.

.

Feb 10, 2021

විමල් වීරවංශ නම් මිත්‍යාව…



තමන් නැත්නම් මහින්ද රාජපක්ෂලා බලයට එන්නේ නැතයි කියන්නට බොහෝ පිරිසක් ඉන්නවාය. එහෙත් සියල්ලන්ටම අමතක කාරනය නම් මේ සියල්ලන් සමඟම මහින්දත් 2015 දී ගෙදර ගිය බවය. ඊට ප්‍රධානම හේතුව වූයේ විමල් වීරවංශ බව අද සියල්ලන්ටම අමතක වෙලා තිබෙනවාය.

2010 – 2015 ආන්ඩුවට විරුද්ධව මුල්ම වෙඩි මුරය පත්තු කරන්නේ, සෝභීතවත්, විපක්ෂයවත් නොවේ.., විමල් වීරවංශය. ඒ ආර්ථික ඝාතකයෙක් ගැන ආන්ඩුවට විරුද්ධව ගෙනෙනා අභ්‍යන්තර කැරල්ලක් සමඟය. ඔහු ආර්ථික ඝාතකයා ලෙස හැඳින්වූයේ වෙනින් කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය.

විමල් වීරවංශ ඒ ආන්ඩුවේ නිවාස ඇමති ලෙස සිට කරපු මෙලෝ ලබ්බක් ඇත්තේ නැතිය. කලේ, තම සහචරයන් සමඟ එකතුව සිය පවුල හා සහචරයන් ගොඩ දමනා එකය. ඔහු පාස්පෝට් දෙකක් තමන් සතුව තබාගත් පට්ට හොරෙකි. වංචාකාරයෙකි. මේ බව දැනගත් බැසිල් රාජපක්ෂ තව දුරටත් පිස්සු කෙලීම සඳහා විමල්ට මුදල් දීම නතර කරන ලදි. ආර්ථික ඝාතන කුමන්ත්‍රණය පටන් ගන්නේ ඒ සමඟය.

ඉන් පසු පාඨලී චම්පික රණවකද ඊට එකතුවනුයේ විමල් මෙන්ම චම්පිකද රටේ නායකයින් බවට පත්වීමට පෙරුම් පුරනා දේශපාලන සත්වයින් නිසාමය. යහපාලන කැඳ හැලියට චම්පික එකතු කර ගත්තද, ඊට කිසිසේත්ම නොගැලපෙන ඉන්ග්‍රීඩියන්ස් එකක් වූ, විමල් එකතු කර ගත්තේ නැතිය. නැවතත් මහින්දගේ සැළුන් දොරෙන් ඇතුලු වූ විමල් මහින්දගේ සාටකේම එල්ලුනේය.

එහෙත් විමල් සැළුන් දොරෙන් ඇතුලට එන්නේ තමන්ගේ කොන්ඩය කැපීමට නොව සැළුන් එකේ ඉන්නා සියල්ලන්ගේම කොන්ඩා කැපීමටය. ඒ විමල්ගේ හැටිය

එහෙත් ප්‍රතිඵලය ඉතා වේදනාකාරි එකක්ම වූයේය. ඇත්තටම මහින්ද මැදමුලන ජනේලේ එල්ලුවේ විමල් වීරවංශය. මන්ද විපක්ෂයකින් එන විරෝධයට වඩා ආන්ඩුව තුලින්ම එන විරෝධය වඩාත් බලවත් නිසාය. ඇත්තටම විමල් වීරවංශ එලවා දැමීමට තිබුනේ ආර්ථික කතා කුමන්ත්‍රණය ආපූ කාළයේදීමය. එහෙත් එවන් කෙලින් තීරණයක් ගැනීමට නොහැකි වූයේ රාජපක්ෂලා නොම්මර එකේ මිත්‍යා විශ්වාස කාරයෝ නිසාය.

විමල් යනු තනි මිත්‍යාවකි. විමල් නැත්නම් රාජපක්ෂලා නෑ කියන මතය විමල් මේ මහ පොලොවේ පැලකර අවසානය. එහෙත් මේ එකෙක්වත් නොදන්න කරුන නම් මහ පක්ෂ නොමැති නම් සුළු පක්ෂ සියල්ලම නන්න පෝල් බවය. උදාහරණ එමට ඇත

ඒ අතින් බැලූ වීට විමල් රාජපක්ෂලාටත් වඩා දේශපාලන ඇට්ටරයෙකි. බලවත් රාජපක්ෂලා තමන්ගේ පදයට නටනා රූකඩ බවට පත්කිරීමට ඔහු සමත්ව ඇති බව ඊයේද ඔහු ඔප්පු කලේය. රාජපක්ෂවරුන් පමණක් නොව බයි ප්‍රජාවද සිතන්නේ විමල් නැත්නම් රාජපක්ෂලා නැතෙයි කියලාය. පොහොට්ටු පක්ෂයේ ලේඛම්, බල්ලා මාක් කර උස්සා පොලොවේ ගැසීමට තරම් ඔහු තවමත් නිර්භීතය. උන් දේශපාලන බබාලා කීමෙන් ඔහු කරන්නේද පෝට්ටුවේ දේශපාලනයද බබා මාක් කිරීමය..

ඇත්තටම විමල් වැඩ්ඩෙකි… ජනතා විමුක්ති පෙරමුණේ උන් විමල්ගේ සැලසුම වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආක්‍රමණය කොට ඒ චන්ද සියල්ල තම පක්ෂයට ඩැහැගැන්මය.. ඒ වන විට චන්ද්‍රිකා කුමාරණතුංග පක්ෂය විනාශ කොට තිබිනි.

ඇත්තටම එය අතිසාර්ථක මෙහෙයුමක් විය. 2004 දී මන්ත්‍රීවරුන් 39 ක් හා ඇමතිවරුන් තිදෙනෙක්ද සමඟ ශ්‍රී ලංකා පාක්ෂිකයින් අන්ද මන්ද කරමින් ලබාගන්නා ජයග්‍රහණයේ නියම හිමිකරු විමල්ය.

කරුමයක මහත නම් එදා විමල්ලාගේ මේ ක්‍රියාදාමය තේරුම් ගෙන ජනතා විමුක්ති පෙරමුණ අරහං වී උන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ කල්ලිය මෙය තනිකරම විමල්ගේ මෙහෙයුමක් බව නොදැන, පක්ෂය කඩාගෙන ආ විමල් වීරවංශ ඉඹලා පිලිගැනීමයි.

ඒ කාළේ මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට පැමිනියේ විමල් පමණක් නොවේ, කරූ ජයසූරියද අලි රෑනක් සමඟ ආවේය. එහෙත් පක්ෂයේ උන් සියල්ලන්ම කපා දමමින් මහින්දගේ දකුණු අත වීමට තරම් ශක්තියක් ඉතා කෙටි කළකින් ලබා ගැනීම විමල්ගේ ටැලන්ට් එකය.

එහෙත් සජ්ජුරුවෝ ළඟ තබාගෙන උන්නේ මැස්සාට කඩුවෙන් කොටනා වඳුරෙක් නොව හේවායෙක් බව අද වන තෙක් අවබෝධ කොට ගෙන නැත්තේය. පොහොට්ටුව බලවත් වන බව දුටු විමල් පොහොට්ටු සංධානයට එන්නේ තනියම නොවේ. ගම්මන්පිලත් සමඟය.

හරිනම් බැසිල්ලාට තිබුනේ ඒ මොහොතේදීම ඔවුන්ට නොමිනේෂන් නොදි, පිහිටුවාගත් සංධානයෙන් තරඟ කොට ජයගත් පසු තමන් සමඟ එකති වන ලෙස කියා සිටීමය. එසේ වූවා නම් අද ඒ දෙදෙනාම පාර්ලිමේන්තිවේ ඇත්තේ නැතිය. මොවුන් හැමදාම කරන්න මහ පක්ෂවල චන්ද ටික පොකට් ගැසීමය.

ඔහු එතනින් නවතින්නේ නැත. බලයට පත් වීමෙන් පසු පොහොට්ටුව හැර එම සංධානයේ සියළුම පක්ෂ තමන්ගේ පදයට නටනා රූකඩ ලෙස පත්කරගැනීමට අද වන විට විමල් සමත් වී ඇත්තේය.

සංධානයක් තුල සිටිමින් ආන්ඩු පක්ෂයේ ඇමති ධූරයක්ද දරමින් එම කන්ඩායමේ සාමුහික තීන්දුවලට එරෙහිව යාම නිහීන ක්‍රියාවකි. මේ පළමු අවස්ථාව නොවේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේද ඔහු උන්නේ සංධානය සමඟ නොවේ. ඔහු ක්‍රියා කරමින් සිටින්නේ රාජපක්ෂ පවුල කෙටවීමටය. එහි වාසිය එන්නේ තමන්ට බව ඔහු හොඳින් දනී.

නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්ණයේදි ඔහු සිට ගත්තේ ඝෝඨාගේ මතයට එරෙහිවය. එහිදි ආන්ඩු විරෝධී සියළුම බලවේග එකව ලද ජයග්‍රහණයට අවසාන මොහොතේ එකතු වූ විමල් ෆුල් මාක්ස් ලබා ගත්තේය. ත් විය.

දැන් රාජපක්ෂලා තීරණයක් ගත යුතු මොහොත පැමිණ ඇත. විමල්ට රාජපක්ෂලාගෙන් තොර පැවැත්මක් ඇත්තේ නැතිය. හොඳම උදාහරණය පාඨලී චම්පික රණවකය.

පාඨලි මොන සෙල්ලම් දැම්මත් උන්නැහේට තනියෙන් කල හැකි මලදානයක් ඇත්තේ නැතිය. ආන්ඩුව මේ වෙලාවේ කළ යුත්තේ ආන්ඩු පක්ෂය තුල තව දුරටත් සිටින්නට උවමනා නම් කට පුක වසාගෙන දෙන දේ කා වෙන දෙයක් බලාගෙන සිටිනා ලෙසට අනතුරු ඇඟවීමය.

තව දුරටත් රිලවා තනියම නටන්නට පටන් ගතහොත් සිඳු වන්නේ අවසානයේ රාජපක්ෂ පවුලටම කඩුවෙන් කොටනා එකය…

සැළුන් දොර හැර රෙද්ද අස්සේ දාගත් නයි දැන් පෙනේ පුප්පනට පටන් ගෙන ඇත. තව දුරටත් විෂ දල සහිත නයින් රෙද්ද අස්සේ දාගෙන බුඩු අම්මෝ මාව කෑවෝ කෑවෝ කියා මර හඬ නඟනවාද, එසේ නැත්නම් විෂ දල කඩා ටැංකියක දමා ප්‍රදර්ශණයට පමණක් තබනවාද යන්න දැන් රාජපක්ෂලා තීරණය කළ යුතුය.

මන්ද ඔය මොන පාට් දැම්මත් විමල්ට රාජපක්ෂලාගෙන් තොර ගමනක් නැති බව අන් සියල්ලන්ටම වඩා විමල් දන්නා නිසාය.


ඒ වගත් මෙසේය…

 




30 comments:

  1. ස්වය්ං වින්දනය ශරීරයට අහිතකර නොවූවද, ඇබ්බැහිවීමෙන් විවාහ දිවියේ ගැටළු ඇති විය හැක.

    ReplyDelete
  2. I did not think Wimal will go so low, don't forget his service during the war with LTTE, when UNP is all out to discredit the war. And JVP is finished since Wimai left. Wijebahu

    ReplyDelete
    Replies
    1. gud rytin bat bad inglis.
      (meeta wijebahu)

      Delete
    2. මිත්‍යාව කියන්නේ ඕකට තමා

      Delete
  3. අඩෝ නෝ මං දැනං හිටියේ නෑනේ මාතලන් කියන්නෙත් මෛන්ද පතිරණයයි කියල.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... දෙන්නෙක්...

      හැබයි පොර බයියෙක් නම් නෙමෙයි....

      Delete
  4. මේ වනවිට තමන් ලංකාවෙ පුද්ගලයන් ගණනාවක් මළවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි ලංකාවෙ බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු W නිශ්ශංක සඳහන් කර ඇති බව මාතලන් දකින්න ඇති නේද?

    ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්, එහිදී ලංකාවෙ නම් පාස්ටර්වරුන් වැඩි පිරිසක් කරන්නේ බොරු බවත් ඔවුන් මිනිසුන් රවට්ටන බවත් ඔහු පැවසූ අතරම තම ආගමට ජනතාව හරවා නොගන්නා බවත් මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා.

    ඒ වගේම ලංකාවෙ බෙහෙවින් ජනප්‍රිය වූ වික්ටර් රත්නායකගේ ආශ්චර්යමත් සිදුවීම ගැන තමන්ට කිසිවක් කිව නොහැකි නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒ සියල්ල කළ හැකි බව නම් අතිශයින්ම සත්‍ය බව තමා ඉතා වගකීමෙන් පවසන බවද කිව්වා. ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකියි;

    https://youtu.be/QTC88XcaYKs

    ReplyDelete
    Replies
    1. අපරාදේ මෙහෙම මිනිස්සුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් නොගන්නා එක...

      Delete
  5. මාතේ ඉතාම කෙටියෙන් කියන්න පුළුවන්ති දේ තමයි ලංකාවේ සිංහල ජාතික බලවේගවලට එරෙහිව පොහොට්ටුවට හෝ වෙනයම් දේශපාලන පක්ෂයනට අනාගතයක් නැත කියන එක. මෑත කාලයේ විතරක් ගත්තත් 1994 චන්ද්‍රිකා, 2001 රනිල්, 2004 ජවිපෙ නිප සංධානය, 2005 මහින්ද, 2010 ආයෙත් මහින්ද, 2015 මෛත්‍රී සහ 2019 ගෝඨාභය ඇතුළු මේ සියලු නායකයන් බිහි කළේ ලංකාවේ සිංහල බෞද්ධ ජාතික බලවේගය විසින්. 1990 - 2005 අතර කාලයේ ජාතික බලවේගය 'එජාප' සහ 'නිප+ජවිපෙ' ලෙස දෙකට තුනට බෙදී තිබුනේ. නමුත් 2010 එය එක්සත් වී නැවත 2015 දෙකට බෙදුනා. නැවත 2019 සිට ඉතිහාසයේ නොවූ විරූ ලෙස දැවැන්ත ප්‍රධාන බලවේගය ලෙස එක්සත් උන මේ බලවේගය වික්ෂිප්ත කිරීමට 2020 අගෝස්තු මාසයේ අග සිට අලි සබ්රි ප්‍රධාන පොහොට්ටු කල්ලිය කටයුතු කළා. මේක ආපහු එකතු කරන්න අමාරුයි. මේ ගැන හොඳ ඉවක් තියෙන බුවෙක් තමයි බූරුවංස. මෑන් චම්පික එක්ක එකතු වෙලා තව සෙට් එකක් එක්ක ගේම ගැහුවොත් ආණ්ඩුව හාන්සි. හැබැයි ඉතින් පේන විදියට නම් මේක ආණ්ඩුවේ පිටපත් යටතේ ක්‍රියාත්මක වන රංගනයක් වගේ. ආණ්ඩුව මොන ගොන් වැඩ කලත් කැලේ කැපුවත් බඩු මිල ටිකක් ඉහළ ගියත් සබ්රි නැතුව තනි සිංහල ජාතිවාදී ආණ්ඩුවක් තිබ්බා නම් සිංහල ජාතිවාදීන් මේ තරම් කලකිරෙන එකක් නෑ ඒත් දැන් වැඩේ චොර වෙලා තියෙන්නේ. සෑහෙන ගේමක් දෙන්න ඕන වැඩේ ගොඩ දාගන්න. ඉන්දියාවේ සහ බයිඩන් නාකි බයියා ගේ ඇමරිකාව මේ දවස්වල ලංකාවට හතුරු ආකල්පයක් දරන නිසා තත්ත්වය හරිම භයානකයි.

    ReplyDelete
    Replies
    1. ඕකට තමා මිත්‍යාව කියන්නේ

      Delete
  6. පහුගිය අන්ත අසාර්ථක අතිශයින්ම දූෂිත යහපාලන චෞර රෙජීමයේ අමන ආණ්ඩුවේ තත්ත්වයකට පත් නොවෙමින් වර්තමාන ආණ්ඩුවත් වැදගත් විශේෂ කරුණු ගැන ගනු ලබන තීරණ ගැන තමන් ද දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.

    ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හමුවූ පසුපෙල මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් තමන් මුහුණ දී ඇති ගැටලූ පිලිබද විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

    මේ ගැන සාකච්ඡා කිරීමටද වේලාවක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලමින් අත්සන් තබා තිබේ.

    නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප්‍රශ්නයේදී තමන් රජයේ තීන්දුව ගැන දැනුවත් නොවූ බවත් මන්ත‍්‍රීවරුන් සාකච්ඡා කර ඇත.

    ඇමතිවරුන් මුණ ගැසීමද තමනට ඉතා අපහසු යැයි මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

    කලින් 2015 - 19 කාලයේ පැවැති අන්ත දුෂිත අමන එක්සත් ජාතික පක්ෂයේ යහපාලන චෞර රජයේ ද පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන චෝදනාවක් වූයේ මැති ඇමැතිවරුන් හමු වීමට ඔවුනට අපහසු වීමයි. මේ කේස් එක මේ ආණ්ඩුවටත් බලපා ඇති බව පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තු ආපු ගමන් මැති ඇමතිකම් බලාපොරොත්ටු වෙන මී හරක්...

      Delete
  7. යකෝ මාතලන්

    නාට්‍ය හා රංග කලාව පිළිබඳව ජංගම විශ්ව කෝෂයක් බඳු වූ ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව මාතලන් දන්නැද්ද? රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර මිය යන විට 56 හැවිරිදි වියේ පසු වුණ බවත් සඳහන්. මේ ගැන පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි නේද? රහට ලියන්න ඕන හරිද?

    ReplyDelete
    Replies
    1. දෙවියනේ හිතාගන්නවත් බෑ.. හොද මිනිස්සු එක්කෙනා එක්කෙනා ඇයි මේ අපෙන් යන්නෙ.. නිවන් සුව අත්වේවා.. ������ :'( :'(

      Delete
    2. පොර මැරිලා ගොඩාක් කල්...

      දොරමඩලාවෙන් මරලා දැම්මේ....

      Delete
  8. තව ටික දවසකින් මෙහෙම එකක් ආවොත්?

    "ජනාධිපතිතුමා මැදිහත්වී පොදුජන පෙරමුනේ ඇතිවී තිබූ කැලබීම සමනය කරයි.
    ජොන්ස්ටන්, ලන්සා සහ විමල් අනුරපුර පුදබිමේ.

    ‘මේ ප්‍රශ්නය ඉක්මනින් විසදිය යුතු බවට ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ මමයි’ ඥානක්කා පවසයි.

    පොදුජන පෙරමුණ බේද කරන්න විපක්ෂය කල කුමණ්ත්‍රනකාරය හෙලිවෙයි. ජනාධිපතිතුමාගේ ඥානාන්විත මැදිහත්වීමෙන් සියල්ල විසදෙයි."

    ඒ වගේම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හමුවූ අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

    එහිදී ඇමති වාසුදේව නානායක්කාරට ඇමතිවරයකු කුණුහරුපෙන් බැන ඇතැයි වාර්තා වෙයි. විමල් වීරවංශ ලංකාදීප පුවත්පතට ලබාදී තිබූ සාකච්ඡාව ගැන විවේචනාත්මකව අදහස් පළ කරද්දී ඊට මැදිහත් වූ වාසුදේව නානායක්කාරට මෙම බැණ වැදීම සිදු කර ඇති අතර වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ වීරවංශ පැමිණ නැති නිසා ඔහු සම්බන්ධයෙන් කතා කිරීම පලක් නැති බවයි.

    ReplyDelete
    Replies
    1. ඔය කාළකන්නි ටික එලවන්න ඕන...
      එහෙම නැත්නම් පැත්තකට කරලා තියන්න ඕන...

      Delete
  9. පංචායුධය ඕනෑ විණි පොඩි කාලේ
    ලොකු වෙද්දී කවුද එල්ලන්නේ බෙල්ලේ
    රට කන එවුන් ඔක්කොමලා එක මල්ලේ
    කොරෝනා, උඹත් පලයන් ඒ එල්ලේ

    ReplyDelete
  10. මාතලන් මම හිතන්නේ විමල් වීරවංශ සහ මංගොන්පිල දෙන්නම සෑහෙන ලොකු අදහස්, ලොකුවට හිතන වෙනස් විදියට ලෝකය දකින්න කැමති Think big, think differently කාණ්ඩයේ දෙන්නෙක් වගේ කියන එක.

    ඇත්තටම මාතාට මොකද හිතෙන්නේ Think big and Think differently කියන සංකල්පය ගැන?

    මොකද "Think Big-ලොකුවට හිතන්න" කියන එක කලක් මා ලංකාවේ ඉද්දි සේවය කල සේවා ස්ථාන ප්‍රධානියාගේ මුවේ නිතරම තිබුනු තේමා පාඨය වුණා. දිනක් ඔහු ඔහුගේ පාසල් මිතුරෙක්ගේ කතාවක් ඊට උදාහරණයක් ලෙස ගෙන දැක්වූවා.

    ඔහුගේ යාලුවා පාසල් යන කාලයේ සිට හිතුවේ අනිත් අයට වඩා වෙනස් ලෙසලු. ඕනම දෙයක් කරන විට අනෙක් අයට වඩා ලොකු දෙයක් කරන්න හිතන කෙනෙක්. මේ නිසා සමාගමක සාමාන්‍ය රැකියාවක් කරපු මේ යාලුවගේ තාත්තට ලොකු ලොකු පාඩු වෙච්චි අවස්ථාත් තිබුනලු.

    කොහොමින් හරි මෙයාලගේ පාසල් දිවියේ අවසන් වසරේ බිග් මැච් කාලය ආවලු. ඔවුන්ගේ පාසලේ බිග් මැච් එක පටන් ගන්න දවස් ටීම් එකේ කැප්ටන්ගෙ ගෙදර ගිහින් පෙරහැරකින් එයාව කැඳවාගෙන එන සිරිතක් තිබුනලු.

    මේ පෙරහැර ගැන කලින් සංවිධානය කරන සාකච්ඡාවට ආපු අර යාලුවා කිව්වලු අපි මේ පෙරහැරට හෙලිකොප්ටර් එකකින් මල් වැස්සක් වස්සමු කියලා. ඒත් අනිත් අය පුදුම වෙලා එයාගේ යෝජනාව කරන්න බැරි එකක් කියලා කිව්වලු.

    කෙසේ වෙතත් අපේ යාලුවා වැඩේ අත ඇරල නෑ. ඔහු ගුවන් හමුදාවෙ ලොකු තනතුරු වල ඉන්න පාසලේ ආදි ශිෂ්‍යයන් හොයාගෙන පාසලේ බිග් මැච් එකට හෙලිකොප්ටර් එකක් ඉල්ලලා ලියුම් යැව්වලු.

    කවුරුත් පුදුමයට පත් කරමින් පාසලේ ආදි සිසු ගුවන් හමුදාවෙ ප්‍රධානියෙක් මේ ඉල්ලීම පිළි අරගෙන හෙලිකොප්ටරයක් ලබා දීලා තියෙනවා. මිනිහා ඇත්තටම සිරා වැඩ කාරයෙක් බව යාලුවන්ට තේරිලා තියෙන්නේ එදා තමයි.

    කොහොමින් කොහොම හරි පාසලෙන් ඉවත් වුනාට පස්සේ මම කිව්ව ඒ ආයතන ප්‍රධානියාට තමන්ගේ යාලුවා ගැන කිසිම විස්තරයක් දැන ගන්න බැරි වුනාලු. මෙහෙම ඉන්දැද්දි දවසක් ආරංචි උනා ලු මිනිහා ඉන්නේ රට, ලඟදි ලංකාවට නිවාඩුවකට එනවා කියලා.

    ඉතින් යාලුවා ලංකාවට ආවහම ඔහුව හම්බ වෙන්න ගිහින්. ඔහු නැවතිලා ඉඳලා තියෙන්නේ කොලඹ තරු පහේ හෝටලයක. ඉතිං යාලුවා සමග ආගිය කතා කතා කරලා ඉවර වෙලා දැන් මොනවද කරන්නේ කියලා ඇහුවලූ.

    "බිස්නස් නම් කීපයක්ම කලා. නමුත් දැන් ඔස්ට්‍රේලියාවෙ වරායක කොටසක් කුලියට අරගෙන නැව් රෙපෙයාර් කරනවා" කියලා කිව්වලු.

    ඉතින් මේ "ලොකුවට හිතන්න, වෙනස් විදියට හිතන්න ඔබට කවදා හරි, හරි යනවා" කියන සංකල්පය ගැන අභිප්‍රේරණය, ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගැනීම වගේ දේවල් ගැනත් ඔබට ලියන්න පුලුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. උඹ ලියලා එවපන් ...

      මම දාන්නම්...

      Delete
  11. අයිසේ මාතලන්, අපේ ගෙදර තීන්ත ගාන්න ආපු බාස් කෙනෙක් හිටියා, මේ මිනිහා තීන්ත ගාන ගමන් අපේ අප්පච්චිට කිව්වා මහත්මයා මම අද හම්බකරන රුපියල් 2,500 න්, රුපියල් පන්සීයක් හැමදාම අපේ පක්ෂෙට මම දෙනවා කියලා. ඉතිං මොකක්ද පක්ෂයේ කියලා ඇහුවම කිව්වා ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගයේ පහළ මට්ටමේ සාමාජිකයන් අති බහුතරය මේ ගනයට අයත්) කියලා. මේ ඉතිං මේ මනුස්සයාගෙන් අපි අහලා තිබ්බා, තමුසෙට එච්චර ආදායම නැතුව මොකද මේ පක්ෂෙට සල්ලි දෙන්නේ කියලා, මේ එතකොට තීන්ත ගාන උතුමා කිව්වා මට පක්ෂය බලයට ආවොත් ඇමතිකමක් දෙනවා කියලා කිව්වා කියලා. එතකොට ඇහුවා මොකක්ද ඇමතිකම කියලා එතුමා කියනවා මට අධ්‍යාපන ඇමතිකම දෙන්නං කියල පොරොන්දු වුණා කියලා. අප්පච්චි උඩ බිම බලලා හිටියා මොකද මේ වගේ තීන්ත බාස් කෙනෙක් අධ්‍යාපන ඇමති උනානං රටට යන කල මොකක්ද කියලා. ඔන්න ඔහොමයි කොලේ කියලා කිව්වලු. (උසස් පෙල විභාගය දක්වා විතරක් ඉස්කෝලෙ ගිය සීගිරියේ ගියේ නැති විමල් වීරවංශ ඇමතිවරයෙක් වෙච්ච රටේ, මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලා අද මට හිතුනා)

    ReplyDelete
  12. අඩෝ ළමාතන්: ටිකක් සද්දෙට සංසර්ගයේ යෙ⁣දෙන්න ඕන වුනාම ගෙදර සෙට් එකේ සද්දේ ගොඩක් වැඩිකරනවා.. ඉතින් අහල පහල වුන්ට ඇහෙන්නේ සෙට් එකේ සද්දේ.. අනිත් වැඩේ යසට කෙරෙනවා... මොකෝ නැතෙයි?

    ReplyDelete
  13. මාතෝ 2km ෆිට්නස් ටෙස්ට් එක ඉන්ඩියන් ස්කොඩ් එකකට තිබුනා ඊයේ.. ඒ දැනට ටෙස්ට් සංචිතයේ නැති යොවුන් ක්‍රීඩකයන්..

    ක්‍රීඩකයො හයක් ෆේල්..

    2km ෆිට්නස් ටෙස්ට් එක අද අපේ ටීම් එකට තිබුනා. දෙන්නෙක් ඇරුනම අනිත් ඔක්කොම පාස්.. ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක් කොහොමත් කපන භානුක.. එතකොට ෆේල් එක්කෙනයි. (කුසල් ජනිත්)

    අපේ අයට ෆිට්නස් නෑ කියලා කෑ ගහලා තියෙන්නේ බොරුවට..

    ඉන්ඩියන් ප්ලේයර්ස්ලටත් වැඩිය අපේ අයට ෆිට්නස් තියෙනවා..

    (ජයදේව් උනද්කට්, සංජු සැම්සන්, රාහුල් තේවාතියා ෆේල් වෙන ටෙස්ට් එකක් තිසර පෙරේරාලා පාස්..

    රිසල්ට්ස් කොච්චර නිවැරදිද, නැත්නම් තව මීඩියා ශෝ එකක් විතරද කියලා අහන්න එපා.

    මැච් වලදිම බලන්න)

    ReplyDelete
    Replies
    1. උන්ට ක්‍රිකටිත් බෑ

      Delete
    2. උන්ට ක්‍රිකටිත් බෑ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න