කොල්ලනේ මෙහෙ වරෙව්
කෙල්ලනේ මෙහෙ වරෙව්
ඇවිත් බිම පෙරලියව්
බුලත් දී වැඳපියව්
පොතක් එලියට ගනිව්
කියන දේ ලියපියව්
ලියන්නට බැරි උනොත්
මේ දේත් අහපියව්
ඉස්කොලේ වෙලා මදි
සිලබසෙත් කලා මදි
ඇවිත් මා හමුවෙයව්
හැන්දෑවේ නිවසේදී
ගෙදර කට්ටිය වැඩියි
ඇටෙන්සොන් අමාරුයි
ඉන්ඩිවිජුවල් කලොත්
උඹට මම ආදරෙයි
සල්ලි ඇත්නම් පුතේ
ජීවිතේ සරුවෙතේ
ඒවා නැත්නම් පුතේ
නාවාට කම් නැතේ
එකෙක්වත් නෑ කැමති
දුෂ්කරවූ සේවයට
දෙනවාද මාරුවක්
කොළඹ ඉස්කෝලෙකට
ඉගෙන ගත්තත් නැතත්
නෙක්ස්ට් ක්ලාස් උඹ සමත්
පාර්ලිමන්ට් යන්නටත්
දීපල්ලා සප් එකක්
ළෝක ගුරු දිනය වෙනුවෙන් ළෝකේ කාලා වතුර බොන ගුරුවරුන්ට උපහාර පිණිස.
දැන් ඉතින් මාව මරන් කන්නේ නැතුව, ගුරු දෙවියන් වෙනුවෙන් ලියපු කවිය මෙතනින් බලන්න.
අපූරු කවි ටික...ඔය වගේ ගුරු හොරුත් ඉන්නවා වගේම හොඳ ගුරුවරුත් ඉන්නවනෙ මාතලන්...
ReplyDelete@ දිල්
ReplyDeleteඇයි අනේ පෝස්ට් එකේම ලින්ක් එකත් දාලා තියෙන්නේ..
නියම කවි ටික. මම හිතන්නේ දැන්නම් වැඩිහරියක් ගුරුවරු මෙහෙමයි. හැබැයි ගුරුදෙවිවරුනුත් ඉන්නවා. ඔවුන්ට උපහාර වේවා!!
ReplyDelete@ වෙද මහත්තයා
ReplyDeleteඑයාලට පුදපු උපහාරයට ලින්ක් එක පෝස්ට් එකේම තියෙනවා
සැබැ ගුරුවරුන්ට උපහාර වේවා!
ReplyDeleteමොනවා හරි කරල උගන්නපු ගුරොත් උන්න අපිත් එක්ක. එකනෙ අපි මෙහෙම
ReplyDeleteගුරු හොරු වගේම, විශිෂ්ඨ ගුරු වරුත් ඉන්නව, ඒ කාලෙත් හිටිය. දෙවිදියෙම අය මතක් වෙනව. ලින්ක් එකෙන් ගිහින් බැලුවෙ නැහැ, වැඩ ඇරෙන වෙලාව ළඟය්, ගෙදර ගිහිල්ලම බලන්නන්.
ReplyDeleteගුරු හොරුන් අතරේ දෙවි වරු වන් ගුරු උතුමන් සහ උත්තමාවියන් ද ඉන්නවා මචන්,,
ReplyDeleteජය,,
@ සබිත්
ReplyDeleteඅනිවාර්යයෙන්. ඔබ හොඳ පෝස්ට් එකක් දාලා තියෙන්නේ. අදත් මගේ ගුරුවරුන්ට මම වඳිනවා. (ඒක විශේෂ වන්නේ මම මගේ පුතාටවත් මට වඳින්න ඉඩ දෙන්නේ නෑ.)
@ ලොකු ජෝන්
ReplyDeleteඑදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඒකේ ආයේ දෙකක් නෑ.
@ ඔබ්සර්වර්
ReplyDeleteඒකේ තියෙන්නේ දෙවිවරු ගැන
@ ගයාන් රූපසිංහ
ReplyDeleteඅපෝ ඉන්නවා. දැන් නම් අඩුයි හැබැයි. ඒක තවත් රස්සාවක් විතරයි.
සැබෑ ගුරුන්ට හැමදාම ගුරු දිනය. ගුරු හොරුන්ට ගුරුදා විතරක් ගුරු ගුරු දාය.
ReplyDeleteබොහොම ස්තුතියි මාතලන් අයියා!
ReplyDeleteගුරු උත්තමයන් ගැන මගේ ලිපියකුත් තියනවා..කැමති අය ගිහින් බලන්න!
මූට ගහපියව්....!
ReplyDeleteඔය කිව්වට මං දන්නවනේ එකෙක්වත් අත උස්සන්නේ නෑ කියලා... අද මටත් පොඩි පාට් එකක් දැම්මනේ බුලත් අතක් ගෙනාවේ නැද්ද කියලා නඩුකාරියි, කුමාරිකාවයි. එතකොට තමා මං දන්නේ අද ගුරුදිනේ කියලා....
තෑන්ක් මාතලන් පස්ට කවි ඈ ..
ReplyDeleteඑල කිරි ගුරුවරුන් අතර මේ වගේ අයත් ඇත්තෙම නැත්ද ?
කොහොම ද පංතියෙ ළමයින්ගෙ චන්දයකින් විෂය උගන්වන ගුරුතුමිය/තුමාව තෝර ගන්න ඉඩ ලැබෙන දවසක් ආවොත්?
ReplyDeleteටියුෂන් පංති යද්දී සල්ලි ගෙවලා නේද කාගෙන් ද ඉගෙන ගන්නෙ කියල තෝර ගන්නේ?!!!
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteකතාව සම්පූර්ණ ඇත්තයි..
@ සබිත්
ReplyDeleteඅගය කළ යුතුදේ අගය කළ යුතුයි...
@ ප්‍රසන්න86කේ
ReplyDeleteගහන්නේ මක්කටෙයි. මරාගෙන කාපියව්. වාසනාවකට ස්වාධීනව හිතන්න පුරුදු කරපු ගුරුවරුන් අපට හමුවුනේ.
@ හිස් අහස
ReplyDeleteටැන්කූ. ඉන්නවා ඕන තරම්. දරුවන්ට අතවර කරන උනුත් ඉන්නේ.
@ අරුණි ශපිරෝ
ReplyDeleteඅරුණි නොදන්නව උනාට ටියුෂන් වලට වඩා ඉස්කෝලෙට වියදම්, අරකට කියයි, මේකට කියයි, ඊට වඩා හොඳයි ඉන්ටර්නැෂනල් දැම්මනම්. අඩු ගානේ රිසීට් එකක් වත් ලැබෙනවනේ. මේ දෙන සල්ලි බහිරවය ගිලිනවද කොහෙද.
මට හොඳක් කලත් නරකක් කලත් මට බාලාංශ පංතියේ උගන්නපු දෙවට කුඹුරෙ ටීචගෙ ඉඳල ඇඩ්වාන්ස් ලෙවල් විබාගෙට කලිං අන්තිම පංතිය කරපු ග්‍රේරො සර් දක්වා හැම ගුරුවරයෙකුටම හිස නමා ආචාර කරනව . . . . ගුරු දිනයට විතරක් නෙමේ . . . හැමදාටම
ReplyDeleteදැන් හැමකෙනාටම දවසක් තියනවනේ. නරකද ගුරුවරුන් එකතුවෙලා එයාලගෙන් වැඩක් ගෙන, ජීවිතයට හොඳට මුහුන දුන්නු ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට උපහාර කලොත්?
ReplyDeleteනෑ ඉතින් මම නිකමට කීවේ...:D
@ ඕනයා
ReplyDeleteහොඳ ගෝලයෙක්....
අපිනම් වැරදි උන්ට වැරදියි කියනවා...
@ පොඩි කුමාරිහාමී
ReplyDeleteඔයාගේ මේ පාර පෝස්ට් එක මාරයි. හොඳ යෝජනාවක්.
බර පැන උපහාර ලබන අයටම දරන්න වෙයි.