.

.

Nov 14, 2012

ලාබෙට ලැම්බෝගිනි - දෙසැ. 31 ට පෙර ඇණවුම් කරන්න. - Lamborghini - Special Offer


උපන්නාට පින් බිම වැනෙනවා                              විනා
රකින්නාට අඹු දරු රකිනවා                                   විනා
මානාප දී පාපේ ගෙවනවා                                      විනා
මරණ දිනේ එනකම් සිටිනවා                                 විනා

ඉල්ලුවේ දහ දහකි ලැබුනේ සොච්ච                        මකි
පාන් භාගයක් ඒකෙන් ගත්ත                                 හැකි
රේස් කාර් නම් ලාබයි බලන්                                    සකි
අපෙ මල කෙසේදැයි ආවොත් දැකිය                      හැකි

දිවි නැගුමේ පොල් ගහ                                 වාසනාවන්
බෙදලා දෙන ඇට අට                                    වාසනාවන්
අපෙ මැතිදා අප හට                                      වාසනාවන්
රේස් කාර් අප හට                                         වාසනාවන්

ලයිට් කපපු ගෙයි පහනක් දැල්                           වෙනවා
පානට තෙල් නැතුව කරුවල පැති                       රෙනවා
යහනේ නිදි නැතුව තුන්යම කල්                           යනවා
මදුරුවො ඩෙංගු පුකටම විදලා                              යනවා

කාර් රේස් බලනට  කටු                                   කුරුන්දේ
යන්නට තමයි "පෝෂේ" කට ගොඩ                    වැද්දේ
බෲම් බෲම් නාදෙට පැතිරෙන                              සද්දේ
පිනවයි මුකුත් නැති කුස බුරු බුරු                        සද්දේ

සරමක් නොගැලපේ බලනට                             "ෆෙරාරි"
බුරියානියක් කමු ණයවී                                         බුහාරී
ගහලා තිබෙන උඹ නම් රට                                   සවාරී
"සුබාරුවට" නැගපන් මගෙ                                   කුමාරි

අල්ලපු වැටේ පොල් ගස් නගිනා                           සීටීන්
ඊයේ ගෙනත් නවතම "ඇස්ටන්                           මාටින්"
සෙකන්ඩ් වෙන්නෙ අපි මොකටෙයි නේ          ඇඩ්ඩින්
"ඇල්ෆා රෝමියෝ" ගමු බැංකුවෙ දා                    ලීසින්

ඉල්ලන් මනාපේ පැත්තේ එන්න                            එපා
උස්සන් පොඩි එකා නළ වන්නනම්                         එපා
මහපාරට ෆෝමියුලා එන්න                                    එපා
"ලැම්බෝගිනි" නැති අපට බඩගිනි වෙන්න             එපා

.oOo.

ඔබත් පහතින් දැක්වෙන ෆෝමියුලා රථයක ආඩම්බර හිමිකරුවකු වන්න, කැමති වාහනයක් තෝරා දැන්ම ඇණවුම් කරන්න. දෙසැම්බර 31 ට පෙර ඇණවුම් කරනා පාරිභෝකියනට නොමිළේ ෆෝමියුලා ගෑල්ලමයකුද ලැබෙනවා ඇත.

  • Ferrari 
  • Mercedes 
  • Alfa Romeo
  • Maserati 
  • Aston Martin
  • Honda 
  • Porsche
  • Renault
  • BMW
  • Lamborghini
  • Subaru
  • Peugeot
  • Toyota

ආචාර්ය පී බී ජයසුන්දර මයා.
අයි ඇම් එෆ් (IMF) බාරේ,
ෆෝමියුලා අංශය,
මහා භාන්ඩාගාරය,
කොළඹ 1.

124 comments:

  1. ටිංකිරි කවි ටික.

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන පස්සක් නෙව. අයියේ මටත් එකක්...

      Delete
    2. කාර් එකක් බුක් කලොත් විතරයි හම්බ වෙන්නේ..

      Delete
  2. මාතලන්,
    ඇත්තටම මේවාට කියන්නේ මළ විකාර කියලා. බලන්න රජයේ සේවකයෝම කීයක්ද? මගේ දැනීමේ හැටියට මිලියන දෙකකට ආසන්න ගණනක්. ඉතින් පඩි වැඩි කරන්නේ කොහොමද? කාට කියන්නද? පඩි වැඩි කලොත් ඊලඟ දවසේ මොනවා වෙයිද?

    මේ හැම දේටම විසඳුම කළමනාකරනය ප්‍රතිව්‍යහගත කිරීම. නැවත කල්පනා කිරීම, මෙහෙම යාහැකි දුර හරිම අඩුයි. රජයක් සහන දෙන්න ඕනෙමද? ඊට වඩා හොද නැද්ද මහජනයාගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි කිරීම. අයවැය කියන්නේ ඒ වගේ දේකට ඇති කර ගන්න ප්‍රතිපත්ති කාගෙත් උදව්වෙන් සාකච්ඡාවෙන් සංශෝධනය කරලා ප්‍රතිශෝදනය කරලා වසරක රටක් විදියට ඉහලට යන්න උපක්‍රම හොයන එක නේද?

    අපි අය වැය කියන්නේ බදු අඩු කිරීමයි වැඩි කිරීමයි, පඩි වැඩි කිරීමයි. මිලදර්ශනයක් හැදීම වගේ දේවලට නේද?

    ඇයි බලන්න රේසින් කාර් එකකට දෙන බදු සහනය සාමාන්‍ය කාර් කීයක බදු වලට සමානද?

    මෙහෙව් රටකට මොටද පායා සූරියා!

    ReplyDelete
    Replies
    1. /////ඇයි බලන්න රේසින් කාර් එකකට දෙන බදු සහනය සාමාන්‍ය කාර් කීයක බදු වලට සමානද?//// වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා....
      මුන්ට පිස්සුද , අපිට පිස්සුද මන්දා...

      Delete
    2. මහ වෙදනා මට කියන්න ඕන එක කියලද මන්ද...

      Delete
    3. අපේ රටේ අය වැය හරියට මරණාධාර සමිතියේ අය වැය වගෙයි.
      කොඩි වැල් වලට මෙච්චරයි, ලවුඩ් ස්පීකර් වලට අච්චරයි වගේ.
      අනිත් පැත්තෙන් අපේ මිනිස්සුත් බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ තමයි.
      නැතුව පලදායිතාව වැඩි කිරීමට හෝ මානව සම්පත ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති (Fiscal policy) ගැන නොවෙයි.

      Delete
    4. පිත්තු කතා මෙයා!!

      Delete
    5. @ Ano. Use your words with disciplined. If you dont know whats going on, better to lock your mouth. I do not know what you have mentioned.

      Delete
    6. රජයේ සේවකයෝ මිලියන 1.3 වෙද මහත්තයෝ. ඔය හිඟන රජයේ සේවකයෝ වගේද කටුකුරුන්දේ ෆෝමියුලා රේස් යනකොට. අම්මපා මම මගුල් මුද්ද උකස් තියලා හරි යනවමයි බලන්න. රේස් නෙමෙයි අනේ. සුද්දියන්ගේ පුකවල්.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. සැප කනේ කිවිවලු. මක්කුද වෙනව වගේ..

      Delete
    9. @ ඇනෝ නොම්මර දෙක

      සමාවෙන්න ඔබේ කොමෙන්ටුව මා ඉවත් කලා. ඒ ඇනෝ කෙනෙක් නිසා නොවේ. මොකද මමත් ඇනෝ කෙනෙක්. එහෙත් මාගේ හොඳම රසිකයකුට ඔහුගේ කොමෙන්ටුව යට නිග්‍රහ කිරීම නිසා. ඔබට ඔහු ගැන යමක් කීමට ඇති නම් මාගේ ඊ මේල් ළිපිණයට එවන්න. ස්තූතියි...

      Delete
    10. @ වෙද මහත්මයා
      ඔබට මේ අඩවිය නිසා යම් සිත් තැවුලක් ඇතිවූයේ නම් ඒ ගැන සමාව අයැද සිටිමි...

      Delete
    11. වෙද මහත්තයා මේ බොරුවට කෑ ගහනවා... එයත් පෙරා-රී එකක් ඕඩර් කළා ගිය සතියෙ... මගේ ගාව තියෙනවා රිසිට් එක...
      වැඩිය කෑ ගැහුවොත් දානවා දිනපොතේ....

      Delete
  3. පට්ට! පුචබෝල එහෙමත් දාල තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. කෝ............ම...........ද........ ඒ................ක...?

      Delete
  4. අගේ ඇති කවි පද ටික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුදියන්සේ...

      Delete
  5. ""ලැම්බෝගිනි" නැති අපට බඩගිනි වෙන්න එපා" අනේ මන්ද... අපිට ඉතින් බගගිනි තමයි..

    ReplyDelete
    Replies
    1. රුපියල් 40 ට බත් පාර්සලයක් තියෙනවලු ඉන්ෂූරන්ස් කෝපරේෂන් එක ගාව බන්දුල ගුණවර්ධනගෙන් කෝල් එකක් දාලා අහගනින් හරියටම තැන.

      Delete
  6. මහාචාර්ය මා තලන්ගෙ කවි පබැදුම් ඉතිං කොහොමත් අපූරුයි නෙව... කාලීන කවි ලියන්නන් අතර මා තලන් තමා මගේ ෆේවරිට්...

    කාර් එකක් ගත්තොත් අර ජම්බෝල පස්සත් නිකං දෙනවලුද ?

    ReplyDelete
    Replies
    1. බඩු ෂුවර්. කැමති එකක් බලලා ගන්න පුළුවන්...

      Delete
    2. රේසින් කාර් එකක් තියනවානම් ජම්බෝල පස්සවල් බලෙන්ම එයි මාතලෝ..

      Delete
    3. ඒකත් ඇත්ත තමයි ඇනෝ....

      Delete
  7. කොලේ වහන්නට ලොක්කෝ හරි දස්සයි
    …බජට් එකෙන් ලැම්බෝ ගිනි බස්සයි
    රේසිං කාර් හට ගතු කියමින් නෑ රුස්සයි
    …අනිත් සියලු දෙ හිමිහිට ලිස්සයි


    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ඇයි ළමයිනේ ගොවියගෙ පොළිය කපපු එක වැරදිද ළමයිනේ....?
      හාල් වලට සහතික මිල වැඩි කරපු එක වැරදිද ළමයිනේ...?
      ණය අය කර ගන්න එක කල් දාපු එක වැරදිද ළමයිනේ....?

      ඔය වගේ තව කොච්චර තියෙනවද....?

      Delete
  8. ලැම්බෝගිනිය නඩත්තු කරනවට වඩා අමාරු වෙයිනෙ නිකන් හම්බෙන එක මේච්චල් කරන්න.

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් අපි වගේ පාන් කාලක් කාලා ඉඳියි..

      Delete
  9. හැමෝම ලැම්බොගිනි ගැන කතා... මෙලෝ තේරුමක් නැතුව... කතා කරන්න ඕන දේවල් ගැන වගේ වගක් නෑ...

    ලැම්බොගිනි එකක බදු අඩු කලාට පස්සෙ ගාන කීයද මාතලන් අයියා... ඕවයෙ බද්ද අඩුකරහම එන අවුරුද්දෙ මැද වෙද්දි පාරවල් වල නිතර දකින වාහනයක් වෙයිද?... උපරිම වාහන 20ක් එයි ඕන්නම්... මොකද බද්ද අඩුකලත් ඕව ගන්න පුළුවන් එහෙම නැතුවත් ගන්න පුළුවන් උන්ට විතරයි...

    කට්ටිය ඕක ගැන කෑ ගහන්නෙ දේසපාලනේ කරන උන් මහජනයගෙ සල්ලි වලින් ඕව ගෙනෙයි කියල නම්, අපේ රටේ දේශපාලනේ කරන උන් ගෙරි මස් බෙල්ලෙ බැඳන් කන්නෙ නැතුව මේසෙක තියාගෙන ලස්සනට කන්න දක්ෂයි කියන එකයි මගේ අදහස.. (වෙන වැඩ බැරිවුනත් හොර වැඩ වලට කප්පිත්තො :) ) ඕව බජට් එකට දාන් නිකං තියෙන පුච බෝලෙ ටිංකිරි ගාගන්න උන්ට පිස්සුවක් ඇතෑ...

    අනික් අතට බජට් එකක් කියන්නෙ සහනාධාර, මිල අඩුකිරීම් කරන්න තියෙන ලියවිල්ලක් නෙමෙයි කියලයි මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. රේසිං කාර් වලට විතරමයි. ස්පොර්ට්ස් කාර් වලට නෑලූ. කාර් සේල් කාරයෝ ස්පෝර්ට්ස් කාර් ගෙන්නන්න ලෑස්ති කරලා.. ඒ වගේද සාතන් මල්ලි, ෆෝමියුලා වන් රෙස් යන කොට ලංකාවේ.. මහින්දානන්ද මහත්තයා කිව්වේ සල්ලි උල්පත් කියලා. මමත් රේස් යන තැන ඉඳන් සුද්දන්ට බුලත් විට විකුණනවා. පොෂ් ක්‍රවුඩ් එකට කුරහන් රොටි විකුණුවොත් මාකට් එකක් තියෙයිද පනේ....?

      Delete
  10. හික් ... හික් .... තනි ඇහැට ඇඬෙනව, අරව දැක්කම.

    මාතලන්, ඔය කවි දාද්දි එලයින්මන්ට් එක පැත්තකට හරියට හදාගන්න එන ටිකක් අමාරුයි වගේ නේද? අළුත් මල්ලි කලින් දවසක දාලා තිබුණ ඕකට විසඳුමක්, පුළුවන් නම් ට්‍රයිකරල බලන්න. පිළිවෙලකට හැදුවම ලස්සනයි.

    http://aluth-malli.blogspot.com/2012/10/9.html

    ReplyDelete
    Replies
    1. මචං ඊට වඩා ලේසි ක්‍රමයක් මම හොයාගත්තා.
      හොඳ කඹයක් කඩෙන් සල්ලිවලට ගන්නවා.
      උස ගහකට නගිනවා.
      කඹේ එක කෙලවරක් ගහේ ගැට ගහනවා.
      කඹේ දිග හා මගේ දිග පොලොව මට්ටමට වඩා සැක හැර දැනගන්නවා
      අනික් කෙලවරට පෝරක ගැටේ දානවා
      ඊට පස්සෙ ඒ ගැටේ බෙල්ලට තද වෙන්න දාගන්නවා.
      ඇස් පියාගෙන බිමට පනිනවා.

      මාර ලේසියි.... අපි නොදන්න එච් ටි ඇම් එල්

      Delete
    2. ඒකත් එහෙමද? මටනම් ඒ ගැන වැඩි දැනුමක් නෑ. ඒත් කවි ටික එක පේලියට තිබුන නම් ලස්සනයි කියල හිතුනු නිසයි දැම්මෙ. අවුලකුත් නෑ ඔන්නොහෙ, අපි ඕක කියවල අදහස විතරයිනේ ගන්නෙ, ඉතිං කොහාම තිබුණහම මොකද.

      Delete
    3. ඔය වගේ සෙල්ලමක දාන්න ගිහින් මගේ බොග බේරගත්තෙ මාර අමාරුවෙන්. ඕවා අපිට තේරෙන්නේ නෑ බන්...

      Delete
    4. ආඃ .... ඒකද අවුල. අර හද පතුල ලියන චතුර අයියා ලියපු කවි වගයකුත් ඔහොම තිබිල මම ලින්ක් එක දාල කමෙන්ට්කරාම එයා ඒක ලස්සනට හදල තිබුණ, වැඩි අවුලක් වෙච්ච බවක් තිබුනෙ නෑ. ඒ නිසා මම හිතුවෙ ඒක වැඩි කරදරයක් නැතුව ඇති කියල.

      http://hadapathula.blogspot.com/2012/11/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+HadaPathula+%28Hada+Pathula%21%E0%B7%84%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%29

      Delete
  11. හි හි හි.. කාලීනයි. මරු කවි ටික වගේම මරු පස්ස.. ;)

    ReplyDelete
    Replies
    1. කවියට ගැලපෙන විදියට එපයි පින්තූරෙත්

      Delete
  12. හෙහ්.. හෙහ් මරු කයිය...

    ReplyDelete
  13. අර කතාවට කියනවා නේද කටයි පු... වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා...ඒ ජාතියේ අය ඉන්න රටේනෙ අපිත් ඉන්නේ මාතලන්..

    අර පස්ස...මරු හි හී

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට නම් කොහොමත් එහෙම තමයි ඉන්න වෙන්නේ

      Delete
  14. While the Petroleum Corporation records loss after loss,for the 2012 quarter , the LIOC has gone up to 327%. Clear evidence that corruption and wastage is the sole reason for the loss. Not the plus or minuses in the world market.

    ReplyDelete
    Replies
    1. Excellent observation!

      Delete
    2. @ Sabith, උඹ ඕක හොයන්න් ගිහිල්ලද හිටියේ පහුගිය මාසෙම...

      Delete
    3. මේක මචෝ ආන්ඩුවේ හෙංචයියන්ට ජොබ් සප්ලයි කරණ තැනක්නේ. විකුණන්නේ නැතුව විකාරයක් කරණවා.

      Delete
  15. ==== මාරයා මාතලන්ට ලියපු පිළිතුරු කවිය ====

    රටටම අනේ වැඩ කරනා සිනහ පපා
    මහින්ද අයියාට මොකවත් කියනු එපා
    බත් කන හරක් මා මෙන්, ලද නමුදු දෙපා
    මැරෙණා තුරුම අයියට තිර කරමු සැපා

    සිහිනෙන් මටත් ලැම්බෝගිනියක් හිමිය
    අත මිට හිඟ වුණත් දොස් නොම පවරමිය
    අඩහ කකා මුත් අයියට හිත දෙමිය
    මැරිලත් යළි ණයකාරයෙක් වී උපදිමිය

    අරින්ඩමයි මට, අයියා උපන්නේ
    ඒකයි මම හිත සතුටින් නැවෙන්නේ
    අයියාගෙන් මට දෙව් සැප ලැබෙන්නේ
    ඒ ගැන හිත හිතා මම දිවි ගෙවන්නේ

    නොදෝමකින් රනිලා සජිතා සරතා
    අපෙ අයියාය හැමදා රජ වෙන සමතා
    උලා කකා හරි අපි මෙහි දිවි ගෙවතා
    අයියා සැප විඳින එක සතුටකි මහතා

    ලොක්කා, මැද එකා, පොඩ්ඩා හා ගෑනී
    රජ සැප විඳින එක මට සතුටකි හීනී
    මතක් කළත් රට්ටුන් උඹගේ මෑණී
    අයියේ උඹ මට බනිසයකිය සීනී

    මේ විඳිනා රජ සැප නැතිවෙන්න එපා
    මැරුණත් කිරුළ ඔළුවෙන් ගැළවෙන්න එපා
    ඉවසනු බැරිව අපි මැරුණත් බෙල්ල කපා
    මහින්ද අයියාට බඩගිනි වෙන්න එපා!

    ReplyDelete
    Replies
    1. මොකටෑ බොරු කියන්නෙ, මේකත් පස්ට!

      Delete
    2. මල් මසුරං කයි ටික. බොහෝම ස්තූතියි මෙතන දැම්මට. උපරිම රහයි...

      Delete
  16. නියමයි මචන්...
    ෆියට් කොම්පැනියේ වාහන විකුනගන්න බැරිව දවසින් දවසට වහනවා. මේ දවස් වල අපි ස්ට්‍රයික් කරන්නේ ඒකට විරුද්දව. පවුල් ගණන් බඩගින්නේ. අඩු ගාණෙ ලංකාවේ මහින්ඩට හරි මතක් වෙලා ඔහොම ලැම්බෝ ෆෙරාරි ටිකක් වැඩිපුර ගෙන්න ගත්තම මෙහේ පවුල් කීයක් ගේ බඩගින්න නැති වෙනවද බන්? මම නම් පට්ට කැමතියි අයවැයේ ඔය රේසින් කාර් පාට් එකට....

    ReplyDelete
    Replies
    1. ෆියට් කොම්පැනියේ රේස් කාර් හදනවද මචෝ....

      Delete
  17. හිනා කාලා පන යන්න එනකොටම ඇඬුනා ඕයි ..

    ReplyDelete
    Replies
    1. අර මොකෝඅ සල්ලි මදි වෙලයි....?
      ණයක් වෙලා හරි ගනින් පුතෝ...
      පස්සට දුක් වෙන්න වෙයි.. අහල පහල උන් ඒවල යනකොට...

      Delete
  18. අය වැය කියා ලිව්වොත් හෙම මින් මත්තේ.....

    ගෙනහුන් දමනවා උබ වැලිකඩ පැත්තේ.....

    අය වැය මකන්නට මතකෙන් ගහගත්තේ.....

    වැලිකඩ ගැනයි දැන් පත්තර වල ඇත්තේ....

    කාර් නැතුව අක්ක විතරක් ගන්ට බෑද අයියේ

    ReplyDelete
    Replies
    1. යන්නට තරම් දේවල් වැලිකඩ පැත්තේ
      සිඳුවි ඇත මෙමට උඹ දැන ගත යුත්තේ
      මිනිසත් බවයි යකු පරදා ජයගත්තේ
      උදේ පටන් බන කිව්වත් ඵල නැත්තේ

      පොඩ්ඩක් අහල බලහන් ජයසුන්දර මහත්තයගෙන්

      Delete
  19. අපිට පුක පෙන්වන්නම තමා ඔක්කොම උන් බලන් ඉන්නේ :D

    \\ඉල්ලුවේ දහ දහකි ලැබුනේ සොච්ච මකි
    පාන් භාගයක් ඒකෙන් ගත්ත හැකි//

    ඔන්න ඕක නම් බොරු ඈ යකෝ දහදහකින් පාන් බාගේ ඒවා කීයක් ගත්තාහැකිද? කොහෙද කොච්චර දුන්නත් මුන් ආණ්ඩුවටමනේ බනින්නේ :P

    ReplyDelete
    Replies
    1. කාටද බන් දහ දාහක් දුන්නේ. අඩේ පිරටත් ඉන්නවනේ මගේ සිංහල බොග බලන උන්.. පට්ටයි ඕයි...

      Delete
    2. මට වැරදුනා එක්දහස් පන්සීයකින් පාන් බාගේ ඒවා කියක් ගන්න පුලුවන්ද කියලයි මට කියන්න ඕන වුනේ :D

      Delete
    3. එහෙම බෑ. දෝශාභීයෝගෙත් සංශෝධන ගේන්න ගියාට එහෙම බෑ කියන්නේ....

      Delete
  20. කවි ටික නම් පට්ට.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  21. සුපිරි පස්ස.. ඒක දැක්කම කවි අමතක උනා.. ඔන්න මටත් එකක් ඕනෙ..

    ජය..

    ReplyDelete
    Replies
    1. මගෙන් ඉල්ලලා වැඩක් නෑ.. ඉක්මනට ඉල්ල ගන්න වෙයි අර මහත්තයගෙන්. ඒ තරම් ඉල්ලුමක් ලූ...

      Delete
  22. මං මේ දන්නෙ නැති කොමටයි අහන්නෙ බොලං. එතකොට ඔය ලැම්බෝගිණී කියනා ගිණිකිරිල්ලිගාවා නවත්තලා තියෙන ගින්දර වගෙ කාරෙක මොකක්ද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  23. මං නම් මුකුත් කියන්නෑ ,චෝයි පස්ස

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හරියනවද පනේ...

      Delete
  24. කාර් රේස් බලන්න සුද්දෝ එනවලු . මාතලන්ට ජය වේලු . මේ කවි ලියන්නේ හිතේ සතුටටලු ,,,,

    කවි ටික ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. ඒක බලන්නවත් සල්ලි තියෙන සුද්දෝ ටිකක් ආවොත් දෙවියනේ....

      Delete
    2. ඇත්තටම මාතලන් සංචාරක ව්‍යාපාරයේ ද . කවුරු හරි ඇහුවොත් හෙම අඳුන්වා දෙන්න කමක් නැද්ද .

      Delete
    3. මම කොම්පැනියකට නේ දුවන්නේ. ඉන්ඩිවිජුවල් කරා කාලයක්, පට්ට පාඩුයි....

      Delete
  25. එළම.. එළ කවි ටික අප්පා...

    ReplyDelete
    Replies
    1. තැන් කූ වේවා... කාළෙකින්.. මමත් කොමෙන්ට් නොකලත් හැම දාම ගොඩවෙනවා අර වෙස් මූණු කාටුන් එක පට්ට. වර්ඩ් වෙරිෆිකේෂන් එක නිසා කොමෙන්ට් කරන්න කම්මැලියි...

      Delete
  26. රේස් කාර් වල බදු අඩු කරන්න යන එකේ මමත් බැලුවෙ සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ලැම්බොගිනි ඇවැන්ටඩොර් එකක් වත් ගන්න කියල....

    ReplyDelete
    Replies
    1. අරින්න එපා ඕන් අපේ මොර්වින් සිල්වා මහත්තයත් පුතාට එකක් අරගෙන දෙනවයි කියලා තියෙන්නේ...

      Delete
  27. මෙදා අය වැයේ කළ ලොකුම වැරැද්ද මාතලං බොහොම උපහාසයෙන් පෙන්වා දි තිබෙනවා.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකේ ඇති වැරැද්දක් නෑ.. ඒකෙන් යහපත් දෙයක් බලාපොරොත්තු වෙනවනම්. නමුත් මේ එක්කෙනුකුට දෙන්නෙකුට ටැක්ස් නැතුව වාහනේ එලියට දාගත්ත දෙයක් නම්, හෙන ඉල්ලනවා ඇර වෙන දෙයක් කියන්න නෑ...

      Delete
  28. දිවි නැගුමේ පොල් ගහ වාසනාවන්
    බෙදලා දෙන ඇට අට වාසනාවන්

    එළකිරි කවිටික.අපේ සිය ගොවියා,බර ශ්‍රීලංකාකාරය.දැන් බෙදපු ඇට පැකට් පෙන්න පෙන්න මහින්දයට බනිනවා.

    ReplyDelete
    Replies
    1. සීයා සඟ වෙද ගුරු ගොවි කම්කරු කස්ටියගේ සාමාජිකයෙක් වෙන්ටෑ....

      Delete
  29. අම්මේ හරි හරි.. අර පස්ස දැක්කම මොන කෙං ගෙඩිය දාල හරි ගන්ට වෙනවනේ. ඔන්න මරිවිසියා ට කිව්වා මාලකට එකක් බුක් කරන්න හොදේ. එහෙනං හරිනේ

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා පුතාට එකක් අරගෙන දෙනවා කියලා තියෙන්නේ... අන්න තාත්තලා... අපේ තාත්තලා ඒකට.. ඒ කාළේ බුල්ටො එකක් ගන්න සල්ලි ඉල්ලුවත්.. සත පහක් අතේ නෑ කියනවා...

      Delete
  30. මට වගේම අනිත් උන්ටත් ෆෝමියුලා දැක්කම “නගිනවද“ බං?

    ReplyDelete
    Replies
    1. එයාගේ නම ෆෝමියුලා ද....? හෙන්‍රියා හිතලා තියෙන්නේ ලැම්බාගිනි කියලා... නගිනවා බන් නගිනවා ඔය ගොඩක් අයට අසු හාරදාහට නැගලා තියෙන්නේ...

      Delete
  31. කමෙන්ට් දැකලා කියන්න ගිය ටිකත් අමතක උනා සික් :(
    අර අන්තිම පොටො එකත් නියමයි. ;)

    ReplyDelete
    Replies
    1. ඒ මාකටින් පාරක්.. කවි ප්‍රමෝට් කරන්න.... හෙහ් හෙහ්.. නැත්නම් කවි දැක්ක ගමන් සමහර උන් දුවනවා....

      Delete
  32. පට්ට කවි ටික කියල කිව්වට මොන කාලකන්නි වැඩක්ද මේක. නොදකින් මුන් මේ රටේ තව මිනිස්සු ඉන්නවා කියල හිතන්නෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නම් තමන් ගැන හිතා ගත්තොත් හොඳයි. ආන්ඩුවේ ජොබ් එන්කරේජි කිරීම මීට පස්සෙ ඉවරයි. දැන් ඔරොත්තු නොදෙන ගානට පුරවලා තියෙන්නේ. නමුත් මේ වගේ දේවල් නම් අසාධාරනයි...

      Delete
  33. රේසින් කාර්වලට පමනක් නොව පොඩි මිනිහාගේ වාහන වලටද බදු අඩු කල යුතුයි!

    ReplyDelete
    Replies
    1. නෑ දයාල් අපේ රටට වාහන හොඳටම ඇති. ඔය මෝටර් සයිකල් හා කෘෂිකාර්මික වාහන වලට නම් ටැක්ස් අඩු කලාට කමක් නෑ. ඒක් හොඳ ක්‍රියාවක්. නැත්නම් අධිවේග නෙමෙයි. අහසෙත් පාරවල් හදන්න වෙයි. ඒත් මේක නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. රෙස් පදින එකාට වාහනේ ගෙන්න පුළුවන්. බද්ධ තමයි සතයක් වත් ගෙවන්න බැරි. ටැක්ස් කොන්සෙෂන් එකකත් සාධාරණ බවක් පේන්න ඕන... 50%.. එහෙම නම් සාධාරණයි. මේක මොකක්ද...? පරමාර්තය තේරෙනවනේ...

      Delete
  34. Mathalan and all of above who is waiting to sling muds. First , Please learn what are the Racing Cars, Sport Cars, Family Cars, Rally Cars etc....

    Under the allocation, there will be a tax concession for "Single seater and open wheel racing cars"... i.e Formulas and Karts... The Sri Lankan public are getting their panties in a twist as usual. None of these vehicles will be able to run on the road. It would certainly help develop a sport in a country that used to have a rich heritage in the said sport.

    Look at India, Malaysia and even the Philippines... they have as bad if not worse problems in healthcare, transport and housing. Yet, they can boast International race circuits that hold many meets on a monthly basis. Do you see everyone shouting and screaming? Cars brought into those countries have a similar tax deduction plan for racing. You got to start somewhere to get anywhere. Criticizing all the time isn't the way to go forward.. must be a Lankan trait hence we go backward.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක දාලා තියෙන්නේ මම නලීන් දිල් රුක්ෂ ගේ කොමෙන්ටුවට පිලිතුරු ඩ්ජීමෙන් පසුවයි. කරුණාකර එම පිලිතුරු කොමෙන්ටුව කියවන්න. අපිත් ළෝකේ ගැන හොඳට දන්නවා. ඒක නිසාම තමයි මේවා විහිළු ලෙස පෙනෙන්නේ. මැලේසියාවා ඉන්දියාව ෆෝමියුලා පටන් ගත්තේ රට යම් කිසි දුරකට සංවර්ධනය වූවායින් පසුවයි. අපේ රටේ 40% සමෘධියෙන් ජීවත් වෙන්නේ. 1% විතර නම් ෆෝමියුලා කල්චර් එකට ගැලපෙනවා. ඒ එසේ උනත් ඇත්තටම එහෙම දෙයක් පටන් ගන්නවා නම් ළොකු දෙයක්. ඒත් හයාට් හෝටලේ හදනවා වගේ ආන්ඩිවේ සල්ලි වලින්නම් නෙවෙයි. පෞද්ගලික ව්‍යවසායකයන් මගින්. නමුත් මේ බොරුව කරන්නේ වාහන 10-15 ගෙන්න ගන්න ආන්ඩුවට සතයක් වත් නොදී. ක්‍රීඩා ඇමති නම් කිව්වා ෆෝමියුලා ට්‍රැක් හදනවා කියලා.. ඒවා නම් ඉතින් වැල් බයිලා.. ඒත් අපි බලාගෙන ඉමු.. ඔබේ කොමෙන්ටුව විවාදයකට හේතු උනා.. බොහෝම ස්තූතියි.....

      Delete
    2. // නමුත් මේ බොරුව කරන්නේ වාහන 10-15 ගෙන්න ගන්න ආන්ඩුවට සතයක් වත් නොදී.//

      You guys always see the bad side, But try to look at the bright side. Speedrome at Battaramulla is planing to reduce their prices for public.

      Delete
  35. කවි ටික කියවගෙන යද්දී ඇගේ මයිල් ස්මයිල් වෙලා ගියා.[කවි ටික ඇත්තටම සුපිරිය]පල්ලෙහා තියෙන "පෝෂේ "එකේ ඩිකිය දැක්කම,රුපියල් 25/=න් ගත්ත පාන් 1/2 ගේ කන්නත් අමතක උනා.

    ReplyDelete
  36. කවි ටික නියමයිනෙ.

    ReplyDelete
  37. අර ඇල්කෙමියාගේ අළුත්ම පෝස්ට් එකේ දාලා තියෙන විදිහට මම නම් හිතන්නේ මේක අයවැයේ තියෙන් අනෙකුත් අසමර්ථකම් වහගන්න දාපු පොඩි ටැක්ටික් පාරක්. සමස්ථ විදිහට අයවැය අරගෙන බැළුවාම තියෙන්නේ අර ගමේ කඩේ මුදලාලිගේ අයවැය වගේ තත්වයක්. පොහොර මෙච්චරක් අඩුයි, වී මිල හොඳයි, නැත්නම් රේස් කාර් බදු අඩුයි වගේ බොළඳ දේවල්. අයවැයක් කියන්නේ රටක ආදායම් සොයා ගන්නා විදිහ බොහොම බැරෑරුම්ව හිතලා හදපු සහ ඒ ආදායම් වියදම් කරන විදිහ පෙන්වන එකක්. ඒත් මේකේ තියෙන්නේ, නිකම්ම නිකං සීනි බෝල ගතියක්. ප්‍රධාන වශයෙන් ගත්තොත් කරලා තියෙන්නේ ජනාධිපති සහ තවත් වැදගත් අමාත්‍යාංශ වල ප්‍රතිපාදන වැඩි කරගෙන අත්‍යවශ්‍ය සේවා වල කප්පාදුවක්.

    අපේ අය කරන්නේ මේ කාර් බද්දක් අල්ලගෙන කෑ ගහනවා. පොඩි මිනිහත් වාහනයක් ගන්න ඕන තමයි. මම ඒකට එකඟයි... ඒත් අපිට මේ කාර් බද්ද නිසා ඊට වඩා අතිශයින්ම රටේ දියුණුවට වැදගත් දේවල් අමතක වෙලා. ඔය කාර් බද්ද වැඩි වුන එක ගැන වැඩිපුරම කෑ ගහන්නේ ලංකාවට කාර් ගෙන්නන බිස්නස් කාරයෝ. ඒ අය තමා සාමාන්‍ය මිනිස්සුන්වත් අවුස්සන්නේ, තමන්ගේ බිස්නස් වැටෙයි කියන බයට. නැතුව අපිට ආදරේකට නෙවෙයි. ඒක හොඳට තේරෙනවා ඔය සේල් එකකට වාහනයක් ගන්න ගියාම.

    දැන්වත් අපි මේ මෝඩ මාධ්‍ය සංදර්ශන වලින් මිදිලා, පක්ෂග්‍රාහී මාධ්‍ය කාරයින්ගෙන් ඈත් වෙලා ඇත්ත දකින්න පුරුදු වෙමු. අපේ බඩ ගැන නෙවෙයි, අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා බුද්ධිමත් ව කටයුතු කරමු. නැත්නම් අපේ දරුවන්ටත් වෙන්නේ අපි වගේම දුක් විඳින්න.

    ReplyDelete
    Replies
    1. මේක මම ලිව්වේ ජොලියට. සමාජයේ කතා බහට ලක්වන දෙයක් නිසා. අයවැය ගැන සිරා පෝස්ට් එකක් ලිව්වා "ණයවැය 2013" කියලා ඉංගිරිසියෙන් දැම්මේ ලෝන් ඉන්වෙස්ට්මන්ට්ස් කියලා.. පොඩ්ඩක් කියවලා බලපන්.. සංදර්ශණ නැතුව බ්ලොග් ගෙනියන්න බෑ. ජංගි ජොක්කු ගැන ලියන්න ගත්තහම තමයි මේක බලන්න සෙනග ආවේ.. ඉතින් ඒ මිනිස්සුන්ටත් ලියන්න එපැයි. අනික මට සම්බාව්‍ය වෙන්න ඕන නෑ. රියැලටි විදියට උන්නහම ඇති.

      Delete
    2. මම උඹ වැරදියි කිව්වේ නෑ මාතලන්. මම කිව්වේ මුළු සමාජයේම සියයට අනූවකගේ දැක්ම මේකයි කියලා සහ ඒක වැරදියි කියලා. බ්ලොග් ලියනකොට ඕන දෙයක් ලියන්න පුළුවන් බව මම දන්නවා. ඒත් මම හිතන් හිටියේ මාතලන් කියන්නේ තරමක් හරි සමාජ අසාධාරනයට විරුද්ධව මතය ප්‍රකාශ කරන්නෙක් කියලා. දැන් බලනකොට මාතලන් මහින්දගෙ වැරදි කියලා තියෙන්නේත්, රනිල්ගේ අඩුපාඩු කියලා තියෙන්නේත්, දේශපාලන දැක්ම ගැන ලිපි දාලා තියෙන්නෙත් ගැලරියට වගේ.

      ඔබේ නයවැය ලිපියත් මම කියෙව්වා... KAS නමින් ඒකෙත් කමෙන්ට් එක්ක දාලා ඇති. ඔබ ඒකට ස්තුති කරලත් තියෙනවා. මම හැමදාම හොඳ දේට හොඳයි කියන්නත් තේරුමක් නැති වල් පල වලට වැරදියි කියන්නත් බය වෙන්නේ නැහැ.

      Delete
    3. කිසි අවුලක් නෑ මහත්තයෝ. ඔබ මාව තේරුම් ගත්තෙ නෑ මගේ හිතේ මම දේශපාලන විවේච්න ලියලා තියෙන්නේ ගැලරියටද නැද්ද කියන එක කියවන කෙනා තීරණය කරයි. මට අවශ්‍ය තිත්ත බෙහෙත් මී පැනිත් එක්ක පොවන්නයි. ගැලරියෙ විසිල් සම්බාව්‍ය ඒවටත් ගහන්නයි. මගේ දේ නිතිපතා කියවන බුද්ධිමත් පිරිසක් සිටිනවා. ඔවුන් මෙහි කොමෙන්ට් දමන්නේ නෑ. නමුත් මගේ ඊ තැපෑලට ඔවුන්ගේ අදහස් එවනවා. මම ඔවුනගේ ඒ ක්‍රියාවට ගරු කරණවා. මන්ද ඔවුන්ගේ ප්‍රතිරූපයට මෙහි කොමෙන්ට් දැමීම හානියක් නිසා. මිනිසුන් කතා කරන්න අකමැති දේශපාළනය මම මේ තුලින් සමාජයට ගෙන ගොස් තිබෙනවා. අද මගේ ක්‍රමය අනුගමනය කරන පිරිසක් බිහිව සිටීම මට නම් සතුටට කරුණක්. මොකුත් කතා නොකර ඉන්නවාට වඩා උපහාසය හා උත්ප්‍රාසය මගින් හෝ කතිකාවක් ඇතිකිරීම මගේ අරමුනයි. කවි කියවන්නෙ නැති අයත් කවි කියවනවා මම නිසා. ඒක මට සතුටක්.

      මම වෙනස් පුද්ගලයෙක්. මතක තියාගන්න. අමරදේව මහත්තයගේ ප්‍රසංගයක විසිල් එකක් ගහපු එකම පුද්ගලයා මම විතරයි. ඔක්කෝම මට ඔරවද්දි. අමරදේව මහත්තයා කිව්වේ. මා දැකපු මගේ හොඳම රසිකයා ඔහුයි කියලයි... මට සම්බාව්‍ය වෙන්න නම් කිසි සේත්ම අවශ්‍ය නෑ. මම ගැලරියට ආදරෙයි. ගැලරියේ මනුස්සකම තියෙනවා. මට ඕන ගැලරිය අප්‍රිය කරන දේ ප්‍රිය දෙයක් කිරීම පමණයි.

      මට මේ දේ කියන්න ඉඩ සලසා දීම ගැන උඹට ස්තූතියි. මොකද ඔය විවේචනේ කීප තැනකම මට ආවා.

      Delete
    4. පස්ට විචාර සංග්‍රහය අයියේ.. එළ කිරි. ඕක රාමු කරල එල්ලල තියාගන්න හිතෙනවා. හුගක් අය හිතන්නේ ගැලරිය පයිත්තියං තැනක් කියල.. නෑ. ඔය එක එක ජාතියේ මහත්වරුන්ට වැඩිය ගැලරියේ විසිල් ගහන උන් විස්වාසවන්තයි. බොක්ක උනත් දෙනවා අපිත් පොලොවේ පය ගහල ඉන්නවනං. මම ඒක අත්දැකපු සැමවිට ක්‍රියාත්මක කරන දෙයක්. ආන්ඩුවේ කාර්යාලයකට ගියත් එක පාරට ලොක්ක ගාවට ගිහින් කඩ්ඩ වනලා වැඩේ කර ගන්නවට වඩා හොදට කරගන්න පුළුවන් පොඩි මිනිහා තේ බොන කැන්ටිමට ගිහිල්ල ඒ විදියට කතා බහක් දැම්මම. තව ඕන තරං උදාහරණ තියෙනවා. හැබැයි තොට එකක් කියන්න ඕන මක්කටෙයි අමරදේව මහත්තයා සින්දු කියන කොට විසිල් ගහන්නේ.. බොට පිස්සුද? අන්න ඒකට උත්තර දියං (ගැලරිය නිහඩ වෙයි) හැක්...

      Delete
  38. මම අලුතින් යමක් එකතු කරන්නෙ නෑ. ඒත් වෙසක් කාලෙඑ ඇහෙන රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ මේ ගීය පද ටිකක් එහාමෙහා කරල මෙහෙම කියන්නම්:

    'තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ
    එහෙව් අපෙන් බදු අරගෙන
    ලැම්බෝ ගිනි එලවන්නේ
    කාර් පැදල රේස් දිනල අපි නලවන්නේ
    ඒවුනාට අපි දැන දැන වලට වැටෙන්නේ"

    ReplyDelete
    Replies
    1. ලැම්බෝගිනි ගෙනාවට අවුලක් නෑ සැමන් ටින් එකේ ටැක්ස් එකවත් අඩු කරලා

      Delete
  39. //බෙදලා දෙන ඇට අට වාසනාවන්//
    මට ඔලුවට අවේම පවුල් සමාගමේ හතර දෙනාගේ ඒවා වෙන්ඩ ඇති කියල....

    රේසිං කාර් වලට විතරමයි කිව්වට අවශ්‍ය පුද්ගලයන්ට ගෙන්වන ස්පෝර්ට්ස් කාර් රේසිං කාර් විදිහට පෙන්නලා තමා ගේන්නේ...

    අන්න මැරවින් තුමත් පුතාට ලැම්බෝගිනියක් අරගෙන දෙනවලු! ඒ වගේ පියවරු ලබන්න මාර පිනක් කරලා තියෙන්ඩ ඕන. මමත් මගේ පුතාට ඒ වගේ පියෙක් වෙනඩ උත්සාහ කරනවා. මමත් අරගෙන දෙනවා මගේ පුතාටත් ලැම්බෝගිනියක්..... නත්තලට....!!! (අපිට ඉතින් සෙල්ලන් කාර් තමා...!)

    ReplyDelete
    Replies
    1. අන්න තාත්තලා... අපි මුකුන්ද....? පොඩි එකාට බොම්බෙ මුටයි දීලා ශේප් කරන තාත්තලා....

      Delete
    2. //රේසිං කාර් වලට විතරමයි කිව්වට අවශ්‍ය පුද්ගලයන්ට ගෙන්වන ස්පෝර්ට්ස් කාර් රේසිං කාර් විදිහට පෙන්නලා තමා ගේන්නේ...//

      Dont worry, custom officers are more educated than you ,, about Cars.

      Delete
  40. හහ් හහ් හා..... මරු කවි ටිකනේ... මට හිනාව නවත්ත ගන්නත් බෑ....හික්....

    ReplyDelete
    Replies
    1. හපොයි අම්මේ.... ලඟම තියෙන ඩිස්පැන්සරියකටවත් ගියානම්...

      Delete
  41. මාත් මේ පාන් කාලක් ගහලා යතුර අතට ගත්තේ ලම්බෝගිනියේ රවුමක් යන්න හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. මාත් බෝංචි 250 ක් ගේන්න යනවා. කරලක් රුපියල් 2.50 මාර ලාබයි

      Delete
  42. මමත් එකක් අරන් දාන්න ඕනේ. ආඩම්බර කාරයෙක් වගේ පාරේ යන්න පුළුවන් නේ..

    ReplyDelete
    Replies
    1. හැබයි ඉතින් ඔක්කෝම ගත්තොත් ත්‍රීවීල් වගේ තියෙයි...

      Delete
  43. මොනවා කරමුද අපි.......
    හඬමුද.......?
    සිනාසෙමුද......?

    ReplyDelete
    Replies
    1. සූස්තියක් ගහලද ඉන්නේ දෙවනි කොමෙන්ට් එක...

      Delete
  44. පට්ට කවි ටික!

    ReplyDelete
  45. ෆෙරාරි රටේ ඉදන් ෆෙරාරියට හූල්ලපු කාලේ ඉවරයි.. මාත් ලෝන් එකක් අරන් හරි ගන්නවා එකක්.. :)

    මම නාකි වෙද්දි තව අගේ වැඩි.. ෆෙරාරියේ මම කිවුවේ... ;)

    ReplyDelete
    Replies
    1. ඔහෙන් ගන්නවට වඩා මෙහෙන් ගන්න එක ලාබයි.. බෑන්ක් ලෝන් ඒකකුත් ගන්න බැරිය ස්වයං රැකියාවක් කියලා...

      Delete
  46. රෙජිස්ටාර් ගාස්තුවත් වැඩිවන්නේ
    බඳිනව නම් මේ වසරෙම බැදපන්නේ
    කෙල්ල තාම නැත්නම් වචනය දෙන්නේ
    කැමති කෙනෙක් දැන්මම බාරිට ගන්නේ

    ReplyDelete
    Replies
    1. අම්මට බොල ආයිත් ආසවටවත් බැඳලා හමාරයි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න