May 25, 2025

මාලනියේ මාලිනියේ මාලිනියේ මා.... රාජිණියේ....

 


මාලනියේ මාලිනියේ

මාලිනියේ මා.... රාජිණියේ....

➖➖➖➖➖➖➖▪️❤️▪️➖


මාලනී ෆොන්සේකා කැලණියේය. කැලණියේ වරාගොඩ පාරේය. වරාගොඩ පාරේ ගහලගොඩවත්තේය. නුවර පාරේ තොරණ හන්දියෙන් හැරී.... වරාගොඩ පාරේ යනකොට හම්බවෙන පළමුවැනි ලොකුම වංගුවෙන් දකුණට හැරී ගිය විට ගහලගොඩවත්ත පාරය. ඒ පාර ඩෙඩ්ඩෙන්ඩ් එකකි.... කෙළවර නුවරට යන කෝච්චි පාරය. 


මාලනී ගුරුකුල ඉස්කෝලෙට යන්න ඇත්තේ ගහලගොඩවත්තට ගුරුකුල ළඟම ඉස්කෝලේ වෙච්චි නිසා වෙන්න ඇතිය... නැතිනම් පසු කාලයක ඇය විසින් සිය දෙමාපියන්ට සාදා දෙන ලද නිවසේ සිට... කැලණිය ධර්මාලෝක විද්‍යාලයට බොහෝ ළඟය. එම නිවස පිහිටා තිබෙන්නේ වරාගොඩ පාරට මුහුණලාය.


කොහොමත් ගුරුකුල ඉස්කෝලේ කලාවට ප්‍රසිද්ධ ඉස්කෝලයක්ය... එය මිශ්‍ර පාසලකි... මාලනී ෆොන්සේකා සිනමාවට ගෙන එන්නේ ජෝ අබේවික්‍රමය... ඒ පුංචි බබා චිත්තරපටියෙන්ය... මාලනී ජනප්‍රිය වූයේ ඇයගේ සුන්දරත්වය නිසාමය... එතරම් සුන්දර නිළියක් අද වන තෙක් ලාංකීය සිනමාවෙන් බිහිවුණේේ නැතිය...


ලාංකීය සිනමාව එක එක කැටගරීස් වලට බෙදා තිබුණද... ඒ සියල්ලම අයත් වෙන්නේ වාණිජ සිනමාවටය... මොකෝ ඔය එක ෆිල්ම් එකක්වත් නොමිලේ පෙන්නන්නේ නැති නිසාය... 


අද නම් ෆිල්ම් එකක් බලන්න යනවා නම් යන්න වෙන්නේ ඉඩකඩම් විකුණලාය... ඒ හේතුවෙන් සාමාන්‍ය ජනතාව සිංහල චිත්‍රපටි වලින් හැලිලා බොහෝ කල්ය... මාතලන් උනත් සල්ලි දීලා ෂෝ එකක් බලපු කාලයක් මතක නැතිය...


එහෙත් සිරිමාවෝ රට විනාශ කරපු යුගයේ මිනිසුන්ට සැනසීමකට තිබුණේ සිංහල සිනමාව විතරය... පෝලිමේ සිට මරාගෙන ගත් පාන් ගෙඩිය ගෙඩියද, හාල් පොතට දුන් මිල්චාඩ් හාලේ බත් සහ බොම්බිලි කරවලද කා... භූමිතෙල් ගඳ ගහන රෙදිත් ඇඳගෙන මිනිස්සු ෆිල්ම් බලන්නට ආවේ පොර කකාය... සිංහල සිනමාව නැගලාම ගියේ ඒ කාලයේය... 


එය එසේ වන්නටනළු නිලියන්ටත් වඩා ප්‍රධානම හේතුව වූයේ... එච් ආර් ජෝතිපාල නම් මහා ගායකයාය..... ෆිල්ම් එකට කලින් සින්දු පොත ජනප්‍රිය වුණේ ඒ නිසාය... මිනිස්සු චිත්‍රපටි බලන්නට ගියේ... ජෝතිපාලකයේ සින්දු ගුවන්විදුලියෙත් තහනම් කරලා තිබුණ නිසාය... සම්පූර්ණ සිංදුව අහන්න නම් නම් සෝ එක බලන්නම වුණේය.... ඊට හේතුව වූයේ අද ඉන්නා ජාතියේම පට්ට කුහක වාමාංශික මළ පෙරේතයින් පිරිසක් ගුවන් විදුලිය අරක් ගෙන සිටිය නිසාය... අමරදේව හා නන්දා මාලනී කියන්නේ එවන් පට්ට කුහකයින්ගෙන් දෙදෙනෙක්‍ය.. 


ජෝතිපාල කවුද කියා ලංකාවේ එවුන් තේරුම් ගත්තේ.. ජෝති මියගියායින් පස්සේය.. මාලනී ෆොන්සේකා ජෝතිපාලත් එක්කත් රඟපෑවේය....


ඇත්තටම ජෝතිපාල හා විජය කුමාරතුංග මිය ගියායින් පස්සේ... ලාංකීය සිනමාවද මිය ගියේය.. එහෙනම් මේ තියෙන්නේ සිනමාව නොවේද කියා අම්බරුවෙක් මගෙන් අසන්නට ඇහැකිය... උන්ට කියන්න තියෙන්නේ..... ඒ කාලයේ තිබුණු සිනමාව දැකපු නැති උන්ට... මේ චිත්තරපටිත් මාර ෂෝ වෙන්න ඇති කියලා....


ඉන් පසුවත්....ගාමිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ මාලනී ෆොන්සේකා.... ජීවතුන් අතර සිටියද..... සිනමාව මිය ගියේ අර දෙදෙනාත් එක්කය... 


ඒ ඇරෙන්නට සිනමාව මියයන්නට තවත් හේතූන් තිබුණේය.... ඉන් ප්‍රධාන දෙකක් වන්නේ.... 88/89 ජවිපෙ භිෂණය හා රූපවාහිනියේ ආගමනයය..... ජවිපේ ත්‍රස්තවාදින්ගේ ඇඳිරි නීතිය නිසා 6:30 හා 9:30 ෂෝ.... නැත්තටම නැතිවෙලාලා ගියේය.... රූපවාහිනිය ජනතාව අතරට ගියේත් සිංහල සිනමාවේ පින් අත්වන්නටය..... 


ඒ කාලේ ගෙවල්වල තිබුන black and white ටෙලිවිෂන් එකේ පෙන්නපු සිංහල සෝ බලන්න අහල පහල උන් ආවේ ජෝති ගේ සින්දු අහන්නත් විජය කුමාරතුංග, ගාමීනී සහ මාලනීගේ රංගනයන් බලන්නත්ය... ටෙලිවිෂන් එකයි සිංහල සිනමාවයි නිසා අපේ ගෙදර තිබුණු පුටු සියල්ලම කැඩී ගියේය.... 


මාලනී පොන්සේකා රඟපෑ බඹරු ඇවිත්, බැද්දේගම, නිධානය, ආකාස කුසුම් වගේ චිත්තර උලුප්පා පෙන්වමින් මාලනී ෆොන්සේකාත් ප්‍රබුද්ධ නිළියක් කරගන්න පුප ඉරාගෙන ට්‍රයි කොලාට.... මාලනී ජනප්‍රිය වුණේ ඒ මළදානවල් නිසා නොවේය... ගාමිණී මාලනී හා විජය ජනප්‍රිය වූයේ..

ජෝති.... ඇංජලින්, ලතා හා සුජාතා එක්ක ගැයූ අදටත් ඉතා ජනප්‍රිය සින්දු වලට ඉදිරිපත් කළ රංගනයන් නිසාමය... එව්වා තිබුණු චිත්තර පටි නිසාය....


ඔය කියපු අය.... දැන් ඉන්න උන් වගේ නැටුම් කණ්ඩායම් සමග නටන්නට ගියේ නැතිය... ඇත්තටම එයාලා තනියෙන් වුව නටන්න ගියෙත් නැතිය... නටන්න ගියපු සනත්, ජීවන්, සෂී, රන්ජන් නැටුවේ බිලී කොක්කට ගහන්න ගියපු දෙකට කැඩුණු ගැඩබිල්ලෝ වගේය... විජය කුමාරණතුංගත් ඒ වගේ ඩාන්ස් දාන්නට ගිහිල්ලා ඇදගෙන නෑවේය...


විජේගේ අර ෆේමස් සයිඩ් වෝක් එක පඩිපෙලක් බැහැගෙන එනකොට ඒ කාලේ උන් කෙල්ලන්ගේ රෝස පෙති අතරින්.... මල් මී වෑහුනේය.... විජයට එහෙම attraction එකක් තිබුණාට... මාලනී කිසිදා සෘංගාරාත්මක නිළියක් නොවීය... කොල්ලන්ගේ ක්‍රෂ් එකක් උනේද නැතිය... මාලනියට පෙම් කලේ අයගේ සුන්දරත්වයටය... ඇත්තටම එය රාගයෙන් තොර සඳ එළිය සේ සුරම්‍ය, පාරිශුද්ධ අවංක එකක් උනේය... 


ඇත්තටම මාලනී පුප ඉරාගෙන නටන්නට ගියේත් නැතිය.... සංගීතය අනුව රඟපෑමේ හෙවත් අංග චලනයේ හා මුහුණේ අභිනයන්ගෙන් ප්‍රදර්ශනය කිරීමේ..... අපූරු කුසලතාවයක් මාලනියට තිබුණේය... ඒකට කියන්නේ ඇඟේ ඩෑන්ස් කියලාය... ඒ වගේ ටැලන්ට් එකක් හින්දි සිනමාවේ තිබුණේ මදුරි ඩික්සිත්ටය.... මාලනී වඩාත් ජනප්‍රිය වුණේ එම චරිතයන් නිසාය... 


එහෙත් ඇගේ රංගන හැකියාවන් නිසාම ඇය සම්භාව්‍යයයි නමින් හඳුන්වන චිත්‍රපටිවලටත් ගත්තේය... ඒවාත් නැගලා ගියේ ඇයගේ රංගනයට වඩා... ඇයගේ ජනප්‍රියත්වය නිසයි... ඇයගේ උපතින්ම ලද සුන්දරත්වය හා සුරතල් කටහඬ... කර්කශ ජීවීත හා සම්බන්ධ චිත්‍රපටිවලට ගැළපුණේම නැතිය....


කෙසේ වෙතත් පිචෑර් පිස්සෙක් වූ අපේ තාත්තා මුලු පවුලත් සමඟම ඒ කාලේ පෙන්නපු හැම ෂෝ එකක්ම බලන්නට ගියේය.... සමහර දිනවල house full නිසා හැරිලා ආවේය... තුෂාරා, සංගීතා, ලස්සන කෙල්ල මෙන්ම ජනක සහ මංජු යන චිත්‍රපටි එසේ හැරී ආ ඒවා බව මට අදටත් මතකය.... ඒ සිනමා ශාලාවන් දැන් ඇත්තෙත් නැතිය... ඒ නළු නිළියොත් නැතිය.... දුෂ්ටයෝත් නැතිය... ජෝ කරලාත් නැතිය... අධ්‍යක්ෂකවරුත් නැතිය... වෙනින් කවුරුත් නොව ලෙනින් මොරායස්ලාද නැතිය... 


ඒ වෙනුවට දැන් ඉන්නේ ජෝකර්ලා පිරිසක්ය... උන් ජෝකර් කමට හැර තවත් දේකටද බොහෝ ප්‍රසිද්ධය.. ඒ උන්ගේ කුහකත්වයට... ඒ කාලකන්නි අමනයෝ ජැක්සන්ගේ මැෂින් එක ගලවන්න කිව්වේය... ගෙදර ගෙනිහිල්ලා බලාගන්න කීවේය... මාලිනී ෆොන්සේකාගේ රෝගයක් සඳහා මුදල් දුන්නා කියා ඇය හැන්සාඩ් ගතකොට කිචකර දැම්මේය.... එකෙක් කට ඇරියේ නැතිය... එසේ වූයේ ඥාතීත්වය ඇති දුවෙක්... ඒ පක්ෂයේ යාව ජීව සාමාජිකාවක් වී සිටිද්දීය... එහෙත් තම නැන්දනයට වූ අපහාසය වෙනුවෙන් ඇය කටක් හෙල්ලුවේ නැතිය... දැන් බොරුවට ලෝකයට පේන්නට මිනිය ළඟ හඬා වැටෙනවාය... උන්ට ඒ රංඟනයන් නම් හොඳට පුළුවන්ය. 


ඊයේ පෙරේදා මා හා කතා කළ ඇයගේ මිතුරු මිතුරියන් කීප දෙනෙක්ම කීවේ... මට මේක ගෙවන්න පුළුවන්නම් මං ගෙවලා දමනවා කියා මාලනිය නිතරම කීවා කියාය... 


ජනතා විමුක්ති පෙරමුණේ තිරිසන් දේශපාලකයෙක් හැන්සාඩ් ගත වෙන කතාවක් කරමින්... ඒ කල නිග්‍රහය ගැන මාලනී කලකිරීමෙන් සිටියේය....


අද උන් සහ උන්ට උඩගෙඩි දුන් සහ දෙමින් සිටිනා කුහක තිරිසනුන් මාලනීට රාජ්ජ ගෞරවය පුදන්නට යන්නේ.... ඇඳුම් ඇදගෙන වෙන්නට බැරිය.... උන් මිනිස් වෙසින් උපන් තිරිසන්නුන්ය... උන්ට කඩේ යන කලාකරුවෝද එසේමය... උන් සියල්ලෝම අමු කුහකයෝය... 


මාලලිට කිංඩිය දානා මේ උන් සියල්ලොම අද විවිධ තානාන්තර දරමින් ජීවත් වෙන්නේ මහජනතාවගේ මුදලෙන්ය... ඒ ගැන උන්ට කිසි ලැජ්ජාවක් මෙන්ම අවුලක්ද ඇත්තේ නැතිය....


මල්ලි පොන්සේකා මුළු පවුලම ගොඩ ගත්තද... පවුලේ උන් මාලනීවා බලා ගත්තේ නැතිය... එහෙත් ජොලියෙන් ජීවත් වූ මාලනියට... ඉතා සොඳුරු මිතුරු මිතුරියන් පිරිසක් උන්නේය..... ඔවුන් මාලනී මිය යන තෙක්ම ආදරයෙන් රැක බලා ගත්තේය... 


ඔවුන් සියල්ලෝම මාලනිය මෙන්ම සොඳුරු මිනිසුන්ය... ඇය මිය ගියායින් පසු පවුලේ එවුන් රැස්වී අඬා වැළපෙන්නේ බොරුවටය... සමහරවිට ඔවුන් එසේ මග ඇර සිටියේ... ආර්ථික අතින් ඔවුන් එතරම් ශක්තිමත් නැති නිසා වෙන්නටත් පුළුවන්ය.... හැබැයි මාලනී ෆොන්සේකා හැකි පමණින් මේ සියල්ලෝම ගොඩ ගත්තේය... එහෙත් උන්ගෙන් සමහරෙක් මළ ගෙදරටවත් නැත්තේය...


වාසනාවකට මාලනීට දරුවන් උන්නේ නැතිය... එසේ සිටියා නම් ආණ්ඩුවේ පඩත්තලයින් දැන් පෙන්වන ෂෝ එක පෙන්නන්නට වෙන්නේ නැතිය.... එහෙත් මේ පඩත්තලයින්ට කියන්නන්ට ඕනා දේ... කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ නිල්මිනී තෙන්නකෝන්ටත්... අර්ජුන කමලනාත්ටත් අපේ ගෞරවය හිමි වෙනවාය.... 


කොඳුනාරටියක් ඇති දෙදෙනෙක් හෝ ලාංකීය සිනමාවේ සිටිනාා එක ලොකු දෙයක්ය....


මාලිනී ෆොන්සේකා ඉතා බැතිමත් බෞද්ධ උපාසිකාවක් විය.... ඇය ලොවට පෙනෙන්නට පඩ ෂෝ පෙන්නුවේ නැති වුණාට.... බොහෝ පින්කම් කෙරුවේය... රෝගී දරුවන්ට බොහෝ සේ උදව් උපකාර කළේය....  ඒ කිසිත් නැතත්.... මුළු පවුලක්ම උසස් ජීවන තත්ත්වයක් හිමි පිරිසක් බවට පත් කිරීමේ පින ඇයට හොඳටම ඇතිය....


ඉදින් අප පිළි නොගත්තද....

ඇය පිළිගත්තා වූ නිර්වාණය....

ඇයට අත් වේවායි පතමි !


#මාතලන් 

.

May 20, 2025

රුවක් ඇදෙනවා.... කව්දෝ එනවා....

 





Hannie (Khanna) | Could You Be Loved 

 රුවක් ඇදෙනවා.... කව්දෝ එනවා....

➖➖➖➖➖➖➖➖➖➖❤️➖➖➖➖


සිරස චැනල් එක අප්පිරිය වෙලා තියෙන නිසා.... Sirasa Voive program එකත් බලන්නේ නෑ... ඒ වුනාට ඒක Next Level ප්‍රෝග්‍රෑම් එකක්....


මම කලින් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවත්..... දැන් ඒක බලන්නේ නෑ.... ඒ දැන් ඉන්න ජජබෝඩ් එකටත් මම හරිම කැමතියි.....


රයිනි, හිරුෂි, සුපුන් සහ මිහිඳු කියන්නේ.... පට්ටම ටැලන්ටඩ් ගායකයෝ විතරක් නෙමේ... versatile මියුසිෂන්ස්ලා..... මේ අය අතරින් මං වඩාත්ම කැමති මිහිඳු ආරියරත්නට.... ඒකට හේතුව මම හිතන්නේ මම රොක් සංගීතය බෙහෙවින් ප්‍රිය කරන්නෙක් නිසා...  


ඒ කියලා අනිත් අයත් ඊට දෙවෙනි නෑ... සුපුන්ගේ "මහමායා" කියන්නේ.... කේමදාස මහත්තයාගේ මියුසික් වලට පස්සෙ ආපු උසස්ම ගණයේ සංගීත නිර්මාණයක්.... ඒක සුපුන්ටත් වඩා ලස්සනට කිව්වේ නුවන්දිකා....


රයිනි ගැන කියන්ඩ ඕන නෑනේ.... අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ජානවලින් මික්ස් වෙලා ආපු පට්ටම පට්ට ටැලන්ට් එකක්.... hirushi කියන්නේ පුදුම ටැලන්ට් එකක්......


දැන් Z ජෙනරේෂන් එකත් ඉවරයි.... දැන් ඉන්නේ ඇල්ෆා ජෙනරේෂන් එක..... ඉතිං කපුගේගේ සින්දු අහපු එවුන්ට.... "හානි" කියන ආධුනික තරගකාරිය බොබ් මාලේගේ ලෝක ප්‍රසිද්ධ Could you be loved  සින්දුවට Jam කරපු.... කපුගේගේ "රුවක් ඇඳෙනවා... කව්දෝ එනවා.."  Reggae Style cover song එක මම නම් උපරිමයෙන්ම වින්දා.....


මේක ගොඩක් එවුන්ට විඳින්න බෑ කියලා මම දන්නවා.... මොකද.... කපුගේම සන්ෆ්ලවර්ස්ලා එක්ක කැසට් එක ගහපු වෙලාවෙත්.... කපුගේව මරාගෙන කන්න ගියපු එවුන්ට.... මේක කොහොමත් දිරවන්නේ නෑ..... 


ඒකට හේතුව.... අපේ එවුන් cover songs  කියන්නේ මොකක්ද කියන එක දන්නේ නෑ... එතකොට එකම ගීතය..... විවිධ ශානරයන්ගෙන් ගායනා කරනවා කියලත් දන්නෙ නෑ.... ඉතින් ඒවා දන්නැති ලොන්තපෝල් ඔලමොට්ටල නාකි මැට්ටන්ට මැට්ටියන්ට..... මේවා කොහොමත් දිරවන්නේ නෑ..... මේ පන්තිය දිරවන්නෙත් නෑ....


අපි නං අඩියක් ගහලා සිංදුවක් කියන කොට.... Hotel California සිංදුවත් එක්කම ඒකේ තාලෙට අසංක ප්‍රියමන්ත පීරිස්ගේ "සඳනාවත් කමක් නැතී... රත්තරන් පුතී...." සින්දුවත් කියනවා.... ඒක Hotel California රිදම් එකත් එක්ක නියමෙටම යනවා....


ඉතිං ඒ වගේ ආතල් ගන්නන එවුන් මීට පස්සේ Could you be Loved අස්සේ "හානි" කරපු මේ Cover Song එක මීට පස්සෙ කියයි.....


එක එකාගේ රසිකත්වය වෙනස් කියලා නොදන්න අම්බරුවන්ට මේවා තේරෙන්නේ නෑ.... ඉතිං ඒකට අපිට කරන්න දේකුත් නෑ... 


අපි නම් තාමත් ඒ ඇම් යූ රාජ්ගේ තිලො අග රාජා අහන අස්සේ.... අමරදේව, නන්දා, වික්ටර්, ප්‍රියා, මිල්ටන්, ක්ලැරන්ස්, ඉන්ද්‍රානී, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස්, සැන්ටි, මිල්ටන් පෙරේරා, ජෝති, ලතා, ඇන්ජලින්, සුජාතා, සමිතා අතුල, රූකාන්ත ලේඛා, නාමල්, ෂෙහාන්, බාතිය සන්තුෂ්, අමල් පෙරේරා, කසුන් කල්හාර අහන අස්සේ මේවත් අහලා විඳිනවා....


මට තියෙන එකම දුක.... 

කපුගේ මහත්තයා මේ සින්දුව Reggae වර්ෂන් එකෙන් නොකිව්ව එක....


ඒක Reggae ටියුන් වලට නියමටම මැච් වෙන සින්දුවක් වගේම.... කපුගේගේ ගංජා වොයිස් එකටත් නියමෙටම මැච් වෙනවා.... 


කපුගේ ලොක්ක හිටියනං ඒකත් කරයි.... 

මොකද කපුගේ කියන්නේ වෙනස් වෙන්න කැමති මිනිස්සු....


මේ කෙල්ලගෙ ඇක්ට් එකත් මරු.... 

Reggae කියන්නේ රස්තෆාරී කල්ට් එක එක්ක බැඳුන සංගීතයක්... අපේ උන් රස්තියාදුකාරයෝ කියන එක ඇවිත් තියෙන්නේ ඒකෙන් වෙන්න ඕන... ඉතින් ඒ ඇක්ට් එකේ ඒක උපරිමයෙන්ම තිබ්බා.... රොකට් වල නැගලා හඳට ගිය එවුන් මේ රහ දන්නවා.... ගුණදාස කපුගේ කියන්නෙත් එහෙම අජටාකාශකාමියෙක්.....


විඳින එකෙක් විඳපල්ලා ඔන්න සින්දුව දැම්මා


ඒ වගත් මෙසේය....