෙක්ය. බ්ලොග් ලියන්න ආපු කාලයෙම කීප දෙනෙක්ම මට මේ නරුමයා ගැන කීවේය. ඒවා සියල්ලම ඇත්තයි කියා ටික කලකින්ම මටද තේරුම් ගියේය. මෙතැන් සිට මාතලන් මේ ලිපිය ලියන්නේ මාතලන් ඔරිජිනල් එකෙන්ය. ඒ නිසා මෙතැන් පටන් අමු තිත්ත කුණුහබ්බද මීට ඇතුලත් වනවා ඇතිය.

Aug 25, 2016

ජනපති ඇත්තටම ජරාව කෑවාද හෙවත් පැණි වරකා ගහටත් හෙණ පාත් වීම - Bribery allegations against Maithripala Sirisena



මේ දවස්වල බ්ලොග් ළෝකයේ ගිනි ගොඩවල් දෙකක් පත්තු වෙනවාය. දෙකටම පැස්ටෝල් දානා අය බොහෝය. එක ගිනි ගොඩක් ඇවිලුවේ ඉයන් ලින්තොට මහතාය. අනෙක ඇවිලුවේ සුරන් මහත්තයාය. ඉයන් ලින්තොටගේ "සිත්ගත් ගී 16" ට පැස්ටල් දැම්ම උන් බොහෝය. ඒ වාගෙම සුරන් මහතා රට යන්න ගිහින් ඇවිලුන හඳහන් බැලිල්ලේ ගින්නට, පැස්ටෝල් වැක්කෙරුවේ, රසිකලොජි ලියනා රසික මහත්තයාය. මේවා ගැන පෝස්ටුවක් දාන්නෙයි කියා ඉල්ලීම ආවත්, ඒවා ලිවිල්ලක පැත්තක තබා, දැන් ලියන්න වෙලා තියෙන්නේ එකෙක්ගෙන්වත් බේරිලා ඉන්නා බැරි කේස් එකක් ගැනය.

Aug 21, 2016

මහින්ද ෆැන්ටසිය පුපුරා යාම තුල මෛත්‍රිය ප්‍රශ්ණ කිරීම - Maithri's Democracy questioned by Mahinda Fantacy


 
මහ මැතිවරණයකින් පසු පිහිටවූ හවුල් ආන්ඩුවට වසරක් පිරීම වෙනුවෙන් මාතර පැවති රැලියේදී ජනාධිපති තුමා පැවත්වූ කතාව මහත් ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවාය. පසුගිය දින කීපයේ මාතලන් මේ පිළිබඳව දරන මතය, මධු සාදයන්හීද, බුකියේද, ඊ මේල් වලද දරුණු ලෙසම විවිවේචනයට ලක් උනේය. එයිටාමතරව ඒ පිළිබඳව මක්කා හෝ ලියන්නෙයි කියා ලැබුනු ඊ තැපෑල කීපයක්ද උනේය.

Aug 19, 2016

ආලය අන්ධද..? - Is Love Blind...?



 එසේය ස්වාමිනී...!
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!

-x-

 - මාතලන් -

Aug 17, 2016

ශ්‍රීලනිපයේ එකාබද්ධ පිලේ පිරිසක් විසි වීමේ සුල මුල - President appoints 41 new SLFP organisers


Pic from - Facebook
 
ඇක්සයිස් කොරන්න කලින් ඇක්සයිස් කිට් එකත් ගහගෙන දවසේ පත්තර ටික කියවන්න ගත්ත ගමන් බොහොම කලබල උන ජනාධිපතු තුමා, පොඩ්ඩක් හඬ උස් කරලා කිව්වේ, "නෝනා මේ ඇහුනයි..?" කියාය.සිංහල පන්තිය කරන සන්නස්ගල දුන්න බෙලෙක් කෝප්පෙට කහට එකක් හදමින් උන්න නෝනා ඇහුවේ, "මොකෝ මහත්තයෝ කෑ ගහන්නේ...,  පුටුව උඩ නින්ද ගිහින් මහින්ද මහත්තයාවත් හීනෙන් දැක්කාද...?" කියලාය.

Aug 15, 2016

නීතියට ඇඟිලි නොගසනු...!!! - Please obey the law !



ආන්ඩුව පත් කිරීමට ක්‍රියාකාරිව සහභාගී වූවන් මෙන්ම, එහෙන් මෙහෙන් සප් එකෙක් දී ටොයියන් බවට පත් වූ පිරිසද ආන්ඩුව විවේචනය කිරීම, වහල් බයියන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනෙන්නේය. මහින්ද මහත්තයාගේ අන්තේවාසිකයින් සිතන්නේ නැවත් ඡන්දයකට ගියහොත් අ(හ)වුල් ආන්ඩුව කෙරේ කලකිරි ඇති ටොයියන්ගේ බහුතරයක්ද නැවත් මහින්ද මහත්තයාට ඡන්දය දෙනු ඇත කියාය. එහෙත් සත්‍යය එය නොවේ. අවුල් ආන්ඩුවට ඡන්දය ප්‍රකාෂ කළ පිරිස ආන්ඩුවේ පිස්සු කෙලීම් හමුවේ කලකිරී ඇති මුත්, ඒ එකෙක්වත් නැවත මහින්ද මහත්තයාට බලය දී මේ රට ලේ විලක් කිරීමට කිසිසේත්ම තම ඡන්දය භාවිතා කරන්නේ නැති බව, මහින්ද මහත්තයා ඉල්ලගෙන කෑවා සේම ඉස්තිරය.

Aug 11, 2016

විජය නන්දසිරි හා කළාකරුවකුගේ යුතුකම - The Responsibility of the Artist & Vijaya Nandasiri



විජය නන්දසිරියන් ගැන මාතලන් කිසිවක් දඩි බිඩියේ ලියන්නට උන්නේ නැත. එයට හේතු කීපයක්ම තිබිනි. කලබලයේ ලියනා ළිපියක බොහෝ වැදගත් දෑ ගිලිහි යා හැකි නිසාත්, එමෙන්ම ඔහු පිළිබඳ අප නොදන්න දෑ, වෙනත් අයගේ ළිපි තුලින් අහුලා ගත හැකි නිසාත්ය. එමෙන්ම තවත් ප්‍රධාන හේතුවක් වූයේ, ඔහු පිළිබඳ අන්සතු දිනපොත ලියනා, අමිල චතුරංගගේ මගුලක් කතාකරනවා, විජය නන්දසිරි යන ළිපියයි. ඒම ළිපියේ මා ලිවීමට සිටි කරුණු සියල්ලම වාගේ ඇතුලත්ව තිබූ නිසාත්, තවත් බොහෝ බ්ලොග් කරුවන් ඔහු ගැන සටහන් තැබූ නිසාත්, විජය ගැන ළිවීම පසුවට තැබුවෙමි.

Aug 9, 2016

නීතීපති බුදිද බං, ඔලිම්පුක් හා වැට් (23+) - End of the Olympic Committee & VAT


අපේ ඔලිම්පික් - එච්චරයි - එපමණයි.... (සුසන්තිකා ජයසිංහ)
 මේ හාල්පාරු ආන්ඩුව මෙලෝ දෙයක් නොදන්නා හාල්පාරුවන් පිරිසකගේ සෙප්පඩ විජ්ජාවක් බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටි. මහින්ද මහත්තයාගේ අධිකරණයකින් යහපාලනය සාධාරණය ඉල්ලා සිටීමම, එහි හොඳම එකය. ගෝඨාභය අත් අඩංගුවට ගන්න එපා කියා පෙස්සමක් අරගෙන ගියාම, ඒක මාස 8 කටම දෙන්නෙයි කියලා තීන්දු දෙන්නේ, මහින්ද මහත්තයා පත් වීම් දීපූ අති සෙරේස්ඨ සෙරේස්ඨාධිකරණ වින්ශ්චකාරියන්ය. කඩුවෙලින් ඇප දෙන්නේ නැති කොට, බැසිල්ට ඇප දීපං ඩෝ කියන්නේ නීතී පති දෙපාර්තමේන්තුවය. පා ගමනට තහනම් නියෝග ගන්න ගියාම, පුකට පයින් ගහලා එලවන්නේ, අධිකරණය ගූ ගොඩක් කල සරත් නන්ද සිල්වා නම් උන්මත්තකයාගේ සුරඹි දෙනුන්ය.

Aug 4, 2016

බ්ලොග්, පත්තර හා පොත් කාරයෝ - Blogs, Books & News Papers



හෙන්රි වර්ණකුළසූරියගේ අළුත් පොතක් එලිදැක්වීමේ කතා බහක් එක්ක, බ්ලොග් ගැන බ්ලොග් ලියන දෙන්නෙක් පොඩ්ඩක් නහයෙන් අඬලා තිබුනා. කෙනෙක් තමයි "රසිකලොජි" ලියන රසික. අනික් කෙනා තමයි "කල්‍යාණ මිත්‍ර" ලියන කමියා. හේතුව උනේ පොත් පත්තර කාරයෙක් පමණක් නොව බ්ලොග් කාරයෙක්ද වන හෙන්රි, එයාගේ පොත් ගැන කතා බහේදි, බ්ලොග් ගැන කෙල පිඩක් හෙලන්න ලෝබ වීම. එතනදි මගේ මතය කමියගෙ ෆේස්බුක් පෝස්ට් එකේ දාලා කතන්දරේ නවත්තලා දාන්නයි හිතුවේ. ඒත් ඒ තීරණය වෙනස් කරන්න උනේ, අද උදේ "රූපවාහිනියේ", "සුදර්ශණ ගුණවර්ධන" සමඟ රාවයේ "කේ සංජිව" හා "උඳන් ප්‍රනාන්දු" අතර තිබුන කතා බහ.

Aug 1, 2016

පාද යාත්‍රාව ඇස්. ඇල්. ඇෆ්. පී. යේ ගාත්‍රා තෙත් කලේය - Paada Yaatraa Analytics


පාද යාත්‍රාව දැක බිය වූවෝද, එයින් ආතල් ගත්ත වූවෝද, ඒ පිළිබඳ වොයිස් කට් දෙන්නෝද, විස්ලේසොන සපයන්නෝද, ඇඳි වතේ මළ මූත්‍රා පහ වූවෝද බොහෝය. මාතලන්ද බුකිය තුල පාද යාත්‍රාව පිළිබඳ සජීවී විකාශයක් ගෙන ආවේ, මේ වාගේ දේවල් වලට මාතලන්ගේ ඇති කැමත්ත නිසාමය. මාතලන් කලින් පෝස්ටුවකද කියා සිටියේ, මහින්ද ඉටුකරමින් තියෙන්නේ ජාතික යුතුකමෙකැයි කියලාය. ඒ ගැන වැඩි දුරටත් දැණුම්වත් වීමට අවස්ස නම් මෙතනින් බලා ගන්න පුළුවන්ය.