.

.

Jul 15, 2020

බුරියානී, පරිප්පු හා ජොනි වෝකර්..



හෝන්දු මාන්දු වී ඔහේ ගලාගෙන යන මැතිවරණයට පොඩි කික් එකක් දෙන දෙන්නෙක් ඉන්නේය. එක්කෙනෙක් ප්‍රසන්න රණතුංගය. එයා උපන් ගෙයි සිරි ලංකා කාරයාය. අද උපන් ගෙයි සිරි ලංකා කාරයන්ගේ පක්ෂය පෝට්ටුවය. පොර ගේම පටන් ගත් දවසේ ඉඳන් කියන්නේ සිරිසේනගේ හිපාටුවන්ට මනාප දෙන්නේ එපාය කියලාය.


අනෙක් පොර ඇවිල්ලා විස්කි අතර ෆේමස් ජොනි වෝකර් වගේ, බටහිර නලුවන් අතර පොපියුලර් ජොනී ඩෙප් වගේ, අපේ රටේ පොපියුලර් කැරක්ටරයක් වන කුරුණෑගල ජොන්ස්ටන් හෙවත් කවුරුත් දන්නා ජොනීය. වෙන්න ටොයියෝ හා රතු අලි පැටව් දන්නේ නැති කාරනේ නම් ජොනී, ප්‍රසන්න මෙන් නොව උපන් ගෙයි යූ ඇන් පී කාරයෙක්ය කියනා එකය. ජොනීට කෙලින්නේත්, එජාපයේ නැගී එන කැපී පෙනන චරිත සියල්ලටම කෙලිය ප්‍රේමදාස පුතානෝමය. පුතානෝ වෙනුවෙන් ජොනී පෙනී උන්නාට ජොනීට කෙලවෙන කොට පුතානෝ පයිසෙකටවත් මායිම් නොකලේය.

ඒ ජොනීගේ හැටිය. පොර තමා පෙනි සිටින එකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් රෙඩී පොරක්ය. පෝට්ටුව නැවත බලයට ගේන්න රාජපක්ෂලාට බොක්කෙන්ම සප් එක දුන්නා පමණක් නොව. කුරුණෑගල පෝට්ටුවේ මර්මස්ථානයක් කරන්නට අද ජොනීට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසාය.

ජොනී ආයෙත් ටොපික් එකක් වී තිබෙන්නේ එයාගේ ඉලෙක්සොන් ඉස්පීච් දෙකක් නිසාය. ඉන් දෙවනි එක ගැන මුලින් කතා කරන්නේ නම්, ජොනී කියන්නේ ඔහුගේ එකම ආශාව නාමල් පක්ෂයේ නායකත්වය ගැනීම දකිනා එකය. මේවා හැම එකාටම කෙලින්ම කියන්නට ගට්ස් ඇත්තේ නැතිය. මේවා ප්‍රසිද්ධ රහස් උනත් කවුරුත් ප්‍රසිද්ධියේ කියන්නේ නැත්තේ ඊට පස්සේ එන කැපිලි කෙටිලි වලට බය නිසාය. ඒත් අනාගතේ ෂුවර් එකෙක්ට ඕවා බය නැතිව කියන්න පුලුවන්ය.

එහෙත් වඩා කතා බහට ලක් උනේ පළමුවෙන් කළ කතාවය. වෙන්න ටොයි හා රතු අලි සෝසල් මීඩියා කාරයන්ගේ බයිට් එක වී තියෙන්නේ ඒ කතාවේ එක කොටසක්ය. ඒත් මුලු කතාවම ඇහුවාම ජොනී කියන්නේ පරම සත්‍යයය.

එයාලා අල්ලාගෙන සිටින්නේ කතාවේ එයාලාට අදාල කොටසකත් පොඩි කෑලී දෙකක්ය. එනම් රාජපක්ෂලා බුරියානි දෙනවා නම් බෝ ගස් වලට උනත් වැඩේ දෙනවා කියනා එකය. ඒ අතින් පසුගිය කාලයේ බුදුන් රස්තියාදුවේ ඇරිය උන් කපුටු බෝ වලටත් වඳිනා බුඩිස්ට් පීපල්ස්ලා කිරීම ගැන ජොනීට කප් රුක් පූජාවක් තබා පින් අනුමෝදන් කළ යුතුය.

එහෙත් නම සඳහන් කලහොත් ෆේස්බුක් ගිණුම් මාසයකට බ්ලොක් වෙන ජාතියේ අයට අමතක උන කාරනා බොහෝම දෙයක් ජොනීගේ කතාවේ කියනවාය. බෝ ගහ කපපු කතාවත් ඇත්තය. ඕක බෝ ගහක් උනාට කපුටු බෝධියක්ය. ඇත්තම කියනවා නම් මාතලන්ද ඒ කාළයේ ඔය බෝ ගහ කපනවාට විරුද්ධ උනේය. හේතුව ආගම් බේදයක් නොව, ගහක් කපනවා කියන්නේ හෙන ගහනා අපරාධයක් නිසාවෙන්ය. හැබයි ඒ වෙලාවේ ආන්ඩුව උන්නේ බෝ ගහ ඉවත් කරන මතයේය.

එ ඇර ජොනී කියන්නාක් මෙන් එයාලාගේ වන්දනාව දිනකට පස් වතාවක් ගුවන් විදුලියේ දැම්මේය. ඒ වාගෙම නැගෙනහිර ප්‍රදේශයේ එයාලාගේ පූජ්‍යස්ථාන 200 ක් නැගෙනහිර ඉඳිකල කතාත් ඇත්තය. එහෙත් ජොනීට මිස් වූ ඒවාත් මහින්දලා ඒ අයට දුන්නේය. ඒ අතර හලාල් වගේම සවුදි අරාබියේ ඇති එයාලාගේ ආගම් මූලස්ථාන වන්දනාව එයාලාගේ දුප්පත් අයටත් ලබා දුන්නේය.

ඒ වාගේම ඒ කතාවේ කියන්නාක් මෙන්ම, ඉතිහාසයේ එයාලාගේ වැඩිම පිරිසක් කැබිනට් ඇමතිකම් දැරුවේත් ඒ කාළයේමය. එහෙත් ඒ උන් සියල්ලෝම අන්තීමට රාජපක්ෂලාට පස්ස පෙන්නා ආප්පයක් කා පැන්න එකාගේ සෙට් එකට හේත්තු උනේය.

ඒ එයාලාගේ හැටිය. එයාලාගේ නමින් තිබෙනා කොන්ග්‍රසය පිහිටුවා ගත් දා සිට අදවන වන තෙක් එයාලා කරන්නේ දේශපාලන වේසා කමක්ය. දැන් එයාලාගේ උන්ටත් ඒ බව අවබෝධ වී ඇති නිසාදෝ හින්ගල බූරුවන්ගේ පිහිටෙන් ගේම ගහන්නට සෙට්වෙලා ඉන්නේ මහාරාජාගේ ටැලිපෝන් සෙට් එකටය.

හැබයි ඒ ඔක්කෝම කරලාත්, එයාලා රාජපක්ෂලාට දුන්නේ බුරියානී නෙමේය. පරිප්පුය. කොහොමත් ජොනී කියනවා වාගේ මේ සෙට් එකම යූ ඇන් පී කාරයෝය. ගෙවල් වලත් කොල පාට ගාගෙන ඉන්නා මුන්නැහේලා කැපුවත් කොලය. ඒ නිසා එයාලා ගැන වැඩි හෝප්ස් තියා ගන්නා මොකාට උනත් හම්බ වෙන්නේ බුරියානි නොව පරිප්පුමය.

ඒ කියා ඔවුන්ගේ සාමන්‍ය ජනතාවට හෝ අනෙක් ජාතින්ට හෝ අඩුවෙන් සැලකීමක් කරන්නෙයි කියා අප කියන්නේ නැතිය. ඔවුන්ද සාමාන්‍ය සිංහළ ජනතාව මෙන්ම අසරණ පිරිසකි. තමාගේ ජාතියේ උන් තබා එක බඩවැල කඩාගෙන ආ උන්වවත් අන්විශ්වාසොබල් කාලේ එයාලා විශ්වාස කොරනා එක මාර ඩේන්ජරස් සහගතය.

මක්නිසාද යත් මහින්ද මහත්තයාගේ කාළයේ පිලේ පැදුර එලා ගන්නට ඉඩ දුන් සෙට් එකක් අන්තීමට කෑගල්ලේ බුදු පිළිමවලටත් නෙලා 2019 පාස්කු ඉරිදා රටටම පරිප්පු කන්න දුන් නිසාය.

ඒ වගත් මෙසේය…




7 comments:

  1. මාතලන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක බ්ලොක් උනා නේද අපේ රිපෝර්ට් නිසා. මාතලන් දැන් හදාගෙන තියෙන අලුත් එකවුන්ට් එකත් රිපෝර්ට් කරන ගමන් මේ. අඩුවට ඩේටා හම්බුනාට, නොමිලේ ෆේස්බුක් හම්බුනාට උබලා වගේ උන් ඒවාට සුදුසු නැහැ. දකින දකින තැන රිපෝර්ට් කරලා එළවලා දාන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. තොපි වගේ පොන්නයෝ තමා මගේ පන්නරය

      Delete
  2. ජොනියට වගේම
    මැකෝටත්
    පැටලිලා!

    ReplyDelete
  3. වාසුටයි, බාහුටයි මනාපෙ දෙන්න එපා.

    කොටින්ට වන්දි දෙන්න අත උස්සපු අයටත් මනාපෙ දෙන්න එපා.

    ගම්පහ අය පොහොට්ටුවට කතිරේ ගහලා අංක දෙකටත් කතිරේ ගහන්න. ( මම භෞතික වාදියෙක්, හොඳ භෞතික ශරීරයක් තියෙන කෙනෙක්ට තමයි මනාපෙ දෙන්න ඕනේ)

    ReplyDelete
    Replies
    1. ආනෝල්ඩ් සේරසිංහ කියන්නේ හොඳ බෞතික ශර්ර්‍රයක් ඇති සුද්ද සිංහලයෙක්

      Delete
  4. ආවා. මොකුත් කියන්නේ නැත්තේ අප්ඩේට් වෙලා මදි හින්දා.... මම ඉතින් ටියුබ් ලයිට් මැන්ටලයක්නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න