හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
May 9, 2010
පාන් කවි - Bread Poetry
පුරුතුගීසී වයින් බිබි කනව දැකල පාන්
අපේ උනුත් කාලා බලපි හොඳද කියල පාන්
එතැන් පටන් රස විඳිනව සුදට සුදේ පාන්
කොච්චර ආදරෙද උඹට ඇයිදෝ කිය පාන්
සිරිමාගෙන් පෝලිම්වල කට්ට කාපූ පාන්
අල කවන්න ඕන නිසා බතුත් නැතිලු බන්
හැත්ත හතේ මුත්ත ඇවිත් දුන්න කන්න පාන්
පාන් නෙවෙයි ඕන් දෙයක් තියෙනව කා පාන්
නැති බැරි අය කාල කපල කන්න ගන්නෙ පාන්
ඇති හැකි අය ගෙඩිය පිටින් කෙලල අරින පාන්
එක එක ගනනට තියෙනව වෙළඳ පොලේ පාන්
පාලන මිළ කීයද මට කියලා දී පාන්
ධන රිනයා සූත්තරෙන් වැඩි කරාපූ පාන්
ජොනිය ඇවිත් ආපූ ගමන් කෙලිය නේද පාන්
මේ වැඩේට ජොනියාගෙන් වැඩක් නැහැනෙ බන්
දොස්තර සිල්වට දුන්නොත් නරකද කිය පාන්
නියමයි බන් . . මම මේක කවියක් හදන්න හැදුව හැදුවා ම්ම්හූ . . එන්නේම කුනුහරුප . . .ඒක නිසා අතහැරලා දැම්මා . . හික් හික්
ReplyDeleteමේක පට්ට . .. !
ජොනිය කන්නෙ කේක්නෙ බං ඔකුං දන්න පාන්
ReplyDeleteපොඩි මිනිස්සු පාන් කාල ජීවත් වුණෙ බාන්
නගරෙ ඉන්නෙ ලොකු මිනිස්සු විතරලු දැං ඕන්
පොඩි එවුණුත් ලොකු කරන්න ගණන් කලා පාන්
මැඩම් ඇවිත් තුනයි පනහ ගානෙ දුන්නු පාන්
ReplyDeleteඒ කාලේ බත් තිබුනත් රෑට කෑවෙ පාන්
ලංකාවේ වැඩි දෙනෙක්ගෙ කුස පුවපු පාන්
බලං ඉන්න දුකයි මෙහෙම ගනං යනව පාන්
පට්ට කවි සෙට් එක.හික්ස්!!!!
@ දුකා
ReplyDeleteතෑන්ක්ස් මචෝ
@ h
ඒක ඇත්ත බන් ....
@ මතක මං පෙත
තැන්ක්ස් (හෙහ් හෙහ්.......)
එළම තමයි..
ReplyDeleteනියමයි
ReplyDeleteනේක වර්ග පාන් දැක්කෙ මේ රටේදි බ...න්
ReplyDeleteහතරැස් නං අපි ඒකට කිව්වෙ අච්චු පා..න්
සිරිමා අපට කන්න දුන්නෙ වර්චස් මැටි පා..න්
අපි හැදුනේ පාන් කාලා, නිවන් දකින් පා..න්
හෙහ් හෙහ්... නියමයි. තව මේ වගේ ඒවා ලියන්න.
කරස් ගාලා හැපෙන පැතලි එව්වා රෝස් පා..න්
ReplyDeleteගල්කන්දේ බේකරියේ නියම, මාලූ පා..න්
මතක් වෙච්ච ගමන් කටට කෙල උනනවා බා..න්
මෙන්න මේහෙම වගේ එව්ව, තව තව ලිය..පාන්
බටර් ගාලා ටෝස්ට් කරලා සුද්දොත් කති පා..න්
ReplyDeleteගමේ කඩේ පරිප්පුවත් එක්ක ගිලින පා..න්
බත් නැතිදා ලගින් ඉන්නේ කව්දැයි කියපා..න්
පාන් කියන්නත් බැරිවෙයි නැතිවුනොතින් පා..න්
@ Siribiris
ReplyDeleteඑළම එළ.....
හරියට රෝස් පානුයි පරිප්පුයි වගේ .......
කොහොමද රස .........
@ Siribiris
ReplyDeleteඑළම එළ.....
හරියට රෝස් පානුයි පරිප්පුයි වගේ .......
කොහොමද රස .........
Read
ReplyDelete