.

.

Apr 24, 2017

සිරිසේන හා ඇදගෙන නාන්නෝ - Sirisena and his Lap Dogs




මේ වර්ජනය කැඳවූයේ මහින්දවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ෂවයේ පිරිස්ය. කොටින්ම කියනවා නම් සිරිසේනගේ ඔඩොක්කු කුක්කෝය.

පෙර පිනක් නිසා මහින්ද මහත්තයාගේ කනේ පහරින් නිවන් නොගොස් බේරුන, තෙල් සංස්ථාව මෙන්ම අජ්ජාපනයද කා සුනු විසුනු කර දැමු, මෙලෝ වැඩක් බැරි බයිලා කාරයෙක්, තෙල් ටැංකි ගැන මහා පොර ටෝක් දී ජනාධිපති ගොනාටම ඇන්දූවේය. අමාත්‍යවරයාව උන් කාළයේ තෙල් වලින් නාගෙන හත් පොලේ ගාගෙන කොමිස් ගසා කිච වී පයින් ගසා දොට්ට දැමු එකා, ඒ කාළයේ ඔතන තෙල් ටැන්කි තියෙනවාද කියා වත් දැන ගෙන උන්නාද කියා අපට නම් සැකයක් ඇත්තේය. උන්දෑගේ සුපුරුදු ක්‍රියාදාමය වන සද්දේ වසා සිටීම ඇරඹෙන්නේ ඉන් පස්සේය. එයින් පස්සේ දයාසොරි හා බදුල්ලේ හාල්පාරුවාත් රඹ ටෝක් කන්දක්ම අත ඇරියේය. මේ දෙන්නාම ගඳ නැති මහා සද්ද පඩ වගේමය. 

මේ මහින්දගේ කාළේ මහින්ද මයිසෙකටවත් ගනන් ගත්තේ නැති නොම්මර එකේ හාල් පාරුවෝය. එන එන එකා පස්සේ ගොස් ජාම බේරා ගන්නා උන්ය. මොවුන් හා බලද්දි, මහ්න්ද හා ඉන්නා උන්ට මක්කා කලත් කොන්දක් කියා දෙයක් තිබෙනවා නේද යකෝ කියා අපටත් හිතෙනවාය. මහින්ද ළඟ බලු කුක්කෝ මෙන් නැට්ට පුකේ ගසාගෙන සිටි උන් අද සිරිසේනගේ ඔඩොක්කුවට පැන බල්ටි ගහනවාය.

කෙසේ හෝ සිරිසේනගේ ඔඩොක්කු කුක්කන් දුන්නේ අමු දිරච්ච ලණුවක් බව අගමැති හා සාක්ඡ්චාවට සහභාගී වූ වෘත්තිය සමිති වල ඕන ගොනෙකුට උනත් තේරෙන්නට ඇතිය. ඒ නිසා උන් වර්ජනේ නවතා දැම්මේය. 

දැන් එකෙක් කියන්නේ, මේ සැරේ මැයි දිනේට නාවොත් මද්යම කාරක සභාවෙන් දැඩි තීරණ ගන්නවා කියාය. ඔය මද්යම කාරෙක සභාවේ ඉතරක් නොව ජනපතිගෙ දැඩි තීන්දු දැකලා දැන් අපි ඉන්නේ ගෝඨාගේ සුදු වෑන් වලටත් වඩා බය වෙලාය. එයා ගත්ත දැඩි තීරන අනුව, අමාත්තිය මන්ඩළේ කීප සැරයක්ම වෙනස් උනේය. සිරි ලංකා පක්ෂයේ ආන්ඩුත් හැදුනේය. මිනිස්සු කොච්ච්‍ර බය උනාද කියනවා නම්, තදබල ගැසට් එකක් ගහලාත් මහ පාරේ උද්ඝෝෂණ කොරනවාය. එයාගේ දැඩි තීරණ මෙන්ම ගැසට් නිවේදනත් එසේමය.

එක්කෝ කරන දෙයක් කරපිය කියා, රනිල් රට පාලනය කල යුතුය. එසේ නැත්නම් ඔඩොක්කු කුක්කන් හා මෙලෝ රහක් නැති හාල්පාරුවන් හා ඕන මළදානයක් කර ගනිව් කියා ඔතනින් එලියට බැසිය යුතුය. මේ හවුල් ආන්ඩුව පාන්ඩුවක්ම බව රටට නොව ලෝකයාටම ඔප්පු කර අවසානය.

ජනතාවට
ඉන්දියවෙන් ගෙනා දතේම පිහිට ආරක්ෂාවය. 

62 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete

  2. "එක්කෝ කරන දෙයක් කරපිය කියා, රනිල් රට පාලනය කල යුතුය. එසේ නැත්නම් ඔඩොක්කු කුක්කන් හා මෙලෝ රහක් නැති හාල්පාරුවන් හා ඕන මළදානයක් කර ගනිව් කියා ඔතනින් එලියට බැසිය යුතුය" - සහතික ඇත්ත! මේ දෙකින් එකක් දැන්වත් නොකළොත් රනිල් ඇතුළු කණ්ඩායමට සිදු වන්නේ සිරිසේන ලොක්කාගේ පව් වලට වන්දි ගෙවා පීචං වී ගෙදර යන්නටය.

    ReplyDelete
    Replies
    1. තවත් පීචං වීමට දෙයක් ඉතිරිව නැත...

      දැන් නම් ලසන්ත, එක්නැළිගොඩ හා තාජුඩීන් ඉන්නේත් මහින්ද සමඟය

      Delete
    2. //දැන් නම් ලසන්ත, එක්නැළිගොඩ හා තාජුඩීන් ඉන්නේත් මහින්ද සමඟය// ha ha :)

      Delete
    3. //දැන් නම් ලසන්ත, එක්නැළිගොඩ හා තාජුඩීන් ඉන්නේත් මහින්ද සමඟය// දවසේ කතාව ලොක්කා :)

      Delete
    4. බලන්ඩකෝ සරස තනි වාක්‍යයෙන් රනිල් ගැන කොච්චර ලස්සනට විස්තර කරල තියෙනවද. තැන්කූ සරස

      "චන්ද විසි ගානක් පැරදිලත් මෙහෙම හරි රනිල් දිනපු එක ගැන මම නම් සන්තෝසයි... බැරි වෙලාවත් ආයෙ ආන්ඩුවක් හදන්නෙ නැතිවම මිනිහා මැරිලා ගියානම්, රනිල් තමා වැඩ්ඩා කියාගෙන කී දෙනෙක් පොර ටෝක් දෙයිද හිටන්? "

      Delete
  3. වර්ජනේ දවසෙන් නතර වෙච්ච එකෙන්ම පේනවා ඒක පිටිපස්සේ හිටි එවුන්ගේ තරම.. හැක්

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවෙම හාල්පාරුවෝ නේ

      Delete
  4. මාතලන් , මේ බලන්න් මොඩ දේශපාලකයන්ගේ හැටි.
    Far-right French presidential candidate Marine Le Pen has announced that she is stepping aside as leader of her National Front (FN) party.
    The move comes just a day after she reached the second round of the French election, where she will face centrist Emmanuel Macron.
    Ms Le Pen told French TV she needed to be above partisan considerations.
    පුරංශයේ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක ගෝත්‍රිකයින් ඉන්නා රටක්

      Delete
  5. ලංකාවේ චන්ද දායකයෝ මේ කියන හවුල් ආන්ඩු සංකල්පය පිළිගත්තේ නෑ. එහෙම පිලිගන්න පක්ශ දෙකේ දේශපාලකයො ඉඩ දුන්නෙත් නෑ. දෙගොල්ල දෙපැත්තට වෙලා කඹ ඇද ඇද ඉන්නවා . රට එතැනමයි. පාරම්පරිකව යූඇන්පී කාරයන් හතුරන් ලෙස දකින ශ්‍රි ලංකා පාක්ශිකයා බලන් ඉන්නේ යූඇන්පී පැත්තට ඇඟිල්ල දික්කරන්න. සමහර පළාත්වල දෙපැත්තේ දේශපාලකයින්ගෙ කඹ ඇදීම නිසා කිසි සංවර්දනයක් වෙන්නේ නැතිලු. 2020 වෙනතෙක්ම ඔහොම තියෙයි.

    ReplyDelete
    Replies
    1. උන්ට වැඩකුත් රටට වැඩකුත් නෑ... හැබයි කොහේවත් යන එකෙක්ට නියම චාන්ස් එක....

      Delete
  6. මාතේ රෙදි හෝදන එක හරිම අමාරුයි. ඒකට කෙහෙළිය ලොක්කාගෙන් ටියුෂන් පාරක්වත් දාගත්තොත් නරකද , හෙහෙහ්

    ReplyDelete
    Replies
    1. මාතලන්, සමරසේකර ලොක්ක අත්දැකීමෙන් කියන්නේ.
      කෙහෙළිය ලොක්ක ගෙන්ම ටියුෂන් එක ගනින් හොඳේ.

      Delete
    2. ඔය සමරෙ අංකල් නේද අර දිවයිනේ තියෙන ගූ තලි එහෙම පිටින්ම ගෙනත් එයාගෙ එකේ අත අරින්නෙ. ගන්දස්තාරෙ බෑ.

      Delete
    3. ඇත්ත කොහොමටත් තිත්තයි. මම මගේ blog එකේ එහෙම ලිපි දමන්න හේතුව ලගදීම ලිපියකින්ම දක්වන්නම්

      Delete
    4. @ Wmk Samarasekara

      //ඇත්ත කොහොමටත් තිත්තයි. මම මගේ blog එකේ එහෙම ලිපි දමන්න හේතුව ලගදීම ලිපියකින්ම දක්වන්නම්//

      තව ජෝක් එකක් බලන් පුළුවන් වෙයි එහෙනම් ළඟදීම..

      Delete
    5. ගූ තලි තිත්තයි!!
      මම හිතන් හිටියේ සමරසේකර ලොක්ක හෝදනවා විතරයි කියලයි.
      බලන් යනකොට ගූ ... චීය කියන්නත් ලැජ්ජයි.

      Delete
    6. සමරේ එක එකාට කඩේ යන උන් හිතන්නේ අනික් අයත් එහෙමෙයි කියලා..

      ඔව් මම යූ ඇන් පීය කෙරේ වැඩි කැමත්තක් තියෙනවා... ඒත් එහෙම කියලා කඩේ නම් යන්නේ නෑ... කොයි එකත් වැරදියි නම් වැරදියි කියනවා... ඒක තේරුම් ගත්ත අය මාතලන් එක්ක රැඳිලා ඉඳියි...

      මම හිතන්නේ සමරෙත් ඒක දන්නවා

      Delete
  7. රනිල්ට කරගන්න දීලා සිරා පොඩ්ඩක් පැත්තකට වෙලා හිට්යනම් හොදයි...කරන විදිහ හොද නැත්නම් වෙනස් කරන ක්‍රමයක් තියනවනේ

    ReplyDelete
    Replies
    1. බල්ලා පිඳුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ...

      Delete
  8. මාර ආතල් එකක් තිබ්බේ පැය ගානක් පෝලිමේ ඉඳලා පෙට්‍රල් ගහනකොට ,

    මගේ ඩ්‍රයිවින් හොඳ නිසා වැඩිය පෙට්‍රල් පිච්චෙන්නේ නෑ හැක , නේද මාතලන් සර් ;)

    ReplyDelete
    Replies
    1. මාරක ළිඳේ මෝටර් සයිකල් ධාවනය. අනික් දවසේ මම යනවා අනුරාධපුර ඩී ඇස් ගුණසේකර බස් එකක..

      අළුත් පාලම උඩදි වතුර වෙච්චි ලේ ටික ආයෙත් ලේ උනෙත් එතනදිමයි..

      තෑන්ක්ස් ෆො ද ෆෝමියුලා වන් ඇක්ස්පීරියන්ස්...

      Delete
  9. ඔබ සැමට ඉංදියාවෙන් ගෙනා දතේ පිහිට ආරක්ෂාවය . ඒක මරු. පාංඩුවක් වෙච්චි ආංඩුව ගැන කියන කතාත් මරේ මරු.

    ReplyDelete
    Replies
    1. හෙන්‍රි අය්යා කොහොමටත් අනිත් පැත්තෙ නේ හිටන්

      Delete
  10. මාතලන්, ඔබ මේ ආණ්ඩුවේ පාක්ෂිකයෙකුව හිඳිමින් මේ කරන විවේචන හරිම වැදගත්. අපේ රටේ වෙලා තියෙන්නේ කෙනෙක් යම් කිසි පක්ෂයකට හෝ ආණ්ඩුවකට පක්ෂ පාත වුනාම ඔවුන්ගේ අසූචි වලත් ගුන වයන එකනේ. එක්කෝ හිටං යූඑන්පී එකට ගිහින් ඒකේ ක්‍රමයට රට කරන්න ඕනේ. බැරිනම් අඩුගානේ රනිල්ට ඕනේ දෙයක් කරගන්න දෙන්න ඕනේ. රටට හෙනේ ගහලා තියෙන්නේ මේ කලවම් සුප් එක නිසා තමයි.

    මාත් උදෙන්ම රියැදුරෙක් යවලා ෆුල්ටෑන්ක් එකක් ගහ ගත්තා. කොල්ලා පෝලිම් පැනලා වැඩේ කරගෙන ඇවිත් තිබුනා මටනම් ජීවිතේට කරන්න බැරි විදියට.

    අර දත ගැන, ඉන්දියාවෙන් ගෙනාපු දතක් නම් පිහිට එහෙම වුනාට කමක් නැහැ.
    මොකද අපි දැනුවත්ව "ඉන්දියාවෙන්" ගෙනා දතක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම මේ ආන්ඩුවේ පාක්ෂිකයෙක් නම් නෙවෙයි සයිඩ් සපෝටර් කෙනෙක්

      ඉන්දියාවෙන් නෙමෙයි නම් ආවේ ඇමරිකවෙන්ද දන්නේ නෑ නේ නයනේ...

      Delete
    2. කිත්සිරිමෙවන් රජු දවස ලංකාවට ලැබුණු දත, ඇත්තම දත කියලා අපි දන්නේ කොහොමද? කිත්සිරිමෙවන් රජ්ජුරුවන්ව ගොනාට ඇන්දුවා වෙන්නත් පුළුවන්නේ.....

      Delete
  11. Replies
    1. පට්ට බිසි මචෝ... මොකක් හරි තියේ නම් මේල් එකක් දාහන්...

      Delete
  12. අපරාදේ බං පැයක් විතර පෝලිමේ ඉඳගෙන පෙට්‍රල් ගහන් ආවේ...
    කවුද බං දන්නේ ඕක ගුලියක් කියලා...
    මම හිතුවේ ඕක අපේ බුවාලගේ වැඩක් කියල... ;)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මහින්ද ඔහොම හාල්පාරු වැඩ කරන්නේ නෑ

      Delete
  13. අපරාදේ ෂෙඩ් එකේ පෝලිමේ පිච්චුන තෙල් ටිකයි කාලෙයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් ඕවා අමු කෙප්ප කියලා කලින්ම දන්නවා

      Delete
  14. මේ තරම් චන්ද්‍රිකාගේ ආණ්ඩුවවත් පිචං වුනේ නැහැ මයේ හිතේ.ආණ්ඩුව හදන පිට්ටනි වල ඒකාබද්දේ උන් හොඳට බැට් කරනවා.

    ReplyDelete
  15. සිරාගේ දැඩි තීරණ එයාගේ අහවල් එක දැඩිවෙන ප්‍රමානයට විතරයි. ඒවා එයාට දැනුනට අනෙක් අයට හිතෙන්නේ කෝ කලාද ? කියල

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් තියෙන්නේ වෙන කතාවක් හිටන්

      Delete
  16. රනිල් සහ බැරිසේන ගේ ආසන දෙකේ කවි බණ.....

    යහපාලනේට කඩේ ගිය වුන් ට ජයින් ජයිම වේවා!

    ReplyDelete
    Replies
    1. අයිසෙ මරා කල්ලියට නග්නව කඩේ යන සාරසා තුමනි,

      මේ අගමැටි වැඩබැරිදාස් තුමාගේ ගෝලයෝ ගහන අලුත්ම වැල් බයිලාවයි;

      //රනිල්ට හොඳ අදහස් තියෙනවා. රනිල් අති දක්ෂ දූරදර්ශී නායකයෙක්. නමුත් දැන් තියෙන අරාජික අසාර්ථක පාලනයට හේතුව රනිල්ට හරියකට තීන්දු තීරණ ගන්න නිදහස් පක්ශෙ කාලකණ්ණි රැල ඉඩ නොදෙන එකයි.

      අනික ආණ්ඩුවේ සේවකයෝ හැමෝම දූෂිත මහින්ද රාජපක්ෂ මහ හොරාගේ ගෝලයෝ, ඉතින් උන් කිසි වැඩක් කරන්න දෙන්නෙ නැහැ ඔක්කොම අල කරනවා. නැත්නම් දනී රනිල් රට ගොඩදාන හැටි.

      තවත් - මරා කෝටි ප්‍රකෝටි ගණන් ණය අරන්. ඉස්සර මරා 2005 බලය ගන්නකොට සතයක්වත් ණය නැති රට මරාලා කෑව. අවු 10 කාපු රටක් අවු. 05 කින් ගොඩ ගන්න බැහැ - රනිල්ට අවු 25-30ක් වත් දීල බලමු රට ගොඩ ගන්න//

      බයිල නෙවෙයි "වඳුරු කුණුහබ්බ" බන් මේවා, කොටන කුකුලට කොතනත් එකයි - නටන්න බැරි එකාට පොලොව ඇදයි. එච්චරයි.

      Delete
    2. අයිසෙ සාරසා මෝලෝ

      කෙටියෙන් කිව්වොත් අග්‍රාමාත්‍ය රනිල් ශිරාන් වික්‍රමසිංහයන් යනු ගස් නැති පක්ෂයක තුත්තිරි ගසකි. එහෙම නැත්නම් වැඩ බැරි ටාසන් කෙනෙකි. බලය නැතිව විපක්ෂයේ ඉන්නතාක්කල් සුබුද්ධිමතෙකි, අවස්ථාවක් නොලැබුනු අති දක්ෂයෙකි, මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකි.

      එහෙත්.....?

      හැබෑ ස්වරූපය පේන්නේ බලය ලැබුනු විටය.

      උඹල ඉයන්ල පැරාල මාතලන්ල රෝයල් එකෙන් බිහිකල සුපර් බුලට් එකක් කියල පුක විකාගෙන දැඟලුවාට මේ ටාසන්ට ගස් යන්න උගන්නනවා බොරුය. රනිල් යනු අනුර බණ්ඩාරනායක මෙන් වැරදි රස්සාවක් තෝරාගත් පුද්ගලයෙකි.

      Anonymous April 25, 2017 at 2:14 AM

      //අයිසෙ මරා කල්ලියට නග්නව කඩේ යන සාරසා තුමනි,

      මේ අගමැටි වැඩබැරිදාස් තුමාගේ ගෝලයෝ ගහන අලුත්ම වැල් බයිලාවයි;//

      \\"අයිසෙ දූශිත අශීලාචාර තක්කඩි හොර මරා ඇතුලු වනචර කල්ලියට රෙදි ගලවගෙන අමු හෙලුවෙන් කඩේ යන සාරසා තුමනි,

      මේ අගමැටි වැඩබැරිදාස් තුමාගේ ගෝලයෝ ගහන වන් ඇන් ඔන්ලි එකම වැල් බයිලාවයි" \\

      ලෙස නිවැරිදි කළා නම් හරියට හරි මල්ලි ...!

      Delete
    3. අපිට නම් ඉතින් අවුලක් නෑ සා රස තුමෝ

      Delete
    4. වැරදි රස්සාවය කියන්ෙන ෙමාෙකා්? ජීවිත කාෙලටම විපක්ශ නායක ෙවලා වරප්පරසාද අරන් ෙකාෙල්ෙලක් ගහන් අාතල් එෙක් ඉන්න ෙවන රස්සා තිෙයනවාද?

      Delete
  17. පැය ගානක් පෝලිමේ ඉඳල ෆුල් ටෑංක් ගහගත්ත කට්ටියට විනාඩියක නිස්සබ්දතායක් පවත්වමු. හැක්..

    ReplyDelete
    Replies
    1. පව් අප්පා... අපේ හාමිනා මාත් එක්ක කොක්කකුත් ඇද ගත්තා... ඔය දැන් ඉන්නේ නෝන්ඩි වෙලා...

      Delete
  18. මෙච්චර දැඩි තීරණ ගත්ත නායකයෙක් මීට කලිං ලොවෙත් ඉඳල නැහැ :D

    ReplyDelete
    Replies
    1. උඹට කියන්නේ ගන්නෙම දැඩි තීරණම නේ හිටන්

      Delete
  19. මාතලන් මචන්,

    වත්මන් ආණ්ඩුවේ ප්‍රබල පාක්ෂිකයෙක් මෙන්ම ආධාරකරුවෙක් ද වූ ඔබට එජාපය මුහුණදෙන තවත් බරපතල අර්බුදයක් පිළිබඳ අනාවරණය කරමි. මේ බලන්න;

    //අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! !

    කොටන් ඇදි අලින්ට තැනක් නැති මැයි පෙරහැරේ මා යන්නේ කෙසේද???

    විසිවසරකට අධික කාලයක් දර දිය ඇදි එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුවී ඇති අසාධාරනයට විරැද්දතාවක් ලෙස, මෙවර මැයි දින රැලිය වර්ජනය කරන අප පාක්ෂිකයින් හා එක්වීමට මම තීරණය කලෙමි.

    පුරා දෙවසරක් තුල මා පාක්ෂිකයා වෙනුවෙන් පක්ෂයෙන් කල ඉල්ලීම් සියල්ල අදටත් ඉටු වී නැත. කවදත් බැට කෑ අප පාක්ෂිකයන්ට අදටත් හවුහරනක් නැත. අද අපට සිදු වී ඇත්තෙ නිදහස් පාක්ෂිකයන් රජයේ රැකියා හා අනෙක් වරප්‍රසාද බුක්ති විදිද්දී, පුද්ගලික අංශයේ රැකියා නිර්මානය කරණ තුරැ අප පාක්ෂිකයන්ට තවත් ඉවාසා සිටින ලෙස පවසමින් ඔවුන් රැවටීමටය. නයකයින් සියලු වරප්‍රසාද විදිද්දී පාක්ෂිකයාට ඉවසීමට හා පටි තද කර ගැනීමට කීමටය.

    ගමේ දරදිය ඇදි පාක්ෂිකයන්ට උදවුවක් කෙසේ වෙතත් හමුවීමට හෝ හැක්කේ ඇමතිවරැන් අතලොස්සකි. එවන් ජනතාවාදී ඇමතිවරැන්ට ඇත්තේ නාමික ඇමතිකම් හෝ කිනම් හෝ දේශපාලන අනාතයෙකු යටතේ ඇමතිකමකි.

    අද පක්ෂයට, තම පාක්ෂිකයාට ලබා දුන් පොරොන්දු සියල්ල පමණක් නොව පාක්ෂිකයාවද අමතක වෙලාය. අදද දුප්පත් පාක්ෂිකයා මතක්වන්නේ රැලියකට හෝ රජය අපහසුතවයකට පත්වී ඇති විටක ඔලු පෙන්වීමටය. ඉන් පසුව නැවතත් ඔවුන් ගැන කිසිම තැකීමක් නැත.

    එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අභිමානය පවා නැතිකර පාක්ෂිකයන් අද ගම්වල නිහඩවන තැනට පත් කරලාය.

    තවදුරටත් අප පාක්ෂිකයන්ට මෙලෙස සැලකීමට ඉඩදී නිහඩව සිටීම නිවට කමක් වනවා පමනක් නොව, එය මා පාක්ෂිකයා වෙනුවෙන් පෙනී සිටිමට දුන් පොරොන්දුව කඩ වීමක් වනවාය.

    මංත්‍රිකම්, ඇමතිකම්, සංවිධායකකං, පක්ෂයේ අනෙක් තනතුරැ හා නාම යෝජනා වෙනුවෙන් පාක්ෂිකයා නොමග යවමින් නායකයන් සතුටු කිරිමට පාක්ෂිකයින් භාවිතා කිරීම සුදුසු යැයි මා සිතන්නේ නැත. මැයි දිනයට සහභාගී වී පාක්ෂිකයා පෙලෙද්දී නයකයින් පිනවීමේ රංගනයේ යෙදීම මා හට තවදුරටත් කල නොහැක.

    මාගේ පක්ෂ සාමාජිකත්වය, මන්ත්‍රිධුරය, හෝ අවසානයේ නාමයෝජනා අහොසි කලත් තවදුරටත් මෙම ආසාධාරනයට නිහඩව සිටීමටවත් පාක්ෂිකයාට බොරැකීමටවත් මා හට නොහැක. බලපැමක් නොකලහොත් පාක්ෂිකයාට සධාරනයක් වනු ඇතැයි මා තවදුරටත් විශ්වාස නෙකරමි.

    විපක්ෂයේ උවද තම අභිමානය රැක ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට වහල්ලන් සේ සැලකීමට කිසිවෙකුට ඉඩදිය නොහැක.

    අප පක්ෂයට ලැදි ඔබ සියලු දෙනා, පක්ෂය හරි මාර්ගයට ගැනීමට අසරණ පාක්ෂිකයින් ගන්නා මෙම අහිංසක උත්සහයට එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    එක්සත් ජාතික පක්ෂයට ජය වේවා.

    අනුරාධ විමලරත්න.
    කොළඹ දිස්ත්‍රික් මංත්‍රි (එ.ජා.ප)
    බස්නාහිර පළාත් සභාව.//

    මේ එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට සිදුව ඇති අසාධාරණයට විරෝධය පල කරමින් තමන් මෙවර එජාප මැයි රැළියට සහභාගී නොවන බව එක්සත් ජාතික පක්‍ෂ බස්නාහිර පළාත් සබා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනයි. එමෙන්ම අප දන්නා හඳුන බොහෝ එජාප පාක්ෂිකයින් තමන්ව සම්පූර්ණයෙන් නොසලකා හැර පැරදුනු නිදහස් පක්ෂ හාල්පාරුවන් සුරතල් කිරීම ගැන දැඩි කලකිරීමෙන් මෙන්ම කෝපයෙන් සිටිති. මේ ගැන ඔබේ අදහස් මොනවාද?

    ReplyDelete
    Replies
    1. මම නම් මචෝ ප්‍රභල පාක්ෂිකයෙක් නම් නෙමෙයි... සයිඩ් සපෝට් එකක් දීපු එකෙක්

      ඒත් එජාපයේ උන්ට වෙන අසාධාරනය නම් හෙන හත ගහන කේස් එකක්...

      Delete
  20. ආතල් එහෙම මදිනං මෙන්න මෙතන කොමෙන්ට් වල පොඩි ජොලියක් යනවා.

    ReplyDelete
  21. ඈ මාතෙ..!!
    අනේ #කේ අපේ ජනාදිපති තුමාගේ දැඩි තීරණ.. 🙈

    තමන්ගේම ඇවුන්ගේ ලනු කන,
    රටේ සිද්දවෙන දේවල් පත්තරෙන් දකින,
    උද්ගෝෂණ කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ කෙල්ලෝ කොල්ලෝ ටිකවත් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් පාලනය කරනවට වැඩිය හොඳයි ශිෂ්‍යත්ව පංතියේ පොඩි කොල්ලෙක් ඔය පුටුවෙ වාඩි කරානම්.

    නොදකින් විතරක්.. 👎🏿

    ReplyDelete
    Replies
    1. දැඩි තීරණ ගන්නවය කියලා තියෙන්නේ අර ජනක බන්ඩාර තෙන්නකෝන් එලවන එකද කොහෙද...

      Delete
  22. ආණ්ඩුවේ ගූ-තැලීම කලාවක් නම්,
    මාතලන් එහි පිකාසෝ වේ.

    ReplyDelete
  23. "අනාගත තෙල්" Oil Futures ගැන සුසිල් අසා නැත.

    ReplyDelete
    Replies
    1. මෙලෝ රහක් නැති හාල් පාරුවෙක්....

      Delete
  24. අවුරුදු ගණනාවකට පෙර අපි පාසල් යන කාලේ දිනක හවස තව මිතුරන් දෙදෙනෙකු එක්ක ගේ කිට්ටුව පාර අයිනේ කතා කරමින් ඉන්න කොට අපි දැක්කා, කිලිටි රෙද්දක් හා කිලිටි ඉරුණු හැට්ටයක් ඇඳපු, කොණ්ඩය 'පොලිස් කට්' ගානට කපපු, මාස ගාණකින් වතුර පොදක් ඇඟේ නොගැවුණු ගැහැණියක්, තනිවම කතා කරමින් අත් ඒ මේ අත විසි කරමින් ටවුම පැත්තට යනවා. ඒ අසරණ පිස්සිදිහා අප අනුකම්පාවෙන් බලා සිටියා හැර අපට වෙන කිරීමට කිසිවක් තිබුනේ නෑ.

    පසුවදා පාසැල ඇරී, ටවුමේ සුදු අයියාගේ කඩේ පිටිපස්සෙ කාමරයෙ අපි කොල්ලො සෙට් එක සිකරට්ටුවක් අදිමින් සිටින අතරෙ, සුදු අයියා කියූ ආරංචියෙන් අපි කම්පාවට පත් වුනා.

    නිතරම කට දෙපැත්තෙන් බුලත් කෙළ බේරී බේරී, වැඩිය කතා බහෙන් තොරව, ටවුමේ මාර ගහ යට සපත්තු මහන 'නාරාහේනයයි', (උගේ නම නාරායන් වුනාට මිනිස්සු කියන්නේ නාරාහේනය කියල), සමුපකාර තොග ගබඩාවේ මුට්ට කර ගහන, හවසට වයින් ස්ප්රිට් ගහල, රතු ලුණුයි රෝස් පානුයි කාල, ගබඩාවේම පිලි කන්නෙ නිදා ගන්න 'නාටු සයිමයි', ටවුම කෙළවරේ බස් හෝල්ට් එකේ පදින්චි වෙලා, බොරු කකුල ගලවල ලඟින් තියාගෙන හිඟමනෙන් ජීවත් වෙන කකුලක් නැති 'බොරු කකුලයි' එකතු වෙලා අර ඊයේ අප දුටු අසරණ පිස්සු ගෑණිව ගබඩාව පිළිකන්නේ දාගෙන පෝලිමේ දුෂණය කරල, කියලයි ඒ ආරංචිය.

    ඒ කතාව කියල සුදු අයියා අපට තව දුරටත් කීවේ,

    "මල්ලිලා ඕක ගණන් ගන්න එපා, ඔය අපතයන්ට කවදාවත් සිහි කල්පනාව තියෙන සාමාන්‍ය ගෑනියෙකුට වැඩේ දෙන්න හම්බ වෙන්නෙ නෑනෙ. ඉතින් අර කිළුටු පිස්සු ගෑණි දැක්කම, ඒ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගත්ත. එච්චරයි"

    මාතො, මට හිතෙන්නෙ, ඒ කිළුටු පිස්සු ගෑණියි, හිටං ගෙ ආණ්ඩුවයි අතර වෙනසක් නෑයි කියල මචං.

    දෙන්නම පව්!

    ReplyDelete
    Replies
    1. මරු කතාව බං

      ජනක බන්ඩාර තෙන්නකෝන් කියලා තියෙන්නේ සිරි ලංකා නිදහස් පක්ෂේ මීතොටමුල්ලේ කුණු කන්ද වගේය කියලා

      ඒ අස්සේ මහින්ද කියනවා නියම සිරි ලංකා කාරයෝ එයාලලු

      ඒ කියන්නේ කුණුවලත් හොඳම එක තමයි රාජපක්ෂලා

      Delete
  25. සිරිසේන රනිල්ට දෙවැනි නැත
    රනියා සිරිසේනට දෙවැනි නැත

    ReplyDelete
  26. හැම දවසකම එ්කාංගික ටෙලි නාට්‍යයක් පෙන්නුවාම මිනිස්සු ඒවා බලනවා. රටේ වෙන අනිත් දේවල් ගානක් නෑනේ හිටං

    ReplyDelete
    Replies
    1. දැන් කොමඩි ෆිල්ම් හැදෙන්නෙ නැත්තෙත් ඒකයි..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න