.

.

Jan 9, 2018

ජනාධිපති තාත්තා සහ මහරජ තාත්තා - My Father is a King



මෙය කියවනා ඔබ දැනටත් පියකු වන්නට පුළුවන. (පින්පියකු නෙමෙයි යකෝ, පියෙක්.... පියෙක්... ඒ කියන්නේ තාත්තා කෙනෙක්)

එසේ නොමැති නම් ඔබ එවන් පියකුගේ දරවකු වීම අනිවාර්යය.

මෙවන් සිද්දීන් ඔබට අනන්තවත් මතක ඇතුවාට සැක නැත..


ඔබ ඔබගේ අවශ්‍යතාවයක් සඳහා කඩයකට, සුපර් මාර්කට්ටුවකට හෝ මෝල් එකකට ගොඩවෙයි. ඔබ එසේ යන්නේ ඔබේ දරුවන්ද සමඟය. පොඩි උන් ටික, දකින දකින දෑ ඉල්ලයි. ඔබගේ අතේ මිටේ ඇති තරමට ඔබ ඔවුන්ට මක්කා හෝ ලබා දේ. බිරිද විමසන්නේ ඕවා අරන් දුන්නම මාසෙ කන්නේ කොහොමදැයි කියාය. ඒක කොහොම හරි කර ගමු හාමිනේ කියනා ඔබ ඉන් පිටව යන්නේ, පොඩි උන් ඉල්ලූ දෑ ලබන මස හෝ පොඩි උන්ට අරගෙන දෙනවා යන චේතනාවෙන් නොවේද..?

ඔබ ඔබේ දරුවන් සමඟ ගෝල්පේස් යයි, ඔබේ අතේ මිටේ ඇති පමණට අයිස්කිරින්, කූල් ඩ්‍රින්ක්ස්, සරුන්ගෝල අරගෙන දෙන අතරේ පොඩි උන් බාබෙ කිව් ඉල්ලයි. ඔබ බාබේ කිව් අරගෙන දීම සඳහා පඩිදා පබිරිඳට පූජා කළ මුදලෙන් කීයක් හෝ ඉල්ලයි. ඔබේ බිරිඳ ඔබේ ඇඟට ගොඩවෙයි. තමුසෙට පිස්සුද වාහේ ඉල්ලන ඉල්ලන දේ දීලා දරුවෝ නරක් කරන්නේ. ඕන නම් ඊළඟ වතාවේ ආවාම අරගෙන දෙනවා...

ඔබ ඔබේ දරුවාගේ පාසලේ දිනපතා පැවැත්වෙන දෙමාපිය රැස්වීමකට යයි. ඔබ එන්නේ මෝටර් සයිකලයෙනි. පන්ති බාර ගුරුතුමිය ඔබ පයිසෙකටවත් මායිම් නොකරනා අතරේ මරූටියෙන් එන අය හා කතා බහ කරයි. ජපන් කාර් වලින් එන අය ඩිනර් වලට ඉන්වයිට් කරයි. යුරෝපා කාර් වලින් එන අය ෆොරින් ටුවර් යෑමට කතා කරයි. ඔබ නිවසට පැමිනෙයි. ලීස් එකක් දාලා මරූටියක්වත් ගන්න වෙනවා මෙයා. පොඩි උන්ද කියන්නේ එම කතාවමය. ඔබ හා බිරිඳ එක්ව ලබන වසරේ මරූටියක් ගැනීමට තීරණය කරයි..

ඔබ චන්දය ඉල්ලා ප්‍රාදේශීය සභාවට යයි. දරුවන්ටද පොඩි මෙව්වා එකක් ලැබේ. ජිල්පිට් දමා ලැබෙනා දේ දරුවන් ආඩම්බරයෙන් භාවිතා කරයි.. ඕවා හම්බ උනේ කොහොන්ද කියලා ඇහුවොත්.. තාත්තගේ යාලුවෝ තෑගී දීපුවා කියලා කියහල්ලා.. එහෙම කිව්වට වැඩක් නෑ තාත්තේ උන් දන්නවා මේවා හම්බ වෙන්නේ කොහොම්ද කියලා.. ඒ පන්ඩිත කම උඹලට ඕන නෑ නේ.. උඹලා කියහල්ලකෝ තෑගි හම්බ වෙච්චයි කියලා.. මේ ආතල් බුක්ති විදිමින් සිටිද්දි, රජය නිවේදනය කරන්නේ ප්‍රාදේශීය සභා විසුරුවා හරින බවයි.. බිරිඳ කියන්නේ තමුසෙලයි සංගමේ එක්ක සෙට් වෙලා, මහ එකා හම්බ වෙලා, වැඳලා හරි ඉන්න බලනවා නැත්නම් ඉතින් දෙකේ කොලේට වැටෙන්න තමයි ඕයි වෙන්නේ කියාය..

ඉදින් බලන්න..

අපේ ජනාධිපති තුමාද තාත්තා කෙනෙකි.. එතුමාගේ දියණිය තම පියාට කෙතරම් ආදරේද යත් "ජනාධිපති තාත්තා" කියා මහා පුස්තකයක්ද සිංහළ සාහිතයට එක් කොට අවසානය. පුතාට තාමත් කසාදයක්වත් සෙට් වී නැත. ඔවුන් බොහෝ දෑ තම පියාගෙන් ඉල්ලනවා විය හැක. අනෙක් පියවරුන් මෙන්ම මේ ජනාධිපති තාත්තාද දරුවන්ගේ ඇවටිලි වලින් බේරී සිටිය යුතුමය. ඒත් මම කොහොමද එහෙම කරන්නේ .. දින 100 න් යනවා කියලා නේ ආවේ... ආයේ ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නෑ කියලා නේ ආවේ... මම හොහොමද රටේ ජනතාවට මූණ දෙන්නේ.... කියා අපේ සරළ ජනාධිපති තුමා කීවත්, අති සරළ ජයන්ති නෝනා පවා කියනවා ඇත්තේ, හරි ඔයි ආයේ ඉල්ලන්නේ නෑ කියලා නේ කිව්වේ... මේ ඉන්න එක පෝඩ්ඩක් හරි දික් කර ගන්න බලනවා ...අර චන්ද්‍රිකා මැඩම් කලා වගේ... නැත්නම් ඉතින් ඔහේටත් ඒ මැඩම් වගේ තමා ඉන්නා වෙන්නේ කියා කියනවා විය හැකිය...

චතුරිකා දියණියට "මහරජ තාත්තා " කියා මහා පුස්ථකයක් සිංහළ සාහිත්ත වංශ කතාවට එකතු කිරිමේ ආශාවක් තිබෙනවාත් විය හැකිය....

36 comments:

  1. Replies
    1. තාම නම් සැර නෑ....
      ඉස්සරහට සැර වෙයි....

      Delete
    2. මම කියන්න උන්න එක ඇනෝ කියලා

      Delete
  2. හිටපු රජාත් ඉන්නා රජාත් දෙන්නාම සිටින්නේ නිරුවතිණි . ඒ දෙදෙනාම ලැජ්ජාව කියන දෙය ගෑවිලාවත් නැති භාණ්ඩ දෙකකි. කරුමය නම් හොරා පන්නන්නට සුදු පිරුවට අන්දවාගෙන වඩම්මාගෙන ආ එකත් බහිරවයෙකු බවට පත්වීමය. බලය මිනිසා විකල් කොට විනාශ කර දමයි. දැන් සිදුවෙමින් පවතින්නේද එයමය.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට රනිල් ලොක්කා. කොල්ලො ලොල්ලො හැමිනුනාට ලමයි හැදෙන්නෙ නැති නිසා හොරා කන්නෙ නැහැ කියන සීතාම්බර පට සළුව අඳගෙන ගෙන හිටියෙ මේ ලඟක් වෙන කම්ම.
      රාජකීය යාළුවත් එක්ක එකතු වෙල මහ බැංකුව කඩල සල්ලි හොර කම් කරපු එක මාට්ටු උනාට පස්සෙ ඒ සළුවත් බිමටම වැටුන බොලව් !!!

      Delete
    2. මුන් ඔක්කොම නිර්වස්තරෙන්

      Delete
  3. තමන්ගේ හිටපු නායකයාව පාවාදීලා මරවලා අනික් පැත්තට සෙට්වෙන එකාවත් මරණ ඒක පාතාලේ සිරිත , මොකද්ද ඌ ළඟ හිටියනං තමුන්වත් පාවාදෙන බව පාතාලේ දන්නවා . ඒ නිසා ජනතාවට පාතාල තීරණයක් ගන්න වෙලාව

    ReplyDelete
    Replies
    1. වෙලාවට ගේම දෙයි... මහරජ මිහිඳුත් ජනෙල් ගැට්ටේ එල්ලුවේ...

      Delete
    2. මරු කතාව ඉවාන් හා හා

      Delete
  4. Replies
    1. රනිල් යනු බටලන්දේදී තරුනයින් දහස ගනනකට වද දී මරා දමන අයුරු බලමින් එය රසවිඳි පාපතරයෙක් බව රටම දැන ගෙන සිටියහ.
      ඔහු අවසර ලත් කල ලෝක හොරෙකු බව ද මෙවර ඔප්පු කර පෙන්වූ මෛත්‍රීට රටේ ජනතාවගේ ප්‍රනාමය!!!!!

      Delete
  5. Maithripala Sirisena sought to play down his request for clarification of his term as President of Sri Lanka by the Supreme Court, saying that he while he was aware of the information, he was ‘asking for a friend’.

    In a statement, the President said, “Some people are beginning to think that I want to be in power for several terms, just like my predecessor Mahinda Rakapakse attempted to do. However, the truth of it is that I only want to serve one really long term that spans several decades. So there is a stark difference between our two approaches. Also, I am still on course to abolish the Executive Presidency but only at the end of my two decades of power. One reason the current government have been slow in implementing our manifesto was due to the amount of traffic to get in and out of Parliament. Now that the flyover is complete, things should be quicker.”

    “If you read my manifesto, I stated that loyalty should be rewarded and as such for every year I complete as President of Sri Lanka, I should be awarded another year at the end of my term. So far, I have accumulated a further six years and hope to notch up a few more,” he added.
    NEWS ITEM as reported by -www.newscurry.co

    ReplyDelete
    Replies
    1. නිව්ස් කරි කිව්වා නම් ආයේ අහන්න දෙයක් නෑ....

      Delete
  6. ඔයි හැමොම කියන්නේ පාලකයා අසාර්ථක වෙන්නේ එයයිගේ දෙවන ධුර කාලයේදී කියලනේ, හිටන්තුමා ඒගැන බොහොම සැලකිලිමත්වගයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එක පාරම බුදු වෙන්නයි යන්නේ

      Delete
  7. හිනා වෙන්නද අඩන්නද කියලා මේ කල්පනා කරන්නේ හිටං...

    ReplyDelete
    Replies
    1. මක්කා උනත් ආතල් එකේ ඉමු අප්පා

      Delete
  8. පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ
    මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු
    මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා
    උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා

    ReplyDelete
  9. එහෙමත් සීන්ස් එකක්ද. එහෙනං ඔන්නොහෙ අපි 2021 වෙනකල් ඉන්න දෙමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නයා අරක කෙරෙනකනුත් 2021 වෙනකං ඉමුද මචෝ...?

      Delete
    2. හැක්.. ඉඳහං මම අහවලාට කියන්න.

      Delete
    3. ඔව් අප්පා මොකා ආවත් එකයි නේ

      Delete
  10. බිල්ලා සහ බිල්ල නොවැ මාතෙ මේ රඟ දැක්වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් පට්ටම ආතල් එකක් තියෙන්නේ

      Delete
  11. එයාටත් ජනපතිකමේ අසීමිත බලයට රසවැටිලා ඇති එහෙනම්. වටෙි ඉන්නා හෙංචයියෝ වන්දිබට්ටයෝ පරපෝෂිතයෝ දැන් එයා ගැන ප්‍රශස්ති ගී ගායනා කරනවා. ඉතිං නිකම්ම හිටං ආසාව වැඩෙනවා.

    ReplyDelete
    Replies
    1. ගූ බෙට්ටට වහන නිල මැස්සෝ වගේ මේ බෙට්ට ඉවර උනාම වෙන බෙට්ටකට සෙට් වෙනවා

      Delete
  12. මාතලන් මැතිතුමනි

    මෙම ලිපිය ලංකා නිවුස් වෙබ් අඩවියේ නෙලුම් යාය කොටසේ පල කර ඇත

    ඒ පළකිරීම සඳහා ඔබෙන් අවසර ගෙන ඇති ද ?

    මේ සඳහා ඔබට යම්කිසි ගෙවීමක් කරන්නේ ද [ මුදල් අගය අනවශ්‍ය ]

    එය සාධාරණිය අගයක් යැයි සිතන්නේද

    එය සඳහා නීතියෙන් ඔබ අවසර ලැබ තිබේ ද

    රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව අන් අයට ඔබ විසින් මෙය සදහන් කල යුතුද

    ඔබ මේ සඳහා පිළිතුරු නොදෙන්නේනම් අපට මේ සඳහා ගෙවීමක් කරන බවට විශ්වාසී කළහැක

    ලංකා නිවුස් වෙබ් අඩවියේ නෙලුම් යාය කිසිවිට මෙයට පිළිතුරු නොදෙන්නේ ඔවුන් දේශපාලනිකව ඩබල් ගේමක් ගසන නිසා බව කල්තියාම ඔප්පුකර ඇති බැවිනි

    මේ ප්‍රශ්නවලට උත්තර දැනගත්තා කියා අපටද කිසිවක් කල නොහැක කල හැක්කේ පුද්ගල චරිතයන් හදුනා ගැනීම පමණි

    ReplyDelete
    Replies
    1. බලාපොත්තුවන පිළිතුර

      ඔව්
      ඔව්.. ඩොලර් වලින් විශාල මුදල් ප්‍රමාණයක්.. (ගාන එපා කියපු නිසා නොකියමී)
      ඒත් මදි අප්පා
      ඔව් නීතීපතිගේ විශේෂ අවසරයක් ලබාගෙන තිබේ

      (පිලිතුරු ලබා දුන් නිසා මා කිසිම ගෙවීමක් නොලබන්නෙකු බවට ඉබේම පත් වේ)

      Delete
    2. මා කිසිම ගෙවීමක් නොලබන්නෙකු නිසා ///// මාතලන් කඩේ යන්නේ කාටදැයි පැහැදිලියි

      මුදලට ලියන එවුන් කඩේ යන්නේ බඩ ගොස්තරෙටය . කිසිම ගෙවීමක් නොලබන්නෙකු කඩේ යන්නේ ??????

      Delete
  13. AnonymousJanuary 10, 2018 at 8:23 PM

    හරියට හරි ඇනෝ ..... දිපන්කෝ මන්පොර මාතලන් ඔය ටිකට උත්තර, එතකොට අපිට ද කල හැක්කේ ද ඒ ඒ පුද්ගල චරිතයන් හදුනා ගැනීමය

    ReplyDelete
    Replies
    1. පුදගල චරිත අඳුනගන්න පුළුවන්නම් අර සුමනේ වගේ ගේ ඉස්සරහා බෝඩ් එකක් දාගෙන කීයක් හරි හොයා ගනින් බං

      Delete
    2. අර උඹේ මාමණ්ඩි [කසාද ගැනිගේ පියා] කලාවගේ ම්හිඳු මාවතේ කඩේ කලාවගේ කරන්න තමයි හිතාගෙන් ඉන්නේ හොඳ වෙලාවක් බලා දියන්කෝ කඩේ අරින්න

      Delete
  14. There are many enchanting attractions in the town among which vegetable markets, Chinese Houses, temple ceremonies, trishaws, mahjong games and various other attracts will never fail to impress you Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete
  15. කැරි බල්ලෝ තොගේ බ්ලොග් එක අපි හැක් කලා අපි තොගේ බ්ලොග් එකේ පොස්ට් ඔකොම Download කළා ෆයිල් එක දාලා අපි බ්ලොග් 1000 හදන්න කලින් මේ ලිවිල්ල නවතපන් පකයා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න