.

.

Feb 7, 2021

කොමිසම් මගින් කලිසම් ගලවා ප්‍රජා අයිතියට කෙලීම



2015 යහපාලනයක් අටවාගෙන නීතී විරෝධීව රාජපක්ෂලාට කෙලින්න ගිය උන් දැන් ඉන්නේ මුක පූට්ටු වෙලාය. වැඩියෙන්ම බය වෙලා ඉන්නේ, හැම කඩේම බඩු හොඳ නැතයි කියා ජනතාවට කෙප්ප ඇද බා, යහපාලන ආන්ඩුවේ ක්‍රියාකාරි සමාජිකයින් වූ ජවිපේ බලමණඩලයය. මේ බව නොදන්නා 3% පාක්ෂික වහලුන් දැන් ඉන්නේ නන්නපෝල් වෙලාය. උන් බලන්නේ අනුර කුමාර දිසානායකට කෙලින්න යන්නේ මොන වැරද්දක් කලාටද කියලාය.

එයාලා දැන් 3% ක් වූ මොළය ශෝදනය කරන ලද පාක්ෂිකයින්ට පෙන්වමින් සිටින්නේ, බලන්නකො අනේ මක්කත් නොකල අපිට මුන් කෙලින්න යනවානේ යන නාට්ටියය. ඒක හරියට රන්ජන් හිරේ දැම්මේ රාජපක්ෂලාය කියනවා වගේ පට්ට ක්‍රියේටිව් ප්‍රොපගැන්ඩා එකක්ය. අර මී හරක් රැල හිතන්නේ අනේ අපේ අහිංසක නායකතුමාට රාජපක්ෂලා කෙලින්නයි යන්නේ කියලාය.

බොරු විදින අකුදි මැතිතුමා කියන්නේ, ප්‍රජා අයිතිය රෝල් කරලා රාජපක්ෂලගේ #කේ ගහගන්න කියලාය. ලාල් කාන්ත මැතිතුමා කියන්නේ, ඒ සෙල්ලම් දාන්න ආවොත් 88/89 කරපු දේම අපිට කියලා කර ගන්න එපා කියලාය. ටිල්වින් මැතිතුමා කියන්නේ පුලුවන් නම් හැප්පිලා බලන්නෙයි කියලාය. සියල්ලෝම රෙද්දේ පහවි බය බිරාන්තවී කියන්නේ මොනවාද කරන්නේ මක්කාද කියා නොදැන පිස්සු වැටි අවසානය. අපි බය නෑ ඩෝ කියා කෑ ගසන්නේ බය ගුල්ලෝය. රියල් චන්ඩි නාගෙන් අඬන්නේ නැතිය.

නමුත් ඇත්ත කතාව මෙය නොවේ. මේ සිඳු වෙමින් පවතින්නේ කළ කළ දේ.. පළ පළ දේ යන ලෝක සත්‍යය ඇස් පනා පිට පටිසන් දීමය. කෙලවෙන්නට යන්නේ (මේ ආන්ඩුව, මේකවත් හරියට කරාවිදැයි කියා අපට නම් සත පහක විශ්වාසයක් ඇත්තේ නැතිය.) අනුර කුමාරයාට පමණක් නොවේ. පාඨලී, රාජි,ත ෆොන්සේකා, හකීම්, සුමන්තිරන්, සම්පන්තන්, මංගල මෙන්ම යහපාලන කාලයේ විසිල් ගසමින් බල්ටි ගැසූ සිවිල් බුවාලා කිහිප දෙනෙක්ද ඒ අතර වෙති.

එසේනම් යහපාලනයට කඩේ නොගිය අකුදි මීට පැටලෙන්නේ කෙසේද යන ප්‍රශ්ණයක් ඕනෑම ගොනෙකුට මතුවිය හැක. මන්ද ඔවුන් ආන්ඩුවට සම්බන්ධ උනේ නැති නිසාය.

ඔවුන් ආන්ඩුවට සම්බන්ධ වූවාද නොවූවාද යන්න පැහැදිලිව පෙනෙන්නේ එයාලා එකපාරටම බූදල් හිමි මහා ධනවතුන් බවට පත් වූයේ කෙසේද යන්න විමසා බැලීමේදීය. 2015 ට පෙර පීඩිත පන්තියේ නායකයින් වූ මුන්නැහෙලා පරම්පරා බූදල් කාරයෝ වූයේ 2015 න් පසුය. සමහර විට මුන්නැහේලාගේ මාමන්ඩිලා සියල්ලෝම ඒ කාල වකවානුවේ මියගියාදැයි අප දන්නේ නැතිය. ඒවා කොමිසමෙන් හොයා ගනු ඇතිය.

මොවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ කොමිසම පත් වන්නේ, පසුගිය පාලන සමයේ සිඳුවූ නීතී විරෝධි දෙශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසම විසොන් කරන ලද නිර්දේශයන් අනුවය…

වැඩේ ලේසි වන්නේ නැත… දැනට හෙලිවී ඇති කරුණු මෙසේය…

@ යහපාලනය ආපු ගමන් රාජපක්ෂලාට කෙලීම සඳහා අරලිය ගහ මන්දිරයේ ජාතික විධායක සභාව නමින් නීතී විරෝධී ආයතනයක් පිහිටුවන ලදි…

@ ඒමගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොඨ්ඨාශය හෙවත් කුප්‍රකට FCID යද, දූෂණ මර්ධන ලේඛම් කාර්යාලය නමින් තවත් ආයතනයක්ද පිහිටුවන ලදි…

@ මෙම දූෂණ මර්ධන ලේඛම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත්තේ අනුර කුමාරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ලද ආනන්ද විජේපාල උන්නැහේය.. (මාරයි නේ… බලන්න ඒකෙත් හැටි අම්මපා…)

@ මේ FCID යට සාමාන්‍ය සිවිල් පුරවැසියන්ගේ පැමිණිලි කිසිවක් බාර ගත්තේ නැත….

@ බාරගනු ලැබුවේ ශානී අබේසේකර, සුමන්තිරන්, අකුදි හා පිරිස විසින් රචිත තිරපිටපත් පමණි…

@ අධිකරණයට තග දැමීම වන් ෂොට් වෙත පවරා දෙන ලදී..

@ මේ සියල්ල මේ වන විට සුහද ගම්ලත් හා දිලෘක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් පාපොච්චාරනය කොට අවසන්ය…

@ මේ කැපකිර්‍රිම් වෙනුවෙන් රනිල් වික්‍රමසිංග මහතා විසින් අර නිර්ධන පන්ති නායක තුමාගේ ලේඛම් මහතාට ගෙවන ලද ජනතා මුදල මිලියන 12කි…

@ අකුදි මහතාටත් මිලියන 300 පමණ ගෙවන ලද බවට කනින් කොනින් ලැබෙනා ආරංචි මාර්ග සනාත කරයි… එය කොමිසමේදී හෙලිවනු ඇත…

@ පට්ටම සීන් එක නම්, ආනන්ද විජේපාල සහෝදරයා විසින් ලක්ෂ 65 ක ජරාවක් ගෙන පෞද්ගලික ආයතනයක් අමාරුවෙ වැටෙන්නට නොදී බේරා ගැනීමය. මෙයින් කීයක්කත් අකුදිලාට හම්බ උනාද නැද්ද කියන්න අප දන්නේ නැතිය.. උන්නැහේ තනියම කෑවා නම් ඒවා මහ කැත වැඩය….

අනුන්ගේ කිල්ලෝටවල හුණු හොයන්නේ මෙවන් මහත්හොරුන්ය..


ඒ වගත් මෙසේය…


32 comments:

  1. ඇත්තටම ගොඩක් වැදගත් පෝස්ට් එකක් මාතලන්. ඔබ ලංකාවේ සම්ප්‍රදාය තුළ පාලකයාගේ සිට පහළ කෙලවර දක්වා පාලනය ගැන කතා කරන නිසා සහ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැනත් සඳහන් කළ නිසා මටත් ඔටෝමාන් (තුර්කි) ඉස්ලාමීය පාලන සමයේදී එහි දක්නට වූ "පුරුදු හා ආචාර විධි" කිහිපයක් ගැන මතක් වුනා. ඒවායින් සමහරක් විශේෂයෙන් තුර්කියේ සමහර ප්‍රදේශවල තවමත් ප්‍රචලිතයි. මට මතක හැටියට මෙන්න මේ වගේ;

    ඔටෝමාන් අධිරාජ්‍යයට අයත් නිවසක කවුළුව ඉදිරිපිට කහ මලක් තිබුනේ නම්, එයින් අදහස් කළේ: "නිවසේ රෝගියෙකු සිටී, කරුණාකර නිෂ්ශබ්දවන්න" යන්නයි.

    ඒ වගේම කවුළුව ඉදිරිපිට රතු මලක් තිබුනේ නම්, එයින් අදහස් කළේ: "විවාහ වන වයසේ පසුවන ගැහැණු ළමයෙක් නිවසේ සිටී, කරුණාකර ඔබ නිවස ඉදිරිපිටින් යන විට කතා කරන දේ ගැන සැලකිලිමත් වන්න" යන්නයි.

    යම් හෙයකින් අමුත්තෙක් නිවසට පැමිණි විට ජලය සහ තුර්කි කෝපි පිරිනැමේ. ඒ ආගන්තුකයාට බඩගිනි නම්, ඔහු / ඇය පළමුව ජලය පානය කරනු ඇත, එබැවින් ඒ විනිශ්චය කිරීමෙන් ඔහු / ඇය වෙනුවෙන් ආහාර වේලක් පිළියෙළ කරනු ලැබේ, ඔහු / ඇය කුසගින්නේ නොසිටින්නේ නම්, ඔහු / ඇය මුලින්ම තුර්කි කෝපි පානය කරනු ඇත.

    එම අධිරාජ්‍යය තුළ බාල අය වැඩිහිටි අය පසු කරගෙන ඉදිරියට ඇවිදින්නේ නැත. තරුණයින් වැඩිහිටියන් පසුකර යන්නේ වැඩිහිටියන්:
    ''පුතා පසු කරන්න, මම සෙමින් ඇවිදින්නෙමි'' යැයි පැවසුවහොත් පමණි.

    ඒ වගේම අරබි අකුරු වලින් "යා මාලිකාල් මුල්ක්" යැයි නිවසේ බිත්ති මත ලියා ඇත. එහි තේරුම: "මට හිමි කිසිවක් නොමැත, සැබෑ හිමිකරු අල්ලාහ් ය" යන්නයි.

    එකල ඒ නිවසක දොරට තට්ටු කිරීමේ වළලු දෙකක් විය. එකක් විශාල වලල්ලක් වූ අතර අනෙක කුඩා එකක් විය. ලොකු වලල්ල අධික ශබ්දයක් නැඟූ අතර කුඩා වලල්ල වඩා මෘදු ශබ්දයක් නැඟීය. ඉතින් ආගන්තුකයා පුරුෂයෙකු නම්, ඔහු ලොකු වලල්ල පාවිච්චි කරන අතර දොර ඇරීමටද පුරුෂයෙකු පැමිණේ.
    ආගන්තුකයා කාන්තාවක් නම්, ඇය කුඩා වලල්ල භාවිතා කරයි, එබැවින් කාන්තාවක්ම දොර විවෘත කරනු ඇත.

    එමෙන්ම එකල්හි පක්ෂීන් වෙනුවෙන් වූ පදනමක් ඇති කෙරුණ අතරම සංක්‍රමණික කුරුල්ලෙකුට හානියක් සිදුවුවහොත්, එම පදනම අදාළ පක්ෂියාව බලා ගනු ලබන අතර ශීත කාලය පැමිණෙන විට, කුරුල්ලන්ට හිම මත ආහාර තබනු ඇත. මන්දයත්, භූමිය හිමෙන් පිරී ඇති විට කුරුල්ලන්ට ආහාර සොයාගත නොහැකි බැවිනි.

    එම අධිරාජ්‍යය තුළ කිසිවෙකු සිටගෙන ආහාර අනුභව කරන්නේ නැත. පළමුව, අත් සෝදා, පසුව සියලු දෙනා එකට කෑම කන ස්ථානයේ වාඩි වී සිටිති. පළමුව එතැන වයස්ගතම තැනැත්තා අනුභවය පටන් ගනී, ඉන්පසු අනෙක් අය අනුභව කරයි.

    මේ වගේම මතක් කිරීමක් ලෙස, අනුභවයට පෙර, වැඩිහිටි තැනැත්තා මෙසේ කියනු ඇත: "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" (මහා කාරුණික පරම දයාබර සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් ආරම්භ කරමි) එමෙන්ම ආහාර ගැනීමෙන් පසු, සෑම කෙනෙකුම සූරා ෆාතිහා කියවනු ඇත.

    ඒ කාලයේ යම් අසල්වැසියෙකු මිය ගියහොත්, සතියක් හෝ දින දහයක්, අසල්වාසීන් ඔවුන් වෙනුවෙන් ආහාර පිසීම සහ එම කාළයේදී කිසිදු අසල්වැසියෙකු විනෝදයෙන් හෝ ශබ්ද නඟමින් නොසිටියහ. මේ ආකාරයෙන්, ඔවුන් ඔවුන්ගේ වේදනාව බෙදා ගත්හ.

    ඒ වගේම මාතලන් හිතන්නේ මොකද්ද ලංකාවේ කොවිඩ් මළ සිරුරු අනිවාර්යයෙන්ම ආදාහනය කරන එක ගැන? අල් කුර්ආනය සහ හදීස් තුළ පැහැදිලිව කියා ඇත්තේ මළ සිරුරු භූමිදානය කිරීමට පමණි. ආදාහනය පිලිබඳව කිසිවක් සඳහන් නොවේ. පස් වලින් මවනු ලැබූ මිනිසා පසෙන්ම පෝෂණය වී පසුව ඔහු මියගිය පසු පසටම අයත්විය යුතුය. කොරෝනාවට වඩා දරුණු වසංගත පුරාතන අතීතයේ පැමිණ මිනිසුන් ලක්ෂ ගණනින් මියගොස් ඇත. ඒ හා සසඳන කල කොරෝනාව එතරම් මාරාන්තික නොවේ. නමුත් (ජඩ) මාධ්‍ය මගින් මිනිසුන්ව අනවශ්‍ය ලෙස භීතියට පත්කරනු ලැබ මේ සිරිත්විරිත් කඩ කිරීමට බල කරවනු ලැබූ හෙයින් ලංකාවේ තත්ත්වය තවත් නරක අතට හැරිලා කියල තමයි පේන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සීසර්ගේ දේ සීසර්ට දිය යුතුයි...
      ආදාහන ගැන මගේ මතය එයයි...

      මේ අපූරූ සටහනට උඹට ස්තූතියි

      Delete
  2. මාතෝ

    දිනය- 1989.05.13
    වේලාව - රාත්‍රි 7.30 ට පමන

    ස්තානය- කුඩාවැල්ල පරණ ග්‍රාමීය බැංකුව අසල මාගේ නිවස.

    කතාව පුංචි මාහට මතකයට අනුව මෙසේය

    අක්කාට වයස 12කි. අයියාට 9කි අනිත් අයියාටද වයස 7කි.
    ඔය පොඩියට ඉන්නෙ ඒ මම වයස 4කි.

    කඩුපොලු රැගෙන මා නිසවට පැමිනි පිරිස නොඉවසිල්නෙ සෙවුයේ මාගේ පියානන්ය.
    ඔවුන් අපගේ සිය පවුලම ගෙදර එක කාමරයකට දමා ඔවුන් මාගේ පියා සෙවු බව දනී. ඒවන තාත්තාට විමුක්ති කාමින්ගෙන් මරන තර්ජන තිබු බව කනින් කොනින් දැනගන්නට ලැබුනි. එහෙයින් තාත්ත ආරක්ෂාව පතා මහගෙදර වෙත යමින් තිබුනි.
    පුරුද්දටමෙන් ඔහු යාලුවන් මුනගැසි යනු ඇත.

    එවකට විමුක්ති කාමින් ( වත්මන් JVP මහත්වරු) නොවසිල්ලෙන් මාගේ පියාගේ පිටුපස්සෙන් හබාගොස් ඔහුව අල්ලාගෙන ඉතාමත්ම කූර ලෙස වදහිංසා කොට ශරීරය හිසින් වෙන්කොට කැබලි කර හිස මාගේ ගෙදර දොරලගටත්. කද ඔවුන් අල්ලාගත් තැනත් දමාගොස් තිබුනි. මාගේ
    පියාගෙ මර ලතෝනිය අස්සේ තිබි ඇත්තෙ අනේ මාව මරන්න එපා මට දරුවන් හතර දෙනෙක් සිටිනවා යන්නයි. එය ඇසු අය අදටත් පවසන්නෙ වේදනාවෙන් කැගසා ඇත්තෙ දරුවන් මතක් කර කියාය.
    එදා මෙදා තුර කාලය වෙනස්වි ඇත. ලමයි හතර දෙනෙක්ගෙ බර කරට ගැනිමට අම්මාට සිදුවිය. අද්‍යාපනය සාමාජිය ප්‍රශ්ණ වලට නිමක් නැතුව අපි හතර දෙනාම එක ලෙස මූණ දුනි. සමහර විට මගේ අධ්‍යාපනය ලබන්නට ඔවුන් තුන්දෙනා ඔවුන්ගේ අධ්‍යාපන වියදම් කැපකරාදෝ සැකයක් මට හැගේ එවිට මට සැබැ වියරුවක් දේශප්‍රේමි ජනතා නියොජතියක් ගැන පුදුම වෛරයක් ඇතිවේ.
    නමුත් කාලය ගතවී ඇත. සියලු දේ වෙනස්වි ඇත
    එදා තාත්තා ඝාතනය කිරිමේ වරද කුමක්ද කියා ඇසූවත් ඒවාට උත්තර දීමට ජනතා විමුක්ති පෙරමුණේ උන් දැන සිටියේ නැත. මෙය සිවිල් යුද්ධයක් කියා ලස්සනට වරද නිවැරදි කරනා පාහරයන් දැක ඇත.
    නමුත් අදටත් මා ඇතුලු අනිකුත් සහෝදර සහොදරියන් ලෙකෙුමහත් කර අම්මා මගේ වීරවරියයි.
    තාත්තාගෙ හුරුතල් මතක නැති මට ඒ සෙනෙහස රැකවරණය ලබාදුන් අම්මා ඇතුලු පවුලේ
    අනෙකුත් සහෝදර සහෝදරියන්ට මාගේ හදපිරි ආදරය සහ ගෞරවය.
    මතු ආත්මෙක මෙවැන් අකල්මරන සිදුනොවේවා.
    තාත්තා ඔබ අපට අහිමි වී අදට අවුරුදු 31ක් . පවුපෙන් ඇත සිටියත් මාගේ සිත අැත්තෙ ඔවුන් ලගයි. මාගේ අහිංසක තාත්තාට නිවන්සුව. මැරෙන මොහොතේ මැරයන්ගෙන් කරපු එකම ඉල්ලිම වුයේ මට දරුවන් සිටිනවා මාව මරන්න එපා .එ් වචන මා සංවේදි මනුස්සයෙක් කිරිමට තරම් ප්‍රබල විය. තාත්තා ඔබට නිවන්සුව.

    - බාලයා-
    මෙල්බන් නුවර සිට
    Theshan Samaraweera

    ප.ලි.
    සමහර ජෙප්පො අහනව උඹලට තාම කියන්න තියෙන්නෙ 88/89 ගැන විතරද කියල.
    උඹලට ඒක නිකන්ම නිකන් අවුරුදු දෙකක් උනාට, මතක තියාගනින් සමහර අහින්සක මිනිස්සුන්ගෙ මුලු ජීවිතේම විනාස කරපු අවුරුදු දෙකක් කියල. ඒ හින්දයි මිනිස්සු උඹලට තාම වෛර කරන්නෙ.... මේ එක කතාවක් විතරයි

    ReplyDelete
  3. අයිසේ මාතලන් ඔය කියන දෙකයි පණහේ ජෙපි වහල්ලු තරම් උගත්, බුද්ධිමත්, සියල්ලදත්, බහුශ්‍රැත, සර්වඥයන් වහන්සේලා බ්ලා බ්ලා බ්ලා ජාතියක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ඕයි. ඒ උත්තමයො, තමන්ගෙ පක්ෂෙ වලපල්ලට යන එක නවත්ත ගන්නෙ කොහොමද කියන එක ඇරෙන්න, අනික් හැම දේම 1000% දන්නව. ගියපාර ඒ පක්ෂයේ රහසින් වත් පවු නොකළ රහතන් වහන්සේලා හය දෙනාගෙන් දෙන්නෙක් විතරක් කවුංසලේ ඉතුරු වෙලා තව අලුත් අරහත් තෙරණින් වහන්සේ කෙනෙක් වැඩියා. ලබන පාර තුනත් නැතුව රනිල් එක්ක එකට බැස්සාම වැඩේ ලේසි වෙයි නේද මචන්?

    ReplyDelete
  4. ළඟදි ආරම්භ කරපු නන්දන ලොකුවිතානගෙ ටයර් කර්මාන්තශාලාව "රනිල්" පටන්ගත්තු එකක් කියලා ජෙපි පැකනිල් වහල්ලු කියන්නෙ. මේක ඇත්ත ද?

    https://m.facebook.com/story.php?story_fbid=222106636076914&id=100048327368891&sfnsn=scwspmo

    ReplyDelete
  5. මාතලන් වගේම මැදමුලනේ බයියොත් විහිළුවක් විදිහට ගත්තාට ඇත්තටම මේ දවස්වල අපේ අනුර කුමාර සහෝදරයා ලොකු ප්‍රශ්නයකට මූණ දීලයි තියෙන්නේ, අනුර සහෝදරයා මොනතරම් කයිය ගගා කෑගහලා කිව්වත් "අනේ අපිටනම් ඔය ප්‍රජා අයිතිය තිබුනත් එකයි , නැතත් එකයි" කියලා ඇත්තටම අනුර තුමාර සහෝදරයා ඉන්නේ ලොකු කණස්සල්ලකින්.

    වසර ගණනාවක් නොමිලේ කාලා බීලා ආතල් අරගෙන සුඛෝපබෝගි ජීවිතයක් ගතකරපු අනුර සහෝදරයාට මේ හැම දෙයක්ම නැති වෙලා යයි කියලා හිතෙද්දි දුකක් වේදනාවක් ඇතිවෙන්නේ නෑ කියනවානම් ඒක අමූලික බොරුවක්.

    අවංකවම අපි මොන දේශපාලන මතයක් දැරුවත් අපේ හදවතට දැනෙනවා අනුර සහෝදරයාගේ දුක් වේදනාව. ඒ දුක් වේදනාව හොඳින්ම රටේ ජනතාවට දැනෙන්න ගත්තේ මේ දවස්වල අනුර සහෝදරයා ස්ටේජ් ගානේ නැගගෙන, සමාජජාලාවන් හරහා ලයිව් වීඩියෝ දාගෙන නාහෙන් අඬන ඇඬිල්ල නිසා.

    මොනවා උනත් අනුර සහෝදරයා ගැන අපිට තියෙන්නේ අවංකවම දුකක් විතරයි......

    මොකද අනුර සහෝදරයාට මේ අත්වෙලා තියෙන ඉරණමට වගකියන්න ඕනි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එකනම් ආයේ හංගන්නේ නැතුව කෙලින්ම කියනවා. ඔය මාතලන් උඩ කියල තියන දූෂණ මර්දන ඒකකයක් අටවාගෙන ඒ හරහා විරුද්ධවාදීන්ගෙන් දේශපාලන පලිගැනීම් ගන්න අනුර සහෝදරයා පෙළඹුනේ කාගේ උවමනාවටද? ඔය දේශපාලන පලිගැනීම් අනුර සහෝදරයා තනි කැමැත්තට හිතලා කරපු දෙයක් නෙමෙයිනේ? එහෙනම් අනුර සහෝදරයාව ඔය තැනට පත් කරේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවයි.

    මේකනේ කවුද අකමැති තමන් සෑහෙන කට්ටක් කාලා දුක් විඳලා අමු අමුවේ රෙදි නැතුව කඩේ ගිහින් බලයට ගෙනාපු ආණ්ඩුවෙන් මොකක් හරි වරප්‍රසාදයක් ලබාගෙන ගතමනාවක් හොයාගන්න? රටට එලිපිට අනුර සහෝදරයාලා කියපු කතාව එක්ක තමන් හැංගි හොරා කඩේ ගිහින් බලයට ගෙනාපු ආණ්ඩුවක් උනත් රෙද්දක් ඇඳගෙන ඇමති කට්ටක් ගන්න පුලුවන්ද? අනික තමන්ගේ නායකයා ප්‍රමුඛ තමන්ගේ පක්ෂයේ සහෝදරයින්ව අමු අමුවේ චිමිනියේ දාලා බාබිකිව් කරපු පක්ෂයත් එක්ක? අන්න ඒ කරුණු කාරණා ටික සලකා බලලා තමයි ඇමති කට්ටට වඩා බලයක් ඇති වෙනම මරාලයක් හදලා අනුර කුමාර සහෝදරයාගේ ඇඟේ ගහන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ.

    නමුත් අනුර සහෝදරයාට තේරුම්ගන්න මොළයක් තිබුනේ නෑ රනිල් වික්‍රමසිංහ මේ තමන්ට අටවලා දීලා තියෙන්නේ මාරාන්තික උගුලක් කියලා. අනුර සහෝදරයා හිතුවේ මේක රනිල් වික්‍රමසිංහ තමන්ට දක්වන ආදරය නිසා ලබාදීපු තනතුරක් කියලා, එහෙම රැවටිලා හිටපු අනුර සහෝදරයා රනිල් වික්‍රමසිංහ කියපු හැම දෙයක්ම කරන්න ගත්තේ ආයේ දෙපාරක් හිතන්නේ නැතුව , රනිල් ඉදිරිපත් කරන ලිස්ට් එකක් ලිස්ට් එකක් පාසා විරුද්ධවාදින්ගෙන් දේශපාලන පලිගැනීම් ගන්න අනුර සහෝදරයා කටයුතු කරා, අනුර සහෝදරයාගේ එම අවංක සේවය ඇගැයීමට ලක් කරලා රනිල්, මලික්ලා එහෙම අනුරට ගෙව්වේ ඩොලර් වලින්. අන්න ඒ සල්ලි වලින් තමයි අනුර සහෝදරයා එහෙම බිස්නස් ක්ලාස් එකේ යුරෝප් රටවල් වලට ෆලයි කරලා ආතල් ගත්තේ, හඳුන්නෙත්තිලා එක එක රටවල් වලට ගිහින් රංජන්ලා එක්ක ත්‍රීසම් කරේ.

    අපි අවංකවම ඒ ගැන වැරද්දක් කියන්නේ නෑ. මොකද තමන්ට මාසෙකට රුපියල් කෝටි ගණන් වලින් අති විශාල ඉන්කම් එකක් එද්දි ඔහොම ආතල් ගන්න ඕනි, එහෙම ආතල් ටිකක්වත් ගන්නේ නැත්නම් මොකටද ඔය සල්ලි නේ?

    නමුත් රනිල් වික්‍රමසිංහව අවංකවම විශ්වාස කරලා වැඩ කරපු අනුර සහෝදරයා අද ලෝක අමාරුවක වැටිලා ඉවරයි. එහෙත් අදවෙනකම් අනුර සහෝදරයා වෙනුවෙන් පෙනි ඉන්න රනිල් ආවෙත් නෑ, එදා ජවිපේ පාක්ෂික ජනතාවත් කට්ටක් කාලා පත් කර ගත්ත යහපාලන ආණ්ඩුවේ අනුරලා සමග නිතරම සමීපවම හිටපු වැඩකරපු සජිත්ලා, චම්පිකලා ආවෙත් නෑ. ඒ විතරක් නෙමෙයි ඇත්තටම හිතට දුකයි මොකද බුකියේ කවුරුහරි රනිල්ට, සජිත්ලාට, චම්පිකලාට බැන්නොත් ඒ බැනපු එකාට උඩ දාගෙන නෙලන්න මුලින්ම දුවගෙන එන්නේ අපේ බුකි ජවිපෙ සහෝදරයින්, හේතුව ඒ තරමටම ජවිපෙ සහෝදරයින්ට තිබ්බා ලව් එකක් සිරිකොතේ සෙට් එකත් එක්ක.
    නමුත් අද අනුර සහෝදරයාට මේ වෙන්න යන අකරතැබ්බියට එරෙහිව එක ටොයියෙක් ඉදිරිපත් වෙනවාද? ලොවෙත් නෑ. ටොයියන්ගේ නායකයෝ අනුර සහෝදරයාව යූස් කරේ වැඩේ ඉවර උනාම ගලවලා කුණු බක්කියට විසික් කරන කොන්......ම් එකක් විදියටයි. වැඩේ ඉවර උනාට පස්සේ යූස් කරපු අර මගුල ආයෙත් යූස් කරන්නෑනේ? එහෙම කවුරුහරි ආයෙත් ඔය ජරාවම යූස් කරනවානම් ඌ අමු පිස්සෙක්. අද අනුර සහෝදරයාටත් සිද්දවෙලා තියෙන්නේ අන්න ඒ වගේ සීන් එකක් තමයි.

    සිරිසේන විසින් රනිල්ව අගමැතිකමෙන් එලවපු දවස්වල අනුර සහෝදරයා එහෙම හැසිරිච්ච විදිය, ගහපු ගේම් ටික අපිට අද වගේ අපිට මතකයි, විජිත සහෝදරයා එහෙම රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම බේරලා දෙන්න තඩි බඩත් උස්සන් දුවපු දිවිල්ලට උසේන් බෝල්ට් පවා පරාදයි. බඩදරු අම්මා කෙනෙක් වගේ ඉඳලත් එච්චරටම කැපවීම් කරලා අන්න එහෙම අවංකවම වැඩ කරපු අනුර සහෝදරයා වෙනුවෙන් පෙනී ඉන්න රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොවීම ගැන අනුර සහෝදරයාට වගේම අපිටත් තියෙන්නේ දුකක්. මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි නේද මාතලන්?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් ..

      රනිල්ටලුනේ ලෝකේ ළොකුම මොළේ තියෙන්නේ

      Delete
  6. ජෙප්පො හිතාගෙන ඉන්නෙ උන් ගූ කාපු 2015 - 2019 යහපාලන කාලය ලංකාව මිහිපිට දිව්‍ය ලෝකයක් වෙලා තිබිලා 2019 රාජපක්‍ෂලාගේ පොහොට්ටු කල්ලියේ උන් බලේට ආවහම ලංකාව එකපාරටම නන්නත්තාර වෙලා කියලා. පෞ අංගවිකල ජීවිත...

    ReplyDelete
  7. Aa ha, may be this why C J Weliamuna is hiding in Australia (remember one man show Srilankan Air inquire?)

    JVP+UNP can't be forgiven for killing educated youth in 88/89 Bheema Samaya.
    Wijebahu

    ReplyDelete
  8. දේව දූතයන් පා තබන තැන පිනුම් ගහන්නට තරම් මෝඩයෙකු විය නොහැකි නිසා, මෙසේ පැමිණි බව පමණක් සටහන් කරමි!

    ReplyDelete
  9. අඩේ බලං යනකොට මාතලන් ස'ව පාස් කරලා නේ.
    අපටත් ජොබ් කට්ටක් සෙට් කරලා දෙන්න බැයිද ඔතනම.

    ReplyDelete
    Replies
    1. කඩේ ගිහින් ඇක්ස්පීරියන්ස් තියෙනවයි....

      Delete
    2. මාතලන්ට තරං ඇක්ස්පීරියන්ස්නං නෑ. ඒත් ට්‍රයි එකක් දෙන්න බලමු. අපිත් පාස් වෙන්න එපැයි

      Delete
  10. මාතලන් දන්නවා ඇති නේද මචන් ජවිපෙ විසින් එක්සත් ජාතික පක්ෂය හා තවත් කණ්ඩායම් සමග එකතු වී බිහිකරන ලද පහුගිය යහපාලන ආණ්ඩු කාලේ එම රජයෙන් පිහිටුවා තිබූ ජාතික විධායක සභාව නීති විරෝධී ආයතනයක් බවත්, එහි තීරණයක් මත පිහිට වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිට වූ නීති විරෝධී ආයතන බව දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ලද කොමිසම විසින් තහවුරු කර ගෙන ඇති බව? මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද සාක්ෂි ලබාදෙමින් එම ආයතන පිහිටුවීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව නීත්‍යානුකූලව සිදු වී නොමැති බව පිළිගෙන ඇත.

    ඒ අනුව මෙම ආයතන හරහා යොමු කරන ලද සියලු ම නඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ආයතනයක් හරහා විමර්ශනය කර යොමු කරන නඩු ලෙස සලකා එම නඩු ඉවත් කර ගැනීමට නිර්දේශ කර ඇත.

    ඒ වගේම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) සාමාන්‍ය පුරවැසියන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතිබුණු අතර එය ට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දූෂණ මර්දන ලේකම් කාර්යාලයක් පිහිටුවා තිබුණි. මෙසේ පිහිටවූ දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ලද ආනන්ද විජේපාල නමැති පූර්ණකාලීන ජවිපේ සාමාජිකයෙක් වන බව වාර්තා වේ. ඒ අනුව ඔහු විසින් යොමු කරන ලද නඩු ගොනු පමණක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනය කර ඇත.

    ඒ අනුව ඉහත සමස්ත ක්‍රියාවලියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවලියක් බවත් එම ආයතන වල ප්‍රධානීන්ට දේශපාලන හිතවතුන් පත්කර ගැනීම හරහා විරුද්ධ පාක්ෂිකයන් දඩයම් කිරීමට කටයුතු කර ඇති බවත් කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත.

    දූෂණ මර්දන ලේකම් කාර්යාලය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිට වූ ආයතනයක් හෝ පසුව ඉදිරිපත් කරන ලද පනතකින් පිහිටුවන ලද ආයතනයක් නොවන බවත් ඒ අනුව එම ආයතනයට සිදු කරන ලද සියලු ගෙවීම් නීති විරෝධී බවත් කොමිසමේ දී අනාවරණය විය. මෙම ආයතනයට අදාළ සියලූ ගෙවීම් අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ගෙවා ඇති බවත් ඒ අනුව උක්ත නිලධාරීන් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය හා දූෂණය නැමැති වරද සිදු කිරීම හා ඒ සඳහා අනුබල ලබා දී ඇති බවත් තහවුරු විය.

    තවද ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගෙ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ලද ආනන්ද විජයපාල නැමැති ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයාට රුපියල් මිලියන 12 ක මුදලක් ගෙවා ඇති බවත් තහවුරු විය. එසේම ආනන්ද විජයපාල යන අය කොමිසමට ලද රජය හා පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් හා සම්බන්ධ පැමිණිල්ලක් රුපියල් ලක්ෂ 65 ක අල්ලස් මුදලක් ලබාගෙන සමථයකට පත් කර ඇති බවටත් සාක්ෂි ඉදිරිපත් වී ඇත.

    ඉහත දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලද ආනන්ද විජේපාල මහතා ජනතා විමුක්ති පෙරමුණේ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වී ඇති බවත් කොමිසමේ දී සනාථ විය.

    මේ ගැන කලක් මා මෙන්ම ජවිපෙ හිතවාදී ස්ථාවරයක් දැරූ ඔබට කිව හැක්කේ කුමක්ද? මෙය තක්කඩිකම් රැසක් බව සත්‍ය නමුත් ජවිපෙ ලාංකීය දේශපාලනය වෙනුවෙන් කරන මහත් වූ සේවය ගැන සලකා බැලීමේදී ජවිපෙට සමාව ලබා දීම සුදුසු බව පේනවා නේද?

    ReplyDelete
  11. බකපඬි මීහරක් කබ්බෝ රැලට හොඳ වැඩේ නේද බන් මාත? ගැරඩින්ට භූමිතෙල් ගහල වගේ දැන් ජෙප්පො කියන හරක් රැල දගලන්නේ. ලොලේ ලොල් ඕයි.

    ReplyDelete
    Replies
    1. කියලා වඩක් නෑ මෙයා....

      Delete
  12. පසුබිම
    ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක්රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැගුණු ආක්රමණික ස්වභාවයේ කැරලිවලින් සුනු විසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම යුගයේ වීරයන් පහළ වූ අතර ඔවුන් ආක්රමණිකයින් මෙන්ම දේශීය කැරලිකරුවන් ද පලවා හැර රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට අභීතව සටන් කළහ.
    අවසන් වශයෙන් බි්රතාන්ය ජාතිකයින් ශ්රී ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත්කරගෙන ශතවර්ෂාධික කාලයක් ගෙන ගිය පාලනයෙන් රට මුදවා ගැනීමට මහත් අරගලයක් සිදු කරමින් 1948 වර්ෂයේ දී නිදහස ලබාගෙන ඒකීය රාජ්යයක් තුළ ලාංකික ජනතාවට සාමකාමී ලෙස ජීවත්වීමේ වරම ලබා දීමට මෙම දිවයිනේ බිහි වූ ජාතික වීරයින් ට අවකාශය ලැබිණි.
    එසේ වුවත් එසේ ලබාගත් නිදහසට 1971 වර්ෂයේ දියත් කළ ත්රස්තවාදී කැරැල්ලෙන් බරපතල හානි පැමිණුනි. ත්රස්තවාදීන් කැරැල්ලේ ගිනි පුපුරු නිවී යාමටත් ප්රථම 1976 වර්ෂයේ දී යාපනය නගරාධිපති දොරේ අප්පා මහතාට වෙඩි තබමින් ද්රවිඩ ඊලාම් විමුක්ති කොටි ත්රස්තවාදීන් විසින් නැවතත් ශ්රී ලංකාවේ ඒකීයභාවයට සහ සාමකාමීත්වයට බාධා පමුණුවමින් සිවිල් වැසියන් ඝාතනය කරමින් රට දෙකඩ කර වෙනම පාලනයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව එංගලන්තය ඇතුළු බටහිර රාජ්ය කිහිපයක ආශීර්වාදයෙන් යාපනය ප්රදේශය මුල් කරගෙන ලේ හලන බිහිසුණු අරගලයක් දියත් කළහ.
    1975 වර්ෂයෙන් පසුව මෙරට පාලනය භාරගත් ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ජනාධිපති ආර් ප්රේමදාස, ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන රාජ්ය නායකයන් මෙම ද්රවිඩ ඊලාම් ත්රස්තවාදී කැරැල්ල මැඩ පැවැත්වීමට අසමත් වූහ.
    මෙම කාලය තුළදී මෙම ත්රස්තවාදී කැරැල්ල කොතෙක් දුරට වර්ධනය වූවා ද කිවහොත් 2005 වන විට ලංකාවේ පැරණිම රාජධානිය වූ අනුරාධපුරයෙන් ඔබ්බට යාපනය දෙසට සාමාන්ය පුද්ගලයෙකුට යාමට නොහැකි වන අන්දමට මෙම දිවයිනෙහි පාලන තන්ත්රය දෙකඩ වී ගොස් තිබුණි.

    Page 1 of 3 . ලොල් ඕයි

    ReplyDelete
  13. අවුරුදු 30කට වැඩි මෙම අඳුරු යුගය තුළ ද්රවිඩ ඊලාම් කොටි ත්රස්තවාදීන් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ද ලෝක උරුමයක් වූ ද ශ්රී දළදා මාලිගාව, ශ්රී මහා බෝධිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක් විනාශ කර ලෙයින් තෙත් කළහ. ජනාධිපති රණසිංහ ප්රේමදාස ඇතුළු දේශපාලනඥයින්, සිවිල් පුරවැසියන්, ත්රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඝාතනය කළහ. කටුනායක ගුවන් තොටුපල ඇතුළු මහජන දේපල බෝම්බ දමා විනාශ කළහ. 2005 වර්ශය වන විට ශ්රී ලංකාව වන විට අරාජික තත්වයක් කරා ළඟා වෙමින් තිබුණි.
    මෙවන් අඳුරු යුගයක දී 2005 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය ජයග්රහණය කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ අතර එතුමාගේ ප්රධානත්වයෙන් නව රජයක් බිහිකර ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හමුදා අත්දැකීම් උපයෝගී කරගෙන ත්රිවිධ හමුදාව සහ පොලිස් බලකාය මෙහෙයවමින් ඊලාම් කොටි ත්රස්තවාදීන්ගේ යුද්ධයට එරෙහි මානුෂීය සටන නව මුහුණුවරකින් දියත් කරන ලදී.
    අවුරුදු කීපයක් පුරා සිදුකරන ලද බිහිසුණු සටන්වලින් පසුව 2009 වර්ෂයේ මැයි 19 වන දින ඊලාම් කොටි ත්රස්තවාදීන් පලවා හරිමින් ශ්රී ලංකාව නැවතත් ඒකීය රාජ්යයක් බවට පත් කිරීමට මෙම වීරෝදාර නායකයන්ට සහ රණවිරුවන්ට හැකිවිය.
    ද්රවිඩ ඊළාම් ත්රස්තවාදීන් පෝෂණය කළ බටහිර නායකයන්ට මෙම විජයග්රහණය ඔවුන්ගේ මනදොල සපුරන්නක් නොවීය. එබැවින් ද්රවිඩ ඊලාම් යුද්ධයේ අවසන් මානුෂීය සටනේදී යුද අපරාධ සිදු කළ බවට අභූත චෝදනා ඊලාම් යුද්ධයේ සැබෑ විරුවන්ට එරෙහිව ද්රවිඩ ඩයස්පෝරාවෙන් පන්නරය ලද බටහිර නායකයන් විසින් එල්ල කරන ලදී.
    2015 ජනවාරි 8 වන දින පිහිටුවනු ලැබූ නව රජය මේ සඳහා සුදුසුම තෝතැන්න බවට තෝරාගත් බටහිර නායකයින් නව රජයේ අනුග්රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී 30/1 යෝජනාවලිය සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවලිය දඩමීමා කරගත් නව රජය තම සිතැඟි ඉටුකර ගැනීමේ අභිප්රාය ක්රියාත්මක කරමින් තම දේශපාලන සතුරන්ගෙන් පළිගැනීමේ ක්රියාවලිය ආරම්භ කළ බවටත් එසේම දේශපාලන පළිගැනීම සඳහා අග්රාමාත්යවරයාගේ විෂය පථය යටතේ ක්රියාත්මක කෙරුණු දූෂණ විරෝධී කමිටුව නමැති නිල නොවන සංවිධානයක් පිහිටුවා එහි නිර්දේශයන් ඒ සමගම පිහිටුවා ගත් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැමැති නිල නොවන පොලිස් ඒකකයක් මගින් ද එසේ ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්ර්රීි ලංකා පොලිසියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ක්රියාත්මක කළ බවටත් සඳහන් කරමින් පළිගැනීමට ලක්වූ පුද්ගලයන්ගෙන් පැමිණිලි ගලා එන්නට විය.

    Page 2 of 3. ලොල්ම ලොල් ඕයි

    ReplyDelete
  14. මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු යුද විරුවන්ට එරෙහිව අසත්ය නඩු පවරා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇමරිකාව හා බි්රතාන්ය ඇතුළු බටහිර රාජ්ය නායකයින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සතුටු කිරීමට නව රජය ක්රියා කරන බවට විවිධ මාධ්ය ඔස්සේ ප්රසිද්ධියේම චෝදනා එල්ලවිය. යුද නායකයින් හා රණවිරුවන් සිරගත කිරීම සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කරන ලෙසට තමන්ට මෙම දේශපාලනයෙන් බලපෑමක් බලපෑම් කරන බවට රාජ්යතන්ත්රයේ ඉහළ නිලතල දැරූ නිලධාරීන් ප්රසිද්ධියේම නව රජයට එරෙහිව චෝදනා කළහ.
    අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සහාව, මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයා විසින් සිදුකරනු ලබන සමහර පැමිණිළි නොසලකා හරින බවට දේශපාලන පළිගැනීම සඳහා රජයට අවශ්ය පැමිණිළි විභාග කර නඩු පැවරීම් සිදු කරන බවටත් චෝදනා එල්ල විය.
    එබැවින් මෙම පැමිණිලි සහ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට 2019 නොවැම්බර් 16 වැනි දින පැවති ජනාධිපතිවරණ බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලදි.’

    Page 3 of 3 ලොල් ඕයි ලොල්ම ලොල්

    ReplyDelete
  15. ඇත්තටම මාතේ 2005 - 2010 කාලෙත් දක්ෂිණ අධිවේගී මාර්ගය හදනකොට පරිසරය විනාශ වෙනවා කිව්වා, ජෙප්පො මහින්දට මැදමුලනේ ඉඳන් කොළඹට ඉක්මනින් ඇඹුල් තියල් ගේන්න ඕන නිසා ඕක හදන්නේ කිව්වේ, සල්ලි ගෙවලා කවමදාවත් මිනිස්සු ඕකේ යන්නේ නෑ කිව්වා. කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි කාබාසිනියා කරන කාලකන්නි හයිවේ හදන්නෙ කන්නද කියල ඇහුවා. ඒ වගේම කටුනායක හයිවේ එක හැදුවේ මුතුරාජවෙල එක්ක සංවේදී පරිසර කලාපයක. ඒ නිසා සෑහෙන්න පරිසර ප්‍රශ්න ආවා.

    හැබැයි හදලා ඉවර උනාම...

    හඳුන්නෙත්ති කොළඹ ඉඳන් ඡන්දෙ ඉල්ලන්න මාතරට ගියේ හයිවේ එකේ.
    මැයි දවසට ඇඹුල් තියල් ගේන හයිවේ එකේ ජෙප්පො බස් පිටින් මරාවාදීන්ට වහල්ලූ කියමින් අවලාද විලාප තියමින් කොළඹ ආවේ ඒක හදන්න දේශපාලන නායකත්වය ලබා දුන් මහින්දට අසික්කිත විදිහට බණිනවා අහන්න.
    පරිසරවේදින් යාල ගියේ, දකුණට ගියේ හයිවේ එකේ. සිංහරාජ වනාන්තරයට අල්ලාගෙන සංදර්ශන ආදිය දාන උන් ඒකට හයි වේ එකේ ගිහින් සංවර්ධනය එපා කියලා වැල්ලෙන්න හදනවා. ඒ වගේම ට්‍රැවලර්ස්ලා පාවිච්චි කරන්නේ හයිවේ එක. පිටරටවල ඉන්න හාඩ් කෝ ජවිපෙ අන්ධ බැතිමතුන් පවා රට ගියේ රට ගිහින් ගෙදර ආවේ කටුනායක හයිවේ එකේ. එදා ජනතා විමුක්ති පෙරමුණ පොළවෙ හැපි හැපි කවුරුත් ගෙවලා යන්නේ නෑ කිව්ව හයිවේ එකේ අද දශ ලක්ශ ගාණක් වාහන යනවා සියලුම ගාස්තු ගෙවමින් ඉතා සතුටින්.

    හදනකම් හයිවේ එපා කිව්වට හැදුවට පස්සේ හරි ඉතින්.... ඕකත් හරියට ඌරා/කුකුලා මරන වීඩියෝ බලලා අනේ පව් සතා කියලා මරණ එකාට බැන්නට පෝක්/චිකන් කෑමක් හම්බුනාම රසකරලා කනවා වගේ තමා..

    පසුව ලියමි - පරිසරය පුලුවන් තරම් ආරක්ෂා කරන් හයිවේ එක හදමු කියන අය නෙමේ හයි වේ එපා කියන පොලිටිකල් ඇජෙන්ඩා එක රන් වෙන නිසා කිව්වේ. අපිත් පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා කැපවෙන අතරම වත්මන් ආණ්ඩුවේ සිටින මංකොල්ල කාරයෝ වනාන්තරයට කරන විනාශයට සැබෑ ලෙසට එරෙහිව නැගී සිට පරිසරය සැබෑ ලෙසට රකින්නට එක්සත්ව සමගියෙන් කටයුතු කරමු. ජවිපෙ අවස්ථාවාදී වංචාකාරී ජෝකර්ලා කියන තක්කඩි පරිසර විනාශයට එරෙහි අරගලය අල කර තවත් ජෝක් එකක් කිරිමට දරන වෑයම් නවතා දැමීමට ද කටයුතු කරමු.

    ReplyDelete
    Replies
    1. ගල් වැද්දන්ට මොන සංවර්ධනද බං

      Delete
  16. මාතා මේක බලන්න. ජනතා විමුක්ති පෙරමුණ සැබෑ ලෙසට පරිසරය ආරක්ෂා කිරීම සඳහා කැපවෙන ආකාරය;

    https://m.facebook.com/story.php?story_fbid=270331257849172&id=100046168996449

    ReplyDelete
  17. Aug 4, 2015
    මාතලන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ ඇයි...? - Why I choose JVP for this Election

    කකුල් දෙක මැද්දෙන් එහෙට මෙහෙට වැනෙනා ඇට දෙක වාගේ මාතලන්ගේ ඡන්දයද ඔහේ එහෙ මෙහෙ වැනෙනා එකක්ය. 94 සැටලයිට් නෝනා බලයට එන්නේ මාතලන් වගේ උන්ට පින් සිද්ද වෙන්නය. 2010 දි රට බේරාගත් මහින්ද මහත්තයා, රට කන්න සැට් වෙන්නේත් මාතලන්ලාට පින් අත් වෙන්නටය. එළොවටත් මෙළොවටත් නැති මෙළෝ රහක් නැති යහපාලන ලොක්කා රටේ සජ්ජුරුවෝ වෙන්නේත් මාතලන්ලාට පින් අත් වෙන්නටය.
    එතකොට එහෙම උන් සැට් එකකට ඡන්දේ දෙන්න, මාතලන්ගේ ගුද මාරගයේ අමාරුවක් හෝ කුඩා මොළයේ අබාදයක් තියෙනවා කියා කෙනෙකුට හිතෙන්නට පුළුවන්ය. ඒත් මාතලන් උන්ට දෙන්න හේතුවක් තියෙනවාය. ප්‍රධානම හේතුව උන් කවදාවත් බලය එන්නේ නැති එකය. අනික, උන් කරන්නෙත්, මාතලන් වාගෙම, හැමදාම ආන්ඩුවට බැන බැන ඉන්නා එක නිසාය. එහෙම බැලුවාම උන්ගෙයි මාතලන්ගෙයි අපූරූ සමාන තාවයකුත් තියෙනවාය. ඒ හන්දා මෙවර මාතලන්ගේ මනාපය ජෙප්පන්ටය.

    මාතලන්August 4, 2015 at 10:04 PM
    18 වෙනිදට මහත්තයට තේරේවී මෙහේ මිනිස්සු ඔයාට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා කියලා... එහෙනම් එජාපයට ජයවේවා... ජෙප්පන් වර්ධනය වේවා....!!!

    මේවා ශාස්ත්‍රිය ගොන් ටෝක්….කුනුහරුප නෙමේ
    ඇට දෙකට ගිරව් කොටයි..

    මාර ආතල් ඕයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් තේරුම් නොගැනීම නේද මචන් ඉයන් අංකල්?

      Delete
  18. මාතලන් දැක්කා නේද ළඟදී අම්පාර සිට යාපනය දක්වා උතුරේ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය වෙනුවෙන් සටන් කරන දමිළ ජනයාගේ පක්ෂ විසින් පවත්වන ලද පාගමන සබන්ධයෙන් උතුරේ දෙමළ මාධ්‍ය විසින් අති විශාල දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නත් කොළඹ පදනම් කරගත් ප්‍රධාන මාධ්‍ය ඊට සුදුසු පරිදි පුළුල් ආවරණයක් ලබා නොදුන්නේ ඇයි කොළඹ සිටින ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙමස්ප්ලෙට්ස් මහත්මිය සඳහන් කරයි.

    තම ට්විටර් ගිණුම ඔස්සේ මේ බව සඳහන් කරමින් ඇය තබා ඇති සටහන මෙසේය.

    “සාමකාමී උද්ඝෝෂණ යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අයිතියකි. පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා වූ පාගමන පිළිබඳ දෙමළ මාධ්‍ය මගින් සාධාරණ මට්ටමක පුළුල් මාධ්‍ය ආවරණයක් දෙනු මා දුටුමි. නමුත් එයට කොළඹ පදනම් කරගත් මාධ්‍ය මගින් වඩාත් පුළුල් ලෙස ආවරණය නොවුණේ මන්දැයි යන කාරණය ගැන මම මහත් සේ පුදුම වුණෙමි”

    මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?

    ReplyDelete
  19. හහ් හහ් හා මේ දවස් වල ෆෝම් වෙලා තියෙන්නේ ජේ වී පී වහල් පොල් බූරු රැලේ පහත දැක්වෙන උප වහල් විශේෂය නේද?


    ///පඳුරු ජෙප්පා - රාජපක්ෂ නම ගෑවුන තැනක යම් අයෙක් වත්ත උදලු ගාන විට කැන්ද පැලයක් කදුරු පැලයක් කැපුනත් එහි ස්පෙසීස් එක රතු දත්ත පොතේ සොයයි. 2019න් පසු හිටි හැටියෙ ගස් පිලිබඳ පුදුම කැක්කුමක් ඇතිවී ඇති අතර බදියුදීන් විල් පත්තුව කපද්දී හඳුනානොගත් රතු දත්ත පොත දාන්නට වත් අවස්තාවක් නොලැබුන් ශාක හා සත්ත්ව විශේෂ කී දහසක් විනාශ වෙන්න ඇත්දැයි විමසු විට අම්ම මුත්තා මතක් කරමින් අමු තිත්ත කුණුහරුප වලින් රාජ පක්ෂලාටත් අහපු එකාටත් බැන බැන දුවයි. මේ සියල්ලටම වග කියන්න ඕන රාජපක්‍ෂලාගේ වහල්ලු බවත් උන් කෙළින වඳුරු කුණුහබ්බ ගැන ප්‍රශ්න කරන ඕන එකෙකුට වහල් ලේබලය අලවමින් ගූ කප්පරක් රෙන හැටි පෙනෙනු ඇත.

    මේ වන විට ලංකාවේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති නමුත් තවමත් රතුදත්ත පොතට ඇතුලත් නොවූ ජීවීන් විෂෙශයකි. නවතම සංගණනවලට අනුව ලංකාවට ආවෙනික ප්‍රෙභදය ඉතිරිව ඇත්තේ 3% අඩු පිරිසකි.මේ පිරිසද කෙමෙන් කෙමෙන් 1% දක්වා පල්ලම් බහින බව පෙනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න