.

.

Aug 13, 2019

ජනපතිවරණය හා සහරාන් සාධකය



මහින්ද  මහත්තයා කෙකර ගගා සිටිමින් අවසානයේ බිත්තරේ දැම්මේය. ඇත්තම කිව්වොත් දාන්නට උනේය. ඒ මහින්ද අදහන සියල්ලන්ගේම ඉල්ලීම මතය. අවසාන මොහොතේත් වෙන උන් ගැන හෝප්ස් තබා තිබුනද, ඝෝඨා  පාර්ෂවය බලවත් වීම හමුවේ මහින්දගේ සිහිණ අකුලා ගැන්මට සිඳුවීම ඝෝඨා පාර්ශවය ලැබූ පළමු ජයග්‍රහණයයි.



ඒ කෙසේ වෙතත් ඝෝඨාටද මහින්දගෙන් තොර ගමනක් නොමැති බවද පරම සත්‍යයමය.

සංධාන ගතවීමට උන් එක්සත් ජාතික පෙරමුණෙ උත්සවේ කඩා කප්පල් වීමද, රනිල් හා එම සංවිධානයේ සිහිණ සියල්ල කුඩු වී, තම ආදරණීය වන්දනීය පූජනීය පියානෝ  මෙන්ම පුතානෝද අයියා පාට්ටෙකට යමින් ගේම ඉල්ලීමද හමුවේ, රනිල් මෙන්ම රාජිත චතුර හා චම්පිකලාගේ නායකත්ව මන්ඩලේ නන්නපෝල් වීම, ඝොඨා ලද අනෙක් ජයග්‍රහණයයි.

මන්ද ප්‍රධාන බලවේග දෙකෙන් එකක අභ්‍යන්තර ගැටුම, අනෙක් පාර්ෂවයේ ජයග්‍රහණය පහසු කිරීමට හේතු වන නිසාය.

සම හරක් 2015 ට 2009 ට පමණක් නොව, 2005 ටද ගොස් එක එක විශ්ලේසොන ඉදිරිපත් කළද, මාතලන් නම් දකින්නේ, මේ චන්දයේදී ජනතාවගේ තීරණය කෙරෙහි කෙලින්ම බලපාන්නේ සහරාන් සාධකය බවයි.

2015 සිට කිසිවක්ම නොකල ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ටෝක්ස් සියල්ල කුඩු කර දැම්මේ සහරාන් සහ ඒ උගත් දරුවන්‍ ය. යහපාලන ආන්ඩුවේ ඉතිරි වී තිබූ අමුඩයද ගලවා දැම්මේ සහරාන්‍ ය.

හැම එකාටම ඕනෑ වී තිබුනේ තවත් මහින්ද කෙනෙක් වෙන්නය. ඒත් වැඩි කලක් යන්නට පෙරම, තමන් පත් කර ගත්තේ ජසයා හා ලෙන්චිනා බව සියල්ලන්ම තේරුම් ගත්තේය, හොරකම් ජඩකම් තිබුනාටත් වඩා සාරෙට ගියේය.

ඒ අතරේ වහාබ්වාදය මුලු රටම ගිල ගත්තේය. සිඳුවන්නට යන විනාශය රාජපක්ෂ පාලනය පැවති කාළයේ පටන්ම ලීවද, ඒවා බීරී අලින්ට වීනා වැයුවා සේම විය. අවසානයේ උන් රටේ හදවත කුඩු කර දැම්මේය.

දිගනදී මෙන්ම මිනුවන්ගොඩදීද මුස්ලිම් ජනතාවගේ දේපල විනාශ කර දැම්මේ හමුදාවේද ආශිර්වාදයෙනි. එම ජාතිවාදින්ට එරෙහිව කිසිවක්ම හෝ කිරීමට ආන්ඩුව අපොහොසත් විය.

ඒ අතරේ සාෆී කේස්සෙකෙන් ආන්ඩුව හත්පොලේ ගාගත්තේය. ඉන් මුස්ලිම් ජනතාවගේ මෙන්ම සිංහළ ජනතාවගේ සිත් පෑරෙව්වේය. වහාබ් වාදය මැඩලීම ලද අනගි අවස්ථාව පසෙක තබා, මුස්ලිම් නායකයින්ගේ පදයට නැටීමට හා ඔවුන්ගේ තර්ජන හමුවේ නැට්ට පුකේ ගසාගැනීමට, රනිල්ට මෙන්ම සිරිසේනටද සිදුවිය.

මෙහිදි මතක තබාගත යුතු විශේෂම කාරනය නම්, සාෆීගේ බිරිඳට කන්දෙන්නට සිටි එකම නායකයාද මහින්ද රාජපක්ෂම වූ බවය.

වහාබ් වාදය පතුරන මුල්ලාවරුන්ට හා මුස්ලිම් නීතී රීතිවලට එරෙහිව ආ කාන්තවන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ හඬට වඩා ආන්ඩුව කන්දුන්නේ, තම දේශපාලන වාසියට ඉවහල් වන පොලිටින්ගේ හා වහාබ්වාදී මුල්ලාවරුන්ගේ හඬටය.

එනයින් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතරේ මෙන්ම ව්‍යාපාරික මුස්ලිම් ප්‍රජාව හමුවේද මේ ආන්ඩුව අප්‍රසාදයට පත් වී අවසානය.

ඝොඨාගේ නියත ජය තහවුරු කිරීම සඳහා ඉතාම මෑතක සිදු වූ සිඳුවීමක් සටහන් කරමින් මේ පල්හෑල්ල නවතා දමමි..

සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු දින නියමයක් නොමැතිව පාසල් වසා දැම්මේය. පසුව ආන්ඩුව දිනයක් නියම කොට එදිනට පාසල් විව්‍ෘත කරනා බව දැණුම් දුන්නේය.

දෙමාපියන් මේ වැඩ බැරි ආන්ඩුව පයිසෙකට මායිම් කළේ නැත. ඔවුන් තම දරුවන් පාසැල් එව්වේ නැත. එහෙත් ජනතාවගේ හදේ සිටිනා නායකයා දරුවන් පාසැල් එවන්න යැයි ඉල්ලීමක් කළේය. දරුවන් නොව නායකයාද පාසල් ආවේය.

නායකයන් කියන්නේ ඔවුනටය.
ඔවුනගේ ජය නියතය....!!!!

22 comments:

  1. DAN ngo HATTAMA GOTA GE PASSE YAYI WANDANAWE

    ReplyDelete
  2. ගෝටභය රාජපක්ෂ වැනි වැනි මිනීමරු මානසික විකෘතියෙක්ට මා නම් අම්බානක බයය.

    ReplyDelete
  3. රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව. ..

    ReplyDelete
  4. Nothing more to say, agree 90%. (10%) I am not sure Army/Police supported communal riots, may be they had no instructions how to manage the situation.

    ReplyDelete



  5. This is what I sad to Economatta (copy paste)

    I think Gota will have his own brand of leadership, like Gota all leaders after LKY in SIN came from military. That is why most people including Mahinda is scared of Gota. After R Premadasa, no one had the discipline Gota has.

    Chronic loses like Ranil already started playing the same record they played last 2015 election (Lasntha,Pradeep,Thadudeen).

    UNP had 5 years to prove allegations against Gota, they open the courts at 10.00 pm, bought back the CJ impeached by Parliament, send home another CJ without due process (by thuggery), appointed a PM without majority, Issued political statements about next PM during general election time, opened 2 special high courts to prosecute political opponents, rob the central bank big time.

    ONLY THING UNP+JVP GOVT COULD NOT DO IS TO PROVE ALLIGATION AGAINST GOTA, WHY?

    This time it looks either Gota or Premadasa, either way it is good beginning, I prefer Gota.

    ReplyDelete
  6. sad... thought you are a genuine guy with a unbiased pen in hand..pls remember that you support following people as well when you go "shopping" for gota
    kudu L..
    rantharan chain
    Chille powder
    and many more ..good luck with your new income ..

    ReplyDelete
    Replies
    1. පව් අයියා
      මොනවා හරි ලියලා බඩගොස්තරේ හොයාගන්න විතරක් නොවෙයි කොල්ලගේ අනාගතේ ගැන බලන්නත් එපානේ මේ දවස්වල සුද්දොත් නැ ගයිඩ් වැඩේ කරන්නත් මොන ජෙනියුන් කෙනෙක් ද මෙයා අන්තිමට කියයි මම ජේ වී පි එකාට චන්දෙ දුන්නේ කියලා. ගියේ රෝයල් කොලීජියට නොවෑ

      Delete
  7. Dear Mathalan

    Just because we do not see a better candidate who could save this country from corrupted politicos , should we go behind the known devil .. who can turn this country into a blood bath.. pls think twice before go shopping for these rascals..i still think you could do better for people by telling the bitter truth about the one you decided to support .. God bless mother Lanka ..

    ReplyDelete
  8. මාතේ, ඔය දෙමව්පියෝ තමන්ගේ ළමයි ආරක්ෂාවක් දීලා තිබ්බ ඉස්කෝලවලට එව්වේ නෑ, ඒ වුනාට කිසිම ආරක්ෂාවක් නොදීපු ටියුෂන් පන්තියට යැව්වා. ඔතන වෙලා තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි, උඹ ඇතුළුව පොර ටෝක් දෙන හැම එකාම ලංකාවේ ටීවී චැනල් දෙකක් මත පදනම් වෙලා හැම දේම දන්නවා කියලා කියවන එක. ඒ හින්දා ඒ චැනල් දෙක කෙළිනවා ආණ්ඩුවට කෙළ වෙන්නම. ආණ්ඩුවෙත් එකෙක්වත් ඒකට විකල්පයක් හොයන්නෙ නෑ, අඩුම ගානේ ආණ්ඩුවේ ඔ‍ෆිස් වල තියෙන ටීවී වල රජයේ මාධ්‍ය දාපන් කියලවත් චක්‍රලේඛයක් ගහගන්න බෑ. ඒ හින්දා අර ගෙම්බෝ විලට පාලකයෙක් කියලා සර්පයෙක් ඉල්ලගත්ත කතාව මතක් කර ගමු.

    ReplyDelete
    Replies
    1. කෙලියා තාප්පෙට ...හෝදි ඕනෙම නැ මේන් කාහන් උණූ රෝස පාන් මාතලන්, ඩයස් ප්ලේස් එකේ කොනේ නානා ගේ හෝටලෙන් ප්ලැට් එකේ දොර ගාවටම ගෙනල්ලා

      Delete
  9. මගේ පෞද්ගලික මතය නම් මුස්ලිම් අන්තවාදයට ලංකාව තුල පදනමක් දමා ගැනිමට නොහැකි වන බවයි.එයට හේතුව,මුස්ලිම් අන්තවාදයට උදව් කිරීමට ගියහොත් දෙමළ මිනිසුන් මෙන් ඔවුන් ද කබලෙන් ලිපට වැටෙන බව ඔවුන් හොඳින්ම දනී නිසා.ඔවුන් දැනට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණය නැති කර ගැනීමට මුස්ලිම් ජනයා කිසිම අවස්ථාවක කැමති නොවනු ඇති.මේ නිසා පාස්කු ප්‍රහාරය, ඔවුන්ගේ පළමු සහ අවසාන ප්‍රහාරය වනු ඇති බවයි මගේ ගණන් බැලීම. විපුල අබේසිංහ

    ReplyDelete
  10. මුස්ලිම්වරුන් ව්‍යාපාර කරනුයේද අන්තවාදය පෝෂණය කිරීමටය. ඊට වඩා ඉහලින් ඇති අරමුණු ඔවුන්ට නැත. අන්තවාදය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට ඔවුන් සූදානම්ය. මාතේ කියා ඇති විදියේ "සාමානය මුස්ලිම් ජනතාව" කියා කොටසක් නැත. ප්‍රහාරයෙන් පසුව එවැනි කොටසක් සිටියේ නම් ඔවුන් තුළින් මීට වඩා අන්තවාදයට විරුද්ධව හඬක් නැගිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම්වරුන් ව්‍යපාර කරනුයේ අන්තවාදය පෝෂණය කිරීමට යැයි කිම එතරම් බුද්ධිමත් කියමනක් නෙමේ.ඔවුන්ව ලඟින් ඇසුරු නොකොට ඔවුන්ගේ හැඩ තල කීම සමාන වන්නේ අන්දයෝ රැළ අලියගේ හැඩතල කීමටයි.අන්තවාදයට විරුද්ධ නොවිම සමාන වන්නේ,නේවි සම්පත් කරන ලද අපරාධ වලට සිංහල සමාජය තුලින් විරෝධයක් එල්ල නොවන්නේ සිංහල සමාජය එවැනි අපරාද අනුමත කරනවා යැයි කිීමටයි.ලොව මුස්ලිම් රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් තියනවා.මින් බහුතරයක ඉස්ලාම් ත්‍රස්තවාදය ක්‍රියාත්මකයි.සැලකිය යුතු මුස්ලිම් රටවල් ප්‍රමාණයක් පොහොසත් රටවල්.මෙවැනි පරිසරයක් තුල ඉස්ලාම් ත්‍රස්තවාදය ලංකාව තුල හිස එසවුවහොත් එය මර්ධනය කිරීම කොටි ත්‍රස්තවාදය මර්ධනය කිරීමට වඩා දස දහස් ගුණයකින් අසීරු විය හැකිය.අනිත් අතින් මැද පෙරදිග කළාපය අපගේ විදේශ විනිමය ඉපයිම් වලට තෝතැන්නක්.මේ ගැටළුව සාකච්ඡාවට ගැනීමේ දී මේ සියළු පැති ගැන අවධානය යොමු කළ යුතුයි. ඇති වූ ත්‍රස්තවාදයක් මැඩපැවැත්විමට අරක්ෂක අංශ වලට හැකි වුවත් ත්‍රස්තවාදය ඇති විම වැලැක්විම ඔවුන්ට කළ හැකි දෙයක් නොවේ.මුස්ලිම් ජනයා අන්තවාදය දෙසට තල්ලු වීමේ එකම හේතුව ඉස්ලාම් ධර්මය පමණක් ‍නෙමේ.ජනවර්ගයක් ලෙස ඔවුන් මෙරට දී මුහුණ දෙන ගැටළු එයට බෙහෙවින් බලපානවා.ත්‍රස්වාදය ඇති වීමට හෝ නොවීමට පුරවැසියන් වන අපගේ ආකල්ප හා ක්‍රියාකාරකම් බෙහෙවින්ම හේතු වෙනවා.මේ සියල්ල ගැන කල්පනා කිරීමේ දි මෙම ගැටළුව ඉතා බුද්ධිමත්ව සිතා කළමණාකරනය කර ගත යුතු ප්‍රශ්ණයක් විනා බාහු බලයෙන් විසඳිය හැක්කක් නොවන බව අවබෝධ කරගත යුතුයි.එසේ නොවුවහොත් එය ඉතා අවාසාවන්ත තත්වයක් බව පැවසිය යුතුයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න