.

.

Sep 18, 2012

කොටස් වෙළද පොළ මාෆීයාව - CSE Manipulators



මේ දවස්වල, අපේ කොටස් වෙළඳ පොළ, නිකන් දෙල්කඳ පොළවගේ.. සූ ගාලා සෙනග. ඒ මොකෝ කොටස් අම්බානක නැගලා. සමහර ෂෙයාස් 400% විතර ඉහළ ගිහින්.  නියාමන කොමිසමේ හිටපු දේශද්‍රෝහියා එලෙව්වයින් පස්සේ තමයි මේ නැගිල්ල. ඔය කාළකන්නි යක්කු ඉන්න තැනකට හරියන්නේ නෑ. එලෙව්ව එකමයි හොඳ. ඌයි මායි දන්න ඉකොනමි. අපේ ඉකොනමි එක සුපිරි. ඒකට දාලා ඉන්නේ ළෝක බැකුවට උනත් උපදෙස් දෙන්න පුළුවන් උන්. ආර්ථික වර්ධන වේගයත් සුපර් සොනික් වලටත් එහා. මට බය වේගේ වැඩිවෙලා, ඇක්සිඩොන්ට් එකක්වත් කොරගනීද කියලා. 

මේක ඇවිත් ළෝකේ තියෙන හොඳම ඒවලින් තුන් වෙනි එක. හෙට අනිද්දම පළවෙනි එක වෙනවා.. ආයේ නෝ ටූ වර්ඩස්. නිව් යෝක් එක්ස්චේන්ජ් එක බංකොලොත් ලූ, "ඩව් ජෝන්ස්", "නිකේයි", අරව මේවා චිකේයි.. කියලා, කට්ටිය ෆ්ලයිට් බුක් කරනවලු, කොලම්ඹු එන්න. ඔහේලා ගාවත් කීයක් හරි තියෙනවනම්, නොකා නොබී හරි ෂෙයාර්ස් ටිකක් අරන් තියන්න...නැත්තං බටහිර කුමත්‍රණකාරයෝ ඔක්කොම ටික අරගෙන කියලා, පස්සෙන් පහු මට දොස් කියනව එහෙම නෙමෙයි ඕන්....
----x-----

 පුක කහන්න සත පනහක්,
අතේ තිබුනෙ නැති ඒවුන්.
Economist ලා වෙලා සිටින,
ජම්බුද්දීපේ ...!!!

වෙලේ සුදා වගේ උන්ගේ,
කුඩු සල්ලිත් Clean කරන.
Black market money running,
අමු ප්‍රසිද්ධියේ..

කොයි Market එකේ උනත්,
Game ගොඩයි දන්නෙ නැද්ද..?
වැඩ කාරයෝ බල්ටි ගසති,
Full චූන් එකේ..

Baby කැපිලි, කොල ඉල්ලිලි,
පිහිය ඇදන්, කසිලි බිසිලි,
තෝනුත් නෑ, පොලිසිත් නෑ
මේ Game එකේ..

විකුණාලා ඉඩං කඩං,
කරලා Withdraw Deposits. 
අරන් වරෙන් මාමේ නැන්දේ,
Full Guarantee නේ..

Gold තියන් බත් කන්නද..?
විකුණා Invest කරපන්..
Dowry එකට සැටිපිකටේ,
දෙන්න ඇහැකිනේ

EPF, ETF, Fund Full Risk එක අරගෙන.
ආයෝජන කොරලා තියෙන..
බලා ඉඳිද්දී නගිනා..
ආශ්චර්
යනේ...!!!

තවත් හිතන්නේ කුමටද...?
බල්ලෝ මරල හරි අරගෙන.
Casino ගහන්නට වර වර..
ගිනි මද්දහනේ....

.oOo.



ආ... එන්න එන්න...
 හැම දාම නෑ....
හැම තැනම නෑ....
එකවන්න රොක්වන්න,
අරගන්න ජයගන්න....
බැරි උනොත් විකුණන්න,
සැටිපිකෙට් එකේ දා,
බල්න්ට බත් දෙන්න...




64 comments:

  1. ෂික් ... ඒක කෑව මුන්ටික එකතු වෙල. රටේ හැම මළදානෙම දැන් උරුලෑව ගිය පාර වගේ.
    පහුගිය කාලෙ නම් කාගෙන්වත් ආරාධනා නැතවම හුඟක් අයට ඔය උණ හැදිල තිබුණ. තිස්සෙම කතාව ෂෙයාස් ගැන, ඕන් හිටී ගමන් ඔක්කොගෙම මුකපූට්ටු වෙල අන්තිමට ඒ ගැන සද්ද නෑ.

    ReplyDelete
    Replies
    1. ගිනි දවල් මහ ප්‍රසිද්ධියේ මංකොල්ල කෑම...

      Delete
  2. හැබෑද........

    කොටස් වෙළඳ පොළ ගැන කොච්චර කියා දුන්නත් නොතේරේ.

    ReplyDelete
    Replies
    1. මේ ගැන ගොඩක් අය දන්නේ නැති නිසා කෙටියෙන් කියන්නම්. මිනිස්සු ගෝල්ඩන් කී එකේ සහ සක්විති ගාව සල්ලි ආයෝජනය කළේ ඇයි? ආයෙත් එම මුදල ලබා ගන්න කොට විශාල පොලියක් එක්ක ලැබෙන නිසා. එහෙම නැත්නම් මාස් පතා පොලියක් ගන්න පුළුවන්. බැංකුවක දැම්මම පොලිය කෙසේ වෙතත්, දාපු මුදලවත් ගන්න පුළුවන්.

      අපි හිතමු අද මාකට් එකේ නැගලා තියෙන ෂෙයාර් එක රු 100 වන ෂෙයාර්ස් ඔයා රුපියල් 100,000 ක ගන්නවා. අද ඇත්තටම ඒකේ වටිනාකම කීයද 100,000. ඊට පස්සේ මේ කොටස් සැටිපිකෙට් එක ඔයා ගාව තියෙනකම් සමාගම ලාභ ලැබුවොත් ඉතා සුළු මුදලක් ඔයාට ලැබෙනවා. (මේක පොලියට දාලා ලැබෙන පොලියට වඩා ඉතාම් සුළු මුදලක්.) නමුත් මේ දවස් වල යන ක්‍රමයට තව සතියකින් විතර මේ ෂෙයාර් එක රු 150 ක් උනත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතනවා මේක තව ගනන් යයි කියලා. බලන් ඉන්නවා.

      නමුත් එහෙම වෙන්නේ ඉතා කෙටි කාලයයි (මොකද මේක කෘතිම වැඩිකිරිමක් මිසක් කොටස් හිමි සමාගමේ ලාභ ඉහල යාමෙන් සිඳුවන දෙයක් නෙමෙයි.) ඊට පස්සේ මේක බොරුවක් නිසා ටික කලකින් ෂෙයාර් එකේ වටිනාකම ඇත්ත තත්වයට එනවා. එතකොට ෂෙයාර් එකේ වටිනාකම රු 10. දැන් ඔයා 100,000 වියදම් කරලා. තව අවුරුදු දෙකකින් ඔයාගේ ෂෙයාර් සැටිපිකට් එක විකුනලා රු 10,000 ගන්න පුලුවන්. ඒත් ඒ ගානටවත් බල්ලෙක් ගන්නේ නෑ. දැන් ඔයා ළඟ රු ලක්ෂයක් වියදම් කරලා ගත්ත රු 10,000 වටින සහතිකයක් තියෙනවා. නමුත් ඒක බල්ලෙක්වත් ගන්නෙත් නෑ. ඉතින් වටිනාකම කීයද....? 0.00

      තේරූනාද.....?

      සල්ලි තියෙනවනම් බල්ලොන්ට බිත්තර ආප්ප, චීස් කොත්තු, කේ එෆ් සී, පීසා, බුරියානී වගේ ඒවා අරන් දෙන්න. උන් ඔයා පාරේ යනකොට නැට්ටවත් වනයි... ඒක මීට වඩා හොඳ ආයෝජනයක්...

      Delete
    2. මාතලන් අයිය මගේ අමතර ආදයමට බාල්දි පෙරලන්න වගේ හදන්නෙ... උපාය දන්නෝ අපායෙ නොවැටෙති කියල එකකුත් තියෙනව හරිය ;)

      Delete
    3. @මාතලන්
      තේරුනා. බොහොම ඉස්තූතියි. හරිම ප්‍රෝඩාවක් නෙව.

      Delete
    4. @ සාතන්,

      ලොක්කා බ්‍රෝකර් කෙනෙක්ද?

      Delete
    5. එහෙම කියන එක වැරදියි හරියට දැනගෙන කරනවනම් පාඩු නොවෙන්න කරන්න පුලුවන් මම කරන්නේ අතේ තියන ශෙයාර්ස් වල අගය නොවෙනස්ව පවත්වා ගැනීම. මාතලන්ගෙ උදා හරනයම ගත්තොත් රුපියල් 100000 කොටස්වල අගය අඩුවෙනවනම් මම වැඩිය අඩුවෙන්න කලින් මුදල් කරගෙන එදාට වැඩිවෙන එකක ආයොජනය කරනවා. ගන්නෙ මොනවද කියලා වැඩිය හිතන්නෙ නැ තියන වටිනාකම ගැන විතරයි හිතන්නේ.

      Delete
    6. @ ලොකු ජොන්
      ඔබේ කතාව හරි. කොටස් වෙළඳ පොළේම බැහැගෙන ඉන්න අය මේකට අහුවෙනවා අඩුයි. ඔවුනුත් මේ වෙලාවේ වාසි ලබාගන්නවා. මම කතා කරන්නේ ගම්වල අහිංසක මිනිසුන්ගේ මුදල් මංකොල්ල කෑමටයි. මහජනතාවගේ අරමුදල් සුළු පිරිසක් ධනවතුන් කිරීම සඳහා යොමුකිරීමටයි. මතක තියා ගන්න ෆීල්ඩ් එකේ ඉන්න අය ගෝල්ඩන් කී එකත් සක්විතිත් වැටෙන්න ඉස්සෙල්ලා එයාලගේ මුදල් නැවත ලබාගත්තා. ඕනම නරක දෙයකිනුත් වාසි ලබන පිරිසක් ඉන්නවා..

      Delete
    7. තව එකක් තමයි අර සෙටිපිකේට් තියාගෙන රාමුකරගෙන ඉන්නවනම් ඉතින් දෙල්කඳ පොලන් තමයි මාරු කරගන්න වෙන්නේ ගන්න සෙටිපිකෙට් හුවමාරුවට දාලා තියන එක තමා නුවනට හුරු

      Delete
    8. ඕක ගැන එක්ස්ප්ලේන් කරන්න එන එකෙකුටවත් බෑ සාමාන්‍ය මිනිහෙකුට තේරෙන විදියට ඔය ගැන කියලා දෙන්න. ඔක්කොම එන උන් රනිල් වගේ අය. අපිට් දුන්න නම් අපි දන්නවා සාමාන්‍ය මිනිහට කියලා දෙන විදිය.

      Delete
  3. ඕකුන් ටික කොටස් කරලා වෙළඳපොලට දාගන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න අමාරුවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරපු දේම කරලා තමයි නවත්වන්නේ..

      Delete
  4. ලෝකෙ මුදල් විශුද්දිකරණය ( money laundering ) අතින් මේ වෙන කොට අපි ඉන්නේ අන්තම තැනක.මේ වෙනකොට ලෝකෙ දියුණු රටවල බැංකු(බටහිර විජාතික බලවේග ඉතරක් නෙමේ මැද පෙරදිග කලාපෙ හිටන්) අපිව අධි අවදානම් ගණයට දාල ඉවරයි.අපේ රටේ බැංකු පද්ධතියට මුදල් පොම්ප කරන ගොඩක් උන් කුඩුකාරයෝ,කැසිනෝ කාරයෝ,හොර ජාවාරම් වලින් මුදල් උපයන උන්.අද ලංකාවේ පුද්ගලික බැංකු වල ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න සෙට් එක බැලුවම හිතා ගත්තකිනේ.කොටස් වෙළඳ පොලත් එම සතාමයි.ජාවාරම් කාරයොන්ගේ කළු සල්ලි සුදු කරල අහිංසක ආයෝජයකන්ව ගොනාට අන්දන තිප්පොළක් විතරයි.කොටින්ම එතෙන්ට ලොක්කම දාපු තිලක් කරුණාරත්න ගොය්ය කිව්වේ එතන වෙන්නේ ඩේ ලයිට් රොබරියක් කියල!

    ReplyDelete
  5. මට නම් ඕවා තේරෙනවා හොරය..
    ඒක නිසා හිමින් සැරේ මාරු වෙමි.

    ReplyDelete
    Replies
    1. සොසීට කළ පැහැදිලි කිරීම කියවන්න

      Delete
  6. මාතලන්ට ඉස්සරහට මේ ගැන "ගොඩක්" ලියන්න හැකිවේවි. "ගොඩක්" දේවල් "ගොඩ" දාපු කෙනෙක්වනෙ "ගොඩ" දාන්න පත්කරලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. වටිනා කොමෙන්ට් එකක්.

      Delete
  7. කොටස් ගන්න කොච්චර උවමනාවක් තිබ්බද ඕකේ කෙරෙන කෙරුවාව මෙලෝ දෙයක් තේරුනේ නැති නිසා කවදාවත් කොටසක්වත් අරන් නැහැ.

    ඉස්සර පත්තර වල නම් කොටස් වෙළඳපොල ගැන දැනුවත් කරන වැඩසටහන් ගැන තිබ්බේ කලාතුරකින් ඒත් දැන් හැමදාම පත්තේරේ දැන්වීම් දෙක තුනක් තියෙනවා කොටස් වෙළඳ පොළ ගැන දැනුවත් කරන වැඩසටහන් ගැන කොටස් වෙළඳපොලෙන්ම දාන ඒවා. අනික ඒවා කොළබ නෙමෙයි බොහෝ දුර බැහැර තියෙන්නේ. මට නම් හිතෙන්නේ දුෂ්කර පළාත්වල ගොවියෝ වගා කරලා හොයන තුට්ටු දෙකත් කඩා ගනන් කරන වැඩක් වගේ ඒක.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන වේදනාව ඒකයි.

      Delete
  8. මේක ගැන බොහෝ දේ කීමට ඇතත් නිහඬ වෙමි. මේ සමහරක් මගේ මිතුරෝ කෙසේ වෙතත් සිද්ධ වෙන දේ නම් හිරිකිතයි, අප්‍රසන්නයි, අනීතිකයි, ජුගුබ්සාජනකයි, ශෝචණීයයි. රටට සියළු දෙවිදේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ආරක්ෂාවයි.

    ReplyDelete
    Replies
    1. පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමට අකමැති නිසා ගමේ දේශපාලනයෙන් ඇත් උන කෙනෙක් මම. ඔබ තුමා ඔවුන් ගැන කළ විග්‍රහය නම් හරියට හරි... නමුත් මාලන් කිව්වා වගේ ඔවුන් නිසා තමයි අද ඉකොනොමි එක දුවන්නේ.

      Delete
  9. සත්‍ය හෙළි දරව්කීරීක් හරි අගෙයි

    ReplyDelete
    Replies
    1. කොතරම් අසාධාරණයක්ද.... පාළකයන්ටවත් ජීවත් වීමට රටක් ඉතිරි වෙයිද...?

      Delete
  10. මොකුත් නොදැන කොටස් වෙළද පොලේ ආයෝජනය කරන අහිංසක මිනිසුන්ගේ මුදල්ලංකාවේ ලොකුම හොරු ටික එකතු වෙලා හූරාගෙන කන එක තමයි කොටස් වෙළදපලේ සිදු වෙන්නේ.ආයොජන උපදෙස් දෙනවයි කියන බ්‍රෝකර් සමාගම් සියල්ලම කරන්නෙත් කුඩා සහා නව ආයෝජකයින්ගේ මුදල් තෝරා ගත් එක් පිරිසකට ගසාකෑමට කටයුතු සැළසීමයි.
    ජාවාරම් කරුවන්ගේ ගිණුම් වල ඇති අසීමිත ලෙස මිල ඉහල ගිය කොටස් අහිංසක ආයෝජකයින්ට විකිනීම සහා අහිංසක ආයෝජකයින්ගේ ගිණුම් වල ඇති මිල පහලට විත් ඇති ඉදිරියේදි ඉහල යාවි යයි අනුමාන කරන සහා කෘතිමව ඉහල නැංවීමට බලාපොරොත්තු කොටස් ජාවාරම් කරුවන්ට මිලදි ගැනීමට අවස්තාව සැකසීම බ්‍රෝකර් සමාගම් කරන මගඩියකි.

    ReplyDelete
    Replies
    1. බ්‍රෝකර් සමාගම් පමණක් නොව. සියළුම ආයතන වල තත්වය එසේමය. විගනන සමාගම් වල තත්වය ගැන කතා කර පලක් නැත. මම එය අත්දැකීමෙන්ම දනිමි. සාර්ථක ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල නැතිකලේ, එක කාළකන්ණි ගනකාධීකාරයකු බව අද සියළු දෙනාම දන්නා කාරණයකි.

      Delete
  11. මේ ගැන නම් කියන්න දේවල් ගොඩයි... ඒත් මොකුත් නොකිය ඉන්න තමයි වැඩි කැමත්ත :)
    (පුද්ගලික උපදේශකයෙක් විදිහට වැඩ කරනවනෙ)

    ReplyDelete
    Replies
    1. @සාතන් සහ මහ වෙදනා,

      ඇයි නොකියා ඉන්නේ..? දන්න දේවල් කිව්වනම් තව එක මනුස්සයෙක් හරි අමරුවේ වැටෙන එක නවතිනවනේ. නිර්ණාමිකව ලියන්න ඕනේ නම් කියන්න, අඹ ගහ යට බ්ලොග් එකේ දාන්න පුළුවන්.

      මමනම් හිතන්නේ අපේ මට්ටමින් කරන්න පුළුවන් දේවල් අපි කළ යුතු බවයි.

      Delete
    2. කියල වැඩක් නැති හින්ද බන් නොකිය ඉන්නෙ... කිව්ව කියල මිනිස්සු අමාරුවෙ නොවැටි ඉන්නෙ නෑ... උන් අමාරුවෙ වැටෙන්නෙ බලෙන්... මාකට් එකේ සූදුවක් යනව කියල ආයෝජනය කරන හැම එකාම දන්නව... උන්ට ඕන ඒවගෙන් ඈත් වෙලා අමාරුවෙ නොවැටි ඉන්න නෙමෙයි... අද කොයි ෂෙයා එකද ගහන්නෙ බලල ප්‍රොෆිට් එකක් ගන්න... සරලව කිව්වොත් ගලන ගඟෙන් දිය දෝතක් ගන්නවටත් වඩා ගඟේ බැහැල නාන්නයි උන්ට ඕන...

      Delete
    3. සමාවෙයන් සාතන්. බඩේ පාර ගැහුවා නෙමෙයි. ඇත්ත කතා කලා පමණයි. මේක ඕනනම් 2500 ක් දකියි. ඒත් සති දෙකෙන් අමතකයි...

      Delete
    4. බඩේ පාර කතාව කිව්වෙ නිකමට මාතලන් අයියා... මේ දවස් වල මගේ ක්ලයන්ට්ලව මාකට් එකෙන් ඈත් කරල තියෙන්නෙ කොහොමත්... සෙලිං විතරයි... :)

      Delete
  12. ඉස්සර ගේම්ස් දුන්නේ හැංඟි හැංඟි. දැන් සේරම එලිපිට.

    ReplyDelete
    Replies
    1. බය නෑ... සියළුම තැන් වල ඉන්නා පුද්ගලයින්ගේ. කර අඹා අවසන්ය...

      Delete
  13. මේ රටේ දූශනයෙන් වංචාවෙන් තොරව ක්‍රියත්මක වෙන එක දෙයක්වත් තියෙනවද ? ඉතින් කොටස් වෙ.පොල ගැනත් මොන කතාද ?

    ReplyDelete
  14. හනේ මම දන්නේ නැති ය..

    ReplyDelete
  15. මේ ගතවෙන්නේ අමුතුම යුගයක්.සියලුම ආකාරයේ අපරාධ කරුවන් නිදැල්ලේ තම අපරාධ ජීවිත ගතකරනවා.මීට කලින් මම මේ දේවල් දුටුවේ ෆිල්ම් වලයි.

    ReplyDelete
    Replies
    1. අර ඇමරිකාවේ ගේම් දුන්න ටැමිල් පොරට කෝමද දුන්න ගේම (මට නම අමතකයී) කම්බ හොරෙක් කියලා හැම ටී වී එකේම පත්තරේම දාලා මාර මඩක් නේ දුන්නේ. ඒ දෙමලෙක් නිසා. මෙහේ කොහොමද...?

      Delete
  16. කොටස් වෙළඳපල ගැන ඔබ දාල තියන පැහැදිලි කිරීම නියමයි. ටික දෙනෙක් ගේ ක්‍රියා නිසා රටම සහ රටේ අනාගතයම අඳුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. පාළකයින්ටත් මේ රටේ ඉන්න ඕනම නැද්ද....?

      Delete
  17. අතන කහගන්න සම්ප්‍රදායිකව පාවිච්චි කරන්නෙ නියපොත්තක්නෙ බං, උඹ සත පනහක් පාවිච්චි කරාට.
    දෙල්කඳ පොල වගේ ඈ? :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අම්මි කියලා තියෙන්නේ බත් කන අතින් පුක කහන්න එපා කියලා. නුහුරු අතින් කැසුවට කැසෙන්නේ නෑ. සත පහක් හොයාගන්නත් නෑ. ඒ නිසා හොයාගන්න පුළුවන් අඩුම වටිනාකමක් තියෙන කාසියෙන් තමයි කසන්නේ.
      කෝමද උත්තරේ.
      උඹේ පරිවර්ථන කෙටි කාතාවක් වගෙනේ

      Delete
  18. මම කොටස් වෙළද පොල ගැන නම් මෙලොදානයක් දන්නෙ නෑ. ඒත් අපේ රටේ ආර්ථිකය ගැන ඔය කියන සුරන්ගනා කථා නම් ඉතින්.............ඔ්ව ගැන කථා නොකර ඉන්න තරමට හොදයි

    රටේම තියෙන ආදයමින් හැම සතෙම හූරලා තමයි ණය පොලී ගෙවන්නෙ

    රජයෙ ආයතනයක් මිලට ගන්න පෑනක් පවා අනාගතය නය කාරයො කරලයි ගන්නෙ

    2002 දී රනිල් ගෙනාපු fiscal policy act ක්‍රියාත්මක කරා නම් ඒකත් අති මොනව හරි කරනවනම්
    ඒත් ඉතින් අපේ රටේ බුද්ඩධිමත් ජනතාව චූන් වෙන්නෙ නෑනෙ ඒවගේ වැඩකින්


    ReplyDelete
    Replies
    1. රනිල් ආවත් මේ හොරු ටික එයාට සෙට්වෙයි...

      Delete
  19. අනේ මන්දා මම නම් ඕකෙන් 2004 ඉඳලා අදවෙනතුරු ගානක් හොයාගත්තා

    ReplyDelete
    Replies
    1. ගේම දන්න පිරිස අඩුයි...

      Delete
  20. මමනම් බොරදියේ මාළු ටිකක් බාගත්ත. මේ දවස්වල වැඩිය කන්ඩ ගියොත් බඩුම තමයි.
    වැඩිය කඩන නරක ළමයින්ට හොද පාඩම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. බොර දියේ මාළු බාන මගේ යාළුවොත් ඉන්නවා. ඒත් අහිංසක මිනිස්සු. මිනිස්සුන්ගේ අරමුදල්...

      Delete
  21. සේවක අර්ථසාධකේ කොටස් වෙළදපොල අස්සෙ රිංගවලා කියලයි ආරන්චිය...

    ReplyDelete
    Replies
    1. ඇන් ඇස් බී සභාපති දෙන්න ගියෙත් ඒ වගේම ගේමක් තමයි..

      Delete
  22. ඉඩකඩම් විකුණා හෝ කොටස් වෙළඳ පලේ ආයෝජනයක් පටන් ගනිමි :)

    ReplyDelete
    Replies
    1. මෙන්න බුද්ධිමත් මිනිසුන්

      Delete
  23. කුරහන් රාළ අත ගැසූ සෑම දෙයක්ම නැති බංගස්තාන වී ඇත.

    ක්‍රිකට් - මම දැන් නොබලමි
    අධිකරණය - මාර ජෝක් බං
    පොලීසිය - රටේ ලොකුම හෙනය
    නීතිපති - ලොක්කගේ කක්ක හෝදනවා
    කලාව - ජක ඇතුළු පිරිසගේ වන්දිභට්ට කලාව පමණක් පෝෂණය වේ.
    ආගම - පූජක වහන්සේලාට පිසිදු වන්නට කතෝලික සහ ඉස්ලාම් ආගම වලට තවම කුරහන් තොන්ඩුව දැමීමට හැකි වී නැත.
    අද්‍යාපනය - එහෙම එකක් තිබුනද?
    ආර්ථිකය - කබුරාලගේ උඩට නගින ප්‍රස්ථාරයි හම්බන්තොට දියුණුව ගැන කතාවයි විතරයි. චීනෙට ජන්ගියත් ණයයි.
    ගැනුන්ගේ පතිවත සහ දැරිවියන්ගේ කන්‍යාභාවය - ප්‍රාදේශීය සභා විෂය පථයට අයත් දෙයක් වී ඇත.
    තෙල් සංස්ථාව - පැට්‍රොල් ටික ගහගෙන ටික දුරක් යනකන් ඇඟේ ලේ නැ. මග හිටියිද කියල.

    ඉතින් මෙහෙම යනකොට නම් හිතනවා යුද්දේ විතරක් දිනුවේ කොහොමද කියල. එක්කෝ වෙලා තියෙන්නේ අර මොකෙක්දෝ එකෙක් පිහිනීමේ තරගය දිනුව වගේ. පස්සෙලු දන්නේ මූව කවුදෝ වතුරට තල්ලු දාල. පීනලා තියෙන්නේ පන බයට. එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම ජනරාල්ගේ දක්ෂ කම.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බලය පවත්වා ගැනීමේ කපටි නුවණ අනිත් දේවලටත් තිබුන නම්...

      Delete
  24. කලින් කොමෙන්ටුව දාපු අනාමයි මේ. ෂමා වෙන්න, කියන්න ගිය දේ කියන්න අමතක වුණා හිතේ තියෙන වෙගෙටම (මම කලින් ලොක්කව මාකට් කොරපු පොරක්, එකයි මේ).

    මේ ගොය්ය මේ පැත්තක තියෙන, කලින් කිසිම දූෂිත පාලකයෙක් ඇත නොතියපු පැති වලටත් කිසිම හේතුවක් නැතිව කෙලවනවා. කොටස් වෙළදපොල එකක් විතරයි. ඉතාම දූෂිත සනත් ගුණතිලක පාලන සමයේ උනත් මේ ආයතන වලට නම්බුකාර විදිහට පවතින්න ඉඩ දුන්නා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.... මෙයාලට කන්නවත් රටක්, ආර්ථිකයක් තියෙන්න එපාය.

      Delete
  25. මට නම් ඉතින් ඕවා තේරුම් ගන්න බොහෝම අමාරුයි මහත්මයා.

    මමත් බ්ලොග් අඩවියක් අටව ගත්තා. මෙතනින් බලා සහයෝගයක් ලබා දෙන්න.

    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කරුමෙ.. බොහොම අගේ ඇති බොගක් නේ දාලා තියෙන්නේ. ජය වේවා

      Delete
  26. What is the shere market
    How to invest
    I want more details plz

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න