ජනතා විශ්වාසය ලැබීම යනු
රජයකට ලැබිය හැකි විශාලම ශක්තියයි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖
වත්මන් රජය මේ රට වැටි තිබූ නරා වලෙන් ගොඩ ගත් බව අප ලියූ විට, එසේ සිඳු වූයේදැයි අසන අමනයන්ගෙන් අපට ඇසීමට ඇත්තේ, තොපි මීට වසරකට පෙර ජීවත් වූයේ වෙනත් ග්‍රහලෝකයකද යන ප්‍රශ්ණයම පමණමය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමට පෙර, මේ රටේ ඉන්ධන, විදුලිය, ගැස් තිබුනේ නැතිය. ඒ වන විටත් ණය ගෙවීම නවතා දමා රට බංකොලොත් බව ප්රකාෂයට පත් කර තිබුනාතර, තෙල් රැගෙන හාබර් එකට ආපූ නැවේ තෙල් ටික බාගන්නවත් සල්ලි තිබුනේත් නැතිය. සල්ලි හොයාගන්නා තෙක් නැව වරාය වටේ කැරකි කැරකි උන්නේය.
තෙල් පෝලිම් වල මිනිසුන් මිය ගියේය. ප්‍රොපගැන්ඩාවට හෝ ගෑස් පිපුරුනේය. සල්ලි වලට ගෑස් බ්ලාස්ට් කරන්නට ගොස් එක නෝනා කෙනෙක් වැලිගම්පිටිත් ගියේය.
රටේ නීතියක් තිබුනේ නැතිය. නීතිය බව්වාටම ගොස් තිබුනේය. පොලීසියේ පමණක් නොව හමුදාවේද කොඳු නාරටි කඩා දමා උන් නපුංසකයෝ කර තිබුනේය.
නීතිය මෙහෙය වුයේ අධිකරණය විසින් හෝ නීතීපති විසින් නොව, බෝනගේන් හා කොරිඩෝ කළු කෝට් කාරයෝය. උන් නඩු තීන්දූ ගත්තේ උසාවී ඇතුලේ උන්ගේ තග දමලාය. මහ පාරේ නඩු අසා තීන්දුවත් දුන්නේ උන්මය.
දැන් මේවා ගුණමකු කුරවැසියන්ට මතක නැතිය. ඒ තබා, උපන්දා සිට දේශපාලායෙන්ම බඩ කට පුරව ගන්නා අමන දේශපාලුවන්ටත් මතක නැතිය. පට්ටමාතල්ලෙක කියන්නේ, මැයි 9 වෙනිදා සිට මාසයක් දෙකක් යනකන් රෙද්දේම රෙවී, පණ බයේ වෙව්ල වෙව්ලා හැංගිලා උන්න පුපේ චන්ඩි දේශපාලුවන්ටත් දැන් එව්වා මතක නැති වීමය.
සාමාන්‍යයෙන් සිරි ලන්කන් දේශපාලුවන් ප්‍රසිද්ධ බොරුකාරයෝ කියලාය. උන් මේ තාක් දුන් පොරොන්දු ඉටු කරලා තිබුනා නම්, අද මොන්ටිකාලෝ තියෙන්න ඕනා අම්මට සිරි ලංකාවේය.
පාරට තාර දමා දීම, රැකියා දීම, දරුවාට පාසල් ලබා දීම, අරක දීම මේක දීම කියා කියනා කප්පරක් කෙප්පවල නිමක් නැත්තේමය.
එහෙත් රනිල් හෝ නන්දලාල් වීරසිංහ රජය යටතේ මෙතෙක් ඔවුන් බොරු නොකී බවත්, දුන් පොරොන්දු ඉටු කොට ඇති බවටත් විශ්වාසයක් ඇති වීම, රට වැටි ඇති ආර්ථික අහේනියෙන් ගොඩ ඒමට මහඟු පිටිවහලක් වන්නේමය.
ඔවුන් මෙතෙක් භූමිතෙල් හා විදුලි බිලට දුන් සහණ කනගාටුවෙන් වුවත් ඉවත් කරන බව කීවේය. වට පඩත්තල හූනියන් කාරයෝ හා දේශපාලුවෝ මොන සෙල්ලම් දැම්මත් ජනතාව උන්ට එකතු වූයේ නැතිය. රට වැටී ඇති තත්වය ජනතාව තේරුම් ගත්තේය.
පෞද්ගලීකරණයට එරෙහිව කරනා උද්ඝෝෂණ වලට එම ආයතන වල සේවකයෝ තබා, රැකියාවක් වශයෙන් උද්ඝෝෂණ කරනා 100 ක් වත් හොයාගන්නට අද උන්ට බැරි වී තිබෙනවාය. සෙල්ලම් දාන්න ගිය බෙරේ නාපූ හූනියන් කාරයෝ ගෙදරය.
ඊයේ පෙරේදා මෙගාෆෝන් එකකුත් එක්ක කරේ දමාගෙන බැරල් එකක් උඩ නැගෙගෙන කම්කරු අයිතීන් වෙනුවෙන් කෑ ගැසූ අරගල ටොක්සික් කාරයෙක්ට, කම්කරුවෝ කොහේදෝ යන පිස්සෙක් කියා හිනා වෙවී ගියේය.
පිටරට ඉන්න මිනිසුන්ට සල්ලි එවන්න එපා යැයි කියූ වට පඩත්තලයින්, දැන් බිස්නස් ක්ලාස් වල යමින්, උන්ගෙන්ම සම්මාදම් එකතු කරගෙන එන්නේ විලි ලැජ්ජාවක් කියා දෙයක් නැති නිසාය.
මොරි මාඩ විපක්ෂ නායකයාද, ඩලස් නම් අමු ගොබ්බ දේශපස්ලුවාද, ට්‍රින්කෝ වලින් රට ගොඩ දානා ආර්ථික විශේෂඥයාද, කප්පම් වසන්තද, මේ ටිකේ පුප ඉරාගෙන දත කෑවේ තැන්පත්කරුවන් කුලප්පු කර බැංකු ටික විනාශ කොට රට විනාශ කර දැමීමටය.
එහෙත් ජනතාව මුන් එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. ඒ තාබා උන්වත් බැංකුවලට ගොස් තම ගිණුම් වසා දමා ආදර්ශයක් නොදුන්නේය.
ඒ වැඩේ හරි නොගිය නිසා, දැන් මේ හැත්ත කියන්නේ අර්ථසාධකේට හා බැංකු වලට අත තියන්න දෙන්නේ නැතෙයි කියලාය.
ඒවට මක්කාවත් වෙන්නේ නෑ කියා රනිල් වික්රමසිංහද, නන්දලාල් වීරසිංහද, ෂෙහාන් සේමසිංහද, රංජිත් සියඹලාපිටියද කියන්නේ දැන් සති ගානක් තිස්සේ සිටය.
ඒ නිසා මුන්ගේ කෙප්ප ජනතාව පිලි නොගන්නවා වාගේම, මේවා ආරක්ෂා කරන්නේත් මුන්ය කියා, ජනතාව පිලිගන්නේත් නැතිය.
මෙතක් කලක් සිඳුවූයේ, පවතින රජයේ දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරින් ජනතාවට විහිළු කාරයන් ලෙස පේනා එකය. ඒත් දැන් ජෝකර්ලා වෙලා තියෙන්නේ වගකීම් වගවීම් පැහැර හැරී විපක්ෂයේ අමු ගොබ්බ දේශපාලුවන් හා මොළේ අවුල් ජඩමාජ්ජ හා ජඩමාජ්ජවේදීන්ය.
අමු ගොබ්බ ළිං මැඩි ගෝත්‍රික වහලුන් සුළු පිරිසක් මුන්ගේ දිරච්ච ළණු කෑවද, අති බහුතරය රජයේ දේශපාලුවන්ගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ නිවේදන හා වචනය පිලිගැනීම, දේශපාලන සඟිස්කුරුතිය උඩුයටිකුරු කිරීමක්මය.
එම විශ්වාසය දිඟටම රඳා පවත්වා ගැනීම රජයේ හා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමය.
බොරුවට සැමදා ආයුෂ නොමැත.
සත්‍යය කවදා හෝ ජයග්‍රහණය කරණු ඇත.
ඒ වගත් මෙසේය....
.