.

.

Aug 22, 2012

බන්ඩා මාමා කැම්පස් ටික වහලා රාලේ, ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාළේ (18+) - Campus closed 2 (18+)



කැම්පස් එකේ කුරුළු ජෝඩුවලටත් හරි පාඩුයි, හන්තාන වේලෙනවලු, අයේ ඉතින් කවද දකින්නද සුදෝ...

නිවාඩූ කාළේ නිකන් ඉන්න එකේ "අමරසිරි පීරිස්ගේ",  "හන්තානට පායන සඳ" ගීයේ තාලයට ගයා සැනසෙන්න...

----------
හන්තානට පායන සඳ, ලස්සනයිද අහන්න.....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....

අඳුරු ලලා ගලනා කල, එපා තදින් නිදන්න....
රෑට හොරෙන් මං එන්නම්, මලේ සුවඳ විඳින්න....

හන්තානට පායන සඳ, ලස්සනයිද අහන්න.....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....

ගුලි කරලා වීසී කරපු ,මතකය යලි විඳින්න....
නියර දිගේ පිලට වරෙන්, සුදෝ ගලක් කපන්න....

හන්තානට පායන සඳ, ලස්සනයිද අහන්න.....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....
----------

කැමපස් වැහුවයින් වැඩියන්ම පාඩු උනේ කන්‍යාරත්නට කියලා ආරංචියි. ස්වයං වින්දනේ ලබන්න විදියක් නෑ කියන්නේ

57 comments:

  1. මාතලන් ගොයියත් හිටු කියලා බැටේ දෙනවා නේද :D

    ReplyDelete
    Replies
    1. අපියි කියලා ඉතින් වෙන මක් කොරන්නද...

      Delete
  2. අනේ මන්දා ඉතින් මාතලන්..... මාස කියකින් ආපහු පටන් ගනීවිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සුදු බන්ඩා මාමා කිව්වේ හෙට අනිද්දම අරිනවයි කියලා. කැමපස්ද වෙන කාටවත්ද කියලා කිව්වේ නෑ හැබයි...

      Delete
  3. සුදා තමා සුදා....අනේ ඒකගෙ.....

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ

      Delete
  4. ඕකනේ මාතලන් අය්යේ අපි කැම්පස් නොගියේ ........

    ReplyDelete
    Replies
    1. අපේ කාළේ නම් කැම්පස් යනවා තියා, යන එකෙක්වත් ආශ්‍රය කොරන්න බයයි.

      Delete
  5. එපා වෙනවා අයියේ.. ගෙදරටම නාකි වෙනවානේ.. :/

    ReplyDelete
    Replies
    1. අයියෝ...රතු හැට්ටකාරිට යතෑකි නෙ ආච්චිලයෙ ගෙදර නිවාඩුවට. බලාගෙන හැබැයි නරි ඇති.රැවටෙන්නෙපා.

      Delete
    2. පිටරටවල වගේ කසාදෙකුත් බැන්දගෙන ඩිග්‍රිය ගන්න තමයි වෙන්නේ

      Delete
    3. නරකමත් නෑ අදහස...

      Delete
  6. බලන් ඉඳල බැරිම තැන සුදු බන්ඩිය මාතලන්වත් ආමි කෑම්ප් එකේ " නායකත්ව පුහුණුවට" දාල.

    ReplyDelete
    Replies
    1. අපි බූට් කෑම්පි ගියේ ගොඩක් ඉස්සර

      Delete
  7. සුදු බන්ඩියා ලැජ්ජ නැති සතෙක් බං. අදත් හිනා වෙවි කතා කළා !

    ReplyDelete
    Replies
    1. මම මාර ආසයි බං උගේ හිනාවට, අර ඇඹරෙන එකට.

      Delete
  8. මේ සුදු බන්ඩියටත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලා වත් නෑ බන් . . . එහෙව් උන් එක්ක ජල්ලි අල්ලන එක ඌරෙක් එක්ක මඩ වලක වලියක් දාගත්තා වගේ කියලා කැම්ප්ස් කොල්ලෝ කොල්ලෝ තේරුම් අරන් වගේ . .

    ReplyDelete
    Replies
    1. ඒකේ වටිනාකම කියන්නේ උනුත් පද්දතියෙම කස්ටිය උන එකනේ..

      Delete
  9. දැන් ඉතිං බයිලා ගහ ගහ හිටියැකි ඔක්කොටම. රටට හෙන ගැහැවුත් මුන්ට කමක් නෑ, අපරාදෙ රටේ අනාගතේ. අර පාර්ලිමේන්තුවත් වහලම දැම්මනම් ඉවරයි, හැම දේම ලොකු තැන කරන එකේ ආයෙ ඒක ඇරන් සල්ලි නාස්තිකරන්නෙ මොට ද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. පස්ස උනුයි විපස්ස උනුයි ඔක්කෝම දාගෙන. රජෙකුයි ගොබ්බ ඇමතිවරු ටිකකුයි උන්න නම් ඇති..

      Delete
  10. ලයික් එකයි කමෙන්ට් එකයි!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා... කිව්වා..

      Delete
  11. අපේ බන්ඩා මාමට බනින්නැ හරිය,
    අයේ බැනලා මම නරක මිනිහා කියන් නැ හරිය

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ට ඕනෑ.. හඟුරන්කෙත පැත්තේවද්ද...?

      Delete
  12. වාසනාවන්ත පියවරු සහ දරුවන්

    ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂ එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.

    එස් බී දිසානායක - සරසවියේ පන්ති වර්ජන , විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය.

    සෝමවංස අමරසිංහ - ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන , නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.

    කුමාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.


    අපේ සෝමපාලගේ , දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන , මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ. උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත.

    ReplyDelete
    Replies
    1. ඇයි ගුණදාස අමරසේකර, නාථ සිල්වා, වාසුලගේ, විමල්ගේ ඔක්කෝගෙම එහෙම තමා.. කරුම වෙලාවක පටන් ගත්ත තැනක්ද කොහෙද...

      Delete
  13. කණගාටු වෙන්න එපා. තව සතියකින් දෙකකින් කැම්පස් අරිනවා කියන්නෙ, නිර්මාල් ගිහින් ගෝඨා හමුවකට, හැබැයි කාටවත් කියන්න බෑලු දැන්ම මොනවා ගැන ද කතා කළේ කියලයි පත්තරේක තිබුනේ. ඒකත් විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න ඇති අනිවාර්යෙන් ම!!!

    ReplyDelete
    Replies
    1. හෙටත් කාත් එක්කදෝ සාකඡ්චාවක් තියෙනවයි කියන්නේ. බලමු බලමු..

      Delete
  14. සුදු බන්ඩා මමා එල පොරකි.. වැඩක් කලොත් අනාගනී..ඒ අධෝමුඛ නැකතට වැඩ කරන්නට ඔහු දක්වන රුචිය නිසාය.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ක්‍රීඩා ඇමතිකාලේ කුසන්තිකා එක්ක දුවලා එතනත් නා ගත්තා. හොඳ වෙලාවට රටේ නායකයා වෙන සීහිනේ ඉරේස් කලාලු.. කොහොමද බන්ඩා ජනපති වෙලා, බන්දුල අගමැති උනා නම්. පස්ට නේ..

      Delete
  15. සුදු බණ්ඩා වැඩක් කරන්න ට්‍රයි එකක් දෙනවා කියලයි මුලදි පෙනුනේ , හැබැයි සුදු බණ්ඩා හොඳ වැඩ කරන්න ගියෙත් අධෝමුඛ තාලෙට . දැන් නම් ඉතින් සොරි.කොම් තමා

    ReplyDelete
    Replies
    1. දැන් නාන්නේ රෙදි නැතුව හෙළුවෙන්, අනික් උන්ගෙත් රෙදි ගලවනවා... නාවන්න..

      Delete
  16. මොනා උනත් සිංදුව නම් ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් එකද.... මේකද....?

      Delete
  17. ..සෙල්ලම් කර කර හිටියොත් හරියන්නැ නේ
    …ඒක නිසා අපි යමු ප්‍රයිවට් ඉස්කෝ ලේ
    …ගෙවල් ඉඩම් උගස්කරලා යමු ඉස්කෝලේ
    …ඕනතරම් තියනවා ලු
    …අන්තරයක් එහෙ නැහැයිලු
    …........................

    ReplyDelete
    Replies
    1. බල්ලෝ මරා හරි කොල්ලෝ ප්‍රයිවට් යවපල්ලා..

      Delete
    2. ඒකත් කරන්න බෑනේ බලු හිංසනය නිසා

      Delete
  18. නියම සිංදුව මචෝ. අපෙත් ඉන්නවා කැම්පස් පොරවල් ටිකක්. පෙන්නන්න ඕන මෙක..

    ReplyDelete
  19. කමක් නෑ කොල්ලන්ට කෙල්ලන්ට ගෙවල් දොරවල් අම්ම තාත්තා බලලා එන්ට යන්ට පොඩි චාන්ස් එකක් ඔක හික්ස්

    ReplyDelete
    Replies
    1. එතකොට ගමේ කෑලී, ගමේ ක්‍රෂ් එක එහෙම බලන්නත් පුළුවන්නේ...

      Delete
  20. හොඳ දස්කමක් තියෙනවා,නරකද මේ සින්දුව අර හිරුහිමාවිගේ තරඟෙට ඉදිරිපත් කරොත්? :)

    ReplyDelete
    Replies
    1. පස්ස පැත්තෙන් පළවෙනියා වෙයි..

      Delete
  21. අනේ....දැන්ම පටන් ගන්න එපෝ.....මාසයක්වත් ජොබ් එකක් කරල කීයක් හරි හොයාගත්තම පටන් ගත්තාම ඇති.....

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා... දෙවනි පඩිය නේද ගන්නේ..

      Delete
  22. අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරු ඉස්ට්‍රයික් කලේ එකම දවසයි එකට දැන් කැම්පස් ඉන්න උන් පින් කදවල් නොවැ ...

    ReplyDelete
    Replies
    1. ඔතන නිවාඩු දුන්නට වලි ඇද්දට, අපේ ජාතිය අළුත් අවුරුද්දට කැලැන්ඩරේ හම්බ උන ගමන් බලන්නේ නිවාඩූ කීයක් තියෙනවද කියලා.

      Delete
  23. ඔය සිංදුව අවුරුද්දකට කීපාරක් කියනවාද / කියන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට දිගටම කියන්න වෙයි වගේ... පවත්නා තත්වය අනුව...

      Delete
  24. මාත් කැම්පස් එකේ කැන්ටිම කරන්න ටෙන්ඩර් ගන්න හිටියෙ. කොහෙද!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු.. ටික දවසක් ඉන්න වෙයි වගේ...

      Delete
  25. උඹලට නම් ආතල් නේ....ඇත්තටම කේන්ති ගියා තමයි...මක් කරන්නද ඉතින්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න