ඉස්සර නම් ළෝකේ උන්නේ බලවන්තයෝ දෙන්නයි. ඒ
ඇමරිකාවයි, රුසියාවයි, හැබයි ඇමරිකාව සීතල යුද්දෙකින් රුසියාවට ගෙම
දුන්නා. රුසියාව කෑලි කෑලි වලට කැඩිලා ගියා. ඒ කරලත් රුසියාවේ බලය පොඩ්ඩක්
වත් අඩු වෙලා නෑ. යුධ බලය වගේම, ක්‍රීඩාවෙන් උනත් රුසියාව තවමත් ඇමරිකාව
එක්ක කරට කර ඉන්නවා. එහෙම ඉන්න එක හේතුවක් තමයි, බොහොම නිර්භීත නායකත්වයක්
රුසියාවට තියෙන එක. ඒ තමයි ව්ලැඩිමීර් පුටින්, මට නම් වත්මන් ළෝකේ ජීවත් වන
නායකයන්ගෙන් බලවත්ම නායකයා තමයි ඔහු. ඔහුට බලය නොමැති කාලෙත්, තමන්ගෙ
බොක්කක් වන දිමිත්‍රි මෙද්වදේව් ජනාධිපති කරලා හෙමීට පාළනේ තම අතේ තියාගෙන
නූල් සූත්තරයක් දාලා, ආයෙත් ජනාධිපති වෙච්චි හාදයනේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNZ-qdOPsPgfNaUCbM__5OaYGhcRx6XFZ5l41HiF8yHgKj2Saka6cG5MacoXTXxN07eGCzQwlrioirFu1-ju-owPR-yIwLChrkE9iWGnkylrEMn2bVqDWFxEcsQAYFuwx6npippQbLQVU/s1600/Vladimir_Putin_wedding-2.jpg)
අපේ
ලොක්ක නම් ඒ සෙල්ලම් කොරන්න යන්නෙ නැතිව ඇත්තේ, එහෙම "බොක්කක්" නැති නිසා
වෙන්න ඇති. මෑතකදි පුටින් ගැන නැවත කතාවක් ඇති වෙන්නේ, උන්නැහේ ඩිවෝස් වෙන්න
යනවයි කියන කාරනේ උඩ. ළෝකේ දික්කසාද වලින් නම්බර් වන් වෙලා කප් එක ගහලා
ඉන්න රට උනත්, ඒ රටේ මිනිස්සු මේ කතාව පිලිගන්න කැමති උනේ නෑ. නමුත් ජෝ
ඩුවම, ජාතික රූපවාහිනියට ඇවිත් බොහොම සිනහමුසු මුහුණෙන් දෙන්නා වෙන් වෙන්න යන බව මුළු ළෝකයටම ප්‍රකාශ කලා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQrnWJBUcTuD_GkVwOksUnMSTMtIOt06axGLiURNPOF_2mXYEcKeNrYyjMXKiA-ka5uB3B_kkyaFGa6m926z7zhzTX1hRaY3RlbXFhyTXtmCnbh9uzAs0qnZm2wh7sdd60APKsbL0IHDk/s1600/220px-Vladimir_Putin_with_Lyudmila_Putin-1.jpg) |
මෙයත් චීස් කෑල්ල වගේ ඉන්න ඇති. |
පුටීන් විවාහ වෙලා උන්නේ "ලුඩ්මිලා පුටීනා" සමඟ. එයාලා
විවාහ වෙලා තියෙන්නේ 1983 ජූලී 28 වනදා, දෙන්නට දූවරු දෙන්නෙක් ඉන්නවා.
ලොක්කි, "මරීයා" ඉපදිලා තියෙන්නේ 1985 දී. පොඩ්ඩී "යෙකැත්රිනා" 1986 දී. 1958
ඉපදුන ලුඩ්මිලා, මුලින්ම සේවය කරලා තියෙන්නේ සෝබමාන ගුවන් සේවිකාවක්
විදියට. පසු කාළෙක ඇය ජර්මන් භාෂා ගුරුවරියක් ලෙසත්, පුවත් පත් සමාගමකත්,
සේවය කරලා තියෙනවා. එයා කියන විදියට නම් ජනාධිපති තනතුරේ අධික වැඩ
කටයුතු හේතුවෙන්, දෙදෙනා අතර තිබුන සහ සම්බන්දකම් අඩු උනාලු. ඒ නිසා, දෙදෙනාගෙම
කැමත්තෙන් මේ තීරණයට ආවාලු. කෙසේ වෙතත් පුටීන්ගේ වැඩ කිඩ ගැන කතා උනාට,
පුටීන්ගේ පවුල හා දරුවන් ගැන කිසිවක් දැන ගන්නට නැත්තේ, සමහර විට ඒ පවුල්
ජීවීතේ අසාර්ථක එකක් නිසාම වෙන්න ඇති.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6AGy1-eMNP8BjczlOrLr70Vf3xSCFmrNa39sX55S_GhbgYarn0ToMjMtfIp4hpuZb8ZAhLzaK8hK1Q1KHPm3-bOINd7ABVfZGWkhfbvRlNXc5__QKaoVH7XgCH247w281wmPL6x4rx_s/s320/Putin-on-horse.jpg) |
තාමත් කොල්ලා වගේ ඉන්නේ... |
නමුත්, ඇත්ත කතාව ඊට වෙනස්. ඇත්ත කතාව ඇවිල්ලා හොර ලව්
කේස් එකක්. මේක පැපරාසියන්ට මාට්ටු වෙන්නේ 2008 දී විතර උනත්, ඊට කලින්
ඉඳන්ම සීන් එක ගියා කියලා තමයි ගොසිප් කාරයෝ කියන්නේ. ලන්ඩන් "සන්" ගොසිප්
පත්තරේ කියන විදියටනම්, ජෝඩුවට දැනටත් ළමයි තුන් දෙනෙක්ම ඉන්නවාලු. ඒ කතා
නම් කෙප්ප කියලා තමයි, හොර ගෑනී (Mistress) වෙච්ච, "ඇලීනා කබයේවා" නම්
කියන්නේ. කොහොම නමුත් 2008 දී, ඉතාලියෙදි, පුටින් මහත්තයගෙන් මේ ගැන ඇහුවම,
එයා කිව්වේ, ඒක පට්ට පල් බොරුවක් කියලා. ඒ කෙසේ වෙතත් රුසියන් කාරයෝ නම්
කියන්නේ පුටින් නරක් කලේ, ගැට පොලොස් වලට බොහොම කැමති, ඉතාලියේ හිටපු
අගමැති, සෙල්ලක්කාර සිල්වියෝ බුලස්කෝනී මහත්තයා කියලයි. කතාවේ ඇත්තක්
නැත්තෙමත් නැත්තේ, දෙන්නා හොඳම යාලුවෝ හින්දා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9WqImnE-wtiH7KISF6LE8YnZzJI6CTI7rt_7zQcH2UGkM9zdXzJlLos9IhyYf6I8Oz4CZ7S6MFgHrAr5zQYVNoOv_m0MlqHFHb8KAQek0wcK1ZOZtDhL4NzYTU9DXct9on99RVKs3DhE/s320/Alina-Kabayeva-mai_1741761a.jpg) |
සෙට් වෙච්ච කාලේ.. කොහොමෙයි පැණි මූණ |
ඇලීනා කබයේවාත් ලේසි පාසු බඩුවක් නෙමෙයි.
මොහොම සුන්දර රුසීයානු කෑල්ලක් වගේම, ඔලිම්පික් ගෝල්ඩ් මෙඩ්ල් හිටන්
රුසියාවට ගෙනාපු කෑල්ලක්. කෑල්ල කාලේ සෙට් උනාට, දැන් නම් එයාටත් අවුරුදු 30
ක්. (1985/05/12). හැබයි ඉතින් පුටින්ගේ දුවලත් මේ වයසෙමයි.. ගෝල්ඩ් මෙඩල්
එක ගෙන්නේ, 2004 ග්‍රිසීයේ ඇතෑන්ස් වල තිබුන තරඟෙන්. 2000 සිඩ්නි ගේම්
එකෙනුත් ලෝකඩ පදක්කමක් අරගෙන එනවා. පදක්කම් දෙකම ගේන්නේ "රිදමික්
ජිම්නාස්ටික්" කියන එකට. මේක බොහොම සුන්දර ක්‍රීඩාවක්. එක එක උපකරණත් එක්ක
කරණ මේ ක්‍රීඩාවේ, පුටීන්ගේ සිත් ගන්න ඇත්තේ, "බෝලේ" එක්ක කරන සෙල්ලමටයි, "පොලු" එක්ක කරන සෙල්ලමටයි වෙන්න ඇති.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuXNlgdg7aQbZ-TM327uWTLpHXRxQHp7MIXAbPok7rYV8lScspDkHkG7b1e50I7JeqPsy6iaQxfNGbEld3-PqFVvUU7F6KSfxQQKgtmSVzssvhKVmhDFBW1NsZgm2vD2i7ayhOSEUB7jo/s320/26685bf310f6fb39831e4526edcea6a5.jpg) |
මේවා දැක්කම පුටීන්ට් පිස්සු හැදෙන්න ඇති. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH6XWzTl7NppWPauOIxDjx29-af1zJ8CIU6GjKrYo9LWDfpp0B-AqlxEv0F-Wd-s2wwgadLJP04InRcm-w7VravcoINMJ0vixBfIT8HLV4XJ7xvhpQP7SJFADfiMQl-WrmXG3RtrOx2wo/s200/IMG_2548_RUS_KABAEVA_Alina_Clubs.JPG) |
පොලු සෙල්ලම්... |
ඒ විතරක් නෙමෙයි එයා පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. සමහර විට
අපේ අය පාර්ලිමේන්තුවේ, පලාත් සභාවේ ඉන්නවා වගේ, එන්නත් ඇති. පොඩි කාලේ
බොහොම කැත කෙල්ලෙක්, ඇඟපත හැඩ නැති කෙල්ලෙක් කියලා, ගනන් ගත්තේ නැති කෝච්ලා
එහෙම බොහොම දුක් වෙන්න ඇති, ඔලිම්පික් වලින් ගෝල්ඩ් මෙඩ්ල් එකම අරගෙන ආවම. ඒ
වගේම සාමාන්‍ය දුප්පත් පවුලක කෙල්ලෙක් මේ තරම් දුර එයි කියලා කවුරුවත් ඒ
කාළේ හීනෙන්වත් හිතන්නේ නැතුවත් ඇති. දැන් ඉතින් කස්ටිය බලාගෙන ඉන්නේ කවදද
ජෝඩුව විවාහ වෙන්නේ කියලා. ඒත් ඉතින් ගොසිප් කාරයෝ කියන විදියටනම්, 2008 දී
සැන් පීටර්ස්බර්ග් වලදි විවාහ වෙලත් ඉවරයි කියලා තමයි ආරංචිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdGczp2pHEdus3jYGpiN1RTYSiK_P4r9A8EfHLvEML2Urzk1SbZSa5jUFwpWgSxL1mmITF2EBIEadt4JqrGeocX_qoLZzkFWn4DhITwOe6zVS4gfL6yvT9hDje9aAcs9zLq0iPEfA5VEU/s320/highres_00000000800067.jpeg) |
බෝල සෙල්ලම්... |
දැන් කස්ටිය බලයි මම මේ සත පහකට වැඩක් නැති ඕපදූපේ
ලිව්වේ මක්කටද කියලා. එහෙම ලිව්වේ...
- අපේ පාර්ලිමේන්තුවේ හිටන් මේ වගේ හොර ලව්
තියෙන නිසා, අනාගතේ එහෙම කේස් උනොත්, පුදුම වෙන්න එපාය.... ළෝකේ මෙහෙම ඒවා
වෙනවා කියලා පෙන්නනයි.
- නාකි ලොම් හැලිච්ච දේශපාලුවොත්, පොලොස් ගැට එක්ක රට
රටවල් වල සවාරි ගහලා, මේ වගේ සීන් එකක් කර ගත්තොත්, නෝන හාමූලාට යන කලදසාව ගැන
දුක හිතිලයි.
මේවා ඉන්ගිරිසියෙන් යන නිසා අපේ අයට තේරෙන්නේ නෑ. ඒත් ඉතින්
මාතලන් හිංගලෙන් මෙහෙම එකක් ලියලා තියෙනවා කියලා, එයාලට දැන ගන්න තියන්නත්
එපා. ඕන්.... එහෙම ගිනි විජ්ජුම්බරයක් උනොත් එහෙම, මට වැරදි කියන්නත් එන්න එපා.
මේවට ඉතින් ඉරිසියා කරන්න නරකයි..... මොකෝ, ත්‍රී වීල් එකක පිටිපස්සෙ, ගහලා තිබුනා මෙහම....
පුටිං මහත්තයටත් හිතෙන්න ඇති... ක්ලින්ටන් වගේ වෙන්න.. අපේ ගොයියල නං ඕව කරන්නේ නෑ.. අනේ.. පුටින් ගේ පිටිං දාලා කව්රුවත් එහෙම ඔය වගේ වැඩ කරනව නෙමෙයි. විසේසෙන් අර ජ්‍යෙෂ්ට හිටපු අගමැති.. හැක්
ReplyDeleteඅපරාදේ කියන්නේ ඒ කාළේ ජනාධිපති නෝනෙටම සෙට් වෙන ඇගමැති.. ඒ කාළේ රජ ගේ පැත්තේ කොල්ලෙක් ගියොත් විනාසයි....
Deleteපොළොස් වල අගේ තේරෙන්න නම් 50 පනින්නම ඕනේ බොලන්..
ReplyDeleteහ්ම්..
Deleteඑහෙමම කේස් එකකුත් නෑ... කිරි රහට පොඩි කාළේ ඉඳ කවුරුත් කැමතියි...
Deleteඅපේ දේශපාලනය කරන අය නම් ඔහොම දෙයක් කරන්න හිතන්නෙ වත් නෑ... එච්චරට කොන්දක් නෑ... කන දෙයක් හොරෙන් කාලා ඉන්නවා මිසක්..
ReplyDeleteඑහෙම කියන්න එපා! වෙල්ගම ලොක්කා නයන කුමාරී කියල කෝච්චියකට නම් තිබ්බේ නිකම්ද?
Deleteඅපේ උන් හැම දේම කරන්නේ හොරෙන් නොවැ
Deleteපුටින් මාර වැඩ කාරයෙක්නේ, ඉරිසියාවේ බැහැ මටනම් ..
ReplyDeleteහා..... හා..... හා...
Deleteරුසියාවට වඩ ළොකුයි ඉරිසියාව...
මොනවද බං මාතලනෝ මේ දාන හරුප... මහ ජෝඩුව දික්කසාදෙට කැමතිනං... අනිත් කෙල්ල පුටින්ට කැමතිනං... දික් කසාද වීම සහ නැවත කසාද බැදීම කියන්නේ අපරාදයකුත් නෙවෙයිනං උඹට අපිට පාන්ද..? ඕකට හොඳ කියමනක් තියෙනවා මෙන්න මෙහෙම...
ReplyDelete“ළිඳ මගේනං.. මම ළිඳේනං.. කාටවත් ඇයි වේදනා...“
දැන් බොට මොකද තියෙන අවුල..? මටනං අවුලක් නැහැ...
(මොකද බොටත් මොනවා හරි හිතෙනවා හිතෙනවා වගේද..? :D )
ඒවා ඉතිං නොහිතෙන වෙලාවක් ඇත්නං තමා පුදුම වෙන්න ඕන.. නැද්ද බං. හැක්..
Deleteඒකනේ...
Delete"නලිනි මගේ නම්.. මම නලිනිගේ නම්.. කාටත් ඇයි වේදනා... "
තොපි වගේ පඩත්තල වාහේලා.. අනං මනං අහන නිසා තමයි.. මේක ලිව්වේ මොකෑ කියලත් පෝස්ට් එකේම දැම්මේ... නැතුව අපි ඔය තොපි හිතන ජාතියේ නොසන්ඩාලයෝ හෙම නෙමෙයි...
Deleteපුටින් ලොක්කා කොහොමත් මම බොහොම කැමති කෙනෙක්. ඒ වුනාට මේ කළ වැඩේ එයාට හොද නම් අපිට මොටෝ. තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් කිව්වලු. සුභ පැතුම් පුටින් මහත්තයෝ අලුත් දීගෙට. У счастливых браков
ReplyDeleteපුටින්ට බලාගන්න වෙන්ටෑ.. ඒ බාසාවෙන්ම සුභ පැතුවේ....
Deleteවැඩැක් නැහැ බන් ඔය රැසියාවේ වාගේ රටක ෆස්ට් ලේඩී වේලා..පුටින්ට වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා හරි අපි දැන ගත්තේ ඩිවොස් වෙන්න යන හින්ද.........රුසියන්කාරයො ගාව පවුල් වාදය ගැවිලාවත් නැද්ද කොහොද...සොවියට් කාලේ ඉඳ්න් නම තියපු ජනාධිපති වරු හිටියට.... නිකමට් හරි කළ එළියට ආවෙ ගොර්බචොෆ් උන්නැහැගේ ලයිසා නොනා විතරයි.
ReplyDeleteවෙන අයගේ නොනලා ඔය ඉඳලා හිටලා ෆොටො කෑල්ලකට දෙකකට හිටිය විතරයිද කොහොද......
ෂිහ්..මට රුසියාව කියලවත් ලියා ගන්න බැරි වුනානේ....
Deleteඇත්ත අනෙක් නායකයන් ගැන කියවන කොටත්, නෝනලා ගැන ඒ තරම් දෙයක් නෑ දැනගන්න. එක අතකින් ඒක ලොකු දෙයක්. නැත්තං මෙහේ වගේ පවුල් පිටින් කන්න පටන් ගනීවී...
Deleteආයුබෝවේවා... මහ රජානෙණී...
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ ඒකම තමයි...
Deleteවයසට ගියත් තාම වැඩකාරයෙක්. ඔන්න මිනිස්සු. සීයලා වගේ බස් වල කෙල්ලන්ට ජැක් ගගහා ඉන්නේ නෑ.
ReplyDeleteමේ සීයා කෙනෙක්ය.. නියම කොල්ලෙක් නේ...
Delete"රිදමික් ජිම්නාස්ටික්"
ReplyDeleteකැමතිවෙන එක පුදුමයක්යැ මාතලන් අයියේ!
ඕන අතකට නැවෙන කොට... ඒකත් හැබෑව.... ෆෙලෙක්සිබල් කෑල්ලක් නේ...
Delete:D
ReplyDelete"මේ ක්‍රීඩාවේ, පුටීන්ගේ සිත් ගන්න ඇත්තේ, "බෝලේ" එක්ක කරන සෙල්ලමටයි, "පොලු" එක්ක කරන සෙල්ලමටයි වෙන්න ඇති."
ඇයි ළමයිනේ අපේ ඇමතිලත් දෙවැනි නෑනේ, කෙහෙල් (මල්)ලියා , සරත් හැමිනුනුගම, කුමාර වෙලේගමයා, නිමල් මරිසිපාල, විමලසිරි ගම්ලත්, මනුෂ නානාපතෙකාර්,දයාසොරියා වගේ අය.
ReplyDelete//පුටීන්ගේ සිත් ගන්න ඇත්තේ, "බෝලේ" එක්ක කරන සෙල්ලමටයි, "පොලු" එක්ක කරන සෙල්ලමටයි වෙන්න ඇති.//
Deleteඑළ එළ
අකමැති වෙයිද බොල අර එක කකුලක් උස්සලා ඔහෙක් කරන විදිහට
දයාසිරි නම් වැල පප්පා....
Deleteමේක අපේ එක්කෙනත් ආදර්ශයට ගත්තොත් මොකක් වේවිද හැබැවටම...:P ?
ReplyDeleteමෙතන මට දෙයක් කියන්න ඕන... ඒත් මාධ්‍ය ආචාර ධර්ම අනුව.. එහෙම කියන්න බෑ...
Deleteබෑ කියලා හරි නැනේ මෙයා ඕන්න ඔහේ කියන්නකෝ...
DeletePutting කියන්නේ නිකංයැ බං.
ReplyDeleteහැම තිස්සේම Pt In.... Put IN ..... කියනවා ඇති.. ඉතින් ඕන කෙනෙකුට එපා වෙනවනේ.. එහෙම උනාමත්...
Deleteදරුවන්ගෙ දගකාරකම් ඉවර වෙනවත් එක්කම "අපේ මහත්තය"වැඩිපුර දග කරන්න පටන් ගන්න බව තේරුම් ගන්නෙ නැති ගොන් වාහෙලට ඩිවෝස් නෙමේ,වෙන එකක් ඕන.
ReplyDeleteමෙයා මෙතන අපිටත් ලැජ්ජ හිතෙන කතා නේ කියන්නේ... ඕවා රාජ්‍ය රහස්....
Delete"පළමු කාන්තාව" තනතුරෙන් ලෝබකමක් නැතුව ගැලවිලා යන එකනම් මාරම පුදුමයි. මොකද රජාට වඩා පවර්ස් තියෙන තනතුරක්නේ ඒක.
ReplyDeleteමට හිතෙන්නේ රුසියාවේ කාන්තාවන්ට එච්චර තැනක් නෑ වගේ.. සමාජවාදෙදි කොහොමත් එහෙම තමයි, පුරුෂාධිපත්‍ය උපරිමෙන් තියෙන්නේ....
Deleteහයියෝ මාතලන් මාමේ දුක තමයි අප්පා....!
ReplyDeleteඋඹ තාම බ්ලොග් බලනවද බං?
Deleteමක්කා කොරන්නෙයි දුමියෝ... ඉරිසියා කොරන්නත් බැරි කොට...
Deleteඅර කතාවට කියනවනේ " age is not a barrier under the බුරිය" කියලා.... :D
ReplyDeleteඕන්නේ නැති කතානේ ඕවා.. බුරියෙන් පල්ලෙහා නෑකම් නෑ කියන්නෙත් ඕකමනේ...
Deleteවහෙන් හොර නැතිව ඇත්ත කිව්ව නම් ඉනවරයිනේ.
ReplyDeleteඑහෙම කිව්වාම ගතියක් නෑනේ...නිකං හෙන ගැහුවා වගේනේ...
Deleteමීට කලින් දික්කසාද උනු මැති ඇමතිල දැකලම නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න
ReplyDelete-ඩිලාන් පෙරේරා-
අම්මපා හැබෑව...
Deleteඅපි අපේ සංස්කෘතියත් එක්ක හැප්පිලා මේගැන බලන විට යුරෝපයේ සිදුවන දේවල් ටිකක් අමුතුයි.
ReplyDeleteඒත් ලංකාවෙ අධිකරණ තුළ දිනකට අසන දික්කසාද නඩු ප්‍රමාණය බැලුවොත් අපිටත් හිතෙන්නේ අපිත් ඒ අතින් ලෝකයේ ඉදිරියටම එනවා කියලයි. 18 ඉඳන් 70 , 80 දක්වා දික්කසාද වලින් වෙන්වෙනවා.එයින් හැඟවෙන්නේ ආය විවාහයක් කරගන්නවා කියන අදහස නේද? අනෙක් අතට ඒ හැම කේස් එකකම බොහෝවිට අනියම් සම්බන්ධතාවයක් තියෙවා.
පුදුමේ කියන්නේ ලෝකේ තියෙන ලොකුම නරක අපිත් හරි හරියට කරන එකනේ.ඒත් ලෝකේ කරන හොඳ වැඩ කරන්නේම නැ වගේ.
Deleteඒක හොඳ දෙයක් ලෙසටයි මම නම් දකින්නේ. හිතට එකඟව ජීවත් වෙන්න බැරිනම් වෙන් වෙන්න ඕන. ඒක මානුෂික අයිතිවාසිකම් වලට ගරු කිරීමක්....
Deleteපුටින් දෙයි අතින් කටින්..
ReplyDeleteඒවා ඕන නෑ... රුසියන් කාරයෝ කොහොමත් බොහොම ශක්තිවන්ත මිනිස්සු....
Deleteමාතලං අංකල් ඕක තමා මම ගනිකා වෘත්තියට පෙර බහු විවාහය නීතිගත කල යුතුයි කියන්නේ
ReplyDeleteපුටින් කරගත්තේ අනවශ්‍ය දික්කසාදයක්නේ!
මොකද පුටින් කියන්නේ ගෑනු දහ දෙනෙක් සන්තෝෂ කරන්න බැරි කෙනෙක්ද?
සමහරවිට පුටින් සුද්දෙක් නිසා එයාලගේ සංස්කෘතියට අනුව බහු විවාහය කියන්නේ අහස පොලව නුහුල්ලන අපරාධයක් වෙන්න ඇති ඒත් අපි සුද්දෝ නෙමේනේ,
මමත් පිලිගන්නවා ඒක විවාහය පහසුයි නමුත් ඒක අනිවාර්ය වියයුතු නෑ අනික බහු විවාහයට අවසර දුන්නා කියලා හැමෝම ඒක කරගන්නේ ත් නෑ
(මම සිංහල බෞද්ධ පුරුෂ අයිතිය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්)
දැන් ඔය බෞද්ධ පුරුෂ අයිතිය... කාන්තාවන්ටත් හිමිද....?
Deleteආ එහෙම බෑ, එහෙම කොහෙද ? ඒවගේ අයිති ගෑනුන්ට කොහොමත් දෙන්න බෑ,මාතලන් අර කතාව අහල නැද්ද? "තමුන්ගේ ගෑනි හැර ලෝකේ අනිත් හැම ගෑණියෙක්ම ගණිකාවක් වෙනවනම් පිරිමි කැමතියි" කියන්නේ , එන්නේ එකේ අනික තමයි මේ.
Deleteහනෙ හපොයි.මේ අද කාලෙ ආර්ථිකෙත් එක්ක එක ගෑනිව නඩත්තු කරගන්න බැරුව ඉන්න ලංකාවෙ උන් එකට වඩා කොහොම නඩත්තු කරයිද?අන්තිමට ඉතුරු වෙන්නෙ දික්කසාද වැඩි වීම වගෙ අනවශ්‍ය ප්‍රශ්න විතරයි.…ඒක විවාහය තියෙන එක හොඳයි.ඕනෙමනම් තහනම් ගහේ ගෙඩිී ඉඹල,කාල කොටුවක් කාරිය පනින්න පුලුවන්නෙ :)
Deleteරුසියාවේ විනාශය නෙවෙයි ඊලග විනාශයත් අතලග වගෙයි
ReplyDeleteඑහෙම වෙන්නේ මේවා දිහා රබර් ඇහෙන් බලනවනම් විතරයි...
Deleteහුටා,ජිම්නාස්ටික් කෑල්ලව පුටින් මැරි කලොත් පුටින්ගෙ දුවලට එයා පුංචි අම්ම,ජිම්නාස්ටික් කෑල්ලට දුවල.මල හුටප්පරය යි.හොඳ වෙලාවට පවුල් වාදයක් නැති රුසියාවෙ ඕකු උනෙ.අපෙ වාහෙලට ඕව ඔහොම කරන්ට පුලුවනෑ.අර දුමින්ද සිල්ව අනර්කෙලීට ඇන්න පැන්න එකත් ලෝකප්ප්රසිද්ද උන එකේ ලයින් පාරක් දැම්මොත් ඒකත් මාට්ටු තමා :D
ReplyDelete