.

.

Jan 22, 2017

විධායකය පීචං කරණා මහ ඇමති හාල්පාරුවෝ



තමන් සිහිණෙන් වත් නොසිතු සැප සම්පත් තාන්න මාන්න ආදිය එක වර කඩා පාත් වූ විට ඒවා රැක ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවනා බවත්, ඒවා පවත්වාගෙන යාම හා කළමාණාකරනයද ලෙහෙසි පහසු කටයුත්තක් නොවනා බවත් පෙන්වා දීමට ඈත අතීතයේ සිටම ඕනෑ තරම් උදාහරණයන් මේ අම්මට සිරි ලංකාවෙම තියෙනවාය. එක පාරටම ප්‍රකෝටිපතියන් වී, නැවතත් මහපාරට වැටුන උන් ජීවමානව දකින්න ඕනෑම නම්, කරන්නට තියෙන්නේ උදෑසනම රත්නපුරේ ඔරලෝසු කණුව අවට පොඩි රවුමක් ගහනා එකය.

Jan 21, 2017

රිදී තිරයේ ස්වර්ණමය සළකුණ - ස්වර්ණා මල්ලවආරච්චි.



ස්වර්ණාගේ සිනමා දිවියට වසර 50 ක් පිරෙනවය, ඒ වෙනුවෙන් සිනමා උළෙලක් පවත්තනවය කියලා හා හෝවක් යන්නේ දැන් මාසයක් ඉතර තිස්සේය. චිත්තරපටි සංස්ථාවේ තරංගනි හෝල් එකේ ජනවාරි මාසේ 22 සිට 26 දක්වා සවර්ණගේ සෝ කීපයක් පෙන්නලා, ඉන්පස්සේ  ජනවාරි 26 වෙනිදා බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවෙදි අපේ සිරිසේන උන්නැහේගේ අතින් සමාණයට පාත්තර වෙනවැයි කියලා මාත් දැක්කේ සිරිසේන උන්නැහේ වගේම පත්තරෙන්ය.

Jan 19, 2017

රිසි සේ සමරිසි සහවාසේ බැරිවා සේ.. (Strictly for Adults Only)


රිසි සේ සමරිසි කොරන්න දෙන්න බැරියෙයි කියාපු අපේ ජනාධිපති තුමා, ඒ ගෙනාපූ පත්තිරිකාව බැසියරේ ගලවලා විසික්ක කෙරුවා වගේ උසික්ක කොරලා දාලා හිටන්. හොඳ වෙලාවට සමරිසි සෙට් එක කැබිනට් එකේ ඉඳලා නෑ. නැහ්නන් ඉතින් ආයේ දෙකක් නෑ ලොක්කාගෙන් මඩු වලිග පාර කනවා පන්සලේ හාමුදුර්වෝ පොඩි උන්ට ප්‍රහාරේ එල්ල කොරනවා වාගේ.

Jan 16, 2017

යා දෙක නොරත රත(න) හා ෆීල්ඩ් මාර්සොල් වීරකුමාර දිසානායක



යහපාලනය ගෙන ඒමේ පුරෝගාමි මෙහෙවරක් කොරාපු, රතන හාන්දුරුවෝ ඊයේ ආන්ඩුවෙන් එළියට වැඩලා ස්වාධීනව ඉන්නවැයි කියලා කිව්වාය. හැබයි ඉතින් මේ අම්මට සිරි ලංකාව කියන රටේ, ස්වාධීන කියන වචනේ නිර්වචනය වෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න අමාරූ, ස්වාධීන රූපවාහිනියයි, ස්වාධීන පත්තර සමාගමුයි දැක්කමය. උන්ටත් අවුල්ම වගේ තේරෙන නිසාද කොහෙදෝ, ඔය සුවාධීන රූපවාහිනියට, පවුලේ නාලිකාවෙයි කියලත් කියනවාය. ඒ නිසා රතන හාන්දුරුවන්ගේ ස්වාධීනේ මොන ජාතියේ එකක්ද කියලා බලාගන්න වෙන්නේ අනාගතේදීය.

Jan 14, 2017

මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නේ පිස්සූ මචං - Tribute to Deepal Silva



අම්මට සිරි ලංකාව ගැන කියන්න තියෙන හොඳම සින්දුව කිව්වේ උඹ මචං. ඔය ජාතිකාභීමානී ගී කියන්නේ අමූලික කෙප්ප. මේක තමයිලු ලෝකෙන්ම උතුම්ම රට. අම්මගේ රෙද්ද තාමත් වැනේ වැලේ මචං. සුඩානේ උනුත් සම හරක් විට උන්ගේ රට ගැන එහෙම හිතනවා ඇති. මේක මාර රටක් කියන්නේ බං, මේ රටේ උන්ට පොඩි පිකප් එකක් දෙන්න මෙහේ කවි ලියන්න උන් නැති නිසා, ටිබෙට් රටින් ඉම්පෝට් කොරලා ජාතිය ඔප් නංවන්න, කොඳු කෙලින් කරන්න, ජාතිකාභීමානී කවි ලියපු, එස් මහින්ද හාන්දුරුවන්ගේ කවියක් අද පාර පුරාම ගහලා, අමු හොරෙක්ගේ පොටෝ එකක් දාලා. මහින්ද හාමුදුරුවෝ උන්නා නම් ආයේ ටිබෙට් යයිද, එක්කෝ රවිරාජ් වගේ වෙඩි තියාගෙන මරෙයිද කියන්න නම් දන්නේ නෑ. 

Jan 12, 2017

ඉරිසියාවේ ගස (පවුල් ගසක් උව විය හැක) - The Jealous Tree (May be a Family Tree)



ඕන එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක මනුස්සයෙක් පාරේ යන ගමන් ගලක් කකුලේ වැදුනා. පොරට එක පාරටම මතක් උනා මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කියන කතන්දරේ. කෝකටත් කියලා ගලත් අතට අරගෙන යන ගමන්, මහන්සියට ගිමන් නිවා ගන්න මහා විශාල ගහක් යට නැවතුනා.

Jan 11, 2017

සහන් කසීර බ්ලොග් ආගමනය - Sahan Kaseera joins Sinhala Blogging



සියල්ලටම කලින් කියන්න ඕන, අපේ බ්ලොග් ලොව ආමි කාරයා හෙවත් විචාරක මහත්තයා පොඩි අසනීප තත්වයක් නිසා ආමි හොස්සපිටැල් එකේ නවත්තලා ඉන්නවා. එයා කියන විදියට නම්, එයා දොස්තරලත් එක්ක ටැස්ට් මැච් කීපයක්ම ගහන නිසා ඒ ටික ඉවර වෙනකන් ගෙදර එන්න බැරි සයිස් එකක්ලු තියෙන්නේ. ඉතින් අපි උන්නැහේට ඉක්මන් සුවය ලැබිලා, ආයෙත් ඇවිත් හතර අතේ නෙලන්නෙයි කියලා ප්‍රාර්ථනා කොරනවා හිටන්.

Jan 10, 2017

විමල් වීරවංශ කතා වස්තුව හෙවත් මෝහිණිගේ පුත්‍ර රත්නය - Mohini's Son



මෝහීණි ගැන හැම එකාම අහලා තියෙනවාය. ඒත් මෝහිණි එන්නේ තනියෙන් නෙමේය. පොඩි එකෙකුත් එක්කය. ඒ කාළේ මෝහිණි දැකපු උන් අනන්තවත් උන්නාට දැන් එයා පේන්න එන්නේ නැතිය. ඒ වාගේම, හැම වාහෙම මෝහිණි ගැන කතා කලාට, මෝහිණිගේ පොඩි එකා ගැන කතා කොරන්නේ නැතිය. මාතලන් මේ කියන්න යන්නේ මෝහිණිගේ පොඩි එකා ගැන කතන්දරයය.

Jan 5, 2017

ගාළු පාරේ කහ ඉරි... සමාවෙන්න... සුදු ඉරි (23+) - Why does a chicken cross the road...?



Why the hell that chicken cross the road....?

නෙක පේන මානේ
දැල්වේ තොරණ ලෙසිනේ
බම්බා දෙසින් එන කළ 
ටැපික් ලැයිට් රතු කහ කොළ 
පිනවයි දනන් නෙතු
එහෙත් අඟලෙන් අඟල
පත්තු වෙයි සැර එලිය රතු 

Jan 3, 2017

යහපාලනේ කොම්ප්ලීට් දැන් අළුත්ම බයිලේ "අතීසාරෙට තිරසාරේ"



අපේ ජනාධිපති තුමා මාර පොරක්ය. එතුමා පොඩි කාළේ ඉඳන් දී තිබෙන්නේ මාර ගේම්ය. කරලා නැති එකකුත් ඇත්තේ නැතිය. කුඹුරු කරලා තියෙනවාය, හේන් හොටලා තියෙනවාය, විරිඳු කියලා තියෙනවාය, සින්දු කියලාත් තියෙනවාය. බෙලෙක් පිඟානේ බුරුයානී කාලා තියෙනවාය. බෙර ගහලත් තියෙනවාය. ඒ කාලේ තා තා එවත් කොරන්න ඇත්තේය.

Jan 2, 2017

"බාටා" දෙක හෙවත් රබර් සෙරෙප්පු - "Bata" cum Rubber Slippers cum Flip Flop



මාතලන්ගේ ප්‍රියතම ඇඳුම කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත්, කීමට සිඳු වන්නේ, කොට කලසම, කොලරය රහිත ටී ෂර්ට් එක හා ඇට දෙකය කියලාය. මේ ඇට ඇට සමඟ රබර් සෙරෙප්පු දෙක ආවේ මෑත කාලයේ උවත්, අපි පොඩි කාලේ ඇට නැති රබර් සෙරෙප්පුවට කිව්වේ "බාටා" දෙක කියලාය. මේ බාටා දෙක මාතලන්ගේ නිදහස් චින්තනයට කොතරම් බලපෑමක් කොට ඇද්ද යන්න ගැන මතක් වන විටත්, එක්තරා ප්‍රමොදයක් ඇති වන බවත් කියා සිටිය යුතුමය.