Dec 12, 2024

ගෙස්ටාපෝ මාෆියාව යටතේ මදාවි පාලනයකට පෙලගැසෙමු


 


ගෙස්ටාපෝ මාෆියාව යටතේ
මදාවි පාලනයකට පෙලගැසෙමු
➖➖➖➖➖➖➖➖💀💀💀➖

මහින්ද රාජපක්ෂගේ දෙවන ධූර කාළයේදී ලංකාවේ පැවතියේ මදාවි පාලනයක් බව හැම එකාම දන්නේය. මදාවි පාලනයක් ලෙසින් මා අදහස් කළේ රටේ පවතින නීතිය පයිසයකට මායිම් නොකොට, පාලකයාගේ නීතිය රටේ නීතිය බවට පත් කිරීමය.

ඒ සඳහා ගෝටා, රාජපක්ෂ බිසෝ හා කුමාරවරුන්ගේ සිට... ප්‍රාදේශියේ එකාගේ ගෝලයින් දක්වා.... මදාවි බලකායක් ඔවුන්ට සිටි අතර.... කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ට පමණක් සීමාව තිබූ පාතාලය විමධ්‍යගත වූයේද එම සමයේය. 

ලොක්කා තම විරුද්ධවාදීන් අරලියගහ මන්දිරයට කැඳවා බඩ කට පුරා සංග්‍රහ කරද්දී.... බිසවුන් වහන්සේ හා කුමාරවරුන් තමන්ට නොදිරවන උන් වැලිගම්පිටි පවා යැව්වේය.... ගෝටාට මාධ්‍යවේදීන් අරහං වූ අතර... ඔවුන්ට සංග්‍රහ කිරීම සඳහා වෙනම බලකායන්ද ගොඩනගාගෙන සිටියේය. 

එයින් උද්දාමයට පත් ප්‍රාදේශිය රජවරුන්.... දැරියන් රේප් කර පාටී දැමූ අතර.... තව සමහරුන් සුද්දියෝ රේප් කොට ඩිස්කෝ නැටුවේය. ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලීසියට, මැරයන්ට දන ගසා වැඳ සමාව ගන්නට සිඳු වූ අතර.... නියෝජ්ජ පොලිස්පතිලා වූයේ ජූලම්පිටියේ අමරෙලා වැනි උපාසක මහතුන්‍ය.

එම නාඩගම් මැද්දේ අගවිනිසුරුවරියටද ගෙදර යන්නට වූ අතර... විගඩම කෙලවර වූයේ රජ්ජුරුවෝ ජනෙල් පොල්ලේ එල්ලලාය. රාජපක්ෂලා දෙවනි වටයට අති විශිෂ්ට කෑමක් කෑවේ මැයි 9 වනදාය. එදින අර ප්‍රාදේශීය DIG ලාටද හොඳ සංග්‍රහයක් ජහමනයාගෙන් ලැබුනු අතර.... සංග්‍රහ අවසානයේ ඔවුන් තමන්ගේ විමුක්තිය උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ යාවජීව සාමජිකයින් වුනේය.

වසන්ත සමරසිංහලා මේ අප සමඟ සිටින ජනතාව කියන්නේ මේ මදාවියන්ටය. ඔහු පමණක් නොව ජොස්තර නලින්දලා මෙන්ම බුරම්පි පුරුක් පණුවාද අයියා පාට් දාන්නේ... උන් ලද බලයෙන් මත් වෙලාය. 

පට්ටම ආතල්ලෙක කියන්නේ මේ අයියා පාට් දාන්නේ... රාජපක්ෂලාගේ කුරිරු මජර පාලනයට මෙන්ම.... බටලන්දේ සීයාටත් එරෙහිව අති මානුෂිකවාදී ජනතාවාදී ආන්ඩුවක් හදනවාය කියා දහ අතේ දිවුරා බලය ගත් උන් වීමය.

මුන් බලය ඉල්ලන්නේ හොරා කන්නට හා මර්ධනකාරී පාලනයක් ගෙන යාමට බවත්, ප්‍රාදේශියක්කත් පාලනය කර නැති හාල්පාරුවෝ පිරිසක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි කියාත්... අප නම් දැන උන් අතර... ඒ ගැන ජනතාව මෙන්ම මරි මෝඩ දේශපාලුවෝද හැකි පමණින් දැණුම්වත් කිරීමේ යෙදුනෝය.

අද එය ඔප්පු වී අවසානය.... මුන්ට ආර්ථිකය තබා හාල් හා පොල් මාෆියාව හෝ පාලනය කර ගැන්මට නොහැකිය....
මේ ඇත්තේ හාල් හෝ පොල් වල හිඟයක් නොව අතරමැදි වෙළඳ මාෆියාවේ ගසාකෑමකි. පොල් ගහක් තිබෙනා එකාට පොල් ගෙඩියට ලැබෙන්නේ 120 ක මිළකි. ඒවාට පිලියම් ලෙස...  බලපත්‍ර රහිත ආනයන්ට ඉඩ දුන්නේ කොමිස් වලින් කන්නටය.... ආන්ඩුවෙ රැකියා පුරප්පාඩු සියල්ල දෙන්නේ හිතවතුන්ටය.

එදා...රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවම පාර්ලිමේන්තුවේ යැයි කියූ පම්පෝරි විප්ලවාදීන්ගේ ඥාතී හිතමිත්‍රාදීන්... අප්පලා පුතාලා... පමණක් නොව ගෑණියි මිනිහාත් අද පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කොත ගසා දෙසාබාමින් සියළු වරප්‍රසාදයන් බුක්ති විඳින්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය.

නාමල්ගේ උපාධියට කින්ඩි දමා.... උගතුන් බුද්ධිමතුන් හා වෘත්තිකයින්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් හදනවා කියපු උන් ඔක්කොම ‍රැකියා විරහිත හොර උපාධිකාරයෝය. දැන් උන්ගේ අමුඩයත් ගැලවී අවසානය.

දැන් උන්.....ඒ විලි වසාගන්නට යන්නේ තගරියෙන්‍ය. ඒ වඩාත් පහසුම ක්‍රමය නිසාමය. එනම් මර්ධනය ක්‍රියාත්මක කිරීමය. 

ඔය පාර්ලිමේන්තුවෙන් වැඩක් නැති බවත් අපි ලියුවෝය. ඒ ජෙප්පන්ට ආසන 159 ක්ම තිබෙනා නිසාය. උන්ට එසේ ලබා ගැන්මට හැකි වූයේ පොදු සතුරා මොකාදැයි නොදැන රට ගොඩ දැමූ සියා.... පොදු සතුරා කර ගැන්ම නිසාය.

සියා මෙන්ම අනික් හාල්පාරුවෝද කෙලිය පිස්සුව නිසා.... අද හැමෝම ටින්කිරි කමින් සිටින්නෝය. අපිද පරිප්පුව කමින් සිටියද... ඒ පිළිබඳව කිසිම කනගාටුවක් හෝ දුකක් නොමැත්තේ... මේ සියල්ල මේ ආකාරයටම සිඳුවන බව අප ලියා කියා ඇති නිසාමය.

එහෙත් ඒ මැටි මෝල් දේශපාලුවෝ අදටත් පාඩමක් ඉගෙනගෙන නොමැති බව උන්ගේ ජාතික ලැයිස්තු පත්කිරීම් වලින් මනාව ඔප්පු වී අවසානය.

එබැවින් පාර්ලිමේන්තුවේ සිටිනා වඳකහ ගොබ්බයන් එකෙක් හෝ නොමැති දේශපලන බලවේගයක අවශ්‍යතාවයක් ඇති බවත්.... ජනතාවගේ එකම බලාපොරොත්තුව එය බවත්.... සමාජයේ ඇති කතිකාවලින් පැහැදිලිව පෙනෙමින් තිබෙනාතර.....

ඔවුන් ඉදිරියේ ඇත්තේ ගෙස්ටාපෝ පොලිස් පාලනයකට එදිරිව ගෙනයනු ලබන අති දුෂ්කර දේශපාලන ගමනක් බවත් ලියා තැබිය යුතුමය.

ඒ වගත් මෙසේය......

#lka #ParlimentJokes #කොළඹසන්නිය 
.

4 comments:

  1. ආචාර්ය කතාව
    සිද්ධිය 1
    මම ආචාර්ය උපාධිය ට නිවාඩු ගත්තේ 2007 දි. ඒ කාලෙ දවසක් ගමේ ඇන්ටි කෙනෙක් ඇහුවා "මහත්තයා කැම්පස් ගියේ නැද්ද අද" කියලා ඉතිං මමත් ටිකක් ගැම්මට කිව්වා නෑ ඇන්ටි මම මේ දවස්වල ආචාර්ය උපාධිය කරන්න නිවාඩු අරන් ඉන්නෙ " කියලා ෴ ඒ පාර මේ මනුස්සයා අහනවා " ආ මහත්තයා ආචාර්ය උපාධියවත් නැතුවද කැම්පස් එකක උගන්වන්නෙ " කියලා . 🤣🤣🤣
    සිද්ධිය 2
    මම ආචාර්ය උපාධිය ගත්තාට පස්සෙ දවසක උපන් ගමේ උත්සවයකට ගියා. එතන හිටපු කෙනෙක් මට කතා කලේ Dr.Nishantha කියලා . මෙතන හිටියා මගේ ඤාතියෙක් ටිකක් දැන උගත් කෙනෙක් .
    එයා මාව ටිකක් පැත්තකට අරන් ගිහින් අහනවා "ඔයා කොහොමද ඩොක්ටර් කෙනෙක් උනේ අපි හොඳටම දන්නවනෙ ඔයා අමුගොඩ ඉස්කෝලේ ආට්ස් කලේ කියලා "🤣🤣🤣
    සිද්ධිය 3
    මම භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති විදියට ඉන්න කාලෙ ළමයෙක් එයාගෙ ප්‍රශ්නය ක් මට ලිඛිත ව ඉදිරිපත් කලා. ඒක සිංහලෙන් ලියපු එකක්. මාව ආමන්ත්‍රණය කරලා තිබුනෙ වෛද්‍ය නිශාන්ත පටබැඳි කියලා . ආචාර්ය හෝ Dr.කියන එක ගැන විශ්වවිද්‍යාලයීය දැනුම ඒ විදියයි. (ඒ ලිපිය තාම මා ලඟ තියෙනවා ) සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද?
    සිද්ධිය 4
    මම දවසක් පාරක් හදන ශ්‍රමදානයකට සහභාගි උනා. එතන හිටපු මිනිස්සු දන්නවා මම කවුද කියලා . ඒ අය මට කතා කලේ එක්කෝ අයියා නැත්නම් මල්ලී නැත්නම් මහත්තයා කියලා .ඒත් එයාල සමුර්ධි නියාමකට කිව්වෙ සර් කියලා
    ඉතිං මම කියන්නෙ ගම්වල මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා නම් ඔය ආචාර්ය මහාචාර්ය කම් ඒ අයට අදාල ම නෑ නැත්නම් දන්නෙ නෑ ෴
    එයාලට පාඨශාලාචාර්‍ය ඊට වඩා වටිනවා.විශේෂයෙන් දේශපාලනයේ දි ඕව පාවිච්චි කලාට ඒවැයින් මහලොකු බලපෑමක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. කවුරු හරි කමක් නෑ ඒ මිනිස්සුන්ට දැනෙන විදියට , විස්වාසවන්ත විදියට , තර්කානුකූලව සහ ආකර්ශනීය විදියට කරුණු ඉදිරිපත් කරනවා නම් එයා තමයි ඉස්මතු වෙන්නෙ .ඒක නිසා එක එක ටයිටල් දාගෙන රැඟුවට වැඩක් නෑ. ඕව සාමාන්‍ය මිනිස්සුන්ට එච්චර අදාල නෑ කියලයි කියන්න වෙන්නෙ. ඔය ටයිටල් යූස් කලාම තැනක් ලැබෙනවා කියලා හිතන් ඉන්න අයට කියන්න ලස්සන කතාවක් තියෙනවා (ප්‍රබන්ධයක් විය හැකියි)
    88/89 සිද්ධිවලින් පස්සෙ කොලඹ විශ්වවිද්‍යාලය විවෘත කලේ ආරක්ෂාව ට හමුදාව දාල. ඉතිං දවසක් ශාස්ත්‍ර පීඨයේ ඩීන් වගේ වගක් නැතිව ගේට්ටුවෙන් ඇතුල් වෙන්න ගියාලු. එතකොට ආරක්ෂාව ට හිටපු හමුදා නිලධාරියා ඇහුවලු "ඕයි කොහෙද යන්නෙ " කියලා .ඒ පාර මිනිහා කිව්වලු මම ඩීන් කියලා ෴ඩීන් නෙමෙයි මොහිඩීන් උනත් කමක් නෑ මෙතන්ට කියලා යන්න කිව්වලු. ඊට පස්සෙ ආවලු තවත් නිලධාරියෙක්.ටයි පොල්ලක් එහෙම දාගෙන .මිනිහත් නිලධාරි ඌෂ්නෙට ඇතුල් වෙන්න ගියාම වෙලා තියෙන්නෙ කලින් වෙච්ච දේමයි. මිනිහා කිව්වලු මම බර්සා කියලා .කොහොම හරි මිනිහත් ගියා කියමුකො .ඊට පස්සෙ තවත් නිලධාරියෙක් ඇවිත්. එයා කිව්වලු මම ශ්රොෆ් කියලා .ඒ අහලා හමුදා නිලධාරියා කිව්වලු " යකෝ මේකෙ ඉන්න තරමක් ඉන්නෙ තම්බිනෙ" කියලා 😂😂😂😂
    ඉතිං ටයිටල් ඉස්සරහට දාගෙන රඟන අයට කියන්නෙ ඕව සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ එක්කෝ අදාල නෑ. වඩා වැදගත් වැඩ කරන විදියයි ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කොච්චර වැඩදායක ද කියන එකයි. ඒක නිසා නැති ටයිටල් එකක් භාවිත කිරීම ඒපුද්ගලයාගේ විස්වාසවන්ත කමට සහ නිහතමානී කමට අදාල දෙයක් මිසක් ඒකෙන් ජනතාවට අමුතු අයහපතක් හෝ යහපතක් වෙන්නෙ නෑ. විශේෂයෙන් අමාරුවෙන් හදාගත්තු ජනතා ආන්ඩුව එක දසමෙකින් හෝ හෙලවෙන්න කාරනයක් නොවිය යුතු බවයි මගේ විස්වාසය ෴

    ReplyDelete
  2. ඇත්තටම මාතලන් පාර්ලිමේන්තුව තිබෙන්නේ උගතුන්ට පමණක් නෙවෙයි, රටේ මහජනතාවගේ නියෝජිතයින්ට. අනිවාර්යයෙන් උගතුන්ට වෘත්තියවේදීන්ට එහි විශාල ඉඩක් වෙන් විය යුතුයි. උගතුන්ට තම උගත්කම මාකට් කර පාලිමන්ට් ඒමේ වරදක් නැහැ. මහාචාර්ය GL පීරිස් ආවාට එයාගෙන් එහෙම ලොකු දෙයක් රටට වුනේ නැහැ කියලයි මම හිතන්නේ. රාජපක්ෂලා කලේ මාලිනි ෆොන්සේකා, පබා ආදීන් පමණක් නොව මිරිස් කුඩ්ඩන් දමා පාර්ලිමේන්තුවේ භූමිකාව විහිළුවක් කොට රාජපක්ෂ පවුලෙන් තොර ලෝකයක් නැතැයි පසක් කිරීම. පුතානෝට ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වීමට පාර්ලිමේන්තුව තැනක් නෙවෙයි. ඔහු මාකට් කරන්නේ ඔහුගේ පියාගේ ආදී පාරේ යෑම. අවුරුදු තුහකට කින් ගිය ආදී පාර අදට වලංගු නැහැ. ඒ වෙනෙම සංවාදයක්. සුනිල් හඳුන්නෙත්ති ත්‍රිකුණාමලේ උක් වවා ආසියාවට සීනි අපනයනය කරනවා කියපුහමා දැනුනෙත් ඒ වගේම අවලංගු සිල්ලර කතාවක්. හැබැයි සුනිල් හඳුන්නෙත්ති හර්ෂ ද සිල්වා කල හොඳ දෙයක් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශංසා කළා මතකයි. අපි හරි දෙ හරි කියන්නත් වැරදි දෙ වැරදි කියන්නත් බැරිනම්, තමාගේ පක්ෂයේ එකා ඕනෑම ජඩ කමක් කලාම අපි ඒවා දිෆෙන්ඩ් කරන්න යනවා නම්, තමාගේ පක්ෂයේ නොවන කෙනා ඕනෑම හොඳ දෙයක් කලාම එය හෑල්ලු කරනවා නම් පාර්ලිමේන්තුව හදන්න කලින් මේ රටේ චන්ද දායකයින් පුරවැසියන් බවට පත්කිරීමේ රාජකාරිය තව ගොඩක් දුර ගෙනියන්න තියෙන බව කියන්නම ඕන. චම්පික රණවක ගැන කියනවා නම්, ඔහු තරම් ලංකාවේ දෙපාලනය තුල වැඩ කල කෙනෙක් නැහැ. ඔහුගේ වැඩ අභියෝග කරන්න කැමති කෙනෙකුට පුළුවන්. ඔහු පූර්ණකාලීන දේශපාලනය කල කෙනෙක්.

    මාලිමාවට උනේ ඔවුන් දේශපාලන ධාරාවක් හැටියට සැලසුම් සහගතව එක පසෙකින් උගතුන් පාර්ලිමේන්තු ගෙනෙමු කියන සටන් පාඨයත් අනිත් පසෙන් ව්‍යාජ උගත්කම් ගෙනහැරපාන හොර ප්‍රෝඩා වැඩකුත් කළා මිනිස්සු මුලා කරලා ඡන්ද මංකොල්ල කන්න කියලා. දැන් ඒ බොරුව ඔවුන්ට පාරා වළල්ලක් වෙලා මාසයක ඇවෑමෙන්

    ReplyDelete
  3. ජෙපි වහල්ලු කියන්නෙ පල් මෝඩ ජීවීන් කොට්ටාසයක් බවදැන්වත් පිළිගන්නවද..? පට්ට උගත් කියලා හොර සහතික කාරයන්ට ඡන්දෙ දෙන මැටි මී හරක් රංචුවක්. පොහොට්ටු වහල්ලු නූගතුන්ට ඡන්දෙ දෙන්නෙ තමන් ඡන්දෙ දෙන එකාගෙ ඇත්තම පැටිකිරිය දැනගෙන. මේක එහෙමද? කිව්වෙ පාර්ලිමේන්තුව උගත් ශුද්ධවන්තයන්ගෙන් පුරවනවා කියලා..උගත්කමේ තත්ත්වය එහෙමයි. ඔය එකෙක් විතරයි. තව සෙට් එකක්ම ඉන්නවලු හොර සහතික කාරයො. අනිත් කෙරුවාවලුත් තව ටික දවසකින් එළියට එයි. ඒ ආවමත් ජෙපි වහල්ලු නාමල්ගෙ උපාද්ය ගැන කතා කරකර ඉඳයි...

    ReplyDelete
  4. //පොදු සතුරා මොකාදැයි නොදැන රට ගොඩ දැමූ සියා....//

    රට ගොඩ දැමුව සීයගෙ හැටි හොඳට පෙනෙයි
    පුරසාරම් කිව්වේ පරිණත කියලයි
    ජාතික ලැයිස්තුවෙ හුටපට ගෝරි ගොඩයි
    අන්දන ඇන්දෙන ඇන්දුනු කතා රැසයි!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න