May 2, 2024

නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා උතුම් වූ බෝධියකින් නිවන් යෑම



 

නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා
උතුම් වූ බෝධියකින් නිවන් යෑම
➖➖➖➖➖➖➖➖➖➖➖⭕

නලීන් ද සිල්වගෙ මතවාදයක් හෝ දර්ශණවාදයක් කියලා සුවිශේෂී එකක් තිබුනේ නෑ.. එයා ප්‍රාමාණික උගතෙක් නිසා... එයාට විරුද්ධ ඇකඩිමික් පොරවල් පවා.... එයා එහෙම කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කළා. හේතුව ඔහු විස්ස විජ්ජාල ආචාර්‍යවරයෙක් වීම.
ඒ කියන්නේ ලංකාවේ විශ්ව විජ්ජාලවලින් බුද්ධිමතුන් බිහි නොවනා නිසා මුන්නැහේට හෝ ඒ තත්වය ආරුඩ කර දී සතුටු වෙන්න.

උන්නැහේ ඇවිල්ලා දේශීය නිදහස් අධ්‍යාපනයෙන් හා රෑ 10 වෙනකන් ඉර පායලා තියෙන රටෙන් ලබාගත් විශයානුබද්ද දැණීම් පද්දතිය පැත්තකින් තියලා.. නැෂනල් අඳින 56 බයියොන්‍ට එකතු වුනා. ඒ බයි සෙට්ටෙක ලීඩ් කලේ ගුණදාස අමරසේකරලා, හරිස්චන්ද්‍ර විජේතුංගලා,  සූරිය ගුණසේකරලා.. ඒත් ඔවුන් උපාධිකාරයෝ වුනත් කැම්පස් ගුරාලා නෙමෙයි. ඊට පස්සේ ගණුදෙණු කළේ ගෝඩ් නාථ සමඟ.

පසුකාළිනව මේ සියල්ලෝම. බයියන්ගේ රජ දහන වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි මුදුන් මල්කඩ වන සාටකේ එල්ලුනා.

හැබයි මහින්ද ඔය එකෙක්වත් ගනන් ගත්තේ නෑ. මේ සෙට්ටෙක නෙමේ, මල්වතු  අස්ගිරිත් මහින්දට එහෙයි හාමුදරුවනේ කිව්වා... මහින්ද ඔය හැම එකාගෙන්ම ගන්න ඕන දේ ගත්තා මිසක්... එයාලට ඕන දේවල් කරන්න ගියේ නෑ. එයා කළේ ශිරන්තිටයි දරුවන්‍ටයි ඕන දේවල් විතරයි. දළඳා වැන්දෙත් ලැම්බෝගිනි වට වන්දනා කරලා. රශියන් කෑලී නටවලා.

ඔය නලීන් ද සිල්වා කලාය කියන චින්තන විප්ලවයට වඩා විශාල දායකත්වයක් ඒ මතවාදය හා චින්තනය වෙනුවෙන් විජේවීර, විමල් වීරවංශ, පාඨලී, සෝම හාමුදුරුවෝ වගේම නානසාර සාධුලා කලා.

දැන් මහින්ද මහත්තයා තල්ලු ඉස්ටාට් එකෙන් යන අස්සේ... නලීන් ද සිල්වා නිවන් පුර වැඩියාම... සිහළ බෞද්ධ බලවේගය අවසන් කියලා ආතල් ගන්න බෞතීස්මවාදීන්ට මට නම් කියන්න තියෙන්නේ...

ඔයාලා මහා බලවේග කියලා උඩදාපූ අය නැති වුනා කියලා... ඒ බලවේගය එහෙම නැති කරන්න නම් ලේසී වෙන්නේ නෑ කියනෙක විතරයි. ඒක තියෙන්නේ ඇකඩමික් සුලුතරයේ අතරේ නෙමෙයි.. කැළණි නයා වඳින සාමාන්‍ය ජනතාව අතරේ. ඒ අස්සේ ඇකඩමික් ඒවුනුත් ඉන්නෙක වෙනම කතාවක්.

ඔය නලීන් ද සිල්වත්, රොහාන් පෙරේරා වගේම සමාජ මාධ්‍ය ඇතුලේ ඉතා කුඩා කල්ට් මේන්ටේන් කළ සිප්පි කෑලී විතරයි..  එයාලා මහා සමාජයට කරපු ලබ්බක් ඇත්තේ නෑ. ඒක... ප්‍රධාන මාධ්‍ය දිහා බැලුවාම ඉතා පැහැදිලියි.

අනික් ලස්සනම දේ තමා .... අනුන්ගේ දරුවෝ දේශීයකරණය කරන්න හදපු රෙද්ද අස්සේ මහත්තයා.... බටහිර රටක ජීවත්වෙන තම දරුවන් ළඟ නිවන් දැකීම. ඉදින් මොවුන්ගේ දෙබිඩි ජීවිතේ අවසානයේ හෝ හෙලිවෙනවා...

කරුමේ කියන්නේ නිවන් දකින්න තරම් උතුම් බෝධියක් ඇමරිකාවේ තියෙනවද කියනෙක.

අනික ඉතින් ශ්‍රී මහ බෝධිය ළඟ වුනත් නිවන් දකින්න බයයි නේ. මොකෝ ඔතන ඩ්‍රින්ක් එකක් දාන ඩබ්ලිව් ජයසිරි ලොක්කා  නිවන් යන්න ඔන්න මෙන්න තියෙද්දි... නලියා මචං මේ ෂොට් එකත් දාලා පලයන් කිව්වොත් නිවන් ගිහින් හමාරයි නේ .

ඇත්තටම මේවා පට්ටම ආතල් කේස් ඕයි...

මම මේ රටට... මගේ පණටත් වඩා ආදරේ මේ නිසාමයි.

නොවේ මෙවන් ආතල් රටක් ලොවේ...

නිවන් පැතු ඔබට..

නිවන් සුවයම ලැබේවා...!!!!


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
.

නලීන් ද සිල්වා
➖➖➖➖⭕

රූපවාහිනී විවාදයන් තුල දත් මිටි කකා තම ප්‍රතිවාදියාට දරුණු ලෙස ප්‍රහාරය එල්ල කරන දෙදෙනෙක් උන්නා...

එක්කෙනෙක් නලීන් ද සිල්වා... අනිකා පාඨලී චම්පික රණවක... දෙන්නම පට්ට ජාතිවාදීන්... හැබයි ඔවුන්ගේ කතා බහ නීරස වුනේ නෑ... ඊටාමතරව නලීන් ඩි සිල්වා දේව මණ්ඩලය එක්කත් සබඳතා තිබුන කෙනෙක්....

හැබයි එයා බටහිර විද්‍යාවට පහර ගැහුවෙත්... ඒවාත් දේව සංකල්පම... විජ්ජාත්මක මත ලෙස ඉදිරිපත් කිරීම් කියලා....

උන්නැහේ ගැන ඒ කාළේ ජෝර්ජ් කාලීන්ට වගේ තිබුන යම් කිසි ගෛරවයක් තිබ්බා නම්.... මේ නාථ දේව මණ්ඩල වැඩෙන් අවුට් ගියා. උන්නැහේ ජෝක් එකක් වුනා..

ඒ බටහිර විජ්ජාව ඉස්මුදුනින් පිලිගන්න අය අතරේ... හැබයි ඔහුගේ ගණිතය පිළිබඳ තිබුන දැණීමට අභියෝග කරන්න කිසිවෙක් ඉදිරිපත් වුනෙත් නෑ..... කිසිවෙක් මේ වනතෙක් බිහිවෙලාත් නෑ.

එයාට කින්ඩි දාපූ අය... නාථ දෙයියන්ටත් කින්ඩිය දැම්මට... බිග් බැන්ග් තියරි, බ්ලැක් හොල් තියරි, ගැලක්සීස වගේම පරිනාමවාදයත් කිසි අවුලක් නැතිව හිස් මුදුනින් පිලිගන්නේ.....

දැන් ඔය ඇමරිකාවේ ලස් වේගාස් වල ඒරියා 51 වල පිටසක්වල ජිවීන් එක්ක ගණුදෙනු සිඳු වෙනවය... ටෙක්නොලජි ගොඩක් එන්නේ ඒ හරහාය කියලත් ඒ අයම කියනවා නේ...

ඉතින් ඒ වගේ... අනාගතේ දවසක... නාථ එක්ක කොමියුනිකේට් කරන්න පුලුවන් වුනොත්... ආයේ නලීන් ද සිල්වා ගැන... චන්න ජයසුමනලා වගේ අය ගැන නැවත කතාවෙයි.. එයාලත් විශ්වය එක්ක ගණුදෙණු තිබුන අය බව හෙලිවෙයි.

කෙසේ හෝ උන්නැහේ යන බවට ඉඟියකුත් ඊයේ දීලා තිබුනා... දැන් එයාගේ ගෝලයන්ට තියෙන්නේ
... හැකි ඉක්මනින් මේ දේව මණ්ඩලය සමඟ පවතින සබඳතා තුලින් ඔහු දරූ මතයන් නිවැරදි බවට සනාත කිරීම..

සුබ ගමන්
නලීන් ඩි සිල්වා....

.

35 comments:

  1. මේ කොටස එක්ක එකඟයි

    //තිබුණ ගෞරවය නාථ දේව මණ්ඩල වැඩෙන් අවුට් ගියා. උන්නැහේ ජෝක් එකක් වුනා..

    ඒ බටහිර විජ්ජාව ඉස්මුදුනින් පිලිගන්න අය අතරේ... හැබයි ඔහුගේ ගණිතය පිළිබඳ තිබුන දැණීමට අභියෝග කරන්න කිසිවෙක් ඉදිරිපත් වුනෙත් නෑ..... කිසිවෙක් මේ වනතෙක් බිහිවෙලාත් නෑ.

    එයාට කින්ඩි දාපූ අය... නාථ දෙයියන්ටත් කින්ඩිය දැම්මට... බිග් බැන්ග් තියරි, බ්ලැක් හොල් තියරි, ගැලක්සීස වගේම පරිනාමවාදයත් කිසි අවුලක් නැතිව හිස් මුදුනින් පිලිගන්නේ.....

    දැන් ඔය ඇමරිකාවේ ලස් වේගාස් වල ඒරියා 51 වල පිටසක්වල ජිවීන් එක්ක ගණුදෙනු සිඳු වෙනවය... ටෙක්නොලජි ගොඩක් එන්නේ ඒ හරහාය කියලත් ඒ අයම කියනවා නේ...///

    ඒ,විතරක් නෙවෙයි පොදුවේ (බටහිර) භෞතික විද්‍යාව සහ දර්ශනය වගේ ගැඹුරු විෂයයන් ගැන සහ ඒවාගේ ගැඹුරු දාර්ශනික සංකල්ප පහ පදනම පිළිබඳව ආචාර්ය නලීන් සතු දැනුම විශිෂ්ට බව කිව යුතුයි නමුත් ඔහුගේ දේශීය චින්තනය මත ගොඩ නැගෙන බව කියූ දැනුම ඊට විකල්පයක් වීමට තරම් කිසිම තත්ත්වයක් තිබුණේ නෑ නිකම්ම සංකල්පිත concept එකක් විතරයි

    ලංකාවේම සමහර අය මොකක්ද මේ පෝස්ට් එකේ ප්‍රස්තුතය කියල දන්නේ නෑ.මොකද සමහර අය ලංකාවෙ චැනල් වල නිවුස් බලන්නෙත් නෑ

    ReplyDelete
  2. මාතා ආචාර්ය නලින් වගේ කෙනෙක්ගෙ බලපෑම මාතා මෙතන කියනවාට වඩා සෑහෙන්න ගොඩක් පුළුල් බලපෑමක්. නලීන් ද සිල්වා ගැන නොදන්න අය පවා ඔහුගේ දාර්ශනික සංකල්ප මත පදනම්වූ අදහස් දරනවා, නලීන් කතාකල සමාජයේ විවිධ ක්ෂේත්‍ර වල දැන උගත් තරුණ තරුණියන්ට විශේෂයෙන්ම විද්‍යාව හදාරන සිසුන් ඉංජිනේරුවන් වෛද්‍ය සහ විද්‍යා ආදී උගත් සමාජ කණ්‌ඩායමකට, ඔවුන් අතර ප්‍රචලිත වන සංකල්ප මත ඊට පහළ ස්තර වල අයගේ අදහස් තීරණය වෙනවා දැකිය හැකියි ලංකාවේ පැරණිතම වාමාංශික දේශපාලන ව්‍යාපාර වැඩ කළේත් මේ විදියට වාමාංශික අදහස් සමාජ ගත කරමිනුයි.

    සමහර විට මහාචාර්ය නිර්මාල් රංජිත් වගේ කෙනෙක්ගෙන් එබඳු බලපෑමක් දැනටත් වාම කදවුරට වෙනව වෙන්න පුළුවන්. නමුත් ආචාර්ය නලින් ද සිල්වා කියන තනි හුදකලා කුඩා පුද්ගලයා ඒ බලපෑම කරේ විශාල සංවිධාන ශක්තියක් මෙහෙයවන හැකියාවක් හෝ 'සිවිල් බලයක්' නැතිව වීම විශේෂයි.

    විශේෂයෙන්ම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙ ගෙවූ කාලයෙන් පසු අඩුම තරමින් ස්ථිර රැකියාවක් හෝ නැතිව ඔහුගෙ බලපෑම උනේ ප්‍රධාන වශයෙන්ම පුවත්පත් ලිපි සහ පොත් හරහා. ලිවීම් සහ දේශනා හරහා. එය ඉතා අවම සංවිධාන ශක්තියක් ඇතිව වූ දෙයක්. අසූව අග අනූ ගණන්වල සමාජ ජාල ආදිය නැති කාලෙක හුදෙක් මුද්‍රිත මාධ්‍ය සහ කුඩා පිරිසකට කරන දේශනා හරහා එවැනි බලපෑමක් කිරීම විශේෂ කාරණාවක්.

    ආචාර්ය නලින්ගෙ අදහස්වලින් වඩාත්ම බලපෑමක් කරපු අදහස මං හිතන්නෙ නූතන විද්‍යාවෙ දැනුම් ඒකාධිකාරය ප්‍රශ්න කරන්න දාර්ශනික පසුබිමක් සැපයීම. එහි දැනුම පැත්තෙන් වගේම දේශපාලනික පැත්තෙන්ද වැදගත්කමක් තියෙනවා.

    ඊළඟට දෙවැනි එක එල්ටීටීඊ එකට විරුද්ධ සටනට මෙන්ම පොදුවේ දෙමළ බෙදුම්වාදී මතවාදයට විරුද්ධව මතවාදී නායකත්වයක් සැපයීම. එය අද ලොකු දෙයක් වගේ නොපෙනුනාට ඒ කාලෙ ඉතාම ජනප්‍රිය නොවන මතයක් (අදනම් සමහර අය කියන්නෙ සරත් ෆොන්සේකා ඇවිල්ල යුද්දෙ දින්න කියලනෙ. නමුත් සරත් පොන් සේකා පවා සටන් විරාම කාලෙ විශ්වාස කළේ යුද්ධයෙන් මේක ඉවර කරන්නම බෑ සාකච්ඡා කරල ඉල්ලන දෙයක් දෙන්න ඕනේ කියන මතයෙ). විශේෂයෙන්ම දමිළ බෙදුම්වාදය සාධාරණීකරණය කරන්න හදපු අය බොරු මත වලින් ජනතාව ගොනාට අන්දන එක වලක්වා සැබෑ දමිළ බෙදුම්වාදය පිළිබඳව විචාරාත්මක ලෙස විග්‍රහ කර එහි ඉතිහාසය ආධිපත්‍යය එය පසුපස සිටින වෙනත් රටවල අරමුණු ගැන සමාජය දැනුවත් කළා, උදාහරණ ලෙස නූතන තරුණ පරපුර ගිය 2022 අරගලයට අහුවෙලා ඇනොනිමස් හෑෂ් ටැග් ගහන කොට තිස් හතලිස් ගණන්වල අය බහුතරයකට ඒක ගොන් පාට් එකක් බව තේරෙන්නත් ඔහුගේ පෙන්වාදීම් වලින් ලද පෝෂණය හේතු වන්නට ඇති. උතුරේ යුද්ධය යුද්ධයෙන් ඉවර කළ හැකි බවත් එසේ කළ යුතුම බවත් දැඩිලෙස දකුණේ ජනමතය සිදු දාර්ශනික වීරයා ඔහුයි.

    ඊළඟට තුන්වන කාරණය ථෙරවාද බුදුදහමේ ඇති ආත්මවාදය ප්‍රශ්න කිරීම (මෙය ඇත්තටම කටුකුරුන්දේ ඤාණානන්ද හිමිගෙ ලිවීම් සහ දේශනාවලත් කෙරිලා තියෙනවා. නමුත් එයට යම් දාර්ශනික අර්ථයක් දුන්නෙ ආචාර්ය නලින් කියලයි මං හිතන්නේ). මේ කාරණා තුනම වර්තමානයට මෙන්ම අනාගතටයත් වැදගත් වෙන කාරණා බව කිව යුතුයි.

    ReplyDelete
  3. ලංකාවේ හිටපු එකම සැබෑ ගණීතඥයා සහ සැබෑ විද්‍යාඥයාද අපිට මේ නැතිවුනේ 🙁

    අනිත් විද්‍යාඥ නාමයෙන් ලංකාවෙ ඉන්න වුන්, බහුතරය බටහිර විද්‍යාවේ ගුණ වයන ගිරාපෝතක තෝල්ක මුදලිලා විතරයි, මෙතුමා එහි අඩුපාඩු විවේචනය කරමින් , නව ප්‍රවාද හදුන්වාදෙන්න උත්සහ කලා. ඒක සාර්ථක නොවුණත් ඔහුගේ ඒ සුවිශේෂ උත්සාහය අගය කළ යුතුයි.

    සැබෑ විද්‍යාඥයා යනු එවන් කෙනෙකි, බටහිර විද්යාවට තිබෙනා ප්‍රවාද යල්පැන යන විට අලුත් ප්‍රවාද හඳුන්වා දිය යුතුය.

    බටහිර විද්‍යාවට අවශ්‍ය සේවය ලබා දුන් , ලංකාවෙ බිහිවූ අග්‍රගන්‍ය පඬිරුවනක් අපට නැති විය.

    මැතිඳුණි! ඔබට නිවන් සුව.

    ReplyDelete
  4. හරිම දුක්මුසු ආරංචියක් වුණා මටත් ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වූ බව දැනගන්නට ලැබුනාම, මමත් එතුමාට නිවන් සුව පතනවා. මං හිතන්නෙ ඔහු ඉතාම 'වැදගත්' (බලපෑම් සහගත යන අර්ථයෙන්) ජීවිතයක් ගෙවූ බව. ලෝකයේම එවැනි ජීවිතයක් ගෙවීමට ලැබෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙකුට බවත් කියන්න ඕන.

    ReplyDelete
  5. අඩෝ ළමාතං මතකද නයිටීඑන් එකේ පී හසන්තයා තමයි එක සැරයක් ටෝක්ස් දෙන්න ගිහිල්ල නළින්ගෙන් බඩකට පුරා අහගත්තෙ… කෝමද කෑම අති විසිස්ටයි නේ... 😂😄🤣

    ඔහුට සුබ ගමන් !

    ReplyDelete
  6. තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත.

    ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා කරන ලද ලිපියක මේ සඳහන් කර ඇත්තේ 2019 වසරේදීය.

    අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.

    *****

    *නික්ම යෑමට පෙර* –

    අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා.ඒ මම.

    බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් මා වෙනුවෙන් දුක් වින්දත් මා ඔවුන් වෙනුවෙන් කළ දෙයක් නැහැ. බොහෝ විට මා කෙළේ ඔවුන් කැමැත්තක් නොදැක් වූ දේ. මගේ භාර්යාවටත් මා යහපත් සැමියකු වී නැහැ. අප අවුරුදු හතළිස්අටක් දීග කන්නේ ඇගේ ඉවසීම නිසා ම පමණයි. මගේ දරුවන්ටත් මගෙන් යුතුකම් ඉටු වී නැහැ. පළමු වරට මා රැකියාව නැති කර ගත්තේ ලොකු පුතාට අවුරුදු තුනක් පමණ වන විට. දෙවැනි වර රැකියාව අහිමි වන විට චූටි දුවට වයස අවුරුදු තුනයි. දරුවන් තිදෙනාම හදා වඩා ගත්තේ ඔවුන්ගේ මවයි. මේ සියල්ල ගැන මා කණගාටු වෙනවා.

      මා මෙය ලියන්නේ උපන් දිනයක් කියන එක වැදගත් නිසා නො වෙයි. මා මරණයට කිට්ටු නිසා. මට කිව යුතු බොහොමයක් තියෙනවා. ඒත් ඒ සියල්ල ලියන්න මෙහි ලියන්න බැහැ. මේ ලිපිය දැක කිසිවකු මට සුබ පතන්න ඕනත් නැහැ. දීර්ඝායු පැතුවත් වැඩක් නැහැ. ගෙනා ආයුෂ ඉවර වුණාම මා යන්න යනවා. එදාටත් මා ගැන කිසිවක් කිසිවකු කියන්න ඕන නැහැ. මා නරක තැනක ඉපදෙන්න පුළුවන්. මගේ දරුවන් මට පින් පමුණුවාවි.

      මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට වඩා උගතුන් බුද්ධිමතුන් රාශියක් මෙරට ඉන්නවා. මා උගතුන්ට හා බුද්ධිමතුන්ට අකමැතියි. ඔවුනුත් මට අකමැතියි. මගෙන් රටටවත් දැනුමටවත් කිසි සේවයක් කෙරී නැහැ. උගතුන් බුද්ධිමතුන් දැනුමට යමක් එකතු කරනවා. මා එසේ එකතු කර නැහැ. මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තත් මා අසාර්ථක වෙලා.

      මට නිවන කියන්නේ දැනුමෙන් ඉවත් වීමයි. නැති මනස නැති මනසක් බව නැති මනසෙන් සම්මාබෝධ කර ගැනීමයි. එහෙම කිව්ව ම බෞද්ධයන් ය කියන අය විරුද්ධ වෙනවා. මා කන්න හදනවා. ඒත් පුනබ්භවයක් නැහැ කියන අයට කිසිවක් කියන්නේ නැහැ. එසේ කියන අය ප්‍රාඥයන් නිසා වෙන්න ඇති.

      මා ආ ගමනක් නැහැ. නිවේදක නිවේදිකාවන් ඇතැමුන්ගෙන් අහනවා ඔබ ආ ගමන ගැන කියන්න පුළුවන් මොනවා ද කියා. ඔවුන් මගෙන් නම් එහෙම අහන එකක් නැහැ. ඒ ඔවුන්ට අනුව මා ගමනක් ඇවිත් නැති නිසා වෙන්න පුළුවන්. මට බලාපොරොත්තුවක් තිබුණා. ඒ විද්‍යාඥයකු වීමට. එහෙත් එසේ වීමට නොහැකි බව මට තේරුණා. මා ආ ගමනක් හෝ ගිය ගමනක් හෝ නැහැ. මා සසර ගමනේ නම් යෙදී ඉන්නවා. එහි අවුරුදු හැත්තෑපහක් කියන එක නොගිණිය හැකි කාලයක්

      කොහොමටත් මා ජනමාධ්‍යවේදීන්ට කැමති නැහැ. ඔවුනුත් මට කැමති නැහැ. ඒ ඔවුන් උගතුන් බුද්ධිමතුන් ප්‍රබුද්ධයන් වීමත් මා එසේ නොවීමත් නිසා වෙන්න ඕන. එඩ්මන්ඩ් රණසිංහ මහතා උපාලි පුවත්පත්වල ප්‍රධාන සංස්කාරක ධුරය දරද්දී නම් මට ඒ පුවත්පත්වල ඉඩක් දුන්නා. ගාමිණී සුමනසේකර හා ගාමිණී වීරකෝන් ද මට ඉඩ ලබා දුන්නා. එහෙත් දැන් ඉන්න ප්‍රබුද්ධයන්ට මගේ ලිපි අප්‍රබුද්ධයි. අනෙක් පුවත්පත් ගැන කියා වැඩක් නැහැ. විද්‍යුත් මාධ්‍යත් එසේමයි. දෙරණ මාධ්‍ය නම් මට ඉඳහිට උපකාර කරනවා. ඒ දිලිත් නිසා වෙන්න ඇති.

      Delete
    2. මෙරට උගතුන්ට හා බුද්ධිමතුන්ට අනුව මා අන්තවාදියෙක්, මිථ්‍යා මත පතුරවන්නෙක්, දෙවියන් ඉන්න බව කියන්නෙක්, මාහැඟි විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරන මුග්ධයෙක්, විද්‍යාත්මක ක්‍රමය යනු හිතළු ගෙතීමක් පමණක් බවත් විද්‍යාව පට්ටපල් බොරු පමණක් බවත් කියමින් දරුවන් මුළා කරන්නෙක්, විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරමින් හදවත් සැත්කමක් කර ගත් බොරු කාරයෙක්, දේශප්‍රේමය හිසින් ගත් තක්කඩියෙක්, ගණිතය, විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බුදුදහම ගැන කිසිවක් නොදැන, මූලාශ්‍ර නොදී විකාර කියවන්නෙක්. මා උගතකු හෝ බුද්ධිමතකු හෝ නොවීම ගැන මා කුමක් කරන්න ද?

      මට මූලාශ්‍ර දෙන්න බැහැ. මගේ මතකය ඉතා දුර්වලයි. මට කුඩා කළ කවි ගාථා කට පාඩම් කරන්න බැහැ. දැන් කොහොමටවත් බැහැ. මේ කට පාඩම් අධ්‍යාපනයේ විභාග සමත් වුණේ කොහොමද කියන එකත් තරමක ප්‍රශ්නයක්. මට විස්තර මතක නැහැ. මා දන්නේ සාරය හා සංකල්පය පමණයි.

      මා ඇත්ත කියා දෙයක් ඇති බව පිළිගන්නේ නැහැ. සියල්ල බොරු. සමහර ඒවා පට්ටපල් බොරු. මෙහි බොරු යන්න යොදන්නේ ඇත්ත කියන එකේ විරුද්ධාර්ථය ලෙස නො වෙයි. එහි ශූන්‍ය කියන අදහසක් තියෙනවා. සියල්ල අපේ නිර්මාණ, අපේ ගෙතීම්. අප ඇති ලෝකයක් තේරුම් ගන්නවා නො වෙයි. නැති ලෝකයක් නිර්මාණය කරනවා. අප සංගත ලෝකයක් නිර්මාණය කරන්න හදනවා. එහෙත් අපට එය කරන්න බැහැ. අප අසංගත ලෝක නිර්මාණය කර ගෙන එහි ජීවත් වෙනවා. අප ජීවත්වන්නේ පරස්පරවල. දේශපාලනඥයන්ට මෙතරම් ඉඩකඩක් ලැබෙන්නේ ඒ නිසයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් මේ කිසිවක් තේරුම් ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට තේරෙන්නෙත් නැහැ.

      මට කැමති අය ඉන්නේ ඉතා ටික දෙනයි. මගේ විැද්ධවාදීන් මට කොහොමටවත් කැමති නැහැ. ජාතික ව්‍යාපාරයේ ඉන්න අයගෙනුත් බහුතරය මට කැමති නැහැ. ඒ මගේ වරදක් නිසා වෙන්න ඕන. අනෙක් උගතුන් බුද්ධිමතුන් පමණක් නොවෙයි ජාතික ව්‍යාපාරයේ උගතුන් හා බුද්ධිමතුනුත් මා වැඩක් කර ඇතැයි පිළිගන්නේ නැහැ. ඒ කිසිවකු මා කර ඇති කිසි දෙයක් අගයා නැහැ. ගුණදාස අමරසේකර කිසි දිනෙක ප්‍රසිද්ධියේවත් පෞද්ගලිකවවත් මා කළ හොඳක් ගැන කියා නැහැ. ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක, ඕමාරේ කස්සප අනුනාහිමියන් හැරෙන්න මා ගැන ඇගයීමක් ප්‍රසිද්ධියේ කරන භික්‍ෂූන් වහන්සේ නමක නැහැ. ජාතික ව්‍යාපාරයේ කිසිම ගිහියකු ප්‍රසිද්ධියේ කිසිම ඇගයීමක් කර නැහැ. ඇගයීමට තරම් දෙයක් මා කර නැතිවා වෙන්න පුළුවන්

      මට මේ රට ගැන කණගාටුයි. සිංහල බෞද්ධයන් ගැන කණගාටුයි. ඔවුන් තම සංස්කෘතියේ අගය දන්නේ නැහැ. පුහු දේශපාලනඥයන් පසුපස යනවා. බුදුහාමුදුරුවන් නොදැනුමක් දැනුමක් ලෙස දේශනා කිරීමෙන් කෙළේ අපට නොදැනුම සඳහා මග පෙන්වීමක්. ඒ නොදැනුම අති ශ්‍රෙෂ්ඨයි. ඒ නෙදැනුම ඇසුරෙන් ජීවත්වීම සඳහා දැනුම නිර්මාණය කර ගන්නත් පුළුවන්. පස්වැනි සියවසට පෙර අප එසේ කර තිබෙනවා. ශූන්‍යය සඳහා හල් කිරීම සංකේතය නිර්මාණය කිරීම අපේ අති විශිෂ්ඨ කාර්යයක්. ඒ ගැන මා කොතෙක් කිව්වත් මෙරට උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අවධානය එයට යොමු කරවන්න බැහැ.

      Delete
    3. බුදුසසුනේ තරම් ස්ත්‍රීන්ට පුරුෂයන්ට මෙන් සමාන තැනක් දෙන වෙන තැනක් ලෝකයේ කිසිම රටක නැහැ. අප කියන්නේ භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා කියලයි. එහෙත් අද ඒ තත්වය තරමක් වෙනස් වෙලා. ඒ බමුණන් සසුනට රිංගීමේ ප්‍රතිඵලයක්. අනෙක් අතට බටහිරයන්ගේ ඊනියා කාන්තා විමුක්තිවාදිනියන් වෙන්නත් අවශ්‍ය නැහැ. මොකද බොරුවට පෙන්නුවට ඇත්තටම බටහිර රටවල කාන්තාවන්ට ඇති නිදහසක් නැහැ.

      අපට නොදැනුම අවශ්‍ය නිවනට. එතෙක් දැනුම අවශ්‍යයයි. සිංහල බුද්ධාගම බමුණන් අතට පත්වන තුරු අප දැනුම නිර්මාණය කළා. දැන් එය නැවතිලා. අප දේශපාලනඥයන්ට රැවටෙනවා. ඒ අපේ දැනුමේ අඩුපඩුවක් නිසා සිදුවෙන්නක්. සිංහලයන් අද යමක් දැන ගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් පමණයි. බෝම්බ පිපිරෙන්න කලින් ඒ ගැන අපට කියන්න බැහැ. මා කියන්නේ බුද්ධි අංශ ගැන නොවෙයි.

      මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඒ සාර්ථක වී නැහැ. උගතුන් හා බුද්ධිමතුන් මා ප්‍රතික්‍ෂෙප කළා. මා සෑම අතින් ම පාහේ අසාර්ථක පුද්ගලයෙක්. මා තව අවුරුදු කිහිපයක් ජීවත් වේවි. මා මිය ගිය පසු මා අමතක කරන්න. මා පිටරටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මළගමට එන එකක් නැහැ.

      ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි.

      ඒ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමටය.

      නලින් ද සිල්වා
      2019 /10/20

      Delete
  7. ලංකාවට හිටපු දාර්ශනික විද්වතෙක් වගේම ලංකාවේ, physics , Mathematics , Abstract Science , යන විශයන් සදහා මිල කල නොහැකි සේවයක් කලා. ලංකාවේ හිටපු එකම Abstract Science මහාචාර්යවරයා හා ලෝකයේ හිටපු එකම සිංහල Abstract science මහාචාර්යවරයා. එතුමාට නිවන්සුව අත්වේවා 🙏🙏🙏❤️❤️😥😥

    ReplyDelete
  8. නලින් ද සිල්වා මැතිඳුනි, ඔබට නිවන් සුව!

    එතුමා හා තරමක ඇසුරක් පැවත්වීමට මටත් ඉඩක් ලැබිණි. ඒ, චින්තන පර්ෂදයේ කාලය සඟරාව මුද්‍රණය කළේ අප බැවිනි. ඒ අත්දැකීම් පිළිබඳව මා නිදිගෙ පංච තන්තරේ බ්ලොග් අඩවියට posts හතරක් ලිව්වෙමි.

    https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_20.html ගණිත ගැටේ - පළමුවෙනි කොටස

    http://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_26.html ගණිත ගැටේ- 2 කොටස

    http://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post.html ගණිත ගැටේ- 3 කොටස

    https://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post_10.html ගණිත ගැටේ- 4 කොටස

    ReplyDelete
    Replies
    1. හොඳ පෝස්ට් ටිකක් නිදී ලස්සන ජීවිත අත්දැකීම් ගොන්නක් ඔබට නලීන් මහතා ආශ්‍රය කිරීමට ලැබීම භාග්‍යයක් බවයි පේන්නේ

      Delete
    2. නලින්ද සිල්වා උන්නැහේට මැරුණට පස්සෙත් දොස් කියන උන් පාතාලයෙක් හරි එල්ටීte කාරයෙක් හරි මැ#&@රුවාම මානවහිමිකම් ගැන බුකියේ කවි ගී ලියපු දාර්ශනිකයෝ ටික "ඔව් අපි 😎@&රුවා තමා ස්ත්‍රී දූ$ෂකයින්වයි කසි&$ප්පු කායින්වයි"කියපු නලින් හේවගේගේ උගත්කම ගැනත් කවි ගී ලියනවා 😂 නලින්ද සිල්වා උන්නැහේට මෝඩයා කියල බනින උන් ආට් කරලා කැම්පස් ගියාම ඒකේ බුල කෙල කෙල ඉඳලා පිස්සු කෙලලා ඩිග්රිය වත් ඉවර නොරකපු නලින් හේවගේ කියන පොල් බූරුවා මහා උගතෙක් කියලා බයිලාවක් ගහනවා ඒකයි හිනාවට කාරණය...

      Delete
  9. සුහද ආරාධනයයි

    ලොව එකම ගැලවුම්කාර අනාගත වක්තෘ වන්නේ අති උත්තම තඹුත්තේගම පචෝරිස් තුමාය කියලා හිතන සහ එතුමාගේ එනම් බොනිකර තරු කෙබර කුමාර කයියනායක කියන හාදයාගේ බෙට්ටේ මල් කැටයම් දැක වශිකෘත වූ ගන්දස්තාර ජවිපෙ ගූ බෙට්ට මාලිමාව කියලා දම්පාට රෙද්දක ඔතලා ගෙනැල්ලා දුන්නාම සාධුකාර දීලා බිම පෙරළි පෙරළි ජාතිය කන බලවේගය නමැති අර ගන්දස්තාර ජවිපෙ ගූ බෙට්ට තොරොම්බල් කරන තක්කඩි ජෙපි හිපාටුවන්ට ඕන බඩ පිණුමක් ගහන්න මෙහි කොමන්ට් තීරුව වෙන් කර ඇති බව කරුණාවෙන් සළකන්න, ඒ නිසාම මෙහි පැමිණ ඔබගේ ජවිපෙ මාලිමා වසුරු මෙහිද හෙලනු මැනවි

    ReplyDelete
  10. කුමක් ලියම්ද ?

    කැම්පස් එකේ applied maths උගන්වන්නෙ සර් කියල, මම දැනගත්තෙ සර් ලෙක්චර් හෝල් එකට එන වෙලාවෙ.

    පරණ කාර් එකකින් බැහැල අත්කොට කමීසය ඇදගෙන කලිසම වරින්වර උස්සන එතරම් උස නැති මනුස්සය ද නලීන් ද සිල්වා කියන්නෙ කියල මම ඇත්තටම කැම්පස් ආව මුල් දවස්වල හිතන්නත් බයවුණා.
    සර් ඉගැන්නුවේ ගණිතයම නෙමෙයි , පෙරදිග දැනුම් සම්භාරය කියල මට දැනෙන්න ගත්තෙ කාලයක් යද්දී.

    විශ්ව ප්‍රසාරණ සංකල්පය කුණු කූඩෙට දාල බෞද්ධ ඉගැන්වීම් පවා පාදක කරගෙන සර් නිර්මාණය කළ සංකල්පය බටහිර උගත්තු කිසි වග විභාගයකින් තොරව බැහැර කල බව අපි දැනගෙන උන්න ඒ කාලෙම.

    සර් කැම්පස් එකේ ඩීන් වෙලා ආවෙ කලිසම කමීසෙ ගලවලා ජාතික ඇදුම ඇදල. එදා මම සර්ට අල බැම්ම ගාවදි දණ ගහල වැන්ද.

    මොකද මේ වදින්නෙ? කියල සර් ඇහුව.

    "කැම්පස් එකක සයන්ස් ෆැක්ල්ටි එකක ඩීන් කෙනෙක් නැෂනල් එකක් අදිනව බලන එක ආතල් සර්" කියල මම කිව.

    සර්ට මතකද අපි එල්ෆින්ස්ටන් එකේ කරපු "තරු අහසක් ශෝ" එක. එදා අපේ චීෆ් ගෙස්ට් වුනෙ සර්.

    "සයන්ස් කොල්ලො කෙල්ලො ආට් උන්ටත් වඩා හොදටම ආට් කරනව" කියල සර් ලස්සන කතාවක් කලා.
    සයන්ස් එක ඇතුලෙ "බෞද්ධ සංගමය" කරගෙන යන්න සර් සෑහෙන්න උදව් කලා.

    සර්...., කාලය අපිව දුරස් කලා.
    සර් ඒත් අපි සර් ලියන ඒව කියෙව්ව.
    සර්ගෙ ලිපි ප්‍රමාද වෙද්දී කලබල වුනා.

    අද සර් ගිහින් නේද?
    ඇත්තටම සර්ට මේ රට මදි සර්.
    නිවන ඉක්මන් වේවා !

    ReplyDelete
  11. නලින් සිල්වා යනු මහාචාර්ය වරයෙකුගේ සිට සිංහල බෞද්ධ මෝසස් කෙනෙකු දක්වා විපරිණාමය වී තිබෙනවා. එදා "බුදු දහම විද්‍යාත්මක කිරීමේ මුළාව" යන මැයෙන් විදුසරේ පිටු ගණන් පිරවූ අදුරු තුමා අවසානයේ සිය පර්යේෂණ කටයුතු කරන්නේ නාථ දෙයියන් ගෙන් සාත්තර ඇසීමෙන්. එදා දේවාගම් වලට පහර පිට පහර ගැසූ ඔහු පසුව තවත් එක දෙවාගමක අන්ධානුකාරකයෙක් වුණා.. ඒ ආගමේ දෙවියෝ නාථ. පණිවිඩ කරු නලින්.

    මේ ආගමට කියන්න මා කැමති නමක් තිබෙනවා. ඒ තමා නලියානුදහම

    ReplyDelete
  12. ශ්‍රී ලංකාව විසින් බිහි කළ විශිෂ්ටතම ප්‍රාඤයාගේ නික්ම යෑම. එතුමාණන් නිවනින්ම සැනසේවා!

    ReplyDelete
  13. ඇත්තටම රටට හිතැති මතවාද ගොඩනඟමින් දෑ හිතකාමීන්ට සැබෑ ශක්තියක් දුන් මහැදුරෙක්. මෙතුමාගේ වියෝවේ හිදැස පිරවීමට සමත් කවරකු වේ ද?

    මහැදුරාණෙනි ඔබට නිවන් සුව!

    ReplyDelete
  14. මේ බලපන් මාතේ ජගත් මනුවර්ණ ගෝතයා ටෙලිනාට්‍යයෙන් හොරා කාලා නේද?

    https://m.youtube.com/watch?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2_3YGJ0jIzR4mMW04nMsfQzEYRrMKCF0H8FwPvf2Gjaly8sbn_3NXU6ag_aem_AWr0p09Cb72P1b7lKw4geHGfRqnjyOOebfnODp6SjZ7hfgn20jy9tRmwVFeN1SJI5Jg2H1Bs7nBmdsMQeXUX5MAV&v=3oKDqDL_VBA&feature=youtu.be

    රැට්ටා
    කෝනාර
    ඩිලාන් යන Youtube හිඟන්නෝ
    මෝටිවේෂන් අප්පච්චි
    දමිතා ලක්අම්මා
    සන්නස්ගල ලක්පියා
    ජගත් මනුවර්ණ ලක්අයියා
    අරගල කුක්කෝ එක මිටට........ එන්න අපි හොරු අල්ලමු 😂

    ReplyDelete
  15. මහැදුරු තුමැ , තුමු නැගු සිහලු හඩැ, උස්වැ තුබු ජාතික එඩියැ නොමැ අමතක කරනෙමු කිසිදෑ..! දැයක් හඩයි..අද..! නිවහල් සිහලුන් නය වෙති ඔබ් තුමුටැ..! නිවන දුරු නොකැරවැ , වහා එනිවන් දොර හැරෙනු ඇත ඔබට ඇදුරුතුමැ..!!!

    ReplyDelete
  16. කුමාරතුංග මුණිදාසට ශූරීන් ට පස්සෙ..
    ලංකාවෙ අලුත් දෙයක් කියපු එකම මනුස්සයා..

    පෙර නොවූ විරූ දේවල් කියපු කෙනෙක්..
    පැහැදිලිවම යුගයක නිර්මාතෘවරයෙක්!!! 😢
    ලෙජන්ඩ් එකක් !

    ඒ වගේම තමංගෙ රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්න ගිහිං මෙතුමා තරං අපහසයට ලක්වෙච්ච තව කෙනෙක් නැතුව ඇති..

    නලින් ද සිල්වා කියන්නෙ කව්ද කියලා දැනගන්න, එතුමා ලියපු, පිටු 4500 - 5000 කට අධික විද්‍යා ලිපි සරණිය සහ
    පොත් කියවල බලන්න ඕන..
    මම කාලයක් තිස්සෙ ඒවායෙන් සෑහෙන ප්‍රමාණයක් කියවලා තියෙනවා..
    දැනටත් මාගාව ඒවා තියෙනවා.

    යටත්විජිත යුගයෙන් පස්සෙ ලංකාවෙ ඉඳපු/ ඉන්න, බුද්ධිමතුන් යැයි කියාගන්නා අනිත් හැමෝම කියලා තියෙන්නෙ ලෝකෙ බටහිර නැත්තං..කොහේහරි තියෙන/ තිබුන දැනුමක ශ්‍රී ලංකන් වර්ශන් එක..
    ( හරියට අර intermittent fasting වන්නකු මෙතඩ් කලා වගේ )

    අලුත් දේවල් කියපු කව්රුවත් නෑ..
    ඊට කලිං නං එහෙම අය ඉඳල තියෙනවා

    ReplyDelete
  17. ~ Your Country Will Be Proud Of You ~

    රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු වූ මහාචාර්ය විලියම් මැක්රේ නලින් ද සිල්වා මහතා ලංකාවට එද්දී "ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි" (your country will be proud of you) යනුවෙන් ලිපියක ලියා දුන්නත් ඉතා අතලොස්සක් හැර අපේ රටේ මිනිසුන් එතුමා ගැන ආඩම්බර වුණේ නැත.එතුමාගේ වටිනාකම හදුනාගෙන තිබුණේ නැත 💔

    සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයා, චින්තකයා වූයේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. ඔහුට සම කළ හැකි කිසිදු ප්‍රාඥයෙක් දැනට ලංකාවේ දිවමන්ව නොසිටියේය.

    එවැනි සංගත දැනුමක් ඇත්තෙකු යළි සියවස් ගණනකින්වත් බිහිවෙනු ඇතැයි සිතිය නොහැකියි.

    එහෙත් එතුමාගේ අදහස් සූචනය කරගත නොහැකි පිරිස්ට නම් එතුමා මිත්‍යා මත දරන්නෙක් හා ජාතිවාදියෙක් විය.

    එය එතුමගේ ප්‍රශ්නයක් නොව තමන්ට ඇති අඩු දැනුම හා ලඝු මනස පිළිබඳ ප්‍රශ්නයකි.

    අපගේ සිතුම් පැතුම් හා හැගුම් කාලයක් තිස්සේ පෝෂණය වූයේ එතුමන් විසින් හාරා පාරා පාදා දුන් සිංහල බෞද්ධ දැනුමෙනි.

    1944 ඔක්තෝම්බර් 20 දින පානදුර, කෝවිල ගොඩැල්ලහි උපන් නලින් ද සිල්වා මහතා පානදුර වෑකඩ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධාපනය ලබා ද්විතියික අධාපනය ලැබීමට යන්නේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.

    1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1967 දී ගණිතය අංශයෙන් පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් ලැබූ එතුමා ආචාර්ය උපාධිය සඳහා ගියේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයටයි.

    මහාචාර්ය මැක්රේ (William McCrea) යටතේ සෛද්ධාන්තික විශ්ව න්‍යාය (Cosmology) පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනය අවුරුදු එක හමාරක් ( මාස 18) වැනි කෙටි කාලයකින් අවසන් කර ආචාර්ය උපාධිය ලබාගත් එකම විද්වතා වන්නේ නලින් ද සිල්වා මහතායි.

    1970 දී ආචාර්ය උපාධිය ලබනවිට එතුමාගේ වයස අවුරුදු 26 කි.
    එයද ලංකාවේ කිසිවෙකු තවමත් අතික්‍රමණය නොකළ වාර්තාවකි.

    ආචාර්ය උපාධියෙන් පසු ලංකාවට පැමිණි එතුමා පේරාදෙණි සරසවියේ කථිකාචාර්යවරයකු වශයෙන් වසර 05ක් සේවය කළේය. 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්යවරයකු ලෙස පත්විය. අවසන් කාලයේ විශ්‍රාම ලැබූයේ කැලණිය විශ්වවිද්‍යාලයේද කලක් සේවය කළ මහාචාර්යවරයකු වශයෙනි.

    Sussex විශ්වවිද්‍යාලයේ හිටපු කීර්තිමත් ගණිතඥයකු මෙන්ම රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු ද වූ මහාචාර්ය විලියම් මැක්රේ නලින් ද සිල්වා මහතා ලංකාවට එද්දී "ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි" (your country will be proud of you) යනුවෙන් ලිපියක ලියා දුන්නත් ඉතා අතලොස්සක් හැර අපේ රටේ මිනිසුන් එතුමා ගැන ආඩම්බර වුණේ නැත.

    එතුමාගේ වටිනාකම හදුනාගෙන තිබුණේ නැත. විසුරුණු ජාතික අදහස්වලට න්‍යායක් ගොඩනගා දුන්නේ මහැදුරු නලින් ද සිල්වා වුවත් ඒ බව ජාතික චින්තන කදවුරේ අයටවත් නිසි බරින් අවබෝධයක් තිබුණේ නැත.

    බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මනාව මිදුණු එතුමාට සම කළ හැකි ප්‍රාඥයෙක් මෑත ඉතිහාසයේ නැත. එතුමා මට අවසන්වරට කතා කලේ අදින් දින දහයකට පෙර අප්‍රේල් 22 දාය. ඒ වෙද්දී ඉතාම නිරෝගී සුවයෙන් පසුවිය. නමුත් අනපේක්ෂිත ලෙස එතුමා අද මෙලොව හැරගොස් ඇති පුවත අසා ඉමහත් සංවේගයට
    පත්වෙමි. 🥲
    එතුමාට නිවන් සුව ලැබේවා..!

    - Medhananda Himi -

    ReplyDelete
  18. මහාචාර්ය නලින් ද සිල්වා වහා සේවයේ පිහිටවනු!

    👉 මේ වැකිය සඳහන් පෝස්ටරය මා දුටුවේ මා ඉතා ළාබාල කාලයේ කොළඹ සරසවිය ඉදිරියෙන් බස් රථයක ගමන් කළ මොහොතකය. නලින් සර් ගැන මගේ පළමු මතකය වන්නේ එයය.

    👉 මේ කියන මහාචාර්යවරයා නිකම්ම නිකම් මහාචාර්යවරයෙකු නොව වෙනස් විදිහට හිතන පුද්ගලයෙකු බව මා දැනගත්තේ පාසල් කාලයේ අහම්බෙන් කියැවූ පුවත්පත් ලිපි නිසාය.

    👉 උසස් පෙළ හදාරන කාලයේදී මේ අමුතු පුද්ගලයා මුල් වරට සජීවීව දැකගන්නට මට අවස්ථාව ලැබිණි. ඒ මිනුවන්ගොඩ පැවති එතුමාගේ දේශනයකදීය.

    👉 එහෙත් දේශනයේදී එතුමා කියූ අදහස් මට වහ කඳුරු ලෙස දැනුණේ මා ඒ වන විට වාමාංශික දේශපාලනයේ භක්තිමත් අනුගාමිකයෙක් වී සිටීම නිසාය.

    👉 දේශනය අසා ගෙදර පැමිණි මම වහාම නලින් ද සිල්වාට පුල්ස්කැප් කොළ 13ක ලිපියක් ලීවේ ඔහුගේ අදහස් කෙතරම් මුග්ධ ඒවාදැයි පෙන්වාදීම සඳහාය.

    👉 ලිපියට නලින්ගෙන් පිළිතුරක් නොලැබුණත් චින්තන පර්ෂදයේ කපිල පීරිස් මට ලිපියක් එවමින් මහාචාර්යතුමා හමුවීමට ඔවුන්ගේ වැඩසටහනකට එන ලෙස ඇරයුම් කර තිබිණි.

    👉 මට එයට සහභාගී වන්නට බැරි වුවද නලින් ද සිල්වා එදා සිටම හොල්මන්ක් සේ මා බියපත් කරමින් මා පසුපස හඹා ආවේය.

    👉 ඔහුගේ අදහස් මගේ ලෝකය කළඹවා මා තුළ විශාල සිත් වේදනාවක් ජනිත කර තිබිණි. පාසල් කාලය මෙන්ම සරසවි ජීවිතය පුරාවටද ඒ වේදනාවෙන් පැසව පැසවා ඉන්නට මට සිදුවිය.

    👉 ඔහු දෙමළ ජාතිවාදය ගැන දැරූ අදහස් සම්බන්ධව මට විරෝධයක් නොතිබුණද විද්‍යාව, දැනුම හා විශේෂයෙන් මාක්ස්වාදය ගැන ඔහු ලියූ කියූ දෑ මට නයාට අඳුකොළ බඳු විය.

    👉 2006 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය නලින්ගේ නම නොකියා නලින්ට නෙලීම සඳහා “ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිය” නමින් පොතක් ප්‍රකාශයට පත් කළේය.

    👉 එහි වැඩ කටයුතු සඳහා මා ඉමහත් උනන්දුවෙන් දායකත්වය ලබාදුන්නේ ඒ දවස්වල අප නිතර කියූ ආකාරයට “නලියාට නෙලීම” මගේ ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනාව වී තිබූ බැවිනි.

    👉 “නලියාට නෙලමු” යැයි කුමන වහසි දෙඩුවද ඔහු කියූ ඇතැම් අදහස්වල ප්‍රබලතාව ගැන මේ කාලය වන විටත් මා තුළ රහසිගත පැහැදීමක් ඇති වී තිබිණි.

    👉 ඒ ඔස්සේ කළ කියැවීම් හැදෑරීම්වල අවසානය වූයේ තව වසර හතරක්, පහක් ඇතුළත මා බුදුන්ට අභිමුඛ වූ ආලවකයාගේ තත්ත්වයට පත්වීමය.

    👉 මා කිසිදා නලින් සර්ගේ පරම අනුගාමිකයෙකු නොවූ අතර, එතුමන්ගේ සමහර අදහස් හා ක්‍රියාකාරකම් ගැන මට අදටත් බොහෝ විවේචන තිබේ.

    👉 එහෙත් මාක්ස්වාදය, හේතුවාදය, රැඩිකල් නිරාගමික කල්ලි, ගංජා සාහිත්‍ය සංවාද ආදී සියල්ලේ නොමඳ පහස ලබමින් ජාතික මතවාදය කරා සේන්දු වූ මගේ අදහස් වෙනස් කළ තීරණාත්මක චරිත කිහිපය අතර, නලින් සර්ට හිමිවන්නේ වැදගත් ස්ථානයක් බව නොකියාම බැරිය.

    👉 දැනුම ගැන, සංස්කෘතිය ගැන, විද්‍යාව ගැන වෙනස් ආකාරයට හිතන්නට ඔහු අපට වෙනස් මාවතක් පාදා දුන්නේය.

    👉 විකල්ප මහත්වරුන්ගේ ඊනියා දැනුමේ සෙල්ලම් පිස්තෝලවලට බිය නොවී සිටින්නට අපට ශක්තිය ලැබුණේ එතුමා නිසාය.

    👉 එය මට පමණක් නොව තව බොහෝ දෙනෙකුට සිදුවූ බලපෑමකි.

    👉 ජාතිකත්වයට නැඹුරු අදහස් දරන මා දන්නා අතිබහුතරයක් දෙනා මට කියූ කතාවක් තිබේ. ඒ තමන්ට ඒ සඳහා මූලික පදනම වැටුණේ නලින් ද සිල්වාගේ ලිපිවලින් බවය.

    👉 අද වන විට මම එතුමාගේ පොත් සියල්ලම පාහේ කියවා ඇත්තෙමි.

    👉 පුවත්පත් සදහා එතුමාගේ සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඇත්තෙමි.

    👉 ලිපිවලින් පමණක් නොව තම විරුද්ධවාදීන්ගේ මුහුණටම පඬියා, පුස්සා, නිවටයා යැයි කියමින් එතුමා බැණ වදින දර්ශන සජීවීව අත් විඳ ඇත්තෙමි.

    👉 දේශන, සංවාද ආදි විවිධ වැඩසටහන්වල සිදුවූ හමුවීම්වලට අමතරව, එතුමාගේ මහරගම නිවසේදී සහ කැලණිය සරසවියේදී කීප වතාවක්ම එතුමා හමුවී දිගු සංවාදවල නිරත වී ඇත්තෙමි.

    👉 එහෙත් ඒ කිසිම අවස්ථාවක එතුමා සමඟ එකට හිඳ ඡායාරූපයක් ලබාගැනීමට උනන්දු නොවීම ගැන අද මට වෙනදා නොතිබූ කනගාටුවක් දැනේ.

    👉 එවැනි ඡායාරූපයක් ලබාගෙන තිබුණේ නම් මා අද මේ සටහනට එක් කරන්නේ ඒ ඡායාරූපයයි.

    👉 එය නැවත කිසිදා ලබාගත නොහැකි ඡායාරූපයකි.

    👉 එහෙත් නලින් සර්ගේ අදහස් සජීවී පරාග සේ සිය දහසක් දෙනාගේ සිත් තුළ පැළවෙමින් අනාගත පරම්පරා කරාද සම්ප්‍රෙෂණය වන බව මම හොඳාකාරවම දනිමි.

    👉 එදා ඔහුට නෙලන්නට සිහින දුටු මම අද මහත් ගෞරවයෙන් ඔහුට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  19. සිංහලයා කිසිම පරීක්ෂාවක්, වගවිභාගයකින් තොරවම මතුපිටින් බලලා වීරයො හදාගන්න කොටසක්.

    පහසුවෙන් ආදරය කරන ප්‍රජාවක්.

    සෑහෙන අප්ඩේට් කියන සිංහල තරුණ පරපුර පවා එහෙමයි.

    ඔය දැන් අරගලයේ නායකයොන්ගේ ස්කෑම්ස් එද්දි පුදුම වෙලා ඉඳීමත් ඒ සිදුවීමෙම කෑල්ලක්.

    අපි ඉතාම සරල ස්ටන්ට් එකකින් ඕනෑම පුද්ගලයෙක්, හොරෙක්, වංචාකාරයෙක් වීරයෙක් කරගන්නවා. ඔවුන්ට ආදරය කරනවා.

    දමිතා ඒ කාලේ ලක් අම්මා වුනා. රැට්ටාලා දසමහා යෝදයො වගේ පෙනුනා.

    පස්සෙ ඔවුන්ගේ වංචා, දූෂණ හෙළිවෙලා එක්ස්පෝස් වුනාමත් පුදුම වෙනවා.

    මොකද මේ ඉන්න චරිතය මොන වගේද කියලා කියවගන්න සිංහලයා අසමත්.

    සාමාන්‍යයෙන් ප්‍රජාවක් වශයෙන් සිංහලයා ඉතාම ඉක්මනින් දේවල් වැළඳගන්නවා සහ විශ්වාස කරනවා.

    ඉස්සර ඉදන් එහෙමයි. හැබැයි දැන් ඒක ඉස්සරටත් වඩා වැඩියි.

    මේ සිංහල තරුණයා එහෙම ආදරෙන් වැළඳ ගත්තු,

    ජාතිවාදය වැඩක් නෑ, අපි සහෝදරයො, නියම සිංදුව සහෝදරයා කියලා හෑලි ලියපු උතුරේ තරුණයා.

    මන් දැක්කා එයා වර්ණනා කරන්න බණ්ඩාරනායකගේ ඉදන් මහින්ද රාජපක්ෂ දක්වා පාලකයන්ට පවා බැනලා තිබුණු සිංහල තරුණයො.

    හැබැයි එයාට එහෙම ජාතිවාදයක් අදාල නොවෙන්නෙ නැහැ. එයාට එහෙම දකුණේ සහෝදරයොත් නැහැ.

    එයාට එහෙම ක්ෂණික චූන් ඇවිල්ලා හදවත බටර් වගේ දියවෙන්නෙත් නැහැ.

    එයා සිංදුවක් ඇහුනු ගමන් චූන් වෙලා දේශපාලකයොන්ට (තමන්ගේ නායකයොන්ට) පස්පඩංගුවේ බැනලා අමුත්තො වැළඳගන්න යන්නෙත් නැහැ.

    එයා ස්ථිර මතවාදයක් තියෙන තරුණයෙක්. එයා ඒ වෙනුවෙන් සිංදු කියනවා. රැප් කරනවා.

    එයා එයාගේ නායකයොන්ට ආදරෙයි. ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා.

    හැබැයි මෙතන අවුල එක්ස්පෝස් වෙන උතුරේ තරුණයාගේ නෙවෙයි. ඔහු එදත් එහෙමයි, අදත් එහෙමයි.

    මෙතන අවුල වගවිභාගයකින් තොරව වැළඳගන්න අයගේ.

    ReplyDelete
  20. මට මහළු වයසේ - හැකිය වෙණ ගායනා පෙරසේ

    80 දශකයේදී නලින් ද සිල්වා 40 වියැති මැදි වයස් මිනිසෙකි. නමුත් 80 කොල්ලන්ට ඔහු අභියෝගයක්ම විය. 80 කොල්ලන් වයසට යත්ම නලින් ද සිල්වා මගහැරුණි.

    90 දශකයේ නලින් ද සිල්වා 50 වියැති මිනිසෙකි. නමුත් 90 කොල්ලන්ට ඔහු දිරවාගත නොහැකි විරුද්ධවාදියෙක්ම විය. 90 කොල්ලන් වයසට යත්ම නලින් ද සිල්වා මගහැරුණි.

    2000 දී නලින් ද සිල්වා 60 වයසේය. නමුත් 2000 කොල්ලන්ටද නලින් ද සිල්වා ඔලුව ගහ ගන්නට නොහැකි කලු ගලක්ම විය. 2000ද වයසට ගියේය.

    2010 නලින් ද සිල්වා 70 වියැති මහල්ලෙකි. නමුත් 2010 කොල්ලන්ටද නලින් ද සිල්වා දිරවාගත නොහැකි චන්ඩියෙකුම විය. 2010 කොල්ලන්ද වයසට ගොස් නලින් ද සිල්වා මට්ටු නොකරම පසු බා ගියහ.

    2020 දී නලින් ද සිල්වා 80 වියැති මහල්ලෙකි. නමුත් 2020 කොල්ලන්ද නලින් ද සිල්වාට ඉදිරියේ කෙලින් සිට ගත නොහැකිව වෙවුලා ගියෝය.

    පුවත් පතේ, සඟරාවේ, පොතේ, දේශන ශාලාවේ, විශ්ව විද්‍යාලයේ, වෙබ් පිටුවේ, මුහුණු පොතේ අඛණ්ඩව 40 වසක් පුරා විරාජමාන වූ අධීන පෞරුශය ඔහුම විය. දිනපතා ලිවීමට දෙයක් ඔහුට තිබිණි. එය නොසන්සිඳෙන ප්‍රඥා උල්පතක් විය. කලකදි වියතුන්, උගතුන්, බුද්ධිමතුන් කලකින් කොල්ලන්ගේ සභා වල මුලසුන් වල සැමරුම් චරිත බවට පමනක් පත් වෙද්දී ඔහු සැමදා නාහෙට නාහන චන්ඩියා විය. මෙල්ල කල නොහැකි තක්කඩියා විය. පරයා යා නොහැකි මැර නලියා විය.

    එබැවින් සිය දිවියේ අවසන් උපන්දිනය දා "මට මහළු වයසේ- හැකිය වෙණ ගායනා පෙරසේ" යැයි එතුමානෝ ලියා තැබූහ.

    ReplyDelete
  21. ආචාර්ය නලීන් ද සිල්වා ගැන ගොඩක් අය ලියනවා. මේ තියෙන්නේ එතුමාගේ PhD තිසිස් එක. නොමිලේ ඔන්ලයින් කියවන්න පුළුවන්.

    https://sussex.primo.exlibrisgroup.com/discovery/delivery/44SUS_INST:44SUS_VU1/12260342110002461

    ReplyDelete
  22. ලංකාවේ විද්‍යාඥයෝ උනත් සිනමා නලුවෝ වගේ ලෝක මට්ටමේ නෑ ආචාර්ය නලීන් සිල්වා බටහිර විද්‍යාව පැත්තෙන් ලංකාවට ලෝකයේ තැනකට එන්න බැරි බව හිතන විදිහ නිසා වෙනවා කරලා කියන්නේ ඒත් විද්‍යාව පැත්තෙන් විතරක් නෙමෙයි හැම දෙයක්ම විශේෂයෙන් සිනමාව පැත්තෙන් උනත් ලංකාවේ තත්ත්වය ඒ වගේම තමයි ගොඩක් වෙලාවට

    සිංහල සිනමාව දැන් තිබ්බට වැඩිය ඉස්සර ලොකු තැනක තිබ්බ කියල හිතෙනව මොකද මම පොඩි කාලේ අපේ අම්මයි ආච්චි එක්ක ඉස්සර දවල්ට ටීවී එකේ සිංහල චිත්‍රපටි බලනවා පරණ නලුවෝ..විජය කුමාරතුංග , ගාමිණි ෆොන්සේකා ටෝනි ජෝ අබේවික්‍රම , තව අය ඉදිය කොමඩි සයිඩ් එකෙන් ඩී ආර් නානායක්කාර ෆ්‍රෙඩි සිල්වා දොන් අරුණසිරි ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ ,ආනන්ද වික්‍රමගේ ඒ කට්ටිය තව අය ඉදිය නම මතක නැ 🤭 මාරම ලස්සන කතා තින්නෙ ඒ කාලෙට ආවෙනික ලස්සන fight ඉදල යනව ඒකෙ sound (බුශයියා) කියල ගහන පාර ට sound එක්ක් යනවා ඕක මම කිය කිය කොට්ට වලටත් ගැහුවා 😂. පස්සෙ අලුත් නලුවොන්ගෙන් හේමාල් රණසිංහ , උද්දික , පුබුදු , මෙයාලගෙ ලස්සන ලස්සන සිංහල movie ආවා මම බලල තිනවා සුපිරි කාලයක් තිබ්බ කොමඩි පැත්තෙන් ජනිත් වික්‍රමගේ,කාවිංග පෙරේරා , මහේන්ද්‍ර පෙරේර,රජිත (පිං පොං) .. තව අය ඉදියා නියෙමට තිබ්බා

    පස්සෙ පස්සෙ ලංකාවේ ෆිල්ම්ස් එච්චර ලොකුවට දැනුනෙ නැ ඉන්දියන් ෆිල්ම් re make ආවා ජරාම film ලංකාවෙ අර හොදට ගිය film පවා චොර වෙන්න ගත්තා නලුවෙක් කියන එකටත් මාරම අවුල්.. උදා -:(ගෝරී,කබඩි ) වගේ 🙂! ඉන්දියාවෙ තත්වෙට හරියන්න අපිට ෆිල්ම් කරන්න බැරි නැ පුලුවන්, ඒත් සසදන්න ඔනේ නැ නමුත් ඒ වගෙ දක්ෂ අය අතරේ ලගින් යන නලුවෙක් උද්දික ප්‍රේමරතන ...(ඒ වගෙ ඉන්දියාවෙ ත් ඉන්නවා රජිනි කාන්ත් වගෙ දක්ශයි දැන් සිවකාර්තිකයෙන් )

    ලංකාවෙත් ඉතින් ලස්සන film කරන්න පුලුවන් ඉන්දියාවට දෙවනි වෙන්න film කරන්න ඔනෙ නැ ලංකාවෙ මිනිස්සුන්ට ආස හිතෙන්න ලස්සන කතා හදන්න පුලුවන් නම් ලොකු දෙයක් remake උනත් කමක් නැ හේතුව හොද remake තිනවා (ප්‍රවේගය) වගේ මේකෙ දනුශ් වෙන්න ගිහින් නැ හේමාල් නමුත් දනුශ් එක්ක compare නොවෙන්නම හේමාල් එකෙ රගපානව මොකද ඒක බලල තමා මම දනුශ් ගෙ film එක බැලුවෙ සැකයක් නැ quality 💯. මට කියන්න තින්නෙ ලංකාවෙ සුපිරි නලුවො ඉන්නවා වැඩෙ කියන්නෙ film කරන්නෙ අමු ගෝතයො නලු වේශයක් අරගෙන🙂. කතා දෙකක් නැ උද්දික කියන්නෙ දැනට ලංකාවෙ top ම නලුවෙක් ♥️

    ReplyDelete
  23. වැරදියි.... මාතා පුරාවෘත්තය ඇරඹෙන්නෙ දැන්.. නිමාව නොව නව පරපුරක් බිහිකිරීමට එම පුරාවෘත්තය ආදර්ශයක් වන බව නිසැකයි... ඔහු සදා අමරණීය සංකේතයක් ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉදිරිගමන වෙනුවෙන් !

    ReplyDelete
  24. මගේ ලෝකයේ මහාචාර්ය නලීන් ද සිල්වා
    _____________________________________
    මහාචාර්ය නලීන් ද සිල්වා ඇමරිකාවේ දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය. එතුමා තම දූ දරුවන් සහ මුනුබුරන් අතර ජීවත් වෙමින් සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව ද දැනට වාර්තා වී තිබේ. මෙය එක්තරා ආකාරයක මේ රටේ උගත් මධ්‍යම පන්තිය මුහුණ දෙන ඛේදවාචකය පෙන්වා දෙන සිදුවීමක් ලෙස සැළකිය හැකිය. එය තම දූ දරු මුණුබුරු මිණිබිරියන් රටෙන් විදෙස්ගත වීම හේතුවෙන් දෙමාපියන්ට තම මව්බිම තුළ ජීවත්වීමට හෝ මියයාමටවත් අයිතියක් නැති කාළකණ්නි යුගයකට අප පත්ව ඇති බව ය.

    මට මුලින් ම මහාචාර්ය නලින් ද සිල්වා සම්මුඛ වන්නේ 1985 වසරේ දී යැයි සිතමි. විද්‍යාත්මක චින්තනය පිළිබඳව එතුමා සහ මාහාචාර්ය කාලෝ ෆොන්සේකා අතර විවාදයක් සංවිධානය කිරීමට අප විශ්වවිද්‍යාලය විසින් කටයුතු කළ අතර, දෙදෙනාට ම ආරාධනා කිරීමේ කාර්යය මා වෙත පැවරී තිබිණ.

    මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීම සඳහා උදෑසන ම පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර, ඊට හේතුව වූයේ උදේ රැයින් ම රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතුවල එතුමා නිරත වන බැවිනි. උදෑසන 7.30 වන විට කොළඹ වෛද්‍ය පීඨය වෙත ගිය මා දුටුවේ මහාචාර්ය ෆොන්සේකා දිගින් දිගටම රෝගීන් පරික්ෂාවේ යෙදී සිටින ආකාරයයි. බොහෝ කාලයක් රෝගීන් විමසමින් සිට, ඒ කාලය අවසන් කළ මහාචාර්යවරයා කොළඹ වෛද්‍ය පීඨයේ දේශන සඳහා යාමට සූදානම් වද්දී, මම අදාළ ආරාධනය එතුමා හමුවේ තැබීමි.

    එතුමා අපගේ ආරාධනය පිළිගත් අතර, ඔහුගෙන් මා දුටු විශේෂිතම කාරණය වූයේ ඉතා ම භක්ත්‍යාදරයෙන් සහ සැළකිල්ලෙන් යුතු ව නොමිලේ ම සිය සේවාව රෝගීන් වෙත ලබා දීමට තරම් මානුෂීය ව කටයුතු කිරීම ය. මෙය වර්තමානයේ ඔහුගෙන් උගත් ඇතැම් වෛද්‍ය මහාචාර්‍යවරුන් සමග සංසන්දනය කරනු වටී.

    ඉන් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය වෙත මා යන විට මහාචාර්ය නලීන් ද සිල්වා දේශනයක් සිදු කරමින් සිටි අතර, දේශනය අවසානයේ මා ඔහුගේ කාර්යාලය වෙත ගොස් අදාළ ආරාධනාව සිදු කළෙමි. මගේ ආරාධනාව පිළිගත් ඔහු නියෝගයක ස්වරයෙන් සඳහන් කළේ එකී විවාදය තීරණයක් වනතුරු පවත්වා ගෙන යා යුතු බව ය. එනම් විවාදයෙන් ජයග්‍රහණය ලබා ගත්තේ මහාචාර්ය නලීන් ද සිල්වා ද, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද යන්න තීරණය වන තුරු විවාදය අවසන් නොකර පවත්වාගෙන යා යුතු වන බව ය.

    නියමිත දින සවස 5.00 ට පමණ මොරටු විශ්වවිද්‍යාලයේ දේශනාගාරයක දී ආරම්භ වූ විවාදය පසුදා පහන් වන තුරු පැවැති අතර, දර්ශනය සහ විද්‍යාත්මක චින්තනය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මෙහිදී විවාදයට බඳුන් විය. මහාචාර්යවරුන් දෙදෙනාගේ විවිධ අදහස් සඳහා සවන් දීමට පැමිණ විශාල පිරිසකට හැකියාව ලැබිණ. විවාදය අවසාන භාගයේ දී, මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසා සිටියේ රෝගීන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රතිකාර සහ ඖෂධ අපේක්ෂාවෙන් රැඳී සිටින බැවින්, මහාචාර්ය නලීන් ද සිල්වා වෙත විවාදයේ ජයග්‍රහණය ලබා දී විවාදය අවසන් කරන ලෙස ය. එසේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සද්භාවයෙන් පිටව ගිය අතර, මහාචාර්ය නලීන් ද සිල්වා 155 කොට්ටාව බස් රථයක නැගී පිටත්ව ගියේ ය. ඒ මහාචාර්යවරුන් දෙදෙනාගේ නිහතමානීත්වයයි. දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වා රැස්ව සිටි ශිෂ්‍යයින්ගෙන් 90% ක්ම සවස 5 සිට පැය 12 කට ආසන්න කාලයක් මේ උද්වේගකර විවාදය නරඹමින් ඊට පසුව ද විවාද කරමින් රැඳී සිටීම විශේෂත්වයකි.

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය නලීන් ද සිල්වා අයත් වූයේ මේ රටේ උගත් වෘත්තික වාමාංශිකයන් අයත් ට්‍රොට්ස්කිවාදී ගුරුකුලයට ය. එංගලන්තයේ ලේබර් පක්ෂය සම්බන්ධ මිලිටන්ට් කණ්ඩායම ද මීට සමීප ය. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය කුමාර් ඩේවිඩ්, මහාචාර්ය හේ. ශ්‍රියානන්ද, ආචාර්ය සුමනසිරි ලියනගේ සහ මහාචාර්ය අර්ජුන සොයිසා ආදී වාමාංශික විදේශ උගතුන් රැසක් මීට අයත් විය.

      1980 වැඩ වර්ජනයේ අසාර්ථකත්වයත්, 1982 ජනාධිපතිවරණයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ වාසුදේව නානායක්කාර මහත්වරුන් ලද අපකීර්තිමත් පරාජයත් සමග ම, සමසමාජ සහ නව සමසමාජ පක්ෂ මෙන් ම ඒවායේ මාක්ස්වාදී දර්ශනය ද, ප්‍රශ්න කළ යුතු විය. එහෙත් බොහෝ දෙනා මාක්ස්වාදය සහ මාක්ස්වාදී ආර්ථික දර්ශනයේ පැවැති නිලධාරීවාදය සහ වෙනත් දුර්වලතා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ අතර, මහාචාර්ය නලීන් ද සිල්වා එහි පත්ලෙන්ම මාක්ස්වාදය විවේචනයට ලක් කළේය.

      ‘මාක්ස්වාදය විද්‍යාත්මක නොවේ’ යන තර්කය ඉදිරිපත් කරමින් විද්‍යාත්මක ක්‍රම පිළිබඳ වෙනත් අදහස් දැරූ Karl Popper (Falsification), Paul Feyerabend. (Against Method) වැන්නවුන්ගේ බලපෑම තදින් ඔහු මේ සඳහා ලබාගත් අතර, සුසමාදර්ශය (Paradigm) නමැති සංකල්පය ඔහුගේ ඉදිරි දර්ශන ක්‍රියාදාමයන් දක්වා දිගින් දිගටම එක් කරගත්තේය. අධිභෞතික විද්‍යාව (සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් භෞතික විද්‍යාව) යනාදී න්‍යායන් පදනම් කරගෙන පිළිගත් විද්‍යාත්මක චින්තනය ඔහුගේ දැඩි අභියෝගයට ලක් වූ බව මතක් කළ යුතුය.
      එය එවක ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ලංකා සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ආධිපත්‍යය දැරූ මාක්ස්වාදී චින්තන ධාරාවට එල්ල කළ සැබෑ දාර්ශනික අභියෝගයක් විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ‘ගවේෂකයෝ’ ශිෂ්‍ය කණ්ඩායම සහ ‘චින්තන පර්ෂදය’ එය සංවිධානාත්මකව ඉදිරියට ගෙන ගියහ.

      මහාචාර්ය නලීන් ද සිල්වා විසින් ඉන්පසුව අතිශය තීරණාත්මක දාර්ශනික වෙනසකට රට යොමු කරමින් ‘මගේ ලෝකය’ නමින් පොතක් නිකුත් කෙරුණි. ඔහු ප්‍රධාන කරුණු දෙකක් මගින් එතෙක් පැවැති මතවාද 2 ක් අභියෝගයට ලක් කළේ ය.

      1. අප අත් විඳින යථාර්ථය වාස්තවික නිරපේක්ෂ එකක් නොවන අතර, එය අපගේ පංචේන්ද්‍රිය හා මනස විසින් නිර්මාණය කරන සංකල්පවලට සාපේක්ෂ වන බවය. මෙය එක්තරා දුරකට යුරෝපයේ පශ්චාත් නූතනවාදී චින්තනයේ මතවාදවලට සමාන්තර අදහසකි. ඔහු ඒ සඳහා සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ කෝපන්හේගන් කියවීම ආදියෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගෙන තිබිණ.

      2. අප සතු කරගන්නා දැනුම වනාහී අපගේ පංචේන්ද්‍රියන්, මනස හා සංස්කෘතියට අනුරූපව ඒවා පදනම් වූ සූසමදර්ශයේ නිර්මාණ බව ඔහු පෙන්වා දුන්නේය. පවතින විද්‍යාව බටහිර විද්‍යාවක් බවත්, යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය මත ගොඩ නැගුනක් බවත් ඔහු ප්‍රකාශ කළේ එකී දැක්මට අනුකූලව ය.

      මහාචාර්ය නලීන් ද සිල්වාගේ මෙවැනි දාර්ශනික අදහස් පිළිබඳ අපට විවේචන පැවති බව නොරහසකි. විශේෂයෙන් ම ඔහුගේ චතුස්කෝටික තර්කය හා බුදු දහම පිළිබඳ ප්‍රකාශන අතව විසංවාදයන් පැවතිණි.
      නලීන් ද සිල්වා මහත වඩාත් ප්‍රචලිත වූයේ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක් පිළිබඳව අදහස් දැක්වීම නිසා ය.

      1983 න් පසු උතුරේ බෙදුම්වාදී සන්නද්ධ ක්‍රියාවලිය, ඉන්දියාවේ මැදිහත් වීම, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙළ ආදිය හේතුවෙන් නව දේශප්‍රේමී ක්‍රියාවලියක් සමාජය තුළ මතුවෙමින් පැවතිණ. එයට ‘මව්බිම සුරැකීමේ ව්‍යාපාරය’ හරහා නායකත්වය දීමට ජවිපෙ හා සිවිල් පුද්ගලයින් ඉදිරිපත් විය. එහි මහාචාර්ය නලීන් ද සිල්වා ද විය. පසුව එයට දාර්ශනික හා දේශපාලනමය වශයෙන් දායක වූ මහාචාර්ය නලීන් ද සිල්වා, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පමණක් නොව, මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලිනී වැන්නවුන්ට ද, අණ්ඩුවේ භීෂණය ඉදිරියේ මෙන්ම ජවිපෙ සන්නද්ධ අංශය ඉදිරියේ රටින් පිටවන්නට සිදුවීම ද, අමතක කළ නොහැක.

      Delete
    2. 80 ගණන්වල මාක්ස්වාදීන්ගේ කියවීම වූයේ ප්‍රභාකරන් පීඩිත වර්ගවාදය නියෝජනය කරන නිසා එය පීඩක සිංහල ජාතිවාදයට වඩා ප්‍රගතිශීලී බව ය. එහෙත් රෝහණ විජේවීර විසින් ලියන ලද ‘ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යන කෘතියෙන් බෙදුම්වාදය සමාජවාදයට බාධා පමුණුවන්නේ නම්, දෙමළ සන්නද්ධ බෙදුම්වාදී අරගලය ප්‍රතිගාමී සමාජ ව්‍යාපාරයක් ලෙස විස්තර කෙරිණි.
      දෙමළ ජනයාට දෙමළ වීම නිසාම තිබූ ප්‍රශ්නය කුමක්ද? යන්නට පිළිතුරක් ලෙස වරක් කුමාර් පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනයා නැගී සිටින්නේ දුක් ගැනවිලි නිසා නොව ජාතික අභිලාෂයන් නිසා බවය. මෙය නලීන් ද සිල්වා මහතා විස්තර කළේ දෙමළ වෙල්ලාලයින්ගේ ප්‍රශ්නය ලෙස ය. එක්තරා කාලයක දිවයින පුවත්පත හරහා සහ වෙනත් සංවිධාන හරහා ඔහු මේ අදහස් ප්‍රචලිත කළේය. ඔහුගේ දේශපාලනික කියවීම් පිළිබඳ අපට පැහැදිලි විවේචන තිබිණි.

      ඔහු කරගත් බරපතලම අපරාධය වන්නේ රාජපක්ෂලාගේ පාදඩ දේශපාලනය ඔහුගේ සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් යාන්ත්‍රණය යන දර්ශනවාද ඔස්සේ පෝෂණය කරමින් එකී ජාතික මංකොල්ලකරුවන්ට ජාතික මුහුණුවරක් දැන හෝ නොදැන ලබා දීම ය.
      ප්‍රභාකරන් පැරද්වීමෙන් පසු රාජපක්ෂලා කළ කී දෑ ගැන නලීන් ද සිල්වා මහතාට විවේචනයක් නොවීය.

      කෙසේවෙතත්, මහාචාර්ය නලීන් ද සිල්වා නිසා රාජපක්ෂලා ලබාගත් ඡන්දයක් නොමැති බැවින්, ඒ ගැන ඔහු මත වැරදි පැටවීම එතරම් සුදුසු නොවන බව ද ප්‍රකාශ කළ යුතුය.

      අවසාන වශයෙන් කිව හැක්කේ මාක්ස්වාදය හා බටහිර ආකල්පවල ආධිපත්‍යය දැරූ අප විශ්වවිද්‍යාල සමාජයට මහාචාර්ය නලීන් ද සිල්වා විසින් බරපතල චින්තනමය පිපීරීමක් සිදු කළ බව ය. ජාතිකවාදී චින්තන ප්‍රවාහයක් නිර්මාණය කිරීමට කටයුතු කළ බව ය.
      අද අපගේ වගකීම වන්නේ ජාතිකවාදී මතය හා එක් වූ වසලයින්ගෙන් හා ජාතික මංකොල්ලකරුවන්ගෙන් ජාතික ව්‍යාපාරය මුදාගෙන මේ රට ප්‍රබුද්ධ ජාතික මතවාදයක් කරා ගෙනයමින්, එමගින් අප රට පෙලන බංකොලොත් බවින් මුදා ගැනීම ය.

      -පාඨලී චම්පික රණවක-

      Delete
  25. Metrix එකෙන් මා අවදි/විසන්දි කළ මිනිසා 🤍

    එතුමා දැන් අප අතර නැත.

    නමුත් මා ඇතුලු සුළු පිරිසක් ඔහු වීසින් නිර්මාණය කරන ලද දැනුමේ අභාෂය ලැබ අවදිවූ සිහි ඇති මනසින් ලෝකය දකිමින් සිටිමු.

    ඒ වනාහි "මගේ ලෝකයයි"

    එතුමා ගැන මෙතෙක් නොදන්නා අයට එතුමා ගැන විවිධ මාධ්‍ය හරහා තොරතුරු සොයා ගත හැක. නමුත් ඔහු විසින් නිර්මාණය කල දැනුම වටහා ගැනීමට බොහෝ අයට නොහැකි වීම ජාතියේ අවාසනාවකි.

    සමහර අය නලීන් ද සිල්වා ඇදුරුතුමා කියවා ගත්තේ ඔහු නිමැයූ දැනුම් පද්ධතිය ඔස්සේ නොවේ. ඒ දැනුම භාවිතයෙන් ඔහු විසින් තනි සිවිල් පුද්ගලයෙකු ලෙස මෙරට සංස්කෘතියට සහ දේශපාලනයට කළ අසමසම බලපෑම ඔස්සේය. එතුමාගේ මෙම භූමිකාව නිසා ඔහු ගැන වැරදි තොරතුරු සහ වටහා ගැනීම් ද සමාජ ගත වීමද නොඅඩුව සිදුවිණි.

    කෙසේ නමුත් සතුරන් සහ විවේචකයන් තුට්ටුවකට මායිම් නොකළ එතුමා අපෙන් සමුගත්තේ අපමණ බාධක මධ්‍යයේ තමන්ගේ මතය හුදු හිතළුවක් නොව මහපොළොවේ සැබෑ යථාර්තයක් කර පෙන්වා දීමෙන් පසුවය.

    මා එතුමාව මුණ ගැසී ඇත්තේ ජිවිතයේ එක් වරක් පමණි. නමුත් එතුමාගේ ප්‍රකාශන ඇසුරු කිරීමට පටන් ගත්තේ මට වයස අවුරුදු 16 පමණ අවධියේ සිටයි. එවකට ආචාර්‍ය ඒබ්‍රහම් ටී කොවූර්ගේ හේතුවාදී සංකල්පයේ රසිකයෙකු වී සිටි මට හේතුවාදයට විරෝධී අදහස් දැක්වීම් අතරින් හරවත් තර්ක සහ කරුණු ගෙනහැර පෑ පුද්ගලයා ලෙස නලීන් ද සිල්වා මහතා කැපී පෙනුණි. ඒ තර්කන ඔස්සේ එතුමාගේ අනෙකුත් මතවාද සහ දැනුම් ගැන සොයා බැලීමටත් නිතැතින්ම මා පෙළඹුණි. එවකට විදුසර සහ දිවයින පුවත්පත් ඒ සඳහා සන්නිවේදන මාධ්‍ය විය. එතැනින් ඇරඹුණු එතුමා දැනුම් උකහා ගැනීම් මගේ ආධ්‍යාත්මය පෝෂණය කිරීමට අද දක්වාම ඉමහත් රුකුලක් විය.
    තවත් ලෙසකට කිව හොත් මාගේ දැනුම ගවේෂණයට, තර්කනයට, වාග් කෝෂයට, දේශපාලනයට, ජාතිකත්වයට, ජීවන ශෛලයට... හෝ සරලවම මට ලෝකය දැකීමට අවශ්‍ය දැනුම් පදනම සකසා ගැනීමට වැඩිම බලපෑමක් වී/කර ඇත්තේ එතුමාගෙ දැනුම ඇසුරු කිරීම විසිනි. එමෙන්ම අප මත බලහත්කාරයෙන් පටවා ඇති මේ සිස්ටම් එක ඇතුළේ සිටිමින්ම සිස්ටම් එකේ වහලෙක් නොවී අවදියෙන් සිටීමට අවශ්‍ය ප්‍රතිරෝධී විභව ශක්තියක් ගොඩ නගා ගැනීම මා හට ඒ දැනුම පිටුවහලක් විය.

    අද අප ජිවත් වන විෂම සමාජයේ/සමාජ ජලාවල සබුද්ධිකව සිටින නොඑසේ නම් කළින් කලට එන රැලි සමඟ ගසා නොයන, මර නින්දේ හීන ලෝක වල අතරමං වූවන් අතර අවදියෙන් ලෝකය තෝරා බේරා ගන්නා ඉතා සුළු පිරිස අතරින් බහුතරයක් එතුමාගේ ආභාෂය ලද අය බව මා දැන ගත්තේ එතුමාගේ අභාවයත් සමඟ ඔවුන් විසින් එක් කළ ශෝක පණිවිඩ කියවීමෙණි.

    බොහෝ අය එතුමා සම්බන්දව විවිධ අදහස් දක්වා ඇති මොහොතක නලීන් ද සිල්වා ඇදුරුතුමා ගැන, දැනුම හරහා එතුමා විසින් සමාජයට කළ බලපෑම සහ මා උකහා ගත් දෑ මගේ මතකයට ආ අයුරින් ඉතා සැකවින් මෙසේ දක්වමි.

    ▪️ පදනමක් සහිත දැනුම් පද්ධතියක් ගොඩ නැගීම
    ▪️ ඒ දැනුම් පද්ධතිය මත විවිධ සංසිද්ධීන් විශ්ලේෂණය
    ▪️ මෑත අතීතයේ අප විසින් අනුකරණය කර ගොඩ නගාගෙන ඇත්තේ අපට නොගැලපෙන දැනුම් පද්ධතියක් බව
    ▪️ අනුකරණයේ සහ අවශෝසනයේ වෙනස
    ▪️ ජාතික චින්තනය
    ▪️ ප්‍රගතිශීලින් සහ ප්‍රතිගාමීන්
    ▪️ නුතනත්වයේ විකෘතිය
    ▪️ පෙරදිග දැනුම සහ බරහිර දැනුම වෙන් කොට හඳුනා ගැනීම
    ▪️ චින්තන රටා සහ වෙනස්කම්
    ▪️ මාක්ස්වාදයේ දරිද්‍රතාවය
    ▪️ මනස ගැන විග්‍රහය
    ▪️ කාලය, අවකාශය
    ▪️ තියරි නම් වූ කතන්දර
    ▪️ දැනුම භාවිතයෙන් සිදු කරන ආක්‍රමණ
    ▪️ තර්ක ගොඩ නැගීම
    ▪️ "සිංහල" බුද්ධාගම
    ▪️ 56 දරුවන්
    ▪️ සිංහල බෞද්ධ ජීවන රටාව
    ▪️ ජාතිකත්වය මත පදනම් වූ දේශපාලනය
    ▪️ සංස්කෘතික සතුරන්, මිතුරු වේශයෙන් එන සතුරන් වෙන් කොට හඳුනා ගැනීම
    ▪️ බටහිර සංස්කෘතික, ආර්ථික, දේශපාලන ආධිපත්‍ය
    ▪️ ජාතිකත්වය මත රාජ්‍ය ගොඩ නැගීම (දෙවරක් ඔප්පු කරන ලදි)
    ▪️ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය
    ▪️ මානෙල් මල් ව්‍යාපාරය
    ▪️ කොටි ත්‍රස්තවාදය යුද්ධයෙන් පමණක් පරාජය කළ හැකි බව (එදා සිටම ඒ එකම ස්ථාවර මතයේ සිටි එකම පුද්ගලයා)

    සිවිල් බලයද අහිමි කුඩා තනි මිනිසෙකු ලෙස අනේක විද කම්කටොලු මධ්‍යයේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මුළු මහත් ජාතියම විවිධ විෂය පථයන් ඔස්සෙ දැනුමෙන් සන්නද්ධ කර අවදි කළ පින් මහිමයෙන් එතුමන් ප්‍රාර්ථනා කළ බෝධියකින් අමා මහ නිවනට පත් වේවායි පතන අතර එතුමන් විසින් ගොඩනගන ලද දැනුම චිරාත් කාලයක් මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිත පෝෂණය කරමින් වැජඹේවා යයි ඉත සිතින් පතමි. 🙏 #PIK

    ReplyDelete
  26. බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමනක් බවත් එහි පෙරදිගින් සොරකම් කල ධනය සේම දැනුමද බොහෝසෙයින් අන්තර්ගත බවත් බටහිර විද්‍යාවේ හඳුන්වන දියුනුව යනු සරලවම ගත් කල පංචේන්ද්‍රයන් පිනවීමට අරමුණු කරගත්තක් බවත් අපට මැනවින් පසක් කල තුන්කල් දුටු මහා ප්‍රාඥයා ඔහුය...🙏

    ඔහු එංගලන්තයේ ඉපදුනානම් එහි භෞතික විද්‍යාවට අලුත් නියමයක් එකතු කරන බවත් ඉන්දියාවේ ඉපදුනානම් එහි සියලුම දැනුම් පද්ධති එකතු කර අලුත් දෙයක් දායාද කරන බවත් එහෙත් කලුසුද්දන් තවමත් රජකම් කරන අම්මට සිරි ලංකාවේ ඉපදුනු හෙයින් සිංහල බෞද්ධ ජාතියට මගපෙන්වීමට ගත් ජාතික චින්තන වැඩපිලිවෙල නිසා තමන්ගේ විශ්වවිද්‍යාල රැකියාවෙන් පවා නෙරපු බවත් වරෙක එක් විද්වතෙකු පවසා තුබුනි.... ඔබ වැනි මහා සම්පතක් මෙසේ අපෙන් වෙන් වුවද මේ මූනු පොතේ එය එතරම් වෛරල් වීමක් නොවන්නේ මේ මූනුපොතද කලුසුද්දන්ගේ රජදහනක් වී ඇති හෙයිනි.....

    ඔබ නොවන්ට අප තවමත් බටහිර විද්‍යාවේ වහලුන්ය. කුඩාකල සිට දේවත්වයෙන් ප්‍රත්‍යක්ෂ සත්‍ය යැයි ඉගැන්වූ බටහිර විද්‍යාවේ සැබෑ නිරුවත අපට අවබෝධ කරවූයේ ඔබය. ලෝක දේශපාලනයේ සැඟවුනු සතුරන් කවුදැයි පෙන්වාදුන්නේ ඔබය. බටහිරයන් කොන්සිපිරසි තියරි යැයි පවසා අපව මුලාකර බැහැර කිරීමට පොලඹවන සැඟවුනු සත්‍යයන් පිලිබඳව අපට ඉගැන්නුවේ ඔබය... සිංහල බෞද්ධ දැනුම් පද්ධතිය ගැනත් පෙරදිග විකල්ප දැනුම් බටහිරට ඇති ප්‍රබලම තර්ජනය බවත් ඒ හීනමානය නිසා අපිව වැනසීමට ක්‍රියාත්මක වන දිගුකාලීන සැලසුම් උගුල් පිලිබඳව අවබෝධ කලේ ඔබය... සංස්කෘතික යටත්විජිතවාදය ගැන මුලින්ම සිංහලයාට අවබෝධ කෙරෙවුවේ ඔබය...
    සරලවම පැවසුවොත් විද්‍යාවේ වහලුන් වුන අපිව එයින් ගලවාගෙන පරම සත්‍යය වු ⁣විශ්වයටම අකාලික වූ බුදුදහම වෙත අපිව යොමුකල මහා මිනිසා ඔබය....

    ඉතින් ආචාර්ය නලීන්ද සිල්වා මැතිතුමනි ඔබට ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් මහා නිර්වාණ සම්පත්තියම ලැබේවා..... 🙏❤️

    ReplyDelete
  27. නලින් සර්ගේ ප්‍රතිවාදීන් ඇතැම් තැනක මතු කර තිබූ තර්කයක් වන්නේ, හොඳම අනුකාරකයන් පිරිසක් බිහි කර ඇත්තේ නලින් ද සිල්වා යන්නයි. එහි තිබුණේ නලින් ද සිල්වා ලියන දෑ පුනරුච්චාරණය කිරීම හැර අලුතින් යමක් කීමට ඔහුගේ අනුගාමිකයන්ට නොහැකිය යන චෝදනාවයි. නලින් සර්ගේ අදහස් පිළිගන්නා අයෙක් වශයෙන් මා සම්බන්ධව එම චෝදනාව සත්‍යයක් බව මා දනිමි. සාමාජීයව හෝ දේශපාලනිකව යම් වැදගත්, ආන්දෝලනාත්මක දෙයක් සිදුවන විට, සර් මේ ගැන කියා තිබෙන්නේ කුමක්දැයි කියා අනිවාර්ය සොයා බැලීමක් විය. ඒ නලින් සර්ගේ දැවැන්ත අත්දැකීම් සම්භාරය හා සිතීමේ ශක්තිය තුලින් කරුණු විග්‍රහ කර ඇති ආකාරය මාහට මඟ පෙන්වීමක් ලබා දෙන බැවින්ය. එසේම එය දැන උගත් වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගැනීම වැනි අත්‍යාවශ්‍ය දෙයක් ලෙස ද දැනිණි.

    නලින් සර් සිටින තුරු අපට අදහස් හිඟයකට මුහුණ පෑමට සිදුවූයේ නැත. එය ප්‍රතිවාදීන්ටත් එසේ වන්නට ඇතැයි සිතෙන්නේ නලින් ද සිල්වාට විරුද්ධ වීමට දැනුම සෙවීමට ඔවුන් නිරන්තරයෙන් කාර්යබහුල වී සිටි බැවිනි. එමනිසා ඔවුන්ටත් අදහස් වලින් හිඟයක් නොතිබුණි. ඉදිරියේදී ඇති විය හැක්කේ මේ දෙපිරිසටම අදහස් හිඟ වන යුගයකි. නලින් ද සිල්වා ෆේස්බුක් පිටුව පිරිසකට නව අදහස් උකහා ගැනීමට හැකි තැනක් වනවිට, තවත් පිරිසකට කෝපය, පසමිතුරුතාවය එළි දැක්වීමට තැනු වේදිකාවක් විය. " දින කිහිපයකින් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න " යන අවසාන නිවේදනය සහිත නලින් සර්ගේ ෆේස්බුක් පිටුව දකින විට, මෙය දින කිහිපයකින් නොව යළි කිසිදා නලින් ද සිල්වා නම් චින්තකයාගේ අදහස් එළි දක්වන තැනක් නොවේ යැයි දැනෙන විට ඇති වන්නේ විශාල ශෝකජනක හැඟීමකි.

    මේ මොහොතේ මාහට ඇතිවන්නේ මට ඉහළින් අහස පුරාවට පැතිර තිබූ යම්කිසි දැවැන්ත යමක් හදිසියේ අතුරුදහන් වීමෙන් පසු ඇති වන ආකාරයේ ක්ෂතිමය හිස්කමකි. වයස හා රෝගී තත්වයන් නිසා ⁣සර්ගේ මරණය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක් ද නොවේ. මරණානුස්සතිය දන්නා බෞද්ධයෙක් වශයෙන් ඒ පිළිබඳ සිතා තිබීමේ වරදක් නැත. සර්ගේ පමණක් නොව තමන්ගේ අවමඟුලට ද ඉදහිට සහභාගී විය යුතුය. නමුත්, සර් ඉක්මනින් සුව වී නැවතත් ලිපියක් සමඟින් දකින්නට ලැබේය යන බලාපොරොත්තුවක් තිබුණි. නලින් සර් යම් මතවාදයකින් මාගේ හිස් හිස පිරෙව්වා පමණක් නොව සමාන හා අසමාන අදහස් ඇති මිනිසුන් පිරිසක් ද ජීවිතයේ යම් අවස්ථාවක මුණ ගස්වා ඇත. මේ හිස්කම පහව යන තෙක් නලින් ද සිල්වා නම් මාගේ ගුරුවරයා ගැන විවිධ අය ලියා ඇති අදහස් කියවීම, සාමූහිකව ශෝක වීම හෝ මතක ආවර්ජනයක් ලිවීම හෝ කලහැකිය.

    නලින් සර්ගේ සසර ගමන කෙටි වේවා! 🙏

    ReplyDelete
  28. මං කිසි දවසක නලින් ද සිල්වාගේ ජාතික චින්තන කතිකාවෙ කොටස්කාරයෙක් වුනේ නෑ. ඒත් කුඩේකුත් එල්ලගෙන, දියවුනු කමිසෙකුත් ඇඳගෙන, බස් එකේ ඇවිත් විද්‍යාවට එලව එලවා පහර දෙන මේ විද්‍යා මහාචාර්‍යවරයාගේ දේශන මං එලවගෙන ගියා. මට මතක විදිහට මං මුලින්ම නලින් ගෙ දේශනයක් අහන්නෙ මොරටුව කැම්පස් එකේදි. ඒ දවස්වල අපේ ගෙදර නවාතැන් අරන් හිටපු අනුර දයාරත්න තමයි මාව කතා කරගෙන යන්නෙ.

    විද්‍යාව ප්‍රශ්න කරන්න, විද්‍යාවේ සීමාවන් අදුරගන්න මාව පෙළඹුවේ නලින්ගේ දේශන. එයාගෙ විසදුම මං බාරගත්තෙ නැති වුනාට එයාගෙ ප්‍රශ්න කිරීම් මට ආලෝකයක් වුනා. තමන් උගත්, උපාධි ලද විෂය පට්ටපල් බොරුවක් කියන්න මේ මනුස්සයාට තිබුනු කොන්ද මාව විස්මයට පත්කළා. තනියම ඒ වගේ කතිකාවක් පටන් අරගෙන පිස්සෙක් කියල අහගන්න බය නැති මනුස්සයෙක් විදිහට නලින් මට තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීමේ හයිය කියලා දුන්නා.

    මගේ ලෝකය කියන්නෙ ඒ කාලෙ මගේ ලෝකය කණපිට පෙරලපු පොතක්. විද්‍යා කතන්දර කියවද්දි හැම දෙයක්ම කතන්දරයක්, වඩා ප්‍රබල වූ කතන්දරය සත්‍යය බවට පත්වෙනවා කියල මං තේරුම් ගත්තා.

    නලින්ගේ දර්ශනයේ අවසාන ඵලය වුනේ රාජපක්ෂ. ඒක අවාසනාවක්. ඒත් නලින් ඒ වෙද්දි අමුතු නිර්මාණාත්මක විශ්වයක වැඩ කරමින් හිටියා. නාථ දෙවිවරු, සමනල කන්දෙ වැඩසිටින ආත්ම ගැන කතන්දර මං කියෙව්වෙ අපූර්ව මිත්‍යා ප්‍රබන්ධ කතා විදිහට. ඒ වගේ චිත්‍රපට් හදන්න බැරි රටක නලින් ඒ කතා යතාර්ථයක් ලෙස දැනෙන්න ලිව්වා.

    නලින්ගෙ කෝපාවිෂ්ට වීමේ කලාවත් අපූරු එකක්. එකවරක් කාලෝට පවා රූපවාහිනී වැඩසටහනක් මැද ගහන්න යනවා. ඒවා ආතල්. නලින්ට කෝල් කරලා මළ පන්නලා විනෝද වීම කාලයක් මං කම්මැලිකමට කරන වැඩක් වුනා. ගමේ පාරක නාකියෙක් යද්දි හූවක් කියල කුනුහරුපයක් අහගැනීමේ ආස්වාදය මහාචාර්‍ය කෙනෙක් වුනු නලින්ගෙනුත් නොඅඩුව ලබන්න පුළුවන් වුනා.

    නලින්ගේ ජාතිකවාදී කතිකාවේ කූටප්‍රාප්තිය එයාගෙ ජීවිත කාලය තුලම දැකගන්න ලැබුන. ඒත් ඒ අපූර්ව සිතීම එහෙම පරාජිතව නතර වෙන එකක් නෙමෙයි. නලින් දිගටම ලිව්වා. දහස් ගානක් ඒ ලිපි කියවා උසුළුවිසුළු කරද්දීත් නලින් උඩ පැන පැන ලිව්වා. ඒක තමයි අදීන සිතන්නෙකුගේ ආනුභාවය.

    මේ නිර්මාණශීලී සිතන්නා නැති වීමේ අඩුව මම වගේම තවත් පරම්පරාවකට තදින් දැනේවි. හැබැයි නලින් තමන්ගේ වැඩකොටස උවමනාවටත් වඩා හොඳින් නිමා කළා කියන එකයි මගේ අදහස.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න