.

.

Sep 25, 2020

LRT සුදු අලියාට කෙලවීම

 


තනිකර සුදු අලියෙකු වූ රට උලා කා විනශ කල යහපාලන සමයේ ගෙන ආ තවත් සුදු අලි ප්‍රොජෙක්ට් එකක් වූ LRT හෙවත්  සැහැල්ලු දුම්රිය ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් නවතා දැමීමට මේ ආන්ඩුව තීරණය කිරීම පැසසුම් කටයුතුය. මෙය ලංකාව වාගේ හිඟන රටකට කිසිසේත්ම ගැලපෙන යෝජනා ක්‍රමයක් නොවේ. ඊට මේ සිස්ටම් එකෙන් ඇති ජාත්‍යන්තරව පිලිගත් අවාසි වලට අමතරවය. ඒවා ළිපිය අවසානයේ ලියනවාය. 

ජපානයේන් ඉතා සහන ණය ක්‍රමයක් යටතේ කරගන්න තිබූ එක නැති කරගත්තේ ආන්ඩුවේ ගොන්කමටය කියා මේකෙන් ගානක් කපා ගන්න සිටී උන් හා උන්ගේ ගෝල පිරිස ලියනා හා ගයනා විරහ ගී බොහෝය. 

හිතේ අමාරුව කොච්චරද කියනවා නම් යහපාලන නඩයේ වෙබ් එකක පුංචිම පුංචි බන්ඩා ජයසුන්දර මහත්තයාට පලු යන්නම දීලා තිබුනේය. 

ලැබෙන තොරතුරු අනුව කියවෙන්නේ, මේ ආන්ඩුව චීනෙන් වැඩි පොලියට ණයක් අරගෙන වැඩේ කොන්ටිනියූ කොරන්න යනවා කියලාය. මොකා කලත් මේවා සහ ගහනා අපරාධය. 

ඩොලර් බිලියන 2.2 හෙවත් ඩොලර් මිලියන 2200 ක් වියදම් කිරීමට යන්නේ කි:මි: 16 ක් සඳහා වීම මෙහි ඇති හෙන ගහනා අපරාධයයි. ලංකාවේ මුදලින් බැලුවොත් එක් කිලෝමීටරයක් වියදම රුපිය්ල් මිලියන 25437.5 කි.  

මේක දාන්න යන්නේ අනාගතය වෙනුවෙන් කියා කෙනෙකුට තර්කයක් ගෙන ආ හැකිය. ඒ අනාගතයේ මාලබේ ප්‍රදේශය තවත් ජනාකීර්ණ වීමත්, රජයේ සියළුම කාර්යාලයන් බත්තරමුල්ල ප්‍රදේශයට ගෙනයාම නිසා ඇතිවන වාහන තදබදයට විසඳුමක් ලෙසය යන තර්කයයි. 

මේ සඳහා ඇති විසඳුම ලයිට් ට්‍රේන් කට්ටල පමණක් ගමන් කල හැකි මාර්ගයක් කෝටී ප්‍රකෝටී ගනන් යොදා ඉඳිකිරීම නොවේ. 

පාර්ලිමේන්තු පාරේ ඔරොත්තු නොදෙන තරමේ වාහන තදබදයක් තිබෙන්නේ කිසිම හේතුවක් නොමැතිවය. 

ඒ පුරහල සිට රාජගිරිය දක්වාම වන් වේ කළ හැකි පාරවල් දෙකක් තබාගෙන ඒවා අද වෙනතෙක් ඒ සඳහා යොදා නොගන්නා නිසාය. ඒ සඳහා කළ යුත්තේ රාජගිරියේ මෙන් බොරැල්ලේ ගුවන් පාළමක් ඉඳිකිරීම පමණමය. වෝඩ් ප්ලේස් හා කොටා පාර යා කර ඉඳිකරනා ගුවන් පාලමක් මඟින් කොළඹට පැමිණෙන හා පිටවන වාහන එක් අතකට ගමන් කිරීම ඉතා පහසුවෙන් කළ හැකි කටයුත්තකි. 

ගාළු පාරේ වාහන තද බදය අඩු වුනේ එතෙක් මිනිසුන් නොදැන උන් හා බස් රථ ගමන් නොකල ඩුප්ලිකේෂන් පාර යොදාගෙන ගාළු පාර හා ඩුප්ලිකේෂන් පාර වන් වේ නොහොත් එක් අතකට ගමන් ගන්නා මාර්ගයන් කිරීමෙන් හා රේල් පාරට සමාන්තරව එතෙක් තිබු කුඩා පාර සමුද්‍ර මාවත ලෙස පුලුල් කොට සංවර්ධනය කිරීමෙන් මිස... අළුත් රේල් පාරවල් දමාවත්... වැඩිපුර කෝච්චි දමාවත්..., ලයිට් රේල්වේ ට්‍රැක් දමාවත් නොවනා බව ඕන ගොනෙකුට තේරෙනවාය. 

මේ ලයිට් රේල් පෙට්ටියක ගමන් කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 90 කි.

 


එහෙත් පින්තූරයේ තිබෙන වර්ගයේ සුඛෝපභෝගී දිග බස් රථයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 120 කි. එකවර ගමන් කළ හැක්කේ රයිට් රේල් කට්ටල හතරක් ලෙස ගතහොත්, එහි යන මගීන් සංඛ්‍යව 360 කි. එම ප්‍රමාණය ගමන් කිරීම් දිග බස් රථ 3 කින් පහසුවෙන් කළ හැකිය. 

මේ බස් රථයක උපරිම මිළ රුපියල් මිලියන 50 කි

මෙහි කිලෝ මීටරයකට වියදම් කරනා මුදලෙන් එවන් බස් රථ 500 ක් පමණ මිළ දී ගත හැක. එම ප්‍රමාණය මේ මාර්ගයේ අවශ්‍යතාවයනට ඕනාවටත් වඩා වැඩිය. ඕනෑ නම් චැසිය පමණක් ගෙනත් මේ මස් රථ මේ රටේම උවද ෆිනිෂ් කර ගත හැකිය. එවිට වියදම මීටත් වඩා අඩුවිය හැකිය.  

අළුතෙන්ම එන කෝච්චි පෙට්ටි විනාශ කර දමනා, අධිවේගයේ තිබෙන ලක්සිරි බස් පවා විනාශ කර දමනා කාලකන්නින් සිටිනා රටකට මොන ලයිට් රේල්ද? 

තාමත් අප මේ තරම් ස්ඛෝපභෝගී ප්‍රවාහණ කිරීමට විනයක් හෝ දියුණු වී ඇති ජාතියක් නොවේ. මෙවාටත් හිඟන්නෝ ගොඩ නොවෙනවා කියා කියන්න තියෙන සහතිකය කුමක්ද? 

කිලෝ මීටර් 16 ක් ගමන් කිරීමට අයකරනා මුදල කොපමනද? 

එම මුදලින් වසර 40 ක් ඇතුලත මෙම ණය මුදල පියවා දැමිය හැකිද? 

එසේ නොමැති නම් අනෙක් ප්‍රොජෙක්ට් වලට අරගෙන ණය වෙවි ගෙවනා ණය ගොඩට මෙයත් එකතු වේද? 

දැම්මා කියා පැලවත්ත මාලබේ රාජගිරිය පැත්තේ ඉන්නා අධි සුඛෝපභෝගී වාහනවල කොළඹ යන එන හයි පයි නෝනා මහත්තරු ලයිට් ට්‍රේන් යයිද?

තමන්ගේ විලා එකේ සිට එපාර්ට්මන්ට් එකේ සිට මිනි ඉස්කර්ට් ගහලා ඔෆීස් ට්‍රාන්ස්පෝට් වල බ්‍රෙකෆස්ට් එක ගන්නා මේකප් දානා ඉටිකිරිස් කෑලී ලයිට් ට්‍රේන් එකේ ඒවා කොරන්න එයිද?

බස් එකේ ටිකට් එකේ ගානත් වැඩියි කියනා උන් මේකේ එනවාද? 

පාස්පෝට් ඔපීස් එකට, ඉසුරුපායට, සව්සිරිපායට, විදේශ සේවා එකට බස් එකේ යන බස් ටිකට් එකත් වැඩියි කියා අඬනා ඉතිරි සල්ලි ටික දෙනකන් කොන්දා එක්ක මරා ගන්න අහිංසක මිනිස්සු මේකේ යනවාද...?

ඒ නිසා මොකා පටන් ගත්තත් මේවා සහ ගහනා අපරාධමය. මීට වඩා ලොරි බොඩි උඩ මාරක ගමනක් යන අහිංසක මගීන් වෙනුවෙන් සුඛෝපභෝගී බස් රථ හා කෝච්චි පෙට්ටි ගේනා එක ඊට වඩා වටිනවාය. 

කෙසේ වෙතත් ලංකාවේ මාර්ග පද්ධති හා මගීන් ගැන කිසිම අවබෝධය නැති මී හරකුන් පිරිසක්... විශේෂඥ්ඥයින් පිරිසක් ලෙස ආන්ඩුවට මී ගව උපදෙස් දෙන බව නම් අගේට මුලු ලංකාවම මේ දවස්වල දකිමින් සිටින්නේය. 

ඒ මං තීරූ සිස්ටම් එක දාන්න ගිහින් නාපු ගොන් තකතීරූ නෑමය. මගීන් ගැන හෝ මාර්ග පද්දතිය ගැන දැනුමක් ඇති උන් සිටියා නම්... සතියක් පුරා කාපු ඒ ඒ නාපු නෑම උනත් නාන්න වෙන්නේ නැතිය. 

LRT හෙවත් සැහැල්ලු දුම් රිය පද්ධතිවල ඇති ජාත්‍යන්තරය පිලිගත් අවාසි මේසේය.

  • Higher capital costs
  • Generally lower proportion of seats to standees
  • Inflexibility of route e.g. in case of breakdown or a temporary street closure due to a special event or parade
  • Inflexibility - one tram cannot overtake another
  • Disruption to traffic and local businesses during construction
  • Permanent inconvenience to motorists where lanes are lost or the motorists are required to wait behind a tram while its passengers are getting on and off.
  • Cost of construction means that interchange with buses will be necessary on some routes or outer ends of routes
  • Greater capacity of vehicles may mean reduced frequency compared to buses
  • If coal-fired electricity is used, greenhouse emissions per passenger-km may be higher than buses
  • May lead to neglect of bus routes in areas away from LRT
  • Aesthetic - overhead wires and their supporting structures are disliked by many people
  • Very long tramsets (over 60 metres in some cases) are awkward to accommodate in cities with short blocks. A second tramset cannot begin to enter a short block until it is certain that the tramset in front will move. Entering, crossing then clearing an intersection can require more than 15 seconds and with frequent services can amount to an unacceptable obstruction to cross traffic. The time taken will be longer if the intersection is large, if the LRV is crossing after stopping at traffic signals, or if the LRV has to stop immediately after crossing.
  • The smooth ride in LR vehicles, especially if separated from other road traffic, can attract so many passengers that the spare capacity is exhausted.

18 comments:

  1. වෙන්න පුළුවන්. වියදම නම් වැඩියි වගේ. මේ වෙලාවේ ලංකාවට ඔරොත්තු දෙන ප්‍රොජෙක්ට් තමා ඕනේ. කෝවිඩ් ප්‍රශ්නය නිසා. හැබැයි ලංකාවේ ඔයා පෙන්වල තියෙන බස් දාන්න අමාරුයි නේද? පාරවල් පොඩියි නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණය තියෙන මාර්ග වල ඕන හැටියට යන්න පුලුවන්

      Delete
  2. ඔය කියන Articulated bus ගෙනත් දැම්මා කියලා කියමු.ඒවා යන්න ඕනත් ඔය තියන පාරවල්වල නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රමුඛතා මං තීරුවක් තියෙන්නේ..

      අනික සොලියුෂන් ලිපියේ තියෙනවා

      Delete
  3. ගිය ආණ්ඩුව අත්හදා බැලීමක් හැටියට බස් ලේන් වෙන්කරලා ඒකෙ බස් විතරක් යවලා අත්හදා බැලුවා. දැන් බස් ලේන් එකට මෝටර් සයිකල්,ත්‍රී වීල් දාගෙන නාන්න උපදෙස් දෙන්නේ වියත් මණ්ඩලයක අය වෙන්න ඇති. හැබැයි ඔය ලයිට් රේල් එක චීන ණයක් 8% විතර පොලියට අරං හැදුවොත් මාතේ උඹටත් ඒක සාධාරණීකරණය කරන්න වෙනවා. අර ළමයින්ට ටැබ් දෙන්න හදනකොට ගම්මන්පිල කියපුවා මතකයිනෙ.දැං දෙන්න හදන්නේ වඳ නොවෙන්න හදපුවා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක සම්පූර්ණයෙන් කියවා කොමෙන්ට් කරන්න..

      පිලිතුර පෝස්ට් එකේ ඇත...

      Delete
  4. නොදන්නා දේවල් නොලිය හිටිං අයියෙ.
    ඔයි ඉංගිරිසියෙන් තියෙන්නේ LRTද මහපාරේ යන ට්‍රෑම් කාර් ගැනද. ඔය උඩින්ම දාපු පින්තුරේ තියෙන්නේ මහපාරේ යන LRT එකක් වෙන්ඩෑති. Articulated bus කොටන හැටි බලමු අයියේ දාපු දාක.
    අඩුගානේ කෝවිඩ් ඉවර උනාම සිංගප්පුරුවටවත් ගිහින් බලපන්කො මක්කැයි LRT කියල.

    ReplyDelete
    Replies
    1. මම ඩුබායි උන්න කෙනෙක්..

      අලුතෙන් ඉගෙන ගන්න ඕන නෑ...

      නේ සිංගප්පූරුව නෙමේ...

      හිඟන ලංකාව

      Delete
    2. මම ඩුබායි උන්න කෙනෙක්..

      අලුතෙන් ඉගෙන ගන්න ඕන නෑ...

      නේ සිංගප්පූරුව නෙමේ...

      හිඟන ලංකාව

      Delete
    3. ඩුබායි වලත් බස් කාර් යනවද අයියේ LRT ට්‍රක් එකේ. නොදන්නවට අහන්නේ.

      Delete
  5. ලංකාව හිඟන රටක් කියලා, සදාකාලිකවම අපි ඒ විදියට ඉන්න ඕනෑ කියලා හිතන එක වැරදියි. අපි මේ හිඟන බවින් ඉදිරියේදී හෝ මිදෙනවා කියන ධනාත්මක චින්තනයවත් (අපි හැබෑවටම මිදෙනවාද නැද්ද කියන එක වෙනම කරුණක්) ඇතිව රට ගැන ලිවීමෙන් , ඒ සඳහා යම් දිරිමත් කිරීමක් වත් වෙනවා . එහෙම නැතිව අපි අපිවම පහත් කිරීමෙන් නම් කිසිම යහපතක් සිදුවෙනේ නැහැ.
    ඕනෑම ප්‍රොජෙක්ට් එකක වාසි සහ අවාසි තියනවා. එයින් අවාසි පමණක් හුවා දක්වා ලිවීම මාතලන්ගේ අයිතිවාසිකමක්. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් අඩුම තරමින් තමන්ගේ ලිපියේ තියන (තමන් ලියු දේ හෝ වෙනත් තැනකින් උපුටා ගත් දේ හෝ පලවෙන්නේ මාතලන් ගේ නමින් මාතලන් බ්ලොගයේ නේ) Facts වත් හරියට සොයා බලා පලකරනවානම් හොඳයි. මේ ලිපියේ උපුටා ගැනීමක් ලෙස ඉංගිරිසියෙන් ලියවී ඇති දේ වලින් කීයක් මේ කටයුත්තට කිසිම අදාළ කමක් නැති බව මාතලන් දැක්කේ නැද්ද?
    මාතලන්ට Disce Aut Discēde අමතක වෙලාද ?

    ReplyDelete
    Replies
    1. බිම යන ට්‍රෑම් සහ මහාමාර්ගයට උඩින් යන ලයිට් රේල් දෙකේ වෙනස තේරුම් ගන්න. මේ ලනුව දුන්න එකා කවුද? මාතේ ඉංග්‍රීසි විස්තරය නැවතත් කියවන්න.

      Delete
    2. බිම යන එකේ මෙච්චර ප්‍රශ්ණ නම් උඩ යන එක ගැන කියන්න අවශ්‍ය නෑ නේ....

      Delete
  6. I am a regular reader of your posts.
    They are very interesting and with full of facts.
    But I see that something is missing in this post to feel a reader that there is some bias. As one comment points out , the disadvantages taken out seemingly from an other source have many points irrelevant to the topic.
    I see that there is a lot of pluses in this project.

    ReplyDelete
    Replies
    1. උඩින් ගියත් බිමින් ගියත් තියෙන අවාසී සියල්ලම ළිපියේ තියෙනවා....

      Delete
  7. රජු උකටලීව හිඳගෙන සිටියේ ය. සිංහාසනයේ ඇන්ද මත. කෝපයෙහි ඵලයක්ව ඇදුම් දෙන ස්වර තන්තු දරාගෙන.
    ඇමැත්තෝ තුෂ්නිම්භූතව සිටගෙන සිටියෝ ය. රාජසබාවෙහි මැද දෙපැත්තේ. ඇදුම් දෙන කන්බෙරද රිදුම්දෙන මාන්නයද දරාගෙන.

    “ එතකොට තොපි සේරම එකතුවෙළා උයන්පල්ලගෙ නාකි අම්මව අන්තඃ පුරේට අරන් ආවෙ රා ජ අණ නිසා කියලද කියන්නෙ ..?”

    ඇමැත්තෝ. මුනු මුනු ගෑහ. කුනු කුනු ගෑහ. රජුගේ මුහුණ රතුවනු දැක එකවරම දෙඩූ හ. එකාවන්ව. සැම සමව.
    “ එහෙමයි.....!! ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙඩූ නිසාම යි”
    නිහඬ වූහ.

    එකෙක් පමණක් ටිකක් ඉදිරියට ගියේ ය. නිහඬ නොවී.
    “ ඊයෙ සවස. උද්‍යානයේ දි. ගල් කැටේක මිරිවැඩිසඟල වැදුනු වෙලාවෙ.”

    රජු පුටු ඇන්දෙන් බිමට පැන්නේ ය. ඇවිදගියේ ය. ඉදිරිගාමී වූ ඇමැත්තා වෙත.
    “ ඒ වෙලාවට රාජ අණ දෙන්නෙ මොන ගොන්වහන්සෙද බොල ?”

    නිහැඬියාව.
    යලි රජු.
    “ හරි දැන් ගලේ පය වදිද්දි මං කිව්වෙ මොනවද ?”

    ඇමැත්තෝ. විමතියෙන් කට වසාගත් හ. රජු වැරැද්දක් කළාක් මෙන්. කටෙන් අත ඉවත් කරගත්තෝ ය.
    දෙඩූ හ. රජු නිවැරදි කරමින්.
    “ ඔබ වහන්සෙ කියන්නෙ නෑ. නියෝග දෙනව විතරයි”

    රජු මඳක් විපිලිසර වී ය. මඳකින් යලි දෙඩී ය.
    “ හරි මොකක්ද නියෝගෙ ? “

    “ගලේ වැදිල වැටෙන්න යද්දිම තමයි ඔබ වහන්සෙගෙ ශ්‍රී මුඛයෙන් ' මුගෙ මෑණි ගන්ට ' කියන නියෝගෙ පිටවුණේ “

    ReplyDelete
  8. මේව බලල විශ්වාස කරන හරක් ඉන්න නිසා කියන්නෙ. LRT & Monorail කියන්නෙ දෙකක්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න