.

.

Nov 4, 2012

ආදර්ශමත් ගුරුතුමී (16+) - Good Teacher (16+)



අපේ පවුලෙත්, ගුරුවරු ගුරුවරියෝ කීප දෙනෙක්ම ඉන්නවා. බ්ලොග් ලියන අය අතරෙත් ඉන්නවා. ඉස්සර නම් ගුරුවරු කියන්නේ, දෙවිවරු වගේ පිරිසක්. ඈත අතීතයේ නම්, ගුරුවරු ඉඳලා තියෙන්නේ රජ පවුල්වල අයට විතරනේ. හොඳම ගෝලයට සම්මාන හැටියට දෙන්නේ ගුරුතුමාගේ දෝනීයැන්දා. ඉතින්, එයා මොන වගේ උනත් බාර ගන්න වෙනවා. මොකෝ තෑග්ගක් රිජෙක්ට් කොරන එක කැත වැඩේනේ. අපේ කාළෙත් ගුරුවරු දෙවිවරු වගේ උනත්, අපේ පරම්පරාවේ අය උසස් පෙල කරණ කාලේ වගේ වෙන කොට මේක තවත් රස්සාවක් විතරක් බවට පත් උනා. දැන් නම්, ගුරු වෘත්තිය කියන්නේ තවත් රස්සවක් විතරයි. ඒත් සත පහක් වත් නොගෙන අමතර පන්ති කරන, තමන්ගේ වැටුපත් සිසුන් වෙනුවෙන් වියදම් කරලා, දුෂ්කර සේවයේ යෙදෙන දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා කියන එක, ඒ අයට උපහාරයක් විදියට සඳහන් කළ යුතුමයි.

වර්ථමාන ගුරු පරපුර ගැන හොඳ ළිපියක් "මහින්දේ තමයි ඉස්කෝළේ" පොතට විවේචනයක් විදියට බූන්දියේ පලවුනා. ඒකේ ලින්ක් එක හොයන්න සෑහෙන මහන්සි උනත්, හොයා ගන්න හම්බ උනේ නෑ. කවුරු හරී ඒක දැක්කොත් එවන්න මෙතන ලින්ක් එකක් දාන්න පුළුවන්. (ප: ලි: - බඩු හම්බ උනා.. සාදර අනුග්‍රහය කැක්කා ඩී ඩී. සහ කතන්දර ශූරීන්.  මෙතනින් බලන්න). ඒක බලපු වෙලාවේ මට පරණ ජෝක් එකක් මතක් උනා. වෙන ඒවා අපේ රටේ විදියට පරිවර්ථනය කළත් මේක අපේ රටට ගැලපෙන විදියට පරිවර්ථනය කරන්න ඉස්සෙල්ලා මම දෙපාරක් කල්පනා කලා. මොකෝ, අපේ රටේ තලේබාන් බෞද්ධයෝ වැහි වැහැපු යුගයක්නේ. බුකිය පුරාම තලේබාන්ලා වැහි වැහැලා. මම නම් දැක්ක ගමන් "අන්ෆ්‍රෙන්ඩ්" (Unfriend) එකෙන් ගිහින් අයින් කරලා දානවා. මොකද, බුද්ධාගමටත් නිගාවක් නිසා. එහෙම අය මගේ මිතුරන් නොවුනට මට අවුලක් නෑ.

ඒත් පස්සෙ කල්පනා කලා, ඒ විදියටම පරිවර්ථනේ නොකර, ටිකක් අඩු කරලා පරිවර්ථනය කරනවා කියලා. මොකද, මේ කතාවේ ඔරිජිනල් එකේ තියෙන්නේ "සන්ඩේ ස්කූල්" කියලා. ඒක මෙහෙට පරිවර්ථනය කළොත් "දහම් පාසල්" වෙනවා. එතකොට තලේබාන් බෞද්ධයෝ, මාව මරාගෙන කන්න පුලුවන් නිසා, ගෙඩිය පිටින් නැතුව සාමාන්‍ය ගුරුතුමියක් විදියට මේක පරිවර්ථනය කලා. ගුරුවරු කියලත් ඉතින් මනුස්සයොනේ. තමන්ගේ ගෝලයොත් එක්කත් පෙම් කොරන, එයාලව කසාද බඳින අයත් ඉන්න එකේ ඒකේ අවුලක් නෑනේ.

 ඔන්න පොරක් එකසිය ගානට ට්‍රයි කොරලා බඩුවක් දාගත්තලු. දාගෙන තියෙන්නේ චීච කෙනෙක්. ඉස්සර වගේ නෙමෙයිනේ දැන් ගෑල්ලමයින්ට ඕන තැනක යන්න එන්න පුළුවන්නේ. ඔය හැම තැනම ඉන්නේ ජෝඩූ දාලා. බස්වලත් යන්නේ, කොල්ලෝ තඩි බලනවා, ලෙඩ වෙලා අනිත් එක්කෙනාගේ උරේ ඔළුව තියාගෙන යනවා, ඇඹරෙනවා, පෙරලෙනවා, හූරනවා, පොරකනවා, ගහනවා, අඬනවා, හිනාවෙනවා, එක කෙලියක්නේ. ඉතින් පොරත් දාගත්තලු "ඩේට්" එකක්. "ඩේට්" එකක් කියන්නේ පොඩි "අවුටින්" එකක්, අවුටින් එකක් කියන්නේ, දෙන්න එක්ක පොඩි රවුමක් ගහල එන්න.

 කොල්ලා ඩිස්කවරි එක ෆුල් සර්විස් කරලා, පොලිෂ් කරලා, යාළුවෙක්ගෙන් තවත් හැල්මට එකක් ඉල්ලගෙන, ඒකටත් සැන්ට් එහෙම ගහලා, පොලිෂ් කරලා, තියෙන ෆුල් කිට් එක මරලා, ජෙල් ගාලා, සැන්ට් ගහලා, කිට මරලා ගියාලු කෙල්ලව ගන්න. කෙල්ලත් ඇවිත් තිබුනේ සාරි පටලවන් නෙමෙයිලු, ටයිට් ජීන්ස් ගහලා, කොන්ඩේ ඉස්ට්‍රේට් කොරලා, තොල් වලයි ඇස්වලයි නියපොතුවලයි ලැකර් ගාලා, තොරොම්බල් පෙරවගෙන, හරියට වෙසක් කූඩූවක් වගේලු. කෙල්ලත් දාගත්ත කොල්ලා, කෙලින්ම කලම්බු සෙවන් වල ග්‍රෑන්ඩ් රෙස්ටුරනට් එකකට ඇල්ලුවලු බයික් එක. අපි හොඳ ලන්ච් එකක් ගමු නේද මෙයා කිව්වම් කෙල්ලත් කැමති උනාලු.

මම නම් පොඩි හාඩ් ලිකර් ෂොට් එකක් ගන්නවා, ඔයාටත් එක්කම ඕඩර් කරන්නම්...

පිස්සුද අනේ...., මම චීච කෙනෙක් නේ, මම කොහොමද ළමයින්ට අවවාද කරන්නේ..?

එහෙනම් බියර් එකක්

පිස්සුද අනේ...., මම චීච කෙනෙක් නේ, මම කොහොමද ළමයින්ට අවවාද කරන්නේ..?

එහෙනම් පොඩි වයින් එකක්

පිස්සුද අනේ...., මම චීච කෙනෙක් නේ, මම කොහොමද ළමයින්ට අවවාද කරන්නේ..?

එහෙනම් හොඳ කොක්ටේල් එකක්

පිස්සුද අනේ...., මම චීච කෙනෙක් නේ, මම කොහොමද ළමයින්ට අවවාද කරන්නේ..?

කොල්ලා දන්න ඔක්කෝම සෙල්ලම් දැම්මත් කෙල්ල නෙමෙයිලු සැර ජාතී එකක්වත් බිව්වේ. දැන් කෙල්ලො ඒවා නොබිව්වට සිගරට් බොන නිසා..

මම සිගරට් එකක් බොන්න යන්නේ, මට ඩ්‍රින්ක් එකක් දාන කොට එකක් නැතුවම බෑ, ආ..... ඔයාටත් එකක්...

පිස්සුද අනේ...., මම චීච කෙනෙක් නේ, මම කොහොමද ළමයින්ට අවවාද කරන්නේ..?

ඔක්කෝම බලාපොරොත්තු සුන් උන කොල්ලා, (තේරෙනවනේ පොවන්න ගියේ ඇයි කියලා) බිලත් ගෙවලා, බඩුවත් දාගෙන එන ගමන්, ඔය ඇන්ජින් සර්විස් කරන්න,  පොඩි රූම් දෙන තැනක් දැකලා නිකමට වගේ ඇහුවලු. අපි පොඩ්ඩක් මෙතනට ගිහිල්ලා යමුද කියලා. කෙල්ල කිව්වලු "හා" කියලා, තව පොඩ්ඩෙන්, බයික් එකේ යන බවත් අමතක වෙලා, නැගිටලා කෑ ගහන්න සයිස් එකට හොල්මන් උන කොල්ලා, එතනම යූ ටර්න් එකක් ගහලා, බස් එකක් නවත්තලා, ගමේ උන්ට කියලා බස් එක ගිනි තියන සීන් එකකිනුත්, නූලෙන් බේරිලා, සිග්නලුත් නොදා කෙලින්ම ඇල්ලුවලු පොට් එකට.

සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව, ඒ සී රූම් එකක්ම ගත්ත කොලු පැටියා, ආතල් එකටත් එක්ක, කෙල්ල කැමති මොනවද කියලා අහලා, බයිට් එකට එයා කැමති, බැටර්ඩ් ප්‍රෝන්ස් එකයි, චිප්ස් එකයි, ගොල්ඩ් ලීෆ් 12 පැකට් එකකුත් ගෙන්නගෙන, තවත් දෙසීයක් එහෙම ගහලා, සර්විස් එකට සෙට් උනාලු. ෂොට් පහක් හයක් ගහල උන්න නිසා, එහෙමම නින්ද ගිය කොලු පැටියට, පැය තුන හතරකට පස්සේ ඇහැ ඇරුණලු, අම්මට හුඩු, කෙල්ලත් සිවිල් පිටින් ඇඳේ නිදිලු, ඩෝප් හිඳුන කොල්ලා, අයියෝ මේ මොන අපරාධයක්ද මම මේ කෙල්ලට කලේ කියලා හිතලා, තට්ටුවක් දාලා සැපට නිදාගෙන හිටපු චීචව ඇහැ ඇරෙව්වලු,

වෙරි සොරි අනේ මට වෙරි පිට අහන්නත් බැරි උනා, දැන් ඉතින් කොහොමද ඔයා ළමයින්ට අවවාද කරන්නේ...?

අයියෝ.. ඔයා ඒකට කලබල වෙන්න ඕන නෑ... මම හැමදාම දෙන අවවාදෙම තමයි එයාලට දෙන්නේ...

හෑ...... ඒ මොකක්ද ඩාලිං ඒ....?

දරුවනේ... ජීවිතේ විඳින්න, ප්‍රීතිවෙන්න, සතුටින් ඉන්න, අරක්කු සිගරට් ඕනම නෑ කියන එක...

ප: ලි:
දැන් අරක්කු සිගරට් වහ කඳුරු වගේ අයට හරි ජොලි ඇතිනේ..
ඒවල ආතල් එක දන්නේ ඒවා ගන්න එකා විතරයි...



87 comments:

  1. Link for the original story please

    ReplyDelete
    Replies
    1. Sorry, this is from, one of my dirty jokes books.

      Delete
    2. පොතක කතාවක් දානවානම් ලින්ක් නැත්නම් පොතේ පින්තුරයක් දාන්න

      Delete
  2. ටීචර් දෙන අවවාද ඉස් මුදුනින්ම පිළිගන්න ළමයි ඉන්න රටක ආදර්ශමත් ටීචර් කෙනෙක්.

    ReplyDelete
  3. මම හිතුවා ඊයේ දීපු ආතල් එකට මෙහෙම එකක් වෙන්න ඇති කියලා බලන්න කොච්චර ආදර්ශමත්ද කියලා

    ReplyDelete
    Replies
    1. කලින්ම බඩු ගියානේ ආතල් එක වැඩි වෙලා...

      Delete
  4. ඇත්ත කථාව... මම අරක්කු නැතිවත් ඇතිවත් ආතල් අරන් තියෙනවා... මගේ යාළුවෙකුට වෙච්ච රසවත්ම වැඩක් කියන්නම්.. දැන් අවුරුදු හතකට විතර කලින් වුනත් අදටත් ඌට ඒක මතක් කරපු ගමන් කොල්ලා කට වහනවා ලෙසටම...

    පොර අපිත් එක්ක වොඩ්කා ශොට් එකක් ගහලා ගෙදර ගියා... පොරගේ බිරිඳත් අපේ හොඳම යාළුවා.. උදේ ගෑණි කෝල් කරලා කියනවා යාළුවාගෙන් අහන්න අභීත ඊයේ මොකද වුනේ කියලා... මම කෝල් කරලා අහපුහාම මූට පට්ට අවුල්... මගේ වදේට මූ ලැජ්ජාවෙන් ඇබරි ඇබරි කියනවා...

    "මාර සීන් එක අභියා... ඊයේ සීන් එක කරන ගමන් මට නින්ද ගිහින් බන්... උදේ නැගිටිද්දි රේන් කෝට් එක පිටින්ම නිදාගෙන..."

    ඔන්න ඔහොමයි වුනා කියන්න්නේ....

    අරක්කු ඇතිවත් නැතිවත් ආතල් එකට ප්‍රශ්ණයක් නෑ... ඒ ඒ වෙලාවට ඒ ඒ ආතල්...

    ReplyDelete
    Replies
    1. හදිසිම අවස්ථාවක් ඇර. මම නම් පොඩි ෂොට් එකක් දානවමයි. නැත්නම් ඉතින් ටුවෙන්ටි ටුවෙන්ටි තමයි...

      Delete
    2. යකෝ පොඩි එවුනුත් මෙව්වා බලනවා,
      හි හි
      අරුගේ ජුන්ඩා ගන්ට දෙයක් නැතිවෙන්න ඇති

      Delete
    3. බිරිඳ උඹට කෝල් කරලා ඔහොම කිව්වා කියන්නෙ 'ර'යනු දෙකක් වෙන්න ඕනෙ

      Delete
    4. මහ වෙදනා උතුමානන්වවත් මුණ ගැහියන් මාතේ.. අපරාදෙනේ අරක්කුවලට දෙන සල්ලි..

      Delete
  5. මෙන්න අර ලින්ක් එක. (මහින්දෙ තමයි ඉස්කෝලෙ පොතට විවේචනයා)

    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2997#ComBookM2

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ.. මම හෙව්වේ වෙන මාතෘකාවක් යටතේ. කියෙව්වට හෙඩින් එක මතක තිබුනෙම නෑ...

      Delete
  6. කොල්ලා ආතල් ගන්න කොට ටීචර් නිදාගත්තද මන්ද?

    ReplyDelete
    Replies
    1. එයාට නින්ද යන්න ඇත්තේ අරූගේ වැඩවලට. එතනත් සිකැරට් 12 ක්ම ගෙන්න ගෙන නේ. කෙල්ලත් නොමිලේම ඒවා ගහන්න ඇතිනේ..

      Delete
  7. මාතලං මලේ මමත් ඔය කියන දෙවිදියටම ආතල් අරන් තියනවා. ඔයා කතාව සිරා විදියට කියල තියෙන්නේ ඒ සිදුවීම් හිතේ ඇදෙනවා මේක කියවනකොට. ඊයෙ ඉදන් බලන් ඉන්න වුණා මේක කියවන්න. මොකද ඒ මාකටිං පාරක්වත්ද.

    ReplyDelete
    Replies
    1. නෑනේ මචෝ ටයිප් කොරලා හෙඩිම දාලා කෙලින්ම රිටන් බටන් එකට ඇදලා ඇරියා.. අනික මම තව පෝස්ට් එකක් දාන්නේ ටාගට් කරපු හිට්ස් ගාන ආවට පස්සේ..

      Delete
    2. වෘත්තීය බොකකරුවන්.. හා.. හා.. හිට් ලිමිට් වෙනකොට ඇලර්ට් කරන්න අපිටත් ලයින් වෙලා ඉන්න හරිය..

      Delete
  8. මටත් ඉන්නවා ඥාති අක්කා කෙනෙක් කතා කලොත් කියන්නෙම තලේබාන් කතා. මං කියන්නේ ඔහොම බැන බැන ඉන්නේ නැතුව බැදලා ළමය පස් හය දෙනෙක්වත් හැදුවනං ඉවරයිනේ. හැබැයි එතකොට නං කට වැහෙනවා

    ReplyDelete
    Replies
    1. අපේ පවුලේ අයත් එහෙමයි මෛත්‍රී භාවනා කරනවා. ඒ වගේම දෙමළු මරමු සංවිධානයේ සාමාජිකාවෝ. ඒ ගැන ඇහුවම, නිවන් කෙසේ වෙතත්. පත්තු කර ගත්ත තමයි.

      Delete
  9. ඊයේ මේක දාලා මෙවුවා කරලා තිබ්බා නෙ.. :/
    ආන්න ටීචර් ලා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේකට මෙව්වා එකක් උනානේ.

      Delete
  10. කෙල්ල හා කිව්වහම කොල්ලාගේ හැසිරීම විස්තර කිරීම නම් අනර්ඝයි.

    පලවැනියටම බීපු දවසේ ඉගෙන ගත්ත පාඩම තමයි... ආතල් ගන්න නම්, පස්වැනි සිල්පදේ පරිදි, සුරාමේරය "මද පමණින්" පාවිච්චි කරන්න ඕනේ කියන එක. පලවෙනි දවසේ... ෂොට් 2, 3 පස්සේ මම වැටිලා නිදාගෙන, කෙලින්ම පහුවදා ඇහැරුනේ... අපරාදේ නිල්.

    ReplyDelete
    Replies
    1. අපරාදේ සල්ලි. ඒකනේ කරුමේ කියන්නේ. මද පමණට ගත්තම හරි.

      Delete
  11. ප්‍රතිපත්ති ගරුක ටීචර් කෙනෙක්.....

    ReplyDelete
    Replies
    1. ආදර්ශමත් ගුරුවරියක්...

      Delete
  12. ආතල් එකක් ගන්න අරක්කු සිගරට් ඕනෙම නැහැ තමයි.. බොන ආතල් එක වෙනයි අනිත් එක වෙනයි.. කොහොමත් ටීචර්ලා (කෙල්ලෝ ) අකමැති අරක්කු සිගරට් වලට විතරයි බං..(ඒත් උන් ඒවා බොන්නේ නැති හින්දා වෙන්න ඇති ) අනිත් එව්වට අකමැති වගේ පෙන්නුවට කැමති...හික්,.හික්.

    ReplyDelete
    Replies
    1. ඒවට කවුද බන් අකමැති චීචර්ලා විතරය..

      Delete
  13. අන්න බලන්න ඉතිං ටීචර්ලා.... ;)

    ReplyDelete
    Replies
    1. අරූට පාඩමකුත් කියා දීලා

      Delete
  14. ටීචර් කෙනෙක්ට ට්‍රයි කරන්න ඔනේ ........ :D:D

    ReplyDelete
    Replies
    1. අවසානය තමයි පුතේ. උඹට හැමදාම ඉස්කෝලේ යන්න වෙන්නේ..

      Delete
  15. ඈ මාතලන්.. කෙල්ලො එකෙක්වත් පේන්න නැත්තේ මොකෝ....

    සුරාමේරය නම් මටත් වහකඳුරු තමා.... ඔය ආතල් කියලා බීලා කොරන විකාර දැකලම ටෙස්ට් කරලා බලලා තියෙන නිසා ඕකේ ඇති ආතල් එකක් නැති බව හොඳට දන්නවා නොවැ මං... ඒක නිසා ඔන්නොහෙ ඔලුවෙ තියෙන ආතල් එක මවාගෙන තිත්ත කසාය බොන එකාට, සීනි නොදා පස්පංගුව තම්බලා දුන්නම මූණ ඇඹුල් වෙච්ච වෙලාවට දෙනවා හොඳට රිටන් එක.... හි හි...

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ හිතෙන්න ඇති. පොඩි කෙල්ලො නේ ඉන්නේ. බැඳපු අයට නම් ගානක් නෑ. ලැජ්ජ බයට හැදෙන කෙල්ලෝ නෙවැ

      Delete
  16. මාර ටීචර් කෙනෙක්නේ.. :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද අනෙ මාරේ. මනුස්සයෙක්නේ...

      Delete
  17. ටීචර්ලාත් මනුෂ්‍යයෝය.

    ReplyDelete
  18. Replies
    1. මොකෝ ලැජ්ජා හිතුනයි...

      Delete
  19. අපේ කාලෙත් ඔය කොල්ලෝ ටීචර්ලා එක්ක තිබ්බ හුටපට දෙක තුනක්ම තිබ්බා :) සිරකරුවෝද මනුෂ්‍යයෝ කිව්වලු! නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපේ කාළේ මොකක්ද බන් අපේ ලොකු බාප්පා 1950 ගනන් වලදි උස්සලා තියෙන්නේ අවුරුදු දහයක් විතර බාල ගෝලයෙක්නේ.

      Delete
    2. මේක අනිත් පැත්ත. මිස්ලා සහ ගෝලයෝ! :D

      Delete
  20. ඇත්ත තමා ජිවීතේ සතුටෙන් ඉන්න ඕනේ :D

    ReplyDelete
    Replies
    1. ඒකටනේ අනේ ඔක්කම කරන්නේ...

      Delete
  21. Replies
    1. පාඩු නෑනේ බන්.. ලව් කරන එකනේ..

      Delete
  22. ඔය වගේ චූටි ටීචර්ලා තාම ඉන්නවද දන්නෑ නේද...

    ReplyDelete
    Replies
    1. එදත් උන්නා, අදත් ඉන්නවා, හෙටත් ඉඳියි..

      Delete
  23. හිනා කටයි. ඇස් වලයි තොල් වලයි නියපොතු වලයි ලැකර් ගාලා.........මරු.

    ටීචර් කෙනෙක් වෙච්චි මම දන්න කියන නෝන කෙනෙක්ට මොනා කරන්න ගියත් කවුරුත් කියන වාක්‍යයක් තිබ්බා.
    “ දැන් ඔයාට ඔහොම කරන්න බැහැ.මතක තියා ගන්න ඔයා දැන් ටීචර් කෙනෙක් “
    හෙහ්........
    ඩෙනිම් අඳින්න එපා කීවා. අරුමෝසම් නම් එයා කොහොමත් පාවිචිච්යක් නැහැ.සමහරු නම් ඇයට කීවේ මෙහෙම.
    “ ඔයා ට නම් හරියන්නෙ ඔය ජොබ් එක තමා “

    ඔය මොනා කීවත්..... ස්ටාෆ් රූම් එක පැත්තෙ ගිහින් හොරාට හැංගිලා අහන්න ඉන්න බලන්න. ටීචර් නෝනල ටික වට කරාන ටීචර් මහත්තරු කියන කතා.අමුකුණුහරුප.ටීචර් නෝනලත් උඩ පැන පැන හිනා වෙනවා.

    සමහරු නම් හීන් සැරේ එළියට බැහැල යන්න යනවා. පස්සෙන් පහු මාතලන්ගේ බ්ලොග් එක බලනෙක වෙනමම කතාවක් හරිය.

    අනික...........ටීචර් කෙනෙක් කීවම බලන්න එපැයි මහත්තරුන්ගෙ තියෙන සැලකිල්ල.හෙහ් හෙහ්.මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ලොකුම වැරදි අප්පා. මොළයක් තිබ්බට නිකමට හිතන්නෙ නැහැ. වෙන කවුරු හරි ඉස්සර කාලේ ඉදල හිතල තිබ්බ විදිහට ම හිතනවා.

    මාතලන් අයියේ.......පෝස්ට් එක නියමයි.

    ReplyDelete
  24. අනික ඉතින් පොඩ්ඩක් බීවුවට මක් වෙනවැයි. නොබොන ඈයොන්ගෙ තියෙන්නෙ මහ ගල් හිත්. බොන ඈයෝ අවංකයි කියලයි මට හිතෙන්නේ.අඩු ගානේ පිරිමි බීවට පස්සේ දුක දෝරෙ යන්න අඬනවා.

    දැන් ඉතින් අමද්‍යප ඈයෝ කඩු කිණිසි අමෝරා ගන්නෙපා.එයාල ගැන මයේ හිතේ තියෙන්නේ ගෞරවයක්.

    හැබැයි සිගරට් නම්.......ජරාව... ඇඟිලි හැලිලයි මැරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. චීචර්ලා ගැන මම හොඳටම දන්නේ බාලිකා පාසලක උගන්නපු මගේ අක්කා නිතරම හමු වෙන්න ගිහින් චූචී චීච කෙනෙක් එක්ක පොඩි හාද කමක් තිබුන නිසා. අප්පෝ එයාගේ වස..

      Delete
    2. බීම ගැන ඔයා වගේ බලන ගැහැනු අය හරි අඩුයි අනේ...

      Delete
  25. කථාවෙ හැටියට කොල්ලා සෑහෙන මුදලක් ඉවර කරගෙන වගේ....

    දැන් දැන් ඉට්ටයිල් වැහි වැහැපු ටීචර්ලත් ඉන්නවා... ඉතිං අසරණ කොල්ලො කොහොම විභාග පාස් කරන්නද... පාඩම පටන් ගන්නකොටම මල්ලි ඇහැරෙනවා...

    ReplyDelete
    Replies
    1. දැන් මොකක්ද බන්. සබ්ජෙක්ට් ගැන ගුරුතුමී ගැන දාන එක හරි නෑ. සමහර වෙලාවට ස්කූල් කට් කරන්නෙ නැතුව අන්තීම පීරියඩ් එක වෙනකන් ඉන්නවා මේ හින්දා.. තව දෙයක් කියන්න ඕන, මම ස්කූල් කට් කරපු ගමන් කෙලින්ම ගෙදර..

      Delete
  26. ගුරුවරු කියලා නෑ ජීවිතේ වින්දින්න ඕන අනිවාර්යෙන්ම . . . ඇත්තෙන්ම පොතේ ගුරාල නැතුව මේ වගේ රියලස්ටික් ගුරුවරු හැදෙන්න කාලේ හරි වගේ බන්

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න එවුන් එහෙම තමයි. ඒත් ගම්වල ඉන්න අය නම් තවමත් අහිංසකයි..

      Delete
  27. මොනා උනත් ටීචර්ලා හොඳයි කියලා අහලා තියනවා. පිරිමින්ට ප්‍රශ්නෙකට උත්තරේ දෙන්ට අවස්ථාවක් දෙන එකම ගෑනිය ගුරුවරියලු. :D

    ReplyDelete
    Replies
    1. හැබැයි පොඩ්ඩියේ. පිරිමියා මොන උත්තරේ දුන්නත් , අන්තිමට හරි ටීචර් ගෙ උත්තරේ ලු.

      Delete
    2. පිරිමි ගොඩාක් අය ටීචර්ලා බදින්න කැමති
      අපි ඊයෙ පටන් ගත්ත තැනින් අද පටන් ගම්මු කියන නිසාලු...

      Delete
    3. ඇයි ලෝයර්ස්ලා

      Delete
  28. වැඩේ කෙසේ වෙතතු බීල බයික් එක පදින්න ගිහින් පොලීසියෙන් ඇල්ලුවනම් කමයි වැඩේ...


    ජය..

    ReplyDelete
    Replies
    1. කෙල්ලො එක්ක යනකොට පොඩි උන් එක්ක යනකොට එහෙම කරන්නේ නෑ. ඒ අතින් නම් උන්ගේ මනුස්ස කම තවමත් තියෙනවා. අත්දැකීමෙන් කියන්නේ. පොඩි අවවාදයක් දීලා, යන්න කියනවා..

      Delete
  29. හැබෑටම මේ වගේ ටීචර්ලා ඉන්නවා නම් අනේ වාසනාවන් :)

    ReplyDelete
    Replies
    1. ඉන්නව අනේ ඔය ඕන තරම් ඉන්නේ..

      Delete
  30. පින් මඳ පුතුන්!

    මට ආතල්ම කෑලි දෙකක් තියෙනවා

    එකක් අර බස් වල ලව් කරන විදිය.

    අනික අර ගමන යන්න කිට මරපු විදිය බං.

    අත්දැකීම් නේද බං?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. නිර්මාණවල තියෙන්නේ තමුන්ගේ අත්දැකීම් කියලා කියනවනේ..

      Delete
  31. මමත් අහලා තියන විදියට ටීචලට හොඳට ඕන බබාලා වගේ පෙන්නුවට.
    අනික තමා බීම. මමත් හොඳට බීලා තියනවා. ඒත් වැඩේට බීම හොඳම නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩි ඩ්‍රයි ජින් ෂොට් එකක් ගහල බලන්නකො මම කියනවට..

      Delete
  32. අන්න ටීචර්ස්ල, ආදර්ශවත් චරිතයක්. මම නම් කැමතියි ඔය වගේ අයට.

    ReplyDelete
    Replies
    1. මමත් හරිම ආදරෙයි. මේ වගේ ගුරුතුමීලට.

      Delete
  33. //ඒවල ආතල් එක දන්නේ ඒවා ගන්න එකා විතරයි...//

    මට නම් පහතින් දක්වා ඇති දෙකම රසයි..

    අරක්කු + ටීචර්ලා :ඩී

    ReplyDelete
    Replies
    1. එහෙනම් නැගපන් මගේ බෝට්ටුවට

      Delete
  34. Replies
    1. මොකෝ නිකන් අපුලක් වගේ දැනුනයි...

      Delete
  35. Replies
    1. මොනවද් බන් ලියලා තියෙන්නේ. පේන්නේ නිකන් පට්ටි වැඩේ වගේ..

      Delete
  36. මහත්තයා තලේබාන් බෞද්ධයෝ බංගලිදේශ බෞද්ධයෝ කියලා කොටස් නෑ .
    ඔබතුමා හිතන විදියට ධර්මපලතුමත් අන්තවදියෙක්ද ?
    ලංකාවේ බෞද්ධයන්ට වෙලා තිබෙන හිරිහැර ගැන කතා කිරීම අන්තවදයක්ද ?
    මීට අවුරුදු 5කට කලින් හිටපු සාමකාමී මුස්ලිම් වරු නෙවෙයි දැන් ලංකාවේ ඉන්නේ.
    ලෝකේ ඉන්නන නරකම සුලුජතින් ඉන්නේ අවාසනාවන්ත අපේ රටේ.

    ReplyDelete
    Replies
    1. ඒක මම දන්නවා සහෝ. ඒත් ඒවා ගැන කතාකරන වැදගත් විදියක් තියෙනවා. ඒ දේ තමයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ. මමත් ඔය ත්‍රස්තවාදය ගැන කතා කරනවා. නමුත් වැදගත් විදියට. ගිහින් මෙතනින් බලන්න.

      http://ambagaha.blogspot.com/2012/11/blog-post.html

      Delete
  37. Bad Teachers ෆිල්ම් එක මතක් උනා

    ReplyDelete
    Replies
    1. මේ ගුඩ් ටීචර්ස්ලා ගැන

      Delete
  38. "දැන් අරක්කු සිගරට් වහ කඳුරු වගේ අයට හරි ජොලි ඇතිනේ..
    ඒවල ආතල් එක දන්නේ ඒවා ගන්න එකා විතරයි" සම්පුර්ණ ඇත්ත කතාව. එත් සිගරට් සමග එකග නැත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න