.

.

Nov 8, 2012

2013 ණයවැය - Loan Investment 2013

ජනතාවට බජට් එකෙන් ලැබූනු දේවල්...
අය වැය කියන්නේ, ආදායම් වියදම් කරන ආකාරයයි, ණයවැය කියන්නේ අත මාරුවට ලබාගන්න මුදල් ආතල් එකේ වියදම් කිරීමටයි. අය වැයට තිබුනු ගෞරවය නැති කොලේ, ප්‍රේමදාස මහත්තයාය. එයා කිව්වේ ටැක්සි කාරෙයෙකුට උනත් බජට් එක හදන එක මහ ළොකු දෙයක් නෙමෙයි කියලාය. බලාගෙන ගියාම ඇත්තය. ජනාධිපති තුමා මේක හදන්නේ නැතිය. කේලාම් අහනවයි, ප්‍රශ්ණ විසඳන එකයි ඇර වෙන වැඩක් නෑ කියලා කිව්වේ මේ ළඟදීය. පන්සලකම කියපු නිසා බොරුවක් වෙන්නත් බැරිය. මෙහෙම බජට් නම්, ඒ ලෙවල් ලියන උන්ටත් හදන්න පුළුවන්ය. රොටීද පොල්, බජට් එක කියනව කොට, බලාපොරොත්තු වන ආදායම්, වියදම, වියදම් කළ යුතු ආකාරය, ලාභය, ටයිම් ටාගට් ඔක්කෝම කියනවාය. මේ ණයවැයේ ආර්ථිකයේ දියුණුවට මෙළෝ දෙයක් නැත.

දුප්පතුන් නගා සිටුවන දිවි නැගුමට ලියපු ණය වැයක්ය. ඔය කියන විදියට 2015 දී දුප්පතුන් නැති කරනවා කිව්වාට. මේකෙන් ඒවා කොරන්න බැරිය. මිරිස් වවලා රටක් දියුණු කිරීම කෙසේ වෙතත්, සුරීයප්පෙරුමලා පාන් වෙනුවට මිරිස් කාපල්ලා කියන්න නම් පුළුවන්ය. ඔය වවන වැඩේ කලාට ඒවායේ පසු අස්වැන්නට කරන මෙළෝ ප්ලෑන් එකක් නැත, තක්කාලි ගොවියන්ට, කෙසෙල් ගොවියන්ට, කිරි ගොවියන්ට ඌ දේවල හොඳටම මතකය. වෙන රටක නම් තක්කාලි වලින් සෝස් හදනවාය, කෙසෙල් ගෙඩි අධි ශීතකරණයට ලක් කරණවාය. කිරි වලින් චීස් හදනවාය. මෙහේ කෙහෙල් ගෙඩියි, තාක්කාලියි පොලොවෙ ගහනවාය. කිරි මුට්ටිය ගඟේ යනවාය. ඉතින් කොච්චර දිවි නැගුවත් වැඩක් නැත්තේය. වවපු එකා දිවි නැගුම කෙසේ වෙතත් දිවි නැසුම යෝජනා ක්‍රමේට දායක වෙනවාය. ඒවායේ නිසි කළමණාකාරීත්වයක් තිබිය යුතුය, ආයතන අතර බැදීමක් තිබිය යුතුය, කිරි වලට එක ඇමටියෙකුයි, හරක් බලන්න තව ඇමතියෙකුයි ඉඳලා හරියන්නේ නැතිය. ගොවියන්ට වී මිලට ගෙවන ගාන වැඩි කරපු එක හොඳය. නමුත් පරිප්පුව කන්න වෙන්නේ අපිටය. අනිවාර්යයෙන් හාල් ගනන් යනවාමය. ඒ ගැන නෝ කතාය.

මේ රට ගොඩ ගන්න නම් අනිවාර්යයෙන් විදෙස් ආයෝජකයෝ අත්‍යාවශ්‍යමය, එහෙත් ඔවුන් මේ පැත්ත පලාතේ වත් එන්නේ නැතිය. ඉන්න උනුත් යන්න යන්නේ මියන්මාරයටය. ආයෝජකයෝ විතරක් නොව දේශීය ව්‍යාපාරිකයත් යනවාය. බදු සරළ කොරයි කිව්වාට, ගෙවන්න තියෙන බදු කන්දරාව දන්නේ බිස්නස් එකක් කරන එකාය. කප්පරක් බදුය. සිල්ලර කඩේ කරන එකාටත් කෙලිනවාය. මහ ආන්ඩුවට ගෙවලා හරියන්නේ නැතිය. පලා බබාටත් ගෙවිය යුතුය, නගර සභාවටයි, ප්‍රාදේශීය සභාවටත් ගෙවිය යුතුය. එහෙම ගෙවලා නවතින්නේ නැතිය. දේශපාලකයන්ගේ කප්පන් කාරයන්ටත් ගෙවිය යුතුය. පොලේ ගෝනියක් දාගෙන මඤ්ඤොක්කා විකුණන එකාගෙන් හිටන් කප්පන් ගන්නවාය. සති පොලවල් හැදුවාට වැඩක් නැත. බස් එකක් පාරකට දාන්න බැරිය. මේ කප්පන් කෙලිය නැවත්විය යුතුමය.

සිංගප්පූරූවේ කොම්පැනියක්, ලෝකයේ ආයෝජනය කළ යුතු රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස පත්කල රට, අද ඉන්නේ 81 වැනි තැනද කොහෙදය. යුද්දේ ඉවර උන ගමන් මෙහේ ආපු ආයෝජකයෝ යන්න ගියේ, ලියකියවිලි ප්‍රමාණය වැඩිවීම, නීතී ප්‍රශ්ණ, ඉඩම් ප්‍රශ්ණ, ව්‍යාපාරයක් ආරම්බ කිරීමට ගතවන කාළය හා අවසර ලබා ගත යුතු ආයතන ප්‍රමාණය වැඩිවූ නිසාය. නැතිව ඔය කියන 10% කතා නිසා නෙමේය. ඒවා කොහෙත් වෙනවාය. ඒත් ඉතින් 10% නෙමේය. මියන්මාරයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගතවන්නේ සති තුනක පමණ කාළයක්ය. අපේ මාස නමයක් ගියත් වැඩේ කොම්ප්ලීට් නැත. දේශිය ව්‍යාපාරිකයා මහ පරිමාන නිශ්පාදන ආරම්මබ නොකරන්නේ කප්පම් සීන් එක නිසාය. අත්තනගල්ලෙ නිවාස යෝජනාවක් කරන්න ගියපු ආයතනයට වූ දේ ප්‍රසිද්ධම උදාහරණයය.

මේ දේවල කරන්න බජට් ඕනෑ නැතිය. මෙතරම් බ්ලයක් තියෙන නායකයකුට මේ දේ කරන්න බැරිනම් ඇති වැඩකුත් නැත්තේය. කළ යුත්තේ මියන්මාරේ සති තුනෙන් දෙනවානම්. මෙහේ සති දෙකෙන් දෙන එකය. සුද්දෝ ආවට වැඩක් නැතිය. එන්න ඕනා බර තියෙන සුද්දෝය. එන්නේ හිඟන්නෝය. ඔය එහෙනම් කොළබ බිල්ඩින් හැදෙන්නේ කියා කිව හැකිය. ඒ හදන්නේ ඉන්දියන් කාරයෝය. ඒ එපාට්මන්ට් වල පදිංච් වෙන්නේත් එයාලාමය. සේවය කරන්නෙත් එයාලාමය. ඉන්දියාවෙ කැසිනෝ ගහන්නයි. ෆොරින් කෑලියි නැති නිසා එයාල කොළඹ එනවාය. වෙන කෙහෙම්මලක් වෙන්නේ නැතිය. කළ යුත්තේ වියට්නාමයේ, කාම්බෝජයේ මෙන්, ෆැක්ටරිය පවා ගොඩනගා, ඇවිත් බිස්නස් එක පටන් ගන්නෙයි කියන එකය. යුද්දේ දින්නා මිසක් ජනතාවට ලැබුන දෙයක් නැත්තේය. තව අවුරුදු දහයක් මේ වගේ ණයවැල් ගෙනාවට වැඩක් නැතිය. ණයට අරන් අදායම ඩොරල් 4000 කියා බයිලා ගැහුවාට වැඩක් නැතිය. වතුර නටන තෙක් කකුලුවාත් කිව්වේ ඔය වගේ කතාය. මේ යන්නේ මිරිඟුවක් පසුපසය.


ප: ලි:
රෙසින් කාර් වලට බදු නැති කළ එක හොඳය. හැබයි ට්‍රැෆික් රාලහාමිලා අයින් කළ යුතුය. මොකෝ උන් මර්සඩීස් එකේ 70 ට එහා ගියත් අල්ලනවාය.

ළමයි ඉන්න අය, රබර් වගාවට සහන දෙන නිසා පොඩි රබර් වත්තක් වවා ගත්තාට අවුලක් නැතිය, මොකෝ ළමයින්ගේ ළමයින්ට හරි, පිටි කිරි වෙනුවට රබර් කිරි පොවන්න ඇහැක් නිසාය. රබර් කිරි වල කොලෙස්ටරෝල් තියෙනවාද කියා මම ඇල්කේමියාගෙන් අහලා කියන්නම්ය. (අනිවාර්යයෙන් පිටි කිරි වලට කෙලිනවාය)

මේ තියෙන්නේ ගියපාර ණයවැය ගැන මම ලියපු එකය...

73 comments:

  1. මමත් මේ රේසින් කාර් එකක් ගන්න කියලා ඉන්නේ,ඔය ටාටා නැනෝ , මරුටි සුසුකි වගේ දෙකයි පනහේ කාර් වෙනුවට ආශ්චර්යේ මාවත් දිගේ බෙන්ස් , ලැම්බෝගිනි වගේ සුපිරි වාහන යන කොට කාටද ආඩම්භර .

    බිල්ඩින් හදන්නේ ඉන්දියන් කාරයො විතරක් නෙවෙයි චීන කොරියන් එව්වාත් හදනවා , ඒව්වා නරකයි කියන්නේ බැ ඒත් ඕවායින් රටට ඇති වෙන පල ප්‍රයෝජන ටිකක් අඩුයි. හාණ්ඩ හා සේවා නිෂ්පාදනය වන ඒවා තමයි ඕනි. මේක ලේසි නැ ව්‍යාපාරයක් ආරම්භ කරන්න තියන පහසුව වගේම ශ්‍රමයේ මිලත් වැදගත් සාධකයක් . මේ අංශ දෙකෙන්ම අපිට බරපතල තරඟ දෙන අය ඉන්නවා . අපි ඔය දෙක බැලන්ස් කරන තැනක , හිටියොත් තමයි ආයෝජන ඇදගන්න පුලුවන් . මෙයාලා ඒවා කරයි හඳේ !

    ප.ලි - ඉන්දියන් කාරයින්ට කැසිනෝ සහ ෆොරින් කැලි දෙකම ගෝවේ ගියා නම් තියනව මයේ හිතේ !

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ එහේ නෑ මම දන්න තරමට. අම්බානක එනවා ඒකටම. කැසිනෝ තහනම්. ඒකයි මෙහේ නැගලා යන්නේ.

      Delete
    2. ගෝවේ ගෑනු පරාදයි අපේ ඒවාට එකයි මෙහෙ බුවා.

      Delete
    3. කැසිනෝත් නරක නැ , හැබැයි Macau තත්වයට කිට්ටු කරන්න දැක්මක් සහ අවකාශයක් තියෙන්න ඕනි . ලංකාවේ ලිං ගෙම්බො එක්ක එව්වා කොහෙද

      Delete
    4. ආන්ඩුවත් කැසිනෝ ගහනවනේ ඒකනේ අවුල. ඒවත් වහල දායි. ලයිසන් එක අම්බානක වැඩි කරලා.

      Delete
  2. කරුමෙ කියන්නෙ වතුර නටන්නේත් නැතිය.කකුළුවාට හොඳටම ආතල්ය.අපි මිරිඟුවක් පසුපස යාය.

    ReplyDelete
    Replies
    1. අපි ගියාම මක් වෙනවය. ලොක්කත් යන එකේ..

      Delete
  3. මට ඉතිං කිවහැක්කක් නොමැත තේරුම් ගන්න හැකිනේ ඔබට.

    ReplyDelete
    Replies
    1. අපොයි මොකෑ මම නොදන්නේ... අවුලක් නෑ මචෝ....

      Delete
  4. දැන් බජට් එක කියන්නෙ ලස්සන වචන ටිකක් විතරයි.

    ReplyDelete
    Replies
    1. බජට් නෙමෙයි ... ලෝන් ඉන්වෙස්ට්මන්ට්ස්

      Delete
  5. මේ ශ්‍රී ලංකාද්වීපයේ 66 වැනි අය වැය ලේඛණයේ සදහන් යෝජනා හා අදහස් පිළිබදවත්, එහි අන්තර්ගත වී ඇති ඉතා සිත්ගන්නා සුළු ආදායම් ඉපැයිම් පිළිබදවත් ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගෙන මෙම සාකච්ඡා මණ්ඩපයට පැමිණි මා හට ඉතා කනගාටුදායක ලෙස කිව හැකි දෙය වන්නේ මෙම සාකච්ඡාව කිසිදු පදනමක් නැති තාර්කික කරුණු කිසිවක් මත ගොඩ නංවා නොමැති නෙහොත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම් ආර්ථික සංවර්ධනය. උද්ධමනය අවප්‍රමාණ කිරීම, හිග බදු අයකැර ගැනීම, වෙළද ව්‍යාපාරිකයන් හට සහන ලබාදීම, දේශිය ආයෝජකයන් දිරිමත් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම, අධ්‍යාපනය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වෙන් කිරීම ආදි සියළු කරුණු ගැන නිසි තක්සේරුවක් නැති පොන්න ගනයේ අයවැයක් බවයි.. (හුටා වැරදුනා මාතලං ට ගහන්න කියපු ඔක්කෝම ටික අන්තිමට මගුල අය නැති වැයක් කියන වචනයක් හින්දා වැරදුනා. වැරදීමකින් ඉදිරි නැවතුම් තිත ගාව දී පබිලිස් උනාට ඒකත් ගණන් ගන්න එපා, අපිට සක්‍ර දෙයියන්ගේම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකක් දාන්න කලින් පොඩ්ඩක් කල්පනාවෙන් දාන්න. කළබල වෙන්න නාකයි...

      Delete
  6. මට ඕවා තේරෙන්නේ නැත :D


    ජය..

    ReplyDelete
    Replies
    1. ඩේලී නිව්ස් එකේ ඉංග්‍රීසියෙන් දාලා තිබුනා. සිංහල බැරි අයට.

      Delete
  7. Replies
    1. ඩේලී නිව්ස් එකේ ඉංග්‍රීසියෙන් දාලා තිබුනා. සිංහල බැරි අයට.

      Delete
  8. උදේම ගිහින් පැය ගාණක් පෝලිමේ ඉඳලා ඉඳලා ලැම්බෝගිනියක් ගත්තා.... මම එනකොටත් තව දාහක් හමාරක් පෝලිමේ....

    ReplyDelete
    Replies
    1. මම ගියේ ෆෙරාරි පෝලිමට.. මම හිතුවේ අර කාරෙක ගාව හිටගන්න හෙළුවැලි කෑල්ලත් ඉන්ක්ලූඩ් කියලා. එහෙම දෙන්නෙ නෑ කිව්වම මම ආවා එන්න. පස්සෙ වෙලාවක හොඳ එකක් බලලා ගන්නවා.

      Delete
  9. උඹලා කාට හොඳ නැති වුණත් මාරයාට නම් බජට් එක හොඳයි කියලා මට කෙස් ගහට අන්නිනැහේ කියත හැකි. බලපං මහින්ද ගොයියට ස්තූති කරලා පෝස්ට් එකක දාන්නේ නැද්ද කියලා අද හෙටම.

    ReplyDelete
    Replies
    1. පිස්සු මේකේ අප්සට් එකටමද කොහෙද අන්න ඌ පෙතී බීලා මැරෙන්න යනවා..

      Delete
    2. ඔවු ඉතින් ලිඳෙන් එලිය දැකපු එකෙක් මිස ලිඳ ඇතුලෙ ගුලිවෙලා ඉන්න එකෙක් හිතන් ඉන්නෙ ලිඳ තමයි තැන කියල!

      Delete
  10. උංගෙ අම්මගෙ දිවි නැගුම. දාහක් හමාරක් වියදම යනව ඇට පහ හයක් තියන පැකට්එකටම. ඕව බෙදුවම හරි කියල හිතන්න පුළුවන් පුත්තලම්බූරුවන්ට විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඒවා පොලොවට දාලා සාත්තු කරාම සල්ලි තමයි. මෙයාලා මාළු දෙන්නෙ නෑලූ. බිලි පිතිලු දෙන්නෙ මීට පස්සේ.. ආර්ථික විසේසග්නයෙක් කිව්වේ..

      Delete
    2. රාජ්........අයිඩෙන්ටිය ජරාජීරණ වෙලා..ඕක අලුත් කොරගන්න ගිරාම සේවකගාවට ගියා...වැඩේ කරගත්ත..එන්න හදනකොට අහපි..,
      අය්යෙ මෙන්න මෙතැන අත්සනක් දාල මෙන්න මේ ඇට ටික ගිනිහින් ඉන්දන්නකො..කියල...හිකිස්...මාත් ඉතින් හිනාවෙලාගෙදර ගෙනාව ඕං...කුස්සියේ ඇති.

      Delete
    3. ඒක මහ ජරා වැඩක්නේ? ඇයි ඔහේට ඒවා පැල කරන්න බැරි? අන්තර්ජාල පුස් ඩයල්. (නම නම් වී පොකුර)

      Delete
    4. මම කියන්න ගිය එක ඇනෝ කියලා. ඒත් පස්සෙ මතක් උනා. හිටවන්නෙ කොහෙද කියලා. පර්චස් 7-8 ඉන්න උන් ඉන්දන්න වෙන්නේ පාරේ තමයි. ඉඩම් ඔක්කෝම ආන්ඩුවේ හෙන්චයියන්ට බෙදා ගන්න මරු යෝජනා ටිකක් තිබුනා එකෙක්වත් දැක්කෙ නෑ. ඔන්න අපේ දේශපාලඥයෝ. කෙලියයින් පස්සෙ තමයි කෑ ගහන්නේ.

      Delete
  11. අයියෝ මේ මොන කතාද මම මේ බලන් ඉන්නේ මගේ වියදම් සල්ලි ටික ගන්න ක්‍රමයක්. මිලියන්ම 300 දුන්නනේ. මේ සැරේනම් මට සල්ලි ලැබෙයි. ලක්ෂ 25. මිලියන් 300 තියන එකේ ඕකත් ගානකද? 2008 ඉදල බලන් හිටියට වැරදුනේ නැහැ එහෙනම්. හැබැයි 2010 දුන්න මිලියන් සීයෙනුත් ඕක දෙන්න තිබ්බා. ඒත් මදි වෙයි කියලා බය හිතෙන්න ඇති. ඔන්න මමත් ගන්නවා රේසින් කාර් එකක්. කවද ගන්නද ආයිත්???
    එහෙනම් එන්නම් ඉක්මනටම රේසින් කාර් එකකින්ම.:D

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා වෙද මහත්තයලව අමාත්‍යශයට ගන්නවයි කිව්වේ. මාර චෑන්ස් එක නේ. දේශීය වෛද්‍ය කියන කොටම මට මතක් උනේ වෙද මහත්තයා. අපරාදේ මගේ කොමෙන්ට් එකක් අඩු වෙනවා... හික් හික්....

      Delete
    2. ඔය දීලා තියෙන්නේ 2008 ඉදන්ම. අයියෝ සල්ලි ..

      Delete
    3. හොර වෙදුන්ට දැන් පුළුවන් අමාත්‍යාංශයට රිංගන්න.

      Delete
  12. හනේ හලි සෝක් අය වැයක්

    ReplyDelete
    Replies
    1. ඇයි කිට් එකත් ලස්සනයි....

      Delete
  13. "20යි 15දී දිලිදුබවින් තොර ශ්‍රීලංකාවක් බිහිකරමු" කියන තේමාව යටතෙනේ "ණය-වැය" ඉදිරිපත් කරල තියෙන්නේ.එකෙන් මගේ දරුවන්ට හොදම දේ,තොපිට සහ තොපේ දරුවන්ට මොනදේ වුනත් මට මක්කැයි කියල.තව එකක් UN එකට ගිය M.සමරසිංහ කියල තිබුන ශ්‍රීලංකාවේ මානව හිමිකම් ගැන රටවල් රැසකින් පැසසුම්,රටවල් 99 න් 70ක් ලංකාව සමගයි කියල.මෙවුන් මේ කතා කියන්නේ බොරු ඇහැ ගිලිච්ච එකා දොස්තරට කියනදේ වගේ.කොහොම වුනත් වචන සුන්දරයි!ජනතාවට දුක් ගින්දරයි![ලොක්කට කියවන්න කියල ලියල දෙන්නෙ මාතලන් ලොක්කදැයි කියලත් එක වෙලාවකට හිතෙනවා.එච්චරට රසවත් නිසා.]

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු අපිට එපයි දෙන්න. ලියනවා නෙමේ එහෙනම් මලවනවා...

      Delete
    2. මම නිකන් කියුවේ.දැනටමත් මලවන මැලවිල්ල ගැන සතුටුයි!

      Delete
  14. චින්තක මාමා මේ පාරත් අය වැය කියවනවා ටීවී එකේ පෙන්නපු නිසා බැලුවාය. මා දන්නා විදියට නම් අය වැයක් කියන්නේ ඊලග වසරේ සිදු කිරිමට බලාපොරොත්තු වන වියදම් හා එම වියදම් පියවා ගන්නා ආකාරය පෙන්වන සැලස්මක්ය. එම සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගත යුතුය. ඔය අය වැය කියන එකෙන් වැඩක් වෙන්නට නම් ඊලග වසරේ කටයුතු කල යුත්තේ සම්මත කර ගන්නා අය වැයට අනුවය. වසර අවසානයේ ගිය වසරේ අයවැය සහ සත්‍ය ප්‍රතිපල සසදා විචලතා ඇත්තම් හදුනා ගෙන මේ වසරේ අයවැය තුල ඒ විචලතා නැති වනසේ කටයුතු කල යුතුය.

    නමුත් හැමදාම සිදුවන්නේ අයවැය යනුවෙන් සුරංගනා කතාවක් අපි කට ඇරගෙන අහගෙන සිටීමත් පක්ෂ විපක්ෂ උන් දෙපැත්තට බෙදී මාස කිහිපයක් කෑ ගැසීමත් පමණක්ය. සමහරක හැමදාමත් පරිපුරක ඇස්තමේන්තුය. තවත් පැත්තක වෙන් කල මුදල් වියදම් කර නැතිය. ගිය වසරේ වැරදුනු තැන් හැමදාමත් වැරදි ඇත. ඊලග අවුරුද්ද දිහාත් අපි කට ඇරැගෙන බලා ඉන්නවාය......

    ReplyDelete
    Replies
    1. හරියට හරි, යුද්දෙට බුලට් වගේ බඩු උන්නට. ආර්ථිකේට ලොක්කට පොරවල් නෑ.

      Delete
  15. ලංකාවේ මේ ආර්ථික විජ්ජුම්බරය තේරුම් ගැනීමට ඉකොන් ඩිග්‍රී උවමනා නැත.සාමාන්‍ය පවුලක පවා ආදායමට වඩා වියදම වැඩි නම් කල යුත්තේ වියදං අඩු කිරීම හෝ අදායම් වැඩි කිරීම මිස හිඟය පියවීමට ණය කන්දරාවක් ගොඩ ගසා ගැනීම නොවේ.තුන් වේල කන්න නැති පවුලක් ණය වී පාටි දමමින් ගෙදරට ණයට ඉලේක්ට්‍රික් බඩු ගනිමින් හවුසින් ලෝන් දමා ගේ ටයිල් කරමින් උන්නොත් සදා සොත්තිය.කල යුත්තේ පවුලේ වියදම් අඩු කරගෙන අමතර අදායම් මාර්ගයක් සොයා ගැනීමයි.මේක රටටත් අදාලය.ලංකාවට සංචාරකයෝ මෙච්චර එනවා කියා පෙන්නුවට වැඩක් නැත.එන්නේ අපේ වියදමෙන් කාල යන දුප්පත් හිපියෝ ටිකක් නම් එතනින් පලක් නැත.කටුනායකට එන ප්ලේන් මත්තල ගෙනිහින් නවත්තා කොළඹට එන නැවු හම්බන්තොට ගාල් කරන දේශපාලන සෙප්පඩ විජ්ජාවලින් ආර්ථිකයට වන සෙතක් නැත.ඉන්දියාවේ උන් මොනවා නැතත් IT කැම්පස් ටිකක් ඕපන් කර රැකියා අබිමුඛ අධ්‍යාපන ක්‍රමයක් ඇති කොට ලෝකයේම BPO කේන්ද්‍රස්ථානය බවට ඉන්දියාව පත් කළේය.චීප් ලේබර් පෙන්නා සිටි බැංකුවේ සිට මයික්‍රොසොෆ්ට් දක්වා ඉන්දියාවට ගෙන්නා ගත්තේය .අපි චීනගේ නරිවාදම වයමින් උගෙන්ම ණයට කකා ඇමරිකාවට බනිමින් දේශප්‍රේමයේ හීන දකිමින් දොයියමු !

    ReplyDelete
    Replies
    1. එළ පෝස්ට් එකේම කෑල්ලක්.....

      Delete
  16. ප්‍රේමදාස මහත්තයා කියපු ටැක්සිකාරයෙකුට වුනත් බජට් ලියන්න පුළුවන් කියන කතාවේ ඇත්තක් තියනවා. කොච්චර දන්නවා කියල පෙන්වන්න හැදුවත් බජට් එකක් ලියලා ආර්ථිකයට ඇඟිලි ගහලා රටක් හදන්න සමත් වූවෙක් ලොවෙත් නැති නිසා. හැමෝම ලියපු බජට් වලත් ටැක්සිකාරයෙක් ලියන බජට් එකෙත් ප්‍රතිඵලය අන්තිමේ එකම එකක්: හැමෝම දුප්පත් වෙන එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවටනම් මම එකඟ වන්නේ නෑ. රොටීද පොල් මහත්තයගේ බජට් වලින් මේ රටේ සීඝ්‍ර සංවර්ධනයක් සිඳුවුනා. විශාල සාර්ථක වෙළඳ ප්‍රජාවක් බිහිවුනා, මධ්‍යම පන්තිය ප්‍රසාරණය වුනා. ඒත් ජේ ආර්ලා එක දෙයක් වරද්ද ගත්ත. උතුරේ ප්‍රශ්ණය...!!! එතනදි ඔහු සහ සියළු දෙනාම උන්නේ අද මහින්ද මහත්තයා ඉන්න මානසිකත්වයේ. ඒ නිසා ඒ සීඝ්‍ර ගමන එතනම නැවතුනා. ඔය ඉන්දියාවට ගිය සොෆ්ට්වෙයාර් මාකට්, ඔන් ලයින් ආන්සරින් සිස්ටම් මුලින්ම ආවේ මෙහේට. මම ඒවල වැඩ කරලත් තියෙනවා. අපි සෑහෙන විශාල මුදලක් හෙව්වා. ඒත් 83 කළ කාළකන්නි ක්‍රියාව සමඟ ඒ අය ඔක්කෝම ඉන්දියාවට ගියා. ඒ බජට් වල දැක්මක් තිබුනා, ටාගට් තිබුනා, ඒවා ඇචීව් කලා. මේ මොනවද මේ.

      Delete
    2. එතකොට අපේ දුවා දරුවන්ට දෙන පිටරටවල ශිෂ්‍යත්ව වලට කදිරගාමර් කෙලපු කෙලිය කාටවත් මතක නැතෙයි???

      Delete
    3. මාතලන්,

      කාගේවත් බජට් එකක් නිසා නෙමෙයි රටේ සීඝ්‍ර සංවර්ධනය සිද්ධ වූයේ.

      එතෙක් මිනිස්සුන්ට ගමේ වවපු කෑම නගරේ විකුණන්න බැරි පොලු අයින් වෙච්ච නිසා.

      පිටරට යන්න බැරිව වැසි තිබි දොරවල් ඇරිලා මිනිස්සු තමන්ගෙ රටේ හොයාගන්න බැරි ධනයක් පිටරටින් හොයාගෙන ඇවිත් හැම හංදියක් පුරාම රෙකෝඩ් බාර් අරින්න වගේ ව්‍යාපාර වලට අත ගහන්න පටන් ගත්ත නිසයි.

      පිටරට යනකොට දවසක් ගෙවා ගන්න සල්ලි ගෙනියන්න නොලැබිච්ච අයට සල්ලි ගෙනිහින් විකුණන්න බඩු අරගෙන එන්න ලැබිච්ච නිසයි.

      ඒවාට ඉඩක් දීලා ආණ්ඩුව ටිකක් පැත්තකට වෙච්ච නිසා.

      සාර්ථක වෙළඳ ප්‍රජාව අවදානමක් ගෙන තමන්ගෙ සල්ලි ව්‍යාපාර වලට යට කරපු මිනිස්සු. නැතිව ආණ්ඩුවට හේත්තු වෙලා ලැබෙන බදු සහන වලින් ව්‍යාපාර කරගෙන ගිය අය නෙමෙයි. ඒ අයගෙ සල්ලි රටෙන් එළියට ගියා මිසක් රටේ ආයෝජනය වුනේ නැහැ. මොන බජට් ගෙනාවත් ඒ අයම දන්න නිසා ආණ්ඩුව වෙනස් වෙද්දී පනින ගෙම්බො වුනේ නැත්නම් ගොඩගහ ගත්තු පොදිය සුන් කියල. ඉතින් ඒ අය නෙමෙයි රට සංවර්ධනය කරන්නෙ. තමන්ගෙ පවුලට කන්න දෙන්න වෙහෙසන මිනිසා.

      Delete
    4. මාතලන්ගේ කතාවට එකඟයි.බජට්ටුවෙන් රටේ සංවර්දනය පිළිබද සැලසුමක් අවබෝධයක් ගත හැකි.මොනවා උනත් ලංකාවේ හරි හමන් කැබිනෙට්ටුවක් කියල තිබුනේ JR ලොක්කට විතරයි.උන්නැහේ උතුරෙන් අනා ගත්තේ නැත්නම් අපි සැහෙන ඉදිරි ගමනක් යනව.අනික මේ රටට විදේශ ආයෝජන ගෙන්න ගන්නේ නැතුව මොන මගුලක් කලත් වැඩක් නැහැ.විදේශ ආයෝජන ගෙන්න ගන්න හරිහමන් ආර්ථික සැලසුමක් ඇතිව වැඩ කරන්න පුළුවන් පොරවල් මහින්ද ළඟ නැහැ.විමල්ල චම්පිකල වගේ ගම් බය්යොත් එක්ක අමුණුගමල වගේ හැට පැනපු නාකිත් එක්ක මර්වින්ලා කෙහෙළියල වගේ ජෝකර්ලත් එක්ක මොන ආර්ථික යුද්දද?

      Delete
    5. ජේ.ආර් ලොක්කා ඇර ලංකාව පාලනය කරපු අනික් සේරම කරන්නේ මඤ්ඤං වැඩ ,

      @අරුණි - රජය ආදායම් උපදවන්න ට්‍රයි කරන්න අවශ්‍ය නෑ , නමුත් කරන මිනිහට ඒකට අවකාශය හැදෙන්න ඕනි රජයෙන් . බජට් එකෙන් අපි බලන්නේ රජය ඒ වැඩේට සුදානම්ද , නැද්ද කියන එක.

      Delete
    6. @ අරුණි
      ඉතින් එහෙම ඉඩ ප්‍රස්ථාවක් ලැබුනේ කොහොමද කියන එකයි වැදගත්. එහෙම නිදහසක් දුන්නෙ කවුද කියන එකයි වැදගත්. ඇත්ත මිනිස්සුන්ගේ මහන්සියෙන් තමයි ගොඩ ආවේ. ගොඩ ගත්තේ නෑ. නමුත් එහෙම මිනිස්සුන්ට ඉදිරියට එන්න ඉඩ දෙන බුද්ධිමත් මිනිසුනුයි අවශ්‍ය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගොඩනගපු ඇඟළුම් කර්මාන්තය තුලිනුත් දේශීය ප්‍රභූ ව්‍යාපාරික පන්තියක් බිහිවුනා. ආන්ඩුවක් කළ යුත්තේ ප්‍රාග්ධනය සැපයිමත්. අධීක්ෂණයත් පමණක් බව මමත් පිලිගන්නවා. ආන්ඩුව බිස්නස් කරණ එක සහ. ඖඉස් ගහන රාජ්‍ය සේවකයන් පිරවීම නම් මම කිසිසේත් අනුමත කරන්නේ නෑ.

      Delete
  17. අයි එම් එෆ් එකෙන් නය ගන්න එකඟ වුන කොන්දේසි වලට අනුව අය වැය හිගය දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගිය වසරට වඩා අඩු කල යුතුයි හැමෝම ලාංකිකයෝ අපේ සතුරෙක් යයි සිතන අයි එම් එෆ් එකෙන් දාන කොන්දෙසිවත් නැත්නම් මීටත් වඩා නයට අරගෙන ඒවත් නැති කරලා දානවා. රජයකට ආර්ථිකය දියුණු කරන්න බෑ රජයක් ආර්ථිකයට ඇඟිලි නොගසන තරමට තමයි ආර්ථික දියුණුව ඇති වෙන්නේ. බදු අඩු කරලා, නීති රීති ලිහිල් කිරීම කලොත් සහ රජය ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත් වුනොත් විතරයි රටවල් දියුණු වන්නේ. ලංකාවේ ජනතාවගේ ප්‍රධානතම සතුරා බටහිර හෝ දෙමළා හෝ තම්බියා නොව හැම ලබ්බකටම ඇඟිලි ගහන රජය බව ජනතාව අවබෝධ කරගත් දිනයට රට ආපස්සට ගමන් කිරීම නවතිනු ඇත.

    ReplyDelete
    Replies
    1. දැන් නම් වැඩේ තේරිලා වගේ ටිකක්. අඩු ගානේ එයාලවත් බිස්නස් එකට බැස්සනම් හරි. ඒ වැඩේනම් ජයටම කෙරෙනවා. තෙල් සංස්ථාවත් දෑවරයි මට්ටමේ තියෙන්නේ. අපේ රට වගේ රටක උදිත කියන් දේ එක පාරටම කරන්න අමාරුයි. පාලනයක් නම් තියෙන්නම ඕන. නැත්නම් බිස්නස් කෙසේ වෙතත් ඔක්කෝම බෝට්ටුවලට ගොඩවෙලා අහු උන අතේ යයි. අනික මේක පාතාල රාජ්‍යයක් වෙයි. ආර්ථිකය පාළණය කිරීමක් නෙමෙයි. ආර්ථික දැක්මක්, අරමුනක් හා අධීක්ෂණයක් නම් අනිවාර්යයෙන් තිබිය යුතුයි නැත්නම් ඉතින් මේකේ ඉන්න පිස්සෝ ඔක්කෝම සක්විති ගේම් දෙයි. දන්නවනේ අපේ කස්ටියගෙ හැටි. දැක්කොත් බුවා... නොදැක්කොත් එබුවා..

      Delete
    2. ඔබේ තර්කය මට තේරෙනවා මාතලන් නමුත් පාලනය කරන්නේ කවුද? අපව පාලනය කරන්නට අපි පත් කර ගන්නේ සක්විතිලාම නේද? පිස්සන් පාලනය කරන්න පිස්සු නැති පාලකයන් කොහෙන්ද ගේන්නේ? මේ දවස් වල අපිට විදුලිය නෑ පාරේ කලර් ලයිට් වැඩ කරන්නේ නෑ ඒ වුනාට කිසිම මාර්ග තදබදයක් නැතිව මම වැඩට යනවා. හතර මං හන්දි වල මිනිස්සු ඉස්සෙල්ල ආපු කෙනාට මුලින් යන්න දෙනවා කිසි අවුලක් නැතිව හැමෝම යනවා.

      Delete
    3. ආණ්ඩුවක් ආදායමක් උපයන්නේ නැහැ. ආණ්ඩුවක් කරන්නෙ වියදම් කරන එක විතරයි.

      ආණ්ඩුවකට ජනතාව අතර ඇති නැති පරතරය අඩු කරන්න හැකියි කියන මිථ්‍යාවෙන් බහුතරය ගොඩ ගන්න හැකිවෙච්ච දවසට පාලනය කරන්නේ කවුද යන්න වැදගැම්මක් නැති ප්‍රශ්නයක්. ආර්ථික දැක්ම නම් ඒකීය පුද්ගල අයිතියට ගරු කරමින් කැමති අයෙක්ට කැමති තරම් ධනවත් වෙන්නට වෙළඳපොලේ ඉඩක් දීම. අරමුණ කැමති ඕනෑම අයෙකුට ධනවත් ජීවිතයක් ගෙවීමට අවස්ථාවක් දීම. අධීක්ෂණය දැනට තියෙන නීති උල්ලංඝනයට ඉඩ නොදීම.

      මාධ්‍යයට නිදහසක් ඇති මෙහෙත් ඔය මාතෘකා සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න පටන් ගත්තෙ අද ඊයේ. අවබෝධයෙන් මිසක් පාලනයෙන් නෙමෙයි සංවර්ධනයක් ඇතිවෙන්නේ.

      Delete
    4. @ උදිත
      එතන තියෙන්නේ විනය හා හැදියාව හා අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්ණයක්. ඇමරිකන් ඉතිහාසය කියලා උගන්වන්නේ රට දියුණු කරපු හැටි මිසක් වහල්ලු ගෙනාපූ හැටි වත් වහල් සේවය අගය කිරීමක්වත් නෙමෙයි. ඒත් මෙහේ අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නේ එළාර ගැන කියාදීලා දෙමළට වෛර කරන්න උගන්වන එක. දෙමළට වෛර කරන්න පටන් ගන්න එකා තම මතයට ගරු නොකරන හැම එකාටම වෛර කරන්න පටන් ගන්නවා. එතනින්ම විනය පිරිහෙනවා. මහත්මයෙක් වගේ උන්නට ඇතෙලේ ඉන්නේ විනයක් හැදියවක් නැති තිරිසනෙක්. තමන් පමණයි ශ්‍රේෂ්ඨ කියන අධි මානසිකත්වයෙන් සිටින. ඇත්තටම තලෙයිබාන් මානසිකත්වයක් තියෙන උන්. රට හදන්න ඉස්සෙල්ලා තද නීති ගෙනත් විනය හදලා ඉන්න ඕන. ඉස්සර රත්තරන් මුතු මැනික් පෙරවගෙන උතුරේ ඉඳන් දකුණට මහ රෑ ගෑණු තනියෙන් ගියේ ඒ දරුණු නීතී නිසා. (තවත් හේතු තියෙනවා). උදිත ඔය කියන විනය බස් එකේ යන අය ළඟ තිබුනෙ නෑ නේද. මම ඒ ගැන අරුණිගෙනුත් ඇහුවා. ඇයත් පිලිගත්තා දුප්පත් කම හා අසහනය හමුවේ විනය නැති වී යන බව.

      Delete
  18. මාත් අපේ මහත්තයට කිව්වා මේ මාසේ කන්න ඕනේ නෑ ..ලක්ෂ ගානක මාසෙට කනවනේ...( ඒ කිව්‌ෙව් මාසේ පඩියෙන් බාගයක් විතර) ඒ සල්ලි දීලා හොඳ රේසිං කාර් එකක් අරගන්න කියලා... අඩු ගානේ ජනාධිපති පුතත් එක්ක ෂොට් එකක් දාගන්න වත් චාන්ස් එකක් හම්බුවෙයි නේ.... .....

    ( මේවට හිනා වෙන්න බෑ මාතලන් මට නම්.. )

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක. බොහොම සන්තෝසයි. ඒක තමයි වෙන්න ඕන. නාමල් බේබි කෙසේ වෙතත් ගාඩ් එක දෙන එකෙක් එක්ක හරි සෙට් වෙන්න ඕන. ඒක තමයි ලොක්කා කියන ක්‍රමේ.

      Delete
  19. මාතලං, ලංකාවේ රජයෙන් ආශ්චර්‍යමත් අයවැයක් බලාපොරොත්තු වූවානම් ,,ඒ ඔබේ වරදකි. අය වැය විසින් රටේ ආර්ථිකය එහෙම් පිටින්ම කණපිට පෙරළන ඉතිහාසයක් අපට උරුමව තිබුනේ කවදද ? සුද්දන්ව කොපි කර බටහිර අර්ථ ක්‍රමයකට හැඩගැසුනද ජානමය වශයෙන් අප උරුම කරගෙන තිබුනේ රජෙකුට සහ රදළයන් කිහිප දෙනෙකුට ආර්ථිකමය ව්‍යවසායික කටයුතු උරුමව තිබුණු ඉතිහාසයකි. මහා සමුර්දිමත් යුගයන් පැවතුනා යැයි කියන අනුරාධපුර --පොළොන්නරුව කාලයේ පොදු ජනතාව හට සරුසාර ජීවීත උරුමව තිබුණා යැයි හමුවී තිබෙන සාධක මොනවාද --කිසිත් නැත ..ලෙස්ලි ගුණවර්ධන පෙන්වා දෙන අන්දමට භූමියේ අයිතියත් ,,ව්‍යවසායික හැකියාවත් රජුට සහ පන්සලට අයිතිව තිබුණේය. එම ඉතිහාසික ආවේණිකතාවයන් තවමත් අපේ සමාජ සංස්කෘතිය වසාගෙන පැතිර සිටිද්දී සුද්දන් මතුපිටින් අලවා ගිය අය වැයක ගුණ දොස් සෙවීම කල යුතු කාර්‍යයක්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම බලාපොරොත්තු වෙන්න උඹ හිතුවද මගේ මොළේ අමාරුවක් තිබුනයි කියල. ඒ උනාට මෝඩ බලාපොරොත්තුවක් තිබුනා කොළඹට දෙන අවුට් ලුක් එක ආර්ථිකයටත් දෙයි කියලා. එහෙම දෙනවනම් වැඩි වාසිය එන්නෙත් මෙයාලටමයි. ඒත් පී බී ඉන්නකන් සදා සොත්ති බවන්තුතේ කියලා තමයි කියන්න තියෙන්නේ. උඹ දන්නෙ නැති උනාට ආර්ථිකය, ජීවන රටාව උඩු යටිකුරු කරපු බජට් අපේ කාළේ මේ රටේ තිබුනා. වැඩි හිටියෙකුගෙන් අහපන්. අනුරාධපුර, පොලොන්නරු යුගයට වඩා නම් මහින්ද යුගය දස දහස් ගුණයක් හොඳයි.

      Delete
  20. ණය වැය, මිරිඟුව ආදී වචන ලොකු කතාවක් කෙටියෙන් කියනව.

    ReplyDelete
    Replies
    1. එක වගේ අදහස් තියෙන කොට ඒ වගේ සුළු දෙයකින් මොකක්ද කියන්නේ කියන එක තේරෙනවා.

      Delete
  21. දන්න කෙනෙක් කියනවද “හුදෙකලා පාසල්“ කියන්නේ මොනවද කියල.
    (ඒවායෙ ළමයින්ට සපත්තුත් දෙනවලු!) :-)

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අලි ගහන පාසල් වෙන්න ඕන. ඒවල උන්ට් පොලිෂ් කරන සපත්තු දීලා වැඩක් නෑ. දෙන්න ඕන රනින් ෂුෂ්.. ඇමරිකන බයිලා.. හොඳම එක. නිළ ඇඳුමවත් හරියට දෙන්නෙ නෑ. ඉස්කෝල කියන්නෙ බිස්නස් සෙන්ටර්ස්.

      Delete
    2. :-)

      බිසී නිසා කොමෙන්ට් නොකලට හැම පොස්ට් එකක්ම කියවනවා මාතලං. කලින් දවසක සීගිරිය ගැන තිබ්බ එක සිරා.

      Delete
    3. අවුලක් නෑ මචෝ. ඒත් උඹලා වගේ උන් ලියන්නේ නැති එක ගැන නම් අවංකවම කනගාටුයි....

      Delete
  22. සුපුරුදු බයිලා....

    ආණ්ඩු පක්ෂෙ මගෝඩිස්ලා - අති විශිෂ්ට අය වැයක්

    අලියා මාක් පක්ෂය - අපි නම් අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්නෙ

    රතු මල්ලිලා - වෙනදා වගේම හංගලා ගහලා...

    මහාචාර්ය මාතලන් වැනි තුන්කල් නුවනක් ඇති නැණවතෙකු හට අඩුම තරමේ ලංකාවේ වෙළද ඇමතිකම හෝ ලබා දීමට මම යෝජනා කරමි...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බලහන්කෝ බන් කතාකරලා.. අපිත් ආසයි ගාඩි දාගෙන යන්න. ලොක්කට දෙකට නැමිලා වඳින්න. නාමල් බේබි එක්ක රගර් ගහන්න. අනර්කලීලා එක්ක චැට් ෂෝ වලට යන්න.

      Delete
    2. ගාඩි දාගෙන ? ගාඩි රැහේ ගැටිස්සියෝද? පෙරේඒඒඒඒතයෙක් ඔයා ....

      Delete
    3. ඉස්පෙලින් මිස්ටේක් එකක් "ගාඩ්" යනුවෙන් නිවැරදි විය යුතුය... 8D

      Delete
  23. කතාවට මමත් එකඟයි. දැන් ඉන්න බක පන්ඩිතයෝ මොනවා කිව්වත් ජේ ආර් ගේ විවෘත ආර්ථික ක්‍රමය තමයි රටේ ව්‍යාපාර නැගිටින්න සහ විදේශ ආයෝජකයෝ එන්න කරපු හොඳම වැඩ කොටස. හැබැයි මම කියන්නේ රජය කරන්න ඕන ව්‍යාපාර වලට උදව් කරන එක සහ විදේශ ආයෝජකයෝ ගෙන්න ග්න පුළුවන් විදිහට රටේ බදු සිස්ටම් එක සරල කරලා, අවසර ගන්න ඕන විදිහ සරල කරලා එන ආයෝජකයෝ ගැන නියම ඇගයීමක් කරලා වටිනාකමක් තියෙන ආයෝජකයන්ට ඉඩ දීමයි. නැතුව රජය කෙලින්ම බිස්නස් කරන්න ගියොත් වෙන්නේ දැන් වගේ නාගන්න එකයි.

    අනිත් ප්‍රධානම දේ තමයි මොනවා හරි බිස්නස් එකකට අවසර ගන්න හෝ බඩු ගෙනාව කන්ටේනර් රිලීස් කරගන්න ගෙවන්න තියෙන පගා සිස්ටම් එක නැති කරන එක. මගේ හොඳම මිතුරෙක් සිංගප්පූරු ජාතිකයෙක් එක්ක ලංකාවේ බිස්නස් එකක් පටන් ගත්තා. මෙහෙට ගෙන්වන හැම ප්‍රොඩක්ට් එකකටම ලයිසන් ගන්න ඇප්ලයි කරා. මාස දෙකක් කල් තියලා ෂිප්මන්ට් එකක් දැම්මා. බඩු ඇවිල්ලා මාසයක් කස්ටම් එකේ ලයිසන් එක රෙඩි නැහැ. වැඩේට මාස තුනක් ගියා. ඒකත් ගානක් දීලා තමයි කරගත්තේ. අන්තිමට කස්ටම් එකේ තිබුණ කාලයටත් වැඩියෙන් ගෙවන්න වුනා. සිංගප්පූරු පාට්නර් අහනවා දැන් වැඩිපුර ලක්ෂ පහක් ගියේ ඇයි කියලා.

    මොන සමාජවාදය කිව්වත් චීනය ගොඩ ගියේ ආර්ථිකය විවෘත කරලා. හැබැයි චීන රජය බිස්නස් කරන්න ගියේ නැහැ. කළේ ආයෝජකයන්ට පරිසරය හදලා දෙන එක. මුලින්ම ඇමරිකාව සහ යුරෝපයේ රටවල් උත්සහ කළේ චීනයේ අති විශාල ජනගහනය නිසා ඒක හොඳම මාකට් එක කියලා උන්ට බඩු විකුනන්න. මේක තේරුම් ගත්ත චීනය කළේ ඒ කම්පැනි වලට තම රට ඇතුලේ බිස්නස් වලට ආරාධනා කිරීම. චීනයේ මානව සම්පත් වැඩි නිසාත්, ලාභ නිසාත් ඒ කම්පැනි තේරුම් ගත්තා පිටරට හදලා චීන්නුන්ට විකුනනවට වඩා චීනෙම හදලා චීනෙටමත් පිටරටවලටත් විකුනන එක ලාභයි කියලා. අපේ රටෙත් වෙන්න ඕන මේ දේ. දැන් තියෙන විදිහට ආයෝජකයෙකුට බිස්නස් එකක් පටන් ගන්න යන අතිරේක වියදම හොයාගන්න විදිහ හිතුවාම හිතෙනවා ව්‍යාපාර නොකර හිටියනම් හොඳයි කියලා.

    සංචාරකයෝ ගැන කියනවනම් ප්‍රතිශතයක් විදිහට වැඩියෙන්ම ආවේ ඉන්දියන් අය. උන් කරන්නේ හොටෙල් රූම් එක විතරක් අරගෙන (BB) භුමිතෙල් ලිපක් වැල්ලේ තියලා රොටී පුච්චගෙගන කන එක. උන්ගෙන් මොන ලාබද?

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් උන් ගැන නම් කතා කරන්න එපා. මළ පෙරේතයෝ.. බොහොම ස්තූතියි. දීර්ඝ කොමෙන්ට් එකට...

      Delete
  24. රබර් කිරි ද ?
    ප්‍රශ්නයක් නෑ... බොන්න... රබර් කිරි බිවුවාම ආමාශයයි ආහාර මාර්ගයයි වටේ රබර් පටලයක් බැඳෙනවා... එතකොට කන කෑම වැඩිය ඇඳට උරා ගන්නෙ නෑ.. එතකොට අපට වැඩිය කෑමට මුදල් යන්නෙත් නෑ... 2500 කින් කාලා ඉන්න පුළුවනි. අන්න එතකොට ලැබෙන පඩිය ඉතිරි කරලා ලැම්බෝගිනි එකක් නිකංම ගන්න පුළුවනි.. මොකද ආහාර මාර්ගයේ රබර් පටලය නිසා බඩගිනි දැනෙන්නෙ නෑනෙ...
    සමාවෙන්න අද පරක්කු වෙලා වැඩ ඇරිලා ආවෙ... දැං තමයි ලිපිය දැක්කෙ....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඇඟට.... මාතලන්ගෙ ලිපි කියවනකොට ඇඳමයි මතක් වෙන්නෙ....

      Delete
    2. ඇල්කේමියා කියනවනම් ඉතින් බයවෙන්න දෙයක් නෑ... වවන්නයි තියෙන්නේ රබර් පොරි හැලෙන්න...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න