Sep 27, 2021

මාෆියා හා රමණයේ සුරතාන්තය දරුණු වෙව්ලීමකින් නිමාවිය හැක.


  

හාල් මාෆියාව 

කිරිපිටි මාෆියාව

තොග වෙළඳ මාෆියාව

සෞඛ්‍ය මාෆියාව

විදුලි මාෆියාව

යූනියන් මාෆියාව

සංඝ මාෆියාව

ආන්ඩුවේම සුළු පක්ෂ මාෆියාව


සියල්ල ඉන්නේ ආන්ඩුවට එදිරිවය.


හමුදා කාරයෝ ප්‍රභාට කෙලියාට

මුන්ට කෙලීමේදී පට්ට ෆේල් ය.


ඒ සිස්ටම් එක පට්ට ෆේල් වී අවසානය.

මැනිං මාකට්ටුවේ අහිංසකයකුගේ කන පැලීමට ගියද

මහ උන් හමුවේ නැට්ට පුපේ ගසාගෙන පල්ලම් බසිති.


වෙළඳාම සඳහා පත්කර ඇති ඇමතිවරු දෙදෙනාම හොරා කා මාට්ටු වී අවසානය.


මුන්ව මට්ටු කරන්නට ඔච්චර දත කන්න ඕනෑ නැතිය.


ඒ සඳහා රටේ නීතී අනන්තවත් ඇත.


ජේ ආර් මෙතඩ් එක අනුව කළේ වර්ජන කරන උන් ගෙදර යැවීමය.


ප්‍රේමදාසගේ මෙතඩ් එක ඉතා දරුණු විය.

ආන්ඩුවට විරුද්ධ උන් ටයර් මත නිවන් ගිය අතර,.

ඉතා සුළු කාළයකින් රටේ සීඝ්‍ර සංවර්ධනයක්ද ඇති කළේය.

රටේ අවාසනාවට උන්දෑ බව්වා මැරුණ හංදියෙන් නිවන් ගියේය.


මහින්ද මහත්තයාගේ ක්‍රමය ඉතා මිත්‍රශීලී ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික මුහුණුවරක් ගත් ක්‍රමයක් විය.


උන්නැහේ ගේම් අඳිනා උන්ට තමන් හා භෝජන සංග්‍රහයකට එන ලෙස ආරාධනා කොට බඩ කට පුරා සංග්‍රහ කර ඔවුන් තමන්ගේ මිතුරන් බවට පත්කර ගත්තේය.


මුන් එක්කලා බබා හුකුං ප්‍රජාතන්ත්‍රවාදේ කරන්නට ගියහොත් ක්ෂිතිජයෙන් එහා සව්භාග්‍ය බැලීම කෙසේ වෙතත්.


රජපක්ෂලාට ජනෙල් පොලුවල එල්ලෙන්නටත් , අපට සමනලුන්ගේ හා ත්‍රස්තවාදින්ගේ රැඟුම් බලන්නටත් වන දිනය වැඩි ඈතක නම් නොවේය.


සව් භාගේ කෙසේ වෙතත් කැඳ ටිකක් බොන්න හාල් වත් කඩේ නැත.


ටූ මච් ඩොමොක්‍රසි කියන්නේ එහෙම කරුමයක් ය.....


ඒ වගත් මෙසේය....


.




23 comments:

  1. Dudly kiyanne sir ge dakunu atha...dakunu atha...mahinda basil gota katanne umhe horakam wahaganna eka..namal babyge puka kohomada

    ReplyDelete
  2. වංචාව..හොරකම ..දූෂණය එක්ක සනූහරේ එක්කම හැමිනෙන කොට ආතල් කොහොමද

    ReplyDelete
  3. අපේ තාත්තා කොළඹ ප්රසිද්ධ චරිතයක්. තාත්තට ව්යාපාර කිහිපයක් තිබුණා. උතුරන්න සල්ලි තිබුණා. කුලවත් පවුලකින් පැවත එන නිසා තාත්තා දේවාලයක බස්නායක නිලමේවරයෙක් විදිහටත් කටයුතු කළා. මම පාසල් දෙකකට ගියා. හොස්ටල් ජීවිතයට ඇතුළු වෙනකම් මම පිට වාහනයක ඉස්කෝලෙට ගිහිල්ලා නෑ. මාව ඉස්කෝලේට ගෙනියන්න, ගේන්න වෙනම වාහනයක් එක්ක ඩ්රැයිවර් කෙනෙක් හිටියා. ඒත් ව්යාපාර නිසා අම්මයි, තාත්තයි දෙන්නම කාර්යබහුල වෙනකොට මාව හොස්ටල් එකක නතර කළා. එතකොට මම ඉගෙනගත්තේ නුගේගොඩ ජනප්රිය පාසලක හය වසර පන්තියේ.

    හොස්ටල් ජීවිතයට ඇතුළු වුණාට පස්සේ මට පුදුමාකාර නිදහසක් දැනුණා. මම රගර් සෙල්ලම් කළා. හොකී ක්රීඩා කළා. කැඩෙටින් කළා. එතකොට මම ජම්බු වගේ රතුයි. බෝල ගෙඩිය වගෙයි. හරිම ලස්සනයි. ඉස්කෝලේ ළමයි, විතරක් නෙමෙයි ගුරුවරුත් මට හරි ආදරෙයි. වැඩි කාලයක් නොගිහින් මම ඉස්කෝලේ ජනප්රිය චරිතයක් වුණා. විවිධ යාළුවො ඇසුරු කරන්න ලැබුණා. මම ක්රීඩා කරනවට අම්මයි, තාත්තයි ගොඩක් සතුටු වුණා. මම සෙල්ලම් කරන සෑම රගර් මැච් එකක්ම බලන්න තාත්තයි, අම්මයි ආවා. මම හොස්ටල් එකේ ජීවත් වුණේ කුරුල්ලෙක් වගෙයි. ඒත් ගෙදර ආපු දවසට මම කූඩු වෙලා. අපි ජීවත් වෙච්ච සමාජ පන්තියත් එක්ක ගෙදරින් පිට තහනම් කලාපයක් වෙලා තිබුණේ..."

    "මගේ අක්කා හැදුනේ ගෙදරමයි. සමාජයට ගියේ බොහෝම අඩුවෙන්. අන්තිමේ අක්කා කොල්ලෙක් යාළුවෙලා ගෙදර හිරකූඩුවෙන් පැනලා ගියා. ඒ සිද්ධිය වුණේ 1998 අවුරුද්දේ. අක්කා ගියාට පස්සේ ගෙදර පාළු වෙනවා. මල්ලිත් එතකොට ගොඩක් පොඩියි. ගෙදර පාළු නිසා අම්මා මාව හොස්ටල් එකෙන් අයින් කරලා ගෙදරට එක්කරගෙන ආවා. ගෙදර ඉඳලා ඉස්කෝලේ ගියත් මම හොඳට යාළුවො ඇසුරු කළා. ඉස්කෝලේ හත, අට පන්තිවල ඉඳලා සිගරට්, ගංජා, මත් පෙති පාවිච්චි කළා. වෙලේ සුදා ඒ කාලේ මගේ හොඳ පාසල් මිත්රයෙක්. එයාගේ පවුලේ අයවත් මම බොහෝම ළඟින් ඇසුරු කළා. ඒ අයත් එක්ක සෙට් වෙලා අරක්කු, ගංජා, සිගරට් හොඳටම පාවිච්චි කළා. ඒ සන්දියේ විනෝදාංශය වෙලා තිබුණේ මගේ වාහනයේ කොල්ලො දාගෙන රොන්දේ ගහන එක. දවසක් ගල්කිස්සේ බීච් එකේදී ආතල් එකට මම මාලයක් කැඩුවා. ඒත් මම මොන වැරැදි වැඩේ කළත් ඉගෙනගන්න වැඩෙත් හරියටම කළා. සාමාන්ය පෙළ විභාගය හොඳට පාස් වුණා. උසස් පෙළ කරන්න ඉස්කෝලෙ ගියාට විභාගයට වාඩි වුණේ නෑ. මම ගෙදර නතර වෙලා තාත්තාගේ ව්යාපාරවලට සම්බන්ධ වුණා...

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න අතරේ අපේ ගෙට පහළ ගෙදරක ගෑනු ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා. එයාලා කුලෙන් පහත්. දුප්පත්. ඒත් කෙල්ල ගමටම හිටිය හැඩකාරිය. කියන්න කිසිම වරදක් නෑ, ඉටි රූපයක් වගෙයි. ආදර සම්බන්ධය පටන් අරගෙන ටික දවසක් යනකොට අපේ තාත්තා දැනගත්තා. තාත්තා මුලින්ම කළේ එයාලගේ ගේ පේන්නේ නැති වෙන්න අපේ තාප්පය උස්සපු එක. ඊට පස්සේ සම්බන්ධය නතර කරන්න කියලා මට බැන්නා. තරවටු කළා. ගෙදරින් දොට්ට බහින්න දුන්නේ නෑ. අන්තිමේ මට ගෙදර අය වදයක් වුණා. මම වාහනයකුත් අරගෙන ගෙදරින් පැනලා ගිහිල්ලා වෙලේ සුදාලාගේ ගෙදර නතර වුණා. එතකොටත් සුදා කුඩු බිස්නස් කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඇසුරු කරපු නිසා යාළුවගේ බිස්නස් එක මට වැදගත් වුණේ නෑ. මම යාළුවගේ ගෙදරට ගියේ රෑ ඩිංගට විතරයි... වාහනයත් තියෙනවා. නිදහසත් තියෙනවා. කුරුල්ලා වගේ පියැඹුවා. එතකොට මගේ කෙල්ල ඉස්කෝලේ නවය වසර පන්තියේ. එයා පන්ති යනවා කියලා ඇවිත් මාත් එක්ක එහේ, මෙහේ ගියා. දෙන්නගේම කැමත්තෙන් කසාඳ නොබැඳ අපි අඹු සැමියන් වුණා. කෙල්ල මට පණ ඇරලා. මටත් කෙල්ලගෙන් තොර ලොවක් තිබුණේ නෑ. වියදම් කරන්න සල්ලි ඕන තරම් තිබුණා. දවස ගාණේ හෝටල් කාමරයක පැයක දෙකකට හරි අපි තනි වුණා. කෙල්ල ගෙදර ගියාට පස්සේ මම සුදාලගේ ගෙදරට ගිහිල්ලා අරක්කු, ගංජා එක්ක තනි වුණා. එළිවෙනකම් බිව්ව දවස් තිබුණා. ගංජා අහුරු ගණන් ඔතලා බිව්වා. රෑට නයිට් ක්ලබ් ගියා. උපරිම ආතල් ගත්තා. සාක්කු හිඳෙනකොට ගෙදර ගිහින් සල්ලි අරගෙන ආවා. අම්මා මට වියදමට සල්ලි නොදෙනකොට ගෙදර ලාච්චුවල සල්ලි හොරකම් කළා. එතකොට මම ගෙදර හැම ලාච්චුවකටම යතුරු කපාගෙන තියාගෙන හිටියේ. අම්මා, තාත්තා නැති වෙලාවක් බලලා ගෙදරට ගිහින් ලාච්චුවලින් සල්ලි අරගෙන ආවා. ලාච්චුවේ සල්ලි අඩු වුණාට අම්මටයි, තාත්තටයි ඒක තේරුමක් නෑ. අම්මා, තාත්තා සල්ලි තියෙන තැන් සේරම මම දැනගෙන හිටියා. අදටත් ගෙදර සේප්පුව අරින්න පුළුවන් මට විතරයි..."


      ආතල් පිට ටික කාලයක් යනකොට සුදා මාව කූඩු ප්රවාහනය කරන්න පාවිච්චි කළා. මම හැඩට, කඩවසම් විදිහට සුපිරි වාහනවල යනකොට පොලිසිය නිකමටවත් අත දැම්මේ නෑ. මමත් කැමත්තෙන්ම වැඩේ කරගෙන ගියා. ඒත් මම කුඩු බිව්වේ නෑ. වෙලේ සුදා මස්, මාළු පිලී ජාති මොකුත් කෑවේ නෑ. නැති බැරි මිනිස්සුන්ට උදව් උපකාර කළා. සිගරට් බිව්වේ නෑ. කුඩු බිව්වෙත් නෑ. එයා ළඟින්ම ඇසුරු කරන අයට කුඩු බොන්න දුන්නෙත් නෑ. ඒත් එයා කුඩුකාරයන්ට කැමතියි. ඒ එයාගේ ව්යාපාරය නිසා. එතකොට මම ගංජාවලට තදින්ම ඇබ්බැහි වෙලා හිටියේ. සුදාගේ ගෝලයෝ සේරම කුඩු බිව්වා. උන්ට කුඩුවලින් තොර ලොවක් තිබුණේ නෑ. එතකොට සුදාගේ කුඩු තොග භාරව හිටියේ මම..."

      ඔහොම කුඩු ගොඩේ ඉන්නකොට තාත්තා මට එන්න කියලා ආයෙමත් ව්යාපාරවලට සම්බන්ධ කරගත්තා. මගේ අතට හොඳට සල්ලි ආවා. මම ඩබල් එකේ ආතල් ගන්න පටන් ගත්තා. මට දෙන සල්ලි මදි වෙනකොට ව්යාපාරවලින් සල්ලි ඇදලා වියදම් කළා. කෙල්ලත් එක්ක රවුම් ගැහුවා. කෙල්ල ඉල්ලන්නේ මොනවද අරගෙන දුන්නා. කෙල්ලත් මම කියන ඕනම දෙයක් කාලා. දෙන්නා එක්ක කාමරයට ගිහිල්ලා මම අරක්කු බොනකොට එයාටත් දුන්නොත් 'ඔයා නේ දෙන්නේ' කියලා බිව්වා. මම කෙල්ලට ගංජත් පෙව්වා. කෙල්ලව මත්ද්රව්යවලට හුරු කළේ සෙක්ස් ෆීලින් එක වැඩි කරගන්න. ඒත් කෙල්ල මත්ද්රව්ය ගත්තේ මට තියෙන ආදරයට. අන්තිමේ කෙල්ලත් ගංජාවලට ඇඩික් වුණා. අපි දෙන්නට ලිංගිකව එකතු වෙන්න මත් වෙන්නම ඕන වුණා. ඒක අමුතුම ජීවිතයක්. තනිකරම පිස්සුවක්. දවල් දවසේ හෝටල් කාමරවල ගංජා එක්ක තුරුළු වෙලා ඉඳලා, රෑට දෙන්න එක්ක නයිට් ක්ලබ් බහිනවා. අන්තිමේ මම කෙල්ලගේ දිගට තිබුණු කොණ්ඩ බාගයට කපලා ස්ටේ්රට් කළා. අතේ පයේ පච්ච ගැස්සුවා. නහයට කරාඹු දැම්මුවා. ගැමි සුන්දරත්ව මකලා කල්බ් කෙල්ලෙක් ගාණට පොෂ් කළා. ඒ හැම වෙනසක්ම කළේ මගේ තියෙන විකෘති ආශාවන් නිසයි..."

      අපේ සම්බන්ධයට කෙල්ලගේ තාත්තා කැමති වුණේ නෑ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ. දවසක් කෙල්ලගේ අම්මා මගේ රෙදි සාප්පුවට ඇවිත් කසාදය ගැන කතා කරනකොට මම කිව්වා 'දුව බඳිනවා. ඔයා මාත් එකක් දවසක් ඉන්න ඕනෑ...' කියලා. ඒ වේලාවෙත් මම හිටියේ හොඳටම ගංජා බීලා. කරන, කියන කිසිම දෙයක් තේරෙන්නේ නැති තරමට මත් වෙලා. අන්තිමේ ඒ ගෑනු කෙනා මාත් එක්ක ඉන්න කැමති වුණා. ඊට පස්සේ අම්මවත් පාවිච්චි කළා. තව දවසක් මගේ කෙල්ලයි එයාගේ නංගියි මගේ රෙදි සාප්පුවට ඇවිත් නංගිව තියලා කෙල්ල ටවුන් එකට ගියා. මම ඒ පුංචි කෙල්ලට චොක්ලට් සල්ලි දීලා මගේ ළඟට ගත්තා එදා ඒ කෙල්ලත් මගේ අතින් ගැහැනියක් වුණා. එතකොට නංගිට වයස අවුරුදු දොළහක්වත් නෑ. මට අවුරුදු විසි දෙකක් විතර ඇති. ඊට පස්සේ කාලයක්ම මම අක්කට හොරෙන් නංගිව අරගෙන ගියා. කොහොමහරි ඕක කෙල්ලගේ අම්මා දැනගෙන කඩේට ඇවිත් තිරිසනා කියලා මට නොසෑහෙන්න බැණලා ගියා. මත් වෙලා මම මොන වනචර වැඩේ කළත් මගේ කෙල්ලට පණඇරලා ආදරය කළා...

      Delete
    2. ආදර සම්බන්ධය නතර වෙලා නෑ කියලා අපේ ගෙදරින් දැනගෙන ආයෙත් මට ප්රශ්න දැම්මා. ව්යාපාරවලින් අයින් කළා. තාත්තා මට සල්ලි දෙන එක තහනම් කළා. මට ගෙදර මිනිස්සු අප්පිරිය වුණා. ගෙදර අයට වෛර කරන්න පටන් ගත්තා. තාත්තාගේ වාහන අරගෙන ගිහින් උකස් තියලා සල්ලි ගත්තා. ගෙදර රත්තරං බඩු හොරකම් කරලා උකස් තිබ්බා. අන්තිමේ මාව ගෙදරින් පැන්නුවා. ආයෙමත් මම වෙලේ සුදා එක්ක සෙට් වෙලා කුඩු බිස්නස් කළා. ඒ වෙනකොට චණ්ඩි උණක් මට හොඳටම ගහලා තිබුණේ. මිනිස්සු එක්ක ගහ මරාගන්න යනවා. ගැන්සි පිටින් බැහැලා අනිත් කුඩුකාරයන්ට සත්තම දැම්මා. එක පාරක් පිළියන්දලදී තව පාතාල සෙට් එකක් එක්ක මුහුණට, මුහුණ වෙඩි තියාගත්තා. මටත් වෙඩි වැදුණා. මට වෙඩි වැදිලා කියලා දැනගත්තත් ගෙදර කිසිම කෙනෙක් මාව බලන්න ආවේ නෑ. මගේ කෙල්ල තමයි මං ළඟට වෙලා හිටියේ. තුවාල සනීප වෙලා නැවත කරළියට එනකොට මම හොඳ පාතාල පොරක්...

      මොරටු සමන්, ඉන්දික, වැව ළඟ බණ්ඩා පාතාලේ තව පොරවල් කිහිපදෙනෙක්ම ළඟින් ඇසුරු කළා. මොරටු සමන්ලාගේ සෙට් එකයි, වැව ළඟ බණ්ඩගේ සෙට් එකයි තරහයි. බණ්ඩව මම ටිකක් ළඟින් ඇසුරු කළා. බණ්ඩව ළඟින් ඇසුරු කරනවා කියලා දැනගත්තට පස්සේ සමන්ලාගේ සෙට් එක මාත් එක්ක ඔරොප්පුවෙන් හිටියේ. දවසක් රත්මලානේ වත්තක සෙට් වෙලා ඉන්නකොට පොඩි කතාවක් ඇති වුණා. එතැනදි මම කිව්වා 'තොපි දැනගනිව් මම බණ්ඩාගේ මිනිහෙක්. තොපි සේරම බාවනවා...' කියලා එතැනින් ෂේප් වෙලා ගියා. ඊට පස්සේ ඉන්දික මාව මරන්න හෙව්වා. බීලා පිස්සු දෙඩෙව්වට ඉන්දිකත් එක්ක හැප්පෙන්න තරම් මට ශක්තියක් තිබුණේ නෑ. කොහේදි හරි සෙට් වුණොත් ෂොට් එක දෙනවා කියල මම දැනගෙන හිටියා. ඒ මරණ උගුලෙන් බේරෙන්න ක්රමයක් කල්පනා කර, කර ඉන්නකොට කෙනෙක් කිව්වා 'උඹ කුඩු ගහන්න ගනිං. කුඩ්ඩෙකුට උණ්ඩයක් පාවිච්චි කරලා වැඩක් නෑ. කුඩ්ඩා කොහොමත් අකාලයේ මැරෙනවා. ඒ නිසා උන් ඕක අතහැරලා දායි...' කියලා. ඒ කතාවත් මගේ ඔලුවේ රැව් දෙන්න පටන් ගත්තා. ඒත් මම කුඩුවල ආදීනව හොඳින්ම දන්න නිසා ආසාවටවත් කුඩු බොන්න බය හිතුණා. ඒත් මගේ ජොබ් එක වෙලා තිබුණේ සුදාගේ කුඩු ප්රවාහනය කරන එක. සුදාගේ කුඩු ගොඩේ ලැගගෙන ඉන්නකොට දවසක් මට ගංජා නැති වුණා. ඉන්නම බෑ. ඇඟ ගංජම ඉල්ලනවා. පස්සේ මම කුඩු උරන එකෙක් ළඟට ගිහින් මටත් ෂොට් එකක් දීපං කියලා ඉල්ලුවා...

      ඒයි ජම්බු බොට පිස්සුද... දැන දැන මේ වස ඇඟට ගන්න එපා යකෝ...' එතැන හිටිය සෙට් එකම මට බැන්නා. ඒත් මට කුඩු බොන්නම ඕන වුණා...

      උඹට බොන්නම ඕනා නම් ඉදා බීලා මැරියං...' කියලා එකෙක් කුඩු චුට්ටක් දික් කළා. කුඩු තොග භාරව ඉඳලා, කුඩු ප්රවාහනය කරලා ජීවිතේ පළමු වතාවට කුඩු චුට්ටක් බිව්වේ එදා තමයි. ඒත් එදා මට කුඩුවලින් ලොකු ෆීලින් එකක් දැනුනේ නෑ. දෙවැනි දවසේ ගෝලයෝ සෙට් එක මට බලෙන්ම කුඩු පෙව්වා. ඒ අය එහෙම කළේ සුදාගේ කුඩු තොග තිබුණේ මා ළඟ, මම කුඩුවලට ඇබ්බැහි වුණොත් උන්ට නිතරම කුඩු චුට්ට, චුට්ට මගෙන් ගන්න පුළුවන්. උන් මට කුඩු දුන්නා. මමත් චුට්ට, චුට්ට බිව්වා. අන්තිමේ මම කුඩුවලට ඇබ්බැහි වුණා. දවස ගානේ කුඩු බිව්වා. ලස්සනට තිබුණු ඇඟ වැල වුණා. හකු බැහැලා, ඇස් ගිලිලා විරූපි වුණා. මම නිතරම කුඩු බොන නිසා සුදා මාව ජොබ් එකෙන් අයින් කළා. මම ගෙදර ගියා. අම්මා, තාත්තා බය කරගෙන සල්ලි ගත්තා. බඩු මුට්ටු විකුණලා කුඩු බිව්වා...

      කෙල්ලත් එක්ක කාමරවල තනිවෙලා මම කුඩු බොනකොට එයටත් දුන්නා. දවස ගානේ කාමරවලට ගිහින් කුඩු බොනකොට කෙල්ලත් කුඩුවලට ඇබ්බැහි වුණා. අන්තිමේ දෙන්නටම කුඩු බොන්න සල්ලි හොයන්න වුණා. එතකොට කෙල්ලට අවුරුදු දහඅටක්වත් නෑ. මටත් වයස විසිහතරයි. ගෙදරදී අතට අහුවෙන්නේ මොන බඩුවද අරගෙන ගිහින් විකුණුවා. දවසක් මට කුඩු ගන්න සල්ලි නැතිව මාව මරන්න හොයන ඉන්දික ළඟට ගිහිල්ලා වැඳලා කුඩු ඉල්ලුවා..."

      කෝ උඹගේ වාහන... සල්ලි... උඹ දැන් හොරි හැදුණු බල්ලෙක් වගෙයි. මම මීට කලින් උඹව මරලා. කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තට පස්සේ මට හිතුණා උඹ කවදාහරි මේ විදිහට මා ළඟට එනවා කියලා. කුඩු බොන ඕන එකෙක් අන්තිමේ බල්ලෙක් ගාණට වැටෙනවා බං. ඉදා... ඉදා... මේක අරගෙන ගිහින් බීපං. උඹගේ ගෑනිටත් පොවපං. නැත්නම් අපි ළඟට එවපං අපි පොවන්නම්...' ඉන්දිකයා මාව බල්ලෙක් ගාණට දාලා කුඩු පැකට් තුනක් විසි කළා. ඒ මොහොතේ ඒ කුඩු ටික මට දිව ඔසුවක් වගේ දැනුණා...

      Delete
    3. ඒ වෙනකොට තාත්තගේ ව්යාපාරත් වැටිලා. මම ගැනම හිතලා තාත්තා ලෙඩ ඇඳට වැටුණා. මම කුඩු ඉල්ල, ඉල්ලා එක, එකා ළඟ පදිරේ වුණා. ඔහොම ඉන්නකොට කළුබෝවිල කුඩු පොරක් ළඟට සෙට් වුණා. මට පැවරුණේ කුඩු ප්රවාහනය කරන්න. සුපිරි වෑන් එකක් දුන්නා. මම වැඩේ කරගෙන ගියා. අතට සල්ලිත් ආවා. මම කුඩු ප්රවාහනය කරන්න මගේ කෙල්ලවත් පාවිච්චි කළා. දෙන්නත් එක්කම වැඩේ කරගෙන ගියා. අවුරුදු දෙක, තුනක් කුඩු ප්රවාහනය කළා. එක දවසක්වත් පොලිසියට කොටු වුණේ නෑ. දවසක් කුඩු ඕනර් මටයි, කෙල්ලටයි ගෙදරට එන්න කියලා කෙල්ලව තියාගෙන මාව උවමනාවකට එළියට යෑව්වා. එදා ඌ බලහත්කාරයෙන් මගේ කෙල්ලව පාවිච්චි කරලා තිබුණා. කෙල්ල මට කෙලින්ම කිව්වේ නෑ. ඒත් වෙච්ච දේ මම තේරුම් ගත්තා. ඌ ගෑනු පෙරේතයා. ඌට ලස්සන කෙල්ලෙක් දැක්කොත් හප කරලා දානවා. මගේ කෙල්ලට කරදර කරපු දවසේ ඉඳලා ඌ ළඟින් අයින් වුණා. ඊට පස්සේ මම ප්ලෑන් කළේ ඌව මරන්න. කුඩු බිබී ඔය විදිහට වෛරයෙන් පිපිරි, පිපිරි ඉන්නකොට තාත්තා මාව මාලදිවයිනට යෑව්වා. මම මාලේට බැස්සේ 2003 අවුරුද්දේ. එහේදි මම ගැන්සියකට සෙට් වෙලා හොරෙන් ඩොලර් අච්චු ගැහුවා. මාරු කරන්න යනකොට මාට්ටු වුණා. අන්තිමේ හිරෙත් ඉඳලා ජීවිතේට ඒ රටට යන්න බැරි කරලා මාව ලංකාවට එව්වා. ඒ ඇවිත් කුඩු බිබී රස්තියාදු වෙනකොට තාත්තා මාව මේ පන්සලට අරගෙන ආවා...

      මම මේ පන්සලට ආවේ 2004 අවුරුද්දේ. කුඩු සික් එක කැඩිලා ජීවිතය සුබවාදී දිසාවට හැරුණා. අවුරුද්දක් විතර ඉඳලා ගෙදර ගිහින් තාත්තාගේ ව්යාපාර කරගෙන හොඳට හිටියා. සිගරට් එකක්වත් බිව්වේ නෑ. අරක්කු, සිගරට් දකිනකොට අප්පිරියයි. මම හොඳට ඉන්න නිසා ගෙදර අයත් හරිම සතුටින් හිටියා. මට මඟුල් යෝජනා ගෙනාවා. මම ඒවා බලන්න ගියා. ඒත් ලව් එක නතර වුණේ නෑ. ඉඳලා හිටලා කෙල්ලත් එක්ක හෝටල් කාමරයක තනි වුණහම වෙනදා වගේ නෙමෙයි දෙන්නම මන්දගාමීයි. අන්තිමේ දෙන්නම කාමරයෙන් එළියට එන්නේ මූණු පුළුටු කරගෙන. දවසක් බැලුවා... දෙකක් බැලුවා... හරි ගියේම නෑ. දවසක් දෙන්නා එක්ක කතා වෙලා එකතු වෙන්න ඉස්සර වෙලා කුඩු චුට්ටක් ගත්තා. පිස්සු හැදුනා වගෙයි. සෙක්ස් විකාරයයි. 'මේක තමයි බෙහෙත...' කියලා හිතලා කාමරයක තනි වෙනකොට කුඩු චුට්ට, චුට්ට ගත්තා. මම කුඩු දුන්නොත් තමයි කෙල්ල බිව්වේ. කෙල්ල හොයාගෙන ගිහින් කුඩු බිව්වේ නෑ. ඒත් දවස ගානේ රූම් ගිහින් කුඩු බොනකොට ආයෙමත් දෙන්නම කුඩුවලට ඇබ්බැහි වුණා. ඒත් ගෙදර අය හිතුවේ සේරම නතර කරලා මම බොහෝම හොඳට ඉන්නවා කියලා. කෙල්ලගේ ගෙදරත් හිතාගෙන හිටියේ මම හොඳ මිනිහෙක් වෙලා කියලා. මම කරපු වනචර වැඩ හැම දේම හිතේ තදකරගෙන කෙල්ලගේ අම්මා අපි දෙන්නව බන්දන්න හොඳටම වලි කෑවා. ඒත් මගේ කෙල්ල දැනගත්තා අපි දෙන්නම කුඩුවලට ඇබ්බැහි වෙලා. එක වහළක් යටට ගියත් ජීවිතයක් නෑ කියලා. අන්තිමේ කෙල්ල මහණ වුණා. අවුරුදු අටක් ආදරය කරපු කෙල්ල නැති වුණාට පස්සේ මගේ මෝළේ විකාර වුණා. කෙල්ලත් එක්ක ගෙවපු ජීවිතය මතක් වෙනකොට අඬලා, වැළපිලා ජීවිතය නැති කරගන්න හැදූ වාර අනන්තයි. අන්තිමේ මගේ කාලකණ්ණි ජීවිතය ගැන හොඳින් දැනගෙන හිටිය අක්කා බැඳපු අයියගේ නංගි මාව බඳින්න කැමති වුණා...

      ඒ නංගි පිළී ජාතියක්වත් කන්නේ නෑ. ආගම, දහමට හරිම ලැදියි. බැංකුවක වැඩ කරන්නේ. ලස්සනට වෙඩින් එකක් අරගෙන අපි දෙන්නා කසාද බැන්දා. එයා කසාද බැඳලා තියෙන්නේ මාව කුඩුවලින් ගලවගන්නමයි. බැඳලා අවුරුදු දෙකක් විතර යනකොට අපිට පුංචි පුතෙකුත් ලැබුණා. ඒත් මගේ කුඩු බීම සම්පූර්ණයෙන්ම නතර වුණේ නෑ. තාත්තා මාව කටාර්වලට යෑව්වා. අවුරුද්දක් විතර ජොබ් එක කරගෙන ඉන්නකොට දරුව මතක් වෙලා ඉන්න බැරිව ලංකාවට ආවා. මම ලංකාවට ඇවිත් දවස් දෙකෙන් අපේ තාත්තා නැති වුණා. මට තවත් නිදහස ලැබුණා. මම හොඳටම පිස්සු නටන්න පටන් ගත්තා. ආයෙමත් පරණ තැනටම වැටුණා. ගෙදර තිබුණු අන්තිම වාහනයත් විකුණුවා. ණය වුණා. නිදාගෙන ඉන්නකොට වයිෆ්ගේ කර මාලය කඩාගෙන ගිහින් උකස් තිබ්බා. මගේ නෝනට සමාජයට මුහුණ දීගන්න බැරි තත්ත්වයට පත් වුණා. අන්තිමේ මගේ නෝනම මේ පන්සල හොයාගෙන නැවත පාරක් මාව මෙතැනට අරගෙන ආවා...

      දැන් මෙතැනට ඇවිත් මාස හයක් වෙනවා. ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා. දැන් මට අවුරුදු තිස්දෙකයි. තවත් ආතල් ගන්න කාලයක් ඉතිරි වෙලා නෑ. මම මෙතැනින් පිට වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් විදිහට. මේ වතාවේ ගොඩ යන්න බැරි නම් නැවත මට ජීවිතයක් නෑ...

      Delete
  4. මෙම පෝස්ට් එකේ කියා ඇති කරුණු නිවැරැදියි, මා දකින අයුරින් නිසි අධ්‍යාපනයක් හෝ අත්දැකීම් රහිත පිරිස් බලවත් දේශපාලන තනතුරු වලට පත්වීම ඉතා භයානකය. එය බොහෝ රටවල්වල ප්‍රගතිය විනාශ කරනවා පමණක් නොව තවත් ලෝක යුද්ධයක් ඇතිවීමට පවා හේතුවිය හැකිය. ‘වඳුරාට දැලි පිහිය දුන්නා වගේය’ යන උපමාවක් ජන වහරේ ඇති බවද බොහෝ දෙනා දනිති.

    එමෙන්ම දේශපාලනයට පමණක් අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන බවත්, අනෙක් සියලු ක්ෂේත්‍රවලට එය අවශ්‍ය බවටත් දුර්මතයක් පවා ගොඩ නැගී තිබීම ඉමහත් ඛේදනීය තත්ත්වයකි.

    මෙසේම උසස් අධ්‍යාපනයෙන්, කෙනෙකු තම විෂය ධාරාව පිළිබඳ උගතකු වෙනවා පමණක් නොව තමන්ගේ විෂ්ලේශනාත්මක බුද්ධිය (Analytical Thinking) සහ විවේචනාත්මක බුද්ධිය (Critical Thinking) යන ඉතා වැදගත් බුද්ධිමය කුසලතාද දියුණු කර ගනී. ඉතිහාසය පුරාම, සාර්ථක දේශපාලකයන් මෙම කුසලතා යොදමින් ගත් ධනාත්මක තීරණ බොහෝ විය.

    පටු ලෙස සුලු පරාසයක් තුළ සිතමින්, මුග්ධ නායකයන් ගත් බොහෝ ඍනාත්මක තීරණ නිසා රටවල් ප්‍රපාතයට ඇද වැටුණු අවස්ථාද එමටය. දියුණුව අතින් මන්දගාමී හා පසුගාමී රටවල් වලට එසේ වීමට හේතුව එම රටවල් පාලනය කළ සහ කරන දේශපාලකයන්ගේ බුද්ධි මට්ටම් පිළිබඳ සමීක්ෂණයක් කළ විට ඉතා පැහැදිලිවේ.

    කෙසේ හෝ වාසනාවකට මෙන් බටහිර යුරෝපයේ බොහෝ රටවල්, කැනඩාව, සිංගප්පූරුව වැනි රටවල ඡන්ද දායකයෝ තම කැමැත්ත පළ කිරීමේදී අපේක්ෂකාගේ බුද්ධිය ගැන තවමත් සැලකිල්ලට ගනිති. රටවල් අතලොස්සක හෝ මෙවැනි ප්‍රවණතාවක් තිබීම සතුටට කරුණකි.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයන්ගේ ක්‍රියා කලාපයට වගකිව යුත්තේ ඡන්ද දායකයන්. මන්ද හුදෙක් වාසගම, පක්ෂය, කුලය, බොරු පොරොන්දු ආදීන් සලකා බලා ඡන්දය ප්‍රකාශ කර පත්කරන බොහෝ නායකයන් තම රටවල් ආර්ථික හා සමාජීය විනාශය කරා ගෙනගිය සහ ගෙනයමින් පවතින අවස්ථා එමටය. මේ විනාශවලට මග සාදා දුන්නේ හුදෙක් ඡන්ද දායකයන්ය. අද, වෙනිසියුලාවට අත්වී ඇති ඉරණම හොඳම උදාහරණයකි. අප්‍රිකානු කලාපයේද, දකුණු ආසියාවේද මෙයට නිදසුන් බොහෝය.

    ‘සුදුසු’ දේශපාලන නායකත්වයක් බිහිකළ හැක්කේ බුද්ධිමත් ලෝකය ගැන හොඳින් දැන්උගත් ඡන්ද දායකයන්ටය. මෙහිදී ‘උගත්’ යනුවෙන් කියැවෙන්නේ කාලීන කරුණු හොඳින් වටහාගෙන රටේ දියුණුව සඳහා පැහැදිලි දර්ශනයක් ඇති, විශ්වසනීය පුද්ගලයන්ට තම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය වටහා ගැනීමේ හැකියාව මිස හුදෙක් කටපාඩම් පොතේ උගතුන් නොවන බව කිවයුතුමයි.

    ලක්දිව මෙන්ම ලොව වටාම රූප සුන්දරියන්ට, කායවර්ධකයන්ට, නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට ඔවුන්ගේ එම ක්ෂේත්‍රවල හැකියාවන් පමණක් සලකා ඡන්දය දීමේ ඉහළ ප්‍රවණතාවක් ඇත. දේශපාලන කටයුතුවලදී ඔවුන් අනුවන ලෙස හැසිරීම පුදුමයක් නොවේ. වැඩිම මනාප ගණනකින් පාර්ලිමේන්තුවට පැමිණියත් වචන පහක් එක දිගට ගලපා ගත නොහැකි ‘දක්ෂ කලාකරුවෝ’ එමට සිටිති.

    අඩුම වශයෙන්, ඇමැතිවරයකුට, තමන් පාලනය කරන අමාත්‍යාංශයේ විෂය පිළිබඳව මූලික දැනුමක් හෝ පලපුරුද්දක් වත් තිබීම ඉතා වැදගත්ය. මෙයට සරල උදාහරණයක් ලෙස කැනඩාව දැක්විය හැකිය. කැනඩා ෆෙඩරල් රජයේ ඉතිහාසය පුරාම සිටි අගමැතිවරුන් සහ ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ උපාධිධාරින් නැතිනම් තමන්ට භාර විෂයේ ඉහළ වෘත්තීයමය පලපුරුද්දක් ඇති අයය. උදාහරණයක් ලෙස, 2015 අලුතින් පත් කෙරුණු රජයේ අමාත්‍ය මණ්ඩලයේ 30 දෙනාගෙන් 15 ක් නීතිඥයන්, 3 ක් ප්‍රවීණ මාධ්‍යකරුවන්, 2 ක් ෙජ්‍යෂ්ඨ පරිපාලන නිලධාරින්, එක් වෛද්‍යවරයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක්ද විය. එම අමාත්‍ය මණ්‍ඩලයේ 50% ක් කාන්තාවන් විමද ඉතා වැදගත් කරුණකි. අගමැතිවරයා උපාධිධාරී ගුරුවරයෙකි.

    Cont'd

    ReplyDelete
    Replies
    1. Cont'd

      මෙවැනි ප්‍රවණතාවක් ලෝකය පුරාම දියුණුවී ඇති සහ හොඳින් දියුණුවෙමින් පවතින බොහෝ රටවලින් දැකගත හැකිය. කලාපීය පැහැදිලි උදාහරණයක් ලෙස සිංගප්පූරුව පෙන්වා දිය හැකිය.

      මේ කනගාටුදායක තත්ත්වයට වගකිවයුත්තේ කවුද? ඡන්දදායකයන් වන අපමය. මුග්ධ හොරුන් පාර්ලිමේන්තු යන්නේ අපේ කර පිටිනි. අපි මෝඩයින් රජ කරවනවා පමණක් නොව ඔවුන්ට හොරකම් කිරීමට අවශ්‍ය පසුබිමද හදා දෙන්නෙමු.

      සමහර විටක, රටක නායකයා හෝ විෂය බාර ඇමැතිවරුන් තම විෂයයන් පිළිබඳ සුළු හෝ දැනුමක් නැති අය විය හැක. එසේ වූවිට, සුදුසුකම් ඇති උපදේශක වරුන්ගේ අදහස් විමසා නිවැරදි තීරණ ගැනීමට දක්ෂ පාලකයෝ කටයුතු කරති. නමුත් ලංකාවේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ කිසිම සුදුසුකමක් නැති තම නෑදෑයන් සහ හිතවතුන්ට උපදේශක තනතුරු ලබාදීමයි.

      හදිසියේම පහළවන ‘ආචාර්ය’ ‘මහාචාර්ය’ වරු කූඨ අපදේශකයන් ලෙස බල කේන්ද්‍රයන්ට හේත්තුවී වැරදි උපදෙස් දී නායකයන් නොමග යැවීමත් සිදුකරනවා විය හැකිය. තමන්ගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ පට්ටම් යොදාගන්නා සමහරු ‘වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොඩ වැදී නැතැයි’ කියන අදහසකුත් පැතිර යයි.

      බොහෝ ප්‍රජාතාන්ත්‍රික රටවල් මැතිවරණයකට පසුව, පාර්ලිමේන්තුවට තෝරා පත්වන සභිකයන්ගේ දිව්රා සහතික කළ වත්මන් ශුද්ධ වත්කම් ප්‍රකාශයක් රජයට ලබාදිය යුතුය. එමෙන්ම, තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටතේ එම වත්කම් විස්තර ලබා ගැනීමේ හැකියාව සෑම පුරවැසියකුටම ඇත. එහෙත්, මේ අයිතිය භාවිත කොට කිසිවකු දූෂිත දේශපාලකයන්ගේ වත්කම් සොයා බලන බවක් නොපෙනේ. හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රික සමාජයක, මෙම වගකීම පැවරෙන්නේ අපක්ෂපාතී ප්‍රජා සංවිධාන වලටය.

      රටක, සක්‍රීය අපක්ෂපාතී ප්‍රජා සංවිධාන තිබීම එම රටේ ප්‍රජාතාන්ත්‍රික භාවයේ සරු බව පෙන්වන ලකුණකි. එවැනි සංවිධාන නැතිවීම, දූෂිත දේශපාලකයන්ට දෙවියන් දුන් වරමක් මෙන්ය.
      මෙවැනි පසුබිමක, ප්‍රජාතාන්ත්‍රිකව පත්කළ රජයන් හි ක්‍රියාවලින් විමර්ශනය කොට දූෂණ හා වංචා මහජනතාවට හෙළිදරව් කිරීම ප්‍රජා සංවිධාන මෙන්ම විශ්වවිද්‍යාල වලද වගකීමකි. මන්ද, තොරතුරු ලබා ගැනීමේ හා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියේ තාක්ෂණය ඔවුන් සතු නිසාය.

      සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට උගතුන්ට ඇති අයිතිය හා යුතුකම පැහැර හැරීම තුළින් සිදුවන්නේ දූෂණය සහ වංචාව සාමාන්‍ය දෙයක් බවට පිළිගැනීමට සාමාන්‍ය ජනතාව පුරුදු කිරීමයි. මෙම විනාශයට වැඩිපුරම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල පද්ධතියේ දේශපාලන විද්‍යා අංශවල ගරු ප්‍රධානීන් සහ සෙසු ආචාර්යවරුන්ය. කූඨ දේශපාලනික උපක්‍රම දැක දැකත් නිහඬව සිටීම විසින් ඔවුන් සමාජයට කරන අයහපත ඉතා දරුණුය.

      කිසියම් අපක්ෂපාතී කණ්ඩායමක් විසින් ‘ගෝලීය දේශපාලන දත්ත’ වෙබ් අඩවියක් පවත්වා ගත යුතුය. පවතින රජයන් හී සෑම සාමාජිකයකුගේම අධ්‍යාපන සුදුසුකම්, වාත්තීයමය සුදුසුකම්, බලයට පත්වන විට වත්කම, දැනට වත්කම වැනි දත්ත ගොනුකොට ප්‍රකාශ කළ යුතුය. එවිට, දේශපාලන විනිවිද භාවය බොහෝ දුරට තහවුරු කළ හැකිය. මෙවැනි දත්ත සියල්ලක්ම ඉතා පහසුවෙන් ලබාගත හැකිය. පුද්ගලයන් වත්කම් දත්ත සැපයිය යුතු බව බොහෝ රටවල නීතිගත කර ඇත.

      මේ වැනි විස්තර, ඡන්ද අපේක්ෂකයන්ගෙන්ද ලබා ගැනීමට හැකිනම් කොතරම් අගනේද? අපේම ඡන්දයෙන්, නුසුදුස්සන් පාර්ලිමේන්තු යවනවා පමණක් නොව ඔවුන්ට දූෂණ හා වංචා කිරීමට වාතාවරණය සාදා දෙන ඡන්දදායකයාට අත්වන ඉරණම ලෝකය පුරා බොහෝ රටවලින් සක්සුදක් සේ පැහැදිලි වී ඇත.

      මහාචාර්ය නිමල් රාජපක්ෂ
      කොන්කෝඩියා සරසවිය,
      එඩ්මන්ටන්, කැනඩාව.

      Delete
  5. මාතා,

    මේ ගැන ලංකාවේ ඉතිහාසය සමග නැවත සමාලොඅචනයක් කල යුතුයි, මොකද 1977 දක්වාම ලංකාවේ මැතිවරණ වලදී ආණ්ඩු මාරු වලට රජයේ සහනාධාරයක් ලෙස නිකම් ලැබෙන ආහාර සලාකය හා බඩු මිල බලපෑවා.

    සිරිමාවෝ බණ්ඩාරනායකගේ හඳෙන් හාල් වලට වගේම ජේආර්ගේ ඇට අටටත් අදාළ මැතිවරණ වලදී ඡන්ද වැටුනා. ජේආර් විසින් නැති කළ හාල්පොත නැවත ලබාදීම අසූ දෙකේ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව කඳවුරේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනා. එහෙත්, එජාපයේ කුප්‍රකට හොර ඡන්ද ප්‍රමාණ අඩු කරල දැම්මත් අසූ දෙකේදී හෙක්ටර් කොබ්බෑකඩුවට හාල්පොත පෙන්නා ඡන්ද ගන්න බැරිවුනා.

    ජේ ආර් ගේ පාලන කාලේ ඉඳන් ලංකාවේ බඩු මිල සෘජුව රජය මඟින් පාලනය කළ ක්‍රමය වෙනස් වුනා. ඉන් පසු, අද වන තුරුම බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කෙරෙන්නේ විවෘත වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ වෙනසින් පසුව, ලංකාවේ මැතිවරණ වලදී නිකම් ලැබෙන හාල් හෝ හාල් සේරුවක මිල වැනි නිර්ණායක වලට ලැබුණේ අඩු වැදගත්කමක්.

    ඊට පස්සෙ ආර්. ප්‍රේමදාස මැතිවරණයට ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කළේ 'නැති බැරි අය ඇති හැකි අය' කරන බවයි. මෙය එතෙක් කල් සමාජවාදීන් විසින් පට්ට ගැසූ ධනපතියන් භංග කිරීමේ විකල්පයට වඩා බොහෝ ඉදිරිගාමී අදහසක් බව කිව යුතුයි.

    මේ සමගම අද වන විට ලංකාවේ ජන බලයක් සහිත සියලුම දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික දේ මිල දී ගත හැකි තරම් ආදායමක් ඉපැයීමට අවස්ථා සැපයෙන ක්‍රමයක් වෙනුවෙන් මිස, දැනට ලබන ආදායමට මිල දී ගත හැකි තරම් අඩු මට්ටමකට භාණ්ඩ මිල සීමා කරන ක්‍රමයක් වෙනුවෙන් නෙමෙයි. නමුත් මේ ආණ්ඩුවේ ඉන්න ඇතැමුන් විසින් උත්කර්ෂයට නගා තිබෙන මිල පාලනය බොහෝ යල් පැන ගිය අදහසක්.

    කොහොම උනත් සෘජු මිල පාලනය යල් පැනගිය අදහසක් වුණත් ලෝකයේ හැම ආණ්ඩුවක්ම වක්‍ර ලෙස භාණ්ඩ හා සේවා මිල පාලනය කරනවා. මෙය කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමිනුයි. ඒ නිසා, ලංකාවේ හෝ වෙනත් රටක කිසියම් භාණ්ඩයක මිල මුළුමනින්ම වෙළඳපොළ සාධක මත පමණක් නිර්ණය වනවා කියා කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. විශාල වශයෙන් ආනයන බදු අඩු කරමින් ආනයනික තිරිඟු පිටි, පරිප්පු, සැමන් (ටින් මාළු), කඩල වල සිට ඉන්ධන දක්වා ආනයන බදු විශාල ලෙස අඩු කිරීමට 2015 - 2019 යහපාලන ආණ්ඩුව කටයුතු කලේ නාගරික ඡන්ද වැඩි කරගැනීමේ අරමුණෙන්, මේ නිසා ග්‍රාමීය කෘෂි ක්ෂේත්‍රය සහ දේශීය නිශ්පාදකයන් මහත් අර්බුදයකට පත් වුණා.

      ඒ වගේම යහපාලන ආණ්ඩුව පැවති කාලයේ පොදු වශයෙන් බැලූ විට කිසිදු කාණ්ඩයක භාණ්ඩ හා සේවා මිල අඩු වී නැහැ.

      http://www.statistics.gov.lk/price/NCPI/NCPI(2013)%20-Inflation%20%20Sub%20Groupwise%20Chart.pdf

      http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/retail/DCSB-WRP-2018-01-W1

      http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/retail/DCSB-WRP-2019-12-W4

      හාල් මිල පහළ යාම පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වුවත්, වී ගොවියන්ට සතුටු විය හැකි කරුණක් නෙමෙයි. රතු පරිප්පු ලංකාවේ වවන්නේ නැති වුනත්, ආනයනික රතු පරිප්පු මිල පහළ යන විට ලංකාවේ වවන මුං ඇට කවුපී ආදියේ මිලත් පහළ යනවා.

      ඒ වගේම හැබැයි පසුගිය යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ ලංකාවේ බඩු මිල පහළ ගොස් නැතත් විශාල ලෙස වැඩි වී නැහැ. පොදුවේ රටක මිල මට්ටම තීරණය වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම මතයි. රටේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම පහත වැටෙනවා. එය සිදුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා ඉල්ලුම පහත වැටීමෙනුයි. පසුගිය 2015 - 2019 කාලය ඇතුළත ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ සාමාන්‍ය මට්ටමට වඩා අඩු වේගයකින්. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම පහත වැටීම ආඩම්බර විය හැකි කරුණක් නෙමෙයි.

      ආර්ථික වර්ධනය විභව මට්ටමට වඩා පහත වැටීම අයහපත් දෙයක් වන්නේ එය රටේ විරැකියාව ඉහළ දැමීමට හේතු වන නිසයි. ආර්ථික වර්ධනය අඩු වන වකවානු වලදී රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කරගනිමින් ආර්ථිකයට මුදල් පොම්ප කර සමස්ත ඉල්ලුම ඉහළ දැමීම බොහෝ රටවල ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ නිසයි.

      නමුත්, ලංකාවේ රජය දැනටමත් දරා සිටින විශාල ණය බර නිසා විරැකියාව අඩු කරමින් ආර්ථිකය පුම්බනවාට වඩා ණය බර අඩු කර ගැනීමට ප්‍රමුඛතාවය දීමට ලංකාවේ රජයට සිදු වී තිබෙනවා. එහි වරදක්නැහැ.

      රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වුණාම එක්කෝ ණය අරගෙන, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගසා ආර්ථිකය පුම්බන්න වෙනවා. එසේ නොකළොත් එක පැත්තකින් මිල මට්ටම පහත වැටෙද්දී අනෙක් පැත්තෙන් විරැකියාව ඉහළ යනවා. නමු රැකියා නියුක්තිය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුවනම් 2015 පළමු කාර්තුවේ සිට 2019 පළමු කාර්තුව දක්වා කාලය තුළ සිදු වී තිබෙන්නේ ලංකාවේ රැකියාවක නියුතු ජනගහණය 8,502,270 සිට 8,182,970 දක්වා 319,300කින් අඩු වීමත්, මේ කාලය තුළ පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිය 71,760 කින් පමණක් ඉහළ යාමත් මෙහි ප්‍රතිඵල වන නමුත් රජය ප්‍රසාරණය කරමින් රැකියා සැපයීමට යහපාලන රජය කටයුතු නොකිරීම අගය කරන බවද කිව යුතුයි.

      මූලාශ්‍ර;

      http://www.statistics.gov.lk/samplesurvey/LFS_Q1_Bulletin_WEB_2015_final.pdf

      http://www.statistics.gov.lk/samplesurvey/LFS_Q1_Bulletin_WEB_2019_final.pdf

      http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2019

      මේ නිසාම නූතන රාජපක්ෂ ආණ්ඩුවට දැනට තිබෙන ප්‍රශ්න වලට දිය හැකි හූන්දම් විසඳුම නිදහසේ මිල තීරණය වන ලෙස සහ වැඩි සැපයුම්කරුවන් පිරිසකට ලෙහෙසියෙන් නිදහසේ ගනුදෙනු කළ හැකි පූර්ණ නිදහස් වෙළඳපොළකට ඉඩදීමයි. එවිට ප්‍රශ්න එකින් එක ලිහී යයි. මේ රජයේ ඇතැමුන්ගේ සහ හමුදා නිලදාරීන්ගේ මායාව වන්නේ වෙළඳපොළ යාන්ත්‍රණයට වඩා හොඳින් රජයට ආර්ථිකය සැලසුම් කළ හැකියැයි සිතීමයි. වෙළඳපොළ නැමීමට සැලසුම් හදන තරමට සිදු වන්නේ මඩ වලක වැටුණු ඌරෙකු ගොඩයාම සඳහා දඟලන විට සිදුවන දෙය පමණයි.

      විදෙස් විනිමය ගැන ගත්තොත් මේ මොහොතේ කළ යුතු පළමු දෙය විණිමය අනුපාතිකයට නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමයි. එයින් ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනු ඇති නමුත් එය එකවර සිදුවන වැඩිවීමක් පමණක් වනු ඇත. එමෙන්ම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යද්දී මිල පාලනය කළොත් හෝ බදු අඩු කළොත් අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙනු ඇත. ඇත්තටම බදු වැඩි කළත් ප්‍රශ්නයක් නැහැ, ඊඑට පිළිතුරු වශයෙන් මෙයින් පීඩාවට පත් වන පහළම තට්ටුවේ අයට සෘජු ලෙස මුදල් වලින් සහනාධාර දිය යුතුයි, දැන් කෝවිඩ් සහනාධාර දෙන අයුරින්. වෙළඳපොළට අවම හානියක් වන ක්‍රමය එයයි. එවිට මේ සහනාධාර ලබන අය ආනයනික බඩු මිල වැඩි නිසා වඩා ලාබ දේශීය නිෂ්පාදන මිල දී ගනු ඇත. එයින් දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වී නිෂ්පාදනයද වැඩි වනු ඇත. ඉහළ ආදායම් ලබන අය ඔවුන්ට අවශ්‍යනම් වැඩි මිලක් ගෙවා ආනයනික භාණ්ඩ මිල දී ගනීවි.

      Delete
  6. මාධ්‍ය නිදහස හා ප්‍රකාෂනයේ නිදහස ඉල්ලන්නන් විසින් Priyantha Hewage Maathalan ඇක් එක මාසයකට බ්ලොක් කර ඇත..


    එල ද බ්‍රා ........//

    සන්ජීව මෙන්ඩිස්

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය නිදහස ප්‍රකාශනයේ නිදහස භාෂණයේ නිදහස් කියන්නේ එක දෙයක්, හැබැයි මැදමුලන රෙදි අපුල්ලන හැට නව ලක්ෂයක් පමණ තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් වූ බයිසන් ගවරැල (නන්දසේන ගේ වහල් බයියෝ) කියන මළ පෙරේත අමු සක්කිළි හැත්තට වල්බූරු නිදහස නොදිය යුතුමයි, හොඳින් බැරිනම් නරකින් හෝ මුන්ගේ අමු බලු කටවල් වසා මේ පෙරේත හැත්ත නිහඬකල යුතුයි, කුමන්ත්‍රණ සහ නන්දසේනගේ රාජ්‍ය ත්‍රස්තවාදය මඩින සටනේ ශිශ්ටත්වය හොයන්න එපා, ශිශ්ට සමාජයට බලපාන නීති සහ ගෞරවය නූගත් අශිශ්ට කාලකන්නි මීහරක්ට දිය යුතු නැත.

      Delete
    2. එළ. ජයවේවා!

      Delete
    3. දිගටම බ්ලොක් කරන්න ක්‍රමයක් නැතෙයි?

      Delete
  7. මුදල් අච්චු ගැසීම ගැන කතා කරද්දී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන;

    සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු

    පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතු

    පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පත

    පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත්

    පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු

    ReplyDelete
  8. ලංකාවේ ජීවත්වන වැඩි දෙනකුට ලෝකයේ අනෙක් රටවල පැවැත්ම ගැන අවබෝධයක් තිබේ. සාධාරණ අවස්ථා හා යුක්තිගරුක පිළිවෙළ ගැන අදහසක් ඇත. ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට, ඕස්ට්‍රේලියාවට හෝ අඩුම තරමින් කැනඩාවට හෝ සංක්‍රමණය වීම ගැන අදහසක් ඇති සියලුදෙනා එම රටවල නීති රීති, බදු ක්‍රම, සහනාධාර, රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් අවබෝධයක සිටින බව නිසැකය.

    එහෙත් ලංකාවේ දී එවැනි පිළිවෙළ ඇති කර රට නගා සිටුවීම ගැන එකඟතාවක නොමැති ඇයි?

    ජනතාව තුළ පවතින නොකැමැත්තට වඩා දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ ඉතාම නරක අන්දමට ජනතාව මුළා කරන බව සැක කළ හැකිය. ඉතිහාසයේ සිට බලයට පත් වූ පක්ෂ ජනතාවට සහන දෙන හා ජනතාව ජීවත් කරවන බව දක්වමින් ජනතාවගේ බදුවලින්ම අකාර්යක්ෂම ක්‍රමයක් ඉදිරියට ගෙනැවිත් තිබේ. විසිඑක් වැනි සියවසේ පශ්චාත් කොවිඩ් යුගයට එම පිළිවෙළ සාර්ථක වෙන්නේ නැත.

    ලෝකයේ අනෙක් රටවල් පැත්තකට කර අපට අවශ්‍ය දේ අප නිපදවාගෙන අපට පමණක් අනන්‍ය ක්‍රමයකට අනුව පැවැතිය හැකි යැයි කල්පනා කිරීම වරදකි. සියලුම නිෂ්පාදනවලට අති විශාල වන්දියක් ගෙවන්නට සිදු වෙයි. එය පැටවෙන්නේ පාරිභෝගිකයාටය. වෙළඳපොළ විකෘතියක් සිදුවන අතර එහි නරක විපාකයකි. ලෝකයේ අනෙක් රටවල් සමග ගනුදෙනු කරන පිළිවෙළ පුළුල් නොකිරීම අවදානම් සහගතය. ශ්‍රී ලංකාව අනෙක් රටකින් යමක් මිල දී නොගන්නේ නම් එම රටවල් මෙරට නිෂ්පාදනයක් මිලදී ගැනීමට සාධාරණ හේතුවක් තිබේද? වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජනය ඇතුළු සියලු අංශ සඳහා අලුත් මුහුණුවරක් අවශ්‍ය කෙරේ. එය ශක්තිමත් හා ලෝකයේ අනෙක් රටවලට වඩා අවස්ථා සම්පාදනය කරන එකක් විය යුතුය. ඉදිරියෙන් සිටින අවකාශය තුළ සමාජයේ අනවශ්‍ය තිගැස්ම අවසන් විය හැකි බව සඳහන් කළ යුතුය.

    ශ්‍රී ලාංකේය පුරවැසියන්ට ආත්ම ශක්තිය ගැන විශ්වාසයක් තිබේ. ඉතිහාසයේ සිට දක්ෂතා පෙන්නුම් කර ඇති රටකි. ලෝකයේ සෑම තැනෙකම ඉතාම දක්ෂ ලෙස සේවය කරති. නොයෙක් අංශවල නිතරව ශ්‍රී ලාංකේය නාමය ඉහළින් ඔසවා තබා තිබේ. අපට ඇති ගැටලුව දේශපාලන ක්‍රමය බව පෙනේ. ඉතාම අධික පිරිවැයක් සහිත මැතිවරණ ක්‍රමය, ජනතාවට සමීප නැති මහජන නියෝජිතයෝ, ප්‍රතිපත්ති වෙනුවට පාක්ෂිකයන්ට පමණක් සලකන ක්‍රම යනාදිය රට අවදානම් තැනකට කැඳවාගෙන පැමිණ තිබේ. තීරණ ගැනීමට ඉඩ නොදෙන රාජ්‍ය ව්‍යුහය හා සීමාව ඉක්මවන ශ්‍රම බළකාය ඉතා වියදම් සහගතය. රජයේ වියදම නාස්ති කිරීමකි. රජයට අයත් අසමත් ව්‍යවසාය රටට ජවයක් සපයන්නේ නැත.

    මෙම බැමි බිඳ හෙළීම අරමුණු කරගෙන, අලුතින් බලයට එන ජනතා නායකයෝ අවසානයේ දී පවතින විෂම ක්‍රමය තුළ කොටුවෙන අතර පටු සීමිත රාමුවකින් සෑහීමකට පත් වෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථිකය ශක්තිමත් කිරීමේ බලය අලුතින් පවරා තිබේ. ඉක්මන් තීරණ ගෙන පැහැදිලි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය.

    මෙම අවස්ථාවේදී විපක්ෂ දේශපාලනඥයන්ට ද පණිවුඩයක් තිබේ. රට අසරණ කිරීමෙන් පසු බලය අල්ලා ගන්නා උපාය හැර රටට විකල්පය ඉදිරිපත් කර ජනතාව හමුවට යන ක්‍රියාමාර්ග විපක්ෂ දේශපාලනය අනුගමන කළේ නැත. ඉතිහාසයේ සිට සෑම විපක්ෂයක්ම අනුගමනය කර ඇති පොදු සාධකය එයයි. ආර්ථික හා සමාජ වශයෙන් එල්ල වී ඇති තියුණු අභියෝගය කිසිසේත් මගහැරිය නොහැකි එකකි. ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පෙරළා බලය ගැනීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ ද අද පවතින ආර්ථික රාමුව වෙනස් කරන පිළිවෙළ ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. බලය අල්ලා ගැනීමේ ප්‍රමුඛ අදහස් ඇතිව රට අසරණ කර හෝ නොකර විපක්ෂය විසින් බලය අල්ලා ගනු ලැබීම රටේ අභිවෘද්ධියට උපක්‍රමයක් නොවේ. පවතින ගැටලු හා අසංකීර්ණ ව්‍යුහයක් තිබිය දී බලය අල්ලා ගැනීම වාසිදායක නැත. මෑතක ග්‍රීසියේ මතු වූ ආර්ථික අර්බුදය එය සනාථ කළේය. කෙටි කාලයක් තුළ ආණ්ඩු කිහිපයක් පෙරලා අලුත් බලවේග පැමිණි නමුත් ආර්ථිකය හදන්නට වෙනස් පිළිවෙළක් තිබුණේ නැත. එසේ උවත් රැවටිලිකාර, වංචා සහගත, දූෂිත පුද්ගලයින් බලයේ සිටින විට ඔවුන්ව පාලනයෙන් බැහැර නොකිරීම ද රටේ අභිවෘද්ධියට හේතු නොවේ. පක්ෂ දේශපාලන ක්‍රමය බැහැරලීමත් සමඟිව මනා ප්‍රතිපත්ති මත රට පාලනය කිරීමත්, පාලනය වීමත් අභිවෘද්ධියට උපක්‍රමයකි.

    ReplyDelete
  9. මාතලන්, මේ ළඟදි ටෙලිකොම් ආයතනයේ සභාපති (සහ හෙළදිව් තේ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා) මෙම කෙටි වීඩියෝ ක්ලිප් එකේ පැවසූ ආකාරයට ලෝක ආර්ථිකයට සම්බන්ධ වී ලංකාවෙ දැනට ඩොලර් බිලියන 1.6 ක් විතර වන තේ ආදායම පිටරට තේ ආනයනය කර branded තේ අපනයනය කර විකුණන එකෙන් ඩොලර් බිලියන පහක් ඉක්මවිය හැකි බවට කියන කතා ඇත්තද?

    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/406127630991803/

    ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර අනාවරණය කරපු දෙයක් තමයි ඉන්දියාව අද ඇමරිකානු එක්සත් ජනපදය සමග ආර්ථික පසුබිමක් හදාගනිමින් යන අතරේ ලංකාව චීනය සමග ගමනකට උත්සාහ කරන නිසා ලංකාවේ පවතින ආර්ථික ප්‍රශ්න දඩමීමා කරගෙන බටහිර හා ඉන්දියාව අ⁣පේ රටට බලපෑම් කරන බව, එකක් තමයි MCC, දෙවැන්න කෙරවලපිටිය අළුත් එල් එන් ජී බලාගාරය. ඊළඟට ඇමරිකන් සැලසුමක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය.

    මේ ගැන ඔවුන්ගේ නිගමනය අනුව තුන්වැන්න තමයි වඩාත්ම භයානක වෙන්නේ. ඒ තමයි ඇමරිකන් ආරක්ෂක විද්‍යාපීඨයක් ඉදිකිරීම. මේ අවුරුද්දේ බැසිල් සහ ජනාධිපතිගේ අණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවශ්‍ය කටයුතු කරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අනුව පිහිටවන විශ්ව විද්‍යාලය එයට අයිති අක්කර 700කට වැඩි භූමිය සමඟ ඇමරිකන් ආරක්ෂක විශ්ව විදාලයකට දුන්නාම ලංකාවේ ආණ්ඩුවට සල්ලි (ආධාර???) සහ බටහිර රටවල අයට ලංකාව තුල ඉඳගෙනම චීනයට එරෙහිව බලතුලනයකට පාර හැදෙනවා. ලංකාවේ ආණ්ඩුවට නිකම් වගේ ඩොලර් මිලියන 750 ක් විතර දෙන්නේ හොඳකට නෙවෙයි කියලා හිතෙනවා මටත්. මේ ගැන ඔබේ අදහස මොකක්ද කියල කියන්න පුළුවන් ද?

    ReplyDelete
  10. හාල් මිල ගණන් සදහා සිල්ලර මිල ගණන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් නිවේදනය කරල තියෙන්නෙ. ඒ අනුව ඔවුන් නිවේදනය කර ඇති මිල ගණන් මෙසේයි.

    නාඩු කිලෝ 1ක් රු 115

    සම්බා කිලෝ 1ක් රු. 140

    කීරි සම්බා කිලෝ 1ක් රු. 165

    එම සංගමයේ සභාපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් අමතමින් මෙම මිල ගණන් නිවේදනය කළා.

    එමෙන්ම ඉදිරියේදී නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 70ක ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 80 කටත් මිලදී ගැනීමට තීරණය කළ බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

    ආන්ඩුව හැදුවෙ ගොයියත් රැකල මෝල් හිමියොත් රැකල පාරිබෝගිකයට ත් අඩුමිලට හාල් ලබාදෙන්න අතරමැදියව ඉවත් කරල. මෝල් කාරයො හැදුවෙ තනියම ඉහගෙන කන්න හාල්ටික හන්ගල. කුහක දේශපාලුවො අවස්තාව බලල ගොවියො උසිගැන්වෙන විදියට වැඩේ කලා. ගොවියො ලව්වම කියවෙව්ව එයාලට වැඩිගානට වී විකුණන්න බැරිඋනා කියල. 250 ට කීරිසම්බ 150 කට නාඩු 180-200 අතර ගානකට සම්බ විකුනන්න හිටපු මෝල් කාරයන්ගෙ ගෑස් බැස්ස ආන්ඩුව ගැසට් එක රිවස් කරල හාල් ආනයනය කරන්න තීරණය කරපු ගමන්. දාස මුදලාලිට උනේ මොකද කියල අද ඊයෙ ඉපදුන උන් දන්නවයි. ඩඩ්ලිටහ් ඒ දේ වෙන්න බැරි නැහැ. දාස මුදලාලිව විනාසකලේ විවුර්ත ආර්තිකේ. දේශිය වියාපාරිකය නැතිකෙරුව. ඩඩ්ලිට එහෙම නොවේවා පතනව. නමුත් හදෙන් හරි හාල් ඉල්ලනවනම් මිනිස්සු යතාර්තය තේරුම් ගන්නෙ නැත්නම් ගොවියටත් මෝල් කාරයටත් සොරි .කොම්.

    ReplyDelete
    Replies
    1. අද post එක කෙන්දක්,
      comments නම් කන්දක්!

      Delete
    2. ඇනෝ 9.17, මෝල් හිමියන් විසින් සහල් සඳහා නියම කරන ලද සිල්ලර මිල ගණන් රජය විසින් ප්‍රතික්ෂේප කරා, ඒ ගැන පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න කියන්නේ හාල් සම්බන්ධයෙන් එක් සමිතියක් යෝජනා කළ මිල රජයට පිළිගැනීමට නොහැකි බවයි.

      රජය විසින් පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කරගැනීමට සද්භාවයෙන් යෝජනා කළ උපරිම මිල ඉවත් කිරීම කිසියම් පාර්ශ්වයක් වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම රජය මැදිහත් වන බව ද ඇමති පැවසුවා.

      කිසියම් පාර්ශවයක් අනිසි ලෙස සහල් මිල වැඩි කළහොත් ඊට මැදිහත් වන බව ද කී ඇමති එක සමිතියක් යෝජනා කළ මිල රටේ සහල් මිල බවට පත් වීමට ඉඩ නොතබන බවද පැවසුවා.

      අදාළ සමිතිය නාඩු හා කීරි සම්බා වලට ඉදිරිපත් කර තිබෙන මිල ගණන් කිසි ලෙසකින් වත් පිළිගත නොහැකි බවත් එය අසාධාරණ බව පැවසූ ඔහු එවැනි සහල් සමිතියකට සහල් මිල තීරණය කළ හැකි නම් රජයක් සිටීමෙන් පලක් නැතැයි ද කියුවා.

      @ නිදි ගේ පංච තන්ත්‍රයේ,

      ඩඩ්ලි ගේ අරලිය කීරි සම්බා කිලෝ එකක් රුපියල් 225 ට තිබුනේ. එකපාරටම දැන් 165 කලේ කොහොමද? ආණ්ඩුව පිටරටින් ගෙන්වනවා කියපු හින්ද නේද? ඒ නිසා
      ආණ්ඩුව සහල් ආනයන කළ යුතුමයි !

      අවුරුදු 2කට කලින් 2019 දී වී කිලෝ එකක් රුපියල් 34 ට වත් වී දෙන්න බැරුව අනාථ වෙලා හිටපු එක අමතක කරලා කැකුළු වී කිලෝ එකක් රුපියල් 55 සිට රජයේ මැදිහත්වීමෙන් මිල ගණන් තීරණය කරලා ආණ්ඩුව සද් භාවයෙන් වී මිල වැඩි කරලා සහල්වලට මෝල් හිමියන්ටත් ඉතාමත් සාධාරණ ලාභයක් ගන්න හදල දෙද්දී ඩඩ්ලි සහ පිරිස ඉහගෙන කන්න හැදුව.

      ආණ්ඩුව සහල් ගෙන ආ යුතුයි. නමුත් බන්දුල හොරා සුදු ළුණු ගෙනාව වගේ නෙවයි. එහෙම කරල මෝල් මාෆියාවේ පාහර හැත්තට හොඳින් අමතක නොකළ හැකි පාඩමක් ඉගැන්විය යුතුයි.

      මේ ඩඩ්ලි ගෝතයා මේ වැඩ වලින් දේශපාලනයට එන්න මාන බලනවා වගෙයි. ආන්ඩුව නටවනවා මූ… මූට පාඩමක් ඉගැන්නුවෙ නැත්නම් ආණ්ඩුවෙනුත් වැඩක් නෑ.

      පාස්කු නඩුව හරියට අහන්න පටන් ගත්ත නම් සිරි අයිය නිසා මේ ගොනා නිකන්ම සයිලන්ට් වෙනව.

      Delete
  11. 靜夜思
    床前明月光
    疑是地上霜
    舉頭望明月
    低頭思故鄉

    ReplyDelete
  12. මුන් සේරම හොඳ නළුවෝ වගේම හොඳ යාලුවෝ බන් මාතේ, මේ සේරම එකම රඟ මඬලක එකම එක පිටපතකට එකිනෙකට වෙනස් චරිත රඟන නළුවෝ නමුත් මේ නළුවෝ ගැන කතා කරනවා නම් අපට රංග අභ්‍යාස ක්‍රමවේදයක් නැහැ. අපට රංග පාසලක් ද නැහැ. අපේ රංගය ගැන විද්‍යාත්මක විචාර කතාවක් ද නැත. අපේ නළුවෝ ඔහේ කටපාඩමෙන් පුරුද්දෙන් රඟපාන කණබෙල්ලන් නළුවෝ වෙති. අපේ ක්‍රියාවට න්‍යායක් නැත. අපේ නළුකම් වෘත්තීය මට්ටමකට ඉහළ නැංවීමට අවශ්‍ය න්‍යාය තනා ගන්නට සිටි ගාමිණී ‌ෆොන්සේකා ද ජෝ අබේවික්‍රම ද දැන් අප අතර නැත. මහ අප්පොච්චි මිය ගිය කල දරු මුණුපුරන්ට කාගේ පිහිටක්ද? මුදුන් මුල දිරා ගිය කල මහා වෘක්ෂයට කුමක් සිදුවෙයිද? න්‍යාය තනා ගන්නට පෙර ක්‍රියාව ඇණ හිටි කල පර්යේෂණයට කුමක් සිදුවෙයිද? මාලිනි ෆොන්සේකාගේ, රවීන්ද්‍ර රන්දෙණියගේ කඳුළු අතරට මගේ පරම්පරාවේ කඳුළුත් එකතු වී යයි. ඒත් මට පසු පරම්පරාවල් මේ මහා වෘක්ෂය හදුණත්ද? ජෝ අබේවික්‍රමගේ වියෝවෙන් පසු කාලය තුල පාළු වී යන්නේ මගේ පරම්පරාව විතරක්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න