Jun 24, 2024

රටට සුභ වුනාට අපිට අසුභයි යකෝ....

 



රටට සුභ වුනාට
අපිට අසුභයි යකෝ....
➖➖➖➖➖➖➖💀➖

‍🔹රට බාරගන්න කිව්ව වෙලේ රනින් ෂූෂ් දාලා පස්ස නොබලා දිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පාර්ලිමේන්තුවත් ගිනි ති‍යලා, පොල්පොට් පාලනේ ගේන්න ගියපු අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹රනිල්ගේ ගේ ගිනි තියපු අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹රනිල් තෝත් පල කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹රනිල් තොට දෙන්නේ මාස තුනයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ලංකාවට සත පහක් එවන්න එපා කියලා ධනවාදි රටවල ඉන්න අම්බරුවන්ගෙන් ගාන කඩාගෙන එන  අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ඩොලර් එක 600 ට යනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹සාගතයක් ඇවිත් ඔක්කෝටම කන්න නැති වෙනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පාන් ගෙඩියක් ගන්න විල්බැරෝ එකේ සල්ලි ගෙනියන්න වෙනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹බැංකු වල තැන්පත් සල්ලි ටික ගනිල්ලා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹බැංකු පද්දතිය කඩා ගෙන වැටෙනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹IMF ලැබෙන්නේ නැතෙයිය, දෙවනි වාරික, තුන්වෙනි වාරික ලැබෙන්නේ නැතෙයිය කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹තිරිකුණාමලෙන් රට ගොඩදානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පිට රට ඉන්න උන් එවන ඩොලර් 500 න් රට ගොඩ දානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹නැවේ කැප්ටන් බැහැලා ගියාම නැව් ගන්නවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියලා සමාව භාජනේට දානවැයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ජාත්‍යන්තර ණය කාරයන්ට පස්සේ දෙන්න මචං කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹සුපර් මාර්කට් සිල්ලර කඩ වහලා සම්පාකාරෙන් ආර්ථිකේ ගොඩ දානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මිනිරන් වලින් ග්‍රැෆයිට් හදලා රට ගොඩදානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹වකුගඩු රෝගයට සොලියුෂන් නෑ කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ආයෝජකයෝ ලංකාවට එන්නේ නෑ කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මෙහේට එන්නේ සංචාරකයෝ නෙමේය, හිඟන්නොයි වේසියොයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...
🔹උද්ධමනය හා බඩු මිළ අතර වෙනස නොදන්න අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මුදල් අමාත්‍යශයේ වාර්තා කියව ගන්න තරම් ආර්ථික දැණුමක් නැතිව, ණය බර ඩොලර් බිලියන 100 වෙලාය කියන ආර්ථික උස්තාද්ලස් ඉන්න අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹නීතිය ක්‍රියාත්මක කිරීම ගමේ මදාවියන්ට දීලා පොල්පොට් පාලනේ ගේනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පිටරට ළමයි මෙහේ එවන්න එපා, මෙහේ දරුවන්ටත් ආරක්ෂාවක් නෑ කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹තොපේ දරුවන්ට පෞද්ගලික විස්ස විජ්ජාල අකැප වුනාට, අපේ දරුවන්ට ඒවා කැපයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මැයි 9 වෙනිදා ගෙවල් ගිනි තියලා 13 ක් නිවන් යැව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

ඒ විතරක් නෙමේ...

🔹ලක්ෂ 69 ක් අරගෙන දේශිය ආර්ථිකයක් ගෙනත් රට භංකොලොත් කරලා, ගොටත් එක්ක නැවෙන් පැනලා ගිහින්, පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි ඇමරිකා පනින, දැන් තවුසන් ටෝක්ස් ඉෂූ කරන උන්ටත් මේවා අසුභ ආරංචි තමයි යකෝ...
.


20 comments:

  1. අයිසේ මාතලන්

    ලංකාවේ රෙජීමය මාරු කිරිල්ල පිණිස ඇමරිකානුවන් යුරෝපීය සහ ඉන්දීය සහයෝගිතාව සහිතව ක්‍රියාත්මක කරන ලද 2022 අරගලය ගැනත් මේකට සම්බන්ධ කොටස් මම ලියනවා

    2022 GGH project;

    * අරගලේට විදේශගත ලාංකික දමිළ වෙනම රාජ්‍යවාදී (ඊළාම්) ඩයස්පෝරාව සම්බන්ධයි.

    * අරගලේ සිටි නූර් නමැති කාන්තාව අරගල භූමියේ කුඩාරම් තුළට ගණිකාවන් සපයා ඇයද එම වෘත්තියේ නියැලුනා.

    * අරගල භූමියේ සිටි පිරිස් එහි තිබු වැසිකිලි තුළටත් ගණිකාවන් ගෙන්වා ගෙන ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගත්තා.

    * අරගල භූමියේ සිටි බොහෝ පිරිස් ගංජා ගැහුවා.

    * අරගලේ සිටි බොහෝ පිරිස් මුදල් එකතු කරා.

    * නළු නිළියන්ටත් එක්සත් ජනපදයේ ඍජු මෙහෙයවීම යටතේ හිටපු සෝෂල්මීඩියා යූබට බුකීකාරයන්ට තරමටම නැතත් සැලකිය යුතු තරමකට සෑහෙන හොඳට සල්ලි ලැබුනා.

    - අරගලේ ඉදිරිපෙළ සිටි ප්‍රධාන ක්‍රියාකාරී ජීන් ඇන්ටිගේ රසකතා මේකෙන්;

    Watch full video: (18+);

    https://youtu.be/faJLh34iY_c?si=EZaXNCm_wyB908sl

    ReplyDelete
  2. මාත මචෝ දේශපාලනයේ සතුරන් සහ මිතුරන් නිතර නිතරම වෙනස් වෙනවා වෙනස්ම සංධාන හැදෙනවා ඒ නිසා ඔයිට වඩා පුළුල්ව හිතලා බිග් පික්චර් එක දිහා බලන්න පුරුදු වෙන්න. ඉස්සර හැත්ත ගණන්වල 71-83 ජවිපෙ නිදහස් පක්ෂය සතුරුයි එජාපය සමග ජවිපෙ මිතුරුයි නමුත් එකවරම අසූ ගණන්වල සිට දෙදහස් ගණන්වල අග 1983 - 2009 දක්වා ඒක අනිත් පැත්ත හැරවිලා එජාපය සහ ජවිපය නයි වෛරයි ඒත් නිදහස් පක්ෂය මිතුරු වූණා

    ආපහු 2010 - 2024 ජවිපෙ එජාපය මිතුරුයි පොහොට්ටුවට සහ සජබයට හතුරුයි. තව ටික දවසකින් ජවිපෙ මාලිමාව පැත්තට රාජපක්ෂ පවුල දිලිත් ජයවීර ධම්මික පෙරේරලා එකතු වෙන්න ඉඩ තියෙන බවත් පේන්න තියෙනවා, එජාපයත් රනිල් වික්‍රමසිංහ සමග ඒ සමග එකතු වෙන්න ඉඩ තියෙනවා

    මේක ක්‍රිකට්වලින් උදාහරණ සහිතව පැහැදිලි කරොත් මීට අවුරුදු දහයකට කළින් දකුණු ආසියාතික ක්‍රිකට් රසිකයන්ගේ භූ දේශපාලනික බෙදීම සරලයි. එකල ඉන්දියාව එක පැත්තක.. ශ්‍රී ලංකාව, පකිස්තානය සහ බංග්ලාදේශය එක පැත්තක.

    ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්තානය අතර ඉතා හොඳ මිත්‍රකමක් තිබුණා.ඉන්දියාව සමග මේ රටවල් තුනේම රසිකයො ඇරියස් එකක හිටියා. පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ දෙවන ප්‍රියතම රට වුණේ ශ්‍රී ලංකාව.

    දැන් ඒ බෙදීම ඊටවඩා සෑහෙන සංකීර්ණයි.

    මේදිනවල ඉන්දියාව, ඇෆ්ගනිස්තානය එක කඳවුරක ඉන්නවා. ඔවුන් දෙගොල්ලො බොහොම මිතුරුයි.

    ඊට සම්පූර්නයෙන්ම පරස්පර ලෙස පාකිස්තානය සහ බංග්ලාදේශය එක් කඳවුරක ඉන්නවා. ඔවුන් දෙගොල්ලොත් මිතුරුයි.

    ඇෆ්ගන් සහ ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය එක්ක වෛරයි.
    ඇෆ්ගන් ක්‍රිකට් ආරම්භයේ ඔවුන්ගේ හොඳම මිතුරා වූ ඔවුන්ට ක්‍රිකට්වල මුලකුරු කියාදුන්නු පකිස්තානය අද සතුරෙක් වීම පුදුමයි.

    දැනට ලංකාව ප්ලේස් වෙන්නෙ මැද තැනක. ලංකාවට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය එක්ක තවමත් හොඳ, මිතුරු සබඳතාවයක් තියෙනවා.

    නමුත් දැනට ලංකාවේ ප්‍රධාන එදිරිවාදියා බංග්ලාදේශය. ඒ වගේම ඔවුන් ඉන්දියාවටත් අකමැතියි.

    ඉදිරියේදී නේපාලය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල රටක් වුනොත් මේ බෙදීම තවත් වෙනස් වේවි. ඒවගේම දේශපාලනයත් හරියටම කියන්න ටිකක් අමාරු සංකීර්ණ සමාජ විද්‍යාත්මක සාධක සහිතව ඉතාම පරිස්සමට බලන්න ඕන දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      Excellent observations and great analysis, need such deep understanding and thoughtful insights to understanding the big picture, hats off mate. 👏

      Delete
  3. හරියකට නය වාරික ටික ගෙව්වේ නෑ ,
    ආනයන නවත්වලා ,
    රනිල් හොදටම කලා කියල නම් කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලලිත් ණය අරගෙන ලොල්ලපිටියේ හාමු මුත්තා ඊළඟ ඡන්දෙට තැරිදාර පුන්නක්කු දාර ගොන් මීහරක් බයියයන්ට බත් බෙදනවා යූඑන්පි වහල්ලුන්ට පොත දානවා, ඒ අස්සේ හොරුන්ගෙන් සූදුකාරයින්ගෙන් අරන් මන්දමානසික පුතානෝ කියන ගස් බල්ලා ඉස්කෝලවලට බස් බෙදන ගමන් මෝඩ සජබයියන්ට තෑගි බෙදලා ගොන් කතා කිය කියා ගොන් ආතල් දෙනවා, තමන් හැමදේම දන්නව කියල පෙන්නන්න තියෙන පුපේ අමාරුවට ජපන් ඉඳලා එස්කිමෝ බාසාව දක්වා දන්නවා කියල පෙන්නන්න ඌටවත් නොතේරෙන බහුබූත දොඩවලා රටම හිනස්සනවා, එතකොට අනිත් පැත්තෙන් මොළේ කළඳක්වත් නැති මෝඩ ජෙපි වහල් මීහරක් හැත්ත හොඳට අන්දලා උන්ගෙන් පිනට අරන් හිගාකාල අනුර කුමාර කයියනායක සහ උගේ පක්ෂයේ ගොබ්බ ජේවීපී පිනාලා සෙට්එක ජොකාගේ ඉඳන් ගෙදරට අඳින ෂෝට පවා දක්වා ලෝකයේම ලක්ෂරි බ්‍රෑන්ඩඩ් වලින් අරන් මිලියන ගණනක් වටිනා ඇඳුම් ඇඳගෙන ෆ්ලයිට් වල මිල අධික බිස්නස් ක්ලාස් වල ගිහින් තකතීරු ජෙපි වහල්ලුන්ව සුරතාන්තයට පත් කරන්න ස්ටේජ් වල නැගලා ගල් පැලෙන අමු කෙබර අතාරිනවා, මාලිමාව දිනුවාම උතුරට වෙනම රටක් දෙනවා කියලා යුරෝපයේ කැනඩාවේ වෙනම රාජ්‍ය පිස්සුව තද වෙච්ච නාකි ඩයස්‌පෝරා ටැමිල් සෙට් එකෙන් ඩොලර් මිලියන ගණන් ගාන කපන ගමන් නොමිලේ ඒ රටවල හෝටල්වල ඉඳලා පච හලලා ආපහු ලංකාවට එනවා 🤣🤣🤣 හරිම විනෝදයි 😀😂 ඒ අස්සේ කාලකණ්ණි රාජපක්ෂ හොරමුල රනිල් හාමුවා ඉස්සරහට දාගෙන සද්ද නැතුව දියයටින් ගින්දර ගෙනියන එක තමයි භයානකම වැඩේ 😵‍💫😵😡

      Delete
  4. වසර පහළොවක් අතීතයට ගියවිට 2009 ප්‍රභාකරන් මිය ගොස් අපේ හමුදාව අවසන් සටන ජයග්‍රහණය කරන තුරු LTTE සංවිධානයට විශාල වශයෙන් ආධාර එව්වේ විදේශගත දෙමළ ඩයස්පෝරාව. ඒ ආධාර වලින් තමයි LTTE කොටි අවි ආයුධ මිලට අරන් අපේ රණවිරුවෝ වගේම අපේ රටේ ජනතාව දහස් ගණනක් ඝාතනය කරලා , අපේ රටේ ආර්ථික මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කරලා දශක ගණනක් අපේ රටේ ආර්ථිකේ අඩපණ කලේ.

    අවුරුදු 30 ගාණක් තිස්සේ ඉවර කරන්න බැරි වෙලා තිබ්බ යුද්ධේ ඉවර කරලා ප්‍රභාකරන්ව නැති කරන්න මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් නිසා දෙමළ ඩයස්පෝරාව ඇතුලු LTTE හිතවාදී කණ්ඩායම් වලට මහින්ද ගැන තිබුනේ විශාල වෛරයක්. ඒ නිසා 2010 ජනාධිපතිවරණෙදි දෙමළ සංධානය ඇතුලු මුලු උතුරු නැඟෙනහිරම මහින්දට විරුද්ධව ඡන්දෙ දුන්නා සරත් ෆොන්සේකාට. විදේශ රටවලින් ආණ්ඩුව මාරු කරන්න එවපු විශාල මුදලක් රනිල් සහ මංගල ඇතුළු පිරිසට ලැබෙන කොට ඊට අමතරව දෙමළ ඩයස්පෝරාව කෝටි ගණන් සල්ලි එව්වා සරත් ෆොන්සේකගේ election campaign එකට ඔහුගේ ගිණුම් වලට.

    ඒ සල්ලි විශාල ප්‍රමාණයක් ඡන්දෙට වියදම් කරලා ඡන්දෙන් පස්සේ ඉතුරු වුනු සල්ලි තමයි ඔය ෆොන්සේකගේ නැන්දම්මගේ සේප්පුවේ තිබිල අහු වුනේ 2010 රාජපක්ෂ රෙජීමය නීතිය නවලා ෆොන්සේකාව හිර කළා, ඒ අතරෙදි තමයි ඔය මුදල හමු වුණේ, ඔය මුලු කාලෙම අනුරකුමාර ඇතුලු ජේවීපී එක හිටියේ සරත් ෆොන්සේකගේ election campaign එකේ . ඒකයි ඔය ෆොන්සේකාගේ සල්ලි ගැන අනුරකුමාර ඇතුලු ජවිපෙ වචනයක් වත් කතා නොකරන්නේ පහු ගිය අවුරුදු 14 පුරාවට.

    අදත් දෙමළ ඩරස්පෝඩාව සහ ජේවීපී/NPP එක (මාලිමාව) හොඳ යාලුවො. ඉතින් හිතා ගන්න පුලුවන්නේ විදේශ වල තිබෙන අනුරකුමාරගෙ රැස්වීම් වලට කෝටි ගණනින් වියදම් කරමින් දෙමළ ඩයස්පෝරාව ඒ රැස්වීම් වලට එන්නෙ මොකද කියලා. අපේ රටේ දෙමළ ඊළම හදන්න සහයෝගෙ දෙන පක්ෂ වලට දෙමළ ඩයස්පෝඩාව සහයෝගෙ දෙන්නේ අන්න එහෙමයි, දහතුනට එහා යන බලයක් උතුරේ දමිළ වෙල්ලාලර් නායකයන්ට ලබාදීම ස්ථීරව කරන බව මාලිමාවේ අනුර සජිත් ප්‍රේමදාස දෙදෙනාම ශපථ කළා, රනිල්ට පොහොට්ටු සිංහල ජාතිවාදීන්ගේ ඡන්ද ඕන නිසා ඒක දැන්ම කියන්න පුළුවන් කමක් නෑ නේද?

    ReplyDelete
  5. මාතේ,

    ලංකාවේ දේශපාලනය තුල ඉදිරියේදී ප්ලොට් ට්විස්ට් එකක් දැකගන්නට ලැබෙන බව සහතිකයි. මම හිතන්නේ සිංහල සිනමාවේ වත් නොදැක්ක අමුතුම විදිහේ ප්ලොට් ට්වීස්ට් එකක් වෙයි, ලංකාවේ දේශීය සිනමාව තුල නම් මට මුලින්ම මතක මා හේනේ රිරි යකා. (වැම්පයර් කතාවක්) ඇත්තටම මාහේනේ ඊරි යකා ලියන්නෙ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, ඒක මම ජීවිත කාලයේ වඩාත්ම බය වෙච්ච චිත්‍රපට බැලීම. වැඩිහරියක් ඇස් පියාගෙන හිටියේ. අන්තිමට ඇස් ඇරලා බලද්දි තාත්ත ලඟ නෑ. තාත්තට හාට් ඇටෑක් එකක් ඇවිත් රෝහල් ගත කරලා. හෝල් එකේ මැනේජර් අංකල් තමයි තාත්තව හොස්පිටල් එක්ක ගිහිං තියෙන්නේ. එදා ඉඳන් හැමදාම බයෙන් තමයි හිටියේ තාත්තා ආයෙ අසනීප වෙයි කියලා.

    අභිරහස, රහස් දූපත, තිස්ස අබේසේකරගේ මහගෙදර (සුපිරියක්) සිසිල ගිනි ගනී, කෙළිමඩළ, අනන්ත රාත්‍රිය, කැඩපතක ඡායා, ලොකුදුව, අසන්ධිමිත්තා, එක්ටැම්ගේ, තව අලුතින් හැදෙන එකකට පාලිත තෙවරප්පෙරුමගේ සැබෑ කතාව ලියනවනම් ඒක තමයි සුපිරිම. තාම උගේ ප්ලොට් ටිවිස්ට් එලියට ඇවිත් නෑ. මොකද මීඩියා වලින් වලින් මවපු චරිතේ පෙන්නලා කතාව අන්තිමට ඇත්ත එකාව පෙන්නුවනම් එහෙම ට්විස්ට් එකක් ලොවෙත් නෑ.

    (මේ ප්‍රශ්නය මේ පෝස්ට් එකට නම් අදාළ නෑ)👉 අපේ පොඩි කාලේ අනූ ගණන්වල අග හරියේ සෞම්‍ය ලියනගෙ "හූට්ටුවා" නම් චරිතයක් කරපු ටෙලියක් ගියා ඒකෙ නම දන්නවද?🤔

    ReplyDelete
  6. ලැම්බොගිනි හදපු මනුස්සයව ෆලෝ කරනවා වෙනුවට මට ලැම්බොගිනියක් අරන් දීපල්ලා යකුනේ කියලා බොරුවට මයික් ඉස්සරහට වෙලා කිඹුල් කඳුලු හලන ගොබ්බ නලුවොනෙ ලංකාවෙ අය ෆලෝ කරන්නේ.

    ReplyDelete
  7. මට උපදෙසක් ඕනේ මාතලන් හරි මේක කියවන අයගෙන් නීතිය ගැන දැනුම තියෙන අය, මම අවුරුදු 27ක කාන්තාවක්. මම 2023 ජනවාරි වල විවාහ වුනා. මම උපතින් බෞද්ධ කෙනෙක්. මම විවාහ වුනේ කතෝලික පවුලකින්. මගෙ husband ගෙ පවුල ගොඩක් කතෝලික ආගමට ලැදිම පවුලක්. මහත්තයාත් එහෙමයි. මහත්තයාගෙ අම්මාට නම් පල්ලියෙ සමිති සමාගම්වල කොට්ඨාස වල නායක කමත් තියෙනවා ඒ තරම් එයා ආගමට ලැදි කෙනෙක්. මම බෞද්ධ කෙනෙක් වුනත් මුලින් එයාලගෙන් අපේ වෙඩින් එකට බාදාවක් තිබ්බෙ නෑ. අපි මිශ්‍ර විවාහයෙන් කසාද බැන්දෙ, පල්ලියෙන් බැඳලා පෝරුව චාරිත්‍රත් කලා.

    මම ගිය අවුරුද්දෙ අප්‍රේල් වගේ pregnant වුනා. මේ අවුරුද්දෙ පෙබරවාරි වල මට නිවුන්නු දෙන්නෙක් හම්බුනා. මහත්තයා, එයාගෙ අම්මා කියනවා ලමයි දෙන්නාව ක්‍රිස්තියානි කරන්න ඕනෙ කියලා. ඒත් මම කැමති නෑ මගෙ ලමයි දෙන්නාව ක්‍රිස්තියානි කරන්න. මම කිව්වා එහෙනම් එක ලමයෙක්ව විතරක් ක්‍රිස්තියානි කරමු කියලා. ඒකටත් මහත්තයා, එයාගෙ අම්මා කැමති නෑ එයාලා කියනවා ක්‍රිස්තියානි කරනවා නම් ලමයි දෙන්නාවම ක්‍රිස්තියානි කරන්න ඕනෙ කියලා. නැත්නම් ලමයි ලොකු වුනාව ගොඩක් ප්‍රශ්න වෙනවා කියලා මට නිතරම බනිනවා. කොහොම හරි මේ ප්‍රශ්නෙ හින්දා ගෙදර ලොකු රණ්ඩුවක් වුනා. මහත්තයාගෙ අම්මා කෙලින්ම කිව්වා "ලමයින්ව ක්‍රිස්තියානි කරන්න බැරිනම් යනවා ගෙදරින් ඔය පැටවු එක්ක කියලා" මහත්තයාත් ගත්තෙ එයාගෙ අම්මාගෙ පැත්ත. මහතාගේ තාත්තා නම් ලොකුවට කාගෙවත් පැත්තක් ගත්තෙ නෑ දෙපැත්තටම වැනිවැනී එයා ඉන්නවා. කොහොම හරි අම්මා පල්ලියෙ ෆාදර් එක්ක කතා කරලා ලමයි ක්‍රිස්තියානි කරන්න දවසක් දාගෙන මට කිව්වා එදාට ලෑස්ති වෙන්න කියලා පල්ලියට යන්න. මන් කෙලින්ම කිව්වා ලමයින්ව ක්‍රිස්තියානි කරන්න දෙනවානම් එක්කෙනෙක්ව විතරයි ක්‍රිස්තියානි ක්රන්න දෙන්නෙ කියලා. ඒකට මහත්තයා මට හොඳටම බැන්නා, නැන්දාම්මාත් හොඳටම බැන්නා. පල්ලියෙ ෆාදර් තමයි අම්මාට කියලා තියෙන්නෙ "ක්‍රිස්තියානි කරනවා නම් එක්කො ලමයි දෙන්නාවම ක්‍රිස්තියානි කරන්න නැත්නම් ක්‍රිස්තියානි නොකර ඉන්න" කියලා. කොහොම හරි අන්තිමට මාත් එක්ක රණ්ඩුවෙලා මහත්තයා මට ලමයි එක්ක ගෙදරින් යන්න කියලා මාව ගෙදරින් එලියට දැම්මා.

    බැරි බැරියෙ අන්තිමට ට්‍රීවීල් එකක් කතාකරගෙන ලමයි දෙන්නාවත් තියන් අමාරුවෙන් මම මගෙ අම්මලාගෙ ගෙදර ගියා. අපේ පවුල සාමාන්‍යයෙන් සල්ලි තියන පවුලක් නෙමේ. මම එහෙ ආවාට නෑනා ( අයියාගෙ නෝනා ) කැමති නෑ මට නිතර නිතර ඇනුම්පද කියනවා.

    දැන් මහත්තයා අපේ අම්මාට කෝල් එකක් අරන් කියලා තිබ්බා ලමයි දෙන්නාවම ක්‍රිස්තියානි ක්රන්න කැමති නම් විතරක් කියන්න එහෙනම් එයා එන්නම් කියලා අපිව එක්කන් යන්න. නැත්නම් එයා divorce එක file කරනවා කියලා අපේ අම්මාට කියලා. ගෙදර රණ්ඩු වෙන ඒවාත් මහත්තයා වීඩියෝ කරන් කියලා අම්මාට කියලා.දික්කසාද වුනත් මට අම්මාගෙ ගෙදර ඉඳන් ලමයින්ව හදාගන්න අමාරුයි නෑනා කැමති නෑ මම එහෙ ඉන්නවාට.

    පුළුවන් කෙනෙක් කියන්නකො දරුවාට උරුම වෙන්නෙ අම්මාගෙ ආගමද තාත්තාගෙ ආගමද ?

    මම මහත්තයාගෙ න් දික්කසාද වුනොත් වන්දියක් හා දරුවන්ට නඩත්තු ඉල්ලන්න පුළුවන් ද ? ( නැත්නම් මට ලමයි දෙන්නාව බලාගන්න විදිහක් නෑ මගෙ ගෙදර අයත් වෙනස් කම් කරනවා)

    බැරි වෙලා හරි මගේ මහත්තයාට දරුවන්ගෙ අයිතිය ගන්න පුළුවන් ද? මට මෙම ප්‍රශ්න සාධාරණ ලෙස විසඳා ගැනීමට මා විසින් කළයුතු නීතිමය කටයුතු ගැන උපදෙස් ලබා දෙන්න පුළුවන් ද?

    ReplyDelete
  8. තවමත් කටු සටහනකි අඳිනා පින්තූරේ
    පාට කෙරුණහම තේරෙයි කතන්දරේ

    ReplyDelete
    Replies
    1. @ නිදී

      ලංකාවේ ආර්ථික සහ නීතිරීති පද්ධතීන් දරුනු ලෙසම උල්ලංගනය වූ කාරණා 3 ක් අපි ඉපදීමටත් පෙර 1977 බලයට පත් ජයවර්ධන රජයෙන් කලා.

      1. ප්‍රයිවට් බස්
      2. ටියුෂන්
      3. චැනල් වෛද්‍ය සේවය

      ලංකාවට ආවම අද අපට පොදු ප්‍රවාහනය ගැන විස්වාසය තබලා පාරෙ බැහැල යන්න බැහැ, වෙලාවට යන්න බැහැ, රාත්‍රියෙ නිසි ප්‍රවාහන ක්‍රමවේදයක් නැහැ.

      මුලු අධ්‍යාපන ක්ෂේත්‍රයම කඩාවැටුනා සහ අධ්‍යාපනයෙ කිසිඳු යාවත්කාලීන වර්ධනයක් නැහැ

      පවුලේ වෛද්‍යවරයාගෙන් විශේෂඥ වෛද්‍ය දක්වා ක්‍රමයෙන් ඉහලට තිබිය යුතු පෞද්ගලික වෛද්‍ය සේවය සාමාන්‍ය උණ හෙම්බිරිසාවටත් බෙහෙත් කිලෝ ගණන් විකුණන කලු සල්ලි පොදි ගහන, වෘතීය හරපද්ධතීන් සම්පූර්ණයෙන්ම විනාශ කල මාෆියාවක් බවට පත් වී හමාරයි.

      මේ සියල්ලේම යම් ප්‍රමාණයකට හෝ හොඳ දකින්න තිබුනා ක්‍රමවත් ශක්තිවන්ත නීති මගින් යාමනය වන ලෙසවත් මේවා හඳුන්වා දුන්නානම්. දැන් ඒකත් බැහැ.

      නූතන ලංකාවේ පවතින මේ සා විශාල සමාජ පරිහානියට මේවා දරුණු ලෙස බලපා ඇතැයි මට හිතෙනවා.

      පොදු පුවාහනය දියුණු කිරිම වටිනවා. අපේ රටෙි මිනිස්සු ඇයි වාහන වලට කෑදර....හේතුව පොඩි කාලෙ ඉඳන් ඔළුව හදල තියෙන්නෙ ලොකු කාරෙකක් ගනිං පුතේ කියල... ලංකාවේ ටියුසන් ගුරුවරුත් එහෙමයි... ලොකු වාහන පෙන්නලා ලමයිව අන්දනවා, මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා මම ඩෙන්මාර්ක් ඇවිල්ලා ටික දවසකින් ඇහුව අයියෙ කාරෙකක් ගත්තද කියල... මල්ලි මෙහේ ලංකාවේ වගේ නෙවේ කිව්වා ... පොදුවේ
      මේවා කියන්න බෑ ළමයෙකුටවත්, උන් හිතන්නේ අපිට සුඛෝපභෝගී වී එයිට් නැති නිසා ඔය ගුරාලා ගැන ඉරිසියාවට කියනව කියල, ඒ මට්ටමට මානසිකත්වය හදල තියෙන්නේ.

      Delete
  9. මහත්තයටයි එයාගෙ අම්මටයි කියන්න ජේසුට කෝල් එකක් දීලා අහන්න කියලා ළ්මයි දෙන්නව ක්‍රිස්තියානි කරනවටද කැමති, එහෙම නැත්නම් ක්‍රිස්තියානි නොකරන හින්දා ගෑනියෙක්ව ළමයි දෙන්නෙක් එක්ක මහ පාරට දාන එකට ද කැමති කියලා. ජේසු කියන විදිහකට කරන්න කියන්න. ඒයාලා හොඳ කතෝලිකයො හින්ඳා ජේසු කියන දේ අහයි නේ ද?

    ඇත්තටම ආගම් කියන්නෙ උරුම නෙමේ කරුම. මේ ලෝකේ වැඩියෙන්ම මිනිස්සු මැරිලා තියෙන්නෙ ආගම් නිසා. එක හින්ඳ පුළුවන්නම් ළමයි දෙන්නව හොඳ මිනිස්සු කරන්න බලන්න.

    ReplyDelete
  10. බෞතීස්මය කියන්නේ යලි උපත ලැබීමක්(බෝන් අගේන්). එය වැඩිහිටියකු අවබෝධයෙන් ගතයුතු තීරණයක්.
    කුඩා දරුවෙකු බෞතීස්ම කරන්න බෑ. කලත් එය නෑවීමක් පමණයි.
    සෙන්නා- //ඇත්තටම ආගම් කියන්නෙ උරුම නෙමේ කරුම. මේ ලෝකේ වැඩියෙන්ම මිනිස්සු මැරිලා තියෙන්නෙ ආගම් නිසා// ලංකාව සම්බන්ධයෙන් දෙමළ භාෂාව ආගම් වලට වඩා කරුමයක්.

    ReplyDelete
  11. යකූ මාතේ ලංකාව කියන්නේ,දැං රනිලුයි ඇඑජ ප්‍රධාන බටහිර තානාපති කාර්යාළ ටිකයි තමයි පුතා 😀😀

    උඹ දැක්කද පාර්ලිමේන්තුවේදී ස්ත්‍රී පුරුෂ සමානතා පණත හෙවත් සමසිරි පණත සම්බන්ධව ලබා දුන්න තීන්දුවට අදාලව ජනා රනිල් වික්‍රමසිංහ අධිකරණය පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දැඩි ලෙස විවේචනයකට ලක් කළා, විනිසුරුවරුන්වත් දැඩිව විවේචනය කළා.

    ඊට සමගාමීව කොටස් වශයෙන් අධිකරණයේ කටයුතු වල ඇතිවුන සමහර දේවල් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දින කීපයක් විවේචනය කලා

    ඊට සහයෝගය දෙමින් අධිකරණ ඇමති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අධිකරණය පිළිබද කාරණා විවේචනය කළා.

    හැබැයි ඕක බැරිවෙලාවත් ගොබ්බ රාජපක්ෂලා කරානම්

    මේ,වෙනකොට අළුත්කඩේ උසාවිය ලග එන්ජීඕ කාක්කෝ හැත්තම අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු කියලා රෙදි ගලෝගෙන විලාපතියාවි

    සජබයියන්ගේ කල්ලියේ මූලිකත්වය ගෙන

    අනුරගේ කයිවාරු ජවිපය (මාළිමාව)
    නීතී සංගමය
    NGO සංවිධාන
    ජෝසෆ් ස්ටාලිංලා වගේ ජොබ් එකට වෘත්තීය සමිති කරන සැට්එක
    රනිල්ගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නප්‍රිය
    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලය / ලහිරු වීරසේකරලා/ අපේ නව වැදිනායක නැකැත්පතිවරිගේ වසන්ත මුදලිගේ ඇත්තෝලා, තට්ට සන්ධ්‍යා එක්නැළිගොඩ හොල්මනගේ සිට කුඩු නූර් වෛශ්‍යා වෘත්තීය නායිකාව දක්වාම හැමෝම අධිකරණය වෙනුවෙන් කියාගෙන පාරට බහැලා එහෙමනම් මෙලහකට රට පෙරලන තරමටම උද්ගෝෂණ උපවාස ෂුවර් එකටම කරනවා. 😀😀

    ඇමරිකන් තානාපති කාර්යාළය යුරෝපා සංගමය ජිනීවා මානව හිමිකම් කෙමෙසාරිස්,කාර්යාළය අධිකරණ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම ගරන දැඩි අවධානයෙන් ඉන්න බවට මේවනවිටත් දැඩි අනතුරු ඇගවීම් සමග නිවේදන ගණනාවක් නිකුත් කරලා.😀

    ජාත්‍යන්තර අධිකරණ සංගමයට පැමිණිලි කරන්ක එහෙමනම් ලංකාවේ පක්‍යසෝති සරවනමුත්තු/ චන්ද්‍රිකා බන්ඩාරනායක / වගේ අපතයින් මෙලහටත් යන බවට නිවේදන නිකුත් කරලා.😀😀

    රාජපක්ෂලාට එරෙහිව එහෙමනම් මේ,වෙනකොට විපක්ෂයේ සජිත්ලා අනුරලා එකපෙළට විශ්වාස භංග ගේන්න කථා කරනවා.

    එහෙමනම් ලංකාවේ අධිකරණය වෙනුවෙන් පෙනී ඉන්න රෑපවාහිනී පුවත්පත් මාධ්‍ය කාරයෝ මේ දවස් වල රටේ නීතියේ මළගම සුදානම් කරා කියලා මහා පුවත් මවනවා 😀😀

    හැබැයි,රනිල් වික්‍රමසිංහ අධිකරණ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තුවේ කමිටු පත් කරනවා කීවම

    එච්චර ලොකූ සද්දයක් නෑ නේද 😀😀

    ඒ රනිල්ගේ අධිකරණ ඇමති අධිකරණ සේවා සංගමයේ,විනිසුරු නියොජිතයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකට කැදවන්න කථානායකගෙන් ඉල්ලුවාම ලොකු සද්දයක් නෑ නේද 😀😀

    ඒ ඇයි දන්නවද

    ඔය පණතට අධිකරණය විරැද්ධ වුනාට ඇමරිකන්,තානාපති කාර්යාළය යුරෝපා සංගමය ඒ රටවල් සහ කලාපයන්,මෙහෙයවන NGO සංවිධාන වලට ඕන පණතක් තමයි රනිල් ගෙනාවේ.‼️

    රනිල් අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ තර්ජනය කලේ

    අධිකරණ ඇමති විජේදාස කෑ ගැහුවේ

    මේක මුලික කරගෙන අධිකරණයට එරෙහිව කෑ ගැහුවාට රටෙන් සහ ජාත්‍යන්තරයෙන් දැං බලපෑමක් එන්නේ නැති බව ඉරහද වගේ දන්න හංදයි. ‼️

    ඉස්සර රාජපක්ෂලා අධිකරණයට එරෙහිව වචනයක් කියනවා කියලා නිකමට තේරුනොත් රෙදි කරට අරං පාරට බහින අයියලා

    රනිල් අධිකරණයට එරෙහිව ප්‍රසිද්ධියේ පහර ගහනකොට හීනෙං ගිය පඩයක් තරමට වත් ගනන්,නොගන්නේ

    රනිල්ට වැඩිය ඇමරිකාවට යුරෝපය සහිත බටහිර කදවුරේ අවශ්‍යතාවයට හරස් වුන අධිකරණයට පෙනී ඉන්න බැරි හංදයි පුතා.😀😀

    ලංකාවේ ලබ්බේ මානව හිමිකම් තියා
    අධිකරණය ස්වාධීනත්වය
    ප්‍රජාත්‍රන්ත්‍රවාදය

    වෙනුවෙන් මැරෙන්න සුදානම් පොරවල් රටේ උඩපනින්නේ

    බටහිර කඳවුර අකමැති පොරක් රට කරවන කොට විතරයි 😀😀

    බටහිරට ඕන පොර ලංකා දුපතේ ආන්ඩු කරනවනම් අධිකරණය උඩ හෝ ප්‍රජාත්‍රන්ත්‍රවාදය උඩ එවුන් මලපහ කරත්

    එච්චර ලොකු විරෝධතා පෙනී සිටීම් විශ්වාස භංග දෝෂාභියෝග නෑ පුතා.

    මොකද බොලෑ ලකේපංකාව දැන් පාලනය කරන්නේ දැන් ඇඑජ මූලිකවු බටහිර කදවුරයි 😃

    ReplyDelete
  12. ඉදිරි සති දෙක අමාරුයි කිවුවම උඩ දාගෙන හුරේ කියපු උන් අමාරු වැඩටික ඉවරකරා කියනවට කැමති නෑ.හිගන්නො කැමති නෑ තුවාලෙ සනීප වෙනවට 😁

    ReplyDelete
  13. රටටම සුභ ආරංචිය අසුභ ආරංචියක් උන දේශපාලන පක්ශත් තියෙනවා කියපල්ලකෝ. උන් පස්සේ යන හරකුත් ඉන්නවා කියපන්කෝ.

    ReplyDelete
  14. හරියටම හරි.
    කවදාවත් battle field එකේ best shooter , Commanding officer වෙන්නේ නැහැ.
    නමුත් Commanding officer , Best shooter වෙන්න පුලුවන්

    ReplyDelete
  15. ගුරු වැටුප් විෂමතාවය විසඳපු ගමන් විධායක නිළධාරි ටික පටන්ගන්නවා ඒ වැටුපට ගුරු වැටුප සමාන වුනා කියලා. උන්ට වැඩි කලාම පහල උන් ආයෙ පටන් ගන්නවා. ආයේ උන්ගෙ එක ඉවර උනාම, සමාන්තර සේවා කියල වෙන උන් පටන් ගන්නව, සරසවි අනධ්‍යයන කාර්ය මණ්‌ඩල වර්ජනය ඊළඟට... ඕක තමයි 1994 ඉඳන් තාම වෙන්නෙ 😂

    ReplyDelete
    Replies
    1. @ Anno

      ඇත්තටම මේකට කරන්න පුලුවන් නම් හොදම වැඩේ තමයි ආන්ඩුව ජෙප්පන්ට දීල මේ ඔක්කොටම ඔය ඉල්ලීම් ජේවීපී ආණ්ඩුවෙන්ම ඉල්ලගන්න කීවනම් හරියට හරි.. එතකොට උන් දෙන විදිහයි දීල කෙලවගන්න විදිහයි, ඒ කෙලවගන්න එකේ ප්‍රතිඵලය ලෙස 2022 වගෙ රටටම කෙලවෙන විදිහයි ඔකොම all in one package එකෙන් රටටම කන්න අරින්න ඕන ඔක්කොටම.. විශේෂයෙන්ම ඔය උඩපනින මීහරක් හැත්තටම නිතඹ ඉරාගන්නම දෙන්න ඕනේ... අපටත් එතකොට ලංකාවට සල්ලි යවන්න හොඳ රේට් එකක් සෙට්වෙයි, මම නම් 2022 වගේ ලංකාවෙන් තව ගෙවල් දෙක තුනක් අරන් දානවා එතකොට, කොහොම හරි ජෙප්පො දිනවපල්ලා මේපාර 😅😂😂

      Delete
    2. @ Anonymous 8.42

      වෙන්න ඕනෙ මුලු රාජ්‍ය සේවයම සලකලා හැම සේවාවකම නියෝජිතයන් ගෙන්වලා ඒකමතිකව වැටුප් කොමිසමක් හරහා වැටුප් නිර්දේශ කරන එක නෙවෙයිද?

      රජයේ දෙපාර්තමේන්තුවල department සැලරි scale එකක් තියනව, board සහ independent government bodies වලට නැ. ඒ ගොල්ලො සැලරි බෝනස් හදාගන්නෙ ආයතනය උපයන ලාබයෙන්. වැඩේ තියෙන්නෙ ලංකාවෙ බෝඩ් මණ්ඩල ටික ලොසේ ලොස් හැබැයි උන්ට ඩේලි බෝනස් 😂. උබ කියන කතාව හරි, සාධාරණ සැලරි ස්කේල් එකක් ගෙනාව නං ඔය ප්‍රස්න හරියනව. ඒත් එහෙම කරන්න හරිම අමාරුයි ඔය දැඩිමතධාරී රජයේ සේවකයෝ එක්ක ලේසියෙන් එහෙම කරන්න බෑ අනික පුළුවන් වුණත් එහෙම එකක් ගේන්නෙත් නැ, මොකද ඔහොම ප්‍රස්න ඇති උනාම ඒවා වවාගෙන කන්න වෘත්තීය සමිතිවල උන්ටයි විපක්ෂ දේශපාලනය කරන අයටයි පුළුවන්, ආණ්ඩුවටත් හොඳයි
      ඒකට තාවකාලික පොඩි විසඳුමක් දෙන්න පුලුවන් නෙ චන්දෙ ලං උනාම. අනික මිනිස්සුන්ට රාජ්‍ය ආයතන එපා කරවලා පෞද්ගලීකරණය කිරීමටත් මේ වගේ වර්ජන උද්ඝෝෂණ සෑහෙන සේවයක් කරනවා

      @ දීප්ත

      ඔබේ කතාවේ ඇත්තක් තියෙනවා මොකද මාලිමාවේ ආණ්ඩුවක් ඇවිත් වැටුප් විෂමතා ඉවත් කර රාජ්‍ය සේවයේ සියලු අංශවල ගැටලු නොවිසඳුව හොත් එම ආණ්ඩුවට පැවැත්මක් නැත. එය ඔවුන්ටම පාරාවළල්ලක් වනු නිසැකයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න