.

.

Oct 30, 2020

ඇදගෙන නානා සෞඛ්‍ය බලධාරියෝ


කොවිඩ් වසංගතය සමාජගත වී ඇත්දැයි තවම කියා අප තවම දන්නේ නැත. මොකෝ ඒ ගැන ඔෆීසියල් නිවේදනය තාමත් සකස් කරමින් තිබෙනවා විය හැකිය.. එය ප්‍රකාෂයට පත් කල යුත්තේ සෞඛ්‍ය බලධාරීන් මිස වෙනත් කිසිවකු නොවේ.

හමුදාව හා පොලීසිය විසින් කලේ.., සෞඛ්‍ය බලධාරීන් ගත් තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා විශේෂ සහායක් ලබා දීම පමණි. එම කාර්යය ඔවුන් විසින් අදත් ඔවුන්ට හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කරනා බවත් ඔවුනට උපහාරයක් ලෙස සඳහන් කල යුතුමය.

එහෙත් සෞඛ්‍ය බලධාරීන් කරන්නේ තමන්ගේම එකිනෙකාට දොස් පවරා ගැනීම හා මෙලෝ රහක් නැති තීන්දූ තීරණ ක්‍රියාත්මක කොට අදෙගන නාගන්න එකය. දෙවනි රැල්ලේ මුල සිටම ඇදගෙනම නා ගන්නේ ඒ නිසාය.

තත්වය කෙතරම් වර්චස් වී ඇතිදැයි කිවහොත්.., රෝහල්ගත් ආසාදිතයින් පවා නිවෙස් වලට පිටත් කිරීම්ට කටයුතු යොදනා බවටත් වාර්ථා වේ. ඒ ඊළඟ ඇදගෙන නෑමය.

පළමු අවස්ථාවේ උන් සෞඛ්‍ය අංශයේ ප්‍රධාන චරිත දැන් ඇත්තේ නැතිය. දැන් ඉන්නා උන් මෙලෝ රහක් නැතිය. කලින් සිටි පිරිස, වගකීම් තමන් වෙත පවරා ගත් අතර, දැන් ඉන්නා උන් කියන්නේ ජනතාව මීට වග කිව යුතු යැයි කියලාය…

සෞඛ්‍ය අමාත්‍යශය කියන්නේ එකකි. බෝවන රෝග පිලිබඳ ලොක්කා කියන්නේ තවත් එකකි. වෛද්‍ය සංගමය කියන්නේ තවත් එකකි. ගොම සංගමය තා මොකක්දෝ එකක් කියති. එයාලා කියන එවා කරන්න මොන්ටිකාලෝ ආන්ඩුවටත් බැරිය.

සියල්ලෝ එකිනෙකාට දොස් පවරා ගනිති. මාධ්‍ය කාරයෝ ඒවා විකුණාගෙන කති. ඒ ඒ චැනල්වලට අරක්ගත් වෛද්‍ය භූතයෝ වෙන වෙනම වෙත්…

සියල්ලෝම වීරයෝ වීමට දඟලති. ඇත්ත කියන්නේ මොකාද හා ඇත්ත මොකක්දැයි කියා මිනිස්සු පුක කස කසා කල්පනා කරති.

එහෙත් මේ අවස්ථාවේ ජනතාවට ලබා දිය යුත්තේ එක පනිවිඩයකි.

ආන්ඩුව ඊට මැදිහත්ව එක් ප්‍රකාෂකයකු පමණක් නම් කළ යුතුමය.

ප්‍රජාතන්ත්‍රවාදයත් ඕනාවට වඩා ඕනෑම නෑ කියා අප කියන්නේ මේ නිසාය. අද ඒ පරිප්පුව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කමින් සිටී….. නිකං නොව ඉල්ලාගෙනම කමින් සිටි…

ප්‍රංශයේ බුද්ධිමත් ජනතාව විසින් පරීක්ෂා කිරීම සඳහා, එහේ ජනාධිපතිගේ මොළේ ඉල්ලන්නේ ඒ නිසාය.

එකිනෙකාට හිතෙන හිතෙනා දේ කීමේ හොඳම උදාහරණය බස්නාහිර පලාත ලොක් ඩවුන් කිරීමේ නිවේදනයයි.

සමාන්‍යයෙන් දීර්ඝ සති අන්තයක් පැමිණි විට මිනිසුන් කොළඹින් පිටත් වීම මේ මොහොතේ සිඳු වූ දෙයක් නොවේ. එය දැන් අපේ කල්ට් එකකි. සිකුරාදා දිනය නිවාඩු දිනයක් නම් බ්‍රහස්පතින්දා සවස් වන විටම කොළඹ නඟරය පාලුවට යන්නේත්.., මාතර එක්ස්ප්‍රස් වේ පිරී යන්නෙත්…, නුවර පාර බ්ලොක් වෙන්නේත් අදක ඊයෙක නොවේ.

එමෙන්ම කතරගම, නුවර එළිය හා මෑතක සිට ඇල්ල ප්‍රදේශයද එවන් සති අන්තයක ජනතාවගෙන් පිරී පවති. ඉහළම පන්තියේ පිරිස් පවා විදේශ ගත වීමට නොහැකි බැවින්.., තරු පන්තියේ හෝටල් වලට වැදීම සාමාන්‍ය දෙයකි.

එවන් තත්වයක් තුල කළ යුතුව තිබුනේ බදාදා මධ්‍යම රාත්‍රියේ සිටම බස්නාහිර පලාතෙන් පිටවීම සම්පූර්ණයෙන් අහුරා දමා බ්‍රහස්පතින්දා දිනයේ අත්‍යාවශ්‍ය භාන්ඩ මිළ දී ගැනීමට පහසුකම් සලසා සිකුරාදා සිට ඇඳිරි නීතිය දැමීමයි. මෙය ඉතා පහසුවෙන් කල හැකිව තිබූ දෙයකි.

එහෙත් කළේ කුමක්ද.. සිකුරාදා සිට වසා දමන බව පමණක් නිවේදනය කිරීමයි… සියල්ලෝම බ්‍රහස්පතින්දාම කොළඹින් පිටත් උනේ වෙනදා පුරුදු විදියටමය…

කල ගොන් කම තේරී බලධාරින්ගේ ඉහ මොළ රත් උනේ එක්ස්ප්‍රස් වේ එක හා නුවර පාරේ වාහන ටික පිරෙනා විටය…

අප රටේ සිටින්න්නේ මෙවන් සුළු දෙයක් ගැන හෝ අවබෝධයක් නැති තකතීරූ නිළධාරින් බව මෙවරත් මොනවට පසක් කළේය..

මේ වාගේ නිළධාරින් එක්ක සෞභාග්‍යයේ දැක්ම කෙසේ වෙතත්.., සිඳුවන්නේ සියල්ලෝම විහිළු කාරයන් වීම පමණමය…


ඒ වගත් මෙසේය…



21 comments:

  1. මාතලන් අපේ රටේ ප්‍රාදේශීය පරිපාලනය කියා පාලන යාන්ත්‍රණයක් තිබුණා. ඒකේ ගමේ හිටි නිලධාරියා ගම් මුලාදෑනියා, ඔහුට සමස්ත රජයේ බලය ගම්මට්ටමේ ක්‍රියාත්මක කිරීමට බලය තිබුණා. ඒ සඳහා නිකුත් කරපු නියෝග instructions to headmen කියලා තියෙනවා. බෝවෙන රෝග පැතිරෙන වෙලාවල ගමේ කලයුතුදේ මේකේ තියෙනවා. දැන් මේ පාලන ක්‍රමයවත් ඒපාලන ක්‍රමය ක්‍රියාත්මක කර රට පාලනයකල සුද්දනුත් නැත.ඒවෙනුවට අපේම නිදහස් ස්වෛරී පාලකයින් අපිට සිටිනවා.මේවගේ ගමේ වගකීම ඇති නිලධාරීන් වෙනුවට මනාපයෙන් පත්වෙන මංත්‍රීවරු හැම ගමකම ඉන්නවා.ඒඇත්තන්ට කොන්ත්‍රාත්කිරීම ලොකු කොන්ත්‍රාත්වලට පස් සැපයීම ,වැලි බලපත්‍ර ගැනීම ආදී කාර්‍යන් රැසක් තිබෙනවා.ඒනිසා බෝවෙන රෝගවලදීත් ආණ්ඩුවේ සල්ලි වලින් තමන්ට මනාපෙ දුන් එකාලට බඩු මල්ලක් සපයන එක රෝගමර්දනයට වැඩිය ප්‍රමුඛ වී ඇත්තේ අනික් අතට පරිගනකය හරහා හැම ලබ්බම මධ්‍ය ගතකරගෙන කොලඹට ගෙන්නා කරදෙන රටක රෝග මර්ධනයත් මධ්‍ය ගත කිරීම හැර මේ ගම්වල එවුන් ලවා කරවීම දියුණු රටකට ගැලපෙන්නේ නැති නිසාදෝ ගමට බලය දීම අවශ්‍ය නැත. අපි කොලඹින් කියනවිදියට බෝවෙන රෝග පැතිරීම පාලනය කලයුතුමය.ඒ සඳහා උදේ දවල් රාත්‍රි තුන්වේලට රූපවාහිනියෙන් නිවේදන කියවන අහවල් ඇත්තන්ගේ නිවේදන නියෝග ආදියට සවන්දී ඇඳිරි නීති, ලොක් ඩවුන්, ,හුදකලා කිරීම්, ආදී නානාප්‍රකාර චාරිත්‍ර වාරිත්‍රවල යෙදී ඉෂ්ඨ දේවතා අනුස්මරණය මැනවි.(ඇඳිරිය මැද නිකං ඉන්නවාට බෝවෙන රෝග පැතිරෙන කොට ගමේ මුලාදෑනියා කලයුතු දේ ගැන කියවීමට ආසානම් instructions to head men (1947 British Ceylon පොතේ 41 ඡේදය කියවීම මැනවි).

    ReplyDelete
  2. ඇත්ත තමයි ඉතින් මාතයියේ ගොඩක් ඉස්සර සුපර්ස්ටාර් සංගිතයක් තිබ්බා මොරටුවේ දෙදාස් හයේ විතර ඒකට සීසන් 1 ගායකයෝ ඔක්කොම ආවා. අපේ අක්කා මට පොඩි පොත් කෑල්ලක් දිලා යැව්වා මල්ලී කොහොමහරි මට ශිහාන්ගේ අත්සන අරන් එන්න කියලා☺️ ශිහාන් සිංදු කියලා එලියට ආවා කෙල්ලෝ ශිහාන්ව වට කරගෙන�� මම විතරයි කොල්ලෙක්ට, එකත් පිටිමපිටිපස්සේ. ශිහාන් අයිය මාව දැකලා කිව්වා මල්ලි මෙහාට එන්න කියලා එක කෙල්ලෙක්ටවත් සමරුසටහන් දෙන්න කලින් මට දුන්න��ඒ වෙලාවේ මට තෙරුණා කොල්ලෙක් කොල්ලෙක්ට කොහෙත් මුල් තැන දෙනවා කියලා �� අන්න ඒ, වගේම තමයි ඉතින් මේකත්

    ReplyDelete
  3. මාත මචෝ මම පොඩි කාලෙ ඉස්කෝලේ දන්තසායනේ ට ගියහම එතන හිටපු ඩැන්ටිස් ඩොක්ටර් කිවුව අඟුරු වලින් දත් මදින්න හොඳ නෑ දත් ටික හීරිලා විනාශ වී යනවා කියල.

    අනේ දැන් ඇක්ටිවු කාබන් දන්තාලේප කියල ඒ අඟුරු වලින් පොෂ් එකේ දත් මදිනව. ලොකු ගානකුත් ගෙවල... අනේ මන්දා මට නම් මේව දැක්කම මාර පුදුමාකාරයි නේද කියලා හිතුනා

    ReplyDelete
  4. කොරෝනාවල භයානකකම අපිට තාම හරියට දැනෙන්නෙ නෑ මාත .. ඒක එහෙම වෙලා තියෙන්නෙ අපේම කියලා කියන කිසිම කෙනෙක් තාම මේ තත්වෙට මූණපාල නැති නිසා. ඒත් කොරෝනා කියන්නෙ කොයිතරම් සාපයක් ද කියල අද මම දැනගත්තා.

    අපි ඉන්නේ කිරිව්ත්තුඩුව හරිත උයනේ, මේ පාරෙම ගෙවල් දොළහයි තියෙන්නෙ .ඒ එක ගෙදරක හිටියෙ අම්මයි පුතයි.ඒ පුතා විශේෂ අවශ්‍යයතා සහිත තරුණයෙක්.මේ අම්මා කොතනද පුතා එතන. ඒ දෙන්නම කාටවත් කරදරයක් නැති අහිංසක දෙන්නෙක්.

    පහුගිය දවසක මාළු ගන්න ගිහින් ආවට පස්සෙ මේ නැන්දාට උණ හැදිලා.. කොරෝනා ලක්ෂණ සියල්ල පෙන්නුම්කරපු නිසා නැන්දා ඊයෙ තව අසල්වාසී ගෙදරකට ඒ ගැන කියල තිබ්බා. ඊටපස්සෙ phi මහත්තයව ගෙන්නුවම ඒ මනුස්සයට පුළුවන් උනා බැල්මෙන්ම කියන්න නැන්දට හැදිල තියෙන්නෙ කොරෝනා කියල .

    ඊටපස්සෙ ගෙදර නිරෝදායන ස්ටිකර් එක අලවන්නවත් මේ phi බය උනා..ඒක ඇලෙව්වෙත් අපේ පාරෙ එක්කෙනෙක්මයි .පාරෙ හැමදෙනාම කිව්වා අම්මව විතරක් රෝහල්ගත කරන්න එපා පුතාවත් අරන් යන්න කියල .මොකද අම්මා කොරෝනා පොසිටිව් නම් රිස්ක් එකක් තියෙනවා පුතාටත් හැදෙන්න..ඒ පුතා හිටි ගමන් ගෙදරින් යනවා.මීට කලිනුත් ඔහොම ගිහින් දවස් ගාණකට පස්සෙ තමයි හොයාගෙන ගෙදර ගෙනත් තිබුණෙ.එහෙම වෙලා මේ පුතා ආපහු ගියොත් " සමාජයට" ව්‍යාප්‍ත වෙන්න පුළුවන් කියල phiට නොතේරුනාට අපේ පාරෙ මිනිස්සුන්ට තේරුණා.. හැබැයි phi කිව්වෙ
    " මම ගෙදර ගෙනියන්නද එහෙම අරන් යන්න බෑ කියල "

    නැන්දව ගෙනියන්න ඊයෙ හවස හයට වගේ ඇම්බියුලන්ස් එක ආවා.. මේ පුතත් අම්මා එක්ක යන්න ලෑස්ති වෙලා හිටියෙ.ඒත් අංතිමට පුතාව දාල අම්මව එක්කගෙන ගියා. පුතාට රෑ කෑම හදල තමයි අම්ම ගිහින් තිබුණෙ. නිරෝදායනය වන නිවසක් කියල ස්ටිකර් ඇලෙව්වට ඒ ගෙදර දිහා නොබලා ඉන්න තරම් අශ්ලීල මිනිස්සු අපේ පාරෙ නෑ.. රෑ දහයටත් ඒ ළමයට කතා කරල මල්ලී අපි උදේට කෑම දෙන්නං ඔයාට කියල කියන්න පුළුවන් රත්තරං මිනිස්සු ටිකක් මෙ පාරෙ හිටියා.

    අද උදේ ගෙදර දොර වහල නිසා දෙතුන් දෙනෙක් කතා කලත් දොර ඇරල තිබුණෙ නෑ .අපේ පාරෙ අය කොරෝනා කියල නොබලා හිටියෙ නෑ ..පුළුවන් තරම් ආරක්ෂා වෙලා දොර ඇරගෙන ගෙට ගියාම අර ළමයා හිටියා.. හැබැයි පණ පිටින් නෙවෙයි .ඒ ළමයා එල්ලිලා..

    මරණය කියනෙකට එළඹෙන්න තරම් මානසික අවුලක් තිබුණු ඒ තරුණ ළමයගෙ මානසික තත්වය ඊයෙ රෑ ඉඳල කොයිතරම් ද?

    මනුස්සයෙක් මැරෙනව කියන තීරණේට ආවත් ඒක ක්‍රියාත්මක කරන්න කොයිතරම් ආවේගයක් වේදනාවක් එන්න ඕනෙද ? කොහොම හරි අද හවස ආව අනික් ආරංචිය තමයි ඒ නැන්දා කොරෝනා නෙගටිව් කියල ..මේ මොහොත වෙද්දිත් එයා දන්නෙ නෑ පුතා මේ ලෝකෙන් ගිහින් කියල ..

    PHI මහත්තුරු කියල කට්ටියක් ඉන්නෙ මේ වගේ දේවල්වලටද මාතේ? මේ PHI මහත්තයා සම්පූර්ණයෙන් ම ෆේල්. එයා එයාගෙ රාජකාරිය හරියට කළා නම් අර ළමයා තාමත් ජීවත් වෙනවා.

    කොරෝනා කියන්නෙ මොකද්ද? ඊයෙ කතා කරල හිනාවෙලා හිටපු මනුස්සය අද මේ ලෝකෙ නෑ කියල දැනගන්න තරමට ම මේ ව්‍යසනය අපේ ගෙදර දොරට තට්ටු කරනවා.
    පරිස්සමින් ඉන්න ලැබේවා හැමදෙනාටම කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ

    ReplyDelete
    Replies
    1. සෑහෙන දුක හිතෙන කතාවක් ඒක . ඒ නිලධරයාට හරි වැටහීමක් නැහැ මේ වගේ වෙලාවක වැඩ කරන්නේ කොහොමද කියල.

      Delete
    2. ඔය පී එච් අයි ලා කියන්නේ යුනිෆෝම් අන්දපු මී හරක් වගයක්

      Delete
    3. මෙච්චර කල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කියල උන් ජාතියක් හිටියද කියලවත් ගානක් තිබ්බෙ නෑ... මෙලෝ ආතක් පාතක් නැතුව, කිසි වගකීමක් ඔහේ හිටපු PHI ලට වගකීමක් භාර දුන්නාම දැන් බලතල හෙන ඔලුවට අරන් හැසිරෙන්නෙ අශ්වයින්ට අං ඇවිල්ලා වගේ.....���� ෂික්

      Delete
    4. නීතිය දන්නා, මනුස්සකම නොදන්නා PHI කෙනෙක්ද PHක්ද ඒ?

      Delete
    5. පී එච් ඓ/ පොලිසිය කෝකත් එකයි මහත්වරු නෑ අපේ පල්ලියෙ සුවාමි කුඩුකාරයො එක්ක හැප්පිලා හැප්පිලා බැරිම තැන රැස්වීමක කිව්වා අහිංසක තරුණ ජීවිත විනාශ කරන්න පගා ගහන හැම පොලිස් කාරයගෙම ලමයි ඉපදෙන්නෙ අංග විකල වෙලා කියල අන්තිමේදි එතන හිටපු පොලිස් ලොක්කගෙ ලමයා අංගවිකල ලමයෙක්ලු සුවාමි ඔය බවක් දැනගෙන හිටියෙනෑ එදා රෑ ඉදලම ගම වටේ පොලිසිය දාලා එක එකාව අල්ලන්න ගත්ත සතියයි ගියේ පොලිස් කාරයා මාරු කෙරුව අදටත් සිරිගම්පල අරක්කු පොලවල් වලින් ප්‍රසිද්ධියේ සල්ලි ගන්නෙ පොලිසිය බලන්න අහන්න කවුරුවත් නෑ

      Delete
  5. සමාජගත වෙලා නැත්නම් තැන් තැන්වලින් මතුවෙන්නේ කොහොමද කියල අක්වුරුත් අහන්නේ නැත්තේ ඇයි

    ReplyDelete
    Replies
    1. මේක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ටෑන්ඩර්ඩ් එකක්...

      ස්ටේජ් හතරක් තියෙනවලු... අපි ඉන්නේ තුන් වෙනි එකේ...

      ඕක හතරලු...

      https://m.economictimes.com/news/politics-and-nation/coronavirus-the-four-stages-of-a-global-pandemic/stage-4/slideshow/74884193.cms

      Delete
    2. මේක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ටෑන්ඩර්ඩ් එකක්...

      ස්ටේජ් හතරක් තියෙනවලු... අපි ඉන්නේ තුන් වෙනි එකේ...

      ඕක හතරලු...

      https://m.economictimes.com/news/politics-and-nation/coronavirus-the-four-stages-of-a-global-pandemic/stage-4/slideshow/74884193.cms

      Delete
  6. ලොක්කො ඔළු බක්කෝය
    ඔළුව ඇතුළේ හිස්ය
    ඉහළ යන තරමටම
    මොළය පහතට යාය!

    ReplyDelete
  7. ජනාධිපතිත් ජනතාවට බෝලෙ පාස් කරලා ඇඟ බේර ගන්න හදනවා.. හරියනකොට් මම, වරදිනකොට තොපි...

    මොන බයිලා ගැහුවත් දෙන්නම් මට පේන්නෙ පාලනයෙන් ගිලිහිලා. කොටින්ම කිව්වොත් සියදිවි නසා ගන්න උන්ටත් කොරෝනා තියනවා...

    ReplyDelete
  8. //අප රටේ සිටින්න්නේ මෙවන් සුළු දෙයක් ගැන හෝ අවබෝධයක් නැති තකතීරූ නිළධාරින් බව මෙවරත් මොනවට පසක් කළේය..//
    එල කිරි!
    දැන් මාතලන් කියන්නේ ස' ඇතුළු ආණ්ඩුවේ ලොක්කෝ මේ කිසිම දෙයක් දන්නේ නැති ඈත එපිට ග්‍රහලෝකෙකින් ආ කණ්ඩායමක් බවද?
    මේජර් ජනරාල්ල දැම්මේ වැඩ කරන්න නේ!
    මේ ඒක නෙවේ මචෝ මොනවාද උඹ පාවිච්චි කරන සෝදන කුඩු වර්ගේ, බ්ලීචින් පවුඩරුත් දානවද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න