.

.

Jan 29, 2013

ක්‍රෝටන්, බිගෝනියා සහ ඇමතිවරු - Croton, Begonia & Ministers


ආන්ඩුවෙන් දිවි නගන්න, ඇට අටක් දෙනවාය. ඒ වවාගෙන කන්නය. වැඩි පුර තියෙනවානම් විකුණාගන්නය. ඒත් ඒ ඇට වැවිල්ල කෙසේ වෙතත්, කස්ටිය වවන්නේ පාම් ගස්ය. පාම් කිව්වාට ඒවා වල, තල්, පොල්, තියා පුවක්වත් නැත. අඩු ගානේ, මේ මලදාන වෙනුවට පුවක් ගහක් වවා ගත්තානම් මල පනින වෙලාවට හක්කේ දමා හපන්න තිබුනාය. අපේ උන් කරන්නේ, ඔහොම හරක් වැඩ තමා කියා අපේ සීයා ඉස්සරත් කියනවාය. සීයා කුඹුරු කෙටුවේය. කොරටුවක් කලේය. අපි ගමේ ගියාම කෑවේ බිව්වේ ඒවාය. පළතුරුත් හැම ජාතියම වගේ තිබුනේය. අවුරුදු 94ක් වෙලා මැරෙන දවස වෙනකන් මේවා කලේ තනිවමය. කුඹුර කරන්න විතරක් 5-6 දෙනෙක් එකතු උනේය.


සීයාගේ පුරුද්ද නිසාද කොහෙද, අපිත් පොඩි කාලේ අල්ලන සෙල්ලම්, හැංගී  මුත්තන් කරනවා වගේම, අපි වවමු රට නගමු සෙල්ලමද කලේය. මගේ කොහිල කොරටුවේ කතන්දරේ සමහර විට කියෙව්වා මතක ඇතිය. නොකියවපු කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලා ගන්න පුළුවන්ය. අකමැති නම්, නොබැලුවත් අවුලක් නැතිය. එහෙම වවපු එළවළු, පළතුරු, ගෙදර කන්නටත් ගත්තේය. වැඩි පුර ඒවා තොරණ හංදියේ ආසිරි කඩේට විකුණුවේය. ඒවා විකිණුනේ උනු කැවුම් වගේය. පැයක් විතර කඩේ ගාව ලග් ගහලා, ගෙදර එන්නේ සල්ලිත් අරගෙනමය. පසු කාළේ ආසිරි කඩේ වහලා කස්ටිය කඩවත් ගියේය. කඩේ මගේ හොඳම යාළුවා ප්‍රේමසිරිය. 

කොච්චර මරු මූස් වැඩ කලත්, මේ වැඩේ නිසා සීයා මට ආදරය කළේය. ඒත් අම්මා වවන මල් ජාති වලට එයා කේස් එක ඇද්දේය. "බුදුන්ට පුදන්න මල් ගහක් වැව්වාම ඇති. මේ දරුවා වගේ ප්‍රයෝජනයක් ඇති දෙයක් වැව්වනම් කන්න බොන්න පුළුවන්නේදැයි" කියන කොට මට පට්ට ආතල්ය. ඔය ඕකිඩ්, බාබන්ඩේසියා, බෝගන්විලා, ඔක්කෝම නැතිවෙලා, එක කාළෙක ක්‍රොටන් ඉට්ටයිල් එකක් ආවේය. ඒත් එක්කම වගේ බිගෝනියා පිස්සුවකුත් ආවේය. මල් පිපෙන බිගෝනියා ජාතිත් තිබුනත්, ගොඩක් ගෙවල් වල තිබුනේ කොල විතරක් තියෙන බිගෝනියාස්ය. ඒකට නම් සීයා සෑහෙන දොස් කිව්වේය. ඒ කිව්වට එයත් ක්‍රෝටන් අරගෙන ගිහින් කොරටුවේ වැටේ හිටෙව්වේය. එවා නම් සල්ලි දීලා ගන්න ඒවාටත් වඩා සුපිරියටම තිබුනේය.

ඇත්තටම, වත්තක මේ පාම් ගස්, ක්‍රෝටන් ගස්, බිගෝනියාස්, වවනවාට වඩා, අපි වවමු රට නගමු වැඩේ කරනවානම් හොඳය. ඒ උනාට පොෂ් ගතිය යනවාය. පොෂ් කියන්නේ සෝබනේ නිසා අවුලකුත් නැත්තේය. තනකොල වවන එකේ, ගොටුකොල ටිකක් වවා ගත්තානම් අමුවෙන්ම උනත් කන්න පුළුවන්ය. ඒ උනාට අපේ උන් හරක් නිසා, වවාගෙන තියෙන්නේ තණකොළය. ඔය ක්‍රෝටන බ්‍රෝටන් වල මෙළෝ වැඩක් නැති උනාට, ගිනි ගනන්ය. සත පහක දෙයක් ලැබෙන්නේ නැති උනත්, මේන්ටේන් කොරන්නත් හෙන වියදමක් යනවාය. හරියට අපේ ඇමති මණ්ඩලේ වගේය.

අපේ අම්මා බිගෝනියා පෝච්චි මාරු කරනවා වගේ, ලොක්කාත් ඇමතිවරු මාරු කරලාය. අම්මා හොඳට පෙනුම තියෙන ඒවා ගේ ඇතුලේ තියනවාය. එළියේ තියෙන එකක් ගේ ඇතුලේ එකට වඩා හොඳ උනාම, ගේ ඇතුලේ එක එළියේ තියලා, එළියේ එකක් ඇතලට ගේනවාය. ඒත් ඉතින් බිගෝනියා, බිගෝනියාමය. මෙළෝ රහක් නැත. තෙල්බාලා පරිසරේට දාලාය. අපේ පරිසරයටත් සම්මා සම්බුදු සරණය. ගිලෙන නැවේ තෙල් ටික ගොඩට ගේන්න බැරි උන එකාට, තෙල් සංස්ථාවම බාර දීලාය. නඩු බලවපු නිසා වෙන්ඩ ඇතිය. තෙල් සංස්ථාවටත් දෙවියන්ගේම පිහිටය.

හැබයි ඉතින් හොඳ වැඩත් කරලාය. කොලිෆයිඩ් එකා, නාකි විතාරණත් එක්ක දාලා, පවිත්‍රා නෝනාට කරන්ට් එක දීලාය. ඒ දුන්නාට, ත්‍රී පෙස් ම දීලා නැතිය. බලශක්ති ලොක්කා ළඟය. දැන් රූපවාහිනිවල නැතුව, චම්පික ලොක්කාට තිස්ස විතාරණත් එක්ක, අමාත්‍යංශේම මරා ගන්න ඇහැකිය. වතුර නැතත්, තෙල් නැතත්, පවිත්‍රා නෝනා කටෙන් හරි කරන්ට් එක දෙන එක නම් ඉර හඳ වගේ විශ්වාසය. විජිතමුනි සුදුසු තැනටම දාලාය කැලෑ බලා ගන්නය. දැන් මෙයා, එයත් එක්ක කොක්කෙන් ඉන්න, පොල් ඇමතිගේ මල් වලට කෙලිනවාය. අපිට ඉඳලා හිටලා මලක් ගහන්නත් නැති වෙනවාය.

ඔක්කෝටම වඩා ආතල්, බව්වව ගෙදර දාලා ආන්ඩුවේ ගෙදරට ගිය අපේ රන් කඳ සෙනෙවිට සීනී දීලාය. එයා අනුන්ගේ සීනී කිරන නිසා, වරායේ ඉඳන් එන සීනී ගෝනී ගනන් කරලා ලොක්කාට කියන්න පුළුවන්ය. අපට එහෙම හිතුනාට, එයා ඒක ගත්තේ මුදල් ඇමතිකම් දුන්නා වගේය. දවසක උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස් කියා ලොක්කාට සීනී කවන්න දා ගත්තාද කියා කියන්නත් බැරිය. මම නම් කියන්නේ එතුමාට දුන්නා වගේම  බව්වටත් එකක් දුන්නා නම් හොඳයි කියාය. මොකෝ ලොක්කා සත්තුන්ටත් ආදරේ නිසාය. වෙන ඒවා දෙන්න ඕන නැතිය. අමාත්‍යංසේ දෙකට බෙදා සෙනෙවිට "සී" ඇමති කමත්, බව්වාට "නී" ඇමති කමත් දුන්නාම වැඩේ අහකය. ඒ වගත් මෙසේය............

57 comments:

  1. වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි කියලත් හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. හරිම පොඩ්ඩයි කඩන්නේ

      Delete
  2. අපරාදෙ උඹ කොටපු අකුරු ටික....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මාතලන් ඔයා මී මුරේ සතියක් රෙස්ට් එකේ ඉදල එන්න ඔයාට ඔක්කොම අමතක වෙයි...

      Delete
    2. අවුලක් නෑ අභියෝ ආතල් එකට කරන දෙයක් නේ....

      Delete
  3. උඹේ එලවලු කතන්දරේ නං රසවත්.. අනිත් ඔක්කෝම ක්‍රෝටන් ගස් වගයන් නේ...

    ReplyDelete
  4. චම්පිකගේ දේශපාලනය මට දිර්වන්නේ නැතත් විදුලියෙන් මිනිහව අයින් කරපු එක නම් පල් වැඩක් , මම නම් කියන්නේ සිනි විතරක් මදි , පැනියි හකුරුයිත් ඕනි . එහෙමත් නැත්නම් පොල් සහ එලවලු තෙල් අමාත්‍යාංශයවත් ඕනි (පලාත් සභාවෙන් අස් කරලා රජිව් එලවල ගන්න ජාතික ලයිස්තු පුටුවට දාලා ශාන් විජයලාල්ට තමයි තෙල් අමාත්‍යංශය දෙන්න ඕනි )

    ReplyDelete
    Replies
    1. චම්පිකගෙන් අස් කලේ පෞද්ගලීකරණයටද කියන්න බෑ.. මොකෝ අයි ඇම් එෆ් එකෙන් විදුලියටයි තෙලටයි රෙඩ් නෝටිස් දීලා තියෙන්නේ...

      Delete
  5. ලගදීම ලිංගික කටයුතු හා ප්‍රවර්දන ඇමති කියල හදල පුරුෂ ලිංගික කටයුතු, ස්ත්‍රී ලිංගික කටයුතු, හා නපුන්සක ලිංගික කටයුතු කියල තුනට බෙදල තුන් දෙනෙකුට දෙයි

    ReplyDelete
    Replies
    1. ඒකට නම් මෙතනින්ම කට්ටිය හොයා ගන්න පුළුවන් නෙ.

      පුරුෂ ලිංගික කටයුතු ඇමැති: අටමා
      ස්ත්‍රී ලිංගික කටයුතු ඇමැති: Kenji.Japan
      නපුන්සක ලිංගික කටයුතු ඇමැති: මාතලන්

      ඕනෑ නම් මඳසරු භාවය පිළිබඳ ඇමැතිකමකුත් හදමු. ජොකියෙක් ඉන්නවා ඒකටත්.

      Delete
    2. ඒකර මාව දාලා තියෙන්නේ පොන්නයන්ට මෙතන ආතල් ගන්න පුළුවන් නිසා වෙන්ටෑ....

      Delete
    3. නෑ මාතලන් ඔයා කොහොමත් අභීතලා වගේ එවුන් රැක බලා ගන්න නිසා.

      Delete
    4. රැක බලාගන්නව කියන්නෙ දැන් මූද ඌට කන්න බොන්න දෙන්නෙ? නැත්තන් උගෙ පවුල ඉන්නෙ මාතලන්ගෙ ගෙදරද? පිස්සු කියවන්න එපා ඩෝ...

      Delete
    5. එහෙම කරන එකක් නෑ ඇනෝලා වගේම ආන්ඩුවත් සෙක්ස් කියන කොටම බයයි...

      Delete
  6. සීනි අමාත්‍යංශය 'සුදු සීනි' සහ 'රතු සීනි' වශයෙන් උප අමාත්‍යංශ දෙකකට බෙදෙනවලූ...

    ReplyDelete
    Replies
    1. උඹගෙන් දැකලද මන්දා අද කාටුන් එකකුත් තිබුනා...

      Delete
  7. හෙට අනිද්ද ලයිට් බිල වැඩිකල ගමන් මිනිස්සු කෑගහන එකට ඊයෙම දෙන්න උත්තර හදාගෙන ඇති.කිව්ව වගේම අරයව ගෙදර යවලමනේ හිටියෙ.කඩේ ගිය සැර කමට ලොක්ක කරන්ට් වද්දලම ගත්ත. විදුලි ස්විචයක් දාන්න දන්නව ඇරෙන්න විදුලිය ගැන මෙයා දන්නෙ මොන බිබික්කමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔයා ඇමතිගෙ රූම් එකේ බඩු ගැහැව්වෙ ලයිට්, ඒසී නිවලද?

      Delete
    2. අනේ නැහැ පුතේ!මට ඒ වෙලාවට හොදට එලිය තියෙන්න ඕන.එදත් අදත් එහෙමයි.ඒ දවස්වල හැම එකකගෙන්ම "ඇද නැති මයිල් ගහක්"ගලවා ගන්නව.මොකද හාමුදුරුවො කෙනෙක් කිව්ව දියුණුවෙන්න ඕනා නම්,ඇද නැති මයිල් ගස් 32ක් ගෙනත් දුන්නොත් මතුරල සුරයක් හදල දෙන්නම් කියල.වැඩේ කරගත්ත.හැබැයි ටික කලක් ගියා.මොකද ඇද නැති ඒවා සොයාගැනීම පහසු නැති නිසා.වැඩේ නම් ටක්කෙටම හරිය.

      Delete
    3. ඒකනෙ මටත් හිතුනෙ ස්ත්‍රී ලිංගික කටයුතු ඇමැති ධුරයට ඔයා තරම් ගැළපෙන කෙනක් නෑ කියලා.

      Delete
    4. ඔයාට මානසික අසහනය නේද කෙන්ජි අන්කල්... මොකද නහින දෙහින කාලෙ නගින්නෙ නැද්ද... නැත්නම් නෝන අල්ලන්නෙ නැද්ද..... අමාරු නම් ලන්කාවට ඇවිත් ආයෙත් මයිලක් දෙකක් ගලවන් යන්න....

      Delete
    5. මම මේ අහන්නමයි හිටියෙ සුදු අන්කල්.... ඔයා මෙහෙ අනාත ලමයි දෙතුන් දෙනෙක් බලා ගන්නව කියුවෙ ඒ කාලෙ බඩු ගහල හිටපු ෂොට් වල ලමයිද? ඒ ලමයි ඉතින් අනාතයි නෙව...

      Delete
    6. අන්න,අන්න පුතාල රෝන්ග් ට්‍රැක් එකට එන්න හදනව.21+ බුද්ධියක් තියෙන කොල්ලන්ට දැනගන්නයි මම කියන්නෙ.මම පොඩිකාලෙ ඉදල ඇලේ,දොලේ,ගගේ නාල ගමේ කෑම කාල හැදුන බයියෙක්.ඉගෙන ගන්න කොලබ ඇවිල්ල ටිකක් විතර නරක් උනාට /කොන්ඩෙ නොබැන්දට/තට්ටෙ තාම නොපැදුනට ගමේකම තාම තියෙනවා.අමරසේකර අන්කල්ට,විමලේ අයියට තියෙන අමාරුකම් මට නැහැ.පුතාලට මගේ කොමන්ට් දැකල යම් කිසි "බෙලහිනතාවයක් "නිසා යක්ෂයා ආරුඩ වන ගතියක් දැනෙනවනම් කියන්න මම කොමන්ට් කිරීම නවත්වන්නම්.

      Delete
    7. කෙන්ජි උඹ මේ සෙක්ස් මේනියක් පොරවල් නිසා මේකේ කොමෙන්ට් නොදා නම් ඉන්න එපා..

      Delete
    8. !@#යක් කතා කරනවද කොල්ලො කොන්ඩම් තියරිය එදා ඉදලම මගේ ලග තිබුනෙ නැහැ.නමුත් නොවරදවාම "පොස්ටිනොර්-2"පැකට් 1ක් 2ක් නම් මා ලග අනිවා.කවන්න පෙර 1යි කෑමෙන් පස්සෙ 1යි.හැබැයි ගොයියො පෙත්ත 100%ක් ෂුවර් නැති හින්ද පනිට්ටුව ළිදෙන් ගනිද්දි ලිදට වතුර පොදක්වත් හලනව එහෙම නොවෙයි.එහෙම කරන එකාට තමයි නියම පුරුෂ ශක්තිය තියෙන්නෙ දරුවනේ !!!!මට කියන්න අමතක උනා.මම උපකාර කරන්නෙ මෝල් උන කාරයන්ගෙන් අතරමං උන දරුවන්ට.ආශාව තිබුනට කෙල්ලෙක් සෙට් කරගන්න බැරුව දුක්විදින කොල්ලෝ කොච්චරනම් ඉන්නවද.

      Delete
    9. ඔයා නම් දෙයියෙක් කෙන්ජි අන්කල්... විහිලුවට කියුව ඒවට කොමෙන්ට් නවත්තන්න එපා... ඔයා නියම පොරක්නෙ.... වෙලාවක් තියේ නම් ලන්කාවට ආපු වෙලාවක මටත් ඇරල යන්න.... පුරුද්දක් හැටියට නොකලත් කමක් නෑ එක පාරක් හරි ඇරල යන්න....

      ප: ලි: කෙන්ජිගේ ඉවසීම අගය කරමි.... නැවත මම ඔබට විරුද්ධව කොමෙන්ටු නොදමමි.... හැට්ස් ඕෆ් කෙන්ජි.... යූ ආර් ද මෑන්...

      Delete
    10. ස්තුතියි පුතා තේරුම් ගත්තට.ඔබ සැමට ජය!!!

      Delete
    11. අනේ කෙන්ජි අන්කල් කමෙන්ට් දාන එක නම් නතර කරන්න එපා. මේවා නිකං ලයිව් වැල වගේ. සාමාන්‍යයෙන් හැරමිටියෙන් යන කාලෙට එනකොට අන්කල්ලා ඒ කාලෙ වැලි මිරිකලා දිය ගත්තු හැටි හෙම සිහි කරලා පොඩි මානසික සුවයක් විඳින්න කැමැති බව අපි දන්නවා. අපි මොකටද ඒකට බාධා කරන්නෙ?

      Delete
    12. උඩ ඉන්න ඇනෝ කෙන්ජි අන්කල්ට පුක දෙන්න කැමති උන හැටියට, ඒ කාලෙ කෙල්ලො මෙයාට පිස්සු වැටුන එක අහන්නත් දෙයක්ද..... පිස්සු හැදෙනවා කෙන්ජි අන්කල්... ඔයා නම් රියල් වැඩකාරයෙක්....

      Delete
    13. @ ඇනෝ; පුතාල දෙන්න මේ අහන්න,මාගේ මානසික සුවය ගැන සිතා, ඔබ දෙන්නාගේ මානසික "අසහනය" දුරුවේනම් එය මා !@#$ල ගන්න සැපට වඩා සුවයකි මාගේ දරුවනේ!!!

      Delete
    14. තෑන්ක් යූ කෙන්ජි අන්කල්. අන්කල් ලංකාවට ආපු දවසක අපේ ගෙවල් වල නැතත් ඔය මාතලන්ගෙ ගෙදර පැත්තෙ හම ගිහින් එන්නකෝ.

      Delete
  8. මාතලන් අයියේ.. මේ තොරණ හන්දිය කිවුවේ කැලණියේ තොරණ හන්දිය ද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... මොකෑ දන්නවයි....

      Delete
    2. මාත් මේ අහන්නමයි හිටියේ...
      අඩේ ඒ කියන්නේ අපි අසල්වාසීන්නේ...

      Delete
    3. ඔහේලා කොයි හරියෙද....?

      Delete
  9. "දෙවන පෙළ නායකයින්ට වැඩකට නැති අමාත්‍යාංශ දීම වැරදි ප්‍රතිපත්තියකි. උන්ට දිය යුත්තේ මොකක් කළත් හොඳක් අහන්ඩ බැරි ජන දිවියට තීරණාත්මක අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා එකා හැම දාම ඩෙංගු නිසා බැනුම් අහයි. නියඟය ඇතිවන වාරයක් වාරයක් පාසා, ලයිට් කපද්දී, මහ ජනතාව විදුලිබල ඇමැතිගේ මෑණියන් වහන්සේ මතක් කරති. ලෝක වෙළඳපළේ බොරතෙල් බැරල් මිළ ඉහළ යන වාර ගණන පහළ යන වාර ගණනට වඩා ඉතා වැඩි හෙයින් ඛනිජතෙල් භාර ඇමැතියා හැමදාම අඳුරේය. ඔක්කෝටම වඩා හොඳ අධ්‍යාපනයයි. විභාග ප්‍රශ්න පත්තරයක ඇලපිල්ලක් අඩු වුණත් ඇමැති බැනුම් අහයි. Z ස්කෝර් තියෙන කල් හැමදාම වලිය. මම ෂේප්ය. මගේ දෙවන පෙළ තරගකාරයින්ට දිය යුත්තේ මේ වගේ අමාත්‍යාංශය. එයින් වාසි දෙකකි. උන් සේරම බලා ඉඳිද්දී ජනප්‍රියතාවයෙන් වැටෙන අතර මගේ ජනප්‍රියතාවය ඉබේම ඉහළ යයි. මොන ආතල්ද? බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබුණත් දිය යුත්තේ ඔය රිෂාද් බදුද්දීන් වගේ මිනිහෙකුටය. ඒකා බෞද්ධයෙක්ද කියලා අපේ හාමුදුරුවෝ ඇහුවොත්, ඉතින් මොකෑ? ධීවර ඇමැති මාළුවෙක්යැ? ආරක්ෂක ඇමැති සිකියුරිටි කාරයෙක්යැ? කියා පෙරළා ප්‍රශ්න කරන්ට පුළුවන."

    උපුටා ගැන්ම: සමනළ විප්ලවය https://samanalaviplavaya.wordpress.com/2012/08/24/butterflyrevolution13

    ReplyDelete
  10. "දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය අගැමැතිකම කාට දෙන්ටද කියලාය. එය ලැබිය යුත්තේ හීනෙකින්වත් මට ගේම දෙන්ට බැරි පොරකටය. මෑතක් වනතුරු මේක මට ලොකු ගැටළුවක් නොවුණේ අවුරුදු දෙක තුනක් තිස්සේ නවලෝකයේ ස්ථිර පදිංචිකාරයකු වුවත්, මගේ විශ්වාසය දිනාගත් දිමු සීයා නිසාය. ඒත් හරියටම මාසෙකට කලින් මූත් මට නාක්කලේට වගේ වල කජ්ජ ගැහුවාය. සවුක්කියාට හෝ බාල පැට්රලයාට අගැමැතිකම දෙනවා කියන්නේ කේස්ය. ඕනැ නැති ප්‍රශ්න හදා ගන්ට ඕනෑම නැත.

    එතකොට ඉතුරු වෙන්නේ බන්දු-බණ්ඩා ඩබලය. Z ස්කෝර් එකක් වත් හරියට හදා ගන්ට බැරි මුන් දෙන්නාට නම් මේක දෙන්ට කිසිම බයක් නැත. ඒත් දෙන්නාගෙන් කවුද හොඳ? දෙන්නාම එක වගේය. අයියා හා මල්ලී වාගේ. කොයිකා හොඳද තෝරන්නේ කොහොමද?

    හෙට මම කාසියක් උඩ දා බලමි. නැතිනම් ඔන්නොහෙ අද්දියාපනය වගේ දෙන්නාටම බෙදාගෙන කන්ට දෙමි."

    උපුටා ගැන්ම: සමනළ විප්ලවය https://samanalaviplavaya.wordpress.com/2012/08/24/butterflyrevolution13

    ReplyDelete
  11. මහරජා සිනි ඈමති කෙනෙක් පත් කොලාට සමහරුන්ට අපුලක් ඈතිවෙලා.හෑබෑයි මරා නම් ඔවා කොරන්නෙ තමන්ට උදවු කොරපු පින්වතුනට කලගුන සලකන්න.ෆොන්සෙකා හරහ දමන්න ගහපු ගෑටය තද කොරන්න කල උදවුව කොහොම ද අමතක කොරන්නෙ.ජොනිට කලින්ම කොරානෙ.

    ReplyDelete
  12. ඊයේ මේ කළ වැඩේ නිසා ගූගල්ලාගෙයි ෆේස්බුක් එකෙයි දත්ත ගබඩාව මොනතරම් රසවත් වැකිවලින් අපේ අය පුරවන්න ඇති ද....? නිවෙසක් නිවෙසක් ගානේ, කාර්යාලයක් කාර්යාලයක් ගානේ කී දෙනෙක් කන් පුරවා ගන්න ඇති ද...? කවුරුත් සිතන ආකාරයටම මේ ඇමති ආශ්චර්ය්‍ය විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ලොක්කා තමයි හොඳම විහිළු කාරයා.. දෝශාභ්යෝගය ගේනවටත් අකමැති උනා කිව්වනේ...

      Delete
  13. ඇත්තටම මචන් මෙච්චර සිල්ලර කරන්නේ ඇයි මේ වගේ
    තනතුරු .කාර්ය භාරයක් නැති වගේ ඇමති කම් දුන්න නම්
    මීට හොඳයි බන්..ඒකෙ ගරුත්වයක් තියෙනවා මීට වඩා..
    මේ වගේ දේවල් නම් අනේ මන්ද බන්.පුදුම විහිලු .

    ReplyDelete
    Replies
    1. මෙයලා කරන්නෙත් එච්චරනේ.. විහිළු කරන එක විතරයි. වෙන මුකුත්ම කරන්නේ නෑ...

      Delete
  14. ගිය අවුරුද්දේ විදුලිය පාඩු වෙනකොට චම්පික පී බී එක්ක ඇර ගත්තා මතකද ඊයේ පෙරේදා අමුණුගම අචාර්ය තුමා විදුලිය පුද්ගලික කරණය කරන්න ඕන කිව්වා අයෙත් චම්පිකට මල එයත් එක්ක පැන්නා සද්දේ දාන කොටම මම දැන ගත්තා මේක වෙන බව. ලොක්ක මෙහෙම කියන්න ඇති චම්පිකට "චම්පික ඔයා මේක ප්‍රයිවටයිස් කරොත් ඔයාගේ නමට හොඳ නැහැනේ අපි වෙන කෙනෙක් දාල කරමු " ඉතින් මිනිහ හා කිව්වා දැක්කේ නැද්ද පින්තුරේ දෝතින්ම අලුත් ඇමතිකම ලොක්කාගෙන් ගන්නේ. විමලය නම් ලොක්ක කිව්වම ඕන ගූ ගොඩක බහිනවා නේ. චම්පිකට කාඩ් එකත් බේරගන්න ඕන ඇමැතිකමත් ඕන .

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙ කොහොමද මෙව්ව වෙන්නෙ මහත්තයෝ....... දන්නෙ නැති හින්දයි අහන්නෙ.... අපි ඉතින් උපන් ගෙයි වාමාන්සිකයො නෙව....

      Delete
    2. ඔබාමාගේ කැබිනට් එකේ 15 දෙනයි
      http://en.wikipedia.org/wiki/Cabinet_of_the_United_States
      මිනිහට පිස්සුද කොහෙද මේ පුංචි ලංකාව පාලනයටත් 150 ක් ඕන වෙන එකේ ලංකාවට වඩා ලොකු ප්‍රාන්ත 50 ගෙනියන්න 15 යි. පිස්සු හොඳ එක නේද?
      ඇමෙරිකාවේ එහෙම වුණත් උපන් ගෙයි වාමාන්සිකයො ඉන්න ලංකාවේ එහෙම වෙන්නේ නැහැ
      අපි වැඩේට කර ගහන්න ලෝස් නැතිව හරියට සෙනග දාල තියෙන්නේ හරිය.

      Delete
    3. මටත් හිතෙනවා උදිත... මොකෝ අමු ගොම මහත්තයා මේක ප්‍රයිවටයිස් කරන එක ගැන පොඩි ඉඟියක් දුන්නා. ඒකට චම්පිකට මල පැන්නා.. IMF එකත් වෝන් කරලා තියෙන නිසා නොවෙන්නත් බැරි නෑ..

      Delete
  15. මටත් ඇමැතිකමක් ඕනේ වගේ බං.... බ්ලොග් ඇමති?

    ReplyDelete
    Replies
    1. ඒක මාරයට දීල තියෙන්නේ බං

      Delete
    2. යකෝ මාරයා බ්ලොග් ඇමැති නම් අපි මෙලහට හිරේ නෙවෙයි එල්ලුම් ගහේ. ඔය කකාලා මාතලන්ල වගේ කවුරු හරි වෙන්න ඇති බ්ලොග් ඇමැති ඇනෝලට ඔච්චර වරප්‍රසාද දෙන්න.

      Delete
    3. මට නම් එකක් තියෙනවා බොග් ඇමති...

      Delete
  16. Replies
    1. මොකෝ.... සීනී ඇමති සීනී බෝලයක් වත් දුන්නයි...

      Delete
  17. අනේ ම්ාන්ද මාතලන් අය්‍යෙ. අනො මාමල eeeeKk

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න