.

.

Sep 30, 2016

සාහිත්ත මාසේ මේ පොත් කියෙව්වාද...? - Book Fair 2016


Pic Credit - http://weheartit.com/entry/26696171
පින්තූරය - පොතක් කියවන ළදක්...

මේ පාර පුක් ප්‍රදර්ශනේට යන්න උනෙත් නැත. එහෙත් අවශ්‍ය පොත් කීපයක හාමිනා ගෙනත් තිබුනාය. මාතලන් හිතාගෙන උන්නේ මොහාන්ගේ රැජිණ. සර්පයාගේ මහිලාවංශය හා සන්නාගේ ලලනායනය නැගලා යයි කියලාය. එහෙත් ඒවා ගැන කතාවක්වත් නැතිව නැගලාම ගියේ මෙජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ රණමග ඔස්සේ නන්දිකඩාල් පොතය.

Sep 29, 2016

නැකත් නැතිව, "නැකත් පති" වෙලා යයිද...? - Without any Mission and Vision



ඉස්සර අපේ පැත්තේ සරම බැනියම අඳින ඉස්කෝල මහත්තයෙක් උන්නේය. අහල පහළ උදවිය අතරේද, ළිඳ ළඟ සංගම් සමාජිකයින් අතරේද, මරණාධාර සමිතියේද, අවමංගල සභාවලද මුල් තැන ලැබුනේ උන්නැහේටය. ඒ කවුරුත් කිව්වේ උන්නැහේ රත්තරන් මනුස්සයාය කියලාය. ඒ අය එහෙම කිව්වාට, උන්නැහේගේ නෝනා මහත්තයාත්, ඉස්කෝලේ උනුත් කිවේ, අයියෝ එයා ඔයාලට හොඳ උනාට අපිට නම් මෙලෝ රහක් නැති කෙනෙක් කියලාය. නෝනා මහත්මයාගේ සමාජ සේවාව දුටු ගමේ වේසා කොල්ලෝ කිව්වේ, වටේ පිටේ සතුටු කලාට ගෙදර එක පිට යනවා නම් ඇති වැඩේ මක්කද කියලාය. 

Sep 4, 2016

ප්‍රසිද්ධ වැසිකිලි හෙවත් Public Toilets


ප්‍රසිද්ධ වැසිකිලිය හෙවත් පබ්ලික් ටොයිලට් එක.

ප්‍රසිද්ධ වැසිකිලියක් ඇත.
ඔයක් මැද,
පච්ච වර්ණයෙන් දිස්වන.
කා බී වැඩි උන,