Sep 1, 2023

සුදු අලි පෙරහරේ යහතින් යද්දී හීලෑ අලි ගැන වොරි වී හඬා වැලපෙමු..

 


සුදු  අලි පෙරහරේ යහතින් යද්දී

හීලෑ අලි ගැන වොරි වී හඬා වැලපෙමු..

➖➖➖➖➖➖➖➖➖➖➖➖💀➖


ඉන්ධන මිළ තව දුරටත් වැඩි වනු ඇත.

ඒක සක්කරයට තබා මහින්ද මගත්තයාගේ පුත්‍රයා ආවත් නවත්තන්න බැරි ලෝක සත්‍යයන්‍ය.


ඉන්ධන මිළ ගැන අනාවැකි ගෙනන ආර්ථික උස්තාද්ලා හා එම ආයතන පවසන්නේ, ලබන අවුරුද්දේ ඉන්ධන මිළ තව දුරටත් වැඩිවෙයි කියලාය.


ඒ අනුව තව කොම්පැනි 100 ක් ආවත් අපිට බඩු බනිස්‍ වෙනවාය. ඒ අස්සේ ඔපෙක් එකේ උන් කතා වෙන්නේ තෙල් සැපයුම සීමා කිරීමටය. ඒ උන්ගේ යහපතට හා උන්ගේ අනාගතේ ගැන හිතලාය. මේවා තේරුම් අරගෙන උන්නාම චතුරංග අබේසිංහ වගේ බබෙක් වෙන්නේ නැතිව, පැතුම් කර්නර් වගේ දෙයක් තේරුම් ගත හැකි එකෙක් වගේ පීචන් නොවී ඉන්නට පුලුවන් වෙනවාය.


අපේ උන්ට මෙහෙව් දේට ප්ලෑන් ඇත්තේ නැතිය. මීළඟට ලොකුම ප්‍රශ්ණය වෙන්නේ පානිය ජලයය. තියෙන වතුර ටිකත් වී වවන්න, හිඟන පන් ගොයියන්ට පූජා කොට, කෂ්ටිය වැස්ස වලාහක එනකන් බලාගෙන ඉන්නවාය. ඒ අස්සේ පන් ගොයියන්ට වන්දිත් පූජා කර, අස්වැසුමත් දන් දෙනවාය.


ඇත්තම රටේ ප්‍රශ්ණය වෙන සුදු අලි ගැන වගේ වගක් නැතිව, රැඩිකල් හිකනල්ලු වගේම රනිල් ලොක්කාගෙත් ලොකුම ප්‍රශ්ණය වෙලා තියෙන්නේ හීලෑ අලියෝය. ජනතාවටත් දැන් සුදු අලි නඩත්තු කිරීම අවුලක් වෙලා නැත්තේය.


උන් කියන්නේත් ඒවායේ ඉන්න උන්ට වැඩි පඩි දෙන්නෙයි කියලාය. 


ජොස්තරලාට ටැක්ස් ගහන්න එපා කියලාය..


පන් ගොයියන්ට නියං සහනාධාර දෙන්නෙයි කියලාය..


මහපොළ වැඩි කරන්නෙයි කියලාය..


EPF/ ETF පොලියට අත තියන්නෙපා කියලාය..


ඔක්කෝගෙම පඩි වැඩි කරන්නෙයි කියලාය..


බේත් මිළ අඩු කරන්නෙයි කියලාය..


බස් ගාස්තු අඩු කරන්නෙයි කියලාය..


ඉන්ධන, ගෑස් හා බඩු මිළ 2019 ගානට දියව් කියලාය..


ඒ කරලා උන් කියන්නේ රට මේ තරමින් හෝ ඇදගෙන යන ව්‍යාපාරිකයින්ට හා සමාගම් වලට හමන්නවන්නෙයි කියලාය....


එව්වා කරන්න ආන්ඩුවට තියා විපක්ෂයටත් වේලාවක් ඇත්තේ නැතිය. උන් කරන්නේ හත් පොලේ ගාගෙන නානා විශ්වාසභංග ගේන එක හා එන්තරාවාසි යව යවා උන්ට මේ ලබ්බේ තොවිලේ නටන්න බලේ දෙන්නෙයි කියලාය. 


හැබයි බලේ අරගෙන කරන්නේ කොහොමෙයි කියලා උන් කියන්නේ නැතිය. ඒ පිළිබඳ වැඩපිලිවක් ඇත්තේත් නැතිය. උනුත් කරන්නේ චිත්‍රපටි විචාරකයෝ වගේ විකාර කිය කියා රට වටේ යනේකය. මෝකා ආවත් ඔය සුදු අලින්ට මෙන්ම දේශපාලකයින්ට කප්පම් ගෙවනා වෙළඳ මාෆියාවන්ට කෙලින්නේ නැතිය. 


උදයංග වීරතුංග කියන්නේ ධම්මික පෙරේරා වැඩිම කප්පම් ගෙවන්නේ ජෙප්පන්ටයි කියලාය. හැබයි ජෙප්පෝ ඒවාට එන්තරාවාසි නොයවන්නේ, වැඩේ ඇත්ත නිසාය. කප්පම් වසන්ත ඒවායේ හූනියන් කරන්නේ කිසි අවුලක් නැතිවය.


මේ රටට අරක්ගත් වෙළඳ මාෆියාවන් තබා, ගිනි මද්දහනේ දෙනෝදාහක් ඉදිරියේ මිනී මරා පැන යන, පාතාල මාෆියාව මැඩ පවත්තන්නවත් පොලිස් ඇමතියාට හා හාල්පාරු පොලීසියට බැරි වී තිබෙනවාය. උන්, කොටුවේ ඉට්ටේසම ඉස්සරහා හැමදාම පොලිස් කෝලම් පෙන්නනවාය.


(බිත්තර මාෆියාවට කෙලියාට, කුකුල් මස් මාෆියාවට අත තියන්න බයය. තණකොල හා කුණු මිළ වැඩි නොවී, බීෆ් හා පෝක් වැඩි වුනේ කෙසේද කියා zoom එකෙන් හෝ මොකෙක් හරි පැහැදිලි කරනවා නම් මාතලන් බොහෝ මනාපයිය)


මාතලන් නම් කියන්නේ දැන් මේක IMF එකට හෝ ජූලී චන්ග් නෝනාට හෝ මෝදී අයියාට සින්නකරම ලියා දෙනවා නම් අහවරෙයි කියලාය. මොකෝ මේ රටේ උන්ට මේක හදන්න බැරි බවත්, කරන්න බැරි බවත්, හදන්න හෝ කරන්න එකෙක් අනාගතේ හෝ නැති බවත් දැන් ඔප්පු වී හමාරය.


ඒ වගත් මෙසේය.


.

19 comments:

  1. //මාතලන් නම් කියන්නේ දැන් මේක IMF එකට හෝ ජූලී චන්ග් නෝනාට හෝ මෝදී අයියාට සින්නකරම ලියා දෙනවා නම් අහවරෙයි කියලාය. මොකෝ මේ රටේ උන්ට මේක හදන්න බැරි බවත්, කරන්න බැරි බවත්, හදන්න හෝ කරන්න එකෙක් අනාගතේ හෝ නැති බවත් දැන් ඔප්පු වී හමාරය.//

    මම නම් කැමතියි ලංකාව චිනයේ පලාතක් වෙනවට. ඒක මගේ සිංහල අභිලාශයන්ට හිතකරයි.

    ReplyDelete
    Replies
    1. @ ජගත්

      ඔයාට නිදහස කියන එකේ වටිනාකම අවබෝධ වෙලා නෑ, ලංකාවේ මිනිසුන් ජීවිත පරිත්‍යාග කර 1818, 1848, 1915 වගේම සරදියෙල් වගේ අය අටසිය හැට ගණන්වල පවා සටන් කලේ නිදහස වෙනුවෙන්, ලංකාව විතරක්ම නෙවෙයි ලෝකයේ ගොඩක්ම රටවල් එක්සත් ජනපදය එංගලන්තයෙන් නිදහස් වීම යුරෝපීය ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය වගේ දේවල් කරලියට ආවේ ඒකයි, මට සත්ව ලෝකයෙන් උදාහරණ සහිතව පෙන්වා දෙන්නත් පුලුවන්, මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කොම්බාරු අභයභූමියට යාබද තානායමකින්.

      මෙන්න මේ කතාව බලන්න;

      දිවියෙක් බල්ලා පසුපස හඹා යමින් සිටියේය. බල්ලා ජනේලයකින් වැසිකිළියකට ඇතුළු විය. වැසිකිළිය පිටතින් වසා තිබුණි.

      දිවියා බල්ලා පිටුපසින් ඇතුළු වූ අතර දෙදෙනාම වැසිකිළියේ සිරවී ඇත.
      දිවියා දුටු බල්ලා කලබල වී නිහඬව එක් මුල්ලක වාඩි විය. ඔහු බුරන්නට පවා එඩිතර වූයේ නැත.

      දිවියා බඩගිනි වී බල්ලා එළවාගෙන ආවත් ඔහු බල්ලා අල්ලාගෙන කෑවේ නැත.
      එක පිම්මකින්ම බල්ලා ඉරා දමා ඔහුට රාත්‍රී ආහාරය ගත හැකිව තිබුණි.

      නමුත් සතුන් දෙදෙනා පැය දොළහකට ආසන්න කාලයක් විවිධ කොන් වල එකට සිටියහ. මේ පැය දොළහ තුළ දිවියාද නිහඬව සිටියේය.

      වන ජීවී දෙපාර්තුමේන්තුව විසින් දිවියා අල්ලා ගත්තේ නිර්විදනය කළ පසුවය.

      දැන් ප්‍රශ්නය, බඩගිනි කොටියා ලේසියෙන් පුළුවන්කම තිබුනත් බල්ලව ඉරාගෙන කෑවේ නැත්තේ ඇයි ??

      වනජීවී පර්යේෂකයන් මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙහෙමයි:

      ඔවුන්ට අනුව, වන සතුන් ඔවුන්ගේ නිදහසට ඉතාමත්ම සංවේදී යි.

      ඔවුන්ගේ නිදහස අහිමි වී ඇති බව දැනගත් වහාම, ඔවුන්ගේ කුසගින්න අමතක කිරීමට තරම් ඔවුන්ට දැඩි ශෝකයක් දැනිය හැකියි.

      ආමාශය පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ස්වභාවික අභිප්‍රේරණය මැකී යාමට පටන් ගනී. මෙය නිදහස සහ සතුට සම්බන්ධයි.

      ඒ නිසා සෑම ජාතියකටම ජනතාවකට සමූහයකට තමන්ට අවශ්‍ය ආකාරයට සිතීමට, ක්‍රියා කිරීමට සහ ජීවත් වීමට "නිදහස" අත්‍යාවශ්‍ය දෙයක් බව තේරුම්ගත යුතුයි.

      Delete
  2. මාතලන් කියන ගොඩක් දේවල් වලට එකග වෙන්න ඕන ඒත් ඇත්තටම ලංකාවේ නීතියේ ආධිපත්‍යය නැවත ඇතිකිරීම අවශ්‍යයි, අර සාලයා පීරිසිය වගේ මෙලෝ වැඩකට නැති ඇමරිකානු රූකඩ විගඩම් එලවා දමා ලංකාවේ වෘත්තීමය නීතිඥයන් බිහි කරන නීති විද්‍යාලය සැබැවින්ම ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම පිළිබඳව ජනතාව බලකරන්නට ඕනේ

    ලංකාවේ නීති උපාධිය හෝ විදෙස් නීති උපාධියක් ලබා ගත්තත් නීතිඥයෙකු වශයෙන් වෘත්තීය සුදුසුකම් ලැබීමට නම් නීති විද්‍යාලයේ පවත්වනු ලබන විභාගයෙන් සමත් විය යුතුයි...

    ලංකා දේශපාලනයේ නීතිඥයන් ගේ කාර්යභාරය දැවැන්තයි...
    රට යන දිශානතිය වෙනස් කිරීමට ඔවුනට ඇති සුවිශේෂී හැකියාව පසුගිය කාලය තුල සමහර අවස්ථාවල දී දැකගත හැකිවුණා

    ඒ කෙසේ වෙතත් නීති විද්‍යාලයේ තුළ අප දන්නා ඉතිහාසයේ පක්ෂ දේශපාලනයක් සම්බන්ධ සංගමයන් ක්‍රියාත්මක වූයේ නැහැ, ඇත්තටම 88 89 යුගයේ පවා විජේදාස ලියනආරච්චි, කාංචන අබේපාල වැනි නීතිඥයන් ජවිපෙ සමගවූ සම්බන්ධයන් මත මරා දමද්දී පවා නීති විද්‍යාලයේ තුළ පොදු නැගිටීම මිස ජවිපෙට සම්බන්ධ ශිෂ්‍ය සංගම් වශයෙන් ක්‍රියාත්මක වීමත් වූයේ නැත....

    ජවිපෙ මත වාදය සමග සිටින නීති ශිෂ්‍යන්ට පවා ජ්‍යෙෂ්ඨයින් පැවසූවේ "උඹලගෙ දේශපාලනේ එළියෙ කරපල්ලා law college එක ඇතුලෙ දේශපාලනය කරන්න බැහැ" යනුවෙනි..

    ලංකාවේ කීර්තිමත් විනිසුරුවරුන් ජේෂ්ඨ නීතිඥයන් බිහිවූයේ නීති විද්‍යාලය හරහායි...

    ඒත් දැන් දැන් එම ස්ථානයටත් කඩාකප්පල්කාරී දේශපාලනය රිංගන ස්වභාවයක් ඇරඹී ඇති බව පේනවා...

    එසේ වූවොත් මෙතෙක් අසීරුවෙන් හෝ රැකගෙන ආ සමහර ඓතිහාසික සම්ප්‍රදායන් සමගින් ඒ කීර්තිමත් ආයතනයේ ද කඩා වැටීම ආරම්භයේ සනිටුවන් වනු ඇත.....

    මේ ක්‍රියාවට නවකයන් පමණක් නොව පසුගිය යුගයේ සමහර ජ්‍යේෂ්ඨයන්ගේ ක්‍රියාකලාපයන් ද හේතු පාදක වූ බව බැහැර කළ නොහැකිය..

    සමාජයේ සිදුවූ සමහර රෙජීමය චේන්ජ් ක්‍රියාකාරකම් වලදී එම ජේෂ්ඨයන් ක්‍රියා කළ ආකාරය තුලින් අවසානයේ නීති විද්‍යාලයේ ඇතුලටද මෙවැනි තත්ත්වයන් රිංගා ගැනීමට උත්තේජනයක් ලබා දී ඇතැයි සිතීම ද බැහැර කළ නොහැකිය...

    කඩාකප්පල්කාරීන් ට අවශ්‍ය හුදෙක්ම විනාශ කිරීම මිස ඉන් එහා ගමනක් නොවන බව අප දැඩි ලෙස සිහිතබා ගත යුතුමය..

    ReplyDelete
  3. ඇමරිකන් රූකඩ නන්දසේන රාජපක්ෂ හරහා කොදු බිදපු ජාතියකට හුස්ම පිබපු සිංහයන් තවම කැලෑව හැරගොස් නැති බව ඉතාම පැහැදිලිය, දැනට රටේ මොත්ත නායක දොන් ජුවන් සහ සැබෑ පාලක ඒජන්ත උන්නාන්සෙ වන ජුලි චාන් හා උන්ගේ අසූවි බුදින බඩු බෙදනදාසගේ හොරමුල සහ අනුර කුමාර කයියනායකගේ අපත කල්ලිය කුමන විච්චුරන කියමින් ⁣නුගත් අමනයින් සුලු පිරිසක් වසග කලද ඉතිහාසයක් නිර්මාණය කල ජාතියක් එලෙස අවසන් ගමන් යැවිය නොහැකි බව රට පුරාම දැන් නැවතත් පිබිදෙන අයුරු දක්නට ලැබෙන බැවින්, අප ඉතාම සුබවාදීව බලාසිටිමු...!

    ReplyDelete
  4. අයිසේ මාතලන්, බොලා මහ ලොකුවට සිංහල බෞද්ධ බලය ඉවරයි කියල කයිය ගැහුවට බුකියේ රැඟුවට ඇත්තටම මහපොළොවේ තත්ත්වය කොහොමද කියල දැන් තේරෙනව නේද? මහ ලොකුවට ඔය වගේ මනස්ගාත තමන්ට හිතුනට ඒක තමුන් හිතන තරම් ලෙහෙසි පහසු නෑ කියල තේරෙනව නේද...?

    පහුගිය කාලේ බොලා බ්ලොග් එකේ එක ලියපු සහ බුකියේ ලියපු හෑලිවලට සහ කියවපු මනස්ගාත වලට රිටර්න් එක තමයි ඉතිහාසයේ කවර කවදාවත් නැති තරම් මේ සැරේ මිලියන ගණනින් කන්ද උඩරට මහනුවරට ඇවිත් දළදාවට ගෞරව දක්වන්න ඇවිත් අපේ රටේ මිලියන ගණනක මිනිස්සු පෙන්නුවෙ..
    විශේෂයෙන්ම තරුණ තරුණියන් පෙරහැර නරඹන්න විතරක් නෙවෙයි පෙරහැරට සහභාගි වෙන්න උනන්දුව කැපවීම දැක්කම ඇතිවෙන්න පුදුමාකාර සතුටක්.... රෝන්ග් ජෙනරේටර් කියලා තරුණ පරපුරෙත් ඉතාම සුළු පිරිසක් සමාජජාල වල බොරුවට රැඟුවට සාතිශය බහුතරයක් වූ සිංහල බෞද්ධ ලාබාල තරුණ තරුණියන් බොදුදහමට සංස්කෘතික අංග වලට කැමතියි, හෙළ බොදු සංස්කෘතිය පෙරටත් වඩා හොඳට ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන බව එම තරුණ තරුණියන් පැහැදිලිව පෙන්වා දුන්නා නේද? දැන් මොකද හිතෙන්න ළමාතන්? මේවට බොට උත්තර නෑ නේද?

    මේ ලක්ෂ සංඛ්‍යාත තරුණ පරපුරේ මුහුණුවල දැක්වුනේ සැබෑ බොදු බැතිය..

    අන්තිමේදී ලංකාවේ පාලනය මෙහෙයවන ඇමරිකානු නියෝජිත ජූලියා චෑන්ග් අත් දෙක එකතු කරල දළදා වහන්සේට වඳින තරමට ඒ බලවේගය දැවැන්ත වුණා... ඒක පොලිටිකල් ගේමක් බවත් ඇයට බෞද්ධ ආගමික පසුබිමක් ඇති බවත් ඇත්ත තමයි ඒත් එහෙම කරන්න වුණේ ඒ අයම තම කුක්කන් ලවා සමාජ ජාල වල නිතරම සිංහල බෞද්ධ සංස්කෘතිය වගේම සාම්ප්‍රදායික දේවල් වලට දැඩි ලෙස ගරහන මොහොතක ඒවා සේරම අසාර්ථක වුණ නිසාම බවත් අමතක කරන්න එපා..

    ඒ නිසා බොලාට දැනුවත් තේරුණැයි බොලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න එක එච්චර ලේසි නැහැයි කියලා..?

    ReplyDelete
  5. සදා රැවටීම කියන එක ලංකාවේ මිනිස්සුන්ගේ ජානවලින්ම එන දෙයක් ද කොහෙද නේද?. ඉඳලා හිටලා කාටහරි එකෙක්ට එකියෙක්ට රැවටිලා සබ්බ සකල සේසත නැති කර ගන්න බැරි උනාම ලංකාවේ උන්ට නිකන් කිරි පණු ගාය වගේ...

    ReplyDelete
  6. මාතලන් ලංකාව තුල ඉන්ධන වල වැදගත්කම ගැන කියන කොට ලංකාවෙ පළමු පිරිපහදුව දැම්මෙ විදේශ සමාගමක් නොවේ. ඉස්සර ලංකාවෙ විදේශ සමාගම් තෙල් වෙළදාම කරා. නමුත් ඔවුන් පිරිපහදුවකට ආයෝජනය කරෙ නැහැ. මොකද එය වාසිදායක වේනනෙ 'ජාතික මට්ටමින්' නිසා. සිංගප්පූරුව වගේ භූමියේ වාසිය තියෙන තැනක විශාල පිරිපහදු දාලා වටේටම බෙදාහරින්න පුලුවන් භූමියේ වාසියකුත් (graund if strategic importance) ලංකාවට නෑනේ, ඒ නිසා 'රටේ විදේශ විනිමය' ගැන හිතුවොත් ඒ සමාගම්වලට වාසියි පිරිපහදු කරපු තෙල් ලංකාවේ විකිණිම. එහි ලාබාංශය වැඩියි.

    ඇත්තටම තෙල් සංස්ථාවෙ ප්‍රතිසංස්කරණ විය යුතුයි. එය ඉන්දියානු ඔයිල් වගේ කොටස් යම් ප්‍රමාණයක් ෂෙයා මාකට් එකේ ට්‍රේඩ් වන රාජ්‍ය වැඩි අයිතියක් ඇති සමාගමක් කරන්නට තිබ්බ. එයින් කළමාකරණයට දේශීය පුද්ගලික අංශය සම්බන්ධ කරගත හැකියි. ඉන්දියානු ඔයිල් සමාගම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා ඉන්දියානු රජයෙ වැඩි අයිතිය යටතේ (මේ වගේ දෙයක් කරන්න ගියොත් හැබැයි ලංකාවේ වෘත්තිය සමිති ඒකටත් විරුද්ධ වෙයි). ඒ වගේම ලාෆ්ස් වගේ වෙනත් ලංකාවෙ දේශීය සමාගම්වලට තෙල් වෙළදපොලට එන්න අවස්ථා හදන්න තිබුනා. ඒ අයගෙන් පිරිපහදුවලට ආයෝජන ගන්න තිබුනා. එයින් දිර්ඝ කාලීනව විදේශ විනිමයට යහපතක් වෙනවා. නමුත ඒ වෙනුවට ඉන්දියානු සහ චීන රාජ්‍ය සමාගම්වලට පිරිපහදු කරපු තෙල් ලංකාවෙ විකුණන්න අවස්ථාව දීමක් ඇත්තෙ. මෙය දිර්ඝ කාලිනව වාසිදායක නැහැ.

    විදේශ විනිමය අර්බුදය එයින් තවත් උග්‍ර වේය කියලයි මං හිතන්නෙ. ලංකාවෙ විශාලතම ආනයනය වන්නෙ ඛනිජ තෙල්. වැඩිපුරම ඩිසල් වැය වන්නෙ විදුලිය නිපදවීමට. ඒ අස්ථාවර පුනර්ජනන බලශක්ති ප්‍රභව මත රදා පැවතීමේ විනාශකාරී ප්‍රතිප්තතිය නිසා.

    ඒ වගේම රාජ්‍ය අංශයෙ ඒකාධිකාරයකට වඩා පුද්ගලික සමාගමක හෝ දෙක තුනක ඒකාධිකාරය භයානකයි. ඔවුන්ට ජාතික වගකීමක් නැති නිසා තමන්ගෙ ඒකාධිකාරය හදාගත්තට පස්සෙ හිතු හිතු ලෙස මිල වැඩි කරන්නට හැකිවෙනවා. එය සමස්ත ආර්ථිකයටම බලපානව. ඇත්තටම තෙල් සංස්ථාව 'පාඩු පිට' තෙල් වික්කත් එයින් ආර්තිකයට යහපතක් වෙනවා මොකද තෙල් මිල හැම ක්ෂේත්‍රයකට සෘජුවම බලපාන නිසා. ඛනිජ තෙල් සහ පොදුවෙ බලශක්ති මිල සහ ආර්ථිකය ප්‍රසාරණය/සංකෝචනය අතර සෘජු සම්බන්ධයක් තියෙනවා.

    මේ නිසා ඉදිරියෙදිත් ලංකාවෙ පිරිපහදු පහසුකම් පුළුල් වීමට ඇති ඉඩ අවමයි. දැනට තියෙන අවුරුදු පණස් ගණනක් පරණ තාක්ෂණයකින් වැඩ කරන පිරිපහදුවටත් කුඩම්මාගෙ සැලකිලි ලැබෙන බවක් පේන්නෙ. විශේෂයෙන්ම තෙල් සංස්ථාවෙ මාකට් ෂෙයා එක අඩුවීමත් එක්ක ලංකාවේ පිරිපහදුව ස්වභාවික මරණයකට ලක්වෙන්න තියෙන ඉඩ ගොඩක්ම වැඩියි.

    ගෝලීය මිල ගණන් සසඳනකොට රුසියාවෙන් අපයනයන කරන බොර තෙල් සහ පොදුවේ ලෝක වෙළදපොලේ බොර තෙල් මිල (මෙය ඇත්තටම වෙළදපොල තරගයෙන් මිල තින්දු වීමටම වඩා ඔපෙක් රටවල් විසින් මධ්‍යගතව කරන මැදිහත්වීම, උදා විදියට සප්ලයි එක අඩු වැඩි කිරීම, හරහා වෙන දෙයක්) අතර වර්තමානය වන විට ඩොලර් 15ක් විතර පරතරයක් තියෙනව බැරලයකට.

    චීන සිනොපෙක් සමාගම රුසියාවෙන් බොර තෙල් ආනයනය කරන බව කියවෙනවා. ඒ නිසා ඔවුන්ට විශාල ලාභයක් ලංකාවෙ ඇති. නමුත් ලංකාවට (බොහෝ විට බටහිර රටවලින් එන දේශපාලනික බලපෑම් නිසා) රුසියාවෙන් බොර තෙල් ආනයනය කරන්නට බැරි වෙලා තියෙනවා. නමූත් ඉන්දියාවත් රුසියාවෙන් විශාල ලෙස බොර තෙල් ආනයනය කරනවා. ඒ නිසා අයිඕසී එකටත් ඒ වාසිය එහෙමම තියෙනවා

    ඇත්තටම ලංකාවට වඩාත්ම වාසිදායක වෙන්නෙ ඉරානයෙන් හෝ වෙන කොහෙන්හරි බොර තෙල් ආනයනය කරලා පිරිපහදු කිරීමයි. මොකද ලංකාවෙ විදේශ විනිමය හිගයක් ඇති නිසා. නමුත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමක් ලංකාව තුළ වෙන බවක් පේන්න නැහැ. ඇත්තටම විදේශ ආයෝජකයන් ගෙන්වා ගත්තනං ලංකාවෙ පිරිපහදුවක් හදන්න ඒකෙන් වාසියක් ගන්නට තිබුනා. නමුත් ඒ වෙනුවට වෙන්නෙ ආනයනික පිරිපහදු කරපු තෙල් ලංකාවෙ අලෙවි කිරීමයි.

    තෙල් සංස්ථාව හෝ වෙනත් දේශීය සමාගම් තෙල් වෙළදාමෙ ඉන්න එකේ තවත් වාසියක් තියෙනවා විදේශ විනිමය පැත්තෙන්. එනම් එහි ලාභය ලංකාවෙම ඉතුරුවීම. මේක ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් තමයි. නමුත් ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම මේක කරනවා. එනම් ඒ රටවල තෙල් වෙළදාම කරන සමාගම් සියල්ලම පාහේ එරට රාජ්‍ය හෝ පුද්ගලික සමාගම්. එයාලා විදේශ සමාගම්වලට ඉඩකඩ අහුරල තියෙනවා. ඒකෙ දේශපාලනික පැත්තකුත් ඇති. මොකද බලශක්තිය දේශපාලනික නිසා.

    උදාහරණ විදියට ඉන්දියාවෙ තෙල් වෙළදපොලේ විදේශීය සමාගම්වලට වැඩි පංගුවක් තිබ්බනං මේ විදියට අධික ලෙස රුසියාවෙන් තෙල් ආනයනය කරන්නට ඔවුන් පෙළඹන්නෙ නැහැ. 'බහු ජාතික' කිව්වට ඔවුන් තමන්ගෙ මූලස්ථානය පිහිටි රටවල දේශපාලනික අභිමතයට යටත් වෙන නිසා. එහෙම උනානං ගෝලීයව පවා ඇත්තටම තෙල් මිල මීට වඩා බොහෝ ලෙසින් ඉහළ යන්න තිබ්බ ලෝකයෙම. රුසියාවෙ තෙල් මාකට් එකට නොඑන නිසා. ඒ නිසා එහෙම වෙච්ච එකත් සෑහෙන හොඳයි.

    ReplyDelete
  7. මහ පුටුවලට යන්නට
    ලැබුණම මහිෂයන්හට
    මොළ පොඩි තැලෙන්ට
    ඉඩ තියෙනවා හුඟ වෙලාවට!

    ReplyDelete
    Replies
    1. හුත්තේ කොන්තු වෙළ මැද හවඩිය වාගේ
      ඇත්තේ එක හිලයි ගෙම්බාගේ කට වාගේ
      හුකන කලට අයියෝ කැඳ හැලිය වගේ
      එහෙව් තියෙද්දිත් හුත්තිගේ තියෙන අගේ

      Delete
    2. @ නිදී

      ලස්සන කාව්‍ය නිර්මාණයක්, ඇත්තටම කවියෙක් විදියට
      ඔයා දන්නව ඇති ඔසිව්ප් එමිල්යේවිශ් මන්දෙලෙශ්තාම් ලියපු කවි නිර්මාණ ගැන, ලෝක ප්‍රකට රුසියානු කිවියර ඔසිව්ප් මන්දෙලෙෂ්තාම්ගේ මිය යාමෙන් පස්සෙ එයාගෙ බිරිඳ නදෙෂ්දා ඔහු ගැන ඉතා වැදගත් කෘති දෙකක් පළ කරනවා. ඔසිව්ප් රෝගීව මිය යන්නෙ පාලකයන් විසින් දෙවන වරටත් ඔහු දරුණු මර්දනයකට ලක් කරල තියෙන අවස්ථාවක. ඔහු එවක පැවති සමාජවාදී ජනතාවාදී බව කියාගත් සෝවියට් පාලනයේ උදහසට ලක් වෙන්නෙ පාලකයන්ට අභිමත දේ ලියන්න පිළිකෙව් කිරීම නිසා. පාලකයො ඔහුගෙන් අපේක්ෂා කරන්නෙ ආයු බෝ වේවා නායක සහෝදරයා කියල කවි ලියව ගන්න. ලංකාවේ ආයුබෝ වේවා මහරජාණනී කියලා ලියවගත්ත මයිනෙක් හිටියේ අන්න ඒ වගේ osip mandelestam ගෙනුත් ඔවුන් පැතුවේ එවන් වන්දිභට්ට භූමිකාවක්

      ඒත් ඔහු ලියන්නෙ පාලකයා දරුණු විවේචනයකට ලක් කරන සමාජයේ සැබෑ ගැටලු ගැන විවරණය කරන කවියක්. ඒ කවිය ඔහුගෙ මරණය තීන්දු කරනව. නදෙෂ්දා පසුව එක තැනක මෙහෙම ලියනව.

      "මිනිසකුට තමන් ගේ විරෝධය පළ කරන්න කිසිම ආකාරයක ඉඩක් නැත්නම් අඩු ගානෙ ඔහු හයියෙන් හඬන්නවත් උත්සාහ දරන්න ඕනැ."

      ඒ නිසා මං හිතන්නෙ සෑම නිර්මාණ කරුවෙකුටම තමන්ගේ සමාජය කියවගන්න ශක්තිය තියෙන්න ඕනැ. එය නිරාවරණය කරන්න අවංකකම තියෙන්න ඕනැ, ඒත් ලංකාව තුල ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද?

      විශ්ව විද්‍යාලවල ආචාර්ය, මහාචාර්ය කියන ගොන් හරක් ටිකත් පාරට බැහැල උද්ඝෝෂණ කරල හිටපු එකාව ඔහේ අරගල කරල සැලසුමක් නැතුව අනුන්ගේ ප්ලෑන් එකකට අහුවෙලා ඇන්දිලා නන්දසේන ගෝතයව එලෝ ගත්ත. ඊට පස්සෙ ආපු රනිලා උන්ගෙ ආදායම් බදු වැඩිකරල ණය පොලී වැඩිකරල සහනාධාර කපලා උන්ට හොඳම එකෙන් කෙලෙව්ව.

      මොළය පාවිච්චියට නොගෙන කරපු තකතීරු වැඩවල පාපය මාස දෙකක් යන්ඩ ඉස්සෙල්ල උන්ට පලදුන්න. ඒ නිසා සාහිත්‍ය තුල පවා කේවල පැවැත්මක අගය individualism වගේ සංකල්ප ඉතා ඉහලින්ම වර්ණනා කෙරෙන දේශපාලන අව සංස්කෘතියක මිනිසාගේ සාමූහික ශක්තිය සහ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින සාහිත්‍යකරුවන් අද වඩ වඩාත් අවශ්‍යයි.

      ඒ වගේම පවත්නා දේශපාලනයේ මජර ස්වභාවය විනිවිද දකින ඊට ඉහළින් සිටින පෙරගමන්කරුවෙකුගේ භූමිකාව සාහිත්‍යකරුවාට තියෙනව. ඔහු ඒ වගකීම දෙවුර මතට ගත යුතුයි. කවර නිර්මාණකරුවෙකුට වුණත් වැදගත් වෙන්නෙ තම නිර්මාණ හරහා කරන මැදිහත්වීම මිස ඔහුගේ භෞතික දේපළ නොවෙයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
  8. ඇයි මාතෙ, පෝක් බීෆ් නෙවෙයි, පොලේ ඇම්බරැල්ල ගැට ටිකක්, වැල් ගොටුකොල ටිකක් විකුණන අච්චි අම්මා පවා ගාන වැඩිකරලා, ප්රශ්නෙ එවායෙ නිශ්පදන වියදම නෙවෙයිනෙ. ඒ ටික පරන ගානට විකුනලා හොයගන්න වියදම ගෙදරට ගෙනියන හාල් තුනපහ ටික ගන්න මදිනෙ. ඒ නිසා ඒ මනුස්සයත් තම්න් විකුනන දේ ගාන වැඩිකරන්න ඕනනෙ

    ReplyDelete
  9. යකෝ මාතෝ ඔය හැමෝම විවේචනය කරන්න විතරයි දන්නේ කාටවත් ඔය රටේ තියෙන ප්‍රශ්න වලට උත්තර නෑ, කයිවාරු ගහන එක විතරයි, මේක බලපන්

    ///කෝච්චි පෙට්ටි ලංකාවේම හදා පිටරට යන ඩොලර් කෝටි ගණන් ඉතිරි කරන දිරිය මිනිසා 👏❤


    අමෙරිකානු තාක්ෂණය මූලධර්මකොට තමන් විසින් ගොඩනඟා වැඩි දියුණු කළ විශිෂ්ට සංඥා කුලුනු ඇමෙරිකානු හමුදාව වෙතම අලෙවි කර රටට ඩොලර් ගෙනා විද්වත් ව්‍යවසායකයා ඔහුය. භාණ්ඩ ප්‍රවාහන රථ සඳහා ට්‍රේලර් නිර්මාණය කර ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් සහිව ලෝකයේ රටවල් පනස් පහකට අපනයනය කළ නිහඬ අපනයනයකරුවා ඔහුය.

    යකඩවලට කෝච්චි පෙට්ටි කපා ඉන්දියාවට පරණ යකඩවලට විකුණනවා හැර වෙනත් විකල්පයක් නොදුටු රටකට යකඩවලට කපන්නට තිබූ දුම්රිය මැදිරි 265ක් අලුත්ම නිෂ්පාදනයක ගුණාත්මක බවින් යුතුව රට තුළ යළි ප්‍රතිසංස්කරණය කර සිය ව්‍යාපෘතියෙන් රටට මිලියන 46,800ක් ඉතිරි කර දුන් ගෞරවනීය මිනිසා ඔහුය. මේ වනවිට ශ්‍රී ලංකාවේ නවීන දුම්රිය මැදිරි නිෂ්පාදනය කර එම මැදිරි අපනයනය කිරීමට සුදුසු වෙළෙඳපොළක් ද සකසා ගෙන රටේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අපේක්ෂාවෙන් පසුවන ඔහු කණිෂ්ක අතුල හපුතන්ත්‍රීය.

    කණිෂ්ක අතුල හපුතන්ත්‍රී මේ රටේ අප හැමෝටම දැනුණේ වඩාත් විපුල ආකර්ෂණීය ව්‍යාපෘති දෙකකිනි. එක් ව්‍යාපෘතියක් අප මුලින් කී යකඩවලට කපන්නට ගිය දුම්රිය මැදිරි සුඛෝපභෝගී නව මැදිරි සේ ප්‍රතිනිර්මාණය කිරීමෙනි. මෑතක දී ඔහුගේ ලෝක අවධානයට ලක් වූ තවත් මෙහෙයුමක් වූයේ තායිලන්ත රජය විසින් තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් වූ මුතු රාජා හෙවත් සක් සුරීන් යළි සිය රටට කැඳවා ගැනීමට ඇතා රැඳවීමට සකස් කළ විශේෂිත කුටිය නිර්මාණය කිරීමෙනි. ඇතා ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කර ගුවන් යානයේ කුටිය තැන්පත් කිරීම තෙක් මෙහෙයුම භාරගෙන තිබුණේ කණිෂ්ක අතුල හපුතන්ත්‍රීය.

    ප්‍රධාන නාවික ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරමින් සිටිය දී සිය වෘත්තිය අත්හැර රටට පැමිණ සිය පියා විසින් ගොඩනැඟූ තාක්ෂණික ව්‍යාපෘතිය රටට විදේශ විනිමය උපයන අපනයන සම්පතක් ලෙස වැඩි දියුණු කළ මේ විද්වත් වෘත්තිකයා සිය ව්‍යාපාර අත්දැකීම අප සමඟ බෙදා ගනිමින් සිටියේය.

    “මගේ තාත්තා නාවික හමුදා ඉංජිනේරු නිලධාරියෙක්. ඔහු සිය අවුරුදු 22ක නාවික හමුදා වෘත්තියෙන් විශ්‍රාම ගියාට පස්සේ වර්ෂ 1976දි නැවු අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ ව්‍යාපාර කටයුතු අපි පටන් අරන් කරගෙන යනවිට රටේ ඇති වී වර්ධනය වුණු යුදමය තත්ත්වය නිසා වරාය තුළ අධි ආරක්ෂිත තත්ත්වයත්, ඩොක් යාර්ඩ් එකේ සිද්ධ වුණු විදේශ ආයෝජන සමඟ එම ආයතනය ගත් පරිපාලනමය තීන්දුත් නිසා අන්තර්ජාතික සම්බන්ධතා එක්ක ගොඩනැඟුණ අපේ ව්‍යාපාරය පවත්වා ගැනීම පිළිබඳ ගැටලු ඇති වුණා.

    දැන් ඩොක් යාර්ඩ් එකෙන් පිටට ඇවිත් අපි මොකක්ද කරන්නෙ කියලා හිතමින් ඉද්දි තමයි කන්ටේනර් ට්‍රේලර් නිෂ්පාදනයටඅවධානය යොමු වන්නේ. මේ ඇණවුම නිසා ට්‍රේලර්ස්වලට අපේ අවධානය නිකම්ම ගියා. ට්‍රේලර්ස් නිෂ්පාදනය, නඩත්තුව සහ කළමනාකරණයට තාත්තා ‘තන්ත්‍රී‘ ට්‍රේලර්ස් කියන ආයතන පිහිටුවා ගත්තා.

    පාසල් කාලයේ සිටම ඉංජිනේරු අංශයට දැඩිව ආකර්ෂණය වෙලා හිටපු මට එයට අවශ්‍ය ප්‍රායෝගික අවබෝධය සහ අත්දැකීම් තාත්තගේ ආයතනය ඇතුළෙ පහළ තැන ඉඳන්ම ලැබුණා. උසස්පෙළෙන් පස්සේ ලංකාවේ ඒ කාලයේ තිබුණු එකම නාවික ඉංජිනේරු පාඨමාලාව වුණු ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ නාවික ඉංජිනේරු පාඨමාලාව හදාරලා අවුරුදු හතරක පුහුණුවකින් පස්සේ නැව්වල ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරලා එංගලන්තයේ අදාළ විභාගවලට පෙනී සිට ප්‍රධාන නාවික ඉංජිනේරුවකුගේ මට්ටමට ආවා.

    මම ලංකාවට එන්නේ 1998දී. එතකොට මට අවරුදු 40යි. ඒ තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ටිකක් පිරිහුණු නිසා ඔහුට උපකාර කරමින් ටික දවසක් ඉඳලා යන්න. ඒ නැවතුණු ගමන තවමත් මේ විදිහට එනවා.”

    අන්තර්ජාතික තලයට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු නිර්මාණ රැගෙන ගිය මෙම ව්‍යවසායට පදනම දැමූ කණිෂ්ක හපුතන්ත්‍රීගේ පියා ජෝන් හපුතන්ත්‍රී තවමත් ආයතනයේ ගෞරවනීය ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේය. ඔහුගේ වකවානුව තුළ මිලියන 10 -20ට සීමා වී තිබු වාර්ෂික පිරිවැටුම ඔහුගේ පුතුණුවන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව මේ වනවිට රුපියල් බිලියන 03 ඉක්මවා ගොස් වර්ධනය වී ඇති ආකාරය දකිමින් තෘප්තිමත් කාලයක් ගතකරන්නේය.

    “මම ආවේ පරිවර්තන කාලයක. මම හිතුවේ කවුද මේක කරන්නේ කියලා නෙමෙයි. අපි කොහොම ද මේක කරන්නේ කියලා. මගේ මූලිකත්වයට වඩා අපි ගත්තේ කණ්ඩායම් තීන්දු. ගොඩාක් තැන්වලදි තාත්තගෙ ව්‍යාපාරයකට පුතෙක් අලුතින් සම්බන්ධ වුණාම පරම්පරා දෙකක අදහස් ගැටීම්වලින් ව්‍යාකූල වෙනවා. මට එහෙම වුණේ නෑ.

    Cont'd

    ReplyDelete
    Replies
    1. අපි මේ තත්ත්වයට ආවේ කිසිම බයක් නැතිව අවශ්‍යම නූතන තාක්ෂණය ව්‍යාපාරයට සම්බන්ධ කරගැනීමෙන්. තාක්ෂණය කියන්නෙ ඉතාම කල්පනාවෙන් සුදුසුම දේ තෝරාගෙන එහි උපරිමය කරා ගමන් කළ යුතු ප්‍රවේශයක්. අප දැක්කා තාක්ෂණික පරිවර්තන කරන්න නිසි ඇඟයීමක් නැතිව ගිය ආයතන කීපයක් එහි පිරිවැය දරා ගන්න බැරිව බිඳ වැටුණු ආකාරය.

      මා කළේ අපේ ක්ෂේත්‍රයේ තාක්ෂණිකව වෙනසක් ආවම සාම්පල් මැෂින් එකක් ගෙනත් වැඩ පළට දානවා. අපේ රටේ ඉන්නේ හරිම බුද්ධිමත් තරුණ පිරිසක්. වෙන රටකදි ඒ සඳහා විශේෂ පුහුණුවක් දැනුමක් ලබාගෙන ආයාසයෙන් ලබා ගන්නා දැනුම අපේ තරුණයන් යන්ත්‍රයක් එක් වරක් හැසිරවීමෙන් පවා ලබා ගන්නවා. ඔවුන්ගේ බුද්ධිමය ඵලය තාක්ෂණිකව යමක් තේරුම් ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. නව තාක්ෂණය එක්ක ගැටෙමින් ඔවුන් විසින් කරන නිෂ්පාදන තත්ත්වය සහ ප්‍රමිතිය අන්තර්ජාතික තලයේ ප්‍රමිතියකින් යුතු බව මා තේරුම් ගත්තා.

      රටක් ලෙස අවධානය යොමු කරන්න ඕන ඒ විදිහට. අපේ මිනිස්සු කම්මැළියි කිව්වට මොළය හොඳට වැඩ කරන මිනිහා ටිකක් කම්මැළියි තමයි. යමක් කරද්දී වටේ යන්නේ නැතිව මේක කරගන්න පුළුවන් ක්‍රම තියනවා යන අදහස ඔවුන්ගේ තිබෙනවා.“

      කොහොමද මේ ව්‍යාපාර ජාලය ව්‍යාප්ත වෙන්නේ? මඳ විරාමයක දි ඔහුව විමසුවෙමු.

      “අපි ‘තන්ත්‍රී‘ ට්‍රේලර්ස් නිෂ්පාදන විදිහට ට්‍රේලර්ස් එක්පෝර්ට් කරන්න ගත්තා. මුලින්ම යැව්වේ අප්‍රිකානු රටවලට. ඊට පස්සේ මැද පෙරදිග රටවලට. මාලදිවයින, සී ෂෙල්ස් වගේ පොඩි රටවලින් පටන් ගත්තු මේ අපනයනය දැන් අ‌ෙමරිකාවට, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 55කට කරනවා. මේ ක්ෂේත්‍රයේ තියන වෙනස එක දිගට රටක් මුල් කරන් කරන අපනයනයක් නෙවෙයි. ලෝකයේ ඒ ඒ රටවල අවශ්‍යතා අනුව ඇණවුම් ලබා ගෙන කරන නිෂ්පාදන අපනයනයක්.

      අනෙක මේ නිෂ්පාදනයේ සියල්ල ලංකාවේ හදනවා නෙමෙයි. ඇක්සල් එක, බ්‍රේක් සිස්ටම් එක පිටරටින් ගන්නවා. සියල්ල ලංකාවෙ හදන අදහසට යන්න හොඳත් නෑ. අපට ඒ විදිහට කරන්නත් බෑ. අපි ට්‍රේලර්ස්වලින් නවතින්නෙ නැතිව විවිධ නිෂ්පාදන දියුණු කරමින් පිටරටවල විවිධ ව්‍යාපෘති කරන්න පටන් ගත්තා. ෂී ෂෙල්ස්වල. මාලදිවයින වගේ රටවල ව්‍යාපෘති තමයි අපි මුලින්ම ගත්තේ. ඒ කාලේ අපේ රටේ යුද්ධය දිගටම තියනවා.

      යුද්ධයක් තියෙද්දි අපේ ක්ෂේත්‍රයේ නිෂ්පාදනයක් සඳහා එකම සහ හොඳම ගැනුම්කරුවා විදිහට අපට හිටියේ යුද හමුදාව. අපි බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා. යුද හමුදාවට යුද ටැංකි රැගෙන යා හැකි ට්‍රේලර්ස් අපේ ආයතනයෙන් හදන්න අනුමැතිය ගත්තා. හමුදාව වෙනුවෙන් ට්‍රේලර්ස්වල තියාගෙන අදින තෙල් ටැංකි හැදුවා. හමුදාවේ සන්නිවේදනය කාර්ය සාර්ථක කරගන්න ජංගම සන්නිවේදන කුලුනු හැදුවා. හමුදාවට කළ මේ ජංගම සන්නිවේදන කුලුනු නිෂ්පාදනය අපව සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ කළා. මේක අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ­්‍යයක්. මේ ජංගම සන්නිවේදන කුලුනු අපි විවිධ රටවලට අපනයනය කළා. මැදපෙරදිග ඒ ජංගම සංඥා කුලුනුවලට විශාල ඉල්ලුමක් තිබුණා.

      Cont'd

      Delete
    2. Cont'd

      පොළොව යට ඇති තෙල් නිධි නිසා මැදපෙරදිගදි පොළව හාරන්න ලයිසන් ගන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා ට්‍රේලර් එක නවත්වලා විදුලියෙන් උඩට යන ටවර් ඔවුන්ට කදිම විසඳුමක් වුණා. මෙම ජංගම සන්නිවේදන කුලුනු අප්‍රිකානු සහ පිලිපීන වැනි රටවලට අපනයනය කළා. මේ අපනයනය අදටත් සිද්ධ වෙනවා. මේ වනවිට අපි 5G කුලුණු ලංකාවේ නිෂ්පාදනය කරනවා. කොවිඩ් වකවානුවේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පහසුකම් සපයන සංඥා ආවරණ කුලුනු පද්ධතිය හැදුවේ අපි. හමුදා මූලස්ථානයේ තිබෙන දැනට ලංකාවේ ඇති ලොකුම සංඥා කුලු ණත් අපේ නිර්මාණයක්. “

      මේ සංඥා කුලුන අපනයනයේ අතිශය ලගන්නා සුළු කතාවක් කණිෂ්ක හපුතන්ත්‍රී අප සමඟ කීවේය. එය අවධාරණය කළ යුතු තරම් අපූරු කතාවකි.

      “ මේ සංඥා කුලුනු උපරිම තාක්ෂණය සහිතව මුළු ලෝකයට නිෂ්පාදනය කළේ අමෙරිකාව. ඒ තාක්ෂණයේ මූලධර්ම මත අපි කරපු නිෂ්පාදනය තාක්ෂණිකව අලුතෙන් එකතු වෙන හැම අංගයක්ම එක් කරලා සූක්ෂම විදිහට වැඩි දියුණු කළා. ඒ වැඩිදියුණු කිරීම බැලුවට පස්සේ ඇමෙරිකානු නිෂ්පාදනයෙ විදිහවත් නෙමෙයි මේක.

      දවසක් මට කෝල් එකක් ආවා. කෝල් කළේ යූ. එස් ජෙනරල් කෙනෙක්. ඔහු ඇහුවා කමියුනිකේෂන් ටවර්ස් හදලා තියනවාද කියලා. මම ඔව් කිව්වා. මට තේරුණා ඔහු සියල්ලම දැනගෙනයි මේ ගැන අහන්නේ කියලා. ඊට පස්සේ ආවොත් බලන්න පුළුවන් ද ඇහුවාම මම “පුළුවන් කවද්ද එන්නේ ඇහුවා. ඔහු කිව්වා හෙට එන්න පුළුවන් කියලා.

      Cont'd

      Delete
    3. Cont'd

      අනිත් දවසේම ඔහු ඇතුළු කණ්ඩායම ප්‍රයිවට් ජෙට් එකක කුවේට්වලට ඇවිත් කුවේට්වලින් ලංකාවට ආවා. ළඟම ටවර් එක තිබුණෙ හම්බන්තොට. මිටර් 60ක් උස ටවර් එකක්. මම කිව්වා එතෙන්ට යන්න අවශ්‍යයයි කියලා. මේ හමුදා ජ්‍යෙෂ්ඨයා කිව්වා ඔව් අපි ඒක දන්නවා කියලා. ඔවුන් ලෝකය ගැන මොනතරම් නිරීක්ෂණයකින් ද ඉන්නේ යන වග මට තේරුණා. ඔහු ටවර් එකට ගිහින් ඒක උඩට නැග්ගා. එය නිරික්ෂණය කරලා ඒ ආකාරයේ සන්නිවේදන කුලුනු හයක් ඇණවුම් කළා. ඊජිප්තුවයි ඊශ්‍ර­ායලය අතර සනායි අර්ධද්වීපය කියන බෝඩර් එකට අපේ සන්නිවේදන කුලුනු එක්ස්පෝට් කළා. අන්තිමට අපි යූ.එස් ආමි එකටත් ටවර් විකිණුවා. ඒක එක්සිමෝලට අයිස් විකුණනවා වගේ වැඩක්.” කණිෂ්ක සිනාසුණේය.

      රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගොඩ දැමූ දුම්රිය පෙට්ටි නිෂ්පාදන ව්‍යාපෘතිය බිහිවන්නේත් තමන් ඉදිරියේ ඇති ව්‍යාපාර බාධක අබිබවා ගොස් නව ප්‍රවේශයක් සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසය. කණිෂ්ක හපුතන්ත්‍රී ඒ අතීතය කීවේය.

      “ඒකත් යුද්ධ කාලේ වුණු වැඩක්. වර්ෂ 2002දි. ඒ වෙනකොට සෙන්ට්‍රල් බෑන්ක් එකටත් බෝම්බ ගහලා. මොනව හරි වැඩක් හොයනවා අපි කරන්න. මේ අතරේ කෝච්ච් පෙට්ටි කපලා පරණ යකඩවලට ඉන්දියාවට යවන කොන්ත්‍රාත්කරුවෙක් අපට කිව්වා කෝච්චි පෙට්ටි කපලා දෙන්න පුළුවන් ගාණක් දෙන්න කියලා. ඒකත් වෙලාවෙ හැටියට කමක් නෑනෙ. මම ගිහින් බැලුවම දුකේ බෑ. පරණ යකඩවලට කපන්න නෙමෙයි. මේ කෝච්චි පෙට්ටි ගොඩදාගන්න පුළුවන්.

      පෙට්ටි පරණ යකඩවලට කපන්න ගිය මම දුම්රිය දෙපාර්තමේන්තුවට ගිහින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හම්බ වෙලා මගේ යෝජනාව කිව්වා. ඒ කාලේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රියාල් සිල්වා. මම කියපු මේ කතාව ඇහුවම ඔහුට හිතෙන්න ඇති මේ මනුස්සයට පිස්සු කියලා. ඒක සාධාරණයි. ඔහු මගේ කතාව සිරීයස් ගත්තේ නැතත් ප්‍රධාන දුම්රිය ඉංජිනේරුවරයා ළඟට මා යොමු කළා. ඔහු විජේසේකර කියලා මහත්මයෙක්.

      අලුතේන් දුම්රිය මැදිරියක් ගේන්න මිලියන 150ක් යනවා ඒ කාලේ. දැන්නම් ඒ ගණන මිලියන 200කට වැඩියි. මේ මැදිරියක් මිලියන 50කින් අලුත්වැඩියා කරලා අවුරුදු 10ක් කිසිම ප්‍රශ්නයක් නැතිව දුවන්න පුළුවන් වග මම දුම්රිය දෙපාර්තමේන්තුවට පැහැදිලි කළා. මම කිව්වා, ඔබතුමාට මේ වැඩේ කරන විදිහ මම කියන්නම්. මේකේ ප්‍රතිඵලයක් තියනව ද නැද්ද කියලා ඔබ තීරණය කරන්න කියලා. ඉතාම හොඳින් මට ඇහුම්කන් දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා මේ ව්‍යාපෘතිය ලිඛිතව ඉදිරිපත් කරන්න මට යෝජනා කළා.

      ඒ වකවානුවේ රටේ ජනාධිපතිවරිය චන්ද්‍රිකා මැතිනිය. එතුමිය ළඟටත් ව්‍යාපෘතිය ගියා. නමුත් එය ප්‍රවාහන අමාත්‍යාංශය පැත්තෙන් අනුමත කරලා දෙන්න ඉල්ලපු නීති විරෝධී කොමිස් මුදල්, වැය කරන්න සූදානම් නොවුණු නිසා ව්‍යාපෘතිය මඟහැරුණා. විවිධ සිදුවීම් පෙළ ගැහුණේ වැඩේ නොකෙරෙන විදිහට නිසා මම එ් සඳහා උනන්දු වීම නැවැත්තුවා. නමුත් මම ඉදිරිපත් කළ ලේඛන දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තිබුණා.

      ඊට පස්සේ 2007 විතර ටෙන්ඩර් එකක් පත්තරේ වැටුණා. ටෙන්ඩර් ඩොකියුමන්ට් එකේ තිබුණේ මම ඉදිරිපත් කළ තාක්ෂණික ක්‍රමවේදයම නිසා මට ඉතාම පහසු වුණා ඒකට ඉදිරිපත් වෙන්න. ලියකියැවිලි ඉදිරිපත් කළ පසු ඒ ටෙන්ඩර් එක අපට ලැබුණා. ව්‍යාපෘතියට මම ගත්තේ ට්‍රේනින් කොලේජ්වල මාස තුන හතර කෝස් කරලා එළියට ආව තරුණ තරුණියො. ගෑනු ළමයි ගත්තා ඩිසයිනින්වලට. මාස දෙකක් තුනක් යනකම් මම ඒ අය එක්ක ඉඳන් වැඩ කරන විදිහ කියා දිදී වැඩ ගත්තා.

      මට ගොඩක් අය කිව්වත් රේල්වේ එක්ක වැඩ කිරීම බංකොලොත් වෙන වැඩක් කියලා. ඒත් මගේ ක්‍රමය වෙනස්. මම හැම දෙයක්ම ඩිසයින් කළා. ඒ ඩිසයින් එකට දුම්රිය ඉංජිනේරුවන්ගේ අනුමැතිය ලැබුණට පස්සේ කොටස් සාම්පල නිෂ්පාදනය කළා. ඒවා පෙන්නලා අවශ්‍ය අඩුපාඩු හදලා අවසන් සාම්පලයට අනුමැතිය ගත්තා. ඊට පස්සේ තමයි දුම්රිය පෙට්ටියට අත තිබ්බේ. ඒ එක්කම යුනියන් ස්ට්‍රයික් ආවා. මාධ්‍ය දිගින් දිගටම ගහන්න ගත්තා. අපි කවුරු එක්කවත් ගැටෙන්න ගියේ නෑ. අපේ පාඩුවේ වැඩේ කළා.

      මුල්ම කෝච්චි පෙට්ටිය එළියට එන්නේ 2012දි. හරිම සතුටුයි අවස්ථාවක් ඒක. එකම ප්‍රශ්නය ආවේ රේල්වේ නිලධාරීන්ගේ නිර්දේශ මත දාපු පරණ ජනෙල් ලොක් එකක. ඒකට දිගට හරහට ෆේස්බුක්වලින් ගැහුවා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න දරුවො දෙන්නෙක්ව යෙදෙව්වා. අන්තිමට සමාජය අපේ නිෂ්පාදනය ගෞරවනීය විදිහට පිළිගත්තා. මේ වනවිට කෝචිචි පෙට්ටි 265ක් අලුත්වැඩියා කරලා තියනවා. අලුත්වැඩියාවට වඩා හරිම ලේසියි අලුතින් හදන එක. සමහර දිරාපත් කෝච්චි පෙට්ටිවල චැසියෙ ඉඳන් අලුතින් හැදුවා. පරණ එකේ චැසි නම්බර් විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේ ව්‍යාපෘතිය තමයි රටට වැඩිම ලාබයක් ගෙනාපු ලාංකික ව්‍යපෘතිය. මේ කෝච්චි පෙට්ටි ව්‍යාපෘතියෙන් විතරක් රටට රුපියල් මිලියන 46800ක් ඒ කියන්නේ බිලියන 46.8ක් ලාබයි.

      Cont'd

      Delete
    4. අනික මේ ව්‍යාපෘතියෙන් මම ලබපු සතුට වචනවලින් කියන්න අමාරුයි. මේ කෝච්චි පෙට්ටිවල නැඟලා මිනිස්සු යන හැටි මං සමහර අවස්ථාවල ඈත ඉඳන් බලන් හිටියා. ඒ වගේම බය හිතුණු අවස්ථා තිබුණා. දුම්රිය මැදිරියක උපරිම ධාරිතාව වගේ දෙගුණයක් විතර දොරවල්වල එල්ලිලා වහල උඩ යනකොට ඇඟ හිරි වැටුණා මොනවා හරි ගැටලුවක් වේවි ද කියලා. ඒත් මේ අලුත් වැඩියාව කරපු විදිහ අපි දන්න නිසා දැඩි විශ්වාසයක් තියනවා. ලාභය මුල් කරන් වැඩ බාල විදිහට කරලා මුදලක් ඉතිරි කරගෙන අපරාධකාරයෙක් විදිහට මේ කෙටි ජීවිත කාලය ගෙවලා මැරිලා යන්න මට අවශ්‍ය නෑ කවදාවත්. මේ ව්‍යාපෘතිය නිසා නව කර්මාන්ත හැදුණා. කාර් හදන්නෙ නැති රටේ කෝච්චි පෙට්ටිවලට සප්ලයි චේන් එක හැදුණා. මේක නවත්වන්න එපා කියලයි මම යෝජනා කරන්නේ. මා නැති වුණත් කවුරුහරි මේ ව්‍යාපාරය කළොත් රටට ගොඩාක් දේ ඉතිරි වෙයි. දැන් මගේ උත්සාහය අලුතින්ම කෝච්චි පෙට්ටි හදලා එක්ස්පෝට් කරන්න. පවතින විශාල බාධක එක්ක මේ අවස්ථාව ලැබුණොත් රටට විශාල අවකාශ විවර වේවි. වැඩි කාලයක් පාවිච්චි කළ හැකි ඉතාම ඉහළ තත්ත්වයෙන් යුතු නවීන දුම්රිය මැදිරියක් නිපදවා, නඩත්තු කටයුතු රට තුළම කරගෙන විශාල විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකි වේවි. නව දුම්රිය මැදිරි නිෂ්පාදනය කර අපනයනය හරහා විශාල විදේශ විනිමයක් ලැබේවි. “

      මේ සුබවාදී මනුෂ්‍යයා අපට බොහෝ දේ කියා දෙමින් සිටියි. මේ දුගී රට හිතන තරම් දුගී නැති බවත් අප දුගීන් වන්නේ අපේ සමාජ චින්තනය සහ මේ ආර්ථික ව්‍යසනය තුළ නිෂ්පාදන සහ ව්‍යවසායකත්වයේ අවකාශ විවර වී ඇති අයුරුත් කණිෂ්ක හපුතන්ත්‍රී වැනි ව්‍යවසායකයන් පෙන්වා දෙමින් සිටී. අතට ලැබෙන කොමිස් කුට්ටියට ජාතියක් පාවා නොදී අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු ලබා ගත හැකිනම් මේ රටේ නිර්මාණශීලී මිනිස්සු අපව ලෝකයේ ඉහළම තැනකට ඔසවා තබනු ඇති බව විශ්වාස කරමි.

      ✍️ ටානියා මෝසස්
      ඡායාරූප - තිලක් පෙරේරා//

      උපුටා ගැනීම - 2023/09/03 ඉරිදා සිළුමිණ පුවත්පතෙන්, මේ වගේම තව කීපදෙනෙක්ම ඉන්නවා, මාස්ට ඩයිවර්ස් වික්‍රමනායක වගේම, මේ දවස්වල ඩවුන් වුණාට ලාෆ්ස් වෑගපිටිය වගේ අයත් ඉන්නවා මරාවාදියෙක් උනත් කැප්ටන් දියරකුස් සේනාධිපති උනත් මේ රටේ හොඳම වැඩ්ඩෙක්, උගේ දේශපාලනය පැත්තකින් තියල බලනකොට...

      ඒ නිසා මේව බලල ඇත්ත තේරුම් ගනින් නිකම් වටේටම අම්ම මෝ නැතුව ඔහේ බනින එක විතරක් නොකර රටට වැඩදායක වෙන විදියට එක පහනක් හරි දල්වපන්...

      Delete
  10. මම මේක Anonymous දාන්නේ මට අදහස විතරක් කිව්වම ඇති කියලා හිතෙන නිසා. 🙏

    ඇත්තටම ඇයි ලංකාවේ ගැහැණු ළමයි ගොඩක් කොල්ලන්ගෙන්ම ගොඩ යන්න බලන් ඉන්නෙ? ඇයි තමංගේ මහන්සියෙන් ගෙමක් ගහන්න උත්සහා කරන්නේ නැත්තේ? ඇයි... මහන්සි වෙලා වැඩක් කරන අයට එකෙන්ම respect 🥰
    මං එහෙම කියන්නෙ ලගදි ෆේස්බුක් එකෙ තිබුන post කිහිපයක් නිසා. 🙆
    අනුන්ගේ apple phone එකකින් හරි 📱 ඉස්කෝලේ batch party එකෙදී DSLR cam 📸 එකකින් හරි ගත්තු photo එකක් profile picture එකට දා ගත්‍තු පලියට posh වුනා කියලා හිතනව. එහෙම වුනාට කොල්ලො ටොක් කරන්නෙ නෑ කෙල්ලෙහ්... 🥲
    එහෙම කරත් ඉතින් හරි කොල්ලෙක් නම් ලොකුවට විශ්වාසය තියන්න එපා. ඇන්නා පැන්නා තමා ඉතින් 🌝
    දැන් කාලේ කොහොමත් කොල්ලෙක් බත් තම්බන්නයි රෙදි හොදන්නයි ගෑනු කරගහන්නෙ නෑ. 😂 කොල්ලෙක්ට වුනත් තමන්ගේ කෙල්ල ගැන අඩම්බරෙන් කියන්න දෙවල් තියෙන්න ඔනා. මෙගේ කෙල්ලට මේ මේ දෙවල් තියනවා කියලා. කොල්ලගේ දෙමව්පියන්ට කියන්න පුලුවන් වෙන්න ඔනා ඉතින්. 💪
    කෙල්ලො relationship එක ඇතුලේ ඉද්දි කොල්ලව පාලනය කරනවා වගේ හිතෙන දෙවල් කරත් අන්තිමට කසාද බදින්න යද්දී අවසාන තීරණය ගන්නෙ කොල්ලා හෝ කොල්ලගේ පවුලේ අය. 😌
    ඒ නිසා reject නොවෙන විදියට තමන් හැමපැත්තෙන්ම successful වෙලා ඉන්න. ඒ මුකුත්ම නැතුව facebook එකෙ පොර ටොක් දීලා අවධානය ගත්තා කියලා කවුරුත් නිකන්ම නිකන් කෙල්ලක් කර ගනහන්නෙ නෑ. 👀 නිකමට බලන්නකො කොච්චර කෙල්ලො ෆේස්බුක් එකේම කොල්ලො නැතුව දුකෙන් ඉන්නවද කියල.

    ඒ නිසා නිසි සුදුසුකම් නැති නිකම් කෙල්ලන්ව කරගහගන්න දැන් කොල්ලො ලැස්ති නෑ. මම දකින ආශ්‍රය කරල තියෙන අඳුනන
    කොල්ලෝ 95% ක්ම වගේ thinking mind එක ඔක තමයි ඉතින්. ඒ නිසා අපි වගේ තරුණ වයසේදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ දකින
    කොල්ලෙක්ට හිතෙන්න මෙයා මගේ ජිවිතේට එකතු වුනොත් දෙන්නගේ මහන්සියෙන් ගෙමක් ගහන්න පුලුවන් කියල. එහෙම හිතෙන විදිහට වැඩ කරන්න කෙල්ලනේ... මමත් එහෙම කරල තමයි මගේ බෝයිව ඉම්ප්රෙස් කළේත්... ඔන්න ඇත්තම කියුවා...

    ඒ නිසා බොරුවට Anonymous දාපු එක ගැන නොහිතා කියන දේ ගැන අවදානය දෙන්න එතකොට මං වගේම ඔයාලත් සතුටින්. ❤️

    ReplyDelete
  11. ඊයේ හරි අපුරු උපහාර උලෙලක් මම දැක්කා.ඒ කූරගල ඵෙතිහාසික රජමහා විහාරය ගොඩනැගීමට දායකත්වය දුන්නා කියලා උපහාර පුදනවා ගිහි සහ භික්ෂුන් 35ස් දෙනෙක්ට.

    හැබැයි එතන නමවත් මතක් නොකරපු කෙනෙක් හිටියා මුලින්ම ඔහුට නැවත කූරගල ගොඩනැගීමට දායකත්වය දීම වෙනුවෙන් උපහාර පුදන්න ඕන.

    ඒ තමයි එළවන ලද ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්සගේ නම.

    මොකද ජනාධිපති නන්දසේන ගෝඨාභය පත්නොවුනානම් අද කූරගල රජමහා විහාරය ඔය විදිහට නෑ.

    පාදඩ සිංහල ජාතිවාදියා දමිළ මුස්ලිම්වරුන්ට අයිති නිජභූමිය විනාශ කරන ආක්‍රමණිකයා කියන අපහාස නම් විදගනිමින් ඔහු කූරගල ප්‍රතිසංස්කරණයට ඉඩ හැදුවා.

    ඔහු,ජනාධිපති නොවන්න හමුදාව මැදිහත්වී කරන ලද ප්‍රතිසංස්කරණ එකක්වත් කූරගල සිදුවන්නේත් නෑ.

    ඒවා එහෙම තමයි

    මම අහගෙන කූරගල විහාරස්ථානයේ විහාරාධිපති කියන වතුර කුඔුරේ ධම්මරතව හිමියන් 🔺 නාළිකාවේ කිලී ආර් රාජමහේන්ද්‍රන් සිහිකරනවා විශේෂයෙන් විහාරය ගොඩ නගන්න දායකත්වය දුන්නා කියලා 😀😀
    ( රාත්‍රී 10.00 සිරස රෑපවාහිනී පුවත් )

    මට මතකයි 2017 විතර සිරස ඉහළ දායකත්වයක් දෙනවා ලෙසටම 😀😀

    ඉතිහාසය ඇතුලේ
    හැමදාම බැනුම් අහගෙන බෞද්ධ සාසනයට වැඩ කරපු එකාලා කවදාවත් අගයලා නෑ

    උං,හංවඩු,ගැහුනේම
    සිංහළ බෞද්ධ ජාතිවාදියා කියන තැනට විතරයි.

    හැබැයි ඕක ඉතිහාසය පුරාම වගේ සිදුවන නන්දසේන ගෝඨාභයට විතරක් පොදු වෙච්ච දෙයක් නෙවේ...

    ReplyDelete
    Replies
    1. This is what hate in SL. සරත් පොන්සේකා එපා වෙච්ච ගමන් යුද ඉතිහාසයේ සරත් පොන්සේකා නම delete කරලා මිනිහාගේ දේශපාලන ව්‍යාපාර නිසා කලින් කරපු හොඳ දේවලුත් සම්පූර්ණයෙන්ම වහලා දාන එක වැරදියි, ඒ වගේ ගෝඨාභය වුණත් කරපු හොඳ දේවල් අගය කරන්න අපි කටයුතු කරන්න ඕන.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න