.

.

Jun 8, 2016

හිඟන්නන් බලයට පත්වීම - The Politics of Antisocial Behaviour

පළමු හිඟන කන්ඩායම

දෙ
න හිඟන කන්ඩායම

සියල්ලටම කලින් තමන්ට ලැබීමට නියමිත කෝටි දෙකහාමාරක වාහනය ලබා නොගෙන එම මුදල් කළාකරුවන් වෙනුවෙන් වෙන් කරන්න යැයි කියූ පාලිත තෙවරප්පෙරුම "මැතිතුමාට" අපේ උපහාරය.

සුමිත් පිලපිටිය මහත්මයාගෙ (බය නැතිව මහත්මයා කියන්න පුළුවන් මිනිස්සූ) ඉල්ලා අස්වීම ගැන ලියපු කලින් බ්ලොග් සටහනට කොමෙන්ට් එකක් දාන අපේ "ළොකු පුතා" මහත්තයා කිව්වේ, ඔය කුණු ප්‍රශ්ණෙට වග කියන්න ඕන ජනතාව කියලා. මට ඒ කතාවට මල පැන්නට, අපේ රසික සූරියාඅරච්චි මහත්තයා බුකියේ දාපු පෝස්ට් එකක් දැක්කාම හිතුනේ, අම්මට සිරි ලංකාවේ බුද්ධිමත් ජනතාව පිස්සුම නේ යකෝ කෙලින්නේ කියලා.

උන්නැහේ මෙහෙම කියනවා.. //අරුංට ම දුන්නා නම් උන්ට අතුරුපස විතරයි කන්න තිබුනේ. දැන් මෙන්න මුං ඔන්ට්‍රේ එක කාලා, ෆස්ට් කෝස් එක කන්න පටන් අරං. ඊළගට මේන් කෝස් එක. ඊටත් පස්සේ, ඩෙසර්ට්, ඊළඟට කෝපි. අන්තිමට කොඤ්ඤැක්.// බලාගෙන ගියාම කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ.

මෙන්න මේ හේතු දෙක උඩ, සෑම විසයක් පිළිබඳවම හසල දැණිමක් තියෙන මහාචාර්වරයෙක් වසයෙන්, මාතලන් තුමා මේ ගැන ගැඹුරින් හැදෑරීමක් කොලා (හැදෑරීමක් හා රීමක් යනු සංසිද්දීන් දෙකක් බව අවබෝධ කර ගනු මනාය.) එහෙම හැදෑරීමක්  කොරන්න සිද්ද උනේ, "රථ ගාය" කියන බයානක රෝගය ගැන අති දරුණු ගනයේ කතා බහක් මතු වෙලා තියෙන නිසා.

"අපි මේ ණය ගන්නේ කන්න නෙමෙයි අපේ හාන්දුරුවනේ, සංවර්ධනේට.. සංවර්ධනේට..." කියාපු, හිටපු මහරජ තුමා සංවර්ධනයක් නොකර හොරා කෑවා කියලා නේ දැන් බලයට පත් වෙලා ඉන්න යහපාලන මහත්වරු කියන්නේ. ඒ කිව්වට, නැව් ආවේ නැති උනාට, අරෝප් පෙලේන් නැති උනාට, ක්‍රිකට් ගහන්නේ නැති උනාට, එයා මහා සංවර්ධන වැඩ කොලා කියලා අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා නේ. දැක්කා කියන්නේ, එයා පෙන්නුවා හිටං නේ. ජනතාව සිරීපාදේ වඳින්න යනවා වගේ, පොසොන් එකට අනුරාජපුරේ වඳින්න යනවා වගේ ඕවා බලන්නත් ආවා මතකනේ.

අම්මපා ඔහේලට කියන්න ඔය පෝට් සිටි එක බලන්න සිටි ඔප් කොලොම්බු වලට ආපු හුදී ජනතාව නිසා, පාරවල් වල ටැපික් තිබුනා, වෙසක් කාලෙට වඩා. ඉතින් එහෙම සංවර්ධනයක් කොරන ගමන් පෝඩ්ඩක් සාකුවෙත් දාගන්න ඇති. මහ සයුරෙන් දිය දෝතක් ගත්තට, මහ මූදට දැනෙන්නේ නෑ කියනවනේ. ඉතින් එයාලත් මේ රථ ගාය ඇම්මෙටම තිබුනා. ඔය මහින්ද මහත්තයගේ වාහන සංචිතේ වාහන දාස් ගානක් තිබුනය කියනවනේ. ඒකනම සහතික ඇත්ත.

ඔය මහින්ද මහත්තයා ඉතරක් නෙමෙයි. ඝෝථාභය මහත්තයා, බැසිල් මහත්තයා, අපේ ශිරන්ති මැඩොම්, නාමල් බේබි, යෝෂිත බේබි, අපේ රොකට් බේබී එහෙම පාරේ එනකොට, බලන්න ලස්සනයි. ඉස්සෙල්ලම දළදා පෙරහැර වගේ පාර වහනවා. ඉස්සෙල්ලම එනවා කස කාරයෝ. ඒ කියන්නේ ටැපික් පොලිස් පොරවල්. උං සීන් සීන් ගාලා විදිනවා "යමා" බයික් වල. පාරේ ඉන්න ටැපික්ලා හයි ඉස්පීඩ කියලා අල්ලන්නෙත් නෑ. ඊට පස්සේ හමුදා උත්තමාචාරේ දෙන්න, උන්ගේ බයික්. ඊට පස්සේ ඩීෆෙන්ඩර් පහක් හයක්, ඊට පස්සේ ඕන් බී ඇම් හරි බැන්ස් හරි වාහන තුනක්, එක ජාතියේ.

මේන් මේ වාහන පන්තියේ තමයි ඇත් පන්තියේ වගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. මොකේ ඉන්නවද කියලා හරියට කියන්න බෑ. ඒත් ඉතින් අපිට මාර සන්තෝසයි. උන් ඒකේ උන්නත් නැතත්. මොන ධාතුවද තියෙන්නේ කියලා නිච්චියක් නැතත්, අපි ඉතින් දෙකට නැමිලා වඳිනවා. අත වනනවා, අප්පච්චි වෙන්ඩැති, ඝෝඨාභය ‍යෝධයා වෙන්ඩැතී, නා මල වෙන්ඩැති, ටෙන් පොසන්ට් වෙන්ඩැති කියලා ඔට්ටු අල්ලනවා, එක විකාරයයි.

පෙරෙහර ඉවරද පින්වත්නි නෑ. ඊට පස්සේ ආයෙත් ඩිෆෙන්ඩර්. ඊට පස්සේ අම්බීලන්ස් එකකුත් එනවා. හැබයි කෑං කූං ගානේ නෑ. මේ එන්නේ අර බයිසිකල් කාරයෙක් එහෙම වැටුනොත් ඇක්සිඩන්ට් ඕඩ් ගෙනියන්න. ආයෙත් හමුදාවේ බයික්. ඊට පස්සේ ටැපික් බයික්. ඊට පස්සේ අර පාරේ ඉන්න පොලිස් මහත්තුරු නවත්තගෙන උන්න, මරූටී, ටෝයෝටා, හොන්ඩා වගේ, සුදුසුකම් නැති උන් ලීස් දාලා, හතර අතේ ණය වෙලා ගත්ත වාහන.

උණුත් අපේ ආඩම්බරකාර අප්පච්චි, අපේ විහාර මහා දේවී, ගැමුණු කුමාරයා, අපේ සාලිය කුමාරයා, අපේ දසමහා යෝධයෝ ගියපු ඉස්පීඩ් එකේම පස්සෙන් තියලා අල්ලනවා. ඔන්න ඔතනදි තමයි පුක ඉරා ගන්නේ. පාරේ ඉන්න ටැපික් පොලිස්ලා දන්නවා, මුන් මේ සුදුසු නැති පොරවල් කියලා. උන් කනු අස්සෙ හැංගිලා ඉඳලා, හාවෝ වගේ පාරට පැනලා, අර හාල්පාරුවෝ නවත්තනවා. ඊට පස්සේ ඉතින් එක්කෝ රජයට, එහෙම නැත්නම් රාලහාමිට ගෙවන්න ඕන. ඒ ගෙව්වත් ඉතින් පාඩු නෑ. අර සුදුසු අය යනවා වගේ ගියානේ කියලා සතුටින් විසර යනවා.

එයාලා ඉතරක් නෙමෙයි ඔය දැන් අළුතෙන් රථ ගාය හැදිච්ච හිඟන්නෝන්ට කින්ඩිය දාන, හිටපු හිඟන්නොත් ඒ කාළේ ගියේ එහෙමයි. රජගෙදර උන් ඉතරක් නෙමෙයි, රජගෙදර රිලවත් ගියේ එහෙමයි. රිලවා විතරක් නෙමෙයි රිලවිත් ගියේ එහෙමයි. උන් කැමති නෑ ,අළුතෙන් ආපු හිඟන්නෝ එහෙම යනවට. ඒ මොකෝ උන් දැන් හිඟන්නෝ නෙමෙයි. මහා ව්‍යාපාරිකයෝ. කොම්පැනි කාරයෝ. ඩියුටි ප්‍රී ෂොප් අයිති පොෂ් පොරවල්. යොට් හිමිකාරයෝ. ඉතින් අළුතෙන් ආපු හිඟන්නොත් ඒ ලෙවල් එකට එන කොට අරුන්ගේ ඇඟේ මාළු නටනවා.

දැන් අපි එමු ළොකු පුතාගේ කතාවට. මේවා ඇවිල්ලා ජනතාවගේ වැරද්ද කියන කතාවට. සහතික ඇත්ත. ඔය මංතීරු ගලවන තකතීරූ ජෝන් ගොයියා කියන කතාවත් සහතික ඇත්ත. දැන් බලන්න ඔය තමන්ගේ මහන්සියෙන් හරි හම්බ කරපු අය වගේම, හොර බිස්නස් කරන උනුත් මේ රටට ගේනවා, හෙට එලියට දාන්න තියෙන බෙන්ස්, බී ඇම්, ඇල්ෆා රෝමියෝ, පෝසේ, පියුජෙට්, චවර්ලැට්, ලෑන්ඩ් කූසොර්, ලෑන්ඩ් රෝවර් වගේ ප්‍රකෝටිපතියෝ යන වාහන. ඕවා ඩියුටිත් එක්ක කෝටී දහයක් ඉතර වෙන වාහන. ඉතින් උන්ව පාලනය කරන එකා මරූටියක හරි, අඩු ගානේ කෝටී එකහා මාරේ හරි වාහනේක ගිහිල්ලා හරියනවද? එහෙම ගියොත් උන්ව ගනන් ගන්නේ කව්ද? හිරු ඇෆ් ඇම් අයිති රෙනෝ සිල්වා මහත්තය යන්නෙත් ඩිෆෙන්ඩර් එක්ක ගාඩ් දාගෙන, ඉතින් අරුන්ට එහෙම නැතිව කොහොමද?

එතකොට බලාගෙන ගියාම මේ රටේ ජනතාවම තමයි මේවට වග කියන්න ඕන. උන්ට "ජනතා සේවය" කරන්න, (අම්මගෙ රෙද්දක් කරනවා ජනතා සේවේ... නියමෙට කියයි සාලාව පැත්තේ ගිහින් ඇහුවා නම්. අපදා ඇමතියා කියන එකා හොයා ගන්නත් නෑ)  මේ වගේ වාහනයක් නැතිව කොහොමද? නිකං හිතන්න, අපේ සුජීව සේනසිංහ මැතිතුමා හරි, හරීන් ප්‍රනාන්දු මැතිතුමා හරි එනවා ඇක්සියෝ හයිබිරිඩ් එකක, කවුරුත් නැතිව තනියෙන් එලවගෙන, (බලයට එන්න කලින් ගියා වගේ) කව්ද එතකොට එයාලව ගනන් ගන්නේ.

හැබයි රසික කියනවා වගේ, හිටපු හිඟන්නෝ සැට් එක කාලා කාලා දිරව ගන්න බැරිව ඉස්මුරුත්තෙටම ඇවිල්ලා, ඩෙසර්ට් එක කකා උන්නේ. උන් තව දුරටත් හිඟන්නෝ නෙමෙයි. ඉතින් අපි තමයි ගිහින් අළුත් හිඟන්නෝ සෙට් එකක් එතනට යැව්වේ. දැන් උන් ඒ හිඟන මානසිකත්වයෙන් ගොඩ එන්න දඟලනවා.

ඉතින් ජනතාවට යුතුකමක් තියෙනවා මීට පස්සේ මනාප ඉල්ලගෙන එන උන් කඳු පල්ලම් වල යන්න පුළුවන් ෆෝ වීල් ඩ්‍රයිව් පත වාහනයක් තියෙන. ඒක පරණ උනාම අළුත් එකක් ගන්න පුළුවන් එකෙක්ද කියලා හොයලා බලන්න. එහෙම නැත්නම් ඉතින් අපිට වෙන්නේ හැමදාම හිඟන්නන්ට දන් දිදී ඉන්න.

මහා අල්පේච්ච ජීවන රටා ගැන ළොකු සිරා ටෝක් දෙන උත්තමයන්ට. අපිට පටි තද කර ගන්න කියලා ගහන්න තියෙන හැම බද්දම ගහලා ජනතාව අමු හිඟන්නෝ කරලා තියෙන වැට් මෑන්ලට. හැම එකටම උත්තරේ රාජපක්ෂ... රාජපක්ෂ... කියන රනිල් මහත්තයලට අපිට කියන්න තියෙන්නේ, මේ හිඟන්නෝන්ට ආතල් දෙන එක පැත්තක තියලා, ගේනවයි කියපු යහපාලනේ ගේන්න කියලා. (අඩුම ගානේ මාධ්‍යන්ට යන්න නොදී, මේවා හොරෙන් කරන්නවත් මහින්ද මහත්තයගෙන ටියුෂන් ගන්නවා නම් හොඳයි.)

ඇත්තටම ඇපේ ජනතාවටත් පිස්සු. උන් හිඟන්නොන්ට උණු බත් දෙනවා ඉතරක් නෙමෙයි. වැටුත් ගෙවනවා. ආන්ඩුවට පෙට් ඉස්කෑනුත් අරගෙන දෙනවා. ගං වතුරෙන් අනාත වෙච්ච උන්ට කන්න බොන්න අඳින්න දෙනවා. උන්ට ගෙවල් හදලා දෙන්න යනවා. ඒ මදිවට ධාතු කියලා ජනතාව ගොනාට අන්දලා පෙන්නන ඇට කෑලී බලන්න යනවා. දැන් රජ ගෙදර බලන්න යනවා. ඉතින් අර හිඟන්නොත් බලනව ඇති, උන් ඔක්කොම කරද්දි, අපි මක්කටද පුක ඉරා ගන්නේ කියලා..

එහෙම බලාගෙන ගියාම වාහනයක් ගැනීමට නොසුදුසු හිඟන්නෝ සෙට් එකක් එක දවසෙන් කෝටිපතියෝ කරන්න මෙතනට යවපු ජනතාවම තමයි වැරදි කාරයෝ.

මේ මම බුකියේ ලියපු හබරල කයියක්...



ලැජ්ජා කරන්න එපා ජනාධිපති තුමා...
**********************************

ජනාධිපති මන්දිරේ (රජ ගෙදර) ජනතාවට විවෘත කරනවා..
-
පොඩි උන් ජනාධිපතිගෙන් ප්‍රශ්ණ අහනවා..
-
දෙමළ කොලු පැටියෙක් අහනවා ඇයි ඔබතුමා මේකේ ඉන්නේ නැත්තේ කියලා..
(සෙට් කරලද දන්නේ නෑ...(ටිකක් ඒ වගේ ගතියකුත් පේනවා))
-
ජනාධිපති තුමා "සිරා ටෝක්" එකක් දෙනවා.. එයා එතන උන්නොත්, මාසෙකට ලක්ෂ 150 ක් ඉතර වතුර බිල් ලයිට් බිල් වලටම යාවිලු.. අනික එතන උන්නොත් හිතන පතන විදියත් වෙනස් වෙයිලු..
-
අපිට ලැජ්ජා කරන්න එපා ජනාධිපති තුමා.. අවුරුද්දටම යන්නේ ලක්ෂ 1800..
-
ළෝකයා හිතයි අපේ ජනාධිපති තුමා හිඟන්නෙක් කියලා..
-
අපේ රට හිඟන රටක් කියලා..
-
හිතන්න පටන් ගන්න...
-
සරත් ෆොන්සේකලා වගේ... රටට කෙලවෙලා තියෙන වෙලාවේ කෝටී 5 හේ වාහන ගන්න සිටුවරු වගේ...

-x-

108 comments:

  1. මෙය අවශ්‍ය පෝස්ට් එකක්ද අනවශ්‍ය පෝස්ට් එකක්ද තහවුරු කර ගැනීමට ඔබතුමා, ජොන්බාස් ඇමතුවේ නැද්ද?? හැක්

    මම හිතන්නේ මේ සියලු කාරණා රනිල්ගේ ආර්ථික කළමණාකරනය නිසා වේච්චි දේවල්. ඒ කියන්නේ මෙච්චර හොද මිනිස්සු හිගන්නෝ වෙච්චි එක.. පව් බං...

    රටට ණය ගන්නේ මේව්වා කරන්නද කියලා බලන්න වෙනවා. තමන්ගේ වරප්‍රසාද විදින්න, උන් කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැ. නමුත් කටමැත දොඩවපු රනිල්ලට, හිටංලට හෘද සාක්ෂියක් තියේනං මේවා කරයිද??

    ReplyDelete
    Replies
    1. ඕන මළදානයක් කලාට අවුලක් නෑ මහින්දලා වගේ සද්දේ වහලා ...

      මුන් මේවා කර කර තව බයිලත් ගහන එක නේ ඉවසන්න බැරි හිටං

      Delete
    2. අනේ අම්මපල්ල උඹත් හොදයි මේ යක්කුන්ටම.. ඇයි යකෝ සද්ද වහල කරත් රටේ සල්ලි නේද??

      Delete
    3. එතකොට අපි මේවා දන්නේ නෑ නේ බං... පස්සෙ නේ දැන ගන්නේ... ඒ කාළේ අපි එතුමාට කොච්චර නම් ආදරේද හිටං...

      පහු පහු වෙන කොට නේ වැඩේ කොහු කොහු උනේ...

      Delete
    4. හා හා එහෙම කියන්න හොද නෑ........


      මාතලං ල හොරා එළවල පත්කරගත්ත කට්ටියනෙ

      Delete
  2. මේව්වා මේ කට කහනවට කියනවා නෙමෙයි. මුං හිතාන ඉන්නේ ඕවා ජනතාව මාධ්‍ය මහන්සි වෙලා කරන්න ඕන කියල වෙන්ටැති.. හාල් පාරුවෝ


    පෙට් ස්කෑනරයට තව කෝටි 4ක් අඩුයි..

    ReplyDelete
    Replies
    1. ඔච්චර දුන්න එකේ ඉතිරි ටිකත් දීලා

      "අපිට සතුටුයිය දැන්" කියලා කියපල්ලා....

      අනික ඉතින් කාර් ගන්න හිඟන්නන්ට ඒ වගේ හය ගුණයක් දෙන එකේ ඕක මොන ලබ්බක්ද බං

      Delete
  3. මට බය මේ යන ට්‍රෙන්ඩ් එකේ හැටියට හෙල බොග් අවකාසේ ඉන්නා චැරිටි කප්පිත්තෝ ටික තමන් ගේ ප්‍රියතම ( ඔෆ් කෝස් අහින්සක ටූ) දේසපාලුවා ට ෆෝර් වීල් රතයක් අරන් දෙන්න සල්ලි එකතු කොරන ආදාර පත්තරයක් වටේ එවයි ද කියලා......

    PS:
    බස් එකේ එඤ්ඤම් කියලා ප්ස්සෙ ත්‍රී වීල් එකේ, මරුටියෙ ආපු ජෙප්පෝ මන්ත්‍රී සැට් එක සුකෝපබෝගී වුන හැටි ඊයේ රාජිත තුමා තේරුම් කොරලා දුන්න අහන් හිටියැයි?


    ReplyDelete
    Replies
    1. චන්දයෙන් අනාථවූ දේශපාලකයින්ට වාහන ආධාර අරමුදලක්?

      Delete
    2. මීට පස්සේ අපි ඔක්කෝම කරන්න ඕන හිඟන්නෝ නඩත්තු පොෂ් කරන එක...

      Delete
  4. "රාජපක්ස 90%ක් හොරා කාලා 10%කින් සංවර්ධනය කළා. අපි හොරාකාපුවා ඉතිරි කරලා 10 ගුණයක සංවර්ධනයක් කොරනවා. හිටන්."

    ReplyDelete
  5. මඩු වලිගෙන් පුකේ ඇරීම!

    ReplyDelete
    Replies
    1. මඩු වලිගේ කටු තිබෙන්නේ හැඬල් එක පැත්ත බලාගෙන නිසා අරිනකොට වේදනා අඩු වීමට පුලුවන.. හැබැයි පුතෝ එලියට අදින කල බොකු කඩා ගේන ඒවි!

      Delete
  6. මාතලන් මහත්තයා Sunday Times කයවනවා ඇති කියලා හිතනවා.යුද්ධ කාලේ මුහමාලේට ගහලා කොට්නගේ ලයින් එකක් කඩන්න ගිහිල්ලා එක දවසට එකසිය ගානක් මැරුණා කිසිම කවර් එකක් නැති භූමියක් අල්ලන්න ගිහින්. මේ ගැන ඉක්බාල් අතාස් සම්මුඛ සාකච්ඡාවක් කරලා පළ කලා එයාගේ කොලමේ. අන්තිම ප්‍රශ්නෙට කළින් ප්‍රශ්නේ තමයි " ඇත්තද ඔබ බෙන්ස් වාහනයක් ගෙන්වන්න යනවා කියන්නේ හමුදා අරමුදල් මඟින්. පොන්සේකාගේ උත්තරය උනේ. ඔව්. ගෙන්වනවා. මම ඒක පැක්ෂන් යනකේට අරන් යනවා.අන්ත් අය එහෙම කරනවා නම් මම කෙරාම වැරදි ඇයි. මම හිතන්නේ ඊට පස්සේ ඉක්බාල් අතාස් Situation Report ලිව්‍වේ නැහැ

    ReplyDelete
    Replies
    1. මඟුලක් කතා කරනවා... ළෝකයා හිතයි අපේ රට හිඟන රටක් කියලා...

      Delete
  7. ලංකාවේ දේශපාලකයින් හදන්නට බැරිය.
    චන්දදායකයින් හදන්නට බැරිය.
    චන්දෙන් පත්වුන එකාටත් ඉස්සර රජවරු නිලමෙවරුන්ට වගේ වන්දනාමාන කරගෙන ඉන්නා වැඩවසම් මානසිකත්වයත් හදන්නට බැරිය. ( දැනට අවු 30කට වඩා වැඳීම දැන් වැඩිය. ලොක්කන්ට ගරු සරු ඕනවටත් වඩා වැඩි එහෙත් සාමාන්‍ය ජනතාව අතර ආචාරශීලීබව ඉතා අඩු රටක්.)

    මේරටට වඩාත්ම ආදරේ හා ආසා කරන්නේ දේශපාලකයින්ය. මංද මේ රටේ වැඩියෙන්ම සලකන්නේ වැඩියෙන්ම වරප්‍රසාද ලබන්නේ දේශපාලකයින්ය.

    අකමැති එවුන් පරදන අදහසින් චන්දෙ දෙනවා හැර කිසිවෙක් දිනවීමට මා නම් චන්දෙ දී නැති නිසා වැඩිය තරහ යන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. කරන්නට තියෙන්නේ දේශපාලකයින් "හදන" එකය...

      Delete
    2. දැන් අපි කරන්නේ ඒක නේ...

      නිකං ඉන්න හිඟන්නන්ට...

      කෝටි ගානක වාහන් දෙනවා..
      බාර් ලයිසන් දෙකක් දෙනවා...
      ආන්ඩුවේ කන්ට්‍රැක් දෙනවා..
      පවුලෙම අයට ජොබ් දෙනවා..
      අන්තීමට පැන්සොන් එකකුත් දෙනවා...

      මේ වගේ දන් දෙන ජාතියක් ළොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

      Delete
    3. දේශපාලකයන් හදන්න කලින ජනතාව හැදිලා ඉන්න ඕනෑය.

      Delete
    4. //අකමැති එවුන් පරදන අදහසින් චන්දෙ දෙනවා හැර කිසිවෙක් දිනවීමට මා නම් චන්දෙ දී නැති නිසා වැඩිය තරහ යන්නේ නැත.//

      ලබ්බ තමයි. අකමැති පාහරයො ටික එලෙව්වම එන්නෙ ඊටත් හපන් අමුම අමු කුජීත කාඩ __ගෙ පුතාල ටිකක් නෙව. ඒක තමයි කාල ඉන්න බැරි. අම්මප මට දැන් නම් වහ කන්න හිතිල තියෙන්නෙ මේව බලන්න බැරිව.

      Delete
    5. // ඒක තමයි කාල ඉන්න බැරි. අම්මප මට දැන් නම් වහ කන්න හිතිල තියෙන්නෙ මේව බලන්න බැරිව.
      //

      අම්මට සිරි... දිලාන් පෙරේරත් ඇනෝ කොමෙන්ට් දානවනේ...බදුල්ලෙන් තවත් එකෙක්!

      Delete
    6. මචන් මුන් ඔක්කොම මහ ප්‍රෝඩාකාර කාලකන්නි ටිකක්. මුන්ට ඕනවුනේ මරා පන්නල ඌ හොරාකාපු ඒවයි උගේ තිබ්බ සුපිරි බලයයි පැහැරගන්න මිසක් වෙන මුකුත් නෙවෙයි. අපිට ඕනවුණේ මරා පිස්සු කෙළින එක නවත්වන්න. දැන් ඉතින් මුන් මරාට ලැජ්ජ හිතෙන තරමට පිස්සු කෙලිනවා.

      හිටපු අපතයින්ට වඩා දාහකින් කුජීතයි ඉන්න මල හෝන්තු ටික. නොදකින් අම්මප මුන්ව දකිද්දිත් මගේ ඇඟේ මාලු නටනව. අනිච්ඡෙ දුක්ඛේ සංසාරේ.

      Delete
  8. මහින්ද එලවා රනිල්ගෙන් සහ මෛත්‍රිගෙන් යහපාලනය බලාපොරෝත්තු වන්නයැයි කියමින් සාමාන්‍ය මිනිසුන්ට ටොපි කැවිමට සහ තමන්ද එසේ වෙනසක් වේයැයි සැබවින්ම පැතු මිනිසුන්ට ආණ්ඩුව ගන්නා තිරණත් සමග දවසින් දවස ආපසු අඩියක් පිටුපසට ගෙන බලන්නට සිදුවෙමින් තිබේ, එහෙත් එවැනි හැරෙන බහුතරයක් නැවතත් බලාසිටින්නේ කවුරුන් හෝ කුමාරයෙකු මාධ්‍ය විසින් ගොඩනගනකන් පමණය....එදාට මහින්දගේ පවුලේ හැත්ත වෙනුවට තවත් එවැනිම රොත්තකට රැවටුනු පෙරගමන්කරුවන්ට සහ සාමාන්‍ය මිනිසුන්ට නැවත වටයකින් ඔවැනිම ඕනෑමබද්ධයකට රුවටීමට ඇති ඉඩ 100%කටත් වඩා වැඩියෙන් තියෙනවාය....

    අපි හැමෝම සිද්ධියෙන් සිද්ධියට සාමාන්‍ය මිනිස්සුතුල විරෝධ සාදන්නේ මේ ඉන්න පුද්ගලයින්ගේ අවුලක් නිසා මේවා සිද්ධ වෙනවා කියලාය, ඒ නිසා ආණ්ඩුව ජනතාවගෙන් එකතුකරන බදු මුදල්වලින් තමන්ගේ පරිහරණයට අධික මිල සහිත වාහන ගන්නා පාලකයින් වෙනුවට පාරේ බස්වල යන හෝ අඩු මිල වාහනවල යන මලපෙරේතයින් පාලකයින් ලෙස පුටුවල සිටුවීමෙන් මේ කිසිවක් වෙනස්වන්නේ නැත. අපි හැමදාම ඒවාගේ එක එක මිනිස්සු ටිකක් මෙතනට දාලා බලනවාය, ඒ මිනිස්සුන්ට ඕනෑ අනික් මිනිස්සුන්ටම වාගේ තමන්ට ඉන්නට බැරි වුනත් කමක්නැහැ කියා තට්ටු 2, 3 ක ගෙයක් දෙකක් හදාගෙන හොද වාහනයක් දෙකක් අරගෙන ජොලියේ ඉන්නටය, පරම්පරා දෙක තුනකට හම්බකර ගන්නටය, හෙට මාතලං හෝ මම ඔතනට ගියත් ඔයිට වඩා ලොකු වෙනසක් වන්නේ නැත, අපි එලෙස කරන්නේ නැතියැයි අපිට හොදටම විශ්වාසනම් අපිට එතෙන්ට මේ තියෙන විදිහට කවදාවත් යන්න වෙන්නේත් නැතිය ....

    මේ කාලයේ දුෂණ විරෝධිවෙලා පමණක් වැඩක් නැතිය. වංචා, දුෂණ, හොරකම හා රුවටීම නැතිව අපි හැමෝටම ජිවත් වෙන්නට බැරිය, මාලුන්ට වතුර ඕනෑ විදිහටම අපිට එදාවෙල ගෙවාගෙන යන්නට මේ දේවල් එක එක ප්‍රමාණයෙන් කරන්නට වෙනවාය, මොකෙක් හෝ ඒක වැඩියෙන් කරනවාට විරුද්ධ වෙනවාට වඩා එලෙස කරන්නට අවශ්‍ය නොවන (අවමතරමේ අඩුවෙන්වත් අවශ්‍යවන)ක්‍රමයක් හදාගන්නට උත්සහ කරනවානම් හොදය. ඒකට fcid වගේ දේවල් හදන්නට යන එක තවත් අමතර වියදමක් පමණය....

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය මේ පෝස්ට් එකේ ඉහලින්ම තියෙන දෙයින් සම්පූර්ණයෙන් නිශ්ප්‍රභා වෙනවා...

      Delete
    2. // සියල්ලටම කලින් තමන්ට ලැබීමට නියමිත කෝටි දෙකහාමාරක වාහනය ලබා නොගෙන එම මුදල් කළාකරුවන් වෙනුවෙන් වෙන් කරන්න යැයි කියූ පාලිත තෙවරප්පෙරුම "මැතිතුමාට" අපේ උපහාරය.//

      තෙවරප්පෙරුම දැන් බබාද එතකොට....???
      තෙවරප්පෙරුමයනු තැනේ හැටියට ඇණේ ගහගන්නට දන්නා මිනිහෙක්ය, ඔහු මේ වෙලාවේ මිනිස්සු කියන්නේ මොනවාදැයි දන්නවාය, ඒ නිසා තමන්ගේ ඇග බේරා ගන්නට කටයුතු කරනවාය...

      වාහනය ගන්නට ඉතුරුකරන සල්ලිටික කලාකාරයින්ට දුන්නාහම අනිත් ඇමතිලාත් කරන්න ඕනැ එහෙමයැයි කියලා හිතන පුද්ගලයින්ට අවශ්‍ය මේක ඇතුලේ ටිකක්හරි හොද මිනිස්සුත් ඉන්නවා කියලා හිතමින් තමන්වම රවටා ගන්නටය. ඒවගේ මිනිස්සු ටිකක් හිටියානම් ගොඩම තමයි කියල හිතසනසා ගන්නටය ..

      Delete
    3. ඔයා එහෙම සැනසෙන ලෙඩෙක් වෙන්න ඇති... ඒක නේ මාර ඉඡ්චාභංගත්වයක් හැම කොමෙන්ට් එකකම තියෙන්නේ...

      අපිට එහෙම ඉඡ්චාභංගත්වයකුත් නෑ... මේ හිත් සනසන්නත් බෑ... කාටවත් අපිව අන්දන්නත් බෑ.. කවදාවත්...

      හැබයි මහින්ද කරත්, තෙවරප්පෙරුම කරත් හොඳ දේ හොඳයි කියන්න අපි එදත් බය නෑ.. අදත් බය නෑ...

      ඒ වගේම මොකා උනත් පිස්සු කෙලිනවා නම් පක්ෂ බේදයක් නැතිව උන්ව එලවලා දානවා...

      Delete
    4. මොකක්ද ඔය මගේ තියෙන ඉඡ්චාභංගත්වය
      පොඩ්ඩක් පෙන්නල දෙන්නකො මට එක හදාගන්න පුලුවන්ද බලන්න...

      Delete
  9. ඔන්න කලින් පෝස්ට් එකට මගේ කමෙන්ට් එක...

    ///කුණු වැරැද්දෙන් කොටහක් අපිටත් බාර ගන්න සිද්ධ වෙනවා, දැන් කාලේ පුළුවන් කම තියෙන ඉඩකඩ තියෙන එවුන් පවා අහක යන කුණු ටිකෙන් කොම්පෝස්ට් හදා ගන්නේ නැහැ...
    ගෙදර තියෙන මල් පැලේට, එළවළු පැලේට කඩෙන් ගෙනත් මොනවා හරි පෝරක් දානවා...
    ඒ මදිවට ගෙදර කුණු ටික ගෙදරින් එළියට යවන්නේ පරිසරයට තවත් විනයක් වෙච්ච කඩෙන් සල්ලි දීලා ගන්න පොලිතින් කවරෙක දාලා...///

    මෙන්න දැන් මාතලන් කියන කතාව...

    ///සුමිත් පිලපිටිය මහත්මයාගෙ (බය නැතිව මහත්මයා කියන්න පුළුවන් මිනිස්සූ) ඉල්ලා අස්වීම ගැන ලියපු කලින් බ්ලොග් සටහනට කොමෙන්ට් එකක් දාන අපේ "ළොකු පුතා" මහත්තයා කිව්වේ, ඔය කුණු ප්‍රශ්ණෙට වග කියන්න ඕන ජනතාව කියලා. මට ඒ කතාවට මල පැන්නට, අපේ රසික සූරියාඅරච්චි මහත්තයා බුකියේ දාපු පෝස්ට් එකක් දැක්කාම හිතුනේ, අම්මට සිරි ලංකාවේ බුද්ධිමත් ජනතාව පිස්සුම නේ යකෝ කෙලින්නේ කියලා.///

    ඔහේත් මේ යහපාලනය වගේමයි...
    මම කිව්වේ වැරදෙන් කොටසක් අපිටත් ගන්න වෙනවා කියලා, නමුත් මාතලන් ඒක හරවනවා ඒ වරද සම්පුර්ණයෙන්ම මිනිස්සු අතේ බව මම කියපු විදිහට...
    යහපාලනෙත් මේ තියරියමනේ...

    කුණු වලට විසඳුමක් නොදෙන පාලකයෝ ඉන්න රටක අපි කොම්පෝස්ට් ටිකක් හදා ගන්න හැකියාව තියෙන දිරන කුණු ටිකත් ගෙදරින් එළියට තල්ලු කරලා කුණු ලොරියේ හරි ට්‍රැක්ටරේ හරි පටවලා යවනවා වෙන කාගේ හරි මනුස්සයෝ ටිකක් ඉන්න තැනකට ගෙනිහින් ගොඩ ගහන්න...
    මොකද ඒ කුණු කන්ද ගොඩ ගැහෙන්නේ තමන්ගේ ගෙවල් ගාව නෙමෙයිනේ...
    ගඳ ගහන්නේ, මැස්සෝ රංචු පිටින් ඉන්නේ තමන්ගේ ගෙවල් වල නෙමෙයිනේ...

    ReplyDelete
    Replies
    1. අපි යහපාලනේ වගේ කියමුකෝ... එතකොට ඔහේ කවුරු වගේද...

      පොඩ්ඩක් නෙමෙයි බින්දුවක්වත් වග කියන්න ඕන නෑ... එහෙම තර්කයක් තියෙනවා නම්... ඉස්කෝලවලට පින්සිපොල්ලා ඕන නෑ.. පොඩි උන්ට දෙමව්පියෝ ඕනත් නෑ...

      Delete
  10. දැන් මම වැඩට එන්න නැගිටින්නේ පාන්දර 4.30 ට...වයිපරේ මට කෑම උයන්න ඕන හින්දා ඊටත් කලින් නැගිටිනවා...ගෙදරින් 5.30 ට මොටෝ සයිකලේ එනවා උදේ 6 කෝච්චියට...බයිසිකලේ එන පාර ගැන කියන්න දෙයක් නෑ...නරා වළක්...පයින් ගියත් වැටෙනවා...පුදුම දුකක් විඳලා වතුර වලවල් වල බැහැලා එනවා... කෝච්චියෙන් කොටුවට එද්දි 7.30 පහුවෙනවා...ඒ කියන්නේ කි.මී 40 ට අඩු දුරක් කැළණිවැලි මාර්ගයේ...තව බස් එකක ගිහින් ඔෆිස් යද්දි 8.00 පහුවෙනවා මාර්ග තදබදේ...ආයෙත් හවස ඊට හපන් සන්තෑසියමයි...රෑ 7.30 පහුවෙනවා ගෙදරට යද්දි...

    මේ කතාව කියන්න හේතුවුණේ අපේ රට කොයි තරමක් සංවර්ධනේ වෙලාද කියල බලන්න...මම අයිති වෙන්නෙ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට...ඒත් ඇවිත් බැලුවොත් දුක හිතෙනවා...හරියට මාර්ග පද්ධතියකුයි ප්‍රවාහන පද්ධතියකුයි තිබුණනම් කි.මී 100 ක් වුණත් මහ ගේමක් නෙවෙයි...නිකමට බලන්න අපි වගේ එහෙම නැත්තම් අපිටත් වැඩිය දුක් විඳලා කී දෙනෙක් රැකියාවට එනවද...ඉතින් ඒ අයගෙන් උපරිම සේවයක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න අමාරුයි...ඇයි දහදුක් විඳලා මගටම දියවෙලා හෙම්බත් වෙලා වැඩට යන්නේ...ඒ වගේමයි ෆුල් හාඩප් වෙලා රෑට ගෙදර ගියාම ඒ පරිසරේ බැලන්ස් කරන්නත් අමුතුවෙන් කෝස් එකක් කරන්න ඕන...

    අපේ බහුතර ජනතාවගෙ ආකල්පත් කවදාවත් හොඳටම නැති බවත් පිළිගන්න ඕන...රටක් සංවර්ධනය වෙන්න ආකල්ප ගොඩක්ම වැදගත්...ඒත් අපේ අම්ම මුත්ත කාලෙ ඉඳලම අපි පාසල් වල ඉගෙන ගත්තෙ අපි තවම 'සංවර්ධනය වෙමින් පවතින රටක්' කියල...ඒක තව කොයි කාලෙකට එහෙම වෙයිද දන්නෙත් නෑ...

    දැන් මේ වාහන කතාව ගත්තොත් ඊයේ නිව්ස් වල කීප දෙනෙක් කියපු විදිහට ඒගොල්ලන්ට මහජන සේවය සලසන්න මේ වගේ හොඳ වාහන ඕනෙලු...අනේ මන්ද මේ වගේ දේශපාලන ක්‍රමයක් සහිත රටක් මේ විදිහට හරි රැකිල තියන එකත් මොකක් හරි පුදුමයක් කියල වෙලාවකට හිතෙනවා...අපි විශ්වාස කරන කවුරුවත් ඒ අපි විශ්වාස කරපු චරිත නෙවෙයි කියලා මේ හැම දේශපාලකයම දවසින් දවස ඔප්පු කරනවා.. පක්ෂ භේදයකින් තොරවම...

    අසංක

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තෙවරක් පෙරන ලද සුපිරි බඩුත් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා....

      Delete
    2. // හරියට මාර්ග පද්ධතියකුයි ප්‍රවාහන පද්ධතියකුයි තිබුණනම් කි.මී 100 ක් වුණත් මහ ගේමක් නෙවෙයි.. //

      චන්දේ කාලෙ නම් ඇහුවෙ පාරවල් කන්නද කියලා නේ?

      Delete
    3. ඉතිං සරසා වරද තියෙන්නේ දේශපාලකයො පාරවල් හදන ගමන් ගසා කන්න පාරවලුත් තමන් හදාගන්න එකයි...ඕකනේ මේ රටේ හෙනේ...

      Delete
    4. ඔව්ව ඔහොම තමයි බන් ලංකාවෙ ඉන්න සමහරක් අමුම අමු ගොබ්බයො. මුන් පාරවල් හදනකොට අහනව පාරවල් කන්න ද? කියල. ඊට පස්සෙ කියනව පාරවල් හරි නැති නිසා එන්න බැරිලු. ඔය රාජ්‍ය සේවෙට සෙට් වෙලා ඉන්න ගොබ්බ ආට් ඩිග්‍රිකාර හැත්ත ඔහොමමයි. නොදකින් මුන්ගෙ තියෙන බැරි බැරියාව. කාලකණ්ණි මරා මුන්ව රාජ්‍ය සේවෙට අරන් ගම කෑව. රාජ්‍ය සේවයේ ඉන්න මුනුයි කාල කණ්ණි දොස්තර මාෆියාවයි (දත් වෙද්දු ඇතුලත්ව) දෙකටම හොඳ පාඩමක් උගන්වල හදල ගන්න ඕනෙ. කොහෙද රනිල් ලොක්කත් මුන්ට බයයි නෙව.

      Delete
    5. // (දත් වෙද්දු ඇතුලත්ව)දෙකටම හොඳ පාඩමක් උගන්වල හදල ගන්න ඕනෙ //

      කතාව ඇත්ත ... හොඳ පාඩමක් උගන්වන්න ඕනේ...

      ඔහේ බෙහෙත් ගන්න පසු වෙද්දුන්ට නම් අලුතින් පාඩම් අවස්ය නැහැ වගේ...!

      Delete
    6. බොල සාරස බූරු හිවලෝ, ඔය පශු වෙද්දුන්ගෙ බෙහෙත් අරගෙන ගාගනින් තොගෙ පුකේ, තියෙන පුකේ අමාරුව සනීප වෙන්න; මරාට දීලම දැන් බ්‍රේක් නැතුව ඇති තොගෙ පුක් හිලේ.

      Delete
    7. කුරුටු (අසංක) ගේ කමෙන්ටුව දැක මට පෙනුන දේ තමයි, ඒ කියා ඇති දේවලින් බිරිඳට උදේ නැගිටින්න වෙන එක නම් ඔබ දෙපල විසින් ම තමන් මත දමා ගත් අනවශ්‍ය පීඩනයක් බවයි.

      දවල්ට බත් ගෙඩියක් ම කන්න ඕනැද?

      Delete
  11. ‍කෝටි 7 ට වැඩිය වටින වාහනයක් නැද්ද බොල.

    ReplyDelete
    Replies
    1. නැතිව ඇති නේ... තියෙනවා නම් ඒකත් ගෙනෙයි....

      Delete
    2. අපෝ කෝටි 7ට වැඩි වාහන ඕනෙ තරම් තියෙනව. ලැම්බෝගිනි, පෝර්ශෙ, බුගාටි, ෆෙරාරි වැනි ස්පෝට් කාර්ස්, තව මර්ක් බීඑම් වල හයි එන්ඩ්/ කස්ටමයිස්ඩ් වර්ශන්ස්, එතකොට බ්ලාස්ට් පෲෆ් සුපර් සේෆ් වියකල්ස් හෙම පට්ට ගනන්. රනිල් ලොක්ක කෝටි 60කට ගන්න වියකල්ස් දෙකින් එකක් කෝටි 30ක් වෙනව බට් ඉන්ක්ලූඩිං ටැක්සස් හරිද.

      Delete
    3. වියකල්ස් කියන්නේ පොප්සිකල් වගේ ජාතියක්ද අංකල්

      Delete
    4. Hah ha. I think he use the US accent. It means "Vehicles" pronounced in american accent. LOL, Correct me if I'm wrong.

      Delete
  12. අම්මටසිරි..!! ඊයෙ රාජිත ගෙ ටෝක් එකනම් මරේ මරු ඇ.. කතාව බිකන් උබල අපි එව්වනම් අපිට සැප දියන් කියල වගේ.. මුන්ට පර්මිට් දීල, තවත් දියහල්ලකෝ මුන්ගෙ අමාත්‍යංශ වලටත් බ්‍රෑන්ඩ් නිව් වාහන.. යකෝ මේක මර සීන් එකක්නේ හිටන්.. මුන් කියපු කතාව හරි බන්. "මාස 60න් අලුත් රටක්" .. වෙනස නම් පට්ටයි ඕයි.. බඩ පැලෙන්නම දෙනව..

    ReplyDelete
    Replies
    1. ඔය වාහන වලට හෙන ගහන්නේ නෑලූ නේ බං.... ඉතින් හෙන ඉල්ලුවත් වැඩක් නෑ... ඒවා ගහන්නෙත් වැට් ගෙවන උන්ට...

      Delete
  13. මාතලං...ඔය ගන්න පටාංගත්ත විතරයි බොලං.. ගමේ වළවල් තියෙන පාරවල් වල යන්න කෝටි හතේ වාහන මක්කොරන්නද...එකාට එක ගානෙ හෙලිකොප්ටර් අරං දුන්නොත් නරකද..අඩුම ගානෙ අපට පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා මම කැමතියි ආයේ ප්‍රභාකරන් උපදිනවා නම්... ඒ යකා විතරයි රටේ ජනතාවට සේවයක් කලේ... ජෙප්පොත් නිකං හාල් පාරු දෙකයි පනහේ වැඩ නේ කළේ...

      Delete
  14. අනෙක අහන්නමයි උන්නෙ. බොග ලියද්දි ලෝකය ළෝකය කියලත් කලාව කළාව කියලත් "ල" යන්න "ළ" යන්න විදිහටම ලියන්නෙ හිතාමතාද...අත් වැරදීමකින්ද...නැත්නම් ටපලැවිලද කියලත් දැනගන්න කැමතියි මාතලන් මහාචාර්‍යතුමෝ.

    ReplyDelete
    Replies
    1. අද චිත්‍රපටි වල කතා කරන්නේ මුල් යුගයේ ඒවල වගේ නෙමෙයි නේද...?
      අපි ලියන්නේ උම්මඃග්ග ජාතකේ තියෙන භාෂාව නෙමෙයි නේද...?
      කියලා තියෙන දේ තේරෙනවා නම් එච්චරයි නේ..

      Delete
    2. නොකී කතාවෙනි,

      "ලෝක" සහ "කලා" යන දෙවදනමැ සකු මගධ ඈ උභය බස්හි මැ යෙදෙනුයේ එකසේ දන්තජ "ල" යනු සහිතවම යැ. කිසිවිටෙකැ "ළෝක" යන කුණුහරුපය හෝ "කරන ලද" අරුතැති "කර" ධාතුයෙන් උපන් "කළා" යන්න "කලාව" හැඳිනුමට යොදන්නෝ නූගත් අමු මුඩු අපත සහල්පහරුවාණෝම යැ.

      භාෂාවක නීති, රීති හා සම්ප්‍රදායන් යනු දේවභාෂිතයන් නො වේ. ව්‍යාකරණ නීති යනු සද්භාෂා ව්‍යවහාරයන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර, විමසුම් කර, අධ්‍යයනය කර එකී විෂයේ පණ්ඩිතයන් විසින් සම්මත කර ගත් නිගමනයන් ය.

      "නීතියක්, රීතියක්, සම්ප්‍රදායක් නැත්තෝ අශිෂ්ටයෝ ය."

      අප විසින් අනුයනු ලැබ යුත්තේ ශිෂ්ටයන්ගේ ව්‍යවහාරය විනා අශිෂ්ටයන්ගේ ව්‍යවහාරය නො වේ. “ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ” යැයි සකුවෙහි නිතොර පැවසේ. අප විසින් ශිෂ්ටන්ගේ ව්‍යවහාරය ම අනුයනු ලැබ යුත්තේ කුමක් නිසා ද යන්න කුමරතුඟුවෝ තම මාහැඟි සිදත් සඟරා විවරණයෙහි ලා මෙසේ පවසති:

      “අශිෂ්ටයෝ තමන් බසෙහි පිහිටා නො සිටිති. ඊයේ එක් ලෙසෙකින් කියූ දැය අද අන් ලෙසෙකින් කියත්; අද එ ලෙස කී දැය ද හෙට වෙනස් වූ ලෙසෙකින් පවසත්. ඔවුන් මසක් වහරට ගත් දෑ විමැසුව හොත්, එක් එක් දිනැ ගත්, එක් එක් ශබ්දයට එක් එක් පදයට එක් එක් වාක්‍යයට එක් එක් රීතිය බැගින් පහළ කළ යුතු සේ පෙනී යෙයි. භාෂාව කෙලසවන්නාහු අඥානයෝ යැ. ‘යම් කිසිවක් පැවැසියැ යුත්තේ ඔවුන් ගේ මන වඩන බසිනැ‘ යි කියමින් ‘සියල් සද’රුත් විදි අසේ පියෝනනට අනුරූ’ කරන්නට සැරැසෙන භාෂා පරිවර්තකයෝ ස්වකීය අඥ භාවය, නොදන්නා පාලකයන් ගෙන්, සඟවන්නට තැත් කෙරෙති.”

      සංස්කෘත දේවනාගරියේ මුර්ධජ “ළ” නො මැත. කුමක් නිසා ද යත්, දිව අග තල්ලෙහි මුඳුනේ හෙවත් මුර්ධයෙහි ගැටීමෙන් උපදින “ළ” ශබ්දයක් සකුවෙහි නොමැති බැවින් ය. දේවනාගරියේ එන ल යනු සිංහලයේ දන්තජ “ල” ශබ්දයට ආසන්න ශබ්දයේ අක්ෂරීය නිරූපණය යි.

      එහෙත් සංස්කෘතයෙන් හෝ පාලියෙන් හෝ සිංහලයට තත්භව වූ ඇතැම් වදන්වල දී මාතෘ භාෂාවේ අදාළ වදන්වල පවතින “ට”, “ඨ”, “ඩ”, “ඪ” අක්ෂර වෙනුවට මුර්ධජ “ළ” ආදේශ වේ. නිදර්ශන කීපයක් මෙසේ ය:

      කුටි (පාලි) --> කිළි (සිංහල)
      භට (පාලි) --> බළ (සිංහල)

      පාඨ (පාලි) --> පෙළ (සිංහල)
      පඨම (පාලි) --> පළමු (සිංහල)

      බිඩාල (සංස්කෘත) --> බිළාල (සිංහල)
      ක්‍රීඩා (සංස්කෘත) --> කෙළි (සිංහල)

      මූඪ (සංස්කෘත) --> මුළා (සිංහල)
      ආෂාඪ (සංස්කෘත) --> ඇසළ (සිංහල)

      සංස්කෘතයේත් පාලියේත් යන ද්විභාෂාහි ම පවතින ඇතැම් වදන් සිංහල භාෂාවට පැමිණි කල, ඒවා පාලියට අනුකූල ව මුර්ධජ “ළ” සහිත ව ද සංස්කෘතයට අනුකූල ව දන්තජ “ල” සහිත ව ද ලියැ වේ. ඒ දෙයාකාරය ම විදුහුරු ය. පාලියට ළැදි අයෙක් මුර්ධජ “ළ” සහිත ව ලියති. සකුවට ළැදි (අප වැනි) අයෙක් දන්තජ “ල” සහිත ව ලියති. නිදර්ශන කීපක් මෙසේ ය:

      කෝමල (සංස්කෘත) හෝ කෝමළ (පාලි) හෝ කොමළ (සිංහල) හෝ
      වූල වංශය(සංස්කෘත) හෝ වූළ වංසය (පාලි) හෝ
      නාලි (සංස්කෘත) හෝ නාළි (පාලි) හෝ
      පාලි භාෂාව (සංස්කෘත) හෝ පාළි බස (පාලි)

      සිංහල භාෂාව යනු ව්‍යහවහාරයට අනුව වෙනස් වෙන, වෙනස් කළ හැකි භාෂාවක් යන මතය සනාථ කිරීම පිණිස ඇතමුන් විසින් උපුටා දක්වන සිදත් සඟරාවේ එන "වහරනු සෙරෙන්ස පයා" යන වාක්‍යාංගය පිළිබඳව සම්පූර්ණ වැකි පෙළ විමසමු.

      “සදරුත් විදි සියල් – අනුරූ සේ පියෝනන්
      ඉති සන් සඳ සමස් ඈ – වහරනුසෙරෙන් සපයා”

      “සදරුත් විදි සියල්” යනු ශබ්දාර්ථ විධි සියල්ල යන්න ය. “අනුරූ සේ පියෝනන්” යනු පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස යන්න ය. (සේ යනු සංස්කෘතයේ පණ්ඩිත යන අරුත් දෙන "ෂේක" ප්‍රකෘතියෙන් බිඳෙන වදනකි. පියෝනන් යනු ප්‍රයෝග හෙවත් යෙදවුම් ය.)

      “ඉති සන් සඳ සමස් ඈ” යනු මෙලෙස සංඥා, සන්ධි හා සමාස යනාදිය යන්න ය. “වහරනුසෙරෙන් සපයා” යනු ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යන්න ය.

      මේ අනුව සිදත් සඟරාකරු පවසන්නේ ශබ්දාර්ථ විධි සියල්ල පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යනුවෙන් ය. සිදත් සඟරාකරු පවසා ඇත්තේ ශබ්දාර්ථ හෙවත් වියරණ පිළිබඳ පණ්ඩිතයන්ගේ (ෂේකයන්ගේ) ව්‍යවහාරයට අනුකූල ව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා මිස අවියත් බකපණ්ඩිතයන්ගේ ව්‍යවහාරයට අනුව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා නො වේ.

      එබැවින් මෙබඳු අඳබාල දුහුණන්ගේ වැදි බණ නොඅසා නුවණැති වැ බස යෙදුමටැ ඉටාගැනුම මැනැවි යනු අප නොවක් අධ්‍යාශයයි.

      Delete
    3. මගේ අදහස-

      අප ණනලළසශෂබභ නොසලකනවා නම් ණ, ළ, ශ, ෂ, භ අකුරු යෙදිය යුතු තැන්වලට න, ල, ස, බ යොදන්නට හැකි නමුත්, න, ල, ස, බ වෙනුවට ණ, ළ, ෂ, භ යෙදීම නොකළ යුතුයි.

      උදාහරණයක් ලෙස භාෂාව වෙනුවට බාසාව කියා ලිවීම ප්‍රශ්නයක් නැති වුණත්, සමනලයා වෙනුවට ෂමණළයා කීම විහිළුවකි.

      Delete
    4. ගෝත්‍රිකයන් හා මගේ වාදයක් නැත... ළ, හා ල අතර ශබ්දයේ වෙනසක් නැත. නමුත් ස, ෂ, හා ශ අකුරුවල ශබ්දය වෙන්ස්යෑ... එවන් තවත් අකුරු කීපයක් තිබේ. ඳ හා ද, ග හ ඟ, බ හා ඹ ආදිය ඉන් සමහරෙක්ය. එවන් අකුරු මා නිවැරදි ආකාරයෙන් යොදන අතර. වැරද්ද පෙන්වා දුන් විට නිවැරදි කර ඇත. ඉහත ගෝත්‍රිකයා ලියා ඇති දේ නව අපට තේරුම් ගියද. නව පරපුරට තේරෙන්නේ නැත.

      රාවය පත්තරය බොහෝ අය කියවන්නේ නැත්තේ. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව එහි ඇති නිසාය. ඒ වචන මේ බාසා වෙල්ලන් දන්නේද නැත.

      භාධාවක් තිබෙන්නේ සන්නිවේඩනය පහසු කිරීම සඳහාය. එහිදි මහප්‍රාන යොදාගෙන තමන් මහා පඬියන් සේ ඒත්තු ගැන්වීමේ ලෙඩක් බාසා වෙල්ලන්ට තිබුනද. මාතලන්ට ඇත්තේ තේරෙන සරල භාෂාවෙන් සාන්නිය ජනතාවට මාගේ අදහස සම්ප්‍රේශණය කිරීම පමණි.

      "අළුත් අළුත් දෑ නොතකන ජාතිය ළොව නොනඟී"

      Delete
    5. මාතලන් අවසානයට ලියා ඇති වැකිය කුමාරතුංග මුණිදාස ගේ කවියක පදයක්.

      හැබැයි ඔහු ලිව්වේ නම්-

      "අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී"

      කියායි!

      Delete
    6. /* ළ, හා ල අතර ශබ්දයේ වෙනසක් නැත */

      මා තේරුම් ගෙන තියෙන ආකාරයට නම් වෙනසක් තියෙනවා.

      පට්ටු ගැසූ "ගොනා තන කයි" උදාහරණය නොයොදා කියනවා නම් -

      ණ = (න්)න

      ළ = (ල්)ල

      විදියට කීවාම හඳුණා ගන්න හැකියි කියායි මා සිතා ඉන්නේ.

      Delete
    7. ඒක රසිකගේ හැඟීම... මේක මගේ හැඟීම... පරිනාමවාදය හා පරිනාමය කියන දේ මම නම් හිස් මුදුනින් පිලිගන්නවා...

      ගෝනා තන කයි කිව්වම ඕන ගොනෙකුට තේරෙනවා ඌ මොන තනේද කන්නේ කියලා...

      නයට ඉල්ලා අමනාප නොවන්න කිව්වම ඕන නය කාරයෙකුට තේරෙනවා මොකක්ද මූ කියන්නේ කියලා...

      Delete
    8. නය ගැන නම් හරියට අකුරු තියෙන්න ඕනෙ . නැත්නම් නය ගත්ත එකා කියයි ඌ නය ගත්තෙ නැහැ ගත්තේ ණය කියල. මොකද අපේ ගමේ කඩේ ගහල තියෙනේ ණය දීමෙන් මිතුරත් මුදලත් නැතිවේ කියල

      Delete
  15. ඔව්ව මොනවද?රවියට අමාත්‍යාංශෙ ලක්ශ 25කින් හයි කරපු ටීවී එක පොඩි වැඩියි කියලා 'අඟල් 120' ටීවී එකක් 'ලක්ශ 33ක්' වැය කරලා හයි කොරන්න කියන්නෙ.. මෙව්ව පත්තර වල යන්නෙත් නෑ නෙ.. අන්න එහෙමයි පටි තද කරන්නෙ.
    මුං කොරන්නෙ පනුවො ගහල මැරෙන වැඩ..
    නිකමට හිතුනෙ ඊයෙ රෑ කෝටි කීයක් නම් එහෙ මෙහෙ වෙන්න ඇද්ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇයි රණතුංග රෙජිමේ... හාබර් එකත් මූදටම දිය කරලා දායිද දන්නේ නෑ...

      Delete
  16. වාහන එපා කියූ නියෝජ්‍ය ඇමතිවරු
    ( . . ) 2016-06-09 12:10:21

    අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට වාහන මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කිරීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණත් නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු එම මුදල් ප්‍රතික්ෂේප කර තිබේ.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රංජන් රාමනායක, පාලිත තේවරප්පෙරුම හා හර්ෂද සිල්වා යන මහත්වරු ඒ අතර වෙති. ඒ අනුව පරිපූරක ඇස්තමෙන්තුවේ වාහන ඇතුළත් අමාත්‍යාංශයන්හි මෙම ඇමතිවරුන් ඇතුළත් නොවේ.

    එසේම අමාත්‍යවරයෙකු වශයෙන් තමන්ට හිමි නිල නිවසද රන්ජන් රාමනායක අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබෙන අතර පාලිත තේවරප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන්කරන මුදල කලාකරුවන්ගේ අභිවෘචද්ධිය සඳහා වන අරමුදලට බැර කරන ලෙසයි.

    See more at: http://www.ada.lk/

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෝ නේ....

      ෂුවර් එකට එරානුත් ඔය සෙට් එකේ ඇති...

      ඒ වගේම කරූ කියන්නෙත් නියම මහත්මයෙක්... මම දන්න තරමින් ඔහු පඩියවත් ලබා ගන්නේ නෑ කියලා තමයි ආරංචි....

      Delete
    2. ඔව්ව ඔහොම තමයි බන්. ඔය වාහන ප්‍රතික්ශේප කරපු උන් දෙන්නත් කරල තියෙන්නෙ බොරු සෝබනේට. රන්ජන්ටයි එස්බීටයි (සමාජ සුභසාධන අමාත්‍යංශය ) මේ පාර ලිස්ට් එකෙන් ලැබෙන්නෙ නැහැ. ඌ ඒ නිසා දැනට බොරු බයිලෙයක් ගහනව. සජිත්ලටත් මේ පාර නැහැ හැබැයි උන් සද්දෙ වහල ඉන්නව නෙව. තෙවරප්පෙරුවටත් මම හිතන්නෙ ඊළඟ ලිස්ට් එකට වාහන එන්නෙ. හැබැයි පොර ලිඛිතව දීල තියෙනව වාහන එපා කියල. හර්ෂ් ඩි සිල්වා ලොක්කත් පරණ වාහන දෙකක් (2013 & 2011) ලෑන්ඩ් කෲසර් කබල් දෙකකින් ශේප් වෙනව කියල තියෙනව. එරාන්ලට වාහන හම්බෙන්නෙ ඊළඟ ලිස්ට් එකෙන්.

      ඔව්ව ඔහොම තමයි බන්. ඔය වාහන ප්‍රතික්ශේප කරපු උන් දෙන්නත් කරල තියෙන්නෙ බොරු සෝබනේට. රන්ජන්ටයි එස්බීටයි (සමාජ සුභසාධන අමාත්‍යංශය ) මේ පාර ලිස්ට් එකෙන් ලැබෙන්නෙ නැහැ. ඌ ඒ නිසා දැනට බොරු බයිලෙයක් ගහනව. සජිත්ලටත් මේ පාර නැහැ හැබැයි උන් සද්දෙ වහල ඉන්නව නෙව. තෙවරප්පෙරුවටත් මම හිතන්නෙ ඊළඟ ලිස්ට් එකට වාහන එන්නෙ. හැබැයි පොර ලිඛිතව දීල තියෙනව වාහන එපා කියල. හර්ෂ් ඩි සිල්වා ලොක්කත් පරණ වාහන දෙකක් (2013 & 2011) ලෑන්ඩ් කෲසර් කබල් දෙකකින් ශේප් වෙනව කියල තියෙනව. එරාන්ලට වාහන හම්බෙන්නෙ ඊළඟ ලිස්ට් එකෙන්.

      කරූ රනිල්ගෙ මෝඩ ප්ලෑන් නිසා නිකරුණේ නෝන්ඩි වෙලා පීචන් වෙනව පව්. හැබැයි මිනිහ නම් තියෙන වාහන වලින් සෑහීමකට පත්වේවි කියල හිතන්න පුළුවන්.

      Delete
  17. හොඳ වාහන සහ හොඳ පඩියක්ද , තවත් පහසුකම් ද දුන්නාට කම් නැත. හොර බොරු නැතුව අවංකව රටේ අභිවෘද්දිය වෙනුවෙන් කැපවී වැඩකරනවා නම් !

    ReplyDelete
    Replies
    1. එකඟයි.

      //හොර බොරු නැතුව අවංකව රටේ අභිවෘද්දිය වෙනුවෙන් කැපවී වැඩකරනවා නම්//

      හැබැයි මේ අම්මට සිරි ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න ගොබිල්ලුනම් මේක මළාට කොරන එවුන් නෙවෙයි - බුදු ශුවර්.

      Delete
    2. එහෙනම් කවුරුත් මක්කත් කියන්නේ නෑ... ඉස්සෙල්ලා රට හදපිය... ඊට පස්සේ තොපි හැදියන් කියලා තමයි කියන්න තියෙන්නේ හිටං..

      Delete
  18. ඇත්තෙන්ම මුන් මරාට එහා ගිය හොර නඩයක් බව අපි දැනන් උන්නා.

    ජනාධිපතිවරණෙන් මරාව එලෝලා ඊට පස්සේ ආපු මහමැතිවරණෙදි අපි බලාපොරොත්තු උනා යූ.එන්.පී යෙන් පාඩම් ඉගෙන ගත්තු ජනතාවක් විදිහට මිනිස්සු ඉඟුරු දීලා මිරිස් ගන්න මෝඩ කම නොකර ඉඳී කියලා ඒත් උනේ මොකද්ද?

    කරන්න දෙයක් නෑ . . කලුගල්වල ඔලුව ගහන්න බෑ කිය කිය අසාධාරණේ දැක දැක බයෙන් වෙව්ලපු ජනතාවක් එකාවන්ව අසාධාරණයට එරෙහිව කෑගහන ජනතාවක් කරන්න පුලුවන් වෙච්චි එකම මදෑ කියලා හිතලා .. මුන්ව එලොන ගේමට බහින එක තමා දැන් කරන්න තියෙන්නේ

    මේ අවුරුද්දකට කලින් ලියපු පෝස්ට් එකක්
    17 වසරක සාපයක් යලිත් ඕනද?
    http://dukaa.blogspot.ae/2015/07/17.html

    ReplyDelete
    Replies
    1. මෙහෙම ලියන්න ඕන දුකා... මේ ලිපිය පාර්ලිමේන්තුවටත් ගිහින් තිබුනා..

      අද මේ වැඩේ පස්සට දාලා තියෙන්නේ මිනිස්සු මේවට කෑ ගහන නිසා. ඒ හොරු වෙනුවට තවත් හොර සෙට් එකක් ඕන නෑ...

      Delete
  19. මොනාද බං මේ දෙකයි පනහෙ වැඩ, කැඩිලැක් , රෝල්ස් රොයිස් අරන් පදින්න ඕනෙ එවුන් ගන්ඩ හදන වාහන. අපි ඇවිත් අතීතයේ ඉදන්ම කාටවත් සෙකන්ඩ් නොවුන රටක්.

    ReplyDelete
    Replies
    1. ඒවට කඳු වල යන්න පුළුවන්ද බං...

      Delete
  20. අර ගයන්ත කියන හල්පාරු ඇමතිය කියනවා අලුතෙන් ආපු (අලුත් කීවට හිටපු හොරුන්මයි) හොරුන්ට වාහන දෙන්නේ 'ජනතාවට සේවය කරන්නයි' කියල.

    මේ ගොන් තකතීරුවන්ට කෝටි 5 ට වැඩි වාහනම ඕනෙද 'ජනතා සේවෙට'. පහුගිය දවස්වල පොර ටෝක් දීගෙන හිටපු 'වෙල්විදානේ' ටත් කෝටි 7 ක වහනයක් ඕනේ වෙලා තියෙනවා. ඔය ලිස්ට් එකේ ඉන්න වැඩිහරියක් කලින් හිටපු, මහින්දයගේ කම්බ හොරු.

    අපි ඔය පොළොන්නරුවේ බයියට චන්දෙ දුන්නේ මැදමුලනයගේ හොර රෙජීමය පරාද කරන්න මිසක් එයා 'රටට හිතැති එඩිතර නායකයෙක්' ය කියන විශ්වාසයකින් නොවෙයි.

    යහපාලනයක් බලාපොරොත්තුවෙන් මුන්ට චන්දෙ උන්ට ඉතින් අබසරණම තමයි.

    ප. ලි.

    වාහන offer එක ප්‍රතික්ෂේප කරපු රන්ජටයි, තෙවරප්පෙරුමටයි යහපාලනයක් අපේක්ෂා කරන අපගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහොම තමයි බන්. ඔය වාහන ප්‍රතික්ශේප කරපු උන් දෙන්නත් කරල තියෙන්නෙ බොරු සෝබනේට. රන්ජන්ටයි එස්බීටයි (සමාජ සුභසාධන අමාත්‍යංශය ) මේ පාර ලිස්ට් එකෙන් ලැබෙන්නෙ නැහැ. ඌ ඒ නිසා දැනට බොරු බයිලෙයක් ගහනව. සජිත්ලටත් මේ පාර නැහැ හැබැයි උන් සද්දෙ වහල ඉන්නව නෙව. තෙවරප්පෙරුවටත් මම හිතන්නෙ ඊළඟ ලිස්ට් එකට වාහන එන්නෙ. හැබැයි පොර ලිඛිතව දීල තියෙනව වාහන එපා කියල. හර්ෂ් ඩි සිල්වා ලොක්කත් පරණ වාහන දෙකක් (2013 & 2011) ලෑන්ඩ් කෲසර් කබල් දෙකකින් ශේප් වෙනව කියල තියෙනව. එරාන්ලට වාහන හම්බෙන්නෙ ඊළඟ ලිස්ට් එකෙන්.

      Delete
    2. මොකක්ද දන්නේ නෑ මුන් ජනතාවට කරලා තියෙන සේවය.

      ජනතාව අතරට ඇවිල්ලා ඇහුවා නම් කියලා දෙයි අර සාලාවේ ඒවුන් වගේ..

      අපිට කියනවා රට හැදෙනකන් ඉවසන්න කියලා. අපි ඉවසනවා අවුරුදු 60 ගානක් තිස්සේ... මුන්ට නේ ඉවසන්න බැරි..

      Delete
  21. ඇත්තටම පිරිබාකරන් හිටියනම් අපේ 'යහපාලන' සෙට් එක ජනතා සේවය වෙනුවෙන් මේ වගේ පිස්සු කෙලින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් නැති වෙන්න ඕන ඒ මිනිහගෙ වටිනාකම තේරෙන්න...

      Delete
  22. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට බදු රහිත වාහන ගෙන්නන එක නවත්වනවා කියල බජට් එකේ කිව්වම ( මන්ත්‍රීන්ගේ දැඩි විරෝධය මත අකුලා ගත්තත් ) මම නම් බලාපොරොත්තු වුණේ නැහැ ඇමතිලාට මේවගේ වාහන ගෙන්වයි කියලා. හිටපු එකාගෙ තිබ්බ වාහන 1000 අරගෙන ඒව පාවිච්චි කරන්න තිබුණා. හිටපු උන්නාන්සේලාට වඩා දහස් ගුණයක් මේ කට්ටිය හොඳ වුණත් මේවට නම් එකඟ වෙන්න බැහැ. මේ ගැන තව කථා කලොත් ජනාධිපති සමහර විට පත්තරෙන් දැක්කා කියල නවත්වයි. ඒත් සුවර් නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඉයන්

      ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂයෙ ඉන්න මුන් මරා ඇතුලු කම්බ හොර නඩයටටත් එහා ගිය අසම සම නීල කාස හොර නඩයක් බව අපි දැනන් උන්නා. ජනාධිපතිවරණෙන් මරාව එලෝලා ඊට පස්සේ ආපු මහමැතිවරණෙදි අපි බලාපොරොත්තු උනා 17ත් වසරක යූ.එන්.පී ශාපයෙන් පාඩම් ඉගෙන ගත්තු ජනතාවක් විදිහට මිනිස්සු ඉඟුරු දීලා මිරිස් ගන්න මෝඩ කම නොකර ඉඳී කියලා (ජවිපෙ ශක්තිමත් කරල, වැඩි අපේක්ෂකයො ටිකක් පාලිමන්ට් එකට දාල බැලන්ස් කරන එක. එහෙන් මෛත්‍රී, මෙහෙන් ජවිපෙ, පිං අගමැතිට වැඩිය සෙල්ලම් දාන්න බෑ.)

      ඒත් උනේ මොකද්ද? දැන් කරන්න දෙයක් නෑ. රනිල් කියන්නෙ බටලන්දෙ කොල්ලො මරපු මිනීමරුවෙක්. තමන්ගෙ පක්ෂෙ කෘත්‍යාධිකාරි මණ්ඩලේට ගොට්ටො ටිකක් පත් කරගෙන තමන්ට එරෙහිව කොච්චර පක්ෂෙ මිනිස්සු එරෙහි වුණත් බලේ අල්ලගෙන හිටපු අන්ත දූශිත පාදඩ දුෂ්ඨ ඒකාධිපතියෙක්. ඒත් මං හිතුවා මූ හොරෙක් නෙවෙයි කියලා, ඒත් අර නීලකස සිංගප්පූරු පල් හොරා මහ බැංකුව කොල්ල කනකොට රනිල ඌව ආරක්ෂා කරනවා. ඒ කියන්නෙ ඡන්දයක් පෙනි පෙනී මහදවල් හොරකම් කරන එවුන් ආරක්ෂා කරනකොට, අවුරුදු 5කට බහුතර බලයක් එක්ක මූ ජනාධිපති වුණොත් කොහොම හිටීවිද? මූ තනිකරම ප්‍රේමදාසට අන්ත වෙනවා. මහින්දට රටේ බහුතරය කැමති නැති වුණත්, පක්ෂෙ බහුතරයකගෙ තාමත් වීරයා. රනිලා අනුන්ගෙ පානෙන් එළිය බලන තමන්ගෙ බිම් මට්ටමේ පාක්ෂිකයො වෛර කරන පිං අගමැති. හොඳ වෙලාවෙට මෛත්‍රී ජනාධිපති වුණේ, දැන් රනියට ජනාධිපති වෙන්න බෑනෙ, ඉදිරියෙ අගමැති වුණත් හෙලවෙන ආණ්ඩුවක් නම් මූට උඩ පනින්න බෑ.

      ඉස්සර අසාධාරණේ දැක දැක නිහඬව හිටපු ජනතාවක් එකාවන්ව අසාධාරණයට එරෙහිව කෑගහන ජනතාවක් කරන්න පුලුවන් වෙච්චි එක මුල්කරගෙන අපි මේ කාලක්ණ්ණි පාදඩ හැත්තට දිවි හිමියෙන් එරෙහි විය යුතුයි. අවශ්‍ය නායකත්වය කොහෙන් හෝ පොදු ජනතාව අතරින් බිහිවේවි.

      Delete
    2. Anonymous June 9, 2016 at 8:29 AM

      තත්වය 1977 වගේමයි. 77 දී එජාපයට ආවේ 50% වගේ ප්‍රතිශතයක්. එහෙත් 5/6 බලයක් ඒ ක්‍රමයට. ජේ ආර් බලය ගත්ත ගමන් ප්‍රතිවාදී ප්‍රධානම පක්ෂයේ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඊට පස්සේ තමන්ට හිතවත් පිරිසක් අතේ එහි පාලනය ගෙනියන තැනට වැඩ සැලැස්සුවා. එතකොට 77 උන්නු එජාප විරෝධීන්ට නියෝජනයක් නැහැ [අද 52% කින් දිනනමෛත්‍රී 47% ලෙස ඔහුට විරුද්ධවුන පාර්ශ්වයේ නායකත්වය අරගෙන උන්ව මෙහෙයවන්නහදනවා. ඒ අනුව my3 විරෝධීන් මේ මොහොතේ කොහන් වත් නියෝජනය වන්නේනැහැ] අන්තිමේදී කැරැල්ලක් ලෙසින් එලියට ආවේ මේ නියෝජනයක් නැති මිනිස්සු.

      ජේ ආර් ගේ මුල කාලේ වෙද්දී මේක පොසිටිව් දෙයක් ලෙස ජවිපෙ දැක්කා. ඔවුන් හිතුව ශ්‍රීලනිපය පරදවා ප්‍රධාන විපක්ෂය වෙන්න [දැනුත්එහෙමයි කියන්නේ] 80 වැඩ වර්ජනය වගේ එව්වට ජවිපෙ හවුල් වෙලා නැහැ. විපක්ෂය ජේ ආර් ගෙන් නට්ටම් වෙනකම් බලා උන්නා විනා. එහෙත් ජේ ආර් කලේ මොකද්ද? ඊ ගාවචන්දය කැන්සල් කළා. තමන්ට තර්ජනයක් වෙන ජවිපෙ 83 පිට දාලා තහනම් කළා. [ජවිපෙ දැනට එජාපයට වක්‍රව සහය දෙන තැනකඉන්නේ, අනාගතේ මොනවා වේවිද අනම් දන්නේ නැහැ, හැබැයි ප්‍රබල එජාප රජයකින් ගුටි කන්නේ ශ්‍රීලනිපයට වඩා ජවිපෙ තමා]

      අඩුම ගානේ ජේ ආර් සුළු ජාතික පක්ෂ එක්ක නටන්න ගියේ නැහැ, එහෙත් 2001-2004 ලෙගසි එකත් එක්ක රනිල් දැනටමත් කියන පරිදි ඒකත් ඇජෙන්ඩ එකේ තියෙනවා.

      ඉතාමපැහැදිලිව 77න් පසු යුගය රිපීට් වෙන්න තමා යන්නේ.

      එජාපය සමග යහපාලනය කියන එක විහිළුවක් බව එජාපයේ පහුගිය සමයේදී තේරිලා ඉවරයි. සිරිසේන තනියෙන් කියෙව්වට වැඩක් නැහැ [ අනික මිනිහ රනිල්ට යටත්, යහපාලනය යටත් පාලනයක් වෙනවා එතකොට].

      ඒ නිසා රනිල්+එජාපය කියන ප්‍රවාහයත් එක්ක වසර 4ක් ඔට්ටු වෙන්න කාටත් වෙනවා. ඒ දුස්-සංයෝගයට [අක්‍රිය මෛත්‍රී නම් රූකඩය සමග] අකමැති කෙනෙක් වේ නම් දීර්ඝ කාලින කතාබහකට ලැහැස්ති වෙන්න වේවි. දැනට මේ වැඩේට සුදුසු දේශපාලන ප්‍රවාහයක් රටේ නැහැ. හැබැයි 2001 රනිල් කොටි එක්ක ගිවිසුම ගහද්දීත් ඔහුට එරෙහි අහවල් පෙරමුණ කියලා එකක් තිබ්බේ නැහැ. යුද්දෙන් මාම එක්ක වෙළඳාම් කරලා ඒ ගමන් කොටින්ට නොර්වේ සපෝට් අරගෙන දීලා උන්ගෙනුත් නැතිවෙන්න කාලා පච වෙලා උන්නු චන්ද්‍රිකා විතරයි හිටියේ. ඒ වුනාට 2009 වෙද්දී අපි යුද්දය දින්නා.

      හෝසස් ෆෝ කෝසස්. අස්පයෝ සෙට් වේවි, දැනට වැදගත් රේස් එක තියෙන බව ගැන දැනුවත් වීමත් අශ්වයින් හඳුනා ගැනීමත් පමණයි.

      Delete
    3. //හිටපු එකාගෙ තිබ්බ වාහන 1000 අරගෙන ඒව පාවිච්චි කරන්න තිබුණා.//

      ඔය කියපු 1000 ද නවසිය ගාණෙන්ද වැඩි හරියක් පීඑස්ඩී එකේ මෝටර් බයික්. තව වෑන්, ටොයෝටා කෝස්ටර් බස් වගේ ඒවා ඇමතිවරුන්ට පාවිච්චි කරන්න බැහැ. අනෙක ගොඩාක් පරණ 18- & 19- වගේ කොට උඩ වාහන/ බෝම්බ වලට අහුවෙච්චි ඒවා, එතකොට ඩිෆෙන්ඩර් වගේ ටෆ් වාහන වැඩකට නැහැ. අර චෝගම් එකට ගෙනාපු බෙන්ස් වගේ එව්ව නම් තව කාලෙකට ඇති. කොහෙද මේ පරයින්ට ෆෝවීල් එස්යූවීම ඕනෙ වුණානෙ. නිදකු නාස්තිකාර අවලම් හැත්ත. මුනුත් හොඳයි උන්ටම.

      Delete
    4. ඔව්ව මොනවද?රවියට අමාත්‍යාංශෙ ලක්ශ 25කින් හයි කරපු ටීවී එක පොඩි වැඩියි කියලා 'අඟල් 120' ටීවී එකක් 'ලක්ශ 33ක්' වැය කරලා හයි කොරන්න කියන්නෙ.. මෙව්ව පත්තර වල යන්නෙත් නෑ නෙ.. අන්න එහෙමයි පටි තද කරන්නෙ.

      මුං කොරන්නෙ පනුවො ගහල මැරෙන වැඩ... නිකමට හිතුනෙ ඊනියා විශ්වාසභංගෙට කලින් දවසෙ
      රෑ කෝටි කීයක් නම් එහෙ මෙහෙ වෙන්න ඇද්ද?

      Delete
    5. ඕන් ඉයන් වැඩේ කල් දාලා... අඬන්න ඕනලු කිරි එරෙන්න..

      Delete
  23. මේක මේ බූමි දෝසයක්වද්ද මාතේ..දියවන්නාවට යන්ට කලින් මං බෝම හොඳයිනේ.මේ දැන් පොල්කට්ටෙන් එලියට ඇවිත්නෙ කතා කලේ...අළුත් වැට් එකක් ගහන්න කියමු අළුත් බූමියක අළුත් පාල්ලිමේන්ටුවක් හදන්ඩ..එතකොටවත් හරි යයිද බලන්ඩ

    ReplyDelete
    Replies
    1. මචන් මුන් ඔක්කොම මහ ප්‍රෝඩාකාර කාලකන්නි ටිකක්. මුන්ට ඕනවුනේ මරා පන්නල ඌ හොරාකාපු ඒවයි උගේ තිබ්බ සුපිරි බලයයි පැහැරගන්න මිසක් වෙන මුකුත් නෙවෙයි. අපිට ඕනවුණේ මරා පිස්සු කෙළින එක නවත්වන්න. දැන් ඉතින් මුන් මරාට ලැජ්ජ හිතෙන තරමට පිස්සු කෙලිනවා. අනිච්ඡෙ දුක්ඛේ සංසාරේ.

      Delete
    2. //අපිට ඕනවුණේ මරා පිස්සු කෙළින එක නවත්වන්න. //

      ඔන්න ඒකට අපි...
      අපිට ඔනේ උනේ ම රා ලවුව තව තව පිස්සු කෙලවන්න....

      Delete
    3. අඩෝ සාරසා

      කොහොමද අපේ උන්ගෙ වැඩ ආ? තොපේ හොරු කැලේ අපේ උන් එක්ක බලද්දි. තොපේ මහලොකු රාජපස්ස හොරාකෑව නෙවි ලෙවකෑව විතරයි. ඔන්න බලාගනින් අපේ උන්ගෙ වැඩ කිඩ ! තව ටික දවසකින් මරා අවු 09ක් තිස්සෙ තියපු රෙකෝඩ් ඔක්කොටම බඩු හම්බෙනව හරිද?

      Delete
    4. නෑ හැම එකාම බලන්නේ ඔක්කොම සෙට් වෙලා එක වගේ කන්න ඉතරයි. උන්ට ඕන නෑ රට හදන්න. උන්ට ඕනා උන් හැදෙන්න. ඒකයි මම මෛත්‍රිට ඡන්දේ දුන්නට. මැතිවරණය වෙලාවේ ජෙප්පන්ට දෙන්න කිව්වේ. වාසනාවකට කලින් හොරු ටිකත් මුන්ට විරුද්ධව ඉන්නවා.

      ඒ නිසා මෙහෙමවත් බේරෙනවා. මෙහෙම විශ්වාසභංග ගේන එක බොහෝම හොඳයි...

      Delete
  24. ම රා ට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් පලයන් බන් යන්න බොරුවට _ක නොදී. මරාත් එකයි, ඌට සට්ටැඹිකම් කරන බොලා වගේ වහල්ලුත් එකයි. හැබැයි මේ යහපාලන අවලම් අවජන්මික ජඩයො ටික නම් මරාට වඩා 1 මිලියන් ටයිම්ස් කුජීත මෙලෝ රහක් නැති නසරාණි ටිකක්.

      Delete
    2. // හැබැයි මේ යහපාලන අවලම් අවජන්මික ජඩයො ටික නම් මරාට වඩා 1 මිලියන් ටයිම්ස් කුජීත මෙලෝ රහක් නැති නසරාණි ටිකක්. //

      ඉච්චා බන්ගයට පත් ඇනෝ ට ජය වේවා!

      Delete
    3. ස රස

      අප වැනි යහපාලන ඡන්දදායකයෝ ද සිරිසේන, රාජිත, චම්පික, සෝමරත්න, එස්බී ඇතුළු නොම්මර එකේ අවස්ථාවාදීන් හා අසම-සම ලෙස සමවූ බොහොම අවස්තාවාදී කට්ට කෛරාටික වෙඨ්ඨ පිත්තල අපත පොරවල් ටිකක්.

      එන පැත්තට ගහ උලුවස්සා කියලා මොකා බලයට ආවත් තමන් ගේ වැඩේ කොරගන්න අපට පුලුවනි !

      තව බොහොම කෙටි කාලයයි පාරස සකෝ උඹලා ඔය පfන් ගන්නේ. ඊට පස්සේ බොලාට ලොකේ පන් ගලවන්න වෙන්නේ.

      Delete
  25. මගේ යාලුවෙක් වාහන පර්මිට් එක අරන් මලා

    ReplyDelete
    Replies
    1. ආන් බලහන් ඉතින්... මුන්ට ඕවා තෙරෙන්නේ නෑ නේ...

      Delete
  26. 2015 ජනවාරි 8 වන දා සිදු වුණු විප්ලවයක් නෑ. මහින්දගේ කාලයේ සිදු වුණු දූෂණ ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වීම විතරයි වුණේ. පුදන කොටම කාපි යකා කිව්වා වගේ මෛත්‍රීපාලගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟම බැඳුම්කර වංචාව සිද්ධ වුණා. ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් නොගත්තු නිසා මේ අවුරුද්දේ මුලදී එම දෙයම අලුත් වටයකින් සිද්ධ වුණා.

    මහින්දගේ කාලයේ ලක්ෂ 150 හේ වාහන ගත්තු ඇමතිවරු දැන් ගන්නේ ලක්ෂ 500 - 700 යේ වාහන. එක වාහනයක් සඳහා ඔතරම් මිළක් ගෙවන්නේ ඒවා රෝල්ස් රොයිස් විය යුතුයි. මොකද මිළ අධිකම බී.එම්.ඩබ්ලිව්. රථයක්වත් ඔච්චර ගණන් නැහැ.

    ටිකක් කල්පනා කරලා බලන්න, මහමැතිවරණයේදී ඡන්ද 2,500 ක් වත් ගන්න බැරි වුණු සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට පිටුපස දොරින් ඇතුල් වෙලා කිසිම වටිනාකමක් නැති ඇමතිකමක් අරගෙන දැන් ලක්ෂ 700 ක් මෝටර් රථයක් ලබා ගන්න අයදුම් කරලා. මේවා මැද පෙරදිග කාන්තා වහල් සේවයෙන් ලැබෙන මුදල්.

    පහුගිය අයවැයෙන් වාහන සඳහා අධික ලෙස බදු මුදල් වැඩි කරපු වෙලාවේ කිව්වා ලංකාවේ ගැහැනුන් මැද පෙරදිගට යවලා, වහල් සේවයේ යොදවලා ලැබෙන සල්ලිවලින් කාර් ගන්න ආර්ථික නිදහසට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා. ඒ වගේ ආර්ථික නිදහසක් ලංකාවට ඕනේ නෑ කියලත් කිව්වා.

    සති දෙක තුනකට පෙර සිදු වූ දරුණු නාය යෑම්වල සහ ගංවතුරේ අමිහිරි මතකය තවම අප ඉදිරියේ තිබියදීත්, සාලාව සිද්ධියේදී නිවාස සහ දේපළ අහිමි වූ ජනතාවට කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක සිටියදී රුපියල් බිලියනයකටත් වැඩියෙන් මුදල් වියදම් කර මැද පෙරදිග වහලියන්ගේ ලෙයින් සහ කඳුලින් උපයා ගත් මුදල්වලින් මෙවැනි මුල්‍ය අපරාධයක් කළ හැක්කේ රනිල් වැනි අසංවේදී දේශපාලඥයෙකුට පමණි.

    The question is am I better off now than during Mahinda's tenure. The clear answer is NO.

    මීළඟට පවත්වන මොනයම් හෝ මැතිවරණයක දී මගේ ඡන්දය බොරු යහපාලනයට නම් නොදෙමි.

    Ranil is living on a cloud. He must be taught a better lesson. which he could not forget within his entire lifetime. I will use my vote against his party. But to whom shall I vote? That is the biggest & toughest question most of us have.

    ReplyDelete
    Replies
    1. ජනවාරි 8 වෙනිදා විප්ලවයක් වුනාය යන්න, මේ වන විට, කිසියම් පිරිසක් විසින් හිතේ දුකට කියන කවියක් පමණි. ජනවාරි 8 කිසිවක් සිදු වී නොමැති බව මේ වන විට ඔප්පු වී අවසානය. අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුවක් ලැබීම නැවතීමට හැකියාවක් නැත. ජන මතය බල්ලට දමා ඇත. මින් ඉදිරිය ට දූෂණ වංචා ගැන කතා කිරීම විහිළුවක් පමණක් වෙයි.

      පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැතිව කල් දමා ඇත. ඒ, කලින් කලට මැතිවරණ පැවැත්වීම යන්න, ප්‍රජාතන්ත්‍රවාදයේ පාඨ ග්‍රන්ථ නිර්වචනය ට පවා ඇතුලත්ව තිබියදී ය. පාර්ලිමේන්තුව තුට්ටූ පහකට මායිම් නො කෙරෙයි. ඇමෙරිකානු නිදහස් සටනේ සිට පවා බදු වැඩි කිරීමේ බලය ඇත්තේ ජනතා නියෝජිතයන් ට බවට පිළිගත් මූළධර්මයක් තිබුනද අපි ඒවා පයිසෙකටවත් ගණන් ගන්නේ නැත.

      එක් පැත්තකින් වැරදි ගණන් හිළව් ඇති පණත් පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වල ප්‍රතිඵල හිතු හිතූ ලෙස වෙනස් කෙරෙයි. පාර්ලිමේන්තු මයික්‍රපෝන නිහඬ කෙරෙන අතර, පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි තත්වයක් උදා වීම, කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වෙයි.

      එසේ වුවත්, ජනවාරි 8 විප්ලවයක් වුනා යැයි තාම කිව හැකි යැයි සිතන පිරිසක් - වඳ වෙමින් ඇති ජීවී විශේෂයක් - අපිට පොඩි ආතල් එකක් දෙමින් සිටිති. හැබැයි මේ අයගෙන් මම නම් වැඩියෙන්ම ඉන්ට්‍රෙස්ට් එකක් ගන්නේ, ලැජ්ජාව වහගන්න, බඩවියත රැකගන්න, බලය තහවුරු කරගන්න, මේ කතාව කියන අය ගැන නෙමෙයි. මේවා ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය අනුව සිද්ධ වෙන දේ නෙ.

      ඒත් මේ පිරිස් වලට වඩා නියම ඉන්ට්‍රෙස්ටිංග් කට්ටියක් තමයි, ජීවිතේට විප්ලවයක් කරලා නැති, විප්ලවයක් කරන්නත් බැරි, එහෙමත් නැත්නම් විප්ලව කරන්න ගිහින් මාට්ටු වුනාම පණ බේරා ගන්න ඔක්කොම පාවාදීලා දීපු, ඒත්, ජනවාරි 8 වෙනිදා නම් විප්ලවයක් වුනාමයි කියලා කියන අය. මේ අය එහෙම කියනවා, මාත් විප්ලවයක් කළා කියලා පොඩි ෆීලිංග් එකක් ගන්න. අර රා බිපූ මීයා ට ආව ෆීලිංග් එක, ආන්න ඒක.

      එක මහත්තයෙක් කොළඹ විශ්වවිද්‍යාලෙ විවාදයකුත් කළානෙ ජනවාරි 8 විප්ලවයක් ම තමයි එයා කළේ කියලා. මොකද ඒ මහත්තයාත් කවදාවත්ම විප්ලවයක් කරන්න බැරි එක්කෙනෙක්. ඉතින් එයා හරි කැමතියි එයා ජනවාරි 8 විප්ලවයක් කළා කියන සිහින ලෝකෙට ප්‍රවිශ්ට වෙලා ඒ හැඟීම විඳින්න. එයා එයා ගේ ෆේස්බුක් පිටුවේ විටින් විට දාන ඒවා දැක්කාම අපි දැනගන්නවා, ආඃ මෙයා මේ හැඟීම දැන් විඳගෙන තමයි ඉන්නෙ කියලා.

      මේක උපමාවකින් කියනවා නම්, මතකනෙ නිදහස් චතුරශ්‍රෙ වාඩි වෙලා හිටපු අය.

      ටී. වී. එකේ ක්‍රිකට් මැච් යනකොට අපිට පේන්වා, පාරවල් වල කොල්ලො ක්‍රිකට ගහනවා. හැමදාම එහෙම පාරවල් වල ක්‍රිකට් ගහන්නෙ නෑ. හැබැයි ටී. වී. එකේ මැච් යන කාලෙට වැඩි වෙනවා. ඒ වගේ බොහෝ රටවල ටී. වී. එකේ පිටසක්වලින් ආපු ජීවීන් ගැන කතා මාලාවක් යන කොට ඒ රටෙත් පිටසක්වලින් ආපු අය දැකපු, ඒ අය විසින් පැහැර ගැනීමට ලක් වුනු, පිටසක්වල ජීවින් සමග කොෆි ෂොප්ස් වල කෝපි බීපු, වගේ අය එක පාරටම වැඩි වෙනවා.

      මේ වගේ තමයි ඇමෙරිකාවෙ මිනිස්සු වෝල් වීදියේ වාඩි වෙලා ඉඳපු හැටි දැකපු අය හිතුවා අපි නිදහස් චතුරශ්‍රයේ හරි වාඩි වෙමු කියලා. නමුත් වෝල් වීදියේ වාඩි වුනු අය වාඩිවුනේ මොකක් වෙනුවෙන් ද? ඒ අය ගැන කතා කළේ කොයි වගේ අය ද? ඒ අයව ඇමතීමට ආවෙ කවුද? මේ ප්‍රශ්න ටික නිදහස් චතුරශ්‍රයේ වාඩි වුනු අය සම්බන්ධව ඇහැව්වොත් තත්වය කොහොම ද?

      ජනවාරි 8 විප්ලවයක් වුනා කියලා හිතා ගෙන ඉන්න අයයි, නිදහස් චතුරශ්‍රයේ වාඩි වුනු අයයි අතර ලොකු වෙනසක් නෑ. දෙගොල්ලොම, ලෝඩ්ස් යන්න බැරුව ලංකාවේ පාරවල් වල ක්‍රිකට් ගහන කොල්ලන්ට සමානයි.

      Delete
    2. ජනවාරි 8 ළොකු විප්ලවයක් උනා.. මේ රටේ තිබුන අති දරුණු එකාධිපති රෙජිමයේ පුක නැති වෙලා, නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය බිහි උනා.

      ඒ නිසා තමයි අද මේ වගේ කොමෙන්ට් පවා තියෙන්නේ හිටං..

      ඒ කාළේ මෙහෙම පෝස්ට් එකක් ලිව්වා නම්. මාතලන්ට නොමිළේ සුදු වෑන් ටුවර් එකක් යන්න තිබුනා. අපේ හාමිනාට එක්නැලිගොඩගේ නෝනත් එක්ක සෙට් වෙන්න තිබුනා..

      Delete
    3. රාජපක්ශ සමයේදීද දැඩි මහජන විරෝධය හමුවේ මෙවන් අකුලාගැනීම් රැසක් සිදුවිය. ඊපීඑෆ් ඊටීඑෆ් කේස් එක, විදුලි බිල වැඩිකොට නැවත තරමක් අඩුකිරීම (පවිත්‍රා කිච වී), 2012 පමණ පඩි වැඩිවීම ආදී සිද්ධි මෙන්ම සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ සිද්ධීන්වලදී රාජපක්ශලාද අඩියක් පස්සට ගත්හ.

      මෙතන මුන් කරල තියෙන්නෙ වැඩේ ටෙම්පරරි කල්දාල ආපු මහජන විරෝධය ශේප් කරපු එක විතරයි. තව ටික දවසකින් වෙන මොකක් හරි ජල්තරයක් දාල වාහන ටික ගෙන්න ගනී ශේප් එකේ. මොකෝ හිටපු පල් හොරුන්ගෙන් වැඩිහරියක් මේකෙත් ඉන්නව නෙව.

      Delete
    4. දැන් මුන් දන්නවා මුන්ට වැඩි කාලයක් මේ රජය කරන්න බැහැ කියල . එතකල් තියෙන සම්පත් ටික සුරගෙන කාල රටත් කාල පැත්තකට වෙන්න හදන්නේ. උනුන් එකයි මුනුත් එකයි.

      Delete
  27. වෙනසක් නෑ නේ?

    එදා 1994 දීත් මේ වගේම තමයි. අරුං අවුරුදු 17 ක් රට කාගෙන, කාගෙන, කාගෙන ගිහිල්ලා නතර කරපු තැණ ඉඳං මුං රට කාගෙන, කාගෙන, කාගෙන යන්න පටන් ගත්තා.

    මේ පාරත් එහෙමයි.

    මේ කතාව මුලින් ම කීවේ ජවිපෙ දේශපාලනය කරපු ඇන්ටි කෙනෙක්. මෙන්න විස්තරේ-
    https://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

    .

    ReplyDelete
    Replies
    1. වෙනසක් තියෙනවා නේ...

      ඕන් වැඩේ පස්සට දාලා... ආපදාවට ලක් වූවන්ට සහන සලසා අවසාන වන තෙක් වැඩේ කල් දාලා....

      Delete
    2. රසික,

      රවි කරුණානායක මෙරට පත්කෙරුණු අදක්‍ෂතම මුදල් ඇමතිවරයායි. ඒ ඔහුගේ වරදක් ම නොවේ. ඇමතිවරුන්ගෙන් පිළිබිඹු වන්නේ ආණ්ඩුූවයි. මේ ආණ්ඩුව මෙරට ඇති වු අදක්‍ෂතම ආණ්ඩුවයි. මෙය වැඩ බැරි ටාසන්ලාගේ ආණඩුවකි. වැඩ බැරි ටාසන් යන්න කවුරු මුලින් ම කීවත් එය මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තරම් වෙන කිසිවකුටවත් ගැලපෙන්නේ නැහැ. ඔවුන් දන්න එකම දේ රාජපක්‍ෂ රෙජිමයට බැන වැදීම පමණයි.

      Delete
  28. ලංකාවේ ලොකුම දන්සැල තියෙන්නේ දියවන්නාව මැද තමා . අසරණයෝ 225කට අවුරුදු පහක් තිස්සේ බඩ කට පුරා කන්න දෙන , සැප වාහන දෙන පිනම ඇති අපි හැමෝටම දිවිය ලෝකේ යන්න .

    මට තේරුම් ගන්න බැරි තර්කය , ගිය ආණ්ඩුවේත් ඔහොම තමා කියා එය උනුයි මුනුයි අනික් එවුනුයි සාධාරණීකිරීම නොව , අපි අපිත් සාධාරණීකරණය කිරීමය

    ReplyDelete
    Replies
    1. මම කාළෙකට කලින් කිව්වා රජය හා සම්බන්ධ සියළු දෙනාම අමු හිඟන්නෝ කියලා.. උන් ඔක්කෝම කන්නේ අපි මැරිලා හම්බ කරන එකෙන්..

      Delete
    2. මහජන මුදල් කෝටිප්‍රකෝටි ගණනින් නාස්ති කර කර රට සවාරි ගිහින් හිගාකාල සල්ලි අරන් ආවෙ මේවට රට සංවර්දනය ට නොවෙයි කෝට් 3-4 ක වාහනයක් මිනිස්සුන්ට බදු පිට බදු ගහල ගොඩ එන්න කියල.

      Delete
    3. මේ ආණ්ඩුවේ ඉන්න මෙලෝ වැඩක් බැරි අපත පල් හොරු ටික සල්ලි නෑ කියලා අැඬුවට, උන්ට ලොවෙත් නැති සුපිර් සැප ගන්න නම් සල්ලි උතුරන්න තියනවා....

      රටේ මිනිසුන්ට අත්‍යාවශ්‍යම මූලික පහසුකම් ඇතිකරල යමක් කරන්නයි සල්ලි නැත්තෙ....
      මුන්ගෙ මේ රජ සැප ටික ගත්තාට පසුව සල්ලි නැහැ තමයි.....
      රටට හිතැති එකෙක් වත් නැහැ මේ අාණ්ඩුවෙවත් පාර්ලිමේන්තුවෙ 225 දෙනා අතරවත් මේවාට විරැද්ධව අවංකව හඩක් නගන්න......
      බොරුවට උන්ගෙම එකෙක් දෙන්නෙක් දාල අපිනම් ගන්නෙ නැහැ කියල රිලා නැටුමක් පෙන්න පෙන්න ගොන් ආතල් එකක් දෙනව.....
      මෙහෙන් ජෙප්පො සුපුරුදු නාටකේ රඟනව. ඒකාබද්ද කැඳහැලිය ජවුසං නටනව....

      දැන් මිනිස්සු කෑගහන නිසා බොරුවට වැඩේ ශේප් එකේ කල් දාල සද්ද වහල ඉන්නව ටික දවසක් යනකන්. ඊට පස්සෙ හිමීට ආයෙ වාහන ටිකෙන් ටික මිටෙන් මිට ගෙන්න ගනීවි කම්බ හොර හැත්ත.....

      හැබැයි එකක් ඉස්තීරව කියතහැකි. මුන් ඔක්කොටම හොඳපාඩමක් එගෙනගන්න වෙනව ළඟදීම, මරාට හපන් විදිහට කිච වෙලා කුජීත වෙලා මේ මීහරක් රැළ ගෙදර යන්නෙ.....

      Delete
    4. මේ කුජීත අපතයෝ ටික ගෙදර යවන්න, කාටද මචං අපි චන්දෙ දෙන්නේ ඊළඟට?

      අර ව්ශ්ව විද්‍යාල වල ඉන්න, ගම් වලින් අපු අසරණ කොල්ලෝ කෙල්ලෝ ටික ජීවිත කාලේ පුරාම පාරවල් ගානේ දක්කන ජෙප්පන්ටද?

      ඊළඟ චන්දෙදි අපි මොකද කරන්නේ?.....හිතනකොට පිස්සු හැදෙනවා.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න