.

.

Aug 26, 2019

රටට ඝෝඨාභයම අවශ්‍යවන්නේ ඇයි...?




මෑතදී කෝප් කමිටුවද ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත වෙලා තියෙනවාය. රාජ්‍ය ආයතනවල වෙන්නේ මක්කාද, රාජ්‍ය නිළධාරින්ගේ කෙරුවාව කුමක්ද? ඒවා දූෂණ අක්‍රමිකතා වලින් කෙතරම් පරිනතද යන්න ජනතාවට දැන ගැනීමට සැලැස්වීමෙන්,  මරි මෝඩ ජනතාවගේ ඇස් ගෙඩි උඩ ගොස් පුක පූට්ටූ වී, අම්මට හුඩු යකෝ කියනා සයිස්සෙකට පත් වී ඇත.



රස්සා නැතයි කියා ජොබ් හිඟාකන කාළකන්නි හිගන්නන්ද, අමාත්‍යවරුන්ගේ නෑ හිත මිතුරන් හා හෙන්චයියන්ගෙන්ද පුරප්පාඩූ පුරවා, ජාතික ධනය කාබාසීනියා කරනවා පමණක් නොව, තව තීරූ බදු සහන ලබා දී, ඒවාද ප්‍රසිද්ධියේ විකුණාගෙන කන්නට දී තිබෙන්නේ මෙවන් මූසළ කාලකන්නිටය.

රජයේ ප්‍රධාන ආදායම් ලබන ආයතන තුන නිසි කළමනාකාරීත්වයෙන් පවත්වාගෙන යන්නේ නම්, ජනතාවට බදු පිට බදු පටවන්නේ නැතිවා පමණක් නොව, වෙන කිසිම ඉන්කම් එකක් නොමැතිව රට ගෙන යා හැකි බව ක්ෂේස්ත්‍රය පිලිබද දැණීමක් ඇති කාගේත් මතයයි.

මේ රට, හොරකම වංචාව දූෂණය නාස්තිය පිරි සෑම ක්ෂේස්ත්‍රයම කුණුවී ඕජස් ගලනා නරා වලක් බව ඕනෑම ගොනෙකුට තේරෙනවාය.

මේ සියල්ල පාලනය සදහා ජනතා පරමාධිපත්‍යයෙන් පත් කරනා පාලකයින් අති බහුතරය, කිසිඳු විනයක් නැති, කළමණාකාරීත්වයක් නැති, හොරකම් ජඩකම් වේසකම් පමණක්ම කරනා  විහිළුකාරයින් පිරිසක් වීම රට මේ තත්වයට පත් වීමට ප්‍රධානම හේතුවයි.

රටට මෙසේ කෙලවුනද, පෞද්ගලික ක්ෂේත්‍රයේ සේවා හා නිශ්පාදනය කරනා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් කෝටී ප්‍රකෝටිපතියන් වන්නේත්, එම ආයතන ලාබ ලබන ආයතන වශයෙන් පවත්වාගෙන යන්නේත් කෙසේද යන්න, පෞද්ගලික ආයතනවල ඉන්නා උන් දැන උන්නද, රටේ බහුතර ජනතාව මෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්නා මී හරකුන්ද දන්නේ නැතිය.

අපි රටේ ප්‍රසිද්ධ ව්‍යවසායකයින් කීප දෙනෙක් ගෙන බලමු, ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, අශෝක් පතිරගේ, සුමල් පෙරේරා....

මේ සියලු දෙනාම දරදඬු පාලකයෝය. විනය උපරිමය. එසේ නොමැතිව ආයතන පවත්වාගෙන යා නොහැකිය. සේවකයින් හා බබහුකුං කරන්න ගියොත් වෙන්නේ බස් මුදලාලිට වෙන දේය. එනම් ටික දිනකින් තම බස් රථය මිළදී ගන්නා කොන්දාගේ බස් රථයේ කොන්දා වීමටය. ලලිත් කොතලාවල අන්තිමේ හිරේ ගියේ කාවන් පෙරේරා නම් කම්බ හොරා හුරතල් කළ නිසාය.

මොවුන් හා සෙල්ලම් නැත. පොඩි මිස්ටේක් එකටත් නැවකට බැණුම්‍ ය. ටාගට් කවර් නැතිනම්, ප්‍රොෆිට් නැත්නම් කෙලින්ම එලියේය. අයිස් ගැහිලි, හොරකම් කිරිලි, ළිඳ ළඟ සංගම්, කාලකන්නි යුනියන්, කිසිවකට ඉඩක් නැතිය.

ඒ කියා සේවකයාට ඇති අවාසියක්ද නැතිය. ප්‍රසාද දීමනා, ලාබාංශ පමණක් නොව කොටස් හිමිකම්ද ලැබෙනවාය. ඊට අමතර සේවාද බොහෝය. සේව්‍යයාද, සේවකයාද දෙදෙනාම හැපිය. ත්‍ෘප්තිමත්‍ ය.

පාසලක, හමුදාවක පොලීසියක වුව සාර්ථකත්වයට හේතුව විනයය. විනය නිසි ලෙස පවත්වාගෙන යාම හාල්පාරුවන්ට හෝ සමනලයින්ට කළ නොහැක. එමෙන්ම මහින්ද රාජපක්ෂ වාගේ ආතල් පොරකටද කළ නොහැක. ජේ ආර් ගේ මජර ක්‍රමයේ කූටාප්‍රාප්තිය අප දුටුවේ මහින්දගෙන් ය. ජේ ආර් පාතාලයට දුන්නේ සාමදාන විනිසුරුකම් පමණය, මහින්ද ලොක්කා පාතාලය පාර්ලිමේන්තුවටම ගෙනාවේය.

උන් එපා කියා ගෙනා, යහපාලන උන් හැම එකාගෙම සිහිණය වී තිබී ඇත්තේ, රට හැදීම නොව, තවත් මහින්ද කෙනෙක් වන්නේ කෙසේද යන්නම පමණි. හොඳම උදාහරණය වෙන්නප්පුවේ ස්කූටී නංගිය. ඇය ජනතාවගේ නියෝජනයක් නොවේ. පලාතේ එජාප නායකයාගේ අනුග්‍රහයෙන් පියානෝ හා පුත්‍රයාගේද ආශීර්වාදයෙන්, බෝනස් එකකින් ආ කසිප්පු රජ්ජුරුවන්ගේ දූ කුමාරියය.

ඝොඨාට ගමන ආරම්බ කිරීමට සිඳුව ඇත්තේ මහින්දගේ ඒ සුවච කීකරු වන්දිභට්ටයින් පිරිස සමගය. එහෙත් අප ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ. මේ යක්කුන් ටිකද මෙල්ල කරගෙන, හොරකම, වංචාව හා නාස්තිය අවම කර ගත් රටක් ගොඩනැගීමය.

සැර ප්‍රින්සිපල් කෙනෙකුට මදාවී කොල්ලන් මෙල්ල කිරීම කජු කනවා වගේ වැඩක්‍ ය. අප පාසල් තුල එවන් විදුහල්පතිවරුන් මෙන්ම උප විදුහල්පතිවරුන්ද වූයෙන්, අදත් ඒවායේ කීර්තී නාමය ලෝ පතලය.

ඝෝඨාද එවන් පාසලකින් ලද විනයට පරිබාහිරව, හමුදාවේ විනයද සහිත ලොව දරුණුම ත්‍රස්තවාදයද සුන්කල මෙහෙයුමේ සෙන්පතියාය.

සෑම දෙයම පිනට ලැබෙනා තෙක් බලා සිටින හිඟන්නන් පිරිසක් වෙනුවට, තම දෙපයින් නැගී සිටය හැකි ආඩම්බර ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීම ආරම්භ කිරීම ඔහුට සුළු දෙයකි.

ඒ සදහා ඔහුට සියළුම සුදුසුකම් ඇති බව මාතලන්ගේ විශ්වාසයය.

35 comments:

  1. අයිසෙ මාතලන්
    ගෝට දින්නට පස්සෙ අඩුම තරමින් ඊලඟ එවුන්ට කර තියන් යන්න මිනී ටිකක් හදල දේවි නේද?
    ලසන්තල තාජුදීන්ල දැන් පරනයිනෙ.
    මේ ගෝතයින්ට අඩු ගානෙ ඒම එකක්වත් බැරිඋනානෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්වා පොනීගෙ වැඩ... උගෙ වටිනාකම අවතක්සේරු කරන්ඩ වටින් නෑ ඇනෝ...

      Delete
  2. පාතාලේ එවුන්ට ඇමතිකම් දුන්නේ සජිත් බේබි වන්දනීය පිය තුමාණෝ
    වීරසිංහ මල්ලවාරච්චි , එච් ආර් පියසිරි ,, සිරි සෙන කුරේ.. නම් මතක් වෙන්නේ න බන්..

    ReplyDelete
  3. විනය තැකීමේ අගය වෙනකාටවත් වඩා දන්නා මාතලන්ට ආත්මාරක්ෂක සටන්කාලවත් දුරදක්නා නුවණත් යහමින් ඇතැයි පුළුවනැයි මට සිතෙන්නේ, රට කෙරෙන කෙරුණ හැම හැටියක් ගැනම හොද විස්ලේසනයක් දෙනාතර මෙතරම් හොදැයි කියනා ඇත්තන් ගේ දෝස නොපෙනෙන නිසාමැයි!!

    ඒ මන්ද යත් ගෝටාවෝ තමන්ගේ දොස්දකිනාවුන්ට සලකපු හැටිත් ගුණ වයපුවුන්ට සලකපු හැටිත් මාතා හොදින් දන්නවා කියා මා සිතානා නිසාවෙනි.
    මාතාට අමතකනම් එක් අතකින් ලසන්ත නම් "පත්තරකාරයෙකු" හා පින් පොන් නම් "ජෝකරයෙකුත්" මතක්කර ගැනීම වඩා සුදුසුය.

    මොනවා උනත් මාතා හැම යකා ගැනම සමබරව ලීවානම් වඩා හොදය. ඔබව ලම්බෝගිනි මල්ලී වැටුන තැනට වැටෙනවාට මා අකමැතිය.

    -අන්තිම හුස්ම.

    ReplyDelete
    Replies
    1. පොනියගෙ වැඩ ඝෝඨට දාන්න ඔට්ටු නෑ මලේ...!

      Delete
  4. රටකට දැඩි විනය ගරුක, අනම්‍ය කොන්දක් ඇති, තද පාලකයෙකු ඕනෑ බව ඇත්තකි. එහෙත් ඒවා තිබුණත් සාධාරණ - අවංක කෙනෙකු නොවුණොත්?

    ReplyDelete
  5. හොදයි මරාගේ පොඩි මල්ලිට පසු ගිය වැරදි හදා ගෙන රට පෙරට ගෙන එන්න සුභ පැතුම්... !

    ReplyDelete
  6. ඔයා මාරයිනේ මාතලන් අයියේ.. හරියටම කියලා.. ලබන මහමැතිවරණයේදී ඡ්න්දෙ ඉල්ලන්න අදහසක් එහෙම නැද්ද අයියා... හැක් !

    ReplyDelete
  7. Some people still want 'Wal Booru nidahasa' to do illegal things and earn money.

    What about Rohana Kumara, Richerd Zoysa, Sagarika Gomez, Premakeerthi etc, dig everyone killed by UNP+JVP as well. Also read Tamilnet.com (still online) to understand numbers killed on daily basis before 2009.

    Someone said white vans to 8 Muslims would have saved 250 lives on Easter Sunday, this is very correct analysis of the situation. People like Mervyn Silva who live by vise activity 100% against Gota (law and order).

    Let's see, people who want to continue this banana republic, will vote for UNP+JVP, other who want law and order and economic power will vote Gota.

    ReplyDelete
  8. Like some Ano said, I do not think we need anything from politicians, we are already successful people. What we need is a country with good economic management and law and order applied to everyone and quick. Not a counter you can brake the law and bribe the police and get away with it.

    ReplyDelete
    Replies
    1. yu gud man. rite inglish onli. but this is no banana rpublik. this is van an onli 'pearl of the Indian Ocean'. may be yu sudda pepol no know. ples goto iskul an lern.

      Delete
  9. අන්න දහම් පාසැල් සිසුන්ටත් සජිත් නොමිලේ දිවා ආහාරයයි, නිල ඇඳුමයි දෙනවාලු
    ඒක නරකද?

    ReplyDelete
  10. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි ඉදිරියේදී නාම යෝජනා දුන් පසු තීරණය කරව බව ගරු ඇමති රිෂාඩ් බදියුදීන් සදහන් කරයි.

    ඉදිරියේදී සහාය දෙන්නේ කාටදැයි දැන්ව කිව නොහැකි බවත් රටට වැඩදායක ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා සහ ඉස්ලාම් දහම අදහන මිනිසුන් සහ එම සංස්කෘතියට ආරක්ෂාව සලසා මුස්ලිම් ප්‍රජාව වර්ධන කිරීමට සහය ලබාදීමට කටයුතු කරන හොඳ අයෙකුට පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බවත් ඔහු පැවසීය. අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ReplyDelete
  11. අපි බලා ඉදිමු..වෙනසෙන් වෙන්ස් වුණ තැනක ඉදලා ආයේ පටන් ගන්න පුළුවන් ද කියලා

    ReplyDelete
  12. ඇයි තාම ජනාධිපතිවරණයක් කැඳවලත් නැතුව පොහොට්ටුවෙන් ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වයට පත් කළේ..?

    දැන් තියෙන රැල්ල ගොඨා. මේක නයුට්‍රලයිස් කරන්න තමයි මේ වැඩේ කළේ.

    මම දකින විදිහට මහින්දට ඕනෙ නෑ ගෝඨා ජනාධිපති වෙනව දකින්න, එහෙම වුනොත් අනාගතෙ නාමල් ව ජනාධිපති කරන සිහිනය නැති වෙනවා. මේක අර house of cards එකේ වගේ ගේමක්. හේතු දෙකයි..

    මේ වෙනකොට මෛත්‍රි තමන්ට ඉන්න පුලුවන් අවුරුදු 5 ද 6 ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා තියෙනවා. තාම response එකක් නෑ. නොවැම්බර් ලංවෙලා මේ කතාව 6 වුනොත් ජනාධිපතිවරණය තියන්නේ 2021, එතකොට කැම්පේන් එක අවුරුදු එකහමාරක් ඇදන් යන්න කාටවත් බෑ... ගෝඨා හාන්සියි... අනික ඊට කලින් මහ මැතිවරණය එනවා. එතකොට පොහොට්ටුව උඩින්ම ඒක දිනනවා. එතකොට ඊළඟට එන ජනාධිපතිවරණයට ගෝඨා ඕනේ නෑ. මහින්දට නටවගන්න පුලුවන් කෙනෙක් දාන්න පුලුවන්.

    දෙවෙනි එක, උඩින් කියපු එක හරි නොගියොත් ඒ පැත්තෙ අයම ගොඨාගේ පුරවැසි ප්‍රශ්ණයයි(තාම ඇමරිකාව කියලා නෑ ගොඨාව පුරවැසි බවින් අයින් කලා කියලවත්, වෙන දෙයක්වත්) අනිත් ඒවයි එකතු කරලා ගොඨාව රේස් එකෙන් අයින් කරලා, 'බලන්නකෝ Jvp එකයි unp එකයි කරපු දේ නිසා ගොඨාට තරඟ කරන්න බෑ' කියලා අනුකම්පා ඡන්ද ටිකත් අරන් මහින්දට හිතවත් කෙනෙක් දානවා...

    ඔය දෙකම වැරදිලා ගොඨා ජනාධිපති වෙන්න තියෙන අවස්ථාව 10% වත් නෑ..

    ReplyDelete
    Replies
    1. රෙද්දෙ රෙවුන එකෙක්

      Delete
    2. gobba hukannek ..aniwa moo nam jeppek oya wage gobba katha kiyanne jeppo thama

      Delete
  13. ගෝටාගේ සුදුසුකම මනින්නේ අයියා සර්වබලධාරී ජනාධිපති ලෙස ඉන්නා කල කල දේවලින් වීමයි නොගැලපීම. ඒවන් පසුබිමක් තිබෙනවානම් ගෝඨා කල දේවල් ලංකාවේ ජනගහනයෙන් 10% කට වඩා අයට කල හැකියි. නීති රීති වලට යටත්ව වැඩ කිරීමේ හැකියාව මැනිය හැක්කේ ඔහු හමුදාවේ කල දේවල් වලින්. එහිදී ඔහුට විශේෂ වරප්‍රසාද තිබුණේ නැහැ. එහිදී ඔහු එතරම් කැපී පෙනෙන වැඩක් කර නැහැ. ඔහුගෙන්න් වුන එකම සේවය නම් ෆොන්සේකා හමුදාපති කිරීම සහ ඔහුට ඕනා අකාරයට යුද්ධ කරන්න ඉඩ දීම. අනික හමුදා සෙබලුන් ලවා බිල්ඩිං තනා සාප්පු සංකීර්ණ සෑදීමට වඩා බිල්ඩිං තනා විශ්ව විද්‍යාල හැදුවානම් ඔහුට දර්ශණයක් තියෙනවා කියන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. රෙද්දෙ රෙවුන එකෙක්

      Delete
  14. ලසන්ත වික්‍රමතුංගගේ මරණය ගෝටාට වනයක් වෙලා. එනවයි කියලා හරියටම ෂුවර් නැති මිනිහෙක් අවශ්‍යම වෙන්නෙ කොහොමද? ෂුවර් නැති බඩුත් ෂුවර් කරලා පෙන්නන්න මොනරකොල වලට පුළුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. රෙද්දෙ රෙවුන එකෙක්

      Delete
  15. සිංහලය කවදත් සද්ද නෑ. වැඩ හිමින් හැබැයි වෙලාවට ගානට අවශ්‍ය වීරයා රටට නායකත්වය දෙන්න ඒවි. සුද්දට තේරුම් ගන්න බැරිත් ඕකමයි.

    ReplyDelete
  16. අයිසේ මාතලන් මේ රටේ ජනතාවට වැඩ කරන්නේ කෙසේදැයි මේ වසරේ නොවැම්බර් මාසයේ තමන් ජනාධිපති වූ පසු හැමෝටම උගන්වන බව එජාප නියෝජ්‍ය නායක අතිගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමා පවසයි.

    පාලකයන් අනිවාර්යයෙන්ම කැපකිරීම් කල යුතු බවත්, දැඩි ලෙස දුක් විදිය යුතු බවත්, හැකි තරම් නිදි මැරිය යුතු බවත් ඇමතිවරයා ඉතා දැඩි ලෙස අවධාරණය කරමින් සදහන් කලේය.

    ලංකාවේ නායකත්වය ගතයුතු ජනාධිපති මෙන්ම අගමැති ඇතුලු පිරිස වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න පාලකයන්ට නොහැකි විය යුතු බව අනිවාර්යයෙන්ම කිව යුතු බවත් ඇමතිවරයා පැවසීය.

    ඔහු මෙසේ කියා සිටියේ දිඹුලාගල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මාතලන්ගේ වගකීම වෙයි.

    ReplyDelete
    Replies
    1. වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න නොහැකි විය යුතු බව නං කොහොමහරි කොළා කියමුකෝ.
      අතිගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඕනෙම ටික කියල නැහැ නේ.
      එතකොට වේලාවට රෙන්න හුජ්ජ කොරන්නත් එපාද.
      නන්දනීය වන්දනීය පූජනීය සජිත් මැතිතුමා පහුගිය පාර නායක කමට පොරකාල අන්තිමේ බෙල්ල දෙන්න උනේ සපෝටර්ලාට, මේ යකා ජනාදිපති කලොත් චන්දෙ දුන්නු උන්ටත් ඉතින් ඒ සේතේම තමයි.

      Delete
  17. අඩේ මාතයියේ දැන් ඔයා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අතහැරියේ ඇයි?

    දැන් බලන්න මාතේ එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන මල හොල්මන් බල අරගලය හේතුවෙන් එජාපයේ එම පසමිතුරු පාර්ශව කිහිපයක් විසින් අන්තර්ජාලය ඔස්සේ එකිනෙකාට එරෙහිව අතිශය හිරිකිත ලෙස දැවැන්ත මඩ ව්‍යාපාරය රැසක් ක්‍රියාත්මක කරමින් තිබේ.

    උදාහරණයක් විදියට සජිත් පේ‍්‍රමදාස, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා ආදී මැති ඇමතිවරුනට රනිල් පාර්ශ්වයේ වහල් බැතිමතුන්ගේ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් මගින් දරුණු චෝදනා එල්ල කරමින් තිබේ. විශාල වශයෙන් සමරිසි කණ්ඩායම් ද රනිල් වෙනුවෙන් ඔහුගේ සතුරන්හට මඩ ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ක්‍රියාත්මක කර ඇත.

    බරපතල මුදල් වංචා, අනියම් ඇසුරැ, අසම්මත ඇසුරු සහ විවිධාකාර එජාපයේ හිරිකිත ක්‍රියාවන් සම්බන්ධයෙන් දීරඝ විස්තර නම් ගම් සහිතව මේ දිනවල පල කරමින් ඇත.

    එමෙන්ම සජිත් පේ‍්‍රමදාස හිතවාදී ලෙසින් සිටි අය කෙනා දෙන්නා බැගින් රනිල් පිල විසින් විවිධ මුදල් තෑගි සහ වරප්‍රසාද වරදාන ලබා දෙමින් දිනා ගැනීමටද කටයුතු කරමින් සිටිති.

    මේ තත්වය මත සජිත් පේ‍්‍රමදාස හිතවාදී පිරිස් දැන් දැඩි පසුබෑමකට ලක්ව ඇත්තේ යයිද වාර්තා වෙයි. නමුත් සජිත් ප්‍රේමදාස ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාර සංවිධානය කරනු ලබන අතර ඒකාධිපති බලලෝභී කම්බ හොරෙක් වන රනිල් එලවන එක කොච්චර අමාරු වැඩක් උනත් කොහොම හරි මේ සැරේ කරන බවට තර්ජනය කරමින් සිටිනා බව පෙනේ. මේ වැඩේ ඉවර කරන්න මාතලන් වගේ අය සපෝට් කල යුතු බව පෙනේ.

    ReplyDelete
  18. තාම ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නම යන්නේ වැටවල් උඩින් වතු උඩින් ඒ දඬු උඩින් නිසා මෙව්වා ගැන කතා කරන්න තාම කල් වැඩියි. ඒ නිසා ඝෝටා ගැනත් රනිල්ගෙන් ඉදිරිපත්වෙන වැට පඹයා ගැනත් කතා කරන්න වෙන්නේ නොමිනේෂන් බාර දීලා එව්වා මැතිවරණ කාර්යාලයෙන් අනුමත උනායින් පස්සෙයි. අනුරකුමාර නම් ඔක්කොටම කලින් මම අපේක්ෂකයා කියාගෙන පාරට ආවට චන්ද ප්‍රථිපල ආවාම අනුරකුමාරටත් පාරෙන් නොයා වතු උඩින් , කැලෙන් කොලෙන් යන්න වෙන්න බැරි නෑ. මාතලන්ලා දැම්ම මෙව්වා ගැන ලියලා අන්තිමේ නිස්කාරනේ නොන්ඩි වෙන්න බැරි නෑ ඕන්.

    ReplyDelete
  19. අම්මට හුකන්ඩ මාත දැන් කොමෙන්ටු වලට උත්තර දෙන්නෙ නැද්ද?

    ReplyDelete
  20. කොහොම උනත් අපට තෝර ගන්න වෙන්නේ අපේක්ෂකයින් අතරින් හොඳම කෙනා නේ .. දැන් ඉන්න එවුන්ගෙන් ගව් ගණනක් ඉදිරියෙ ඉන්නෙ ගෝඨාභය තුමා .. වෙච්ච දේවල්වලින් පාඩමක් ඉගෙනගෙන ඇවිත් හොඳම දේ කරන්න උත්සාහ කරන එක තමයි එතුමට කරන්න පුළුවන් ..

    ReplyDelete
  21. Mathalan. read 2019-09-03 colombo telegraph

    ReplyDelete
  22. "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ඇති සියලුම රටවල දේශපාලඥයන් අතිශය බහුතරයක් අවස්ථාවාදීන් හා කපටියන් වන අතර ඡන්දදායකයන් හැමෝම වගේ අඩු වැඩි වශයෙන් මෝඩයන්ය. හැරල්ඩ් ජේ. ලැස්කි මෙන්ම නූතනයේ ජෝන් ලොක්, තෝමස් හොබ්ස් සහ ශොංන් ශක්වින් රූසෝ වැනි බහුවිධවාදීන් ද මෙම මතය දරන්නන් අතර වේ. උදාහරණයක් විදියට ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය ප්‍රධාන රටවල් හොඳින් ඇනලයිස් කලෝතීන් මේක නම් අනිවාර්යෙන්ම ඉතා පැහැදිලි ලෙස නිරීක්ෂණය කරන්නට පුළුවන්.

      Delete
  23. එකෙන්ම ගොඨාට

    ReplyDelete
  24. ගෝඨාභයගේ ජනප්‍රියත්වයට හේතුවන කාරණා දෙකකි.පළමුවැන්න යුධ ජයග්‍රහණය සඳහා ඔහුගේ දායකත්වය.දෙවැන්න ලංකාවට දැඩි පාළකයෙකු අවශ්‍ය බව පුරවැසියන් විශ්වාස කිරීම.යුද්ධය ජය ගැනීම නිසාම ගෝඨාභය රටේ පාළකයා බවට පත් විය යුතු යැයි සිතීම අනුවන සිතිවිල්ලක්.යුද්ධය යනු තනි ඉලක්කයකට වෙඩි තැබීමක් යැයි සිතුවහොත් රටක් සංවර්ධිත ඉලක්ක කරා රැගෙන යාම ඉගිලෙන කුරුල්ලන් රැසකට වෙඩි තැබිම වැනි ක්ෂේත්‍ර ගණනාවක ජයග්‍රහණයන් වෙත ලඟා වීමයි.යුද්ධය දිනීම අසීරු කරුණක්.රටක් සංවර්ධනය කරා රැගෙන යාම ඊටත් වඩා සිය දහස් ගුණයක් අමාරු කාර්යයක්.වැදගත්ම කාරණය වන්නේ ලංකාවේ ඇති බරපතලම ගැටළු මෙම අපේක්ෂකයන් හඳුනාගෙන ඇත්ද සහ එම ගැටළු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කර ඇත් ද යන්නයි.පාළකයෙකුට දැඩි බව අවශ්‍යයයි.නමුත් දැඩි බව යනු පළමු අවශ්‍යතාව නොව දෙවෙනි අවශ්‍යතාවයයි.පළමු අවශ්‍යතාව වන්නේ ගැටළු හඳුනා ගැනීම වන අතර දැඩි බව අවශ්‍ය වන්නේ ඊට පිළියම යෙදීමේදීයි.එසේ නොවේ නම් උතුරු කොරියාව ලොව සංවර්ධිතම රාජ්‍යයක් විය යුතුය.ධම්මික පෙරේරා හෝ හැරී ජයවර්ධන සාර්ථක ව්‍යපාරිකයින් බවට පත් වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික දැනුම නිසා මිස දැඩි බව නිසා නොවේ.දැඩි බව ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික සැළසුම් ක්‍රියාත්මක කිරීමේදීයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න