.

.

Jun 10, 2019

බ්ලොග් වලට හොද කළ දසාවක්....



දමිත් කේතක කියන්නේ ෆේස්බුක් හෙවත් බුකියේ චරිතයක්.... පොරක්...


පොර ඉස්සර කා අතරත් ප්‍රසිද්ධ සයිබර් වරිගේ උන්ඩියා ලෙස...

බුකියේ පොරක් වෙන්න කලියෙන් දමිත් බ්ලොගර් කෙනෙක්....

බ්ලොග් එකේ නම නොදන්නා මගුල් කතා කරමූ...

බුකියට සිරිසේන ලොක්කා හැමතිස්සෙම අරියාදූ දාන නිසාත්....

සකර්බර්ග් කාරයත් වචනෙ එහා මෙහා උනත් කනෙන් අල්ලලා එලියට දාන නිසත්...

බුකියේ ජනප්‍රිය උන් ඔක්කොම වගේ දිගට හරහට බ්ලොක් උනා.. සමහර උන් මාසයක් විතර ....

ඉතින් ගොඩල්ක් උන් ආයෙත් බ්ලොග් වලට එන්න පටන් අරගෙන....

සහන් කසීරත් දැන් වැදගත් යමක් ලියන්නේ බ්ලොග් එකේ...

දම්ත් කේතක වගේ සුපිරි ලියන මහත්තයෙක් ආපු නිසා බ්ලොග් ආයෙත් නැගලා යයි..

පහළ ලින්ක් එකෙන් ඌ ලියපු සුපිරි ලිපිය බලන්න පුළුවන්...

බලලා විතරක් මදි... එක වචනයක හරි කොමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න. ඒක හරි වැදගත්....


කවුද-මේ-අයි-එස්-අයි-එස්

32 comments:

  1. හොඳ ආරංචියක්!. තැන්කිව් මාතේ

    ReplyDelete
  2. ඒ උනාට බං මාතේ උබට බ්ලොග් කියන්නේ මොකක්ද කියලා හදුන්වා දුන්නු රසිකටත් උබ කෙලියනි.

    ReplyDelete
    Replies
    1. ඌ මට කෙලියා...
      මම ඌයි ඌගේ සෙට්ටෙකටයි කෙලියා...

      වැඩේ රෙපෝරුයි...

      Delete
    2. ඌ මට කෙලියා...
      මම ඌයි ඌගේ සෙට්ටෙකටයි කෙලියා...

      වැඩේ රෙපෝරුයි...

      Delete
    3. @ AnonymousJune 10, 2019 at 5:46 AM

      කවුද බන් ඔය රසික කියන හාදයා? කම්පියුටර් class කරන ගුරෙක් ද?

      Delete
  3. Dayal Bathee. ප්‍රීිිතියි!

    ReplyDelete
  4. ගිහින් බලන්නම්. ස්තුතියි!

    ReplyDelete
  5. මචං මාතේ දමිත් කේතක එක්සත් ජතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් ඉවත් කරා නේද? මාත් ඊයේ පෙරේදා නිවුස් එකක් දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නැගණිය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ බලය අතට ගෙන, එහි මාධ්‍ය අංශයේ වැඩ කරපු බොහෝ දෙනෙක් ඉවත් කරා කියලා. මොකද රනිල් මහත්තයට ගොඩක් අය විරුද්ධයිනේ පක්ෂේ ඇතුලේ. මාධ්‍ය ඒකකයේ හිටපු අයත් එහෙමලු.

    දැන් සිරිකොත payroll එකෙන් දමිත් කේතකගෙ මේ මාසේ පඩිය හම්බෙන එකක් නෑ නේද? දැන් මොකද කරන්නේ? අපි සම්මාදමක් වත් එකතු කරන්න බලමුද? දැන් දමිත් කේතක මෑන්ගේ Facebook sponsorship subscription ගෙවන්නේ කොහොමද මාත?

    දමිත් කේතක දැන් ගොබ්බ සිරාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හරි බැසිල් සොරාගේ පොහොට්ටු හොර කල්ලියේ මාධ්‍ය ඒකකයට වත් එකතු වෙන්න බලනවද දන්නේත් නැහැ?

    ReplyDelete
    Replies
    1. නෑ ..... දැන් එයාට අයිසිස් එකෙන් ගෙවනවා...

      Delete
    2. ආහ් එහෙම නම් ඉතින් ඒකයි ඔය ඇමරිකන් බළල් අතක් වන අයිසිස් එක ගැන ගජරාමෙට ගජබින්න ලියලා තියෙන්නෙ.

      Delete
  6. මාතලං ගොයියා ගේ මේ පෝස්ටුවට මාත්රුකා වන්නේ ෆේස් බුකියේ සිංහයෙක් වන් බුවෙක් ය. මේ බුවා එසේ මෙසේ බුවෙක් නෙමේය. නියම ආතල් සිං'හයෙක්ය. නම කියූ සැනින් සකල ලෝකවාසී ෆේස්බුක් ජනී ජනයා හැමෝම දන්නා සුපර් ස්ටාර් බුවෙක්ය. මේ බුවා තරම් ෆේස්බුක් වැඩ්ඩෙක් ලොවෙත් නැතිය. ලොවි ගහෙත් නැතිය. දෙල්කද පොළෙත් නැතිය.

    මොහු දුන් ෆේස්බුක් ගේම් ගැන දන්නේ මොහුම පමනි. වෙන දන්නා වුන් නැත්තේය. නමුත් හෙන හෙන ගේම් දී ඇත්තේය. මොහුගෙන් හොදවෑයින් තුනහතරක් අහගත්තේ නැති බුවෙක් බුවියෙක් ෆේස්බුක් අවකාසයේ දේශපාලන හෝ වේවා වෙනයම් හෝ ග්රූපයක නැත්තේය. එහෙම ග්රූප්වල නැත්තන් තමන්ගේ ෆේස්බුක් වෝල් එකෙන් හෝ ඇදලා අරින්නේය. ෆේස්බුකියේ ඇතිවෙන හරබර සන්වාද අල කරන්න මෙන්ම අලවූ සන්වාද ගොඩ දාන්නද එක සේ සම්ත්කම් දක්වන්නේය.

    හිටිහැටියේ ෆේස්බුකියෙන් අතුරුදහන්වන මේ බුවා ආයෙත් පිපිරිච්ච බෝම්බ තම ප්‍රොෆයිල් පික්චරේට දාගෙන රේන්කානේෂන් වන්නේය. යළිත් නැතිවෙන්නේය. ඇතිවෙන්නේය. කොටින්ම මහ පිස්සුවක් වෙන්නේය. මේ බුවා ෆේස්බුකියට කොච්චර වැදගත්ද කියනවානන් මොහු නැතිවූ සැනින් එක එකා මොහුගේ රස්සාව, තාත්තාගේ රස්සාව, තාත්තාගේ තාත්තාගෙ රස්සාව, ගෙදර ඇඩ්ඩස් එක යනාදී ඒවා මොනාද කියමින් වෝල්පෝස්ට් දාන්නේය. ඒ මත්තෙහි හරබර සන්වාද යන්නේය. කොටින්ම සකල ෆේස්බුකියම එකම ආතල් එකක් වන්නේය.

    ඉතින් යකෝ එවන් සුපිරි ෆේස්බුක් වැඩ්ඩෙක් ගැන නොලියන බ්ලොග් වෙන මොන ගැන ලියන්නද. අද මාතලං අලුත්ම වෙනසක් කරන්නේය. මෙච්චර කාලයක් මාතා ලිව්වේ කියවන්නය. අද මාතා බලා සැනසෙන්න පෝස්ට් එකක් දමන්නේය. මේ ගැන මාතා කළේ මේ අකුරු ටික කොටපු එක විතරය. මේ පෝස්ට් එකේ සමස්ත අයිතිය තොරණ හදපු බුවාට සහ මේක මාතාට ඊ මේල් කරපු කෙනාට හිමිය.

    දමිත් කේතක හැමදා ෆේස්බුකියේ දිනේවා!!!!!

    ReplyDelete
    Replies
    1. AnonymousJune 10, 2019 at 9:17 AM

      ඒ කියන්නේ ඔය දමිත කේතක් ද මොකාද මන්දා කියලා කියන හෝතඹුවා ලෙමන් පෆ් / රතන ස්ට්යිල් උපවාසයක් වත් කරන්න ගිහින්ද?

      Delete
  7. අතිගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිඳුන් සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ එතුමන් ජනාධිපති ධූරයටද සුදුසු යයි හන්තාන සඳගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක හිමියෝ පවසති

    උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ‍්‍රී සුදර්මාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැගිල්ල ස`ගසතු කොට පූජාකිරීම හා දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

    ප‍්‍රතිපාදනද ඇතු`එව රුපියල් මිලියන 13ක් වැයකිරිමට නියමිතයි.

    මෙහිදි අනුශාසනාව සිදුකළ ග`ගසිරිපුර ධම්මාලෝක හිමි

    ‘ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ශාසනයේ උන්නතිය වෙනුවෙන් අතිවිශාල සේවාවක් සිදුකර තිබෙනවා එතුමා මේ වන විට කිසිදු අමාත්‍යවරයෙකුට සිදුකළ නොහැකි වූ මහනුවර දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක පිවිසුම් මාර්ග සංවර්ධනය කළා.

    ශාසනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙමින් ශාසනය නගාසිටුවීමට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලයෙකු වශයෙන් මෙතුමා අපිට අගය කළ හැකියි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සම්බන්ධයෙන් පසුගිය දිනක පුවත්පතක හා වෙබ් අඩවි කිහිපයක විශේෂ පුවතක් පළ වී තිබුණා ඒ එළඹෙන 2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන්.

    මහනුවර දිස්ත‍්‍රික්කයේ වැඩිම ජනපදනමක් ඇති අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පිළිබ`දව මහා සංඝරත්නය වශයෙන් අපගේ අදහස වන්නේ මෙම වෙබ් සයිට් හා පුවත්පත් මගින් පළකර තිබෙන පුවත අනුව ඉදිරියේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාහට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති වුවහොත් අපගේ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් හා කන්ද උඩරට ප‍්‍රදේශ සංවර්ධනය කිරිම උදෙසා එතුමන්ගෙන් විශාල සේවාවක් සිදුවෙනවා නොඅනුමානයි. ගරුතර මහා සංඝරත්නය වශයෙන් අපි එතුමාට ඒ ස`දහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායැයි ප‍්‍රාර්ථනා කරනවා’

    – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය ඒකකය

    ReplyDelete
    Replies
    1. අධිනීතිඥ සභා නායක ලක්ෂමන් කිරිඇල්ල තරම් ජනාධිපති අපේක්ෂකයකුට සුදුසු සුදුසුකම් ඇති වෙනත් පුද්ගලයෙක් අපගේ UNP පක්ෂය තුල නැති බව අපගේ දැක්මයි. ඔහුට කිසිම වංචා, දූෂණ, සහ නිධාන කැඩීමේ චෝදනා නැහැ. කවුරුත් මඩ ගහන කතාව ඕනෑම ගොනාගේ කතාව විතරයි. හැබැයි ඉතින් ඒකත් එක හුදු දේශපාලනමය කතාවක් පමණයි. ඔහු මහ නුවර උසාවියේ නඩු මෙහෙයවපු අතිශය දක්ෂ උගත් අධිනීතිඥ වරයෙක් බව අපි හැමෝම දන්නවා. ලක්ෂමන් කිරිඇල්ලට ජයවේවා!!

      ලකී අපට! අපි ලකීට!!!

      - කැපුවත් කොළ UNP අපි

      Delete
  8. හ්ම් මම නම් එහෙම කෙනෙක් ගැන අහල තිබ්බෙ නෑ. මාතට ස්තුතියි අලුත් කට්ටිය බ්ලොග් වලට ගේන එක ගැන.

    හැබැයි ඔය පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒකෙ තියන එක බැලුවා. ඒක තනිකර කෙබර ගොඩක් නේ බන් මාතේ? අයිසිස් එක ගැන BBC, CNN, New York Times වගේ අමු අමුවේ බේගල් දෙසා බාන කාලකණ්ණි ජඩ මාධ්‍ය වාර්තා කරපු අමු කෙබර just translated to Sinhala වගේ මට නම් පේන්නෙ.

    දැන් ඕකට අනුව අයිසිස් කාරයෝ US$ billion ගණන් වත්කම් සහ ආයුධ ලබා ගත්තේ ඇලඩීන් ගේ magic lamp එකෙන් ද? ඇමරිකන් කාරයො අයිසිස් නැතිකර දාන්න යනවලු. :D :D :D හිනා වෙලා පණ යනවා :D :D :D එතකොට Putin & බෂීර් අල් අසාද් සියඹලා ගෙනාවෙම නෑ :D

    ReplyDelete
    Replies
    1. එතනත් කොමෙන්ට් කරන්න පුළුවන් මචං

      Delete
  9. එළඹෙන ජනාධිපතිවරණය සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයට සහය පලකිරීමට සුදානම් බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවට හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටී...

    ReplyDelete
  10. මාතෝ, ඉස්ලැමික් ස්ටේට් සංවිධානය මතුපිටින් බටහිර විරෝධී සංවිධානයක් වගේ පෙනුණත්, ඔවුන් තුර්කිය සහ තවත් බටහිර රටවලින් රහසිගතව ආධාර හා ආයුධ ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. මේ ගැන දීර්ඝ වශයෙන් පිළිගත් දේශපාලන විශ්ලේෂකයෝ කරුණු පෙන්වා දෙති. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන බටහිර රටවල් ඉස්ලැමික් ස්ටේට් ට්සංවිධානයට උදව් කරන්නේ මැද පෙරදිග අස්ථාවර කර, එහි තිබෙන තෙල් සම්පතේ පාලනය අත්පත් කර ගන්නට බව විශ්ලේෂකයෝ පවසති. 2013 /14 කාලයේ පටන් ඉරානයේ සහය ලබන අසාද් ගේ සිරියා හමුදාවේ සහ රුසියානු ප්‍රබල ප්‍රහාර නිසා වත්කම් සියල්ල අතහැර දමා දහස් ගණන් සාමාජිකයින් අහිමි කර ගත් මොවුන් දැන් ඉරාකයේ හා සිරියාවේ කදවුරු හැරදමා ඉරාක-සිරියා දේශසීමා හරහා ඉතා රහසිගතව ඇෆ්ඝනිස්ථානය කරා පසුබැස ඇති අතර දැන් දැන් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලැමික් ස්ටේට් ප්‍රහාර දියත් කර බලවත් වීමට යන අතර මේ වනවිට පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ සිටි මධ්‍යම ආසියාවේ මුස්ලිම් රටවලින් පැමිණි සටන්කාමීන් අතිශය විශාල පිරිසක් මෙන්ම, විශාල ප්‍රමාණයක් අරාබි ජාතිකයින්, ඉන්දියානු මුස්ලිමුන්, ලංකාවේ මුස්ලිම්වරු, රුසියානු චෙචෙන්වරුන් මෙන්ම චීනයේ මුස්ලිම් ජනවර්ගයක් වන උයිඝර් කියන ජාතිකයන් විශාල පිරිසක් අයි.සි.ස් බලඇණිවල සිටින බව පිළිගත් මතයයි. රුසියාව දැනටමත් සිය හිතමිතුරු මධ්‍යම ආසියාතික රටවල් වන කිර්ගීසිස්ථානය, තජිකිස්ථානය වැනි මුස්ලිම් රටවල්වල යුධ හමුදා හා කඳවුරු ශක්තිමත් කිරීම සඳහා අවි ආයුධ සැපයීම අතිශය වේගවත් කරන අතරම ඉතා ශක්තිමත් ප්‍රති-ත්‍රස්ත වැඩපිලිවෙලකින් ඇෆ්ඝනිස්ථානයේ අයි.සිස් ව්‍යාප්තිය අඩපණ නොකලහොත් ඉදිරි වසර තුලදී
    ඇමරිකන් ආධාර උපකාර ලබමින් ඔවුන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා එහි සිට වෙනත් රටවල ප්‍රහාර මාලාවක් මෙහෙයවීම වැලැක්වීම අතිශය අපහසු බව රුසියානු ආරක්ෂක අංශ විසින් දන්වන ලදී. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල post එකක් දාන්න මාතෝ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් උන් ගෙනියන ගේම ජයග්‍රහණය කරන්න තියෙන ඉඩ වැඩියි....

      Delete
  11. මාතේ උඹ මගේ ලිපිය කියෙව්වද ? මගේ අදහසත් ඔය ඉහල ඇනෝ ලගේ අදහසට සමානයි. එක්සත් ජනපදය හා සෞදි අරාබියත් අයිසිස් අතර සම්බන්ධයක් මුලින් තිබ්බ කියල මම හිතන්නේ . දැන් නැතිවුනත්. ලින්ක් එකට ස්තුතියි
    https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. කියනුම කවරේද අජිත්? මේ post එකේ නම දාලා තියෙන කෙනා කොමිට් කෑලි ලියන ජෝකර් කෙනෙක් වෙන්න ඇති.

      Delete
    2. තෑන්ක්ස් අජියෝ

      Delete
  12. ඉතින් බන් මම ගැනත් ලියපන්කෝ....පොස්ට් එකක්..මමත් ආපහු බ්ලොග් වලට ආපු එකත් උබලට වටින්නේ නැද්ද?
    ඉස්සර වගේ බ්ලොග් එන්නේ නැත්තෙ බ්ලොග් වලට තියන කැමත්ත අඩු වෙලා නෙමෙයි මචෝ..ඉස්සර ෆැක්ට්‍රි එකේ ඔන තරම් ඩෙටා තිබුනා දැන් හැමදාම ෆැක්ට්‍රි වලට යන්නේ නැති නිසා කාඩ් එකක් දාගත්තාම ඔ‍ෆිස් එකේ වැඩ ටිකත් කරලා පොඩි මෙන්ඩියාට කා‍ටුන් එකක් බලන්න දිලා..බුකියේත් රවුමක් ගිහින් බ්ලොග් පොස්ට් ටිකත් කවර් කරගන්න ලොකු ගෙමක් දෙනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න