.

.

Sep 13, 2020

මේ 225 ත් එපා

 

බොහෝ අය ඝෝඨා ගෙන ආවේ ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියලා හිතාගෙනය. අනෙකුත් පාලකයින්ට වඩා ඝෝඨාභය රාජපක්ෂ නම් පාලකයා වෙනස් බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූයේය. දැනටත් දිනපතා ඔප්පු කරමින් පවතින්නේය.

කොරෝනා වසංගතයෙන් රට බේරාගත් නිසාත්, පාට පක්ෂ කුල මල බේද නොසලකා සෑම පවුලකටම රුපියල් 10,000 ක්ම දුන් නිසාත්, එජාපයට චන්දය දාන්න හිටි උන්ගෙන් භාගයක්ම චන්ද පොලට නොගියේ, අපේ රටේ මිනිස්සුන්ගේ ගුණ යහපත් කම හා කෙලිහෙගුණය නිසාමය.

එහෙත් මෙය තමන්ගේ ජයග්‍රහණයක් යැයි කියා පාර්ලිමේන්තුවේ පිස්සු කෙලින්නේ, මේ කරුණු හරි හැටි අවබෝධ කර නොගත් පිරිසය.

ඝෝඨාගේ සිස්ටම් එක චෙන්ජ් වුවද, පාර්ලිමේන්තුවේ අති බහුතරය පෙර පරිදිම කරන්නේ කාළය කා දැමීමය. එක්කෝ මහාවංශය හා දීපවංශය ගැන මරාගනිති. උතුරෙන් පැමිනි උන් හැමදාමත් වාගේ නිජබිම හා උන්ට විතරක්ම විශේෂිත වූ ප්‍රශ්ණයක් යැයි සිතනා දෙමළ ජනයාගේ අයිතිවසිකම් ගැන පමණක්ම කතා කරති.

නම කීවොත් සමාජ මාධ්‍ය තුල බ්ලොක් වන ජනම් එක සද්දේ වහලා ඉන්නේ, පාස්කු ප්‍රහාරය නිසා එයාලාගේ රෙදි ගැලවිලා තියෙන හේතුව නිසාවෙන් මිස, වෙන කිසි හේතුවක් නිසා නොවේ. ඒ නිසා, පාර්ලිමේන්තුවේ ඉල්ලන්න බැරි ඒවා හකීම් මහත්තයා ඉල්ලන්නේ එලියේය.

සජිත් ජන බලවේගයට උන් කරපු දෙයක් කියන්න නැති නිසා, ආයෙත් කියන්නේ 2015 ගහපු බයිලා ටිකමය. අනුර කුමාර දිසානායක කරන්නේද එයමය. ඒවා මාරම කතා ලෙස වහල් ප්‍රජාවේ අමන්දානන්දයට හේතු වී තිබෙන්නේ හරියට මේ කතා කලින් අහලා තිබුනේ නෑ වගේය.

කරුමය කියන්නේ, උන් ඔක්කෝම ඇතුලට දාන්න, රනිල් වික්‍රමසිංහ උන්නැහේ වෙනම ඔෆීස් එකකුත් අරලිය ගහ මන්දිරේ දමා, සුවා දීන අධිකරණ කොමිසමකින් රන්ජන් රාමනායක විසින් මෙහෙයවන විනිසුරුවනුත් දමා දී තිබියදිත්, අඩුම ගානේ ඒ වැඩේවත් හරියට කරගන්න බැරි උනේ, සියල්ලෝම මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් බැරි උන් බව මොනවට ඔප්පු කරමිනි.

එහෙත් ජේ ආර්ලා සිරිමාවෝන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළේ මේ හාල්පාරුවෝ වගේ උන් නොව, සුපිරි බුලට් බඩු සෙට්ටෙකක්ම උන්නැහේට උන් නිසා බවත් මේ ගොන් වහන්සේලාගේ දැන ගැනීම පිණිස ලියා තැබිය යුතුමය.

අනුර කුමාර දිසානායකට බලයක් තියෙනවා නම් ඔක්කෝම ඇතුලට දානවා කිව්වාට, සියල්ලම දැනගෙන සද්දේ වහලා විජේදාස රාජපක්ෂලා වාගෙම ඩීල් වලට ගිය බව, මේ කතාවලින් අපට පැහැදිලිවන දේය. ඒවාට ලැබුනු මිළ මුදල් හා වරප්‍රසාද කිසි දින එලියට එන්නේ නැත්තේ ඒවා දේශපාලන ඩීල් නිසාමය.

ආන්ඩුවේ අය ගැනද කීමට ඇත්තේ එයමය. ඝෝඨා නියෝජනය කරමින් පැමිණි පිරිසගේ යම් කිසි හැදියාවක් පෙනුනද, කබ්‍රාල් පවා ඇදගෙන නෑවේ මහත්මා දේශපාලායෙන් බැහැරව ජනප්‍රිය දේශපාලනය මාරම එකක් කියා සිතනා නිසාය.

තවත් පසකින් ඇසෙන්නේ, අර ගායක තරු බිහි කරනා රියැලටි වඩ සටහන් වල ඇසෙන මළ අඬෝවැඩියාවන්ය, නොමිනේසොන් දුන්නාට රාජපක්ෂ හත්මුතු පරම්පරාවටම කරනා ස්ත්‍රෝත්‍ර ගායනාය. නැත්නම් උන්ගේ දුකය, අම්මා තාත්තා ජෙප්පෝ මැරුවා කියා නාහෙන් අඬන ඒවාය. භීෂණ සමයේ කෑ ටකරන් හා ටින්කිරි ගැන පැරණි රසංගය.

ඒසෙ නොමැති නම් මෙතෙක් දුර එතෙක් පැමිණි ජීවන ගමන් මගේ දුක් කම්කටොලුය. ඊයේ එකියක් හස්බන්ඩාටද ඉස්තූතී කලේ ඉන්ගිරිසියෙන්ය. එයාම මදර් ටන්ග් එකෙන් විග්නේශ්වරන්ගෙන් ගේම ඉල්ලලා, කාළය අවසාන වූ නිසා ඉඳගත්තේය. වැඩක් ඇති කතාවක් මෙතෙක් ඇසුවේ හරිනි අමරසූරියගෙන් පමණය.

මේ ගොන් කතා මහින්ද මහත්තයාට නම් පට්ට ආතල් බව පෙනෙන්නේය. හැබයි උන්නැහේ නොදන්නේ, එයැයි මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලුවෙත් මේ පිස්සු වාහේලාගේ ගොබ්බ කතා හා දැනටත් ආරම්බ කර ඇති අමු ගොන් තකතීරූ වැඩ නිසාවෙන් බවය.

දැන් ජනතාව ඉන්නේ මේවා දැකලා දැකලා එපා වෙලාය. දියන්නාව මැද තිබෙනා ගවගාලට බෝම්බ ගහපියව් කියන්නේත්, ගහනා හෙනයක්, ගලනා ඟං වතුරක් සුනාමියක් ඕකටම වැදියන් කියන්නේත්, 225 ම එපා කියන්නේත් ඒ නිසාමය. කරුමයක මහත නම් මෙවරත් ලැබි තිබෙන්නේ එහෙම මළදානයක්මය.

මක්කා කලත් ජෙප්පන්ට මඩ ගැසීම් අස්සේ වූවත් විමල් වීරවංශ කතා කලේ පොයින්ට් එකටය. එයැයි කිව්වේ ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම දුන්නේත්, පාර්ලිමේන්තුවට එව්වේත් තමුසේලාගේ නල්ලමලේ සුවා දීන අධිකරණයෙන් නිසා, සාටක එල්ලගෙන ගේම ඉල්ලිය යුත්තේ අළුත්කඩේය කියලාය. සහතික ඇත්තය. මේ ටිකවත් තේරෙන්නේ නැත්නම් මුන් සියල්ලෝම අමු ගොන්නුමය.

සිරිසේන කඹයක් ගෙනත් මරණ දඬුවම දෙන්න යන වෙලේ, මිනිමරුවන්ගේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙනුත් කවී ගී කෙටිකතා නවකතා නිසඳැස් ලියමින් හඬා වැටූනු ලිබ්බෝ, ප්‍රේමලාල් ජයසේකරගේ මානුෂික අයිතිවාසිකම් ගැන ලියනා හටි දැක්කාම නම් සිතෙන්නේ, උන් කිසිදා ලිබ්බෝ නොවනා බවත් අමු කබ්බෝ වන බවත් පමණමය.

මේ වගේ පාර්ලිමේන්තුවක් තිබෙනවාට වඩා, 19 වන සංශෝධනයෙන් මේ මුදල් නාස්තිය නවතා දානවා නම් වඩා හොඳ බව මාතලන්ගේ මතයය. මොකෝ ඉදිරි අවුරුදු ටිකේත් ඝෝඨා කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව නම් සත පහක වැඩක් ඇති තැනක් වේ යැයි කියා සිහිනයෙන් වත් සිතෙන්නේ නැති නිසාමය.

උන්ට දෙන සී ඩී පට පාර්ලිමේන්තුවේ කුණු බක්කියේ කියන්නේ, අප නොව උන්මය. උන් එන්නේ වරප්‍රසාද භුක්ති විඳිමට මිස නීති හදන්නට නොවනා බව ඉන් ඉතාමත්ම පැහැදිලිය. එකෙක් බඩ ඉරිඟු කිලෝ දයහක් ගෙනල්ලා කාපු කතාවකුත් කීවෙය. ඔය එන ගමන් තණකොල මිටි කීපයකුත් ගෙනාවා නම් කස්ටියටම සෙට් වෙලා හප හපා ඉන්න තිබුනේය. ඕකුන්ට තවත් ටැබ් දෙනවා නම්, සියල්ලටම පෙර අංගොඩ මානසික රෝහලෙන් දෙන එකාගෙ මොළේ ඉස්කෑන් එකක් කර ගන්නා එක වඩා හොඳය.

ඒ වගත් මෙසේය…..



9 comments:

  1. අපොයි එහෙම බැහැ මාතලන් උන්නැහේ.
    225 විතරක් නෙවෙයි, පළා-ප්‍රාදේශීය සභා බබාලාටත් එයාලගේ කාරිය මඬුල්ලටත්, ගෑවිච්චි හත්මුතු පරම්පරාවටත් තව-තව බලේ නොදී කොහොමද වළේ වැටිලා තියෙන මව්බිම බේරා ගන්නේ?

    ReplyDelete
  2. පොත් ලිස්ට එක අත්යවශ්යයි.

    ReplyDelete
  3. එකක් කඩතොලු මකන්නට ගොස්
    දෙකක් කඩතොලු හදාගත්තලු
    ඉඳුරුවේ ආචාරියා

    ReplyDelete
  4. මාතා දන්නවද අද ගරු ත්‍යාගදීප්පන් තිලීබන් මැතිතුමාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් මානුෂීය සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්. කේ. සිවාජිලිංගම් මහතා අද (ලංකාවේ සැප්තැම්බර් 15) උදෑසන යාපනය කෝපායි පොලීසිය විසින් ඉතා නරුමවාදි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පොලිස් භාරයට ගෙන ඇති බව?

    මෑතකදී තිබූ මහා මැතිවරණයේ දී දුෂ්ට සිංහල ජාතිවාදී අමනයින් විසින් කරන ලද කුමන්ත්‍රණ නිසා පරාජයට පත් කරනු ලැබූ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා යාපනය උරුම්පිරෛයි ප්‍රදේශයේදි තිලීබන් මහතාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් ඔහුව පොලිස් භාරයට ගෙන ඇත.

    ලංකාවේ දමිළ භාෂාවෙන් පළ කරන ජනමාධ්‍යවේදීන් අදාල සිද්ධිය ගැන කෝපායි පොලීසියෙන් දිගටම කරගෙන ගිය විමසීම්ය වලට පස්සේ ප්‍රකාශ කළේ ඒ මන්ත්‍රී වරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවත් විතරයි.

    මම හිතන්නේ ඔබට මතක ඇතැයි සිතිය හැකියි එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීප්පන් තිලීබන් මහතා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තම්බර් 26 වනදා මිය ගිය බව. මේක ගැන විරෝධය පළ කරමින් පෝස්ට් එකක් ලියන්න. මේකට දකුණේ සිංහල සමාජය තුළ කවුරුත් තාම විරෝධය දක්වලා නැහැ. මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිද්ධ කරනු ලබන අන්ත ජාතිවාදී අශීලාචාර ජඩ වැඩ වගේ දේවල් විවේචනය කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හරිම කැත වැඩක් ඒක....

      මම ජිනීවා යන්න ඉන්නේ ඒකට...

      Delete
  5. මාතේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට ආණ්ඩුව පත් කරන ලද කමිටුව රැස් වී එම කෙටුම්පතේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට ඊයේ එකඟතාවයට පැමිණ ඇත්තේ ආණ්ඩුව ඇතුලත ඇඳගෙන ආණ්ඩුව විවේචනය කරන කල්ලි වල බලපෑම නිසා.

    එමෙන්ම ආරංචි විදියට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට හා උසස් නිලතල දැරීමට අවසර නොදීම, ඇමති මණ්ඩලය සීමා කිරීම, විඝණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම ඇතුළු සංශෝධන ගණනාවකට මෙහිදී එකග වෙලා තියෙන්නේ. මේ නව සංශෝධන සහිත වාර්තාව සකස් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට භාරදීමට නියමිතයි.

    කොහොම හරි හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් එය ඉදිරිපත් කරලා සම්මත වීමෙන් පසු නව ගැසට් නිවේදනයක් මගින් එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව කියන්නේ මේ ගැන විග්‍රහ කර ගන්න එක අමාරුයි.

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙක්ගෙම ජාතිය ආමන්ත්‍රණය කර ඇති බව වාර්ථා වේ....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න