පාඨලි තම පක්ෂය වන සිහළ උරුමය විසුරුවා හැර ඇත.. එය තම ආගම නම හා සියළු අනන්‍යතාවයන් වෙනස් කලාක් මෙන් ක්‍රියාවකි.. මන්ද පාඨලී යනූ සිංහළ ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී උන්, ඒ වෙනුවෙන් ක්‍රියාවෙන්ම දායකයකු වූ දේශපාලකයකු වීමයි… වාමාංශිකයක වන ඔහු එවන් වාතවරනයකින් පැමිණි බව බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි.. බොහෝ අය ඔහුව දන්නේ ජාතිවාදියකු ලෙසිනි… කෙනුකුට එය ජාතිකවාදය ලෙසද තර්ක කල හැක…ඇත්තටම ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු හෙවත් ඕල් රවුන්ඩර් කෙනෙකි… උගතෙකි.. වියතෙකි.. ලේඛකයෙකි.. දක්ෂ කතිකයෙකි.. වාමාංශිකයෙකි.. අනාගත ලෝකය ගැන දැනීමක් හා දැක්මක් ඇත්තෙකි.. අද ඔහු පෙනි සිටින්නේ ධනවාදය හා ලිබරල්වාදය වෙනුවෙනි… ඒ අනුව ඔහු මට බුද්ධිමතෙක්ද වේ…ඔහුගේ වෙනස් වීම කෙනෙක්ට විහිළුවක් ලෙස පෙනුනද.., එය දේශපාලන වශයෙන් ගත් බුද්ධිමත් තීරණයකි… එක තන පල්වෙන්නේ පොල් ලෙලිය…ජාතික නායකයකු වීමට නම් තව දුරටත් ජාතිවාදී ආගම්වාදි පක්ෂයක නයකයකු ලෙස පෙනී සිටීම ඔහුට අවාසියක් හේතුවෙන්…, ඔහු මේ ක්‍රියාවලියට විශාල පබ්ලිසිටියක් දෙන ලදි..ඇත්තටම ඔහු එජාපයට රිංගුවේ රනිල්ගෙන් පසු නායකයා වීමේ විශාල බලාපොරොත්තු ඇතිවය.. ඒ බව වඩාත් පැහැදිලිව පෙනුනේ.., යහපාලන කාළයේ සිරිසේන විසින් ආන්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය සිඳු කළ අවස්ථාවේය.. එහිදි ඔහු රනිල් ළඟින්ම උන්නේය.. රනිල් තනිකලේ නැත.. එජාපයේ සියල්ලන්ටම වඩා කැපී පෙනුනේ ඔහුගේ භූමීකාවයි..රනිල් කියන්නේ, දේශපාලනයේ ඉන්නා උන්ට තැම්බිය හැකි පොරක් නොවේ.. ඇපත් නැතිව ගෙදර උන්නද.. අදටත් එජාපයේ නායකයා වන්නේ රනිල් වික්රමසිංහයි.. එහෙත් රනිල්ට පරිප්පුව දෙන්නේ එජාපයේ පාක්ෂිකයන්මය… ඒ වෙන කාටත් වඩා එජාපයේ කොඩිවිනය රනිල් බව ඔවුන් දැන උන් නිසාය…රනිල්ට අත්වන ඉරණම ඉවෙන් මෙන් හඳුනා ගන්නා පාඨලී එක්වන්නේ සජිත් සමඟය…එහෙත් සියල්ලන්ටම කෙලිමෙන් විපක්ෂ නායකයා වූ සජිත්.., පාඨලී වැනී බලවත් පර්සනැලටියකට.. තම පක්ෂයේ නියෝජ්‍ය නායක කමක් කිසි දිනෙක ලබා දෙන්නේ නැත.. සජිත්ගේ තේරීම් වන්නේ බලවත් පුද්ගලියින් නොව හාල්පාරුවන්ය..සමහර විට පුතානෝ අනුගමනය කරනුයේ පියානෝගේ මෙතඩ් එකම විය හැක.. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ අගමැති වන්නේ.., ඩී බී විජේතුංගය.. ඇමති කම් කෙරුවේ සෙරෙප්පු සුපාලාය…ඊයේ පාඨලී කළ කතාවෙන් මේ ගැනත් ඉඟියක් දෙනු ලැබුවේය.. එසේ නම් පාථළි පක්ෂය හැර දමන්නේ ඇයි..?සජිත් මෙලෝ රහක් නැති අමු එකාධිප්තියකු බව අද ආන්ඩුවට විරුද්ධ සියළු බලවේග විසින් වටහාගෙන ඇති නිසාය…මේ.., චන්ද්‍රිකා, මංගල ප්රමුඛ, බටහිර තානාපති කාර්යාල, ඔත්තු සේවා, NGO සමාජය හා ලිබරල් සිවිල් බුවාලා විසින් නව පක්ෂයක අවශ්‍යතාවයක් ගැන සංවාදයක් ගෙන යන මොහොතයි…ඇත්තටම ඔවුන් අසරණ පිරිසකි… ඔවුන් එකතු වී ගෙනා සිරිසේන.. බටර් නැතිවම මේ සියල්ලන්ටම ඇරියේය.. එහෙත් ඒ සිරිසේනත්.., නැවතත් මේ පිරිස සමඟ එකතුවන බවක්ද පෙනේ…කරුමය වන්නේ ඔවුන්ට නායකයකු නැති වීමයි… කරූ ජයසූරිය තව දුරටත් මාකට් කළ නොහැක.. ඒ ඔහු නාකී නිසාය.. රාජපක්ෂලාට නාකියෝ කියා.., එහෙනුත් නාකියෙක් දැම්මාම ඒක පට්ට ජෝක් එකක් වන්නේය.. මංගල ලිබරල් වැඩිය… චන්ද්‍රිකා අවුට් ඩේටඩ්ය… විමුක්ති කල එලි මංගල්ලය පවත්වා නැත…ඇබෑර්තුවට නියමෙටම ගැලපෙන් නායකයා පාඨලීය… එහෙත් පාඨලීලාට බලයට එන්න අවශ්‍ය වන්නේ එජාපයේ චන්ද ගොඩය…ඒ ගොඩ සජිත්ගෙන් ඩැහැ ගැනීමට මේ පිරිස සමත් වේද…? මේ පිරිසට සජිත් දිරවන්නේ නැති උනාට… පක්ෂිකයන්ටත් එසේමද..? එසේ නොමැති නම්.., අලුතෙන් පිහිටවීමට අදහස් කරගෙන සිටිනා “සජිත් ජලනි බලවේගය” නැමැති පක්ෂයේ සැලකිය යුතු තනතුරක් පාඨලීට ලැබේද…මෙන්න මේ කරුණු මත පාඨලීගේ අනාගතය රැදී ඇත…එහෙත් පාඨලී ජයග්‍රාහකයකු වන්නේ අළුත් බලවේගයක නායකය්කු වුවහොත් පමණි…මාතලන්ගේ මතය නම්, පාඨලී දේශපාලන වශයෙන් මිය ගොස් අවසන් කියාය… ඒ රාජපක්ෂලා හැර ගිය දිනයේය…පාඨලිගේ තැන එතනය…ඒ වගත් මෙසේය…
උගතෙකි වියතෙකි
ReplyDeleteලේකඛයෙකි බුද්ධිමතෙකි
දින දහයක් මහණව සිට
ලොව රැවටුව හිරළුවෙකි
මොකෙක් උනත් කියන දෙයක්
අහන් ඉන්න හිතෙන කෙනෙකි
මියගොස් යැයි ඔබ කීවද
මැති සබයෙද වැජඹෙයි සකි
ලාංකික දේශපාලනයේ ලෝකෝත්තරයා චම්පකයි.
ReplyDeleteඑහෙයින් අනාවැකි කීමට කල් වැඩිය.
ලේසිපාසු පුතයෙක් නොවන බව දැනට සිහියේ තබා ගැනීම යෙහෙකි.
"ලේසිපාසු පුතයෙක් නොවන බව දැනට සිහියේ තබා ගැනීම යෙහෙකි."
ReplyDeleteකාලෙකට කලින් (පාටලී එක්ක තරහා කාලෙ) lanka e-news පාටලීගේ තෝම්බුව දිග හැරලා තිබුනා..
Contemporary Ronnie De Mel (LOL) Going far in politics? I am not so sure. Wijebahu
ReplyDeleteරෑට බොමු අපි බොමු අපි කෑගලු පැණි පෙරළා
ReplyDeleteඊට නරකද නරකද කුණ්ඩලි පැන් දියකරලා
මි පැණි හොඳ නැතෝ…සාදික්කා විෂ වෙනෝ..
කොයි කිල්ලෝටයෙත් තියෙනව හුණු ගන්ඩ
ReplyDeleteකාගෙත් රුචිය ලොකුවට බලයට එන්ඩ
රටට ආදරේ එකෙකුව පෙන්නන්ඩ
එහෙම එකෙක් නෑ, බේතට අරගන්ඩ!
අන්තිම හරියට එකග නෑ. පාටලි ඔය මූව් එක ගන්න ප්ලෑන් කරමින් හිටියේ මීට අවුරුදු හත අටක ඉඳලා. දැන් තමා හරි වෙලාව කියලා දන්න නිදා තමයි මේ දේ කළේ. දැන් එජාපයක් නෑ, තියෙන ටිකත් පුතානෝ ඉවරම කරනවා, ජවිපෙට මේ කපේදි ඡන්ද පදනමක් හැදෙන්නේ නෑ. ගෝඨාභයගෙන් පස්සේ පොහොට්ටුවක කවුරුත් ඇත්තෙත් නෑ. මහින්ද වයස වැඩී, නාමල් අලුත් වැඩී.
ReplyDelete