.

.

Jun 20, 2019

පරා මාළු ඔළුව - Head of Jack Fish


ඊයේ හාමිනා බීෆ් කරිය මිරිසට හදලා තිබුනා...
ඉතින් උදේ කෑමට, ඕක එක්ක රෝස්පාන් ඉස්තරන්....
පාන් ගන්න කඩේට ගියාම කඩේ වහලා.....
පොලොස් ජීප්පුවත් එතන....
අපරාදේ කියන්නේ එතනම ඒජින්සියක වැඩ කරන රොයිටර් කෙනෙක් මගේ ළගටම ඇවිත් මාව අප්ඩේට් කළා...
අවුරුදු 28 ක කොල්ලෙක් උඩින් පැනලා සුවිසයිඩ් කරගෙන....
(ඒ කියන්නේ පොර කොරෙනල් රාළහාමිගෙ රාජකාරියත් කරලා අහකයි).......
ඒ ඇරෙන්නේ මළ එකාගේ ජීවිත කතවත් කියන්න යනකොටම ඇත්ත රිපෝටර් කෙනෙක් ආවා...
අනේ ඉතින් අරූ මාව හලලා රිපෝටර් පස්සෙන් ගියා....


මම රෝස්පාන් හොයාගෙන ෆාරුක් නානාගෙ හෝටලේ පැත්තට ගියා....
එතනත් පාන් තියෙන කඩේ බඩු ඉවරයි....
ඒ පාර කඩයප්පන් කඩෙන් ආප්ප ගත්තා...
ආප්ප ගන්න අස්සෙ ෆජිලි නානගෙ ලෑල්ලෙ ඉන්න පරවා මා එක්ක හිනාවෙනවා....
ඒ... ඌ දන්නවා උගේ ඔළුවට මම ෆුල් ලව් කියලා....
ඒ පාර එන ගමන් 300 ක් දීලා ඔළුව කපලම ගත්තා..
(ඔළුව ටිකක් ලොකු නිසා කෑලී කපලා ගත්තේ.... නැහ්නන් පලු දෙකට ඉව්වම තමයි ආතල් කෑලී ඔක්කොම අහු වෙන්නේ...)
පොරටත් තෙරෙන්න ඇති 300 ට ඒ ටික මදි කියලා...
ඒ පාර තා කෑල්ලකුත් ෆ්‍රී දුන්නා....

මේ දවස්සොල කෑම බීම ගැන බුකිවාසීන්ගේ උනන්දුව බොහෝම තියෙන නිසා මාළු ඔළු ගැනත් ලියන්න හිතුනේ.....

පෝක්දල ජයන්තට පින්සිදු වෙන්න පටන් ගත්තු ලංකා ඌරු මස් සංසදය වගේම හරක් මස් බුදින්නන්ගේ සංගමෙත් නැගලම යන නිසා......

ලංකා ඌරූ මස් සංගමය කොච්චර ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවද කියනවා නම් දැන් යාළුවා කිලෝ එක සුපියල් 800 ක් තරම් මාකට්.....

කුකුලා නෝ වෙයාර්.....

මට නම් ඉතින් මාලුවගෙ රසම කොටස තමා ඔළුව.....
ඒත් හැම මාළුවගෙම ඔළුව රස නෑ.....
ජපානේ කියන්නේ පුදුම මාළු පෙරේතයෝ ඉන්න රටක් නේ...
උන් නම් අමුවෙනුත් කනවා.... ඒ ටූනා....
අපිට අනුව නම් කෙලවල්ලා....
අපේ විමල් වීරවංශ සහෝදරයාට අනුව ජපන්නුන්ට මොළේ තියෙන්නේ කෙලවල්ලෝ ඔළු කන නිසාය කියලා කිව්වට....
පොර නම් ඒ කෑම කාලා නෑ කියලා තමයි බැලුවම නම් පේන්නේ...
හැබයි මාළු ඔළු නොකෑවට, ගල් ආදා මාළු නම් ඉරට්ටෙන් කන්නෙ ඔය සැට්ටෙකම.....

මාතලන් මාළු ඔලුවලින් කැමතිම පරා ඔළුව තමයි....
අපි ඉතින් පුක ලෑල්ල උනත් ගම ගාල්ලේ කොල්ලොනේ....
දකුණේ උන් මාළු වලට කොහොමත් පෙරේතයි...
ඒ වගේම රහට උයන්නත් සුපිරි සූපවේදියෝ.....
ඒවා එනවා ඇත්තේ DNA එක්කම වෙන්ටෑ....
ඇඹුල් තියාල් වගේම.....
අපේ තාත්තා හෙවත් මිස්ටර් සැම්සන්ගේ, ප්‍රියතම කෑමක් වෙච්චි පරා ඔළුව, 7මගෙත් ප්‍රියතම එකක් වෙන්නෙත් ඒ නිසා..

ගෙදරදි කෑවම ඇරෙන්න පරා ඔළුව ඒ රසටම කාලා තියෙන්නේ තැන් තුනකින් විතරයි....
ඒ සැලින්කෝ එක වැඩ කරන කාළේ හොස්පිටල් ස්ට්‍රීට්ටෙකේ තිබුන හෝටලේකින්....
දැන් ඒක එතන නෑ...
අනිත් තැන මැනිං මාකට්ටෙක ඇතුලේ හෝටලේ...
ඕකේ ඉන්න අති බහුතරේ ගාල්ලේ මාතර නිසා කටට රහට නැත්නම් එකෙක් ගොඩවෙන්නේ නැති නිසා ගමේ රහටම, කොලිටියටම බඩු සර්ව් කරනවා..
හැබයි උදේම නොගියොත් බඩු ඕවර්....
ඒ තරම් මාකට්....

අනෙක් තැන අපි පොඩි කාළේ තාත්තගෙ හිතවතෙක් උන යාපනේ දෙමළ මුදලාලිගෙ ගෙදර....
ඒ පොඩිකාළේ..... ඒත් ඒ රස අදටත් මතකයි...
කොහොමත් යාපනේ ගෙවල් වල සී ෆුඩ් ඕන එකක් පට්ට රහයි..
විශේෂයෙන් ඉස්සෝ.... කකුළුවෝ.... දැල්ලෝ.....

ඕක හැබයි කටට පුරුදු රසේ නැත්නම් කෑම බොරු.....
අපරාදේ කියන්නේ ගෙදරින් ඇවිත් බින්න බැස්සයින් පස්සේ...
නැන්දම්මා වගේම හාමිනත් අඩු නැතිවම අර රසටම බඩු හදනවා.....

අඩුම කුඩුම දාල කිරට හදලා......
ලා තැඹිලි පාට වෙන්න මිරිස් කුඩු ටිකක් දාලා ගත්තම දෙන්න පුළුවන් ඇස්ටි හැලෙන්න...
පහේ එහෙම හොදට වදින්න මද ගින්දරේ මැටි හට්ටියේ තමයි ගේම ගහන්න ඕන....
එතකොට.... ඇහයි .... ජෙල් එක වගේ මොළෙයි පට්ටම රහයි....




34 comments:

  1. පරා මාළු ඔළුව මගෙත් ප්‍රියතම ඩිෂ් එකක්. අපරාදෙ බං අර හොස්පිටල් ස්ට්‍රීට් එකේ හෝටලේ නැති එක.

    ReplyDelete
    Replies
    1. දැන් තියෙනවා අළුත් හෝටල් ටිකක්... රෑත් ඇරලා....
      චෙපාකී වගේ යාලුවෝ ටිකක් ඉන්න නිසා පිනාට යනවා....

      Delete
  2. //ඒ වගේම රහට උයන්නත් සුපිරි සූපවේදියෝ.....
    ඒවා එනවා ඇත්තේ DNA එක්කම වෙන්ටෑ....
    ඇඹුල් තියාල් වගේම.....//

    දැල්ලො ඇඹුල්තියල් තමයි මං කාල තියන රසම ඒ කෑම

    ReplyDelete
    Replies
    1. ඒකෙත් බටු දැල්ලා.... සුපිරි පිරි ඉතිරි....

      Delete
  3. කෙලවල්ලෝ ඇඹුල් තියල් නම් එක මාළු කෑල්ලෙන් බත් හට්ටියක් කන්න පුළුවන්...මාළු ඔළු වලටනම් මගේ මනාපයක් නෑ...

    ReplyDelete
  4. මේ ඔයා වගේම කෙනෙක්ගේ ලිපියක්
    https://www.facebook.com/groups/thulawa/permalink/2536000516423963/

    එක ගෑණු කෙනෙක් කිව්වා මාතලේ මුස්ලිම් රෙදිකඩයකට සිංහල කෙල්ලෝ දෙන්නෙක් යන්න හදනකොට කොල්ලෝ කට්ටියක් එතෙන්ට යන්න එපා කියලා. උන් ඒක අහන්නඅතුව ගිහින්. කඩේ ගිහින් රෙදි අරන් එලියට එනකන් ඉඳලා කුණුබිත්තර ගහලා.
    :D
    ඒක හොඳ වැඩක් සමහර ගෑණු ඉන්නවා පිරිමියෙක් වැදගත් විදියට දෙයක් කිව්වාම අහන්නෙම නෑ. හැබැයි පාරක් ගහලා කිව්වොත් අහනවා.
    ඔ්කට කියන්නේ රතිකලාවේදී ඔය ගතියට කියන්නේ Tootal Bottom කියලා.

    ReplyDelete
    Replies
    1. Maathalan: I believe the right thing for you is to delete the offensive comment made by anothonia bahijata. It is disrespectful to women, as well as to the minority community in SL. Up to you, but I believe you have some maturity not to applause this kind of comments.

      Lotus

      Delete
  5. බුකියෙන් කියවීමි.
    කියා තිබූ රෙසපිය දාන තුරු බලා හිදිමි
    😂😂😂😂😂😂😂😂

    ReplyDelete
  6. පරා ඔළු තමයි වැඩියෙන් කිරි රහ. තෝර ඔළුවලටත් වැඩියෙන්,

    ReplyDelete
  7. Ade Mathe, umba Galle da? mamath ehene, nedayo ahema galle innwai, bala malui poluida yahamin kanne?

    (Seriously, I am from Galle and went Mahinda Vidyalaya)

    ReplyDelete
    Replies
    1. බල මාළුයි පොලුයි කන්නේ බලපිටියේ හාලී...

      😂😂😂😂😂😂😂

      Delete

    2. Wijebahu ලොක්කා. මමත් මහින්දියන්. වයසෙන් අඩු උනාට මම DC, ඉන්දික ලුණුවිල, නලින්, බන්ටි එක්කල ආශ්‍රය කල ඩයල් එකක්. අදටත් එහෙම්මම තමයි. 🙈

      Delete
    3. Maindian weema gana Sathtui Tikka Mahatthaya

      Delete
  8. අයිසෙ මාතලන්
    මේකෙ රෙසිපියත් දැම්මනම් වටිනව නේද .

    ReplyDelete
  9. මාතෙ
    ඔයාගෙ යාලුව Colombo Telegraph එකේ උවිඳුට මොකෑ උනේ.
    බුකියෙ පේන්න නෑ.

    ReplyDelete
  10. සී ෆුඩ් ඩිෂ් එකක් තියෙනවා නම් වෙන මොනවත් ඕනේ නෑ .

    මාළු ඇබුල්තියල් කියන්නේ මමත් ආසම කෑමක් .

    කළපු කකුළුවෝ උයළා රෝස්පාන් එක්ක කියන්නේ ඉතිං පට්ට කෑමක් ...

    මාළු ඔලු කන්න නම් වැඩියේ කැමැත්තක් නෑ .

    කොහොම උනත් බොහොම ස්තුතී මේ රසවත් මතක් කිරීමට .

    ReplyDelete
  11. මෙහෙ මාළු රහ නෑ ලංකාවේ තරම්! රෙද්ද!

    ReplyDelete
  12. මාලු හොදි සමඟ ඕනම දෙයක් කනවා

    ReplyDelete
  13. මාතලන් බොස්, ඔහෙත් මාර පෝස්ට් දාන්නෙ. මගේ ගම ගාල්ල උනාට ඉපදුනේ මාතර. බ්‍රවුන්ස් හිල්. ඔක්කොම මාමල සෙට් එක පරණ තංගල්ල පාරෙ ඩිපෝව ළඟ. දැන් උන් ඔක්කොම යුරෝපේ. මම කියන්නෙ උන් 80 දි වගේ මෙහේ ආව අය. මගේ contact තියෙන්නෙ බාලම මාම එක්ක. බුවා මම දැකලත් නැහැ දැනට අවුරුදු 16 කින්. මාළු ඔලු ඉස්සර ආච්චි අපිට කවන්නෙ බැලෙන් ඒ වගේම ආච්චි හදනව දැල්ලො කපල දැල්ලෝන්ගේ ඇතුලට අල මාළු කවලම් කරල මික්ෂර් එකකින් හදල එක බිස්කඩ් කුඩු බිත්තර එක්ක හදපු තලපයකින් කවලම් කරලා ෆ්‍රයි කරලා. ඒ වගේම ඒකම හදනව ලොකු මාළු මිරිස් දෙකට කපල ඒකට ඔක්කොමල ඔබල ඉරටු කරලෙන් බැඳලා අර කිව්වා බිස්කට් කුඩු බිත්තර මික්චර් එකෙන් ෆ්‍රයි කරල. අපි ඔක්කොම රී යුනයිට් වෙනව ලබන අවුරුද්දෙ අප්‍රේල්. මම ගිය සතියෙ ආච්චිට කෝල් කරල කිව්වෙ මට ඔහෙගෙන් ඒ කෑම වේල කනකන් බලන් ඉන්නව කියල. ඒ අස්සෙ ඔහෙත් මෙහෙම එකක් ලියල.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම දකුණෙ ඉස්පැෂොල්

      Delete
  14. මචං උඹ සිංහල කඩේකට ගියාම එහි අඩුපාඩුවක් ඇත්නම් පොන්නයා වගේ ඉන්නේ නැතුව කඩේ ලොක්කට කියපං.
    තම්බි කඩේක අඩුපාඩුවක් දැක්කාම කඩේමුදලාලිට ප්‍රශංසා කරලා. ගෙදර ඇවිත් ෆේස්බුකියේ දාපං අහවල් තම්බි කඩේ අන්තිමයි ඒකට යන්න එපා කියලා. පුළුවන්නම් කඩේ අඳුනගන්න කඩේ ඡායාරූපෙකුත් දාපං.

    ලක්ෂ්මන් ඉලංගකෝන් මහත්තයා ඒ අතින් රත්තරන් මනුස්සයෙක්.
    http://lakshmanillangakoon.blogspot.com/2019/05/blog-post_17.html

    ඒ වුනාට ගොඩක් සිංහල පකයි කරන්ිනේ ඔ්කේ අනිත්පැත්ත. උන් හිතන් ඉන්නේ ප්‍රසිද්ධඡියේ සිංහලයන්ට බනින එක ලොකු වීරකමක් කියලා.

    ReplyDelete
  15. හැම ගෙදරකම ඉන්නවා හැමෝම හොද කෑලි තෝරද්දී ඇතිලියේ ඔලු ටිකට වග කියන්න කෙනෙක්.හරිම රසවත් කතාවක්.. 🐟

    ReplyDelete
  16. රෙසපිය දාන්නෑද ඉතිම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න