.

.

Dec 27, 2011

අධ්‍යාපනය බව්වට හා පිච්චු කෙළින යුව රජවරු - Funny Ministers and Crazy Assistants



අධ්‍යාපනය ගැන කීමට දෙයක් නැත.
ඇත්තේ මෙපමණකි..

අධ්‍යාපනය බල්ලට ගියේය...
බල්ලා රට ගොස්ය...

පාර්ලිමේන්තුවේ විපක්ෂේ කස්ටියට නෙලන විට ලොක්කා බලාගෙන සිටියේය. රජතුමාගෙන්, ගේමක් නොමැති බව වටහාගත්, ප්‍රාදේශිය රජවරු එකසිය ගානට පිස්සු කෙලිති.

  • එක ප්‍රාදේශිය රජ කෙනෙක් ප්‍රසිද්දියේ මහ දවාලේ කප්පම් ගනිති. යුවරජකුගේ පාලනයට යටත් ප්‍රදේශයක් වූවත්, ප්‍රාදේශීය රජා හිටගෙන පිස්සු කෙලී.
  • මහරගම පැත්තේ ප්‍රාදේශිය රජෙක් බස් වලට පර්මිට් නැතුව දුවන්න දී එතුමාගේ පවර් පෙන්නයි. ජහ මනයා මහ මග රස්තියාදු වෙයි.
  • රජතුමාගේ ගමේ ප්‍රාදේශීය රජෙක් විදෙස් දූතයෙක් කීතූ කීතූ වලට කපා වෙඩි තබා ඝාතනය කර. සුද්දන්ට පවර්ස් පෙන්නයි.
මේ ඇර හැම එකාම පොලිසියට පාට් දමයි. නිළධාරින්ට පාට් දමයි. යකඩ වැටවල් කපයි, වේලී කඩයි. රක්ෂිත වනසයි. වැලි ගොඩ දමයි. කැළෑ කපයි. මැණික් ගොඩ දමයි. නිධන් හාරයි. 

අවුරුදු 30 ක් යුද්ධය තුබූ කාළයේවත් මේ රටට එන්න එපා කියද්දී ආපු සුද්දෙකුටවත් ප්‍රභාකරන් කම්මුලකටවත් ගැසුවේ නැත. අද ලොක්කාගේ ගමේ එකාම රුවිතෙට පිස්සු කෙළියි. මෙවන් ගොන් මැටි බූරූ ඇමතිවරුන් හා ගෝලයන් පිරිසක් සමග ඔබ තුමාට අයිස්චර්යට කෙසේ වෙතත් දේශපාලනයේ වල පල්ලට නම් යා හැකිය. මී ළඟ ඇමති මාරූවේදීවත් මේ හරක් එළවා අලුත් පිරිසකට වගකීම පැවරීමට ඔබට ශක්තියක් ඇතයි අපි බලා සිටිමු.

29 comments:

  1. @ මාතලන්,
    පික්ෂු නං කතා කොරන්න එපා, මුං ටික එලෝල මං කොහොමද මේකෙ රන් එක දෙන්නෙ?
    මීට,
    හිතවත්,
    මිහිඳු අය්යා

    ReplyDelete
  2. @ ඔබා - නිදා ගන්නේ නැත....

    ReplyDelete
  3. රජතුමාට හා යුවරජවරුන්ට සියළු දෙවි පිහිටයි. ආආආආරක්ෂාවයි!
    ජහමනයාට ඕනෙ කුජීතයක්.

    ReplyDelete
  4. මක්කට කියනවද??? මෙහෙමත් ආශ්චර්යයක්!!!

    ReplyDelete
  5. මන්නාරමේ තෙල් උන්නකම් ඉවසපල්ලා තෙල බෙදන්න ගත්තාම අපේ රට එකම එක පුරයක් වේවි !!..

    එතකම් මේ වෙන පොඩි මිනී මැරුම් දූෂන වංචා වගේ පරිගණක අතපසුවීම් වගේ දේවල් අමතක කරපල්ලා ..

    ReplyDelete
  6. ලංකාවේ විභාග ගැන ඉදිරියට විශ්වාසයක් තැබිය නොහැක.මෙවර සිදුවූයේ ඉතිහාසයේ මීට පෙර සිදු නොවූ දෙයකි.මෙච්චර දෙයක් වෙලත් "සුළු දෙයක්" කියන එකනේ ඉවසන්න බැරි.
    දැන් අපේ පැත්තේ සුද්දොත් බයේම රටින් පිටවෙලා යනවා.

    ReplyDelete
  7. පික්ෂු කතා කරන්න එපා අයියා උබ ඔය කියන අධ්‍යාපනය අපේ උන්ට කන්නයැ ,අපේ රට (අද මොක උනත් ) හෙට එකම එක සුර පුරයක්ලු ය. බොරු නම් අර පවුලේ චැනල් එකෙන් අහලා බලන්න.

    ReplyDelete
  8. අයියෝ මෙයා....ඕව සුළු දේවල් නේ.....අපේ අලි බබා සහ හොරු ටික ...සමාවෙන්න රජතුමා සහ පිරිවර මේ රට ආශ්චර්යක් කරා ගෙන යන ගමනේ ඔය වගේ පොඩි පොඩි කේස් වෙනවා...නොකර සද්ද යං :-)

    ReplyDelete
  9. "මී ළඟ ඇමති මාරූවේදීවත් මේ හරක් එළවා අලුත් පිරිසකට වගකීම පැවරීමට ඔබට ශක්තියක් ඇතයි අපි බලා සිටිමු."

    මිනිස්සුන්ගෙ මනාප වලින් පත්වෙච්ච උදවියනෙ. අපේ රටේ මිනිස්සුන්ට (මාත් ඇතුලුව ) ඔහොම වෙලා මදි. මේ රටට හෙණ ගැහිලම ගියහම තමයි මිනිස්සුන්ට හරි සතුටු. ඒ දවස එනකන් චන්දෙ දිදී, උන්ටම මනාපෙ දිදී, බලාගෙන ඉන්න එක තමයි කරන්ඩ තියෙන්නෙ. හැමදාම කොලෙත් ඒකනෙ.

    ReplyDelete
  10. මාත් හිතන්නේ තාම මිනිස්සුන්ට එපාවෙලා නැහැ. බහුතරයක් ගම්වල මිනිස්සුන්ට මේ එක දෙයක් වත් මහලොකු ප්‍රශ්න නෙමේ. ඔබ කිව්ව දේ හරියට හරි. යුද්ද එකක් නෙමේ දෙකක් තිබුනා. එත් පිටින් ලංකාව බලන්න ආපු ගෑනුන්ට අතවර කරන්න හදපු එවුන් මේ වගේ එළිපිට වැඩ කෙරුවේ නැහැ.ඔබ වගේ බ්ලොග් ලියන අයත් අර ලංකා ඊ නිව්ස් එකට කොමෙන්ටු දාන කට්ටියත් කියන්නේ බොහොම අතලොස්සක්.

    ReplyDelete
  11. //මී ළඟ ඇමති මාරූවේදීවත් මේ හරක් එළවා අලුත් පිරිසකට වගකීම පැවරීමට...//
    මේ හරකුන් හැර හරකුන් නොවන අයවලුන් මේ අතර සිටීද?

    ReplyDelete
  12. කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව හොදයි......
    විභාග දෙපාර්තුමේන්තුව හොදාආආආ.ආආආආ..ආආයි.

    ReplyDelete
  13. "සිරිකෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා....!!!"

    නොදකිං

    ReplyDelete
  14. mata num me rate edala epa wela thiyenne.. ane mata wena ratakata yanna udaw weyallakoooooo

    ReplyDelete
  15. ගොපල්ලා සහ හරක් රැල එකමය. මේවා පට්ට ආතල්ය. ටෙනී බන්දුගේ විහිළු අනවශ්‍යය. අපේ ආතල් නොකඩනු මාතලන් අයියා..

    මේවා අපේ ලේ පිරිසිදු වීමට හොද විහිළුය..

    ReplyDelete
  16. @ නරකයා,


    "සිරිකෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා....!!!"

    නොදකින් කියන්න එපා බන්... රටේ ඉන්න දේශපාළුවන්ගේ වැරදිවලට අපි උපන්න මහ පොළව පළිද....

    කුෂ්...

    ReplyDelete
  17. මොනවා කතාකරනවද මන්දා

    ReplyDelete
  18. @ වෙද මහත්තයා - ජහ මනයාට සැමදා ක්‍රිස්මස්

    @ ගිනි කුරුල්ලා - දෝරේ ගලායයි, ටිකක් වෙලා යයි.

    @ සඳරු - මන්නාරමේ තෙල් නෙමෙයි සුලි සුලන්ලූ

    @ ජෝතිශලංකා - හොලිවුඩ් මෙහේ කියලා ගෙන්න ගන්න ඇහැක් වෙයි

    @ රෙප් මහත්තයා - අපේ රට හෙට එකම් එක සුර පුරයක්

    ReplyDelete
  19. @ කැන්ඩියන් - සමහර අයට නම් සුළු දේවල් කියලා ප්‍රසිද්දියේම කියන්නේ

    @ චමිල - ඔහොම යන් ඔහොම යන් බුද්ධිමත් ජනතාවනේ

    @ රයිගම - ඒකත් ඇත්ත

    @ බුවා - බුවාගේ රට

    @ රාජ් - ඉන්නවද කියලා බලන්න දෙන්න එපාය. තාම ඉන්නේ 94 ඉඳන් ඉන්න හරක් රැලම නේ.

    ReplyDelete
  20. @ ලකි - සභාපති හරො චෝයි නේ.. ටී 56 ගෙනියන්නේ ජනතාව වෙනුවෙන් වෙන්ටෑ..

    @ ඊ මේල් කවිකාරී - ඇයි අම්මේ..

    @ නරකයා - රට මක්ක කොරන්නෙයි

    @ චම්මා - ඉ ජොයින් විත් යූ

    @ ඇනෝ - ඔට්ටේලියාවටවත් පලයන්

    @ සෑම් ශ්‍රී - ලේ පිරිසිඳු වීම කෙසේ වෙතත්. රත් වී කුණු වෙනවාය

    @ කුශ් - ඇත්ත ඇත්ත

    @ ලොකු ජෝන් - කවුද....?

    ReplyDelete
  21. ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ....

    ReplyDelete
  22. අපෙ ඇස්බී මාමයි කුරහන් මාමයි ඒ මාමගෙ සහෝදර මාමලයි ග්‍රේරො මාමයි කරුණා මාමයි ඔක්කොම මාමලා හොඳායි...
    නිකන් අරව මෙවුවා කියන්න එපා!
    මාතලන් මාමා තමා නෝටි :P

    හඳුනාගන්න ඔබ මා :)

    ReplyDelete
  23. me harak elawala wena harak kohen hoyannada

    ReplyDelete
  24. ජහමනයා විදෙස් කුමන්ත්‍රන වලින් බේර ගන්ට තමා ලොක්කගේ පුතාගේ යාලුවා සුද්දා මරලා තියෙන්නේ තේරෙන්නේ නැද්ද උඹට

    ReplyDelete
  25. මාතලන්...මොකද මිසින් ඉන් ඇක්ෂන්..අතුරුදන් වෙලාද...

    ReplyDelete
  26. මෙන්න දේශ ද්‍රොහියෙක්... කෝ කෝ එවහන් සුදු වෑන් එකක් මූව උස්සන්න.. මෙලහට උස්සලද මන්දා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න