"එදා රෑ...... "
ගැන මගේ සත පහ
➖➖➖➖➖😎➖➖
සාමාන්යයෙන් මම සිංහල ෂෝ එකක් බලන්න යන්නේ සතියක් විතර පරක්කු වෙලාය.... ඒ එක එකා ලියන චිත්රපට විකාර කියවා සෝ එක ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි නිසාය..... ඒ මක්කා වුවත් මිල්ටන් මල්ලවාරච්චිගේ එදා රෑ ෂෝ එක අනිවාර්යයෙන් බලනවා කියා හිතාගෙන සිටියේය.... ඒ මිල්ටන් මගේ ෆේවරිට්ම ගායකයෙක් නිසාය.
මිල්ටන්ට තියෙන්නේ මැජික් වොයිස් එකක් කියා චිත්රපටයේත් කීප අවස්ථාවක කතා වෙනවාය..... ඇත්තම කතාව ඒක නෙමේය.... මිල්ටන්ට තියෙන්නේ romantic voice එකක්ය..... ලංකාවේ සිටි රොමෑන්ටික්ම ගායකයා මිල්ටන් මල්ලවආරච්චිය.... රොමෑන්ටික්ම ගායිකාව ඉන්ද්රානී පෙරේරාය.
මම නම් කියන්නේ මිල්ටන් මල්ලවාරච්චිට ආදරය කරන ඕන එකෙක් අනිවාර්යයෙන් මේ සෝ එක බලන්නම ඕනෑය කියලාය.... මොකද මේක ඒ තරම්ම ලස්සන ෂෝ එකක්ය.... පටන් ගත් වෙලේ සිට අවසානයට පෙන්නන, චිත්තරපටයට දායක වුන පිරිසගේ නම් ගම් පවා තිරයේ දිස්වූ පසුවත්, රසිකයින් එකෙක්වත් නැගිට්ටේ නම් නැතිය.... ඒ තරම් පට්ටය.... සුන්දරය.... ඇහැ අහකටවත් ගන්න හිතෙන්නේ නැතිය.... සෝ එක ඒ තරම් ලස්සනය... ඉන්නා කෙල්ලෝ ටිකත් බොහොම සෙක්සි කෑලිය... හින්දි කෑලී කැලේය....
අපේ තාත්තා පික්චර් පිස්සෙක් වූයේය... සති අන්තයේ අනිවාර්යයෙන් පිචැර් දෙකක් බලනවාමය.... අහල පහල උනුත් ඒක දන්නවාය.... උන් අහන්නේ සෝ එකේ කෙල්ල කවුද කොල්ලා කවුද කියලා...
ඇත්තටම ඒ කාලේ හිටියේ ලස්සන කෙල්ලෝය.... ලස්සන කෙල්ල කියලා සෝ එකකුත් ආවා මතකය.... ඒකේ හිටපු ලස්සන කෙල්ල වුනේ ගීතා කුමාරසිංහය.... මාලනී ගීතා සෝනියා දිසා මානෙල් වානගුරු ෆරීනා ලායි සුමනා අමරසිංහ ඔක්කොම වාගේ බොහොම සුන්දර නිළියෝ වූවාය....
මේ අය සිනමාවේ ස්වර්ණමය යුගය වූ 1970 දශකයේ පිචැර් හෝල් හවුස් ෆුල් කොට බොක්ස් ඔෆිස් වාර්තා තියපු කෙල්ලෝ වුනේය..... ඒ අය එහෙම ලස්සන වුනේ LUX සුවඳ සබන් ගාපූ නිසාය. ඒ නිසාම මේ ෂෝ එකේ ස්වර්ණාත් ඒ සබන් ගාන්නේය.
මේ අතිශයින් ජනප්රිය චිත්රපට රැල්ලෙන් මිදී, සම්බාව්ය සිනමාව කියා මලහත්තිලව්වක් ආවේ 1980 දශකයේය. සුභාවිත ගීත පමණක්ම අසමින් සිටි සුප්රබුද්ධ ශ්රාවකයෝ මේ මෙලෝ රහක් නැති බඩකඩුත්තු වැළඳගත් අතර ඇකඩමික විචාරකයෝ මල මෙලෝ යකෙකුට නොතේරෙන අපභ්රංශ විචාර ලියන්නට පටන් ගත්තේය.
හැබයි ඒවා තිරගත වූයේ තුන්වන මණ්ඩලයේත් නොව පස්වන මණ්ඩලයේය.... ඒවා බලන්නට අර මන්ද බුද්ධික පිරිස් ගියා මිස, පිචැර් පිස්සෝ නොගිය අතර... ඒවා හදපු උන්ට කෙලවෙනකොට උන් කලේ ආණ්ඩුවට බනින එකය. අදටත් ආණ්ඩුවෙන් චිත්රපටිය හදන්න ඕන කියන්නේ ඒ වගේ පිස්සු උකන්නලාය.
ඔයින් එක ෂෝ එකක .... විජය කුමාරතුංග ස්වර්ණා මල්ලවාරච්චිව ඇඳ උඩට පෙරලගන්නා අතරේ ඊළඟ රූප රාමුවට ආවේ වැසූ කාමරයේ එළියෙන් කාමරයේ දොර පෙන්වීමය.... ඇතුලෙන් ස්වර්ණා මරහඬ දී කෑ ගැසූ අතරේ... දොර යටින් ලේ ගංගාවක් ගලාගෙන ආවේය.....
මම හිතුවේ ස්වර්ණා මරා දමන්නට ඇති කියලාය..... බැලින්නන් වෙලා තියෙන්නේ.... විජය විසින් ස්වර්ණාගේ කන්යාභාවය අහිමි කිරීමය..... ඉතින් මේක අධ්යක්ෂණය කරපු ප්රබුද්ධ අධ්යක්ෂවරයා එහෙම xperiencee එකක් තිබුණු කෙනෙක් වෙන්නට බැරිය.... හැබැයි විචාරකයින්ට නම් අදත් ඔහු මුණිවරයෙක් වන්නේය.
මීට පස්සේ සිංහල සිනමාව උන්ටත් එහා ගියා අධ්යක්ෂකවරුන් සෙට්ටෙකක් අතට පත් වුනේය.... උන්ට මම කියන්නේ ටොක්සික් අධ්යක්ෂකවරුන් කියලාය..
උන්ට ඕනෑ උනේ.... ලංකාවේ ශිෂ්ටාචාරය සභ්යත්වය හා හැදියාවන් වලට කෙලින්නටය.... ඒ සඳහා උන්ට ඇන්ජීඕ වලින් අම්බානක සල්ලි හා සම්මාණයන් ලැබුණේය.
ඒවායේ රඟපෑවේ.... දිරච්ච යකඩ කෑලි පරණ වොෂින් මැෂින් කැඩිච්ච ප්ලාස්ටික් බේසන් වාගේ මෙලෝ රහක් නැති ලොන්ත පෝල් නිළියෝය එයාලට දේශීය මෙන්ම විදේශීය සම්මාණ නම් නොඅඩුවම ලැබෙන්නේය.
ඔක්කොමලා ස්වර්ණා මල්ලවාරච්චි වෙන්නට යනවාය.... ඒත් ස්වර්ණා කියන්නේ ලංකාවේ සිටින සරාගීම නිළියය.... අරුන්ගේ එහෙම සරාගීකමක් ඇත්තේ නැතිය. හැබයි උන් ඔක්කොම එකතු වෙලා සිංහල සිනමාව වල පල්ලටම යැව්වේය.
එහෙම ලොන්තපෝල් ටොක්සික් ෆිල්ම් බලපු උන්ට මේ චිත්රපටය දිරවන්නේ නැති බව විචාර කිහිපයකින්ම දැක්කේය.... චිත්රපටයේ දෙබස් පවා විහිළුවට ලක්වෙලා තිබුණේය.... දැන් ඉන්න උන් පෙම් කරන්නේ ඉස්මාට් පෝන් එකෙන් ඔන්ලයින් කුක්කු හා ජුන්ඩෝ පෙන්නලාය. එහෙම රෝගයක් ඒ කාළේ උන්ට තිබුනේ නැතිය.
ඒ කාලේ පෙම් කලේ එහෙමය. අපි ලව් ලෙටර්වල ලිව්වේ මිල්ටන්ගේ සින්දුය... ගල් අඩියක් ගැහුවම කිව්වේ මිල්ටන්ගේ... සුන්දරත්වයෙන් පිරි සොඳුරුම අතීතයේ ගීතයය...
දැන් වාගේ ස්මාර්ට් ෆෝන් තියා ලෑන්ඩ් ෆෝන්වත් නැති ඒ කාලයේ.... චිත්රපටයේ සිදුවූ සමහර සිදුවීම් අභව්ය සිදුවීම් බවට සමහරුන්ගේ සිනහවට හා සමච්ඡලයට ලක්වී තිබෙනවාත් දැක්කේය.... හැබැයි උන් අපේ අම්මලා තාත්තලා ලියපු ලියුම් දැක්කා නම්...., රුක්මණී දේවී පෙම්වතිය කාලයේ ෆිල්ම්වල දෙබස් දැක්කා නම් සිඳු වෙන්නේ මොකක්ද කියා මට නං හිතාගන්නට බැරිය.
ඉතින් අර ටොක්සික් වෙන්න ෆිල්ම් බලන්න පුරුදු වූ පිරිසට මේක අරහං වීම අරුමයක් නොවේය....
මිල්ටන් ලෙස රඟපාන රොෂාන් රවීන්ද්රගේ ඇක්ටින් කොරය.... ඔරිජිනල් මිල්ටන් මල්ලවාරච්චිමය. නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා ශේෂාද්රි ප්රියසාද් "කුච් කුච් හෝතා හේ..." වෙත අප රැගෙන ගියේය. ඔවුන් ඒ තරම් සුන්දරය... රැඟීම් ප්රේමනීයය...
බුකියේ බයිට් එකක් වී ඇති ගාමිනිගේ චරිතයට පණ පොවන ජනිත් වික්රමගේ ඔරිජිනල් ගාමිනි ෆොන්සේකාමය... ගාමිනි නටන්නේ ඔහොමය... ඕනෑම නම්... ඕනෑම ගොනෙකුට ඔරිජිනල් සින්දුව නරඹා පච විය හැකිය.
චිත්රපටියේ සුන්දරත්වය හා හොඳ ගැනම කතා කරනවා වාගේම අඩුපාඩු කිහිපයකුත් අනිවාර්යයෙන් ලියන්නට ඕනේය.
මේ තරම් තාක්ෂණය දියුණු යුගයේ..... ප්රේමකීර්ති ද අල්විස්, රුක්මණී දේවී, වික්ටර් රත්නායක වැනි අයගේ කටහඬ ටෙක්නොලොජියා හරහා ඔරිජිනල් කටහඬම ලෙස ගැනීමට අවස්ථාව තිබිණි.... එය මඟ හැර ගැනීම අපරාධයක් කියා මට සිතෙන්නේය....
"බැමි බැඳ ඇත ලොව සතර දෙසේ...." නිරූපණය කිරීම සඳහා මිල්ටන් හා ස්වර්ණාගේ ඉන වටා කඹ දෙකක් බැඳ කරන රංගනය විකාරයකි..... මීල්ටන්ට මෙන්ම රොෂාන්ටත් නටන්නට බැරි නිසා.... ඒ ගීතය සඳහා බැලේ රංගන ශිල්පීන් දෙදෙනෙක් එකතු කර කරගත්තේ නම්.... ගීතය බොහෝ සුන්දර වන්නට ඉඩ තිබිණ.
ගීත දෙක තුනක් හැරෙන්නට අනෙත් ගීතයන්හි රූප රචනය music video level එකට හෝ හින්දි පිචැර් තුල ඇතිවාක් මෙන්... සුන්දර දර්ශනීය පසුතලයන් යොදා ගනිමින් නිම නොකිරීම අපරාධයකි. එසේ කළා නම් මෙය හින්දි චිත්රපටයක් තරමේ සුන්දර එකක් වෙනවා නොඅනුමානය.
සුරේෂ් මාලියද්ද කියන්නේ ලංකාවේ ඉන්නා නොම්බර එකේ remake සංගීතවේදියෙක්ය. හැබැයි චිත්රපටයේ ප්රධානම ගීතය වන එදා රෑ ගීතය.... වෙස්සන්තර ජාතක ගායනාවක් කිරීම ගැන මාගේ බලවත් අප්රසාදය මෙයින් යොමු කරනවාය. අනෙක් ගීත සියල්ලම පට්ටය.
ලංකාවේ රොමැන්ටික්ම ගායකයා වන මිල්ටන් මල්ලවාරච්චි හා රොමැන්ටික්ම ගායිකාව වන ඉන්ද්රාදනි පෙරේරාගේ... "සමනල රෑනක් සේ..... අනන්ත හැඟුම් මැවේ..." නමින් අති සුන්දර ගීතයක් තිබෙනවාය..... මේ ගීතය නිෂ්පාදකයින්ට මෙන්ම අධ්යක්ෂකවරයාට මිස් වූයේ කෙසේදැයි යන කණගාටුවක් මට දරුණු ලෙසටම තිබෙනවාය.
අධ්යක්ෂකවරයා මේ චිත්රපට ගීතය දැක තිබුණේ වී නම්..... අනිවාර්යයෙන්ම එය චිත්රපටයට එකතු කරගන්නවා නොඅනුමානය. එය එතරම්ම සුන්දර ගීතයක් මෙන්ම රංගනයකින් හෙබි නිර්මාණයක් වූයේය.
අවසාන වශයෙන් කීමට ඇත්තේ.... ඔබ මිල්ටන් මල්ලවාරච්චිට ආදරය කරන රසිකයෙක් නම්.... නොවරදවාම ගොස් මේ අති සුන්දර නිර්මාණය රස විඳිනා ලෙසය.
#මාතලන්

සුපිරි පෝස්ට් එකක් මාතේ මේක මරු මමත් බලලා කමෙන්ට් කරන්නම්
ReplyDeleteරංග දසනායක නම් අපතයා
Delete➖➖➖➖➖➖➖➖💀➖
පුද්ගලිකත්වය පිළිබඳව කතා නොකිරීමට තීරණය කළත් සෑහෙන කල්පනා කරලා මම හිතනවා මේ කතාව මනුෂ්යත්වයේ නාමයෙන් කිව යුතුයි කියලා.
සරත් දසනායකගේ ගීත වල සියලූම අයිතිය රංග දසනායක පමණක් ලබා ගෙන සල්ලි හම්බ කරත්, සරත් දසනායකට දරුවන් තුන්දෙනෙක් හිටියා.
පිරිමි දරුවෙන් දෙන්නයි, ගැහැනු දරුවයි. එක පිරිමි දරුවෙක් රංග.
අනෙත් පිරිමි දරුවාට 'ඩවුන් සින්ඩ්රම්' තියෙනවා. නංගි විවාහ වෙලා එංගලන්තයට ගියා.
රංග මොකක්ද දන්නවද කළේ ?
රංග විවාහ වූ සැණින් තමන්ගේ අම්මා සහ මල්ලි වැඩිහිටි නිවාසයක නැවැත්තුවා.
සරත් දසනායකගේ ගීත වලින් තනියම හම්බ කරගන්න උත්සාහ කරන රංග, සරත් දසනායකගේ ගීත වල නෛතික අයිතියේ මුල් පුරුක ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දෙවෙනි පුතා වැඩිහිටි නිවාසයකට දැම්මා.
මාස තුනකට කළින් සරත් දසනායකගේ බිරිඳ හෙවත් රංගගේ අම්මා මිය ගියා. ඇය කොළඹ ලුම්බිණියේ සංගීත ගුරුවරිය.
නමුත් රංග සමාජයට පේන්න අවමගුල නම් ජයරත්න එකේ ගත්තා.
හැබැයි තාමත් සරත් දසනායකගේ ගීත වල එක නෛතික හිමිකරුවෙක් මේ මොහොතේත් ඉන්නේ හොරණ වැඩිහිටි නිවාසයක.
ඉතින් ඒ වගේ තක්කඩියෙකුට මේ රටේ අහිංසක මිනිස්සුන් සූරා කෑමට හැකිවීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ.
රංග.
තමුසෙ ඔය තාත්තාගේ සිංදු වලින් එකතු කරන සල්ලි වලින් දශමයක් හරි තමන්ගේ මල්ලිට දීලා, ඒ මල්ලි ගෙදර එක්කන් ඇවිල්ලා, ජීවිත කාලයේම සාත්තු සේවකයො දාලා බලාගන්න වැඩපිළිවෙලක් හැදුවොත් අපිත් තමුසෙට කර්තෘභාග ගෙවනවා.
මොකද ඔය සිංදු තමුසෙගෙ තනි බූදලයක් නෙවෙයි. තමුසෙගෙ මල්ලිටත් ඒවා අයිතියි.
මොකද කියන්නේ. තමුසේ එකඟද ?
පෝස්ට් එක නම් මරු...මේක නිසාම ෆිල්ම් එක බලන්න හිතුනා.මෑත කාලේ ෆිල්ම්ස් එකක්වත් මම බැලුවෙ නැහැ.මේක නම් බලන්නම ඕනැ.
ReplyDeleteකෝ 'ඒ වගත් එසේය'?
ReplyDeleteකළින්ම හිතාගෙන හිටියා මේක බලන්න යන්න. දැන් ඉතිං යන්නම වෙනවානේ.
සෙස්ස පස්සට ඕයි
Deleteඅඩෝ මචංලා ඇයි එතකොට කාවිය සිරෝමනී මහාචාර්ය මාතලං කෑල්ල? 😅🤣😂
Deleteහ්ම්. මෑතක වැඩිම බුකින් තිබ්බ චිත්තරපටය කියලත් කවුද කියල තිව්න.
ReplyDeleteMilton මේ ලංකාවෙ ප්රධාන පාසල විදුහල්පතිවරයාගේ වාහනය. ඔහු මීට කලින් මලියදේවයෙ නියෝජ්ය විදුහල්පති. ඔහු විශ්ව විද්යාලයට ගිය දක්ෂ මනුස්සයෙක්. ඔහු ඔහුගෙ වයසෙ හැටියට ගේමක ගහපු කෙනෙක්.
ReplyDeleteඒත් මේ තමයි ලංකාවෙ විදුහල්පතිවරයෙක් ගෙ ඉරණම. ඔහුගෙ වාහනය මේක. යූ ටියුබ් එකේ වීඩියෝ දහයක් පහළොවක් දාලා බෙන්ස් අවුඩි පදින කොල්ලො අස්සෙ මේ විදුහල්පතිවරයා ගෙ වාහනය . මේ රටට මෙහෙම කළේ කවුද? රාජ්ය සේවය ගැන බොරු බයිලා කිව්වට වැඩක් නෑ. මේක තමයි රාජ්ය සේවකයගෙ ඉරණම.
මේ මනුස්සයා ගෙදර යන්නෙ මහ රෑ. ඒත් හෙට උදේ එන්න ඕනෙ. එහෙමයි කියලා ඕටී, බටා අරවා මේවා නෑ. වැඩ කරන පැය ගානට ගෙවන්නෙ නෑ. ඉස්කෝලෙ ළමයි දාහයි නම් ඒ දාගෙම වගකීම ගන්න ඕනෙ. එහෙම අරගෙන මේ වාහනෙන් ගෙදර යන මනුස්සයෙක් කොයි තරම් පවු ද?
ලංකාවෙ ප්රධානතම පාසල් ටිකේ විදුහල්පතිවරු ගැන නෙමේ මේ කියන්නෙ,බහුතරය ගැන. හුඟක් විදුහල්පතිවරුන්ට අමතර ආදායම් නෑ. පන්ති කරන්නෙ නෑ. වෙන කිසිම විකල්පයක් නෑ. තනතුර වෙනුවෙන් හෝ වගකීම වෙනුවෙන් හෝ කැප වෙන්නම වෙනවා. එක දරුවෙක්ට වෙන ප්රශ්ණයක දි හිරගෙදරය යන්න උනත් ලෑස්ති වෙන්න ඕනෙ. ඒ විදියට බන්ධනාගාර ගත වුණ විදුහල්පතිවරු ඉන්නවා. මේ පීඩනය දරාගන්න බැරුව සියදිවි හානි කරගත්ත විදුහල්පතිවරු ඉන්නවා.
ඇත්තටම අපේ රටේ අධ්යාපනය නගා සිටුවන්න ඕන නම් විදුහල්පතිවරුන්ට ලබා දෙන වරප්රසාද වැඩි කරන්න ම ඕනෙ. වැටුප සහ වෙනත් වරප්රසාදත් එක්ක. අඩුම තරමෙ ජීවිතේ එක වතාවක්වත් වාහන පර්මිට් එකක් දෙන්න ඕනෙ. විදුහල්පතිවරුන්ට අංගසම්පූර්ණ පහසුකම් සහිත නිළනිවසයක් දෙන්න ඕනෙ.මේක හැම විදුහල්පතිටම අවශ්ය වෙන්නෙ නෑ නෙ.
එහෙම නැත්නම් අනාගතයෙ දි විදුහල්පතිසේවය කවුරුවත් එන එකක් නෑ. විභාගත් ලියලා ලෙඩ දාගන්නවා වෙනුවට ඉන්න විදියට ඉඳීවි. දන්නව දන්නෙ නෑ සමහර විදුහල්පතිවරුන්ගෙ වැටුප ගුරුවරුන්ට වඩා අඩුයි.
ප.ලි. විදුහල්පතිවරුන්ට වාහන පර්මිට් ඇතිබව ඇතැම් අය
කියනවා. මම ඒ ගැන දන්නෙ නෑ. දන්න කෙනෙක් විස්තර කියන්න.
ගයනි මැඩම්ගේ චූ බොන්න ආසයි
ReplyDeleteතවම බැලුවෙ නෑ
ReplyDeleteබලන්න හිටියේ
ලිපිය කියෙව්වම
යන්නම හිතුණා!
අනේ ඉස්සර මගේ අප්පච්චිත් එහෙමයි. එයත් වැඩ කරේ බස් එකක මම ලොකු වෙනකම් ඔය සුක්කානම කරකලා තමා මට ඉගැන්නුවේ. තාමත් ඒ රස්සාව අතාරින්නෙ නෑ එයා. මට මගේ පුංචි කාලෙ මතක් උනා. මටත් ඉන්නව නංගි කෙනෙක් අපිත් බස් එකේ හෝන් එක ඇහෙනකොට පාරට යනවා. අන්න එතකොට අප්පච්චි හෝන් එක ගහගෙන එනව මට මගේ පුංචි කාලෙට යන්න පුළුවන් වුණා. ඉතින් එයාගේ හීන ඉටුකරා .මම විශ්ව විද්යාලයට යන කාලේ එයා වැඩ කරේ කොළඹ පාරේ ඉතින් කොළඹට ගිහිල්ලා ඊළඟ tern එක නුවරට යන්න එනකම් එයා එනවා මාව බලන්න කැම්පස් එකට ඒ එන්නේ නිකන්ම නිකන් නෙවෙයි මොනවා හරි රූම් එකේ හොස්ටල් එකේ ඉන්න යාළුවන්ටත් දෝත පුරා ඇරගෙන ඒ වගේම තමයි තමයි. කැම්පස් එකට එනකොට හැම යාලුවෙක්ම නොමිලේ එයා බස් එකේ එක්කරගෙන එනවා අද මට මගේම වාහනයක් එලවන්න පුළුවන් වෙලා තියෙනවා . එයා තමයිමට වාහනේ පදවන්න අත තියලා ඉගැන්නුවේ ඉතින් අද එයාගේ හීන ඉටුකරන්න මට පුළුවන් වෙලා තියෙනවා
Deleteඉතින් පුතේ චිත්රපට බලන එකට වඩා තාත්තගේ හීන හැබෑ කරන්න මහන්සි වෙන්න හොඳින් ඉගෙන ගන්න.
සෞම්යාට ට්රිපල් ඇනල් කරන්න ඕනී
ReplyDeleteමිල්ටන් මල්ලව ඉතාමත්ම සාමාන්ය පවුලකින් පැමිණ ලංකාවේ සංගීත ක්ෂේත්රය දිග්විජය කරනු ලබන අතිදක්ෂ කලාකරුවෙක් ගායකයෙක් විදිහට ස්ටැන්ලි විජේසුන්දරගේ මිණිබිරියක් සහ ලංකාවේ ප්රසිද්ධ නළුවෙක් අතර වුණු විවාහයක් ගැන ලොකු කතාවක් යන අතරේ ගොඩක් දෙනෙක් හොයන්නේ කවුද මේ ස්ටැන්ලි විජේසුන්දර කියලා.
ReplyDeleteස්ටැන්ලි විජේසුන්දරගේ බිරිඳ තමයි අනෝජා දේවි විජේවර්ධන.
අනෝජා දේවි විජේවර්ධනගේ සහෝදරයා තමයි උපාලි විජේවර්ධන.
අනෝජා දේවි විජේවර්ධනගෙයි උපාලි විජේවර්ධනගෙයි තාත්තා තමයි දොන් වෝල්ටර් විජේවර්ධන.
දොන් වෝල්ටර් විජේවර්ධනගේ සහෝදරියක් තමයි ඇග්නස් විජේවර්ධන.
ඇග්නස් විජේවර්ධනගේ පුතා තමයි හිටපු ජනාධිපති ජූනියස් රිචඩ් (ජේ. ආර්.) ජයවර්ධන.
දොන් වෝල්ටර් විජේවර්ධනගෙයි ඇග්නස් විජේවර්ධනගෙයි සහෝදරයෙක් තමයි දොන් රිචඩ් (ඩී. ආර්.) විජේවර්ධන.
ඩී. ආර්. විජේවර්ධනගේ දුව තමයි නාලනී විජේවර්ධන.
නාලනී විජේවර්ධනගේ පුතෙක් තමයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ.
ඇග්නස් විජේවර්ධන ස්වාමි පුරුෂයා වෙන විල්ෆ්රඩ් ජයවර්ධනගේ සහෝදරයා තමයි තියඩෝර් ගොඩ්ෆ්රි ජයවර්ධන.
තියඩෝර් ගොඩ්ෆ්රි ජයවර්ධනගේ බිරිඳ වන ලීනා ආටිගලගේ සහෝදරියක් තමයි ඇලිස් ආටිගල.
ඇලිස් ආටිගලගේ පුතා තමයි හිටපු අගමැති සර් ජෝන් කොතලාවල.
සර් ජෝන් කොතලාවලගේ බිරිඳ වෙන එෆී ඩයස් බණ්ඩාරනායකගේ අම්මා තමයි මාරියා ෆ්රැන්සස් සේනානායක.
මාරියා ෆ්රැන්සස් සේනානායකගේ සහෝදරයෙක් තමයි හිටපු අගමැති දොන් ස්ටීවන් (ඩී. එස්.) සේනානායක.
ඩී. එස්. සේනානායකගේ පුතා තමයි හිටපු අගමැති ඩඩ්ලි ශෙල්ටන් සේනානායක.
ජේ. ආර්. ජයවර්ධනගේ සහෝදරිය තමයි ගර්ලි ජයවර්ධන.
ගර්ලි ජයවර්ධනගේ ස්වාමි පුරුෂයා තමයි ඩැනී වීරතුංග.
ඩැනී වීරතුංගගේ සහෝදරිය තමයි එමලින් වීරතුංග.
එමලින් වීරතුංගගේ ස්වාමි පුරුෂයා තමයි දොන් මැතිව් (ඩී. එම්.) රාජපක්ෂ.
ඩී. එම්. රාජපක්ෂගේ සහෝදරයා තමයි දොන් ඇල්වින් (ඩී. ඒ.) රාජප්ක්ෂ.
ඩී. ඒ. රාජප්ක්ෂගේ පුතාලා තමයි හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ.
- Vikum Harshana -
ජැක්සන් මැරෙනකම් බෙඩ් එකට කෙල හලපු ඩෝබිලට දැන් තේරෙනවා නේද ජැක්සන් කොච්ච්චර හරිද කියල.
Deleteමාතා ඔය 'එදා රෑ ' මිල්ටන් ගෙ චිත්රපටයෙ ගාමිණී ගෙ අවුල ගැන ගොඩක් අය කතාකරලා තියෙනවා දැක්කා. ඇත්ත. ගාමිණී ෆොන්සේකා ගේ චරිත නිරූපණය නම් අවුල්.අවුල්. හොදට ම අවුල්.
ReplyDeleteගාමිණී වගේම ' එදා රෑ ' චිත්රපටයෙ විජයත් ඉන්නවා. විජය කුමාරණතුංග ගේ චරිතය රගපාන්නෙ විශ්ව කොඩිකාර.මට අනුව නම් විශ්ව කොඩිකාර විජය කුමාරණතුංග ගේ චරිතය හොදටම ගොඩදාලා තියෙනවා. ඒක හොඳ තේරීමක්. විජය ගේ චරිතය කොටස් තුනක වගේ තියෙන්නේ. ඒ චරිතයට හොඳ සාධාරණයක් ඉටු කරලා තියෙනවා.
ගාමිණී අවුල් වුනාට විජය සුපිරියි.
මේ වෙනකොට චිත්රපටය බලලා තියෙන අය 'විජය කුමාරණතුංග ' චරිත නිරූපණය ගැන මොකද හිතෙන්නේ?
4 වනදා වෙනකන් ඉන්නවෙනවා බලන්න
ReplyDeleteSaumya huththi thota puke arinna oni
ReplyDeleteනඩු ගොඩගැහිලනෙ, ඒක ඇත්ත. ඒත් දැන් විනිසුරන්ගේ විශ්රාම වයස අවුරුදු දෙකකින් වැඩි කළාම ඒ අය දවසට අහන නඩු ප්රමාණය වැඩි කරනවද! රෑටත් නඩු අහනවද උපතේ දී අපේක්ෂිත ආයු කාලය වැඩිවෙලා, සෞඛ්ය තත්ත්වයත් දියුණු වෙලා තියෙන නිසා! ඕව පට්ට බොරු! අනුරට ඕන වුනේ දෙසැම්බර් මාසෙ විශ්රාම යාමට ඉන්න සූරසේනතුමාවම තියාගෙන, ඊළගට ඉන්න කෝදාගොඩ විනිසුරුතුමාට අගවිනිසුරුකම නොදී සූරසේනව තියාගන්න. ඒකයි ඇත්ත. මම මුල සිටම ඒ ගැන ලියල තියෙනව. කෙස් පැලෙන තර්ක දානව ආණ්ඩුවේ අය 🤮
ReplyDeleteඇත්තම ඇත්ත තමයි මිල්ටන් කියන්නේ සංගීත ක්ෂේත්රයේ සංස්කෘතික ප්රාග්ධනයක්. ඒක ප්රාමාණාත්මක ලෙස අපේ ජනශ්රැතියට එකතුවෙලා යුගයෙන් යුගයටනේ මේ ඇවිත් තියෙන්නේ. එහෙම ඇවිත් තියෙන්නෙ මිල්ටන්ගේ ලයාන්විත හඬ මාර්ගයෙන් වුණත් ඒ ප්රාග්ධනයේ අඩංගුවට හිමිකම් කියන තවත් නිර්මාණකරුවෝ විශාල පිරිසක් ඉන්නවා. එයින් ප්රධාන තැන ගන්නේ ගීත රචකයෝ... ඒවා නිර්මාණය කළ සංගීතඥයෝ... නිෂ්පාදනය කර බෙදාහැරපු ව්යවසායකයෝ... ඒවා ප්රතිවාදනය කල ගුවන් විදුලි සංස්ථාව... අතරමැදි තැරැව්කරුවෝ... ඔහුගේ යුගයේ සෙසු කලාකරුවෝ... ඔහු ලඟින් හිටපු අඹු දරුවෝ... ඔහුගේ තැටි සූරපු ඔහුට ඊර්ෂ්යා කළ ආදරණීය වෛරක්කාරයෝ..අන්තිමට ඔහුට ආදරය කළ ඔහුගේ ගීත වැළඳගත් රසිකයෝ.
Deleteහැබැයි මිල්ටන් කියන්නේ සිනමා නළුවෙක් නෙවෙයිනේ. ඔහු සිනමාවේ පසුබිම් ගායකයෙක්... ගුවන් විදුලියේ සරල ගී ගායකයෙක්. දැන් අපි නරඹන චිත්රපටිය ඔහු ගැන කෙරුණු bio pic එකක් නම් මිල්ටන්ව වරදවා අර්ථකථනය කරන්න තහනම් නේද... නිදසුනක් කිව්වොත් ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්යක්ෂණය කළ “අහසින් පොළොවට” චිත්රපටියට ඔහු පසුබිම ගායනා කළ ‘උපුල් නුවන් විදහා’ ගීතය ඔහුගේ මුල් කාලයේ ආදර අන්දරයකට පට බැඳලා අපට පෙන්වන්න තහනම්.ඒ වගේම තවත් චිත්රපට ගීත තියෙනවා ඔහුගේ පෞද්ගලික ජීවිතයට පටබැඳලා චිත්රපටියට ඉදිරිපත් කරන. (ඒ තහනම් වැඩ ඔක්කොම ලියන්න මේ විචාරය ඉඩ මදි) මිල්ටන්ගේ ජීවිත කතාව නිර්මාණශීලීව චිත්රපට මාධ්යයෙන් ඉදිරිපත් කරන එක එකක්, චිත්රපට මාධ්යයෙන් සත්ය කරුණු විකෘත කරලා ඔහුව නළුවෙක් කරන්ඩ හදන එක නිර්මාණශීලී නොවන වැඩක්. අනිත් කාරණය මිල්ටන් එළිමහන් සංගීත සංදර්ශන වලට යන කාලේ සංදර්ශන වේදිකාව උඩ නාටිකාංගනාවෝ නැටුවේ නැහැ. අනික මිල්ටන්ගේ බිරිඳ ස්වර්ණා මල්ලවාරච්චි Lux සබන් දැන්වීම් වලට පෙනී ඉන්නවා අපි දැක්කෙත් නැහැ ඒ කාලේ. (මිල්ටන්ට හොරෙන් එහෙම ගියා කියලා ද මේ චිත්රපටයෙන් අපිට කියන්නේ ...?)
මාතා මෙතනදී අපි මිල්ටන් වෙනුවෙන් සරණාගත එයාලට සල්ලි ගෙවන අතරතුර අපේ අතීත කාමය හෙවත් මිල්ටන් පිළිබඳ ‘මුසපත් ක්ලාංතිය’ දිහා හැරී බලමු !
ReplyDelete- ‘එදා රෑ’ 80 දශකයේ මැද හරියේ විතර මම ආනන්ද වික්රමසිංහ මහත්තයාගේ Film production එකක Production Assistant කෙනෙක් හැටියට වැඩ කළා. ඒක commercial Film එකක්. එක ගීතයකට මිල්ටන් අයියව තෝරාගෙන තිබුණා. වැඩේ අතරතුර දවසක Recording Studio එකේ දි ගත්තු ඉහත චායාරූපය සාක්කි. සිංදුව ලියන්න දුන්නේ ප්රේමකීර්තිට. වැඩේට දවස් කිහිපයක් ගතවුණා. සරත් ද අල්විස් එක්ක මේ කීපදෙනා හමුවුණා production එකේ අපිට තිබුණේ අදාළ කටයුතු සංවිධානය කරලා පහසුකම් සලසන්න. මාත් ඇතුළුව තව කොල්ලෝ කීපදෙනෙක් වැඩකළා. ඒ දවස් කිහිපය හරිම සුන්දරයි. ඒ වගේම රසවත්. ඇත්තටම සංගීත ක්ෂේත්රයේ අය මේ තරං අරක්කු බොන්නේ/සිගරට් බොන්නේ ඇයි කියලා මට එච්චර වැටහීමක් තිබුණේ නැහැ. ඒත් ඒ හින්දම එයාලගේ ජීවිත කාලය කෙටි වෙලා ගිහිං අපි අතරින් වියෝ වෙන්න මත්ද්රව්ය භාවිතය ප්රධාන එක් හේතුවක් කියන එක නම් දැන් වෙනකොට හොඳටම තේරෙනවා. කොහොම නමුත් ප්රේමකීර්ති එක්කත් මේ වගේ චායාරූපයක් ගන්න බැරිවීම ගැන පුදුම දුකක් තියෙන්නේ.
කාලයාගේ ඇවෑමෙන් ඉන් කෙටි කාලයකට පස්සේ මිල්ටන් අයියා මිය යනවා. එතකොට මම නාට්යයක් කරමින් හිටියේ. මිල්ටන් අයියගේ හත් දවසේ දි පුංචි බොරැල්ලේ සංගීත සංදර්ශණයක රනිල් නැගලා තාත්තගේ සිංදු කියනවා මගේ ඇස් දෙකෙන් දැක්කා. පහුව දා නාට්ය පුහුණුවේ දි මම ස්වර්ණා මතක් කරලා රනිල්ට බැන්නා. මේක අහගෙන හිටියා මගේ නාට්ය කණ්ඩායමේ චරිතයක් රඟපාපු චාමින්ද රත්නසූරිය.(චාමින්ද ‘එදා රෑ’ film එකේ නිෂ්පාදන අංශයේ වැදගත් භූමිකාවක් කියලා ආරංචියි...) චාමින්ද ඊ ළඟ දවසක රෑ රනිල් එක්කගෙන වේරහැර මගේ ගෙදර ආවා. රනිල් කිව්වේ “ මම තාත්තට අවමනක් කරන අදහසකින් හත් දවසේ දි සංගීතෙකට නැග්ගේ නැහැ...ඒත් මම නොගියත් ඔය සිංදු ටික වෙන කෙනෙක් කියලා ඔය සල්ලි ටික ගන්නවා...” කියලා.
එදා එහෙම කියපු රනිල් අවුරුදු 30කින් පස්සේ සිය පවුලත් එක්ක එකතු වෙලාත් ඒකම ද කරලා තියෙන්නේ...නැත්නම් තාත්තට ආදරේ හිංදා ඒකට ගැළපෙන මිනිස්සුන්ට ඒක බාරදීලා සිනමානුරූපීව මිල්ටන් මල්ලවාරච්චි කියන Legendගේ Classical Bio-Pic එකක් ද හදලා තියෙන්නේ... ඒත් නැත්නම් ෆර්නි රෝෂිනී කියන විදිහට මිල්ටන්ගේ Musical Concert එකක් කරලා මිනිස්සුන්ගේ සල්ලි ගරානාවක් ද කරලා තියෙන්නේ කියලා ශාස්ත්රීයව විමසලා බලමු.
රනිල් සිනමා ක්ෂේත්රයේ කෙනෙක් නෙවෙයි...ඒත් ඕස්ට්රේලියාවේ සිනමාව කලාව දියුණු සංස්කෘතික ක්ෂේත්රයන් ඇසුරු කරන කෙනෙක් වෙන්න ඕන. ඒ අතරේ Bio-Pic ශානරයේ චිත්රපට ඕන තරම් නරඹන්න පෙළඹිලාත් ඇති. ඇත්තටම රනිල්, ගායකයෙකුගේ Bio-Pic එකක් කරනකොට එයාගේ හොඳම සිංදු 30 ක් විතර අරගෙන ඒවා ස්වභාවික විදිහට පෙළ ගස්වලා ආපහු මිනිස්සුන්ට පෙන්වන එක ද Bio-Pic කියලා කියන්නේ...? ලෙලුම් රත්නායකත් කිව්වා නේද සිංදු අඩු කරලා මිල්ටන් කියන ගායකයාගේ අරගලය තව පෙන්නුවා නම් හොඳයි කියලා...? දැන්වත් තේරෙන්නේ නැතිද තොරණේ විස්තරේ වගේ දඩි-බිඩියේ සුනෙත්-දිනේෂ් මැල්ලුම් ලියනවා වගේ ලියලා තියෙනවා කියලා...?
මට නම් හිතෙන්නෙම මේක ක්ලැරන්ස්ගේ චිත්රපටයේ ආකෘතිකමය පුනරුක්තියක් කියලයි. අවස්ථාවාදී රචකයෝ දෙන්නෙක් ලව්වා තේජා ඉද්දමල්ගොඩගේ Story Board එක ඇතුළට මිල්ටන්ව බස්සලා තියෙනවා,ක්ලැරන්ස්වත් ගලවලා වීසි කරලා දාලා. මිල්ටන්ට නිර්මාණාත්මක ලෙස බලපාපු Artists ලා අතරේ ක්ලැරන්ස්ට හිමි තැන මිල්ටන්ගේ Bio-Pic එකෙන් ක්ලැරන්ස් මුලිනුපුටා දැමීම ද කියලා මම අහන්න කැමතියි මේ රචකයෝ දෙන්නාගෙන්...?
ධර්මජිත් මහත්තයෝ,
Delete//වැඩේ අතරතුර දවසක Recording Studio එකේ දි ගත්තු ඉහත චායාරූපය සාක්කි.// කියලා ලියා තිබුණට foto එක දාලා නැහැනේ...
(මං පියසිරි ප්රින්ටින් සිස්ටම්ස් එකේදී ඔබතුමාට හමු වුණු ප්රින්ටින් මැනේජර් නිමල්)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වූ 2005–2015 කාලය ශ්රී ලංකාවේ ආර්ථික, දේශපාලන හා සමාජ ක්ෂේත්රවල විශාල වෙනස්කම් සිදු වූ කාලයකි. පහත දැක්වෙන්නේ එම කාලය පිළිබඳ මධ්යස්ථ ඉතිහාසමය සාරාංශයක්.
ReplyDelete> සටහන: මේ පිළිතුර සඳහා මේ මොහොතේ සජීවී වෙබ් සෙවීමක් මට කළ නොහැකි නිසා, වර්තමාන දත්ත ලෙස නොව 2005–2015 කාලය පිළිබඳ ප්රසිද්ධ ඓතිහාසික කරුණු ලෙස ඉදිරිපත් කරමි.
🇱🇰 1. ආර්ථික තත්ත්වය
2005–2015 අතර ශ්රී ලංකා ආර්ථිකය සමස්තයක් ලෙස වර්ධනය විය.
2009 යුද්ධය අවසන් වීමෙන් පසු සංචාරක කර්මාන්තය, ඉදිකිරීම් සහ ආයෝජන වැනි ක්ෂේත්රවල වර්ධනයක් ඇති විය.
මාර්ග, ගුවන් තොටුපළ, වරාය, විදුලිබල හා නගර සංවර්ධන ව්යාපෘති විශාල වශයෙන් සිදු කරන ලදී.
ඒ සමඟම රජයේ විදේශ ණය සහ විශාල යටිතල පහසුකම් ව්යාපෘති සඳහා ලබාගත් ණය පිළිබඳ විවේචන ඇති විය.
විශේෂයෙන් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ සහ දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි ව්යාපෘති පිළිබඳ ආර්ථික ප්රතිලාභ හා වියදම් ගැන විවිධ මත පැවතුණි.
🏛️ 2. දේශපාලන තත්ත්වය
2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්විය.
2009 මැයි මාසයේදී LTTE සමඟ පැවති දීර්ඝ සිවිල් යුද්ධය අවසන් විය. එය එම පාලන කාලයේ ප්රධානතම දේශපාලන හා ආරක්ෂක සිදුවීම විය.
යුද්ධය අවසන් වීමෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය වෙනස් වූ අතර, උතුරු හා නැගෙනහිර ප්රදේශවල නැවත සංවර්ධන කටයුතු සිදු විය.
2010දී 18වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරයට තිබූ වාර සීමාව ඉවත් කරන ලදී.
විපක්ෂය, මාධ්ය නිදහස, බලය කේන්ද්රගත වීම සහ රාජ්ය ආයතනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් විවේචනද එම කාලයේ පැවතුණි.
👥 3. සමාජ තත්ත්වය
2009 යුද්ධය අවසන් වීම නිසා දිගුකාලීන යුද බියෙන් තොරව ජීවත්වීමේ අවස්ථාවක් රටේ විශාල පිරිසකට ලැබුණි.
උතුරු හා නැගෙනහිර ප්රදේශවල මාර්ග, පාසල්, රෝහල් සහ අනෙකුත් යටිතල පහසුකම් අතිවිශාල ලෙස නැවත යුද්ධයට පෙර තිබුණාටත් වඩා හොඳින් සංවර්ධනය කිරීම සිදු විය.
ඒ සමඟම යුද්ධයෙන් පසු සංහිඳියාව, අතුරුදන් වූ පුද්ගලයන්, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ගැටලු පැවතුණි.
සිංහල–දෙමළ සබඳතා මෙන්ම මුස්ලිම් ජනතාව සම්බන්ධ සමාජ ආතතීන්ද ඇතැම් අවස්ථාවල දක්නට ලැබුණි.
සරලව කිව්වොත්
2005–2015 කාලය = යුද්ධය අවසන් වීම + ආර්ථික/යටිතල පහසුකම් වර්ධනය + විශාල රාජ්ය ව්යාපෘති + තරමක් දුරට විදේශ ණය වැඩිවීම + ණය ප්රතිශතය දළ දේශීය නිෂ්පාදියට සාපේක්ෂව අඩු වීම + ජාත්යන්තර ශ්රේණිගත කිරීම්වල රේටින් ආයතන වන Fitch, S&P, Moody's ආදී සියල්ලම ලංකාව BBB වැනි ඉහළම මට්ටමක ආර්ථිකය පවත්වාගෙන යාමට සමත්විය + පවුලක් වටා වැඩි දේශපාලන බලය කේන්ද්රගත වීම පිළිබඳ විවේචන + පශ්චාත් යුද සමාජ හා සංහිඳියා ගැටලු යන කරුණු එකට තිබූ කාලයක් ලෙස විස්තර කළ හැකිය.
මම ඊයේ මේ film එක බැලුවා ඉතාමත් ඉහලයි ...ඇත්තම කිව්වොත් මාව එතැන ජීවත් කලා මිල්ටන් එක්කම හිටියා වගේ
ReplyDeleteදැනුනා ....රොෂාන් ගේ භාවාත්මක රංගන පෞරුෂය බොහොමයක් කල් දැක තියෙනවා ...මේක වෙනම level එකක තියෙනවා ...ඔහුට ලෝක සිනමාව දොර ඇරෙනවා ...මට නම් හිතෙනවා ..ඒ විදිහටම ...
මම යනවිටත් House full . ....
මාතා, එදා රෑ එකේ ගාමිණීගේ චරිතය ප්රතිනිර්මාණය කරපු ජනීත් හොද නෑ කියන්න බෑ . මොකද මුල් එකෙත් ගාමිනි නටන්නෙ ඒ වගේ නේ . ජනීත් ගෙන් ගාමිණීවම බලාපොරොත්තු වෙන්න එපා
ReplyDeleteහැබයි ගාමිණි වගෙ ඔහු කරා කියන දේ දකින්න. මොකද ගාමිණී ගේ පුතාවත් ගාමිණී වගේ නෑනේ ඔයලා දමිත් පොන්සෙකාගෙ රගපැම් වලින් දැක්කද ගාමිණීව . ඒ නිසා වැරදිම හොයන්න එපා ජනිත්ට පුලුවන් උපරිමයෙන් කලානේ කියන මානසිකත්වය ගොඩනගා ගන්න. ගාමිණී නටන්න දන්නෑ ඇත්ත ඔකනේ .විජේත් නටන්න වැඩිය දන්නේ නැති උනත් හෙන ලස්සනයි ඇග හෙල්ලුවත්. ඔයලා ශාරුක්ගෙනුත් රීතික් වගෙ නටන්න දකිනවද නෑනේ. ඒ වගෙ තමා. ජනිත්ට බෑ ගාමිණී වෙන්න හැබැයි ජනිත් ජනිත්ට පුලුවන් උපරිමයෙන් කලා, ඔයාගේ අදහස මොකක්ද ඒ ගැන?
එදා කියන්නේ කවදා රෑ ද බං මාතේ,?
ReplyDeleteමිල්ටන් ගැන විතරක්,නෙවෙයි ලංකාවේ ඈත තියාම මෑත කාලීන ඉතිහාසය ගැනවත් ගොඩක් එවුන් කරුණු දන්නවද බං? ඇත්තටම අලුත් පරම්පරාව විශේෂයෙන්ම ගොඩක් එවුන් කරුණු දන් නෑ.කරුණු දැනගන්න ඉතිහාසය මධ්යස්ථව කියවන්න ඕනි.මං කැම්පස් ඉද්දි කැම්පස් බහුතරය ජවිපෙ.මට ඇත්තටම ඕනි වුනා ප්රේමදාස හරිද වැරදිද කියල බලන්න.මං library එකේ ගොඩක් ලේඛන කියෙව්ව.පරණ පත්තරත් කියෙව්වා.ඒව කියවද්දි තේරුන දෙයක් තමා විජේවීරගෙ එකම අරමුණ ආණ්ඩුව වැට්ටවීම වීම නිසා ප්රේමදාස සාකච්චා තුලින් කරන්න හදපු දේ වුන් නැති බව.ප්රේමදාසට හමුදාව යොදවන්නෙ කරන්න දෙයක් නැතිම වුනාමලු.ප්රේමදාස සාකච්චා කරන්න අහපු එක විජේවීර තේරුන් ගත්තෙ ප්රේමදාස බය නිසා හෝ ආණ්ඩුව බේරගන්න කරනදෙයක් විදියටයි.
ReplyDelete1989 ජනවාරි 2 — රණසිංහ ප්රේමදාස ජනාධිපති වුනා. ප්රේමදාස ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු JVP සමඟ සෘජු ගැටුම වෙනුවට දේශපාලන මාර්ගයකට ගෙන ඒමට උත්සාහ කළ බව පසුව ඔහුම සඳහන් කර තිබෙනවා.1989 ජනවාරි 13 — හදිසි නීතිය ඉවත් කිරීම හා ඒ සමඟ JVP සැකකරුවන් 1800 පිරිසක් නිදහස් කෙරුවා.ප්රේමදාස පසුව තමන්ගේම වචනවලින් කියා තිබුණේ මෙය JVP නායකත්වයේ දේශපාලන අවංකභාවය පරීක්ෂා කිරීම සඳහා කළ පියවරක් බවයි. 1989 පෙබරවාරි මාසයේ ඔහු ජවිපෙට සාකච්ඡා සඳහා ආරාධනා කලා.
ප්රේමදාස JVP වගේම LTTE ටත් දෙපාර්ශ්වයටම සාකච්ඡා සඳහා ආරාධනා කලා. LTTE එයට ප්රතිචාර දැක්වූ නමුත් JVP එක ප්රතිචාර නොදක්වා කල් මැරියා.
1989 මාර්තු–මැයි — JVP සන්නද්ධ කැරැල්ල තවදුරටත් දැඩි වුනා.
මේ කාලය වන විට JVP විසින් වැඩ වර්ජන, ප්රවාහනය අඩාල කිරීම, ඝාතන සහ රජයේ ක්රියාකාරකම් අඩාල කිරීම වැනි ක්රියාමාර්ග ගෙන ගිය.1989 ජූනි ප්රේමදාසගේ IPKF ඉන්දියාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.මෙය JVP හි ප්රධාන දේශපාලන ඉල්ලීමක් වූ ඉන්දීය හමුදා ඉවත් කිරීම සමඟ ප්රේමදාසගේ ස්ථාවරය එක තැනකට පැමිණීමක් වුණා. එමගින් JVP සමඟ සාකච්ඡා කිරීමට නව දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමටද ඔහු උත්සාහ කළා.1989 ජූනි 9 නුගේගොඩදී “patriotic rally” එකක් පැවැත්වූවා.ඒකට Inter-University Students' Federation, Inter-University Bhikku Federation ඇතුළු සංවිධාන සහභාගි වෙලා තියෙනව. ප්රධාන මාතෘකා වූනේ IPKF ඉවත් කිරීම සහ රජයේ මර්දනය නතර කිරීම.
@ ano
Deleteජවිපෙ තහනම හා සමඟ අපිත් ( නව සම සමාජ ) තහනම් කලා දුටුතැන අත් අඩංගුවට වික්රමබාහු ඇතුළු ලයිස්තුවක් ප්රසිද්ධ කලා 83 ජුලි කෝලාහල සහ හිරගෙවල් ඇතුලේ සිදුකල ඝාතන වටපිටාව නිසා එවෙලේ සැඟවුණු එක හරි , ජේ.ආර්. බොර දියේ මාළු බාන්න හැදුවට වැඩි දවසක් ගියේ නෑ , බොර දිය පෑදි දිය උනා , විජේකුමාරතුංග + චන්ද්රිකා නායකත්වයෙන් ශ්රිලංකා මහජන පක්ෂය බිහිඋනේ දැවැන්ත ජනතා බලයක් සමඟ .
ජේ.ආර්. ට විරුද්ධව දසදහස් ගනන් ජනයා පාරට ආවා , සෑම දිස්ත්රික්කයකම විජේ තියපු රැස්වීම් වලට ලක්ෂ ගනන් ජනයා ආවා .
පක්ෂ තහනම ඉවත් කරවු කියන එක ප්රධාන සටන්පාඨයක් උනා . ඒ රැස්වීම් වල අපේ දෙවන පෙල නායකයින් කතා කලා , තවදුරටත් සැඟවී සිටීම තේරුමක් නෑ , මේ ජනතා බලය සමඟ ඉදිරිපත් වෙලා පුළුවන්නම් අපිට විරුද්ධව නඩු දාපන් කියලා ඉදිරිපත් වෙමු කිවුවට ජෙප්පො එකඟ උනේම නෑ...උන් කිවුවේ ධනපති නීතිය අධිකරණය අපිට විශ්වාස නෑ කියලා ....නවනගර ශාලාවේ පැවති රැස්වීමක විජේ ,මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් , ෆාදර් ෆැස්කුවල් ( මට මතක විදියට ) වගේ කථිකයින් සභාව ඇමතුවා , එතෙක් සැඟව සිටි වික්රමබාහුලාත් එම සභාව ඇමතුවා
ඒ ගැම්මෙන්ම නීතියට ඉදිරිපත් උනා
අත්අඩංගුවට ගත්තා මාස දෙකක් විතර රිමාන්ඩ් ඉන්න උනා , අඩුගානේ
B- වාර්ථාවක් දීගන්න බැරි උනා උසාවියෙන් නඩුව විසිකලා .
එදා ධනපති නීතිය විශ්වාස නොකල ජෙප්පෝ සියල්ල විනාශවීමෙන් පස්සේ ධනපති ප්රජාතන්ත්රවාදය මත්තේම පත බෑවුනා , දැන් ඊට වඩා දෙයක් නෑ 🤌
මුන් හැමදාම Zig-zag ප්රතිපත්තියක හිටියේ අන්ත දෙකකට දෝලන වීම උපන්ගෙයි ලක්ෂණයක් 🤌
එදා රෑ කතාව බලපුවාම මිල්ටන් රට යන අත තේරුම් අරගෙන නෝබොඩි ටු සම් බොඩි බවට අතිසාර්ථක ලෙස ඉදිරියට ඇවිල්ල ලංකාවේ කලා ලොවේ අයිකන් එකක් වූණා ඒ වගේම පරණ වලව් මහන්තත්තකම තිබ්බට දේශපාලන බලය හෝ ධන බලය නොතිබූ බලංගොඩ මහවලතැන්නේ බාන්ස් රත්වත්තේ දිසාව රට යන අත තේරුම් ගෙන, අනාගතය දුර දක්නා ලෙස සලකා බලා තම දුව (සිරිමා රත්වත්තේ) බෞද්ධ නොවන පාත්තයෙකුට (පහත රැටියෙකුට) දීග දුන්නා. බාන්ස් රත්වත්තේ ගේ තීරණය නිවැරැදි වූ බව ඉතිහාසයෙන් පෙනේ. එහෙම නේද ළමාතං?
ReplyDeleteමාතා මන් මේ ලියන්න යන එක සමහරවිට Controversial වෙන්න පුළුවන්. ඒත් මට හිතුනා මේක ලියන්නම ඕනේ කියලා. මොකද මේ දෙන්නම මන් මාරම කැමති නිළියෝ දෙන්නෙක් නිසා.
ReplyDeleteසුසිලා කෝට්ටගේ කියන්නේ අපේ රටේ ඉන්න ප්රවීණම රංගන ශිල්පිනියක්. ඒත් අපි ගොඩක් වෙලාවට දකින්නේ ඇයව Categorize වෙන්නේ හාස්ය උත්පාදන රංගන ශිල්පිනියක් විදියට. ඇත්තටම මේක මාරම අවුලක්. ලංකාවේ තිරගත නොවුණු චිත්රපටි වලින් මම මාරම ආසාවෙන් බලන්න බලාගෙන ඉන්න එකක් තමයි ජැක්සන් ඇන්තනි මහත්මයාගේ 'එකගෙයි සොකරි' චිත්රපටිය. මම මේ චිත්රපටියේ Trailer එක බලපු වාර ගාන මට මතක නෑ. ඒ තරම් හිතට වැදුණා මට ඒක. ඒකට ප්රධානම හේතුව සුසිලා කෝට්ටගේ මහත්මියගේ චරිතය. මට ඒ තප්පර ගානක දෙබස් කොටස කීපාරක් බැලුවත් හිරිගඩු පිපෙනවා. මට කියන්න තේරෙන්නේ නෑ. ඒතරම් විශිෂ්ට රංගනයක් ඇය ඒ චිත්රපටයෙන් ඉදිරිපත් කරනවා. මේ සුසිලා ට මෙච්චර Serious Character එකක් කරන්න පුළුවන් ද කියලා හිතෙනවා. ඇත්තටම ඒකෙන් පේන තවත් දෙයක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ කොච්චර විශිෂ්ට සිනමාකරුවෙක් ද කියන එක.
ඇත්තටම සුසිලා කෝට්ටගේ චරිතය ප්රහසන ශිල්පිනියක් විදියට මට එච්චර සමීප නැහැ. ඇත්තටම මට සුසිලා, බන්දු, ටෙනිසන් ලගෙ ප්රහසනයට එච්චර හිනා යන්නේ නෑ. එක කාලයක් තිබුණා එකේ peak එක. ඒත් මට හිතෙනවා දැන් පරපුරට ඒක සෙට් නෑ කියලා. මට හිතෙනවා සුසිලා කෝට්ටගේගේ 'දයාවතී' චරිතය නිසා ඇයට විශාල ජනාදරයක් වගේම සෑහෙන පාඩුවක් වුණා කියලා. මොකද මට අනුව සුසිලා කියන්නේ ප්රහසන ශිල්පිනියක් නෙවෙයි. ඇය ඉතාම Emotional, Serious Character ඒ වගේම විශිෂ්ට ප්රතිවීර චරිත ඇතුළු විශාල පරාසයක් තිබෙන චරිතාංග ශිල්පිනියක්. මිනිස්සු ඇයව රාමු කරගත්තේ වැරදි රාමුවකට. මම හිතන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා පෙන්වලා දීපු ඇයගේ ඒ Golden Side එක අනිත් අධ්යක්ෂකවරුන්ට දැන්වත් පෙනුනොත් ලොකු දෙයක්. ආයෙත් පාරක් ඇය විකට නිළියක් නොවෙයි. ඇයගේ ප්රධාන Weapon එක හාස්යය නොවේය. ❤️🙏🏻
ඊළගට නිල්මිණී කෝට්ටෙගොඩ මහත්මිය. ඇය පිලිබඳ මට තියෙන්නේ ඇත්තටම කලින් කීවට වඩා ප්රතිවිරුද්ධ අදහසක්. අපේ රටේ ඉන්න තරමක් හාස්ය උත්පාදන රංගන ශිල්පිනියෝ කරන්නේ ගිරිය කඩාගෙන කෑ ගහන එක. ඔවුන්ට අනුව හාස්යය ඒක. ශිල්පියෝ කරන්නේ double meaning කුණුහරප විහිලු කරන එක. එහෙම නැත්නම් පිස්සු හැදිලා වගේ හැසිරෙන එක. මේ රාමුවෙන් එළියට ගිහිල්ල හාස්යයේ සැබෑ රසය මොකක්ද කියන එක අපිට පෙන්වලා දුන්නේ විජය නන්දසිරි මහත්මයා. අදටත් එතුමා අභාවප්රාප්ත වෙලා වසර 10ට වඩා ගත වෙලා තිබුනත් මම විශ්වාස කරනවා GenZ එකේ ජනප්රියම රංගන ශිල්පියා විජය නන්දසිරි කියලා. එතුමාට අපේ වයසේ තරුණ ළමයි පුදුම ආදරයක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි වයස බේදයකින් තොරව එතුමාට මිනිස්සු ආදරෙයි. ඒ එතුමාගේ තිබුණු පිරිසිදු හාස්ය ශෛලිය නිසා.
ඉතින් ඇත්තටම මම නිල්මිණීගෙන් දකින්නෙත් විජය මහත්මයාගේ ඒ Pure Comedy එක. ඇයගේ තියෙන්නේ ඇගෙන්ම එන හරි පිරිසිදු හාස්යයක්. ඇය ඉන්න වැඩසටහනක් බැලුවොත් තේරෙයි ඇයගේ මුහුණේ Expression, පොඩි චලන වලින් පවා බලාගෙන ඉන්න ප්රේක්ෂකයාට කෙටියෙන්ම කියනවා නම් ආතල් එකක් දෙන්න පුළුවන්. ඇත්තටම නිල්මිණී ට හරියට වැඩ පෙන්වන්න පුළුවන් වුණේ 'මායා' film ඒකෙන්. ඇත්තටම ඒ film එක hall එකේ බලපු කෙනෙක් විදියට මට මතකයි මුල ඉදන් අගටම ප්රේක්ෂකයා තියාගෙන හිටපු චරිතය නිල්මිණී. Pure Comedy. විජය නන්දසිරි මහත්මයාගෙන් පස්සේ මම දැකපු බෙරිහන් දෙන කුණුහරප විහිලු නැති විශිෂ්ටම හාස්ය රංගනය ඒක. කෙටියෙන් කියනවා නම් හැරුනත් හිනා යනවා. ඒත් නිල්මිණී ට ඒ වෙනුවෙන් හරි Recognition එකක් ලැබුනේ නැහැ. ඇයට මීට වඩා හොඳ Script ලැබුනොත් සුපිරි Comedy Film ටිකක් හදන්න පුළුවන් වේවි.
ඒත් මෑතකදී මම දැක්ක ගොඩක් චිත්රපටි වල ඇය Main Cast එකේ හිටියා. The Game, මෝඩ තරිඳු, එලද බ්රා, ඒ වගේම මම බලන්න ආසාවෙන් ඉන්න තව අලුත් චිත්රපටයක් Honeymoon Tomorrow. මේ හැම එකේම වගේ ඇය ඇයගේ Mark එක ලස්සනට තියලා තිබුණා. අනිත් එක ගින්දරි 3 වගේ චිත්රපටි වල බලන්න දෙයක් තිබ්බ නම් තිබ්බ අර අන්තිම ටිකේ නිල්මිණී ගේ විනාඩි ගාන විතරයි. මම හිතනවා විජය නන්දසිරි මහත්මයාගෙන් නැවතුන Comedy Industry එක හරි Script ටිකක් එක්ක ලැබුනොත් වෙන තැනකට අරන් යන්න නිල්මිණී ට පුළුවන් කියලා.
කරුණාකරලා මේක කියවන අධ්යක්ෂකවරු ඉන්නවා නම්,
සුසිලා කෝට්ටගේගෙ Golden Side එක හරියට අදුරගන්නත්,
නිළිමිණි කෝට්ටෙගොඩගේ Golden Side එකට මීට වඩා Recognition එකක් දෙන්න කියලත්,
ආදරෙන් ඉල්ලනවා... ❤️
(මේක කියවන අයගෙන් ඉල්ලනවා කරුණාකරලා ශිල්පීන්ට අපහාසවන පරිදි Comments පල කිරීමෙන් වලකින්න කියලා ❤️🙏🏻)
@ ඇනෝ මචං
Deleteඋඹගෙ කතාවට එකගයි ඒ වගේම බලපන් නිල්මිණී සහ එයාගේ දුව කරන පොඩි පොඩි රීල් බුකියේ? ඒව නම් ඇත්තටම රියල් කොමඩි පට්ට කන්ටෙන්ට් short but very sweet
ප්රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තුවේදී අනුර පොඩි මිනිහෙක් කීවේ නිකම්ම නෙවේ.
ReplyDeleteඇත්තටම අනුර කියන විපක්ෂයේ හිටිය චරිතයට වඩා 2024 සැප්තැම්බර් 21 ජනාධිපති කරපු අනුර දිසානායක කියන චරිතය අද පොඩියි. ‼️
අනුර බලයට එන්න කලිං කෑ ගහලා ජනතාවට පොරොන්දු වුන දේවල් අනුරට කරන්න බැරි වෙලා තියනවා.
විශේෂයෙන් ඔහු මම රටේ,ජනාධිපති වුනොත් කියන මාතෘකාව යටතේ ඔහු කියපු ජනතාවට බලපාන මොනවත් ඔහුට කරන්න බැරි වෙලා තියනවා.
🔴 අනුර තමන්ගේ පලමු අයවැය ඇතුලේම පාසල් උපකරණ වලට තිබෙන වැටි බද්ද අයින් කරනවා කීවා හැබැයි ඔහුට අදටත් ඒක Tax free කරන්න බැරිවෙලා තියනවා.
🔴 අනුර 1/3 කින් විදුළි බිළ අඩු කරනවා මිසක් වැඩි කරනවා කීවේ නෑ අනුර තුනෙන් එකකින් විදුළි බිළ අඩුකරනවා කීවා නමුත් මේ වසර දෙකට රනිල් වික්රමසිංහට වඩා 17 % කින් ඔහු විදුළි බිළ වැඩි කරලා තියනවා.
🔴 ඉන්ධන මිළ අඩු කරනවා කීවා
🔴 වාහන වලට අය කරන බදු අඩුකරනවා කීවා
🔴 රෝහල් පද්ධතිය අවශ්ය ඖෂධ වලින් පුරවනවා කීවා
🔴 කොටින්ම අනුරට වසර දෙකක් යනවිට එකවර රටට ඩොලර් බිළියන 2 ක පමණ රටට ආයොඅජනය වන වන එකම විදේශ ආයෝජනයක් රටට ගන්න බැරිවෙලා තියනවා.
ඒ අතරේ අනුරගේ වර්ථමාන බලශක්ති ඇමතිවරයා අනුර විහිළුවක් කරමින් විදුළි බිළ 30% කින් අඩු කරන්න පුළුවන් 2030 දී කියනවා.😀
අනුර යටතේ ඇමතිවරු අයථා උපයා ගැනීම් කරන බවට කියන චෝදනා වලට අනුරට ගන්න පුළුවන් කිසිම ක්රියාමාර්ගයක් නෑ ප්රසාද් සිරිවර්ධන මතුකලේ ඒක.
අඩුම ලාල්කාන්ත වත් පාර්ලිමේන්තු වරප්රසාද නැතුව එළියට ඇවිත් කියන්න කියලවත් අභියොග කරේ නෑ.
ඉතිං අනුර දිසානායක ඔහු විසින්ම ඔහුව 2024 සැප්තැම්බර් වල හිටිය අනුරට වඩා පුංචි මිනිහෙක් කරගෙන තියනවා.
රටම පිළිගන්නවා.
අනුරගේ ක්ලීන් ශ්රී ලංකා අසාර්ථක වෙලා කියලා.💥
මේ ලියන මොහොතේත් බැද්දේගම මහමග දෙදෙනෙක් වෙඩි තබා අද දවසේ ඝාතනය කරනවා 💥
ලංකාවේ මත් ද්රව්ය ඇල්ලුවාට මත් ද්රව්ය හිගයක් ඇති කරන්න ඒ අත් අඩංගුවට ගැනීමි වල අඩුපාඩුවක් පෙන්නනවා..💥
ඇත්තටම හොරු අල්ලනවා නෙවෙයි. හොරු කියන ලේබලයට මේ වෙලාවේ අල්ලස් කොමිසම සහ CID යොදවාගෙන චෝදනා නිර්මාණයක සහ ඒවා ප්රචාරණයක වැඩසටහනක් පවතිනවා.
හැබැයි අනුර යටතේ
රටේ ආර්ථිකවර්ධනය අඩාළ වීම නිළධාරීන්ගේ වැරැද්දක් වෙනවා.😀😀
උද්ධමනය ඉහළ යාම නිළධාරීනිගේ වැරැද්දක් වෙනවා.😀😀
ආයොුජන රටට නොඑන එක නිළධාරීන්ගෙි වැරැද්දක් වෙනවා
ක්රිකට් තරගාවළි පිටිං පරාද වීම ඉස්සර ආන්ඩුවේ වැරදි වුනාට අද ක්රීඩකයන්ගේ වැරදි වෙනවා.😀😀
එවිට අනුර හිතනවා ප්රචාරණමය වාසිය තුළින් තමනට එල්ල වන අභියෝග වලට ජනතාව නොමග යවන්න එදා වගේම පුළුවන් කියලා.
ප්රසාද් සිරිවර්ධන වැනි චරිත විසින් අනුර පුංචි මිනිහෙක් කරන දුර්වලත්වය තියෙන්නේ අනුර ලගමයි
අනුරගේ ඒ දුර්වලත්වයෙන් අද ප්රයෝජනය ගන්නේ විපක්ෂය නෙවේ
ඉන්දියාව.‼️
ඉන්දියාව ඉදිරියේ ඉතාම පුංචි මිනිහෙක් මටිටමට ඉන්දියාව විසින්ම අනුරගේ මානසිකත්වය නඩත්තු කරන රාජ්ය ත්රාන්ත්රික මානසික මෙහෙයුම අනුර වෙනුවෙන් ඉන්දියාව කරනවා.
අනුර උත්තේජනය ලබන්නේ ඔහු කථා කරන වේදිකාව ඉස්සරහ ඉන්න ජනතාව දකිනකොට.
අනුර එකකට එකක් නොගැලපෙන පොරොන්දු දෙමින් 2024 සැප්තැම්බර් 21 කලිං හිටපු අනුර නිර්මාණය කරගනින බලනවා.
හැබැයි ඔහු මතවාදීව පුංචි මිනිසෙක් බවට ඔහුගේ කථා වලින් සහ වැඩ වලින් ජනතාවට මැන ගන්න අවස්ථාව හැදිලා තියනවා.
අද ඔහු ප්රසාද් සිරිවර්ධනට ගම්පහදී හිනිට් එකක් හරි ගහනවා. 😀😀
ඒ ඔහු පුංචි මිනිහෙක් කරපු පලියට.
ඒකම තමයි අනුරගේ දුර්වලතාවය.
මාලිමා කතානායක ජගත් වික්රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලේ සාරාංශය.
Delete📕 වාහන අවභාවිතය
කථානායකගේ පරිහරණය සඳහා උපරිම වශයෙන් නිල වාහන දෙකක් ද, එකී වාහන සඳහා උපරිම ඉන්ධන ලීටර් 900ක් ද විය යුතුය. එහෙත් ඔහු නිල වාහන 03ක් තම භාවිතයට ගනු ලැබේ.
ඔහු විසින් මෙවන විට ද තමාට නිල වශයෙන් හිමි වාහන දෙකට අමතරව, පාර්ලිමේන්තුව සතු WP NC 4923 දරන වෑන් රථය තම පෞද්ගලික පරිහරණයට භාවිතා කරන අතර, ඉහතින් අනුමත ඉන්ධන දීමනාවන්ට අමතරව මාස 06කට අධික කාලයක් තිස්සේ එකී රථය සඳහා ද ඉන්ධන ලබාගෙන ඇත.
📕 නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම
ඉහත i හි සඳහන් පාර්ලිමේන්තු මහ ලේකම්ගේ හා ජනාධිපති ලේකම්ගේ චක්රලේඛ වලට අනුව කථානායකවරයාට නිල වශයෙන් හිමි වන්නේ උපරිම වාහන දෙකක් හා ඉන්ධන ලීටර් 900ක් වන අතර, මොහු එකී තනතුරට පත්වූ 2024.12.17 දින සිට 2025 නොවැම්බර් මස දක්වා ඉහත ඉන්ධන දීමනා වලට අමතරව පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වශයෙන් ලීටර් 568ක පමණ ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇත.
ඒ අනුව, අදාළ කාලය සඳහා රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000/-) පමණ මුදලක් පාර්ලිමේන්තු ගිණුමෙන් කිසිදු අනුමැතියකින් තොරව නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන ඇත.
📕 පාර්ලිමේන්තුවේ මාධ්ය අංශය සතු උපකරණ අවභාවිතය
ඔහු විසින් නීති විරෝධී ආකාරයෙන් පාර්ලිමේන්තුවේ මාධ්ය අංශය සතු කැමරා උපකරණ තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා යොදාගෙන ඇත.
මෙමගින් රාජ්ය දේපළ අවභාවිතා කරමින් ඔහු විසින් "දූෂණය" නැමැති වරද සිදුකර ඇත.
📕 නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම.
කථානායකවරයා වෙත ආහාර සැපයීම වෙනුවෙන් ඔහුගේ වැටුපෙන් නිශ්චිත මුදලක් අයකරගනු ලබයි.
නමුත් ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ද ඔහු සමඟ කථානායක කාමරයෙන් දිවා ආහාර ලබා ගනී.
එසේ දිවා ආහාර වේලක් ලබා ගන්නා අයෙකු වෙනුවෙන් රු. 900/-ක මුදල් අයකර ගනු ලැබිය යුතු වුවත් ඒ වෙනුවෙන් චමීර ගාල්ලගේ මහතාගේ වැටුපෙන් අයකරනු ලබනුයේ රු. 150/-ක මුදලක් පමණි.
📕 නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත්කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීමට හා ආහාර සහ ප්රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.
අමාත්ය මණ්ඩල තීරණයන්ට හා රජයේ චක්රලේඛයන්ට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව නොමඟ යවමින් විශ්රාමික අතිරේක ලේකම්වරයෙකු වන එස්.කේ. ලියනගේ යන අය මා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නීතිවිරෝධී ආකාරයෙන් පත්කර, ඔහු වෙත රු. 274,975/- ක මුදලක් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවා ඇත.
📕 නීතිවිරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම
කථානායකවරයාගේ නිල නිවසට අමතරව නීති විරෝධී ලෙස කොළඹ 04, ලොරිස් පටුමග පිහිටි රජයේ නිල නිවාසයක් 2025 ජනවාරි මස සිට තම නමට වෙන් කරවා ගෙන භාවිතා කරනු ලබයි.
📕 තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීතිවිරෝධී ආකාරයෙන් ප්රතික්ෂේප කර තම දූෂණ හා වංචා ක්රියාවන් යටපත් කර ගැනීමට උත්සාහ කිරීම
සිවිල් සමාජ ක්රියාකාරීන් විසින් කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, මාධ්ය ඒකකය හා ඔවුන් භාවිතා කරන නිල රථ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇතත්, කථානායකවරයා එම තොරතුරු ලබා නොදෙන ලෙස ලිඛිතව නියෝග ලබාදී ඇත.
📕 පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනිතික ලෙස මැදිහත්වීම
කථානායකවරයා තම බලතල අභිබවා නිලධාරීන්ගේ උසස්වීම්, විදේශ ශිෂ්යත්ව හා වැටුප් සඳහා නීති විරෝධී ලෙස මැදිහත් වේ.
මාතලන් අයියේ, එදා රෑ චිත්රපටිය බලලා ගොඩක් අය ටොක්සික් පිරිමින්ට බනිනවා දොස් කියන විදියට ඔය කට්ටිය ටොක්සික් කියන පිරිමියව මට දෙන්නකො. ඒකත් තේරුම් ගන්න හැමෝටම බැ. ටොක්සික් කියන්නෙ නැතිවෙයි කියලා බයෙන් ගොඩක් පරිස්සම් කරන අයට.ඒක වාතයක් වගෙ දැනෙන්නෙ අපි ඒක පිලිගන්න ආකාරය අනුව.අපි ඒ දේවල් ආදරෙන් බැලුවොත් ඇත්තටම එ වගෙ අය හරි හුරතල් ඊර්ෂ්යාකාරයො. පාට්නර්ට ගොඩාක් ආදරෙයි. මේ මොන මල වදයක්ද කියලා එයා දිහා බැලුවොත් ඒක වදයක්ම තමා. මනුස්සයෙක්ගෙ මනස තේරුම් ගන්න තරමට බුද්ධිමත් කෙනෙක්ට එයා ඇයි එහෙම කියන එක තේරෙනවා. ඒක වදයක් නෙවෙයි. හැබැයි අපි එයාට ආදරෙ නැ නම් වදයක් වගෙ දැනෙනවා. මට වුනත් මම ආස නැති කොල්ලෙක් ඔය වගෙ කලොත් මොන පිස්සෙක්ද මෙ කියලා හිතෙනවා.හැබැයි මම ආදරෙ කරන කෙනා ඔහොම හැසිරෙන එක මට කරදරයක් නෙවෙයි. ටොක්සික් අය තමා මෙ ලෝකෙ හොදම ආදරවන්තයො සහ ආදරවන්තියො. හැබැයි නාසිසිටික්ස් අය නම් අවුල්.මොකද එයාලා ආදරෙ කරන කෙනාට රිද්දලා සතුටු වෙන්නෙ. ඒ කියන්නෙ ඔයා එයාගෙ පස්සෙ අඩාගෙන ගෙන්නගන්න විදියෙ වැඩ කරන්නෙ.හැබැයි එයාලත් ආදරෙයි.ආදරෙ නැතුව නෙවෙ.හැබැයි පාට්නර්ට රිද්දනවා හිතා මතා. උබව එපා ගාලා අඩවනවා.හැබැයි ඒ එපා නිසා නෙවෙ.ඔයා අනෙ මට ඔයා නැතුව බෑ කියලා අඩන එක තමා බලන්න ඕන එයාට.එහෙම කලාම ඔයා එයාට ආදරෙයි කියලා එයාට දැනෙනවනෙ.අන්න ඒක තමා සතුට. ටොක්සික් අය එහෙම නැ. එයාලගෙ කරදරෙ කියන්නෙ හැමදේම හොයලා බලනවා. නැතිවෙයි කියන බය එයාලට තියෙන්නෙ.ඒ බයෙ තියෙන ආදරය දකින්න.එතකොට ඔයාලට එයාව ටොක්සික් නැ.
ReplyDeleteඔන්න දැන් වටෙ යන මොලේ අඩු දෝණිලා සුදුතාත්තිලා හා හා දායි මේකට.
මාතලන්, මම ඔය එදා රෑ සිනමාපටය ගැන නෙගටිව් විචාර කලින් කියවලා ගිය එක ලොකු දෙයක් වුණා, හැබැයි මේක මේ චිත්රපට විචාරයක් නොවෙයි, අත්දැකීම ප්රකාශයක් පමණයි.
ReplyDeleteමම අයිති වෙන්නෙ ජීවමාන මිල්ටන් හදවතින්ම ඇසූ දුටු පරපුරට නෙමෙයි. ගෙවල් වල ලොකු අය අහද්දි/රේඩියෝ එකේ මිල්ටන්ගෙ සිංදු "ඇහුණ"ට, අපි සිංදු "අහන" කාලෙ එනකොට මිල්ටන් ජීවතුන් අතර නැහැ. ඒ නිසා ඔහු ඉතාම දැවැන්ත ගායකයෙක්/ලෙජන්ඩ් එකක් බව "දැනුවත්" වුණත්, ඒ බව "හදවතට දැනුණු" පරපුරක නෙමෙයි. (ක්ලැරන්ස් ගැනත් එමමයි).
ක්ලැරන්ස් මූවි එක බලල ඒක හරිම ලස්සන බබල් එකක් පපුවෙ පිරෙව්ව නිසා, මිල්ටන් මූවි එක බලන්නත් රිලීස් වෙන්න කලින්ම කැමැත්තක් තිබුණ. ප්රී රිලීස්ඩ් සිංදු බලද්දි ඒ ආසාව වැඩි වුණා. ඕව බලන්න බලන්න ඇල්ගොරිදම් එකත් හැමදාම ඕවම මූණෙ එබුව නිසා ලංකාවෙ premiere එකෙන් පස්සෙ ඒ ගැන පළ වෙලා තිබුණ ගොඩක් අදහස් දැක්කා.
ඒ අතරින් විශේෂය වුණේ, මුලදි සෑහෙන්න හොඳ කමෙන්ට්ස් තිබිල ටික ටික තද විචාර වැඩිපුර පේන්න ගත්ත එක (මේ ගෲප් එකෙත්).
ඉතිං ඊටපස්සෙ අර ආසාවල් හේබාල ගියා (මොකද die-hard Milton fan කෙනෙක්වත්, die-hard Roshan fan කෙනෙකුත් නොවන නිසා). ඒකෙන් මේකෙන් කැනඩාවට "එදා රෑ" ආවද, කොහෙද පෙන්නන්නෙ, කියල හොයල බැලුනෙත් නෑ.
එහෙම තියෙද්දි අහම්බෙන් දැක්කා මෙන්න Toronto premiere එක තියෙන්නෙ ගෙදර ලඟ මූවි හෝල් එකේ, අනිද්දට කියල. ඔය හෝල් එකේ මෙතුවක් කාලෙකට සිංහල මූවි එකක් පෙන්නල නැති නිසා ඇස් දෙක පිහිදන් ආයෙ බැලුව. අන්තිමට වෙලා තියෙන්නෙ, මොකක්දෝ හේතුවක් නිසා කලින් තිබුණ හෝල් එක අවසාන මොහොතෙ වෙනස් කරල, අපේ ගෙදර ලඟට ඇවිත්! කලින් එකට වඩා මේ හෝල් එක ලොකු නිසා තව ටිකට් ටිකකුත් ඕපන් වෙලා. නිකමට බුකිං පේජ් එකට ගියාම දෙය්යනේ කියල යන්තම් අතරින් පතර සීට් එකක් දෙකක් වගෙ ඉතිරි වෙලා තිබුණා. කමක් නෑ ඉතින් ගෙදර ලඟටම ආපු එකේ ඔන්න ඔහෙ ගිහින් බලමු කියල ගියා-හැබැයි අර තද බල සිනමා විචාරත් කොනක එල්ලං ගියේ!
දැන් මම ආයෙත් හිතනව;
එදා රෑ ගැන නෙගටිව් විචාර කලින් කියවලා ගිය එක ලොකු දෙයක්!
මොකද අඩු බලාපොරොත්තුවකින් ගිහින් මම ආවෙ ඊට වඩා පිරිල ඉතිරිල ගිය හැඟීමකින් නිසා!
සමහර සීන්ස් වල එඩිටිං තව හොඳට කරන්න තිබුණා, ගාමිණී තව හොඳ වෙන්න තිබුණා තමයි (අපරාදෙ ඒවගෙ අඩුපාඩු කරගත්තෙනම්), හැබැය් ඕව එකක්වත් මට ඒ සුන්දර අත්දැකීමට කරදරයක් වුණේ නැහැ.
අනිත් කාරණේ මට හිතෙන්නෙ සෑහෙන ටෙක්නිකල් ක්රිටිසිසම් හොඳයි ඒ අඩුපාඩු ඉස්සරහදි හැදෙන්න ඕනෙ නිසා. ඒත් ඉතින් මූවි එක එලියට දාපු ගමන් ඕක කිව්ව කියල මන් හිතන්නෙ නෑ ඒකෙන් බලන්න යන්න ඉන්න ඕඩියන්ස් එක කැඩෙන එකක් ඇරෙන්නෙ වෙන හොඳක් නම් වෙනව කියල.
අනික මිල්ටන් චරිතය ගැන කෙළ පැමිණි අත්දැකීම් ඇති අයට ඒ දැනුමට/මතකයට ගැලපෙන්නෙ නැති තැන් ඇති, මුලින් කියපු පසුබිමේ මම ඉතිං ඕක බලපාන කැටගරියෙ නෙමෙයි.
හැබැයි, අන්න එහෙම පසුබිමක හිටපු මට දැන් මිල්ටන් මල්ලවාරච්චි "අහල තියෙන ලෙජන්ඩ් එකක්"ට වඩා එහා ගිය "හදවතට දැණුන" "හරිම ලස්සන මනුස්සයෙක්". ආයෙ ඒ සිංදුවක් ඇහෙද්දි, ලස්සන මතකයක් හිතේ ඇඳේවි. මම වගේම, මට වඩා පහළ පරම්පරාවන් වලටත් එහෙමම දැනෙයි කියලයි මට හිතෙන්නෙ. ඉතිං ඒක මොනතරම් දෙයක්ද!
මූවි එක අන්තිමට අර කැලරන්ස් බලල ඇතිවුණ බබල් එකට වඩා වෙනස් බරක්, සන්තාපයක් වගෙ හැඟීමක් පිරීගෙන එද්දි, හෙමින් ලයිට් ඕන් වුණා. මගේ එහාපැත්තෙ හිටිය මම නාඳුනන කාන්තාවක්, ඇගේ ඇස් වල කඳුළු පුරවගෙන "අනේ...මම ඒ හැම ශෝ එකකටම ගිහින් ඒ කාලෙ මිල්ටන්ව බලල තියෙනව" කියල කිව්ව. මිල්ටන්ව හැබැහින් දැකල අහල නැති මගෙත් ඇස් තෙත් වෙලා තිබුණ එකේ, මම කල්පනා කළා "අනේ මට ඒ කාලෙ මිස් වෙලා" කියල.
එදා රෑ ගැන නෙගටිව් විචාර කලින් කියවලා ගිය එක ලොකු දෙයක් - මොකද ඒකෙන් මම හිතුවටත් වඩා "එදා රෑ"ටත් "මිල්ටන්" කියන ඒ අසහාය චරිතයටත් මම කැමති වුණා. 💙
ඇත්ත මාතේ, ලංකාවේ සිංහල සිනමාවට අලුතෙන්ම ඕන චිත්රපටයක් ආවහම තමන් තමයි ලෝකේ හොඳම බුද්ධිමතා කියලා මිනිස්සු හිතයි කියා චිත්රපටයට නැතිවෙන්න උග්ර විවේචන සහිතව අපහාසාත්මක විචාර කරන එක බුකියේ ඇතැමුන්ගේ සිරිතක්. මේක මෑතකාලීන ජවිපෙ එන්පීපී මාලිමා බක පණ්ඩිත රැල සහ ජවිපෙ 3% ටොක්සික් ෆෑන් බේස් එකෙන් හදපු ගොබ්බ මතවාදයක්
ReplyDeleteඒත් දැන් ප්රේක්ෂකයා දන්නවා මේ බකපඩි බුහුශ්රැතයෝ ගැන. මාලිමාවට බලය ලබාදුන්නම උන්ගේ තුප්පහි වැඩබැරි අපත ගති ලක්ෂණ හැමෝටම තහවුරු වුණා වගේ, දැන් මුන්ටත් කියනවා උඹ එහෙම නම් ඊට වඩා හොඳට ෆිල්ම් එකක් හදල පෙන්නපන් කියලා හිනාවෙන්න ඒ බකපඩි බහුශ්රැතයාගේ නම බලලා තියා ගන්නවා. ආයි ඒ නමින් විචාරයක් දැක්ක තැන අන්න මෙයා අදත් පඬියා වෙලා කියලා හිනාවෙනවා, පූක්පඩි සක්කිලි ජෙප්පන්ට බුකියේ වෙච්ච දේමයි උන්ටත් වුණේ 😅🤣😂
ඇත්තටම මාතේ අනුර කියන්නේ තුට්ටු දෙකේ පොල් බූරු අමු ගොබ්බ මීහරකෙක් දැන් නම් අනුර ඇත්තටම පොඩි මිනිාහක් කියලා ඔප්පු කළා. ප්රසාද් කියන්නේ නිකම්ම නිකං විපක්ෂේ මන්ත්රී කෙනෙක්. ඒ වගේ අය කියන ඒවට මේ යකා රට වටේට රැස්වීම් තිය තිය පල්හෑලි පච විකාර දොඩවමින් ඩෝබී මීහරක්ට කියලා බුකියේ පල්හෑලි ලියලා කුජීත විදියට පචවෙන එකෙන්ම පේනවා අනුර පොඩි මිනිහෙක් කියලා..
ReplyDeleteඒ කාලේ මාලිමා පච ප්රචාර හැතිකරේ රනිල් ලාට මහින්දලාට කියපු ඒවට උත්තර දෙන්න ගියා නම්..? එහෙනම් රටේ වැඩක් කරන්නට වෙලාව නෑ ඒ කාලේ
ඒ දවස්වල එහෙම නොවුනේ ඒ අය ඇත්තටම අනුර වගේ පටු පොඩියට හිතන තුට්ටු දෙකේ පීචං පොඩි මිනිස්සු නොවුන නිසා..දැන් නම් අනුර ශරීරයෙන් හා වැඩ යන දෙකෙන්ම පොඩී කියලා පේනවා...
මේක ඔයාගෙ කතාවටම ගැලපෙනව
Deleteමහින්ද රාජපක්ෂ කොතනකවත් කියලා නෑ “මම තමයි යුද්ධය ඉවර කළේ” කියලා. මට මතකයි TV වැඩසටහනකට ආවම මාධ්යවේදියා කියනවා, හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කියනවා 75%ක් යුද්ධය ඉවර කළේ එයා කියලා.
ඊට පස්සේ මහින්ද මහත්තයා කියනවා, “අනේ ඉතින් එයාට දෙන්නකො ක්රෙඩිට් එක. එයා එහෙම කියනවනම් මම මොකවත් කළේ නෑ. එයා තමයි 100% යුද්ධය ඉවර කළේ. ඉවරයිනෙ කතාව” කියලා.
ඒ වගේම ගෝඨාභය මහත්තයාගේ TV වැඩසටහනකදී අහනවා, “සරත් ෆොන්සේකා යුද්ධය ඉවර කළේ, ඔයා මොකුත් කළේ නෑ” කියලා. ගෝඨාභයත් හිනා වෙලා කියනවා, “ඔව්, එයා තමයි ඒක කළේ. යුධ හමුදාපති හැටියට එයා කළා. මම කළේ සම්බන්ධීකරණය” කියලා.
ඔය වගේම සරත් ෆොන්සේකාව ෆෝම් කරලා, ඔලුවට ජනාධිපති සිහිනයක් දාලා, වයින් කරලා එවන්න කලින්, ඔහු විශ්රාම ගිහිල්ලත් නැති කාලෙක ඔහුගෙන් අහනවා.
එතකොට ඔහු කියනවා, මහින්දගේ දේශපාලන නායකත්වයත්, ගෝඨාභයගේ කළමනාකරණයත් නැත්නම් යුධ ජයග්රහණය සිහිනයක් කියලා.
ඒ වීඩියෝ මං ළඟ තියෙනවා.
හැබැයි පස්සේ සිද්ධ වුණේ මොකක්ද?
සරත් ෆොන්සේකාව, යුද්ධය දිනන්න දේශපාලන නායකත්වය දුන්න මහින්දට එරෙහිව සටනට එවනවා, ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ ෆොන්සේකගේ ජනාධිපති කැම්පේන් එක මෙහෙයවන්නෙත් ජවිපෙ.
හිතාගන්න පුළුවන්ද රටට ද්රෝහි වුණේ කවුද කියලා?
අවුරුදු 76ක්ම රටට ද්රෝහිකම් කළ ජවිපෙ රට හදයි කියලා හිතලා ඡන්දෙ දීපු උන් ගැනත්, තාමත් එහෙම හිතාගෙන ඉන්න උන් ගැනත් මට තියෙන්නේ තරහකට වඩා අනුකම්පාවක්.
කුමන රටක හිටියත් සිංහල බසින් කෑ ගහන සතා මොකාද?
ReplyDeleteරෂිනිට දිව දාලා පුකේ අරින්න තිබ්බා නං සැප කොහොමද
ReplyDeleteරෂිනි දුවට දිව දාලා හුතු ජුස් බොන්න ආසයි
Deleteඑදා රෑ ගුවන් තොටුපලේදී මා
ReplyDeleteවෙන්වී ගියේ
හිතකින් නොවේ
ඒ වගේම අද මේ චිත්රපටය බලලා සිනමා ශාලාවෙන් නික්මී ගියෙත් හිතකින් නොවේ 🥲
නොරටුන් මැද තනිවිමි
ReplyDeleteතලවතුගොඩ හංදියෙන් මාකුඹුර බලා යන මෙට්රො බසයකට නැග්ගෙමි. අහෝ..පුදුමයකි. ඉදිරිපසම ආසනයේ භික්ෂුන් වහන්සෙ කෙනෙකු සහ කාන්තාවක් වාඩි වී සිටිති. භික්ෂුන් වහන්සේ මහත් අපහසුතාවයෙන් ජනේලයෙන් පිටත බලා සිටි අතර බොහෝ පිරිමිද ගැහැනුද සිටගෙන සිටි. මම එකී කාන්තාව දෙස මොහොතක් යනතුරු සිහි එළවා ගත නොහැකිව බලා සිට හිත හදාගන්නට සිතුවෙමි.
මගේ කැලඹුණු සිතට මම කියා සිටියේ සාමාවෙයන් හිත අපි ඉන්නේ අපේ රටේ නොවේ. නොරටකය. ඒ රටේ මේ දේවල් ආගන්තුක නොවේ. එසේ ආගන්තුක නම් බොහෝ ගැහැනුද පිරිමිද නොදැක්කා සේ නොයයි. මේ බස් වල පූජ්ය පක්ෂයටයි කියා ආසන නොමැත. සැමට සමාන අයිතිවාසිකම් ඇති රටක පැතූ වෙනස සිදුවී ඇත. සැබෑ දියුණුවකි.
එකි කාන්තාව බහින්නට සූදානම්ව මට ආසනය දීමට සූදානම් විය. හාමුදුරුවෝ කෙනෙක් ලග ගෑනු අය වාඩි වෙන්නෙ නෑ.කිසිදා නොඈසු කතාවක් මම ඔවුන්ට කිව්වෙමි. ලග සිටි තරුණයෙකු අල්ලා එම අසුනේ බලෙන් වාඩි කරන්නට මා උත්සහ කලද ඒ තරුණයා මට එතන වාඩි වන්න යැයි කියිවේ ඔහු ලග බහිනා බව පවසාය. මා නැවත පුදුමයට පත් විය. පුදුම වූ හිතින්ම මම ඈත හිටගෙන සිටි පිරිමියෙකු කැඳවා එම අසුනේ බලෙන් වාඩි කෙරෙමි. වටපිටාවේ සිටි මිනිසුන් මාදෙස බලන්නට ඇත්තේ මෝඩ ගතානුගතික සාම්ප්රදායි තැරි දාර....ගැහැනියක ලෙසය. නව සහශ්රයේ අළුත් ලෝකෙට යන මාවත මට මග හැරී තිබේ.
ඉතිං අනුන්ගේ රටක මෙට්රො බස් එකක කොළඹ යද්දි උන්ගේ රටට ගැලපෙන සේ යාමට පුරුදු විය යුතුය.
සියල්ලෝම දැන උගනිත්වා.
චම්පා වෛද්යතිලක
සරත් මල්ලියාවඩු **තායිලන්තයේ භික්ෂූන් වහන්සේලාට පොදු ප්රවාහනයේදී දක්වන ගෞරවය ගැන සැලකිලිමත් විය යුතු කරුණක් තිබේ.**
Deleteමෙය හුදෙක් පුද්ගලික සම්ප්රදායක් නොව, තායි සමාජය හා ප්රවාහන පද්ධතිය තුළ ප්රායෝගිකව පිළිගෙන ඇති ආචාරයකි.
🇹🇭 **1. තායි රජයේ නිල මාර්ගෝපදේශය**
තායි රජයේ නිල වෙබ් අඩවියේ Bangkok පොදු ප්රවාහනය පිළිබඳ මාර්ගෝපදේශයේ පැහැදිලිව සඳහන් කරන්නේ බස් හා දුම්රිය භාවිතයේදී **භික්ෂූන් වහන්සේලාට සහ සාමණේරයන්ට ආසන ලබාදිය යුතු** බවයි. එම ලැයිස්තුවට කන්යා සොහොයුරියන්, ළමුන්, කාන්තාවන්, වැඩිහිටියන් හා ආබාධිතයන් ද ඇතුළත් කර ඇත.
[තායි රජයේ නිල ප්රවාහන මාර්ගෝපදේශය](https://thailand.go.th/issue-focus-detail/002_001?hl=en&utm_source=chatgpt.com)
🇹🇭 **2. Bangkok Metro හි භික්ෂූන් සඳහා Priority Seats**
මෙය සාමාන්ය සමාජ සම්ප්රදායක් පමණක් නොවේ. Bangkok Expressway and Metro (BEM) ආයතනයේ 2025 නිල වාර්තාවේ **Priority Seats** අතර භික්ෂූන් වහන්සේලාද විශේෂයෙන් සඳහන් කර තිබේ. එම ආසන ළමුන්, ගර්භණී කාන්තාවන්, වැඩිහිටියන් සහ ආබාධිතයන් වැනි විශේෂ අවශ්යතා ඇති මගීන් සමඟ භික්ෂූන් සඳහාද වෙන් කර තිබේ.
[Bangkok Metro – BEM නිල වාර්තාව](https://sustainability.bemplc.co.th/en/newsroom/activities/91/accessible-travel-promotion-project?utm_source=chatgpt.com)
එනම්, **තායි ජනතාවට භික්ෂුවක් පැමිණි විට ආසනය ලබාදීම සමාජ ආචාරයක් වන අතර, එම ආචාරය ප්රවාහන ආයතනද නිල වශයෙන් ප්රවර්ධනය කරයි.**
✈️ **3. ගුවන් ප්රවාහනයේදීත් භික්ෂූන් සඳහා විශේෂ සැලකිල්ලක්**
Thai Airways විසින් භික්ෂූන්, පූජකයන් සහ ආගමික නායකයන් සඳහා **Religious Fare** නමින් විශේෂ ගුවන් ගාස්තු ක්රමයක් පවත්වාගෙන යයි. භික්ෂුවක් බව තහවුරු කිරීම සඳහා පැවිදි සහතිකය හෝ හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
[Thai Airways – Religious Fare](https://www.thaiairways.com/en-th/content/offers-Promotions/special-offers/religious-fare-domestic/?utm_source=chatgpt.com)
තවද Thai Airways හි නිල ආසන නීතිවල **Buddhist monks/novices (භික්ෂූන් හා සාමණේරයන්) Emergency Exit Seats සඳහා සුදුසු නොවන මගීන්** ලෙස විශේෂයෙන් සඳහන් කර ඇත. ගුවන් සමාගම විසින් check-in අවස්ථාවේදීද මෙම සුදුසුකම් පරීක්ෂා කරන බව සඳහන් කරයි.
[Thai Airways – Preferred Seats හා Emergency Exit Seat Rules](https://www.thaiairways.com/en-la/content/more-services/preferred-seats/?utm_source=chatgpt.com)
**ඒ නිසා තායිලන්තයේ සිදුවන්නේ මෙයයි:**
භික්ෂුවගේ විනයානුකූල ජීවිතයට ගැළපෙන ආකාරයෙන් සමාජය ඔහුට විශේෂ ගෞරවයක් දක්වයි; පොදු ප්රවාහනයේදී ආසන ලබාදීම රජයේ මාර්ගෝපදේශවලට ඇතුළත්ය; Bangkok Metro වැනි ප්රවාහන ආයතන භික්ෂූන් සඳහා Priority Seats පවත්වාගෙන යයි; Thai Airways වැනි ජාතික ගුවන් සේවයද භික්ෂූන් සඳහා විශේෂ පහසුකම් හා ආසන සම්බන්ධ විශේෂ නීති ක්රියාත්මක කරයි.
**මෙය භික්ෂුවට පමණක් ලබාදෙන වරප්රසාදයක් ලෙස නොව, භික්ෂු ජීවිතයේ විනය හා බෞද්ධ සමාජ ආචාරය ආරක්ෂා කිරීමට තායි සමාජය දක්වන ගෞරවයක් ලෙස දැකිය හැකිය.**
එවැනි බෞද්ධ සමාජයක භික්ෂූන් වහන්සේලාට පොදු ප්රවාහනයේදී ගෞරවයෙන් හා විනයට ගැළපෙන පරිසරයක් සකස් කර දීම **අපේ රටේද ආරක්ෂා කළ යුතු යහපත් සම්ප්රදායක්** නොවේද?
මාතා මිල්ටන් ක්රිකට්වල බැතිමතෙක් රනිල් මල්ලව ආරච්චිට ක්රිකට්වල උපරිමය දක්වා ගෙනියන්න උත්සාහ කළද එය එකල සාර්ථක වුණේ නෑ අද වෙනකොට ශ්රි ලංකාව වගේම පාකිස්තානයත් ඉන්නේ දැඩි අර්බුදයක ,
ReplyDeleteවර්තමාන පාකිස්තාන ක්රිකට් ක්රීඩකයන් දිහා බලද්දී සමහර වෙලාවට හිතෙනවා, ඔවුන්ට ඉස්සර තිබුණු ඒ සටන්කාමීත්වය කොහේද කියලා.
පොඩි ආබාධයක් ආවත් පිටියෙන් ඉවත් වෙනවා. තරගය අතරතුර සටන් කරන්න තියෙන ධෛර්ය බොහෝ හීනවෙලා.
ඒ වෙනුවට ඔවුන් ඉක්මනින්ම පරාජය පිළිගන්නා මානසිකත්වයක් පේන්න තියෙනවා.
ඒත් එක කාලයක පාකිස්තානය වෙනුවෙන් ක්රීඩා කළ ෂොයිබ් අක්තාර් වගේ ක්රීඩකයින් ඊට බොහෝම වෙනස් .
ෂොයිබ් අක්තාර්ගේ කතාව වේග පන්දුවගැනම විතරක් කියන කතාවක් නෙවෙයි. ඒ වේගවත් පන්දු පිටුපස තිබුණු කැපකිරීම, දරාගැනීම සහ සටන් කිරීම ගැන කියන කතාවක් තිබෙනවා .
ෂොයිබ් අක්තාර් එතරම් කාලයක් ක්රිකට් ක්රීඩා කරාවි කියලා කිසිවෙක් හිතුවේ නැහැ.
ඔහු කුඩා කාලයේදී වෛද්යවරයෙක් ඔහුගේ මවට කියලා තිබුණේ, තම පුතා අනාගතයේදී “අර්ධ ආබාධිතයෙක්” විය හැකි බවත්, සාමාන්ය දරුවෙක් වගේ දුවන්නවත් බැරි විය හැකි බවත්.
පසුව ඔහු ක්රිකට් ක්රීඩාවට පැමිණි විටත් වෛද්යවරු ඔහුට අනතුරු ඇඟෙව්වා. ඔහුගේ ක්රිකට් ජීවිතය තවත් අවුරුදු කිහිපයකට වඩා දිගු නොවනු ඇතැයි ඔවුන් පැවසුවා.
ආබාධ ඔහුගේ ජීවිතයට විටින්විට නැවත නැවත පැමිණියා. සමහර අවස්ථාවල ඔහුගේම ශරීරය ඔහුගෙන් ඉල්ලා සිටියේ දැන් ඇති නවතින්න වගේ දෙයක් .
ඒත් ෂොයිබ් අක්තාර් නවතින කෙනෙක් නෙවෙයි. ඔහුට නවතිනවා නම් නවතින්න තිබුණේ බොහෝම කලින් .
ඔහු ඉපදී තිබුනේම සටන් කරන්න ,වේගවත් පන්දුයවමින් ප්රතිවාදීන් බිය ගන්වන්න
ඔහුගේ ක්රිකට් ජීවිතය පුරා දණහිසේ සැත්කම් පහක්, දරාගත නොහැකි වේදනාව නිසාම තරගවලට පෙර ලබාගත් එන්නත් ගණනාවක් තිබුණා. ඒ සියල්ල මැදත් ෂොයිබ් නැවත නැවතත් පන්දු යැවීමේ සීමාවට පැමිණියා.කඟවේණෙක් වගෙ පිති කරුවන් ඉදිරියට දිවගියා .
2000 සිට 2005 දක්වා කාලය තුළ ඔහු ටෙස්ට් තරග 26කදී කඩුලු 127ක් දවාගත්තා.
එම කාලයේ ඔහුගේ පන්දු යැවීමේ සාමාන්යය 20.5ක් පමණයි. ඔහුගේ Bowling strike rate එක 36.7ක්.
ඒ කාලය පිතිකරුවන්ට වාසිදායක තණතීරු බහුලව තිබුණු යුගයක්. අවම වශයෙන් කඩුලු 100ක් ලබාගත් වෙනත් කිසිම වේගපන්දු යවන්නෙකුට strike rate 50ට අඩුවෙන් තබාගන්න හැකි වූනේ නැහැ. නමුත් ෂොයිබ්ගේ strike rate එක 40ටත් අඩුයි.
2002 වසරේදී ඔහු එක්දින ජාත්යන්තර තරගවලදී තම 100 වැනි කඩුල්ල ලබාගන්නා විට ඔහුගේ bowling average එක 19.6ක්, strike rate එක 26.2ක් සහ economy rate එක 4.5ක් වුණා.
ඒත් බොහෝදෙනෙක් දැනන් හිටියේ ෂොයිබ් වේගවත් පන්දු යවන්නෙක් විතරක් බව ,නමුත් ඔහුගේ උපරිම අවධියේදී ඔහු සතුව තිබුණේ විශිෂ්ට පන්දු යැවීමේ හැකියාවක්.
ලාහෝර්හිදී නවසීලන්තයට එරෙහිව 6/11ක්, ගැබා පිටියේදී ඕස්ට්රේලියාවට එරෙහිව 5/25ක්, වෙලින්ටන් හිදී නවසීලන්තයට එරෙහිව විශිෂ්ටතම 11/78ක්
පොන්ටින ,ස්ටීව් ,හේඩ්න්,ෆ්ලෙමින් වැනි ලෝක මට්ටමේ පිතිකරුවන්ගෙන් සමන්විත පිතිකරණ පෙළක් ඉදිරියේ වුණත් ෂොයිබ් තමන්ගේ සියල්ලම පිටියට දුන්නා.
ඔහු යැවූ සෑම පන්දුවකටම ඔහු තම ශරීරයෙන් මිලක් ගෙව්වා.
වේදනාව ,ආබාධ ,සැත්කම් නිසා නැවත නැවතත් නවතින්න සිදු වුණා.
ඒත් ඔහු හැම වතාවකම නැවත පැමිණියා.
අද අපිට එවැනි ක්රීඩකයන් දකින්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්.
ෂොයිබ් අක්තාර් කියන්නේ වේගයට කියන තවත් නමක් විතරක් නෙවෙයි.
ඔහු සැබෑ සටන්කාමීත්වයේ නාමයක්.
✍️ නිෂ්ශංක වීරප්පුලි
ටී20 අනාගතේ අතර ලංකාව ඊ ගාව ටුවර් එකේ ටී20 ස්කොඩ් එක දාල තියෙනව. ඒ සිදුවීම මම ලියන්න යන එකට ලොකුවයින්ම බලපෑමක් කළේ නෑ. හැබැයි දැන් ඊයෙ ලිව්ව එකට ඒකත් එම්බෙඩ් කරල ෆිනිශ් කරන්න වෙනවා.
Deleteඅපි ඒසියන් ගේම්ස් වලින් පටන් ගනිමුකො. ලංකාව ඒසියන් ගේම්ස් වලට යැව්වෙ සෙකන්ඩරි ස්කොඩ් එකක්. ඒකට මූලික හේතුව වන්නෙ එංගලන්ත සන්චාරය හා පකිස්තාන් තුන්කොන් සන්චාරය අතර පවතින ඉතා කුඩා කාල පරාසයේ ජපාන තරගාවලිය තියෙන එක කියල මම හිතන්නෙ. එක්දින ලෝක කුසලානය වසරකින් තියෙන නිසා දැන් වෙද්දි ඒකට අවශ්ය ආකාරයට ටිම් එකේ ෆිට්නස් හා වෙල් බීන් මැනේජ් කරන් යන්නත් ඕනෙ. හැබැයි ලංකාවෙ ඉතිහාසෙටම (මීට කලින් තිබ්බ අවස්තා තුනේම) ලංකාව ආසියානු තරගාවලියට යවන්නෙ දෙවෙනි පෙළ කණ්ඩායම්. ඉන්දියාව එහෙම නෙවි ඉන්දියාව සහබාගි වූ පෙර හා මේ අවස්තා දෙකේම එව්වෙ තමන්ගෙ ෆුල් ස්කොඩ් එක.
කතාව ඒක නෙවි. මේ වෙලාවේ ඉන්දියාව තමන්ගෙ ෆුල් ටී20 ස්කොඩ් එක ජපානෙට එවන අතරම එක්දින තරගාවලියකටත් මුහුණ දෙනව බටහිර ඉන්දීය පිළ එක්ක. එතනදි ඉන්දියාව ඒකට සහබාගි කරන්නෙත් එක්දින ෆුල් ස්කොඩ් එකට ආසන්න ස්කොඩ් එකක්. ඒ කියන්නෙ ඉන්දියාව දැනටම එක්දින හා ටී20 ස්කොඩ් දෙක එකිනෙකින් ආසන්නව ස්වායත්ත වෙන්න බෙදාගෙන යනවා. මේ ක්රියාදාමය අසියානු ගේම්ස් නිසාම කළ එකක් වගේ පේන්නෙ නෑ. පහුගිය ටී20 ලෝක කුසලානෙ දිනුවටත් පස්සෙ ඉන්දියාව තමන්ගෙ ටී20 ස්කොඩ් එක රිවෑම්ප් කළා. ඒ කරල අයර්ලන්තෙ එන්ගලන්තෙ ගිහින් මැච් පැරදුනා.ඒත් ඔවුන් ඒ මතයේ තවම ඉන්නව.
ඉන්දියාව පමණක් නෙවි. නවසීලන්තය හා බටහිර ඉන්දිය පිළත් මේ වැඩේ යම් යම් ආකාරයකට කළා. පහුගිය කාලවල ඔවුන් එක්දින ද්විපාර්ශ්වික සංචාරවලට තම ටී20 ස්කොඩ් එකෙන් එකෙක් දෙන්නෙකුට වඩා එව්වෙ නෑ. එක අතකින් ඔවුන්ට පුලුවන් වෙනව තම ටී20 සුපිරි ක්රීඩකයින්ට ලොවපුරා ෆ්රැන්චයිස් ලීග වල වඩාත් කොම්පෙටටිව් එක්ස්පිරියන්ස් ගන්න අවස්තාවක් දෙන්න. ඒ වගේම අද වනවිට ෆුල් මර්සනරි මෝඩ් යන සමහර ක්රීඩකයින් මේ රටවලින් නැශනල් කන්ට්රැක් ගන්නෙ නෑ. එයාල තනිකරම් ෆ්රැන්චයිස් සල්ලි මත ඉදල කෙටිකාලින උවමනාවලට ඔය දෙරටේ ටීම් වලට සෙල්ලම් කරන ප්රවණතාවයක් තියෙනව වගේම ඒ රටවල ක්රිකට් බලධාරිනුත් ඒකට සහය දෙනවා. උදාහරණෙකට ලන්කාවෙ ප්රේමදාස පින් කෙතේ අපේ ඉන්න දෙකයි පනහෙ නමුත් කෙතේ දී දසමහ යෝදයින් වන ප්ලේයර්ස්ලා එක්ක වන්ඩේ ගහ ගහ ඉන්න එවනවට වඩා ඉදිරිපෙල නවසීලන්ත ක්රීඩකයින්ට වටිනව ලෝකෙපුරා ෆ්රැන්චයිස් ගහන එක (පහුගිය ටුවර් ස්කොඩ් බලන්න)
මේ හැකියාවන් රටෙන් රටට වෙනස්. ඔබට කියන්න පුලුවන් ඉන්දියාවට බැරිද ටීම් දහයක් වුනත් හදන්න කියල.නවසීලන්තෙ ඔය කැමැත්තෙන් කරනව නෙවි ඕකට බෑ කිව්වොත් උන්ගෙ සුපිරි ඩයල් රට දාල ෆ්රැන්චයිස් වලටම යනවා කියල. ඒක ඇත්ත. ප්රවණතා නිර්මාණය වෙන්නෙ එහෙම තමා. හැබැයි මේ ආකාරයෙන් හැදුන එක්දින හා ටි20 ප්ලෙයර්ස් ලා වෙන් කෙරෙන ප්රවණතාවයක් ලොව පුරා පැතිරෙනව කියල නිරික්ශණය කල හැකියි.
මේකට හේතු තියෙනව. අපි දැන් කාලෙක සිට ටී20 නිව් වර්ල්ඩ් ඕඩර් එකක් ගැන කතාකලානෙ (පරණ එව්ව මගෙ වෝල් එකේ ඇති). ටී20 ගේම් එකේ වත්මන් ඩිමාන්ඩ් එකට සුවිශේශි බොඩි ශේප්ස් අවශ්යයි කියල කතා වුනානෙ. තවදුරටත් ටී20 ක්රීඩාවේ ට්රැඩිශනල් කන්වෙන්ශනල් හෝ ක්රිකට් බුක් පහරවල් ගහන අයට මාර ලොකු අනාගතයක් නෑ. ක්රීඩාවේ ටෙම්පෝ එකට ඒ ශොට්ස් වලින් ලොකු දෙයක් වෙන්නෙ නෑ. දැන් අවශ්ය ගැප්ස් වලට බෝලෙ උඩින් ප්ලේස් කරන පුලුවන් තරම් හයේවා ගහන ස්ටයිල් එක. ඕක තමා එක හේතුවක් මේ ගේම් දෙක ඩීවියේට් වෙන්න. ඒ වගේම 2013 ටී20 ආභාශය නිසා ඒ වගෙ හදාගන්න හිතාගෙන වන්ඩේ රූල්ස් වෙනස් කළානෙ. ඊට පස්සෙ තමා 350-400 පා ස්කෝ වෙන ඕවර පනහේ තරග කලාව ආවෙ. ඒක එතරම්ම ආකර්ශණීය වුණේ නෑ. ඒ නිසා අපි දකිනව රූල් බුක් එක පරණ දිහාට ගෙනියන උත්සාහයන්. ඒ එකක් තමා 34 වෙනි ඕවරෙන් පස්සෙ එක බෝලයක් යුස් කරන එක. ඒ හරහා දැන් මැච් එකේ අන්තිම ඕවර 15 ගහන්න අමාරු තත්වයට ගේන්න බලධාරින් සමත් වෙලා තියෙනව. ඔය හේතුවත් එකක් එක්දින ක්රීඩාව හා ටී20 ක්රීඩාඅව් අතර බැටින් ගැප් එක වැඩි වෙන්න.
අනික ඉතින් ෆ්රැන්චයිස් ලීගවලින්ම හෝඩිපොත කියවන් එන අලුත් පරපුරේ උන් සමහරකට ඕවර 50 දිග වැඩියි. උන් දක්ශයි හැබැයි දක්ශ එක්දින තරගවලට නෙවි. ඒ නිසා උන් ටී20 පිල්වල මුල්බැහැගෙන ඉන්න එක්දින ක්රීඩාවෙන් මතුව ආපු පරණ අයව රිප්ලේස් කරනව. ඉන්දියාව ගත්තොත්, කෝලි රෝහිත් වගෙ උන් පවා රිප්ලේස් වෙන්නෙ අභිශේක් වගෙ ඩයල් වලින්. ඔය හේතුව නිසාම පේනවා ඇති මෙහෙම ටී20 හා එක්දින ස්කොඩ් දෙක ලොකුවට වෙනස් වෙන්නෙ එක්කො කොලිටි ෆ්රැන්චයිස තියෙන රටවල නෙවිනම් ලොවපුරා ෆ්රැන්චයිස වලට මිනිස් සම්පත් සපයන රටවල..
හැබැයි ඉතින් ලකේ පංකාවේ ඔය දෙකම නෑනෙ. එල් පී එල් ගහන්නෙත් වන්ඩේ ස්ටයිල් එකට. අයිපී එල් කීපයක් ගියත් අපේ එකෙක් වතුර අදින එකෙන් එහාට යන්නෙ කලාමතුරකින්. ඉතින් ලංකාවෙ එක්දින ස්කොඩ් එකම තමා ටී20 ගහන්නෙත්. සිලෙක්ටර්ස් ලට එහෙම ලොකුවයින් නිච්චියක් නෑ ඩොමෙසික් ටී20 හොඳට ගැහුවම වන්ඩේ ස්කොඩ් දානව ඩොමෙස්ටික් වන්ඩේ හොඳට ගැහුවම ටී20 දානව. ලොකු ගානක් නෑ. තාම වයිට්බෝල් එක ස්කොඩ් එකක මානසිකත්වෙ ඉන්නෙ. අපේ උන් ටී20 ගහන්නෙත් වන්ඩේ වගෙ නිසා අවුලකුත් නෑ.
Deleteඑතකොට මේ ආසියානු තරගාවලිය වගෙ එකක් අනිත් කැලැන්ඩරෙ හරහට ආවම එහෙ යවන්නෙත් ශ්රී ලංකා ඒ වන්ඩේ පිළ. දැන් ජපානෙ ඉන්නෙ එයාල. ඒ නම් ලිස්ට් එකට මොකක් හෝ හේතුවකට සිනෙත් ජයවර්ධන වගෙ කීපයක් දාල තියෙනව. ඒ තේරීම් වල ලොකු ලොජික් එකක් නෑ. තව ඒ වගෙ උන් ලන්කාවෙ දාල ගිහිල්ලත් තියෙනව.
හැබැයි ලංකාවෙ අංකුර ක්රීඩකයින්ගෙත් මේ කිව්ව එක්දින හා ටී20 විභේදනය තියෙනව. ප්රශ්නෙ තියෙන්නෙ ඒක ගැන බලධාරින් නොසොයන නොබලන රාමුවක, ලෝකල් එක්ස්පෝශර් එකේ කිසි කොලිටියකුත් නැතුව උන් එතරම් දක්සතා දියුණු කරගෙන නෑ. ඉන්දියාවෙ අයිපීඑල් එකෙන් එහෙ මේ මට්ටමෙ අයට දෙන තල්ලුව චැලෙන්ජ් එක ලංකාවෙ උන්ට නෑ. ඒ නිසා දඩිස් ගාල ටී20 ස්ටයිල් ගහන පොඩි එකෙක් ටීම් එකට බැස්සුවොත් ඌ හුටස් ගාල අවුට් වෙනවා.ඉතින් දෙතුන් පාරක් ට්රයි කරල විසික් කර දානවා.
මම හිතනව ලංකාව මේ කරන එකට වඩා එක්දින හා ටී20 කියල ඉරක් ගහල වැඩි හරියක් ප්ලේයර්ස් ලා ස්කිල්ස් අනුව ඒකෙන් එක පැත්තක තියන එක හොඳයි කියල. ඒක ඉබේම ඉන්ජරි මැනේජ්මන්ට් සොලුශන් එකකුත් එනව. ටි20 අයට සමහර විට ලොව වටා ලීග වලට යන්නත් පුලුවන් දක්ශතා දියුණු කළොත් මොකද වන්ඩේ ටුවර් යන්න ඕනෙ නැති නිසා. උන්ට දැනට ඒ අවස්තාව එන්නෙ නෑ එක්දින වර්ගේ උන් ටී20 එකත් අල්ලන් ඉන්න නිසා. ඉතාම සුලු පිරිසයි දැන් ඔය ස්ටයිල් දෙකේම වැඩ දාන්නෙ.
අපි නම් වලින් කතාකරමු. මම ෆෝකස් කරන්නෙ පිතිකරණයට මොකද ඕවර 20ට 150 ගහන එකත් බැරිම ගානෙනෙ ඉන්නෙ. (බෝලින් ම ගත්තත් ඔය ඇවිදින ඉස්පිරිතාල ටික ටී20වල පමණක් තියාගන්න එක ඔප්ශන් එකක්). මෙහෙම නම් ලියන කොට තේරුම් ගන්න ඔනෙ එකක් තමා මම දැනට රිජෙක්ට් කරන සමහරුන්ට අනාගතෙ තම බැටින් ස්ටයිල් එක ඩෙවලොප් කරන් ටී20 ස්ටයිල් එකට එන්න පුලුවන්. ඔය පැතුම් නිස්සන්කත් එහෙම ආපු එකෙක්. ඒ නිසා මෙහි නොලියවෙන පවන් රත්නායක ජනිත් ලියනගේ සහන් ආරච්ච්ගේ ආදීන්ට බෑ කියල නෙවි කියන්නෙ. දැනට පේන ආකාරෙට ඔවුන් ගහන්නෙ ටී20 වලට සෙට්වෙන ස්ටයිල් එකකින් නොවේ. ඒ කිව්වෙ උඩින් ගහන්න හයක් ගහන්න අවශ්ය තැනදි ඒක කරන්න සමත්කම් පෙන්නන අය නෙවි එයාල.
ජාතික පිලේ මගේ වර්ගීකරණය අනුව ටී20 ස්ටයිල් අය වෙන්නෙ: පැතුම්, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක තුන්දෙනා පමණයි. මාජින් එකේ කමිඳු හා කමිල් මිශාර ඉන්නව. ඔය අනිත් බැටාලට හදිසියට උස්සල හයක් ගහගන්න බෑ. ලූස් බෝලයක් ඕනෙ හයක් ගහන්න.
ඊට එලියෙන් ඉන්න උන් හොයන්න ගියාම ඉතින් ශ්රී ලන්කා ඒ, එල් පී එල් හා ඩොමෙස්ටික් ටී20 නෙ තියෙන්නෙ. ශ්රී ලන්කා ඒ ටී20 පිලත් ජාතික පිල වගේම එක්දින ස්ටයිල් ඩයල් වලින් පුරවන් ඉන්නෙ. උදහරනෙකට සහන් ආරච්චිගෙ නුවනිදු වගෙ අය. මට ඔතනින් කිසියම් තත්වයක් පේන්නෙ ලසිත් කෲස්පුල්ලෙගෙ පමණයි.
එල් පී එල් එකෙන් ගත්තොත් චමිඳු වික්රමසිංහ තමා මූලිකව පේන්නෙ. වැඩිම ලකුණු ගැහුවට ලහිරු උදාරවත්, ඊ ගාවට වැඩිම ගැහුවට චරිත් අසලන්ක වත් මේ ස්ටයිල් එකට එන්නෙ නෑ ඔවුන් එක්දින ස්ටයිල් එකට ක්රිකට් බුක් ශොට්ස් ගහන අය. ඊට පස්සෙ ඉතින් එක එල් පී එල් එක ඉනිමක පමණ හැකියාවෙන් පවන් සන්දේශ්, රවිඳු ප්රනාන්දු වගෙ එකීපයක් උන්න. ඩොමෙස්ටික් නම් 2025 විශේන් හැළඹගේ හා 2026 සිනෙත් ජයවර්ධන ඉදිරියෙන්ම ඉන්නව.
දැන් මම එකතුකළ නම් ලිස්ට් එක මේ වගෙ: කුසල් මෙන්ඩා, පැතුම්, දසුන්, කම්ඳු (මාජිනරි), කමිල් (මාජිනරි), කෲස්පුල්ලෙ, චමිඳු, විශේන්, සිනෙත්, පවන් සන්දේශ්, රවිඳු.
හද්ද අන්ජබජල් බැටින් ලයින් එකක්, බහුතරේකට ඉන්ටනැශනල් එක්ස්පෝශර් නෑ. මුන් බහුතරේකට සිම්බාබ්වේ එක්කවත් ගහන්න බෑ. හරි හමන් ඉන්ටනැහනල් ටීම් එකකට අහුවුනාම 50යි ඕල් අවුට්. හැබැයි තාම මුන් බැට් කරන්නෙ ප්රොපර් ටී20 ස්ටයිල් එකට. අංකුර ටී20 ක්රීඩකයින්
(ඔය ලිස්ට් එකට එන්න පුලුවන් අතීත ක්රීඩකයින් ඉන්නව කුසල් පෙරෙරා භානුක. අවිශ්ක, චාමි යකා වගෙ. ඒ සමහරක් මොන හෝ හේතු නිසා ස්කිල්ස් වට්ටගෙන වයසට ගිහින් නෙවිනම් ජාත්යන්තර මට්ටමට සෙට් නෑ. මොකක් හෝ නිසා උන් ඔබ්සලීට් නිසා අතාරින්න වෙනව.)
Deleteඉතින් ඕක තමා කතාව. අපේ ටී20 ස්කිල් තියෙන අංකුර ක්රීඩකයො ඉන්නෙ මේ ගානෙ. අපි මෙතෙක් කර තියෙන්නෙ මුන් ට ෆෝම් වෙන්න නොදී හැට හුටාමාරක් වන්ඩේ ස්ටයිල් ගහන උන්ගෙන් මුන්ව වහල ජාතික පිල, ඒ කණ්ඩායම හා එල්පීඑල් කියන ඔක්කොගෙන්ම මුන්ව කොන්කළ එක. එතකොට මොකද වෙන්නෙ 50ට ඕල් අවුට් වෙන්නෙ නැ. 100 පන්නනව. ඒත් ලොවෙත් 150ක් ගහන්න බෑ (150 ගැහුවොත් ඒ මේ ලිස්ට් එකේ එකෙක් ගහපු දාට). අර 50ට ඕල් අවුට් වෙන උන් හරියට ට්රේන් කරවල එක්ස්පෝශර් දුන්නොත් උන් මේ විදියටම ගහගෙන ගියොත් උන්ට 200කට යන්න පුලුවන් අවුරුද්දකින් දෙකකින්. හැබැයි දැන් යන තාලෙට අවුරුදු දෙකකිනුත් 100 පන්නනව 150ක් ගහන්න බෑ. සදාකල් එපමණයි.
ඔන්න ඔහොම තත්වෙකයි ලංකාවෙ ක්රිකට් තියෙන්නෙ. අපි මේව තේකක් බොන ගමන් ලිව්වට සිලෙක්ටර් කෙනෙකුට වුණත් ගන්න අමාරු රැඩිකල් තීරණයක් මේක. හැබැයි අනිත් රටවල් ගන්නව. කොලැටරල් ඩැමේජ් නෑ නෙවි ඉන්දියාව අයර්ලන්තෙන් කාල ජපානෙනුත් ඕල්මොස්ට් කෑව. ඒ වුනාට උන් ගත්ත තීරනේ රිවස් කරන්නෙ නෑ.
ඔය ඔක්කොම සැළකුවාම මම නිතර බැන්න මේ සිලෙක්ශන් කමිටිය එක පාරක් හෝ මේ දිහාට පියවර කීපයක් අරන් තියෙනව. අද එලියට ආපු ස්කොඩ් එකෙ මෙන්න මේ නම් ටික බින්දු ගහල යන ඉඩක් දැනට තිබ්බත් ඉස්සරහට බැක් කළ යුතු වෙනව අනාගතෙ ලන්කාවෙ ප්රොපර් ටී20 ගස්සන්නනම්: කුසල්, කමිල්, සිනෙත්, කමිඳු, දසුන්, චමිඳු
අඩුම ගානෙ වන් ඔන් වන් ප්ලේයර් කම්පැරිසන් කරද්දිවත් බැටින් ස්ටයිල් එක බලල ටී20 තෝරනවනම් ලොකු දෙයක්. අනිත් උන්ට අසාධාරනයක් කරන්න කිව්වෙ නෑ උන්ට වන්ඩේ ගහන්න පුලුවන්. ස්කොඩ් දෙකක වෙන්ව යන එකත් වෙන්න ඔනෙ දෙයක්නෙ.
මම මේ කියන්නෙ මස් නම් ඔනෙ ප්රොසෙස් කෑම දීල දවස් හතලිස් පහෙන් හදන බ්රොයිලර් කුකුල්ලුම හදපල්ල, ගන් කුකුලො ගෙනත් මහත පනුවො කැව්වට වැඩක් නෑ කියල. බැච් එකක් දෙකක් මළත් 50ට ඕල් අවුට් වුණත් ඒක නවතන්න එපා.
මා ගැන මතකය ගුලිකර අග්ගලයක් හදන්න...!
ReplyDeleteමේ NGO පල්ලි කාක්කන්ගෙ propaganda වලට අහුවෙන්න එපා. ගෑණු ඉන්න ඕනෙ ගෑණු විදිහට. කෙහෙල්මලේ නත්තල් වීඩියෝ අවුරුදු වීඩියෝ වෙනස , සමලිංගිකත්වය promote කරන videos වගේ පිටරටවල වසංගතයක් වෙලා තියන සමාජ පිළිල ලංකාවෙ සිංහල බෞද්ධ ගෑණුන්ගෙත් ඔලුවල පුරවල ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න හදන සූක්ශම මෙහෙයුමක් මේක.
ReplyDeleteලංකාවෙ එදා ඉදන්ම තිබ්බ සංස්කෘතියක් තියනව. අපේ ආච්චිල සීයල කාලෙ ඉදන් පිරිමි තමා රස්සා කරේ ගෑණු ගෙදර ඉදන් ළමයි බලාගත්ත උස්මහත් කරා. ඒකයි සාමාන්ය සාර්ථක පවුල් ජීවිතයක් කියන්නෙ. පිරිමිය බත සරිකරනකොට ගෑණු කරන්නෝනෙ ළමයි බලාගෙන සමාජෙට හොද බරක් නොවෙන්න උන් හදන එක. ඒත් මේවගේ NGO පල්ලි කාක්කොයි ඒවගෙන් යැපෙන පට්ට කැත feminist අම්මණ්ඩිලයි ලංකාවෙ සිංහල බෞද්ධ මහ ගෑණුන්ගෙයි පොඩි කෙල්ලන්ගෙයි ඔලු වලට බහුභූත පුරවන්න ලොකු උත්සහයක් ගන්නව ගෑනු විදිහට ගෑනුන්ගෙ වැඩ කරන්න ඕනෙ නෑ උබලත් ළමයි හදන්න ඕනෙ නෑ රස්සා කරපල්ල, ගෑණු ගෙදරට වෙලා ළමයි බලාගෙන පවුල බලාගන්න එකේ නෙමෙයි සතුට තියෙන්නෙ උදා හවා රස්සා කරන එකේ තමයි සතුට තියෙන්නෙ කියල අමු බොරු විකාර සමජාගත කරනව😂😂.
මුන් හොද family life තියන වීඩියෝවලට ගන්නෙ හොදට english කතා කරන Christian උන්. මේවගේ ළමයි හදන්න එපා කියන වීඩියෝ වලට ගන්නෙ සිංහල කතා කරන ගොඩේ වගේ එවුන්. ඒකෙන්ම මේ පල්ලි කාක්කන්ගෙ අරමුණ පැහැදිලියි😂. ගෑණු ගෑණු විදිහට ඉදල ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න එකේ කිසිම ප්රශ්නයක් නෑ ඒක හොදට මතක තියාගන්න. එහෙම ඉන්න ගෑණු හරිම අසාර්ථක පවුල් ජීවිත ගෙවනව කියල පෙන්වන්න මෙවගේ NGO පල්ලි කාක්කොයි පට්ට කැත feminist අම්මන්ඩිලයි මහන්සි වෙනව. ඒත් ළමයි වෙනුවෙන් රස්සාවෙන් අයින්වෙලා තමන්ගෙ මනුස්සයට කන්න බොන්න උයල දීල ළමයි බලාගන්න ගෑනු තමයි නියම යකඩ ගැහැණු. ලංකාවෙ බහුතරයක් සාර්ථක පවුල් ජීවිත ගෙවනව ඒ වගේ ගෑනු 👏
එදා රෑ චිත්රපටය තුල මිල්ටන් ස්වර්ණා ආදරණීය බැඳීමේ ආරම්භක පියවර ගැන ගොඩක් අය Red flag කියලා දාලා තියෙනවා.. ඒ අදහස් කරන්නෙ පිරිමි ළමයා හරි යන්නෙ නෑ toxic නැත්නම් මමාස් බෝයි කියන එක..
ReplyDeleteඒත් මුලු ෆිල්ම් එක පුරාම පැහැදිලිව පේන්න තියෙන දේ තමයි දෙන්නගෙ තියෙන වෙනස. ගැහැණු පිරිමි කියන්නෙ කොහොමත් ගලපන්න බෑ.. මොකද දෙගොල්ලො භෞතිකව වගෙම මානසිකව වෙනස්.. කවුරුහරි ගැලපෙන දෙන්නෙක් කියනවා නම් ඒ දෙන්නට දෙන්නා අවබෝධයෙන් යම් කැප කිරීමක් කරගෙන ඉස්සරහට යන අය.
දෙන්නා හැදිලා තියෙන පරිසර දෙක වෙනස්.. ගෑනු ළමයා නිදහසේ සහ පිරිමි ළමයා අම්මගෙ අධික බලපෑමට යටත්ව හැදිලා තියෙන්නෙ.. අම්මෙක්ගෙ අධික පාලනයට නතුවෙන දුවෙකුට සමාජය මමාස් ගර්ල් නොකිව්වට අම්මෙක්ගෙ අධික පාලනයට යටත් වෙන පුතෙක්ට කියන්නෙ මමාස් බෝයි.. කොල්ලෙක් වුනාම ස්වාධීන වෙන්න ඕන අම්මා කියන එක මත ඩිපෙන්ඩ් වෙන්න ඕන නෑ කියන එක පොදු සම්මතය.. ( ඒ තත්ත්වය අධික විදිහට තියෙනවා නම් අනිවාර්යයෙන්ම එහි බලපෑම පිරිමි කෙනාගෙ විවාහ දිවියට බලපානවා. නමුත් මෙතන පැහැදිලි කරන්නෙ එදා රෑ ෆිල්ම් එකේ නිරූපණය කරලා තියෙන දේ ගැන.) කොහොම වුනත් ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ දෙගොල්ලොන්ටම හීන තියෙනවා.. පිරිමි ළමයට ඕන තමන්ටම පවුලක් සාම්ප්රදායික බිරිེඳක්.. කොල්ලට ගැලපෙන්නෙ ඒකට කැමති කෙනෙක්.. ගැහැණු ළමයා රැකියාවක් කරන්න කැමති තමන් ඉගෙන ගත්ත දෙයින් වෘත්තීයක් කරලා ඉස්සරහට යන්න කැමති කෙනෙක්.. කෙල්ලට ගැලපෙන්නෙ එහෙම හිතන කෙනෙක්. එහෙම නොවී කොල්ලට ඕන නිසා කෙල්ල ගෙදර නතර වුනා නම් කෙල්ල තමාගෙ හීන කැප කරා වෙනවා. කොල්ල කෙල්ලගෙ හීන මරපු ටොක්සික් මනුස්සයා වෙනවා..
දෙන්නගෙ මාර්ග දෙක වෙනස්.. ඒක තේරුම් අරන් මුලදිම වෙන් වෙලා තමන්ව ඒ විදිහට පිලිගන්න කෙනෙක් එක්ක ජීවිතය පටන් ගන්නවා වෙනුවට අපි බහුතරය ආදරෙයි ආදරෙයි කියලා විවාහයට ඇතුලත් වෙනවා. කාලයක් යනකොට තේරෙනවා එහෙම එකට යන්න බෑ කියලා. සමහර විට මුලදිමත් ඒක තේරෙනවා. හැබැයි අපි මොළයට වඩා හැඟීම් වලට මුල් තැන දෙනවා..
මේ ෆිල්ම් එකේ ප්රබලම කාරණාව තමයි පිරිමි ළමයා කියනවා දිගටම බාහිර ප්රශ්න ආවොත් මගේ ලෝයර් යාලුවට කතා කරමු කියලා. ඒ කියන්නෙ ඩිවෝස් එක. ඒකට ගැහැනු ළමයා හිනාවකින් අනුමත කරන එකෙන් පෙන්වන්නෙ අද සමාජය ඇතුලෙ කොයිතරම් දික්කසාදය කියන දේ සාමාන්ය දෙයක් වෙලාද කියන එක.
අදහස් බලන කෝණය අනුව වෙනස් වෙන්න පුලුවන්.
මාතලන් දැන් දැන් තිත්තගල්ලේ හාමුදුරුවන්ට යථාර්ථය අභිමුඛ වී තිබේ. තමා ද දායක වී සිද්ධ කළ මහා පාප කර්මයේ තිත්ත විපාකය යහමින් ලැබෙමින් තිබේ.
ReplyDeleteඋන්වහන්සේ මුලින් ජනප්රිය වුණේ අභිධර්මය උගන්වමිනි. පන්සලේ කුඩා මඩුවක සිට කළ එම වීඩියෝ මම ද පහන් සිතින් නැරඹුවෙමි.
නමුත් ටිකක් ජනප්රිය වීමත් සමග උන්වහන්සේගේ වයර් මාරු විය. අභිධර්මය ඉගැන්වීම පසෙක තබා රැඩිකල් ගොන් කථා කියන්නට පටන් ගත්තේ ය.
මෙය මෙකල බොහෝ පැවිද්දන් ට වෙන අකරතැබ්බයකි. යූටියුබ් ෆේස්බුක් යනු ලංකාවේ බාල ගොඩේ ගොබ්බයන් ට දරා ගත නොහැකි දියුණු තාක්ෂණික මෙවලම් ය. වඳුරන්ට දැලි පිහි වැනි ය.
අභිධර්මය හැදෑරීම නිවැරදි සිහියෙන් කළ යුතු ය. එහි අරමුණ නිර්වාණය විය යුතු ය. ලංකාවේ පාපිෂ්ඨ මුග්ධ සමාජයේ පොර වෙන්නට ධර්මය ඉගැන්වීම තරම් අනුවණකමක් තවත් නැත.
තිත්තගල්ලේ හාමුදුරුවන් ගැන මට තිබෙන්නේ අනුකම්පාවකි. උන්වහන්සේගේ මව්පියන් එපා කියද්දී අනුර කුමාර ඇතුළු ප්රාණ ඝාතක මුසා වාදක කාම මිත්යාචාරීන් ට උන්වහන්සේගේ කුළුඳුල් ඡන්දය පුදා ඇත. දැන් ඒ කළ පව ගොනා පසුපස බැඳී කරත්තය මෙන් පන්නයි. සංසාරේ…
හාමුදුරුවෝ විටෙක අර අමන කැරිකෑවේ ගූදස්සනයා රැකීමට යයි. තවත් විටෙක ගලබොඩඅත්තේ හාමුදුරුවන් රැකීමට යයි. මේවා එකිනෙකට පරස්පර ක්රියාවන්. දුදස්සනයා යනු බුද්ධ ශාසනය විනාශ කිරීමට කුලියට කහින නූගත් අවජාතක මෝඩ කාලකන්නි වල් පරයෙකි. ගලබොඩඅත්තේ හිමි යනු ශාසනය ආරක්ෂා කිරීමට දෘඩ ආකාරයට එහෙත් අවංකව සටන් කළ භික්ෂුවකි. ඒ දෙදෙනා වෙනුවෙන් ම එකවර පෙනී සිටීම පිස්සු පීකුදු උමතු ක්රියාවකි.
මොංගල් පචඅනුරගේ අඩු කුලේ ඩෝබි මීහරකුන් විසින් තමන්ගේ ෆේස්බුක් පිටුවක් ගැලෙව්වා කියා හඬා වැලපී උඩ පැනීම රට්ටු හිනස්සන වැඩකි. එවැනි චූටි දෙයක්වත් දරා ගත නොහැකි මිනිහා හිරකාරයන් පුනරුත්ථාපනය කරන්නට ඉල්ලීම ලෝක විහිළුවකි.
භික්ෂුව ට ගරු නොකරන සමාජයක් නිර්මාණය කළේ ජවිපෙ ම පමණක් නොවේ. එයට තිත්තගල්ලේලා ද වගකිව යුතු ය. ලාංකේය භික්ෂුව ට හිමිව තිබූ ගෞරවය නැති කර ගත්තේ ලංකාවේ භික්ෂුව ම ය.
එක්කෝ ගලබොඩඅත්තේ හාමුදුරුවන් සමග උරෙන් උර ගැටී සමස්ත සංඝයා ම ශක්තිමත් ව නැගී සිටිය යුතුව තිබිණි. එසේ කළා නම් අද කවුරුවත් භික්ෂුවගේ හිසේ පහරන්නේ නැත. නොඑසේ නම් කාලීන බයිලා බන කියන්නට නොගොස්, වනචර ගුණමකු ජනතාවක් ජීවත් වන රටවල් හදන්නට නොගොස් උපේක්ෂාවෙන් නොසෙල්වී ධර්ම මාර්ගයේ ම පමණක් යා යුතුව තිබිණි. එසේ කළා නම් ගෞරවය රැකෙන්නට ඉඩ තිබිණ.
නමුත් දැන් හොඳටෝ ම ප්රමාද වැඩිය. ලංකාවේ ධර්මය විකෘති වී අවසාන ය. ශාසනය වල් බිහි වී අවසාන ය. සිංහලයා වඳ වී අවසාන ය. මෙය මේ කපේ ට නැවත හැරවිය නොහැකි ය. තිත්තගල්ලේ ඇතුළු වත්මන් සංඝ පරම්පරාව එයට අනිවාර්යෙන් ම වගකිව යුතු ය. තවත් මේ මළකුණ ගඳ ගස්සවන්නේ නැතුව ලැබෙන දානයක් වළඳලා භාවනාවක් කරගෙන ඉන්න අපේ හාමුදුරුවනේ. පේනවනේ රටේ උන් දැන් ඔබ වහන්සේ ට සලකන හැටි. සිංහලයන් ට උපකාර කරනවාට වැඩිය හොඳයි බල්ලෙකුට කෑම ටිකක් දෙන එක.
"එදා රෑ " චිත්රපටයේ මිල්ටන් මල්ලවාරච්චි චරිත නිරූපණය තුළ රොෂාන් රවීන්ද්රගේ තාත්වික රංගන හැකියාවට එහා ගිය දෙයක් මං දැක්කා
ReplyDeleteඒ තමයි ජනප්රිය සිනමාවේ සුපිරි තරුවක් වීමට ඔහු තුළ ඇති Potential එක
ඔහුගේ සමහර සියුම් භාව ප්රකාශනයන් තුළ එහෙම දෙයක් ඉස්මතු වෙලා පේනවා
ඔහුගේ යුගයේදී ඒ කියන්නේ මීට විසි වසරකට පමණ පෙරදී "රොෂාන් රණවන" වගේ රංගන හැකියාවක් නැති සීනිබෝල නලුවෙක් සිනමාවේ වටිනාම නළුවා වෙලා සිනමා තරුවක් වෙලා හිටපු යුගයේදී රොෂාන් රවීන්ද්රට ඒ Potential එක තිබුණාද කියලා මට විශ්වාසයෙන් කියන්න බෑ හැබැයි දැන් ඔහුගේ පරිණත පෙනුම එක්ක ඒ හැකියාව පේනවා. එහෙම නේද මාතලන්?
මිල්ටන් මල්ලවආරච්චි චරිතාපදානය එදා රෑ සිනමා සිත්තම ගැන පද බදින්නට පෙර අපි සිනමාත්මක දර්ශනය ගැන විස්තර සහිතව හදාරමු, 'සිනමාව යනු අත්යන්ත විපරීත කලාවයි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... Dzhidzhack
ReplyDeleteවිපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ?
මගේ මතකය තිස් වසරකටත් එහා ඈත අතීතයකට ඇදී යනවා, මගේ කූඩා වියේ මම පහේ ශිෂ්යත්ව විභාගයට මුහුණ දීමට යන දිනවල තිරගත වුන චිත්රපටයක් 'ගුරුගෙදර'. ලෝ ප්රකට සිනමාවේදී බර්ග්මාන් 1982 වසරේ දි අධ්යක්ෂණය කෙරුව Fanny and Alexander කියන චිත්රපටය ගැන හාංකවිසියක් නොදැන සිටි දූපතකට 1993 වසරේ දි විජය ධර්ම ශ්රී අධ්යක්ෂණය කරන 'ගුරුගෙදර' චිත්රපටය නැවුම්, අපූර්ව අත්දැකීමක් වුණා. විවාහක එක්දරු පියෙක් වුණු 'අර්ජුන්' ලෙස රවීන්ද්ර රන්දෙණියත් පාසල් ගුරුවරියක වන ඔහුගේ බිරිඳ ලෙස අනෝජා වීරසිංහත් ඒ දෙන්නාගේ යොවුන් පුත්රයා ලෙස ජගත් චමිලත් රංගනයේ යෙදෙනවා. මැදිවිය ඉක්මවමින් සිටින 'අර්ජුන්' තමාට වඩා වයසින් ඉතා බාල 'නීලා' නම් යුවතියක සමඟ ප්රේමයෙන් වෙළෙනවා. නීලා ලෙස රඟ පෑ යශෝධා විමලධර්ම වගේ ම ජගත් චමිලත් සිංහල සිනමාවට අවතීර්ණය වෙන්නේ මේ 'ගුරුගෙදර' චිත්රපටය හරහා.
එක්තරා සාදයක දී අර්ජුන් පියානෝව වයමින් නීලා සමඟ 'මගේ මන්ද්රි නම් බිසෝගේ' නූර්ති ගීය ගායනා කරන සුන්දර දර්ශනයක් මේ චිත්රපටයේ තිබෙනවා. ඒ ගීතය අමරසිරි පීරිස් සමගින් ගයන නිර්මලා රණතුංග 1994 වසරේ ස්වර්ණසංඛ සම්මාන උළෙලේ දී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්ර වුණා. අදාල ගීතයෙන් පස්සේ සාදය පැවති ශාලාවෙන් එළිමහනේ ගස් සෙවණකට හමුවෙන පෙම්වතුන් යුවළ අඩ අඳුරේ තීරණාත්මක සහ හැඟීම්බර කතාබහක යෙදෙනවා.
අර්ජුන් : -
මම ඒ තරම් දැඩි ආත්ම ශක්තියක් නැති මිනිහෙක්. ඒ හින්දා ඔය රතු ඉරෙන් එහාට ඔයා එක අඩියක් තිබ්බොත් මම අසරණ වෙනවා.
නීලා : -
ඒත් ..... ඒ අද්දරටම එනකං ඇයි අර්ජුන් අයියේ මට ඔය ටික නොකිව්වේ ?
මැදිවිය පසුකරමින් සිටින, වෛවාහ බන්ධනයේ මනා අත්දැකීම් ඇති පිරිමියා අර්ජුන් විසින් ඉතා සූක්ෂම සහ හැඟීම්බර තුරුම්පුවක් ඔස්සේ තමන්ගේ කඩවසම් පෙනුම පසුපස සැඟවුණු විරූපී ආත්මාර්ථකාමීත්වය වසා ගන්නට උත්සාහ කරනවා. නමුත් වයසින් ලාබාල, නොමේරූ යුවතිය නීලා ඒ මොහොතේ නොබියව පෙරළා ප්රශ්න කරනවා.
'ඒත් ..... ඒ අද්දරටම එනකං ඇයි අර්ජුන් අයියේ මට ඔය ටික නොකිව්වේ ? '
නීලා මේ ප්රශ්න කරන්නේ හුදෙකලා අර්ජුන්ව පමණක් නොවෙයි. මෙලොව පවතින බොහෝ බැඳීම්වල අවසාන ඉරණම නීලාගේ භග්න ස්වරය තුළින් ප්රශ්න කෙරෙනවා. තමන්ට අවාසිදායක මොහොත එනතුරුම සීමා මායිම් පිළිබඳ කිසිම වගක් නිනව්වක් නොමැතිව හැසිරෙන බොහෝ දෙනෙක්ට මේ ප්රශ්නය කිණිසි තුඩක් මෙන් පාරවනසුලු විය හැකියි. නමුත් කුමන මට්ටමෙන් පැවති සම්බන්ධයක් අරභයා වුව ද නීලා අසන්නට උවමනා ම ප්රශ්නය ඉතා පැහැදිලිව අසන්නට සමත් වුණා.
'ගුරුගෙදර' චිත්රපටයේ දී නම් මේ සාදයෙන් පසු දිනක අර්ජුන් රිය අනතුරකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් එසේ වූ පමණින් නීලා ඇසූ පැනය යටපත් කරන්නට හෝ වළදමන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බර්ග්මාන් පවා ස්පර්ශ නොකළ සංවේදී ඉසව්වක් විජය ධර්ම ශ්රීගේ සිනමා ඇසට හසුවීමේ ප්රතිඵලයක් ලෙස සහෘද හිත් රිදුම් කෑමකට ලක් වෙනවා.
අදටත්, සීමාව අද්දරට එන තෙක් ම සීමාවක් ගැන පූර්ව දැනුම්දීමක් නොකළ, තමන්ට අවැසි වූ විට පමණක් ඉතා ආත්මාර්ථකාමී ලෙස සීමාව ලකුණු කරන බොහෝ මිනිස් සබඳතා රිය අනතුරුවලින් බේරෙමින්, නමුත් සෑම තත්පරයක් පාසාම හෘද සාක්ෂ්යයේ ගැටෙමින් වේදනා පසුතැවීම් මැද නොනැසී අජීවීව පවතිනවා.
මංගල රඟපෑමෙන්ම 'පඹයා' වූ ගාමිණීගෙන් ජනිත් වික්රමගේට පෙරනිමිති!
ReplyDeleteසිංහල සිනමාවේ මහා රංගධරයා වූ ගාමිණී ෆොන්සේකා සිනමාවට පිවිසි මුල් යුගයේ අත්දැකීමක් හොදින් දන්නා කෙනෙකුට, සිනමාවේ රංගන ශිල්පියෙකුගේ ආරම්භය දෙස බලා ඔහුගේ අනාගතය තීරණය කිරීම කොතරම් අසාධාරණද යන්න වටහා ගැනීම අපහසු නැත.
1959 දී තිරගත වූ, සිරිසේන විමලවීරයන්ගේ 'දෛවයෝගය' චිත්රපටයේ 'මානමූල' නම් සෙනෙවියාගේ උපප්රධාන චරිතයෙන් ගාමිණී ෆොන්සේකා සිය මංගල රංගනය ඉදිරිපත් කළේය. එසමයෙහි සිටි සැරපරැස මෙන්ම ප්රබලතම චිත්රපට විචාරකයා වූ ජයවිලාල් විලේගොඩ එදා තම පුවත්පත් විචාරයේ සටහන් කළේ මෙබඳු අනුකම්පාරහිත සටහනකි.
"සෙනෙවිවරුන් සිව්දෙනා විදිහට රඟපෑවෙත් නිළියන්දැයි සිතෙන තරමට ඔවුන් තුළ දක්නට ලැබුණේ ඔතෑනි ගතියකි. මොවුනතරින් සේනාධීර කුරුප්පු තරමක් සතුටුදායකය. මුගලන්, මානමූල සහ විදුරඟ යන කොටස් රඟපෑ නළුවන් පඹයින් යොදා පසුබිමින් වචන කතා කරන ලද නම් සිදුවිය හැකි තිබුණු එකම වෙනස චිත්රපටයේ වියදම අඩුවීම පමණි. මේ තිදෙන විසින් එම චරිත අමු අමුවේම මරා දමන ලදි."
එදා 'මානමූල' ලෙස රඟපෑවේ අනාගතයේ සිංහල සිනමාව සදාකාලිකව වෙනස් කිරීමට සිටි ගාමිණී ෆොන්සේකා යැයි කීවොත් අද බොහෝ දෙනෙකු විශ්වාස නොකරනු ඇත. මෙම කර්කශ විචාරය හමුවේ ඇතැමුන් ගාමිණීගේ වාසගම පවා ඈඳාගනිමින් සූක්ෂම මෙන්ම නිර්දය විහිළු තහළු කළ බව ද සිනමා ඉතිහාසයේ සඳහන් වේ. නමුත් එම සියලු විවේචන අභියෝගයක් කරගත් ගාමිණී, පසුකාලීනව 'ගම්පෙරළිය', 'නිධානය' සහ 'පරසතු මල්' වැනි චිත්රපට හරහා සිංහල සිනමාවේ අසහාය නළුවා බවට පත්විය.
මෑතකදී හෙළ සිනමා රැජින මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන චිත්රපටයේද, අසහාය ගායක මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් නිර්මාණය වූ සිනමා කෘතියේද ගාමිණී ෆොන්සේකාගේ චරිතය නිරූපණය කිරීමට ජනිත් වික්රමගේ තේරී පත්වූ විට, සමාජ මාධ්ය ඔස්සේ ඔහුට දැඩි විවේචන සහ අවලාද එල්ල වන්නට විය. ජනිත් මේ දක්වා දැවැන්ත හෝ මතකයේ රැඳෙන ප්රබල චරිතාංග රංගනයක නිරත වී නොමැති බව ඇත්තකි. නමුත් මූලික රංගනයන් දෙස බලා ශිල්පියෙකුගේ සමස්ත හැකියාව මැනීම සාධාරණ නැත.
රළු මුහුද හොදම නැවියන් හදන්නා සේම රංගන ශිල්පියෙකුටද තමන්ගේ පරාසය පෙන්වීමට සුදුසු පසුබිම, හොඳ අධ්යක්ෂණය සහ ප්රබල තිරනාටකයක් ලැබිය යුතුය.
එබැවින් ජනිත් වික්රමගේට ගාමිණී ෆොන්සේකා නම් මහා රංගධරයාගේ චරිතයට සාධාරණයක් ඉටු කළ නොහැකි යැයි පූර්ව නිගමනවලට එළඹීම අසාධාරණය. ගාමිණීටද එදා 'පඹයා' කියද්දී ඔහු වැටුණේ නැත. අභියෝගය ඇත්තේ ජනිත් ඉදිරියේය. එම අසමසම චරිතයට අතගැසීමම විශාල වගකීමක් වන අතර, එය සාර්ථක කරගැනීම හෝ අසාර්ථක කරගැනීම සම්පූර්ණයෙන්ම රැඳී පවතින්නේ ජනිත්ගේ කැපවීම, ආත්මශක්තිය සහ අධ්යයනය මතමය.
අදහස් උදහස් ඔබට භාරයි...!
දෛවයෝගය චිත්රපටයට සිරිසේන විමලවීර මහතාගේ සබඳකමක් නැත. එය අධ්යක්ෂණය කළේ එස්.කේ. ඕජා මහතායි. නිෂ්පාදනය කළේ ඇල්ෆ්රඩ් ද සොයිසා මහතායි.
Delete@ Ano
Delete"දෛවයෝගය" කියන්නේ ඇත්තටම අපේ සිංහල සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු, කවදාවත් අමතක නොවන අතිවිශිෂ්ට ඓතිහාසික සිනමාපටයක්. 1959 අප්රේල් 18 වැනිදා තිරගත වීම ආරම්භ වුණු මේ අපූර්ව නිර්මාණයට පාදක වුණේ, සිංහල සාහිත්යයේ දැවැන්තයෙක් වුණු ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ අවසන් නවකතාවයි.
@ නිදිගෙ පංච තන්තරේ
ඔයා නිවැරදිවම කියපු විදියටම ඉන්දීය ජාතික අධ්යක්ෂවරයෙක් වුණු එස්. කේ. ඕජා මහතාගේ අධ්යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්රපටයේ තියෙන විශේෂම දේ තමයි, එකල ලංකාවේ චිත්රපට දකුණු ඉන්දියාවේ හැදුවත්, මේක උතුරු ඉන්දියාවේ පූනා නුවර තියෙන සුප්රසිද්ධ 'ප්රභාත් චිත්රාගාරයේ' රූගත කරපු එකම සහ ප්රථම සිංහල චිත්රපටය වීම. ඒ නිසාම ඉතාමත් ඉහළ තාක්ෂණික මට්ටමක කැමරාකරණයකුත්, මාලිගා සහ යුද පිටි ඇතුළත් ප්රතාපවත් දර්ශන තලත් මේකට ලැබිලා තිබුණා.
රංගනය පැත්තෙන් බැලුවොත් සිංහල සිනමාවේ නිළි රැජින වුණු රුක්මණී දේවි මහත්මිය 'ශීලා කුමාරි' විදිහටත්, සේනාධීර කුරුප්පු මහතා 'මහානාද සෙනෙවි' විදිහටත් කළ ප්රබල රංගනයන් ප්රේක්ෂක හදවත් අදටත් කම්පනය කරනවා. ඒ වගේම අපේ සිනමාවේ සක්විති වුණු ගාමිණී ෆොන්සේකා මහතා ප්රබල නළුවෙක් විදිහට සිනමාව ඇතුළේ කැපී පෙනෙන්න පටන් ගත්තේ මෙහි ඔහු රඟපෑ 'මානමුල' කියන චරිතයෙන් වීමත් සුවිශේෂී උදාහරණයක්.
මේ චිත්රපටිය මම නැරඹුවේ ඉතාමත්ම කුඩා කාලේ 1990 දශකයේ අග භාගය තුල රූපවාහිනියෙන්, මෙතනදී ගාමීණීගේ රංගනය ඉතාමත්ම ලස්සනට තිබුණා කූඩා කාලේත් ඒක මගේ හිතට හොඳට වැදුනා
මම හිතනනේ ගාමිණී හොලිවුඩ් සිනමාව මාලන් බ්රැන්ඩෝ වගේ අයගේ ආභාෂය සහිතව මේ විදිහට දක්ෂ ලෙස රංගනයක නිරත වෙන්නට ඇති.
දෛවයෝගය චිත්රපටිය
රාජකීය පසුබිමක් තුළ දෛවය සහ ප්රේමය අතර සිද්ධ වෙන ගැටුම හරිම ලස්සනට කියාදෙන කතාවක්, ශ්රී චන්ද්රරත්න මානවසිංහයන්ගේ පද රචනයෙන් සහ සජ්ජාද් හුසේන්ගේ සංගීතයෙන් හැඩවුණු රුක්මණී දේවි සහ මොහිදින් බෙග් ගයන අමරණීය ගීත එකතු වීම නිසා රසිකයන්ට කවදාවත් අමතක නොවන සිනමා අත්දැකීමක් බවට පත් වුණා.
මාතා මම නම් මිල්ටන්ගේ කැමතිම ගීතය එදා රෑ එකට වඩා දෙඅදර විලිකුන් සුරත් ඵලේ එකට, ඒ නමින් චිත්රපටය නම් කළා නම් තවත් ලස්සනට තියෙයි කියල හිතෙනවා කොහොම වුණත් කේඩීකේ වත් මතක් කරන්න ඕනේ මිල්ටන් චරිතය ගැන කියනකොට
ReplyDeleteවදිමින් සවස නළ හැසිරෙන දිගතු වල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුරුවිසුල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් ඵල වැනි වේ රිවිමඩල
(අවරගිර නම් වූ, නටුවෙන් වැටෙන්නට ආසන්න වූ රත් පැහැ ඉදුනු ඵල වැනි වූ සූර්ය මඬල වේ.)
කේඩීකේ ධර්මවර්ධනයන් විසින් " දෙඅදර විළිකුන් සුරත්ඵලේ" ගීතය රචනා කිරීමේදී "විළිකුන් සුරත්ඵල" නම් යෙදුම සදහා සැළලිහිණි සන්දේශයේ එන ඉහත කවියේ අභාශය ලබා ගෙන ඇත.
මෙතනදී කේඩීකේ නටුවෙන් වැටෙන්නට ආසන්න වූ රත් පැහැ ඉදුනු ඵල වලට උපමා කර ඇත්තේ සිය පෙම්වතියගේ දෙතොල්.(දෙඅදර)
කාටහරි අත්දැකීමක් ගන්න මේ කියන්නේ ,මගේ husband වෙන ඇසුරක පැටලී ගෙන එනකොටම මම දැනගත්තා.. හැබැයි මම වචනයක් වත් කිව්වේ නෑ ... එයා ට මාව දාලා එයා එක්ක යන්න කිව්වා හරිම හොඳට.මම දුක දරාගත්තා... පුලුවන් තරම් husband ට ආදරෙන් හිටියා.. එයා එතනින්ම ඒක නවත්තලා දැම්මා..
ReplyDeleteහැබැයි මගේ කැඩුනු හිතනම් ඇතුලෙන් කැඩිලම ගියා.. හැබැයි අපි හොඳ ට පවුලක් විදිහටම අදටත් ඉන්න්වා.
"උඹේ මිනිහා කොටියා ! උඹ ගිහින් පාරේ හිඟා කාපන්.. !"
ReplyDeleteඥානසාර හිමියන් උසාවියට අපහාස කළා කියලා අත් අඩංගුවට ගන්න හේතුව ඔන්න ඔය ප්රකාශය.
එහෙම කිව්වේ, ශ්රී ලංකා හමුදාව යුද්ධයේදී රසායනික අවි භාවිතා කරමින් ජන සංහාරයක් සිදු කළා යැයි චෝදනා කරමින්, කොටින්ට කඩේ ගිය, ජාත්යන්තරය ලවා රටට සම්බාධක දාන්න උත්සහ කරපු එකෙක්ගේ ගෑණිට, උසාවිය ඇතුලේ දී !
ඒ කතාවට එරෙහිව ඥානසාර හිමියන්ට විරුද්ධව අභියාචනාධිකරණයට පැමිණිලි කළේ, එදා හෝමාගම මහේස්ත්රාත් විදියට සිටි රංග දිසානායක මහත්තයා (අද අල්ලස් කොමිසමේ අධ්යක්ෂක ජෙනරාල්). උන් වහන්සේට බරපතළ වැඩ සහිතව වසර 19ක සිර දඬුවමක් (වසර 6කින් ගෙවෙන ලෙස) නියම කළේ, එදා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ ප්රීති පද්මන් සූරසේන මහත්තයා (වර්තමාන අගවිනිසුරුතුමා). උන්වහන්සේට පිරිනැමුණු ජනාධිපති සමාව මෙදා ශ්රේෂ්ඨාධිකරණයේදී බලරහිත කළෙත් එතුමාම තමයි ! ඒ අවස්තා සම්බන්ධයත් මාරයි !
උසාවිය ඇතුලේ දී එහෙම කතාවක් කිව්ව එක වැරදි ඇති ! ඒත් කතාව ඇත්ත !
මාතේ, කුමාර ජයකොඩි
ReplyDelete• පොහොර සමාගමේ ප්රසම්පාදනයක් සම්බන්ධ දූෂණ නඩුව.
• ගල් අඟුරු ප්රසම්පාදනයේ අක්රමිකතා සම්බන්ධ විමර්ශනය.
• වත්කම් සම්බන්ධ විමර්ශනය.
බිමල් රත්නායක
• කන්ටේනර් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධ මතභේදාත්මක සිද්ධිය.
• වත්කම් සම්බන්ධ විමර්ශනය.
වසන්ත සමරසිංහ
• රුපියල් මිලියන 3.6ක මුදලක් සම්බන්ධ බව කියන ව්යාජ ඔප්පු/දේපළ බදුදීමේ වංචාවක් පිළිබඳ විමර්ශනය.
• වත්කම් සම්බන්ධ විමර්ශනය.
මහින්ද ජයසිංහ
• රුපියල් මිලියන 3.6ක මුදලක් සම්බන්ධ බව කියන ව්යාජ ඔප්පු/දේපළ බදුදීමේ වංචාවක් පිළිබඳ විමර්ශනය.
ජගත් මනුවර්ණ
• පෞද්ගලික බැංකුවකට ව්යාජ ලේඛන ඉදිරිපත් කර සිදුකළ බව කියන වංචාවක් සම්බන්ධ නඩුවක සැකකරුවෙක්.
• CID විමර්ශන ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇත.
ජගත් වික්රමරත්න
• නිල වාහන, ඉන්ධන දීමනා සහ අනෙකුත් පාර්ලිමේන්තු සම්පත් අයථා ලෙස භාවිත කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් CIABOC විමර්ශනයක්.
නලින්ද ජයතිස්ස
• ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත වත්කම් සම්බන්ධයෙන් CIABOC විමර්ශනයක්.
සුනිල් හඳුන්නෙත්ති
• ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත වත්කම් සම්බන්ධයෙන් CIABOC විමර්ශනයක්.
සුනිල් වටගල
• ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත වත්කම් සම්බන්ධයෙන් CIABOC විමර්ශනයක්.
කේ. ඩී. ලාල්කාන්ත
• වත්කම් හා දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා CIABOC වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක්.
NPP මන්ත්රීවරුන් 159 දෙනා
• පාර්ලිමේන්තු දීමනා පක්ෂය පාලනය කරන ගිණුමකට මාරු කිරීම හරහා එම දීමනා අයථා ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් CIABOC වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක්.
වෙනම රජයේ මට්ටමේ සිද්ධියක්
• මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව.
• වංචනික ගෙවීමක් හරහා රාජ්ය මුදල් වෙනත් පාර්ශ්වයකට යොමු වී ඇත.
2026 ෆිල්ම් එකක් ආවා Accused කියලා. ඒකෙ ප්රධාන චරිතය Dr. ගීතිකා සෙන්. මේ විස්තර කියෙව්වාම ඒ ෆිල්ම් එක මතක් වෙන්නෙ. මේකත් එවැන්නක් වෙන්නත් පුළුවන්
ReplyDeleteඑදා රෑ ෆිල්ම් එක බැලුවා මාතලන් හොඳයි කියපු නිසා, රොෂාන් රවීන්ද්ර මිල්ටන් ගායනා කරන මනා සංයමයෙන් යුතුව තැම්පත් ගායනයක් ඉදිරිපත් කරන්න සෑහෙන මහන්සි වෙච්ච අපූරුව බලන්න ලස්සනට තිබුණා, මිල්ටන් නවලෝකේ වැඩකරන දර්ශන දකිනකොට මට මතක් වුණේ මට මතකයි අපේ පංතියේ එක කොල්ලෙක් හිටියා එයා අන්තිමයා උනේ පංතියේ හෙනම අහිංසකයි ol කාලේ ඒත් අපි 6 ඉන්නකොට පංතියේ හිටිය දගම ලමයා හැමදාම සර්ගෙන් ගුටි කනවා එයාගේ මල්ලි ලිදකට වැටිලා මැරුනා එදයින් ප්ස්සෙ එයා ලමයි එක්ක වැඩිය කතා කරේ නෑ හරි දුප්පත් බාටා දෙක දාන් එනවා වෙලාවකට ඇදුම්ද් ඒම ගොඩක් අපිරිසිදු පාටයි. ඒත් හරි හොදයි හිනා උනාම කට පුරා හිනාවෙනව වැඩිය කතා බහක් නෑ. අකුරුත් බෑ වැඩිය. ඒත් මම ඕලෙවෙල් subject 5කට්ද් විතර උත්ත්ර කීවා මම ලියන්න කලින් කිවා මම දිහා බලන්න මම පිලිවෙලට ඇගිලි වලින් කියන්නම් කියලා. ගනන් දවසේත් පුලුවන් විදියට කියලා දුන්නා. මට මතකයි මට ඉතිහාසයට A එකක් තිබ්බා පොරට s තිබ්බා ආගම මට A පොරට c ඒ වගේ s, cතිබ්බා විශයන් 5ක් පාස් වෙලා තිබුනා s c අරන් අකුරුත් බැරිව මට ඒක තවම මතක් වෙනවා. මට දවසක් හම්බුනා අවුරුදු 8කින් ටයිල් කඩයක වැඩට ගිහින් එනවා. මට දකිනකොටම මතක් උනා ol කාලේ මම හිනාවුනා. කෝමත් ඒ කාලේ නිසා මතක නැතිව ඇති කියලා හිතලා මම ඉදන් හිටියා. මම හිතුවෙ නෑ කතා කරය්යි කියලා.
ReplyDeleteඑකපාරටම ඇවිල්ලා අඩෝ කව්වා කාලෙකින් නේද බන් කොහෙද ගියේ කීවා මට හිතාගන්න බැරි උනා මේ පොරමද කියලා.මම මොකුත් කීවේ නෑ හිනා උනා. මම ආයම පොර ජොබ් එකක් කරනවද ඇහුවා.මම ඔව් යකෝ කීවා. උබට මතකද විබහගෙදි කියලා දුන්නේ මට උබ දැක්ක ගමන් ඒක මතක් උනේ කීවා.. අඩෝ ඒක අමතක වෙන්නෙ නෑ මට කවදාවත්ම ඈ කීවා...
මම අඩේ ඔව් නේද බං කීවා. ඇත්ත්ටම ඒ කාලේ කියවපු මම එදා කට වහන් හිටියා මට හිට්ජාගන්න ඹෑ පොර කියවනවා කියවනවා. මම දැන් මෙහෙම්ද් වැඩ බන් මෙතන ගගා කියලා පොර කියනවා. ඔක්කොම එතන බලාගන්නේ මම බන් බොසා මෙහේ නෙවේ ඉන්නේ කීවා... ආදායම මෙහෙම හම්බෙනවා බන් කීවා. Ol කරලාම මම ආවේ වැඩට කීවා. එදා ඉදන් එතනමයි කීවා
ඒකල්ල කතා කරන් ඉදලා බස් එකෙන් ඹැස්සා.. එදා වගේම බාට කෑලි දෙකක් දාලා පොර ඒ විදියටම ටිකක් කිලිටු උන ටී ශර්ට් එක්කුයි බොටමකුයි ඇදන්. මම batche t එක ඇදන් ආවා.
එදා එහෙම හිටිය පොර අද ආයතනයක වැඩ බලනවා හොද සැලරි එකක් එක්ක.
මිනිස්සු එහෙමයි. එදා හිටියා මනුස්සයා නෙවේ අද ඉන්නේ. අද ඉන්න කෙනා නෙවේ හෙට ඉන්නේ.
හිටිය විදිහවත් පේන විදිහවත් බලලා මනුස්සයෙක් ගැන තීරන ගන්න ඹෑ..❤️
මිනිස්සු දිනනවා.
මට හරිම සතුටුයි ❤️
හරියන්න ඕන හැමෝටම ඒ වගේ
මාතා ඇත්තටම දේශපාලන බලය කියන එක හරිම අමුතුයි..එදා ඉතා බලවත්ව හිටපු මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති කවදාවත් හිතන්න නැතිව ඇති බලය ගිලිහුනු දවසක තමන්ට අද අත්වෙලාතියන ඉරණම අත්වෙයි කියලා..ඉතා ශෝභමානව, සුවපහසු ජීවිතයක් ගතකරපු ඇය අද ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක..සමහරවිට ඇය අද රාත්රිය නිදාගන්නේ
ReplyDeleteපැදුරක වෙන්න ඇති...
බලයේ ස්වභාවයේ අරුමය තමයි ඒ...බලය සදාකාලික නෑ...බලය සදාකාලික බව බලයට පත්වුවන් සිතනවානම් එය තමා ලොකුම මුග්ධ කම...
බලය අද තියනවා..හෙට නැති වෙනවා..බලය පාවිච්චි කරද්දී ඉතා ප්රවේශමෙන් කටයුතු කරන්න ඕන..බලය අහිමි වී විරුද්ධවාදීන්ගේ අතට බලය ගිය දාක තමන්ගේ විරුද්ධවාදීන් කටයුතු කරන ආකාරය ගැන සිතිය යුත්තේ බලයේ සිටිද්දීමයි..
මේ ධර්මතාවය සියලුදෙනාටම පොදුයි..
උදාහරණයක් විදියට අනුර දිසානායකට, හරිනි අමරසූරියට,ටිල්වින් සිල්වාට,හර්ෂන නානායක්කාරට,බිමල් රත්නායක ඇතුලු මෙකී නොකී මාලිමා ආණ්ඩුවේ සියලු දෙනාටමත් පොදුයි..
අපි උපකල්පනය කරමු යම් කිසි දවසක නාමල් රාජපක්ෂ රටේ බලයට පත්වුනා කියලා..
එතකොට....
.
.
.
.
එතකොට උඹලා හිතුවෙ මොකක් වෙයි කියලද? අහවල් බිජ්ජක්වත් වෙන්නැ බං..😄ඔය රාජපක්ෂලා බලය ගත්තම උන්ට හැදෙනවා ලොකු පිටේ අමාරුවක්..ඒ තමා 👇
"ලොකුම ප්රජාතන්ත්රවාදියො තමන් යැයි කියාගන්න ඕන වීම නිසා ගෙදර මිදුලෙත් හුජ්ජකරලා යනකම් බකං නිලං ඉඳීම..."
" විරුද්ධවාදීන් මර්දනය කිරීම ලොකු පාපයක් කියලා හිතන එක"
"දේශපාලනයේදී සදාකාලික සතුරෝ නැත කියලා
හැම පුකා එක්කම කරට අත දාගැනීම"
" ඕනම තක්කඩියෙක්ට ඇරලා යන්න සැලුන්දොරවල් ඇරීම"
"පෙර බලය අහිමි වූ අවස්ථාවලදී තමන්ව පුකෙන් යැවූ බලුකුඩුවල ගාල් කල උන්ට ඔන්න ඔහේ ආයෙත් කවදක හරි අරිනකම් පාඩුවේ ඉන්න දීම..
(තරු හතේ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් 😄)
"තමන්ට සහ විශේෂයෙන්ම තමන්ගේ කඳවුරට තමන්ගේ මතවාදය දරණ මිනිස්සුන්ට අරින උන්ගෙ කරට අත දාගෙන කරේ උරේ යවාගැනීම"
"මී.නී මරුවො,අපරාධකාරයො හොරු කියලා චෝදනා කරද්දි උඩ බිම බලාගෙන ඒවා දැක්ක නොදැක්ක ගානට ඉඳීම,ඒ නිසාම කාලයාගේ ඇවෑමෙන් ඒවා උන්ගෙ කරේම පටවා ගැනීම"
ඉතින් මේ වගේ කාරණා එක්ක නාමල් ජනාධිපති උනත් ලොකු වෙනසක් වෙන්නෑ බං..ගෝඨාභය ජනාධිපතිගෙ දියාරු ලොන්ත පාලන සමය හොඳින් මතක් කරලා බලපල්ලා..
මේක චක්රයක් වගේ...දිගටම වුනේ මේක...
ඒ නිසා අනුර ඇතුලු මාලිමා බලවතුනි... පපුවට අත තියලා කියන්නේ...
උඹලා රාජපක්ෂලාට කරන්න ඕන දෙයක් කරපල්ලා..උන් කවදක හරි බලයට ආවත් උඹලට මුකුත් වෙන්නෑ...
උන්ට අර හොඳ මිනිස්සු වෙන ලෙඩේ හැදුනම උඹලට දැන් ඉන්නවට වඩා හොඳට ඉන්න පුලුවන්...😄😄😄
@ Ano
Deleteහොඳ වෙනවටත් වඩා උන් කරන්නෙ උන්ට කෙටිකාලීන බලය ලැබෙන විදිහට වැඩ කරන එවුන්ගේ අපේක්ෂාවන් පාවා දෙන එක. ගෝඨාභය බලයට පත්වුනාමත් ඒක ලෙසටම කරා. බල්ලොන්ට ගල් ගහන උන්ව හිරේ දාන්න අනපනත් සම්මත කරා. අරගල කරන උද්ගෝෂන කරන උන්ට වෙනම තැනක් හදල දුන්නා. ගූ සංගමේ ට වැක්සීන් ගහලා පාරෙ ඩෙඟා නටන්න අවස්ථාව හදා දුන්නා. තෙල් ගෑස් පෝලිම් වුනත් කලමනාකරණය කරන්න බැරි කමක් තිබුනෙ නෑ. හිතාමතාම තමයි ඒකට පසුබිම හදල මිනිස්සුන්ව පාරට බැස්සුවේ. අනික බොරු කියපු චැනල්, ජනතාව උසිගන්වපු චැනල්, රාජද්රෝහී කුමන්ත්රණ කරපු එවුන්ට ලෙසටම ෂොට් එක දෙන්න තිබුනා උවමනාවක් තිබුනානං.. මොකද ගෝඨාට බලය දුන්නෙ බබා උක්කුං වලට නෙමෙයිනේ...
.
පැහැදිලිවම එයාල කරේ පාවාදීමක්... ඒකෙන් අන්තිමට උන්ටත් කෙලවුණා රටටත් කෙළවිලාම ගියා... මේ පචකොට පිස්සු රූකඩේ වගේ පොල් බූරුවෝ පුටුවට දාගෙන අන්තිමට පිටරටවල ඉන්න සල්ලි ටිකක් තියෙන අමනයෝ ටික දෙනෙක් ආතල් ගන්නවා, රටේ බහුතර ජනතාවට කෙලවිලා ගිහිල්ල ඉවරයි දිනපතාම, දැනටමත් රට විනාසයි
එදා රෑ චිත්රපට කතාව එක්කම තවත් දෙයක් කියන්න ඕනේ, ඇත්තටම මීට අවුරුදු 100 කට කලින් මුළු ලෝකයෙන් හතරෙන් පංගුවක්ම පාලනය කරපු, හිරු නොබසින අධිරාජ්යය විදිහට හැඳින්වුන මහා බ්රිතාන්යය, අද වෙද්දී ඇමරිකාවේ තියෙන දුප්පත්ම සහ නොදියුණුම ප්රාන්තය වෙන මිසිසිපි වලටත් වඩා දුප්පත් වෙලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
ReplyDelete2026 අප්රේල් 13 වෙනිදා ලන්ඩන් නුවර Institute of Economic Affairs ආයතනයෙන් කරපු සමීක්ෂණයකින් බ්රිතාන්ය රජය මිනිස්සුන්ගෙන් හංගන්න හදපු ලොකු රහසක් එළියට ආවා. එයාලා බ්රිතාන්ය ජනතාව 3,000 කගෙන් එක සරල ප්රශ්නයක් ඇහුවා: "එක්සත් රාජධානිය (UK) ඇමරිකාවේ එක ප්රාන්තයක් වුණොත්, ඒක පුද්ගල ආදායම අතින් කීවෙනි තැනට එයිද?"
බ්රිතාන්ය මිනිස්සු හිතුවේ එයාලා 7 වෙනි තැනට විතර ඇවිත් Texas, Florida, Pennsylvania සහ Ohio වගේ ප්රාන්ත වලට වඩා උඩින් ඉඳියි කියලා. හැබැයි ඇත්තම උත්තරේ වුණේ 51 වෙනි තැන!
ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන ප්රාන්ත 50 ටම වඩා පහළින්, අන්තිමයා විදිහට! Alabama, West Virginia, Arkansas වලටත් වඩා පහළින්, අවුරුදු 150 ක් තිස්සේ ඇමරිකානුවන්ම දුප්පත්ම ප්රාන්තය කියලා විහිළුවට ගන්න Mississippi ප්රාන්තයටත් වඩා බ්රිතාන්යයේ මිනිස්සු අද දුප්පත් වෙලා.
වාෂ්ප එන්ජිම, ජෙට් එන්ජිම සහ නවීන බැංකු ක්රමය ලෝකෙට හඳුන්වලා දීපු, නැපෝලියන් සහ හිට්ලර් එක්ක යුද්ධ කරපු මහා බ්රිතාන්යයට මේ වගේ ඉරණමක් අත්වුණේ කොහොමද?
අද බ්රිතාන්යයේ තත්ත්වය පෙන්නන සංඛ්යාලේඛන දැක්කාම ඇත්තටම පිස්සු හැදෙනවා: 📊
ජාතික ණය බර: 2026 මුල වෙද්දී බ්රිතාන්යයේ රාජ්ය ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 93% දක්වා ඉහළ ගිහින්. මේක 1960 ගණන් වලින් පස්සේ ආපු වැඩිම අගය. මුළු ණය පවුම් ට්රිලියන 2.9 ක්! ඒ කියන්නේ රටේ හැම පවුලක් පිටම පවුම් 102,000 ක ණයක් තියෙනවා. මේ ණය වලට පොලිය ගෙවන්න විතරක් බ්රිතාන්ය බදු ගෙවන්නන්ට වසරකට පවුම් බිලියන 111 ක් යනවා! 💸
ලෝකයේ වැඩිම විදුලි බිල: 2026 දී බ්රිතාන්යයේ කර්මාන්තශාලා වලට දෙන විදුලි ඒකකයක මිල පැන්ස 26.63 ක්. International Energy Agency එක නිරීක්ෂණය කරන පොහොසත් රටවල් 25 අතරින් වැඩිම විදුලි මිල තියෙන්නේ බ්රිතාන්යයේ. මේක ඇමරිකාවේ ෆැක්ටරි ගෙවන මිලට වඩා 4 ගුණයකින් වැඩියි! ⚡🏭
කෝටිපතියන් සහ තරුණයන් රට හැර යාම: ස්විට්සර්ලන්තයේ Henley & Partners ආයතනයට අනුව 2025 දී විතරක් මිලියනපතියන් 16,500 ක් සදහටම බ්රිතාන්යය දාලා ගිහින් තියෙනවා. එයාලා යද්දී ඩොලර් බිලියන 91.8 ක ධනයක් රටින් අරගෙන ගියා. මේක මිනිස් ඉතිහාසයේ එක රටකින් එක අවුරුද්දක් ඇතුළත පොහොසත් මිනිස්සු එළියට ගිය ලොකුම වාර්තාව! ඒ විතරක් නෙවෙයි, 2024 දී සාමාන්ය බ්රිතාන්ය පුරවැසියන් 257,000 ක් රට දාලා ගියා. ඒ ගිය අයගෙන් හතරෙන් තුනක්ම වයස අවුරුදු 35 ට අඩු තරුණ පිරිස! ✈️🧳
වැටුප් සහ නිවාස: බ්රිතාන්යයේ NHS එකේ වැඩ කරන සාමාන්ය දොස්තර කෙනෙක්ට (GP) ලැබෙන්නේ ඕස්ට්රේලියාවේ Sydney නුවර ඉන්න දොස්තර කෙනෙක් ගන්න පඩියෙන් භාගයයි. ලන්ඩන් වල Software Engineer කෙනෙක්ට ලැබෙන්නේ ඇමරිකාවේ San Francisco වල ඉන්න ඉංජිනේරුවෙක් ගන්න පඩියෙන් තුනෙන් පංගුවයි. ඒත් ලන්ඩන් කිට්ටුව සාමාන්ය ගෙයක් ගන්න සාමාන්ය මනුස්සයෙකුගේ අවුරුදු 25 ක පඩිය ඕන වෙනවා! 🏠💔
මේ විදිහට ලෝකයේ 5 වෙනියට ලොකුම ආර්ථිකය ඇතුළතින් කුණු වෙලා ගියේ කොහොමද කියලා බලන්න අපි 1945 ට යන්න ඕනේ.
ඇත්තටම 1945 දෙවන ලෝක යුද්ධය ඉවර වෙද්දී ඇමරිකාවට පස්සේ ලෝකයේ දෙවෙනියට ලොකුම ආර්ථිකය තිබුණේ බ්රිතාන්යයට. ඉන්දියාව, නයිජීරියාව, කෙන්යාව, ඊජිප්තුව ඇතුළු රටවල් ගොඩක් එයාලා යටතේ තිබුණා. හැබැයි කඩදාසියේ සුපිරි බලවතෙක් වුණාට, ඇත්තටම බ්රිතාන්යය හිටියේ බංකොලොත් වෙලා! යුද්ධය නිසා රටේ ධනයෙන් 25% ක් විනාශ වෙලා, ණය බර GDP එකෙන් 250% ක් වෙලා, මිනිස්සු 450,000 ක් මැරිලා තිබුණා.
Delete1945 ජූලි මැතිවරණයෙන් යුද වීරයා වුන Winston Churchill ව පරද්දලා මිනිස්සු පත් කරගත්තේ සමාජවාදී නායකයෙක් වුන Clement Attlee ව. එයා ගල් අඟුරු, දුම්රිය, වානේ, විදුලිය, ගෑස් සහ Bank of England එක පවා රජයට පවරා ගත්තා. 1948 ජූලි මාසයේදී එයා National Health Service (NHS) ආරම්භ කළා. (අදටත් ලෝකයේ 5 වෙනියට වැඩිම සේවකයන් පිරිසක්, ඒ කියන්නේ මිලියන 1.37 ක් වැඩ කරන්නේ NHS එකේ).
මුල් අවුරුදු 20 දී මේ ක්රමය හොඳට වැඩ කළා. 1946 ත් 1980 ත් අතර වසරකට අලුත් රජයේ නිවාස 126,000 ගාණේ හැදුවා. හැබැයි මේ අස්සේ යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියපු බටහිර ජර්මනිය (වසරකට 8% ක වර්ධනයක්) සහ ජපානය (වසරකට 10% ක වර්ධනයක්) බ්රිතාන්යය පහු කරගෙන වේගයෙන් දියුණු වුණා. බ්රිතාන්යය වර්ධනය වුණේ 2.5% කින් විතරයි. 1970 වෙද්දී බ්රිතාන්යය ලෝකයේ 14 වෙනි තැනට වැටුණා. ලෝකය බ්රිතාන්යයට අලුත් නමක් දැම්මා: "The Sick Man of Europe" (යුරෝපයේ රෝගියා). 🤒
1970 ගණන් වලදී මේ රෝගියට තවත් අසාධ්ය වුණා:
1974 දී: ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් නිසා අගමැති Edward Heath සතියකට දවස් 3 ක් විතරක් වැඩ කරන නීතියක් ගෙනාවා. විදුලිය ඉතුරු කරන්න රෑ 10:30 ට ටීවී විකාශන නතර කළා, ඉස්පිරිතාල වල ඉටිපන්දම් එළියෙන් වැඩ කළා!
1976 දී: ආණ්ඩුවට සල්ලි නැති වෙලා IMF එකෙන් ඩොලර් බිලියන 3.9 ක හදිසි ණයක් ඉල්ලන්න වුණා. උද්ධමනය 25% ට නැග්ගා.
1978-1979 : කුණු අදින අය වර්ජනය කරලා ලන්ඩන් වල Leicester Square එකේ අඩි 10 ක් උසට කුණු කඳු ගොඩගැහුණා. සොහොන් පල්ලන් වර්ජනය කරපු නිසා මැරුණ මිනිස්සුන්ගේ මළසිරුරු වළලන්න විදිහක් නැතුව ගබඩා වල ගොඩගැහුවා! මේ අස්සේ කැරිබියන් දූපත් වල සමුළුවකට ගිහින් ආපු අගමැති James Callaghan ගෙන් මාධ්යවේදියෙක් මේ අර්බුදය ගැන ඇහුවාම එයා කිව්වේ "මට නම් එහෙම අර්බුදයක් පේන්නේ නෑ" කියලා. පහුවදා The Sun පත්තරේ හෙඩ්ලයින් එක වුණේ "Crisis? What Crisis?" කියන එක.
1979 මැයි මාසයේදී බ්රිතාන්යයේ පළවෙනි කාන්තා අගමැතිනිය විදිහට Margaret Thatcher බලයට ආවා. එයා අවුරුදු 11 ක් තිස්සේ රජයේ සුබසාධන ක්රමයට විරුද්ධව යුද්ධ ප්රකාශ කළා. British Telecom, British Gas, British Airways, British Steel, British Petroleum වගේම ජලය, විදුලිය සහ දුම්රිය සේවා පවා පෞද්ගලීකරණය කළා. ඉහළම ආදායම් බදු අනුපාතය 83% ඉඳන් 40% දක්වාම අඩු කළා.
1986 දී ඇය "Big Bang" කියන ප්රතිසංස්කරණය හරහා ලන්ඩන් නුවර මූල්ය නීති ලිහිල් කරලා, ඇමරිකානු, ජපන් සහ ස්විස් බැංකු ලන්ඩන් වලට ගෙන්නගෙන ලෝකයේ ලොකුම මූල්ය මධ්යස්ථානය බවට ලන්ඩන් පත් කළා.
හැබැයි මේකට ලොකු වන්දියක් ගෙවන්න වුණා. Yorkshire සහ South Wales වල ගල් අඟුරු නගර, Sheffield වල වානේ නගර, සහ Newcastle, Glasgow වල නැව් හදපු නගර සදහටම විනාශ වෙලා ගියා. කාර්මික විප්ලවය පටන් ගත්ත රට, භාණ්ඩ නිෂ්පාදනය කරන එක සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා ලන්ඩන් නුවර වර්ග සැතපුමක් ඇතුළේ තියෙන බැංකු සහ මූල්ය සේවා මත විතරක් යැපෙන්න පටන් ගත්තා.
1997 දී Tony Blair බලයට එද්දී බ්රිතාන්යය රටවල් දෙකක් විදිහට බෙදිලා තිබුණා: පොහොසත් ලන්ඩන් නගරය සහ රජයේ ආධාර ("The dole") මත ජීවත් වෙන දුප්පත් කාර්මික නගර. Blair සහ Gordon Brown කළේ බැංකු වලින් දෙන ණය සහ නැගෙනහිර යුරෝපයෙන් ගෙන්නපු සංක්රමණිකයන් මත ආර්ථිකය පුම්බපු එක. ගෙවල් මිල හතර ගුණයකින් වැඩි වුණා.
හැබැයි 2008 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ Lehman Brothers බැංකුව බංකොලොත් වීමත් එක්ක, නිෂ්පාදනය අතහැරලා බැංකු මත යැපුණු බ්රිතාන්යයේ අවුරුදු 40 ක සැලැස්ම එක දවසින් කඩාගෙන වැටුණා! රටේ ලොකුම බැංකු 4 න් 2 ක්ම බේරගන්න රජයට පවුම් බිලියන 137 ක් වියදම් කරන්න වුණා.
ඕනෑම රටක ආර්ථිකයක වැදගත්ම මිනුම තමයි ඵලදායිතාවය (Productivity). ඒ කියන්නේ එක සේවකයෙක් පැයක් වැඩ කරලා කොච්චර ආර්ථික වටිනාකමක් නිපදවනවද කියන එක. 2008 ඉඳන් 2024 වෙනකම් බ්රිතාන්යයේ ඵලදායිතාවය වර්ධනය වුණේ වසරකට 0.6% කින් විතරයි. 2019 ත් 2024 ත් අතර ඒක 0.5% කින් හැකිලුණා! ඒ කාලය ඇතුළත ඇමරිකාවේ ඵලදායිතාවය තාක්ෂණය සහ බලශක්තිය නිසා වසරකට 1.9% කින් ඉහළ ගියා.
ඇඇත්තටම ඇයි මෙහෙම වුණේ? බ්රිතාන්යය ආයෝජනය කරන එක සහ අලුත් දේවල් හදන එක නතර කළා! 2024 දී එයාලගේ ප්රාග්ධන ආයෝජනය GDP එකෙන් 18.9% යි (G7 රටවල් වලින් අඩුම අගය).
DeleteOxford, Cambridge හෝ Imperial College London වල ඉන්න විද්යාඥයෝ මොකක් හරි සුපිරි දෙයක් හොයාගත්ත ගමන්, අවුරුදු 5 ක් ඇතුළත ඒක පිටරටකට විකුණලා දානවා:
ARM Holdings: ලෝකයේ හැම ස්මාර්ට්ෆෝන් එකකම වගේ තියෙන චිප් ඩිසයින් කරපු මේ කේම්බ්රිජ් සමාගම 2016 දී ජපානයේ SoftBank එකට පවුම් බිලියන 24.3 කට වික්කා. 2023 දී එයාලා කොටස් වෙළඳපොළට ගියේ ලන්ඩන් වල නෙවෙයි, ඇමරිකාවේ NASDAQ එකේ!
DeepMind: ලෝකයේ AI විප්ලවයට පාර කපපු මේ බ්රිතාන්ය ආයතනය 2014 දී ඇමරිකාවේ Google සමාගමට වික්කා.
Britishvolt: පවුම් බිලියන 3.8 ක් වියදම් කරලා හදන්න ගියපු දැවැන්ත EV බැටරි ෆැක්ටරිය 2023 ජනවාරි වලදී බංකොලොත් වෙලා, අන්තිමේදී පරණ යකඩ වලට වික්කේ පවුම් මිලියන 8.6 කට! (වටිනාකමෙන් 0.2% කට).
අධික විදුලි බිල (ඇමරිකාවට වඩා 4 ගුණයක්) නිසා කර්මාන්තශාලා එකින් එක වැහෙනවා.
ලන්ඩන් කොටස් වෙළඳපොළේ ලොකුම සමාගම වෙන AstraZeneca, 2025 දී එංගලන්තයේ Macclesfield සහ Cambridge වල කරන්න තිබුන පවුම් මිලියන 650 ක ආයෝජන නතර කරලා, ඇමරිකාවේ ඩොලර් බිලියන 50 ක් ආයෝජනය කරන්න තීරණය කළා!
2025 අප්රේල් මාසයේදී ස්කොට්ලන්තයේ තිබුන අන්තිම බොරතෙල් පිරිපහදුව වුන Grangemouth අවුරුදු 100 කට පස්සේ වහලා දැම්මා.
2024 සැප්තැම්බර් මාසයේදී South Wales වල Port Talbot හි තිබුන Tata Steel කර්මාන්තශාලාවේ අන්තිම උඳුනත් නිවලා දැම්මා. 1850 ගණන් වල Bessemer converter එක හදලා ලෝකෙටම නවීන වානේ කර්මාන්තය හඳුන්වලා දීපු බ්රිතාන්යය, අද ලෝකයේ ප්රධාන ආර්ථිකයන් අතරින් යපස් වලින් අලුතින් වානේ හදන්න බැරි එකම රට බවට පත්වෙලා! (ජර්මනියේ හරිත වානේ ව්යාපෘති 8 ක්, ප්රංශයේ 3 ක් සහ ස්පාඤ්ඤයේ 2 ක් හැදෙද්දී බ්රිතාන්යයේ තියෙන්නේ බිංදුවයි!).
ඒ වගේම ලන්ඩන් කොටස් වෙළඳපොළ අතහැරලා Flutter Entertainment, CRH, Ferguson වගේ දැවැන්ත සමාගම් නිව්යෝර්ක් වලට ගියා. 1890 ගණන් වල ඉඳන් ලන්ඩන් වල තිබුන Shell සමාගමත් නිව්යෝර්ක් යන්න හිතනවා කියලා 2025 අගදී ප්රකාශ කළා.
රටේ ආර්ථිකය වැටෙද්දී රජය කළේ වියදම් කළමනාකරණය කරන එක නෙවෙයි, මිනිස්සු පිට බදු පටවන එක. 2027-2028 වෙද්දී බ්රිතාන්යයේ මුළු බදු බර GDP එකෙන් 37.7% ක් වෙනවා (යුද්ධයෙන් පස්සේ ඉතිහාසයේ වැඩිම බදු බර).
බදු නොගෙවා උපයන්න පුළුවන් ආදායම් සීමාව පවුම් 12,570 ක් විදිහට 2021 ඉඳන් 2031 වෙනකම්ම වෙනස් නොකර තියාගන්න රජය තීරණය කළා. මේ නිසා 2030 වෙද්දී බදු ගෙවන්නන්ගෙන් 24% කටම 40% ක ඉහළ ආදායම් බද්ද ගෙවන්න වෙනවා.
බ්රිතාන්යයේ බදු නීතියේ තියෙන අමුතුම විකෘතියක් නිසා, වසරකට පවුම් 100,000 ත් £125,140 ත් අතර උපයන කෙනෙකුගේ අර නිදහස් බදු සීමාව ටිකෙන් ටික කැපිලා ගිහින්, එයාලට 62% ක ආන්තික බදු අනුපාතයක් ගෙවන්න වෙනවා! ඒ කියන්නේ වසරකට පවුම් 110,000 ක් හොයන දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක්, වසරකට පවුම් 400,000 ක් හොයන කෙනෙකුට වඩා වැඩි බදු ප්රතිශතයක් ගෙවනවා!
2024 ඔක්තෝබර් සහ 2025 නොවැම්බර් අයවැය වලින් අගමැති Keir Starmer සහ මුදල් ඇමතිනි Rachel Reeves තවත් පවුම් බිලියන 51 ක බදු පැනෙව්වා (National Insurance, Capital Gains Tax 24% දක්වා වැඩි කිරීම, සහ ගොවියන්ගේ ඉඩම් වලට ගහපු Inheritance tax එක ඇතුළුව).
Deleteමේකේ ප්රතිඵලය වුණේ සල්ලි තියෙන මිනිස්සු රට දාලා ගිය එක:
Lakshmi Mittal: පවුම් බිලියන 14.9 ක වත්කමක් තියෙන වානේ ප්රකෝටිපතියා (කම්කරු පක්ෂයට ආධාර පවා කරපු කෙනෙක්) ලන්ඩන් අතහැරලා ඩුබායි සහ ස්විට්සර්ලන්තයට ගියා.
Richard Gnodde: Goldman Sachs බැංකුවේ උප සභාපති ඉතාලියේ Milan නුවරට ගියා.
John Fredriksen: පවුම් බිලියන 13.2 ක් වටිනා නැව් සමාගම් හිමිකරු තමන්ගේ ලන්ඩන් මන්දිරය විකුණලා දාලා "Britain has gone to hell" (බ්රිතාන්යය අපායට ගිහින්) කියලා රටින් ගියා.
Charlie Mullins: ජලනල කාර්මිකයෙක් විදිහට ජීවිතේ පටන් අරන් Pimlico Plumbers හරහා කෝටිපතියෙක් වුන මේ මනුස්සයා තමන්ගේ හැමදේම විකුණලා ස්පාඤ්ඤයට සහ ඩුබායි වලට ගියා.
ඕස්ට්රේලියාවට යන දොස්තරලා:
බ්රිතාන්යයේ NHS එකේ පූර්ණ කාලීනව වැඩ කරන කනිෂ්ඨ දොස්තර කෙනෙක්ට (Junior doctor) ලැබෙන්නේ වසරකට පවුම් 37,000 යි. හැබැයි එයා ඕස්ට්රේලියාවේ Perth නුවරට ගියොත් ඒ වැඩේටම පවුම් 80,000 ක් ලැබෙනවා! ඕස්ට්රේලියාවේ Competent Authority Pathway එක හරහා බ්රිතාන්ය දොස්තරලාට විභාග නොලියාම සති කිහිපයකින් එහේ වැඩ පටන් ගන්න පුළුවන්. බ්රිතාන්යයේ දොස්තරලා වැඩ වර්ජන කරද්දී, ඕස්ට්රේලියානු රැකියා නියෝජිතයෝ එතනටම ඇවිත් Business cards බෙදනවා! 2024 දී ඕස්ට්රේලියාවට වැඩිම විදේශීය දොස්තරලා පිරිසක් ගියේ බ්රිතාන්යයෙන්. 👨⚕️🇦🇺
බ්රිතාන්යයේ ගෙවල් මිල සාමාන්ය පඩිය වගේ 7.6 ගුණයක් (ලන්ඩන් වල Kensington and Chelsea වල 25.2 ගුණයක්!). වයස අවුරුදු 25-34 තරුණ පිරිස අතර නිවාස හිමිකාරිත්වය 1990 දී 55% ක් තිබුණත්, 2023 වෙද්දී ඒක 31% දක්වා කඩාගෙන වැටුණා. 🦇
මේකට හේතුව ඉඩම් හිඟය නෙවෙයි; මුළු බ්රිතාන්ය භූමියෙන් තාමත් සංවර්ධනය කරලා තියෙන්නේ 8.7% ක් විතරයි! ප්රශ්නේ තියෙන්නේ 1947 Town and Country Planning Act කියන පරණ නීතිය. මේකට අනුව අලුතින් හදන ඕනෑම ගොඩනැගිල්ලකට ප්රාදේශීය සභාවේ අවසර ඕනේ වගේම, අසල්වැසියන්ට පුළුවන් ඒකට විරුද්ධ වෙලා ව්යාපෘතිය නතර කරන්න! එංගලන්තයේ භූමියෙන් 12.6% ක් "Green belt" කියලා නම් කරලා තියෙන නිසා ගෙවල් හදන්න තහනම්. 🛑🏡
මේ නීති නිසා වෙන විහිළු සහගත දේවල් බලන්න:
පවුම් මිලියන 100 ක වවුල් උමග: යුරෝපයේ වියදම් අධිකම දුම්රිය ව්යාපෘතිය වෙන HS2 High-speed rail එක හදද්දී, Sheephouse Wood කියන තැන ඉන්න Bechstein's bats කියන වවුලන් රැකගන්න කිලෝමීටරයක් දිග වානේ දැල් උමගක් හදන්න වුණා. මේ වවුල් උමගට ගිය වියදම පවුම් මිලියන 100 යි! ඒක හදන්න වෙනම අනුමැතීන් 8,276 ක් ගන්න වුණා! 🦇💸
මුහුදු කුරුල්ලෝ සහ මකුළුවෝ: උතුරු වේල්සයේ Wylfa වල හදන්න ගියපු න්යෂ්ටික බලාගාරය Arctic terns කියන මුහුදු කුරුල්ලන්ට බාධා වෙයි කියලා අවුරුදු ගාණක් ප්රමාද කළා. ලන්ඩන් වලට නැගෙනහිරින් Swanscombe Peninsula වල හදන්න ගියපු දැවැන්ත Theme park එක 2024 දී සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මේ එතන දුර්ලභ පනින මකුළුවන් ජාතියක් හම්බවුණු නිසා!
හැබැයි ඇමරිකාවේ Texas ප්රාන්තයේ Austin නගරය 2015 ත් 2024 ත් අතර අලුත් නිවාස 120,000 ක් හදලා ගෙවල් කුලිය 16% - 22% කින් අඩු කරගත්තා. 2024 දී Dallas-Fort Worth නගරය විතරක් අනුමත කරපු නිවාස ගාණ (71,788) මුළු බ්රිතාන්යයම හැදුව නිවාස ගාණට සමානයි!
එංගලන්තයේ රජයේ සහන නිවාස මිලියන 4.3 ක් තියෙනවා. මේවයින් 78% ක්ම දීලා තියෙන්නේ ජීවිත කාලයටම ඉන්න පුළුවන් විදිහට. ලන්ඩන් වල පෞද්ගලිකව ගෙයක් ගත්තොත් සතියකට පවුම් 500 ක් වෙන තැනක, මේ Council flat එකක් ලැබෙන්නේ සතියකට පවුම් 120 කටයි (වසරකට පවුම් 20,000 ක බදු රහිත වාසියක්!). හැබැයි මේ ගෙදර ඉන්න කෙනෙකුට Manchester වල හොඳ රස්සාවක් ලැබුණොත්, එයාට මේ සහන නිවාසය නැති වෙන නිසා එයා ඒ රස්සාව ප්රතික්ෂේප කරනවා! මේ නිසා පවුල් මිලියන 1.34 ක් පොරොත්තු ලේඛන වල ඉන්නවා; සමහර ලන්ඩන් ප්රදේශවල ගෙයක් ලැබෙන්න ගණිතමය වශයෙන් අවුරුදු 100 කට වඩා බලාගෙන ඉන්න වෙනවා!
ඒ වගේම දරුවන් දෙන්නෙක් ඉන්න මවක් හෝ පියෙක් පවුම් 20,000 ක රස්සාවක ඉඳන් පවුම් 30,000 ක රස්සාවකට ගියොත්, එයාලට ලැබෙන රජයේ දීමනා (Universal Credit, Housing benefit) කැපිලා ගිහින් අර වැඩිපුර ලැබෙන පවුම් 10,000 න් 80% ක්ම ආපහු රජයටම යනවා! ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කරන එක පාඩුයි. මේ නිසා අද බ්රිතාන්යයේ වැඩ කරන වයසේ මිනිස්සු මිලියන 2.8 ක් දිගුකාලීන අසනීප දීමනා අරගෙන ගෙදරට වෙලා ඉන්නවා. අද රජය ආදායම් බදු වලින් එකතු කරන මුදලට වඩා වැඩි මුදලක් වැඩ කරන වයසේ අයගේ සුබසාධනයට වියදම් කරනවා!
මාතේ දර්මපාලතුමා.මඩිහෙ හාමුදුරැවො සෝම හාමුදුරැවො නලින්ද සිල්වා ගලබොඩ හාමුදුරැවො හැමෝම කිවුවෙ එකම දේ එක එක විදිහට ඇත්ත.දැන් එතකොට උබලා ඒ ඇත්ත සද්දෙ නැතිව කියන කොට පිලිගත්තද මොනවත් නොකියම ලියල කියපු නලින්ද සිල්වා කියන්නෙ ඇත්ත කියල පිලිගත්තද නෑනේ.ඒ කියන්නෙ උබල ඇත්ත පිලිගත්තෙ නෑ.බෝම්බ කාලත් පිලිගත්තෙ නෑ.දැනුත් උබල ඇත්ත පිලිගන්නෙ නෑ.ඒක කොන්දෙ ගැටලුවක්
ReplyDelete''රතු ලෝකයක්'' දකින්නට බැංකු බින්ද කැරලිකාරයෝ # By ධර්මන් වික්රමරත්න Dharman Wickremaretne විසිනි.@ ජවිපෙ අරමුදල් තරකිරීම සඳහා රාගම සෝමේ සෝමසිරි ගේ නායකත්වයෙන් විශේෂ කණ්ඩායමක් 1984 අගභාගයේදී පිහිටුවන ලදී. එම කණ්ඩායමේ නියෝග අනුව මුදල් සෙවීමේ සඳහා ප්රධාන සහ ග්රාමීය බැංකු බිඳ මුදල් ලබාගැනීමටද මෝටර් රථ, යතුරු පැදි, පාපැදි ඇතුළු වාහන පැහැර ගැනීමටද ප්රාදේශීය වශයෙන් ග්රාමීය සහ අර්ධ නාගරික ප්රදේශවල සිටින ධනවත් පුද්ගලයින් ගෙන් මුදල් කොල්ලකෑමද, වැටුප් මංකොල්ලකෑමද ඒ අතර විය. සියළු මුදල් රැස්කිරීම දැඩි විනයකට සහ සදාචාරයකට යටත්වූ අතර ඒවා ජවිපෙ සහ පසු කාලයේ එහි සන්නද්ධ අංශය බවට පත්වූ දේශප්රේමී ජනතා ව්යාපාරයේ ක්රියාකාරකම් සහ පූර්ණකාලීන්ගේ අවශ්යතා සඳහා වෙන්විය. කැරළිකරුවන් විසින් මෙම මංකොල්ලකෑම් හදුන්වනු ලැබුවේ ‘ආර්ථික වැඩ’ වශයෙනි.
ReplyDeleteජවිපෙට මුදල් රැස්කිරීමේ කටයුත්තේදී 1985 සිට 1990 දක්වා කැරළිකරුවන් සිය ගණනක් මිය ගියහ. ප්රථමයෙන්ම ගම්පහ සුනිල් අබේරත්න 1985දී මිය ගියේ යතුරුපැදියක් පැහැරගැනිමට ගොස් ඇතිවූ සිද්ධියකදී දරුණු ලෙස තුවාල ලබා පොලිසියට හසුවී රෝහලේදීය. ශිෂ්ය අංශයේ පූර්ණකාලීනයෙකු වූ අනුරාධපුර සරත් විජේසිංහද මරුමුවට පත්වූයේ මංකොල්ලකෑමකදී තබන ලද වෙඩි පහරකිනි.
ජවිපෙ තහනමින් පසු ජවිපෙ අරමුදල් තර කිරීම සදහා 1984දී පිහිටුවූ කණ්ඩායමේ නායකත්වය ප්රථමයෙන්ම දැරුවේ අසරප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේය. ඔහු පියල්, නිමල්, ජගත්, වීරේ, ඩැනී යන නම්වලින්ද හැදින්විණි.. පසුව එහි වගකීම සමන් පියසිරිට පැවරිණි. කටුනායක ගුවන් හමුදා කඳවුර ඇතුළු ආයුධ පැහැර ගැනීම් ගණනාවකට රාගම සෝමේ ක්රියාකාරීව දායක විය. බොරැල්ලේ මැගසීන් බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 13වැනිදා ජවිපෙ මගින් ප්රහාරයක් එල්ල කරමින් ඔහු ඇතුළු බන්ධනාගාර ගතවී සිටි ජවිපෙ සැකකරුවන් 221ක් මුදාගනු ලැබීය.
කර්නල් මුතාලිෆ් ඇතුළු කණ්ඩායමක් විසින් 1989 දෙසැම්බර් 28 නුගේගොඩ දෙල්කද හෝටලයක ආහාර ගනිමින් සිටියදී රාගම සෝමේ සමඟින් කොළඹ සහ ගම්පහ සන්නද්ධ නායකයෙකුව සිටි සුදත් හෙවත් පතී හෙවත් ළමයාද, දකුණු පළාත් සන්නද්ධ ක්රියාකාරිකයෙකුවූ රත්නායකද අත්අඩංගුවට ගන්නා ලදී. වධබන්ධන වලට ලක්වූවද ඔවුහු කිසිදු තොරතුරක් අනාවරණය නොකළහ. පසුව සමන් පියසිරි ප්රනාන්දු සමගින්ම රාගම සෝමේ, පතී සහ රත්නායකද 1989 දෙසැම්බර් 29 ඝාතනයට ලක්විය.
යුස්ටස් දිලිප් චන්ද්ර ප්රනාන්දු නමින් හැඳින්වූයේ පතීය. දීප්ති, සුගත් සහ සොයිසා ලෙසද ඔහු හැදින්විය. පදිංචිය වැලිසරය. කතෝලිකයෙකි. පියා විදුහල්පතිවරයකු වූ අතර පවුලෙ සාමාජිකයන් සිවුදෙනෙකි. ගම්පහ දිස්ත්රික් සන්නද්ධ ලේකම්වරයා වශයෙන් කලක් කටයුතු කළ පතී ජවිපෙ සමඟ 1984 සිට පූර්ණකාලීනව කටයුතු කළ අතර මුල් පෙළේ මෙහෙයුම් ගණනාවක නායකත්වය ගත්තෙකි. ගම්පහ දිස්ත්රික් සන්නද්ධ ලේකම්වරයා වශයෙන් කලක් කටයුතු කළ පතී ජවිපෙ සමඟ 1984 සිට පූර්ණකාලීනව කටයුතු කළ අතර මුල් පෙළේ මෙහෙයුම් ගණනාවක නායකත්වය ගත්තෙකි.
පතී අත්අඩංගුවට පත් වූයේ කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් 1987 ජුනි 07 අවි පැහැර ගැනීමෙන් පසු රාගම සෝමේ සමගය. මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී 1988 දෙසැම්බර් 13 වනදා ජවිපෙ සැකකරුවන් 221 සමඟ පලාගිය අතර අනතුරුව කොළඹ දිස්ත්රික් සන්නද්ධ ලේකම් විය.
Deleteකොළඹ දිස්ත්රික් සන්නද්ධ ලේකම්ව සිටියදී 1989 ජනවාරි 16 වනදා කටුබැද්ද ලංකා බැංකුවට කඩාවැදී රුපියල් ලක්ෂ 82ක් මුදලක්ද එදිනම කටුබැද්ද මහජන බැංකුවට කඩාවැදී මුදලින් රුපියල් ලක්ෂ 60ක් වටිනා මුදල් සහ රන් භාණ්ඩද, 1989 පෙබරවාරි 08 වනදා වැල්ලවත්ත මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 222ක් වටිනා මුදල් හා රන් භාණ්ඩද පැහැරගැනීමේ සැලසුමේ නායකත්වය දැරුවේ පතීය. ලියුම්කරු Dharman Wickremaretne ඔහුගේ පවුලේ අයද හමුවිය.
විජේවීර ඝාතනයෙන් අනතුරුව ජවිපෙ නායකත්වයට පත්වූ සමන් පියසිරි ප්රනාන්දු විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්ක ඇතුළත් බස්නාහිර කලාපයේ යුද නායකයා වශයෙන්ද පත්කර තිබුණේ පතීය. ආරක්ෂක හමුදා අත්අඩංගුවට 1989 දෙසැම්බර් 28 පත්වූ පතී පසුව 1989 දෙසැම්බර් 29 ඝාතනයට ලක්විය.
ජවිපෙ ප්රාදේශීය ප්රබල නායකයෙකු වූයේ මාතර තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගෘහනිර්මාණ ශිල්පියෙකු වශයෙන් කලක් කටයුතු කළ තල්පාවිල ධර්මේ කලක් පස්ගොඩ වැඩ පරික්ෂකයෙකුද විය. ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් 1976 සිට එක්වූ ධර්මසේන 1985 මාර්තු මස ගුරු වැටුප් මංකොල්ලයකදී අම්බලන්තොට නෝනගම වැලිපැටන්වලදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට පත්ව තිරස්චින පහරදීම් වලින් පසුව ඝාතනයට ලක්වූවෙකි.
අධ්යාපන කඳවුරු පැවැත්වීම වැනි වගකිවයුතු වැඩ කොටසක් කල තල්පාවිල ධර්මේ වැනි අයෙකු එවැනි කාර්යයකට යොදා ගැනීම පිළිබදව ජවිපෙ තුළම විවේචනයක් ඇතිවිය. කිසිදු තොරතුරක් හෙළි නොකළ ඔහුට ගෞරවයක් වශයෙන් ජවිපෙ 2වැනි කැරැල්ලේදී අරමුදල් රැස්කිරීමේ අංශය ධර්මසේන බලකාය ලෙස නම්කර තිබිණි. ලියුම්කරු Dharman Wickremaretne ඔහුගේ පවුලේ අයද හමුවිය.
ජවිපෙ මගින් අරමුදල් තරකර ගැනීම 1985 සිට 1990 දක්වා රාජ්ය බැංකු 62ක් බිඳ මුදල් සහ රන්භාණ්ඩ පැහැරගන්නා ලදී. එමෙන්ම කෙලාබොක්ක වතුයායේ වැටුප් පැහැරගැනීම් ඇතුළු මුදල් පැහැරගැනිම් චෝදනා 131ක්ද විය. ආයුධ පෙන්වා නිවැසියන් බිය ගන්වා රුපියල් 20,000ට වඩා දේපල මංකොල්ලකෑම් දහසකට ආසන්න ගණනක්ද වාර්තා විය.
ගල්ගමුව විශාලතම බැංකු කොල්ලය 1986 සැප්තැම්බර් 23 සිදු කළේය. දිගන මහජන බැංකුවට 1988 අගෝස්තු 22 කඩා බැදී ලක්ෂ 60ක මුදල් රන්භාණ්ඩ කොල්ලකන ලදි. දිගන බැංකුව කොල්ලකෑමට පැමිණි 5දෙනා බැංකුවේ බලය අත්පත්කර ගත්තේ ආරක්ෂක නිළධාරියා දැලිපිහියකින් තුවාලකරමිනි.
මරදගහමුල බැංකුවට 1987 මැයි 11 කඩාවැදී ලක්ෂ 35ක් පැහැර ගන්නා ලදී. කොළඹ ජනාකීර්ණ ප්රදේශවූ මොරටුව කටුබැද්දේ මහජන බැංකුව සහ ලංකා බැංකුවේ සියළු මුදල් 1989 ජනවාරි 16 කොල්ලකෑමට සමත්වූ කැරළිකරුවෝ 1989 පෙබරවාරි 8 වැල්ලවත්ත මහජන බැංකුවෙන් මුදලින් රුපියල් දශලක්ෂ 22ක්ද රන් ආභරණ තොගයක්ද තංගල්ල කුඩාවැල්ල මහජන බැංකුවෙන් 1989 පෙබරවාරි 7 රුපියල් ලක්ෂ 80 වටිනා මුදල් සහ රන් භාණ්ඩද පැහැර ගත්හ.
එවැනි මුදල් රැස් කිරීම් 1985 සිට 1990 දක්වා රටපුරාම ක්රියාත්මක විය. මින් කිහිපදෙනෙකුට රජය මගින් නඩු පවරාද තිබිණි. මෙම සිද්ධීන් වලට අදාල සැකකරුවන් සමහරෙක් බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි අතර එම බන්ධනාගාරය 1988 දෙසැම්බර් මස බිඳ දමමින් ඔවුන් සියළු දෙනාම මුදා ගැනීමට ජවිපෙ සමත් විය.
ගල්ගමුව බැංකු මංකොල්ලයට නායකත්වය දුන් ඉන්ද්රරේ නොහොත් පන්නල කොට්ටල් භද්රආරච්චිගේ ඉන්ද්රරත්න කෑගල්ල සහ කුරුණෑගල දිසා ලේකම් වශයෙන්ද කලක් කටයුතු කල අතර අවසාන කාලයේ ජවිපෙ මධ්යම කාරක සභිකයෙකි. මීරිගම වේවැල්දෙනියේ පදිංචිකරුවෙකු වූ ඔහු 71 අප්රේල් කැරළිකරුවෙක් වූ අතර පරාජයෙන් පසු විල්පත්තුවට පසුබැස ගියේය. දිගන මහජන බැංකු මංකොල්ලයට 1988 අගෝස්තු 22 නායකත්වය දුන් මීරිගම චන්ද්රරේ නොහොත් නානායක්කාරගේ චන්ද්රදාස 1971 කැරැල්ලටද සම්බන්ධව සිටි අතර මධ්යම කාරක සභිකයෙකි.
විශාල අරමුදල් සෙවීම සඳහා කටයුතු කල කැරළිකරුවන් බොහෝ දෙනා සන්නද්ධ පුහුණුවක් ලැබූ අය වූහ. එමෙන්ම හමුදාව අතහැර පැමිණි අයද ඒ අතර විය. අම්පාර, ත්රිකුණාමලය, සියඹලාආණ්ඩුව, උඩවලවේ, ශ්රීපාදය, රත්නපුර එරත්න, නකල්ස්, හම්බේගමුව, සිංහරාජයේ කඳුවැටි ඇතුළු ස්ථාන ගණනාවකම අවි පුහුණු කඳවුරු වලදී ඔවුහු පුහුණුවක් ලැබූහ.
කුලභේදය ජවිපෙ 2වැනි කැරැල්ලේදී ප්රධාන වශයෙන් ඉස්මතු නොවූවද එය ඉදහිට මතුවූ අවස්ථාවන්ද තිබිණි. ශ්රී ලංකාව තුළ කුල 15ක් පමණ ඇති අතර ජවිපෙ 2වැනි කැරැල්ලේදී විවිධ බැංකු සහ මුදල් කොල්ලකෑම් කල අනාවරණයට ලක්වූ පුද්ගලයින් නියදියක් ලෙස ගත්කල ඔවුන්ගෙන් බහුතරයක් වහුම්පුර හෙවත් දේව වංශයට අයත් වේ. කිතුල් ගස ආශ්රිතව ජීවත්වූ ඔවුහු ඈත අතීතයේ රටරැකි පාරම්පරික සන්නද්ධ හේවායන් විය. බ්රිතාන්ය භටයින් 1803දී උඩරට ආක්රමණයකර අගනුවර අල්ලාගත් පසු එම බලකොටුවට කඩා පැන ඔවුන් පරාජය කළ පිරිස දේව වංශය නියෝජනය කල අය වේ.
Deleteකැරළිකරුවන් විසින් අරමුදල් තරකිරීම සදහා පැහැර ගන්නා ලද රත්තරන් කිලෝ 60ක් ආරක්ෂක අංශ මගින් බොරලැස්ගමුව නිවසකදී අත්අඩංගුවට ගන්නා ලදී. එම නිවස මාතරගේ දොන් ආරියදාස නමට ජවිපෙ මගින් මිලදී ගෙන තිබූ අතර ඔහු මහාධිකරණ විනිසුරු එෆ්.ඩී.එන් ජයසූරිය විසින් 1992දී බරපතල වැඩ ඇතිව වසර 2ක සිර දඬුවමක් පනවා එය වසර 10කට අත්හිටුවන ලදී. ජවිපෙ මගින් හයිඩ් පිටියේදී 1977 පැවැත්වූ රැස්වීමට පැමිණි ආරියදාස එවකට දෙහිවල සත්වඋද්යානයේ සේවය කල අතර පසුව ජවිපෙට එක්විය.
පසුව කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කල ඔහු 1988 පෙබරවාරි මස පූර්ණකාලිනයෙකු විය. මොරටුවේද ඔහු නමින් ලක්ෂ 45ක නිවසක් මිලදී ගෙන තිබිණි. එම නිවසේ තැන්පත්කර තිබුණේ බැංකුවලින් පැහැරගත් රත්තරන් බව ඔහු පිළිගත්තේය. එමෙන්ම නිවසේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ තිබූ රුපියල් ලක්ෂ 23ක මුදලක්ද ආරක්ෂක අංශ මගින් සොයා ගනු ලැබීය. ලියුම්කරු Dharman Wickremaretne ඔහුද හමුවිය.
ජවිපෙ 2වැනි කැරැල්ල පරාජයත් සමඟම ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වීමෙන් අසරණ වූ පවුල් සංඛ්යාව දස දහසකට අධිකය. එසේ අසරණවූ පවුල් වෙනුවෙන් හැකි පමණින් සරණක් වන්නට ඉතිරිවූ කැරළිකරුවන් කිහිප දෙනෙකු අවස්ථා ගණනකදි ප්රමුඛත්වය ගත්හ. ඉන් එක් කණ්ඩායමක ප්රබල ක්රියාකාරිකයා වූයේ කඩවත පදිංචි උදය කුමාර රණතුංගය.
දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස ලේඛකයා කටයුතු කල කාලයේ පුවත්පතේ පිටු සැකසුම් ශිල්පීන් අතර රණතුංගද විය. උපාලි පුවත්පත් ආයතනයට රණතුංග බැදුණේ 1982 පෙබරවාරි 2ය. ඔහුගේ සේවක අර්ථසාධක අයදුම් පත්රය ලේඛකයා පුරවා දුන් අතර එහි අංකය 383 බව මතකය. දිවයින ඉරිදා සංග්රහය ආරම්භකල මුල්ම සේවකයින් අතර ආධුනිකයෙකු වශයෙන් ඔහුද විය. රණතුංග ජවිපෙට එක්වූයේ පිටු සැකසුම් ශිල්පියෙකු වූ මොණරාගල රණසිංහ හරහාය. කටුනායක ගුවන් හමුදා කඳවුරට 1988 අප්රේල් 22 දෙවන වරට පහරදී ආයුධ විශාල තොගයක් පැහැරගත් ජවිපෙ කණ්ඩාමේ සාමාජිකයෙකු වූ මොණරාගල රණසිංහ කටුනායක ගුවන් හමුදා කඳවුර තුළදීම වෙඩි වැදී මිය ගියේය. පසුකාලයේ රණතුංග සිය මිත්රයා වූ මොණරාගල රණසිංහ ගිය මඟ අනුගමනය කරමින් පූර්ණකාලීනයෙකු බවට පත්විය. රණතුංගගේ මව ගුරුවරියක් වූ අතර ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් විය. බිරිය ස්වර්ණාය. රණතුංග මිය යන විට ඒක්දරු පියෙකි. ඒම දියණිය මේධානිය. ලියුම්කරු Dharman Wickremaretne ඔහුගේ පවුලේ අයද හමුවිය.
බොරැල්ල කේන්ද්ර කර ගනිමින් ලක්දිව පුවත්පත 1992 ජනවාරි 26 පළමු කලාපය ප්රකාශයට පත්වූ අතර ඒ වන විට රණතුංග එහි ප්රධාන පිටු සැකසුම් ශිල්පියා විය. පසුව 1992 මැද භාගයේදී ඉන් ඉවත්විය. රත්මලානේදි 1992 අගෝස්තු 14 සිදුවූ රුපියල් ලක්ෂ 48 දුම්රිය වැටුප් මංකොල්ලය පසුපස හඹාගිය පොලිසියට අවසානයේ උදය කුමාර රණතුංග කොටුවිය. දෙවන කැරැල්ලේ මියගිය සගයින්ගේ දරුපවුල් ආරක්ෂා කරනු වස් රණතුංග ජවිපෙ වෙනුවෙන් තවත් පිරිසක් සමඟ එය සිදුකළේය. දුම්රිය වැටුම් මංකොල්ලයේදි කැරළිකරුවන්ගේ වෙඩි ප්රහාරයට ලක්වූ දුම්රිය සේවකයින් තිදෙනෙක් මරුමුවට පත්වූ අතර 9 දෙනෙකුට තුවාල ලැබීය.
පොලිස් අත්අඩංගුවේ සිටි රණතුංග පසුව මහර බන්ධනාගාරයට මාරුකර යවන ලදී. ජාත්යන්තර ක්ෂමා සංවිධානයටද කරුණු ඉදිරිපත් කෙරිණි. ඔහු සිය මවට 1993 සැප්තැම්බර් 2 ලිපියකින් කියා සිටියේ "මිහිතලය ලෙයින් සහ කඳුලින් පිරි තිබේ" යන්නය. මහර බන්ධනාගාරයෙන් ඇතිවූ ගැටුමකින් උදය කුමාර රණතුංග ඇතුළු රිමාන්ඩ් සිරකරුවන් 5 දෙනෙකු 1993 සැප්තැම්බර් 6 ඝාතනය කර තිබිණි. ඒ අතර රණතුංග සමඟම ගම්පහ ලක්ෂ්මන් ධර්මසිරි, ගම්පහ රවීන්ද්ර බැද්දෙවිතාරණ, රාජාංගනයේ රෝහිත සේනාධීර, බදුල්ලේ විමලදාස මහර බන්ධනාගාරයේදී ඝාතනයට පත්වූ අය අතර වූහ. බන්ධනාගාරයෙන් එම සිරකරුවන් පලා යෑමේදී එම ගැටුම සිදුවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේය.
කඩවත සූරියගම නිවසේ රණතුංගගේ දේහය තැන්පත් කර තිබිණි. අත්අඩංගුවේ පසුවූ ඔහුගේ බිරිඳ ස්වර්ණා රාජපක්ෂ පැය කිහිපයකට ලැබුණු අවසරය මත බන්ධනාගාර නියාමකවරියන් සමඟ පැමිණ දේහය අසළ වැලපෙනු ලේඛකයාට දක්නට ලැබිණි. සිගිති දියණිය හෙළ මේධානි බිම සෙල්ලම් කරමින් සිටියාය. දෙටු ප්රවීණ පුවත්පත් කලාවේදී අජිත් සමරනායකයන් අවමගුල් සභාවේදී සිය හඬ අවදි කළේය. "මේ වැතිර සිටිනේ සොරෙක්, මංකොල්ලකාරයෙකු නොව මිනිස් වීරයෙකි. නමුත් එය එසේ යැයි පිළිගනු ඇත්තේ වර්තමානයේදී නොව අනාගතයේය"
'ජවිපෙ' දෙවන කැරැල්ලේදී ජීවිත දහස් ගණනක් පක්ෂ අරමුදල් තරකිරීමේදී මෙලෙස සමුගත්තෝය. ඔවුහු ගමන් කල මාර්ගය කෙසේ වෙතත් ඔවුන් තුළ වූයේ නිදහස්, සාධාරණ සහ සමාන සමාජ අවස්ථාවලින් යුත් සමාජවාදී සමාජයක් බිහිකිරීමේ අභිලාෂය විය හැකිය. (වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමය අළලා දශක තුනකට පසුව ධර්මන් වික්රමරත්න Dharman Wickremaretne හෙළිකළ අතිශය සංවේදී සත්ය කථා ඇතුළත් පහත ගවේෂණාත්මක කෘති 05 එනම් 'ගින්නෙන් උපන් ගිනි පුපුරු' , ‘සටනින් සටන‘, 'කොම්රේඩ් ලයනල්' සහ 'ප්රේමකීර්ති ඝාතනයේ සුලමුල', 'දයා පතිරණ ඝාතනෙය් නුදුටු පැත්ත' ග්රන්ථ BMICHහිදී සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වෙන පොත් ප්රදර්ශනයේදී සියයට 20ක් මිල අඩුකිරීම යටතේ විජිත යාපා A-35, සූරිය -B, සරසවි D&M, විසිදුනු D-19, සුනෙර J-36, කෙහෙලිය K-5, උදය D-16, ප්රගති D-27 යන ප්රදර්ශන කුටිවලින් මිලදී ගත හැකිය. වැඩි විස්තර අවශ්ය නම් 071-273 3986 මගින් ඇමතිය හැකිය.)
DeleteAdithya duwageyi Shyamali aunty gen huththawal walata diwa dala cho bonna asayi
ReplyDeleteමාතලන්, එදා රෑ එකේ මිල්ටන් අධික ලෙස මත්පැන් පානය කරන සහ සිගරට් බොන කෙනෙක් විදියට පෙන්වන්නේ, ඒක ඇත්ත මිල්ටන් ජෝති කපුගේ ජේ ඒ මිල්ටන් පෙරේරා ටී ෂෙල්ටන් පෙරේරා මේ හැමෝම වගේ අධික ලෙස මත්පැන් පානය කිරීම නිසාම අකාලයේ ජීවිතයෙන් සමුගෙන ගියා, මමත් මත්පැන් පානය කරන කෙනෙක් විදියට නඩුකාරතුමෙක් සහ පොලිස් නිලධාරීයෙක් නිසා මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුන සිදුවීමක් මේක.අද වගේ මතකයි තාම..
ReplyDeleteමේ සිදුවීම වුණේ එදා නත්තල් දාට පහුවදා රෑ 2024...ලංකාවට රට ඉදන් ඇවිල්ලා ලගම හිටපු යාලුවො එක්ක party එකකදී කාල beer එකක් බීල ගෙදර යන්න ලංවෙලා වෙන්නප්පුවේ ..
එද්දි මහරැ 12ට විතර පොලිසියෙන් ඇල්ලුව වාහනෙ drive කරන් එද්දි වෙන්නප්පුව පහුවෙලා...😢 පස්සෙන් පන්නං ඇවිත් හෙන කට්ටියක් ..😢
මං තනියම හිටියෙ වාහනේ..මොනව කලත් මොනව කිවත් ඒ නිලධාරීයගෙන් කිසිම ගැලවීමක් තිබුනෙ නෑ .🙏
මන් හොද සිහියෙන් හිටියෙ.. බැලුම් පුම්බල වැඩේ වුනා පහුවදා උසාවි..රෑ කතාකරන අය නිදි..phone එකෙත් battery නෑ.. 25න් දාහක් දඩ ගෙවල එන්න තියෙන්නෙ කියල කිව පොලිසියෙ කට්ටිය..මාත් වැඩිය මොකුත් කියන්න ගියෙ නෑ ..උසාවි දානකන් හිටියා..දඩේ ගෙවල ආපහු එන්න..
2025 ජනවාරි වගේ මතකයි උසාවි දිනේ..
උසාවි තිබ්බෙ බ්රහස්පතින්දා දවසක වගේ ..
දවස් තුනකින් ආපහු UK යන්න හිටියෙ සදුදා..
උසාවියට 2025 ජනවරි යද්දි, මේ වරද කල ඔක්කොම දානව හිරේ සති දෙකකට.25 න් දාහක් දීල බේරිල එන්න බෑ එදා..
ඒපාර නඩුකාරතුමාට දෙන්නපුලුවන් උපරිම දරුම දුන්න ඕකොටම ඒ වරද කල..කවුරුත් බේරෙන්න විදියක් නෑ..
මගෙ වාරෙ එද්දි මට කට්ටිය කිවෙ ඉන්න එපා නඩුවට අද ..මේක මගෑරල සදුදා රට යන්න කියල...
හිටියොත් හිරේ යන්න වෙනව කියල..උපරිම වෙන්නෙ වරෙන්තු එයි කියල එද්දි මන් රටනෙ එතකොට..එහෙම එකක් හිතුන් නෑ .ඕක හිත හිත ඉන්නවෙන නිසා මට වැඩේ මෙතනින් ඉවර කරන්න ඔඉන උනේ..මන් වෙන එකක් වෙන්න කියල නඩුවට හිටිය.. පවුලම UK ඉදන් මෙහෙ ඇවිල්ල තිබ්බෙ නිවඩුවට අවුරුදු දෙකකට පස්සෙ...
පලවෙනි නඩු වාරයෙදිම මගෙ lawer කිව, වරදකාරයෙක් නෙවෙයි නිවරදි කරු.. එහෙම කිවෙ දිගට ඇදගන යන්න නඩුව ..වැරදි කරු කිවනම් ඒවෙලේ මොකුත් අහන් නෑ..ලසිසන් මාස 3ta cancel කරල දානව හිරේ සති දෙකට..
තව layer කීව මන් රට යන්න ඉන්නෙ ආපහු කියල....
ඊටපස්සෙ නඩු කාරතුමා,
Passport එක කෝ කියල ඇහුව,
මගෙ සාක්කුවෙ තිබුනා මන් දුන් නෑ..මන් කිවා ගෙදර කියල..
මොකුත් කිවෙ නෑ.වෙන ඇහුවෙ නෑ..
"බීල වාහන එලවල නේද..කවුරු හරි හැප්පිලා මැරුණනම් තමන් වගකියනවද..කූඩුවට දාන්න passport eka ගේනකන් කිවා.."
ඒවෙලේ දුන්නනම් ඒක තියාගෙන මන් නිදහස් කරනව ඒත් රට යන්න වෙන්නෑ..
ඊට පස්සෙ ඒක ගේනකන් මන් දැම්මා කූඩුවට.උදේ ඉදන් හවස ඒක ඇතුලෙ.
ඒකෙ හිටියා එක එක වැර්දි කරල තියන අය එක එක හිරගෙවල් වලින් ආපු...
ඒ අය කියනව" ඇයි යන් නැතුව මේකට හිටියෙ..දැක්කනෙ ඕකොම අහුවෙන අය සති දෙකක හිරේ දානව.."
ඊට පස්සෙ ආය මෝසමක් දැම්මා හවස නඩු වාරයෙදි passport එක ගෙනාව කියල ආය කතාකරමු කිවා..මගෙ සාක්කුවෙ තිබ්බෙ..
Deleteකූඩුව ඇතුලෙ ඉද්දිනම් 99%ක්ම හිටියෙ බේරුමක් නෑ කියල.
ඒවරද කල අය හිටිය පොලිසියට හා ආණ්ඩුවට බැන බැන ඒවෙලේ නීතිය තද එකට.
මට ඇත්තටම ක්වුරුවත් එක්ක තරහවක් තිබුන්නෑ ඇල්ලුවට..🙏
ඒ වෙලේ ඇත්තටම අදිෂ්ථාන කලා මේ වරද මැරෙන් තුරා කරන්නෙත් ණෑ ඇනුබල දෙන්නෙත් නෑ..ආය එහෙම වාහනයක් අතට ගන්නෙවත් නෑ කියල....ඒක හිතින් කරපු දැරුණු අඩිෂ්ථානයක් ...
දෙවනි පාර කිවා ස්වාමිනි, වැර්දි කරු කියල..ඉස්සරල රට යාගන්න බැරිවෙයි කියල එහෙම ඇත්තම කිව.ེ
මන් ඒමාසෙ නැවත UK ඉදන් USA යන්න හිටියෙ රැකියාවෙ වැඩකට. මන් කවදාවත් මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ. .
මගෙ වාරය ආවයින් පසු නඩුකාරතුමා,,
"බීල වාහන එලෝල නේද..මගෙන් සමාවක් නෑ..
කවුරු හරි හැප්පිල මැරුනනම් තමන් වග කියනවද..
ඒපවුල් වලට වනදේ තමන්ට අවබෝධයක් ටියනවද කියල මහ හයියෙන් කියාගෙන ගියා.."😕😕😕
ඇහුව තමන් මොනවද කරන්නෙ..කිහොද වැඩකරන්නෙ..විස්තර..
මන් කිව ,
"මන් UK වල තමයි පදිංචිවෙලා ඉන්නෙ අපේ පවුලම..එක්තරා ආයතනයක ඉංජිනේරු කෙනෙක්..මන් මේ රැකියාව කරන්නෙ ස්වාමිනි. අපේ පවුලම එහාට ගත්තෙ ඒ ආයතනය..මට ආයතනයේ රාජකාරිවලට මෙහෙම එක එක රටවල් වලට වැඩවලට යන්න තියනව..මාව තමා ඒ techical වැඩවලට තෝරන් ඉන්නෙ....
මට ආය මේවරද කරන්නෑ ජීවිතේට කියල."
තව විස්තර කිව layersla..මගෙLawersla කියන අතරතුර අත උස්සල මැද්දට පැනල කිව..
මට ඒවෙලේ හිතේ තිබුනෙ ආයතයෙන් පවරපු රාජකාරිය කරගන්න බැරිවෙයි..කිහොමද ඒකට මුහුන දෙන්නෙ කියන එක.ඒක ලොකු වගකීමක්..
නඩුකාරතුමා,
"කිහෙද ලංකාවෙ campus ගියෙ..
ඉගෙනගන හොද රැකියවක් කරල රට ගිහින් මෙහෙ ඇවිල්ල බීල වාහන එලවනව..
තමුන් පිටරටවල වල මේ වැඩේ කරනවද කියල ඇහුව.."
මන් කිව "නෑ ස්වාමිනි.."
"ඒක තමා මේවගේ රටවල් වලට මෙහෙම වෙලාතියෙන්නෙ, තමුන්ලට ඒ රටවල ගිහින් නීති පිලිපදිනව..මෙහෙ ඒව ගනන් ගන්නෑ..ඊට පස්සෙ වැර්දි කරල අනිත් එවුන් බැනුම් අහනව ..කවුරු හරි හැප්පිලා මැරුනන්ම් ...කියල කියාගෙන ගියා.
ඒරටවල හොදට ඉදල මෙහෙ කරන්න පුලුවන් ඔක්කොම වැරදි කරනව.. ඊට පස්සෙ අල්ලපු අයට බයිනව රට හදන්න.."
ඒවචන ටික හා සිදුවීම ජීවිතේට අමතක වෙන්නෑ..
ඒ අතරෙ මගෙ passport එක ඉල්ලගෙන බලනව..
මේ අතරෙ මන් හිතාගත්ත ආය මියයන තුරා මේ වරද මගෙන් ආය වෙන්නෙ නෑ..කරන කෙනෙකුටවත් යාලුවෙකුටවත් ඒකට අනුවබල දෙන්නෙ නෑකියල..හිතින් හිතාගත්ත..
නඩුකාර තුමා passport එක බලන අතරෙ ,
"මේ මනුස්සයෙකුට ලේසියකින් යන්න අමාරු රටවල් ගානක business විසා දිල හැමතැනම යනව.කියල කියනව ..ඒවුනාට බීල වාහන එලෝනව.." ..මොකද මගෙ Europe, USA, ජපානය වගේ ඒවට visa දිග කාලයකට වැදිල තිබ්බා..
මගෙ සිද්දිය අරගෙන ටිකක් වෙලා දේශනයක් දීල ගන්න පුලුවන් උපරිම දඩ මුදල අරගෙන දඩ මාස 6 කට license එක උසාවියට ගත්ත..
අදටත් තව ඒක ගන්න හම්බුන් නෑ ගියපාර ලංකාවට ගිය වෙලේ ඒ කොලේ නැතිවෙලා..
ඒ නඩුකාරතුමා දුන්න තීන්දුව මන් අදටත් ආරක්ෂා කරනව.මැරෙන තුරු..දන්න කිසිකෙකෙකුට මේ වැඩේ කරන්න දෙන්නෑ🙏🙏🙏
. .. මෙහෙ එහෙම අහුවුනානම් අවුරුදු 3ක් විතර cancel .දරුණු අපරාධ යක් විදියට වාරතාවෙනව..ඔකොම ඉවරයි ..වීසාවලට පවා බලපානව..
Delete🙏ඒදායින් පස්සෙ කිසිම දවසක ඒ වරද වුනේ නෑ සහ වෙන්නෙතෙ නෑ..ඒක කරවන්නත් බෑ..හම්බුන කෙනෙකුට උනත් ඒක කරන්න දෙන්නෑ..ඒක තිබ්බ දැරුණු අදිෂ්ටානයක් ඒවෙලේ..🙏
ඒකයි මන් එදාබේරුනේ..අනිත් ඔක්කොම ඒ මාසෙ මුල අහුවුන හිරේ ගියා සති දෙකකට..
මොන ඇදුරුම් කම් තිබුනත්, contact තිබුනත් කවුරු හරි හැප්පිලා මැරුනොත් වැඩක් නෑ..අපේ ජීවිතේම ඉවරයි..
කට්ටිය කියයි..මෙහෙම කරන්න තිබ්බනෙ කියල..ඒව කතා විතරයි..ඒ අවස්ථාවවලට මුහුන දීල බලන්න ඕන හරියට..බේරුන අය ඇති ..දවස පැටලුනාම ආය ලෙහන්න බෑ..අදටත් ඒ සිද්දිය මතක්වෙද්දි ඇග හිරි වැටෙනව..
හිරගෙවල් වලට වඩා ලස්සන ලෝකයක් එලියෙ තියනව..
අද ඒක මන් විදිනව..
තමන් නීති ගරුකව ඉන්නකම් ඒක වලක්වන්න කාටවත් බෑ..
වැරදිකරල බේරිල පොරවල්වෙන්න නෙවෙයි, වැර්දිකරන්න බයවෙන්න ඔන.
කලානම් ආය නැවත නොකරන්න පාඩම් ඉගෙන ගන්න ඕන..
🙏එදා 25000ක් එක පාර දඩ ගහල එව්වනම් අර බය ඇතිකරවම් නැතුව ඒක වැඩිය ගානක් නෑ..🙏
හැබැයි ඒවෙලේ මාව අල්ලපු පොලිස් නිලධාරීතුමන්ලරවත්, ඒ මෙහොතෙවත් මගෙ හිතේ වයිරයක් තිබුනෙම නෑ..මොකද මගෙ වරදක් නිසා..
අදටත් ඒනඩුකාරතුමාට, ඒ lawyers හා ඒසම්භන්දව හිටපු පොලිස් නිලධාරීන් ට , උදව්කරපු අනිත්
යාලුවන්ට පිංදෙනව.
මෙත් වඩනව ඉදිරියේ ඊට වඩා වෙන්න ගිය විනාශයක් බේරුවට ..
🙏🙏🙏
මන් ඒ සිදුවීම ගත්තෙ ජීවිතයේ හොදපාඩමක් විදියට..
සමහරු නම් කියයි..අපෝ අපි කොච්චර අහුවෙලා බේරෙන්වද.
අරය අඩුරනව මෙයා අදුරනව..
ඒ ඇදුරුම තමා අපිට තියන හෙනේ අපිට නීතියෙන්, වරදවල් කරන්න පෙලබෙන්න...✅✅✅ බේරුන අය ඇති පස්සෙ කවුරුහරි පස්සෙ එල්ලිලා , ඔහුනුත් අමරුවෙ දාගෙන..ඔවුන්ටත් රාජකාරිය හරියට කරන එක වල කපල ඒ ඇදුරුම් කම් නිසාම...✅✅
ඕව මොනවද..මට කිවනම් ඕක් පොඩි call එකක් කියල...
මටත් ඒවෙලේ හොදට සිහිය තිබ්බ.. ඒ වැඩේ ඉවරවෙලත් පැය ගානක්..beer එකක් තමා බිවෙ..
හැබැයි තැබිලි ගෙඩියක් බීපු කෙනෙක් වැරදියට ඇවිල්ල මං හරියට ගිහින් ඔහු මාව හප්පල ඔහු මැරුනත් මං වැරදි..
මං බීල තියෙන්නෙ තැබිලි නෙවෙයි හංදා.....🙏🙏🙏
කවදාවත් එලියෙ ලසසන් ජීවිතයක් ගෙවන්න ඔන්නම්, නොදැනුවත්ව වත් කිසිම risk එකක් අරන් වරදක් කරන්න හිතන්න එපා අහුවුනත් නැතත්..වාහනයක් Drive කරද්දි පවා..අවසානෙ කවුරුත් නෑ..තමන් තනිවෙලා ලස්සන ජීවිතට විනාශවෙනව.. ඒවට වැරදි තමන්ම මිසක්,නීති නෙවෙයි..
මේරටවල නීති වැරදි කරපු අයට බේරෙන්න පුලුවන් නීති නෙවෙයි.. වැරදි කරන්න අය බයවෙන්න් නීති තියෙන්න ආය නොකරන්න ජීවිතේට ඒ වරද අහපු කෙනෙකුට පවා..හිරගෙවල් කියන්නෙ ආය කුසල් වඩන්න පුලුවන් ලෝක නෙවෙයි..වයිරය වපුරවමින් මැරෙන්න වෙන්නෙ තමන්ගෙ වැරදි නිසා..සතියක් හිරේ හියත් ජීවිතේ පස්ස්ට ගිහින්..
රටකට, රැකියාවකට ගියත් ඒව දැන් track වෙනව..ජීවිතයම විනාශ වෙන එකක්..මේක දැකල මේකෙ ඉන්න කවුරු හරි දෙයක් ගත්තනම් ඒකත් පිනක්...මේක ලිවෙත් මේ මට වෙච්ච අත්දැකීමක් වෙන කාට හරි වෙන විදියකට වෙන්න පුලුවන්..
සමහර ආයතනවල වැඩ කරද්දි සමහර අවශ්තාවල එක එක වැඩසටහන් තියනව..සමහරු ටිකක් බොනව ඒඅවස්තාව අනුව. සිහිය ටියනව.මෙහෙත් ටියනව ඕන එකක් බොන්න ඒ party වල..හැබයි වාහනයක් අතට ගන්න එපා කවදාවත් ගත්ත ප්රමාණය අදාල වෙන් නෑ..
රටක නීතිට විරුද්ධ නොවන කිසිදෙයක් නොකොරුබොත් ලස්ස්න ජීවිතයක් එලියෙ තියේවි..සමහරු පොරවල් වෙන්න සමාජයේ කරනවා..අවසානෙ ඔහුන් අරූ පොරකියල බලන් ඉන්නව..කරන කෙනා ආඩමබර වෙනව වටේ ඉන්න අය තමන් හදන්ද අතුඋස්සනව කියල..ඉටපස්සෙ වටේ ඉන්න අය යන්න යනව..තමන් අහුවෙලා විදවනව ..අවසානෙ කවුරුවත් නෑ.🙏
මේවටත් හිනාවෙලා යන පොරවල් හම්බෙයි..ඕන තැනක එහෙම පිරිසක් ඉන්නව...
මේක මන් දැම්මෙ මගෙ අත් දැකීම..
එදා රෑ බැලුවා. අපි දැනගෙන හිටිය මිල්ටන් මල්ලවාරච්චි චිත්රපටියේ පෙන්නන කෙනාට වඩා ගොඩක් බර චරිතයක්. ඔහු වාමාංශිකයෙක්. හරිහැටි අධ්යයනයක් නොකර එහෙන් මෙහෙන් ගැටගහගත්ත තිරරචනයක්. බාල දෙබස්. අඩුම වශයෙන් අපි ආදරය කරන ඒ සුන්දර කටහඬවත් ඒ ගීතවල තිබුණානම්..!!
ReplyDeleteමිල්ටන් වාමාංශික නෙවී, ඔහු ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයට සමීප දේශපාලන මතවාදයක හිටියේ හැත්ත ගණන්වල, නමුත් ඔහු ඍජු ලෙස දේශපාලනට සම්බන්ධ නොවී මැදමාවතේ වැඩ කල නිසා නලාකරුවෙක් නොවී හැමෝගෙම ගෞරවය හිමි වුණා.
Deleteමේක ඇත්ත ද මාතලන්?
ReplyDelete//
පුනරුද ආණ්ඩුව පත්වුණු අලුතම උතුරේ කොටි සැමරීම් තිබුණා.
ඒ කොටි සැමරීම්වලට විරුද්ධව මිනිස්සු කතා කළා. අන්තිමට ආණ්ඩුවේ නියෝග වලට පොලිසිය මොකද කරේ?
කොටි සැමරිම්වලට විරුද්ධව Facebook Post දාපු මිනිසුන් අත්අඩංගුවට ගත්තා.
මේ නඩුව ඇහුවේ එවකට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ..
ඔහු පොලිසියෙන් ඇහුවේ තහනම් සංවිධානයක් වන එල්ටීටීය සමරද්දි,
ඒකට විරුද්ධව කතා කරන මිනිස්සුන්ව අත්අඩංගුවට ගැනීමේ නීතිමය පදනම මොකක්ද කියලා !
ඊට පස්සේ ටික දවසෙන් එතුමාව කොළඹින් මාරු කළා.
අද ඔහුව රැකියාවෙනුත් ඉවත් කරලා.
වැදගත්ම දේ තිළිණ ගමගේ සිංහල බෞද්ධයෙක්. Born Again පූජකයෙක් නෙමෙයි.
Copied
//
☸️☸️"සෙංකඩගල පුර දළදා බුදුරැස් විහිදනතුරු නැහැ වරදින්නේ - සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළදා සමුඳුන්ගේ.☸️☸️☸️
ReplyDeleteඅනුර,
ReplyDeleteඔබට පෙර විධායක ජනාධිපති ධුරය මහින්ද දෙවතාවක්ම දැරුවා.
හැබැයි ඔහු කිසිම දවසක පලිගැනීම ඔහුගේ දේශපාලන බාව්තය කරගත්තෙ නෑ.
රෝහණ විජේවීරගෙ දරුවෝ පව්ලේ අය ආරක්ෂා කරලා දරුවන්ට යහපත් ජීවිතයක් ගතකරන්න හදලා දෙන්න දෙපාරක් හිතුවෙත් නෑ.
උතුරේ මානුෂිය මෙහෙයුම් අවසානයේ ප්රභාකරන්ගේ අම්මා තාත්තා ආරක්ෂිතව ගේන්න යැව්වේ තමන්ගෙ නංගීල දෙන්නව. යවලා කොළඹට ගෙනල්ලා ආරක්ෂා සහිතව වෛද්ය ප්රතිකාර ලබා දීලා ඒ අයට නිදහසේ ජීවිතය ගතකරන්න පහසුකම් දුන්නේ ඔහුගේ දේශපාලනය පළිගැනීම නොවන නිසා .
මහින්ද මානුෂිය මෙහෙයුම කලේ ඔහුගේ පව්ලේ අයට දෙයක් දිනාගන්න නෙවෙයි .මේ රටෙහි මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න ඒ කැපවිම කලේ .
ඒකෙදි මහින්දගෙ බිරිඳ දරුවෝ සහොදරයෝ හැමෝම ඒ වෙනුවෙන් කැපවුනේ ජිවිතය ගැන කිසිදු විස්වාසයක් නැතුව .
මහින්ද රාජපක්ෂ යුද්දයට නායකත්වය දුන්නේ පසුව ඔහුටත් ඔහුගේ පව්ලේ අයටත් මුහුණ දෙන්න වෙන අබියෝග නොදැන නොවේ.
LTTE ඩයස්පෝරාවෙන් යැපෙන්නන් මහින්දගෙනුත් ඔහුගේ පව්ලේ අයගෙනුත් පලිගැනීම කරන බව ඔහු නොදැන සිටියා නොවේ.
බලය කියන එක බොහොම තාවකාලික දෙයක් බලය ඇතත් නැතත් ජීවිතයට මුහුණ දෙන්න රාජපක්ෂලාට පුලුවන් කියල අමතක කරන්න එපා .
මහින්ද සිය අවසන් හුස්ම හෙලනන්නෙත් මේ මාතෘභූමිය වෙනුවෙන් .ඒක මේ වගේ තුට්ටු දෙකේ පලිගැනීම් වලින් යට කරන්න පුලුවන් වෙන්නේ නෑ .
හොඳින් මතක තියාගන්න බලය ඇතත් නැතත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි කියල"
ඒ 1998 අවුරුද්ද . අපි පේරාදෙණියට නවකයො. කැන්ටිමේ කෑම මේසෙ ජ්යෙෂ්ඨයෙක් අපිට සරසවිය ගැන දේශනයක් දීල පුනරීක්ෂණ ප්රශ්න අහනව.
ReplyDelete" හරි, කවුද දැන් අපේ මුල්ම උප කුලපති?"
අපේ බැචෙකුට ඇගිල්ල දික් වෙනවා. වෙන ලෝකෙක හිටිය මේ යකා ගොත ගහන්න පටන්ගන්නවා.
" හෙන්රි .....හෙන්රි ...."
අපේ ජ්යෙෂ්ඨයට තද වෙනවා.
" හෙන්රි , හෙන්රි කල්දේරද යකෝ?"
එතකොටම මාගාව හිටපු බැචීට බකස් ගාලා හිනා යනවා.
" මොකද, ඒ තමුන්ගෙ බාප්පද? ඈ බාප්පද?" තමාට කෝචොක් කරනවා කියල හිතපු ජ්යෙෂ්ඨයගෙ රතු ඉර පනිනවා.
" මගේ නෙවේ මෙයාගෙ". මෙන්න බොලේ මේකි මාව පෙන්නනවා.
ඊට දවස් කීපයකට පස්සෙ ජ්යෙෂ්ඨයා මගේ නම දැනගන්නවා.
කාටත් හොරෙන් මනුස්සය මට කතාකරනවා.
" අනේ මචං, අපේ ගමේ මියුසිකල් ෂෝ එකක් තියෙනවා. උඹගෙ බාප්පව ගෙනල්ල දීපංකො....."
ඒ හෙන්රි කල්දේරා පීක් එකේ හිටිය කාලෙ.
හෙන්රි කල්දේරා කියන්නෙ මගෙ බාප්ප නෙමේ කියන්න මම මාර සටනක් දුන්නා.
"උඹ ඉතිං මගෙ වැඩේට බාප්පව ගෙනත් දුන්නෙ නෑනෙ...." මිනිහ ඊට පස්සෙත් කීප වතාවක් කිව්වා.
හෙන්රි කල්දේරා කියන්නෙ ඇස් නොපෙනෙන ගොඩක් දෙනෙක් මැද්දෙ හිටිය, ඇස් පෙනිච්ච කලා ශිල්පියෙක්. එතුමගෙ ගීත බොහොමයක ගීත රචනය වගේම තනුවත්, සංගීතයත් එතුමගෙ.
විරහ ගීතයක තියෙන හද පාරවන, ශෝකීම වචන පෙළත් එතුමගෙ.
" සබේ කිසිවෙකු ඉබේවත් නෑ
ඇසක් මා වෙත යොමා බැලුවේ"
එතුමා මියගියේ අදට අවුරුදු විස්සකුත් දවසකට කලින්, 2006 ඔක්තෝම්බර් 11දා.
අහිංසක කලාකරුවන් සූරා නොකන, හැමදෙනාටම ගෞරවයෙන් සලකන රටක ඉපදේවා!
මාතා, මිල්ටන් මල්ලවාරච්චි චරිතාපදානය වගේ නිර්මාණය කරපු එදා රෑ චිත්රපටය සාපේක්ෂව මැද මාවතේ හොඳ කතාවක්, මේ කලාකාර චරිතාපදාන චිත්රපට රැල්ල ආරම්භ වූණේ ක්ලැරන්ස් රිදම් ඔෆ් ගිටාරයෙන් වූණාට ඒක නිකම්ම සින්දු ටිකක් දාපු සරල සෝප් ඔපෙරා කතාවක් විතරයි, ක්ලැරන්ස් විජේවර්ධන චරිතයේ සැබෑ ගැඹුර හෝ ඉතාමත්ම සරල පදමාලාවලින් ඔහු කී දේවල් ගැන හරියට නිරූපණය වුණේ නෑ, ඒත් මිල්ටන් චරිතය නිරූපණය කරන රොෂාන් රවින්ද්ර දක්ෂයෙක් නිසාම චිත්රපටය ලස්සනට මැදමාවතේ එකක් වෙලා වාණිජ චිත්රපට වුණාට.
ReplyDeleteඒ වගේම පුළුවන් නම් ගින්නෙන් උපන් සීතල, රාණි වගේ දේශපාලන චරිතාපදාන සිනමාවක් ලංකාවට ඕනේ, ලංකාවේ දේශපාලනය තුල එදා මෙදා තුර ඉතාමත්ම විශිෂ්ට චරිතය විදියට මම දකින්නේ මැදමුලන නාකි මෛනා හෙවත් මහින්ද රාජපක්ෂ උන්නැහේගේ චරිතය
මහින්ද නාමල් බලන්න වැලිකඩ යන එකට ඊයේ පෙරේදා ඇගෙන් එලියට ආපු මොංගල් ඇච්චො බැච්චො ටිකක් විහිලු කරලා තිබ්බා, මමත් තාම අවුරුදු විසි හතක පොරක්, ඒත් මම ලංකාවේ සැබෑ ඉතිහාසය හදාරලා තියෙනවා
මහින්ද කියන්නේ උඹලගේ හීන ලෝකේ ඉන්න දෙකයි පණහේ ලපයි සිපයි වීරයො වගේ නෙමේ බන් රියල් චරිතයක්.
සාම කාලේ මඩූ පල්ලියේ උත්සවේට ආරාධනා ලැබිලා කොටි පාලන ප්රදේශය නිසා හමුදාවට යන්න බෑ කොටි ආරක්ෂාව දෙන්නම් කිව්වාම,
"මම ඊළඟ අවුරුද්දේ උත්සවේට එන්නම්, මෙහෙන් කොටි පන්නලා හමුදා ආරක්ෂාව එක්කම" කියපු, සහ කියපු විදියටම ඒක කරල පෙන්නපු රියල් පොරක්
මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ල ඇවිල්ලා යුද්දෙ නවත්තන්න කිව්වම අපි තාමත් උඹලගෙ යටත් විජිතයක් නෙමෙයි කියල උන්ගේ මූණු රතුවෙන්න මූණටම කිව්ව පොරක්.
කුපිත වුනු මිලිබෑන්ඩ් කුෂ්නර් ජෝඩුව "අපි ඔබතුමාගේ මිතුරන්" කිව්වම "මම මිතුරන් සතුරන් හොඳට අඳුනනවා" කිව්ව නාහෙට නාහන ඩයල් එකක්.
ඉන්දියාවට ගිහිල්ලා මන්මෝහන් බැලන්ස් කරලා පාකිස්ථානෙට ගිහින් යුද ආධාර ගත්තු පොරක්.
පලස්තීනයට ගිහිල්ලා එහෙට උදව් කරල තමන්ගෙ නමින් පාරත් විවෘත කරලා, ඊට පස්සේ ඊශ්රායලයට ගිහින් නෙතන්යාහු එක්ක හිනාවෙලා ටෝක් කරපු මිනිහෙක්.
යුධ අපරාධ කරලා චාල්ස් කුමාරයා එනකොට අත අත දෙන්න පුලුවන්ද කියල බටහිර මීඩියාකාරයො ඇහුවම,
"මම අතට අත දෙන්නෑ මම ආයුබෝවන් කියල ආචාර කරන්නේ ඒකයි අපේ ක්රමය" කියල චාල්ස් ලොක්කා ආවම ආයුබෝවන් කියල පොරටත් ඒක පුරුදු කරපු මිනිහෙක්.
ලෝකේ භයානකම ත්රස්තවාදියාට නන්දිකඩාල් කලපුවේ අමුඩ ගස්සවපු රියල් චන්ඩියෙක්. ඒ කරෙත් සරත් ෆොන්සේකා වගේ කුකුල් කේන්තිකාර පොරවල් ආමි එකේ තියාගෙන, නේවි එක එයාෆෝස් එක බැලන්ස් කරගෙන හැමෝගෙම සහයෝගය ඇතිව
ලෝකේ මීලඟ බලවතා චීනය බව කලින්ම දැකලා ෂී ජින්පින් එක්ක කලින්ම ෆිට්වෙලා පොරව ලංකාවටත් ගෙන්නලා රටට සෑහෙන උදව් ගත්ත මිනිහෙක්. ණය නෙවෙයි ණය වලට අමතරව චීනය නොමිලේ ලංකාවට දීපු පරිත්යාග ගැන කවුරුත් කියන්නේ නෑ ඒ කාලේ ඩොලර් බිලියනයක් වත් ඇති
ඇත්තටම පොර ජනාධිපතිකම හින්ද බැබලෙන්නේ නැතුව ජනාධිපති කියන තනතුරට තමන් හින්ද ගෞරවය අරන් දීපු මිනිස්සු ඒ කාලේ රජෙක් විදියට සලකපු පොරක්.
පොරගේ වැරදි ඇති. ලංකාවෙ දේශපාලනය කියන්නේ මල් යහනාවක් නෙමේ. ඕනවට වඩා සරල වෙන්න ගියොත් මේකෙ උන් කරේ නැගලා ගහන්න එනවා. ගෝඨාට වුනේ ඒක.
ඒ නිසා වැරදි වලට වඩා රටටත් ජනතාවටත් දැවැන්ත සේවයක් කරපු මිනිහෙක්. දැන් ඉන්න කයිවාරු කාරයො වගේ රටට ජාතියට වරදක් මහින්ද කරල නෑ.
සරලවම කිව්වොත් රටේ මිනිස්සුන්ට අභයදානය දීපු නායකයා. ඒක මිල කරන්න බැරි දෙයක්. ජීවිතය තරම් වටින දෙයක් තියනවද?
බෝම්බ පුපුරන කොළඹ, කොටි පනින මායිම් ගම්මානවල, යුද්දෙ කාලෙ කරක් ගහලා මගේ අත්දැකීමෙන් ඒක මම දන්නවා.
ධනපති ඉහළ පන්තියයි, ග්රාමීය පහළ මැද පන්තියයි හිටපු රටේ ආර්ථික ප්රසාරණය කරල මැද පන්තියක් හැදුවේ මහින්ද.
අද මහින්දට සාප කරන ගොඩක් උන් ඔය ග්රාමීයව ඉදලා මැද පන්තියට පැනගත්තු උන්. 2005 ට කලින් උඹලගෙ ගම් තිබ්බ විදිහ පවුල් ජීවත් වෙච්ච විදිහ වයසක මිනිස්සුන්ගෙන් අහල බලපල්ලා.
ඒ නිසා මහින්දට උඹල එක්ක තරහක් නෑ. මේ රටේ ඉන්න දේශපාලඥයො එක්ක තරඟයක් නෑ.
තඹුත්තේගම රංබණ්ඩාගෙ කොල්ලල එක්ක තරගයක් නෑ. ඔය කොල්ලන්ගේ ජීවිත බේරගන්න 88 89 ජිනීවා ගියේ මහින්ද.
මහින්ද ඉන්නේ වෙනම ලෙවල් එකක. දුටුගැමුණු, පරාක්රමබාහු, සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය වගේ රජවරු එක්ක එක ලෙවල් එකේ තියන්න පුලුවන් ලංකාවේ බිහිවුන එකම ජනාධිපති.
මුවමර් ගඩාෆිලා, හියුගෝ චාවේස්ලා, අල් කමේනිලා එක්ක බටහිර ලෝකයට අභියෝගයක් උන මිනිහෙක්.
බටහිර බලවත්තු පරගල තක්කඩි ටික ෆෝම් කරලා ට්රයි කරත් මරන්න බැරිවුනු මිනිහෙක්.
ඒ සෙට් එකෙන් තාමත් ජීවත් වෙලා ඉන්නේ මහින්ද විතරයි.
දැන් අවුරුදු 81 ක්. රෝන් ජෙනරේසම මැරියන් කියලා සාප කරද්දී මහින්ද පරම ආයුෂ විඳලා ඉවරයි.
කවද හරි මහින්ද මේ ලෝකයෙන් ජීවිතයෙන් සමුගෙන යයි. හැබැයි ඉතිහාසය මෑන්ව තියන්න ඕන තැන තියයි. මහාවංශයේ පරිච්ඡේදයක් වෙන් වෙයි. මේක තමයි බං ඇත්ත කතාව මාතලන් මේ ගැනත් පෝස්ට් එකක් දාහන්...
Well said. In addition, I would like to emphasise that every person deserves a fair trial, and that includes the Rajapaksas. There have been numerous allegations, but allegations alone are not enough solid evidence is essential to establish guilt.
DeleteThe Rajapaksas played a significant role in ending the 30-year-long war against the LTTE and bringing peace to our island nation.
However, that decision also created powerful enemies, both locally and internationally. Some believe that certain European countries have continued to pursue their own interests in Sri Lanka including religious and political agendas.
Similarly some members of the Tamil diaspora may have a vested interest in keeping the conflict alive for political or personal gain including immigration opportunities.
The current government appears weak and lacks credibility in its words and actions. This raises concerns about whether external forces are influencing its decisions to advance their own agendas at Sri Lanka's expense.
As ordinary citizens, we should never forget the difficult decisions that led to the end of the LTTE's armed campaign. For that, many Sri Lankans will always be grateful to Mahinda Rajapaksa.
Whatever other criticisms may exist, the end of a 30-year-long war was a turning point in our nation's history.
Today, European countries are experiencing conflicts, protests, and unrest of their own. Perhaps these developments will make them understand the suffering that countries like Sri Lanka endured and the consequences of prolonged conflict. One day, they may understand why ending the LTTE's armed campaign was considered necessary by so many Sri Lankans.
May the Triple Gem bless Mahinda Rajapaksha!!!
@ Asha,
DeleteMahinda Rajapaksa was the leader who brought an end to the war in Sri Lanka, despite the enormous challenges he faced at the time. For many people, his leadership remains associated with the hope of a peaceful and safer country.
Today, although allegations of corruption and other concerns remain, I believe the current government is using investigations and prosecutions involving previous leaders to keep public attention focused on the past rather than on the challenges facing the country today.
However, no political drama lasts forever. Eventually, people will judge those in power by their actions, accountability, transparency, and the real changes they bring to the country.
Time will tell, and the people will have the final say ♥️ 🇱🇰
මේ එදාරෑ ෂෝ එකේ මගේ ආසම shot එක කුඩේ යට වර්ණවත් පරිසරය මැද කපල් එක low wide angle shot එක 😍
ReplyDeleteදෙදෙනා එකම කුඩයක් යට ඉඳගෙන කල් කිරි එකක් බෙදාගන්නා ඒ දර්ශනය රොමෑන්ටික් වුණත්, ඇත්තටම ඒ තුළ පවතින්නේ එදා වගේම අද කාලේත් බොහෝ තරුණ යුවළවල ජීවිතයේ ගැඹුරින්ම සැඟවුණු ගැටුමක්. "ආදරය" කියන වචනය යටින් සැඟවෙන්නේ බොහෝ විට බලයේ සහ සිහින කැපකිරීමේ ප්රශ්නයක්.
මට මතකයි Alain Badiou ඔහුගේ ‘In Praise of Love’ කෘතියේ සඳහන් කරන්නේ ආදරයක් ආරම්භ වෙන්නේ "The One" “ අපි දෙන්නා එක්කෙනෙක්”කියන අදහසින් නොවෙයි — "The Two" “ අපි දෙන්නෙක්” කියන අදහසින්.
ආදරය කියන්නේ තමන්ගේම අඩුව පුරවන්න "Better half" එක සොයාගැනීමක් නෙවෙයි කියල. ආදරය "තමන්" කියන එකඟතාවයෙන් මිදීලා , තමන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ "අනෙකාගේ" ලෝකයට, ඇගේ/ඔහුගේ හීනවලට සහ වෙනස්කම්වලට තමන්ගේ ආත්මය තුළ ඉඩක් ලබාදීමේ අවදානම් සහගත ප්රවේශය ("Two-scene construction").
එම ග්රන්ථයේ ප්රධාන චරිතය වන තරුණයා තමන්ගේ postgraduate සිහිනය ( තව අවුරුදු හතරක් බලන් ඉන්න වෙනවා) දිගටම කරගෙන යද්දී තරුණියගේ career සිහිනය "temporary suspend" කරන්න කියලා යෝජනා කරන එක ආදරයේ නෙවෙයි ඒක "The Two" එක නැවත "The One" (එනම් තරුණයාගේ ගමන) බවට හැරවීමක්.
ඇත්තම ආදරයක් නම් ඇගේ හීනයටත් ( වෘතීය ගමන) ඉඩක් තියෙන්න ඕන, එකෙක්ගේ පමණක් project එකට අනෙකා adjust වෙන එකක් නෙවෙයි.
Simone de Beauvoir ගේ "One is not born, but rather becomes, a woman" යන ප්රසිද්ධ ප්රකාශය මෙතැනට ඉතාම අදාළයි. සමාජය විසින් "හොඳ කාන්තාව" කියලා දරුවන් හදන, ගෙදර දොර රකින, කැපකිරීම් කරන බිරිඳක් සහ අම්මා කෙනෙක්ය යන සංකේතීය අච්චුව (Social construct) නිර්මාණය කර තිබෙනවා.
ඇත්තටම free choice එකක් වෙන්නේ ඇගේ career එකට තරුණයාගේ පවුලෙන් equal ලෙස ඉඩක් ලැබෙනවා නම් විතරයි.
ශ්රී ලංකාවේ වෛද්ය වෘත්තියේම පවතින structural pattern එකක් වෛද්ය ශිෂ්ය සංඛ්යාවෙන් තුනෙන් දෙකක් පමණ දැනටමත් කාන්තාවෝ. ඒත් consultant මට්ටමට එනකොට, 2020 අධ්යයනයකට අනුව ශ්රී ලංකාවේ ප්රසව හා නාරි විද්යා විශේෂඥ වරුන්ගෙන් 94%ක්ම පිරිමි වසර 20ක් ඇතුළත කාන්තා සහභාගීත්වය සුළු වශයෙන් හෝ ඉහළ ගොස් නැහැ
ඒ කියන්නේ ඇතුල් වෙන කවුරුත් සමානව හැකියාවෙන් ඉන්නවා, ඒත් "career එකට කැපවෙන්න පුළුවන් අය" කියලා structure එක select කරන්නේ බොහෝ විට පිරිමින්ව මොකද ගෘහස්ථ බර කාන්තාවන් වෙතම නැවතී තියෙන නිසා වෙන්නත් පුලුවන්
ප්රශ්නයේ මුල "දෙන්නගෙන් කවුරු කැප වෙන්නද" කියන binary එකේම තියෙනවා. ඇත්තටම ප්රශ්නය විය යුත්තේ "අපේ දෙන්නගේම සිහින දෙකම ඉටු වෙන්න පුළුවන් structure එකක් හදාගන්නේ කොහොමද" කියන එකයි
ආදරය පවතිින්නේ එක් අයෙකුගේ හීන තවත් අයෙකුගේ හීන වෙනුවෙන් සම්පූර්ණයෙන්ම බිලිදීම තුළ නෙවෙයි. Badiou කියනවා වගේ, දෙදෙනාගේම වෙනස් හීන එකට පවත්වාගෙන යාමට හැකි නව ලෝකයක් දෙදෙනා එක්ව නිර්මාණය කරගැනීම තුළයි. පවුල් සංස්ථාව යනු එක් අයෙකුගේ පියාපත් කපා දමා තනන කැදැල්ලක් නොව, දෙදෙනාටම තමන්ගේ අහස සොයායාමට ඉඩදෙන සහයෝගීතාවයේ බිම්කඩක් විය යුතුයි නැත්තම් ලෝයර් යාලුවන්ට සිවිල් නඩු වැඩිවෙයි අපරාධ නඩුත් වැඩි වෙයි.
පලි. Comment දැකලා මේක අලවන්නේ මට අනුව මේ mamas boy වත් red flag වත් නෙවෙයි බහුතර පුරුෂ මූලික සමාජ ලක්ෂණ
එදා රෑ සිනමා නිර්මාණය බලන්න තරම් මේ දවස්වල ලංකාවේ ජනතාවට නිදහසක් නෑ එක පැත්තකින් ආර්ථික ප්රශ්න අනීත් පැත්තෙන් ආණ්ඩුව කරන අමු සක්කිලි තුප්පහි අමන වැඩ එක්ක ඒවට එරෙහිව ගේම ඉල්ලන සංඝ පාතාලේ, හැබැයි ඔය ලංකාවේ සමහරක් මෝඩ කෙල්ලන්ගේ බොරු පොස් සීන් දකිනකොට මට මතක් වෙනව ලංකාවේ දැනට ජීවත්ව සිටින ජ්යෙෂ්ඨතම රංගනවේදිනිය කලාකාරිය ලෙස මම දන්නා අයිරාංගනී සේරසිංහ මහත්මිය ඉතාමත්ම විශිෂ්ට ලෙස හොඳට ඉංග්රීසි පුලුවන් එත් කවදාක්වත් සිංග්ලිශ් කතා කරන්නේ නෑ...
ReplyDeleteසිංහල නොවන කෝපිකඩේ ගජං රොඩ්නි ෆ්රේසර් කවදාවත් සිංග්ලිශ් කතා කරන්නේ නෑ හොඳ ඉංග්රීසි තියන නලුවන් ගත්තොත් ගාමිනි ටෝනි තිස්ස අබේසේකර කමල් අද්දරාඅරච්චි රවින්ද්ර රංදෙනිය කිසිම දවසක සිංහල බැරි විදිහට කතා කරලත් නෑ සිංග්ලිෂ් කතා කරලත් නෑ ඒ වගේම ලංකාවේ ඉංග්රීසිය චතුර ලෙස කතාකරන දක්ෂතම සංගීතවේදී ගානවේදී පණ්ඩිත් අමරදේව එම් එස්, සීටී, ලතා ඇන්ජලීන් වගේ අය හොඳට සිංහල භාෂාව මවු බස විදියට කතා කළා, කොටින්ම සිංග්ලිෂ් වලින් ආතල් බයිලා ගයපු පිටරට නිතරම වාසයකල ඩෙස්මන්ඩ් ද සිල්වාත් කතා කරන වෙලාවට ඉතාමත්ම චතුර ලෙස සිංහල භාෂාව යොදාගෙන ලස්සනට කතා කලා. දැන් හැදෙන උන්ට සිංහලත් බෑ ඉංග්රීසියෙන් කතා කරන්නත් බෑ නේද?
@ Ano
ReplyDeleteයුද්දේ ඉවර කරේ කවුද කියලා මාරාගන්නවට වඩා ltte ඩයස්පෝරාව වැඩිපුරම තරහ කාත් එක්කද , ltte හිතවාදි රටවල් සම්බාධක දාල තියෙන්නේ මොන නිලධාරීන්ටද අන්න එයලා තමයි යුද්දේ ඉවර කරේ,සහ වැඩ්ඩෝ. පලවෙනු ලිස්ට් එකේ ඉන්නේ රජපක්ශලා,දෙවැනි එකේ හිටපු ගුවන් හමුදාපති ,නාවික හමුදාපති, අනදෙන නිලදාරී කමල් ගුනරත්න,ශවේන්ද්ර සිල්වා. ඔය දෙකෙන් එකකවත් ෆොන්සේකා නෑ. යුද්දේ දිනුවේ කවුරු නිසාද කියලා අපි දන් නැති උනාට පැරදුනේ කවුරු නිසාද කියල උන් දන්නවා. මේ සරල දේවත් තෙරුම් ගන්න බැරි අමු මැටි පොල් බූරුවොත් ඉන්න්වා. ඩෝබි මීහරක්ටම ගැලපෙන රට හරක් 😅🤣😂
මගේ තාත්තගෙ කකුල බිම්බෝම්බයකට අහුවෙලා කකුල කපලා ඉන්නෙ, 2009.01.22 මුලතිව් වලදි ,,මං ඉපදෙනකොට තාත්තාගේ කකුල තිබුණෙ නැ,,අද සමාජයට එයාලව අමතකයි ,,ඒත් අම්මයි මමයි තාත්තාට පණ වගේ ආදරෙයි ,,එයාට තරහා යනවා වෙලාවකට,කකුල කැක්කුමයි කියලා ,,ඇට කටුව ඇදුම් කනවලු ,අපි ඒ වෙලාවට කකුල මසාජ් කරනවා,වයසට යන්න යන්න එයා හිතින් වේදනාව විදිනවා ,,,පඩියක් හම්බුනාට ආයෙ කකුල හම්බවෙන්නෙ නෑ,,කොහොම වුනත් එයා අපේ වීරයා,,,,❤❤❤❤❤❤❤❤❤❤
Deleteමාතා කාවන්තිස්ස ඇතා නිරපරාදේ මරා ගත්තා, තුවක්කු වලින් කොහොමද අලින්ගෙන් බේරෙන්නේ?
ReplyDeleteරජයේ තුවක්කු හෝ දේශපාලන තුවක්කු කෙසේ වෙතත්. තඹුත්තේගම මී හරකා අලි දැක නැත, එය ඉතාමත් වැදගත්, රටක පාලනය බාර ගන්න මිනිහා පොළොවෙ පය ගහපු මිනිහෙක් වීම ඉතාම වැදගත්. බිංකුණ්ඩගෙ පුකා කිය කිය හිටියට වැඩක් නෑ, ගොයම් ගහක් අල්ලපු නැති කොළඹට වෙලා නිකං කාපු බොරු කියන මැෂිමක්... රටක flora ශාක fauna සත්ත්ව ගැන තැකීමක් නැති එකෙක් ගැන මොන කතාද...?