Nov 15, 2017

මගේ..... පුංචි දෝණි...... - My Little Princess


යුගයේ කෙටිකතාකරු
ප්‍රියාන් ද සිල්වාගේ සයිබර් කෙටි කතාවක්


මගේ..... පුංචි දෝණි......
==================
( සමහරවිට මුහුණු පොතේ අවසන් අකුරැ )
=================================
.................
උඹලට දැනෙනවද..? එ බොල් සද්දේ..?
.......
නෑ....සමහර වෙලාවට තව ටිකක් යටට හාරන්න ඔනී.....!!!
තව ටිකක් යටට.....!!
තව ටිකක්......!!!!!
............
මම අත් දෙකෙන් හාරන්නේ...පොලව....
එතන...නිදන් ඉන්න...මගේ චූටි කෙල්ල...උදැල්ලේ සද්දෙට බය වෙන නිසා..... මම...ගිය පාර කරපු මෝඩ වැඩෙ ...අද කරන්නැ.....!
එදා..... මගේ අත ටිකක් වෙවිලලා....උදඑ තලේ. " ඩොග්.." ගාලා වැදුනා..... පුංචි පෙටිටියේ....උඩ පියනේ......!!
චූටි දූ ගැස්සිලා....ඇහැරැනා......
මම පැය ගානක්.....චූටිව..තුරැඑ කරන්....කඑවරේම....නැලෙවිවා.....!!
.................
................
උඹලට...පේනවද....හඳ එළියට....පෙටිටය අපූරැවට දිලිසෙන..ලස්සන....
අලුත්ම.....පෙටිටය..වටෙට....තියෙන..රිදී පාට....කැටයමි තීරැ..හඳ එලියට දිලිසෙන හැටි..උඹලට..පේනවද....??
.................
මගේ දූ පැටියට....මෙතන....හරිම නිදහස්....සනීපයි.....!!
මුහුද පැත්තෙන්.....හඳ එලිය...පෙරන්...එන....හීතල හුලගට....චූටී...පුරැදු වෙලා දැන්.....!!!
එයාගෙ සුදු පාට පුංචි දිග ලේස් ගවුම.....සුදු මෙස්....හද එළියට දිලිසුනා.....චූට්ගේ....අකීකරැ. කොන්ඩෙ නමි හුලගට....මගේ මූණ පුරා...සෙල්ලමි කරා........!!!
.................................................
.................................................
දෝණි....නිදා ගන්න කමි....මම එයා..පපුවට තුරැඑ කරන්..... අචිචි අමිමගේ සොහොණට හේත්තු වුනා.....!!!
දෝනිගේ පපුවයි....මගේ පපුවයි....හරියට එකට. ...ලබි ඩබි ගෑවා....වෙනදා..වගේම......!!!
අර...ඉස්සර වගේම..........!!!
........................................
........................................
+++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++
.......................................
.......................................
" පොඩි කෙල්ලට......ටිකක් අමාරැයි...වගේ ..පුතේ......!!
හවස....තුන් පාරක් වමනේ දැමිමා........"
" උඹ ...එන්න පරක්කු වෙන නිසා...... මම. ...අල්විස් මහත්තයගෙන්...බෙහෙත් ගෙනත් පෙවිවා......
පොවන පොවන....එක වමනේ කරා.....
බලපන්..... ඉස්පිරිතාලෙවත් එකක්න් යමු ද බං.....?"
..........
අමිමා..චූටිව...උකුලේ තියන්.... ඔලුව අත ගගා උන්නේ......!
...................
ගේ..පුරාම....ඔඩිකොලොන් සුවද..එක්ක...වමනේ...සුවදත් චූට්ගේ...!!
එලියේ...... මොර හූරන වැස්ස..... ඩෝං ගාලා වහලට වැදුනේ.... "තොපිට... තව කරදර කරන්න ඔනී.....තව කරදර කරන්න ඔනී " කියනවා වගේ.....
......................
" බලන් ...ඉදලා බෑ..... බලපිටියේ.... ඉස්පිරිතාලෙට අරන් යමු ....."
මම චූට්ගේ ..... නලලට අත තිබිබා..... !!
මගේ කටහඩ ඇහුනු ගමන්.....අසරණි.... ඇස් අමාරැවෙන් ඇරලා බැලුවා.....
............
"මගේ සුදු පුතේ.......!!
ඉක්මනට සනීප වෙයි.... රත්තරනේ.....". මම ..කියන කොට දෝනී..... ඇස් ඇරන් බලන් හිටියා ....මම දිහා...... මලානික..ඇස්.....!!
.......................
.......................
"කුඩයක් අරන් ...පලයන්....!!
උඹත් ..තෙමිලා ලෙඩ වෙයන්.....තියෙන....කරදර මදිවට..."
...........................
අමිමා....කුඩෙ තිබුනු දිහාට අත දික් කරා.....!
අමිමත් හොදටම දුර්වල..වෙලා....!
කෙඩෑරි...දුර්වල හීන්...අත්.....රැලිවැටිලා තිබුනා....
උන්දැත් ඉපදිචිච දවසේ ඉදලා....දුකම තමයි ඉහිලුවෙ.....!!
..............................
..............................
කටිට කලුවරේ...... ලයිටි එලියක් නැති පාර දිගේ..... මනුස්ස පරානයක් නැති පාර ද්ගේ...... මම තෙමි ..තෙමී..ගියා.....!!
ධාරානීපත වරැසාවට..... මහා තිරිසන් හිතක් පපුවක් නැති හුලගට....නැමිලා..කැඩුනු.....කුඩෙ....මම ගුලි කරලා....කලුවරටම දමලා ගැහුවා.....
මෙ......තරමි....කරැම ජීවිත අපේ......!!
දෙයියෝ..... ඇස් වහන්....කන් පියන්...ඇති.....
කරැම.....වෙලාවක් මට තිබුනේ..... නැත් වෙන කොට සේරම නැති වෙනවා....
.......................
මහා කාලකන්නියෙක් මම......!!!
.......................
ත්‍රීවිල් පාරක් එක...හිස් වෙලා..තිබුනා......!
උන් සේරම......වැස්සට....හීතලට.....අමිමලාට...හැමිනෙන්න......ගෙවල් වලට ගිහින් ඇති...
වල් වෙසිගේ පුතාලා.....!!!
මම මහා වැස්සේ...... හන්දියේ....ලයිටි එලියේ තෙමි තෙමි වාහන වලට අත දැමිමා......
පිස්සුවෙන් වගේ......මහා වැස්සේ තෙමි තෙමි.....
අනෝරාපත ....හෙණ ගෙඩි වගේ වැහි බිංදු. අසරණ කාලකන්නියට....වද දුන්නා.........
ලයිටි එලි ඩිමි කරන්.....ආපු වාහන.....තිරිසන්නු වගේ...... දමලා ගහලා..ගියා.....
.......................
මගේ දෝණි.........!!!!
..........................
හීතල....වැහි බිංදු එක්ක.....මගේ කදුඑ....තරගෙට....මුහුන හෝදන් පපුව... දිගේ දිය ඇල්ලක් වගේ ....ගලන් ගියා.......
............................
............................
"පාර මැද්දට පැනලා .....බලෙන් හරි නවත්තනවා....."
බැරිම...උනොත්....බලෙන්..හරි...... එකෙක් මරලා.....හරි. වාහනයක් නවත්තා ගන්නවා....."
.....................................................
.....................................................
වැස්ස කපා ගෙන....හයියෙන්..ආව.... වාහනේට..මම පාර මැදටම පැන්නේ...දෙකින් එකක් වෙන්න....!!
.............
" බරාස්..........." ගාලා. ....ඒක.....නැවැත්තුවෙ.... මගේ ඇඟට....අඟලක් විතර තියලා.....ජීප් එකේ බොනටි එකේ රස්සේ....දැනුනා.... වැස්සටයි..ලයිටි එලියටයි...කදුඑ වලටයි ඇස් නිලංකාර වෙලා ත්බුනේ.....
........................
" මොකද....වෙසිගේ පුතෝ...... තෝ මැරෙන්නද..හදන්නේ.... තෝ බීලද... යකෝ..?"
ජීප් එකේ......ඉස්සරහා වීදුරැව බාගෙට පහත් කරපු එකෙක් කෑගැහුවා...
....................
" පොලීසිය.......අමිබලන්ගොඩ "
.................................................
ඔ..අයි සී...මහත්තයා.....මොර හූරන.... වැස්සේ...කුණුහරැප විද්දා....!!
සමහර විට.....බීලා ඇති..... අමිබලන්ගොඩ පොලීසියේ උන්. රෑට සේරම බීලා ඉන්නේ......!
ජරා හැත්ත......!!!
...............
" මොකද..ඔයී.........."
හඬ...ටිකක් බාල කරපු ඔ.අයි සී...වැස්සෙම මම දිහා බලන් උන්නා.....
මම ලගට ගිහින්........කෙටියෙන් කිව්වා......
.............!!!...................
වැස්ස.......කදුඑ.....වචන වලට......කාලකන්නි ඉකියකුත් ඇති කරා.....
......................
" නගිනවා....... යන් ..තමුසෙගේ....ගෙදරට............."
.................................
.................................
.................................
.................................
+++++++++++++++++++++++++++++++++++
===================================
.................................
.................................
බලපිටියේ ඉස්පිරිතාලේ. කොරිඩොවේ මලානකි ලයිටි එලිය යට....... ලෑලි පටි බංකුවෙ......මම. ...බලන් උන්නා..... !!
දෝණි.....දැඩි සත්කාර ඒකකේ..... පුංචි හදවතේ ගැස්ම එක්ක... දේව දූතයෝ....එක්ක සෙල්ලමි කරා......
දේවදූතයෝ...... දෝනිව.....හෙමින්....අත්වලින් පිරිමැද්දා......
කටවල් වල මුකවාඩමි බැඳ ගත්ත...මිනිස් දේවදූතයෝ....දෝනිව....කටු වලින් සිදුරැ කරා..........!!!!
........................................
........................................
........................................
" තාත්තේ...... බබාව....ඉක්මනින්.... ජාතික.... රෝහලට යවන්න වෙනවා.....
ඇමිබියුලන්ස් එකේම.....තාත්තත් යන්....'
............
දොස්තර...මහත්තයා....මගේ උරහිසට අත තියලා......කිව්වා.....
............
............
මගේ හුස්ම හිර කරන් .....කදුඑ තද කරන්..... මම ඇමිබියුලන්ස් එක ඇතුලේ හෙල්ලෙන....පද්දෙන....සේලයින් බට දිහාත්....ඔක්සිජන් බට දිහාත් බලන් ඉන්නවා.......!!
........................
පුංචි නර්ස්.... දෝනිගේ. කෙටිටු අතින් අල්ලන්..... ඔක්සිජන් එන පුංචි මාස්ක් එක හරියට තියන්න මහන්සි වෙනවා......!!
එයා...නිදි මත මහන්සි මුහුන හංගන් ...මම එක්ක ...හ්නා වෙනවා...!!
....................................
....................................
" බබාගේ .....අම්මා කෝ....??"
පුංචි. නරස් ...මගේ දිහා ඔලුව උස්සලා අහනවා.......!!
...........................
" අමිමා නැ........". පුංචි නරස් ඇස් ලොකු කරගන්නවා.....!!
.....................
" රට ගිහින්ද.....??"
..............
" නෑ......ඩිවෝස්......!!!! "....
...........
ඇමිබියුලන්ස් එකේ..... මූසල සද්දේ......පපුව හිරි වටිටන්.... මහා සද්දෙන්...කොලඹ දුවනවා....
ගාලු පාරේ...මුස්පෙන්තු..... පාඑ හිමිදිරි සීතල .... මට.... විදුරැව ඇගිලි තුඩු වලට ගෑවුනු ගමන් දැනෙනවා....
පුංචි නර්ස් දෝනිගේ.... ඔලුව හෙමිහිට අතගානවා......!!
සේලයින් බිංදු ඈත. කොහෙදෝ දුරක.....ඉදන්..බිංදු බිංදු ඇවිත්....චූටි දෝනිට....හුස්ම ගන්න හයිය දෙනවා.....!
" බබාට...... මෙහෙම හාර්ටි එකේ..... පොරොබිලමි එකක් කියලා....බබාගේ අම්මා දන්නවද....?"
...............
"නෑ.......මිස්....."
හදවත පලන් ආපූ හිරියක් ....කොදු නාරටි දිගේ දුවන්..... පොලව....හිල් කරන් අපායටම ගියා......
............
මම ඈත...සීතල...රටක...... දුක් විදලා.... දහා දුක විදලා..... හොයපු කදුඑ ....සල්ලි.......!! ලේ....දහඩිය....ත් සේරම...අරන්.... දෝනිගේ අමිමා.... ගියා කියලා....මම පුංචි මිස්ට කියන්නේ කොහොමද...?
.............
අවුරැදු දෙකහමාරක......ලේ කැටි...දෝනී....පපුවට තුරැලු කරන්...... ,,,,,,,,
කලින් දවසේ කුලී වැඩක් කරලා හොයා ගත්තු....රැපියල් දාහ....ගුලි කරලා... ඩික්සන් ලෝයර් මහත්තයට දීලා...... ත්‍රීවිල් එකක යන්න රැපියල් දෙසීයක් නැතුව......බස් හෝල්ටි එකේ.....මම අවිවෙ..ඉන්න කොට............
දෝනිගේ......අම්මා..... අලුත් ආදරවන්තයා...එක්ක අලුත්ම එලියොන් කාර් එකෙන්...... පියාඹලා ගියේ..... කලු පාට සන්ග්ලාස් වලට..... මමයි දෝනිවයි..... නොපෙනි ගිය නිසා වෙන්නැති කියලා........ මම පුංචි නර්ස්ට කියන්නේ කොහොමද.....නර්ස්.......???
............................
............................
අවුරැදු දෙක හමාරක චූටී දූයි.....මායි..... කඑවර අහස..දිහා බලන්..හැම..රෑකම දෝනිගේ අමිමගේ...... මුහුන.ඈත තරැ වල ඇන්දා කියලා....මට ..පුංචි නර්ස්ට කියන්න බෑ.......
............................
............................
දවසින්....දවස..චූටී ලොකු. ..වෙන්න..... මගේ....හැම දේම..හැම හුස්මම..... චූටිට දුන්නා....... මම අම්මා ....කෙනෙක් වුනා...කියලා......
මගේ පිරිමි පපුව.....මිරිකන් ...හපන්.....අමිමගෙ කිරි එනකමි........
......................
පුංචි චූටී......මගේ පපුව උඩ දොයියන්.... මුඑ ලෝකෙම අමතක කර එක.........
පුංචි. චූටි .....මගේ ...පපුව උඩ දොයියන්.......අමිමගේ .......උනුහුම හෙවිව එක....
මම කවදාවත් කාටවත් කිව්වේ නැ........
.......................
.......................
.......................
.........................
============
.............
............. ඔවි........!!
මම ...මොර දුන්නා......
කෑ ..ගැහුවා...........
.............
චූටී......මැරෙන්න බෑ.....!!
එයා ....මම දාලා යන්න බෑ.....
මගේ අහිංසක හිඟන්නී.........
එයාට තාත්ති දාලා යන්න බෑ.......
..............................
..............................
ඩොක්ටර් රැවන් ඒකනායක කිවිවා ......
" බබා...නැති උනා....."
.............
මම .....පුංචි දෝනි ........උස්සසලා අරන්.....පපුවට තියා ගත්තා.....
එයා.... හුස්ම ගන්නවා...
" තාත්ති....! " කියනවා.....
..............
මගේ පුතා හුස්ම ගන්නවා....ඩොක්ටර්......!!!
.......
මම මරලතෝනි දුන්නා......
...........
මගේ .....හිගන්නී..හුස්ම ගන්නවා...ඇහුනා....!!!
ඔවි......!!!
එයා..... මගේ ..පපුවෙ ..ඉදන්.....පුංචි මුහුන....පපුවෙ..තියන්.....හුස්ම ගත්තා...
.................
.................
" එයා.......දුක් නොවිඳ..... නැති උනා......"
................
රැවන් ඒකනායක. දොස්තර ....ඇහැක කදුඑ පිහදාන් කිවිවා.....!!
...........
." නෑ....... මගේ ..පුතා....හුස්ම....ගන්නවා......මෙ ..බලන්න.....!!
මගේ දොනි ......හයියෙන් හුස්ම ගත්තා...."
.........
ඩොක්ටර්ට..පිස්සු......!!
ඔවි...ඌට..පිස්සු........!!!
..................
..................
................
...................................
============================
.....................
......................
දුව......!!!
මගේ..දෝනී......!!
ගාලු පාර අයිනේ......පුංචි සොහොනක......තනි වුනා....!!
............
නැ........ තනි කරා.....
එයාගේ අමිමා...... කවදාවත් ....ආයි ආවෙ නෑ....
මම ..දන්නවා....පුංචි දෝනි ආයි ....එනවා ක්යලා......
...............
අර ....ඉස්සරම ..අපි දෙන්නා....නිදා ගන්න කොට ..එයා...මගේ..පපුව උඩ..කකුල් දෙක .දෙපැත්තට..දාලා....ඔලුව....පපුවට තියන්..නිදා ගන්නවා වගේ....!!!!
.................
.................
පුංචි දෝනී...... දිලිසෙන.....රිදී පාට....කැටයමි දාපු ..පුංචි පෙටිටයක නිදාන.ඉන්න ..කොට......!!!
එයා........සුදු..ලේස්.. ලස්සන ගවුම..ඇදන්..නිදන් ඉන්න කොට....... මම. ..එයා ලගම...... වාඩි වෙලා උන්නා.......!!!
....................
ගොඩාක් අය හෙමිහිට කිව්වා......
..................
". පවි....... !!!! . .....අරකිට..හෙණ.....ගහන්න..ඔනී......!!!
මෙ..... පොඩි ..එකයි.....ප්‍රියානුයි.... දාලා ගිය..ඒකිට...... කවදාවත් හරි යන්නැ.....
.............."
..............
මම ..මගේ පුංචි දෝනිගේ..... පුංචි මිනී පෙටිටය. ලග.....ඉදන්...... බලන් ..හිට්යා.......
දෝනිගේ ...අමිමා......අන්තිම තත්පරේ හරි එයි කියලා......
එයා ආවෙ..නෑ........
................
සමහර විට.......එයා දන්නැ......!!!!
මමයි .දෝනියි.....එකට.....හුස්ම.ගන්නවා...කියලා.....
......................
......................
දෝනී.......පුංචි පෙටිටියේ...ඉදන්......මට....අත් දික් කරා....!!!!
මම....එයා වඩන්........ මුහුද පැත්තට ගියා.....!
අපි දෙන්නා....... මුහුදු ...රැල්ල පෑගුවා.......!!!!!!

33 comments:

  1. මරු. අම්මාව සල්ලි අරගෙන පැනල ගිහින් ඇලියොන් එකේ පෙම්වතා එක්ක යන කළු චරිතයක් නොකරල තිබ්බා නම් තවත් හොඳයි කියල හිතුනෙ

    ReplyDelete
    Replies
    1. ඒක අනවශ්‍යයි කියලා මටත් හිතුනා

      Delete
  2. ලැජ්ජ නැද්ද අනුන්ගෙ ඒව උස්සන්න.

    ReplyDelete
    Replies
    1. යුගයේ කෙටිකතාකරු
      ප්‍රියාන් ද සිල්වාගේ සයිබර් කෙටි කතාවක්

      කියලා උඩින්ම තියනවා උඹ දැක්කේ නැද්ද පොට්ටයෝ එත් ඉතින්
      උඹ මක්කෙටයි මුගේ රෙද්ද අස්සේ රිංගන්නේ

      Delete
    2. ඔහේලයි තාත්තත් අනුන්ගෙ ඒවා උස්සන්න ලැජ්ජා උනා නම්,
      අද ඔහේ මේ ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ..

      Delete
  3. වෙිනදා වගේම අදත් අකුරු වලින් ඇනලා...
    නියමයි,සුපිරි ප්‍රියන් 👍👏
    (මා) ස්තුතියි..! මචාං ඔබටත්.

    ReplyDelete
  4. දුවෙක් ඉන්න තාත්තෙක් හැටියට මේ වගේ කතාවක් කියවන්න ගොඩක් අමාරුයි...ඒත් කියෙව්වා...දැනුණු හැඟීම් කියන්න ඕන නෑ...

    අර මොකක්ද කියල තියෙන්නේ 'මුහුණු පොතේ අවසන් අකුරු' කියලා...මේ මූ මුහුණු පොතේ ලියන අන්තිම කතාවද...

    අසංක

    ReplyDelete
    Replies
    1. මම උගෙන් ඉල්ලුවා ආයේ ලියහන්, ලිවිල්ල නම් නවත්තන්න එපාය කියලා. ඌ ආයේ ලියයි...

      Delete
    2. අනේ එහෙනම් උඹ කියන දේ අහලා අයි ලියයි නම් අර ආචාර්ය නලින් ද සිල්වා ගෙනුත් අහලා බලහන්කෝ මොකද මේ ලියන ඔක්කොම අපට් එකවගේ හින්දා උඹබ් පට්ට සුපිරි වැඩ කාරයක් කියලා ඔක්කොම නැවත ලියන්න පටන් ගනියි.

      Delete
    3. එයා නම් නොලියන තරමට එයාට හොදයි...

      Delete
  5. ප්‍රියාන් ගේ පෝස්ට් එකක් කවදාවත් එක දිගට බලන්න බැහැ...
    තුන් හතර වතාවකට සැර මරල බලන්නේ...
    එහෙම කරලත් එළියට පනින කඳුළු නවත්ත ගන්න බැහැ...
    ඒ මදිවට ඔෆිසිය මැද්දෙ...

    ///මගේ..... පුංචි දෝණි......
    ==================
    ( සමහරවිට මුහුණු පොතේ අවසන් අකුරැ )///

    උඩින්ම මෙහෙම දාල තියෙන්නේ මොකද දන්නේ නැහැ... :(

    ReplyDelete
    Replies
    1. ඌ ආයෙත් ලියයි.. බලවත් ඉල්ලීම පිට..

      Delete
  6. පිහියෙන් ඇන්නට වඩා සැරයි අකුරු වල තියුණු බව.... ඒ සැරට ඇස් වලින් කඳුලුත් අවා...

    ReplyDelete
  7. ඉතාම සංවේදී ලස්සන කෙටිකථාවක්. මායාවක් නොවන යථාර්ථයක්
    විචාරක දියණිය

    ReplyDelete
  8. මෙහෙම ඒවා කියවන්න බෑ ඕයි

    ReplyDelete
    Replies
    1. ප්‍රියාන්ගේ කෙටි කතා ගැන ආයේ කියන්න වචන නෑ. ඒක යෝජනාවක්, දුකම අවසානය කරගන්නේ නැතුව ලියමුද

      Delete
    2. ඇත්ත ඕයි..

      මම අන්තිම ටික කියෙව්වෙ නෑ බං

      Delete
  9. ටිකක් කියවලා අත ඇරලා දැම්මා. මටත් ඉන්නවා පුංචි කෙල්ලෙක්!

    ReplyDelete
  10. ප්‍රියාන් ද සිල්වා ලියන්නේ ට්‍රැජඩි විතරද?

    ReplyDelete
    Replies
    1. ඌ හැබයි රොමෑන්ටික් පොර...

      Delete
  11. තවත් සංවේදී කටහ්වක්. එක හුස්මට කියෙව්වා. මතක් වුනේ රත්න ශ්‍රී ලියපු ගීතය.
    //
    "මව්කිරින් රුධිරයට පෙරෙමින් බිඳින් බිඳ මහා පොලොව තෙමුවා
    මෙළොව මා දුටු සීතලම දේ නුඹේ ඇස් අග මිදී තිබුණා "//
    https://www.youtube.com/watch?v=hxIJUzYDXq0

    ReplyDelete
  12. අම්බෝ ඒක..

    මාතෙ කොපි පේස්ට් පාර දෙද්දි නෝට් පෑඩ් එකට කොපි කරලා බ්ලොග් පෝස්ට් එකට පේස්ට් කරපං. අර සුදු පාට බැක් ග්‍රවුන්ඩ් නැති වෙන්න..

    ReplyDelete
    Replies
    1. හරි මචංන්න් බොහොම කලබලේ කලේ... දැන් මේවට වෙලාව බොහොම අඩුයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න