.

.

Apr 29, 2014

කක්කා ටැක්ස්... - Drainage Tax


ජෝ අබේවික්‍රම යනු, මට නම් මේ ළෝකයේ සිටී හොඳම නළුවාමය. ඒ, මා ඉපදුනේ මේ රටේ නිසා වෙන්නට පුළුවන්ය. ඉන්දියාවේ ඉපදුනේ නම්, කමලා හසන් හෝ නසෘදීන් ෂා වෙන්නත් පුළුවන්ය. ජෝ කියන්නේ පට්ට නළුවෙක්ය. කොටින්ම කියනවානම්, වල්ලා පට්ටාය. ඒ කියන්නේ පට්ටෙත් හොඳම එකය. මට නම් සිනමා සක්විති ඔහුමය. 

කොමඩි කැරක්ටර් එකක් උනත්, සිරා කැරක්ටර් එකක් උනත්, හිඟන්නෙක්ගේ හෝ සල්ලිකාර සල්ලාලයකුගේ කැරක්ටර් එක උනත්, එය තාත්විකව ඉදිරිපත් කිරිමේ උපන්  හැකියාවක් ජෝට විය. එය ඉතා සැහැල්ලු රංගනයක්ම වීය. ජෝ රඟපෑ චිත්‍රපට අතුරින්, අමතක නොවන චරිතයක් රඟපෑ කොළඹ සන්නිය චිත්‍රපටය මට කිසිදා අමතක වෙන්නේ නැතිය. ඇත්තටම ඒ කාළේ තිබුන සෝ වල්ලා පට්ටමය.


ජෝ අබේවික්‍රමයන් හා කොළඹ සන්නිය මතක් උනේ, ලියන්න යන්නේ කක්කා ගැන නිසාය. ඔය කොළඹ සන්නිය සෝ එක පටන් ගන්නේ, ජෝ කක්කා කරමින් ඉන්නා ක්ලෝසප් එකකින්ය. කක්කා කරලා පුක හෝදන්න වතුර පාරට බහින්න ඕන්න මෙන්න තියලා, ජෝට නිල් මැණිකක් හම්බ වෙනවාය. ඒ මැණිකත් අරගෙන දුවන දිවිල්ලම, සල්ලි දීලා ඒ සෝ එක බලපු එකෙකුට ඇතිය. එය ඒ තරම් තාත්විකය. 

ප්‍රෙඩියා පුතාය. ගීතා දුවය. ප්‍රෙඩියා හැමෝටම මැණික් ගල ගැන කියන්නේ "අප්පච්චිස් කක්කා ඉස්ටෝන්" කියාය. ඒ කියන්නේ අප්පච්චි කක්කා දාන්න ගිහින් ගම්බ උන මැණික් ගලෙයි කියනා එකය. කට්ටියටම මැණික් ගල පෙන්නනා අතරේ, අහරෙන් මෙහෙන් රිංගනා පඩත්තල කොල්ලෙක්, ජෝගේ පුක ඉව කරලා කියන්නේ, "හාම්මේ ඉන්න බැරි මඩ පුවක් ගඳක් එනවා.." කියලාය. ජෝට පුක හෝදගන්න මතක් වෙන්නේ ඒ කතාව අහපු වෙලාවේය.

ජෝ ඔය මැණිකට කියන්නේ එළිබහින්න ගිය වෙලේ බඩවැඩියේ තිබී හම්බ වෙච්ච නිධානේ කියාය. අපේ තාත්තලාගේ ගමෙත් කක්කා කරන්න යන එකට කිව්වේ එළිබහින්න යනවා කියලාය. තව සමහරු කිව්වේ රෙන්න යනවා කියලාය. කක්කා බරට කිව්වේ, “රෙන්න බර කියලාය. පොඩි කාලේ අපි ගමේ ආව ගිය උණවටුණ ඉස්ටේසමේ, රෙන්න බර ගැන කවියක් තිබුනා අදටත් මට හොඳට මතකය. ඒ කවිය මෙසේය.

රෙන්න බර වූ වි                   ට
දුවගෙන ආපු පලිය               ට
වට පිට කැත නොකො         ට
රීලා පලයන් හිතේ හැටිය     ට

එකේ යටින්, ඉස්ටේසන් මාස්ටර් කියලා ලියා තිබුනාට, ඒක ලියන්න ඇත්තේ පඩත්තල කොල්ලෙක්ම වෙන්න ඕනාය. සමහරු කිව්වේ, ජී දාන්න යනවා කියලාය, ඉට්ටයිල් එකට නම් කිව්වේ කක්කි දාන්න පැටියෝ කියලාය. පොඩි උන් මූණ ඇබ්බුල් කරගෙන, නිකන් හිනාවටත් නැති, ඇඬීමටත් නැති, අමුතුම ෆේස්කට් එකක් දා ගන්න කොටම, අම්මිලා කියන්නේ ගිහින් කක්කි දාල එන්න පැටියෝ කියලාය.

එහෙම තනියෙන් යන්න බැරි සයිස් එකේ උන්, අමු නිර්වස්තරෙන් කාගේ හරි කකුල් දෙකේ, පය හරියේ ඉන්දගෙන කක්කි දාන පැටියෝ කියා කිව්වම, පොඩි උන් හිනා වෙවි කක්කි දානවා හොඳටෝම මතකය. අද නම් කකුල් උඩ තියන්නේ නැතිය. එවාට ප්ලාස්ටික් පොටි තියෙනවාය. ඒකේ කක්කි දාන එක ට්‍රේන් කරන එකට කියන්නේ, පොටි ට්‍රේනින් කියලාය. පොටී ට්‍රේනින් වෙලාවට පොඩි උන් දිහා ඇහ ගහගෙනම ඉන්න වෙනවාය. එහෙම නැත්නම් කක්කා නා ගන්නවාය. ඔහොම නා ගන්න කොට අපේ සීයා කියන්නේ මේන් මේකා ගූ නාගෙනයි කියලාය. 

හොඳ දේට මල් හතයි කියනවා වාගේ වර්චස් කේස් වලට ගූ හතයි කියලාද කියනවාය. ඒක කිව්වාම මතක් උනේ කක්කා වලට වර්චස් කියාද කියනවා නේද යකෝ කියලාය. වර්චස් කියන්නේ කුරුල්ලෝ දාන ඒවාටය. සමහර උන් දාන්නේ බෙටිය. කාගේදෝ කටට එළු බෙටි විද්ද කතාවකුත් පරණ පොතක තියෙනවාද කොහෙදය. සත්තු දාන කක්කා වලට කියන්නේ බෙටි කියාය. පඩත්තල කොල්ලෝ නම් කියන්නේ බොග දාන්න යනවා කියාය. 

කක්කා බරට කියන්නේ බොග චාජ් වෙලා කියලාය. මේ බ්ලොග් ලිවිල්ලටත් මම කියන්නේ බොග දානවා කියාය. මොකෝ ඒකත් කක්කා කරනවා වගේ, තටම තටම කරන ඕන නිසාය. එහෙම කළොත් හොඳ හයිය බෙට්ටක් දාගන්න ඇහැක් නිසාය. බඩ යනවා වගේ ලිව්වෝත් ඇනෝලාගේ බොග චාජ් වෙනවාය. ඊට පස්සේ ඇවිත් රීලා විනාස කොරලා දාලා යනවාය.

ඕකට අර විචාරක උන්නැහේලා, හැලප උන්නැහේලා වාගේ අය කියන්නේ, මළපහ කරණවා කියාය. ඒ විදියට ලිව්වේ නැත්නම්, එයාලාට මළ බද්දය හැදෙනවාය. අපේ උන් මල පනිනවා කියන්නේ ඒකටය. බළ බද්දය හැදුනාම, බඩ බුරුලට යන්න, ඇත්තෝර මැල්ලුම් කවනවාය. එහෙම නැත්නම් අරළු පෙති දෙකක් දෙනවාය. පොඩි කාලේ පනුවෝ හැලෙන්න කියා, මාස දෙක තුනකට පාරක් බඩ විරේක කොරනවාය. එදාට ඉතින් අහල ගම් හතකවත් ඉන්න බැරි තරම් ගන්දස්කාරය. අනික පණුවෝ ගියාද කියා බලාගන්න, රෙන්න වෙන්න පබ්ලික් එකේය. 

ඔය මක්කා කතා කලත් කක්කා දාන එක, නිවන් දකිනවාටත් වඩා උතුම් සැපතක්ය. සමහර උන් රෙන්න ගියාම, කක්කුස්සි වල පැලවෙනවාය. එහෙම වෙලාවට එළියේ ඉන්න උන්ට මළ බද්දය හැදෙනවාය. බඩ බුරුලට යන එකෙක් උන්නොත් ඌට දෙවියන්ගේම පිහිටය. ඉස්සර කක්කුස්සි තිබුනේ, ගෙදර ඉඳලා හැතැම්ම කාලක් විතර දුරකින්ය. එකේ කාක්කා දාන්න යන කොට, මගදි වැඩේ සිද්ද වෙලා හමාරය. අද නම් ගේ ඇතුලේම, මූණයි පුකයි දෙකම හෝදා ගන්න, වොස් රූම් තියෙනවාය. 

ඒ කාලේ, නාන ගමන් කක්කා බරක් හැදුනොත් හෙම, හැතැප්ම භාගයක්ම යන්න වෙනවාය. මොකෝ ළිද තිබුනේ, තනිකර ඔපොසිට් සයිඩ් එකේ, හැතැප්ම කාළක් එහා නිසාය. ඒත් අද, ඕනම නම් නාන ගමන් කක්කා දාන්නත්, කක්කා දාන ගමන් නාන්නත් දෙකම කරන්න පුළුවන්ය. මානව සිස්ටාචාරයේ දියුණුව කියන්නේ ඒකය.

අර ජෝ මහත්තයාගේ කොළඹ සන්නිය වගේ, තව සෝ එකක කක්කා දාන සීන් එකක් තිබුනා මතකය. සෝ එක සෙයිලමය. ඒක පටන් ගන්නේ අනෝජාගේ පුක පෙන්නලාය. හෙළුවන් නෙමේය. චීත්තයකුත් එක්කය. ඔය සෝ එකේ, කොළඹ  මූද අද්දර මුඩුක්කු පරිසරයක මුහුදේ රෙන්නේ, ඩබ්ලිව් ජයසිරි උන්නැහේය. එහෙම රෙන එකක් පෙන්නපු නිසාද මන්දා, ඒක සම්බහිය සෝ එකක් උනේය. අදටත් මහ මුහුදට පුක අල්ලන උන් පෝලිමේ ඉන්නවා, උදේ පාන්දර කෝච්චියේ යන උන්ට බලා ගන්නට පුළුවන්ය.

එහෙම පුක අල්ලන උන්ට අවුලක් නැති උනත්, මීට පස්සේ කොළඹ කක්කා දාන එකටත් බද්දක් අය කරන්න යනවා කියලා කතාවක් යනවාය. මේකට ෆික්ස් ගානක් ගන්නවාද, එහෙම නැත්නම් රෙන ප්‍රමානේ මනින්න මීටර් එකක් හයි කරලා, චාජ් කොරන්න යනවාද කියා, හරියට දන්නේ නැතිය. කොහොම වෙතත්, අඩෝ අපි මාසෙකට මෙච්චර ගානක් රීලා තියෙනවා ඩෝ…” කියලා, ආඩම්බරෙන් කියන්න පුළුවන් වාතාවරනයක් එනවාට මම නම් බොහෝම මනාපයෙන් පසු වෙනවාය. 

හැබයි ඉතින් මීටර හයි කලොත් නම්, කොළඹ හයෙයි හතෙයි ඇර, අනික් දහ තුනෙනම එච්චර බද්දක් හම්බ කර ගන්න පුළුවන් වෙන එකක් නැතිය. ඒ මොකෝ වැඩිපුර රෙන්න නම්, වැඩිපුර කන්න ඕන නිසාය. අනික් කොට්ටාස වල උන් කෑම කෙසේ වෙතත්, දත් මිටි කන බව නම්, මේ මෑතකදි හැමෝම දැග ගත්තා නේදෝ කියා පොඩි මතකයක් ඇත්තේය. කොළඹ හයේ හතේ උනුත් ඒ වැඩෙම කලේ, කන්නේ නැති නිසාද, නැත්නම්, කොලෙස්ටරෝල් අර රෝල් මේ රෝල් නිසාදැයි කියන්න, මම නිච්චියටම දන්නේ නැතිය. ඒ ගැන නියමාකාරයෙන් දැන ගන්න ඕන නම්, මහ බැංකු වාර්ථාව කියෙව්වාම අහකය.

ඒ වගත් මෙසේය...

131 comments:

  1. ඊයා කටේ තොලේ ගෑවෙන්නේ නැතුව ලියලා තියෙන කක්කි කතාව ..අපේ රටේ කරන්නෙම කක්කි වැඩනේ.

    "Labels: Funny, Kakka, Puka, Tax" හි හි

    ReplyDelete
    Replies
    1. පොඩි කාළේ නම් කටේ තොලෙත් ගෑවෙන්න ඇති.. ඔය සමහර පොඩි උන් නාන්නේ...

      Delete
  2. මාතලන් බොස්
    කරුණාකරල " පුක " හි පේටන්ට් හිමි කතන්දරගේ ලින්ක් එක දාන්ඩ !!

    ReplyDelete
    Replies
    1. පුක විතරක් නෙමෙයි, කක්කා චූ හා පඩ කතාවල අයිතිය තියෙන්නත් කතන්දරටම තමයි.. මගේ ගුරා නේ බං..

      Delete
  3. ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ට
    ගසනා විටදී කැඩුනා බටුවේ නැට්ට
    මොනව කරන්නද පොල්ගහවෙල ඩොක්ට
    ඇරියා පුකේ විසි උනා xxxන් බට්ට

    ReplyDelete
    Replies
    1. ආ..... එන්න නෝ......නා..... බටු ගන්න................ පලා ගන්න.....

      Delete
    2. වෙළෙන්දෙක් පොලේ වම්බටුයි කහයි පළා වර්ගයි විකුණනවා.. කෑගහන්නෙ මෙහෙමලු

      ආ.. නෝනා බටු ගන්න පළා ගන්න............
      බටු ඇරගෙන පළා ගන්න.............
      පටු ඇරගෙන පළා ගන්න නැත්නං කහ ගන්න....
      ආ..නෝනා කහ ගන්නවද පළා ගන්නවද?

      Delete
    3. නෝනා "පලා ගන්නවද " අසා එලවලු වික්කා
      හැඩකාරයි කටකාරයි ගෑණි ලලක්කා !!

      Delete
    4. මම ගෑණුත් දැක්කා
      මේ වගෙ ගෑණු නොදැක්කා

      Delete
    5. දවසක සෙට් වෙලා ගහමු මචෝ මේ සින්දුව. මගේ ප්‍රියතම එකක්..

      Delete
    6. ඕ යේස් ලොක්කා... ඊලඟ දවසෙ සිංදු ලිස්ට් එකේ උඩින්ම දාගත්තා !!!!!

      Delete
  4. Great...
    අපි බලාගෙන ඉම්මු..කොහොමද ඔය කක්කා බද්ද අයකොරන්න ලැස්ති වෙන්නේ කියල...

    ReplyDelete
    Replies
    1. එකෙක් කිව්වා පුකට මීටරයක් හයි කොරනවයි කියලා.. මාර ආතල් එකක් ගන්න පුළුවන් වෙයි නේ...

      Delete
    2. ඕක වතුර බිලට ප්‍රතිශතයක් විදිහට එකතුකරනව කියල තමා පත්තරේක දැක්කෙ..... ඒකත් හරි හැබැයි... කක්ක කලාම හෝදගන්නත් එපෑනෙ.........

      Delete
  5. බොඟ වර්ගීකරනයක්
    Second බොඟ- බොඟ ඉවර වෙලා කලිසමත් ඇඳගත්තම දැනෙනවා තව එකක් සෙට් වෙලා
    Heavy බොඟ- පැලෙන්න කාපු බීපු දවසක පහුවෙනිද උදේට දිගට, ගඳට, බරට පිටවෙනෙ එක
    Rocket බොඟ- අති විශාල වේගයකින් පිටවෙනෙ එක. ටොයිලෙට් එකට දුවගෙන යායුතුය. කලිසම ගලවනවාත් සමඟම පිටවෙනෙ නිසා බොහෝ වෙලාවට කලිසම හෝ ජොකා මත තරමක් තැවරේ.
    Power බොඟ - මෙයද ඉතා වේගයෙන් පිටවෙන ද්‍රවශීලී බොඟකි. ඉවර වු විට පුදුම සැහැල්ලුවක් දැනේ. කලිසම් හෝ ජොකා මත වැටීමේ සම්බාවිතාව්ද වැඩියි. සමහර විට අවට බිමද සේදීමට සිදුවේ
    Nature බොඟ - කැලෑ පෙදෙසක හෝ පාලු පාරක යනවිටදී කොටයක් උඩ හෝ ගලක් උඩ සිට දමන බොඟ.
    Impossible බොඟ - ළඟ පාතක ටොයිලෙට් එකක් තියා නේචර් බොඟක් දමන්නවත් තැනක් නෑ. කෙසේ හෝ ඉවසිය යුතුයි. හීන් දාඩියක් දමයි. සමහර වෙලාවට චුට්ටක් කලිසමේ පිටවේ
    (මට නම් චුට්ටක් නොවේ මුලු බොඟම කලිසමේ ගියා දවසක්)
    Hard බොඟ - ඉතාමත් තදට සහ ඝනට පිටවෙනෙ නිසා, පුක පැලෙන්න තැටමිය යුතුයි. ඒත් යන්නෙ චූටි ගුලියක් පමණයි
    Delivery බොඟ - වතුර මෙන් ඉතාමත් වේගයෙන් ටැප් එක ඇරියා වගේ පිට වේ. විනාඩි විස්සෙන් තිහෙන් නැවත සෙට් වෙයි. පිටවෙන විට සනීපයක් දැනුනද මුළු ශරීරෙම දුර්වල බවක් දැනේ.
    Step බොඟ - ප්‍රමාණය විශාල නිසා වරක් ෆ්ලෂ් කර ඉතිරි බාගය නැවත දැමීම
    Air බොඟ - තදටම බර තිබුනත් පිටවෙන්නේ පඩයක් පමණයි
    Non-air බොඟ - බොඟක් නොව පඩයක් කියා හිතලා වීරයා වගේ නිදහසේ පහසුවේ පිටකලත් ගූ පොඩ්ඩක් පිටවීම (කලිසමේ) - මටද කීපවරක් සිදුවී ඇත

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      ඔහේ මාර බඩුවක් ඈ! මාත් ලයික් මේ කතන්දරේට

      Delete
    2. යකේ ඒකත් මාර වර්ගීකරණයක් නෙව

      Delete
    3. AnonymousApril 21, 2014 at 4:24 PM
      ඇයි උයාට කවුරුහරි ඊයේ රෑ ඇරපු පාර කොන්ඩම පුකේ (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)හිරවෙලා බෙට්ට බ්ලොක් වෙලාද? ඒකද හැම තැනම බෙට්ටක් බෙට්ටක් ගගා යන්නේ. උයා පව්. කක්කි පැත්ත රිදෙනවද?

      මේකවත් කියවන්නකෝ.

      අපේ ඇගෙන් පිට වෙන කක්කා වලින් 75%ක්ම වතුර.
      බඩ එලිය යනකොට එහෙම කක්කා එක්ක පිට වෙන වතුර ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා.
      ඉතුරු 25%න් 1/3ක් ම මැරුණු බැක්ටීරියා.තව 1/3ක් සජීවී බැක්ටීරියා, මේද කොටස්, අකාබනික ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ.ඉතුරු 1/3 කාබනික ද්‍රව්‍ය, බාගෙට දිරවපු ජාති, තන්තු කොටස්.මේ කොටස තමයි කක්ක බෙට්ට ගුද මාර්ගයේ රැගෙන එන්න උදව් කරන්නේ.

      වතුරට වැටුනම බෙට්ට පාවෙන්නේ එකේ හුලන් පිරිලා තියන හින්ද. (වත්තේ හුලන් ද බකල හුලන් ද කියල නම් හොයල බලන්න ඕන ආයුබෝවන්ඩ )
      මේ බෙට්ටේ ඉන්න බැක්ටීරියා ක්‍රියාකාරකම් නිසා බෙට්ට නයිට්‍රජන් වලිනුයි සල්ෆර් වලනුයි පිරෙනවා. ඒක නිසා තමයි බෙටි ගූ ගද ගහන්නේ.

      සාමාන්යෙන් මනුස්සයෙක් දවසකට ග්‍රෑම් 900ක බෙටි දානවලු.අලියෙක් කිලෝ 36ක බෙටි දානව කියන්නේ.ඒ වගේම හාවෙක් දවසට බෙටි 500ක් විතර දානවලු.බලමුකො එකෙත් හැටි නේද.

      සමහර දලබුවෝ හතුරන්ගෙන් බේරෙන්න උපක්‍රමයක් විදිහට අඩි 3ක් විතර උසකට බෙටි විදිනවලු.
      සමහර සත්තු තමන්ගේම බෙටි අයෙත් කනවා.එහෙම කරන්නේ බාගෙට දිරවල අයින් වෙන පෝෂ්‍ය පදාර්ථ ආයෙත් ඇගට ගන්න. තව අය අනුන්ගේ බෙටි කනවා. බල්ලෝ හරි අසයි ලු පුස් බෙටි කන්න.ඒවායින් උන්ට ප්‍රෝටීන් හම්බවෙනවලු.

      ඒ අතරේ ඇමෙරිකාවේ මනුස්සයෙක් උසාවියට ගූ පාර්සලයක් ගෙනල්ල එකෙන් ජුරි සබාවට ගහල අවුරුදු 31කට හිරේ ගියාලු.

      මනුස්සයෙක් දාපු දිගම බෙට්ට අඩි 26ක් දිගයි ලු. පොර දවස් ගානක ඉදල කෙදි සහිත කෑම කාලාලු මේ වීර වික්‍රමය කරලා තියෙන්නේ.

      දෙවෙනි ලෝක යුද්දෙ කාලේ මෝඩ ජ’මන් කාරයෝ හිතාගෙන ඉදල තියෙන්නේ ඔටු බෙට්ටක් උඩින් යුද්ද ටැංකිය ගෙනිච්චම දවසම සුබයි කියල. ඒක දැනගත්තු එංගලන්ත කාරයෝ ඔටු බෙටි වලින් බිම් බෝම්බ වහල තියල. ඊට පස්සේ වෙච්ච දේ ඉතිං දන්නවනේ.

      අපේ රටේ කෝච්චි වල යන අය දාන බෙට්ට වැටෙන්නේ රේල් පාරට කියල දන්නවා ඇතිනේ. ඒ වගේම තමයි නීල් අම්ස්ට්‍රෝන්ග් හදට ගිය වෙලාවේ කක්ක පිරුණු බෑග් තුනක් හදේ දාල ඇවිත් අපහු ගේන එක වියදම් වැඩියි කියල.සමහර වෙලාවට වායු ගෝලයේ දැවෙන කක්ක බෑග් වලට අපේ අය තරු කියල රැවටෙනවලු.

      සමහර අයට පොත් වල සුවදට කක්ක බර හැදෙනවලු.ජපානයේ ගෑනු කෙනෙක් සමීක්ෂණයක් කරලා හොයාගෙන තියනවලු පුස්තකාලයේ ඉන්නකොට කක්ක බර හැදෙන ප්‍රමාණය ඉක්මන් වෙනවා කියල.මෙයා මේ ගැන පොතකුත් ලියල තියනවලු.( වැඩේ කියන්නේ එක කියවනකොටත් කක්ක බර හැදෙනවද දන්නේ නෑ. මොකද එකත් පොතක් නේ. )

      ඔන්න බෙට්ට ගැන ජාලයේ තිබුන දේවල් ටිකක්.
      මිට පස්සේ රෙනකොට මේවත් මතක් කරගෙනම රෙන එකයි ඇත්තේ.

      W3 ලංකා බ්ලොගෙනි
      http://www.w3lanka.com/2014/04/blog-post_21.html?showComment=1398077648372#c5280427141203772595

      Delete
    4. සුපිරි වර්ගීකරණයක් ඇනෝ

      Delete
    5. මේන් ඇනෝ උඹට මගෙන් උම්මා එකක්.. මේ වගේ ඇනෝලා කාටත් වාසනාවන්...

      Delete
    6. @ AnonymousApril 29, 2014 at 4:25 PM
      පට්ට වර්ගීකරණය මචෝ..

      @itnishantha
      ඔයාගෙ පොර ටෝක් එකට පස්සෙ තියන විස්තර ටිකත් නරකම නෑ..

      Delete
    7. @AnonymousApril 29, 2014 at 4:25 PM
      නියමයි බං ඇනෝ. කීපිටප්යැ! අන්න කමෙන්ට්!

      @itnishantha සාරගර්භයි! ඒත් ඇයි උඹ ඔය ඇනෝට අරෙහෙම කිව්වේ කියලා මම කල්පනා කලේ. (දැන් ග්‍රෑම් නමසීයක් තියෙනවද කියලා බලාගන්න බාතෲම් ස්කේල් එක උඩ බොග දාන්න වෙනවද?)

      Delete
    8. Anonymous April 30, 2014 at 12:01 AM & Henry,

      අඩේ බොලව් ඕක අර W3 ලංකා බ්ලොග් එකේ වැටිච්චි කමෙන්ට් එකක්. නිසාන්ත මලය කරල තියෙන්නෙ ඒක මෙතන උපුටල දක්වපු එක විතරයි. අර පල්ලෙහා ඌ කියලත් තියෙන්නෙ. ඉස්සෙල්ලම තියන පොර ටෝක් වගෙ පේන කෑල්ලත් ඒ කමෙන්ට් එකේ තිබ්බ එකක්.

      Delete
    9. සොරි වෙන්න ඕනෙ මේක මගේ වර්ගීකරනයක් නෙවේ.
      අන්තිමට ලියන්න අමතක උනා.
      මූලාශ්‍රය ජපන් බ්ලොග් එකක්. මම කලේ ට්‍රාන්ස්ලේෂන් විතරයි.
      ජපන් දන්න කෙනෙක්ට මේ Links බලන්න තවත් දීර්ගව තියෙනවා.
      http://nurupo.net/we2012/category91/entry1657.php
      http://detail.chiebukuro.yahoo.co.jp/qa/question_detail/q1381823133

      මීට ABC ඇනෝ (Anonymus Boga Calassification)

      Delete
    10. ජප්පාත් පුදුම බොග් ප්‍රොෆෙසර් කෙනෙක්නේ බන්!!

      Delete
  6. අනේ ෂෝක්...
    දැං කට්ටිය දවස් දෙක තුනක් ඔ්ක නොකර ඉදීවි

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නොකා හිටියම වියදම් කීපයක් අඩු වෙනවා නේ.. බලහන් ආන්ඩුව අපේ සරීර සවුක්ක ගැන කොයි තරම් හිතනවද කියලා..

      Delete
  7. අර කතාවක් තියෙන්නෙ ඇම්ඩට සාගතෙ ගැන චිත්‍රයක් අදින්න කිවුවම පුකෙ මකුනුදැල් බැදිල තියෙන එකක් ඇන්ද කියල.

    ReplyDelete
    Replies
    1. ඕකයි තව කතා කීපෙකුයි මතක් උනා.. ඒවා ලිව්වා නම් දිග වැඩි වෙනවා දමියෝ...

      Delete
  8. කක්කා කරන එකට අළුතෙන්ම කියන වචනය “රීලෝඩ් දානවා“ලු. මේ මෑතක මං ළඟට ආපු සීයා කෙනෙක් තමන්ගෙ මුණුපුරා ගැන කිය කියා ඉද්දි කිව්වේ. දවසක් සීයා වැසිකිලියෙ ඉද්දි සීයාගේ යාළුවෙක් ආවලු. මුණුපුරා දුවගෙන ඇවිත් කෑ ගහල කියනවලු “සීයෙ සීයේ, යාළුවෙක් ඇවිත්. රීලෝඩ් දාලා ඉවර නං ඉක්මනට එන්ඩ“ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක දැන ගත්ත එක හොඳයි. නැත්නම් අපිත් ඉබේම චමින්දලා වෙනවා.. මේ ඒක නෙමෙයි උඹ අර සංගමෙන් අයින් වෙන්නේ නෑ නේද...

      Delete
    2. අද හෙට නෙමෙයි. මේ වෙනකොට කරන්න කතා කරගෙන තියෙන වැඩ ටික ඉවර කරලා තව මාස කිහිපයකින් අයින් වෙනවා. අපි අළුත් කට්ටියට අවස්ථාව දීලා බලමු. අයින් වෙනවා කියන්නේ අතඅරිනවා කියන එක නෙමෙයි. වගකීම් භාර දීලා පිටිපස්සෙන් ඉදගෙන සහය දෙනවා.

      Delete
    3. එහෙනම් අවුලක් නෑ... මමත් නලියයි වෙද මහත්තයයි එක්ක කරන්න උන්න වැඩේ උඹලත් එක්කම කරන්නයි හිතාන ඉන්නේ... මේකේ මක්කටෙයි බන් කල්ලි..

      Delete
  9. අන්න පොදු වැසිකිලි වලට රු.10/= ක් අය කරපු එක රු.15/= කරලලු........

    ReplyDelete
    Replies
    1. ඕකෙන් වෙන්නේ මිනිස්සු ජන්දේ දාන්නේ නෑ වගේ බොගත් දාන්නේ නැතිව යනවා.. අන්තීමෙදි අමාරුවේ වැටෙන්නේ එහෙම නොදා ඉන්න උන්මයි..

      Delete
  10. මාතලන්,
    ඔබට මතක ඇති මම ඒ කාලේ හිටන් කියන දෙයක් තමයි "බදු කියන්නේ නීත්‍යානුකූල මංකොල්ලයක්" බදු කියන සංකල්පෙ අදට ගැලපෙන්නෙ නැහැ. කක්කා නෙමෙයි ඕනෙම දෙකට ටැක්ස් ගහන එක මම අනුමත කරන්නෙ නැහැ. රාජ්‍ය වියදම් පියවන්න ඕනෙ තරම් ක්‍රම තියනවා. අනික විශ්ව විද්‍යාලවල බදු නැතුව රටක් ගෙනියන හැටි ගැන යම් යම් පර්යේෂණ කරන්න පුළුවන්. නමුත් මේ ගොන් හැත්ත බුරුත්තම කරන්නේ අර රෝම යුගේ බදු තාමත් ගහන එක. වෙන රටවලත් බදු තියනවා තමයි. හැබැයි අපිට පුළුවන්නෙ අලුත් දෙයක් ලෝකෙට හදුන්වා දෙන්න.
    මට මතක් වෙන්නෙ පුරන් අප්පු ෆිල්ම එක. මතකනෙ ගීතය තනේ තියන කිරි ටිකටත් බදු ගෙවන්න වේවිද ඉදිරි දිනේ..................
    මටත් ජෝට ගහන්න නළුවෙක් මේ තුන් ලෝකෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ ඔය මතයෙම තමයි... අනික මේ රජයේ අනවශ්‍ය වියදම කොපමණ කපා හරින්න පුළුවන්ද...?

      Delete
  11. ආශ්චර්ය දැං දැං එන්නෙ පුක පැත්තට. ඒ කියන්නෙ ඈස්චර්ය!

    ReplyDelete
  12. තව කාලේකින් මොන මොනවට තව බදු ගහයිද කවුද දන්නෙ ,ගත්ත ණය කන්ද කොහොම හරි ගෙවන්න ඕන,ඇස්චර්‍ය කියලා දැන් ඉන්න වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. //මොන මොනවට තව බදු ගහයිද කවුද දන්නෙ //

      ශරීරයෙන් පිටකරන සියලු දේට?

      Delete
    2. එක කියන්න බෑ,අවසානේ මෙක බදු ලන්තය කරලා තමා මේ ලොක්කා පස්ස බලන්නෙ

      Delete
    3. ටැක්ස් නොගෙවා පඩයක් වත් ඇර ගන්න තිබුනොත් ඇති...

      Delete
    4. //මෙක බදු ලන්තය කරලා තමා මේ ලොක්කා පස්ස බලන්නෙ//
      පස්ස බලාගෙන තමයි මේ බද්ද දාන්නෙ

      Delete
  13. පුක මහලා අරළු පෙති දෙකක් බොන්න දුන්නා නම් මීට වඩා සැපය… සනීපය……

    තව කෙටි කලකින්ම කොළඹ උන් රෑට රෑට හොරෙන් ෂොපින් බෑග් එකකට රෙනු ඇත… ඉන්පසු කට ගැට ගසා ඉහට උඩින් තෙවරක් කරකවා අත් හරිනු ඇත… එය කොහේට පතිතවේදැයි කීමට කල් වැඩිය… එය ඇතම් විට කාගේ හෝ හිසම් මතටද විය හැක… කෙසේ උවද මෙසේ 'ෂ්ෂ්‍‍ර්‍‍ර්' හඬ නංවමින් ඇඳීයන ගූ මල්ල දෙස බලා අපේ පිංවත් ජනතාව "අපේ රටේ ආශ්ච‍ර්‍ය බැලීමට දෙ‍යියො වඩිනවා ආන් බලාපන්… සාධූ සාධූ…" කියා සැනසෙනු ඇත.…………

    මේවා බැලීමට තරම් අපගේ දෑස පිංකර ඇති බව වටහා ගන්න සුපිංවතුනි……………

    ReplyDelete
    Replies
    1. ඒකත් දවසේ කතාවක් බං

      Delete
    2. ප්‍රියා මට මතක් උණේ ජේ ඇර් උන්නහේ කොහෝ හරි රටකට ගිහින් ඔය වගේ වැඩක් කරාලු නේ ,පස්සෙ හොටලේ බිත්ති හතරේ තිබ්බලු ලකුණු ...ඉතිං අපිට එහෙම ආදර්ශ කතා ක්‍රියාවට නංවන්න පුළුවන් ඕන නම් මේ වගේ තත්වයකදි .....

      අරලු ගැන බණ කතාවකුත් මතක් උනා ,මේ දවස් වල බණ හොදට ඇහෙනවා ...වෙසක් ලග නේ ..;)))

      Delete
    3. ප්‍රියා ඇත්තටම පෝස්ට් එකට වඩා රහයි කොමෙන්ට් එක...

      අරහෙම කරකවලා තියෙන්නේ ජේ ආර් නෙමෙයි ප්‍රේමදාස. ඕන් පුතා හෙට උදේට ආයෙත් කෙහෙල්වත්තෙදි කරකවන්න යන්නේ..

      Delete
    4. ප්‍රියා.. කමෙන්ට් නං කමෙන්ට් මස්සිනා.. !!! උපරිමයි.

      Delete
  14. නියමයි... ඔය ජෝගේයි අනෝජගෙයි සීන් දෙකම මට මතකයි.. හැක්..

    මොකක් හරි පට්ට අවුලක් නං ඉතිං වැඩේ වර්චස් කියලත් අපි කියන්නේ...

    ගූ හතයි බං මේ පෝස්ට්කටුව...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ මචෝ...

      Delete
  15. අනේ මංද අනේ ආස්චර්ය රේදද පල්ලෙන් බේරෙන්න වගේ හදන්නෙ...
    හැබැයි රෙන එකටත් ටැක්ස් එකක් ගැහුවොත් නං මහිංද අංකල් ඕව හත්පොලේ ගාගන්නව සුවර්ය...
    එතකොට අපිට කියන්න තියෙන්නේ
    නැට්ටේ ඉදන් ගොම කියා පමණි

    ReplyDelete
    Replies
    1. කොලඹ උන් රෙන එකටත් බදු ගහන්නේ. උන්නැහේ ගැන එච්චර තැකීමක් නොකල නිසාද කියන්න දන්නේ නෑ..

      Delete
  16. කොළඹ සන්නිය කාලෙකට ඉහත නරඹා ඇත. මේ ළඟදි තිබුන බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සමඟ වීර්-සාර හින්දි ෆිල්ම් එක විකාශය කරන බව දෙතුන් දොහක හිටන් (අව)ජාතික නාලිකාවෙන් කියැවුනි. මීට කලින් කොපමණ වරක් නරඹා තිබුනද කවුරු කවුරුත් වීර්-සාරාට මනාපය. ඉතින් අපේ මලයා ඇතුලු (මාද ඇතුලු) බහුතරය වීර්-සාරා යනතුරු කෙල පෙරමින් සිටියහ. අහෝ දුකකි! එක්වරම තිරය චරපර ගාමින් කලුසුදු රූප රාමු කිහිපයක් අපැහැදිලිව ගලා යෑමට පටන්ගත්තේය. "කොළඹ සන්නිය" ඔන්න නම වැටුනි. වීර්-සාරාටත් වඩා මනාපෙන් එය නැවත්ත් ණරඹුවෙමි.

    කෙසේ වුවද මලයා නම් "මුන්ගෙ අම්මලාට #$%%%^&* කියමින් කාමරයට යනු දුටුවෙමි.

    ReplyDelete
    Replies
    1. අද කාළේ සෝ එක්ක බැලුවාම හින්දි සෝ අපේ ඒවට වඩා පොපියුලර්.. මම ආසම එකක් තමයි ත්‍රී ඊඩියට්ස්..

      Delete
  17. තව පොඩ්ඩෙන් රෙවෙනවා මේක කියවලා. උඹ දන්නවද ඩෝ දැනටත් අපි රෙනවට මාසෙකට රුපියල් අටසිය පනහක් ගෙවනවා කියලා? ආඩම්බරෙන් කියන්නේ. පුකට මීටර් හයි කරලා නෑ. නමුත් sewage වලට fixed charge එක ඒ ගාන. කාටද ආඩම්බර!

    ReplyDelete
    Replies
    1. මම සාජා උන්න කාලේ ඔය SEWAGE කියලා ගහපු බවුසර් යනවා හෝ ගාලා. අපේ එකෙකුට මම කිව්වා ඕක ලංකාවේ "සේවගේ" (Sewage) කියලා එකෙක්ට අයිති එකක් කියලා. ඌ අදටත් හිතාගෙන ඉන්නේ මම කියපු කතාව ඇත්ත කියලා. පොඩි පොරක් නෙමෙයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්.

      Delete
    2. :D මූව කන්නෙපෑ. අර ජපානේ JR පප්පගේ කෝච්චි වගේ.

      Delete
  18. කක්කා ටැක්ස් එක නම් ඉතින් කමක් නෑ මොකෝ ඒවා පිලිවෙලකට අයින් කොරන්න මියුනිසිපලිටි එකට සහෙන ගානක් යනවනේ . . ට්‍රක්ස් වලට මිනිස්සුන්ගේ පඩි නඩි වලට තව කොයි තරම් දේවල්ද ඒක නිසා කක්කා තැක්ස් එක නම් ඕකේ . .

    මියුනිසිපලිටි එකේ සර්විස් එක නොගන්න උන්ගෙනුත් ටැක්ස් ගහන්න ඕන කියලයි මම නම් කියන්නේ ඇයි යකෝ බඩු මිල මෙච්චර නැගලා තියෙද්දිත් රෙන්න තරම් සෑහෙන්න කන්න නම් මුන් අඩු තරමේ ස්මග්ලින් කොරලවත් සල්ලි හොයනවා වෙන්න ඕන එහෙව් එකේ ටැක්ස් ගහන්නම්යි ඕන . . :D

    ReplyDelete
    Replies
    1. :D හරියට හරි දුකා. රෙන්න තරම් කන්න තියෙනවා කියන්නේ සැක කටයුතු දෙයක්.

      Delete
    2. ඇයි අර චන්ද්‍රිකා ගාව හිටපු පෑන අතේ ගහන හරක් ඇමතියෙක් කිව්වේ අපේ මිනිස්සු කනවා වැඩියි කියලා.. සහ ගහලද මන්දා ඌට වැඩි කල් ඉන්න උනේ නෑ.. කෙලින්ම අපායටම යන්න ඇති.. මට ඌගේ නම නම් මතක නෑ...

      Delete
    3. සහතික ඇත්ත, මුං කන්න නෑ කිය කිය රෙන්නෙ කොහොමද කියල බලන්න විශේෂ කමිටුවක් පත්කළ යුතුයි. ඕනනං අමාත්‍යාංශයක්ම දැම්මත් කමක් නෑ.

      Delete
    4. මාතලන්,

      අර කනව වැඩි කතාව කිව්ව ඇමතියා කිංස්ලි වික්‍රමරත්න...

      Delete
    5. ආන් හරි රවියෝ ඌ තමයි.. තව කින්ග්ස්ලී කෑල්ලට පස්සේ "ටී" කෑල්ලකුත් තිබුනා..

      Delete
    6. කිංස්ලි තිස්ස වික්‍රමරත්න...වික් ඇඩ්ස් එකේ අයිතිකාරය මට මතක විදිහට

      Delete
    7. ඔව්..ඔව්.. අපේ කඩුවෙල බුවෙක්නේ.

      Delete
  19. ජෝට ගහන්න නළුවෙක් කවදාවත් පහල වෙන්නෙත් නැතිය . ජෝ රඟපානවා නෙවෙයිය ,චරිතය තුල නිදහසේ ඔහේ හැසිරෙනවාය . මම නම් ජෝගේ ඇක්ටිං කැමතිම අල්ලපු ගෙදර පිච්චර් එකටය .
    ඕව ඉතින් යලට මහට ටී.වී. එකක ගියෝත්තමයිය .

    සෙයිලම වගේ ඔයාට පාලමයට මතක් වෙන්නේ නැද්ද ..?

    මාට පොස්ටුවය උදේට කන ගමන් ආසාවෙන් කියෙව්වෙමිය




    ReplyDelete
    Replies
    1. ඉවාන්, මම පාළම යට තුන් පාරක් බැලුවෙමි. ඒත් තුන් පාරම අර කළුමහත්තයා ලාම්පුව නිවා දැමූ බැවින් පසුව අල්ලා දැම්මෙමි.


      ඒ කාලේ අනෝජාගේ උඩුකය නිරුවත් කළාත්මක පින්තූරයක් ජලයේ තිබ්බ. ඔය ගැන පොඩි හා හූවක් ගිය නිසා දවසක් අනෝජගෙ එක් සෝයුරියකුයි එයගෙ මහත්තයයි මට මට කියල ඔය පිතූරෙ ජාලෙන් හොයා ගත්ත ( ඔව් උන් දන්නව ඕවගෙ දේකට මගෙන් අහන එක ෂුවර් කියල ).

      ඒක දැක්ක ගමන් අර අනෝජගෙ සහෝදරී කියපි "අපේ xxxxගෙ ෆිගර් එක මෙච්චර ලස්සනට ගෙට වෙච්චි කාලෙදේවත් තිබ්බෙ නෑනෙ" කියල!

      Delete
    2. අම්මපා පාළම යට අමතක උනා නොවැ.. අනෝජගේ ඇඟ ඇත්තටම ලස්සනයි.. අනෝජට ගොඩාක් ලස්සන දුවෙකුත් ඉන්නවා නොවැ.

      Delete
    3. //අනෝජට ගොඩාක් ලස්සන දුවෙකුත් ඉන්නවා නොවැ.// ඔව් ෆිගර් එක හොඳයි ඒත් මූණ...??

      එක පරක් සබන් ඇඩ් එහෙකට් ඉන්දියන් ආටිස්ට්ල මේකප් කරපු නිසා හිටිය ගින්දරට. නැත්තන් මට තාම අම්ම ලස්සනයි.

      Delete
    4. එක එකාගේ ටේස්ට් එක වෙනස් නේ බං....

      Delete
    5. ඇබි බොල සෙයිලම ‍එකේ සිරිල් වික්‍රමගේ අනෝජත් එක්ක කැළේ දර කපන්න ගිහිල්ල වෙන මොකක්ද සීන් එකක් තිබුණ නේද? ඒක ටීවී එකේනං පෙන්නුවෙ නෑ මම හිතන්නෙ.

      Delete
    6. ෆිල්ම් එකෙත් හරියට පෙන්නුවේ නෑ බං. ඒ නිසා ඒ සෝ එක බලලා එහෙමම රියෝ එකට ගියා.

      Delete
    7. @Indika : moona apset da.. ? ehenan jangiya galola moona wahana ekai thiyenne...heh..heh...

      Delete
    8. අනෝජගෙ දුව ලස්සනයි බං.. දිල්කි වීරසිංහ.. ටෙලියක දෙකක රඟපෑවා. බැන්දේ සුජාතා අත්තනායකගෙ පුතෙක්

      Delete
  20. අතීත මතකයන් අවධිකළ කක්කි කතාවකින් වර්ථමානයට කක්කි ප්‍රහාරයක්

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහින් මුන් සංසර්ග බද්දකුත් දායිද බං

      Delete
  21. මේ කතාව මතකද?, අර දොස්තරල දෙන්නගෙ කතාව,

    ඔන්න දොස්තරල දෙන්නෙක් පාර අයිනෙ කතාකර කර ඉන්නකොට දැක්ක ඈතින් වයසක මනුස්සයෙක්, දෙකට නැමිල බොහොම අමාරුවෙන් වගෙ හෙමිහිට කකුල් මාරු කර කර එනවා,

    එක්කෙනෙක් කිව්ව" අර එන මනුස්සය ෂුවර් එකටම බඩේ අමාරුවකින් එන්නෙ"

    අනික් දොස්තර විරුද්ධ උනා,"නැහැ, මිනිහට තියෙන්නෙ පපුවෙ අමාරුවක්"

    "හරි, අපි අහලම බලමු "

    මනුස්සය ලඟට ආහම එක දොස්තර කෙනෙක් ඇහුවා "ලොකු උන්නැහේ, ඔහේ ඔය බොහොම අමාරුවෙන් ඇවිදින්නෙ පපුවෙ අමාරුවක් නිසාය කියලයි මම කියන්නෙ, ඒත් මගෙ මේ යාලුව කියන්නෙ ඔහෙට තියෙන්නෙ බඩේ අමාරුවක් කියලයි, ඇත්තටම මොකක්ද ඔහෙට තියෙන ලෙඩේ?"

    ඒ පාර අර මනුස්සය එහෙම්මම නැවතිලා, ටිකක් වෙලා මේ දෙන්න දිහාවෙ බලන් ඉඳල කිව්ව මෙහෙම,

    "මහත්තයො, ඔය මහත්තයට වැරදුනා, මහත්තයගෙ යාලුවටත් වැරදුනා, ඔය දෙන්නටම වැඩිය මට වැරදුනා මහත්තයො, පඩයක් කියල හිතාගෙන ඇරිය, මහත්තයො, මගෙ සරම පුරා බඩ ගියානෙ"

    මේක මම හිතන්නෙ A.B.C.. ගෙ ( Anonymous the Bog Classifier ) හෙ Non-air වෙන්න ඕන. ඒත් ඊටත් වඩා සුදුසුයි Pseudo-air බොග කිව්වනම් මම හිතන්නෙ.

    පලි- " කොළඹ සන්නිය නොහොත් Coming Sweet " එහෙමයි ඔය චිත්‍රපටියෙ සම්පූර්ණ නම.මණික් සන්ද්‍රසාග්‍ර අධ්‍යක්ෂණය කලේ.

    ඔය මැණික් සීන් එකත් එක්කම තව මරු කෑල්ලක් තියනව ඕකෙ. ජෝව එහෙම මැණික විකුනල කොළඹ එනව කුරුඳුවත්තෙන් ගෙයක් අරගෙන. ජොවාට කොළඹ බත් රූම් වල නෑම අල්ලන්නෙ නෑ. වත්තෙ ළිඳක් කපා ගන්ට වතුර තියන තැනක් හොයාගන්ට ගමෙන් එක්ක එනව ගුරුන්නාන්සෙ කෙනෙක්. එඩියද කොහෙද හිටියෙ ගුරාට.

    ගුරා මල් පහන් පැළක් එහෙම හදල යාතිකා කරල ආවේසෙං වගෙ වත්තෙ එහෙ මෙහෙ ඇවිදල එක තැනක් පෙන්නනනව " මෙතන කපාපල්ල " කියල. කට්ටිඔය එකතු වෙලා හාරනව එතන හිටු කියල. මෙන්න අඩි තුනක් කපන්ට ඉස්සර මහ වතුර කඳක් විදින්ට පටන් ගන්න්නව. කට්ටියටම මාර හැපී. උං එතනම අමුඩ ගහගෙන නට නට නානව. ගුරා බොහොම ආඩම්බරෙන් පැත්තකට වෙලා ඉන්නව." ඕක තමයි කියන්නෙ..දැක්කද මගෙ සාස්තරේ.." .කියල හැමෝටම කියනව.

    ඔන්න එතකොට සීන් එක කට් වෙලා පෙන්නනව අල්ලපු ගෙදර සුද්ද උගෙ බාත් රූම් එකේ නානව. සුද්ද ඔලුවෙ ඉඳන් සබන් ගාගෙන නාගන්ට ටැප් එක අරිනකොට මෙන්න යකෝ වතුර නෑ!! " What the Fuck? What Happened to this Bloody Water ? " එහෙම බෙරිහන් දීල සුද්ද ජනේලෙන් බලන කොට පේනව අල්ලපු වත්තෙ ජොවාලා එහෙම පොළවෙන් විදින වතුර මල වටේට නට නට නානව.

    ReplyDelete
    Replies
    1. ඇයි බං බිඩේ ෂවර් එකෙන් ජෝ මූණ හෝදනවා.. එඩියා රෙදි හෝදනවා.. මුළු සෝ එකම එකම රස ගුලාවක්... ගීතා ජංගියක් ඇඳගෙන ගේ පුරා දුවනවා.. ජෝ ජංගිය පිටින් ඉන්න ගීතා සෝ එකේ බදාගන්න විදෙයන් හිතා ගත්ත හැකි.. කැමරා එක නැති වෙලාවේ මොන මොනවා වෙන්න ඇද්ද කියලා.. ජෝත් විජේ වගේමයි කියලා කතාවක් තියෙනවනේ.. අපේ කෙන්ජියා නම් දන්නවා ඇති ඔය කතා..

      Delete
    2. රවි, ඔය බොග කතාව කිව්වම ඒ වගේ වෙන එකක් මතක් උන. මේක බොග නෑ, ඒත් පුක සම්භන්ධයි.

      එක මනුස්සයෙක් බිල බීල ඒකගෙ ගලනාලෙ විනාස උනාලු.

      පස්සෙ මූට කන්න නැතුව මැරෙන නිසා ඒ වෙනකොට රට ඉඳල නිවාඩුවකට ඇවිට් හිටපු ප්‍රසිද්ධ ඩොකෙක් කෙරුවලු ඔපරේෂන් එකක් දත් ටික පුකට හයි කරල, ඒ පැත්තෙන් කන්නයි, ඔය බුරියෙන් මොකද්ද කොරල බොග දාන්නයි. දැන් ඔප් එක හ්‍රි, මිනිහ ජීවත් වෙනව, ඩොකත් අයි රට ගියාලු.

      පස්සෙ මේ ඩොක්ස් කාලෙකින් ආයි ඇවිත් ගෝල්ෆේස් එකේ වාඩිවෙලා ඉන්නකොට ඔන්න පොරක් එනවලු පස්ස අඹර අඹර.

      ටිකක් ලඟට වෙනකොටලු ඩොක්ස් අඳුනගත්තෙ මේ අර එද තමන් ඔපරේෂන් එකක් කල මිනිහ බව.

      ඉතින් ඇඹරි ඇඹරි එන විදියට මොනා හරි ඖලක් වෙලා තමා පුකේ කියල ඩොකා නැගිටල මරු වෙන්න හැදුවලු.

      එතකොට අර මනුස්සය අප්පුඩියක් ගහල දුවල ඇවිත් ඩොකාගෙ අතින් අල්ලල "කොහෙද සෑර් යන්නෙ" කියනකොටම ඩොකා

      "හරි හරි ගනං ගන්න එපා, මගෙ වියදමෙන් මම ඔහේට වෙන ඔපරේෂන් එකක් කරල ඔය කට ආයි තිබ්බ තැනට හරි කරමු,අනික දැන් ඒ දවස් වලට වඩා තාක්ෂනේ දියුණුයිනෙ" කිව්වම මෑන් කියනවලු

      "ඇයි සර් වෙනස් කරන්නෙ අවුලක් නෑනෙ" කියල.

      ඉතින් පොඩ්ඩක් පුදුම වුනු ඩොකා කිව්වලු "එහෙනං මේ තමුසෙ අඹර අඹර ආවෙ?"..

      ආ...ඒ මම චුයින්ගම් එකක් හප හප හිටියෙ...කියල.

      Delete
    3. ඔව් මාතලන්....ජෝ මහත්තය පිට පලාත්වල ගියාම බොග දැම්මෙ ගස් යට....
      විජේ/ගාමිණි වගේම ජෝ ලොක්කත්...... දෙනවක හාමිනේ,අනුෂ්කා මැදිවක & ජෙනිතා සමරවීර හැර අනිත් සැමව අනුභව කලා ....
      රට ඉටපු සුවර්ණ අක්කිව ගෙන්නුවෙ ජෝ පප්පි.... ටික දවසක් පාගොඩ පාරේ ගෙදර ඉටියයින් පස්සෙ තමා අක්කි රගන්න ගත්තෙ ....
      ටිම්බර් කෝපරේෂන් පුටු මෑන් වෙලා ඉද්දි ගෙදර හිට්ට විසි ගනං ඉටි කිරිස් කැබැල්ලක්...
      ජෝ පප්ප තමා මට කිව්වෙ දුරියන් ඇට පෙති කපල වතුරට දාල පහුව දාට බොන්න කියල....
      ඔයාලත් එහෙම බීල ...කාව හරි දුෂණය කොරල බලන්න බඩු වැඩද කියල... හෙක්...හෙක්....

      Delete
  22. ජාතක කතාවෙ හැටියට එළු බෙටි විද්දෙ නිනව්වක් නැතුව කියවන වේදේහ රජාගෙ මහ පණ්ඩිත ඇමැත්තාගෙ කටටයි.. හපොයි.. එහෙම විදිනවා නම් අපේ රජාගෙත් ඇමැත්තො බොහොමයි එළුබෙටි පුරවන්න වටින කටවල් ඇති..

    කක්කා බද්ද ගෙනෙන එකාගෙ කටට විදින්න වටිනවා.

    කොලඹ සන්නිය මාත් බැලුවා. ජෝ තමයි මගෙත් නිගමනය මාදු‍ටු හොඳම රඟපෑම් වලට.. ජෝ එලිබහිනකොට පුකෙන් කෙරෙන කාරිය පෙන්නුවෙ මූණේ හැඟීම් ඉරියව් වලින්.. කියලා වැඩක් නැ. ජෝට කිට්‍ටුවෙන්වත් යන්න පුළුවන් නළුවෙක් තාම අපේ රටේ ඉපදිලා නෑ.

    ReplyDelete
    Replies
    1. ආන් මචෝ කතන්දරේ...

      ජෝට ගහන්න නළුවෙක් ඉපදෙන්නෙත් නෑ.. ඒත් ඒ මනුස්සයා නිසි ඇගයීමකට ලක් උනේ නෑ.. කොහේවත් ඉන්න කබ්බෝ තමයි සක්විතිලා උනේ..

      Delete
    2. මචන් මට මතකයි දවසක් ප්‍රසන්න විතානගෙ interview දී කීවා පුරසඳ කලුවර film එකට ජෝ ට එන්ට කිවේ නිකන් ඇවිල්ල ඉඳගෙන ඉන්ට කියල විතරලු. තව කීවා ජෝ රඟපානකොට මූනෙ නහරයක් දෙකක් වැඩියෙන් ඉලිප්පිලා පේනව කීවොත් ඊළඟ shot එකෙදි ඒක නොවෙන විදිහට රඟාපන්ට පුලුවන් කියලා. මමත් ලංකාවෙ දැක්ක හොඳම නලුවා ජෝ.

      කොළඹ සන්නිය පස් හය සැරයක්ම බලල ඇති. හැම සැරේම බඩ කොරවෙනකම් හිනා වුනා.

      උම්බලට මතකද Mr.නිරිවස්තර ගීතට cat walk එක උගන්වපු හැටි. දෙනවක හමිනේගෙ cat walk එක කොහොමද?

      Delete
    3. මුළු සෝ එකම මතකයි මචෝ... එදා චන්දේ දවසේ පෙන්නුවේ ගීතට කැපිල්ලටද මන්දා.. අරූට නිර්වස්තර කිව්වට, ගීතා තමයි අමු නිර්වස්තර..

      Delete
  23. අම්මපා ඇත්තම කියන්න මේ ලඟදි කොච්චි සම්බෝලෙකුත් එක්ක මඤ්ඤොක්කා කාලා කක්කා දාන්න ගියාම හැදුනා දැවිල්ලක් බුදු අම්මෝ........................හැබැයි නිවන් සුව ලැබෙනවා කිව්ව එක ඇත්ත. කක්කා හෝදලා විනාඩි 15 කට විතර පස්සේ, පස්ස පැත්තට දැනුනු සැප මම හිතන්නේ නිවන් සුව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි ඔහොම සැර දෙයක් කාල චූ දාන්න ගියාම දැනෙන සැප කියල වැඩක් නෑ.

      Delete
    2. පුකේ වින්ටිජනෝ ගෑවා වගේ තියෙන්න ඇති.. ටික වෙලාවක් එහෙම තියෙනවා තමයි.. ඒක නම් මාර සනීපයක් අප්පා..

      Delete
  24. කොළඹ සන්නියනං වල්ල පට්ටම ෆිලුම් එකක් තමයි.
    දැං මේ බද්ද ගහන්න පටං ගත්තට පස්සෙ කොළඹ එවුවංට හැදෙන සන්නිය මොන වගේ පට්ට වෙයිද කියලයි මම මේ කල්පනා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. කක්කි සන්නිය ඇර වෙන මොකක්ද ඉතින්

      Delete
  25. ගූ වලින්ම නිර්මාණය වෙච්ච ගූ කතා ටිකක් බෙට්ට කෙසේ වෙතත් පට්ට ගති. මං හිතන්නෙ ගූ ගල් එකෙත් නැතිව ඇති මේ වගේ කතා. මාතයිය ගොම කියන්නෙත් ගූ වලට එතකොට ගොම් බෙට්ට කියන්නෙ මොකද දන්නෑ . සමහර විට ගොන් බෙට්ටෙන් කැඩිලා ආපු එකක් වෙන්නැති. මං මේ ඇහුවෙ වෙන නෑනෙ ඉතිං කවුරුවත්. තවත් සමහරු සමහර අයට ඔය තෑගි වගේ ඒව දෙනකොට මේ අවන් දෙන්න පුරුදුවෙලා. පොඩි විපරමක් දාල බැලුවම තමා ඒක දැන ගත්තෙ. මොකෝ මේ කාලෙ ජීවත් වෙන්න අමාරුයි කියල ගූ පුච්චන් කන්න කියලලු අවන් දෙනව කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ගූත් පුච්චන් කනවා කියන්නේ පට්ට පෙරේත ලෝබ උන්ට නේ බං

      Delete
  26. මට මතකයි ඉස්සර නුවර ටවුමේ සමහර ගෙවල්වල කක්කා බාල්දි ගෙනියන්ට නගර සභාවෙන් කක්කා ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් තිබුනා. උඑදේ පාන්දර ටවුම මැදින් කක්කා කරත්තේ යනකොට කොහොමද ආතල් එක. කක්කා කලෙක්ෂන් ෆී එකකුත් ගැහුවද කොහෙද!

    ReplyDelete
  27. චාටර් දෙගොල්ලක් එකතු වෙලා වැඩක් කරද්දී ඒ ගැන සමීකරණයකින් අපේ එකෙක් කිව්වේ මෙහෙම.

    …ගූ + ගූ සමානයි දෙකයි ගූ :D

    ReplyDelete
  28. මේ දවස්වල කකා නිවාඩු නිසා ඒ වැඩේ උඹ බාරගත්තද.

    ReplyDelete
  29. ජෝ අබේවික්‍රම කියන්නේ මගෙත් සිත්ගත් නළුවෙක්. ඔහු විකට නළුවෙක්ම නෙවෙයි. ඔහුට ඕනෑම චරිතයක් තාත්විකව රඟපාන්න හැකියාව තිබුණා.

    ReplyDelete
  30. රස සාගරයක් නෙව.හැබැයි ප්‍රසිද්ධියේ බැලුවොත් මාට්ටු වෙන්නේ කක්කි නමක් ගාගෙන. මට මතක් වුනේ සෑහෙන කාලෙකට කලින්. සිත්තර පත්තරේ වගේ එහෙක ගජමෑන්ගේ පස්ස.
    ඒ කාටූන් එකේ අර සුපුරුදු බඩ තඩි ඇමතිය ඇවිත් ගජමෑන්ගෙන් මක්කද අහනවා.එතකොට ගජමෑන් සරම උස්සල පස්ස පෙන්වනවා.අනේ දෙයියනේ පස්සේ මකුළු දැල් බැදිලා....

    ReplyDelete
    Replies
    1. සොසි,
      ඔය කාටුන් තිබුනෙ සිත්තර පත්තරේ මැද පිටුවෙ. කාටූන් එකේ නම “ගැටයා“ ඒක ඇන්දෙ සුමතිපාල ජෝතිපාල කියලා දෙනනෙක් (එකෙක්ද මන්දා). මමත් ඕක බැලුවා ඒ දවස්වල.

      Delete
    2. ඇනෝ......ඔය දෙන්නෙක්. ඔය වගේම තව ඩබලක් හිටියා. මට මතක් වෙන්නේ නැහැ නම.

      Delete
    3. අද ඉන්න කාටුන් කාරයෝ ගාව තියෙන්නේ දෙබස් විතරයි. නියම කාටුන් කාරයෝ ඉන්නේ කීප දෙනයි..

      Delete
  31. කොහොමත් මේ ආණ්ඩුව කරන කරන වැඩේ ගද ගහන කක්කා ආණ්ඩුවක් තමයි.

    ReplyDelete
    Replies
    1. මීට වඩා කක්කි ආන්ඩු ඕන තරම් තිබුනා පුතේ..

      Delete
  32. මාතලන්ට ගූය් පුකය් ගැන තියෙන්නේ පුදුම අත්දැකීම් සම්භාරයක්..... කොහොමද පර්යේෂණ ග්‍රන්ථයක් ලිව්වොත් ...... එල artical එක ..............

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සබ්ජෙක්ට් වලට තමයි මට ප්‍රොෆෙසර් පට්ටම ලැබුනේ..

      Delete
  33. මාතා........ඔය ජෝ මහත්තයා පිට පලාත්වල ගියාම බොග දාන්නෙම කැලේලු. අපේ මස්සිනා හිටියොත් ඌ තමයිලු ගෝලයා බොග දාන්න යන්න. ඌ කියනවා එහෙම නළුවන්ගේ පුක පිහිදැම්මත් පව් නැහැලු.

    අපේ පොරෝලිස් මාමා නම් මළ බද්ධෙට බෙහෙත් බොන් නැහැ. ඇඟිල්ලේ පොල්තෙල් ටිකක් අතුල්ලන් යනවා :D

    ReplyDelete
    Replies
    1. මම කරන්නේ මචං කල් කිරි එකක් ගහනවා අමුවෙන්ම. ඔය බේත් මම හොයා ගත්තේ උඹට මතකද බම්බා හන්දියේ තිබුන කිරි හල. ආන් ඒකෙන් කල් කිරි එකක් බීපූ දවසේ..

      Delete
    2. @ සත්තයි මචෝ.....මම ඊලඟට ලියන්න කියලා හිතාගෙනම ඉන්නේ බම්බා මිල්ක් බෝඩ් එක ලයන් හවුස් එක හා ඒ ආශ්‍රිත එකක්. උඹත් දන්න දේවල් ගොඩාක් ඇති.කල්කිරි සහ දිනකිරි බම්බා එකත් එක්ක ලියන්නමයි හිටියේ...මට ඉස්කෝලේ මිල්ක්බෝඩ් එකත් මතක්වුනා

      Delete
  34. මෙහෙම ගියොත් කෝපි වලට එහෙම හොඳ මාකට් එකක් එනවාය! කවුරු මොනවා කිව්වත් මේ කෝපි කර්මාන්තය නගා සිටවන්නට කරන වැඩය!
    ගස්ලබු ගොවින් විරෝධය පල කලොත් මල් හතය!

    ReplyDelete
    Replies
    1. ඉතින් ගස්ලබු ගොවියෝ කෝපී වගා කරයි... එතකොට අවුලක් නෑ නේ..

      Delete
  35. පුක සහ බොග කියන්නෙත් පොත් ලියන්න තරම් පුළුවන් පුළුල් සබ්ජෙක්ට් එකක් බලං ගියාම.... හඳගමගෙද කොහෙද ෆිල්ම් එකක මට මතකයි හේමසිරි ලියනගේ ඔෆිස් බෑග් එකෙන් සැට් එක වහගෙන පුක එළියේ දාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. @ තිසර.....මේ මගේ සඳයි හෝ චන්ද කින්නරි

      Delete
    2. මටත් මතකයි.. තව එකක අමු හෙළුවෙන් හිටියා..

      Delete
    3. Channa kinnari

      Delete
  36. ඔය මලබද්ද කියන වචනය ආණ්ඩුව විනාශ කරන්න හදන දේශ ද්‍රෝහියෙක්ගේ එකක්
    මල බද්ද කියලා ඇහෙන කොටත් හිරිකිතයි නේ
    ඕකට දාන්න තිබුනේ
    "අපවහන පද්ධති පිළිනැඟුම් ගැලපුම් ගාස්තුව" වගේ වැදගත් නමක් මල බද්ද කියලා ප්‍රසිද්ධ කල අයගැන සොයා සුදුසු ක්‍රියාමාර්ගයක් ගත යුතුයි

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුව කොහොමත් ඒ වගේ ලස්සන වචන හදන්න නම් බොහෝම දස්සයි..

      Delete
  37. මේක දැක්කම මතක් උනේ අර නියගය කියන මර්තුකාවට ඇන්ද චිත්‍රයේ කතාව

    ReplyDelete
    Replies
    1. මොකක්ද චිත්‍රය...

      Delete
    2. චිත්‍රය තනිකරම දිගට හා හරහට ගහපු ඉරිගොඩක් (බලිකුරුට්ටක්)..... න්රබන්නෙක් චිත්‍ර ශිල්පියාගෙන් අහනවා මොකද්ද මේ ???
      මේ මකුනු දැල්
      මකුණු දැලෙයි නියගෙයි සම්බන්දෙ මොකද්ද
      මකුණු දෑල බැඳලා තියෙන තැනෙයි සම්බන්දේ
      ඒ කිව්වේ
      නියගය කියන්නේ කන්න නෑ..... කන්න නෑ කියන්නේ රෙන්න නෑ .... රෙන්නේ නැති නිසා පුකේ මකුණු දැල් බැදිලා ඒ මකුණු දැල් තමයි ඇන්දලා තියෙන්නේ

      Delete
  38. උඹ කියපු එක මට හරියටම වැටහුනේ නැද්ද මන්දා Drainage Tax එක කොහොමටත් නගර සභාවට ගෙවනවා නේද? අනික ඉතින් ඒක කොළඹටවිතරක් නෙමෙයි හැමෝම ගෙවනවා වෙන්න ඕනේ නේ.

    ReplyDelete
    Replies
    1. දන්න තරමින් නම් කොහේවත් නෑ.. හැබයි කොළඹට විතරක් දාන්න තමයි ලෑස්ති වෙන්නේ... ඒත් දැන්ම නෙමෙයි..

      Delete
  39. කන ගමං කියවන්න මල්'මසුරං පොස්ට් එක...
    >
    මටත් ලංකාවේ නළුවොන්ගෙන් හොඳම ජෝ...
    සමහරවිට ඒ වගේ කෙනෙක් ආයේ කවදාවත් බිහිවෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිත කාළය තුල නම් බිහිවන එකක් නැත.

      Delete
  40. @ ඉසුරු අතුකෝරාල.....ඔය කියන විදිහට තමයි එංගලන්තයේ වතුර බිල හැදෙන්නේ. Water &sewerage කියලා. නමුත් එංගලන්තේ පඩියෙන් මං වගේ පීචං එවුනුත් කාලා බීලා ඉන්නවා. ඔය බිල්ස් ඔක්කොම ගෙවලා. ටැක්ස් ගේන්න ඉස්සෙල්ලා ජනයා කන්නෙ කොහොමද කියලා බලන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදි සංසර්ග පාලකයෝ. ටැක්ස් වලින් පමනක් නම් රටක් ආදායම් ගෙනියන්නේ...ඒ රට විකාරයක්. උඹට තරහෙන් කිව්වා නොවේ.

    ReplyDelete
  41. https://www.facebook.com/photo.php?fbid=10203863965465363&set=a.1174271882777.2028193.1407461217&type=1&relevant_count=1

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න