.

.

Jun 2, 2011

නවතම ATM - ATM Machine


නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින.

"ළඟදීම,..."
 

"ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"

මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි.

"මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"
                                        "මහත්වරුන්"

1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න.

2. වාහනයේ විදුරුව පහත් කරන්න.
3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න.
4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න.
5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න.
6. වාහනයේ වීදුරුව ඔසවන්න.
7. ස්තූතියි...ඔබට පිටත්විය හැක..


                                     "නෝනාවරුන්...."
 1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න
 2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.
 3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න.
 4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න.
 5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.
 6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න.
 7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න.
 8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න.
 9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න. 

10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න.
11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න.
12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න.
13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න.
14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න. 
15. මුදල් හා රිසීට් පත ලබාගන්න.
16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න.
17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න.
18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.
19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න.
20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න.
21. ඔබේ කාඩ් පත ලබාගන්න
22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න.
23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න.
24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න.
25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න.
26. සැතපුම් 2-3 වාහනය පැදයන්න.
27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න
.

28 comments:

  1. ඇත්තම කියල තියෙනවා...

    ReplyDelete
  2. මේක
    ලංකාවේ එකක් වෙන්ට බැහැ.නැත්නම් තවත් එකතු කරන්න වෙනවා.

    ReplyDelete
  3. උඹට අපහාස නඩු දායි බලාගෙන...

    ReplyDelete
  4. හ්ම්.. ඒකත් එහෙමද?
    මැණික්

    ReplyDelete
  5. හිනා වෙලා ඉල ඇදුනා.. ඇත්ත නැත්ත කෙසේවෙතත් හරිම නිර්මාණශීලී.

    ReplyDelete
  6. මොනවා උනත් පැහැදිලිව ලියලා තියෙනවා..ඔය ගති අරින්න බෑ,... මේ වගේ ඊයක් ආවා දැන් ටික කලකට උඩින්.

    ReplyDelete
  7. මැරෙන්න හිනා යකෝ . .. මේක නම් සිරාවටම අවසනාවට ඇත්ත කතාවක් . . හික් හික් හික්

    ReplyDelete
  8. @ තාරක Dilsh@n

    තනිකර ඇත්ත. ඔය ගිමිහානිත් කියන්නේ..

    ReplyDelete
  9. @ Gimhani

    මෙහේ නෙමේනම් තමා.. ඒත් එක දවසක් නෝන කෙනෙක් HSBC ATM එකට ආව බල්ලෙකුත් අරගෙන. බල්ලෙක් නෙමේ ඌ යකෙක්. වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන් ඒ ගැන.

    ReplyDelete
  10. @ '''Outsider'''

    ළොකුම නඩු කාරයත් නෝන කෙනෙක් බව අමතක උනා බන්.. ඇත්තට එහෙම වෙයිද?

    ReplyDelete
  11. @ මැනික්(සුළඟ)

    ඇයි නැත්තං කොහොමද...???

    ReplyDelete
  12. @ තීරථ යාත්‍රිකයා

    දැක්ක ගමන් දුකාටයි උඹටයි වෙච්ච් දේමයි උනෙ.... පරිවර්ථනයක්.. කාටවත් කියන්න එපා..

    ReplyDelete
  13. @ sameerausa

    ඔහේ හරි.. මමත් අහුලගත්ත එකක්... හැබයි පරිවර්ථනය මගේ..

    ReplyDelete
  14. @ දුකා

    උඹට කියන්න.. අපේ හාමිනේටත් මැරෙන්න හිනා.. උන්දැ කියන්නෙත් ගිම්හානිගෙ කතාවමයි... ඔය හැන්ඩ් බෑග් වල මොන මොනව තියෙන්වද කියල එයාල දන්නෙත් නෑ. බොරුනම් සමීක්ෂනයක් කොරපන්. මමනම් කරල තියෙනව. ඒක මදිවට තවත් බෑග් එකකුත් ගෙනියනවනේ...

    ReplyDelete
  15. හික්ස්..
    මේකනම් සිරා කතාව, හිනා ගිහින් පන යනව :D

    ReplyDelete
  16. මගේනම් handbag එකේ තව ප්‍රථමාධාර පෙට්ටියකුත් තියෙනවා.
    හදිසියක් උනොත් හෙම දැන් ඉස්පිරිතාලවලත් බෙහෙත් නැහැ නෙව.ලඟකදිනම් ඒක ප්‍රයෝජන උනා පාරෙදී යතුරුපැදි අනතුරට පත්වුන තරුණයෙකුට.

    ඔයාල හිනා උනාට පේනවනේ ඒවායේ ප්‍රයෝජන???

    ReplyDelete
  17. ෙමාකද ෙම් ගෑණුන්ට මඩ...ඒත් අැත්ත....

    ReplyDelete
  18. @ සසීන්ද වීරසිංහ

    පන නම් යවා ගන්න එපා කොලුවෝ.
    උඹේ බොග හොඳයි.. දිගටම දාන්න
    ලියන කොරොමේට මන් මනාපයි

    ReplyDelete
  19. @ Gimhani

    ඇත්ත ඇත්ත... ඕකට තරහ ගන්න එපා ඉතින්..

    බෙහෙත් නම් මටත් ලැබිල තියෙනව....

    ReplyDelete
  20. අරූ

    මොන මඩද.. සහතික ඇත්ත..
    බොගවල් දෙකම මරු "නිරුවත" හරි ෂෝක්.. ඒ ඉට්ටයිල් එකට දිගටම බොග දාන්න..

    ReplyDelete
  21. අපේ හාමිනේනං එක පාරක් දොර මාරු කරන්න්න උනාටපස්සෙ ඉඳන් කරන්නෙ අර පින්තූරෙ ඉන්න මිනි එකේ නෝන කරන දේම තමයි.

    ඔය වගේම ගෑනු කඩේකට ගිහින් ඇඳුමක් ගන්න විදිය ගැන සිම්පල් ප්ලෑන් එකකුත් වටේ ගිය, ලැබුනෙ නැද්ද?

    ReplyDelete
  22. @ ඉන්දික උපශාන්ත

    ඇත්තෙයි.. හෙහ් හෙහ්... ඇඳුම ගන්න එක දැක්කෙ නෑ. ඊයක අමුනල විදහංකෝ මෙන්න මෙතෙන්ට වදින්න.

    happyjay65@gmail.com

    ReplyDelete
  23. හිනා වෙලා ඉල ඇදුනා...මේක නම් සිරාවටම අවසනාවට ඇත්ත කතාවක් . . හික් හික් හික්
    මොනවා උනත් පැහැදිලිව ලියලා තියෙනවා..ඔය ගති අරින්න බෑ,...

    ReplyDelete
  24. @ Ano - August4
    අනේ රජෝ බලාන.. පොඩ්ඩ පොඩ්ඩ බලහන්..

    ReplyDelete
  25. ශිරාවටම......නැමේ අනිත් එකනෙ මේක... හික් මේවා මට කොහොම මග ඇරුනද? දැං දෙන්නං එලෝ එලෝ...

    ReplyDelete
  26. @ බුද්ධී
    වෙලාවක් තියෙන වෙලාවට බලන්න. වැඩියෙ ලියලා නෑ..

    ReplyDelete
  27. මැරෙන්න හිනා යකෝ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න