tag:blogger.com,1999:blog-6408302481691521967.post1970509999435937086..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ආන්ඩුවට උතුර දකුණ පැටලුන නැගෙනහිර ජැටියමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6408302481691521967.post-12472940296614346542021-01-31T19:04:12.716-08:002021-01-31T19:04:12.716-08:00වරාය ගෑනත් ඔය බුවා ගෑනත් දෑනගන්න වරාය පාවිච්චි කරන...වරාය ගෑනත් ඔය බුවා ගෑනත් දෑනගන්න වරාය පාවිච්චි කරන අයගෙන් අහන්න. මමත් එහෙම කෙනෙක්. උගෙ වෑරෑද්ද ඌ ඈත්ත ඈතිහෑටියට කියන එකයි. ඔය උඩින් තියෙන එක ලියපු එකාත් වරායෙ නිකන් ඉඳන් පඩ් ගන්න බුවෙක්. ඒ වගෙ උන්ට අරූ පෙන්නන්න බෑ...ඌ කියන්නෙ මොකද්ද කියලා උඩ තියෙන වෑඩ සටහනෙන් පෙනෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13465962290572019632021-01-28T19:36:24.745-08:002021-01-28T19:36:24.745-08:00https://www.youtube.com/watch?v=gA2aGQ8StgY&t=...https://www.youtube.com/watch?v=gA2aGQ8StgY&t=6682sAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1997078915878876652021-01-24T19:02:52.814-08:002021-01-24T19:02:52.814-08:00ඌ මොකද දැන් කියන්නේ....ඌ මොකද දැන් කියන්නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8795709487647887422021-01-24T19:01:14.433-08:002021-01-24T19:01:14.433-08:00ළිං මැඩි තර්ක
ළිං මැඩි තර්ක
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59507613752676559142021-01-24T19:00:36.828-08:002021-01-24T19:00:36.828-08:00ටිපිකල් වාමාංශික මතය....ටිපිකල් වාමාංශික මතය....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81437609752019107722021-01-24T18:59:45.844-08:002021-01-24T18:59:45.844-08:00අනිවාර්යයෙන්.... සේවකයෝ පාලනය කරන බිස්නස් ලෝකයේ නෑ...අනිවාර්යයෙන්.... සේවකයෝ පාලනය කරන බිස්නස් ලෝකයේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28762093571195670202021-01-24T18:57:48.951-08:002021-01-24T18:57:48.951-08:00වරාය ගැන රජය ගන්නා තීරණය අනුව රටේ මෙන්ම රාජපක්ෂලාග...වරාය ගැන රජය ගන්නා තීරණය අනුව රටේ මෙන්ම රාජපක්ෂලාගේ අනාගතය තීරණය වේවී...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28100050772803051272021-01-24T18:55:53.185-08:002021-01-24T18:55:53.185-08:00ඊට පස්සේ ගෙන්නන්නේ එයාලගෙ ට්‍රන්ක් පෙට්ටිදඊට පස්සේ ගෙන්නන්නේ එයාලගෙ ට්‍රන්ක් පෙට්ටිදමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13381511089888105092021-01-24T18:54:59.305-08:002021-01-24T18:54:59.305-08:00එහෙනම් අවුලක් නෑ නේ බාප්පේ...එහෙනම් අවුලක් නෑ නේ බාප්පේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3545618633063525842021-01-24T18:54:25.719-08:002021-01-24T18:54:25.719-08:00නවයුගය පත්තරේ ඊට සාක්කී....නවයුගය පත්තරේ ඊට සාක්කී....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89058664117845530182021-01-24T18:53:39.555-08:002021-01-24T18:53:39.555-08:00ඒකත් ඇත්ත... එයාව ළඟදිම එලියට දායි... ඌ වෙඩි තියලා...ඒකත් ඇත්ත... එයාව ළඟදිම එලියට දායි... ඌ වෙඩි තියලා නෑ කියලා නඩුවෙත් ඔප්පු උනා නේ... රන්ජන්ලා ශානිලා පද්මිනීල එක්කහු වෙලා ගහපු ගේමක් නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65037350884339847202021-01-24T18:52:04.017-08:002021-01-24T18:52:04.017-08:00බිස්නස් වලදි කුල මල හොයන්නේ ගෝත්‍රිකයෝ... බිස්නස් ...බිස්නස් වලදි කුල මල හොයන්නේ ගෝත්‍රිකයෝ... බිස්නස් කාරයෝ ඔක්කොම අවසානේදි එක පොකුරේ ඉන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13943094286560928002021-01-24T18:50:28.172-08:002021-01-24T18:50:28.172-08:00අපි නේ එහෙම හිතන්නේ... ඉන්දියාවයි චීනයි අගේට බිස්න...අපි නේ එහෙම හිතන්නේ... ඉන්දියාවයි චීනයි අගේට බිස්නස් කරනවා

https://www.bloombergquint.com/economy-finance/six-things-to-know-about-india-china-economic-relationsමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20438201442592743252021-01-23T06:27:21.063-08:002021-01-23T06:27:21.063-08:00වරාය කේස් එක ගැන දෙරණ අළුත් පාර්ලිමේන්තු වැඩ සටහන්...වරාය කේස් එක ගැන දෙරණ අළුත් පාර්ලිමේන්තු වැඩ සටහන් බලන්න කියලා ගත්තා... හැමිනේෂන්... කතාව පටන් ගද්දිම මෙන්න ඉන්නවා දන්න කියන බුවෙක් මුල් පුටුවක් අරා...

කතාව බලන්න ඉතුරු කාලය නාස්ති කරන එක මං නැවැත්තුවා... සතාව දන්න හින්දම...
සරත් ප්‍රේමචන්ද්‍ර... එහෙමත් නැත්තං සිංහල බ්ලොග්කරුවන් හොඳින් දන්නා නාමය "ජයියා"

බුවා 2015 ආණ්ඩු පෙරළියට කලියෙන් කොහේ හෝ රටක ඉදගෙන සිංහල බ්ලොග් එකක් ලියන ගමන් පට්ට සුදු චරිතයක් මවාපෙන්නලා මහින්ද රජය කාලයේ වරාය විනාස කරලාය... තමන් ඊට කලින් වරායේ ඉහල පුුටුවක ඉන්න කාලේ වරාය රැක ගන්න දුන්න ගේම් සහ පොරට වඩා මැනේජ්මන්ට් දන්න එකෙක් මේ සක්වල ගලේ තවත් නැතය වගේ අස්ප ටෝක් දිදී මහින්දව පතුරු ඇර ඇර හිටිය හාදයෙක්...

අන්තිමට මෙන්න ආණ්ඩුව පෙරළුනා විතරයි දුවං ඇවිත් අර්ජුන යටතේ වරායේ ආයෙම පට්ටම හදාගත්තා... ඒ එක්කම අර කලින් ලියාපු බ්ලොග් එක එහෙම දැන් හොයාගන්නත් නැහැ...

එයින් පස්සේ පහුගිය කාලේ දර්ශන හදුන්ගොඩද කවුද මංදා අර යූටියුබ් චැනල් එකක් කරන හාදයෙක් මිනිහා ගැන පතුරු ඇරලා වැඩ සටහනක් හෙමත් කරලා තිබුනා මතකයි...

කොහොම නමුත් අද වරායේ තියෙන ප්‍රශ්න ගොඩකට මුල් උන දූෂිත අර්ජුන රණතුංග ඇමති කාලේ... අර්ජුනට යටින් ඉදන් ගේම ගැහුව එවුන්ගෙන් උඩම හිටිය එකෙක් මේ...

ඇත්තටම මං හිතං හිටියේ ආණ්ඩු මාරුව එක්ක මුං දිරා මාරු වෙලාය කියලා... ඒ වගේම මට මිනිහා ගැන හොයන වෙලාවක අපේ හිතවතෙක් වැරදි තොරතුරක් දීලා තිබුනා දැන් මිනිහා වරායේ නෙවෙයි ලාෆ්ස් එකේද කොහෙද කියලා... මං එයින් එහාට මේක පැන්නුවේ නැහැ...

තවත් ඉතිං මෙයින් එහාට ඔය වරාය කේස් එක ගැන හොය හොයා නහින්න දෙයක් නැහැ... ඕඩර් කරලා තිබුන දොඹකර ටික කැන්සල් කරලා වරාය අවුල හදපු ලිස්ට් එක අරං බැළුවොත් මේකා ඇති ඒකේ මුලටම...

තාමත් අපි යන්නේ මුංව ඒ ඒ තනතුරුවලම තියාගෙනනං හිතවතුනි... එයිට වඩා හොදා බටර් රාත්තල් කීපයක් හොයාගෙන ගෝඨටයි මහින්දටයි එයින් රාත්තල් බාගය බැගින් බෙදලා දීලා... අපිත් රාත්තලක් විතර ගාගෙන දෙකට නැවිලා ඉන්නවා... එයින් එහාට කියන්න දෙයක් නැහැ... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78021966065716885482021-01-22T19:59:34.462-08:002021-01-22T19:59:34.462-08:00ඊළඟට මේ පඬිවරු කියන තවත් කතාවක් තමයි ඉන්දියාව තරහ ...ඊළඟට මේ පඬිවරු කියන තවත් කතාවක් තමයි ඉන්දියාව තරහ උනොත් උන් ගැඹුරු වරායවල් හදලා කොළඹ වට්ටවාවි කියන එක.. එහෙම පුළුවන් නම් මෙච්චර කල් නොකර ඉදීවි.. ඔය ලොකු නැව් එන්න කලින් ඉන්දියාවෙ තිබුනා අපේ කොළඹ පැරණි වරායට සමාන ගැඹුර තියෙන වරායවල් ඕනැ තරම්.. නමුත් කවදාවත් කොළඹ පරයා යන්න ඒ කිසිම ඉන්දීය වරායකට හැකි උනේ නෑ.. මේ කලාපයේ ට්‍රාන්සිට් වලින් 30%ක් අපි කරන කොට ඉන්දියාවට පුළුවන් උනේ 4%යි උපරිමෙන්ම කරන්න.. ඒක තමයි නැව් මාර්ගයේ පිහිටීම අනුව අපේ විශේෂත්වය.. ලෝක ගෝලය වෙනස් කරන්න නරේන්ද්‍ර මෝදිලාට බෑ..

මේ කලාපයේ ට්‍රාන්සිට් වලින් අපියි ඉන්දියාවයි දෙකම කරන්නෙ තවම 35%කට අඩු ප්‍රමාණයක්.. ඉතුරු 65% සිංගප්පූරුව මැලේසියාව සහ මැද පෙරදිග වරායවල් වලින් දැනුත් වෙන්නෙ.. ඒකට හේතුව අපේ වරායවල ඉඩ නැතිකම.. ඒ නිසා ඉන්දියාව එකට වරායවල් 5ක් හැදුවත් මේ කලාපයට ප්‍රමාණවත් නෑ..

අපේ වරාය අධිකාරිය කියන්නෙ මේ කලාපයේ ඕනැ කෙරුමෙක් එක්ක කරට කර මෙහෙයුම් කරන්න පුළුවන් ව්‍යවසායකයෙක් කියන එක පෙන්නන්න දෙයක් නෙවෙයි පෙන්නලා ඔප්පු කරපු දෙයක්.. ඒකට ඕනැ අර ප්‍රියාත් වික්‍රමලා වගේ නිර්මාණශීලී දක්ෂයො මිසක් දැන් ඒ පුටුවල ඉදං තමන්ගෙ ආයතනයටම වින කරන කාලකණ්නි හොරු නෙවෙයි.. අපි ගෝඨාභය ජනාධිපතිගෙන් බලාපොරොත්තු උනේ වැඩ කරන්න පුළුවන් මිනිස්සුන් ගෙන් වැඩ කර ගන්න පාලනයක් මිස හොරු තක්කඩි හුරතල් කර කර රටට පශ්චත්භාගය පෙන්වන මේ වගේ නිවට පාලනයක් නොවේ..

මේ ආණ්ඩුවේ නියම ස්වරූපය පෙන්වන කැඩපතක් බවට මහින්ද රාජපක්ෂලාම ගොඩ නැගූ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය නම් ජාතික සම්පතම පත්වීම දෛවයේ අපූරු සරදමක් නොවේද..

මේ සටහන ඉවර කරන්න කලින් දැණුමට හොයලා බලන්න වටින ඉඟි දෙක තුනක් දීලම නවත්තන්නම්..

1. අප්‍රිකාව කියන්නෙ ලෝකයේ වේගයෙන් ගොඩ නැගෙන වෙළඳ පොලක්.. ඒ වෙත යන එන නෞකා ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ යමින් තියෙන්නෙ.. මේ අප්‍රිකා - ආසියා නැව් මාර්ගය ආසියා - යුරෝප නැව් මාර්ගයට සම්බන්ධ වෙන ලාබදායීම හුවමාරු මධ්‍යස්ථානය වෙන්නෙ අපේ මේ ශ්‍රී ලංකාව..

2. ඉන්දියාවෙ භූ ගෝලීය පිහිටීම ලංකාව හරහා දෙකට බෙදිලයි තියෙන්නෙ.. ඒ නැගෙනහිර කලාපය සහ බටහිර කලාපය ලෙස.. ඉතින් ඔය නැගෙනහිරටයි බටහිරටයි දෙපැත්තටම යන කන්ටේනර් පටවන් එන අර තඩි නැවකට එන්න පුළුවන් ලාබදායීම වරාය පිහිටන්නෙ ඉන්දියාවෙ නැගෙනහිර වෙරළෙවත් බටහිර වෙරළෙවත් නෙවෙයි අපේ මේ ලංකාවෙ.. ඉන්දියාවෙ ඔය මොන පැත්තකට ගියත් අනිත් පැත්තට ඒ කාගෝ ට්‍රාන්සිට් කරන්න අමතර වියදමක් සහ කාලයක් යොදවලා ඕනැ කෙරුමෙකුට ලංකාව වටේ යන්න වෙනවා..

3. කොළඹ වරායට තරඟ කරන්න ඉන්න ලොකුම තරඟකරුවා ඉන්නෙ වෙන දීපයක නෙවෙයි.. අපිට අහිමි කරපු අපේම හම්බන්තොට වරාය.. කරුමෙට ඒ තරගෙ ඉදිරියට මතු වෙන්නෙ අපි සහ චීනය අතර.. භූ ගෝලීය පිහිටුම අනුව හම්බන්තොට කොළඹටත් වඩා ඉදිරියෙන්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19084024336267467842021-01-22T19:58:53.888-08:002021-01-22T19:58:53.888-08:00ඒ ලංකාවේ රජයට බෑ කියන පඬිවරුන්ට පේන්න රාජ්‍ය අංශය ...ඒ ලංකාවේ රජයට බෑ කියන පඬිවරුන්ට පේන්න රාජ්‍ය අංශය සහ ඔය මාර පෞද්ගලික අංශය සංසන්දනය කරන්න මම ගන්නම් කොළඹ වරායෙන්ම උදාහරණයක්..

මේ සංසන්දනය රජයට 100% අයත් ජය බහාළුම් පර්යන්තය සහ ජෝන් කීල්ස්ලට වැඩි කොටස අයත් ලෝකයේ ලොකුම නැව් සමාගමටත් (A.P. Moller–Maersk Group) වගේම ලෝකයේ 7වෙනි ලොකුම නැව් සමාගමටත් (Evergreen Marine Corporation) කොටස් තියෙන ඔය කියන මැජික් PPP ක්‍රමයට (Private Public Partnership) යන එකම ගැඹුරකින් යුත් SAGT (South Asia Gateway Terminal) පර්යන්තය අතර සංසන්දනයක්..

ජය බහාළුම් පර්යන්තය (JCT - SLPA)
2010 - 2,167,173
2011 - 2,299,446 (+)
2012 - 2,316,849 (+)
2013 - 2,501,863 (+)
2014 - 2,559,339 (+)
2015 - 2,252,323 (-)
2016 - 2,100,117 (-)
2017 - 2,010,702 (-)
2018 - 2,304,534 (+)
2019 - 2,352,765 (+)

සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT - JKH)
2010 - 1,970,268
2011 - 1,963,441 (-)
2012 - 1,870,271 (-)
2013 - 1,746,802 (-)
2014 - 1,661,940 (-)
2015 - 1,371,245 (-)
2016 - 1,632,207 (+)
2017 - 1,809,835 (+)
2018 - 2,066,758 (+)
2019 - 2,073,661 (+)

මේකෙ හොදින් බලන්න යහපාලනය ඒමට පෙර සහ පසු තත්වය.. මේ ප්‍රතිපල එන්න මූලිකව බලපාන්නෙ යහපාලනයට පෙර වරාය අධිකාරියේ හිටපු සුපිරි සභාපති ප්‍රියාත් වික්‍රමගෙ දැක්ම සහ වැඩ පිලිවෙල යටතෙ කියන එකත් මතක තබා ගන්න..

මේකෙ සුවිශේෂත්වය කියන්නෙ ඒ කාලෙ ඔය PPP යටතෙ කොටස් තිබුනු ප්‍රධාන නැව් සමාගම් දෙකේ වැඩි නැව් ප්‍රමාණයක් ආවෙත් අපේ ජය බහාළුම් පර්යන්තයට..

නැව් සමාගම් එහෙමයි.. ඔවුන්ට ඕනැ ලාබය සහ කාර්යක්ශමතාවය.. උන්ට දේශපාලන අවශ්‍යතා වැඩක් නැහැ.. එහෙම එකේ තමයි මේ පඬිවරු විහිළු කරන්නෙ මෝදිතුමා උදහස් උනොත් ඉන්දියාවට යන එන කන්ටේනර් පටවන් එන ලෝකෙ ප්‍රධාන නැව් සමාගම් දහය පහලොව ලංකාවට එන එක නවත්තයි කියලා.. මේ කලාපයේ ලාබදායීම වරාය මග ඇරලා ඒ නැව් සමාගම් වෙන තූත්තුකුඩියක යවන්න මෝදිතුමා සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙන්න ඕනැ.. අඩු ගානෙ ඉන්දියාවට හරි හමන් නැව් සමාගමක්වත් තිබුනා නමි ඒත් බැරියෑ.. අහලකවත් නෑ..

ඇත්ත.. ලෝකෙ බොහොමයක් වරායවල් ගොඩ දාන්න ලෝක මොලකාරයො සමාගම් ජාල ඕනැ වෙනවා තමයි.. හැබැයි කේන්ද්‍රීය වරායකට අවශ්‍ය සියළු අවශ්‍යතා ඉතා දුර්ලභ ලෙස ස්වභාවිකවම ලැබිලා තියෙන ලංකාවට එහෙම රොකට් සයන්ස්කාරයො අවශ්‍ය නෑ.. ජාතික දේපල කාබාසිනියා කරලා සාක්කු පුරෝ ගන්න කෙල හලන තක්කඩියො නොවන හොඳ දැක්මක් සහිත පුරවැසියො ටිකක් හිටියම හොඳටම ඇති..

ඔය පොඩි ක්‍රේන් 3ක් තියාගෙන සේවකයො අරගල කරලා බල්ලා නාවන්න අරං යනවා වගේ බොහොම අමාරුවෙන් යන්තමින් නැගෙනහිර පර්යන්තයේ වැඩ පටන් ගත්ත ගමන් ඒකට පෝලිමේ එන්න ගත්තෙ ලෝකෙ එසේ මෙසේ ප්ලේයර් කෙනෙක් නෙවෙයි.. ලෝකෙ දෙවනි ලොකුම නැව් සමාගම MSC (Mediterranean Shipping Company). ඒවා ගෙන්නන්න විශ්වකර්මයො අවශ්‍ය උනේ නෑ උන්ම හොයා ගෙන ආවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68556532003595143612021-01-22T19:57:34.332-08:002021-01-22T19:57:34.332-08:00නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පාවා දීම සාධාරණීකරණය ක...නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පාවා දීම සාධාරණීකරණය කරන පඬියො කියන කතාවක් තමයි ආදානිලා වගේ විශ්වකර්මයො නැතිව නූතන වෙළඳ ලෝකෙ රාජ්‍ය ව්‍යවසායකයෙකුට ගොඩ යන්න බෑ කියන එක.. ඒක ඇත්තද කියලා කොළඹ උදාහරණ වලින්ම බලමු..

කොළඹ වරායෙ චීනයට 85%ක් අයිති CICT නම් මීටර් 18ක් ගැඹුරු පර්යන්තය තමයි දැනට කොළඹ වරායෙ බහළුම් මෙහෙයුමේ වැඩිම පංගුව කරන්නෙ.. ඒ දත්ත අරන් අර ඉහත කී පඬියො කියනවා වේලි වේලි තිබුනු කොළඹට ජීවය ගෙනාවෙ පුද්ගලික අංශයේ චීනා (හැබැයි ඒ සමාගමේ වැඩි කොටස අයිති චීන රජයට.. ඒකත් අමතක කරමු..) ඒ ලෙසම ඉන්දියාවෙන් අදානි ගෙනත් නැගෙනහිර පර්යන්තයේ මල් පුබුදමු කියලා හිටං..

ඇත්තම කතාව නම් CICT එක කොළඹ වරායට කිසිම අලුත් නැව් සමාගමක් ගෙනාවෙ නෑ.. එයාලා කරේ කාලයක් තිස්සෙ කොළඹ ආපු නැව් සමාගම්වල අපේ වරාය අධිකාරියේ ජය බහාළුම් පර්යන්තයට (JCT) සහ ජෝන් කීල්ස් සමාගමට වැඩි කොටස හිමි SAGT පර්යන්තයට එන්න බැරි බහාළුම් ධාරිතාවය 10,000ට (TEU) වැඩි නෞකා තම පර්යන්තයට ගෙන්වා ගැනීම විතරයි.. මොකද මේ JCT SAGT පර්යන්ත දෙකටම එන්න පුළුවන් මීටර් 12.5කට වඩා අඩුවෙන් වතුර යටට බහින (Draft) නෞකා වලට විතරයි.. මේ පර්යන්ත දෙකේම උපරිම ගැඹුර තියෙන්නෙ මීටර් 14ට ආසන්න ප්‍රමාණයක්..

ඒකත් ඒ චීන සමාගමේ සුවිශේෂී දක්ෂතාවයක් නෙවෙයි.. ලෝකෙ නැව් ඉතිහාසයේ කන්ටේනර් 15,000කට වඩා රැගෙන යා හැකි නැව් බිහිවෙන්නෙ ඔය CICT එක හැදුවට පස්සෙ.. මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන මාර්ගයේ (Main Liner) කන්ටේනර් ගෙනයන නෞකා වලින් අති බහුතරය කන්ටේනර් 13,000කට වඩා ගෙන යන්න පුළුවන් විශාල නෞකා.. (අැයි එහෙම ලොකු නැව් මේ ප්‍රධාන සමාගම් වැඩි වැඩියෙන් පාවිච්චි කරන්නෙ කියලා දැනුවත් වෙන්න කැමති අයට මේ ලින්ක් එකේ තියෙන හම්බන්තොට වරායට අදාල පෝස්ට් එකෙන් ඒ ගැන යම් අවබෝදයක් ලබා ගන්න පුළුවන්.. මේ වෙනකොට නෞකාවල විශාලත්වය කන්ටේනර් 23,000+ දක්වා වැඩි වෙලා තියෙනවා..

දැන් එතකොට ඒ ප්‍රධාන ජාලයේ විශාල නෞකා එන්න බැරි වරාය අධිකාරියේ ජය බහාළුම් පර්යන්තයයි ඒ ඕනෑම නැවක් එන්න පුළුවන් CICT පර්යන්තයෙයි පහුගිය අවුරුදු කිහිපයේ වර්ධනය සංසන්දනය කරලා කවුරු හරි පඬියෙක් රාජ්‍ය අංශය ෆේල් කියන්න හදනවා නම් ඒ කතාවෙ තියෙන විහිළුව තේරෙන්න ඕනෑ..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60127640288593446762021-01-22T19:56:31.561-08:002021-01-22T19:56:31.561-08:00වෙන්නේ මොනවද
දන්නේ මොනවද
හොයන්නෙ කොහොමද
හිතෙන්නෙ...වෙන්නේ මොනවද
දන්නේ මොනවද
හොයන්නෙ කොහොමද
හිතෙන්නෙ මටවද?

කියති නේක මත
සඟවති අන් මත
ඉතිං වියත් මත
වුවත් කැලේ යත

ඇත්තම පෙනෙන්ට - කල් ගත වෙනු ඇත
එතකොට පෙරහර - ගිහින් තිබෙනු ඇත
හැමවිට වෙන්නේ - උන්ගෙම සුබසෙත
රට කන එවුන්ගෙ - සම්පත් වැඩි වෙත! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39606930104668577942021-01-22T09:36:47.032-08:002021-01-22T09:36:47.032-08:00ලොක්ක ඇයි වරාය විතරක්.
මුළු ආණ්ඩුවම ප්‍රයිවෙටයිස් ...ලොක්ක ඇයි වරාය විතරක්.
මුළු ආණ්ඩුවම ප්‍රයිවෙටයිස් කළා නං ඉවරනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90608753776824248652021-01-22T09:35:06.131-08:002021-01-22T09:35:06.131-08:00අනුන්ට කියකිය ඉන්නේ තවුසෙ ලියනවකො අනුන්ට කියකිය ඉන්නේ තවුසෙ ලියනවකො Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88221873079185465502021-01-22T09:33:41.814-08:002021-01-22T09:33:41.814-08:00කැත වැඩ කරන්න එපා අයිෂේ.
ඩ්‍රයිවර්ගේ සල්ලි රීම්බර්...කැත වැඩ කරන්න එපා අයිෂේ.
ඩ්‍රයිවර්ගේ සල්ලි රීම්බර්ස් කරනවා නිකං ලොකු එක නොදී Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80289815393150649172021-01-22T08:45:06.159-08:002021-01-22T08:45:06.159-08:00//ඊට විරුද්ධ පිරස අතර මුලින්ම ඉන්නේ හූනියන් කාරයෝය...//ඊට විරුද්ධ පිරස අතර මුලින්ම ඉන්නේ හූනියන් කාරයෝය.. ඊළඟට ජෙප්පෝය.. දැන් ආන්ඩුව බලයට ගෙනාවා යැයි කියනා මහා සංඝරත්නයද ඊට එක් වී ඇත…//

ඔය ගොං වුර්තීය සමිති කියන්නේ අයිස් පප්පල මුන් කිසිම දෙයක් වෙලාවට කලාවට හරියට කරන්නෙ නැහැ දේසපාලුවන්ගේ පස්ස ඉඹල තනතුරු ගත්ත හොර රැලක්. සංඝයා දන්න රෙද්දක් නෑ, වුර්තීය සමිති හොරුන්ගෙන් වැදි බණ අහල බයිල ගගහ ඉන්නවා. ඔය අමන ජෙප්පෝ සහ ටෙලිෆෝන් කබ්බෝ රට කෝලම් ටිකක්, උන් දන්නෙ ඕනැම දේකට විරුද්ද වීම පමණයි.

ලංකාවේ 1999 දි රැජිණ පාලම පෞද්ගලීකරණයට විරුද්දවත් ඔය ගොං වුර්තීය සමිති පෙළ ගැහුනා. හැබයි චන්ද්‍රිකා නෝනා ඒවා පයිසෙකට මායිම් නොකර ඉදිරියට ගියා. එකෙන් කොළඹ වරාය වේගයෙන් දියුණු වුනා. එහෙම නොවුනනම් අදටත් කොළඹ වරාය පැයට කන්ටේනට 10-11 පටවන පසුගාමී වරායක්.

මෙතනදිත් අන්වාර්යයෙන් කළමනාකරණය වත් පෞද්ගලීකරණය වෙන්න ඕන. කොළඹ වරායේ මෙහෙයුම් කරයුතු වලින් 75% ප්‍රතිඅපනයන. ඒවයෙන් අති විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් එන සහ යන. හැබැයි දැන් ඉන්දියාව ඒ ගොල්ලන්ගෙ වරායවල් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරමින් බොහොම වේගයෙන් දියුණු කරගෙන යන හින්දා කොළබට කෙළවෙන ලකුණූ පෙන්නුම් කරණවා. ඒ වගෙ තත්ත්වයක් යටතේ ඉන්දියානු සමාගම කොළබට ආකර්ශණය කරගත්තොත් අපිට අහිමිව යන ඒ මෙහෙයුම් ධාරිතාවෙන සැළකිය යුතු ප්‍රමාණයක් නෑවත අද්ද ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

අනිවාර්යයෙන් නැගෙනහිර පර්යන්තය පෞදලීකරණය වෙන්න ඕනා. ඒ විතරක් නෙමේ JCT එකත් අනිවාර්යයෙන් දෙන්න ඕනා. එයාල කොච්චර පසුගාමිද / මන්දගාමිද කියලා දන්නෙ වරාය එක්ක ගනු දෙනු කරණ අයම තමයි

ඔය වෘත්තීය සමිති කාරයො කියන ඒවා සතපහකට ගනන් ගන්න එපා. උන් දන්න ලබ්බක් නෑ මාතේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29484507906570014112021-01-22T08:28:20.706-08:002021-01-22T08:28:20.706-08:00ගොඩාක් වෙලාවට මිනිස්සු කැමති කාට හරි බැන බැන ඉන්න....ගොඩාක් වෙලාවට මිනිස්සු කැමති කාට හරි බැන බැන ඉන්න.. කාගේ හරි වැරැද්දක් දකින්න.. හැම දෙයක්ම තමනගේ දේශපාලන කෝනයෙන් බලන්න.. එහෙම කරන මිනිස්සු අනිත් උන්ගෙන් සර්ව සාධාරනය බලාපොරොත්තු වෙනවා.. බොහොම අතලොස්සයි ඉන්නෙ මේ රටේ ආකල්පමය වෙනසක් කරන්න අවංකව උත්සහ කරන.

තමන්ගේ ප්‍රදේශයේ ඉන්න අවංකව වැඩක් කරන මනුස්සයාට ඉස්සරහට යන්න දෙනවද ? නැහැ.. මිනිස්සු ආස බලය තියෙන, අනාගතයේදි පෟද්ගලිකව වාසියක් ගනන පුලුවන් මනුස්සයාට හෝයියා කියනවා... ලන්කාවේ බහුතරයකගේ මානසිකත්වය ඕක.. ඒ කර කර කාලකන්නි රටක් කිය කිය බනිනවා...

මම නම් දකින්නෙම මේ හැම දෙයකටම වග කියන්න ඔනේ 225 නෙමේ.. මේ රටේ ජනතාව.. ජනතාව තමන්ගේ පුද්ගලික වාසියට එක එකාව පත්කරගෙන උන්ට කඩේ ගිහින්, විරැද්ද එකා කරනකොට ඇහේ කටු අනිනවා.. තමන්ගේ එකා හොරෙක් උනත් මල් තියලා වදින මානසිකත්වයෙන් ඉන්න කම් මේ රටේ කිසිම දෙයක් පිලිවෙලකට හදන්න බැරිවෙයි..

ටොයියෝ බයියෝ ජෙප්පො නොවි මම ලාන්කිකයෙක්. මේ මහපොලොව ගැන හිතලා තීරන ගන්න මහජනතාවක් එනකම් මේ සම්මජාතියෙන් මේ රට හදනවා බොරැ...

තව අවුරැදු 2500කට පස්සේත් අපිට කියන්න තියෙන්නේ අපි තාම දියුනු වෙමින් පවතින ජාතියක් කියලා.. එදාටත් අපි එක එකාට බැන බැන ඉදි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3140235734016131482021-01-22T07:43:37.532-08:002021-01-22T07:43:37.532-08:00ආණ්ඩුවට මුදල් නැතිනම් ඇයි ඔය 49% කොටස් වෙළඳපොළට දම...ආණ්ඩුවට මුදල් නැතිනම් ඇයි ඔය 49% කොටස් වෙළඳපොළට දමන්නේ නැත්තේ. 25% පමණ ප්‍රමාණයක් පිටරටවල ඉන්න මේ රටේ පුරවැසියෝ අතරේ විකුණන්න පුළුවන් යම් ක්‍රමවේදයකට අනුව, කොටි ඩයස්පෝරාවට ගන්න බැරි විධියට. එහෙම කලොත් අවසානයේ වරාය අයිතිය මේ රටටමයි. මතකතියාගන්න ඕන ඉන්දියාව කියන්නේ මේ රටේ මිතුරකු නොවන බව. මගේ ආයතන වල කිසිම වාහනයකට IOC තෙල් ගහන්න තහනම්, ගැහුවොත් ගහපු රියැදුරා අතින් තමයි, නෝ රීම්බර්ස්මන්ට්ස්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28064555186712773002021-01-22T07:30:46.371-08:002021-01-22T07:30:46.371-08:00ඇත්තටම ළමාතන් අම්මට සිරි ලංකාව යනු Anglo-American ...ඇත්තටම ළමාතන් අම්මට සිරි ලංකාව යනු Anglo-American බලවේගයේ ග්‍රහණයේ පවතින රටක්. එවන් පසු බිමක එහි මර්මස්ථාන වල නියම අයිතිකාරයා හා නියම පාලකයා Anglo-American අක්ෂයයි. ලංකාවේ කලින් කලට පත්වන ආණ්ඩු මේ සත්‍ය සැගවීමට හදාගත් Cover-up එකක් පමණි.

එසේ නම් නැගෙනහිර පර්යන්තයේේ 51% ලංකාවට හා 49% ඉන්දියාවට යනුවෙන් ජනාධිපති කරන ප්‍රකාශයේ සැබෑ තේරැැම 51%ක් Anglo-American බලවේගයන් අත රඳන අතර 49%ක් ඉන්දියාව සතුවන බවත්ය. නැගෙනහිර පර්යන්තයේේ 51%ක් නොව 100% ශ්‍රී ලංකා රාජ්‍ය සතුවිය යුතු බවට එජාප-සජබ-ජවිපේ-ටීඑන්ඒ ඒකාබද්ධ දේශපාලන විපක්ෂ කල්ලිය, පොහොට්ටු කල්ලියේ ඇතැම් දේශපාලන උපකල්ලි, ඊනියා වෘත්තීය සමිති, ඊනියා විද්වතුන්, ගු.අමරසේකර, ඇතැම් භික්ෂූන් කරන සටන යට ඇත්තේ එය මුළුමනින්ම Anglo-American පාලනයේම පැවතිය යුතු බවයි. තමන් ශ්‍රී ලංකාවේ ජනතාව වශයෙන් උපායශීලිව පෙනී සිටිමින් Anglo-American බලවේගය මේ රටේ ජනතාව උපයන හැම සතයක්ම ණය වාරික හා පොලී වශයෙන් පිහිටුවා ඇති ආණ්ඩු යොදාගෙන කොල්ල කමින් සිටී. Anonymousnoreply@blogger.com