tag:blogger.com,1999:blog-6408302481691521967.post1111769534777002137..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: හිඟන්නන් හා රමණය නිමාවන්නේ, ඛේදාන්තයකිනි. (රාජපක්ෂලා සිරිසේනලාට පැරදීම)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6408302481691521967.post-35068752041838810892021-10-01T21:52:13.013-07:002021-10-01T21:52:13.013-07:00ඇත්තටම ලංකාවේ වී වගාකරුවන්, පාරිභෝගිකයන් සහ හාල්මෝ...ඇත්තටම ලංකාවේ වී වගාකරුවන්, පාරිභෝගිකයන් සහ හාල්මෝල් ව්‍යාපාරිකයන් කියන හැමෝම ඉතාමත් සංවේදී වන හාල් මිල සහ පොහොර කියන ප්‍රධාන සාධක දෙක ලංකාවේ ආණ්ඩු බලයට පත්කළ එසේම බලයෙන් නෙරපා දැමූ ප්‍රධාන සාධක අතරට ගැනෙයි. වෙළෙඳ පොළේ සහල් මිල ගණන් ඉහළ යනවිට ඕනෑම රජයක ඉහමොළ රත්වෙන්නේ මේ හේතුවෙනි. ඉහළ මිල ගණන් යටතේ හෝ වෙළෙඳපොළේ සහල් මිලට ගත නොහැකි තත්ත්වයකට රට පත්වුවහොත් එය දරාගත නොහැකි අර්බුදයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ නිසා මිල කුමක් වුව ද වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වීම වැළැක්වීමට ඕනෑම රජයක් කටයුතු කරයි. සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමට රජය පෙළඹුණේ ඒ හේතුවෙන් බව සිතා ගැනීම අපහසු නැත.

ඩඩ්ලි ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කළ මිල ගණන් අනුව ඉදිරියේදී සහල් මිල ඉහළ යන බව පැහැදිලියි. කෙසේ වුවද පාරිභෝගිකයන් සහ ගොවීන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන අයුරින් තමන් කටයුතු කරන බව ද සහල් මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට කිසිදු ඉඩක් නොතබන බවද එම සහල් මෝල් හිමියන්ගේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඉදිරියේ දී පාරිභෝගික ජනතාවට වෙළෙඳුන් තීන්දු කරන මිලට සහල් මිලදී ගැනීමට සිදුවන බව යථාර්ථයයි.

පහු ගිය කාලේ සති ගණනාවක් තිස්සේ ඇදීගිය සහල් මිල ප්රශ්නය එතැනින් අවසන් වනු ඇතැයි අපි විශ්වාස කරමු. සහල් නිෂ්පාදකයන්ගේ පාර්ශ්වයේ අදහස් සහ වුවමනා එපාකම් නොසලකා හරිමින් දේශපාලන වශයෙන් පමණක් තීන්දු ගැනීමේ ආදීනව මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි. සහල් මෝල් හිමියන්ට තම නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳපොළේ මිල තීරණය කිරීමට තිබෙන අයිතියට රජය අත්තනෝමතික ලෙස අභියෝග කිරීම අනවශ්‍ය ගැටලුවකට මග පෑදුවේය. රටක සියලු නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමේ වගකීම රජය භාරගන්නේ නම් එවැනි රටක කිසිදු කර්මාන්තයක් වර්ධනය කර ගැනීමට ඉඩක් තිබිය නොහැක. රජය කළ යුත්තේ මිල පාලනය වැනි යල් පැනගිය ආර්ථික පරඬැල්වල එල්ලී සිටිම නොව වෙළෙඳුන් අයුතු ලාබ ලබා ගැනීමක් සිදුකරනවා නම් එය වළක්වා ගැනීමට මැදිහත් වීමය. වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් ඇතිකිරීම මගින් ඕනෑම රජයකට පහසුවෙන් වෙළෙඳපොළ පාලනය කළ හැක.

තමන් සිටිනතුරු හාල් ඇටයක් හෝ පිටරටින් ගෙන්වීමට ඉඩ නොතබන වැනි කතා කියමින් ඇතැම් ඇමැතිවරුන් පාර්ලිමේන්තුව තුළදීත් මාධ්‍ය ඔස්සේත් සිදුකළ ප්‍රකාශ හරසුන් බොල් ප්‍රකාශ බවට පත්ව තිබේ. මහපොළොවේ යථාර්ථය අමතක කර පාරිභෝගික ජනතාවගේ වීරයන් බවට පත්වීමට වෙර දරන එවැනි දේශපාලනඥයන් සරල ප්‍රශ්න පවා සංකීර්ණ ගැටලු බවට පත්කරන බවට ඉතිහාසය පුරාම පෙන්වා දී තිබේ. එහෙත් ලොකුම කරුමය වී ඇත්තේ ඒ ඉතිහාසය වෙනස් කොට නව පාලන ක්‍රමයකට යන බවට ශපථ කර ආණ්ඩුබලය ලබාගැනීමෙන් පසුවද ඇතැම් ඇමැතිවරුන් ඒ පරණ පාරේම යාමට උත්සාහ දැරීමය. වෙනස මෙයදැයි ප්‍රශ්න කරන තරමට මේ ප්රශ්නය උග්‍ර වෙමින් පවතින බවද පෙන්වාදීම අවශ්‍යය.

මේ වෙනකොට රාජපක්ෂ රජය තමන් යා යුතු ගමන්මග මුලින්ම ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුකර ඇත්නම් ඒ මග ඔස්සේ යනවා හැර රජයේ මැති ඇමැතීන්ට වෙනත් විකල්පයක් නැත.

ලංකාවේ ආණ්ඩුව සේරටම කලින් රටේ පැවැතිය යුත්තේ විවෘත ආර්ථික ක්රමයද?, සංවෘත ආර්ථික ක්රමයද? යන්න මුලින්ම හඳුනාගත යුතුය. යම් තාක් මිශ්‍ර ක්‍රමයක් යා හැකි වුවත් පූර්ණ වශෙයෙන් විවෘත, සංවෘත ක්‍රම දෙකට එක මගක යා නොහැක. රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය විවෘත වෙළෙඳපොළ ක්‍රමය නම් මිල පාලන ගැසට් නිකුත් කිරීම ඊට පටහැනි ක්‍රියාවකි. විවෘත ක්‍රමය යටතේ වෙළෙඳුන්ට කතා කර භාණ්ඩ මිල ගණන් අඩුකිරීම කළ නොහැකිය. මේ කිසිවක් පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව කට වචනයෙන් වෙළෙඳපොළ හැසිරවීමට තැත් කිරීම විහිලුවකි.

මේ කුමන තත්ත්වයක් යටතේ වුවද වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්වෙන්නේ බහුතර පාරිභෝගික පොදු මහජනතාවය. මෙහිදී තමන්ගේ නිෂ්පාදනවලින් මහජනතාව ගසා කමින් විශාල ලෙස ලාබ ගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ යුතුකමය. එය ඔවුන් අතින් ඉටු නොවන්නේ නම්වෙලඳ පොළ තවත් විවෘත කර තරන්ග්ගකාරීත්වය තුළින් අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමකි. සහල් වෙළෙඳුන් මාෆියාවක් ඇතිකර රටේ ජනතාව ගසා කන බවට චෝදනා නැගීමෙන් පමණක් ගැටලු විසඳෙන්නේ නැත. සහල් මිල ප්රශ්නය විසඳී ගිය ආකාරය පෙන්වා දෙන්නේ එම කටුක යථාර්ථයයි.

සැ.යු. - මේක එක රජයකට විතරක් නෙවෙයි සියළුම ආණ්ඩු සහ විපක්ෂයේ කිසිම සැලැස්මක් නැතුව බැන බැන ඉන්න අවස්ථාවාදීන්ටත් අදාළයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41374657994869635932021-10-01T21:39:51.283-07:002021-10-01T21:39:51.283-07:00නිදී, ඒකෙ කිසි ගැටලුවක් නැහැ, මොකද ඕනෑම ක්රමවේදයක...නිදී, ඒකෙ කිසි ගැටලුවක් නැහැ, මොකද ඕනෑම ක්‍රමවේදයක් පිළිබඳව අවබෝධය අඩුවුණාම එය කුමන්ත්‍රණයක් ලෙස දැකීම සාමාන්‍ය දෙයක්. ලංකාවේ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අරමුණින් විවිධ රජයන් විසින් අත්සන් තබා ඇති සියලු විදේශ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කළ යුතු බව මුදල් අමාත්‍යාංශය දැන් තීරණය කරල තියෙන්නේ.

අපනයන වැඩි කර ගැනීමට වඩාත් ඵලදායි ලෙස විදේශ නිදහස් වෙළෙඳ ගිවිසුම් උපයෝගී කොට ගත යුතු බවත්, ඒවා කාලීන අවශ්‍යතා මත යාවත්කාලීන විය යුතු බවත් වෙළෙඳ ගිවිසුම්වලින් උපරිම වාසිදායක තත්වයක් අප රටට ලබා ගැනීමේ අරමුණින් මෙම ගිවිසුම් අප්ඩේට් කරන්න ඕනෑ;

ලංකාව 1995 සිට ක්‍රියාත්මක කරන සාර්ක් වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA), 2006 සිට ක්‍රියාත්මක දකුණු ආසියානු වෙළෙඳ වරණය (SAFTA), 2000 සිට ක්‍රියාත්මක ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA), 1975 සිට ක්‍රියාත්මක ආසියා - ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) හා තවත් ගිවිසුම් ගණනාවක් මේ අනුව Update කෙරේ.

මීට අමතරව පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), වෙළෙඳ වරණයක් පිළිබඳ පොදු ක්‍රමය (G.S.P.+), ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජපානයේ හා වෙනත් ජී.එස්.පී. යෝජනා ක්‍රමවල ද වෙනසක් අවශ්‍ය වී තිබේ.

මේ වෙලාවේ මෙම ගිවිසුම් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආනයන අපනයන වෙළෙඳාමට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සියල්ල ඒකාබද්ධ කොට උසස් නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් තාක්ෂණික කමිටු ක්‍රියාත්මක කෙරේ.

ලංකාවේ නිෂ්පාදන විවිධාංගීකරණය නොවීම, වරින් වර සිදුවන ප්‍රතිපත්තිමය වෙනස්කම්, කාර්ය පටිපාටි ප්‍රමාදයන්, බදු බාධා වැනි දේ නිසා ද්විපාර්ශ්වික හා කලාපීය නිදහස් වෙළෙඳ ගිවිසුම් මඟින් පරිපූර්ණ ප්රතිලාභ අත්පත් කර ගැනීමේ අවස්ථා මඟහැරී ගොස් ඇත.

ලංකාව එළැඹ ඇති ගිවිසුම්වල සඳහන් ඇතැම් කොන්දේසි දේශීය ව්‍යාපාර හා ව්‍යවසායකයින්ට අහිතකර නොවිය යුතු බව පොදු පිළිගැනීම වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ගැළපෙන අපනයන ආදායම් වැඩි කරගත හැකි ලෙස මේ ගිවිසුම් යාවත්කාලීන කිරීමට ප්‍රථම ජාතික මට්ටමේ පිළිගත් අන්තර්ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට 2020 මුල ඉඳන්ම දැනටමත් කටයුතු රැසක් ක්‍රියාත්මකයි.

ලංකාවේ නාමය අන්තර්ජාතික තලයට ඔසොවා තැබූ ලංකාවේ ප්‍රමුඛතම කාබනික ආහාර සැකසුම් හා අපනයන ආයතනයක් වන CBL නැචුරල් ෆුඩ්ස් (පෞද්ගලික) සමාගම, සේවක අත්දැකීම් හා සේවා ස්ථාන සංස්කෘති ඇගයීම් කටයුතු කරන ගෝලීය ප්‍රමුඛයා වන Great Place to Work® මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2020 ආසියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ, විශිෂ්ටතම සේවා ස්ථාන 100 අතරට එක්විමේ ඇගයීමේදී ආසියාතික රටවල් 16කට වැඩි ප්‍රමාණයකට අයත් ලක්ෂ පහක පමණ සේවක පිරිසකගේ අදහස් සැලකිල්ලට ගෙන තිබිණි. මේ ඇගයීම කර තිබුණේ ආසියානු කලාපයේ අදාළ රට තුළ විශිෂ්ටතම සේවා ස්ථාන ලෙස ජාතික මට්ටමේ ලැයිස්තුගත කිරීම්වලදී වසර දෙකක් පුරාවට ඉහළින්ම ශ්‍රේණිගත වීමට සමත් වූ ආයතන 200ක් සැලකිල්ලට ගනිමිනි. ඇගයීම අතරතුරදී විශ්වාසය, නවෝත්පාදනය, ආයතනික වටිනාකම් හා නායකත්වය යන අංශ කෙරෙහි සේවක අත්දැකීම්වලට මුල් තැනක් හිමිවිය. තවද ආයතන මඟින් සිය සේවා සංස්කෘතිය තුළ කිසිදු තරාතිරමක් නොබලා සියලු සේවකයන්ට සමානව සලකන, සමාන අවස්ථා හිමි කර දෙන For All™ සංකල්පය කොතෙක් දුරට භාවිත කර ඇතිද යන්නද ඇගයීමට ලක්විය. මේ ඇගයීම අවසානයේදී නිරූපණය වූ විශේෂ කරුණක් වූයේ, ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 100 අතරට පැමිණි සමාගම්, තම තමන්ගේ රටවල් තුළ එම ලැයිස්තුවේ පෙරමුණේ සිටින සමාගම්වලට වඩා 10%ක පමණ වැඩි ඇගයුම් ලකුණු ප්‍රමාණයක් දිනාගෙන තිබීමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75083495082594965412021-10-01T20:45:39.871-07:002021-10-01T20:45:39.871-07:00ළමාතං,
මේ නිව්ස් එක දැක්කාද?
https://economynext...ළමාතං,

මේ නිව්ස් එක දැක්කාද?

https://economynext.com/sri-lanka-gets-800000-free-pfizer-vaccines-from-us-for-kids-86670/

ලංකාවේ පොඩි ළමයින්ට ඇමරිකන් පෛයිසර වැක්සීන් ලක්ෂ අටක් දෙන්න ඇමරිකන් එක්සත් ජනපදය තීරණය කරල තියෙන්නේ මොකද? හැබැයි මේ ගැන ලංකාවේ විපක්ෂ කණ්ඩායම් කියන්නේ ආණ්ඩුව යුග දනව් ඇතුළු වටිනා රජයේ දේපල ඇමරිකන් කාරයින්ට විකුණලා ඩොලර් මිලියන හත්සිය පණහකට අක්කර හත්සීයක් එක්ක කොතලාවවල ඇමරිකන් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ කුමන්ත්‍රණය වැනි දේශ්ද්‍රෝහී වැඩ සඳහා ආණ්ඩුවට ඡන්දය දුන් කිසිම සාමාන්‍ය දැනීමක් හෝ සරල බුද්ධියක්වත් නැති මැටි මෝල් හැට නව ලක්ෂයක් උන්මාද බයියන් කියන මී ගව රැල අන්දවීමට දාන පොඩි ජිල්මාට් එකක් බවයි. මේක ඇත්තද බන් ළමාතං?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39423406524065287952021-10-01T17:07:13.160-07:002021-10-01T17:07:13.160-07:00විස්තරවලට ගොඩාක් ස්තුතියි.
ඔබතුමා මහන්සිවී දිගු පි...විස්තරවලට ගොඩාක් ස්තුතියි.
ඔබතුමා මහන්සිවී දිගු පිළිතුරක් දීම අගය කරනවා. (තරහ නැහැනෙ මට හිතෙන දේ කිව්වට). මගේ ගොන්කමටද මදා, මේ උත්තරයේ තියෙන ද්විත්ව උපාය- මාර්ගගත ක්‍රම වගේ විදග්ධ යෙදුම් එහෙම දකිනකොටම මගේ හිතේ උපදින්නේ සැක සංකා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49261653241652368602021-10-01T09:37:19.621-07:002021-10-01T09:37:19.621-07:00අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ ආර්ථි...අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන පැවති සාකච්ඡාවකදී මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් දක්වා බරපතල ලෙස මෙතරම් කඩා වැටීමකට හේතු වී ඇත්තේ කොරෝනා වසංගතය නිසා නොව නූතන රාජපක්ෂ රෙජීමයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මීට කලින් 2015 - 2019 කාලයේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන පැමිණි ඉතාමත්ම ශක්තිමත් බලවත් වේගවත් ආර්ථික සංවර්ධනයක් සහිත ප්‍රබල ආර්ථික වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ගේ නොමේරු නොතේරුම්කම් නිසා මෝඩ තීන්දු තීරණ ගැනීමත් නිසා වෙනස් කරපු නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විස්තර කළා.

මේ ආකාරයටම කටයුතු කළහොත් ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න තරමට මුදල් නොමැති තරමට රටේ ආර්ථිකය ඉතාමත් බරපතළ ලෙස කඩාවැටෙනු ඇතැයිද ඔහු විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළා.

වර්තමානයේ ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙර සිට බවත් එය ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේ දී පෙර පැවති ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

ලෝකයේ වෙනත් රටවලට ඇත්තේ කොරෝනා නිසා ඇතිවුණු අර්බුදය පමණක්වත් අපේ රටට කොරෝනා නිසා පැමිණි අර්බුදය සහ ඊටත් වඩා භයානක විදියට රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කරගත් බරපතල ආර්ථික අර්බුදය යන දෙකම ඇතැයිද ඔහු එහිදී පැවැසීය.

කොරෝනා වසංගතය නිසා ලෝකයේ කිසිදු රටක විදේශ සංචිත පහළ වැටී නැති නමුත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත නේපාලයටත් වඩා පහළ බැස ඇතැයි ද ඉදිරියේදී සිම්බාබ්වේ ඉතියෝපියා වැනි බරපතල ආර්ථික ව්‍යසනයක් අතළඟ බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි අයි එම් එෆ් ආයතනයේ අධීක්ෂණය යටතේ ණය මුදලක් ලබා ගෙන එම ආයතනයේ ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් පමණක් ඉතා අසීරුවෙන් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව මේ ගැන රනිල් වික්‍රමසිංහගේ අදහසයි. ඔබ මීට එකඟ වෙනවාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84873607002449328962021-10-01T07:11:14.242-07:002021-10-01T07:11:14.242-07:008. දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී...8. දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී තිබෙන සහන ජනවාරි 01 සිට දිගටම ලබා දීම. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මුදල් ලබා දීම.

අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

2022 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කිරීම.

සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම් අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම සහතික කිරීම.

කල්පිරෙන ණය ගැනීම සහ සෑම අවස්ථාවක දීම ණය නොවන මූලාශ්‍ර හරහා ලැබෙන නව ලැබීම් මගින් පියවීම.

වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.

ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.

ස්වෛරීය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගැනීම.

නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම.

මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර 27 ක් අද සිට නැවත ලබා දීම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78933382257250670652021-10-01T07:10:29.036-07:002021-10-01T07:10:29.036-07:00ලංකාවේ ආර්ථික අභිවෘද්ධි සැලැස්ම නිවාඩ් කබ්රාල් විස...ලංකාවේ ආර්ථික අභිවෘද්ධි සැලැස්ම නිවාඩ් කබ්රාල් විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් පළවෙනිදා ඉදිරිපත් කළා.

CBSL එකේදී එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශ කළා.

මූලික වශයෙන්ම මේවායි.

1. ලංකාව බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීම.

2. විනිමය අනුපාතිකය පිළිබඳ සහතිකයක් ලබා දී රුපියල් වටිනාකම මගින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනය කිරීම.

3. අත්‍යාවශ්‍ය ලෙස රුපියල් බවට පරිවර්තනය කිරීමට සිදුවන ඒ ක්‍රියාමාර්ගය දියත් කිරීම.

4. අපනයන සඳහා බදු සහන – “රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් අපනයනයක් බවට පත්වෙන්නේ ඒ අපනයනය අන්තිමටම රැපියල් බවට පත් වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දීම, සාමාන්යෙන් බදු ගෙවන්නේ සියයට 28 නම් එය සියයට 14 බවට පත්කරන්නේ ඒ පදනම මත.“

5. දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වීම.

6. Parate execution වලින් දේපළ පවරා ගැනීම සහ වාහන පවරා ගැනීම ඊළඟ මාස 06 තුළ දී නැවැත්වීමට බැංකු සහා බැංකු නොවන ක්ෂේත්රයට නියෝග ලබා දීම.

7. වසංගතය ඔස්සේ ව්‍යාපාරවලට වී ඇති හානිය දුරුකිරීම සඳහා ණය වැඩිපුර ගෙවීමට ඇති තැන්වල දී, ණය ගෙවීමට අපහසු වෙන තැන්වල දී, ණය ප්‍රමාද කිරීම වෙනුවෙන් සහනයක් ලබා දීමට රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීම.

CONT'DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90829840939846783822021-10-01T03:45:07.618-07:002021-10-01T03:45:07.618-07:00ත්‍රාඩ පක්ෂ බ්‍රෝකර් සමාගමේ හොර බැසිලයි නන්දෙයි එක...ත්‍රාඩ පක්ෂ බ්‍රෝකර් සමාගමේ හොර බැසිලයි නන්දෙයි එකසිය ගානට රට විකුණනවා නේද? අදත් ඔන්න අල්ලපු රටේ ජාවාරම්කාර ආදානිට කොළඹ වරායේ බටහිර ජැටිය විකුණලා ඩොලර් මිලියන් 700 ක් අරගෙන, කොමිස් එක ඩොලර් මිලියන් 300 ක් වත් ඇති නේද? නොදකින් ලංකාවේ මිනිස්සුන්ට පය ගහන්නවත් ඉඩක් තියන එකක් නෑ මුලු රටම විකුණල තමයි පස්ස බලන්නේ මුන් නම්?

https://www.thehindu.com/business/adani-signs-700-mn-deal-for-lanka-port/article36764414.eceAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2956116513667171112021-10-01T00:09:01.284-07:002021-10-01T00:09:01.284-07:00ගොන් බූරුතන්,
නන්දසේනයා කබරරාලය සහ විපත් මග (පස්ස...ගොන් බූරුතන්,

නන්දසේනයා කබරරාලය සහ විපත් මග (පස්සෙ ගස් කපපු කියත් මග හහ් හහ් හා) වගේ කබ්බන් සමග එකතුවෙලා 2019 ඡන්දේ කාලේ ටෝක්ස් ඉශූ කළා නේද බන්?

සව් බාගේ කයිය සහ පඩ ගඳ එක්ක දාපු මොකද මේවාට වුණේ?

//සෞභාග්‍යයේ දැක්ම තුළින් නව ආයෝජන ප්‍රවර්ධන සහ රැකියා උත්පාදන අමාත්‍යාංශයක් හරහා කර්මාන්තවලින් පොහොසත් රටක්

'අපනයන ඉහළ නැංවීම, නව තාක්ෂණ සංවර්ධනය කිරීම සහ ව්‍යාපාර භාවිතයන් වැඩිදියුණු මගින් දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම මගින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය වටිනාකම් දාමයන්හී ප්‍රධාන අංශ සමග සම්බන්ධ කිරීමට ඉවහල් වේ.'

ඉදිරි පස් වසර තුළ 2020 -25 ඉලක්ක:

01. වසර 2020 සිට 2025 දක්වා නව ආයෝජන තුළින් වාර්ෂිකව නව රැකියා 200,000 ක් උත්පාදනය. (පස් වසරක් තුළ රැකියා ලක්ෂ දහයක්)

02. වසර 2025 වන විට වාර්ෂික දේශීය ආයෝජන ප්‍රමාණය US$ බිලියන 7 ක් බවට පත්කිරීම

03. වසර 2025 වන විට වාර්ෂික විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය US$ බිලියන 7 ක් බවට පත්කිරීම.

04. වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය (Ease of doing Business Index) පිළිබඳ දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 වන ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම.

05. වසර 2022 වන විට ගෝලීය තරගකාරිත්ව දර්ශකයේ (Global Competitiveness Index) ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ස්ථානය 85 සිට 45 දක්වා ඉහළ නැංවීම.//

මේවාට දැන් මොකෝ වෙන්නේ? ඔරකල් ඩේටා බේස් එකෙන් බලල වත් කියපිය බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2053226675757963212021-09-30T21:28:19.147-07:002021-09-30T21:28:19.147-07:00@නිදිගෙ පංච තන්තරේ September 30, 2021 at 6:20 PM
...@නිදිගෙ පංච තන්තරේ September 30, 2021 at 6:20 PM

ඔය වගේම 130 වැනි චීන ආනයන - අපනයන ප්‍රදර්ශනය හෙවත් 'කැන්ටන්' ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 15 වැනිදා චීනයේ ග්වෑංඩ්ශූ (ඝුඅන්ග්zහොඌ නගරයේ දී ආරම්භ වීමට නියමිතයි.

“ජාත්‍යන්තර හා දේශීය සංසරණය” යන තේමාව යටතේ මාර්ගගත හා මාර්ගගත නොවන ලෙස පැවැත්වෙන ප්‍රදර්ශනයේ කාණ්ඩ 16ක් සඳහා ප්‍රදර්ශන කලාප 51ක් ස්ථාපිතව ඇති අතර දෙස් - විදෙස් උසස් තත්ත්වයේ සැපයුම්කරුවන් 25,000කට අධික සංඛ්‍යාවක් සහ විශාල ගැනුම්කරුවන් පිරිසක්ද ඊට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර කැන්ටන් ප්‍රදර්ශනය දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ද්විත්ව උපායන්ගෙන් සමන්විත වෙයි. ඒ අනුව රටවල් හා ප්‍රදේශ 40ක "මාර්ගගත ප්‍රවර්ධන" 52ක් ක්‍රියාත්මක කෙරේ.

විදේශීය අරමුදල් සපයන ව්‍යවසායන් සහ දේශීය ගැණුම්කරුවන් ඇතුළු ප්‍රසම්පාදන නියෝජිතයන්ට මාර්ගගත ක්‍රමයෙන් බැහැරව ඊට සහභාගී වීමට ආරාධනා කර තිබේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72461822900795539192021-09-30T20:48:28.115-07:002021-09-30T20:48:28.115-07:00මේ ප්රශ්ණයෙන් දමා ගසනා, ලෝකය ගැන අබ මල් රේනුවක දැ...මේ ප්රශ්ණයෙන් දමා ගසනා, ලෝකය ගැන අබ මල් රේනුවක දැණීමක් නැති සියල්ල දත් කියා සිතා රඹ ටෝක් ඉෂූ කරනා පොල් බූරුවන්ට කීමට ඇත්තේ, මෑත ඉතිහාසයේ ජපානය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තයේම මැතිවරණ ගැන විපරමක් කරපල්ලා කියනා එකය. අනෙක ප්රජාතන්ත්රවාදය කියන්නේ, බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම නොව, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය.

එයට ව්‍යවස්ථාව ප්‍රතිපාදන නැත්නම්, අලුතෙන් නීතී පනවා හෝ ඔවුන් එලවා දැමිය යුතුමය. තමන්ට වසර දෙකක් තිබෙද්දි මහින්ද ජනපතිවරණයකට යන්නේත් මේ නිසාමය. තම රජය ජනතාව අතර අප්පිරිය වී ඇති බව තමන්ට හොඳින් වැටහුන නිසාවෙන්මය. ඒ අනුව ජනාධිපති වරයා කර ඇත්තේ සධාචාර නොවූවත් ඉතාම නිවැරදි ක්‍රියාවක්ය.

ප්රජාතන්ත්රවාදය ගැන රඹ ටෝක් දෙන ජෙප්පෝ, 2018 ඔක්තෝබර් 23 වනදා පක්ෂයේ සියල්ලෝම කොටුව ඉට්ටේසම ඉදිරයට ගෙනවිත් සිරිසේනට කිව්වේ, කිසිවක්ම නොකරන, රට විකුණන, පට්ට ෆේල් ආන්ඩුව ගෙදර අරින්නෙයි කියලාය. එහෙම කියපු උන් ගෙන් 2018 ඔක්තෝබර් 28න් පසුව කතා කළේ පුකෙන්ද කියා ජෙප්පන්ගෙන් අහන්න වෙන්නේ, බොහෝම කනගාටුවෙන්ය.

සමාජයේ ඉහළම ස්ථරයේ සිට පාදඩම පන්තිය දක්වා පිරිස් අතරින් සිරිසේනගේ පෞද්ගලිකත්වයට පහර ගහන පිරිස හොඳින් නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ, මේ පිරිසම ප්‍රේමදාස මහතාටත් මෙලෙසම පහර ගැසූ පුද්ගලයන් බවත්, ඔවුන් සමාජයේ නියෝජනය කරන්නේ සිරිසේනගේ හා ප්‍රේමදාසගේ පන්තිය බවත්ය.

මහා ළොකු සභ්‍යත්වයක් සදාචාරයක් කතා කරනා මිනිසුන් කිසි දිනෙක තවත් මිනිසෙකුට ගරහන්නේ නැතිය. පරිභව කරන්නේ නැතිය. එය සිරිසේන පර බල්ලෙකුට උපමා කිරීමේ සිට අනෝමා ජනාදරීගේ නිරුවත ගැනත්, ප්‍රේමදාස අඩු කුළේ ලැවරියා කාරයෙක් බවටත්, සිරිසේන නූගත් ඉන්ගිලිසි බැරි ග්රාමසේවකයකු දක්වාත් විහිදි යන්නේය.

මහින්ද යටතේ ජීවත් වීම වැඩවසම් පාලනයක් ලෙස හඳුන්වනා මොවුන්, රනිල්ලා යටතේ ජීවත් වීම සලකන්නේ ආඩම්බරයක් ලෙසය. එයට හේතුව ටොයි මානසිකත්වය හැර වෙන කිසිවක් නොවේය. උන් හිතන්නේ, ටයි කෝට් ඇද, රෙස්ටුරන්ට් වල කා, තමන්ට ඕනෑම දෙයක් කර, ඉහළ පන්තියේ උන් ගැවසෙන තැන්වල බඩට නොකා, වින්ඩෝ ෂොපින් කර, එය පොතක් මගින් හෝ චිත්තරපටියක් මගින් හෝ නාට්ටියක් මගින් හෝ අඩුම තරම ෆේස් බුක් එකේ හෝ දමා, අපි මාර රැඩිකල් ඩෝ අපි ඇවිල්ලා ටොයියෝ කියා පෙන්වීමය.

මුන්ට රනිල්ලාට සැටලයිට්ලාට වාගේ ඉන්ගිරිසියෙන් හිතා නියමාකාරයෙන් කඩ්ඩ වැනීමටත් බැරිය. ඒ නිසා සිරිසේනගේ දෙපැත්ත කැපෙන කඩුවෙන් වැනුවාම, මුන් කෑළී කෑළී වලට කැපිලා යනවාය.

ඇත්තම කතාව නම් රනිල්/සැටලයිට් සමාජයට ගොඩ වීමට, රටේ ජනපතිවරුන් වූ සිරිසේන හා ප්රේමදාසලාටවත් නොහැකි බවය. එය ඈත අතීතයේ සිට පැවතෙනා උරුමයක්ම පමණි. ඇත්තටම මාතලන් මුන් හඳුන්වන්නේ "පුකේ රැඩිකල්" කාරයෝ කියලාය. උන්ට කොල්ලෙක් පුක එලියේ දමා බුකියේ පොටෝ දැමීමත් මාරම රැඩිකල්ය. උන් දෙන්නාගේ පුක නැති වෙන කොට අර රැඩිකල් කස්ටියගේ පුකත් නැතිය. උන් පැත්ත පලාතේත් නැතිය.

සිරිසේනට ඉතාම තුච්ඡ ලෙස මඩ ප්‍රහාර එල්ල කරන්නේ, මෙන්න මේ ටොයි ෆැන්ටසියේ ජීවත් වූ නොම්මර එකේ අලි බයියන්ය. උන්, උන්ගේ වෙඩින් දවසේ හෝ හතර අතේ ණයවී, තරු පහේ හෝටලයකින් කා, කුලී ලිමෝසියෙන් හනිමූන් ගොස්, ක්‍රෙඩිට් කාඩ් එකෙන් රට සවාරි ගසා, අපි ඇවිල්ලා මාර ටොයියෝ කියා කියනා නොම්මර එකේ බයි හිඟන්නන්ය. සිරිසේන හා පවුල ඉහළ සමාජයේ කිසියම්ම හෝ දෙයක් ලබා ගැනීම, මේ අලි බයියන්ගේ පුකේ ඉත්තෑවෝ දුවනා කාරණයක් බවට පත් වෙලා තියෙනවාය.

අනෙක් පිරිස ආර්ථික වශයෙන් ශක්තිමත් වූවත්, තමා කුඩා කළ විඳි දුක්බර කර්කෂ දරිද්‍රතාවයෙන් පිරි කාළකන්නි ජීවිත වලට වෛර කරනා, මානසික අර්බුධවලින් හෙබි පුද්ගලයෝය. සිරිසේනගේ එදා ජීවිතය යලි ඉස්මතු කරමින් පහර ගසන පිරිස අතර මොවුන්ද ඉදිරියෙන්ම ඉන්නේය. අනෙක් පිරිස මක්කුන්ද කියා ගාමිනි වියන්ගොඩ, සරත් විජේසූරිය හා දඹර අමිල හිමි දීලා තිබෙන ගේම් වලින් යස අගට පෙනෙන්නේය.

සිරිසේන පිස්සෙක් කියනා මුන් සියල්ලන්ටම පුකේ ඉදන් පිස්සුය.

මේ සියල්ලන්ටම මළ පැන ඇත්තේ තමන්ගේ ෆැන්ටසි කුඩු වූ නිසාය.

සිරිසේන සාමාන්‍ය පන්තියේ මිනිසෙකි. මහා විප්ලව තුලින් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාව අතට බලය ලබා ගැනීමය. ඉදින් සිරිසෙන වැනි පුද්ගලයකුට විධායක බලය හෙවත් රජකම ලැබීම ගැන 2015 දී සේම අදටත් අප ආදම්බර විය යුතු දෙයක්මය.

ඔහු පිස්සු කෙලියේ නම් දේශපාලන වශයෙන් ගත හැකිව තිබූ හොඳම තීරණය වූයේ, විපක්ෂයේද සහාය ලබා ගෙන දෝශාභියෝගයක් තුලින් ඔහු ඉවත් කිරීමය. එහෙත් දේශපාලන නූල් සූත්තර වල ජේ ආර් ප්‍රේමදාස හා මහින්දටත් එහා ගිය මෛත්‍රිපාල සිරිසේන, අර සුපිරි පන්තිය පරදා ජග ගත්තේය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24318880685828121712021-09-30T20:48:01.273-07:002021-09-30T20:48:01.273-07:00මාතා, 2005 සිට 2014 දක්වා පැවති ත්රාඩපක්ෂ පාලනයෙන...මාතා, 2005 සිට 2014 දක්වා පැවති ත්රාඩපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ ලොවෙත් නැති ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් ඝාතන ලබ්බවල් නිසාවත් හොරකම හා දූෂණය නිසාවත් නොව, එදිනෙදා ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසා පමනකි. අර බහුබූත විපක්ෂයට කඩේ ගිය අමු කාලකණ්ණින්ගේ වැල් බයිලා පමණකි. ත්රාඩපක්ෂ ගජ මිතුරු ලුම්පන් මෝරුන්ගේ කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්‍යාපාරික ප්‍රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්‍ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙළවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැස්වන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. 2014 විතර 6% සරසවි ගුරු හොර හැත්ත සමග පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස සිරාගෙන් බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව බිලියන ගණනින් ඉහගෙනම හොරා කන්නට බව අද ඔප්පු වෙලා අහවරයී)

2015 රට හදන්නට කියලා අපව අන්දලා බලයට ආ මීහරක් ආ හැත්ත 2015 - 2019 කාලයේ කළේ කුමක්ද කියා අද වන විටත් නොතේරෙන ගොනෙක් ඉන්නවා නම්, ඌ අමුම අමු මැටි මී හරකෙක් විනා වෙන මොකෙක්වත් නොවන්නේය. රනිල් හා සැටලයිට් නෝනා නටන්න ගිය සෙල්ලම හොඳින්ම අවබෝධ කොට ගත් සිරිසේන, මේ ගේම අත ඇරියේ නැතිය. ගේමට මුහුණ දීම සඳහා රනිල්/සැටලයිට් පන්තිය හා සිවිල් බුවාලාට එදිරි සෑම කෙනෙක්ම සිරිසේන ඉතා ආසාවෙන් වැළඳ ගත්තේය.

දැන් සිඳු වූ සිද්ධි දාමයවත් වැඩක් නැත, නමුත් 2015 ජනපතිවරණ දේශපාලන වේදිකාවේත් නොගැසූ පරිදි, 2018 ව්‍යවස්ථා කුමන්ත්රනය වෙලාවේ සිරිසේන වෙත දමා ගැසූ මඩ කන්දරාව මතක නම් එපමණක් වුව ප්‍රමාණවත්.

2015 වේදීකාවේ සිරිසේනට මඩ ගැසූ උන්ගේ ප්‍රධාන ප්රහාරයන් වලින් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ, සිරිසේන පෙන්දෙකු මෙන්ම රාජ්‍ය නායකත්වයට නුසුදුසු, පෞර්ෂයක් නොමැති පුද්ගලයකු යැයි කියනා එකය. ඒ හැර ඔහුගේ පෞද්ගලිකත්වයට එල්ලවූ චෝදනවා වන් වූයේ හොර අඹුවක් පිළිබඳ ගොසිප් එක පමණය.

එහෙත් 2018 ඔක්තෝබර් විප්ලවයෙන් පසු මෙන් ඔහුගේ ජන්මය ගැනවත්, ඔහුගේ පවුල් පසුබිම පිළිබඳවත්, ඔහුගේ හැසිරීම පිළිබඳවත්, ඔහුගේ ඉන්ගිලිස් නොලේජ් එක පිළිබඳවවත්, ඔහුගේ උගත් කම පිළිබදවවත්, ඔහු කළ රැකියාවන් පිළිබඳවවත්, ඔහුගේ දරුවන් කෙරේවත් කිසිදු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට, එජාපයේ ගොබ්බ අලීන්ට වඩා මුඛරි බවෙන් අනූන ත්රාඩපක්ෂ කල්ලියේ මඩ කරියන් වත් එදා පෙලඹුනේ නැතිය. එදා ඔය මඩ ගසනා මේ සියල්ලන්ගේම සුපර් මෑන්ද, ඉස්පයිඩර් මෑන්ද, මෑන් ඔෆ් ද මැච්ද වූයේ පොලොන්නරුවේ ගමරාළය.

එහෙත් අවුරුදු හතරකට කිට්ටු කාළයක් කිසිවක්ම රටට නොකොට, "රාජපක්ෂ ජීවිත" ගත කරන්නට ගිය ගොබ්බ අලින්ට කෙළ වූවාට පසු, වැදගත් දේශපාලකයෙක් යැයි තමන්ම තමු හඳුන්වාගත් මංගල නමැති අභාවප්‍රාප්ත මඩ කැප්ටන් රටේ නායකයා හැඳින්වූයේ "පර බල්ලෙකු" ලෙසය. ඒ තමන්ගේ ආතල් කුඩු වූ නිසාවෙන්මය.

ඔවුන් සිතුවේ සිරිසේන නොම්මර එකේ මෝඩයෙක් යැයි කියලාය. ඔවුන් උත්සාහ කළේ සිරිසේනගේ තටු කපා දමමින්, අප රටට කිසිඳු උදව්වක් උපකාරයක් නොකරන, බටහිර බලවේග හා දෙමළ දේශපාලුවන්ට අවශ්‍යව තිබෙනා, න්යායපත්රය ටිකෙන් ටික ක්‍රියාත්මක කිරීමය.

කිසියම්ම ආකාරයකින් ප්රජාතන්ත්රවාදි කැටගරියට නොවැටෙනා දූෂිත හොර උගුලක් වූ 19 වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ ගෙන එන අවුරුදු 4 ක් හා මාස 6 ක් යන තෙක් ආන්ඩුව විසිරුවා හැරීමේ බලය, ජනපතිගෙන ඉවත් කිරීමේ යෝජනවා සම්මත කර ගත්තේ, සිරිසේනට කෙලීමටත්, තමන්ට ආතල් ගැනීමටත් බව හොඳින්ම වැටහෙන්නේ, තමන් බලයට පැමිණි දිනක අවශ්‍ය නම් එහෙම එකක් නැතයි කියා ඔප්පු කිරීමටද ව්‍යවස්ථාවේම තුලම ඉඩ කඩ සලසා දී තිබෙනා නිසාවෙන්මය.

සිරිසේනගේ සදාචාරය ප්‍රශ්ණ කළ අමු මී හරකුන්ගේ ප්‍රධාන තර්කයක් වෙන්නේ, මේන් මේ වගන්තිය කැඩුවේ කොහොමද කියනා එකය. මහ මැතිවරණ වලට මුදල් නාස්ති කරන්නේ කෙසේද කියනා එකය. එහෙම නම් හැමදාම මැතිවරණ තියන්න් ඕනාද කියනා එකය. රටට ජනතාවට මෙලෝ හසරක් නොකර තමන්ගේ ආතල් වලට පමණක් සියළු මුදල් භාවිතා කරමින් රාජපක්ෂ පන්නයේ පාලනයක්ම ගෙන යන්නේ නම්, උන් රාජපක්ෂලා නොව වික්‍රමසිංහලා වූවත් අනිවාර්යයෙන් එලවා දැමිය යුතුමය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23243819678180912222021-09-30T20:09:05.714-07:002021-09-30T20:09:05.714-07:00නිදී, රනිලට කඩේ යන උන්, මහින්දට බනින එකා මධ්‍යස්ත ...නිදී, රනිලට කඩේ යන උන්, මහින්දට බනින එකා මධ්‍යස්ත මත දරතියි සිතති.
මහින්දට කඩේ යන එකාද එලෙසමය. අනුරට සජිත්ට කඩේ යන වහල්ලුන්ද අනිත් උන් වහල්ලු කිය කියා වැලපෙති.

මහින්දගේ වුනත් රනිල්ගේ වුනත් සජිත් ගේ අනුරගේ වුනත් වරද දැකිය හැකි එකාට දෙගොල්ලෝම බනිති.

සාපේක්ශව අප තුල එක් පාර්ශවයකට බරවීමක් තිබිය හැක ඒත් ඒ නිසා තමන් පක්ෂ කණ්ඩායමේ හෝ වරද වරද ලෙස දැකීමට බාධා විය යුතු නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68511123078068549882021-09-30T18:20:59.115-07:002021-09-30T18:20:59.115-07:00ගොඩක් ස්තුතියි පිළිතුරුවලට. අපි වගේ මැට්ටන්ට හිතෙන...ගොඩක් ස්තුතියි පිළිතුරුවලට. අපි වගේ මැට්ටන්ට හිතෙන්නෙම අපේ සල්ලි කනවා කියලයි ඔය ගමන්-බිමන්වලට. ප්‍රහ්නය වෙන්නේ ඒවාට අවශ්‍ය අයමද යන්නේ කියන එක. දැක්කනේ ඔලිමිපික් වලට ගිය කට්ටිය හාඑකට නිදහසට කියැවුණු පරස්පර කතන්දර...

මම ආසාවෙන් බලා ඉන්නවා නොවැම්බරයේ අර පොකුරු මැණික වෙන්දේසි කරලා අපේ මව්බිම ධනවත් වෙනකල්! ඒකත් ඔය ප්‍රදර්ශනේට තියවිද දන්නෑ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86481942108942089342021-09-30T05:13:17.346-07:002021-09-30T05:13:17.346-07:00මම කියන්නෙ එවගෙ දුත ගමන් ගෑන නොවෙය්. රජ්‍ය නායකයන් ...මම කියන්නෙ එවගෙ දුත ගමන් ගෑන නොවෙය්. රජ්‍ය නායකයන් යන දුත ගමන් වලිනුත් ප්‍රයොජන තියනව. පිටරටවල ලොකු බිස්නෙස් කරයො අපේ බිස්නස් කාරයො හම්බවෙන්න එන්න එතකොට වෙඩි උනන්ඩුවක් ගන්නව. එ රටවල රජ්‍ය ආයතන , වෙලන්ද මන්ඩල එවා සන්විදානය කරන්න වෑඩි යෙන් උනන්දු වෙනව.
එxපො ප්රඩර්ශන කියන්නෙ භාන්ඩ එනවුම් කරන සමාගම් එන තෙනක් නොවෙය්. ඒවා සාමාන්‍ය මිනිසුන් ඉලක්ක කර තියන ප්‍රදර්ශන. එවායින් අපනයන එනවුම් ලබා ගත නොහෙකිය්. එ සන්දහා ලොකයෙ ප්‍රදාන ගෙනුම් කාර රටවල් වල ප්‍රදර්ශන තියනවා. ලන්කාව එවෙනි අපනයන ඉලක්කගත ප්‍රදර්ශන වලට සහබාගී විය යොඋතුය්. එxපො ප්‍රදර්ශන රටවල් වල සන්ස්කෘතිය , වෙනත් හෙකියාවන් මහජනයාට ප්‍රදර්ශනය කරන තෙනක්. මෙකට 6 මාසයක් සන්දහා යන වියදමෙන් , හොන්ඩ ප්‍රදාන මිලදී ගෙනුම් රටවල පවත්වන මිලදී ගන්නන් පමනක් එන පෙදර්ශන ගනනාවකට සහබාගී වී අපනයන ප්‍රතිපල ගෙන්න පුලුවන්. මම මිලන් එxපො සහ ඩුබඉ එxපො දෙකටම සම්බන්ද එ ගෙන හොන්දට ඩෙනුවත් කෙනෙක්.anonymoushttps://www.blogger.com/profile/05218330374819333125noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36927680156674771242021-09-30T05:08:59.246-07:002021-09-30T05:08:59.246-07:00පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබ...පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන සිටින සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේද සමීප හිතවතෙක් වන රිෂාඩ් බදුයුදීන් කේරලයෙ අන්තවාදීන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව කේරළ පොලිසිය සහ බුද්ධි කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව The New Indian Express පුවත් පත අනාවරණය කර තිබේ.

ජවිපෙ ජාතික ජන බලවේගයේ ප්‍රධානතම මූල්‍ය අනුග්‍රාහකයෙක් වන ඊබ්‍රාහීම් හජ්ජියාර් සමග 2009 වසරේදි කේරළයේ Kasaragod ප්‍රදේශයේ සංචාරය කර ඇති රීෂාඩ් එහිදි ආගමික නායකයන් සමග සබඳතාවයන් පවත්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි නෑ. පසුව 2015 වසරේදි රීෂාඩ් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටියදී චෙන්නායි හි ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ කේරළයේ Kasaragod ප්‍රදේශයේද සංචාරයක නිරත වි ඇති අතර රීෂාඩ්ගේ පියාද කසරාගොඩ පද්නා (Padna)හී පදිංචිකරුවෙකු වේ.

රීෂාඩ්ගේ පියාද එම ප්‍රදේශයේ සැක සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ 2016 - 2018 කාලයේ සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේන අතර බුද්ධි කාර්යාංශය සහ ජාතික විමර්ශන ඒජන්සිය (එන්.අයි.ඒ) 2019 ජුනි මාසයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් සමග සබඳතාවයන් පවත්වා තිබේන බව අනාවරණය කරගෙන තිබේ.

අයී එස්ස් සංවිධානයට බැඳීම සඳහා 2016 දී සිරියාව බලා පිටත්ව ගිය පද්නා නුවර සිට පැමිණි තරුණ මුස්ලිම් පවුල් 175 ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණයක් සහ රීෂාඩ් බදුයුදීන් සමඟ කසරගොඩ් ප්‍රදේශයේ සම්බන්ධතාවය සවිස්තරාත්මකව සොයා බලන බව ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් පවසයි. සිරියාව බලා පිටත්ව ගිය කණ්ඩායමේ 313 දෙනෙකු ශ්‍රී ලංකාවේ ජාතික තව්හීඩ් ජමාත් වෙත ගොස් ඇති අතර එහිදී ඔවුන් සිරියාවට යාමට පෙර ලංකාවේ ආගමික පුහුණුව ලබා ඇති බවද අනාවරණය වී තිබේ.

කේරළ ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ලොක්නාත් බෙහෙරා අදාළ විමර්ශන සම්බන්ධයෙන් කියා සිටියේ

“Kerala police will be looking into the links of arrested Sri Lankan political leader in Kerala to confirm the reports,” යනුවෙනි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදිමේ චෝදනාවක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුදීන් මහතා සහඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 24 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුව දෙදෙනා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගෙන මේ වනවිට ප්‍රශ්ණ කරමින් සිටි. බදුයුදීන් සහෝදරයන්ගෙන් ජාතික ආරක්ෂාවට වු හානිය පිළිබඳව දැනගත යුතු කරුණු රැසක් තිබේ.එම කරුණු දැනගත යුත්තේ 2019 අප්‍රියෙල් 21 ප්‍රහාරයේ තොරතුරු අනාවරණය කර ගැනිම සදහාම පමණක් නොවේ අනාගත ප්රහාරයන් වලක්වා ගැනිම සදහාත් ය.

මේ අතර සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ, ජවිපෙ දේශපාලන ක්‍රියාකාරීන් සහ ආගමික කණ්ඩායම් රැසක් අද දහවල් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වුණා, ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ නායකත්වයෙන්.

සුදු වෑන්,කිඹුලන් වැනි අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සහ බිලියන ගණනක අති විශාල බෙහෙත් මිලදී ගැනීමේදී කල බරපතල මූල්‍ය වංචාවක් සදහා මේ වනවිට අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දි සිටින රාජිත සේනාරත්න මහතා අල්ලාගෙන සිටි සටන් පාඨයේ සදහන්ව තිබුනේ. “සුළුජාතින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සුරකිමු” යනුවෙනි.

"රීෂඩ් අත් අඩංගුවට ගෙන ඇත්තේ සාක්ෂි මත පදනම්වය. දැන් කෙරෙමින් ඇත්තේ එම සාක්ෂී හරහා විමර්ෂණ සිදු කිරිමය. එය පොතේ ඇති නීතියට අනුව සිදුවෙමින් තිබේ.අ නිත් අතට අත් අඩංගුවට ගැනිමට හෝ විමර්ශනය කිරිමට සුළු හෝ මහ යන ජාතියක් අවශ්‍ය නොවන බව රාජිතට කියා දිය යුතු" බව රජයේ අදහසයි.

"එදා අප්‍රියෙල් 21 පල්ලියට ආ මිනිසුන් මේ රටේ කොටසක් ඉල්ලා සිටියේ නැත. ඇමතිකම් ඉල්ලා සිටියේ නැත.දේශපාලනය කිරිමට නිදහස් ඉල්ලා සිටියේ නැත. ඔහුන් පල්ලියට ආවේ තමන්ගේ අපේක්ෂාවන් ඉටු කිරිමටය.නමුත් ඔහුන් ඝාතනයට ලක්විය. දැන් වසර දෙකක් ගතවි තිබේ. පරික්ෂණ උපරිමයට යමින් තිබේ. වැරදිකරුවන් එකා දෙන්නා හසුවෙමින් තිබේ. ඔහුන් ඇත්තටම වැරදිකරුවන් බව හරින්, සජිත් රාජිත දගලන තරම අනුව තෙරුම් ගැනිමද අපහසු නැති බව" ද මේ ගැන රජයේ පාර්ශ්වයේ අදහසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67850745785075635842021-09-30T03:08:15.936-07:002021-09-30T03:08:15.936-07:00//පසුගිය රාජපක්ෂ රෙජීමයේ ඇමති වරයෙකු ලෙස සිටියදීත්...//පසුගිය රාජපක්ෂ රෙජීමයේ ඇමති වරයෙකු ලෙස සිටියදීත් අති විශාල ලෙස මහාපරිමාණ බරපතල වංචා දූෂණ රාශියකට සම්බන්ධ බවට චෝදනා සමගම පසුගිය යහපාලන රෙජීමයට සම්බන්ධ වී එම රෙජීමයේද අතිවිශාල බරපතල මූල්‍ය වංචා විශාල සංඛ්‍යාවක් කළ බවට දැනනටමත් චෝදබා ලැබ සිටින රාජිත සේනාරත්න හා රජයට බෙහෙත් ගෙන්වීමේදී බිලියනන් ගණනින් මහත් විශාල හොරකම් කිරීමේ මහ මොළකරු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් හාෂිම් මොහොමඞ් රූමි යන අන්ත දූශිත සොරුන්ට එරෙහිව අධිචෝදනා 14 ක් යටතේ පවරා ඇති නඩුව විභාගයට දින නියම කිරීම පිණිස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කරණු ලැබුවේ ඔක්. 06 වැනිදා කැඳවීම් කරණු ලබන බවටයි.

කිඹුල් රාජිත වගේ කාලකන්නි අමු පෙරේත ගූ හොරුන්ටත් කඩේ යන අමු සක්කිලි ඉන්නවා ද බන්? කුජීතයි නේද හෙණ ගහන වැඩ කරන පෙරේතයන්ට කඩේ යන උනුත් මකබෑවිලාම පලයන්, දුප්පත් අසරණ හිඟන්නන්ගේ බෙහෙත් පෙත්තෙනුත් ගසා කන අමු සක්කිලි හැත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31026401003455404722021-09-30T03:00:40.095-07:002021-09-30T03:00:40.095-07:00"පසුගිය මාස වල විදේශ විනිමය හිඟයකට අපි මුහුණ ..."පසුගිය මාස වල විදේශ විනිමය හිඟයකට අපි මුහුණ පෑවාත් සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කල නිසා ඉන්ධන හිඟයක් ඇති වුණේ නෑ. සෑම මසකම ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 200 බැගින් අපට ලබා දීමට නව මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් ඛණිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක් සිදුවන්නේ නෑ කියන එක අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්.

ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව පෙට්‍රල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මේ වසරේ නොවැම්බර් මාසය දක්වා අඛණ්ඩව ඩීසල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මම පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ ඛනිජතෙල් සහ ගෑස් අමාත්‍ය හර්දීප් ශ්‍රී පූරි මැතිතුමාගෙන් ඉල්ලීමක් කලා. අපේ රටේ තිබෙන විදේශ විණිමය අර්බූදය නිසා ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ස්ථාවර ණය පහසුකමක් ඉල්ලුවා. ඉන්දියාව ඒක අනුමත කලා. අපේ මුදල් අමාත්‍යාංශයෙන් ඒක අනුමත කලාම දෙසැම්බර් මාසයේ සිට ඩිසල් ගේන්න ඒ පහසුකම භාවිතා කරන්න පුළුවන්.

ඛනිජතෙල් සංස්ථාව දිගු කාලයක් තිස්සේ එකම සැපයුම්කරුවන් පිරිසකගෙන් ඛනිජතෙල් මිල දී ගන්නවා කියා චෝදනාවක් තිබුණු නිසා අපි කොන්දේසි ලිහිල් කරලා අළුත් සැපයුම්කරුවන්ට ලියාපදිංචි වෙන්න අවස්ථාව සැලැස්සුවා. එහෙම ආපු අළුත් සැපයුම්කරුවෙකු බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය දිනා ගෙන නිසි දිනට ලබා දීමේ දුෂ්කරතාවයක් තිබෙන බව දැනුම් දුන්නා. අපි ඒකට විකල්ප වැඩපිලිවෙලක් යෙදුවා. බොරතෙල් වල එකම පාරිභෝගිකයා ඛනිජ තෙල් සංස්ථාව නිසා බොර තෙල් හිඟයක් ඇති වුනත් එයට ජනතාව කලබල විය යුතු නෑ. එමෙන්ම එවැනි හිඟයක් ඇති නොවන බවට අප වගබලා ගෙන තියෙනවා.

මේ දිනවල එංගලන්තයේ නම් පෙට්‍රල් හිඟයක් තිබෙනවා. ඒ වගේම ඩීසල් හිඟය නිසා දින ගණනාවක් ලෙබනනයේ වාහන ගමනාගමනය නැවතුණා විතරක් නොවේ, රටම අඳුරේ ඉන්න සිදුවුණා විදුලිය නිපදාවා ගන්න බැරුව. මෑතකදී ස්වර්ගස්ත වූ සුනිල් පෙරේරා මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් කියයි “එංගලන්තේ එංගලන්තේ.. එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ” කියා.

පසුගිය දිනවල මමත් අමාත්‍යාංශ ලේකම් තුමියත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාත් විදේශ සංචාරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අසර්බයිජාන් සහ ඉරානය යන රටවල බලශක්ති ඇමතිවරු හමුවෙලා අපේ රටේ තෙල් ගවේශනයට පැමිණෙන මෙන් ආරාධනා කලා. ඒ වගේම ගෑස් ටෙක් සමුළුවේදී අපි අදහස් දක්වලා ඛනිජතෙල් ක්ෂේත්රයේ දැවැන්තයින් වන එක්සොන් මොබිල් වැනි සමාගම් සමගත් ලංකාවේ තෙල් ගවේශනය පිලිබඳ සාකච්ඡා කලා. ඒ නිසා මේ වසර අග දී අප බලාපොරොත්තු වෙන ඛනිජතෙල් ගවේශනයට ලංසු කැඳවීමේ දී සාර්ථක ප්‍රතිඵල දකින්නට පුළුවන් වේවි කියලා අපට දැන් විශ්වාසයක් තියෙනවා."

මූ මේ කියන කතා ඇත්තද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73546731541321761672021-09-30T03:00:16.364-07:002021-09-30T03:00:16.364-07:00මේ අවුරුද්දේ අගෝස්තු 31 තෙක් තෙල් සංස්ථාවට රු. බිල...මේ අවුරුද්දේ අගෝස්තු 31 තෙක් තෙල් සංස්ථාවට රු. බිලියන හැත්තෑවක අලාභයක් සිදුව ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියන්නෑ ඩොලරයේ අගය ඉහල යාම සමගම ලෝක වෙළඳපොළෙන් ඉන්ධන ආනයන වියදම දිගින් දිගටම ඉහළ යෑම මහත් ව්‍යසනයක් බවත් මෙය තවදුරටත් දරා ගත නොහැකි නිසා එය ජනතාවට භාර දීමට සිදුවන බවක්.

මේ ගැන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙහෙම කියනන්වා;

"යමක් 108 වතාවක් ජප කලොත් ඒක ඇත්තක් වෙනවා කියා පුරාණ ගැමි විශ්වාසයක් තිබෙනවා. දැන් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ තෙල් හිඟයක් ඇති වන බව විපක්ෂයේ මන්ත්‍රිවරු ජප කරන්නේ එහෙම කිව්වාම ඇත්තටම තෙල් හිඟයක් ඇති වේවි කියන අන්ධ විශ්වාසයයෙන් බවයි පේන්නේ. විපක්ෂයට අවංකවම ප්‍රශ්ණයක් තියෙනවා. රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වුණාම මුලින්ම ඇතිවෙන්න ඕනෑ තෙල් හිඟය. ලෝකයේ අනික් රටවල උනෙත් එහෙමයි. මේ මොහොතේ වෙමින් පවතින්නේ ද එහෙමයි. අපේ සමස්ථ ආනයන වියදමින් 20% වඩා වැය වන රටේ ප්‍රධානම ආනයන භාණ්ඩය ඉන්ධන. ඒ වගේම තෙල් කියන එක ආවට ගියාට කඩෙන් ගේන්නත් බැහැ. මාස ගාණක් පුරා ලෑස්ති වෙන්නට ඕනේ. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ පාන්නේ තෙල් හිගයකට. ඉතින් ඒක උනේ නැති නිසා අනේ වෙයන් අනේ වෙයන් කියමින් විපක්ෂය ජප කරමින් ඉන්න බවයි අපිටනම් පේන්නේ.

ගරු විපක්ෂ නායකතුමා අගෝස්තු 10 දිනත්, ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රිතුමා ජූලි 19, අගෝස්තු 31 සහ සැප්තැම්බර් 25 දිනවලත්, මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා අගෝස්තු 18 දිනත්, පාඨලි චම්පික මන්ත්‍රිතුමා ජූලි 21 දිනත් සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජූලි 15 දිනත් නුදරු දිනක ලංකාවේ තෙල් හිඟයක් ඇති වන බවට අනාවැකි පල කලා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් තුන් පාරක්ම කිව්වා. අවසානයට කිව්වේ පසුගිය සඳුදා. තමුන්නාසේලාගේම මාධ්‍ය වල පරන ප්රවෘත්ති වලට ගිහින් බැලුවොත් අපිට පේනවා නුදුරු දිනකදී වෙනවා කියන්නේ මාස තුනක ඉදලයි. එහෙම එකක් වුනේ නැහැ. එහෙම නොවෙන තත්වයට වග බලා ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ.

ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දැම්මේ ඉන්ධන හිඟය ඇති වීම මග හැරීමට බවටත් සමහරු කියනවා.ඔක්තෝම්බර් 1 දා දක්වා රට වහන්න කියන ඉල්ලීම කලේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් වෛද්‍ය විද්‍යාත්මකව කරුණු දක්වමින්. ඒ පිළිබදව කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගැඹුරින් සලකා බලලා ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දැමිය යුතුයැයි තීන්දු කලා. ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දමන්නැයි ඉල්ලීමක් කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මම කිසිම බලපෑමක් කලේ නෑ කියලා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. රට වහන්නට කලින් විපක්ෂයේ ප්‍රධානතම සටන් පාඨය වුනෙත් රට වහන්න කියන එකයි. විපක්ෂය විසින් දිගින් දිගටම රට වසා දමන්නැයි ආණ්ඩුවට බලපෑම් කලෙත් ඉන්ධන හිඟය ඇතිවීම වැලැක්වීමට දැයි අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා රට වැසීම පිලිබඳ කාකතාලිය න්‍යායෙන් බොරු ඇද බාන්න එපා කියා විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57936044066973475652021-09-29T21:12:42.621-07:002021-09-29T21:12:42.621-07:00එක්ස්පෝ -2020 ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ එක්සත් අරාබි...එක්ස්පෝ -2020 ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරේට්ස් කියන රටේ ඩුබායි නමැති ෆෙඩරල් හා සමාන බලතල ඇති එමිරේටයක් නමැති ප්‍රාන්තයේ අගනුවර වන ඩුබායි නගරය තුලයි.

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ 2020 වර්ෂයේ ඔක්තොම්බර් මස 20 වනදා සිට 2021 වර්ෂයේ අප්‍රේල් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ Exපො -2020 ප්‍රදර්ශනය පැවති Cඔවිඩ් -19 තත්ත්වය හමුවේ පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් 2021 ඔක්තොමබර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුන 77,700 km2 ක් තරම්, මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි.

ඩුබායි යනු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇති එමිරේට හතෙන් එකකි. එය අරාබි අර්ධද්වීපයේ අරාබි බොක්කට දකුණට වන්නට පිහිටා ඇත. විශාලතම ජනගහනය ජිවත් වන්නේ ඩුබායි හි වන අතර එය අබුඩාබි වලට පසුව භුමි ප්‍රදේශ ප්‍රමාණය අනුව දෙවන විශාලතම එමිරේටයයි. රටෙහි ෆෙඩරල් ජාතික කවුන්සිලයෙහිදී ජාතික වැදගත්කමක් ඇති කාරණා වලදී නිෂේධ බලය භාවිතා කල හැක්කේ බුබායි හා අබුඩාබි යන ඒමිරේට් දෙකට පමණි.

සාපේක්ෂව ඩුබායි ඉතාමත් බටහිරකරණය වූ බහු සංස්කෘතික වඩාත් නිදහස් ලිබරල් ආර්ථිකයක් ඇති රටක්. ඩුබායි අවට ඇති ඕමාන් සහ සෞදි අරාබියද ශක්තිමත් ආර්ථික හිමි රටවල්. විශේෂයෙන්ම ඩුබාඉ වල දේපල, නිවාස කුලී ඉහළ නිසා ඕමාන් (Oman) වල සොහාර් (Sohar) වගේ නගර වල ඉඳලා border crossings හරහා හයිවේවල එන අයත් ඉන්නවා. ශාජා සහ අබුදාබි වගේ අනෙක් එමිරේට් පළාත් වල වියදම් අඩු ප්‍රදේශ වල සිට ඩුබායි නගරයේ සේවයට එන අය වඩාත් වැඩියි. ධනවත් අයට නම් ඩුබායි වලම සැපට වැඩ කරගෙන යන්න පුළුවන්. සෞදි අයත් විනොදාස්වාදය සහ ආයෝජන සඳහා නිතර මාර්ග හරහා මෙන්ම ගුවනින් ද ඩුබායි නුවරට එනවා.

මේ ප්‍රදර්ශනය ගැන කෙටි විස්තරයක් මෙතනින් බලාගන්න පුළුවන්.

https://www.helakuru.lk/uat/modules/news/index.php/news/get/si/78867Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18379600236136351102021-09-29T20:53:04.885-07:002021-09-29T20:53:04.885-07:00නිමල්,
ඔබ මේ කියන්නේ ලංකාවේ කුප්‍රකට විශාල දූත පි...නිමල්,

ඔබ මේ කියන්නේ ලංකාවේ කුප්‍රකට විශාල දූත පිරිසක් සමග කරන නාස්තිකාර දේශපාලන සංචාර ගැන නේද? මේක 2005 - 2014 රාජපක්ෂ රෙජීමය සමයේ හිටපු ජනපතිට එල්ල වූ විශාල චෝදනාවක්, විශේෂයෙන්ම ඔහුගේ ඥාති මිතුරන් රැසක් උපදේශක වැනි තනතුරුවලට පත්කරගෙන ඔවුන් ලොව වටා, විශේෂයෙන්ම චීනයට ගෙනයෑම විහිළුවක් වුණා.

නමුත් මම හිතන්නේ මේ වන විට එය බොහෝ දුරට අඩු වී ඇති බවයි, මේ වගේ සංචාරයකට එවන් අනවශ්‍ය විශාල පිරිසක් යන එකක් නැති වෙයි.

මේ වගේ ප්‍රදර්ශනයකින් අප උපරිම ප්‍රයෝජන ගත යුතුයි. එය අපේ රටට ලෝකයට ලබා දිය හැකි හොඳම දේ විදහා දක්වන ප්‍රර්ශන මණ්ඩපයක් කරන්න පුළුවන් බුද්ධිමත්ව වැඩ කළොත්, මොකද ලංකාව එහි තේමාව ලෙස “ජලය” තෝරාගෙන ඇත්තේ ජීවිතයට මෙන්ම අපේ ආර්ථිකයට ද ඇති වැදගත්කම නිසා. ලංකාව දූපත් රාජ්‍යයක් වන නිසා ජලයෙන් වටවී ඇති බැවින් ගංගාවලින් ද ප්‍රයෝජන ලබන අතර අපේ අතීත සාරය වශයෙන් වාරිමාර්ග මගින් රටට ධනය ගෙන එන ශිෂ්ටාචාරයක් පැවති බවත් අනාගතයේදීත් සංවර්ධනය සඳහා අපගේ කැපවීම මෙමගින් පිළිබිඹු කරනවා. ලංකාවේ මණ්ඩපයට පැමිණෙන අමුත්තන් දිවයිනේ සුන්දරත්වය, එහි සංස්කෘතියේ පොහොසත්කම මෙන්ම සංචාරක, වෙළඳාම සහ ආයෝජන වැනි ක්ෂේත්රවල අවස්ථා ද නිරීක්ෂණය කරන්නට සලස්වා රට බ්‍රෑන්ඩ් එකක් ලෙස මාකට් කරන්න පුළුවන්.

මේ වගේම වෙළඳ, සංචාරක සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රට පිළිබඳව සැලකිය යුතු දැනුමක් ඇති කිරීම සඳහා එක්ස්පෝ 2020 ඩුබායි ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවන් විවර කරන අවස්ථාවක් වගේම ලංකාව යනු දූපත් රටක් නමුත් ඒ ප්‍රමාණයෙන් ඔබ්බට විහිදෙන අතර උපායමාර්ගික පිහිටීම, සුන්දරත්වය සහ උසස් ජීවන තත්වයක් සඳහා ප්‍රසිද්ධ වූ ස්ථාවර ආර්ථික වර්ධනයක් භුක්ති විඳින ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස අපි ලෝකය පුරා බ්‍රැන්ඩ් කිරීම අවශ්‍යයි අපිට ගොඩ යන්න ඕනෙ නම්. මොකද වැදගත් ධනවත් බලවත් කවුරුත් හිඟන ගුබ්බෑයම් අස්සේ රින්ගන්න එන්නේ නැහැනේ? ඒ නිසා අපි හොද වැදගත් ශක්තිමත් රටක් විදිහට රටේ ව්‍යාපාරික වාතාවරණය, එහි යටිතල පහසුකම් සහ සැපයුම්වල ඉහළ ප්‍රමිතිය, ශ්‍රී ලාංකිකයින්ට ලබා දිය හැකි දැනුම සහ නැගී එන කර්මාන්ත, බුද්ධිමත් ශ්‍රම බලකාය ආදී සියල්ල අත්විඳීමට හැකි රටක් බවට ශ්‍රී ලාංකික මණ්ඩපයට පිවිසෙන ජාත්‍යන්තර නියෝජිතයින්ට කන්වින්ස් කරන්න ඕන.

මීට අමතරව ලොව පුරා අනෙක් රටවල අපනයන ප්‍රවර්ධන කටයුතු බලල ඒවයින් ඉගෙන ගන්න පුළුවන්, තව අපටත් එම ව්‍යාපරවලට අවශ්‍ය කොටස්, උප කොන්ත්‍රාත්, අමුද්‍රව්‍ය වගේ දේවල් දෙන්න පුළුවන් අවස්ථා හැකි පමණින් සොයා බලා අපේ ආදායම් වැඩි කරගැනීමට, අපනයන වර්ධනය කර ගැනීමට මහත් කැපවීමෙන් අධිෂ්ඨානශීලීව උත්සාහ කළොත් පුළුවන්. එය රජයේ වගකීමක් මේ වෙලාවේ විශේෂයෙන්ම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10129095477859639082021-09-29T19:54:49.237-07:002021-09-29T19:54:49.237-07:00ඉතාම පරන නෙව්ස් එකක්.
ඔය කියන අමත්යන්ශ නිලදාරින් ...ඉතාම පරන නෙව්ස් එකක්.
ඔය කියන අමත්යන්ශ නිලදාරින් ඔය කියන අයාතන වලින් ඉවත් වී හො පෙන්ශන් ගිහින් අවුරුදු දෙකකට වෙඩිය්.
ඩුබය් කියන්නෙ ගුවනින් එරෙන්නෙ වෙන කිසිම අවට රටකින් / ප්‍රදේශයකින් මිනිස්සුන්ට පෙමිනෙන්න පුලුවන් රටක් නොවෙ. වටෙටම යුද්ද.
එxපො කියන්නෙ බිස්නේස් ප්රද්රශනයක් නොවෙ. රටක් විඩිහට යන්න අනිවර්ය වුනාට බිස්නෙස්ස් ගන්න පුලුවන් තෙනක් නොවෙ විශෙශයෙන් ඩුබඉ මෙ ප්‍රදර්ශනය. සල්ලි කෙමක් විතරය්. ප්‍රයොජන ගන්න තිබ්බෙ එxපො මිලන් වලින් (2015) . එඋ එතුලු ලොකෙ පුරාම රටවල් වලින් අති විශාල ජනතවක් එxපො මිලන් වලට ආව. බිස්නෙස් නෙතිවුනත් ප්රචරනයට වෙඩගත් වුනා එය.anonymoushttps://www.blogger.com/profile/05218330374819333125noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34736858078797732952021-09-29T17:40:03.650-07:002021-09-29T17:40:03.650-07:00ඉතා හොඳ ප්රවනතාවක්... මහත්තයෝ. නොදන්නාකමට අහන්නේ....ඉතා හොඳ ප්රවනතාවක්... මහත්තයෝ. නොදන්නාකමට අහන්නේ.... ඔය ප්‍රදර්ශනේට රටෙන් බාගයක් විතර යයිද දන්නෑ වැඩවලට කියලා, අපේ සල්ලිවලින්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14140726412293124432021-09-29T09:22:57.010-07:002021-09-29T09:22:57.010-07:00පෝස්ටුවට හපන් මාගල් කොමෙන්ට් පෝස්ටුවට හපන් මාගල් කොමෙන්ට් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28476818403606223562021-09-29T09:00:00.215-07:002021-09-29T09:00:00.215-07:00This comment has been removed by the author.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.com